Friday, 19 August 2011

දස දහස් වරක් ආ ඔබටයි මේ මල




ගෙවා බාලය උරහිසට ගත් ජීවන    කද
කතා නැතුවම කර තබාගෙන  යන  සඳ
නෑවිදින් තරඟෙට තනිව දුක්           විඳ
කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ


කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට
තනියක්  නොදී  දුක සැප දෙකම බැලුවට
තනිකර දමා මන් දුර ආපු වරදට
මුවහත් නැතිය පන්හිඳ එදා තරමට


වැරදි වැරදී ඉවුරු         බඳවා
පුංචියට ''නෙලුම් විල'' තැනුවා
අතින් ගෙන විත් වතුර පුරවා
මුලදී නම් බොහෝ නිදි මරුවා


සුබ පැතුම් ගෙනා මදනල පවා
මල් සිඹී තව සුවඳ කව කවා
ආකහෙත් සීත පිනි බිඳු ඒවා
හිරු උදේ අලුත් මල් පිබිදුවා

කවරදාවත් නොදුටු මිතුරන්
ඇවිත් අද වුනා මට සොයුරන්
දුන් ඔවා මිණිද වැනි මසුරන්
සතුට මට නොමැති එක සතුරන්

සුවඳ විඳ නොගොස් මේ මල්වල
නතර වී අලුත් මල් පැල කල
සොඳුරු සංවාද දෙස බල බල
සැනසුනෙමි මම රැයද දහවල




පිපෙන විට මල් හෙමින් එක දෙක
නාවොතින් කෙනෙක් යන්නට දැක
පරවෙලා ගොහින් එය        දවසක
විලට සහ මල් වලට මයි           දුක



කෙනෙක් දෙන්නෙක් සියක්, දහක් නොව
දස දහක් විලට ආ ගිය                       බව
දැක දැකත් නොලියාම තුති               කව
කෙලෙසකත් ඉඳිමි බලමින්               තව




නම දත් නොදත්  අය  මව් බිම සිට පැමිණි
පැටි කළ හිතවතුන් සහ  දුර රට       මිතුනි
දිරි දී පිරිත් පැන් ඉස විල දිය          පිරුණි
''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි      සඳුනි


ඉස්සර කවි ගී කුරුටු ගෑවේ කොළ කෑලි වල හරි පොත්වල අග පිටුවේ හරි . එහෙම නැත්නම් පාසලේ දහම් පාසලේ තරගෙකට . හෙම ලිව්ව කොළ කෑලි පස්සේ කාලෙක ආගිය අතක් නැහැ . සටහන් පොතුත් ඒ සනාතන දහමට යට වුනා . යම් යම් කාලවල පත්තර වල හරි සඟරාවල හරි පලවෙච්ච එව්වත් කටුසටහනක් තියාගන්න හරි කොපියක් අරන් තියා ගන්න හරි ඕන කමක් නොතිබුනේ ඇයි මන්ද  . එක්තරා කවි ටිකක් නම් ඒවාට නිමිති වුන කෙනා ලියුම් කරදහි මිටියත් එක්කම පරිස්සමට තියා ඇති බව නම් දන්නවා .

ඒ කාලේ ඉතින් පත්තරේක පලවුනොත් ඇර ලියන දෙයක් අනික් අයට බෙදා ගන්න විදිහක් නැහැ . ලඟම යාලුවෝ විතරයි කියෙවුවෙ . අද වෙනස් ලියන දේ තත්පරෙකින් අලුක්කාලක් යන්නත් කලින් සයිබර් අවකාශයේ විසිරිලා යවන්න පුළුවන් . කියවන අයට අදහසක් දෙන්නත් යන්නේ ඒ වගේම වෙලාවක් . ඒ ගැන අපි මේ අලුත් තාක්ෂණ ලෝකෙට ස්තුතිවන්ත වෙන්න ඕන . දියුණුවේ නරකම දකින අපිට මෙතැනදී නම් එයට හිස නවන්නම වෙනවා .

ඉතින් ඉස්සර ම දවසක 4 පන්තියේදී ''නොපෙනී ගිය සරුංගලය '' කියල ලිව්ව රචනාව පාසලේ හැමෝටම පෙන්නලා ඒක ට වරාවසනයේ විශේෂ තෑග්ගක් දීපු කැලණියේ කුමාරි බාලිකාවේ [ අද හෙලේනා බාලිකාව ] ඉන්ද්‍රානි ගුරු මවට මම සදා ස්තුතිවන්ත වෙනවා . ශිෂ්‍යත්වේ පාස් වුනහම අම්ම වගේම සතුටු වුන ''එදිරිසිංහ '' ලොකු ටිචට ..ඒ ඉස්කෝලේ මගේ පුංචි යාලුවන්ට කවදාවත් කරන්න බැරි වෙච්ච ස්තුතිය ක් තියෙනවා මගේ සිතේ . නම් ගම් ලිව්වට කමක් නැහැ . අද කිව්වේ නැත්නම් ආයේ අවස්ථාවක් නොඑන්නත් ඉඩ තියෙනවා .

