Thursday, 6 October 2011

ලොකු කරදරයක්

තියෙන තරහ කියන්න වචන නැහැ . කව්ද ඔලමොට්ටල නරියෙක් මගේ පුද්ගලික ඊ මේල් ගිණුම හැක් කර ඇත. මගේ පුද්ගලික ගිණුම ඇති හිතවතුන්ට විවිධාකාර මේල් ලැබිය හැක. දැනටමත් එසේ ලැබී ඇත . කරුණාකර අසුවෙන්න එපා. මුණු පොතෙනුත් මම අයින් වුන බව කණගාටුවෙන් දන්වමි. 

66 comments:

  1. ඔවුන්ට නරි කියන්න වටින්නෙත් නෑ බින්දී....පරිස්සමෙන්.....පෞද්ගලික දේවල් දැන් ඊමේල් එකකවත් තියන්න සුදුසු කාලයක් නෙමේ.....

    ReplyDelete
  2. මගෙ හිතට එන්නෙ මෙතන ලියන්න සුදුසු වචන නෙවෙයි. ඒත් මේවා බ්ලොග් ලෝකයට නොගැලපෙන ජානවල දුර්වලතා එක්ක ඉපදිච්ච් එවුන්ගෙ තර්ඩ් ක්ලාස් වැඩ.....
    අද ඔයාගෙ...හෙට කාගෙද ? මම හිතන්නෙ යමක් කල යුතුමයි....බලමු

    ReplyDelete
  3. මටත් ඔයාගේ ස්පාන්ඥ චාරිකාවක් ගැන මේල් එකක් ලැබුණ. බින්දි ඊයේ පෙරේද ස්පාන්ඥ රටට ගියේ නැති බව දන්නා නිසා හොඳට ගියා.

    ReplyDelete
  4. එක එක කාලෙට එක එක පිස්සෝ එනව.කෝකටත් බ්ලොග් එක පරිස්සම් කරගන්න.

    ReplyDelete
  5. වැඩේ බැරෑරුම් වගේ, මේ අවුරුද්දේ මුල බ්ලොග් හැක් කරා වගේ දැන් මේකද දන්නැහැ කරන්න හදන්නේ. තව මේ ගැන සොයන්න බලමු...

    ReplyDelete
  6. මේල් භාවිතයේදී නිකරුනේ තමන්ගේ ගිණුම් ඇර තැබීමෙන් (log on) hack කරන්නන්ට වැඩි අවස්ථාවක් ලැබෙන බව අහල තියෙනවා. හැම විටම ඊ මේල් ගිණුමකින් හෝ වෙනත් අන්තර් ජාල ගිණුමකින් ඉවත් වන විට නිකන්ම exit නොකර log off වන්න මතක තබා ගන්න. hack කිරීමෙන් බේරෙන්නට අනුගමනය කළ යුතු තම තමන් දන්නා ක්‍රියා මාර්ග කව්රු කව්රුත් මේ පෝස්ට් එකේ කමෙන්ට් හැටියට ලිව්වොත් කාටත් හොඳයි. වෙච්ච දේට අන්දලා වැඩක් නැහැනේ. ඉදිරියට මෙහෙම දෙයක් වීම වලක්වා ගන්න බලමු.

    ReplyDelete
  7. පොත් ගුල්ලා..ඒ මේල් එක ආවේ මොන රටෙන්ද කියල බලාගන්න ක්‍රමයක් නැද්ද . අඩු ගානේ හිත හදා ගන්නවත් . ලෝකය හරිම නරකයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි. හෝටලේ ගිනි ගත්තලු නේද .

    ReplyDelete
  8. මේ වගේ විවිධාකාර මානසික රෝගීන් පිරුණූ ලෝකෙක , අපිට මෙහෙම හිත හදාගෙන ඉන්න පුළුවන් වීමම කොයිතරම් සතුටක්ද , හැකියාවක්ද ?

    කෙසේ වෙතත් අපේ ආරක්ෂාව අපිම සලසාගත යුතු නිසා , නෙළුම් විල වනසන්නට දෙන්න එපා ...පුළුවන් ඉක්මණින් backup එකක් අරගෙන පරිස්සම් කරගන්න ..ඒ නෙළුම් විල ඔබ සිතන තරමටත් වඩා අපි හැමෝමට වටින තැනක් නිසා . ස්තුතිය දැනුවත් කළාට .

    කළ හැකි දෙයක් වේ නම් අපේ පරිගණක විශේෂඥ මිතුරන් ඔබට යම් උපදෙසක් දේවි , මා එතරම් ඒ ගැන දැනුවත් නොමැති නිසා , කිව හැක්කේ නෙළුම් විල සමඟ අපි හැමදාමත් ගෞරවයෙන් බැඳී සිටින බව පමණයි ..

    ReplyDelete
  9. මගේ මීට ඉහත කමෙටුවේ,
    "වෙච්ච දේට අන්දලා වැඩක් නැහැනේ.", යන වාක්‍යය
    "වෙච්ච දේට අඬලා වැඩක් නැහැනේ", යනුවෙන් නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  10. හැකි ඉක්මනින් ඔබගේ අනිත් මේල් ගිනුම් සහ බ්ලොග් ගිනුම් යාවතකාලීන කර ගන්න සොයුරිය. ඔව් නෙළුම්විල බැකප් කරගන්න. වටිනා ලිපි ටික නැවත හෝ පල කරන්නට ඉඩ ලැබේවි. මෙයට එරෙහිව අපි හැමෝම එකතු වී යමක් කල යුතුයි.

