Monday, 6 June 2011

හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ

                                   
 
හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ
තනිකර විහිලුවටමයි මේ කවි ගෙතුවේ
 
      කතන්දර පිටුව තව දික් වෙන අතර
       වනිතා විත්ති  ලියවෙයි අද එහි නිතර
 
හිටියත් දුකින් තැවි තැවි කඩ කෑම කකා
අන් දුක දැක හිත උණු වෙන අයෙකි දුකා
 
      ජිවන සරසවිය හොඳ හැටි කල ඇසුරු
      මාර ජීවිතය කෙරුවා ඔහු        අකුරු
 
නැතුවත් මනාලය ඇවිදින් කරලියට
පොඩ්ඩි කරයි සැලසුම් යස වෙඩිමකට
 
    විහිලු කරන්නට බැහැ සත් සමුදුරට
    කරදරයක් වෙලා ඇති හින්දා ඔහුට
 
මගේ ලෝකයෙන් පෙන්වා ඔහුගේ වැඩ
රංග අභිතට  ගැහුවලු නිතර              මඩ
    
     නාගෙන පීල්ලෙන් ගොම්මන් වෙලාවේ
     අභීත තනියෙන්   ලී                  බංගලාවේ.
 
දූවිලි වලා පාවෙන ගල් කුඩු    අස්සේ
සඳරු තෙමෙයි ආදර මල් මල් වැස්සේ
 
      දිල්ලියේ ගොහින් ගෙන දීලා හොඳ සාරී
     TG ගෙන් අහයි වෙනවද මගේ        බාරී
 
නලිනී ඉඳියි යටවී පොත් ගොන්නකට
ලෙඩ්ඩු ඇවිත් ඇද ගති ඇය පැත්තකට
 
     බුරතීනෝ කියන අර හොඳ බෝනික්කා
     නට නට පොතක් කියවනවා අපි දැක්කා
 
නැතිමුත් සුජීවට ඒ හැටි       වෙලාව.
පේනවා ඇඟේ ඇති බව නම් කලාව
 
    කළුබෝවිල දුමි කට කහ         උන්නා
    හිනැහී අනික් උන්ගේ නම් පන යන්නා
 
යුග දිවියට දෙමින් හොඳ හොඳ අවවාද
කල්හාරත් ලියනු කවුරුත්          දුටුවාද
 
      ආදරණිය සිහිනෙක සිහිවී    මතක
     පැටලී  හිඳී තිශ් අද මේ දින පොතක
 
 තව අය සිටි මට කවියෙන් කියන්නට
හෙට එමි යලිත් වැඩි විස්තර ලියන්නට
 
ආවොත් එහෙම කවුරුන් හරි මේ    පැත්තේ
මොකවත් ලියන්නට මේ යට ඉඩ     ඇත්තේ
කවි සිතුවිලි නැතත් සැඟවී ඔබ           චිත්තේ   
වදනක් වුවත් සෑහෙන බව     කිව     යුත්තේ    
 
ප.ලී.
   දැක අද පත්තරෙන් මේ ගැන මතක් වුනේ
  ළමයිනි අදයි       පුෂ්කින්ගේ උපන් දිනේ
 
......... ආපු එකේ මේ සිදුවත් අහල යන්නකෝ
 
 
 
 
 
Picture by Google images
 
 
    

69 comments:

  1. ආවත් මමත් නිතරම ඔරු පදින්නට
    කවියක් දැක්කේ නැහැනේ තව මගෙ නමට
    තවත් අය සිටීනම් කවි පද බඳින්නට
    හෙටවත් පලවේද කවියක් මගෙ නමට

    ReplyDelete
  2. වාරු නැතිදා පොත්ගුල් පීරපු හිත
    කතා පුස්තක පොඩි දිගෑරුන පත
    අරන් ගියා ඈත හරිත ලදුවන පෙත
    කවි මුතු අගෙයි බැබලෙන විල මත

    ReplyDelete
  3. නීතා තරහ නොම වෙන් කවි නැතුවාට

    මන් නුඹේ කවිය හෙට දෙන්නට හිටියාට

    උදයෙම ඇවිත් මුල් කවි පද ගෙතුවාට

    දැන්මම ලියමි කවි නිතා පැටියාට

    ''වලව්වේ කටින් කට මෙය ගොස් ඇතිලු.

    නිතයි බුරයි කෙරුවලු හොඳ හොඳ මුකුළු ''

    ReplyDelete
  4. හිටියත් හැංගිලා බාධක කොරල් යට

    ගල් මල් අපේ හොඳ කවියෙකි බලනකොට

    ReplyDelete
  5. නිතගේ කවියේ අඩු වීලා ඇත පේලි

    ක්ලික් කර බලන් දැක ගන්නට එම කෑලි

    ReplyDelete
  6. සොඳ සොඳ නෙලුම් පිපිලා මෙහි රඟන රඟේ
    ඒ වෙත ඇදෙති පැණි බඹරුන් සුවඳ දිගේ
    මල් මකරන්ද විඳ උන් මන දොල පුරන සඳේ
    සිත් සතොසින් කවි ගෙතුවද කියන් ලඳේ

    ReplyDelete
  7. බුලත් විට ගැන රස්පුටින් ගැන
    සයිගොන් ගැන නොදැවුණු හද ගැන
    මල් නුවර ගැන ආදර පොළවල් ගැන
    අපුරු විල්තෙර නෙලුම් හිනැහෙන

    ReplyDelete
  8. සාහිත සංගීත දැනුමෙන් සන්නද්ද
    රස සිතුවිලි වපුරා මෙහි පානා සද්ද
    අර සොඳ ලී බෝනික්කට මම පිදු හාද්ද
    දැන ගෙන ලඳක් වලව්වේ කරනව යුද්ධ

