Wednesday, 18 May 2011

පැයක් ඇසූ බණක්

හැම බ්ලොග් එකකම වෙසක් ගැන යමක් ලියවිලා. කොච්චර හොඳද . අපි වෙසක් සැමරුවේ මෙන්න මෙහෙමයි .
වියට්නාමය බෞද්ධ රටක්. වෙසක් සමයේ අඩු ගානෙ බෞද්ධ රටක ඉඳීමත් සැනසීමට කාරණයක්. කොමියුනිස්ට් රටවල ආගමට රාජ්‍ය අනුග්‍රහයක් නැති නිසා ගොඩක් ඉන්නවා ආගමක් නැති අය. දැන් දැන් රජය බුද්ධාගමට සැහෙන අනුග්‍රහයක් දක්වනවා. කොහොම වුනත් ආගමක් ඇති බහුතරයක් බෞද්ධයෝ .තව තාවෝ , කොන්ෆියුසියස් වගේ සුලුතරයක්ද ඉන්නවා. පනසල්ද බොහොමයි [pagoda ]. හැබැයි හැම පන්සලක්ම අපේ වගේ බුදු රජාණන් වහන්සේ නමින් හැදුනු ඒවා නෙමේ. බෝධි සත්වයන්, මහමාය දේවි වගේම මෙයාලගේ සමහර රජවරු නමිනුත් පන්සල් තියෙනවා. බුදු හාමුදුරුවෝ වෙනුවෙන් සැදුනු පන්සල් තියෙනවා. හොයාගෙන යන්න ඕන. අපේ වගේ ආරන්යත් තියෙනවා.
හුඟක් වැඳුම් පිදුම් ක්‍රම හෙමත් වෙනස්. වතාවත් කෙරෙන්නේ වෙලාවකට. සමහර පන්සල් අනිත් වෙලාවට වහල. වතාවත් කරද්දී නම් නමෝ නමෝ වගේ හුරු පුරුදු වචනත් ඇහෙනවා.
බෞද්ධ ගෙවල් වල වෙසක් සමයේ බෞද්ධ කොඩි ලෙලදෙනවා, පන්සල් වලත් පින්කම් [අපේ තරම් විචිත්‍රවත් නැහැ.] ඒවා අපිට තේරුම් ගන්න බැහැ. නිවාඩු හෙමත් නැහැ ..අපේ වගේ සද්දෙට වෙසක් සැමරෙන්නේ නැහැ.
මෙයාල බෝසත් උපත තමයි වෙසක් කියල මුල් තැන දෙන්නේ. අපි වගේ තෙමගුල සමරන බවක් පෙන්න නැහැ .
මේ පන්සල් බොහොමයක් වැව්  ළඟ පිහිටලා තියෙන්නේ. අපි වගේ මල් නෙමේ පලතුරු සහ හඳුන් කූරු[ සුවඳ නැහැ ,පත්තු කලහම මදුරු කොයිල් වගේ] තමයි වැඩිපුර පුජ කරන්නේ. ගෙවල් වල , විශේසයෙන් කඩ වල දෙවියන් ,[සමහර තැන් වල ලාෆින් බුද්ධ ප්‍රතිමා හෝ ගෙඹි දෙවියෙක්ද සිටි . ] ඉස්සරහ උදේට පලතුරු සහ හඳුන් කුරු පුජ කරනවා.
දවසක් කඩේක ගැණු කෙනෙක් දුම් වැටියක් දැල්වුව [කඩයක්මත් නෙමේ මාකට් එකක් ඇතුලේ තිබ්බ ජංගම සැලුන් එකක්] . ඒක බුදු පිළිමෙට පුජ කලා. මේවා ආගමම  නෙමේ .මම හිතන්නේ සංස්කෘතිය. වෙනමම ලියන්න ඕන මේවා ගැන.
ලංකාවෙන්  සහ ඉන්දියාවෙන් ගෙනා බෝ ගස් කීපයක්ද බුදු පිළිම කීපයක්ද තියෙනවා වියට්නාමය පූරා.වෙනමම අද්යනයක් කරලා ලියන්න ඕන.[බොරු ලියන්නත් බැනේ]
 
වෙස්ට් lake ළඟ පන්සල.

