Sunday, 2 October 2011

නෙසාට් ඇවිත් ගියා

නෙසාට්... හරිම නපුරුයි . දිනකිපෙකට කලින් ලුසෝන් ගෙන් කරදර වින්ද පිලිපීන ජනතාවට ආයිමත් කොනිත්තපු නෙසාට් හොන්කොන්  වලට කඩා පාත්වෙලා යකා නැටුව. එතනින් නතර නොවී දකුණු චීනෙට රිංගල සෑහෙන අලාබ හානි කරලා.


අනික් පැත්තට කැරකිලා වියට්නාමෙට එනවා කියන ආරංචියට අපිත් බය වුනා .

එයා කලබල කරයි කියල හිතුන පළාත්වල කඩිමුඩියේ අස්වැන්න ගෙට ගන්න ඕන නිසා පාසල් වල නිවාඩු දීල ළමයින්ට අම්මලට උදව් කරන්න කියල . වියට්නාමයේ ගොවිතැන් කටයුතු වලට ළමයින් ලොකු දායකත්වයක් සපයනවා .

ඔන්න මට අතුරු කතාවක් මතක් වුනා . වී ගොවිතැන අතින් ලෝකේ ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක් මේක. ගොවිපවුල්වල ළමයි හැමෝම ලොකු පොඩි බේදයක් නැතුව කුඹුරේ වැඩට උදව් වෙනවා . කැම්පස් වල ඉගෙනගන්න ළමයි , නගරයේ රස්සාවල් කරන ළමයි ගොයම් වැඩ කාලෙට ගමට ගිහින් සති අන්තයේ වත් ඒ වැඩ වලට සහභාගී වෙන එක සිරිතක් . අපි දන්නා ගැහැණු ළමයෙක් ඉන්නවා සෑහෙන හොඳ වැටුපක් සහිත රැකියාවක් කරන . එයාට උපාධි සහතික දෙකක් තියෙනවා. ඒත් අස්වනු කපන කාලෙට අනිවාර්යයෙන් දෙමාපියන්ට උදව් කරන්න යනවා . හැමෝම එහෙම නැතුව  ඇති . ඒත් මේ කටයුතු ලජ්ජාවට කාරණයක් ලෙස සමාජය නොසලකන එකයි වැදගත් දේ. අනික සමහර පවුල් වල ළමයි කීපදෙනෙක් හිටියත් උසස් අධ්‍යාපනයට යන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන් . එයා ගොඩක් වෙලාවට හිතන්නේ අනෙක් අය කල කැපකිරීමට කලගුණ සලකන්න ඕන කියලයි . එහෙම හිතල මේ වැඩට උදව් වෙනවා වෙන්නත් පුළුවන් .

අපිට යන්න ලැබුනා කාර්යාලයේ වැඩකරන ඔන්න ඔය වගේ ගැහැණු ළමයෙක්ගේ මගුල් ගෙදර . නගරයෙන් ටිකක්  ඈත. පහුගිය සීත සමයේ  . මමත් ඕන එකක් කියල පටලව ගත්ත යාර හයක් . මගුල් ගෙයක්නේ . ලංකාවේ මගුල් ගේක ගිය කාලයක් මතක නැති එකේ අනික සිතලටත් පෙරවගන්න  හොඳයි කියල හිතලයි සාරියක් ඇන්දේ .
නගරය පහුකරලා ගිහින් ගිහින් එකතැනකදී පාර ඉවරයි . මන් හිතුව අපේ රියදුරු මහත්තයට වැරදිලා තමයි කියල . නෑ නෑ මේක තමයි පාර . ඒත් පාර ඉවරයි . පැත්තකින් කැළණි ගඟටත් වඩා පළල බොර පාට ගඟක් . හරි දැන් මොකද කරන්නේ . ඔන්න තියෙනවා ටිකට් විකුණන තැනක් . රියදුරු මහත්තය ටිකට් එකත් අරන් නතර කරලා තිබ්බ තඩි ට්‍රක් එකක් පිටිපස්සෙන් වාහනේ නැවැත්තුවා . බැලින්නම් ඒ පෝලිමක් .
ඔන්න එනවා ගඟ හරහට පාරුවක් . දෙය්යන්ටම පෙනීයන් මේ විශාල ට්‍රක් එක්කම අපේ වාහනෙත් මේ පාරුවෙන් එගොඩ වෙන්නයි හදන්නේ . ආපහු යමුද ? ගඟ මැද්දේ මේක ගිලුනොත් මක් කරන්නද . ඔය වගේ සෑහෙන වීර කතන්දර මැද්දේ වාහනටික ගානට අඩුක් කළා අර පාරුවේ . සරල එන්ජිමක් තිබ්බ බොහොම ප්‍රාථමික මට්ටමේ පාරුවක් මේක . මන් ඔය එන්ජින් ගැන හෙම නොදන්නවා වුනාට බැලුවම කියන්න පුළුවන් නේ තත්වය .



අපරාදේ කියන්න බැහැ බොහොම සීරුමාරුවට අනික් පැත්තට ආවා . සමහර අයගේ හර්ද ස්පන්දනය සාමාන්‍ය තත්වයට පත්වුනා . දැන් ඉතින් ආයිමත් යනවා . ලස්සන කුඹුරු වගේ විශාල ළුණු පාත්ති එකයායට. ඇත්තටම ලස්සනයි. තැන තැන පොඩි කඩ ඉස්සරහ ලූනු  ගොඩ ගහල . මෙහෙ පොඩි ලූනු අපේ වගේ රතු පාට නැහැ . සුදු පාටට හුරුයි. සුපර් මාකට් වල රතු පාටට තියෙන්නේ චීන ළුණු .

ඉතින් මේ ලූනු යායවල් මැදින් වැටුන අතුරු පාරවල ගිහින් ගිහින් අපි අතරමන් ආයෙමත් . ඒවෙනකොට මගුල් ගෙදරට ගිහින් උන්න අනික් අයට කතා කරලා මනමාලිගේ මලයව මගට ගෙනගෙන එයාගේ බයිසිකලය පිටිපස්සෙන් යන්න පටන් ගත්තා . පාර එන්න එන්නම පුංචි වෙලා එකතැනක වාහනේ නවත්තල ඉතුරු ටික ගියේ පයින් .

වෙච්ච කරදර ඔක්කොටම හරියන්න මගුල් ගෙදරදී ලජ්ජා හිතෙන තරමට ඕනෑවටත් වඩා අපිව පිළිගත්තා . පිළිගැනීමට වඩා අර අමුතු සත්තු දැක්කම කට්ටිය බලන ගානට බැලිල්ල තමයි විඳින්න අමාරු . ඇයි වදේ මෙච්චර දුර බැහැර ගෙවාගෙන ළමයිත් අරගෙන ඒ මදිවට සිතකාලේ තමන්ගේ බොස් මගුල් ගෙදර ආවම මනමාලිට විතරක් නෙමේ නෑ පරපුරටම ඒක ලොකු සතුටක් . ඔක්කොටම වැඩිය හොඳට සීත කබා ඇන්ද පිරිසක් මැදට මන් නිකන් රානි මුකර්ජි ආව වගේ . [ මොකද මෙයාල රානි මුඛර්ජි දැකල නැහැනේ ].

ඒ අස්සේ ඉංග්‍රීසි දන්නේ මනමාලියි අක්කයි විතරයි මුළු පරම්පරාවටම . ගානට සප්පායම් වෙලා වෙලා උන්න මාමා කෙනෙක් ඇවිත් මොනවද වියට්නාම බසින් කියාගෙන කියාගෙන ගියා . අක්ක ඒක පරිවර්තනය කළා . මනුස්සය කියල තියෙන්නේ
''සර් අපේ දුවගේ අනාගතේ සර්ට බාරයි'' කියල . මොකක් ???? දැන් මනමාලය මෙයාද ??
කලබල වෙන්න දෙයක් නැහැ . උන්ද කියල තියෙන්නේ දුවට උසස්වීමක් ..පඩි වැඩිකිරීමක් එහෙම කරලා අනාගතේ දියුණු කරන්න කියලයි.

කෑම නම් නියමම වියට්නාම සම්ප්‍රදායික කෑම . අවන්කවම මට නම් කන්න අමාරු වුනා . නැට්ට කොටා විවිධ ක්‍රම වලට හදල තිබුන . යන්තම් එළවළු ටිකකුයි සුදු බත් ටිකකුයි කෑවේ '' මුන්ගේ ලොකුකම '' කියල මිනිස්සු හිතයි කියල . අහිංසක මිනිස්සු . අතුරු පසට අපේ වගේ අයිස් ක්‍රීම් , පුඩින් නැහැ . පොඩි නාරන්  ගෙඩි තමයි තිබුනේ . එව්වා නම් සේරම අපි ඉවර කළා .

සෑහෙන ෆොටෝ ගානකට පෙනී හිටින්නත් වුනා . මනමාලයත් ගමේ කපුටෙක් නිසා මනමාලයාගේ ගෙදර උත්සවයටත් අපිව අරන් යන්න ඕනෑකම තිබ්බත් එදා හවස තිබුන වෙන රාජකාරි වැඩක් නිසා එකට සහභාගී වෙන්න ලැබුනේ නැහැ .

දැන් අපි ආයිමත් ගඟ ළඟ . වෙලාව 12.30 යි . ඇයි පාරුව වැඩ නැත්තේ . පදින කෙනා කෑම විවේකය ගන්නවා . පැය භාගයක් ඉන්න වෙයි. ඔන්න එතන බලන් ඉඳලා ඉඳලා ආයෙමත් ගඟ තරණය කලා .