    ReplyDelete
  9. යන්නට හිටිය මුත් දිල්ලියේ අත් අල්ලාන
    අයෝ සොවින් මා ඉන්නේ අසනු මැන
    පෙමක් පතා ආ කුමරුන් හිත්ලාන
    මා හැර ගියා බැඳි පෙම් හිත් රිද්දාන

    ReplyDelete
  10. රස කවි වලට හොඳ හැටි ඉල්ලුම ඇත්තේ

    සෝඩා ගුණෙත් ඇවිදින් නොව මේ පැත්තේ

    @ TG
    පහු ගිය දොහේ බැහැගෙන පොත් ආකාරයේ

    TG නෙවද තනි කල ඔහු ආදරයේ

    පොත් දැක නැති ලඳක් සොයමින් සාගරයේ

    ඔරු පදිනවලු නොතකා සැඩ මාරුතයේ

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සුන්දර මල්ද ගහකොල පන්සල්ද නොමියෙන මිනිසුන්ද
    බින්දිගේ පන්හිඳේ යස සොඳට සිත්තම් වුනි නොවේද
    ජීවිත ගමනේ අත් අල්ලන් යායුතු සොයුරියක ලෙසින්ද
    රැඳී ඉන්න බෝ කල් අපි එක අත්තේ වැසි කුරවි නොවේද

    ReplyDelete
  13. සියපත් පිපී හිනැහෙන මේ නෙළුම් විල
    ඔරු පදිනට මා විත් වැඩි කලක් නැත
    නෙත සිත නතර වන තැන් ඇත එහි බෝම
    විසිතුරු බලමි හැමදා විත් නොවැරදිම

    ReplyDelete
  14. රුසියන් කතාවෙන් වෙහෙසක් වුණාදෝ
    වැහිබර මෙදින කවි සිත දඟ වුණාදෝ
    නෙළුම් විලට මිතුරන් රොක් කළාදෝ
    හොඳට හිටපු බින්දිට මක් වුණාදෝ :P

    ReplyDelete
  15. මල් රොන් ගන්න යන බඹරෙකු මෙය දැකලා
    සියපත් විලේ digital මල් රස බලලා
    මෙවැනි රසක් නම් මම නැත රස විදලා
    ‍fotostory ගැන කියනුව එය බලලා

    http://fotostory2011.blogspot.com/

    ReplyDelete
  16. නැගිටපු ගමන් ආවේ ඇසිලයි නාද
    දෙයියනෙ මෙතන යනවනෙ කවියෙන් වාද
    බින්දියෙ මොකට මේ හැටි මඩ ගැහුවාද
    නලිනිත් කිවුව වාගේ බොට මක් වීද

    නීතා මගේ පණ එය සහතික ඇත්තේ
    රහසක් නොවේ වලවුවෙ සැම එය දත්තේ
    ඒ ගැන කවුරුවත් වද නොමවිය යුත්තේ
    සැකයක් ඇතොත් විමසනු මා මින් මත්තේ :)

    ReplyDelete
  17. ‍පොඩි මට ‍මෙතැන ‍ගැල‍පේවිද අ‍නේ මංදා
    කට්ටිය කරන පද ‍පෙරලිය යන හන්දා
    නැන්දලා මාමලා ‍‍තර‍‍‍‍ඟෙට කවි බන්දා
    කියනා කතා හැංගී නාහමි ‍‍නැන්දා....... :D :D

    රකුසු මූණු හතර වටින් මට ‍‍‍‍පෙ‍නෙනා
    වයස ටිකක් වැඩි ‍කෙරුවද මම මන්දා
    ආ‍යේ ඉතින් ගුටි කන්නට බැරි හින්දා
    හාගුල ‍වෙතට යන්‍‍නෙමි මම ඉක්මනිනා.......

    ReplyDelete
  18. සිහිකොට තුන් සරණ සහ මව් පිය මහිම
    ගරු කොට කවි පදෙන් මා ලද පිළිගැනුම
    මුසුකොට බොරළු අතරට මුතු අසම සම
    බින්දිට පිලිතුරක් දෙන්නට ආමි මම

    රස මුසු තැන් මතක් කොට ගෙවෙනා දිවිය
    ලියවෙන ජාල සටහන් ලොව අපමණය
    ඔබ ලියනා "නෙළුම් විල" මට හොඳ රසය
    තව හොඳ කතා ඇති බව නැත කිසි සැකය

    වියට් නාමයේ ගෙවෙනා දිවිය මැද
    පවුලේ වැඩෙන් ඉසුඹුව ලද විටෙක මද
    පිබිදේවා! ඔබෙන් සහසක් නෙළුම් සොඳ
    වැජඹේවා! නෙළුම් විල මම පතමි අද

    ReplyDelete
  19. ඇහෙනව කතරටත් බින්දි ගෙ කවි සද්දේ
    එනිසයි දමා ගෙන පාරුව මෙහි පැද්දේ
    විල මැද නෙළුම් සහ වට පිට මඩ ඇත්තෙ
    ආයෙත් එනවමයි මේ මල් විල පැත්තේ

    ReplyDelete
  20. මට තේරෙන්නේ නෑ මෙව්වා...
    මට තේරෙන්නේ නෑ මෙව්වා..
    මට තේරෙන්නේ නෑ මෙව්වා...
    මට තේරෙන්නේ නෑ මෙව්වා...
    ඔන්න මගෙනුත් කවියක් කොහොමද?? :)).

    ReplyDelete
  21. අපි ඉතින් කළුයි නේ ඒකනේ අපිව සිහි කරලා නැත්තේ :(

    මට මාර දුකයි පපුව පැලෙන්න වාගේ !!