ගේ පුරා අගයක් නැතුව කියවන්න පොත් පත් පුරවපු ...ජිවිතේ මුල් අකුරු කියාදුන් අම්මට තාත්තට ..අගයක් නැතුව පත්තර හුවමාරු කර ගත් අසල්වැසියන්ට ..[අපොයි මේ ලිස්ට් එක කෙටි කළ යුතුයි ]..කොටින්ම මන් මගේ ජිවිතේ ස්තුතිවන්ත වෙන්න ඕන පිරිස ලැයිස්තු ගත කලොත් ලියල ඉවර කරන්න ජිවිත කාලෙත් මදි වෙයි.

කොටින්ම මාවටා සිටිමින් බස් වල ..මහමග මට ලියන්න දේවල් සොයා දීපු දන්නා නොදන්නා සියල්ලන්ට ..සීත චමත්කාරයෙන් පිරවූ වලාකුළු වලට අහසට සඳට ඉරට කොටින්ම මුළු මහත් පෘථිවි තලයට මගේ ආදරය සහ ස්තුතිය .

පස්සේ කාලෙක විශේෂයෙන් ලංවී ආදර බර හැඟුම් පුරවා ජිවිතයට සෑම සුන්දර දෙයක්ම ගෙන දුන් බනිලාගේ තාත්තට විශේෂයෙන් ස්තුතියි.
ලියන හැම අකුරක්ම ලැබෙන හැම අදහසක්ම කියවන ..ලියන්නට නිතරම කරදර කරන ..ලියනවා නම් කඩෙන් කෑවත් ඉවසන ..දැක්ක දුටු දේ වලින් තොරක් නැතුව මගේ ඔලුව පුරවන ..ඔබටයි මේ නෙලුම් මල .
'
'නෙලුම් විලේ ''ස්ථිර පදිංචි කාරයින් 87 ට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නම ඕන .

ඉතින් තව කව්ද ..ඇයි මගේ මල් සුවඳ බලල විතරක් නතර නොවී විලට පැන් ඉහල ...නෙලුම් විලේ මල් තව සුවඳ කවන මගේ සදාදර මිතුරු මිතුරියන් .නම් ලියන්න නම් බැහැ. හේතුව එක නමක් හරි මතක වුනොත් හෙම . මේ හැමෝම මට එකසේ වටිනා නිසා එහෙම දෙයක් වුනොත් මට ඒක ලොකු දුකක් .
නම් නොලිව්වොත් ඒකත් ලොකු අඩුවක් . ඉතින් ඒක නමක් හරි මට අමතක වුනොත් පෘතග්ජන අසරණ මම  සිය දහක් වරක් .සමාව අයදිනවා .

මුල්ම කමෙන්ටුව ලියු කල්හාර ..ගම් පළාතේ හසිත මලය ..සත්සමුදුරේ දිනේෂ් ..අලුත් කොල්ල ..සරත් ලංකාප්රිය..තාරක දිල්ෂාන් ..කතන්දර ලොකු අය්යා ...T G නගා ..දුකා ..ඉන්දික උපශාන්ත ..චේජනා ..මගේ ජීවිතය ..පොඩි කුමාරිහාමි ...සොඳුරු සීත ..මේ අය තමයි මුල්ම පොස්ට් කීපයට අදහස් දීල මාව දිරිමත් කලේ .

සඳරු මලය ..තිස්ස...තීර්ථ යාත්‍රිකය ...starry Angel ...පසු කලෙක එකතු වුනා . බුලත් කතාවෙන් එකතු වෙච්ච නලිනියි ..බුරතිනෝ යි රුසියන් කතා ගැන ලියන්න මගේ මතක අවුස්සලා නොහිතපු ලෙස රසවත් සංවාදෙකට මුල පිරුවා . බුරතිනෝ හෙවත් ලි බෝනික්කා ලිපියත් මගේ ආදරවන්තයෝ ලිපියත් මම අදත් නිතර පෙරලා බලනවා . මොකද මට ම විශ්වාස නැහැ අපි මේ තරම් රුසියන් පොත්වලට ආදරේ බව .


