Thursday, 15 September 2011

බිඳුන පවුරක කැබලි විසිරී...






තාප්ප ඉදි කරන්නේ කුමටද ? තම තමන්ගේ වැට මායිම් ආරක්ෂාවටය . නගරාසන්නයේ දී ගෙවල වහලය තෙක් බැඳී උඩින් වීදුරු කටු හෝ යකඩ උල් වලින් සන්නද්ධ වන්නේ මායිම් රැකීමටත් වඩා සොර සතුරන්ගෙන් බේරිමටය . මදක් නගරයෙන් ඈත් වෙද්දී තාප්පද කොට වන බව මට සිතේ . ගම්බදට වන්නට තාප්ප ඉතාම කොටය . අල්ලපු ගෙවල් දෙකේ නෝනලාට හොරෙන් අනෙකා දෙස බැලීමටත් හිතවත් කමක් ඇත්නම් ඕපාදුපයක් හුවමාරු කරගන්නටත් මේ කොට තාප්පය නිසා හැකි වේ . බොහෝ විට ගම පළාත් වල තාප්ප ඇත්තෙම නැත . කටු කම්බි වැටක් , මල් වැටක් හෝ මෑතකදී ජනප්‍රිය වුන දැල් වැටක් හෝ වැටක් කියා දෙයක් නැති වීමටද හැක .


මීට අමතරව තාප්ප අත්‍යවශ්‍ය ස්ථානද තිබේ . සිපිරිගෙයට ඉතා උස තාප්පයක් තිබිය යුතුය . බලාගෙන ගියහම තාප්ප ගැන හඳුන්වා දීමට රචනාවක්ම ලිවිය හැකි බව සිතේ . ආරක්ෂාවට අමතරව තාප්ප වලින් වැඩිම ප්‍රයෝජනයක් ඇත්තේ පාප්ප නාගෙන එල්ලී සිටීමට අවශ්‍ය කට්ටියට අවශ්‍ය කාලයට එසේ සිටිය හැකි වීමයි. තාප්ප වල පෝස්ටර් ඇලවීම හැම රටකම පුර වැසියන්ට ලැබෙන වරප්‍රසාදයක් නොවේ. මේ වියට්නාමයේද එය තහනම්ද නැතහොත් එසේ අලවන්නට අවශ්‍යතාවයක්ද නැති නිසාද නොදන්නා මුත් එසේ පෝස්ටර අලවන්නේ නැති බව නම් පෙනේ.


මෙතරම් තාප්ප ගැන කියන්නට වුනේ මැලේසියාවේදී දුටු එක්තරා තාප්ප කැබැල්ලක් නිසාය ..ඒ අනෙකක් නොව ''බර්ලින් තාප්පයේ'' කොටසකි.


 ''ජෙන් ටින්ග්'' හයිලන්ඩ් විනෝද උද්‍යානයේ පුදුම දේවල් වලට වෙන් වූ ස්ථානයේ දී මා විසින් ගත් එම තාප්ප කැබැල්ලේ පින්තුරයයි ඉහත ඇත්තේ  . මෙය කුඩා කොටසක් නොවේ . කාමරයක බිත්තියක් තරමේ කැබැල්ලකි . මෙය මාතුල මහත් විශ්මයක් ඇති කල මුත් පසුව දැනගත් පරිදි එම පවුරේ කොටස් විකිනීමට තබා ඇත. මෙය කියවන ඔබ මේ ගැන දැන සිටින්නට ඇත .

එහෙත් මට නම් ''බර්ලින් තාප්පයේ '' කෑලි විකුණන බව අලුත්ම ආරංචියක් වූ බව කිව යුතුමය . මෙන්න අඩවිය . තවමත් ඉතුරු වී ඇත්නම් ඔබටත් කෑල්ලක් ගන්නට පුළුවන .


විශේෂ කාරණය එපමණක් වන මුත් මේ ''බර්ලින් පවුර '' ගැන නොදන්නා කෙනෙක්ට මෙය අන්ඩර දෙමල සේ වනු හැකි හෙයින් පහත සටහන තබමි. අසු පිරු තැන් ඇත්තන් කමත්වා . එමෙන්ම මෙහි අඩු  ලුහුඬු  සදත්වා !!

කුමක්ද මේ බර්ලින් තාප්පය . 



එය ''බටහිර '' සහ '' නැගෙනහිර '' වෙන් කල පවුරකි   ...ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වෙන් කල සංකේතාත්මක තාප්පයකි ...



දෙවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පැරැදු ඇමරිකාව , බ්‍රිතාන්‍ය , ප්‍රංශය සෝවියට් රුසියාව ජර්මනිය තම තමන්ගේ බුදලයක් කරගත් අතර කොටස් හතරකට වෙන් කළා . කෙමෙන් කෙමෙන් ඇමරිකාව , ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එක පසෙකට වී සෝවියට් රුසියාව අනෙක් පසට වුනා . මුලදී පැහැදිලිවම බෙදා වෙන් නොකලත් බටහිර -නැගෙනහිර ලෙස යම් බෙදීමක් ඇතිව වුනා . බටහිර පැත්තේ අයට නැගෙනහිරටත් නැගෙනහිර අයට බටහිරටත් යා හැකි වුනත් යම් යම් සැක සංකා     තිබුනා .




පැහැදිලිවම  බටහිර ජර්මනිය Federal Republic of Germany (West Germany) ප්‍රකාශයට පත් කෙරුනේ 1949 මැයි වලදී .


 1949 ඔක්තෝබර් වලදී German Democratic Republic  (East Germany) එහෙම නැත්නම් නැගෙනහිර ජර්මනිය ප්‍රකාශයට පත් වුනා .


බටහිර ජර්මනිය බටහිර ලෝකයේ මග යමින් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තටත් නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ මග යමින් සමාජවාදී රටක් ලෙසත් බෙදී ගියා .


මෙතැනදී මේ දෙගොල්ලන්ගේ දේශපාලන පැටිකිරිය ගැනවත් කොයි ක්‍රමේ හොඳද කියලවත් කතා කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැති බව අවධාරණයෙන් කියන්න ඕන.



මෙයට සමගාමී ලිපිකිපයක් සත් සමුදුරේ පළවුනා . මෙන්න ලින්ක් එක . එතන හොඳ සංවාදයක් ඇති වී තිබුනා . මට ඒ තරම් ඔය ගැන දැනීමක් නැහැ .