මේ පිටිපස්සේ බෝදිය ඉන්දියාවෙන් ගෙනා එකක්.

බොහෝ පන්සල් වලට ඇතුළු වෙන්නේ මේ වගේ තොරණක් යටින්

පන්සල් ඇතුලේ බිත්ති බොහෝ විට රතු මිශ්‍ර පැහැයක් ගන්නවා
 
බොහෝ පන්සල් වල කොටසක් මලගිය ඇත්තන්ට වෙන් කරලා . අළු බාජන, චායාරුප හැම දැක්කොත් පුදුම වෙන්න එපා. අපි මලගොයා අය ඈත් කරද්දී මේ අය ලං කර ගන්නවා.[මම බොහෝ කියන වචනය පාවිච්චි කරන්නේ මම හැමතැනම  ගිහින්වත් නිසි පරිදි අධ්‍යනයක් වත් නොකොට මා දකින අහන දේ පමණක් ලියන නිසයි.]
 
දෝනිගේ උපන් දිනයට වෙස්ට් lake  පන්සලට ගිය නිසා වෙසක් දවසේ ගියේ නැහැ. ඒ ඉස්සරහ කුසල්හාමිලා මාළු බාන නිසා ..අපේ කෙල්ලෝ කැමතිත් නැහැ.
කුසල් හාමිල ත්...ගෙඹි බලු මස් ,නයි මස් ඇතුළු ඕනෑම මසක් කන අයත් හිටියට ඉතාම හොඳට [අපිටත් වඩා] බුදු දහමට අනුව ජිවත්වන අයත් මට මුණ ගැසී තියෙන බව නොකීවොත් වරදක්.
 

මල් ලඳුන්

අපේ තානාපති කාර්යාලයේ පින්කමට ගීයා.
නෙලුම් මලුත් අරගෙන.
..පාර දිගේ මල් බයිසිකල් ..කොහොමත් හැනොයි කියන්නේ මල් පුරයක්.
 
පැයක බණක් තිබුන. පැයක් බන අහන එක මටත් ටිකක්  අමාරුයි. කියන දේවල නරක නෙමේ . එක තැනක ඉන්න බැරි ලෙඩේ. ආඩම්බරයට කාරණාවක් නෙමේ. එත් බණක් තේරුම් ගන්න තරම් පොඩි දෙන්නගේ සිංහල දැනුම හොඳ මදි. [ගෙදර නම් රහසක් වත් කතා කරන්න බැහැ. එතකොට මලලසේකරගේ ආච්චිලා වගේ.] ලොක්කි නම් ඉඳගෙන වත් හිටිය. පොඩ්ඩිත් මගේ මිතුරියගේ ලොකු පුතත් පැයක සනීප නින්දක්  ගත්ත.එයාගේ අවුරුදුදෙකේ මල්ලි උදව්වට ආපු වියට්නාම ජාතිකයින් කීප දෙනෙක්ට ටයිකොන්ඩෝ පන්තියක් දාල තිබුන මම දැක්ක.
 පටිගත කල බනක්නේ . කියා තිබුනේ වෙන පිරිසකටත් නිසා පොඩි අයට නොතේරුන එක පුදුමයක් නෙමේ.
තානාපති සේවක පිරිස වෙසක් කුඩුත් හදල හරියට මහන්සි වෙලා සංවිදානය කල ඒ පිංකම  හරි වටිනවා.
සේරම ඉවර වෙලා ගෙදර එද්දී යාළුවගේ පුතා අහනවා'' කෝ කේක්'' කියල. පොඩි ඒකා තේරුම් අරන් තියෙන්නේ. බුදු හාමුදුරුවන්ගේ උපන් දිනේ කියල විතරයි. අපිට සැහෙන වෙහෙසක් ගන්න වුණා ඒ සාමාන්‍ය මනුස්සයෙකුට වැඩ ඉතා උසස් කෙනෙක් කියා කියා දෙන්න. උදේ හවා බන ඇහෙන ..පාසලේ ආගම ඉගැන්වෙන ..දහම් පාසල් යන ළමයෙකුට වඩා මේ පොඩි උන්ට ඕව කියා දෙන්න හරි අමාරුයි.
මම හැකි තරම් කියා දෙනවා. කොයි තරම් පලදායකද මන්ද. එත් ඔවුන් නරකට නොහැදෙන බව නම් විශ්වාසයි. පරිගණකය රුපවාහිනියට සම්බන්ධ කරලා මහා රැ තාත්ත  වෙසක් කුඩු තොරන් හෙමත්  පෙන්නුවා ළමයිට. මේ තමයි ''pandol '' කිව්වම පොඩ්ඩි කිව්වේ ''ආ ඒ බේත මම දන්නවා'' කියල.
ඔන්න ඔහොමයි මෙහෙ වෙසක්