    ReplyDelete
  22. @හිස් අහස
    මොකද මලේ හරියට කියවා නැත්තේ
    නව වෙනි කවියෙ නුඹ ගැන කියවී ඇත්තේ

    ReplyDelete
  23. @දුකා
    රස කවි ලියන්නට විල පැත්තට ඇදුනා
    දුකා ලිව්වා කවියට මගේ සිත බැඳුනා
    රසවත් සිත් බොහෝ ඇති බව නම් දැනුනා
    කොච්චර හොඳද ගත් එක අප දැන හඳුනා

    @ සිතිවිලි සිත්තමට නැගෙනා පන්හිද

    කවියක් වගේ නමකුත් දාගෙන යසට
    ඔරු පැද යන්න ආවේ අද මේ විලට
    විඳ විඳ සුවද සැනසිය හැක මෙහි හොඳට
    මම නෙලූ මලක් ගෙනියන්නට දෙමි නුඹට

    @ නලිනි
    හරි පුදුමයි හවස ලොකු වැස්සක් වැස්සා
    දාගෙන තොප්පි කට්ටිය පොකුණට බැස්සා
    වැඩිපුර මතක් කර දී මට වසිලිස්සා
    නලිනියි , බුරයි කෙරුවේ මා කවි පිස්සා
    @ අසංක ..
    මුණු පොතින් කර තිබු ඇරයුම දැකලා
    ඊයේ උදේ ආ බව නුඹ නැහැ දැකලා
    රස කවි වලට මම පියඹමී වහ වැටිලා
    එනු ඇත තවත් අය දැන් ආසා හිතිලා

    @ බුරා
    නීතා කියා ඇත කේලම ඔය ටිකට
    තරහා නොගන් කෙරුවට අපි කෙලි කවට
    කිවත් වගේ අපි කරදර වෙනු කුමට
    රන් රස වගේ ගැලපේනම් ඇය නුඹට

    @ හා පැටික්කි ..
    ලොකු පොඩි කියා වෙනසක් අපගේ නැත්තේ
    හාවිගේ විහිලුවට නැහැ තරහා ගත්තේ
    හාවත් එක්ක ඇවිදින් මේ විල පැත්තේ
    කෑ හැක මෙහි හොඳට උඳුපියලිය ඇත්තේ

    @ කතන්දර
    සිංහල අකුරු කර ඇති බව සයිබරයේ
    කතන්දර දකින කම් නැහැ දැන සිටියේ
    ලොකු අය්යා වගේ මේ ක්‍රීඩා පිටියේ
    ඔබ සුබ පැතුම් පිළිගමි අද දුන් හැටියේ

    @ ලකී ..
    ආබව අසා ඔබ මහ දුරු කතර ගෙවා
    පිළිගමි සතුටකින් අද මා බුලත් කවා
    විල් දිය සීතලයි කොහොමත් උදේ හවා
    සබනුත් දිය හැකියි නාගන් හිසත් දොවා

    @රත්ගම
    ලස්සන වචන දෙන්නට නොම වීය වද
    ගලපා කදිම කවියක් යුත් හතර පද
    ඔහුගේ හැකියාව ගැන තව හිතා අද
    දෙමි මම පළමු තැන කට්ටිය තරහ වෙද

    ReplyDelete
  24. නිතා , ලකී ,සිතුවිලි සිත්තමට ඇතී
    ඔබ ලියනවද බ්ලොග් මානම් දුටුවෙ නැතී

    ReplyDelete
  25. ලීවෙමි කලක් සිතුවිලි සිත්තමට නැගි
    කවි පොත පිටු සියක් ලිවු කළ ඉවර උනි :D
    සිය වැනි පිටුව පමණක් ඇත වී ඉතිරි
    කවි පොත ලියූ පන්හිඳනම් නැත නැති වී :D

    ReplyDelete
  26. මේ ලග දිනෙක නුඔ ඈවිදින් ඒ පැත්තේ
    දමලා කොමෙන්ට් මා ලිව් ​බ්ලෙගේපිටු අස්සේ
    හදුනා ගතිමි බින්දීය දමනා සද්දේ
    හදුනා ගන්ට ආවා මම මේ පැත්තේ

    අම්මට සිරි වෙන්ඩ මා එන විට මර යුද්දේ
    වටින් ගොඩින් කවි පළවෙයි මළ යුද්දේ
    මේ පලවැන්න මා ආ බව මේ පැත්තේ
    උඩ ඈති රූපෙ මා ගේදෝ සැක ඈත්තේ

    නෙළුම් විලට මා අළුතෙන් ආවාම
    පිපිලා නෙළුම් විල සිරියට මේ බෝම
    වියන් කිවිදියන් එක්වීලා හැමෝම
    කවියෙන් පොර බදති විල කළබා බෝම

    ඔන්න ඉතින් සිත් ගත්තා බින්දියෝ
    මමත් එනව මේ පොරයට බින්දියෝ
    ඉන්න හැමෝටම අවසර බින්දියෝ
    කවි පද බදිමු පොරකමු කවි බින්දියෝ

    ReplyDelete
  27. ලිව්වා කලක් මම එක පිට එක පස්සේ
    දුන්නේ ඇයට අපි බැන්දා නොවැ පස්සේ
    හරි හරි වැඩ වුනා නොවැ අපි බැන්දට පස්සෙ
    ලිව් හැමදේම ඇත තව පොත් ගොඩ අස්සේ

    ReplyDelete
  28. අයියෝ කිසිත් තරහක් නෑ සිතට මගේ
    කිවුවේ එහෙම නිකමට ජොලියකට වගේ
    වලියක් වුනත් කවියෙන් නම් නොවෙද අගේ
    තව තව බඳිමු කවි පද තරගයට වගේ

    රස පද ගොතා කවි හටනට මුල ගත්තේ
    TG කොහෙද නෑ සද්දක් ඒ පැත්තේ
    දැන් කොහොමදෝ ඔබෙ අසනීපයෙ තත්තේ
    එන්නද බලන්නට සැප දුක ඔය පැත්තේ