ඉතින් මෙන්න මේ විදිහට ජර්මනිය දෙකඩ වුනා . ඒත් දෙපැත්තේ ජර්මන් වැසියන්ට ඒ මේ අතට යන්න ඒ හැටි ප්‍රශ්න තිබුනේ නැහැ . දේශ සිමා දාල වෙන් වුනාට දෙපැත්තේම නෑදැයෝ ඉන්න ඇති මේ මිනිස්සුන්ට.


පහු වෙනකොට නැගෙනහිර උදවිය බටහිරට යන්න වැඩියෙන් පෙළඹුනා . විශේෂයෙන් බුද්ධි ගලනය නවත්වන්න නැගෙනහිර ජර්මන් රජයට උවමනා වුනා . දෙපැත්තේම තර්ජන ගර්ජන හමුවේ පැවතුනේ සීතල යුද්ධයක් .


එක රාත්‍රියක ..හරියටම කියනව නම් 1961 අගෝස්තු 12 මැදියම් රැයේ බටහිර - නැගෙනහිර වෙන් වුණා. 


උදේ නැගිටින කොට බොහෝ දෙනෙක් තමන්ගේ දු දරුවන්ගෙන් ..දෙමාපියන්ගෙන් ..ඒ වගේම ආදරවන්තයින් ආදරවන්තියන්ගෙන් වෙන් කෙරිලා .




මුලින් කොන්ක්‍රීට් කණු සහ කටු කම්බි විතරක් තිබ්බ මේ මායිම කීපවතාවක් වෙනස් වෙලා 1975 සිට 1980 කාලේදී ස්ථිර කොන්ක්‍රීට් තාප්පය ඉදි වුනා .


නැගෙනහිරින් බටහිර පැත්තට එන්න ගිය අයගේ විවිධාකාර කතන්දර චිත්‍රපට වලින් පොත් පත් වලින් අපි දැකල තියනව. සමහරු උමන් හෑරුවා . සමහරු වායු බැලුන් වලින් අනෙක් පැත්තට ගියා . තව විවිධ ක්‍රම අතර මුර භටයන්ගේ  වෙඩි පාරවල් නොතකා තාප්පය දිගේ බඩ ගාන්නත් සමහරු නිර්භය වුනා . මිය ගිය ගණන විශාලයි.



කොන්ක්‍රීට් තාප්පෙකට ජාතියක් වෙන් කරන්න බැරි බව සහ ලෝකය දේශපාලන පිල් වලට ඉරි ගහල බෙදන්න බැරි වගට ඔප්පු කරමින් 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුනා .



එයට කාන්තාවක් බොහෝ සම්මාදම් වූ බව අරුණිගේ ලිපියකින් දැන ගත්තා. බෙයර්බෙල් බොහ්ලෙ නම් වූ ඇය ගැන අරුණිගේ සටහනට මෙතනින් යන්න .




බිඳ වැටුන කිව්වට සම්පුර්ණයෙන්ම මුළු තාප්පෙම බිමට සමතලා වුනේ නැහැ . වර්ණවත් චිත්‍ර වලින් අලංකාර වෙච්ච එළිමහන් කලාගාරයක් වගේ ඉතුරු වෙලා තියෙන තාප්ප කොටස් වේගවත් ඉදිකිරීම් හමුවේ ටිකින් ටික ගැලවී යනවා . කෑලි කඩලා විකුණන අයත් අඩුවක් නැහැ,බිඳ වැටුන මේ තාප්පයේ කොටස් මිලට ගත හැකි බව කියන අඩවියට මෙතනින් ගොස් බලන්න .





ග්‍රැෆිටි සිතුවම් වලින් හැඩවී




කෑලි කඩා ගන්නා අය






මේ සම්බන්ධයෙන් විකිපීඩියාවේ කාරණා කියවන්න කම්මැලි හිතෙන තරමට සංකීර්ණයි . මන් වගේ කම්මැලියන්ට මෙන්න සරල අඩවියක් .




මගේ ජර්මන් මිතුරියක් කියූ පරිදි ටික කලකට පෙර නම් නැගෙනහිර පැත්තේ අයයි බටහිර පැත්තේ අයයි අතර කතා බහේ... අධ්‍යාපනයේ ..සහ ආකල්ප වල පොඩි වෙනසක් තිබුනත් අලුත් පරම්පරාවන් අතර එය නැහැ .




මේවා ඉතා පරණ කතා කරලා පිළුණු වෙච්ච දේවල් වුනත් මට හිතෙනවා කමක් නැහැ කියල ලිව්වට . 

 ජර්මනිය ගැන වෙනස් කතා කීපයක් තියන නිසා මේක මතු සම්බන්ධයි කියන්න පුළුවන්. හැබැයි මතු කියන්නේ කවද වෙයිද නම් දන්නේ නැහැ .






පළමු පින්තුරය හැර අනෙක් ඒවා  Google Images  




49 comments:

  1. රසවත් කරුණු ගොඩාක් එක්ක ලිපියක්.. ඉඩ ලද විගස අනිත් කාරනාත් ලියන්න.. බනිගෙ තාත්තාට අපිත් ස්තූති කලා කියන්න විස්තර වලින් කන් පිරෙව්වට. අපිත් නෙලුම් විල පැත්තෙ රවුමක් දමල බැලුවා පහු ගිය සතියෙ..මොකෝ මල් පිපෙන්නෙ නැත්තෙ කියල

    ReplyDelete
  2. මමත් මේ බැලුවෙ බර්ලින් තාප්පෙන් කොටසක් ගන්න කියල .. මම මේ දුවගෙන දුවගන ආවෙ පළවෙනි කමෙන්‍ටුව දාන්න කියල. ඒත් ඔන්න මට කලින් weni දාලනෙ කමෙන්‍ටුවක්. බර්ලින් තාප්පෙ හා සම්බන්ධ බොහොම අපූරු කතා මාත් අහල තියනව.

    ReplyDelete
  3. බර්ලින් තාප්පය කියන්නෙ වෙනමම සාහිත්‍යයක් ලෝකෙට බිහිකරන්න හේතුවුන දෙයක්.. නැගෙනහිරින් බටහිරට පනින්න උත්සහ කරලා දිනපු අය, පැරදිලා වෙඩි කාපු අය, වෙන්වුනු පෙම්වතුන්/ නෑයන් එක්වෙන්නට කල උත්සහ.. අනුවේදනීයයි.. නිකංම නිකං කොන්ක්‍රීට් තාප්පෙකට පුළුවන්ද මිනිසුන් හැමදාමත් වෙන්කරලා තියන්න..??