නෙලුම් විලට වසන්තය උදාවුනේ ඒ ලිපි දෙකෙන් කිව්වොත් වරදක් නැහැ Manodya Rasanjana ...
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත ...රංග ..පැතුම් පුංචිහේවා ...හා පැටික්කි ..නිතා .අභීත ..හර්ෂණ 1985..ම ..දී ...ශේන්යා ..මට නිතර උදව් දෙන ගල් මල් හෙවත් ඩින් අය්යා ..කසුන් තරංග ..ඕනයා ..රෝස කුමාරි .මුතු මැණික් .කලණි....පිනි බිඳු ..නිතා ...සහ ලෝබ නැති කමෙන්ට් දෙන සුජීව ..බුරයි නලිනියි ටි ජි යි එක්ක එකතු වෙලා රුසියන් පොත් ගැන කරගෙන ගිය සංවාදයෙන් මම ත් කොපමණ ඉගෙන ගත්තද .
රත්ගමය ..රවී ..සජිවනි ..ලකී ..අයේෂා ..දිලීප ..චතුරංග ...සපතේරු ...සෝඩා ගුණේ..මාරයා ..චන්දි අක්කා ...මගේ ළමා මිතුරු චන්දි සහ පොත් ගුල්ලා ..ඕල් ඉන් වන්...මහේෂ් ..පුසා ..බ්ලොග් ගඩොල් ..අසංක මල්ලි ..සංචාරකයා , ගිම්හානි .සජි ..තාරා ..දමිත් ශ්‍රියන්ත ..චතුර ..නවම් ..මනිදු ශානක ..ඔය අයත් මට සවියක් වුනා .

ඊ මේල් කවිකාරි ...හරි - පිනි පලස ..කාංචනා අමිලානි ..MDM බස්සා..රන්ගි ...චුටි මහත්තය .[බුද්ධි ]..මුහුදු කොල්ලකාරයා ..සංජය සිතුවිලි .නිම්ෂා ..නිෂ් වත්  මට අමතක නැහැ .
ගල් මල්, කල්හාර , චන්දි දහ දාහ පැනපු එකට සුබ පතලත් තිබුන .

ඔය ඉතින් මම පරණ පොස්ට් පීරලා කමෙන්ට් කරපු සේරමගේ නම් ටික හොයලයි ලිව්වේ . ටිකක් වෙලා ගියා . ඒත් එහෙම කරන ඒක මගේ යුතුකමක් කියල හිතුන . අනේ මට නමක් මග අරුණ නම් සමාවෙන්න ඕන .මිට අමතරව    මට ස්තුති කරන්න තව පිරිසක් ඉන්නවා . ඒ තමයි මුණු පොතෙන් අඳුන ගත්තු අලුත් යාළුවො ඉන්නවා කියවල යන . ඒ වගේම කියවල සටහනක් තබල යන්න  බැරි වෙන සියල්ලන්ටම මගේ ස්තුතිය .
 මගේ පරණ පාසල් මිතුරු මිතුරියන් ඉන්නවා මේක කියවන . කියන්න ආඩම්බරයි මගේ යාලුවෙක් සහ  දැන් meddi  යක් වන ''පොඩ්ඩි'' ගේ දු පොඩ්ඩත් මේ ලිපි කියවනවලු. ඒ හැමෝටම ස්තුතියි . ඒ වගේම මගේ සේවාස්ථාන වල පරණ මිතුරු මිතුරියන් ද අමතක කරන්න බැහැ . ඒවගේම හැනොයි වල මගේ මිතුරු මිතුරියන්ටත් මෙය කියවනවට ස්තුතියි.

මන් මේ ලියද්දි රණ්ඩු වෙවී යාලු වෙවී ගේ දෙක කරන මගේ ආදර ලොක්කිටත් බනිටත් ස්තුතියි.

අවසන  තව දෙයක් කියන්න ඕන . මට උවමනාව තිබ්බ හැමෝගෙම බ්ලොග් වල ලින්ක් එක්කම නම දාන්න . කළ වෙලාව ඉඩ දෙන්නේ නැහැ ඒකට. ඉතින් මේක මගේ නැවුම් අදහසක් නෙමේ වුනත් කැමති නම් ලින්ක් ටික පහල දාල යන්න .


ස්තුතියි නැවත නැවතත් ...

49 comments:

  1. පසු කරන සෑම කඩ ඉමක්ම තවත් දුර ගමන යන්නට අපිට ශක්තිය දෙනව. මේ වගේ තවත් කඩ ඉම් ගොඩක් පසු කරන්නට, නෙලුම් විලේ තවත් වැඩි වැඩියෙන් මල් දකින්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනව!

    ReplyDelete
  2. බින්දී ඔබට සුබ පැතුම්. අපිටත් කේක් දුන්නට බෙහෙවින්ම ස්තුතියි.

    ඉතින් කලා ලෝකයේ සාහිත ලෝකයේ මෙන්ම සැබෑ ලෝකයේ ද රස පිරුණු සුන්දර තැන් අතරින් අප අරගෙන යන නෙලුම් විලේ අයිතිකාරියට අපේ ස්තුතිය.

    ----------------
    මේ දවස් වල ලියවෙන තරම අඩුයි. මං ඉතින් මගේ බ්ලොග් ලියනවට වඩා අනික් අයට කොමෙන්ට් තමයි දාන්නේ. සමහර විට දිනපොතක් ලියනවට වඩා ගෙදර ඉස්සරහ තාප්ප කෑල්ලේ ගැන්සියත් එක්ක වල් පල් කතා කර කර ඉන්න ආසාව වැඩි නිසා වෙන්ට ඇති. ඒත් මට දැන් ටිකක් ඒ වැඩ අඩු කරන්න වෙනවා.

