Monday, 15 August 2011

''සිරස එන්ටර්ප්‍රයිසස් '' ලා චැපල් හන්දිය ...






වැඩි අනන් මනං නැතුව ඔන්න කෙලින්ම කතාවට . පැරිසියේදී කෑම බීම නම් ටිකක් මිල අධිකයි. ඒත් අපිට නම් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ . අපේ නෑ කමින් අය්ය වෙන කෙනෙක් කාලයක් තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා . ''මල්ලිලා කිසි දේකට බය වෙන්න එපා . ලංකාවේ ඕනෑම කෑමක් මෙහෙ තියෙනව .'' ඔය කිව්වට මන් හිතුවේ කඩයක් දෙකක් කියලයි. මේකනේ වැඩේ . ලා චැපල් වලින් බැහැල  පාර පැන්න ගමන් සිංහල දෙමල නාම පුවරු එල්ලිලා පෝලිමට ..පාර දිගේම . අපේ සිත් ප්‍රීතියෙන් පිනා ගියා . ග්‍රොසරි කඩවල අපේ රටේ ඕන ම දෙයක් ඒ කිව්වේ පලා කොලේ සිට අනුරාධපුරේ හාල් ..මන්චි ..මැලිබන් ..ඇතුළු සියලුම ලංකික වෙළඳ නාම දැක්ක.
පුංචි පුංචි සයිවර් කඩ ඉතින් වැල්ලවත්ත වගේ තමයි. ඉස්සර පොඩි පොඩි ප්‍රශ්න තිබ්බලු . ඒත් දැන් නම් දෙගොල්ල බොහොම සමගියෙන් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා . ඒ ගැන ඉතින් අපට බොහොම සතුටුයි.
අනික පැරිස් වල ගිය ගිය තැන ලාංකිකයෝ හමු වෙනවා . ''ආ ඔයාල ලංකාවේ නේද '' ලංකාවේ කොහෙද ? අහවලාව දන්නවද ? කොහොමින් කොහොමින් හරි බලන් ගියහම නෑකමක් වුනත් අහුවෙන්න බැරි නැහැ . ඉතින් ආපහු   ඇවිත් කියන්න බැරිය .''අහවලාගේ අහවලාගේ අහවලා දැන් පැරිසියේ කියල . ලාංකිකයින්ගේ මේ ගතියට හිනාවෙනවා හෙම නෙමේ . ඇත්තම කියනව නම් මන් ටිකක් කැමතියි ඔය ගතියට . අනේ මන්ද මාත් ලාංකිකයෙක් නිසා වෙන්ට   ඇති .

මන් එහෙම වුනාට අපේ ලොක්කිලගේ පරම්පරාව ඕකට ටිකක් අකමැතියි. අම්ම දකින දකින කෙනත් එක්ක කියවන්න යනවනේ . එයාට ලැජ්ජයි කියන්නේ . ඒ ගොල්ලෝ ඉතින් ''හායි'' කියල කට කොනකින් හිනා වෙලා නිකම් ඉන්න පරම්පරාවේනේ.

මන් නම් හරිම   කැමතියි කොහේදී හරි ලාංකිකයෙක් නෙමේ ලංකාව උඩින් පියාඹපු කපුටෙක් හරි දකින්න ලැබෙනවා නම් . නගරයෙන් බොහොම ඈත ඒ කියන්නේ නගරය පුරා දිවෙන දුම්රිය ජාලෙනුත් එලියට ඇවිත් ''අහස් කවුතුකාගරේට '' යන්න තව බස් එකක නගින්න ඉදිද්දී මෙන්න බඩු මලු දෙකකුත් උස්සගෙන ලාංකිකයෝ දෙන්නෙක්.

අපෝ ලංකාවේ මිනිස්සු ඕපාදුප හොයනවා . කිසි කමකට නැහැ කියල මට වුනත් වෙලාවකට හිතිලා තියෙනව . ඒත් ඒ අපේ ''නරක '' මිනිසෙක් දහසක් ආගන්තුකයින් අතර හමු වී බලන්න ...ඔහු ලඟම නෑයෙක් ලෙස මට දැනෙන හැඟීම ඔබටත් දැනේදැයි බලන්න .

බ්ලොග් ලිවීමෙනුත් මා ලබන්නේ ඒ වගේම සතුටක් ...ජිවන ගමනේ නොදැන සිටි නෑයන් හමු වීම ...






මෙන්න තවත් නෑයෙක්





මතු සම්බන්ධයි ...

55 comments:

  1. මට කොළඹ ඇවිල්ල ඉන්නකොට ගමේ නම ගහපු බස් එකක් දැක්කත් පුදුම සතුටක් දැනෙන්නෙ. ඔයාට දැනෙන හැඟීම මට හිතාගන්න පුලුවන්. අපේ කම අමතක නොකරන එකම කොච්චර දෙයක්ද.

    ReplyDelete
  2. මටත් ඔහොම තමයි. සමහර වෙලාවට නිවාඩුවට ලංකාවට ගියාම, කට්ටිය සිංහලෙන් කතා කරනව ඇහුනම ' ආ මෙන්න ලංකාවෙ කට්ටියක්' කියල හිතිලා හැරිල බලපු වෙලාවල් තියෙනව. හික්!

    ReplyDelete
  3. පිට රටකදි ලංකාවේ කෙනෙක් හම්බ වෙනවා කියන්නෙ ලොකු දෙයක්, ඒත් සමහර අය ඉන්නවා ලංකාවෙ නෙමේ වගේ අහක බලාගෙන යනවා ...........

    ReplyDelete
  4. අඩේ ඒකෙදිත් ඔයත් එහෙනම් මම වගේ.
    මගේ යාලුවෝ මට බනිනවා ලංකාවේ කිව්ව ගමන් හිනා පාල වගේ දකින දකින එකා එක්ක හිනාවෙනවා කියලා.
    අර කිව්වත් වගේ ලංකාවේ කපුටෙක් උනත් කමක් නෑ අපේ උන්නේ කියලා මටත් හිතෙනවා.
    හැබැයි ඉතිං හොඳ හොඳ පරිප්පුත් කාලා තියෙනවා ඒ ගතිය නිසාම. . . ඒත් ඊව නම් මොනාද නේද . .