    පලි: බර්ලින් තාප්පයෙන් වෙන්වුනේ බටහිර හා නැගෙනහිර බර්ලිනය පමණයි.. බටහිර හා නැගෙනහිර ජර්මනිය වෙන්වුනේ කටුකම්බි වැටකින්..

    ReplyDelete
  4. බර්ලින් තාප්පය බිදවැටීම වෙනුවෙන් scorpionsලා ගහපු wind of change සිංදුව අහන්න මෙතනින්.. මගේ favම සිංදුවක්.. :))

    http://www.youtube.com/watch?v=n4RjJKxsamQ

    ReplyDelete
  5. ගාසා තීරයේ තාප්පය මේකෙ වර්තමාන කතාවද ?

    ReplyDelete
  6. බුරා - බොහොම ස්තුතියි මතකය අතීතෙට අරන් ගියාට. මේ පද වැල් තාම මගෙ ඔලුවේ කැරකෙනව සින්දුව ඇහුවට පස්සෙ.

    "Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change"

    bindi - බලාගෙන යද්දි ඇමරිකාව එංගලන්තෙ ගෑවිච්ච හැම තැනම ඇති වෙලා තියෙන්නේ බෙදීම් විතරයි.

    ReplyDelete
  7. තවත් අපූරු ලිපියක්. එහෙනම් බනීලගෙ තාත්තටත් ස්තූතිකල බව කියන්න ඔබව උනන්දු කරනවට ..මාත් පහුගිය ටිකේ නෙළුම්විල පැත්තේ කැරකිලා ගියා.

    ReplyDelete
  8. @රෝස කුමාරි - මට මේ සැරේ දිනුම දෙන්නකො..ඊලඟ සැරේ මන් දුවගෙන ඇවිත් ලිපිය කියවල බලනව රෝස කුමාරි කමෙන්ට් එකක් දමලද කියල..

    ReplyDelete
  9. @ weni
    ස්තුතියි ..වෙනි...මුලින්ම ආවට සහ සොයා බැලුවට . ළමයින්ගේ රාජකාරිත් එක්ක සමහර වෙලාවට වෙලාව සොයා ගන්න හරි අමාරුයි. ඔය අස්සේ චිත්‍රපටියක් බලන්න හෙම කාලේ ඕනනේ . බනිලගේ තාත්ත ගේ තල්ලුව සහ ඔබ සැමගේ වචන තමයි මගේ පෑනේ තීන්ත .
    @ රෝස කුමාරි...
    ස්තුතියි රෝස කුමාරි...කතා නම් බොහොමයි තමයි. අපේ පරම්පරාව ඔය කතා අහල තිබුනට ඉස්සරහ පරපුරත් මේවා දැන ගන්න ඕන . හැකි විටක සටහන් කරන්න . සමහර විට ඔය බුරා ල වගේ ඇවිදින පුස්තකාලවලට මතක තිබුනට මට නම් එච්චර හොඳ මතකයක් නැහැ .
    @බුරතිනෝ...
    ඇත්තටම ඔන්න ඔය සාහිත්‍ය ගැන ටිකක් ලියන්න ඕන වුනත් කාල වෙලාවයි පෝස්ට් එකේ දිගයි සලකල නිකන් හිටිය . ''බර්ලින් පවුර හා සබැඳි සාහිත්‍ය '' කියල අපිට මේ කතා එකතු කරලා තියන්න පුළුවන් . ඔය හා සම්බන්ධ සිනමා පට ගැනත් සටහනක් තිබ්බොත් හොඳයි මතු ප්‍රයෝජනයට .
    මගේ අරමුණත් ඔය ටික වැඩිපුර දැන ගැනීම තමයි. දවසක යන්න ලැබුනොත් හරිම කැමති රටක් ජර්මනිය . කොහෙද මේ රාජකාරි වැඩ වලට යද්දී නෝනව එක්ක යන්න කියල ප්‍රතිපත්තියක් නැහැනේ මේ කොම්පැනි වල .
    සින්දුව නම් කියලා වැඩක් නැහැ .


    @ චානුක ..
    වෙන්න හැකි. ඉතිහාසයේ අඳුරු සිදුවීම් විවිධාකාරයෙන් නැවත නැවත සිදු වෙන එකයි දුක . මකර අධිරාජ්‍යයේ ඔහොම නැතුව ඇතිනේද . මුණු පොතේ කවි ටිකක් දැක්ක මකර අධිරාජයා ගැන .

    @ මුහුදු ..

    ස්තුතියි මුහුදු ..ඒ දවස්වල තිබ්බ තත්වේ හැටියට ජර්මනිය නරක ළමයෙක්නේ . ඉතින් එයාට දඬුවම් දෙන්නත් තම තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වන්නත් කට්ටියට ඕන වෙන්න ඇති.


    @ ගිම්හානි
    ස්තුතියි නගේ සොයා බැලුවට .

    ReplyDelete
  10. ඇහ් කවුද බොලේ මූණු පොතේ මකර අධිරාජයා ගැන කවි ලියන්නෙ. මට ඒ කවි ටික එවන්න පුලුවන්ද. මම මූණු පොත තාවකාලිකව විසන්ධි කරලයි ඉන්නෙ

    ReplyDelete
  11. @ Chanuka

    How to send . Give me ur e-mail.

    ReplyDelete
  12. ඔයා‍ගෙ ලිපිය නම් නියමයි Bindi.
    මටත් බැරිවෙයිද කෑල්ලක් ගන්න.. ලොල්.

    ReplyDelete
  13. @ පැණි දොඩම්
    බැරි වෙන එකක් නැහැ . පොඩිම කෑල්ලක් ඩොලර් 55 යිද කොහෙද . තැපෑලට යන ගානත් එක්ක කොහොමද මන්දා . මේ වගේ දේවලට ආණ්ඩුවෙන් බදු ගන්නවද ?? එහෙනම් එකත් එකතු කරන්න ..D

    ReplyDelete
  14. ඒ බෙදීම මුලින්ම වුනේ ඇත්තටම ඒ ඒ රටවල හමුදා ජර්මනියට ඇතුළුවුන ආකාරයටයි යුද්ධයේ අවසාන කාලෙ.. ඒ අනුවයි නැගෙනහිර සෝවියට් රුසියාවටත්, බටහිර ප්‍රංශයට/බ්‍රිතාන්‍යයට/ඇ.එ.ජ.ට කොටස් 3ක් විදියටත් අයත් වුනේ..

