Thursday, 8 December 2011

අඩිස් අබාබා ගිය අපේ බබාලා ...

මම පොඩි කාලයේ සිටම ලෝකය පුරා ඇවිදින්නට ආසා වීමි .  කොළඹ නගරයෙන් සැතපුම් අටක සිමාවේ සිටි අපට වුවද කොළඹ නගරයේ අරුමැති තැන් බොහෝ විය . ඉඳහිට ළමා රෝහලට ආ ගමන්ද මරදානේ පිහිටා තිබු තාත්තා වැඩ කල අච්චු කන්තෝරුවට රැගෙන ගිය ගමන්ද යමක් මිලදී ගැනීමට පිටකොටුවට අම්මා සමග යාමද හැරුන කොට ආතා විසින් ඇතැම් නිවාඩු කාල වල කටුගෙය [ අපි නම් රටකජු කා පොතු විසි කලේ නැත ], ගෝල්ෆේස් මුහුදු තීරය, වරාය [ එකල වෙසක් දිනවලට වරාය මහජනයාට නැරඹීමට හැකි විය ] , ප්‍රදීපාගාරය බැලීමට කැඳවා ගිය ගමන්ද මගේ ළමා මතකයන්ය . පහේ පන්තියට තෙක් ඉගෙන ගත් පුංචි බාලිකාවේදී ගියේ එකම එක ගමනකි. ඒ සෝමලතා සුබසිංහයන්ගේ කතන්දර දෙකක් බැලීමට කිරිබත්ගොඩ YMBA එකටය . හයෙන් පසු නම් උදේ හවා කොළඹ නගරය දැක බලාගත්තෙමි .
අපේ බනියා අවුරුදු දෙකේ සිට පාසල් යන නිසා  ඇය දැනටමත් ක්ෂේත්‍ර චාරිකා හත අටක් ගොස් ඇත . ඒ කාලයේ වෙනසය. පරම්පරාවක වෙනසය . මට පසුකලෙක ගිය පාසල් දහම් පාසල් චාරිකා සහ අනිකුත් ගමන් දෙක තුන ගණන් කර කිව හැකි තරම් ගණනකි .
අවුරුද්දට ගමේ යාම නම් සෑම වසරකම අපට දෙව්ලොව ගියා වැනි විය . ඒ අපේ පරම්පරාව යි .