    ReplyDelete
  5. @ පිනි බිඳු
    ඔව් මල්ලි .බැඳලා වෙන පළාතකට ගියහම හවසට ගෙවල් පැත්තට යන බස් එක දකිද්දී පුදුම ආදරයක් ඇතිවෙනවා . කොහේ හරි ගියහම ගහක් කොලක් මලක් දැක්කත් අපේ එව්වා වගේද කියල බලනව .
    @ මුහුදු
    අපිටත් ඕකම වෙලා තියනවා . තව ඉතින් සිංහලෙන් කැට කැඩිච්ච කතා කියන එක . කඩ කාරයින්ට හෙම අපි මෙහෙදී එක එක එව්වා කිල හිනාවෙනවනේ . ඔය පුරුද්දට ලංකාවේදීත් එහෙම කියවෙනවා . ඇහුනොත් ඉතින් ජංජාලයයි .
    @ කල්හාර .
    එක එක අයගේ හැටිනේ කල්හාර . කීපදෙනෙක් එහෙම වුනත් හැමෝම නැහැ . අපි ඉතින් එක ජාතියේ නිසානේ මෙහෙම කතා බහ කරන්න හැකි වෙලා තියෙන්නේ . දැන් සජිවනිට සනීපද . බරපතල හිර දඬුවම ඉවරයි වගේ .
    @ දුකා
    ආයිත් අහල . කොහොමද නිකන් ''මේ ඔයා ලංකාවේද ''කියල අහල ''ඔව් ඔයාට මොකද'' කියන්න වගේ බැල්මක් ලැබුනම . මමත් ඉතින් ඔය පරිප්පු කාල තියනවා . ඒත් මේ ඉල්ලන් කන පුරුද්ද නැති වෙන්නේ නැහැනේ . ලංකාවේ විතරනම් මදැයි මෙහෙදී නම් ඉන්දියන් කාරයෙක් දැක්කමත් අල්ලපු ගෙදර මනුස්සය දැක්ක වගේ .

    ReplyDelete
  6. වැඩිය ඕනෙ නෑ ගාල්ලෙ ඉස්කෝලෙ ගියපු එකෙක් කොළඹඳි හම්බු වෙනව කියන්න බොහොම සතු‍ටු හැඟීමක්. එහෙව් එකේ වෙනත් රටකදි ලංකාවෙ කෙනෙක් දකින එකේ සන්තෝසය කොච්චරද කියල හිතාගන්න ඇහැකි.

    ReplyDelete
  7. හ්ම් බින්දි මාත් ඔයගෙ ලොක්කි වගේ තමා .පොඩි කාලෙ ඉඳල මට පේන්න බැරි වැඩක් අපේ අම්මත් ගමන් යනකොට හම්බවෙන යාලුවො නෑයො , අඳුනන ගමේ උදවිය එක්ක කතා කරන්න වෙලා ගන්න එක .

    දැනුත් මම අකමැතිම දෙයක් තමයි ගෙදර ගියහම, ගමේදී ,එහෙම නැත්නම් කොලඹදි , බස් එකෙදි කවුරු හරි මාව අඳුනගෙන ඔයා අහවලාගේ දුවද , අරයගේ..... ද , මෙයා ඔයාගෙ මාමද ඔය වගේ වාත ප්‍රශ්ණ අහන එක . මම ඇවිදින්න ගියහම කතාකරන්න කැමති ලංකාවෙ නොවෙන මිනිස්සු එක්ක . එහෙම අය එක්ක හිතට වදයක් නැතුව කතා කරන්න පුලුව නිදහසේ . අල ගිය, වැල, ගිය මුල ගිය තැන් හොයන්නේ නැහැනේ හි හී

    එක සැරයක් ඔය වගේ මුණගැහුණ වයසක නෝන කෙනෙකුයි මහත්තයෙකුයි නිසා මගේ ගුවන් යානය මිස් නොවී බේරුණේ . රෑ මහන්සියට මට ගුවන්තොටුපොලේ පුටුවක් උඩ ඇහැ පියවුණා ඒ අය එක්ක කතා කර කර ඉන්නකොට .මේ දෙන්න එයාලගේ දරු මුණුබුරෝ බලන්න ඔස්ට්‍රේලියාවට යන ගමන්. ගෝවෙ ඉඳලා ආව ඉන්දියානු ජාතිකයන් .මට නින්දගිහින් නිසා මගේ ගමන් මල්ලත් පරිස්සම් කරලා ගුවන් යානෙට වෙලා තියලා මාව නැගිට්ටෙව්වෙ.

    නමුත් ඇත්තම කිව්වොත් මගේ ඉස්කෝලෙ කෙනෙක් හරි ගම ගාල්ලෙ කෙනෙක් හරි මොන දිල්ලියෙදි හම්බවුණත් පොඩි සතුටක් තමන්ගේ ගතියක් නම් තියෙනවා

    ReplyDelete
  8. ඒකත් එ‍හෙමද..... ‍පෙ‍නේද ‍වෙනදට යාර ගණන් දිග ‍පෝස්ට් ලියන අක්කා අද ‍සෙන්ටි මීටර කීපයක් ලියලා තව අයියා කිව්වට ලිව්වා ඇ‍පෙන් ‍බේරුන හැටි.

    තාම නම් ඔ‍හොම දැනිලා නැ. ‍කො‍හේ දැ‍නෙන්නද ඉතින් තාම ‍ගෙදරම‍නේ.

    ඒක ‍නෙ‍මෙයි පිණිබිඳු අක්කා කවද්ද දන්නැ ‍මල්ලි උ‍නේ..... හික්ස්...... (වීලුවක් ඇ)

    ReplyDelete
  9. කෝ මේ පිනිබිඳු මල්ලි ඈ ......

    (හිහ් ... හිහ් .....)

    ReplyDelete
  10. අප්පේ අක්කෙ මම මල්ලි කෙනෙක් නෙමෙයි හයියෝ නංගි කෙනෙක්. ෂැක් මුන් දැන් මගෙ සායම අරියි.

    ReplyDelete
  11. බින්දි අක්කා ලංකාවෙන් ඈත ඉඳගෙනත් ලංකාවට -තමන් උපන් රටට කොච්චර ආදරේද ? ඒ වචන වලට විතරක් නෙමෙයි හදවතින්ම කියලා මම පෞද්ගලිකවම දන්නවා. ඒ අතින් ලංකාවේ ඉන්න අපේ සමහර උදවිය ගැන නම් හරියට කළකිරෙනවා. ලංකාවේ වැරදි ඇති. අඩුපාඩු ඇති. ඒත් තමන් උපන් බිමට ගරහහන්න පුළුවන් එකා අම්මවත් පාවා දෙන්න පුළුවන් තරමේ අමනයෙක් කියලයි මට හිතෙන්නේ.

