Monday, 8 August 2011

හාවෙක්ගෙන් බැනුම් ඇසූ ''මොනාලිසා''

මොනාලිසාට බැන්න කෙනෙක් ගැන අහල තියෙනවද . මන් හිතන්නේ ඒ මදහසට වසඟ නොවෙන අයෙක් මේ ලෝකේ නැතැයි කියලයි.
ඒකට මොකද අපේ බනියගෙන් බැනුනුත් අහල තව පොඩ්ඩෙන් ගුටිත් කනවා එයා . ..මගෙන් වෙච්ච පොඩි තරවටුවකට තරහ වෙලා කාමරයට යන ගමන් ...
''මොකද බලන් ඉන්නේ '' එහෙම ඇහුවේ අතත් දික් කරලා . බය වෙච්ච පාර මොනාලිසා ගැස්සිලා මන් දිහා බැලුව. අනේ පව් . එයාට වැඩියම හිත රිදෙන්න ඇත්තේ අපේ සවුත්තු හිනාවට . ඇයි දෙය්යනේ හැතැප්ම දාස් ගානක් ගෙවාගෙනපහුගිය පෙබරවාරියේදී  අපි එක්ක ආවේ තියෙන විශ්වාසෙට නේද .
මේ ඉතින් ''ඩා වින්සිගේ '' ඔරිජිනල් එක්කෙනා නම් නෙමේ . එයාව බිත්තියේ එල්ලලා තියෙන තැන විශේෂ වැටකුත් ගහල අනික් පින්තුර වලට නැති ආරක්ෂාවක් . කෝ ඉතින් මොනාලිසාගේ මදහසයි ඇස් දෙකයි ''අනේ මාව මෙතනින් ගලවගන්න '' කියල කොච්චර ඉල්ලා හිටියත් හිරේ විලංගුවේ වැටෙන වැඩ වලට මම නැහැනේ .
ඔය මොනාලිසා ඕනෑමයි කියල ''ලුවර් '' කලාගාරේ සමරු සලේදී මන් තදින්ම ඉල්ලා හිටිය . බනිලගේ තාත්තට ඕන වුනේ වෙන සමරුවක් ගන්න . ඒත් අන්තිමට මගේ සදා සිහිනයක් වුන මොනාලිසා අපි එක්ක ආවා. මොනාලිසා කිව්වට ''කොපි '' මොනාලිසා .
ලුවර් කියන්නේ අති විශාල කලාගාරයක් . දවස් ගානක් යනවා හරි විදියට රස විඳින්න . කොහෙද කකුල් රිදෙන බනියලත් එක්ක දවස් ගණන් ඕකේ ඇවිදින්නේ . එක වරුවෙන් ''දඩි බිඩි'' රසවිඳීමක් තමයි කරන්න ලැබුනේ.
මැලේසියාවෙන් එක පාරටම ප්‍රංශය පැත්තට අරන් යනවට අමනාප වෙන්න   එපා . මට ඉතින් පිළිවෙලකට යමක් ලියාගෙන යන්න අමාරුයි. හිතෙන වෙලාවට හිතෙන දේ ලිව්වේ නැත්නම් කෑවේ නැහැ වගේ  තමයි. ඒගැන නම් ඉතින් විලේ මිතුරන් සමාවෙන්න  ඕන ..
පෙබරවාරියේදී මෙහෙ හීතලේ වෙවුල වෙවුල ඉන්න ගමන් තවත් සීතල රටකට යන එක එක විදියක පිස්සුවක් තමයි . ඒත් ''චීන අවුරුදු '' [වියට්නාමේදී ''ටෙට්] නිවාඩුව තමයි සතියක් විතර කරදරයක් නැතුව අපිට ගමනක් යන්න ඇහැකි .
ලස්සන පින්තුර ටිකක් දාන්න තියෙන  නිසා මේ පොස්ට් එක නම් කඩන්නම වෙනවා .
මුලින්ම අපි යන්කො ''මොනාලිසා'' මහත්මියගේ ගෙදර ට ..ඒ කියන්නේ පැරිසියේ ලුවර් කලාගාරේට . සිංහල හුරුවට ලුවර් කිව්වට එහෙ අය ඕක කියන්නේ අමුතු විදියකට . මන් ඉතින් ගොඩයනේ. අපේ ලොක්කිට නම් ඔය ප්‍රංශ වචන පැටලෙන්නේ නැහැ .
නම කොහොම වෙතත් ඔතනට යන්න ලැබුන එකත් මගේ ජිවිතේ ලොකු වාසනාවක් ලෙස කියන්න පැකිලෙන්නේ නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාගාරයක් . පොතින් පතින් විතරක් දැන හිටි ලෝක ප්‍රකට ශිල්පීන්ගේ නිර්මාණ සැබවින්ම දැක ගන්න ලැබීම ලොකු භාග්‍යයක්  .

  
ලුවර් කලාගාරය නැත්නම් එයාලගේ බසින්
         Musée du Louvre   ට ගියොත් හරි අපුරුවට මේ ගැන විස්තර තියෙනවා . ඕනෑම කෙනෙක්ට තේරෙන පහසු විදියට . විකියේ  තියෙනවා ඉතිහාසය ඇතුළු පුර්ණ විස්තර

මෙහි තියෙන්නේ චිත්‍ර විතරක් නෙමේ . ඉතා අලංකාර මුර්ති ද දකින්න පුළුවන්

මැද මිදුලෙහි ඇති අලංකාර පිරමිඩය . රාත්‍රියට මෙය විදුලි එළියෙන් බැබලෙන අතර ඈතට පෙනේ ..








මේ සිංහයාට පන නැති හින්ද හොඳයි






ගොඩක් චිත්‍ර හා මුර්ති අඩ නිරුවත් හෝ සම්පුර්ණයෙන්ම නිරුවත් . ඒ කාලේ ඇඳුම් ඇඳලා නැහැ වගේ වැඩිපුර . මන් ඉතින් ඒවායේ ගත්තු පින්තුර නම් දැම්මේ නැහැ ඔන්න . අපේ අර වික්ටෝරියන්  සභ්‍යත්වයද මොකක්ද තියෙනවනේ . සිගිරි අප්සරාවෝ රෙදි නැතුව හිටියට පස්සේ කලෙක සුද්දෝ ඇවිත් රෙදි අන්දල අපිව සභ්‍ය කලානේ . ඒකට මොකද මේ කලාගාරේ නිර්මාණ කරපු කලාකාරයෝ නම් ඔව්ව දැනන් ඉඳල නැහැ . මනුස්ස සරීරේ  සැබෑ රේඛාවන් බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා .

අනික මට හිතිච්ච තව දෙයක් තමයි අතීතයේදී පිරුණු අඟ පසඟ තමයි ලස්සනයි කියල සලකල තියෙන්නේ . දැන් වගේ අපායෙන් ආව වගේ නිරුපිකාවෝ ඒ දවස්වල ඉඳල නැහැ වගේ.
මේ ටික ලිව්වෙත් බොහොම කලබලේට . අනික පින්තුරත් දැම්මේ ටිකයි . මන් දන්නවා ගොඩක් නංගිලා මල්ලිලා අන්තර්ජාලගතවෙන්නේ බොහොම අවම වේගයක් යටතේ . ඉතින් පින්තුර වැඩි වෙනකොට බලන්න අපහසුතා ඇතිවෙන්න හැකි.
පැරිසියේ ඉතුරු විස්තරත් එක්ක තව දවස් දෙකකින් ලියන්නම්. මෙව්වයේ වැඩිය කතා කරන්න දෙයක් නැති  වාර්තා ගනයේ ලිපි ඉක්මනට ඉක්මනට ලියල දාන්න පුළුවන් .

73 comments:

  1. අප්පේ හැමදාම වගේ අක්කා එක එක රටවල විස්තර දානකොට ඒවා එක හුස්මට කියවලා දාන් පුළුවන්. පින්තූරයි ඉතිරි කොටසයි ඉක්මටනට දාන්න :)

    ReplyDelete
  2. @ පුසා

    අපොයි ලියල අත ගන්නත් කලින් කියෙව්වට ගොඩක් ස්තුතියි මල්ලි

    ReplyDelete
  3. මාත් ගොඩාක් ආසම පින්තූරයක් මෝනාලීසා. එක එක විදියටනේ පේන්නේ .. වාසනාවන්තයි ඔයානම් හැබැහින් දැකගත්තනේ..
    ස්තුතියි පින්තූර වලට.