    ජර්මනිය මෙහෙම කොටස් කිරීමට අමතරව ඒකෙ යම් යම් කොටස් අල්ලපු රට වන ප්‍රංශෙට බාරදුන්නා.. (ඇල්සාස්-ලොරේන් වගේ) ඇත්තට ඒ කොටස් මුලින් ප්‍රංශෙට අයත්වෙලා තිබිලා ජර්මනිය බලෙන් යටත් කරගත්ත කෑලි..

    පලි: මෙන්න ඒ පලායාම්වලින් සමහරක්.. :))
    craziest berlin-wall escape stories

    පපලි: ළගදි ජර්මනිය දිහාවෙ යන්න හිතාගෙන ඉන්නවා.. බර්ලින් නම් යැවෙන එකක් නෑ..

    ReplyDelete
  15. chanakam2000@gmail.com වලට එවන්න.

    ReplyDelete
  16. බනීලාගේ තාත්තාට මගේ හදපිරි ස්තූතිය පිරිනමන්න. මේ ලිපිය කියවනකොට මට මතක් උනේ අධිවේගී මාර්ග නිසා ගම දෙකඩ වෙලා තියෙන හැටි. සමහරක් තැන්වලදි වෙලෙන් එගොඩ වෙලා අල්ලපු ගෙදරට ගිය මිනිස්සුන්ට සැතපුම් ගනනාවක් යන්න වෙනවා පාර පනලා එගොඩ වෙන්න. සමාවෙන්න ලිපි‍යට අදාල නොවුනත් මැදියම් රැයේ වැට කොටු බැඳුනම එදත් කොච්චර දෙනා අසරණ වෙන්න ඇද්ද?

    ReplyDelete
  17. බර්ලින් පවුර ගැන හරවත් විස්තර ගොන්නක් බෙදු නෙළුම් විලටත් ඒ වෙනුවෙන් දිරි දුන් බනිලාගේ තාත්තාටත් බොහෝම ස්තුතියි.

    වෙන් කරන්න පවුරු සීමාවන් බැඳුන අනෙකුත් තැන් කිහිපයක්:
    බෙල්ෆාස්ට්, උතුරු අයර්ලන්තය
    ජෙරූසලම, පලස්තීනය/ඊශ්‍රායලය
    බග්දාදය, ඉරාකය

    මේ නගර තුනේම ඇති වූ සමාජමය ඉරිතැලීම බාහිර බලවේග නිසා තව තවත් රොඩු එක් වී පතුලටම කිඳා බැස ඕඩු දුවපු අන්දමත්, කාලාන්තරයක් පුරා අනේක බැඳීම් වලින් වෙළී සිටි වැසියන් (යම් දුරට බෙල්ෆාස්ට් වල මේ තත්වය අවම වෙන්න පුලුවන්) ඈත්කර ලොකු පවුරු මතුවීමත් කියා පාවි.

    පවුරින් බෙදූ නගර ගැන විකි සටහනක්.

    ඒ වගේම බෙදුන නගර ගැන කියවෙන තවත් සටහනක්.

    බර්ලිනය වගේ පවුරක් නැතත් සීමා වැට පැන මියැදුන උතුරු දකුණු දෙපසේ කොරියානුවන් තවත් දුකෙන් පිරුන කතාවක් කියයි. ඒ දෙරට අතර සම්බන්ධතා ඇතිවූ අවස්තාවක වැටේ දෙපැත්තේ සිට හස්ත සංඥා වලින් විතරක් අවුරුදු ගනනාවක් අදහස් හුවමාරුකර වයස්ගත අය හමුවූ අවස්තාවක් දැක්වූ රූපවාහිනී වැඩසටහනක් නැරඹුවෙමි (ඒ ගැන සැබැඳියක් හොයාගන්න පුලුවන් නම් පසුව එක් කරන්නම්).

    මේ හැම බෙදීමම බෙදන්න ඇති පහසුවත්, බෙදුන අය ජීවත් වෙන අසීරුතාවයත්, ඔවුනට එක් වෙන්න් ඇති අවැසි තාවයත් නොවෙද කියන්නේ. ඒ මානුෂික අයැදුම හයිහත්තිය ඇති ද කොන්ක්‍රිට් පරාජය කලේය.

    ReplyDelete
  18. මේ තාප්පෙ බැඳුන හැටි ගැන අපූරු ෆිල්ම් කීපයක්ම බැලුව, කරුමෙට නම් මතක නෑනෙ. මේ තාප්පෙ නොවැටුනානං අද ජර්මනියට මේ විද්ඩියට ග්‍රීසිය නටවන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  19. මටත් කෑල්ලක් ගන්න ආසා හිතුනා. ඒත් ගනන් දරාගන්න අමාරුයි නෙ.

    ස්තූතියි අක්කෙ දැනුවත් කලාට.

    ReplyDelete
  20. අක්කාව උනන්දු කරන බනීලගේ තාත්තටත් ස්තූතියි
    මේ වගේ වැදගත් දේවල් ලියන අක්කටත් ස්තූතියි.....

    මම නම් ඔය තාප්ප කෑලි වලට කැමති නෑ ;)

    ReplyDelete
  21. මට ජර්මනිය ගැන තියෙන අවබෝධය නම් ඉතාම අඩුයි...

    මොන කරුමෙද මන්ද කවදාවත් ජර්මන් ‍යාලුවෙක් ඉඳලත් නෑ... ඉඳල හිටල කවුරුහරි සුදු යාලුවෙක් හරහ එකෙක් ( හරි එකියෙක් ) හරි මුන ගැහුනත් එක්කො උන්ට ඉන්ගිරිස් බෑ.. පුලුවන් එවුනුත් කතාකරන්නෙ උඩුරාවණගෙ ක්‍රමේට... ඉතින් මොන සීරියස් කතාද..

    හරිම දුක හිතෙන වෙන්වීම් ඔය තාප්පය නිසා වුණා කියල විතරක් අහල තියෙනව... මට මතක හැටියට ගු.ලි ගේ පොතක ඒ වගේ කතාවක් විස්තර වෙනව..( පොත.. "සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද".. විය හැකියි )

    මෙතන ඉන්න ලමයි ඉතින් ලොකු ලමයි හින්ද...නිකිතා කෘෂෙව් බර්ලින් ගැන ප්‍රසිද්දියෙ කියපු නෝටි කතාවකුත් දානව ඕං...