    අපි අපේ රටට ආදරේ කරන්නැත්නම් කවුද කරන්නේ ? බින්දි අක්කා ඒ අතින් හොඳ ආදර්ශයක්...

    ReplyDelete
  12. මටත් මාලදිවයිනේ ගිය වෙලාවෙ ඔය අත්දැකීම ලැබුනා අක්කේ. කරවල මාර්කට් එකේ බිස්නස් වෙන්නෙ සිංහල මීඩියම් එකෙන්. හික්ස්.

    ReplyDelete
  13. අනික් කමෙන්ට් ටිකට උත්තර දෙන්නම් රෑට . මේක හදල ඉන්න එපාය . පොඩි වැරද්දක් යයි මන් කරලා තියෙන්නේ . සමාවෙන්න පිනි බිඳු නගේ ..ඒත් මන් හිත හිත හිටියේ මොකද කොල්ලෙක් මේ වගේ සුකුමාර නමක් දා ගත්තේ කියල .

    ReplyDelete
  14. මමත් නම් ලංකාවේ කෙනෙක් දැක්ක ගමන් කතා කරන්න යන්නේ නෑ. නොදන්න විදියට ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මම ලංකාවේ මිනිසුන්ට ආදරේ නෑ කියන එක නම් නෙමෙයි. ඔය පාරේ එහෙම හම්බවෙලා බොහොම අමාරුවෙන් මෙහේ භාශාවෙන් කතා කරනකොට ඔයා සිංහල නේද කියලා සිංහලෙන්ම උත්තර දීලා ඇති වෙන්න කටු කාලා තියෙනවා. ඊට පස්සේ අනේ ඔයා ලංකාවේද හිතන්නත් බෑ. බැඳලද අම්මලා එක්කද ඉන්නේ මොකද කරන්නේ හරියට උත්තර පත්‍රයක් ලියනවා වගේ.
    දැන් නම් ඔෆිසියල් වැඩ වලට ෆෝන් නම්බර් එක ලංකාවේ අයට දෙන්න වුන නිසා පාන්දර දෙකට උදේ හයට ගොඩාක් වෙලාවට දෙවියෝ සිහි කරගෙන තමයි නැගිටින්නේ. ගොඩාක් වෙලාවට හරිම කරදරයක් ඒක.
    කවුද කැමති නැත්තේ තමන්ගේ මිනිසුන් අඳුනගන්න ඒත් ඒක ඕනෙවට වඩා වදයක් වෙන හින්දා මම නම් ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේ ඉන්නවා. (ඒකට මගේ අවුට් ලුක් එකත් මට නම් උදව් වෙනවා.)
    ලා චැපල් ගිහින් මම නම් යම්තම් බේරුනා. හික්ස්.

    ReplyDelete
  15. රටින් පිට ඉන්න විට අර කිව්ව වගේ ලංකාවට ඉහළින් පියාඹපු කාක්කා වුනත් ලොකුයි. අපේකම, ඒ සුවඳ කොහොමත් දැනෙනවා ඒ අතරින් (කොමන්ට් දෙකක සඳහන් වූ) ගම් පලාතේ උදවිය හමුවුනාම තවත් විශේෂයක් දැනෙන්නේ.

    පොස්ට් එකේ සඳහන් වෙන විදියේ ලංකාවේ බඩු ඔක්කෝම තියෙන ග්‍රොසරියක් අබුඩාබි නගරයේ තියෙනවා. කරන්නේ ඉන්දීය (කේරල මලයාලි ) පිරිසක් වුනත් අපේ කට්ටිය කියන්නේ ලංකාවේ කඩේ කියලා. අපිට හුරු අපේ දේවල් පිරිලා තියෙන නිසා ම වෙන්න ඕනේ.

    දුකා කිව්වා වගේ ලංකාවේකම පෙන්නන්න ගිහින් අහගත්තු වෙලාවල් ද නැතිවා නෙවෙයි.

    හැබැයි දංකොටුව පොසිලේන් බඩු හයිෆයි වෙළෙඳ සැල් වල වැජඹෙන හැටි දැක්කාමත් ඇතිවෙන්නේ අමුතු ගතියක්.

    ReplyDelete
  16. හික්ස්.. මමත් රංගි කරන වැඩේම තමා කොරන්නෙ.. අනේ අපේ අයත් එක්ක අහිතකින් නෙවෙයි, ඒ වුනාට හරිම පරෙස්සමෙන් අපේ අයව ආස්සරේ කොරාන්ට ඕන.. ළඟින් ගියොත් ඇහැක් නෑ වගේ බුවාලනෙ ඉන්නෙ.. මටම නොවුනත් මගෙ යාළුවො කීපදෙනෙක්ම අපේ කමට අපේ අයට උදවු කරන්න ගිහින් කාපු පරිප්පු දැක්කම හිතෙනවා මං හරි කියලා.. අතේ දුරින් ආස්සරේ..

    ගොඩක් අය හිතන්නෙ මම ඉන්දියන් කියලා දැක්ක ගමන්, ඉතිං මයෙ මොකෝ, මාත් එහෙමම ඉන්නවා.. :)

    ReplyDelete
  17. අර ඩීන් අයියා ( ගල්මල් ) කියාපු කඩෙන් දවසක් අපේ මහත්තයාට කොච්චි මිරිස් ගන්න ඕනා උනා, ඉතින් එයා small, green chilli තියෙනවද ඇහුවම, ඒ මලයාලි අංකල් අහනවා සිංහලෙන් " ආ,, කොච්චිද? " කියලා.. අපේ රටේ කියලා කඩසාප්පු වලදී හිනා උනහම මට නං ඕන තරම් දෙනා ඔරවං ගිහින් තියේ. ( මූණේ අප්සට් එකක්ද මන්දා? ) එහෙම උනත් කොච්චරවත් අපේ රටේ කෙනෙක් දැක්කම බලන්නමයි හිත මටත්

    ReplyDelete
  18. අත්දැකීම් නම් එමටයි. හොඳ හා නරක. ලියන්න වෙලාවක් තමයි නැත්තේ.