කුඩාකල සිතියම් පොතින් ආගිය තැන් බොහොමයක අද මම සැබවින් ඇවිද ඇත්තෙමි .
 කිසිදා යා හැකි වේයැයි නොසිතු අඳුරු මහද්විපයටද යන්නට හදිසියේම අවස්ථාවක් ලැබිණි .
වැල්වටාරම් නොකියා දඩස් ගා කතාව කීමට බැරි හැටි කියා මටද වෙලාවකට සිතේ .
වැඩිය කවුරුත් නොයන යන බව කි විට අපෝ යයි කියවෙන ඉතාම කෙසඟ අයෙක් දුටු විට මේ රටේ නම මතක් වෙන රටේ නම් කි විට ඉල ඇට පෑදුන මන්දපෝෂිත දරුවන් සිහිවෙන ඉතියෝපියාවට ගියේ මොන එහෙකටදැයි නාසන්න .
නොදුටු රටක් දැක බලාගැනීමට ලැබෙන අවස්ථාව අත අරින්නා මෝඩයෙකි. අපි වියට්නාමයට එන විට සමහරු කිවේ තවම ඇමරිකාව එක්ක යුද්ධ කරන බවය . ඒ තවමත් හොලිවුඩ් චිත්‍රපට වලට හේතුපාදක වන නිසා විය හැක .අන්තර්ජාලය ගැනද මගේ 100%ක විශ්වාසයක් නැත . එක එක්කෙනා හිතු හිතු දේ ලියනා හෙයිනි .
මේ ගමනේදී ලියන්නට බොහෝ දේ ලැබිණි . අහස් යානයේ ටෙලිවිෂනය මත අප්‍රිකාවේ සහ අසල්වැසි මැදපෙරදිග සිතියම දෙස බලාගෙන හිඳින විට මධ්‍යම අප්‍රිකාවේ තදකොල පැහැය ඉතියෝපියාව හරියෙන් තුනී කොළ පැහැයට හැරී උඩහට සහ බටහිරට දුඹුරු පැහැ වී යන හැටි අපුරුය .
මේ භූ විෂමතාවය ගැන මෙන්ම වසර හත්දහසක ඉතියෝපියානු ඉතිහාසය ගැන සහ අපේ හිතවත් ''ලුසී '' සමග මානව පරිනාමය ගැන මැනවින් හදාරා පරණ මතක පොත් පෙරලා භයානක කොටි වලිගයක් අල්ලා ගැනීමට සිත මාව කෙනිත්තුවද මේ වෙලාවේ උන්දැට ඉඩ දිය නොහැක . මට ලබන සතියේ ආයේ ගම රට යන්නට ඇති නිසා මාදුටු සහ ඇසූ දේ කෙටියෙන් ලියන්නට වග බලා ගනිමි .
ගුවන් යානයක් පොළවෙන් උඩට ගන්නා විට ඉතා වේගවත්ය . මෙලෝ දෙයක් බලා ගැනීමට වෙලාවක් නැත . එහෙත් පොලවට පාත් කරනා විට හොඳින් රටතොට පෙනේ . ඉතියෝපියාවට පහත් වෙද්දී බොහෝ පෙදෙස් කෑලි මුට්ටු කළ රෙද්දක් මෙනි. ත්‍රිකෝණාකාර තද කොළ , ලාකොළ , කහ , දුඹුරු වර්ණයන්ගේ රෙදි කෑලි මුට්ටු කළ [ මොඩ් විදිහට නම් '' පැච් වර්ක්''] රෙද්දක් මෙනි .ඒ ප්‍රධාන ධාන්‍ය වගාව වූ තෙෆ් වගාවන්ගේ විවිධ අවස්ථා බව පසුව දැන ගතිමි . 
 තැන තැන පොකුරු පොකුරු කුඩා ගෙවල් මිස අහස සිඹින ගොඩනැගිලි නම් නොදිටිමි . සිංගප්පුරුව  වත් තායිලන්තයවත් ඩුබායි වත් නොවේ . පැරිසිය ගැන නොකියමි . සර්පයන් මෙන් ගලන ගංගාවන් ඇති වියට්නාමය වගේ නොවේ . සැසඳිය නොහැක . මේ අප්‍රිකාවයි ..
 පින්තුරයක් ගැනීමට නොහැකි වුයේ ගුවන් යානයක ජනේලයක් අසල ඉඳ ගැනීමේ සටනින් සැමදා මා අක්ක නගාලට පරදින නිසාය
උඩින් ඇති එරිත්‍රියාව ලඟදි කැඩී ගිය රටකි . උඩින් ඇති අනික් රට [ Djibouti ] වේ. එහි අපේ මිතුරෙක් සිටින බවද සැලයි.
ඉතියෝපියාව මගේ මනසේ වියලි උණුසුම් රටක් යැයි ඇඳි තිබු චිත්‍රය අගනුවර වුද අප දින දෙකක් ගතකලාවුද අඩිස් අබාබා නගරය සීතල නුවරකි. නුවර එලිය වැනි සීතල සහ කඳුවලින් වටවූ නුවරකි .
ගුවන් තොටුපල , හෝටල් පරිශ්‍ර, ජනපති සහ අගමැති මැදුරු උයන් වල නුවර එළියේ වැවෙන මල් දුටුවෙමි . සැබවින්ම අප සිටි හෝටලය වන වදුලකි . ස්වභාවික උණුසුම් දිය උල්පතක් වට කොට ඇති ඒ උයනේ උණුසුම් පිහිනුම් තටාකයකි . කුරුල්ලන් කිචි බිචි ගානා මහා උස ගස්ද රෝස ඩේලියා වැනි මලින් සුසැදි මල් පාත්තිද ටෙනිස් පිටි වලින් ස්කොෂ් , මිනි ගොල්ෆ් [ Mini Golf ] ආදී එකී නොකී ක්‍රීඩා සියල්ලම ඇති පාරාදීසයකි . සල්ලි ඇත්තන් එහි එති දවස සුවසේ ගෙවති .