    ReplyDelete
  4. එක හුස්මට කියෙව්වා.... බොහොම ඉස්තුති මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට.... ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්නකෝ..... අර වික්ටෝරියානු සභ්‍යත්වය ගැන නම් කතා කරලා වැඩක් නෑ.... එදා රාහුල හාමුදුරුවන්ට නාරි දේහය වර්ණනා කරන්න තිබ්බ නිදහසවත් දැන් අපිට නෑ නෙව....

    ReplyDelete
  5. බින්දි අක්කා කවි වලට වගේම විත්‍ර වලටත් ගොඩාක් කැමතියි වගේ. ඇත්තටම ඔබ වගේ කලාගාරයක නම් දවසක් වත් ඉන්න ඕනේ අප්පා. පින්තූර ටික දැක්කම ඇත්තටම කලාගාරෙ ඇතුලේ ඉන්නවා කියලා හිතුනා.

    බනියා මොනාට බනී...!!! හි හී...

    ඇත්තටම මං කම්පනා කලේ පණ නැති හිනාවෙන පින්තූරෙ එක්කත් ඔච්චර කේන්ති ගන්න තරම් අක්කා බනියට කරපු ‘තරවටුව‘ මොකක්ද කියලා ???

    ජය !!! ඉතුරුවත් ඉක්මනට දාමු...

    ReplyDelete
  6. ලෝකයේ විශිෂ්ඨතම කලාගා‍රයක තොරතුරු ගෙන ආවාට ස්තූතියි! අපේ බොරු සභ්‍යත්වය කරපින්නා ගත් මිනිසුන් නිසා තවත් දුර්ලභ කලාකෘති රැසක් දැකගැනීම අහිමි වීම ගැන නම් කණගාටුවකුත් දැනෙනවා...

    ReplyDelete
  7. පොඩ්ඩන්ට වේවැල් පාරකට වඩා රිදෙනවා තරවටුව, ඒත් මොනවා කරන්න ද කරලත් බැරි නොකරත් බැරි අවස්ථා ඇතිවෙනවා.

    මොනාලීසලා වගේම ලැප්තුමන්ලාත් බැණුම් අහන වෙලාවන් තියෙනවා නේද?

    බොහෝම ස්තුතියි තවත් රසවත් දේශාටන සටහනකට.

    ප්‍රංශයේ ලූවර් කවුතුකාගාරයේ කලා කෘතීන් ප්‍රදර්ශනය කීරීමේ අරමුණින් අබුඩාබියේ නුවර ද ලූවර් අබුඩාබි නමින් කෞතුකාගාරයක් ඉදිවෙමින් පවතී. එය 2012 වසරේදී අවසන් වීමට නියමිතයි. ප්‍රංශ හා UAE රජය අතර තිස් අවුරුදු ගිවිසුමක් හරහා ප්‍රකට ලූවර් කලා කෘතීන් අබුඩාබියේ දී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. වැඩි විස්තර සඳහා පහත සබැඳිය බලන්න.

    http://en.wikipedia.org/wiki/Louvre_Abu_Dhabi

    *අබුඩාබිය සංචාරක කේන්ද්‍රයක් කරන සැලැස්මේ කොටසක් හැටියට ගොඩනැගෙන අලුත් දිවයිනක ලූවර් අබුඩාබි ඉදිවෙන්නේ.

    ලූවර් පොඩ්ඩක් බලන්න පුලුවන් වේවි.

    (මෑත කාලයේ වගේ ඒ කාලයේත් රෙදිපිලි හිඟයක් තියෙන්න ඇති)

    ReplyDelete
  8. ඉතා වැදගත් තොරතුරු සමූහයක් රසවත්ව අපිට දුන්නාට බොහොම ස්තුතියි , ලිපිය කියවත්දි හරියට ඇත්තටම කළාගාරයේ සිටිනවා වගේ දැනෙන තරමට ලිපිය තාත්විකයි ..

    ReplyDelete
  9. අපේ එකී නම් තාත්තගේ මූණ බලලා තරහ ගිහින් ඉන්න බව දැක්කොත්, තාත්ත බනින විදිහට එයාම එයාට බැන ගන්නවා. එතකොට මගේ ගෝරනාඩුවක බර ටිකක් එයාගේ හිතෙන් ලිහිල් වෙනවා වගේම, මට ආපු කේන්තියත් පහ වෙලා යනවා. අපට හිනා අන්තිමට.

    බනී මෝනා ට බැන්නෙත් අම්මගේ කේන්තිය වෙනුවට පුංචි සිනහවක් නංවන්න වෙන්න ඇති. පුංචි ට්‍රික් එකක්.

    මේ කෙල්ලන්ගේ පැහිච්ච වැඩ. කොල්ලෝ [පොඩි එවුන්] මෙච්චර කට්ට නැහැ කියා මට හිතෙන්නේ.

    ඩාවින්සි කෝඩය කියවා ඇති නේද කට්ටිය? අපිත් දිව්වා ඒ කාලේ ඕකේ කොරිඩෝර් දිගේ පන බේරාගෙන. පින්තුරත් බැලුව - හැබැයි ලස්සනට වඩා සැඟවුණු කරුණු.

    "ප්‍රන්සක්කාරියක්" [උපතින් නොවේ] එක්ක ජීවත් වෙන මට නම් ඔය තිත් කොමා එහෙම ගැන කිසි බයක් නැහැ. දිව කොරවෙන වචන ඇහිලා කන හුරුයි [කරුමෙට මට තවම බැරි උනානේ පේලියක් වත් ලියන හැටි ඉගෙන ගන්න]. පෙන්නන්නම් අද රෑට මේ පොස්ට් එක.

    ලූවරයට එක්ක ගියාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. 1996 තමයි දැක්කේ එත් කෙටි කාලයකින් බලපු නිසා හරියට අගේ කරන්න බැරි උනා.

    ReplyDelete
  11. @ගිම්හානි
    ස්තුතියි නංගි..දැන් ලෝකේ කුඩායි ..සමහරවිට ඔයාටත් යන්න ලැබෙයි .

    @ සෝඩා ගුණේ
    කළා කෘතියක් ඒ ලෙසම රස විඳින්න හැකියාවත් එක්තරා විදියක හික්මීමක් .

    @චතුරංග ..
    ඔව් මල්ලි ලස්සන කොයි දේටත් ආසයි . මේ බනියා අක්ක වගේ නෙමේ ටිකක් දඟකාරය . ඒ වගේම තමයි අයිතිවාසිකම් ඉල්ලන්නෙත් . මොනවා හරි දෙනවා නම් ඇහින් දශම ස්ථාන දහයකට විතර මනාල බලනවා . මටත් මතක නැහැ මොකක්ද කලේ කියල . හැබැයි අපිට වැඩිපුරම විහිලු සපයන්නේ එයා .
    @ ගල්මල්
    ස්තුතුයි ..ඩීන් හැමදාම වගේ අපි දන්නෙම නැති දේවල් සොයල කියනවට .

    @ දිනේෂ්
    ස්තුතියි දිනේෂ් ..

    @ ස්තුතියි මහේෂ් ..ඔබ රසයක් වින්දා නම් එය මගේ සතුට

    @ සුජීව ..

    ආයිත් අහල . විනාඩි දෙකෙන් පස්සෙන් ඇවිත් උම්මා දෙනවා කොච්චර තරහ වුනත් . ''ඔයාට ඕනෑම නම් මන් අයි යාලු වෙන්නම්'' කියල තමයි ලඟට එන්නේ . ඔයාට පැරිසියේ කලක් ඉන්න ලැබුනද . අපේ ලොක්කිත් ප්‍රංශ තමයි අමතර බසකට කරන්නේ . තාත්ත නම් කියන්නේ මැන්ඩරින් ඊට වඩා වටියි කියලයි මේ යන රේට් එකට .

    @ සරත්
    ඇත්ත අපිට වුනත් ටිකක් ඇවිදිද්දී හරි මහන්සියි . අනික ටිකක් කියවල යන්නත් බැරි වුන එක ලොකු පාඩුවක් වුනා

    ReplyDelete
  12. @ සුජීව ,.

    එක ටුවර් පැකේජ් එකක් තියෙනවා ඔය ඩා වින්සි කෝඩ් එකේ කියන තැන වලට එක්ක යන

    ReplyDelete
  13. වීනස් දෙව් දුව [ අපි වීනස් දෙව්දුවය කිව්වට උන්දැගෙ නම ඇෆ්‍රොඩයිටී මහිතෙ ] දැක්කෙ නැත්ද...

    උන්දැත් එහේ නේද ඉන්නෙ..

    ReplyDelete
  14. [[ඔයාට පැරිසියේ කලක් ඉන්න ලැබුනද]]

    නැහැනේ.