    ටීජී;

    [[නමුත් ඇත්තම කිව්වොත් මගේ ඉස්කෝලෙ කෙනෙක් හරි ගම ගාල්ලෙ කෙනෙක් හරි මොන දිල්ලියෙදි හම්බවුණත් පොඩි සතුටක් තමන්ගේ ගතියක් නම් තියෙනවා ]]

    මෙන්න මේක නොලියන්න දෙන්න හිටියේ හොඳවයින් එකක්. දැන් අවුලක් නැහැ. අපි අපි නේ.

    ReplyDelete
  19. ඔය කියන අත්දැකිමම මටත් තියෙනවා..මටත් පෙන්නම බැරි අපේ අම්මා අරයා මෙයා අනේ මේ අපේ එලොලු සමන් නේ..අනේ දැක්ක කල්...ඔන්න ඉතින් ආගිය වැල ගිය උන්ගේ විස්තර..මෙහේ එයාලට අල්ලපු නැති එව්වා කියවන්න ගත්තාම ...හෙහේ..එත් ඉතින් ඇත්ත තමන්ගේ නොවන රටක තමන්ගේ ම කෙනෙක් හම්බුනාම ඇතිවෙන සතුට වෙන්න ඇති එක..

    ReplyDelete
  20. සම්පූර්ණ ඇත්ත. ඔය හැඟීම දැනෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්ණේ. හැබැයි ඉතිත් ඕකෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඈයොත් නැත්තෙම නෑනේ.

    ReplyDelete
  21. අනේ මං දන්නෙ නෑ, මමත් සතියකට සිංගප්පූරු ගිහිල්ල ලංකාවේ එකෙක් සෙට් වෙලා සෑහෙන ගානකට කෙල උනා. මගේ අතේ බැඳලා තිබ්බ පිරිත් නූලෙන් තමා ලංකාවේ කියල අඳුනගෙන තියෙන්නෙ. අනේ ඊළඟ සැරේ නං රට යනකොට පිරිත් නුල් ගලවල, කුරුත එකක් ඇඳගෙන ඉන්දියන් කාරයෙක් (බුරා කිව්වා වගේ) විදිහට තමා යන්ඩ හිතන් ඉන්නෙ. නැත්තන් ලංකාවේ අයියල හම්බවෙලා තව මොනවට කෙල වෙයිද දන්නෙ නැහැ.

    ReplyDelete
  22. ඔය වගේ දුර රටකදී තමයිලු තමන්ගේ අයගේ අගය තේරෙන්නේ ..අපිටනම් ඉතින් ඒක දැනෙන්න අපිත් දවසක රට යන්නම ඕන ..

    ගමෙන් ඈත් වෙලා මම කාලයක් නුවර හිටියා මට ආපහු මාස ගානකට පස්සේ ගමට එද්දී හමාපු දූවිලි හුලඟත් මාර සතුටක් වුණා ..

    එහෙම තමයි ඈත් වුණාමයි අගේ වැඩි ..

    ReplyDelete
  23. මටත් ඉතින් ඔය ලංකාවෙ කාක්කෙක් දැක්කත් ප්‍රීතියෙන් පිනායාමේ ලෙඩේ තියනව. හැබැයි මෙහෙ සමහර පැතිවල අයටනම් කොච්චර ලංකාවෙ අයව දකින්න ලැබෙනවද කිව්වොත් ලංකාවෙ කියල දැන දැනම කතාකරන්නෙවත් හිනාවෙන්නෙවත් නැතුව අහක බලාගන යනව. අපි ඉන්න ප්‍රදේශයේ නම් ලංකාවෙ අය හරිම අඩුයි. ඒ නිසාද මන්ද ඩුරකින් අපි ඉන්න දිහා ලංකාවෙ කවුරු හරි ආපුවම හරි සැලකිලි. කොහේ ගියත් අපිට අපෙ රටෙ දේවල් වටිනව .....

    ReplyDelete
  24. මම ඩුබායි ගැන නෙමෙයි .. ජෝර්දාන් ගැන කියන්නම්... සුප්‍රසිද්ධ තැනක් තියෙනව down town Amman වල "වලේ කඩේ" කියල ( අනූ ගනන් වල නුගේගොඩ සසෙක්ස් එකට ගිය කට්ටියත් "වලේ කඩය"ක් දන්නව නේද ).. පඩි පෙලකින් ඇතුලට බැහැල තමයි කඩේට යන්න තියෙන්නෙ... එතන ඉන්න ජොර්දාන් කාරයින්ට සිංහල වචන කතා කරන්න පුළුවන්...

    සිකුරාදට ගියොත් සූ ගාල ලංකාවෙ ළමයි... හැබැයි අපි නම් සිකුරාදට යනව අඩුයි... ඇඟලුම් කර්මාන්ත වල වැඩ කරන අපේ නංගිල අක්කල බෙංගාලි කාරයොත් එක්ක නටන නාඩගම් බලන්න බැරි කමට...
    ...............................................
    ඩුබායි නම් ඉතින් හැම තැනම අපේ කට්ටිය ඉන්නව...

    ගහට ගහක් මුනගැහෙන්න තිබිච්ච පැනෝරාම ක්ලබ් එක වහපු එක නම් හෙන ගහන අපරාදයක්...

    ReplyDelete
  25. @ නවම්
    ඒකතමයි අපි මුණු පොතෙත් පන දාගෙන ගමේ යාළුවො ඉස්කෝලේ යාළුවො හොයන්නේ . ඔයත් එහෙනම් ගාල්ලේ . මටත් පසු කාලීනව ඇතිවුනා ගාල්ලට නෑ කමක්
    @ TG ..
    ආන් දැක්කනේ ගල් බොරළු අතර මිණි කැටත් ඇත . අපේ ලොක්කි එහෙම කිව්වට KL ගුවන් තොටුපලේදී මාවත් ඇදගෙන ගියා ඩයලොග් ඇඩ් එකක් පෙන්නන්න . අමුත්තෝ ගැන නම් එයාලගේ ප්‍රතිපත්ති එහෙමම තියාගන්න තමයි මමත් උපදෙස් දෙන්නේ අපි වගේ ජිවිතේ අත්දැකීම් ලබාගන්නකම් සහ ඔලුව බේරාගෙන එන්න හැකි වෙනකම් .
    @ හා පැටික්කි
    බදාදායින් පස්සේ දෙන්නම්කො යාරගණන් . එදාට ඉස්කෝලේ පටන් ගන්නවනේ . අර මොන්ටිසෝරි කවි එකතු කරන වැඩේ නම් මරු.
    @කල්හාර ..