මේ කතාව කියල මනමාලි ගැන නොකීවොත් අඩුවක් . ඇය සැබෑ දිරිය  දියණියක් . ..ප්‍රාථමික අධ්‍යාපනය කෙසේ වෙතත් අඩුගානේ උසස් අධ්‍යාපනයට යන්න නම් ඒ ගඟ තරණය කරන්නම වෙන්න ඇති. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගිහින් . ඔය කාලේදී අම්මලාගේ ලූනු පාත්තිවලත් වැඩ කරන්න ඇති. සරසවි කාලයේදී ඇයට හදවත් රෝගයක් වැළදිලා සැත්කමක් කරන්නත් වුනාලු. එයින් වසරක් ඉගෙනීම නතර වෙලා . අදටත් විටින් විට ඇති වෙන අසනීප තත්වය මැද්දේත් ඇය සෑහෙන වගකිව යුතු තනතුරක් දරනවා .

ලියන්න හිතුවේ නෙසාට් ගැන . ඒත් මැද්දට මගුල් ගෙයක් ගැන ලියවුනා .

කවුද මේ නෙසාට් ....මෙයා සුලිසුලඟක්. පිලිපිනෙට , හොන්කොන් වලට සහ දකුණු චීනෙට දරුණුවට පහර දීල   මධ්‍යම සහ උතුරු වියට්නාමයේ රට ඇතුලට එද්දිම මෙයාට ටිකක් මෙත් සිතක් පහල වෙලාද කොහෙද වේගේ අඩු කලාලු . හැබැයි වෙරළාසන්න  පළාත්වලට සෑහෙන අලාබ හානි කරලා තියෙනවා .
දකුණේ ත් ගංදිය මට්ටම වැඩිවෙලා විශේෂයෙන් මිකොන්ග් ගඟේ . ඒ පළාත්වල දරුණු ගංවතුර . කීපදෙනෙක් මියගිහිනුත් තියෙනවා .
හැනොයි නගර මාධ්‍යට නම් තද සුලන් මිසක ලොකු බලපෑමක් නැහැ . ඊයේ නම් සුලන් සහ වැස්ස . අද තරමක් සීතලයි.



.....දහදියෙන් අස්වැද්දු
කුඹුරු යටකළ
,..උඩ ගෙඩි දී
රළ අවුස්සා ..
සිඳ බිද රුවල්
නෙසාට් ඔබ ඇවිත්
කල හරිය බලව ..
...සත්වෙනි මහලේ මගේ ගෙයි
කෑම ඇත ..දරුවන් නිදි සැපසේ
ඉදින් සිටිමිද මන් ධනිය ගෝපාල සේ
..පසුතැවෙමි
උදව්වක් කල නොහැකිව



 ඇඟිලි තුඩගින් මෙහි ලියමි
''නෙසාට් ඔබ හරිම නපුරුයි''


පින්තුර මෙතැනින්


මේ ටිකේ වැඩ ටිකක් වැඩියි . වෙනද වේගයෙන්වත් කරුණු කාරණා හොයල ලියන ලොකු ලිපි ලියන්නවත් විවේකයක් නැහැ . ප්‍රසිද්ධියේ නොකියන්න හිටියත් දැන් ලිපි කීපයකම සඳහන් වුන නිසා මේ දේත් කියන්න ඕන . බ්ලොග් එකක් නොලීවත් කමෙන්ට් වලින් බ්ලොග් අඩවි විශේෂයෙන් මේ බ්ලොග් ඒක පෝෂණය කරණ බුරතිනෝ ගේ පියාගේ අභාවය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා . එතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමු. පුද්ගලිකව ඔහුට කණගාටුව ප්‍රකාශ කරන්න නොහැකි වීම නිසා මේ සටහන තැබුවාට ඔහු අමනාප නොවනු ඇතැයි සිතනවා .
.

. ප .ලි .
ලුනු ලිව්වා හරිද . මධුර එකේ තියෙන්නේ ඔහොමයි. පොඩි කාලේ ළුණු කියා ලිව්වද කියල පුංචි මතකයක් තියෙනවා . කවුරු හරි කියනවද මේ ගැන

52 comments:

  1. ළුෑණු කියලත් ලියනවා සමහරු. මොකක් හරිද කියලා නම් දන්නේ නැහැ අක්කේ.

    අනික ගොවිතැන කරනවා කියන එක දැන් කාලේ ලැජ්ජාවක් කියලා කවුරු හරි හිතුවත් ඒක උතුම් රස්සාවක් විදිහට තමා පුරාන කාලයේ තිබ්බයි කියන්නේ.

    අනික රොබට් නොක්ස් වුණත් ගොවියා මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසුයි කිව්වේ නිකමටයැ [තව තව දේවල් හිතාතියාගෙන තමයි එයා ඕක කිව්වේ. අපි මේක මේ විදිහට ගමුකෝ :)) ]

    ReplyDelete
  2. නෙසාට් ගියා කියන එකනම් යම් සහනයක්.

    ළුනු හැටියට ලිව්වා මතකයි.

    ලූණු කියන එක නිවැරැදි බව සුබස පෙන්වයි. ළුනු කියන එක ලුනු හා ලූනු කියන වචනය ලූණු හැටියටත් නිවැරදිකර පෙන්වනවා.

    අකුරු විනිස හදාගන්න ගොඩාක් උපකාරි වෙනවා සුබස:

    http://www.subasa.net/spellerweb.py

    ReplyDelete
  3. අර මනමාලිට අපෙත සුභ පැතුම් පිරිනමන්න බින්දි . .

    ඈ ඇත්තෙන්ම දිරිය දියණියක් . .

    මේ වගේ දිරිය මිනිසුන් ගැනත් ලියැවෙන එකෙන් පුංචි කඩා වැටීමකින් අවහිරයකින් මුලු ජීවිතෙයෙන්ම වන්දි ගෙවන්න හිතන අයට ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා . . .

    හරියට මම වගේ . .

    දැනටත් ජීවිතේ කඩාවැටෙන මොහොතක අපූර්ව බාබු ගේ ජීවිතය අරණකට පෙම් බැඳ එහෙම සිහි කලාම ආපහු පරන තත්වෙට එන්න පුලුවන් වෙනවා . . .

    අප්පා ඔයාලා අර පාරුවේ යනකොට බිත්තර තම්බපු හැටි හිතා ගන්න පුලුවන් . . .

    බුරාගේ පියාට මතු නිවන් සුව අතවේවා . .

    ReplyDelete
  4. බුරාගේ තාත්තාගේ අභාවය ගැන මගේ සාතිශය සංවේගය. හැකිනම් බුරාගේ ලංකාවේ දුරකථන අංකයක් හොයා දෙන්න.

    පහුගිය පෝස්ට් මගහැරියා එක්සෑම් වෙනුවෙන්. ඒත් එක්සෑම් ලං වෙනකොට තමයි රස්තියාදුව වැඩි වෙන්නේ. මෙතන නම් "ලෙහෙසියෙන් මගහරින්න බැරි" කතා ගොඩක් තියෙනවා.

    හසිත කිව්වා වගේම නොක්ස් ගොයියා කියලා නැහැ "මඩ සෝදා ගත් කල ඕනෑම ගොවියෙක් රජකමට සුදුසුයි" කියලා. උන්නැහේ කිව්වේ පොර මේ රටේ හිටි කාලේ උඩු නුවර හා යටි නුවර වගේ [තවත් නම් වගයක් තිබ්බ] පලාත්වල ගොවිතැන් කරන අයට රජ පරපුර සමග කොයිතරම් සම්බන්ධකම් තියේද කිව්වොත් නිකම්ම නිකම් ගොවියෙක් උනත් [ඒ කිව්වේ හෑල්ලුවෙන් මිසක් අගය කිරීමකින් නොවේ] මඩ හෝදලා ගත්තොත් පොරට රජ වෙන්න අවශ්‍ය පසුබිම, ඒ කියන්නේ රාජ ලේ තියෙනවා කියලා. ඔය පොත පුරාම නොක්ස් ගොවියාව පට්ට ගහනවා. ලංකාවේ ගොවීන් මෝඩ හැත්තක් කියන එකයි ඌ නොකියා කියන්නේ.

    මං දන්නවා හසිත මේවා දන්නා බව. ඒත් පහුගිය වසර හැට හැත්තෑවේ අපේ මෝඩ ගොවියාව වහ බොනකං ගොනාට අන්දපු මේ දුෂ්ට කියමන දුටු තැන පහර දෙන පදනමක මං ඉන්නේ.

    බින්දිගේ කතාවට ආවොත්...

    ළමා ශ්‍රමය ගැන මේ කතාව ලිව්වා. මොකද හිතන්නේ. කිව යුතුමයි මෙයින් මා කියන්නේ නැහැ සියලුම එන්ජීඕ වල ඉන්න ඔක්කොම මැට්ටන් කියා [වෙඩි කන්න බැහැනේ දෙයියනේ]. එහෙත් හුඟක් එව්වයේ ඉන්න සැහෙන පිරිසක් මෙන්න මේ වගේ අය.

    මං අධ්‍යාපන කන්ද මුහුදු මට්ටමට පහලින් නගින්න පටන් ගත් මුල්ම පාසල [අපේ ම ගමේ ඉස්කෝලේ] මාර පාසලක්. ප්‍රධාන කුල දෙකක දරුවන් එහි හිටියා. ගොයම් කපන කාලෙට පන්ති බාගයක් හිස්. දැල් අදින කාලෙට අනිත් බාගේ හිස්. දෙමව්පිය ක්‍රියාවනට ළමා ශ්‍රමය යෙදවීම දැවැන්ත මාතෘකාවක්. ලෙහෙසි නැහැ හරි කෙළවර අල්ල ගන්න.