    ReplyDelete
  11. @බින්දි
    මං හිතන්නේ මේ දවස්වල ඕක ගජරාමෙට වෙන වැඩක් ද කොහෙද?
    මගේ අයියා කෙනෙකුත් කිව්වා එයාටත් හුඟ දවසකින් කිසි ගණු දෙනුවක් නොතිබ්බ මිත්‍රයෙක් ගෙන් එහෙම එකක් ආපු බව. එයා හිතුවේ ඒක ඇත්තම එකක් කියලයි. හොඳ වෙලාවට ඒ මිත්‍රයාගේ යම් මිත්‍රද්‍රෝහී ක්‍රියාවකට නොරොක් වෙලා හිටපු අයියා එයට පිළිතුරු යැව්වේ නැහැ. මේ බින්දිගේ මේල් එකට වෙච්ච වැඩේ ඇහුවම තමා මටත් තේරුණේ අයියා මට කියපු මේල් එකත් hack කරුවෙක්ගේ වැඩක් කියල.

    මේල් එක ආවේ මොන රටෙන්ද කියල බලන්න මං නං දන්නෙ නැහැ. ඒ මේල් එක මගින් මුදල් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් තමා වෙනවා ඇත්තේ. ඒකට පිළිතුරු ලිව්වොත් ෂුවර් එකටම ඊළඟ මේල් එක එයි ගිණුම් අංකයකුත් එක්ක. ඒ ගිණුමට මුදල් බැර කරන්න කියල. ඕක ස්පාන්ඥ කාරයෙකුගේම වැඩක් වෙන්ඩ ඇති. කාගේ කාගේත් දැනගැනීමට බින්දි ගේ යාහූ ගිණුමෙන් මට ලැබුණු ඊ මේල් පණිවුඩය පහත පල කරනවා.

    //Hello,


    How are you? i traveled to Spain Madrid for a conference at the imperial college gallery section,Spain Madrid) and unfortunately for me the hotel i lodged got razed by fire.all my valuables including cash, cell phones and my traveling documents were destroyed during the inferno but luckily for me i still have my passport with me.i have contacted the police but they are not responding to the matter effectively they only asked me to write a statement about the incident and referred me to the embassy which is over there in Spain Madrid please i really need your assistance for me to go to the embassy and also to the airline office so i can start processing a new flight ticket.i am also having problems settling outstanding hotel bills and the hotel management are not helping matters at all please let me know if you can help me out.


    Waiting for your mail//

    නෙලුම් විලට හානියක් නැහැ නේද?

    ReplyDelete
  12. bindi - බොහොම කනගාටුයි වෙච්ච දේ ගැන. හැක් කරලා ඔය විදිහේ මේල් එවන්නෙ නං දෙකේ පන්තියෙ හැක් කාරයෝ නෙවෙයි. ටිකක් සංවිධානාත්මක කට්ටිය. පාස්වර්ඩ් රිකවරි ඔප්ෂන් වලින් ට්‍රයි එකක් දෙන්න බලන්න.

    ReplyDelete
  13. මේක කරලා තියෙන්නෙ බ්ලොග් වල ඉන්න කෙනෙක්මද කියන්න දන්නෙ නැහැ..ඒත් පොත්ගුල්ලට ලැබුන මේල් එකේ හැටියට මේක කොමන් හැක් කිරීමක්දෝ කියලා හිතෙනවා..කොහොම වුනත් මේ ගැන දැනුම් තේරුම් ඇති අය නෙළුම් විලට ගොඩ වැදිලා අදහස් දැක්වීමක් කලොත් ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  14. අපි හැමදාමත් නෙළුම් විල සමඟ

    ReplyDelete
  15. මේ ගැන අපි මිට වඩා අවදානයෙන් ඉන්න එක හොදයි කියලා හිතෙනවා,, ඉස්සරහට තව මොනවා වෙයිද හිතාගන්න බැ

    ReplyDelete
  16. හැක් කරා කියන්නේ හරියටම පැහැදිලි කරන්න මොකක්ද උනේ කියලා...උපදෙසක් දෙන්න බැරිවෙන එකක් නෑ...මොකක්ද ඊ මේල් ඩොමේන් එක?

    ReplyDelete
  17. හුඟක් කණගාටුයි සිද්ධිය ගැන. ඔය වගෙ සිද්ධියක් මම කලිනුත් ඇහුවා. ඒ කෙනා මුදල් දාලා තිබුණා. ඔය මුදල් වංචා කිරීමට කරන වැඩක්.
    කොහොම වුණත් මට හිතෙන්නෙ, හොඳටම විශ්වාසවන්ත අයව විතරක් මිතුරු ගිණුම්වලට එකතු කරගැනීමත්, ඔවැනි මේල් ලැබුණු පලියට මුදල් නොදමා, ඒ ගැන සහතික කරගැනීමත් වැදගත් කියලා.
    පාස්වර්ඩ් නිතර වෙනස් කරන්න කියලත් කියනවා නේද?

    ReplyDelete
  18. බොහෝම කණගාටුයි මේ සිද්ධිය ගැන අහන්නත්. බ්ලොග් පොස්ට් එක මුලින්ම දැක්කේ.

    අපේ වෙලාවෙන් අද සවස 6.58ට ඔබ සඳහන් කර ඊමේලයක් මටත් ලැබී තියෙනවා. හැබැයි යොමුකර ලිපිනයන බිසීසී හැටියටයි දාල තියෙන්නේ.