    පිනි බිඳු 101 වෙනි පොස්ට් එක ලියනවලු
    @''හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස මගේය '' තවම අගේ මවිල් කෙලින් වෙනවා ඔය ගීය ඇහෙනකොට . අපෙන් රටට වැඩක් වුනාද නැද්ද නම් මන්දා . ඒත් මිනිස්සුන්ගේ කොපමණ වැරදි තිබුනත් රටට ඇති ආලය අඩු වෙන්නේ නැහැ .
    @ බ්ලොග් ගඩොල්
    ඇයි අපි තරම් මාලදිවයින් කාරයෝ වත් උම්බලකඩ කන්නේ නැතුව ඇති .
    @රන්ගි
    ගැණු ළමයෙක් හැටියට ආරක්ෂාවට ඔය වගේ පියවර ගැනීම හොඳයි . ඒ අතින් නම් මොකට කියනවද .
    @ ගල් මල්
    ඔයාලට නම් ලංකාවේ දේවල් වලින් අඩුවක් නැහැනේද . අපිට නම් කරපිංචා නැතුව තමයි කන්න වෙලා තියෙන්නේ . ඇයි ඩින් අය්යා ''ඩිල්මා '' තේ . කඩ රාක්ක වල බැබලෙන කොට ඒ වගේම සතුටුයි.
    @බුරතිනෝ
    ඔයා ඉන්දියන් වගේද . අපේ මහත්තය ඉන්දියාවේ ගියහමත් කට්ටිය හින්දියෙන්ලු කතාව . එයාටත් තියනවා දිල්ලි පැත්තේ පෙනුම . අපි නම් තනිකර ලාංකික . ඔයා රන්ගි හෙම ඉන්න රටවල සු ගාල ලංකාවේ අයනේ . අපිට මෙහෙ එහෙමට නැහැ . අඳුනගෙන කාලයක් යද්දී පොඩි පොඩි ලෙඩ දෙන්න හැකි වුනත් ආරම්භයේදී නම් ලොකුවට අව්ලක් නැහැ .
    @ හරී - පිනි පලස
    ඒ අතින් ඔයාල වාසනාවන්තයි . ඕන දෙයක් ඕන වෙලාවක ගන්න තියෙනවනේ . හරියට ඉන්දියන් යාලුවන්ට මන් හරි අමාරුවෙන් එළවලු වල ඉංග්‍රීසි නම් හොයල විස්තර කරද්දී බැලින්නම් එයාල කියන්නේ ත් අපේ නම් ..තක්කාලි ...මුරුංගා ...
    @ සුජීව ..
    ඒක නම් එහෙම තමයි . හොඳයි නරකයි දෙකම . තම තමාගේ ඔලුව හැකි පමණින් බේරා ගෙන අවස්ථානු කුලව කටයුතු කිරීම යෙහෙකි.

    ReplyDelete
  26. @නිම්ෂා

    අම්මලාගේ ආසාවනේ . සේරම මුල් ගලවන්න බැහැ එකපාරටම .

    @ සපතේරු

    මමත් සසෙක්ස් ගියා කාලයක් . ඔයත් ගිහින් වගේ

    @ පැණි දොඩම්

    ඒක තමයි . මිනිස්සුනේ පැණි . හොඳ නරක දෙකම මිශ්‍ර වෙලා හැදුන ජාතියක්

    @ පොත් ගුල්ලා ..

    විශේෂයෙන් සිංගප්පුරුව ..බැංකොක් වගේ නගරවලදී විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ගත්තට වරදක් නැහැ . පිරිත් නුලේ බලේ බිඳෙන වැඩක් කොලාද .

    @ සඳරු

    ඇත්ත මලේ ඒ කාලේ එච්චර කැමති නැති නෑයෝ ගැනත් දැන් එහෙම අහිතෙන්නේ නැහැ .

    @ රෝස කුමාරි ..

    කට්ටිය අඩු පළාත් වල ජිවත් වෙන ඒක ලේසි තමයි . අපෝ සමහර අය ඉතින් එලිසබත් රැජිනගේ පරපුරේ කට්ටියනේ .

    ReplyDelete
  27. මොනව උනත් අපේ එකෙක් .................:)

    ReplyDelete
  28. අයියෝ බින්දි මටත් ඉතින් ඔය ලෙඩේම තියෙනවා. යන්තම් හරි ලංකාවෙ නම් කතාකරල බලන්නම තමයි හිත. අප්‍රිකාවෙ ඉන්නකොට ඒෂියන් කෙනෙක්ව දැක්කත් ඉන්දියන් වගේ, හරිම ආසයි. අපේ අම්මලා එක සැරයක් තායිලන්ඩ් ගිය වෙලාවක අපේ රටේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හ්‍රියට උදව්කරල තිබුනා. එයාගෙම අම්මයි තාත්තයි වගේ බලාගෙන. අපේ තාත්තා තාමත් එයාට ලියනවා. මේ වගේ ගුනයහපත් අය අතර ක්‍රදර දෙන අයත් නැතිවම නෙමෙයි. සැම්බියාවෙ ඉන්නකොටත් ඒ වගේ අය හිටිය. රස්සාවනැතිවෙලා මාස ගනන් අනෙක් අයගෙන් යැපුන අය නැතිවාම නෙමෙයි. ඒක ඉතින් අපේ කම නේද?
    මොනව උනත් අපේ කම ර්‍ඇකගෙන ඔයාල ඉන්න එකට සතුටුයි. ලොක්කි උනත් පස්සෙ අපේකම ඉගෙන ගනීවි බින්දි. ලොක්කිට ඒක පුරුදු කල යුත්තේ ඔයාමයි. මගේ අම්මා නංගිට පුරුදුකලා වගේ. මගෙ නංගි ලංකාවෙන් යත්දි, මාස අටයි. එයා මොනම විදිහක වත් සිරිත් විරිත් දන්නේ නෑ. ඒ උනාට දැන් ඒ හැම දෙයම අපි වගේ කරන්න ඉගෙන ගෙන. ඒකම තමයි සිංහළ කම කියන්නෙ. බැන්දේ මැලේසියන් මල්ලිකෙනෙක් උනාට එයත් ආසියානු නිසා මේ අපේ කම උපරිමයි.