    ඕස්ට්‍රේලියාවේ විස්ස විද්යාලෙක ඉන්න කාලේ මං ටියුටර් කෙනෙක් හැටියට වැඩ කළා. ඒ කාලේ ප්‍රථම වසර සිසුන් අතර මං මාර ජනප්‍රියයි. ඇත්තටම උන්ට ගොඩක් උදව කල නිසා. අන්තිමේදී ඒ ගොල්ලන් මාව ට්‍රිප් එකකුත් එක්ක ගියා. ඒ ගමනේදී දුර පැත්තක ෆාම් එකක ගොම ගොඩක දහ දුක විඳින ඔසියෙක් දැකලා [මං නම් ජීවිතේට ඒ ජොබ් ඒක කරන්නේ නැහැ පට්ට ෂුවර්] මං ඒ ගැන කියවන්න ගත්තම, අපේ එක ගමන් සගයෙක් කිව්වා, ඔයා දන්නවද මං අද උදෙත් ඔය රස්සාව කරලා ආවේ කියලා. හිතා ගන්න පුලුවන්ද? මහපොලටත් වඩා ප්‍රබල අධ්‍යාපන ශිෂ්‍යත්වයක් දෙන, ඉගෙනීමට සතයක්වත් ඒ වෙලාවේ ගෙවන්න අනිවාර්ය නැති රටක. අනික ඒ හම්බ කරන තුට්ටු දෙකෙන් තමන්ගේ යාලුවෙක් වුන මාව නිකම් ට්‍රිප් එකක් එක්ක යන එක ගැන. ඔය තවත් කතාවක්.

    ඔන්න දවසක් සෙනසුරු මහා දසාව ගහල තිබ්බ කාලේ අපි මැල්සිරිපුරෙන් බැහැලා "නිකවැහර" කියන බෝඩ් එක ගහපු, පැත්තේ සීට් තියෙන ලොරියක නැග්ගා. ඔන්න ඉතින් හෙමින් හෙමින් ලොරිය ඇදුනා, මේන් රෝඩ් එකෙන් හැරිලා යනවා ගැමි පරිසරයක් මැද්දෙන්. තැනින් තැන පොඩි වන පෙදෙස්. හිටි ගමන මෙන්න පාර ඉවර වෙනවා තඩි ගල්තලාවකින්. ලොරිය ඔහේ ඉස්සරහට යනවා. පාර ඉවර වෙලා ලොරිය දැන් යනවා ගල උඩ. මගේ හිතේ මීටර පන්සීයක්‌ විතර ඔහේ ගල උඩ ගිය ලොරිය අනික් පැත්තෙන් පටන් ගන්න පාරට සෙට් වුනා. ගල තලාව උඩ පාර තියෙන්නෙත් ප්ලේන් යන පාර වගේ. රියදුරාගේ හිතේ ඇඳුනු පාරක්.

    මේ ලංකාව මාර රටක් කියන්නේ ලෝකේ ඕනෑම තැනක තියෙන සීන් එකක් මෙහෙත් පොඩියට හරි තියෙනවා. අපි ජීවිතවල හිරවෙලා නිසා හොයා ගන්න බැරි උනාට. [අපි කිව්වේ අපි විතරයි තවම ස්ටේෂන් වල බුදියන වාසනාවන්තයින් අත්හැර]

    ලූණු වැරදියි ළූණු හරි. මොකද ල නොවේ ළ තියෙන්නේ. අනේ ඉතින් මං නම් ඕකට මැරෙන්නේ නැහැ. ගූගල් ගැජට්ටුව හරියට දුන්නොත් හරි, නැතිනම් ඉතින් දෙන දෙයක් ලියලා ඔහේ ඉන්නවා.

    නැවතත් කිව යුතුයි බුරා නැති පාළුව ගැන. වියෝගයේ වේදනාව උපේක්ශාවෙන් විඳින දවසක් එනකම්. මේ වෙලාවේ හිටිය නම් ඕක මගේ එක එක්සෑම් එකක් හරි කෙලව ගන්න අවශ්‍ය කළමනා සකසා දෙනවා ස්ථිරයි.

    ReplyDelete
  5. නෙසාට්...? බලමු කී දෙනෙක් ඕක ගැන කතා කරයිද කියලා.

    ReplyDelete
  6. සුජීව අයියා මම නොකියා හිටිය කතාව අපූරුවට කියලා.

    මේ කියමනට හොඳම හින්ට් එක ගහන්නේ සුනෙත් හා ගාමින්ද [චූටි මල්ලී, පොඩි මල්ලී] දෙන්නා කරපු අරේ සහ මරේ වැඩසටහනෙන්.

    ඒ දෙන්නාගේ දෙබස මෙහෙමයි

    අරේ සීයා : කතාවක් තියෙනවා ඔයා අහලා තියෙනවාද මඩ සෝදා ගත් කළට ගොවියා රජකමටත් සුදුසුය කියලා

    මරේ සීයා : අනේ ඉතින් ඔයාලත් ඕවාට අහුවෙනවානේ.ඔය නිකම් ගොවියෝ රවට්ටන්න කවුරු හරි වෘත්තීය සමිති නායකයෙක් කියපු එකක්නේ ඕක

    අරේ සීයා : වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි ඕක කීයලා තියෙන්නේ. රොබට් නොක්ස් තමා ඕක කියලා තියෙන්නේ

    මරේ සීයා : එයත් කාගෙන් හරි කුට්ටියක් අරගෙන වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ. අපේ ගොයියෝ අහුවෙනවනේ ඕවටත්

    ReplyDelete
  7. රානි මුඛර්ජී ද, හේම මාලිනී ද?

    මං එහෙම ඇහැව්වේ ලංකාවේ අය වෙඩින් වලට අඳින සාරි දැන් ඉන්න සින්ටාලා, රායි ලා, මුඛර්ජිලා අඳින්නේ නැති නිසා.

    ඒවා ඇන්දේ මාලිනී ලා, සිංහ ලා, බහදූරි ලා විතරයි!

    ReplyDelete
  8. මධුර වැරදියි මං හිතන්නේ. Salt සහ Onion දෙකටම තියෙන්නේ එකම ලූණු ය.

    මං දන්නා පරිදි Onion=ලූණූ සහ Salt=ලුනු වේ.

    ReplyDelete
  9. මම හිතන්නේ අක්කේ මම මේ පැත්තේ ආවේ කාලෙකින් කියලා.. ඒත් ඇත්තටම ගොවිකම කියන්නේ මම දකින උසස්ම ‍රැකියාව.. ජිවිතේ ක‍ටුක දුකක් එක්ක තරග කරලා ඒක දිනාගෙන කරන්නේ අමුතුම යුද්දයක්..

    ReplyDelete
  10. @හසිත .
    ගොවිතැන ලජ්ජාවකටත් වඩා මේක කරන්න ගියහම වෙන ප්‍රයෝගික අපහසුතා නිසයි තරුණ පරම්පරාව ඈත් වෙන්නේ . ඔය ගැන කියන්න කතා ගොඩක් තියෙනවා . හෙට දිහාට කියන්නම් . අද හොඳට අව්ව පායලා . කරන්න වැඩ ගොඩයි.
    @ ගල්මල් ..
    ඩීන් අය්යට නම් එදා මාව මතකත් වුනානේ . ස්තුතියි බොහොම . අපේ අම්මත් මෙහෙට මොකක් හරි කිව්වම බය වෙනවා .
    @ සුජීව ..
    අපොයි අපොයි මන් දැනන් හිටිය විභාගේ ගැන ,. ඇත්තටම බ්ලොග් එකත් පාලු වෙලා තිබ්බේ .කතාව සංවාදයකට ඇදගෙන යන්න කට්ටිය මදි නිසා වැඩිය ලියන්නත් කම්මැලි හිතුනා . බුරාත් ටික දවසකට එන එකක් නැහැ .බස්සාත් ඔන්න ගුලෙන් එලියට ඇවිත් . හැමෝම යතා තත්වයට ඇවිත් නැවත සුපුරුදු තත්වයට බ්ලොග් එක ගෙන්න ලැබේවා කියල පතනවා .
    ඔයාගේ කතාව කියවන්නම් ඉක්මනටම . විභාගේ ඉවර වෙලා මේ ගැන වැඩිපුර කතා කරමු .
    @ දේවා..
    මල්ලිටත් විභාග තිබුනනේ . ඒවත් අඩුපාඩු නැතුව කරගත්ත නම් එච්චරයි. මෙව්වා ඉතින් නිකමට ලියන ඒවානේ . ඒ වගේද අධ්‍යාපනය .
    @ කතන්දර ...
    ලංකාවේ කට්ටිය සාරි අඳින්නේ 60 දශකයේ වගේද දැන් . මන් නම් වෙඩිමකට ගිය කාලයක් මතක නැහැ .

    @ දුකා ..
    මනමාලි දැන් පරණ මනමාලි .. ගිය අවුරුද්දේ කතාවක් ඔය . අවාසනාවට එයාට සිංහල කියවන්න බැහැ. හැබැයි මන් හමු වූ වෙලාවක අනිවාර්යයෙන්ම කියන්නම් .
    මටත් කරදර අවස්තාවක සිහියට එන පොත් කීපයක් තියෙනවා . ඇත්තටම කියවීමෙන් මගේ ජීවිතේට ලැබුන දේවල් කියා නිමකරන්න බැහැ .
    කට්ටිය හිනා වෙයිදත්මන්ද . මට නම් හැමදාම උදව් වෙන්නේ පොලියානා කියන ගැහැණු ළමයා . ළමා කතාවක් වගේ . ඒ වුනාට ඕනෑම දුකකදී මන් අයගේ සතුටු සෙල්ලම කරලා හිත හදා ගන්නවා

    @සුජීව සහ හසිත බොහොම ස්තුතියි කතන්දර ගොඩක් කිව්වට .


    @ සියලු දෙනා

    ලුණු ගැන කියා දුන්නට ස්තුතියි.
    ළමයි ඉන්න අයට ......
    පුන්චිත්තා බ්ලොග් එක ළමයින්ටම හදපු එකක් . බය නැතුව නිර්දේශ කල හැකියි

    ReplyDelete
  11. පරක්කු වෙලා ආපු නිසා කමෙන්ට්ස් ඔක්කොමත් කියෙව්ව. අර මුලින් කියාපු උගත් යුවතිය ගැන හිතුනම මට හිතුනෙ අපේ රටේ නං එහෙම වෙයිද කියලා, මෙහෙ උනානං මම ඉගෙන ගත්තනෙ කියල ඉඳීවි අනිත් අය ඉතිරි ටිකත් කරන කම්.
    මටත් හිතෙන්නෙ රොබට් නොක්ස් පොත පුරාම කරල තියෙන්නෙ සිංහලයව පාච්චල් කරන එක.
    බුරතිනෝ ගේ පියාණන්ට නිවන්සුව පතමි !!!!