    මට යන්න ආසාවක් තියෙනවා. කවදා චාන්ස් එකක් ලැබෙයිද දන්නේ නැහැ.

    [ගෙදර ඉන්න ප්‍රංශ ඉගෙන ගන්න / උන්ගන්වන කෙනෙක් මිස උපතින් ප්‍රංශ කාරියක් නොවේ]

    ReplyDelete
  15. ලස්සන පින්තූර ටික. ස්තූතියි අපිට තොරතුරු කිව්වට. මේ කලාකෘති වල ඡායාරූප ගන්න මොනවත් බාධාවක් නැද්ද ? නිදහසේ ඡායාරූප ගන්න පුලුවන්ද ?

    ReplyDelete
  16. ඇඹුල් අනේ.....

    හිටුකො, මමත් ලොකු වුණහම යනවා.

    සභ්‍යත්වය බල්ලට දාලා ඔන්නොහෙ දාන්න ඉතුරු ටිකත්. කොහොමත් මෙහෙ සභ්‍යත්වෙ තියෙන්නෙ වචනවල විතරයි. නැද්ද ගමනෙදි සිදුවුණු වෙනත් රසබර තොරතුරු එහෙම? ඔය වගෙ තැන්වලට යන්න ඕන හොඳට වෙලාව ගත කරන්න බලාගෙන.

    ReplyDelete
  17. @ සුජීව

    අහන්නත් සන්තෝෂයි . එහෙනම් දු පොඩ්ඩට තව භාෂාවක් ඉගෙනගන්න පුළුවන්.

    @ සපතේරු උන්නැහේ

    ඔව් ඔව් එයත් හිටිය . මට පින්තුරයක් නම් ගන්න බැරි වෙලා . කොහෙද කකුල් රිදෙන ආච්චිලා නේ අපි එක්ක ගියේ .

    @ නලිනි ..
    ඔව් අනේ අපිත් ගියේ ලොකු වෙලා තමයි. ඇත්ත තමයි මේවා හොඳට කියවල ගිහින් දවස් දෙක තුනක් බලන්න වටිනා දේවල් . හැබැයි පුතෝ මුකුත් නිකන් හෙම නැහැ .. මාස ගණන් ඉන්න නම් ඉතින් අඳුරන කෙනෙක් නවාතැන් සපයනවා නම් හොඳයි . ප්‍රංශ යාළුවො හිටියට ආසියාතිකයෝ වගේ නෙමේ නේ . වෙලාවල් නියම කරගෙන යාළුවො හම්බවෙන්නේ . අපි වගේ හායි ගාල ඕන වෙලාවක ගෙවල් වලට වදින ප්‍රියමනාප ජාතියක් නම් නෙමේ . ඔව් ඉතින් අපි ඔය බ්ලොගර්ස් සංගමේ නැති හින්ද මොකෙන් කියල කපල දාන්නද . ලාංකීය බ්ලොග් කියවනයයි යි හත්මාලුවයි විතරනේ අපිව ගත්තේ . අනික් එව්වට මන් ඉල්ලුවේ නැහැ . අනික මන් ඇන්ද එව්වය .
    @ ලකී
    පින්තුර ගන්න ප්‍රශ්නයක් නැහැ . ෆ්ලෑෂ් ලයිට් නැතුව හැබැයි .

    ReplyDelete
  18. උපුල් නුවන් විදහා සිනාසුනු මොනාලිසා .......

    http://www.youtube.com/watch?v=Zk7tFPCtAa4&feature=related

    ReplyDelete
  19. /මන් දන්නවා ගොඩක් නංගිලා මල්ලිලා අන්තර්ජාලගතවෙන්නේ බොහොම අවම වේගයක් යටතේ . ඉතින් පින්තුර වැඩි වෙනකොට බලන්න අපහසුතා ඇතිවෙන්න හැකි./

    බින්දි මේ ප්‍රශ්ණයට (මාත් මේ කාරණය ගැන බොහෝ දුරට උනන්දුවෙනවා) පිළියමක් හැටියට පිංතූර එකතුව ස්ලයිඩ්-ෂෝ එකක් හැටියට සකසන්න පුලුවන්. තවද පිංතූර ගැන සඳහන් වූ සංස්කෘතික සීමාව පිළිබඳවත් එය පහසුවක් වේවි.

    ස්ලයිඩ්-ෂෝ එකක් සකසන අන්දම පියවරෙන් පියවර කියලා දෙන්න පුලුවන්. නොමිලේ ලබාගත හැකි Slide Share සේවාව හොඳටම ප්‍රමාණවත්.

    ReplyDelete
  20. උපුල් නුවන් විදහා ඇය සිනාසුණා...:)

    ReplyDelete
  21. @සපතේරු උන්නැහේ,

    උන්දැගෙ නම වීනස් තමා, වීනස් ඩි මේලෝ.. ඇෆ්‍රොඩයිටී කියන්නෙ ග්‍රීක් වර්ෂන් එකේ දෙවඟන නේ.. වීනස් කියන්නෙ රෝමන් වර්ෂන් එක.. :)

    ReplyDelete
  22. අර අපායෙන් ආව නිරුපිකාවෝ නම් අනේ මන්ද... ඕක ඉතින් රුසියාවටත් වඩා ලොකුයිලු නේ.... නරකද ඉදලහිටල වත් ජිම් එකක් පැත්තේ ගියොත්?? :D

    ReplyDelete
  23. හරිම ලස්සනයි , මම නම් හොඳට රස වින්දා. අනෙක් ටිකත් දැම්ම නම් වටිනවා. මාත් හරිම ආසයි මෝනා ලිසා චිත්‍රයට. ඒත් තාම ලබා ගැනීමේ වාසනාව ලැබුනේ නෑ. බනියගෙ හුරතල් වලට හිනාත් යනවා. අපේ නංගිගෙ පොඩි පැටික්කිත් මේ බනිය වගේ. මැලේශියන් නේ. නමත් බනී. ඒයාටත් අක්කියෙක් තමයි ඉන්නෙ. නංගි සැර කරන්න හදන කොටම එයා නංගිට කලින්ම වෙන භාෂාවකින් බනින්න ගන්නවලු. ඉතින් ආයෙ බනියට බනින්න නෙමෙයි හිනා වෙන්නනෙ වෙන්නෙ. දෙන්නම දවසක එකතු කරමු අපි. බින්දි නංගි, මම ඔයාට පොත පොස්ට්කලා ගිය සතියේ. එය ලැබුනම දන්වන්න මට. මේ පොස්ට් එක හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  24. කොච්චර වාසනාවක්ද එහෙම යන්න ලැබිච්ච එකත්. ආස හිතෙනවා.

    ReplyDelete
  25. මුලින්ම කියන්න ඕන බනියා අංක එක නෙවෙයි කියන එක..ඉස්සර අපේ දෙවෙනි මහප්පලගේ ගෙදරත් තිබුනා ඔය කියන පින්තූරයක්.. මට පේන්න බැහැ..හෙන මුස්පේන්තුපාටයි..මං ඒත් ඒ දවස්වල කල්පනා කලා මොකටද මේ ‍මූසල ගෑනිගේ ‍පින්තූරයක් එල්ලං ඉන්නේ කියලා...

    ඒක ගෙනාවේ මගේ හිතේ ලොකු අක්කා..උන්දෑනං දැන් කැනඩාවේ පදිංචිය..මං ඉතිං උන්දැට කොච්චර ලෙන්ගතු උනත් ඔය මොනාලිසා හින්දා උන්දැටත් බැන්නා..ඒත් හිතිං විතරයි...පව්නේ අක්කා...

    පස්සේ කාලෙකනේ දැන ගත්තේ මේක මේ හුග දෙනෙක් ආසා කරන.ලියනාඩෝ උන්නැහේගේ වැඩක් කියලා...

    අර චිත්‍රේ ආරස්සාව ගැන කියපුවම මට මතක් උනේ මිස්ටර් බීන් ඉන්න චිත්තර පටියක්...අම්මපා ඔය චිත්‍රෙත් එහෙම එකක්ද දන්නේ නැහැ.

    බින්දි කරුණාකරලා SBU එකට ඉල්ලුම් කරන්න.ඔයා ඒකේ ඉන්න ඕන කෙනෙක්. ඉල්ලුං කරලා පොඩ්ඩක් මට දැනුං දුන්නනං මං බලන්නං දන්න කෙනෙක් හරහා වැඩේ කරලා දෙන්න.