    ReplyDelete
  29. මටත් මෙහෙදි හරියට ලංකාවෙ අය හම්බ වෙනවා... :D
    අතුරු ප්‍රශ්නයක්: පිටරටක චිරාත් කාලයක් ඉන්නකොටනම් තමන්ගෙ රටේ සුපුරුදු කෑම හොයන එක මට හිතාගන්න පුළුවන්. ඒත් නාඳුනන රටකට කෙටිකාලීන ගමනක් ගිහාම, ඒ රටේ 'රහ' බලන්ඩ ආස නැද්ද?

    ReplyDelete
  30. @ චන්දි
    ස්තුතියි අක්කා . අපේ දේවල් ගැන එයාට හැඟීමක් නැතුවමත් නෙමේ .ඔව්ව ටික ටික ඉගෙන ගනියි. ඔයාගේ නංගි ගැන සතුටුයි. සමහර දේවල් වලට ජානමය බලපෑමත් තියනවා . සමහර දේවල් තියනවා අපි කොච්චර රැක ගන්න හැදුවත් ප්‍රායෝගික නොවෙන . අනෙක ගොඩක් දේවල් දැන් අපෙමත් නෙමේ නේ. සියල්ල අන්තර්ජාතිකයි.
    @ නලිනි .
    හැබෑට ඔයාට ලංකාවේ අය හරියට හම්බ වෙනවලු නේද . සියලු ලාංකික ලෙඩද සමගින්.
    ටික කලකට ඇවිදින්න ගියහම ඒ රටේ රහ බලන්න මාත් හරි ආසයි. වැඩේ මේකනේ හරියට නොදැන ඒ රහ බලන්න ගිහින් අර මිස්ටර් බින් ට වගේ තඩි අමු ඉස්සෝ පිඟානක්..එහෙම නැත්නම් ගොලුබෙලි සුප් එකක් ..ගෙඹි කකුල් ඉස්ටුවක් වගේ කන්න ලැබුනොත්. ටික දවසක් ඉන්නකොට නම් කන්න හැකි දෙයක් සොයා ගන්න බැරි වෙන්නේ නැහැ . අනික සැකහැර රටවල රෙස්ටුරන්ට් වලට යන්න බැංකුවක් කඩන්න ඕන .

    ReplyDelete
  31. @ නිෂ්

    ආයිත් අහල

    ReplyDelete
  32. මටත් ටිකක් ඔය ලෙඩේ තියනවා. එත් මෙහෙ අපිට සමාන පෙනුම තියන හුගක් ජාතීන් ඉන්න නිසා (ඉන්දියන්, පකිස්තාන්, බංගල්දේශ්, නේපාල, සමහර මැලේසියන්.....) ටිකක් කල්පනාවෙන් තමයි කතා කරන්නේ. මේ දවස් වලත් සිසු හුවමාරු වැඩසටහනකට ලංකාවෙන් මෙහෙ ඇවිත් ඉන්න ළමයෙකුට උදව් කරමිනුයි ඉන්නේ. ඉගෙන ගන්ඩ එන ළමයෙක් හමුනාම මට කොහොමත් මගේ නංගි මතක් වෙනවා. අනේ මේ ළමයත් මුලුන්ම මගේ නංගි මෙහෙ ආපු කලේ වගේ තනි වෙලා දුකින් ඇති නේද කියල හිතෙනවා. තාම නම් මේ ලෙඩේ නිසා කාගෙන්වත් කරදරයක් වෙලා නෑ. ඉස්සරහටත් එහෙම වෙයි කියල හිතන්නෙත් නෑ.
    එත් මට හරි පුදුමයි පන්සලට ගියහම. අපි යන ලංකාවේ පන්සලට එන්නේ 100% වගේ සිංහල බොදු කට්ටිය. එත් කලින් දන්නා අදුනන ය එක්ක මිසක් අනිත් අය එක්ක කව්රුවත් කතා කරන්නේ හිනාවෙන්න නෑ. හිනා උනත් නොදක්කවගේ යන අය තමයි වැඩි. මෙහෙ සිරිතේ හැටියට මූනට මුණ ගැහෙන හැමෝ ගෙන්ම හායි හව් ආ යු? කියල අහන අපි පනසලේදී බුම්මගෙන ඉන්න එක ගැන මට හරිම පුදුමයි. අයෙත් පන්සලට ගියහම හමුරුවොත් එක්ක මේගැන කියන්න කියලයි හිතන් ඉන්නේ.

    ReplyDelete
  33. @Bindi,

    // අඳුනගෙන කාලයක් යද්දී පොඩි පොඩි ලෙඩ දෙන්න හැකි වුනත් ආරම්භයේදී නම් ලොකුවට අව්ලක් නැහැ //

    අපොයි ඔවු, කාලයක් යද්දි තමා අදුරගන්න පුළුවන් වෙන්නෙ සතා මොකාද කියලා‍‍.. හැබැයි එතකොට පරක්කු වැඩිවෙන්ට පුළුවන්.. ඒ නිසා මුල ඉදන්ම අතේ දුරින් තියාගත්තම වැඩේ ලේසියි.. :)

    ReplyDelete
  34. @ බුරා
    ඔබ හරි . ඕක කරන්න බැරි එකනේ වැඩේ . තවම ඒ හැටි වරදක් වෙලා නැහැ . ඉස්සරහට පරිස්සන් වෙන්න බලන්නම්කෝ
    @ චන්දී..
    අපොයි ඔව් ඉගෙන ගන්න ළමයින්ට නම් උදව් කරන්න ඕන. අර පන්සල් කතාව නම් ඔව්වා ජන්ම ගති. හාමුදුරුවන්ට හිතෙයි එයාලට බණ කිව්වට වඩා හොඳයි කට ගලක උලා ගත්ත නම් කියල .

    ReplyDelete
  35. අලුතින් ගොඩක් නෙලුම් විලට ඇවිත් . ආ ගමන් ඔයාලගේ බ්ලොග් වල ලින්ක් එක ත් දැම්ම නම් මටත් මෙහෙට ගොඩ වෙන අපේ යාලුවන්ටත් ඒ පැත්තේ ගිහින් කියවන්න හැකියි.