    "Berlin is the testicle of the West. When I want the West to scream, I squeeze on Berlin."

    ( බින්දි කොමෙන්ටුව මැකුවත් තරහ හෙම නෑ..)

    @ බුරා..

    "wind of change " ගැන මට මතක් වෙන සිද්දියක් තියෙනව...

    1992 විතර ලන්කාවෙ "wind of change " ඉතාම ජනප්‍රිය වුණ කාලෙ..

    දවසක් උදේ සීතල වැස්ස දවසක අපි අසංග සර්ගෙ මානව ශ්‍රවණාගාරය ඇතුලෙ වාඩි වෙලා පන්තිය පටන් ගන්න ඔන්න මෙන්න ලයිට් ගියා... කට්ටිය එකපාරටම කලබල වුණා ඒත් ටක් ගාල නිහඬ වුණා... එක සම්පූර්ණ නිහඬ තප්පරේක මම කරුවලේම අර විස්ලින් පාට් එක හෙමින් හරිම ටියුන් එකට විස්ල් කරන්න පටන් ගත්ත.... එක්කෙනා දෙන්න වුණා... හතරදෙනා වුනා.. තප්පර ගානකින් මුලු පන්තියම( කොලු පැත්ත )එකම තාලෙට විස්ල් කරන්න ගත්ත...
    අමුතුම ආනන්දයක්...!!

    වෙනද පොඩි ස්ස්ස් එකක් දැම්මත් දර්ශනේ දාන අසංග සර් පන්තියට එන්න ඇවිත් එන්නෙ නැතුව දොරට එහාපැත්තෙ කරුවලේම නැවතිලා අහගෙන ඉන්නව මම දැක්ක...

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  22. ලෝකය තනි යායක්නම්... :(

    ReplyDelete
  23. වෙලාවකට හිතෙනවා තාප්පයේ නාමයෙන් ජර්මානුවන් වෙත පැමිණි මේ ගැහැට සියල්ලම ඔවුන් යුදෙව්වන්ට කළ වදහිංසා වලට රිපල්යි එකක්ද කියලා..මම කියන්නෙ නැහැ ජර්මානුවන් සියල්ලම හිට්ලර්ලා කියලා... Oskar Schindler වගේ මිනිසුන් ඉන්න ඇති..ඒත් වැඩි දෙනෙක් මරණ බය නිසා හෝ හිට්ලර් වෙනුවෙන් පෙනී ඉන්න හෝ ඒ අපරාධ වලට විරුද්ධ නොවී ඉන්න ඇති,

    ReplyDelete
  24. ගොඩක් කියන්න වෙලා නොමැත... ඒ නිසා වෙනදා රසම විඳි බව කියමි... බින්දි අක්කට ඉතින් එක පොඩි සිද්ධියක් ඇති පෝස්ට් එකක් ලියන්න. එකෙන්ම ගොඩාක් දේවල් කවර් කරනවානේ...

    නියමයි...ජය !

    ReplyDelete
  25. 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටීම රූපවාහිනියෙන් බලා හිටියා අදවගේ මතකයි. දුක වේදනාව සතුට මුසු වුන වැඩසටහනක්. සමහර ලෝක යුද්ධ කාලයේ අමිහිරි මතකත් සමඟ අවුරුදු ගනනාවකින් එකිනෙකා හමු නොවූ අය එදා දේශසීමාවේදී තම සතුට බෙදාගත් ආකාරය සතුටු කඳුලින්ම නැරබූ බව මතකයි. මේ තාප්පය සම්බන්ධ රස කතා වගේම අනුවේදනීය කතාත් යුධ සමය ගැන නිර්මාණය වූ සමහර චිත්‍රපට වල දකින්නට පුලුවන්. මේ සම්බන්ධ මූලික ස්තූතිය බනියලගෙ තාත්තාට අපේ බින්දිව උනන්දු කලාට සහ සවිස්තර සටහනක් කියාදුන්නාට.
    කිසිදාක යලි කිසිම රටක සීමා මායිම් නොබැඳේවා! මගේ පැතුමයි.

    ReplyDelete
  26. @සපා,

    හපෝයි මානව එක මතක් කරන්ට එපෝ.. ඒ සුන්දර අතීතය, ඒ සුන්දර මිනිසා මතක්වෙලා ඇස්දෙකට කදුළු එනවා..

    @Luckey,

    // වෙලාවකට හිතෙනවා තාප්පයේ නාමයෙන් ජර්මානුවන් වෙත පැමිණි මේ ගැහැට සියල්ලම ඔවුන් යුදෙව්වන්ට කළ වදහිංසා වලට රිප්ලයි එකක්ද කියලා //

    සාමාන්‍ය ජර්මානු ජනතාව කවදාවත් කාටවත් හිංසාපීඩා කලේ නෑ.. වෙනෙකක් තියා ජර්මානු හමුදාවවත් (ඇත්ත යුද්ධ කලා, ඒත් ඒක හමුදාවක වගකීම).. ඒ සියල්ල කලේ ගෙස්ටාපෝ එකත්, SS හමුදාවත්.. නමුත් යුද්ධය අවසානයේ ඊට වගකිවයුතු වූවන් පලාගිහින් සුවසේ ජීවත්වෙද්දි, ඔවුන් කරපු යුධ අපරාධවලට වන්දි ගෙවන්නට වුනේ සාමාන්‍ය ජනතාවට හා හමුදාවට.. යුද්ධකාලයේ වුන හැමදේටම තමනුත් සම්බන්ධය කියන පොදුවගකීම සාමාන්‍ය ජනතාවගේ ඔළුවලට කාවද්දන්න ඒ වගකිවයුත්තන් සමත්වුනා..

    කියවන්න Fredrick Forsyth ගේ Odessa Files.. ඔයාට බොහොම හොද විස්තරයක් දැනගන්න පුළුවනි..