    මේ සිද්ධිය දැනගත්තාට පසුව ඔබේ ඊමේල් එකවුන්ට එකට ලොග් වෙන්න පුලුවන්කම තිබුනාද? ලොග් වෙන්න පුලුවන් නම් පලමුව පාස්වර්ඩ් එක මාරු කරන්න.

    පාස්වර්ඩ් එකක් තෝරා ගැනීමේදී ඔබේ හෝ පවුලේ අයෙකුගේ නමක්, නමක කොටසක්, උපන්දිනයක්, ගම, රට හෝ ව්‍යවහාරික වචනයක් යොදා ගන්න එපා. අනෙක ඩික්ෂනරි වල ඇති වචන පාවිච්චි කරන්නත් එපා.

    බලවත් පාස්වර්ඩ් එකක තරමේ ඇල්ෆබර්ට් අකුරු කිහිපයක, ගණිත සලකුනක් හා ඉලක්කම් කිහිපයක් අඩංගු වෙනවා හොඳයි.

    රිකවරියේ දී යොදාගන්න ප්‍රශ්ණය හා උත්තරයද මාරුකරන්න. (මාරුකර හැම දෙයම මතක තියාගන්න)

    අනෙක යාහූ වල Keep me signed in, ජීමේල් වල, Stay signed in හා මූණුපොතේ Keep me logged in ලකුණු නොකරන්න වග බලා ගන්න.

    අන්තර්ජාලය පාවිච්චි කර ඉවර වූ වහාම අමතක නොකර ලොග් ඔෆ් කරන්න.

    බ්ලොග් පාවිච්චියේදී අවශ්‍ය තැන් වලදී හැර ලොග් වී ඉන්න එපා.

    ජාලයේ නෙයෙක් තැන්වල දී විවිධ ඉන්විටේෂන් මතුවෙනවා, ඒවාට අහුවෙලා කිසිම විටෙක ලොගින් තොරතුරු දෙන්න එපා.

    ReplyDelete
  19. මේ වගේ වැඩ කරන මිනිස්සුන්ගෙ ඔළු නරක් වෙලාද කියල මට වෙලාවකට හිතෙනව. අද බින්දි අක්කට උන වැඩේ හෙට තවත් කාටහරි වෙන්න බැරි නෑ. මේව නවත්තන්න විදියක් නැති හැටි ඇත්තට.

    ReplyDelete
  20. ඊමේලයේ අයි.පී විස්තර ඇතත් ඉන් ප්‍රයෝජනවත් විස්තර ලබා ගන්න විදියක් නැත. හැබැයි ඒ අයි.පී ලිපිනය දැනටමත් බ්ලැක් ලිස්ට්වී ඇත.

    ඊමේලය බොහෝ විට ඔටෝමේටඩ් ක්‍රමයකින් යවා තියෙන්න පුලුවන්, මෙතැන දී ඔබේ මේල් අයිඩී හි අකුරක් ද මාරු කර, පිළිතුරු ලියුවහොත් එය ද ඔබට නොලැබෙන විදියට රිප්ලයි ටු ඔප්ෂන් එක පාවිච්චි කර ඇත. බොහෝ විට මෙය ඔබේ ඊමේල් ගිණුම හැක් කිරීමක් නොවෙන්න පුලුවනි.

    තවම ලොග් වෙන්න පුලුවන් හැකියාව ඇතිනම් මෙය හැකිං හැටියට ගනන් ගන්න අමාරුයි.

    මේ වගේ කුලප්පුකිරීම් කරන පිස්සෝ අද අඩුවක් නැත. ඒ පිස්සුවට බොට්නෙට් කියලා කියන්නේ, විස්තර ටිකක් විකියෙන් දැන ගන්න පුලුවන්:

    http://en.wikipedia.org/wiki/Botnet

    ReplyDelete
  21. නෙලුම් විල බැකප් කරගන්න හැකි ඉක්මනින්.

    ReplyDelete
  22. ඉක්මනින් සියලුම පාස්වර්ඩ් මාරු කරන්න... නෙලුම්විල බැකප් කරගන්න.... සල්ලි ඕනවටම නෙමෙයි ඔලුවෙ අමාරුවටත් ඕව කරන කට්ටිය ඉන්නව.... සීගිරි අප්සරාවන්ගෙ තාර ගෑවෙත් .. ජෝන් ලෙනන්ට වෙඩි තිබ්බෙත් ඒ වගේ පිස්සො...

    කා එක්කවත් අරෝවට යන්නෙ නැති හැමෝටම සුහදව සලකන බින්දි ට මේ වගේ දෙයක් කරන්න පිස්සෙක්ම වෙන්න ඕන...

    ReplyDelete
  23. ඊයේ රෑ මටත් ඔය මේල් එක ආවා, මම දන්නා තරමින් ඔයා එහේ ගියේ නැති නිසා මම ගනන් ගත්තේ නෑ. කනගාටුයි මේ වගේ දේවල් ගැන. මගෙ මහත්තයාටත් ශාන් කියන නමින් මෙම මේලයම ආවා. ඔහු අපි වැඩිය අඳුරන්නේ නැති නිසා අපි එය නොසලකා හැරියා. ඒකෙ තිබුනේ මේ විදිහටමයි, නමුත් $2,500/= ක් ඉල්ලලා තිබුනා. අපිට කෙහෙන්ද? එපමණ මුදලක් යවන්න, කියලා එයා හිනා උනා. අපි දන්නේ නෑ කොහොම මෙය ආවද? කියලා. නමුත් මහත්තයාගෙ නමත් හරියට ලියා තිබුන නිසා අපේ දන්න කෙනෙක් ද කියලත් පසු තැවුනා. මෙහෙම දේවල් කරන්නෙ මන්ද මානසික ඇත්තො වෙන්න ඇති.