    එන අවුරුද්දේ මං කරන කියන දේ අනුව මෙතන ඉඳලා ඉතිරි වෙලා තියෙන ජීවිත කාලය තීරනාත්මක විදිහට වෙනස් වෙයි. මේක සමහර විට ඒ ලෙවල් වලින් පස්සේ මා මුහුණ දෙන තීරණාත්මකම කාලය වෙන්න පුළුවන්.

    මං දැනට හිතන් ඉන්නේ සති දෙකකට එක පෝස්ට් එකක් ලියනවා මගේ බ්ලොග් හතරෙන් එකක [ප්‍රොෆයිල් එකේ ඇති - මුහුණු පොතෙන් දැනුම් දෙන්නම්] හෝ අසංක මලයාගේ කවිමුතුමල් අතර. කොමෙන්ට් අත්‍යාවශ්‍ය ඒවාට පමණක් සීමා කරන්න හිතුවා. ඒ කියන්නේ මා ඔබේ බ්ලොග් නොකියවන බව නොවේ.

    මේකට කැමතිම නම් කොමෙන්ටර්'ස් බ්ලොක් කියන්න පුළුවන්. හැබැයි සංවාදයට හිතේ ඇති බ්ලොක් එකක් නොවේ ඇත්තටම ඉතිරි වැඩ වෙනුවෙන් කාලය වැඩිපුර දෙන්නයි එහෙම හිතුවේ.

    ඒ නිසා මාත් එක්ක කට්ටියම කීප් ඉන් ටච් හොඳේ. වැනිෂ් වෙන්නේ නැහැ ඉන්විසිබල් වෙනවා මිසක්.

    [බින්දී ගැනට වඩා මා ගැනයි ලියවුනේ]

    ReplyDelete
  3. ඔබ යන මග තව සිය දසක් සියපත් පිබිදේවා ....

    ReplyDelete
  4. කෙටි කලකින් සිංහල බ්ලොග්කරණයේ විශාල ප්‍රගතියක් අත් කරගත් ඔබට මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  5. සැජ්ජාවේ බැ අපේ නමත් ලියවිලානේ.............

    අපේ බින්දි අක්කට තවතවත් සියක්දහසක් නෙළුම් මල් පුබුදුවන්න ලැබේවා කියලා පතනවා අපිත්.....!!!!

    මට දුක අර අයියා ගැන. හපුච්චේ අක්කා මෙතන අකුරු 100ක් ලියලා අර අහිංසක අයියට කඩෙන් කවනවනේ...... සංසාරේ...... හික්ස්....

    අර බනියලා දෙන්නා මාත් අඳුරනවා නැතැ. ඒ දෙන්න නිසා මේ දවස් වල කාලේ කැරකිලා හොඳටම බිසී කිව්වානොවැ. ඒත් මේ ලියලා තියෙන්නේ අපූරු පද පෙලක්.

    ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ. ඕන් අපි ගීන් එඤ්ඤං.

    ReplyDelete
  6. තව බෝ පියුම් කැකුළු පිපේවා
    පිපි මල් සේයා විලේ දිලේවා
    දිලි මල් සුවඳ දසත පිරේවා
    පිරි විල හැමදා යහින් බැබලේවා

    ReplyDelete
  7. සුභ පැතුම් අක්කේ!
    අර්ථාන්විත සහ වැදගත් මාතෘකා ලියවෙන බ්ලොග් අඩවියක හිට්ස් වැඩි වෙන එක නවත්තන්න කාටවත් බෑ :)

    ReplyDelete
  8. ඔන්න බින්දියේ මගෙන් ආයෙත් සුබ පැතුම් ......
    ඇත්තටම මට දැනෙන සතුට වචනෙන් විස්තර කරන්න බැහැ .....
    කවදාවත් කතා නොකලට පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා හිතට ...

    ReplyDelete
  9. එන යන ඔරු ගණන තව තව වැඩි වේවා
    පිබිදෙන නෙළුම් මල් වල ගුණ වැඩි වේවා
    විහිදෙන සුවඳ දස අතටම මුසු වේවා
    එසුවඳ විඳින්නට බොහො දෙන රැස් වේවා

    ReplyDelete
  10. දිනෙන් දින සකි විපුල නෙළුමේ පූදිනා විල දෙස බලා
    දැනුම සතුටද විටෙක කවියද රසය මා හද මත් කලා
    එවන් විලකින් සුවය විදිනට දස දහස් නෙත් රුචි කලා
    බින්දියේ තව තවත් ලියපන් අසිරි පැතුමද එක් කලා

    ReplyDelete
  11. බ්ලොග් ලෝකයේ මට අකුරු කියවූ ගුරුතුමියනි,
    ඔබේ නෙලුම් විලේ සහසක් මල් පිබිදේවා!