    ReplyDelete
  26. @ පොත් ගුල්ලා ..
    ස්තුතියි ලින්ක් එකට . මමත් හරි ආස ගීයක් . චිත්‍රපටයත් බලල තියෙනවා .
    @ සෝඩා ගුනේ ..
    යන්න ඕන . කොහෙද උපන් කම්මැලි කමක් තියෙනව ඔය ජිම් එක ගැන . මන් කැමති ඇවිදින්න . කිව්වට මොකද මමත් ඉස්සර අපායෙන් ආපු කාන්ඩේට තමයි අයිති වෙලා හිටියේ . පාරේදී දැක්කම මල්ටි විටමින් අරන් දෙන්න හිතෙන සයිස් . දැන් වුනත් කලබල විය යුතු මට්ටමට ඇවිත් නැහැ .
    @පිණි බිඳු..
    ඇත්තමයි අවන්කවම මමත් වාසනාවක් කියල හිතනවා .

    @ මාරයා
    ඔන්න බනියගේ මාමා කෙනෙක් . ඇත්තටම වටිනාකම අනුව මිසක් ලස්සන අතින් නම් මොනාලිසාව පරදන චිත්‍ර ගොඩක් තිබුන .
    SBU එකට දෙපාරක්ම ඉල්ලුම් කලා. අනේ මන්ද හාද බෑද කියලවත් කිව්වේ නැහැ . මන් හිතුවේ අලුත් වැඩි ඇති කියල . ඔයාලගේ උදව්වෙන් ගොඩක් දෙනෙක් ආව නිසා මම වැඩිය ඒ ගැන හිතන්නේනැහැ . හිතේ සතුටට පටන් ගත්ත දේනේ . ඔව්වට තරහ මරහ වෙන්නේ මොකටද . එයාලටත් සීමාවන් ඇතිනේ .අනික දැන් දැන් මුණු පොතේ පිටුවකුත් තියෙනවනේ . ඒක නම් හරිම හොඳ වැඩක් . හැබැයි ඉතින් SBU එකේ නැහැ කියන්නේ ළමය ඉස්කෝලේ ගියේ නැහැ වගේ තමයි. පුළුවන් නම් මේ ලමයවත් ගන්න කියන්නකෝ .

    @චන්දි..
    අනේ ඇත්තද වැඩි ඈතක නෙමේනේ . අක්ක අනික් පොස්ට් එකේ දාපු කමෙන්ට් එකත් දැක්කා . ඔයාගේ පවුල ලෝකේ පුරාම විසිරිලා . කොච්චර හොඳද . කොයි පැත්තට ගියත් නෑයෝ. මන් ආයේ යනවනම් අක්කට කියන්නම් . ඊළඟ පාර KL වලින් ඈත බලන්න යන්න ඕන . ලස්සන දුපත් හෙම තියෙනවලු නේද .
    ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද අක්කේ . පොත ලැබුන වහාම දන්වන්නම් .

    @ චේජනා ..
    ලඳකි වාසනා ..නම මොනාලිසා

    ReplyDelete
  27. @ ගල් මල් .

    අන්න හොඳ විසදුමක්‌. කැමතියි කැමතියි . ඔයාගේ ස්ලයිඩ් ෂෝ හරිම අපුරුයි. කොහොමද ඉගෙන ගන්නේ . ගල් මල් පිටුවේ පාඩමක් තියෙනවද

    ReplyDelete
  28. අනිවා අපි බලමු ළමයා මොට්ට සෝරිවත් දාන්න..

    ReplyDelete
  29. හරි..පොතේ හැටියට අද හවස් අතේ නැත්තං හෙට උදේ වෙනකොට වැඩේ කෙරිලා තියෙයි..පොඩ්ඩක් විපරං කොරලා බලන්ට

    ReplyDelete
  30. @ මාරයා

    ගොඩක් ස්තුතියි ..ඔන්න බ්ලොග් කලාවෙන් ඉතුරු වෙන ධනය ..හොඳ මිතුරන්

    ReplyDelete
  31. ස්ලයිඩ්-ෂෝ සැකසීම හරිම සරළයි, පහසුයි.

    පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්, වර්ඩ් හෝ pdf ෆයිල් එකක් Slide Share හි upload කර ස්ලයිඩ්-ෂෝ එකක් ඉදිරිපත් කරන්න පුලුවන්. ඒ ෆයිල් එක upload කරනවිට කිසියම් convert කිරීමකට බඳුන් වෙනවා. ෆයිල් එකේ යුනිකෝඩ් ෆොන්ට් යොදාගෙන ඇතිනම් ඒ කන්වර්ට් කිරීම හරියට් සිදුවෙන්නේ නැහැ. ඊට පිලියමක් හැටියට මං work around ක්‍රමයක් අනුගමනය කරනවා.

    1. ෆොටෝ හා විස්තර සිංහලින් සකසා ගැනීම: මෙ සඳහා ගල්මල් අඩවියේ පවර්පොයින්ට් ලේබලය යටතේ ඇති ටියුටෝරියල් අනුගමනය කරීමෙන් පවර්පොයින්ට් ප්‍රසෙන්ටේෂනයක් සැකසන්න පුලුවන් වේ. එහි "1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම" මේ කාර්යයට වඩාත් අදාලය. සකස් කල ප්‍රසෙන්ටෙෂනය .jpg හෝ .png හැටියට සකසන්න. මේ අනුව සම්පූර්ණ ප්‍රෙසන්ටේෂනය ග්‍රැෆික් හැටියට කන්වර්ට් කෙරේ.

    2. ඒ ග්‍රැෆික් යොදාගෙන අනික් පියවරයන් කිරීම විස්තර කරන්නම් පසුව.

    බින්දි, ටියුටෝරියල් ඔන්ලයි වගේම pdf හැටියට download කරන්නත් පුලුවන්.

    පලමු පියවර සූදානම් කිරීමේ දී ප්‍රශ්ණයක් මතු වුවහොත් කියන්න උදව් කරන්නම්.

    (වරක් මේ විස්තර ඔක්කෝම ටයිප් කරාට පසුව බ්ලොගර් උන්නාන්සේ විරසක වුනා නොවැ.)

    ReplyDelete
  32. ගොඩක් ස්තුතියි ඩීන් අය්ය. වැඩේ පටන් ගෙන ගැටළුවක් ආවොත් මේල් එකක් එවන්නම්. කලිනුත් පවර් පොයින්ට් ගැන කිව්වට ටිකක් කම්මැලි වුනා අත ගහන්න.. දැන් නම් පටන් ගන්නම ඕන.

    ReplyDelete
  33. ඔතන තියන පිරමීඩ් එක ඩාචින්චි කෝඩ් ‍ෆිල්ම් එකේ එහෙම තිබුන නේද?

    අනේ ඔය හෙලුවැලි පින්තූර ටිකත් දාන්නකො. මෙහේ නෑ නොවැ ඒව. හරි සඟිස්කුරුතිය නෙව මෙහේ.....

    ReplyDelete
  34. ඔන්න බින්දි අද උදේ සිට SBU එකේ වැජඹෙනවා..දැන් ඉතිං අළුතින් මොනවා හරි ලියලා එහෙම ඒ පැත්තේ ගෙහුන් බලන්ටකෝ බැබලි බැබලි ඉන්න උජාරුව...

    ReplyDelete
  35. විස්තර කියවද්දි ආස හිතුනා. ඒත් ඉතින් සියසින් මේ අත්මෙදි දැක ගන්න හම්බවෙන එකක් නම් නෑ මයෙ හිතේ.

    ReplyDelete
  36. @ මාරයා

    තැන්කියු තැන්කියු...හෙට විතර අලුත් පොස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ . ඔන්න බලන්න අපේ බනිලගේ තාත්ත කියා කියා උන්නේ අපෝ වැඩක් නැහැ SBU එකටවත් ගත්තේ නැහැනේ කියල .

    @නවම්

    මේ ඩීන් අය්යගෙ පාඩමට අනුව ස්ලයිඩ් ෂෝ එක ඉගෙන ගත්ත ගමන් දානවා.

    @ බට්ටි

    අය්යෝ තාම පොඩි බට්ටියෙක්නේ . නලිනි වගේ ලොකු වෙලා යනවමයි කියල හිතා ගන්න . මමත් හීනෙන්වත් හිතන් හිටියේ නැහැ .

    ReplyDelete
  37. ආ මොනා....... එයා හරිම ගුප්තයිනේ අක්කා. මං අහලා තියනවා ගෙවල් වල එල්ලන්න හොඳ නෑ කියලා. (ඕවා ඉතින් අසත්‍ය කතා නො...... හොඳ නොහොඳ අපේ හිතේ නො.....)

