Sunday, 22 May 2011

හරි පුදුමෙකි..මැතිවරනෙකි .

වියට්නාම ජාතික ගිය සහ දේශාභිමානී ගීත යයි සිතිය හැකි ගී උදේ සිටම ඇසෙන්නට වුණා. මොකදැයි බැලූ විටයි දැනගත්තේ අද 13 වෙනි පාර්ලිමේන්තුව තේරීමේ මැතිවරණය බව.
පාර තොට රතු කොඩි තිබුනද හැම දේටම රතු කොඩි දමන නිසා එහි අරුමයක් තිබුනේ නැත. ගමින් ගම මැතිවරණ මධ්‍යස්ථාන වලදී පැය 12 ක් පූරා චන්දය ප්‍රකාශ කෙරුනා. උදේ ඇසුණු ගී වලට අමතරව වෙන කිසිදු සද්ද බද්දයක් තිබුනේ නැහැ.

එකම පක්ෂයේ සාමාජිකයින් අතරින් සුදුසු අය තෝරා ගැනීමටයි මේ චන්දය. නාගරික පෙදෙස් වල අද වුනත් ගමනාගමනය අපහසු මධ්‍යම කඳුකර පෙදෙස් වල ඊයේ පෙරේදා චන්දය පැවැති බවයි කියවෙන්නේ. 

මෙහි තව විශේෂයක් තමයි පවුලේ සියලු දෙනාම චන්ද පොලට යාමට අවශ්‍ය නොවීම. එක අයෙකුට ගොස් සියලු සාමාජිකයින්ගේ චන්ද ප්‍රකාශ කරන්න පුළුවන්.

 අපෙයි මෙයාලගෙයි වෙනස් කම් තව  ඇත 
* තාප්ප වල එල්ලී සිටියේ නැත.[ අනේ අර සිග්නල් හිනාවන් දකින්නට මෙයාලා පින් කර නැත.]
* පෙර හා පසු ගුටි බැට නැත.
......තව ගොඩක් තිබේ .

සමහර විට ඔබට හිතෙයි කිසි ''ගතියක්'' නැතැයි.  අනේ මන්දා මා නම් නොදනී ..

10 comments:

  1. මෙහෙම තමයි දියුනූ සමාජයක කටයුතු සිදුවන ආකාරය. සමහර විට කොමියුනිස්ට් පාලනය තුල එකම පක්‍ෂය අතර සිදුවන ඡන්ද විමසීමක් නිසා ගැටුම් වලට ඉඩක් නොතිබෙනවාත් ඇති කොහොමවුනත් අපේ වගේ නමට දියුණු යයි කියා ගන්නා බො‍රු ලොකුකම් කතා කරන රටකට මේවා හොද ආදර්ශ...

    ReplyDelete
  2. වියට්නාමේ එහෙම වෙද්දි ........
    ලංකාවට මෙහෙම වෙන්නෙ ඇයි ....
    අයි ඩෝන්ට් නෝ වයි ........

    ReplyDelete
  3. ස්තුතියි දිනේෂ්...

    පක්ෂ ගොඩක් තිබිල ..ගොඩක් කෑ ගහල අපිට වැඩිපුර ලැබුනේ මොනවද. [නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය නම් මෙහෙ නැහැ. කොටින්ම මුකුත් නිකන් නැහැ. ඒ ඇරුනම රටක් විදියට අපිට වඩා ගොඩක් වේගයෙන් ඉස්සරහට යන බව පේනවා. ] . කොයික හරිද මන්දා ..වැඩිපුර ඕව කතා කරන එක දැන් නවත්තල .

    ReplyDelete
  4. ස්තුතියි කල්හාර


    නොසොයා වැඩිදුර ..

    වහන් ඉඳිමු කට...

    අපි දැන්...

    ළමයි ඉන්න අය ..

    ReplyDelete
  5. ඒ වගේ වාසනාවක් ලංකාවේ අපට කොයින්ද?
    මම නං ඡන්දෙ දාට ගිහිල්ලා එකෙක්වත් එපා කියල ඡන්ද කාඩ් එක පිරෙන්න ලොකු කතිරයක් ගහලා එනවා.

    (අපේ ගෙදර ඉන්න පූසිගෙ නමත් බිංදි :D)

    ReplyDelete
  6. @ තීර්ථ යාත්‍රිකයා..
    ස්තුතියි බොහොම. ඔයා දෙවනි වෙන්නේ ජිවිතේටවත් චන්ද පොලක පස්වත් පාගලා නැති අපේ අක්කට විතරයි වගේ.
    ඔයාගේ පුස් බින්දිවත් මතක් කල බව කියන්න .

    ReplyDelete
  7. මේකට එකම හේතුව මම හිතන විදිහට ඒක පක්ෂ ක්‍රමයක් තියෙන එක. ඒක පක්ෂ ක්‍රමයක් තියෙන රාජ්‍යවල ආණ්ඩුව කියන්නේ පක්ෂය පක්ෂය කියන්නේ ආන්ඩුව.

    ඇත්තටම මම හිතන විදිහට මිනිස්සුන්ගේ ඡන්දෙන් කට්ටිය තෝරනවට වඩා වෙනවා ඇත්තේ පක්ෂෙන් තෝරගන්න කට්ටියට මහජන කැමැත්ත තියෙනවාද කියලා බලන එක වෙන්න ඇති

    ReplyDelete
  8. @ Hasitha


    ඔබ හරියටම හරි....
    ගොඩ දවසකින් මල්ලි. වැඩ වැඩි ඇති. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  9. කොමියුනිස්ට් ක්‍රමයක තියෙන ඔයාට හිතෙන හොඳ නරක අපේ වගේ නමට ප්‍රජාතාන්තික රටකුයි යුරෝප් වල රටකුයි එක්ක සංසන්දනය කරලා ලිපියක් ලියන්නකෝ පුලුවන්නම් . .

    අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි . .

    ReplyDelete
  10. දුකා
    .ඔන්න ඔයා හදන්නේ කුඩුවක දාල ඉබ්බෙකුත් දාල තියෙන දේශපාලන සතෙක් නිදහස් කරන්න.''හොඳ ''නම් ලියන්නම් ''නරක'' නම් බැරියෝ. ඇමෙරිකාවේ ඉන්න අරුනිට බාර දෙමු ඒ වැඩේ. ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න තැනකුත් හොයල දෙන්න බැරුවය.

    ReplyDelete