    ReplyDelete
  27. @ බුරා
    ස්තුතියි ලින්ක් එකට
    @හරී ..
    අදාළ නැහැ කියල දෙයක් නැහැ . සමාව ඉල්ලන්න එපා . විවිධ දේ ලියල මගේ චින්තනය විවිධ පැති වලට ගෙනියනවට මන් කැමතියි.
    අධිවේගී මාර්ගය ...දියුණුව කියන්නේ 50% ක් හොඳ සහ ඉතිරිය නරක වෙන්න ඇති නේද. මටත් ඔය අධිවේගී පාර කොට්ටාවේදී හම්බවෙනවා . ගියපාර හද හද තිබුනේ . දැන් ගොඩක් වෙනස් වෙලා ඇති.
    @සංජය
    ස්තුතියි සංජය
    @ගල් මල් ..
    බොහොම ස්තුතියි ඩින්..මේ දේවල් මටත් ගොඩක් වැදගත්. බ්ලොග් එක ලියන්න ගත්තට පස්සේ මන් කොච්චර දේවල් දැන ගත්තද
    @පුසා ..
    ස්තුතියි පුසා .
    @ ඉන්දික ..
    ජර්මනියත් ලේසි රටක් නෙමේ නේද . නැත්නම් අච්චර බිමටම සමතලා වෙලත් බලන්නකෝ අද තියන දියුණුව . මන් ඔය ග්‍රීක සිද්ධිය එච්චර දන්නේ නැහැ . මගේ වරද අතීතය ගැන ගොඩක් සොයනවා වර්තමානය දිහා නොබලා .
    @නිසුපා ..
    ඔයා නම් ඔය කොන්ක්‍රීට් කෑලි වලට ආස බව අපි දන්නවා .ස්තුතියි හොඳේ
    @සපතේරු ...
    අපේ ගෙදර අයත් කියන්නේ ජර්මන් කාරයාගේ අමුතු උච්චාරණය ගැන . මගේ යෙහෙළියගේ සැමියා ඇමෙරිකන් නිසා එයාගේ ඉංග්‍රීසි නම් වරදක් නැහැ .
    අපොයි මටත් ''මානව ''ගැන කියන්න ගොඩක් දේ තියනවා . පොත් කවරෙක ලියපු කවියක් දැකල අසංග සර් මා එක්ක බොහොම යාලු වුනා . කලාවට බොහොම හිත ඇති මනුස්සයා . ඇයි හොල්මන් චිත්‍රපට . ඉස්කෝලේ ඇරිලා දුවන්නේ ඒක මග ඇරෙයි කියල . ඔයාල ඉස්සරහ පේලියේ ඉඳගත්තද? අපි නම් නැහැ .
    @ නලිනි
    ඕන තැනක ඇවිදින්න පුළුවන් නේද එතකොට විස නැතුව

    @ ලකී ..
    ඔය පලාත්වල කට්ටිය පින් පව් දන්නේ නැහැනේ . බෞද්ධ රටේ ජපනත් ඔව්ව නොහිතපු එකේ . ස්තුතියි ලකී
    @ චතුරංග
    ස්තුතියි මල්ලි . ඇවිත් ගියත් ඇති මට
    @ චන්දි
    මටත් මතකයි අක්කේ . ලෝක ඉතිහාසය වෙනස් වුන දවසක් ඒක
    @ බුරා ..
    ඇයි ''රීඩර් ''. ඒකත් ඔයගැන කියවෙන චිත්‍රපටයක්

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මේ ගැන වැඩිදුර කියවන්න කැමැත්තන්ට මෙන්න ලින්ක්ස් කීපයක්..

    1. Stasiland: Stories from Behind the Berlin Wall
    2. berlin-wall-stories
    3. Berlin Wall
    Online

    ReplyDelete
  30. // ඇයි හොල්මන් චිත්‍රපට . ඉස්කෝලේ ඇරිලා දුවන්නේ ඒක මග ඇරෙයි කියල . ඔයාල ඉස්සරහ පේලියේ ඉඳගත්තද //

    ඉස්සරහ පේළියේ..!!?? හපොයි ජීවිතේට නෑ.. අපිනං සැමදා last row තමා... අර කෝච්චියේ හොල්මන් ෆිල්ම් එක ඔයාලටත් පෙන්නුවද..!!??

    ReplyDelete
  31. බින්දි..

    //ඔයාල ඉස්සරහ පේලියේ ඉඳගත්තද? අපි නම් නැහැ .//

    ඉඳ ගත්තෙ නෑ.. පිටිපස්සෙ ඉඳන් අපේ හැසිරීම හොඳ නිසා අර පූස් කූඩුව ලඟින් ඇවිල්ල අපිව ඉස්සරහට අරන් ගිහින් වාඩි කරවගෙන තියෙනව.. එදාට නාන්න ඕනෙ නෑ..ඇඟ පිහිදාගන්න විතරයි තියෙන්නෙ..

    ReplyDelete
  32. රීඩර් කිවුවෙ අපේ කේට් අක්කගේ ෆිල්ම් එක වෙන්ටෑ.. බලලා තියෙනවා.. :))

    ReplyDelete
  33. මට හොඳටම මතක අර හොල්මන් බෝනික්කාගේ කතාව .

    සපතේරු ...

    හි හි හොඳ වැඩේ . ඒක තමා හොඳම දඬුවම .

    අපිට ගොඩක් වෙලාවට හම්බවෙන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්න ''සාම කලාපයේ '' බැංකුවක් තමයි. අපේ ''ජම්බු '' කියන ලස්සන යාළුවව ලඟින් ඉන්දනවා කිව්වම කොල්ලෝ එහාට මෙහාට වෙලා ඉඩ දෙනවා . පස්සේ ජම්බුව මැදින් ඉන්ද ගත්තම අරුන්ගේ බැනුම් ඉවරයක් නැහැ . එහෙම ලස්සන කාලයක් ආයේ එන්නේ නැහැ .

    බුරා ..ඔව් ඔව් ඒක තමයි. අකුරු දන්නේ නැති වුනත් ඒ බව නොකියා වරද පිළිගෙන හිරේට යන හැටි දුකයි නේද

    ReplyDelete
  34. බර්ලින් තාප්පෙ ගැන කියද්දි මතක් වෙන්නෙම මේ සින්දුව. Scorpions කියන්නෙ ජර්මානු සංගීත කණ්ඩායමක්. මේක ඔවුන්ගෙ ජනප්‍රියම ගීතයක්. මේකෙ බොහොම ටිකක් තියෙනවා බර්ලින් තාප්පය කඩන දර්ශන.

    ඒක විතරක් බලන්න ඕන අයට ඕන තරම් වීඩියෝ ඇති :D

    http://goo.gl/jtHUU

    ReplyDelete
  35. ඉතිහාස පාඩමට ස්තුතියි අක්කේ

    ReplyDelete
  36. " 1949 ඔක්තෝම්බර් වලදී German Democratic Republic (East Germany) එහෙම නැත්නම් නැගෙනහිර ජර්මනිය ප්‍රකාශයට පත් වුනා ."