13 comments:

  1. අවංකවම ඉතාමත් හොද ලිපියක්. මොකද අපි හැමදාම දකින්නේ අපේ රටේ බහුතරයක් නමට බෞද්ධයන් විසින් මහා ඝෝශාවක් නගල සිදු කරන වෙසක් උත්සව ගැන විතරයි. ඒ නිසා ආසියාවේ තවත් බෞද්ධ රටක වෙසක් සමරන හැටි ප්‍රායෝගිකව දකින ලද කෙනෙක් විදියට ඔබගේ මෙම ඉදිරිපත් කිරීම කාලෝචිතයි.

    ReplyDelete
  2. හොඳ ලිපියක්. වෙනත් රටක වෙසක් සමරන හැටි බැලුවේ ආසාවෙන්. ජපානේ සහ තායිලන්තයේ පන්සල්වලට ගිහින් තියනවා. විශේෂයෙන් තායිලන්තයේ දැකපු දෙයක් තමයි මැරුනු අය වෙනුවෙන් දේවාලයක් වගේ දෙයක් හදාගන වැඳුම් පිඳුම් කිරීම. ජපානෙත් එහෙමයි. වියට්නාමේ ඊට වඩා වෙනස් ගතියක් පේනවා. ලස්සන පෝස්ට් එකක්. ඒ රට ගැන ලීවොත් අපි ආසාවෙන් කියවාවි.:D

    ReplyDelete
  3. මට හොඳටම හිනා මෙක කියවලා

    //එත් බණක් තේරුම් ගන්න තරම් පොඩි දෙන්නගේ සිංහල දැනුම හොඳ මදි. [ගෙදර නම් රහසක් වත් කතා කරන්න බැහැ. එතකොට මලලසේකරගේ ආච්චිලා වගේ.] //

    //මේ තමයි ''pandol '' කිව්වම පොඩ්ඩි කිව්වේ ''ආ ඒ බේත මම දන්නවා'' කියල//

    කොහෙත් පොඩිවුන් ඔහොම තමයි .අපිත් පොඩිකාලෙ ආච්චි එක්ක පන්සල් ගියාට මොකෝ එක බිඳුවක් එක විදියට ඉන්නේ නෑ අරෙහෙ මෙහෙ දුවනවා සිල් රෙදිත් උස්සන් .

    හැනොයි නුවර මල් කඩ වීදි දැක්කම ඔහේ එන්න ආසාව වැඩිවුනා.

    ReplyDelete
  4. ඔයාගෙ පොඩිවුන් දෙන්න හොඳයි .මම මුලින්ම සිල් ගත්තු දවසේ ඇහුවෙත් දවලට දානෙ ලැබෙන්නෙ කොයිවෙලාවටද කියලා .එතකොට වයස අටයි.

    ReplyDelete
  5. @ දිනේෂ්.
    ස්තුතියි දිනේෂ් ..ඇත්තටම හරි ආසයි මටත් මේ දේවල් ලියන්න .

    ReplyDelete
  6. @ පොඩ්ඩි..

    ඇත්තටම මේවා උඩින් පල්ලෙන් දැක්ක දේවල් . හොඳට විස්තර හොයන්න මටත් ආසයි . දැන් මේක ලියන නිසා මිට පස්සේ හැම දෙයක් හොඳට ඇස ඇරලා බලන්න උනන්දුවක් ඇවිත් තියෙන්නේ. තායිලන්තේ රත්තරන් පන්සලට මාත් ගියා. හැට්ටේ අත කොටයි කියල කමිසෙකුත් ඇන්දුවා. එහෙ නම් බිත්තරත් පූජ කරනවා . බුදු හාමුදුරුවෝ බිත්තර කන්න ආසයි කිවේ ළඟ හිටි කෙනෙක්.