    ReplyDelete
  12. මටත් අද පරක්කු වෙලා එන්න උනේ. ඇත්තට අර කෙනා දිරිය කාන්තාවක්. අපේ ටීචර් කියනවා වගේ අපේ රටේ කට්ටිය නම් එහෙම කරයි ඈ.

    පොඩි කාලේ ඉදන් කරන කුඹුරු රස්සාව කරනවා. කැම්පස් ගිහින් එලියට එනකොට ඒ දේවල් කරන්න ලැජ්ජයි.

    ReplyDelete
  13. මගුල් ගෙදර ගිය හැටි නම් නියමයි. මන් අහන්න මයි හිටියේ අර කිරිගොට්ට වගේ තොප්පිය ගැන. එක හදල තියෙන්නේ බට පතුරු වලින්ද? දාන්නේ අව්වටද? මට නම් පෙනේනේ ඒක හරිම හිරිහැරයක් වගේ. සමහරවිට එහෙම නැතුව ඇති.

    බුරගේ පියාගේ අභාවය ගැන කණගාටුයි.

    ReplyDelete
  14. සුබසේ තිබෙන්නෙත් ලූණු කියලා... මටත් හරි නිශ්චයක් නෑ.

    ඇත්තටම අර මනමාලිගේ කථාව හරිම ආදර්ශවත්... අපේ රටේ නම් ගොවිකම බලුකම වෙලානේ...

    අපේ අයියත් (මාමගේ පුතා) tourismප management උපාධිධාරියෙක්... එයා උපාධිය කලෙත් එළවළු පලා කොටුවක් වවන ගමන්... නිවාඩුවට ගෙදර ඇවිල්ලත් එයාගේ වැඩේ පාත්ති කොටන එක. ඇත්තටම ඒ ගැන මතක් වෙන කොටත් මට හරි ආඩම්බරයි. ඒ වගේම අද ඉන්න තත්ත්වය ගැන සතුටුයි...

    කෘෂි සංවර්ධන උපාධියක් වගේ දෙයක් (දේශණ සිද්ධාන්ත නොවේ, ප්‍රායෝගික !) දීලා වත් ගොවිකම අප් කරන්න පුළුවන් නම් අපිට කටින් නෙවෙයි හැබෑවටම බතල හිටවන්න පුළුවන් වේවි.

    වෙලාවකට මේ එක තැන ඉඳන් කරන ජොබ් එකෙන් අයින් වෙලා ඇඹිලිපිටිය, මහියංගනේ පැත්තේ ගිහින් වගාවක් කරන්නත් හිතෙනවා අප්පා... ගොවිකම මමත් ආසම ක්ෂේත්‍රයක්... වියට්නාමේ වගේ අපේ රටත් පූර්ණ කෘෂිකාර්මික රටක් වෙනවා නම් කොච්චර හොඳද ?

    ReplyDelete
  15. ගොවිකම නොකරන එක උද්ධච්ච කම කියා බනින එක වැරදියි. කෙනෙකුට ගොවියෙක් වෙන්න නම් ගොවිතැන් කළ හැකි තැනක ජීවත් වෙන්න වෙනවා කොළඹ/නුවර තියෙන පර්චස් 6-10 ඉඩම් වල මොන ගොවිතැන් ද? මේක එක හේතුවක්.

    අනික තමයි එ සදහා දිගටම කාලය කැප කල නොහැකි වීම වගාවක් බලා ගන්න නිතර නිතර යම කාලයක් වෙන් කල යුතුයි. නමුත් මේක කාර්ය බහුළ අයට ලෙහෙසි නැහැ.

    චතුරංග වගේ ජීවනෝපායට ගොවිතැන තොර ගන්න එක අවදානම්. ලංකාවේ ගොවිතැන, වගාව අස්වැන්න වගේ දේවල් වලට කිසිම මගකීමක්, ආරක්ෂණයක් නැහැ. වෙන රටවල නම් විවිධ තාක්ෂණික ක්‍රම, රක්ෂණය, කොමොඩිටි මාකට් වගේ සංවිධානාත්මක ක්‍රම තිබේ.

    නිකම් ආතල් එකට මාත් එළවලු වැව්වා කිරි/කැකිරි අර්බුදය කාලේ. අපි මාස තුන ම තුනක් ගෙදර හිටියනේ. අනේ මගේ එළවලු ටික හරි ගානට එනකොටම ගන්වතුර ආවා. ඉවර වෙද්දී පාත්ති ටිකත් නැහැ. ජීවත් වෙන්න මේ සෙල්ලම කරන මිනිස්සුන්ට ඉතින් සොරි ම තමා.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ටෝල්ස්ටෝයි

    ලියමනට සම්බන්ධයක් නැත. එහෙත් ලියන්නිය හා කියවන්නන්ට සම්බන්ධකම් ඇත.

    ReplyDelete
  18. මම ඌව පරණගම ගිය මඟුල් ගෙයක් මතක් උනා. මගෙ යාළුවයි මිනිහගෙ නෝනයි දෙන්නම කොළඹ කැම්පස් එකේ.( නෝන මහ බැංකුවෙ දැන්නං බොහොම ඉහල තැනක) ඒ කාලෙ අවුට් වෙච්චි අලුත. අපි වැළිමඩින් උඩුපුස්සැල්ලාව පාරෙ ගිහින් ඌව පරණගම කියන හරියෙ පොඩි පාරක ටික දුරක් ගිහින් නැවැත්තුව. එතන ඉඳල කිලෝමීටර් දෙකක් පයින්ම ගියා මඟුල් ගෙදෙට්ට. පොඩි අඩිපාරෙ තුත්තිරි ගලව ගලව ගිය එක මතක් කර කර පස්සෙ උන් දෙන්නට දුන්න රිදෙන්න. අර කෙල්ල බොහොම උපේක්ෂාවෙන් අපේ විහිළු අහන් හිනාඋන හැටි අද මතක් වෙනකොටත් පුදුමයි. එච්චර දුර ගියාට පස්සෙ දැක්කෙ මහ ලොකු ගමක් කැලේ අස්සෙ. පැත්තකින් උමා ඔය මහ හය්යෙන් ගලනව. කූඩැල්ලො නිසා ඔයට කිට්ටු වෙන්න බෑ, ගියත් නාන්න තිය හිතන්නත් බැරි තරන් වතුර සැරයි. ගමේ කැම්පස් නොගිය හෝ කොළඹ වැඩට නොගිය එකෙක් ඉන්න පවුලක් නැති තරම්. හැමෝම අර කිලෝ මීටර් දෙක පයින් එනව මහ පාර අද්දර තිබ්බ ප්‍රාථමික විද්‍යාලෙට. ලොකු උනාම ඒ ටික පයින් ඇවිත් තව හැතැප්ම හතර පහක් ඈත මධ්‍ය මහා විද්‍යාලෙට යනව සීටීබී එකේ සීසන් එකට. මගෙ යාළුවට දැන් කාර් දෙකයි, ඒත් තාම අර ටික පයින්. ගමේ මිනිස්සු බදුල්ලට පයින් යනව කැලේ පාරෙන්, අර ප්‍රසිද්ධ ලී පාළමේ විහාරෙ හරහ. ඒත් අපි!

    මේ පාරුවෙ පින්තූරෙ දැක මතක් උනේ ලංකාවෙත් මෝටර් නැති උනාට කඹෙන් අදින ඔහොම පාරු ගානක් පානදුරේ අවට තීනවනෙ. ගිහින් තිබ්බෙ නැද්ද මීට කලින්.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. නෙලුම් විලට ප්‍රමාද වෙලා එන තරමට තමා හොඳ. ලිපිය පල වෙච්ච අලුතම දැක්ක, එත් කියවන්න ආවේ පරක්කු වෙලා. කියන්න දේවල් ගොඩයි.
    ඒත් හිතට එන හැමදේමත් කියන්න බැහැනේ.

    උපාධි ධාරියෙක් උනත් ගොවිතැනට පසුබට නොවීම මං හිතන්නෙ ඔය රටවල කොමියුනිස්ට් දර්ශනයත් එක්ක ආපු දෙයක්. චීනෙත් ඔහොම වාතාවරණයක් තිබුණු බව මම කියවල තියෙනවා. දැන් නං කොහොමද දන්නෙ නැහැ. කාලයක් චීනයේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මාස ගණනකට, ඈත ගොවි පොළකට ගිහිල්ල වැඩ කිරීම අනිවාර්ය කරලත් තිබිල තියෙනව. ඕව ගැන විවිධ මති මතාන්තර තියෙනව. ඔය සංකල්ප ගෙනාපු මාඕ සේතුං වගේ අය ගැන දැන් සමහර අය බලන්නෙ මිනී කන රාක්ෂයෝ විදිහටනේ. මං ඕවට විරෝධය දක්වන්න ගිහිල්ල නිකන් අහගන්නෙ මොකටද? බටහිර මාධ්‍ය තමන්ගේ රාජකාරිය බොහොම සාර්ථකව කරල තියෙන බව ඒකෙන් පැහැදිලියි.

    ඊළඟට ලූණු ද ළූණු ද ලූනු ද ළූනු ද කියන ප්‍රශ්නේ?

    මෙතන න ණ ල ළ ප්‍රශ්නයක් එනවා වගේ.