    ReplyDelete
  24. http://knol.google.com/k/how-to-recover-a-hacked-or-compromised-gmail-account#


    ඔය ලින්ක් එකෙන් උදව්වක් ගන්න පුලුවන්ද බලන්න.

    1. ෆේස්බුක් එකේ ඊමේල් එක හයිඩ් කරන්න. (Only Me option එක දෙන්න)

    2. බ්ලොග් එකට වෙනම ඊමේල් එකක් යොදා ගන්න. ෆේස්බුක් එකට දාපු එක දාන්න එපා.

    3. බ්ලොග් එකේ ප්‍රදර්ශනය වන ඊමේල් එකට ඉහත පාවිච්චි කරපු 2කම නොවෙන අලුත්ම ඊමේල් එකක් යොදාගන්න.

    4. බ්ලොග් එකේ backup තියාගන්න.

    ReplyDelete
  25. කාලෙන් කාලෙට ඔය වගේ පිස්සෝ එනවා අක්කේ. කාලයක් ටැබුගේ අඩවිය හැක් වෙලා තිබ්බා.තව කාලයක් කුණුහරුප කමෙන්ට්. ඒ නිසා අක්කා තමන්ගේ පුද්ගලික දේවල් මේල් එකේ තියන්න එපා.

    තව දෙයක් තමයි කවදාවත් කවුරුත් දෙන ලින්ක් ක්ලික් කරලා ඒවා වලට ලොග් වෙන්නත් එපා.

    ReplyDelete
  26. ඔය වගේ වැඩ කරන්න වෙනම අමනුස්සයෝ කොට්ටාශයක් ඉන්නවා. එක පාරක් අපේ කොම්පැනියේ මේල් ඒකට රිංගලා කුණුහරුප මේල් එකක් අපේ මේල්බොක්ස් වල තිබුණු ඔක්කොම ඇඩ්රස් වලට යවලා. මට දෙවියන්ට බුදුන්ට වගේ සලකන මගේ බිරිඳගේ නංගීටත් ඒක ගිහින්.. හිතන්න මට ඇතිඋන තත්වේ. හොඳ වෙලාවට පවුලේ කවුරුත් මන් ගැන හොඳට දන්නවා. අන්තිමට ඌව හොයාගෙන අස්කරලා දැම්ම.. අර මේල් ඒක ගිය හැමෝටම කණගාටුව ප්‍රකාශ කරලා මේල් යැවුවා කොම්පනියෙන්ම..

    ReplyDelete
  27. බින්දි ඔබේ නමින් යවා ඇති ඊමේලය කාළයක් තිස්සේ මතුවෙන/යටවෙන ස්පෑම් මේල් එකක් හැටියට පෙන්වයි. තවද ඒ මේල් එකේ අනේක වර්ෂන් ඇතිබව වෙබ් සර්ච් මගින් අහුවුනා, චාන්දි අක්කා සඳහන් කර ඩොලර් 2,500 කතාව ඉන් එකක්.

    ස්පෑම් ගැන හා ඉන් බේරී සිටීමට දැනගත යුතු දේ සරළව විස්තර කරන ලිපි කිහිපයක් පහත ලින්ක් එකෙන් කියවන්න පුලුවනි.

    Spam and How to Get Rid of It:

    http://email.about.com/od/spamandgettingridofit/Spam_and_How_to_Get_Rid_of_It.htm

    ReplyDelete
  28. මාවනම් හැක් කරල ගොඩාක් කල් .. මානසික අසහනේ @#@$#@$

    ReplyDelete
  29. කස්ටිය සේරම විස්තර කියලයි තියෙන්නේ ඔයා ඒ උපදෙස් අනුගමනය කරන්න . නෙලුම් විලට හානියක් නැති එක නම් ලොකුදෙයක් .

    තව විස්තරාත්මකව ලිපියක් දාන්න කෙනෙක් ඔයාට උදවු කරාවි ..

    ReplyDelete
  30. වැදගත්ම උපදෙස් ටික ලැබිලා තියෙනවනෙ, බින්දි පුලුවන් ඉක්මනට එවා අනුගමනය ක‍රන්න බලන්න, මොනව උනත් නෙලුම් විල හිඳෙන්න දෙන්න එපා.

    ReplyDelete
  31. @ ගල් මල්/ විසිතුරු/ සඳරු
    ඔය තුන්දෙනාගෙන් කෙනෙක් හෝ තුන්දෙනාම හෝ මට මේ ටික කියල දෙනවද?

    1. බ්ලොගයේ Backup එකක් සකස් කරගන්නේ කෙසේද?

    2. බ්ලොගයට දැනට සම්බන්ධ කර ඇති ඊ මේල් ලිපිනය වෙනස් කර (බ්ලොග් ලිපි අලුතෙන් සකස් නොකර) වෙනත් ලිපිනයක් යෙදිය හැකිද? එසේ නම් එය කරන්නේ කෙලෙසද?

    ඔය විස්තර ටික අපේ බ්ලොග් මිතුරන් කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි.

    @බොහෝ දෙනෙකුට
    මට පෙනෙන විදිහට නම් මේ ක්‍රියාව මානසික රෝගියෙකුගේ නෙමෙයි හොඳ කපටි මොළ කාරයෙකුගේ වැඩක්. හිතවත් කමට එක මිත්‍රයෙක් ඩොලර් 10 ක් එව්වත් නිකන් හිතල බලන්න එකතු වෙනකොට කොහොම වෙයිද? ඕක අයතා ලෙස මුදල් උපයන කූට ජාවාරමක්.