    ReplyDelete
  29. @ ලකි ,

    කවි කිය කියා ගොස් අත ගත් මනමාලී
    මැකුවේ ඇයිද ඔබ ලියනා කවි පේලී

    ReplyDelete
  30. @හුනා
    ඉරටුවෙ ගසා බත් දුන්නා මම බාලේ
    හුනන් කිව්වෙ නැහැ කවි දන්නා කාලේ
    මේ හූනා හරිම හපනෙක් නේ රාලේ
    දැක්කද කවි ගොඩක් ලියලා ඇති තාලේ
    @බුරා
    පොත්කියවමින් ඉද පෙම්වත තරහ වෙලා
    TG තැවී ඉන්නේ දුක් සුසුම් හෙලා
    එන්නට ගොහින් ඇගෙ වගතුග සොයා බලා
    නීතා තරහ වුනොතින් නම් තමයි මලා

    ReplyDelete
  31. මට අද හදිසියෙ මතක් වුනා ''ටෙලිෆොන් කතන්දර'' [නම නම් හරිද මන්දා]

    ''ටෙලිපෝනය නද දෙන්නේ...
    කවුරුද මෙ අමතන්නේ..
    නරිවැල් දෙනියේ ගොහොරු මඩිත්තේ
    කිබුල් හාමි මේ කතා කරන්නේ..''

    ReplyDelete
  32. පිස්සුද ඔයා මොනවද මේ කියවන්නේ
    නීතත් එක්කමයි ගියොතින් මම යන්නේ
    තනියෙන් ගොසින් කෙලෙසද සුවසේ ඉන්නේ
    නීතා කයි ඔලුව මගෙ නැතිවද එය දන්නේ

    ආවා එළකිරි අදහසක් මේ දැන් හිතට මගේ
    කලහොත් සියළු පැණ විසදෙයි තිතට වගේ
    නලිනිව යවාලා ටීජීගෙ ගෙවල් දිගේ
    විමසල බලමු සැපදුක දෙක දැනට ඇගේ

    නලිනී බැරිද එහි ගොස් ඈ විමසන්න
    වැඩි වී ඇතේ අසනීපය කැට මෙන්න
    හනිකට ගොහින් බෙහෙතක්වත් කරගන්න
    එකසිය පනහ (150) බසයට ඈ නංවන්න :p

    ReplyDelete
  33. රැකියාවයි ඉගෙනුමයි පවුලයි සම කර ගන්න
    මට සිදුවුනා නෙව පෑනට සමු දෙන්න
    ඒ මිස දොස් නැතිය මනමාලි ගෙ ඔන්න
    රන් හැඳි තිබුනෙ නැහැ අපහට බත් කන්න

    ReplyDelete
  34. ඉරටුවෙ ගසා හූනන් හට බත් දෙන්න ........

    පියාගේ කරට බඩගා නැගගන්න
    කරපිට නැගී තනියම මහ රජ වෙන්න
    හා නරි විත්ති රස කර කර අහගන්න
    මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න

    **************************

    මේ කවි දෙපද දුටු විට හිත වැලපේයා
    මා බාලේ නැලවූ හැටි මැවේයා
    නැලවිල්ලි අහගන්න මවු ලඟ නැතේයා
    කවිය කියු කෙනෙක් මගෙ නෑ සියෝයා

    @ බින්දි මේ කවි මම පොඩිකාලේ අම්ම කිව්ව නැලවිලි කවිය . ඒ කාලේ සිංහල කියවීම් පොතක මේ කවි පන්තිය තිබිල තියෙන්නේ. පොඩි කාලේ මුලු කවි පන්තියම මතක තිබුණත් දැන් මට මතක ඔය කවිය විතරයි .මුලු කවි පන්තියම දන්නවනම් මට ලියල එවන්න . නෙලුම් විලට ආවෙ දැන් . මේක දැක්කෙත් දැන් . මට ඒ කවිය ආයෙත් අහන්න හිතුනා අම්මගෙන් .ඒත් අම්ම නිදි ඇති දැන් . මම ඉන්නෙ ගෙදරින් ගොඩක් ඈත

    ReplyDelete
  35. කවියෙන් පෙරූ මල් මුවරද එකතු කල
    දහසක් පෙති විදා හිනැහෙන තමර පෙළ
    බින්දිය නගන කවි සාහිත මතක රළ
    හැමදා වගේ එළියයි අද නෙලුම් විල

    ලොකු නම් සමග පෑහෙන්නට තරම් නැති
    මා ගැන සිහි කරපු කවියට බොහොම තුති
    බින්දිගෙ කවිය විහිදා ලන සිනිදු පෙති
    බැලුවම පෙනේ හෙට තව මල් පිපෙනු ඇති

    බින්දිගෙ හිතේ තව උල්පත් පෑදෙන්නයි
    රසබර මතක සටහන් නීති වෑහෙන්නයි
    සුවඳින් නෙලුම් බ්ලොග් සක්වල නෑවෙන්නයි
    ඒ සුවඳට තවත් කවි මල් පූදීන්නයි

    ReplyDelete
  36. ආ ඔය ඇවිත් ඉන්නෙ TGතුමිය.. මඩක් ගහන්නම ඕන එළියට ගන්ට.. :)

    ReplyDelete
  37. @Bura

    වලව්වට අපේ නිරතුරු යන එන සකි සඳ බූරා
    පෙම් මදහස පා කරනා දඟ ආල නුරා
    කොමල ලියක් හිනැහෙනවලු සඳක්' යුරා
    වස් දොස් නොමැත පෙම දිලිහෙයි අඹර පුරා

    ReplyDelete
  38. @ Lucky
    ආලය වැඩිවෙලා පවුලක් වූ දවසේ
    ඕකම තමයි වෙන්නේ සිතුවත් කෙලෙසේ
    සෙනෙහස තිබේ නම් වාගෙම පෙර දවසේ
    ලීවේ නැතත් කම් නැහැ කවි ගී සිතුසේ