    ඔය මොනා...... අවසන් රාත්‍රී භෝජනය වගේ චිත්‍ර වලට මී මී මී මුතු අන්කල් ඩාවින්චි මහතාට ඕලෙවල් කාලෙ නම් හචින් යන්නැති එක්කෝටි ගානට අපේ චිත්‍ර කරපු යාළුවෝ අම්මා මුත්තගේ ඉඳන් මතක් කල හැටියට. හික්ස්......

    ඔය ප්‍රංස බස මාත් ඒකාලේ ඉගෙන ගත්තා. දැන් නම් මතක නැ. අපිත් ඉතින් හීනෙන් මිසක් හැබැහින් කොහේ ඔහේ යන්නදැ. එහෙව් එකේ තවතවත් රට රාජ්‍ය වල ඔය වගේ තැන් අපිට පෙන්නන්න බින්දි අක්කට වාසනාව ශක්තිය ධෛර්ය්‍ය එක්ක අයියා ගානේ චාරිකා ලැබේවා.......!!!! කියලා පතනවා. (මෙහ් අයියා සැර හෙම නෑනේ????) :)

    ReplyDelete
  38. @ හාවී

    කාලෙකින් නේද .පෝස්ට් එකක් දැක්කෙත් නැහැ . මොකෝ හාවා එපා කිව්වද . ඔයාට මොන බ්ලොග්ද . අපි මේ උඳුපියලිය ටිකක් කාල ගුලට වෙලා ඉමු කිව්වද .

    අනේ මන්ද ඉස්සර අර අඬන ළමයාගේ පින්තුරය ගෙදර ගහන් ඉඳල හැමෝම කිව්වා ඕක හොඳ නැහැ කියල . මන් නම් ඉතින් ඔව්ව එච්චර ගණන් ගන්නේ නැහැ .

    අය්යද වස නැහැ . හැබැයි කාටවත් බය හෙම නැහැ . [මේ මටවත් ] අපි ඉතින් අර හැට හතර දන්නා හින්ද ශේප් . මේ ලෝකේ දෙන්නෙක්ට බයයි එයා . දන්නවනේ කවුද කියල .

    ReplyDelete
  39. මටත් ඩාවින්සි කෝඩ් මතක් වුන පොස්ට් එක කියවනකොට. ඔය පැත්තේ යන්ඩ කියල තමයි හිතන් ඉන්නේ. කොහෙද හැම නිවාඩුවටම ලංකාවට යන්ඩ ඕනේ වෙනවනේ මොකක් හරි හින්ද. බොහොම ස්තුත්යි බින්දී තොරතුරු වලටත් ඒ පැත්තේ යාමේ ආසාව අලුත් කලාටත්

    ReplyDelete
  40. [[මේ ලෝකේ දෙන්නෙක්ට බයයි එයා]]

    Resonance කියන්නේ අනික් දෙමව්පියන් මෙහෙම ලියන කොට මගේ හිතට එන හැගීම වෙන්න ඇති.

    [[මොනා]]

    ඩා වින්සි කෝඩයේ හැටියට ඔය ඉන්නේ ගැහැණු වෙස් ගත් ඩාවින්සි මයි. දැන් අහන්න එපා ඇන්දේ කොහොමද කියලා. කොහොමත් බ්‍රවුන් කාරයා ලෝක බොරු කාරයෙක්. හැබැයි අති දක්ෂ කතන්දර කාරයෙක්.

    ReplyDelete
  41. @කොකා-කතන්දරකාරයෝ කොහොමත් බොරුකාරයෝය.

    ReplyDelete
  42. මතු යම් දවසක යුරෝපයට යන්න වීසාවක් ලැබුනොත් ප්‍රංසයත් මගේ අනාගත දේශාටන ලැයිස්තුවේ ඉහලින් තියෙනවා. දැම්ම ඉඳන් සල්ලි ටිකක් එකතුකරගෙන සිස්සත්තයක් හදාගෙන වීසාවක් ගත්තොත් යුරෝපයේ ගොඩක් කටුගෙවල් බලන්න පුලුවනි .ඉගෙන ගන්න උදවියට මේ කටුගෙවල් නොමිලෙ එහෙම නැත්නම් අඩු මිලට බලන්න දෙනව කියල ට්‍රැවල් මැගසින් එකක දැක්ක .ඒ මැගසින් එකෙ කියල තිබුනේ ස්ටුඩන්ට් වීසාවකින් අඩු මිලට ලෝකෙ වටේ යන්න පුලුවන් විදිය .ඔහොම තමයි මම යුරෝපෙට යන්න්න හිතන් ඉන්නෙ .
    හීන හීන මතුයම් දවසක් වෙනුවෙන් හීන

    ReplyDelete
  43. @ චන්දි..
    ස්තුතියි චන්දි .යනකොට කියන්නකෝ . අත්දැකීම් ටිකක් කියන්නම් .

    @ සුජීව ..
    ඔයා නම් බය එක්කෙනාටයිනේ . මොකෝ අපේ කවි මුතු අප්ඩේට් නොවෙන්නේ . මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද . නෙලුම් විලේ සයිඩ් බාර් එකේ එන්නේ පරණ ''කනයා' පෝස්ට් එක තවම . මම අද කවි පෙළක් දැම්ම . එතකොටයි දැක්කේ තව කවි පන්ති දෙකක්ම ලියවිලා බව . අනික ලින්ක් එක මුණු පොතට දාන්නත් බැහැ. පොඩ්ඩක් සොයා බලනවද .'

    ReplyDelete
  44. @ TG
    ඔන්න පොසිටිව් තින්කින්ග් . එහෙම තමයි ඉන්න ඕන . ඇත්ත හැම තැනම ස්ටුඩන්ට් ලට ඩිස්කවුන්ට් තිබුන .

    ReplyDelete
  45. බින්දිට කියන්නත් ලැජ්ජයි වගේ. මම ඔය පොඩි කාලේ ලුව්‍රේ ගිහින් තිබුනේ ඇත්තටම අර කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන මියුසියම් එක පුරා ඇවිදින්න විතරයි.
    පස්සේ කාලෙක නම් ඔන්න දවස් දෙකක්ම පැල් බැදගෙන එකින් එකට චිත්‍ර බැලුවා.

    ReplyDelete
  46. [[@කොකා-කතන්දරකාරයෝ කොහොමත් බොරුකාරයෝය]]

    ගවයා පසුපස එන රිය සක මෙන් කතන්දරකාරයා පසු පස ඇනොවෙක් එලවයි. මේක දැක්කොත් ඩැන් බ්‍රවුන් කාරයා හය වෙනි පොත ලියනු ඇත්තේ ඇනොවා හා කතන්දර පිළිබඳවයි.

    @බින්දී;

    අනේ ඔය හදිස්සියට කවි පොඩ්ඩක් ලියා ගත්තට බ්ලොග් ඇඩ්මින් නම් මට තේරෙන්නේ නැතෝ. අසංක ට තමයි කියන්නෝනේ.

    ReplyDelete
  47. @ටීජී

    අප්පේ ඇති යන්තම්.

    ඔයා ඔස්ලෝ ගියානම් මියුසියම් වලින් එලියට ගන්න බැරිවෙයි. පිස්සු ලෝකයක්. මට ඔක්කොම කවර් කරන්න බැරි උනා. Tapestry වලටම වෙනම මියුසියම් එකක් ඇති බව දැක්කේ එන්න ටික දොහකට කලින්. Kontiki හා Fram මියුසියම් එහෙමත් වෙනම කියවන්න වටින කතා.

    ඔන්න වැඩිය කාටවත් කියන්න එපා. උසස් අධ්‍යාපනයට සෙට් වෙන්න මටත් ආසා හිතුන එක [සයිඩ්] හේතුවක් තමා මේ ඇවිදිල්ල. මගෙත් අංක එක යුරෝපය තමයි. ලෝකයේ සංස්කෘතික ඩේන්සිටි එක වැඩිම එහෙ.

    ඉස්සර මං ඉගෙන ගන්න කාලේ සිහින දෙකක් තිබ්බ. මුල් සිහිනය තමයි ගොඩක් ආදරය කරන කෙනෙක් හමුවී [ඒ කාලේ බූල් බල්ලෙක් හිටියේ නැහැ] පුංචි එකෙක්/එවුන් හදාගෙන ජොලියේ ඉන්න එක [බඳිනවා වගේ මොංගල් වචන ඉවත් කරමු]. මට ඕක ෂුවර් තිබ්බේ නැහැ. සැලසුම් චුට්ටක් හරි ගැස්සුනොත් ප්ලෑන් බී තමයි අර ක්වායි චෑන් කේන් වගේ [මාෂල් ආට් අමතක කලොත්] තැනින් තැන දෙශාටනය. කළු සුදු ටීවී එකේ බැලුවාට ඔය යෝදයා මගේ ඔලුවේ තවමත් හොල්මන් කරනවා.