    මෙන්න පොත් මේලාවෙන් වෙච්ච හොඳක්.
    මම ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ පොත් කුටියෙන් මිලදී ගත්තා "සිංහලයේ අක්ෂර වින්‍යාසය (අත්පොත)" නමැති කෘතිය. ප්‍රකාශනය ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය විසින්මයි. සම්පාදක මණ්ඩලය මහාචාර්ය විමල් ජී. බලගල්ලේ, මහාචාර්ය ඒ. වී. සුරවීර, ආචාර්ය කේ. ජයතිලක, ගුණසේන විතාන, මහාචාර්ය රත්නසිරි අරංගල, අනඳපිය කුඩාතිහි, සිරිසේන විතානගේ, ශ්‍රීනාත් ගනේවත්ත, කරුණාරත්න අමරසිංහ යන විද්වතුන්. මිල රු.125/-යි. වට්ටමෙන් පසු ගත්තෙ රු.100/-ට. (මෙච්චර විස්තර කිව්වේ බොහොම වටිනා පොතක් නිසා. බ්ලොග් රචකයන්ට බොහොම වැදගත් කියල හිතනවා.)
    ඔය කෘතියට අනුව මෙහෙමයි,

    salt - ලුණු
    onion - ලූනු

    'ළු' යන්නෙන් ආරම්භ වන වචන කිසිවක් එහි සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පොතෙහි සඳහන් සිංහල හෝඩියටත් මේ ළු යන්න ඇතුලත් නැහැ. නමුත් පොතේ සඳහන් වචන වලදී මේ අක්ෂරය යොදා ගෙන තිබෙනවා. උදා. ඇතුළු, අගුළු.
    මූර්ධජ ළ යන්න උ කාරයෙන් ලිවීමේදී තමා මෙම අක්ෂරය යොදාගැනී තිබෙන්නේ.
    ළ් + උ = ළු

    තව තතු දත්තෝ පැහැදිලි කරත්වා.

    (ඉහත කමෙන්ටුව අවලංගු කලේ පළ කල පසුව අක්ෂර දෝෂයක් දුටු නිසාය. නැවත නිවැරදි කර පළ කලෙමි.)

    ReplyDelete
  21. ඉන්දික;

    ඇබර්ඩීන් දිය ඇල්ලට යන පාරේ [ගිනි ගත් හේනේ ඉඳං යන පාර] මුල් කොටස තනිකර පඩි පේලියක්. කිලෝමීටර දෙකක් විතර එක දිගට පහලට. ඒක දෙපැත්තේ ගම් වල මිනිස්සු ඉන්නවා. මං දන්නා තරමින් එ මිනිසුන්ට වෙනත් පාරක් නැහැ [කිතුල්ගල පැත්තෙන් එන තව පාරක් තියෙනවා ඇබර්ඩීන් ඇල්ලට, ඒත් ඒක මේ ගමට එන්නේ නැති බවයි මතක.

    ඔය පාරේ යද්දී අපි කතා වුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ පරදින්නේ නැතුව කන්දේ රාජ්‍යය එලෙසම තිබිලා ඒකේ ගමනාගමනය දියුණු වුනානම් හදන වාහන වලට හයි කරන්නේ කකුල් කියලා. මොකද රෝද වලින් ඇක්සෙස් කරන්න බැරි තැන් කන්ද උඩරට එතරම් තියෙනවා.

    ටීජීගේ සුවිසැරියේ [වචනය කොල්ල කෑවේ ගලිවරයන්ගේ සුවිසැරිය පොතෙන්] ඔය වගේ තැනක් ගැන ලියා තිබ්බා සටහනක්.

    @පොත්ගුල්+ඔක්කොම;

    ඕන තරම් දැක තියෙනවා "ළූණු" කියලා ලියූ අවස්ථා. ඒ වගේම ගූගලයන්ගේ පළමු තේරීමත් එයයි. ඒත් ඉතින් ඔබ සඳහන් කරන පඬිවරුන් සමග කවර නම් විවාද ද? එහෙනම් ඔන්න අද ඉඳං මාත් [වියරණ සහිත ලිවුමෙදී] ලියන්නේ ලූනු යනුවෙන්.

    මාඕ කාරයා සිරාම පොරක් නොවේ. මාඕ ගේ ඇතැම් ආන්තික හා මෝඩ පිළිවෙත් වලින් රට බේර ගන්න චීන කොමියුනිස්ට් පක්ෂේ 1970 ගණන් වල නිහඬ විප්ලවයක් කල බවයි මගේ අදහස. ඒත් පොර තනිකරම චොර ඩයල් එකක් නොවේ. ඔහු කල අගය කල යුතු දේවල් නම් ඕන තරම් තියෙනවා. වෙන එකක් තියා ලෝක ජනගහනයෙන් පහෙන් පංගුවක් එකතු කරන් "ගොඩයන්ගේ හා බයියන්ගේ" විප්ලවයක් කිරීම ම මදැයි. ඔය විප්ලව ඔස්තාද්ලා හිතුවේ විප්ලව කාරන්න පුළුවන් බොහොම ඉහල ප්‍රඥා මට්ටමක තියෙන නාගරික සමාජ වල කියලනේ.

    ReplyDelete
  22. @ හරී ..

    පරක්කු වෙන තරමට හොඳයි හරී . ලංකාවෙත් ඉන්නවා ඒ වගේ උත්සාහවන්ත ළමයි. හැබැයි අපට හමුවෙන්නේ අඩුවෙන් . මෙහෙත් ඇති අර වගේ උඩට ගියහම ඉනිමගට පයින් ගහන අය. මන් නම් දැන් මිනිස්සු සංසන්දනය කරන්නේ අඩුවෙන් හරී . කොහෙත් කළු සුදු අළු තුනම තියෙනවා . අපිට ඇස ගැටෙන ප්‍රමාණයට සාපේක්ෂව නිගමනය කරන එක හරිද මන්දා . මෙහෙ කමියුනිස්ට් අඩිතාලම නිසා අපිට වඩා වගකීම් වැඩිපුර ඇඟට ගන්න ගතිය ඇති වෙන්න ඇති කියල හිතෙනවා .

    @ මධුරංග ..

    සිස්ටම් එක වෙනස් නිසා වැඩ කිරීමට බල කිරීම වෙනස්නේ මධුරංග . මෙහෙත් තව ටික කලකින් මේ දේවල් වෙනස් වෙයි.

    @චන්දි..

    කොහෙද හැබෑට ගිහින් හිටියේ . කිරිගොටු තොප්පිය අව්වට වැස්සට දෙකටම හොඳයි. ඇත්තටම ඔන්න කොපි කරනවා නම් හොඳ දෙයක්. හොඳට මුනට අව්ව වැටෙන එකත් වැළකෙනවා. දැන් නම් තද අව්වේ වැඩ කරන කම්කරුවන් ගොවියන් විතරයි දාන්නේ . අලුත් පරම්පරාවට ඕක මෝඩ මදි . ඒ තියා හෙල්මට් එක දාන්නත් තද නීති ආවේ ලඟදි . කොන්ඩේ කැත වෙනවා කියල අකමැතිලු දාන්න

    @චතුරංග ..

    වියට්නාමය කෘෂිකර්මයට හොඳ වුනාට පුර්ණ කෘෂිකාර්මික නෙමේ දැන් නම්. ගොඩක් කර්මාන්ත ඇතිවෙලා . විශේෂයෙන් කොරියන් ජපන් ආයෝජන . අනික මේක ලොකු රටක් ඕන තරම් ඉඩම් .

    වගාව හොඳයි . හැබැයි අපේ රටේ කොච්චර ප්‍රයොගිකද මන්ද . ඔය සුජීව කියල තියෙන්නේ.

    @සුජීව

    ඕව වැඩිය කතා කරන්න මට නම් සදාචාරාත්මක අයිතියකුත් නැහැ . අපේ ගෙදර අනික් අය වගේ නෙමේ මන් හිටෝන පැල හරියන්නෙත් නැහැ . අපේ ලොකු තාත්ත කෙනෙක් ඉන්නවා වරක් රත්නපුරේ හොඳම ගෙවත්තට හිමි තෑග්ග ලැබුන . එයා රජයේ සේවයක් කරන ගමන් ඒවා කලේ . ඕවට හොඳ කැපවීමක් උනන්දුවක් ඕන .

    මේ වගේ රටවල ප්‍රතිපත්ති සෑදීම හොඳයි . ඕව කියන්න ගියොත් වෙන ඉසව් වෙත මේ කතා ඇදෙන නිසා අකමැතියි.

    ටෝල්ස්ටෝයි ගැන රසවත් ලිපිය බැලුවෙමි

    සුජීවගේ ෂෝර්ට් කතා සහ නිකමට ලියු පදවැල් මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් නොවේ. අනෙක් යටත් එහෙමද .

    @ඉන්දික

    ඉන්නවා ඉන්නවා . අපේ තාත්තගේ පවුලේ 9 දෙනාම හැතැප්ම කීපයක් කන්ද බැහැල තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ . දැන් පාරවල් බස් තිබුනත් තවමත් මිනිස්සු අර පරණ අඩි පාර පාවිච්චි කරනවා . ඒක ඉක්මන්ලු බස් එකට වඩා .

    මන් පාරුවේ ගිහින් තියෙනවා . කඩුවෙල පාලම හදන්න පෙර අපි කඩුවෙල පොලට එනවා පාරුවේ. ඒක පාරක් පාරුවක් ගිලිලා සැහෙන ගානක් මිය ගියා . අපි පුංචි කාලේ තමයි ඔය පාලම හැදුවේ. ඒ කලේ ඉතින් ඕව විනෝද වැඩ . අනික මැරෙන්න වත් බය නැහැනේ ඒ කාලේ . මේක නිකන් මිනිස්සු එගොඩ මෙගොඩ යමකුත් නෙමේ . ගල් වැලි පිරුන අලි ට්‍රක් එගොඩ කරනවා .

    @පොත් ගුල්ලා ...

    ඒක තමයි මධුර ශබ්ධ කෝෂයේ තියෙන විදිහත් . ඔච්චර ලොක්කෝ ගොඩක් කියන එකේ එහෙනම් හරි ඇති. කොහොමටත් භාෂාව සරල වෙන තරමට මන් කැමතියි.