    ReplyDelete
  39. අනේ කඩිමුඩියේ කියෙවුව නිසා මම මාවම දැකේ නෑ සමාවෙන්න අක්කේ .... මට මාව හියාගන්න තිබුනු හද්දිස්සිය නිසා අනික් ඒවා බලන්නේ නැතිව මාව හෙවුවා . අන්තිමට මාව පෙනුනේ නෑ මට ..බලන්න ඉතින් ඒකෙත් හැටි

    ReplyDelete
  40. උඩ සිට පහළ දක්වා බ්ලොග් පිටුව තුළ
    නොයෙක් බඹරු ඇත සියපත් සුවද කළ
    සියපත් ඉවර වූවත් මේ නෙළුම් විල
    බඹරිදු ගනියි ඒ සියපත් මලේ අල

    විහිළුයි කළේ මල් ඇත ගමකට දෙන්ට
    දුර කතරක ඉදන් ඔබ කවි ගොතනකොට
    ඒ කවි අසන සිංහල බ්ලොග් කරුවන්ට
    වහගෙන ඉන්න බෑ කට තම කවිකමට

    බින්දිගේ කවියකට ලැබුනලු රස පේළි
    පැතූ සුභපැතුම් හා එහි මඩ හෑලි
    මේවා දකින සමහරු යයි පෙළපාලි
    පිස්සු හැදෙන සද bumf වෙයි හරිම ජොලි

    මාර වැඩේ මේ දිනවල කවි හින්දා
    කොහේදෝ තිබුණු කවි සිත මැවිලද මන්දා
    මගතොට නිවස බස්රථ තුළදීම හදා
    දෙන්නට හැකිය ඕනේම කවියක් සාදා

    ReplyDelete
  41. @ Sujeewa

    වෙනදට උදෙන් එන ළමයට මොකද වුනේ

    බැලුවා ඇවිත් ලියලා කවි තිබුණි අනේ.

    මුණු පොතේ බරටම පොත් කියනු පෙනේ

    ලොකු පොත් විචාරකයෙකු වෙන ලකුණු දැනේ



    @ අසංක

    සිත යන බව පෙනේ දැන් කවි ඉවුර දිගේ

    හොඳ රසවතෙකු වගෙ දන්නා කවියෙ අගේ

    පළකර සිටිමි මේ ලෙස සුබ පැතුම් මගේ

    පීනන්නට හැකියි කවි රැලි නැගෙන ගඟේ



    මටත් සිදුව ඇත ඔබටත් වුනු දේම

    කවියෙන් පිරි ඇත අද මගෙ මුළු ගේම

    මොනවා වුනාදැයි සොයනව මම තාම

    බත් මුට්ටියත් පේනවා කවියක් සේම

    @ සඳරු

    අය්යෝ මටත් ඔය දේ හරියට වෙනවා

    නිතරම අපිම අපි පසු කරගෙන යනවා


    @ TG
    මටත් යන්තමින් මතකයි ඔය පදය.

    කවි පන්තියම මතකෙට එන්නේ නැතිය

    නලිනියි බුරයි දැන් ළඟ ළඟ එනු ඇතිය

    ''ඇවිදින පුස්තකාලේ ''ඔය පොත ඇතිය

    ReplyDelete
  42. @ කල්හාර ..

    අය්යෝ ඔයා මේකේ ලිව්වට කැත වන්නේ කොහොමද. කියවල ලියා යන අකුර කවියක්ම තමයි මට නම්. පොස්ට් එකයි කමෙන්ට් වලට එන කවියි කියවලා රස විදින්නකො. බලන්නකෝ ඉන්න කවියෝ ටික . අංකුර නෙමේ දාර පොල් ගස් .

    ReplyDelete
  43. බින්දී;

    මුහුණු පොතේ කණ්ඩායම් බිතක්‌ මත
    පොත පත ගැන පුංචි ලකුණක් දමා ඇත
    වැඩිපුර ලියන්නට ගියොතින් පෙනෙයි කැත
    ඇත්තට ගොඩක් පොත් මා කියවලා නැත

    ReplyDelete
  44. T.G. කියූ කවි දෙපදය අසා ඇත
    එනමුදු මුළු පැදිය දැන් සිහි වෙන්නෙ නැත
    බින්දී සිහි කරන පොඩි කාලේ කියවු පොත
    ටෙලිෆෝනය නමින් අපගේ ගෙදර ඇත

    ReplyDelete
  45. මටනං කොහොමවත් ඒ කවි අමතකලු
    කෙරුවත් තැතක් සිහියට එන්නෙම නැතිලු
    සොරි වෙන්ටෝනැ TG අනෙ වෙරි සොරිලු
    ඇවිදින පුස්තකාලේවත් ඒ පොත නැතිලු

    ටෙලිෆෝනය මගෙ ලගත් තිබුනා වගෙ මතකයි
    දැන් නං ඒක කොයිබද නෑ එය නිසැකයි
    කවි ටික දැම්මොතින් නලිනියෙ හරි කදිමයි
    රසබර බාල කල මගෙ යළි සිහි කැදවයි

    ReplyDelete
  46. @ බුරා
    ඒ පොත ලියන්නට කියනා එක මෙතන
    අවැඩක් නොවෙද නලිනී හට අප කරන
    මෙහි නොඑනා අයත් ''සිත් ආරේ '' සරන
    කියමු ලියන්නට ඒ කවි එහි සොඳින

    ReplyDelete
  47. @ බුරා
    ඒ පොත ලියන්නට කියනා එක මෙතන
    අවැඩක් නොවෙද නලිනී හට අප කරන
    මෙහි නොඑනා අයත් ''සිත් ආරේ '' සරන
    කියමු ලියන්නට ඒ කවි එහි සොඳින

    අවුරුදු අවසාන සාදය අද ඇත්තේ
    කට්ලට් ,සමෝසා මම කර ගහ ගත්තේ
    පමා නොවී ඒවා බැද ගත යුත්තේ
    හවසට තමයි එනු හැකි මට මේ පැත්තේ