    ReplyDelete
  32. @පොත් ගුල්ලා:
    බ්ලොගයේ Backup එකක් සකස් කරගන්නේ කෙසේද?

    පහත ලින්ක් එකෙන් විස්තර කර ඇත (Backup කිරීමට Export Blog option තොරාගන්න)

    http://www.bloggertipsandtricks.com/2009/08/how-backup-and-restore-blog.html

    ReplyDelete
  33. ඉතාමත්ම කනගාටුදායක දෙයක් මේ වෙලා තියෙන්නේ. බින්දී උත්තර දීලත් නැහැ. ඒ කියන්නේ ඔබේ නෙලුම් විලත් හොරකම් කරලද? මගේ කනගාටුව. කල හැකි දෙයක් තේරුනොත් ආයිත් ලියන්නම්.

    බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබ්බා. මගේ මතයත් ලිව්වොත්.

    - මුලින්ම බලන්න ලොග් වෙන්න පුළුවන් ද කියල. එහෙමනම් වහාම පරණ පාස්වර්ඩ් එක වෙනස් කර ගන්න

    - පාස්වර්ඩ් අමතක උනාම හොයා ගන්න රහස් ප්‍රශ්නය හරහා හරි පාස්වර්ඩ් එක ඔබේ අනික ඊමෙලයකට ගෙන්න ගන්න බලන්න.

    - බොහෝ විට ඔබේ එකවුන්ට් එක හැක් නොකර ඔබේ ඊමේලය පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන් [හැබැයි ඔබේ මිතුරු ලැයිස්තුවත් උස්සලා වගේ නේද?]

    - මුහුණු පොතේ මිතුරන්ට එවලා නැහැ. මට මොකුත් ආවේ නැහැ.

    - මේ හැකර් ස්පෑමර් කෙනෙකු මිස ඔබ හා තරහෙන් පලි ගන්නෙකු නොවේ. ඒක හොඳ දෙයක්.

    - පිසින් [එනම් එක එක ලොගින් වලට ඊ මේලය/පාස්වර්ඩ් ලබා දීමෙන්] වලකින්න.

    - මුහුණු පොතේ තියෙන විවිධ ගැජට්ටු දත්ත හොරකම් කරන එක ප්‍රධාන ක්‍රමයක්. ඒවාට ආරක්ෂාවන් ඇති. මම නම ඔය මුහුණු පොත් පාවිච්චි කරන්නේ බොහොම ලිමිටඩ් විදිහට. මට ඔය සකර්බර්ග් චින්තනය දිරවන්නේ නැහැ.

    ReplyDelete
  34. මටත් ඔබ ස්පාඤයට චාරිකාවක් ගිය බවට email එකක් ඇවිත් තිබුනා. ඒක ලියල තිබුන විදියටම හිතුනා ඒ ඔබ ලියූ එකක් ‍නොවන බව. කොහොමවුනත් අපේ සමහරු මේකත් බටහිර බලවේගවල කුමන්ත්‍රණයක් යයි අර්ථකතන සපයයිද දන්නෙත් නැහැ :D

    ReplyDelete
  35. @පොත් ගුල්ලා:
    // 2. බ්ලොගයට දැනට සම්බන්ධ කර ඇති ඊ මේල් ලිපිනය වෙනස් කර (බ්ලොග් ලිපි අලුතෙන් සකස් නොකර) වෙනත් ලිපිනයක් යෙදිය හැකිද? එසේ නම් එය කරන්නේ කෙලෙසද? //

    http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=41448

    ඔය ලින්ක් එකෙන් ගියාම ඔබේ පැනයට පිළිතුරු ලබේවි. ජය!

    ReplyDelete
  36. bind's last response at 7 October 2011 00:17

    Has this space also been stolen?

    ReplyDelete
  37. අපොයි මන් ඉන්නවා . නෙලුම් විලට කිසිම අන්තරාවක් නැහැ . අද උදේ ඉඳන් ඉස්කෝලේ. UN ඩේ එක. ඒ ගැන පොස්ට් එකක් හෙට දිහාට එන්න තියෙනවා. ඊයේ රෑ නම් මන් හොල්මන් වෙලා හිටියේ දැන් නම් හිනාත් යනවා .

    ReplyDelete
  38. හැමෝටම ගොඩක් ස්තුතියි. මේවා කියෙව්වම ලොකු හය්යක් ආවා හිතට . මටත් ලොග් වෙන්න බැහැ. කීපවතාවක් බැලුව නිසා yaahoo එකෙන්ම ලොක් කරලා . දැන් මට ඕන ඒ ගිණුම අවලංගු කරන්න . මුණු පොතෙන් අයින් වුනා . අලුතින් පටන් අරගෙන ඉක්මනින් කට්ටියට එවන්නම් . අද ගොඩක් වැඩ . ලොක්කිගේ පන්තියේ අම්මලාගේ නියෝජිතයා මම . සේරම අයට මේ මේල් එක ඇවිත්. අනේ ජපන් අම්මල මේක තේරෙන්නේ නැහැ කියල ප්‍රින්ට් කරගෙනත් ඇවිත් මට පෙන්නුවා.
    අපි නොදන්නා Conference නැද්ද මන් අහන්නේ .