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුබ පැතුම් අක්කන්ඩි .. අපි ඉතින් මෙහේ නෑවිත් ඉන්නවයෑ !! .. කියවන්න ආස හිතෙන බ්ලොග් එකක් කොහෙද අපි එතන

    ReplyDelete
  13. නෙලුම් විලේ දහස් ගනන් මල් පිපේවා.
    විශේශ ස්තුතිය බනීලගේ තාත්තට.
    එයා ලගට වෙලා ඉන්න ඕන වෙලාවෙ කොම්පියුටරේ ලගට වෙලා කොටන්න ඉඩ දුන්නට.

    සුන පැතුම්!!

    ReplyDelete
  14. ජීවිතේ ගමන් මග...
    ඇවිද යත්දි අප ..
    වෙහෙස වෙත්දී අප...
    ලෝකයේ රස කතා මිටි ගෙන ...
    අපට පෙන්වන ..
    අපට මුසු කළ...
    දැනුම එක් කළ...
    නෙළුම ඔබ ..
    දස දහස් අප වෙතට...
    ලබා දුන් සිත් සතුට ...
    නිරාමිස සතුටක්ව ..
    ඔබටම ලැබෙන විට ...
    ඒ සතුට නියතයි ..
    ඔබට දිරි දෙන බව ..
    තව තවත් ලියන්නට.
    දහ දහසක සතුට ...
    ----බින්දි , බ්ලොග් කළාවේ අප වන ආරම්භකයන්ට පවා අත දෙමින් , ලොව දැනුම අපට දුන් ඔබට තව තවත් ලියන්නට දිරිය ශක්තිය ලැබේවා යයි පතන අතරේ ඔබට මේ වස්ථාව දෙන ඔබ පවුලේ සැමටත් ආසිරි පතමි .

    ReplyDelete
  15. ඕල් ද බෙස්ට් කිවුවා බින්දියේ.. මේ ඉතිං පට්ටාං ගත්තා විතරයි හරිය.. මේක තව බොහෝදුර යන්ට ඕන බ්ලොග් එකක්.. ජය වේවා කිවුවා..!!

    ඔයාට කියන්න, 'බුරතිනෝ හෙවත් ලි බෝනික්කා' පෝස්ට් එක මාත් සැරින් සැරේ ආයෙමත් ගිහිං කියවනවා.. මම ආසම පෝස්ට් එක, කොච්චර කියෙවුවත් ඇතිවෙන්නෙ නෑ.. :)

    ReplyDelete
  16. මගෙනුත් සුබ පැතුම් නෙලුම් විලේ හැමදාම ලස්සන නෙලුම් මල් පිපෙන්ට....

    බනීලාගේ අප්පච්චිට තමයි විශේෂම ස්තූතිය...

    එයාටත් උදෙන්ම මලක් කාරිය දුන්නද?...:)

    ReplyDelete
  17. සුභ පැතුම්..!

    තව තවත් ලියන්ට...පුළුවන් වෙච්ච වෙලාවට කියවඤ්ඤං...

    ReplyDelete
  18. @ මුහුදු කොල්ලකාරයා, TG , සුජීව ,හා පැටික්කි , ගල්මල් ,පුසා ,කල්හාර සහ සජිවනි ,චතුර ,පොත් ගුල්ලා ,ගිම්හානි .,මහේෂ් , බුරතිනෝ ,.පොඩ්ඩි,,මාරයා ,,Outsider ...දිනේෂ් ,..

    මිතුරු මිතුරියන්ට වඩා සොයුරු සොයුරියන් සේ මට ලංවූ ..සුබ පැතු ඔබට නැවතත් ස්තුතියි. වෙන වෙනම ලියන්න ඕන වුනත් අද ඉතින් හරිම වැඩ වැඩි දවසක් . ආයේ ඉක්මනට පොස්ට් එකකින් හමු වෙමු

    ReplyDelete
  19. නෙලුම් විලේ පිපෙනා හැම නෙළුමක්
    ගෙනේය නිබදව සුපුරුදු සුවදක්
    පන්හිඳ මුවහත නැත කිසි අඩුවක්
    තවත් නෙලුම් මල් පිපේවි දහසක්

    ReplyDelete
  20. ඉදල හිටල ආවේ මම නෙට් පැත්තේ
    ඒ ආ විටදි දැක්ක මේ විලෙ තත්වේ
    නෙළුමට ඇදෙන බභරුන් කැලගේ සද්දේ
    ඔබහට ජයම වේවා බින්දී අක්කේ......