    ReplyDelete
  48. මා ලියු අලුත් කවි මල් අම්මා බැලූවා
    ඒ කවි අසා හිත සැනසෙන බව කිවුවා
    අපේ අම්මත් හොඳ ලස්සන කවි ලිව්වා
    ඒ කවි මමත් මාගේ බ්ලොගයේ දැම්මා

    අපෙ අම්මා දැකලා TG ලියපු කවි
    ඒ කවි පංති මෙන් බාලෙත් මතක් වෙවි
    කවි පංතියේ තිබුණු සිතුවම සිතේ මැවී
    එක කවියලු මතක ඒ පද මෙසේ දෙමි

    අක්කා එක්ක තරගෙට දිව පරදන්න
    රස කවි කියා ඇය හොදටම පරදන්න
    ඉන් එන තෑගි මල්ලිට බෙදලා දෙන්න
    මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න

    බින්දි දැන් වැඩේ නැගලා යයි නේද
    මට ආවා අදහසක් එය මම කියන්නද
    තව නව බ්ලොග් එකක් අරඹා ගොතමු පද
    තරහක් ගනු එපා පොඩ්ඩක් සිතනු සොඳ

    "කවි හටනක්" ලෙසට එහි අප නම තබමු
    අදහස හොඳද ඔබ ඒ ගැන කුම කියනු
    උදේ හවා එහි හොඳකවි පද ගොතමු
    එනමුත් පරණ බ්ලොගයට මුල් තැනම දෙමු

    ReplyDelete
  49. @බින්දි,

    අවුරුදු අවසාන සාදය අරගන්නේ
    අවුරුද්දේ මැදද මට නැහැ තේරෙන්නේ
    මොනවා වුනත් කම් නැත මේ අහපන්නේ
    හවසට එද්දි කට්ලට් මට ගෙනඑන්නේ

    @අසංක,

    වෙන බ්ලොග් කුමට කවි පද වැල් ගොතන්නට
    ඇයි ඉඩ මදිද මෙහි හටනක් කරන්නට
    සැරසෙනු මැනවි කවි තරගෙන් දිනන්නට
    බින්දිගෙ අතින් මල් පොකුරක් ලබන්නට

    ReplyDelete
  50. අලුත් බ්ලොග් එකක්. මම ආපහු ආවේ සෑහෙන කාලෙකින්. ඒකයි මේක අලුත් එකක් විදිහට මම දැක්කේ. නියමයි.

    ReplyDelete
  51. පද බඳින සොඳුරු
    කලතනා රසයෙන් මියුරු
    පොහොසත් බවින් සරු
    බින්දි කවිකාරියකි සිත් රූ

    සොයුරිය මවකි බිරිඳකි සිත් ගත්ත අගේ
    නැහැ කවි කාරියක් කියලා තිබුනි අගේ
    තුටුවේ කවට සිතුවිලිවල ඇතිය රඟේ
    නුඹෙ කවි පදය සිත් ගත්තා බොහොම මගේ

    හිමි කාරියයි ඔබ තැන වූ නෙළුම් විල
    පූදින කැකුළු මල් දස අත සුවඳ හල
    ගත සිත සුවය කැන්දයි සුවඳින් විපුල
    පුබුදාපන් නෙළුම් තව කවි එකලු කල

    කවි සිත් බැන්ඳ විල් දිය මත පිපුණු මලේ
    නුඹෙ සිරි වඩවනා ලෙස මට පෙනුනි විලේ
    TG සමඟ Neetha පද බඳින රැලේ
    රූ සිරි මවයි අවසානය කියමි පෙලේ

    රස මියුරසින් කවියෙන් සිත් විල බන්දා
    නෙළුමන් පිපේ දස අත රූ සිරි බන්දා
    විල් දිය පතුලේ ඇති මිණි මිණි කැට හංගා
    බින්දිය සොයා ගනු මිණි කැට ඔප බන්දා

    පිපෙන නෙළුම් හට ආසිරි පතන්නයි
    බින්දිට නැගෙන කවි පද නිති පෙරලන්නයි
    හෙල කවිකරුවො වැඩි වැඩියෙන් එක්වන්නයි
    පතනෙමි සුබාසිරි අද නම් කවි ගොන්නයි

    මිතුරෙකි ඔබේ නොදුටුව මගේ මහිමි සඳ
    ඒ හිමි කියා පෑවේ විල් තෙරේ සොඳ
    නොකියමි එහෙත් කවුරුද මා දන්නවද
    කලඹා විල් තෙරම ඒ ගැන සොයනවද

    මෙහි කවි ලියන ඔබ හා හැම දෙනාමත්
    මහිමිගෙ සයිබරේ දැක ඇත නිති පතාමත්
    කවුරුද මාව හැඳිනීමට නියාවක්
    දෙනවා දින හතක් ඔට්ටුයි හැමදෙනාමත්

    ReplyDelete
  52. @ අසංක
    මම කැමතියි ඔබගේ ඒ අදහසට
    ලියනා අතර වෙන වෙන දේවල් රසට
    එන්නට ගොහින් හැක එහි මට හිතුන විට
    අරඹමු අපි ඒක පසු නොදමාම හෙට
    @ බුරා
    වසරක් නිමවුණේ දුලගේ පාසලට
    කෙල ගිල්ලට ඔයා මේ කට්ලට් වලට
    සුද්දෝ කැමති විය අපෙ තුන පහ වලට
    බිඳක් වත් ඉතුරු කෙරුවේ නැහැ නුඹට

    @ සංජිවනි
    මග අහගෙන ගෙදර අය කිවූ පාර දිගේ
    ලියලා තිබුණු කවි ටික නම් හරිම අගේ
    කවුරුන් වුනත් හොඳ කවිකාරියක් වගේ
    හිතනවා තාම ගැට ගහමින් ඔලුව මගේ