    මට හම්බු වුනා පොරක් ඌ රටවල් 38 කට ගිහින් තියෙනවා. ගිහින් කියන්නේ නිවාඩුවට නොවේ. ඒ හැම රටකම හැම වැදගත් තැනක ම ගිහින් තියෙනවා මොකද පොර ඉන්නේ මාස ගණනක්. සතයක් එකතු කරලා නොවේ. තනිකර ඒ ගිය රටෙන් ජොබ් එකක් හොයා ගෙන. මිනිහා නොකරපු රස්සාවකුත් නැහැ. 40ස් ගණන වලදී පොරට වෙනස් වෙන්න හිතිලා තමයි මව රටට ඇවිත් කසාදෙකුත් බැඳගෙන බබෙකුත් හදා ගෙන අපේ කැම්පස් එකේ උපාධියක්‌ කරන්න ආවේ.

    මං හිතන් උන්නේ පළමු සිහිනය බිඳ වැටුනොත් සිරාවට ම ඇවිදින්න. ඇත්තටම ප්ලෑන් බී ස්ටාර්ට් කරාටත් පස්සෙයි ප්ලෑන් ඒ ෆයර් වුනේ. :) තව පොඩ්ඩෙන් මං ගියා.

    දැන් මං ප්ලෑන් ඒ වලින් අතිශයින් ම සතුටින් ඉන්නවා. ප්ලෑන් ඒ එක්ක එකතු වෙලා හැකි තරම් ඇවිදීමයි මගේ ආසාව [whatever remains in plan B]. පොඩිත්තිය වැඩේට දාපු කොක්ක ඉවර වෙලා දැන් එයා තමයි ට්‍රිප් කැප්ටන්. අපි ඉදිරියට බලමු ඉතින්.

    ReplyDelete
  48. @TG,

    පුරංසෙට විතරද, ඇයි මේ පැත්තෙ එන්න අදහසක් නැත..??

    @සුජීව,

    ඕකට තමා බං කියන්නෙ දයිව-යෝගය කියලා.. :D

    ReplyDelete
  49. @බුරෝ;

    ඔය පැත්ත කිව්වේ කොයි පැත්ත ද?

    දෙවියන් වහන්සේ ඩේලි බ්‍රෙඩ් දීම නතර කිරීම නිසා කඩ කඩාගෙන කන්නන්ගේ දේශයද?

    [[ඕකට තමා බං කියන්නෙ දයිව-යෝගය කියලා]]

    වික්ටර් නේ බං. :)

    ඔව්වොව්වොව් නැතුව නැතුව.

    ReplyDelete
  50. ඔවු ඔවු, ඒ පැත්ත තමා..

    කැමරන් උන්නැහැගෙ ආණ්ඩුව‍ට මේ දවස්සොල අපලයි.. :)

    ReplyDelete
  51. ඇයි එලිසබත් ආච්චි බකිංහම් එකේ උඩට නැගල ''පාන් නැත්නම් කේක් කාපන් '' කිව්වේ නැත්ද . පැණි වරක ගස් වලටත් හෙන ගහනවලු . දැන් බලමුකෝ උන්දලා මානව හිමිකම් රකින හැටි .

    ReplyDelete
  52. බූරා

    ඔය පැත්ත ගැන තමයි වැඩිපුරම හිත නැත්තං ඉතින් යැංකි රටට හරි මැල්බෝං හන්දියට හරි යනවා . තාම ඉතින් ඕව හරියටම කියන්න බෑ රාලේ . ඒත් කවදහරි ඔය කිව්ව දිහාවකට ගිහින් දන්න කියන කරුමාන්තයක් කොරගෙන ඉගනෙගෙන දැහැමෙන් සෙමෙන් ඉන්න තමා බලාපොරොත්තුව .

    @සුජීව

    මම හිතං ඉන්නෙ ප්ලැන් A වතුරෙ ගියොත් ඔය කියල තියෙන දීපංකරේක ඉන්න කලු/සුදු උන්දැකෙනෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් ප්ලෑනක් ගහල ලෝකෙ වටේ බලන්න රවුම් ගහන්න . හික්ස්

    ReplyDelete
  53. @ටීජී

    [[මම හිතං ඉන්නෙ ප්ලැන් A වතුරෙ ගියොත් ඔය කියල තියෙන දීපංකරේක ඉන්න කලු/සුදු උන්දැකෙනෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් ප්ලෑනක් ගහල]]

    ඔයාට ඇත්තම කියනවා නම් මගේ ප්ලෑන් බී එකේ එහෙම එක්කෙනෙක් කියලා මාක් කොරලා තිබ්බේ වත් නැහැ. මං ඒකට කිව්වේ "Until the right one is met..." කියලා. ඕක එක්ක "Been there done that" කියන ෆුට් නෝට් එකත් දාන්න මං අමතක කලේ නැහැ. [ලොකු ටෝක් - හුදෙක් ටෝක් පමණි]

    ඇත්තෙන්ම ඔය වගේ දෙයක් කලත් මගේ ඇවිදින සැලසුම අවුල් යන්න ඉඩ තිබ්බ නිසයි එහෙම හිතුවේ. අනික වැරදි මනුස්සය එක්ක ඉන්නවට වඩා බැඳීම් නැති ජීවිතේ හොඳයි කියල හිතාන හිටියේ.

    ලංකාවට ඇවිත් සුනේත්‍රාගේ ප්‍රේම පුරාණේ කියෙව්වම පොඩි රෙසොනන්ස් එකක් උනා. හැබැයි මට ඒ පොත දුන්නේ ප්ලෑන් ඒ. :)

    ටීජී ට ජය.

    ReplyDelete
  54. අපිත් ලඟදිම ලොකු ලමයි වෙන්ටයි යන්නේ. එකම ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ කාලෙටම බූරාත් ලොකු ලමයෙක් වෙයිද කියන එක...:D

    ReplyDelete
  55. අනේ බොරු කියන්ඩ ඕනෙ නෑ මට නං ඔය මොනාලිසා ගැන කට්ටිය ඔච්චර මැරෙන්නෙ මොකෝ කියල තේරෙන්නෙ නෑ. ඔයා දකින්න ඇතිනෙ ඕකෙ ෆොටෝ ගන්න කට්ටිය දඟලන දැඟලිල්ල. අන්තිමට එකක්වත් හරියට වැදිල නෑ. අම්මප මටත් තිබ්බ ප්‍රශ්නෙ තමයි ඇයි මේ ඔක්කොම ප්‍රතිමා හෙළුවෙන් ඉන්නෙ කියන එක. අර කිව්වත් වගේ ඒ කාලෙ සුපර් මොඩල්ස් ල හොඳට කාල බීල හිටපු කට්ටිය වගේ. දැන් කාලෙ එවුන් දැක්කම හිතෙනව කන්න මුකුත් දෙන්නද කියල අහන්ඩ.

    ReplyDelete
  56. @බින්දි,

    බම්බු මානව හිමිකම්.. මෙන්න බලාන්ට කැමරන් උන්නැහැගෙම වචන..

    // He matched his actions with equally robust words, saying the courts should jail anyone convicted of violent disorder and insisting "phoney human rights" should not be allowed to get in the way of identifying and bringing to justice anyone involved in the violence //

    @සුජීව,

    // ලංකාවට ඇවිත් සුනේත්‍රාගේ ප්‍රේම පුරාණේ කියෙව්වම පොඩි රෙසොනන්ස් එකක් උනා. හැබැයි මට ඒ පොත දුන්නේ ප්ලෑන් ඒ. //

    ප්ලෑන් ඒ මාර ප්ලෑනක් නෙව ගහලා තියෙන්නෙ.. එයා පොත දැම්ම-උඹ අහුවුනා.. මේක දයිව-යෝගය නෙවෙයි බොල දයිව-විපාකය.. :D

    @පොකු,

    හරි නරක ළමයි වගයක් මේ පැත්තෙ එන්ට තනනවලු.. මං මේ ලෑස්තිවෙන්නෙ ඒ දවස් ටිකේ මගාරින්ට කියලා.. :p

    ReplyDelete
  57. @පොඩ්ඩි;

    යන්තම් යුද්දේ ඉවරද? ඇත්තම කිව්වොත් දැනුයි යුද්දේ පටාන් ගන්නේ.