    ReplyDelete
  36. ඔන්න මමත් නෙලුම් විලට ආවා.. නෙලුම් මල් හරිම සුවදයි ....

    ReplyDelete
  37. මේ පෝස්ට් එකේ කමෙන්ට් ටික කියෙව්වමනං ඇති උනේ දුකක්.

    හුගක් අය ලොකුවට තම තමන්ගේ මනුස්සකං ඉස්සරහට තියලා පිම්බෙන්න ලිව්වට මොකද, වැඩි හරියක් අය කරන්නේ අමනුස්සයෝ කරන වැඩම තමයි.අනිත් අය බුම්මගෙන යන එක ගැන ලියන කී දෙනෙක් එහෙම බුම්මගෙන යනවද කියලා හිතා ගන්න පුළුවනි.

    අනිත් දේ තමා මෙතනම කට්ටියක් කියන කොට හිනා උනාට අනිත් අය හිනා වෙන්නෙවත් නැහැ කියලා, ටිකක් හොදින් බැළුවම පේනවා ඒ බුම්මන අයත් මෙතන ඉන්න අයම තමා කියලා.

    තව කෙනෙකුට උදව්වක් කරන්න වෙන එක දකින්නේ ඇගෙන් කෑල්ලක් යන හැටියකටනං මොන මනුස්සකංද?

    අනිත් දේ ඉතිං අමුතුවෙන් දුක් වෙන්න දේකුත් නැහැ. මොන තරං මානුෂීක ‍උදවිය වගේ පේන්න ලිව්වත් ඇත්තම කතාව ආත්මාර්ථකාමීකම එයිට වඩා වැඩිය කියන දේ තමා.

    බින්දි සමා වෙන්න ඕන මෙහෙම කියන්න උනාට.ඒත් මේ සුන්දර (ව්‍යාජ) සිනහ අතරේ සැඟවිලා තියෙන යථාර්ථය ඕක නෙවෙයි කියලා කියන්නේ කොහොමද.?

    වචන වලින්,බ්ලොග් පෝස්ට් එකක් හරහා ගොඩ නගන අපේ කාඩ්බෝඩ් මනුස්සකං මේ වගේ බ්ලොග් පෝස්ට් එහෙක කමෙන්ට් අතරෙදී දිය වෙලා යන හැටි.????

    ReplyDelete
  38. අනිත් දේ ඔච්චර අපේ මිනිස්සුන්ට ආස බින්දිට උනත් ඒ මිනිස්සු ගැන ලියන්න බනියලගේ තාත්තා කියනකල්ම ඉන්න උනා.

    බනියලගේ තාත්තට ස්තූතියි මේ පෝස්‍ට් එක දාන්න වෙච්ච මහන්සියට

    ReplyDelete
  39. අනේ අපොයි අපිට මොන ප්‍රංශද...?

    ඇහ් ඒ අස්සේ පිණිබිඳු මල්ලි කෙනෙක් වෙලා..ඒ අස්සේ අර ගඩොල් පූසා කරවල හොයන්න මාල දිවයින් ගිහිං..යකෝ කරවලත් නැද්ද දැන් අපේ රටේ..?
    අනේ මංදා අපිත් ගියා වව්නියාවේ..එහෙ කැරට්නං හරි රසයි ඕං...ප්‍රංශ කැරට් කොහොමද දන්නෙ නැහැ නේද..?

    ReplyDelete
  40. @ සංජය සිතුවිලි
    බොහොම ස්තුතියි සංජය .ඉතාම ආදරෙන් පිලිගන්නවා .
    @ Anno
    නමක් නැතත් ඔබටත් බොහොම ස්තුතියි. වෙනස්ම අදහසක් දුන්නට .අනේ මන් කිව්වද මන් හරි පරාර්ථකාමී යි කියල . මන් නම් තනිකරම ආත්මාර්ථකාමී සත්වයෙක් . අනුන්ට උදව් කරන්නේ මට හැකි සීමාවන් තුල පමණයි . මම මේ කිව්වේ වෙන ගම පළාතකදී තමන්ගේ ගමේ කෙනෙක් හමු වුනාම දැනෙන හැඟීම ගැන සහ පිටරටකදී තමන්ගේ රටේ කෙනෙක් දැක්කම ඇති වෙන ක්ෂණික සතුට ගැන විතරයි . එයින් එහාට ගිහින් කෙනෙක්ට උදව්වක් කරන්නේ නැතුවත් නෙමේ . ඒත් මගේ හැකියාවෙන් ඔබ්බට නෙමේ . හොඳට දැන අඳුනා ගත්තට පස්සේ නම් සිමා වෙන් පිට පැන වුනත් උදව් කර තිබෙනවා .
    මෙතන කමෙන්ට් කල අයත් තමන්ම කියල තියෙනවනේ බුම්මනවද නැද්ද කියල . ඒ නිසා ඒගැන ගැටළුවකුත් නැහැ .
    ඇත්තටම මේක එච්චර ලොකුවට ගණන් ගන්න එපා . අපි හැමෝම කියද්දී ලියද්දි සර්ව සම්පුර්ණ නැහැ . අනික මන් කොහොමත් වාද විවාද වලට කැමති නැහැ . සංවාදයන් ට පමණයි කැමති. මන් ගැන නම් ඉතින් දන්නෝ දනිති.
    ඒ මොනවා වුනත් මගේ පෝස්ට් එකෙන් හරි කමෙන්ට් වලින් හරි යමෙකුට හානියක් වෙනවා නම් ඒ ගැන මගේ පුර්ණ වගකීම මන් බාර ගන්නවා . සහ ඒ ගැන සමාවත් අයදිනවා .
    තව දෙයක් අතරමගකදී හිනාවුනයි කියල මන් මහා පරාර්ථ කාමියෙක් වෙන්නෙවත් එහෙම හිනා නොවුනයි කියල ආත්මාර්තකමියෙක් වෙන්නෙවත් නැහැ .
    හැබැයි අර හැමෝම එන පිටරට පන්සලකදී අහක බලන් යාම වගේ සිද්ධි වලදී නම් ඒ ය ගැන පොඩි අදහසක් ගන්න හැකි. එහෙම නැතුව ගුවන්තොටුපලවලදී වගේ නන්නාදුනන තැන වලදී තමන්ගේ ආරක්ෂාව තකා එහෙම ඉන්න අයව අපිට ඒ මිම්මෙන් මනින්න බැහැ. මොකද බැංකොක් වල මහා නරක ජාවාරමක මුලිකය ලංකාවේ බව මන් ලඟදි කියෙව්වා . ඔයවගේ සිද්දි අනන්තයි.
    මගේ තත්වේ වෙනස් මන් පවුලත් එක්කම යන ගමන් වලදී ආරක්ෂාව වැඩි නිසා මම එහෙම හිනා වුනා කතා කලාට අනික් හැමෝටම එහෙම බැහැ .
    කොහොම වුනත් මගේ වගේම ඔබේ අදහසුත් එකසේ වැදගත් .