    ''කතන්දරද '' අර ''නිදහස් සිතුවිලිද ''
    ''දුකාගේ'' නදීෂා වත් වනු බැරි නැතිද
    ''නවම්''මාතලන්'' ගේ හරි වෙනු බැරිද
    නැත්නම් අනේ ''කල්හාරගේ '' නෝනාද

    අනික් අය තමන් බැඳලා නැහැ කියතී
    හිත ගිය කෙල්ලො ගැන පමණක් පද ගොතති
    මට බැහැ ඉවසන්න ගැන ගැන දවස් සති
    කවුරුද බැඳ ගත්තේ මේ කවි ලියු යුවති

    ReplyDelete
  53. කවි ලියවිලා ඇත පැණි රසයෙන් බේරී
    යසට කැපෙන කවි ලීවා විල හිමිකාරී
    රසට ගෙතෙන කවි පද එනතුරු බේරී
    තව ඉඟි ඕනෑද කාගෙද මම භාරි

    කවුරුන් මගේ නෝනා යයි කියාවිද
    නොහිතපු කෙනෙක් මගේ නෝනා කියාවිද
    කවුරුත් මගේ නෙමෙයි කියලා කියාවිද
    බින්දිය ඉවසමුද තාමත් මුල් දිනය අද

    ReplyDelete
  54. @ බුරා

    හු හු බුරා නුඹ පැරදෙයි කවි තරගෙන්
    මල්දම් තියා කට්ලට්වත් නැහැ ඇයගෙන්
    විහිලුයි කළේ මා දන්නා කවි ගොතමින්
    ඇරයුම් කරමි නව බ්ලොගයට මල් පුදමින්

    @ බින්දි

    නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
    කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
    දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
    එනිසා එක post එකකට comment දෙමු

    එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
    කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
    උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
    ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි

    උදා:
    අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
    ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
    ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
    ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන

    ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
    බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
    ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
    දින පතාම කවි පබැදෙයි මට සිත් වී

    @ All

    නීතා දුකා TG සහ බුරතීනුයි
    ගල්මල් කොරල් හා පැටියයි සෝඩා ගුනෙයි
    නලිනියි සිත්තමයි සිතුවිලි කතන්දරයි
    හිස් අහසයි රත්ගමයයි පොඩි හූනයි
    සජීවනියි මනුසත් හා කොකාවලයි
    නෙළුම් විලේ තොටියා වන කවි බින්දියි
    හෙට දින සිටම නව බ්ලොගයේ කවි පබදියි
    එහි web ඇඩ්රසය හෙට දින මෙතන දමයි

    ප.ලි
    මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
    බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

    ReplyDelete
  55. @ බුරා

    හු හු බුරා නුඹ පැරදෙයි කවි තරගෙන්
    මල්දම් තියා කට්ලට්වත් නැහැ ඇයගෙන්
    විහිලුයි කළේ මා දන්නා කවි ගොතමින්
    ඇරයුම් කරමි නව බ්ලොගයට මල් පුදමින්

    @ බින්දි

    නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
    කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
    දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
    එනිසා එක post එකකට comment දෙමු

    එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
    කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
    උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
    ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි

    උදා:
    අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
    ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
    ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
    ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන

    ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
    බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
    ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
    දින පතාම කවි පබැදෙයි මට සිත් වී

    @ All

    නීතා දුකා TG සහ බුරතීනුයි
    ගල්මල් කොරල් හා පැටියයි සෝඩා ගුනෙයි
    නලිනියි සිත්තමයි සිතුවිලි කතන්දරයි
    හිස් අහසයි රත්ගමයයි පොඩි හූනයි
    සජීවනියි මනුසත් හා කොකාවලයි
    නෙළුම් විලේ තොටියා වන කවි බින්දියි
    හෙට දින සිටම නව බ්ලොගයේ කවි පබදියි
    එහි web ඇඩ්රසය හෙට දින මෙතන දමයි

    ප.ලි
    මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
    බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

    ReplyDelete
  56. ඉඳලා ඉඳල ගොඩවුන බ්ලොග් පිටුවේ.....
    ලාවට මඩක් වැදිලා ඇති සැටි දුටුවේ......
    කීමට යමක් ඇත නැත මෙය නම් මුලාවේ....
    සැමදා නෙළුම් පිපි නුඹ හිනැහුනාවේ......

    ReplyDelete
  57. @අභීත

    නෙලුම් විලේ මඩ එතරම් දරුණු නැත
    සෝදා ගන්න ඕනෑ නම් වතුර ඇත
    වතුර විතරමයි ''රින්සෝ''ඕන නැත
    ඔබ ආ බව දැක පිරුනා සතුට හිත

    ReplyDelete
  58. මම ‍මේ කවි ටික දැමු‍වේ ජූනි 10 ‍වෙනිදා ඒත් ‍මොකක් හරි අවුලක් හින්දා ඒක ඇවිත් නැහැ ඒක හින්දා මම ආපහු ඒ ටික දැම්මා
    ‍@ බුරා

    හු හු බුරා නුඹ පැරදෙයි කවි තරගෙන්
    මල්දම් තියා කට්ලට්වත් නැහැ ඇයගෙන්
    විහිලුයි කළේ මා දන්නා කවි ගොතමින්
    ඇරයුම් කරමි නව බ්ලොගයට මල් පුදමින්

    @ බින්දි

    නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
    කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
    දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
    එනිසා එක post එකකට comment දෙමු

    එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
    කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
    උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
    ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි

    උදා:
    අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
    ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
    ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
    ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන

    ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
    බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
    ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
    දින පතාම කවි පබැදෙයි මට සිත් වී