    මේක බ්ලොග් එකට සම්බන්ධ නැහැ . මටත් හිතෙන්නේ බහුජාතික කුමන්ත්‍රණයක් D ..මේක ටිකක් පරණ ගිණුමක් . මන් වැඩිය ඉන්ටර්නෙට් එකේ උන්න කෙනෙක් නෙමේ . ගිනුමත් ඔහේ තිබුනේ. දැන් නම් ළමයින්ගේ ඉස්කෝල වලට සන්නිවේදනය සඳහායි. මුණු පොතයි බ්ලොගුයි හින්ද ටිකක් වැඩිපුර ලොග් වුනා පහුගිය කාලේ.

    සහෝදර සහෝදරයින් වගේ ඔබ සැම දුන්න උපදෙස් ගොඩක් වටිනවා. ඉස්සරහට පරිස්සම් වෙන්න පාඩමක් ඉගෙනගත්ත .
    වෙච්ච දේ හරියටම කියල දෙන්න මටත් පැහැදිලි නැහැ. අද රෑට බනිලගේ තාත්තාගෙන් අහල වැඩි විස්තර කියන්නම් .
    මේක තරහකට කරපු වැඩක් නෙමේ . වංචා කාරයෝ මන් පොරක් කියල හිතන්න ඇති. ලඟදි ඉස්කෝලේ යුරෝපිය සහ ලෝකේ ගොඩක් ජාති වල අයගේ ලිපින එකතු වෙච්ච හින්ද ලොකු පොරක් කියල හිතන්න ඇති. නැතුව මගේ යාළුවො නම් දනී මන් ගැන .

    තැන් කීපයක් තියෙනවා අලුත් ලිපිනය දැනුම් දෙන්න . අද දවස ගිහින් හෙට පොස්ට් එකක් දාන්න හිතන් ඉන්නේ . සුමානයක් නිවාඩුත් ලැබුන අපිට .Autmn Break [සරත් සමයේ නිවාඩුව }

    ReplyDelete
  39. Recover කරන්න බැහැ සුජීව . මන් ඒක අත ඇරලා දැම්ම . අලුත් එකක් පටන් ගත්ත. නෙලුම් විලට ප්‍රශ්නයක් නැහැ . මගේ අහිංසක බ්ලොග් එක හැක් කරලා මොනවා ගන්නද . මේ මගේ යාහු ගිණුම ගැන කියන්නේ .

    ReplyDelete
  40. කියවන්නත් පොස්ට් ගොඩක් තියෙනවා . වැඩ ටික පිළිවෙලක් කරලා සුපුරුදු පරිදි වැඩ පටන් ගමු . මේ කමෙන්ට් ටික බැලුවම නිකන් මොලේ නිකන් සර්විස් කළා වගේ . ෆුල් ෆ්‍රෙෂ්

    ReplyDelete
  41. Reasons Why I Love You

    By CoffeeCurls


    I love your face
    Your smiling eyes
    Your bottomless heart
    Your beautiful soul

    I love you for your courage
    For the depths to which you care
    I love that you have compassion
    And that there’s nothing you wont share

    I love that I believe you
    Without question, without doubt
    I love that you believe in me
    It feels like you know me inside and out

    I love your patience, and understanding
    The depth of your kindness, no matter what
    I love that you seem unbreakable
    Even though I know you’re not

    I love your gentlessness
    Which is only rivalled by your strength
    I love your sense of rightness
    And that you talk nothing to me at length

    I love your optimism
    That because you want to, you believe
    I love your generosity
    That you give not to receive

    Your friendship is an honour
    And I hope this little blog will show you
    You are the kindest soul I’ve ever met
    And it humbles me to know you


    PLEASE BINDI ADD US SOON TO YOUR NEW FB...........

    ReplyDelete
  42. This is so great. I feel good thanks Kawikari. I will c u soon

    ReplyDelete
  43. සතුටුයි නංගි ඔයා දැන් සතුටින් ඉන්න එක ගැන. කවිකාරිගෙ පොයම් එක හරිම ලස්සනයි. ජය වේවා.

    ReplyDelete
  44. Reasons Why I Love You

    By CoffeeCurls

    Not Kavikaari......

    ReplyDelete
  45. බින්දි අක්කේ කණගාටුයි වෙච්ච දේ ගැන ,පුද්ගලික ඊමෙල් එක විද්හට කවදාවත් යාහූ පාවිච්චි කරන්න එපා , වඩාත් හොඳ ගූගල් (ජී මේල් ) , ඒ අය ලබා දෙන රිකවරි ඔප්ෂන් නිවැරදිව පාවිච්චි කලොත් සාමාන්‍ය මට්ටමේ හැකර් කෙනෙකුට නම් මොකුත් කරන්න බැ (කලත් ගොඩ දාගන්න පුලුවන් )

    ඊලඟට ඉහල ආරක්ෂාවක් සහිත මුරපදයක් භාවිතා කිරීම , පිට පරිඝනක වලින් ලොග් නොවීම , වයි-ෆයි හරහා ලොග් නොවීම වගේ කාරණාත් තියනව , ඊලඟට භාවිත කරන පරිඝණකයේ ආරක්ෂක තත්වය වගේ ඒවත් තියනව . අවශ්‍ය නම් කියන්න වැඩි දුර විස්තර කියන්නම්

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. In Yahoo Mail, there is no way to check the recent access. In G-mail, "Details" at the bottom right corner, gives you the access log , by which you can find out from where it was accessed. And, they monitor any abnormal access patterns and warn you.