    චීනයේ වියට්නාමයේ ඒ පදනම හොඳ වෙච්ච නිසා තමයි අද විවුර්ත ආර්ථිකය වුනත් මෙච්චර හොඳට ආදේශ වුනේ කියලයි මටත් හිතෙන්නේ . ඒ ඉතින් මට හිතෙන හැටි. අනික් අතට අපි කැමතියිනේ

    එකෙන් කියන්නේ නැහැ මන් චීනයේ ජිවත් වෙන්න කැමතියි කියල . අපොයි මේවා හරි සංකීර්ණ ප්‍රශ්න අප්පා .

    ReplyDelete
  23. නෙසාට් නොආපු එක ගැන සතුටුයි....

    ගොවිකමෙන් ජීවිතය දිරිමත් කරන මිනිස්සුන්ට අපි හදවතින්ම ගෞරව කරන්න වටිනවා..මේ වගේ පාරුවක් දැක්කා දකුණු අප්‍රිකාවේදී... ගමනාගමන් පහසුකම් නැති කුඩා දූවතක ජීවත් වෙන අය හැමදෙයකටම පාවිච්චි කලේ මේ වගේ පාරුවක්...ඒ අයට ඒ පාරුව මොනතරම් වටිනවද කියලා තේරුනේ එහෙ උන්න කාලේදි...

    අර කිව්වත් වගේ ගෑණු දැරීවි නම් හරිම දිරිමත් කෙනෙක් වගේ...

    ReplyDelete
  24. හසිතයි, සුජීවයි රොබට් නොක්ස් ගැන කිව්වම මටත් කියන්න දෙයක් හිතට ආව. මේ මෑතකදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පැවති ඉංග්‍රීසි පාඨමාලාවක් අවසානයේ අපේ බ්‍රිතාන්‍ය ජාතික ගුරුතුමාට අපි රොබට් නොක්ස් ගේ මුල් කෘතියේ පිටපතක් තෑගි කළා. ඔහු ඒ වන තෙක් රොබට් නොක්ස් ගැන අසා තිබුනෙ නෑ. මා ඔහුට නොක්ස් ගේ කතාව කෙටියෙන් පවසා ඔහු සිරකරුවකු වුවත් ලංකාව තුල නිදහසේ කාලය ගතකල බවත්, ඔහුගේ වෙනත් සගයන් රැසක් ලංකාවේ ලඳුන් විවාහ කරගෙන ස්ථිරවම මෙහි පදිංචි වූ නමුත් නොක්ස් පලා ගොස් යලි එංගලන්තයට ගිය බවත් පැහැදිලි කළා. එවිට අපේ ගුරු තුමා මගෙන් ඇසුවේ මොන මගුලකට ඔහු ආයෙත් එංගලන්තයට ගියාද මෙච්චර සුන්දර රටක ජීවත්වෙන්න අවස්ථාව තියෙද්දී කියලයි. එංගලන්තයේ වැහිබර අඳුරු කාලගුණය අපේ ගුරාට දිරවන්නෙ නැහැ. ඒත් මා කියා සිටියේ ඔහු එසේ පලා යාමෙන් අපට හොඳ ඉතිහාස කෘතියක් ලැබුණු බවයි. නොක්ස් බොහෝ අවස්ථාවල ලක් වැසියන් දෙස උපහාසයෙන් බැලුවත් එදා සාමාන්‍ය ගැමි ජීවිතය පිලිබඳ හොඳ විග්‍රහයක් ඔහුගේ පොතෙහි එනවා.

    ReplyDelete
  25. මේ වගේ ළමයි කොහෙත් ඉන්නවා බින්දි. මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මිදි පැහෙන කාලෙට ඔලිව් කඩන කාලෙට ගමේ යනවා. ගොඩාක් වෙලාවට උදව්වට අපිටත් කතා කරනවා. (ඔය වගේ වැඩ වලට යන්න මම නම් බොහෝම මනාපයි. අපිට ඉතින් ෆ්‍රී වැකේසන් වගේ)

    වෙලාවකට මේ ඔක්කෝම දේවල් අතහැරලා ගොවියෙක් වෙන්න හිතෙනවා මටත්. මෙහෙ නම් ඔය ගොවියෝ හදන දේවල් (ඉන්ඩස්ට්‍රියල් නෙමෙයි) පට්ට ගනන්. ඔය ගමේ කෑම කන බොන උණක් මට තියෙන නිසා මමත් දන්නේ. මේ රටවල එන්න එන්නම ඒ දේවල් ඉස්සරහට එනවා කියලත් හිතෙනවා.

    ReplyDelete
  26. අර මනමාලිගෙ පින්තූරයකුත් දැම්මනම් හරි අගෙයි . අපි ඉතින් කවදා වියට්නාම් මඟුල් ගෙයක් දකින්නද... අර පාරුවෙ ගමනනම් හරි අපූරුයි. මෙහෙත් තියනව ඒව. හබැයි ඒව දියුණු මට්ටමේ ඒව නිසා බයක්නම් දැනිල නෑ. ලංකාවෙ ඉතින් ගොවිකම කරල ජීවත් වෙන්න අමරු තත්වයක් නෙ තියෙන්නෙ. ඔය බුත්තල්ස් මොණරාගල පැතිවල එළවළු විකුණගන්න බැරුව මිනිස්සු දුක්විදිනව. මෙහෙදි මෑ ,බණ්ඩක්ක වගේ ජාති ගිනි ගනන් දීල ගත්දි ඒ මිනිස්සු ගැන පුදුම අනුකම්පාවක් දැනෙනව අපිට.

    ReplyDelete
  27. බින්දිගේ.. ලියන විලාශයේ තියනවා හරිම ආකර්ශනීය බවක්... දිගටම ඔහොම කරගන යන්... ජය වේවා !!!

    ReplyDelete
  28. [[මොන මගුලකට ඔහු ආයෙත් එංගලන්තයට ගියාද මෙච්චර සුන්දරරටක ජීවත්වෙන්න අවස්ථාව තියෙද්දී කියලයි]]

    16 සියවසේ අග [1593 ද?] සිට 1815 දක්වා පැවතී කන්ද උඩරට [හා ඊට පෙර පැවතී සීතාවක හා කෝට්ටේ යුග - අඩුම තරමින් විජබා කොල්ලය 1521 සිට වත්] අතිශයින් ම අවිචාරමත් සමයන් වේ. දෙවන රාජසිංහ සමය ඉන් දෙවැනි වන්නේ ඔහුගේම නම ගත් පළමු වැන්නාට පමණි. [සුදු අධිරාජ්‍යවාදයට ප්‍රහාර එල්ල කිරීම අතිනුත් මේ දෙන්න එක හා දෙක වෙති]. කෙටියෙන් කිව්වොත් අප මුහුණ දුන් සතුරා හා ඔහුගේ පිරිස් බලය [මුළු පහතරටම ඔහුගේ] හමුවේ දරදඬු හා කුරිරු නොවී අපට පැවැත්මක් නොතිබි බවයි.

    නොක්ස් පලා යන්නේ එබැවිනි. සිර දිවියට තිතක් තබා ඔහුට එකතු වන ලෙස රජු දිරිගන්වීමකට ලක් කලත් ආණ්ඩුවේ නිළයක් නොගන්නේ එබැවිනි. එකෙක්ට එකෙක් විශ්වාස නැති ඕන බයියෙකුට රාජ ලේ ඇති, ඒ කාලේ සිංහලයින් වෙනුවට යුරෝපීයයන් නිල තල වලට ගන්නට රජුන් කැමැත්ත දැක්වූහ. පොඩ්ඩ ගැස්සුන ගමන උන්ගේ බෙල්ල කපා දැමීමද නොඅඩුව සිදු විය. නොක්ස් මෙහි එන්නේ රාසිං දෙයියන් නූලෙන් බේරෙන [මාතලේ අළු විහාරේ ඔහු වෙනුවෙන් ජීවිතේ පුදන] 1660 ගණන් වල කැරැල්ලත් එක්කයි [අග්නි දාහය නම් බොළඳ චිත්‍රපටය මේ යුගය අලලා සැකසුවකි] මේ කාලයේ රාජ සැකය කියන්නේ පුදුම නරුම සාපයකි. සිරකරුවන් අතර පලා යන තරම් අඩු වයසක් ඉන්නේ නොක්ස් පමණි. එබැවින් ඔහු කල දෙය කොහෙත්ම පුදුමයක් නැත.

    මීට අමතරව නොක්ස් දැඩි ක්‍රිස්තු භක්තිකයෙකු වීම ද ["බුදුන් කියා මිත්‍යා දෙවියෙකු අදහන ප්‍රාථමික ආගමක් ඇති රටකින්" - නොක්ස්] පලා යාමට හේතුවක්.

    නොක්ස් ලියන්නේ මහා විකාර සමයක් ගැනයි. තම රාජ සබාව තමාට එරෙහි වූ විට මහලු රජු විවිධ විකාර කරයි. එබැවින් ඔහුගේ පොතේ ලංකාව විකාර දේශයකි. එය පරංගියා හා ලන්දේසි කාරයාට නම් ඊට වඩා භයානක හා ශූර බුද්ධියෙන් හෙබි තැනකි.

    නොක්ස් ගේ අඩි පාරේ නොගිය පෙඩ්රෝ ඩි ගස්කොන් නම් නිලධාරියා රාසිං දෙයියන්ගෙන් පසු එන නරේන්ද්‍රසිංහ නම් රජුගේ මෙහෙසියට තොත්තු දෙන්න ගොස් ඔලුව කොත්තු කර ගන්නේය. නරේන්ද්‍රසිංහ යනු පුතෙක් නැති නිසා කුල කන්‍යාවන් බිලිදෙමින් යකා නටා අන්තිමට නායක්කාර් බිසවනුත් ගෙන්න ගෙන අවසානයේ නායක්කර් රජ වංසය හැදීම නිසා උඩරට පාලක විසංවාදයක් ඇති කරන මොංගල් රජාය [බෙල හීන? - මට නිකම් එහෙම හිතේ]. මේ යකා කරපු අවුල නොවෙනට ලංකාව අල්ල ගන්නට ඉන්ග්රිසින්ටත් හැකි වෙන එකක් නැහැ.