    පාළුව කාන්සිය යන්නට ඒ කාලේ
    කිවළු එවුන් ගොතලා සී පද තාලේ
    පාළුවෙ ඉන්න මිතුරන් කැල අද කාලේ
    නෙට් ඔස්සේ සෙට් වෙයි මේ වගෙ රාලේ

    සිංහල වචන කොළ බොක්කට වදින්නට
    ලියලා එක එකා ගේ හදවත් පැලෙන්නට
    බ්ලොක් කරණයට දිගු ආයුෂ ලැබෙන්නට
    බින්දියේ ලියාපන් බ්ලොග් ඉරු පිරෙන්නට....

    ReplyDelete
  21. "මග අරුණ නම් සමාවෙන්න ඕන" මඟ අඳුරුනම් තමයි අවුල!
    ඔන්න ඉතින් නෙළුම් නොදැක කලල් දැක්ක කියල හිතන්න එපා.

    නමින්ම මතක් කරල තිබ්බ දැක්කම හරි සතුටක්ද ආඩම්බරයක්ද මන්ද දැනුනෙ!

    ජය වේවා...දිගු ගමණකට....!!

    ReplyDelete
  22. බින්දි,

    ඔයාගෙ නෙලුම් විල හරිම රසවත් ලිපි වලින් පිරුන තැනක් විතරක් නෙමෙයි... අපේ කාලයෙ බ්ලොග්කරුවන්ට මුණගැහිල දොඩවන්න, රණ්ඩුවෙන්න , ඉගෙනගන්න හොඳ ආලින්දයක් වුනා... අපි පෝස්ට් එකට අදාලව හරි නැතුව හරි මොනව කියෙව්වත් ඔයා කවදාවත් ගෝරි දැම්මෙ නෑ..

    ලෝකය හරි පුංචියි... දවසක බනියලෑ තාත්ත එක්ක පොඩ්ඩක් සෙට් වෙන්නත් ලැබෙන්නැතෑ...

    නෙලුම් විලේ බැලුම් දසදහස් දහයක් සපිරෙන දාටත් මේ වගේම සුබපතන්න ලැබේවා.. !!

    ReplyDelete
  23. ඇත්තෙන්ම මගේ සාම්ප්‍රදායික වදන වන "පට්ට" කියන වචනේ නම් මෙතනට දාන්නම වෙනවා.මොකද මගෙන් ගිලිහිලා තිබ්බ කවි ලෝකය ආපහු ලැබුනේ බින්දි අක්කා හින්දයි.ඒකේ ප්‍රතිඵලය තමා 'කවිමුතුමල්'
    ඔය 10000 ක් කියන්නේ මේක බලන වාර ගණනටත් වඩා බ්ලොග් ලිවීමේ පරිණතභාවය කියලයි මට හිතෙන්නෙ.

    මගේ අනිත් බ්ලොග් එකේ මුලින්ම කොමේන්ට් එක දාලා මාව දිරිමත් කිරීමම තමා මෙච්චර කාලයක් මාව බ්ලොග් කලාවේ රැදීමට හේතූව වුණේ කියලයි මං හිතන්නේ.ඒ අතින් බින්දි අක්කට කොහොම ස්තූති කළත් මදි.

    තව අවුරුදු ගාණක් බ්ලොග් එක ලියන්න අවස්ථාව ලැබේවායි පතමි.
    තව විශේෂ දෙයක් කියන්න ඕනේ...මම හිතන විදියට මම විතරක් නෙමේ ගොඩ දෙනෙක් මේ නෙළුම් විලට මෙතරම් ආසා බින්දි අක්කා ලියන විදියට.ඒකේ අමුතුම ගතියක් තියෙනවා

    ReplyDelete
  24. මගෙනුත් සුබ පැතුම් බින්දි,

    ඔයා නිතර අපේ සැපදුක් බලල ගියාට පහුගිය මාසෙ නිවාඩුවට ගම රට බලා ගිය නිසා වැඩිපුර එහෙ මෙහෙ කරක් ගහන්ට වෙලාවක් තිබ්බෙම නෑ......දැන් හරි ඔන්න......

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. දිගටම ලියන්න සුභපැතුම්!

    ReplyDelete
  27. ඉතා කෙටි කාලෙකින් අපි මේ තරම් සොයුරු පෙමක් ගොඩනැඟුවේ කොහොමද? කියල හිතනකොට හරිම පුදුමයි. හැමෝම නෙළුම් විළට ගොඩ නැගෙන්නේ විලේ පහස විඳ ගන්නයි. ලෝකය ගැන , පර්සරය ගැන විවිධ පැතිකඩ වල් වලට අපිව අරන් යන්නත්, ඒවා රසවත් ලෙස ලියන්නටත් බින්දිට තියෙන හැකියාව හරිම අපූරුයි. නංගියේ මේ නෙළුම් විලේ සුවඳ ලොව දස අතම විහිදේවා! කියල සෙනෙහසින්ම පතනවා. මේ සදහා උදව් උපකාර කරන නොදුටු මල්ලීටත්, ලොක්කී හා බනී දියනියන්ටත් අපේ ආදර බර ස්තූතිය. ජයම වේවා!.