    @ All

    නීතා දුකා TG සහ බුරතීනුයි
    ගල්මල් කොරල් හා පැටියයි සෝඩා ගුනෙයි
    නලිනියි සිත්තමයි සිතුවිලි කතන්දරයි
    හිස් අහසයි රත්ගමයයි පොඩි හූනයි
    සජීවනියි මනුසත් හා කොකාවලයි
    නෙළුම් විලේ තොටියා වන කවි බින්දියි
    හෙට දින සිටම නව බ්ලොගයේ කවි පබදියි
    එහි web ඇඩ්රසය හෙට දින මෙතන දමයි

    ප.ලි
    මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
    බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

    ReplyDelete
  59. කලකට කලින් හෙළ හෙළි නම් ඊ ලිපිනේ
    සුන්දර කවි කතන්දර නීති පද බැඳුණේ
    සැඩරළ කාලයේ විත් එය වල් වැදුණේ
    කවියට මෙහෙම පිටුවක් යළි නැහැ ඇරුනේ

    බින්දිය මෝදු කල කවියේ නෙලුම් පෙතී
    කාගෙත් හිතට සතුටක් ගෙනෙනවා නිතී
    නව කවි පෙතේ මුතු පද වැල් අකුරු ගෙතී
    කවි කිවිඳියන් උඩ අහසේ දිලෙනු ඇතී

    රස සුවඳින් මල් පුබුදන තෝතැන්න
    සුබ නැකතින් හැඩ නමකින් අමතන්න
    මෙහි නැතිනම් වෙන කිසිවෙක් නම දෙන්න
    "කවි මුතු මල්" ලෙස කැමතිද සලකන්න?

    ReplyDelete
  60. ඇඩ් ඇත හැම තැනම ලොකු බ්ලොග් අඩවි වල...
    පළවෙති විස්ස තිහ බ්ලොග් ගැන ආධුනික...
    දැම්මොත් මෙතන කවියක් ඇති මහසාර...
    බින්දි අක්කේ, මං ගැන කවි කියනවද...

    ReplyDelete
  61. @Chathuranga

    මට දැන් මතක් විය මේ කවුරුදැයි කියා
    රාවණ රජු ගැනත් ලිව්වා නේද ඔයා
    හුඟ දවසකින් එන්නට මට බැරිව ගියා
    ලින්ක් එක නෙලුම් විල ගාවින් තියමි ලියා

    ReplyDelete
  62. ස්තූතියි බ්ලොගය මගෙ උඩ තිබ්බාට
    දැම්මා ෆලෝ පාරක් මම දැන් ඔබට
    ඉහතදි අපේ සොහොයුරෙකුත් කිව් ලෙසට
    කාලය හොඳ නොවෙද දැන් කවි බ්ලොගයකට

    බින්දි අක්කේ, රාවණා ගැනත් - අපේ පූර්ව ඉතිහාසය ගැනත් වටිනා ලිපි පෙලක් මෙන්න මෙතනින් බලන්න. උනන්දුවක් ඇති අයත් දැනුවත් කරන්න. ජයවේවා !!!

    ReplyDelete
  63. බින්දිය තවම නැහැ දැකලා මගේ කවි
    නැතිනම් තරහ වීලාදැයි පෙනේ මැවී
    එනමුත් කමක් නෑ තව තව ගොතමු කවි
    නව බ්ලොගයේ වැඩ තනියම පටන් ගමි

    සුජී අයියා කියු ලෙස මා පිළි ගන්නා
    කවි මුතු මල් ලෙස දැන් එහි නම් ගන්නා
    චතුරංගත් එය හට මල් පුද දෙන්නා
    තව ටිකකින්ම ලින්ක් එක මෙහි ලියැවෙන්නා

    පෙර කී පරිදි නොව එහි කවි ලියැවෙන්නේ
    සිතේ නැගෙන සිතුවිලි රූ සමගින්නේ
    ඕනෙම කවියෙකුට තම කවි දමමින්නේ
    ඉන්නට හැකිය දිදුලන තරුවක් වැන්නේ

    ReplyDelete
  64. ඔන්න කවි මුතු මල්
    http://kavimuthumal.blogspot.com/

    ReplyDelete
  65. This is an unpaid advertisement [ණයට තමයි]

    ලස්සන කවි තවත් දින දින පූදින්න
    බ්ලොග් පිටු අතර සිතුවිලි සිත්තම් වන්න
    හිත්වල තියෙන හිතවත් කම් මෝරන්න
    කවි කිවිඳියනි කවි මුතු මල් වෙත එන්න

    ReplyDelete

  66. ආවෙමි බලා යන්නට සැනහුමෙන් හිත
    පිටුවෙන් පිටුව පෙරලන්නෙමි මුලක සිට
    දැක්කම මේ හැටි කවි රස වෑහුමෙන් මට
    කියපන්* අක්කේ කෙලෙසක ඉවසම්ද හිත ?

    *කියපන්* = මෙම යෙදුම වටහා ගත නොහැක්කෝ කමා කරත්වා ( කවි රස දන්නා අයට පමණි )...

    ReplyDelete
    Replies
    1. එදවස මෙහි තිබිණි රස කවි සංවාද
      කවියන් කොහිද සැඟවුන තැන නැතුවාද
      කඩන මකුළු දැල් කොස්සක් දුටුවාද
      ලඟදි දිනක කරමුද කවියෙන් වාද

      Delete
    2. දැනුනම හිතට මහ බරක් දුක් සෝක
      එන්නෙමි අක්කා බලන් යන්නට නෙලුම් විල
      දැනෙනවා සුපුරුදු සෙනෙහසක් නුඹ ගාව
      කලිනුත් කියල ඇති ඉහ කෙස් ගාන

      මල්ලි ටිකක් ලකුණු කපන් ඉන්නා දාක
      තව තව ලකුණු කැපුනොත් නාක
      අඩ අඳුරෙම යන්නෙමි අහක
      හිතලා බලන් මේ දුක් සෝක ..

      Delete
    3. මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත්
      අනිත් කවි නඩෙත් එක්ක එනවා නම් සතුටුයි මට ...

      Delete