    There is no month named OCTOMBER. It should be OCTOBER.

    ReplyDelete
  37. @ බුරා

    බොහෝම ස්තුතියි බුරා..කොහොමත් මම ඒ කොමෙන්ට් දානකොට කාගෙන් හරි අදහසක් බලාපොරොත්තු වුනා.ඔබ වැනි අයගෙ දැනුවත් කිරීම ඇත්තෙන්ම අගය කරනවා.
    මේ වෙලාවෙ The Odessa File පොත නම් හොයා ගන්න අමාරුයි, ට්‍රයි එකක් දීලා බලන්න ඕන. හැබැයි චිත්‍රපටිය මේ වෙලාවෙ download වෙමින් පවතිනවා.
    විකිය එක film ගැන නම් ඒ තරම් හොඳක් කියන්නෙ නැහැ. //Although the movie was based rather loosely on the book, it brought about the exposure of the real-life "Butcher of Riga", Eduard Roschmann//

    කොහොමත් පොතක රසය film එකක නැහැනෙ. එත් බලමු..

    ReplyDelete
  38. එහෙනම් ඔන්න මමත් ආවා මගේ ප්‍රියතම මාතෘකාවක් ගැන තියෙන ලිපියක් කියවන්නට. ඒවගේම ස්තූති කරනවා ඔබට සත් සමුදුරට දුන් සහයටත්. මම පොඩි කතාවක් කියන්නම් හැබැයි මේකේ ඇත්ත නැත්ත සොයලා බලන්න. බටහිර ජර්මනිය පැත්තේ තිබුන මුර කපොලුවල සොල්දාදුවොත් තුවක්කු මානගෙන බලාගෙන හිටියේ නැගෙනහිර අන්තය දිශාවට. ඒ නැ‍ගෙනහිර පැත්තෙන් මුකුත් ප්‍රහාරයක් එල්ලවෙයිද යන සැකයෙන්. හැබැයි නැගෙනහිර පැත්තේ සොල්දාදුවො තුවක්කු මානගෙන සිටි‍යේ තමන්ගේ ප්‍රතිවාදී බටහිර පැත්ත දිහාවට නෙමෙයි. තමන්ගේ භූමිය දෙසටමයි. ඒ නැගෙනහිර පැත්තෙන් බටහිර පැත්තට යමෙකු පැනයන්නේ නම් වෙඩි තබන්නට...

    ReplyDelete
  39. @Ano:
    ග්‍රෙගෝරියන් මාසවල නම් සිංහලින් ලිවීමේ දී අප්‍රේල් හා ඔක්තෝබර් ලෙස ලියුවත් පොත පතේ අප්‍රියෙල් (=April) හා ඔක්තෝම්බර් (=October) ලෙස යෙදුනේ. මේ ක්‍රම දෙකම බාවිතයේ ඇත.

    උදාහරණයක් හැටියට: අපේ ජාතික පුවත් සේවයවන ලංකා පුවත් වාර්තාවක සඳහන් වූයේ...
    /(කොළඹ-ලංකාපුවත්-ඔක්තෝම්බර් 03) සංස්කෘතික කට‍යුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2009 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඔක්තෝම්බර් 05 වන දින සිට 12 දින දක්වා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.../

    ඒ අතර තුර එම පුවත නිකුත් වූ දිනය 2009 ඔක්තෝබර් 03 වෙනි සෙනසුරාදා ලෙස සඳහන් වේ. එයට හේතුව කැලැන්ඩරයේ මාස සිංහළින් දක්වා ඇති අන්දම වෙන්න පුලුවන්.

    ඒ පුවත උපුටා ගත්තේ මෙතැනින්

    ReplyDelete
  40. @ඩීන් අයියා,

    ඉතා හොද පැහැදිලි කිරීමක්.. ඇත්තටම ඔතන තියෙන්නෙ එක එක්කෙනාගෙ ව්‍යවහාරය නේද.. ඉතිං ඒක ඔය ඇනෝ කියන තරං ලොකුවට උළුප්පලා දක්වන්නට අවශ්‍යතාවක් කොහෙත්ම නෑ කියලයි මටනං හිතෙන්නෙ.. :)

    @Luckey,

    චෑ චෑ ෆිල්ම් එක වැඩක් නෑ, කොහොම හරි පොත හොයාගන්න බලන්න.. ඒකෙ බොහොම ලස්සනට විස්තර කරනවා එදුවාර්ද් රොෂ්මන්ද් වගේ ඉහල පෙලේ නාසි අපරාධකාරයො පලාගියේ කොහොමද, ඒකට එයාලට සහය දුන්නෙ කවුද, පලාගිහින් එයාලා ගතකරපු සුඛෝපභෝගි ජීවිත, එතකොට පලායන්නෙ නැතිව ජර්මනියෙම රැදුන අය නම්-ගම් වෙනස් කරගෙන නිදහසේ ජීවත්වුනේ කොහොමද, තමන්ගෙ අපරාධ වසන් කලේ කොහොමද, මේ හැමදේටම උදවු උපකාර කල ඔඩෙස්සා සංවිධානය කියන්නෙ මොකක්ද වගේ විස්තර සියල්ලම.. ෆිල්ම් එක බලලා ඔයාට ඒ විස්තරවලින් 1/10ක් වත් දැනගන්න ලැබෙයි කියලා හිතන්න අමාරුයි..

    ReplyDelete
  41. @ ඇනෝ..
    ඔන්න මන් වෙනස් කළා . මොහොතකට මට දැනුනේ මහා වරදක් කළා වගේ .

    @ ගල් මල් ..
    බොහොම ස්තුතියි ඩින් අය්යා . මම හිතුවේ මට වැරදුනා තමයි කියල . කාලෙකට පස්සේ ලියන නිසා සමහර විට ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් කියල මන් දන්නවා . ඒත් මෙතැනදී මට එච්චර වැරදිලා නැති බව දැන් තේරෙනවා .
    සිංහල බසින් ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගත්තේ ඔක්තෝම්බර් කියල වගෙයි මගේ මොලේ තිබුනේ . පොඩි කාලේ ප්‍රෝග්‍රෑම් වෙච්චනේ .