    මදැයි මං නෙසාට් ගෙන් මේ කතාව අරන් ගිය දුර. සමා වෙන්න මේවා ටිකක් ඇබ්බැහි වෙන කතා. අනික මේ එක්සෑම් ළඟ නිසා එපා වෙලා කට්ටි පැන පැන ඉන්න දවස්.

    ReplyDelete
  29. @ දිල්
    ගංගා වැව් තියෙනවා හරියට මෙහෙ. අනික වේගයෙන් ගලන ගංගා අඩුයි. ප්‍රවාහනයට ජල මාධ්‍ය යොදා ගන්න ලේසියි.
    නෙසාට් ගියාට ඔන්න පිලිපිනේ පැත්තේ ආයේ වෙන එකක් එනවලු. මධ්‍යම වියට්නාමේ පැත්තට එයි කියලයි කියන්නේ .මෙහෙත් අද ආයේ අඳුරුයි. ගිම්හානය ඉවරටම ඉවරයි වගේ . සිත කබා ටික එලියට ගන්න ඕන . වියදම් වැඩියි අප්පා මේ වගේ පළාත්වල ඉන්න කොට . ඒක ඒක ජාතියේ ඇඳුම් ඕනනේ . අපේ රට ඒ අතින් වාසනාවන් .
    ඔය වගේ තව දිරිය දැරියක් අපි දන්නවා . එයා අතීතයෙන් මතක අහුලනවලු මේ දවස් වල

    @සුජීව සහ පොත් ගුල්ලා ..
    සැහෙන ඉතිහාසයක් අලුත් වුනා . සුජීව ඔන්න විභාග වැඩ පාඩු කරගෙන මේවා ලියන්නේ හෙම නැහැ . ඇත්ත මොකක් හරි ලොකු වැඩක් තියෙද්දී නිකන් රස්තියාදු වැඩ කරන්න පෙළඹෙන එක හරි පුදුමයි නේද .
    මටත් ඉස්සර පාඩම් කරන කාලෙට තමයි මොන මොනවා හරි කුරුටු ගාන්න හිතෙන්නේ . ඒ මදිවට රෙදි ගොඩවල් හෝදන්න නවන්න ..නිවාඩු දවස් දෙකේ අනික් පැත්ත පෙරලපු ගේ පිළිවෙලක් කරන්න කඩේ යන්න තියෙද්දී මන් මේ කම්පියුටරය ඉස්සරහ ඉඳන් ඉන්නෙත් ඔය හින්ද වෙන්න ඇති.

    @ රංගි..
    ඔය වගේ රටවල මිදී වත්තක් තියෙනවා කියන්නේ ආයි මොනවද . ඉස්සර රුසියන් ශිෂ්‍යත්ව අරන් ගිය අය ලිව්ව ලිපි වල තිබුන එයාල නිවාඩුවට මිදී ඇපල් කඩන්න යනවලු.
    මන් ඊයේ පෙරේද දැක්ක ටි වී එකේ නිව්යෝර්ක් වල බිල්ඩින් උඩ ගෙවතු. මීමැස්සෝ හිටන් ඇති කරනවා .
    තව කොරියාවේ සති අන්ත ගොවිපලවල් පෙන්නුවා . නගරේ මිනිස්සු සති අන්තෙට විතරක් වගාකරන්න යන්න ගොවිපලවලින් පුංචි කොටසක් කුලියට ගන්නවා . ඒක නම් අපිටත් හොඳ සංකල්පයක් .
    ඔන්න බලන්න අපේ නැන්දම්මා හිටිය මාස හයක් අපි එක්ක සයිගොන් වල . ඒ ඩිංගට බැල්කනියේ තක්කාලි ..නිවිති වැව්වා . එයා ගියාට පස්සේ දුකට වගේ එව්වා මැරිලා ගියා . වැඩේ අපාර්ට්මන්ට් එකේ වත්තේ ගස් වලට රසායන ද්‍රව්‍ය දාද්දි මේ පැල වලට නිකන්ම ලෙඩ හැදෙනවා . මන් කරපිංචා ගහක් නම් නඩත්තු කළා ලස්සනට .

    @රෝස කුමාරි ...
    වවාගත්ත දේ අතරමැදියන් ගසා කනවා . අනික ප්‍රවාහනයේදී බාගයක් ඉවරයි. ඔන්න ඕවට නම් පිළියම් මේ රටින් ඉගෙන ගන්න පුළුවන්. කට්ටිය නම් එනවා . ඇවිත් මේ අපි වගේ වත් ඇහැ ඇරලා ඕව බලනවද නම් සැකයි.
    මනමාලිගේ පින්තුරයක් දාන්න හිතුන . ඒත් අහන්නේ නැතුව හොඳද මන්ද . මන් ලිපියක් ලියන්නම්කො මෙහෙ විවාහ සිරිත් ගැන .

    @Senna
    ඔබේ වචන මට හරිම සතුටක් . පොඩි කාලේ තරන්ගේකින් දිනලා ලබන සහතිකයක් තරමටම මට ඔය වගේ වචනයක් හරිම වටිනවා.

    @ සුජීව ..
    බ්ලොග් එක අප්ඩේට් නොවෙන ඒක ගැන බැලුවද . සින්ඩියකට වත් දාන්නකෝ . අපරාදේ

    ReplyDelete
  30. @ සුජීව ..
    අප්ඩේට් වී ඇත

    ReplyDelete
  31. @සුජීව
    සුජීව කියන කතාව ඇත්ත තමා. ඒත් රාජ්‍ය කරන ඉහළ තැන් වල කලබල ගොඩක් තිබුණත් නොක්ස් ම කියන හැටියට ගමේ නං කිසි කරදරයක් නැතුව වෙල හෙලඳාමක් කරගෙන පවුලක් පන්සලක් වෙලා සතුටින් ඉන්නත් තිබුණ. ඒ කොහොම උනත් නොක්ස් ට සිර කරුවෙක්ය යන අදහස කොච්චර නිදහසක් තිබුණත් දිරෙව්වෙ නෑ. අනික තමා දේව භක්තිය. හිර කරුවෙක් වූ දා සිටම කවදා හෝ නිදහස ලැබීමේ අදහස ඔහුගේ සිත තුළ දැඩිව තැන්පත් උනා. ඉතින් රට එංගලන්තෙට වඩා හොඳ උනත් අර නිදහස් මිනිහෙක් යන අදහස නොක්ස් සැම විට අගය කළා.
    අග්නි දාහය බොළඳ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නේ මොකද?

    ReplyDelete
  32. සුජීව,

    නොක්ස් පැන්නෙ මිනිහගෙ තිබ්බ ආගමික හා ජාතිවාදි (වර්ණ ) ගතිය නිසයි. මිනිහ බහුතර ඉංග්‍රීසි කාරයො වගේම මාන්ණක්කාරයෙක් විතරයි. ඔය කාලෙ ඉංග්‍රීසි බොහොම වර්ණභේද වාදියො. අනික් යුරෝපීයො ගිය තැන් වල පවුල් හැදුවට මුන් කළු ගෑණියෙක් එක්ක නිදා ගත්තෙත් බොහොම අඩුවෙන්. එහෙම නොවුනනං එක අතකට අවුරුදු එකසිය පණහට බර්ගර්ලට අමතර තව ජාතියක් හැදෙන්නත් තිබ්බනෙ.
    ඔය ගැස්කොයින් උන්දැ ඕන්නැති වැඩ වලට ගිහින් බෙල්ල කපා ගත්තට මිනිහගෙ මිත්‍රය ලැනරෝල් පරිස්සමට පවුල් කාල පරම්පරාව අද වෙනකල් ඉන්න තැන වගා කරල මැරිච්ච එකත් අමතක කරන්න නරකයි. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියනවනෙ.

    දිල් කියවපු පොතක තිබ්බලු දස්කොන් කියන්නෙ ගහක් යට අතෑරල ගිය පෘතුගීසි කොළු පැටියෙක් කියල. අහල තීනවද එහෙම කථාවක්?

    ReplyDelete
  33. සුජීව,

    ඇබර්ඩීන් ඇල්ලට කියන්නෙ මම නාපු ලස්සනම තැනක්. ෂොක් බල්ලෙක් උන්න ඔය පඩිපෙළ දිගෙ පාර පෙන්නන්න එන. කිතුල්ගල තානායම පහල තොටුපොලෙන් එගොඩ උනාම ඒ පැත්තෙ ඔක්කොම ගෙවල් වලට යන්න ඕන පයිංම තමයි. තව ඔහොම තැනක් තමයි රත්නපුරේ ගිලීමලේ පාළමෙන් එගොඩ. අර ලස්සන මාපනාණ ඇල්ල බලන්න යන්න තීන්නෙ ඔය පාළම ලඟ ඉඳන් පයින්ම තමයි ( මම මේ කිව්වෙ මීට අවුරුදු හතකට විතර ඉස්සර, දැන වෙනස්ද දන්නෙ නෑ. )

    ReplyDelete
  34. බින්දි නැන්දේ ,
    අපිත් කියෙව්වා ... ලස්සන කතාවක් . නංගිනං හරි ආසයිලු නෙසාට්ට .. එයා කොහොමත් වතුරෙම නේ.
    නැන්දේ ඇබර්ඩීන් ඇල්ලත් හරිම ලස්සනයි , එකේ යට ලස්සන pool එකක් හැදිලා තියනෙවා ,අපි දවසක් එතන නෑවා ...

    ReplyDelete
  35. @ දිනිති -මලිති

    නෙසාට් කියන්නේ දරුණු සුලිසුලඟක් දුවේ. පිලිපීනය , චීනය හොන්කොන් හරහා හැමුවේ. වියට්නාමෙටත් සැහෙන අලාබ කළා . අපේ රටේ ලස්සන තැන ගොඩක් බලල පස්සේ කාලෙක ලෝකේ ලස්සන දේවල් බලන්න යන්න ලැබේවා කියල පතනවා .