    ReplyDelete
  28. උනුසුම් සුභ පැතුම් බින්දී . .

    දිගටම ලියන්න . .

    අපි හරිම සතුටින් මේ නෙලුම් විලේ මල් නෙලන්නේ . . .

    ReplyDelete
  29. මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    මමත් අවුරුදු පහලවකට විතර පස්සෙ කවියක් (වගේ එකක්) ලිව්වෙ බින්දි ගෙ නෙළුම් විල නිසානෙ...

    ReplyDelete
  30. මම නම් බ්ලොග් ලියනවට, කොමන්ට් කරනවට වඩා කියවන කෙනෙක්. අන්තිම කාලේ කියවන්න දෙයක් නැතිව වේලි වේලි ඉන්දෙදි තමයි සිත් ආර ට ආවේ. ඒක හරහා තමයි බින්දිව හොයා ගත්තේ.
    කොහොමත් ඔය හිට්ස් වගේ දේවල් ගැන මට තියෙන්නේ හිස් අදහසක්. ෆලෝ අප් කොමන්ට්ස් නැති වුනත් වැදගත් යමක් ලියන බ්ලොග් වලට මම නම් කැමතියි. ඒක හින්දාම මම නම් කොමන්ට් කරනවත් අඩුයි. ඒකෙන් කියන්නේ කියවන්නේ නෑ කියන එක නම් නෙමෙයි.
    ඉස්සරහටත් අපිට යමක් කියවන්න ලැබෙන බ්ලොග් එකක් දෙන්න බින්දිට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  31. අපිට කියවන්න යමක් දෙන්න, ඔබේ කාළය වැයකරනවට පිං.
    මම නං හිතන්නෙ හිට්ස්, කොමෙන්ට්, ෆලෝ අප් අපට කෙසේ වෙතත් රචකයාට වැදගත් ඇති කියලයි. තව තවත් ලියන්න අවශ්‍ය ශක්තිය, ස්ව-ඇගයීමකට අවස්තාවක්, එයින් ලැබෙනවා ඇති. ඔය හිට්ස් ගාණ එහෙම වැඩි , මේ මං වගේ ඇවිත් , කොමෙන්ට් නොකර හෙමීටම ලුහුටලා යන හොර බස්සොත් ඉන්න හින්ඳයි.

    මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  32. පිපෙනු මැන සුවඳැති කුසුමක්ව
    ගිම්හානයෙත්, සිසිරයෙත් එකළෙසම
    නෙතට ප්‍රිය දසුනක්ව
    හිතට මුදු සුවඳක්ව

    නුඹට සුභ පැතුම් සොයුරියේ,,,

    ReplyDelete
  33. බින්දිගේ නෙළුම්විල මා කීප වතාවක් මීට පෙර කියවා රස විඳ ඇත.

    වේලාව ලැබෙන පිළිවෙලට මෙහි ඇති අරුත්බර ලිපි ලේඛන නිර්මාන කියවන්නට උත්සහ කරමි.

    වචන ටැක්සියට පැමිණ කොමෙන්ටුවකට කාලය මිඩංගු කිරීම ගැන තුති.

    ReplyDelete
  34. චන්දි ..හුනා ..ඉන්දික ..සපතේරු ...අයේෂා ..අසංක ..රවී ..චන්දි අක්කා ...දුකා ..ලකී ...රන්ගි ...බකුසු හාමි ..හරි -පිනිපලස .ඩෝසන් ..

    සුබ පැතූ ඔබ සැමට ස්තුතියි . ඔබ නැත්නම් කොයින්ද මට ලියන්න සතුටක්

    ReplyDelete
  35. සුභපැතුම් අක්කා. සතුටුයි හුඟාක්. දිගටම අපි ඉන්නවා ඔයත් එක්ක.

    ReplyDelete
  36. නියමයි නියමයි... රතු නෙළුම් සුදු නෙළුම් හැමදාමත් පිපේවා!!!

    ReplyDelete
  37. කවදත් රසයෙන් අඩු නොවූ පෝස්ට් අරගන එන බින්දි අක්කට බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්.!!!!

    ReplyDelete
  38. ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
    ------------

    පාලු කඩේ

    ReplyDelete
  39. අපුරුයි. මම නිතර එන තැනක් ඔබේ විල.. මගෙත් දස දහස් පියවර අගෝස්තු විස්ස.. (දහනමය රාත්‍රී ඇත්තෙන්ම..)
    ඔබට දස ලක්ෂයට යාමට මගේ සුබ පැතුම් මේ !!

    ReplyDelete
  40. දවස් දෙකතුනකට පස්සේ මේ පැත්තට එන්න ලැබුනේ.... උනුසුම් සුභ පැතුම් බින්දී..... දිගටම ලියන්න.... පුළුවන් හැම වෙලාවකම නෙලුම් විලට ගොඩවෙනවා..