    Sorry to hear this. When U register for other websites, don't use the same pass word, and try not to give your regular mail address. Those are the places these bad people get the info. Use temp mail address like 10 minutes mail :
    http://10minutemail.com/10MinuteMail/index.html

    I know, remembering so many password is a hassle.Use a passphrases instead of a password ; they are easy to remember:
    http://kb.iu.edu/data/acpu.html

    ReplyDelete
  49. පිස්සු හැදෙන සඳ....මට නං හිතෙන්නේ පිස්සෙක්ගෙ වැඩක් නෙමේ ඔයාගේ කොන්ටැක්ට්ස් ලිස්ට් එක උස්සල. ඕක කොමන් වැඩක්, වැඩේ යනවා අන්තර්ජාතික විධියට. ඊමේල් දාහකින් එකකට රෙස්පොන්ස් එකක් ලැබුනත් උන්ට ඇති. සත පහක වියදමක් යන වැඩක්යැ උන්ට.

    @ බුවා,
    දවස් දෙකකට කලින් මට කෙනෙක් කිව්ව, ජී මේල් වලට වැඩ ආරක්ෂා කාරීය් යාහූ කියල, ඉතින් මොකේදය් දන් වළඳන්නේ?

    ReplyDelete
  50. මේවා බොහොමයක් නොදන්නවා හොරකම් නෙමේ, ඔය සමහර සර්විසස් වලට රෙජිස්ටර් වෙන්න ගියාම ඒවායින් ඊ-මේල් ඉන්බොක්ස් එකට ඇක්සස් ඉල්ලනවා. තම කැමැත්තෙන්ම දුන්නාම තමයි ඔය කියන ඊ-මේල් යන්නේ.

    ReplyDelete
  51. @ඔබා - මගේ තාක්ෂනික දැනුමේ හැටියට නම් ගුගල් වඩා ආරක්ෂාකාරියි , රිකවර් කරගැනීම වඩා පහසුයි , වෙන කෙනෙක්ට වෙන අදහසක් තියෙන්න පුලුවන් . කොහොම උනත් මම අදවෙන ක්ම් අහපු ඊමෙල් හැක් වීම් බහුතරයත් යාහූ

    ReplyDelete
  52. බින්දි අක්කේ ප්‍රමාද වෙලා දුටුවේ... අනේ මන්දා බයත් හිතෙනවා අප්පා... මටත් හිතෙන්නේ අක්කා ගූගල් වලට ආවොත් හොඳයි කියලා. ඒක බ්ලොග් එකටත් ලේසියි. ආරක්ෂාවටත් හොඳයි... ජීමේල් ගිනුම හදද්දී රිකවර ඔප්ෂන්ස් හදාගන්න. හැකි ඉක්මනින් නෙළුම් විල බැකෝ එකක් අරන් ඇවිත් හරි බැකප් කර ගන්න. හප්පේ... කවදා හරි කාලෙක අපේ ලමයින්ට බලන්න තියෙන එව්වා මේවා...!!!

    නෙළුම් විලට අත නොතියනු...!!! බහු ජාතික කුමන්ත්‍රන පරදවමු !!!

    ReplyDelete
  53. සේරම රිකවර් කරගෙන ආයෙ නෙලුම් විලටයි මූනු පොතටයි ආව එක ගැන සතුටුයි බින්දි .දිගටම ලියන්න .ඉඳ හිට ඔහොම කරදර වෙනවා .බයවෙන්න එපා ඒවට

    ReplyDelete
  54. බින්දි.....අදයි ඔන්න දැක්කෙ.....

    ඔව්ව ගැන කලබල වෙලා වැඩක් නෑ......කොහොම හරි කමක් නෑ.....ආයෙම සුපුරුදු තත්වයට පත් උනු එක ගැන සතුටුයි.....

    ReplyDelete
  55. ඉඳලා හිටලා ඔය වගේ අල කලන්චි වෙනවා... ඕවට කලබල වෙන්ඩ නාකයි..

    මුණු පොතනම් විකාරයක්..

    ReplyDelete
  56. මම බ්ලොග් එකට පාවිච්චි කරන මේල් ඇඩ්‍රස් එක ඒකට හැර වෙන කිසිම දේකට පාවිච්චි කරන්නෙ නෑ. පුද්ගලික මේල් එකයි බ්ලොග් එකයි වෙන් කරල තියා ගන්න. පරිස්සමින්.

    ReplyDelete
  57. මෙ ලෝකෙ මිනිස්සු 90% විතර ඉන්නෙ උමතු පිස්සු මිනිස්සු, එ මිනිස්සු ඊර්ෂාව,තන්හාව,කුහක කම, මමත්වය,අහංකරය වගෙ දෙවල් වලින් පිරිල, ඉතින් අපිට මෙවගෙ දෙයක් අකමැත්තෙන් හරි මුන දෙන්න සිද්ද වෙනව, මොනව කරන්නද ? අපි හිතන තරම් මෙ ලොකය සුන්දර නැහැ, නමුත් අපි මෙවට නොබියව මුහුන දෙන්න පුරුදු වෙන්න ඔනේ, දැන් ගියදෙ ගැන දැන් දුක් වෙලා වැඩක් නැහැ...දැන් කරන්න තියෙන්නෙ සිකියුරුටි සෙටින්ස් හරි ගස්සල පුලුවන් තරම් ආරක්ෂාව තර කරන්න, මෙවගෙ දෙවල් ඔයාට විතරක් නෙමෙයි, අපි ටත් වෙනව, මගෙ යාහූ මෙල් එක 2006 අවුරුද්දෙදි හැක් කරල තිබුන, පස්සෙ බොහොම අමරුවෙන් තමයි සෙටින් , පාස්වර්ඩ් එක වෙනස් කරල හාදා ගත්තෙ, කොහොම වුනත් ඔයා ඉන්න රටෙනම් මෙ වගෙ දෙවල් ලංකාව,ඉන්දියාව, පකිස්තානය,ඉරානය වගෙ රටවල් වලට වඩා ගොඩක් අඩුයි... කොහොම වුනත් මේ බ්ලොග් එක නම් නවත්වන්න එපා, මෙකෙන් අපි ගොඩක් දැනුම ලබගන්නව....