    ReplyDelete
  41. @ මාරයා ..

    අපි නොදන්නා වවුනියාවේ කැරට්. මටත් අමු කැරට් කෑල්ලක් කන ගානේ මතක් වෙන්නේ අර ලස්සන වැව් පොඩ්ඩ

    ReplyDelete
  42. මමත් කවද හරි ආසා‍වෙන් යන්න බලන් හිටපු රටක් තමයි පැරිස්... ලංකා‍වේ අය ඔච්චර ‍ගොඩක් ඉන්නවනම් ‍නොගිහිල්ලත් බෑ ව‍ගේ. අක්කා කලිනුත් කිව්ව ව‍ගේ සමහරවිට අ‍පේ නැදෑ‍යෝ කට්ටියකුත් ඉන්නවා එ‍හේ.සමහරවිට හමුවුණාද දන්‍නෑ..

    අයි‍යෝ කවිමුතුමල් update ‍වෙන්‍නෑ ‍මොකක් හරි තාක්ෂණික ‍දෝශයක් අක්‍‍කේ

    ReplyDelete
  43. @ අසංක
    ඔයා චිත්‍ර කලාවේ හපනෙක් නිසා යන්න ඉඩක් ලැබුනොත් ගිහින් එන්න . විභාගේ ඉවරද . ඉවර නැත්නම් ඕව ගැන කරදර වෙන්න එපා . අපි හිමින් හදා ගමු .

    ReplyDelete
  44. මේ ඊයෙ පෙරේදා අපිත් ඔහොම ගිහින් උළුඳු පිටි හොයාගෙන ආව, ඉංග්‍රිසියෙන් නම දන්නෙත් නෑ, කොහොමහර මලයාලි කඩේකින් උළුඳු කියලම හොයාගත්ත...

    ReplyDelete
  45. @ චේජනා,
    හත්තිලව්වයි මලබාරි ජපානෙත් කඩ දාගෙන ඉන්නවද... මම හිතුවෙ අපි මෙහේ ඉන්න මලබාරින්ට කියන..

    " නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිහින් බැස්සම ..චායී.. චායී.. කිය කියා දුවගෙන තේ විකුනන්න මලබාරියෙක් ආවලු "

    .. කියන කතාව විහිලුවක් කියල..

    ReplyDelete
  46. @චේජනා:
    උළුදු පිටි වලට දෙමලින් කියන්නේ උළුන්දු (Ulundu) මා (මා=පිටි) මලයාලි හා කන්නාඩ (කර්නාටක) බාසවෙන්ද ඒ වචනයමයි.

    ඉංග්‍රීසියෙන් Urad dhal/Urid dhal කියනවා.

    ReplyDelete
  47. නෙළුම් විලේ Views දහදාහ කඩඉම පසුකිරීම වෙනුවෙන් සුබපැතුම්!

    ReplyDelete
  48. ස්තුතියි ඩින් අය්යා. මටත් පෙර ඔබ එය දුටුවාට . මේ දවස් ටිකේ ටිකක් එහෙට මෙහෙට දුවනවා .ඉස්කෝල පටන් අරන් . මුල් සතිය දෙන්නට වේලාවන් දෙකකට ඇරෙන්නේ . ලබන සතියේ ඉඳන් ටිකක් විවේකය ලැබෙයි .

    ReplyDelete
  49. හ්ම්...ඈතින් ඉන්නකොට තමා තමන්ගේ අයගේ අගේ දැනෙන්නේ

    ReplyDelete
  50. ඔන්න 10000 ට මගෙනුත් උණුසුම් සුබ පැතුම් .....

    මට මාර හැපී අද මොකද නෙළුම් විලට මුලින්ම කමෙන්ට් එක දැම්මෙ මම නිසා, ඒ වගේම මගේ කමෙන්ට් එකක් නැති එකම පෝස්ට් එකක්වත් මේ නෙළුම් විලේ නැහැ ...

    මට ඇත්තටම සතුටුයි මේ තරම් ඉක්මනට මෙච්චර දුරක් නෙළුම් විල ආපු එක ගැන .......

    එහෙනම් දිග ගමනකට මගෙන් ආයිත් සුබ පැතුම් .....

    ReplyDelete
  51. අන්න ඔයාගේ පිණි බිඳු මල්ලිව ආයිත් අයියා කෙනෙක් කරලා ....
    මම හිතන්නෙ පිණි බිඳුගේ ග්‍රහ මාරුවක් තියනවා මේ දවස්වල ...

    ReplyDelete
  52. ගොඩක් ස්තුතියි කල්හාර . හිතේ කහටක් නැති හොඳ මිතුරන් හමුවීමේ වාසනාව මට ඇතැයි සිතෙන්නේ ඔබ වැනි අය හමු වුනිසයි .
    පිනි බිඳු කොල්ලෙක් වෙන්න ඇති ගිය ආත්මේ

    ReplyDelete
  53. කල්හාර , වාසනාවන්ත අතකින් පළමු කමෙන්ටුව ලැබුන නිසා වෙන්න ඇති මෙච්චර දුරක් එන්න ලැබුනේ

    ReplyDelete
  54. 10 000 ට මගෙනුත් සුබ පැතුම්! බින්දිට දිඟට හරහට ලියන්නට ඉඩ ලැබේවා!
    (බනියලගේ තාත්තාගෙන් ලැබෙන පූර්ණ සහයෝගයට ස්තුති කල බව කියන්ඩ)

    ReplyDelete
  55. he heee,,, pini bidu apitath nokiyama ehenam loku wipiriyasayak koran ehenam a....???? ane hapoi gaum podi,saya podi aye adinna asa nathei???? eth ithin mona karannada neda deyyo hitapu gaman samahara euwath wenas koranawalune... pini binduwatath ehema wela wentathi maye hithe... :)

    ReplyDelete