    @මුහුදු;

    නොර්වේ වල තියෙන ෆොග්නර්ගේ උද්‍යානයේ ප්‍රතිමා නෙලූ විග්ලන්ඩ් කාරයා ත් ඔක්කොම හදලා තියෙන්නේ නිරුවත් ප්‍රතිමා. මව් සෙනෙහස, පිය සෙනෙහස, වැඩිවිය පත් දූ වරු ඉන්න මව වගේ අය ඔක්කොම ඉන්නේ හෙලුවල්ලෙන් [ඇඟේ ප්රෝපොෂනුත් වයසට අනුව අරගෙන තියෙන්නේ].

    මං මුලින් හිතුවේ උගේ නැහැදිච්ච කම කියලා. හැබැයි පොර දෙන්නේ වෙනස් හේතුවක්.

    මිනිසුන් ඇඳුම සමග නිර්මාණය කළා නම් ඔහුගේ නිර්මාණ එක්තරා යුගයකට කොටු වෙනවලු. ඇඳුම් මෝස්තර අනුව. හැබැයි විග්ලන්ඩ් නිර්මාණ කරන්නේ සර්වකාලීන මානව සිතුම් පැතුම් හුවා දක්වන්න නිසා ඔහු නිරුවත් මිනිසුන්ගේ ප්‍රතිමා යොදා ගන්නවලු.

    හෙළුවෙන් උන්නට ඒ පින්තුරවල කිසිම අසභ්යත්වයක් තිබ්බේ නැහැ.

    [ආයිත් මට හිතෙන්නේ නොර්වේ දේශාටන කතා ටිකවත් අඩුම ගනනේ බ්ලොග් ගත විය යුතු බවයි. වෙලාව තමයි නැත්තේ.]

    ReplyDelete
  58. බුරෝ;

    ඔව් උඹලයි මහා එකා මේ දවස වල මද කිපිලා දඟලන්නේ.

    තරහ නැතුව ලින්ක් එක එවපන්. ඔව්ව මේ දවස් වල විකිනෙන නිව්ස්.

    ඌ විතරක් නොවේ. මේකත් බලපන්.

    --- Councillor Paul Andrews from Manchester City Council said: "If you are a tenant of any of our properties, and you or your children are found to be involved in the looting we will use whatever powers are available to us to make sure you are thrown out.

    "Most people who live in our properties respect their neighbours and play by the rules.

    "Those who do not, and who are found to be involved in this sickening criminal activity, could find their tenancies at risk."

    Officers from Salford and its housing provider, Salix Homes, are reviewing CCTV images to see if they can help identify offenders.

    Councillor John Merry, leader of Salford City Council, said: "Anyone who can do this to their own city is not welcome in Salford.

    Footage posted online appears to show police beating a suspect

    "We need to make sure these people understand their actions do have consequences, and the consequences for some of them could mean they lose their homes." ----

    [http://www.bbc.co.uk/news/uk-england-manchester-14478498]

    මේ කියන හැටියට පවුලක එකෙක් ගේමට සෙට් වුනානම් මුළු පවුලම ආණ්ඩුවේ ගෙදරින් දොට්ට. කොහොමද අපි කොටියෙකුව අල්ලගන්න බැරිව උගේ අම්ම අප්පා කුදලාගෙන ආවා නම්. මානව අයිතිවාසිකම් අහලා අපිට බඩේ අමාරුව හැදෙනවා. කොටින්ම ප්‍රභාකරන් ගේ අම්මගේ රයිට්ස් ගැනත් මේ ගොල්ලෝ කතා වුනේ. [මේ අයට ඇත්තටම ගරු කටයුතු රයිට්ස් තියේ. එකෙකුගේ වරදකට තවෙකකු වන්දි ගෙවන්න හොඳ නැහැ. හැබැයි එංගලන්තේ එකාලා උන්ගේ පස්ස ගිනි ගත්තම ඔය සදාචාරය අමතක කරන්නේ ඇයි?]

    [[ප්ලෑන් ඒ මාර ප්ලෑනක් නෙව ගහලා තියෙන්නෙ.. එයා පොත දැම්ම-උඹ අහුවුනා.. මේක දයිව-යෝගය නෙවෙයි බොල දයිව-විපාකය..]]

    අනේ පල යන්න. මේක දුන්නේ එෆෙයාර් එක පටන් අරන් ගොඩ කලකට පස්සේ. අනික ප්‍රේම පුරාණේ කොහෙද අහුවෙන්න දේවල් තියෙන්නේ. ඔක්කොම එව්වයෙන් රිංගලා යනවා මිසක්.

    නිකා හිටින් අපේ අහිංසක අවංක ආදරේට දෝශාභියෝග නොදා. මට දැන් උඹව පේන්නේ හන්දියේ කඩේ කඩලා බඩු මල්ලක් අරන් දුවන මුහුණ වහ ගත්තු තිහක විතර නාකි ටීනේජරයෙක් වගේ.

    ReplyDelete
  59. @සුජීව,

    මෙන්න ලින්ක් එක..

    http://www.time.com/time/world/article/0,8599,2087759,00.html

    // නිකා හිටින් අපේ අහිංසක අවංක ආදරේට දෝශාභියෝග නොදා //

    හික් හික්.. දැන් ඉතිං එහෙමවත් කියපං.. :p

    // මට දැන් උඹව පේන්නේ හන්දියේ කඩේ කඩලා බඩු මල්ලක් අරන් දුවන මුහුණ වහ ගත්තු තිහක විතර නාකි ටීනේජරයෙක් වගේ //

    අපේ ගේ පිටිපස්සෙ තියෙන්නෙ Currys Digital shop එකක්.. උඹටත් ඕන්නං කියහං, 70 inch TV එකක් එහෙම එවන්ට පුළුවං.. :)

    // හෙළුවෙන් උන්නට ඒ පින්තුරවල කිසිම අසභ්යත්වයක් තිබ්බේ නැහැ //

    සභ්‍ය-අසභ්‍ය බව තියෙන්නෙ බං බලන එකාගෙ ඇහේ.. සීගිරි චිත්‍රත් අසභ්‍යයි කියන එවුං ඉන්නවනෙ..

    ReplyDelete
  60. මෙව්වා දැක්කම මටත් කට පියන් ඉන්න බැහැ. හතුරෙක්ට වුනත් විපතක් වෙද්දී දුක තමයි. ඒත් නිකන් අපිට බණ දෙසන උන්නාන්සේලා මේ වගේ වෙලාවලදී ගන්න පියවර දිහා බලන්න නිකන් පොඩි කුතුහලයක් ඇති වෙලා නැති වෙලා යනවා .
    පොඩ්ඩි බුරා දැනටමත් ලොකු ළමයෙක් වෙන්ට ඇති . වීසා ඕනෙත් නැති එකේ උමන් කට පාස් කරන්න විතරයිනේ ඇත්තේ .
    @ මුහුදු කොල්ලකාරය
    ඔයා නොදන්නවට අනේ අපි මේ දවස්වල ඔයාට වහ වැටිලා ඉන්නේ .අපේ දිහා කාලෙන් කාලෙට විරය මාරු වෙනවා . මේ දවස් වල ජැක් ස්පැරෝ තමයි අංක එක .
    @ සුජීව .
    ඇත්තටම හොඳ තේරුමක් විග්ලන්ඩ් ගේ මතයේ තියෙනවා . ලියන්නකෝ නොර්වේ ගැන . ඒකත් අමුතු රටක් නේද .

    ReplyDelete
  61. @ සුජීව - දැන්නේ මට වැඩේ මීටර් උනේ! ඒකත් ඇත්ත. ඔය ප්‍රතිමා සදාකාලික නිර්මාණ වෙලා තියෙන්නේ ඒක තමයි එහෙනම්.

    @බුරා - අඩේ Currys Digital එකක් තියෙනව? කලින් කිව්ව නං මං උඹලටත් එක්ක හුඩීස් අරන් එනව. ගොහිල්ල iPad, xBox, Galaxy, iPhone, LED TV ඔක්කොම ගොඩ දාගෙන එන ගමන් ඔය ටි.වී. කැමරා එකකටත් ඔලුව දාල, රජයට බැනල, පවතින සමාජ ක්‍රමයට බැනල, යුනි වල ගාන වැඩි කලාට බැනල, ඒක තමයි අපි මෙහෙම කොල්ල කන්නේ කියල ලොකු ටෝක් එහෙමත් දීල එන්න තිබ්බ!