    මේ බ්ලොග් එකේ ගොඩක් හොඳ දේවල් ලියන්න තමයි මන් හිතන්නේ . ඇතැම් විට ඔයාලට බරපතල වැඩි දේවල් තියෙන්නත් පුළුවන්. තෝරා බේරාගෙන කියවන්න ඔබට හැකියි සිතනවා . මන් පුංචි කාලේ ඉඳන් කොයිදේත් කියෙව්වා . ඔයාලත් ගොඩක් කියවන්න . හොඳ දේ විතරක් තෝරා බේරා ගන්න සමබර මනසකින්..ඔය දෙන්නටම සුබ අනාගතයක්

    ReplyDelete
  36. @ බින්දි. කොහෙද මේ දවස් වල මේ එක එක විභාගනේ. හිටුකෝ මම මේ pharmacy registration කට්ට ඉවර කරන කන්. එත් ඊට පස්සේ NSW බෝඩර් එකේ හොස්පිටල් එකක වැඩ කරන්ඩ යන්ඩ උනොත් තමා වැඩේ.

    @ සුජීව. මමත් පොත්ගුල්ලා අහපු ප්‍රශ්නේ අහන්ඩ මයි හිටියේ. ( සිනමා විචාරයක් ලැබෙයි නේද?)

    ReplyDelete
  37. අන්තිමට එන්න උනේ, අත්තම්මට හරියට වැඩ. මේ වගේ පාරු වලින් තමයි අපිත් කාලයක් ගමන් බිමන් ගියේ. වේරැස් ගඟේ පාළම් පාරුව නැතිවෙලා ඔන්නම් අවුරුදු අටක් හෝ හතක් ඇති. ඒකෙ වාහනත් මේ වගේ ගඟ එහා පැත්තට ගියා. දැන්නම් පාලම තියෙනවා. කිරිගොටු තොප්පි මුලින්ම දැක්කෙ මට අවුරුදු 13 දී විතර ටවුන් ලයික් ඇලිස් නම් ෆිල්ම් එක බලත්දි. ඒ කාලෙ හරිම අමුතුයි, ලස්සනයි කියල හිතුනා. මම කියවපු ලස්සනම පොතක් ඒක. ආදරයෙන් පිරුන දිරිය දියණියකගේ යුධ කාලය ගෙවුන හැටි කියවෙන කථාවක්. නංගිලාට නෙසාට් ගෙන් කරදරයක් නොවුන එකට සතුටුයි. තෙරුවන් සරණින් ඔබ සැම රැක දේවා!

    ReplyDelete
  38. @ චන්දි VIC

    අන්තිමට ඔයත් රෝහල් සේවෙටද එකතු වුනේ . මටත් ඔය පැත්තේ ආවනම් ජොබ් එකක් හොයා ගන්න තිබුන . NSW ගියොත් කරදරද

    @චන්දි

    වාසනාවන්ත අත්තම්මා . මදැයි ඔහොමවත් වෙලාව සොයා ගන්නවා . මුණුපුරාටයි අත්තම්මටයි සුබ පැතුම් නෙලුම් විලෙන්

    ReplyDelete
  39. බින්දිගෙ පෝස්ට් එක කියවන්න ලැබුණෙ අද. අපූරු ගමනක් යන්න හම්බෙලා වගෙයි. අපරාදෙ යාර හයක් පටලවගෙන අමාරුවෙන් ගියෙ.

    ReplyDelete
  40. / දැන් අපි ආයිමත් ගඟ ළඟ . වෙලාව 12.30 යි /

    දැන් බින්දි....... ඔය ඔක්කොම දුශ්කර ක්‍රියා කරල ලෝක කට්ටකුත් කාල ආපහු ගඟ ළඟට ආවද 12.30 වෙනකොට?

    ReplyDelete
  41. ඇත්තටමත් ඔය රවී අහපු ප්‍රශ්නේ මටත් පැන නැගුනා... රෑ 12.30 ද ? අනිත් එක චායාරූප වල දිනය අනුවනම් මේක ජනවාරි මාසේ වෙච්ච සන්ගදියක්... සැහෙන්ඩ පරක්කු වෙලානේ අපිට කියලා තියෙන්නේ.. අමනාප වෙන්ඩ එපා වැරදි හෙව්වා නෙමේ හිතට ආපු පොඩි ප්‍රශ්න දෙක තුනක් විතරයි.. අත්දැකීම බෙදා ගත්තු එකට ස්තුතියි...

    ReplyDelete
  42. @නලිනි ,
    යාර හය ඇන්ද එකේ හොඳේ කියන්නේ පොඩ්ඩක් වත් සිතල දැනුනේ නැහැ . ඕනනම් සිල්ක් සාරියක් ඇඳන් නුවර එළියේ ගිහින් බලන්න බොරුද කියල .
    @ රවී සහ Senna ,
    සාධාරණ ප්‍රශ්නයක් . ඔය මගුල් ගේ තිබ්බේ ජනවාරි. මන් මේ ලියන්නේ ඉතින් මැයි ඉඳන්නෙ. අර ගොවිතැන් කතාවත් එක්කම ඕකත් ලියවුනා . වෙලාව නේද . මේක ලංකාවේ අපිට පුදුමයි තමයි. කිව්වට විශ්වාස කරනවද 11 වෙද්දී කෑම කන්නත් පටන් අරන් කට්ටිය . මෙහෙ එහෙමයි . උදේට උදේම කනවා . මේ මිනිස්සු පාන්දර ඇවිදිනවා . බැඩ්මින්ටන් ගහනවා . [මන් නම් අන්තිම මොහොතේ නැගිටලා දැඩි බිඩි වැඩ ]. රෑ කෑමත් කලින්. 4.30 ට විතර කවුරු හරි රෑට කෑවත් දැන් නම් පුදුමයක් නැහැ . අපේ පොඩි දෙන්නටත් මන් කලින් කන්න දෙනවා . වේලාසනින් රෑට කන එක ඇඟට හොඳයි. මෙහෙ අය මහත් නොවෙන රහස ඕක .[ ජානමය බලපෑමත් එක්ක ]
    මගුල් ගේ කියල නැහැ ආයේ කන එක වේලාසන කනවා ..
    තව දෙයක් සම්ප්‍රදායික මංගල සිරිත් විරිත් වලට පිට අයට කියන්නේ නැහැ . කියන වෙලාවල් ඇති. ඒවා ඉවර වෙලා වෙනම දවසක් හරියට රිසෙප්ෂන් එකක් වගේ. මොන මොනවද කතා ටිකක් නම් පැවැත්තුවා . හැබැයි ඉක්මනින් ඉවරයි .
    අපිට මනමාලයාගේ ගෙදරත් යන්න අඬ ගැහුවා . වෙන වැඩක් යෙදිලා තිබ්බ නිසා ගියේ නැහැ . මන් හිතන් ඉන්නේ තව කරුණු සොයල විවාහ චාරිත්‍ර ගැන ලිපියක් දාන්න . මෙහෙ විතරක් නෙමේ කම්බෝජියාවෙත් .අපේ සිරිත් වලට සමාන ලක්ෂණ තියෙනවා .

    ReplyDelete
  43. @ Senna ..
    අය්යෝ මොකට අමනාප වෙනවද . මන් හරි කැමතියි මෙහෙම පැහැදිලි කරන්න ලැබෙන එකට

    ReplyDelete
  44. @ නෙරන්ජි.

    සමාවෙන්න ඔබව මග ඇරිලා . ස්තුතියි නෙරන්ජි

    ReplyDelete
  45. පොස්ට් එකය් කොමෙන්ට් ඔක්කොමය් කියවල සෑහෙන්න හති, හැබය් එන්ජෝය් කළා.

    බුරා කොමෙන්ට් දානවා ඇරෙන්න අන්තිම පේලියසයිට් එකේ ලිපි පල කළා.

    ReplyDelete
  46. අර පද පේළිය හරිම අපූරුයි

    ReplyDelete
  47. ඇත්තටම පෝස්ට් එකනං කියෙව්වෙ නැහැ ........
    අනිවා නිදහස් වෙලාවක කියවන්න බැරි උන ඔක්කොම කියවනවා, හදිස්සියෙම් ආවෙ සුබ උපන් දිනයක් කියලා යන්න, අපිට කේක් නැතෙයි ......

    ReplyDelete
  48. අප්පට සිරි එකත් එහෙමද... කවද්ද අදද... ? අපි ඉතින් මේ කොඩුකාරයෝ වෙච්චි.. ඕව දන්න එකක්යැ..

    ඔන්න එහෙනම් සුබ උපන්දිනයක් කිව්වා...!!!

    ReplyDelete
  49. ඇමරිකාවට එන සුලිසුලං හැම එකකටම වගේ දාන්නෙ "ගෑනු නම්" . . . . නෙසාට් කියන්නෙත් එහෙමද ???

    ප.ලි.
    මනමාලිට සුභ පැතුව කියන්න

    ReplyDelete
  50. @කල්හාර සහ Senna ..
    බොහොම ස්තුතියි හොඳේ


    @ ඕනයා
    පිරිමි වෙන්ට ඇති ඔය නම් දාන්නේ නේද . නෙසාට් නම් නිකන් පිරිමි නමක් වගේ නේද . මම මුලින් හිතුවේ නෙසාටා කියල . මොකද හැම නමම ගැනු නම් නිසා . ඔන්න පිරිමි කට්ටිය කියන්න බැරි නැහැ ගෑනු සුළි සුලන් වගේ කියල . හැබැයි යාලු වෙන කාලේ නම් කියන්නේ ඔයා සිහිල් පවන් පොදක් වගේ කියලනේ .

    ReplyDelete
  51. ''සර් අපේ දුවගේ අනාගතේ සර්ට බාරයි'' කියල . මොකක් ???? දැන් මනමාලය මෙයාද ??

    ඔන්න දැනුයි පෝස්ට් එක කියෙව්වෙ ... ඔය උඩ තියන කතාව කිව්වාම ටිකක් විතර බයක් එන්න ඇති නේ .......

    ReplyDelete