    ReplyDelete
  41. දස දහසක් පියවරට සුභ පැතුම් ගෙනෙන්නට පමා වුණේ, අර ආසාවෙන් කියවූ අපේ ළමා රුසියාවෙන් මෙහෙ ආව මිතුරකුට ලංකාව පෙන්වීමට සවාරියේ ගිය නිසයි.

    බින්දිගේ නෙළුම් විල, හුදෙක් 'පෝස්ට්' පළ වෙන බ්ලොගයක් පමණක් නොවෙයි; සාකච්ඡා මණ්ඩපයක්. ඒ වගේම සුහදත්වයෙන් පිරි නවාතැනක්. දිගටම මේ බ්ලොගය පවත්වාගෙන යන්නට සුභ ප්‍රාර්ථනා.

    ප.ලි. මේ.... ඔයා මං දන්න කෙනෙක්ද? මං කිව්වෙ පාසල් හැර ගිය සමයෙදි විතර? :D

    ReplyDelete
  42. ස්තුතියි පිනි බිඳු...රෝස කුමාරි ..සෝඩා ගුණේ..පැණි දොඩම් ..නලිනි

    නලිනි මටත් ඔයාව නිකන් සංසාරේ කොහේ හරි දැක්ක වගේ ...දැනෙනවා . මුණු පොතෙන් මන් අහල එව්වා යාලු වෙන්න . කෝ නෑනේ උත්තරයක් . බලන්නකෝ මගේ නියම නමින් ඉන්නේ .

    සුජීව ඔන්න බැලුවා . සුබ පැතුම්

    ReplyDelete
  43. ස්තුතියි බින්දී ආවාට.

    ලියන්න මාර දිරි ගැන්වීමක් ලැබුනා මට අද. සැප්තැම්බර් වෙනකොට ඔෆිස් ගිනිගොඩ ටිකක් නිවෙන්නයි නියමිත.

    ReplyDelete
  44. බින්දි, මම දන්නෙ නෑනෙ ඇත්ත නම. කරුණාකර මෙසේජ් එකක් එවනවද? මම නාඳුනන අයව ඇඩ් කරන්න හොරයි.

    ReplyDelete
  45. ලොකු සතුටක් දැනෙනවා දැක්කෙ නැතත් එක රටේ ඉපදිලාඅ දැනුත් එකම රටක ඉන්න සොයුරියගෙ බ්ලොග් එකට 10000 දෙනෙක් ආ එක ගැන. සුබ පැතුම් බින්දි දිගටම ලියමු.

    මගෙ නමත් දැක්කා පෝස්ට් එක ඇතුලෙ. ඒක ගැන හරිම සතුටුයි මටත් දායක වෙන්න ලැබීම ගැන


    අර බස් පැදිල්ලක් නිසා බ්ලොග් ලිවිල්ලයි කියවිල්ලයි දෙකම නැවතුනා නොවැ මගෙ...

    ReplyDelete
  46. @ අලුත් කොල්ලා ,
    ස්තුතියි මල්ලි . ඒක තමයි හොරේ. කාලෙකින් මුකුත් ලියා නොතිබුණු

    ReplyDelete
  47. සිංහල බ්ලොග් අවකාශයේ නොයෙකුත් විල් තනාගෙන වෙන වෙන අනන් මනන් මෙන්ම බොහෝ වශයෙන් මඩ විතරක්ම බෙදන නමින් විල් අතර නමේ අරුතින්ම නෙළුම් විලක් තනා ගෙන බ්ලොග් අවකාශය පුරා නෙළුම් සුවඳ ඉසින...

    රුවින් දැන හැඳින නැතත් සයිබර් ලෝකයේ වැඩුමල් සහෝදරියක් ලෙසින් දිරි දෙන... සයිබරයේ නෙළුම් මල දයාබර බින්දි අක්කාට මගේ උණුසුම් සුබ පැතුම්...!!!

    මල් සුවඳ විඳින්න 10000 ක් ඇදිලා ඇවිත් නේද ? සන්තෝෂයි අප්පා. ඕක අගට තව බින්දුවක් එකතු වෙන්නත් තව ඒ හැටි කාලයක් නෑ. මොකද විලේ පිපෙන මල් ගාන වැඩි වෙන්න වෙන්න සුවඳත් වැඩි වෙනවා නොවැ...

    නෙළුම් විල කරවන්නට හොඳ හිසක් තිබීමත්, ඒ හිසේ අයිතිකාරිය ළබැඳි මිතුරියක් වීමත් යන දෙකම අගේය...! යෙහෙන් වැජඹේවා... ජය.

    ප/ලි... ප්‍රමාදයට සමාවෙන්න... සුභ පැතීම නොවැ වැදගත්. දුටු හැටියෙම කොටලා දැම්මා ඕං...

    ReplyDelete
  48. සුභ පැතුම් අක්කේ. පරක්කුයි වුණත් ආවා දීලා යන්න. ගමේ කමට අපේ කමට :)

    ReplyDelete