    ReplyDelete
  7. @ TG ..

    මාත් ඔය සිල් අතේ වැඩ වලට හොරයි. දෙතුන් පාරක් සිල් ගන්න වුණා. සේරම ඉස්කෝලේ හා දහම් පාසලේ බලකිරීමට. දහම් පාසලට ආස වුනේ චිත්‍ර අඳින්න ..කවි ලියන්න ..රචනා ලියන්න හොඳට ඉඩ ලැබුන නිසා. අනික පාලියි අභිධර්මෙයි ඇර අනික් වැඩ එච්චර අමාරුත් නැනේ. හොඳ යාලුවෝ ගොඩකුත් හිටිය . [ ලොකු හාමුදුරුවෝ මේ ලිපිය කියවන්නේ නැති බව ෂුවර් . නැත්තන් හොඳම ගෝලයෙක්ට අභිධර්මෙයි පාලියි දෙකම පේන්න බැරි වුනේ මොකද කියල ටොක්කක් අනියි.]

    සාහිත්‍ය කලාව ගැනත් හොඳ සංවාදයන්ට තෝතැන්නක් වුණා දහම් පාසැල.

    අපේ පොඩ්ඩි ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් .දැනුත් ඇහෙනවා ලොකු විලාපයක්

    ReplyDelete
  8. බින්දි හුඟග් නොදන්න දේ ගැන කියලා දෙනවානෙ ....... හොඳ ලිපියක් .......

    ReplyDelete
  9. ස්තුතියි කල්හාර..මමත් මේක පටන් ගන්න කොට හිතුවේ මොනවා ලියන්නද කියල තමයි. කලෙකින්නේ ලියන්නේ. එත් දැන් නම් නොකා නොබී වුනත් ලියන්න හැකියි. කොච්චර දේවල් තියෙනවද පොඩ්ඩක් ඇහැ ඇරලා බැලුවම.

    ReplyDelete
  10. කොහොම වුණත් නිශ්ශබ්දව සමරපු වෙසක් උත්සවයක් වගේ. අපේ රටේ වගේ ඝෝෂාවක් නැතුව එදා දවස හිටියනේ අක්කේ. ඒක නිසාම තමා වෙසක් පෝය මාකට් වුණු හැටි ගැන ලිපියකුත් ලිව්වේ

    ReplyDelete
  11. ඔය කියපු තරම් සංවරව ආගම අදහන්න නම් ඔය රටේ හොඳ උගත් මිනිසුන් පිරිසක් ඉන්නව ඇති . . උගත් කිව්වේ සාක්ෂරතාව වැඩි නෙමෙයි . . ඒකට අපේ රටේ . . බෞද්ධ කමක් අහලක වත් නැති උනාට බෞද්ධ ලේබල් එක නලලේ ගහගෙන තමන් ඔක්කෝම වැරදි කර කර අනෙක් එකා කරන එකට කෑ ගහන පොරවල්නේ අපේ රටේ ඉන්නේ . .

    ReplyDelete
  12. ස්තුතියි දුකා.


    ඒක නම් ඇත්ත . තමන්ට කැමතිනම් ඇදහුව .නැත්නම් නිකන් හිටිය. ආගම වදයක් වෙන්න හොඳ නැහැ. සාක්ෂරතාව අපිට වඩා වැඩි හෝ ඒ සමානයි. මමත්මුලින් විශ්වාස කලේ නැහැ. එත් ඒක ඇත්ත.

    ReplyDelete
  13. @ හසිත
    අනේද කියන්නේ ..මට මොහිදීන් බෙග් වත් එපා වෙනවා වෙසක් කාලෙට. නිස්කලංකව කුඩුවක් ..පානක් පත්තු කරලා ..පන්සලකට ගිහින් ..හඬ අඩු වෙසක් එකක් තමයි මමත් කැමති. අපි පොඩි කාලේ ටිකක් ඒ වගේ .දන්සල් වුනත් මෙච්චර සද්ද නැහැ. හඬට සමානුපාතිකව පින වැඩි වෙනවා කියලයි කට්ටිය හිතන්නේ.

    ReplyDelete