    ReplyDelete
  58. මේවා සල්ලි හොයන්න කරන බාල වැඩ . අපි ඉතින් ආශ්‍රය කරන මිනිස්සු මෝඩයෝ නොවෙන නිසා මේවට අහුවෙන්නේ නැහැ . එක ළමයෙක්ගේ අම්ම කෙනෙක් උත්තරයක් යවල . එයාට සල්ලි එවන්න කියල වෙස්ටර්න් යුනියන් හරහා . ඊළඟ දවසේ UN දිනයට වැඩ කරන්න පොරොන්දු වෙච්ච මනුස්සය ට්‍රිප් එකක් ගියේ මොකදැයි කියල හිතුන හින්ද හොයල බලල තියෙන්නේ .
    හැමෝටම කියන්න බැරි තරම් ස්තුතියි. දුන්න උපදෙස් වලින් මන් ගොඩක් ඉගෙන ගත්ත . වැරදිලා නේ හැමෝම ඉගෙන ගන්නේ .
    මේ ටිකේ නොලිවේ නම් ඕක හින්දමත් නෙමේ . නොහිතපු විදියට වැඩ ගොඩක් යෙදුන සති අන්තේ.
    අද හෙටම පොස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ .

    ReplyDelete
  59. බින්දි නැන්දේ දැන් මේ විලේ අලුත් නෙලුම් මලක් පිපුනොත් හොඳයි වගේ .

    ReplyDelete
  60. .හොඳයි නම් තමයි . ඒ වුනාට අනික් බ්ලොග් වල මාර පොස්ට් ගොඩක් ලියලනේ . කොනක ඉඳන් කියවන්න ගත්තා . මුන් මහත්තය ඉස්කෝලෙත් වහල . බොහොම කරදර මට

    ReplyDelete
  61. හුම් අනික්වගේ පෝස්ට් ලියල ඇති :( ඒවුනාට මම නම් ඉන්නේ අලුත් නෙලුම් මල් බලන්න .දැනුත් මේ කොලඹ යන ගමන් කඩි මුඩියට මේ පැත්තේ ඔලුව දාලා බැලුවා මල් පිපිලද කියලා ,ආයෙ ඉතින් වැඩට ගියාම කෝ වෙලාවක් ඕවට

    ReplyDelete
  62. වෙච්ච සිද්දිය ගැන මොකුත් කියන්න ගියේ නෑ. කිවුවත් වගේ ඔය එහෙට මෙහෙට ලොගින් ඇක්සස් නම් දෙන්නේ අපි අපිම තමයි.

    කිවුවත් වගේ අළුත් පෝස්ට් එකක් එන්න දැන් නම් කල් වගේ.

    ReplyDelete
  63. නංගි මම පොත්ගුලගේ අයිය
    මං හිතන්නේ මේ දවස්වල ඕක ගජරාමෙට වෙන වැඩක් ද කොහෙද?
    මටත් මේවගේ ඊ මේල් ආවා. හුඟ දවසකින් කිසි ගණු දෙනුවක් නොතිබ්බ මිත්‍රයෙක් ගෙන්. මම හිතුවේ ඒක ඇත්තම එකක් කියලයි. හොඳ වෙලාවට ඒ මිත්‍රයා මට කල මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් නිසා නොරොක් වෙලා හිටපු මම එයට පිළිතුරු යැව්වේ නැහැ. මේ බින්දිගේ මේල් එකට වෙච්ච වැඩේ ඇහුවම තමා මටත් පොත්ගුලලා ම්ල්ල්ලී කිවුවේ මේ මේල් එකත් hack කරුවෙක්ගේ වැඩක් කියල.

    මේගැන මම මගේ ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න පුතාල ගෙන් අහල එගොලන්ගේ උපදෙස් අනුව
    hack කරන්න අමාරු අදට ඇති ක්‍රමය අනුව මගේ පස් වර්ඩ් සියල්ල වෙනස් කලා
    මෙන්න ඒ ක්‍රමය
    පස් වර්ඩ් එකේ සෑම digits 2 හෝ 3 අතරට key board එකේ අංක සදහන් බොත්තම් උඩ ඇති
    සංකේත යොදන්න ( උදා - 123!456#789% )
    සසල වෙන්න එපා
    මේලෝකේ සියලුදේම නැසෙන සුළුයි .
    තෙරුවන් සරණයි
    otera

    ReplyDelete
  64. පොත් ගුල්ලගේ අය්යා අඳුන ගත්ත එකම මදැයි මේ හැක් කාරයට ස්තුති කරන්න ඕන . ඔය සංකේත දාන එක හොඳයි තමයි . ස්තුතියි හොඳේ

    ReplyDelete
  65. “කව්ද ඔලමොට්ටල නරියෙක් මගේ පුද්ගලික ඊ මේල් ගිණුම හැක් කර ඇත.“

    මේක හිනා වෙන්න දෙයක් නොවුනත්, මට බඩ අල්ලගෙන හිනා ගියා උඩ තියන කතාවට .....

    සමාවෙන්න ඕන හිනා උනාට, කරන්න ඕන දේවල් ඔක්කොම කියවිලා තියන නිසා, මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ...

    ReplyDelete