    @Bindi - එහෙනං එහෙනං ! මේ දවස් වල මගේ ජනප්‍රියත්වයට තරඟයක් තියෙන්නෙ ඔප්ටිමස් ප්‍රයිම් ගෙන් තමයි. හැබැයි ඉතින් Victori's secrets මොඩල් කෙනෙක් ෆිල්ම් එකට දැම්මත් අපේ පෙනිලොප් කෙල්ල එක්ක හැප්පෙන්ට අමාරුයි.

    ReplyDelete
  62. අප්පේ මම දැන්නෙ මේ බනී ගෙ හපන් කම කියෙව්වෙ.ඇත්ත තමයි අම්ම බනිනකොට චුට්ටක් බේරගත්තනම් මොකද නිකන් බලාගන ඉන්නෙ නැතුව. අපිටත් සීත කාලෙ තමා දිග නිවාඩුවක් ලැබෙන්නෙ. මේ දවස්වල පහුගිය කාලෙ ගත්ත නිවඩුවට වන්දි ගෙවනව :( . සීත කාලෙ උනත් කට්ටිය හොදටම ගමන රසවින්ද බවෛ පෙන්නෙ.අනේ අර සිංහය ගැනනම් හරි දුකේ බෑ.හුස්ම ගන්නත් බැරුවද කොහෙද ඉන්නෙ. බනීයි බනීගෙ අක්කයි දෙන්නම හරිම ලස්සනයි....

    ReplyDelete
  63. @ Il mondo di una povera pazza

    අපොයි තව ඩින්ගෙන් මට බුරු පැටියව මග ඇරෙනවා . අන්න හරි එහෙම තමයි හරියට උච්චාරණය කරන විදිහ . ඔයා මාරයිනේ . අපි නම් ඉතින් කොල්ලෙක්ගේ අතින් අල්ලන් ගියේ ජාතික කලාගාරෙට තමයි. ඕවයේ කොහේ යන්නද ඒ කාලේ .

    @ රෝස කුමාරි ..

    පරක්කු වෙලා ආ එක හොඳයි . ලුවර් එක්කම ලන්ඩන් අර්බුදය ගැනත් දැන ගත්තනේ . ඔව් ඔව් හොඳට රස වින්ද . සමහරු අපිට උපදෙස් දෙනවා ළමයි කාළඟ හරි තියල ඔය වගේ ගමන් යන්න කියල . එයාල එහෙම යනවා . අනේ අපි ට නම් හිතන්න වත් බැහැ. අනික බනිලා නැතුව කිසි විනෝදයක් නැහැනේ .

    ReplyDelete
  64. This comment has been removed by the author.

    ReplyDelete
  65. [[සමහරු අපිට උපදෙස් දෙනවා ළමයි කාළඟ හරි තියල ඔය වගේ ගමන් යන්න කියල . එයාල එහෙම යනවා . අනේ අපි ට නම් හිතන්න වත් බැහැ. අනික බනිලා නැතුව කිසි විනෝදයක් නැහැනේ .]]

    ලංකාවෙත් දැන් ප්‍රචලිත හැබිට් එකක්. නොදකින් කාලකන්නි වැඩ. අපේ පොඩ්ඩි එන්ජෝයි කරන තරමක් ඔය ගමන් බිමන්.

    කිඹුල්ලු එක්ක ඔට්ටු වෙච්ච මනුස්සයත් ඔහොම හිතුව නම් අද "බින්දියෙක්" නැහැ ඔන්න. [හැබැයි මං එකඟ නැහැ පොර දුවව ෂෝ අයිටම් එකක් හැටියට යොදා ගන්න ඒකට]

    ReplyDelete
  66. යමුද château de Versailles???පොස්ට් එකට වැඩිය දිග කොමෙන්ට්ස් නෙ?? විවේක අඩු වේගෙන යනව ඒ උනාට කොහොම හරි මෙහෙ එනවා..........

    ReplyDelete
  67. ස්ලයිඩ්-ෂෝ සැකසීමට අවැසි ඉතිරි විස්තර අරන් තැපැල් මහත්තයා විල පැත්තට ඇවිත් ඇති, බලන්න.

    ReplyDelete
  68. ඔන්න මම මේ පැත්තේ ආවා, මේ මොනාලිසාගෙ පින්තුරෙයි ඔයාගෙ පුංචි බනිය මොනාලිසාට බැන්න කතාවයි දැක්කම මටත් පරණ කතාවක් මතක් උනා.
    අපේ ගෙදරත් මොනාලිසාගෙ ඔය පිංතූරේ තිබ්බා. දවසක් ඒකේ වීදුරුව බිඳිලා මට අලුතෙන් හදාගන්න ඕනේ උනා. ඒක ටිකක් ලොකු නිසා මට අරන් යන්නත් බැහැ, ඒපාර මම දන්න බෝයි කෙනෙක්ට දුන්න ඒක හදාගෙන එන්න. ඉතින් ඒක හදාගෙන ආවා කියමුකෝ.මම ඒ ලමයට ගොඩාක් ස්තූති කරලා ඒක් ඔතාගෙන ආව කොලේ ගලවල මොනාලිසාව සාලෙන් තිබ්බා.

    අර බෝයි මම කරන වැඩේ බලා ඉඳලා එක පාරටම කිව්වා ඔයා වගේමයි කියල පිංතූරෙ පෙන්නුවා. මට එක පාරටම හිනාගියා. ඒක මේ මොනාලිසාට අපහාසෙට
    උන හිනාවක් නෙවෙයි කවදාවත් කවුරුත් නොකියපු ,කවදාවත් කියයි කියල නොහිතුන කතාවක් නිසයි.මට දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි මගේ ලඟ තිබුන මොනාලිසාට මොකද උනේ කියන එකයි. බින්දිගෙ කතාව දැක්කම මට ඒක මතක් උනේ එකත් එකටම අපි ගෙවල් මාරු කරණ වෙලාවක කවුරුහරි ඒක ගන්න ඇති.

    හැමදාමත් වගේ ඔයාගේ සංචාරක විස්තර හරිම අපූරුයි බින්දි.

    ReplyDelete
  69. සෑහෙන්න වැදගත් විස්තර ටිකක් ........
    බනිය කරපු වැඩේට නම් ඇත්තටම හිනා .......

    ReplyDelete
  70. @ sjeewa ..

    Totally agree with you.

    @ ඊ මේල් කවිකාරි
    château de Versailles යන්න බැරි වුනා . මමත් සමහර වෙලාවට මේ කමෙන්ට්ස් ආයේ ආයේ කියවනවා . බොහෝ අසු පිරු අය ඔබත් ඇතුළුව මේ පැත්තේ එන එක ඉතින් මගේ වාසනාව කියල හිතනවා

    @ ගල් මල් ..
    ගොඩක් ස්තුතියි . මම ඒ ගැන අධ්‍යනය කරමින් ඉන්නේ . දැන් ඔය වගේ දේවල් මොලේට ඇතුළු වෙන්නේ හරි හිමින්

    @නීතා..
    ස්තුතියි මේ පැත්තේ ආවට . '' ඔයා වගේ කියල '' කිව්වම තේරුනේ නැද්ද අනේ එයා හිතෙන් කියන්න ඇති ..''උපුල් නුවන් විදහා ..ඔබ සිනාසුනා ''කියල . අපරාදෙනේ වටිනා පින්තුරයක් නැති වුනේ

    ReplyDelete
  71. සෑහෙන්න වැදගත් විස්තර ටිකක් ........ ,, නියමයි ,,

    ReplyDelete
  72. ගෙන ආ මොනාලිසාට ගොඩක් ස්තුති...
    පිරමිඩයේ ඇතුල ගැනත් කියන්න අක්කේ...

    ReplyDelete
  73. @ සංජය

    ස්තුතියි සංජය

    @ රහස් පරීක්ෂකයා

    ලුවර් වලට යන්න උමන් දුම්රිය නවත්වන නැවතුම් පලක් තියෙනවා . එතනින් බැහැල කෙලින්ම ඇවිදගෙන ගියහම කලාගාරයට ඇතුල් වෙන්න හැකි . ඒ යට තට්ටුවට . ඒ තට්ටුවේ ඉඳන් බැලුවම පිරමිඩය වහලේ නෙරීමක් විදියටයි පෙන්නේ . උඩතට්ටුවට නැගල පිරමිඩය ඇතුලෙන් එලියට ආවහම කලාගාරයේ මිදුල . හරිම විශාලයි . අපේ පොඩ්ඩෝ දෙන්න ඉන්න පින්තුරේ තියෙන්නේ ඒ මිදුලේ පැත්තක් .

    ReplyDelete