    @ බුරා සහ ලකී ..
    මටත් ඔය පොතයි ෆිල්ම් එකයි දෙකම බලන්න ඕන . පොත නම් බෑන් කි මුන් මහත්තයාගේ පුස්තකාලේ තියෙනවද කියල බලන්න ඕන .
    @ අයේෂා
    ස්තුතියි අයේෂා . අලුත් දෙයක් නොවුනත් අමතක වෙච්ච දේවල් මතක් වුනා නම් හරි එක මට සතුටක්

    @ දිනේෂ් ..
    ස්තුතියි දිනේෂ් ..
    බොහෝ දුරට එහෙම වෙන්න ඇති. නැගෙනහිර තිබ්බ සංවෘත ගතිය නිසා මිනිස්සු අනික් පැත්තට යන්න උත්සාහ කරන්න ඇති. අන්තර්ජාලයේ හුදකලා ලිපි වලට වඩා එකකට එකක් බැඳුන විට දැනුම වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ . ඒ නිසා හැකි සැම විටම සත්සමුදුර වගේ තැනක් සම්බන්ධ වෙන එක ට මන් කැමතියි. ජාලය කියන්නේ එක නිසානේ

    ReplyDelete
  42. යුද්ධ ,බෙදී වෙන්විම් ලෝකෙට දුක , තරහව සහ අනුවේදනීය මතක ගෙනාවත් ඒ හැඟීම් නිසා වටිනා සාහිත්‍යකුත් බිහිවෙලා තියෙනවා .බර්ලින්නය බෙදා වෙන්කල තාප්පෙත් එහෙමයි .

    ගොඩක් විස්තර ලියන්න වෙලා නෑ.දැනට ගිහින් එන්නම්

    ප/ලි

    බ්ලොග් එක ලියන්නේ ඔයා වුනාට සේරම ස්තුති ප්‍රකාස සුපුරුදු විදියට බනියලෑ තාත්තට .හි හී මම කිව්වේ නැද්ද මේක එයාගේ සම්‍යක් ප්‍රයෝගයක් .මොනව උනත් ඉතින් ඔයාට ලියන්න ,කියන්න ,සංවාද පවත්වන්න උවමනා කාලය ,වගේම තොරතුරු දීම සම්බන්දයෙන් ඔන්න මගේත් ඉස්තුතිය බනියලෑ තාත්තට

    ReplyDelete
  43. @ බුරා සහ බින්දි

    බුරා කිව්ව එක ඇත්ත .The Odessa File film එක බලන්න ගත කළ පැය දෙකත් අපරාදෙ..මම හිතුවෙ පොත කොහොම වෙතත් අඩු ගනනෙ film එකක් විදියට වත් හොඳ එකක් වෙයි කියලා. කිසිම වැඩකට නැති එකක්. ඒක බලනවට වඩා හොඳයි පොත ගැන තියන හැඳින්වීමක් කියවන එක..

    ReplyDelete
  44. මම අද වැඩට යද්දි ඔක්තෝබර් ෆෙස්ටිවල් එකේ පෝස්ටර්ස් දැක්ක.. එවෙලේ මාත් හිතුවා හවස දිහාවේ යාළුවෙක් එක්ක කතා කරලා ඒ පැත්තේ යන්න ලෑස්ති වෙන්න...
    මෙන්න ගෙදර එනකොට බින්දිගෙ පෝස්ට් එක...

    ReplyDelete
  45. මදෑ මම ලියන්න හිතපුදේම බුරා ලියල . . . .

    ලා මතකයක් තියෙනව 1989දි බර්ලින් තාප්පෙ කඩා දමපු හැටි . . . . ඒ වෙලාවෙ එකිනෙකා හමුවුන දෙපැත්තෙ මිනිස්සු අඬමින් එකිනෙකා වැලඳගත්ත විදිය ටී.වී. එකේ පෙන්නුව . . . . ජීවිතේට අමතක වෙන්නෙ නෑ

    @ The Odessa File චිත්‍රපටය බලන්න බලාපොරොත්තු වෙන අය:

    ෆෙඩ්‍රික් ෆෝසෙත් ගෙ පොතක් මොනම විදියකින් වත් චිත්‍රපටයකින් රසවිඳින්න බෑ . . . ෆට්ට ශුවර්

    ReplyDelete
  46. @ඕනයා,

    මම මුලින්ම කියෙවුවෙ ෆෝසයිත්ගෙ Fourth Protocol පොත.. ඒක කියවලා මාව පිස්සු වැටුනා, තව 3-4 පාරක් පොත කියවලා තමා නැවැත්තුවේ.. ඊලගට එයාගෙ අනිත් පොත් ටිකත් හොයාගත්තා මරදානෙ පරණ පොත් කඩ පැත්තෙ කැරකිලා, Dogs of War, Day of Jackal, Odessa Files එහෙම.. මෙහෙ ආවට පස්සෙ දවසක් අහම්බෙන් අහුවුනා TV එකේ යනවා Fourth Protocol ෆිල්ම් එක.. වැඩ ඔක්කෝම පැත්තක දාලා වාඩිවුනා ඒක බලන්න, අ‍නේ බාගයක්වත් බැලුවෙ නෑ, මට එපාවුනා..

    ෆෝසයිත්, ඩෑන් බ්‍රවුන් වගේ අය පොත් ලියන්නෙ නිකංම නෙවෙයි.. සෑහෙන කාලයක් මහන්සිවෙලා, කරුණු කාරනා හොයලා, research කරලා.. ඉතිං ඒ පොත් වල කතාවට යටින් මහා විසාල තොරතුරු රාසියක් තියෙනවා.. ෆිල්ම් එක බලලා ඒ තොරතුරු උකහාගන්න බෑ..

    ReplyDelete
  47. අපිටත් මේ දවස්වල බර්ලින් තාප්පේ ගැන එහෙම කතා කෙරෙනවා. 20 සියවසේ ලෝකය කියන මාතෘකාවට ඔය තුෂ්ණි යුද්ධය කියන මාතෘකාව එක්ක බර්ලින් තාප්පේ ගැනත් කතා කෙරෙනවා.

    ඔය තාප්පේ බඳින්න කලිනුත් සෝවියට් දේශය එයාලගේ කොටස වෙන් කරගන්න කටයුතු කරනවා මට මතක විදිහට. පස්සේ තමා ස්ථීරවම බර්ලින් තාප්පේ ඉදිවෙන්නේ

    ReplyDelete
  48. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ......
    වටිනා ලිපියක් ...........

    ReplyDelete