එයට පෙනෙන මානයේ ඇති ජනපති මැදුරද මා උද්භිද උද්‍යානයක් යැයි වරදවා ගතිමි . එයත් නගරයේ අන් තැනකදී දුටු අගමැති මැදුරත් හැත්තෑ ගණන්වල අවසන් රජ මරා දමා අල්ලා ගත් ඒවාය .
මේ කීප තැන හැරුන විට නගරයේ ගහක් කොලක් පිළිවෙලකට හිටවීමට කාටවත් බැරි වී ඇත. වැසි වලාහක දෙවියන් ආසියාවට වැඩිය කැමති වාගෙය . ඉතියෝපියාව පැත්තේ යන්නේ මාස තුනක් වැනි කෙටි කලකටය .
ඒ මාස තුනේදී එපා කියන කම් වැසි වස්සා  ඇතැම් විට අයිස් කැට වලිනුත් දමා ගසන වැස්ස වලාහක දෙවියන් ඉන්පසු පැත්ත පළාතේ නොඑන බවයි ආරංචි . සාමාන්‍ය උෂ්ණත්වය අංශක 22 ක් වැනි උපරිමයක්ද අවමය 14 ක් 15 විය හැක . කොටින්ම අවුරුද්ද පුරාම සිසිල් කාලගුණයකි. එහෙත් වියලිය . ආර්ද්‍රතාවය අඩුය . [ මේ කියන්නේ අඩිස් අබාබා ගැන පමණි . අංශක 50 ක් දක්වා යා හැකි අධික උෂ්ණ පළාත්ද ඇති බවයි කියවෙන්නේ .]
අන් නගරයක මෙන් අහස සිඹින ගොඩනැගිලි නැත . තරමක් උස ගොඩනැගිලි සහ අලුතින් ඉදිවෙන ඉදිකිරීම් ස්වල්පයකි . ගුවන් තොට නම් අපේ රට තරමටම වාගේ හොඳය . රටේ හැටියට විශ්වාස කළ නොහැකි තරමේ ගුවන් සේවයක් ඇත . දුර ඈත බැන්ග්කොක්, ඕස්ට්‍රේලියා , වොෂින්ටන් වැනි අන්තයන්ට ඉතියෝපියන් ගුවන් සේවය විහිදෙයි .
අනික් පුදුමය නම් පාරවල් ටිකය . ඉතාම පුළුල් මහා මාර්ග සහ අධිවේගී මාර්ග පද්ධතියක් තිබීම සැබවින්ම පුදුමය . චීනා වැඩේට බැස ඇති බව හොඳටම පෙනේ .
මිනිසුන් ...අප්‍රිකාවයි කිවූ පමණින් කට්ට කළු අවුවට පිච්චුන, යන්තම් විලි වසා ගත් හෝ සම්පුර්ණයෙන් අර්ධ නිරුවත් හෙල්ලක් අතින් ගත් පිරිමින් හෝ ඇට මාල පන්සියක් විතර එල්ලා  ගත් ගැහැනුන් හිතේ ඇඳුන නම් පුදුම නොවෙමි . සැබවි ඇතැම් පළාත්වල තවමත් එසේමය . එහෙත් නගරයන් එසේ නොවේ . බනිලගේ තාත්තා කීපවිටක් ගිය කෙන්යාවේ නයිරෝබි , උගන්ඩාවේ කම්පාලා , ටැන්සානියාවේ දරුසලම් වැනි නගර මෙන්ම අඩිස් අබාබා මිනිසුන් ඔබ මා වැනිමය.
වඩා සිත් ගත් දෙය නම් අනිකුත් අප්‍රිකානුවන්ට වඩා ඉතියෝපියානුවන් ලස්සන මිනිසුන් කොටසකි . මට එසේ පෙනෙන්නේ ඔවුන් දකුණු ආසියාතිකයින්ට විශේසයෙන් ලාංකිකයින්ට සමානකමක් මා දුටු බැවිනි . උසට සරිලන මහත පැහැපත් රුවැති කෙල්ලන් සිටින රටකි . පිරිමින්ද පෙනුම නරක නැත .  අප දන්නා '' කාන්තාරයේ කුසුම '' පොතට පාදක වූ වාරිස් ඩයරි අසල්වැසි සෝමාලියාවේය. [සියල්ලන්ම රුප රැජිනන් යැයි මෙයින් නොකියමි ].
මැය නම් රූ රැජිනකි


නිවාස ....මග දෙපස පැල්පත් බහුලය . පාරවල් සාදන මුදලින් ගෙවල් හදා දෙන්නට බැරිදැයි ඇසීම මෝඩ ප්‍රශ්නයක් විය හැක . ඒ ඒ රටවල ප්‍රතිපත්ති සහ ආර්ථික විෂමතා ගැන තීන්දු නිගමන දීමට මා කවුද .



තට්ටු තුනේ හතරේ මන්දිරද නැත්තේ නොවේ .
කෑම බිම ..ප්‍රධාන ආහාරය ලේන්සුවක් මෙන් රෝල් කළ රොටියකි . රොටියකට වඩා තොසේ එකකට සමාන කළ හැක . සාදන්නේ තෙෆ් නමැති පිටි වර්ගයෙනි . හරක් මස් සහ එළු මස් යහමින් කති . එළු රංචු නගර මැදද දක්කන් යෙති .
කොළ පාට එළවලු නම් හිඟ බවයි පෙනුනේ . කැරට්, ගෝවා වැනි එළවලු කීපයක් ඇත . එක් පාරක මිරිස් ගෝනි තොග පිටින් ඇති වෙළඳ පොලක් දුටුවෙමි . යහමින් මිරිස් කන ජාතියකි . අපිටත් එහා මිරිස් කන අය තවත් ඉන්නා බව දැකීමත් සතුටක් . බත් නම් කන්නෙම නැති තරම්ය . සුපර්මාකට් දුටුවේ ඉතාම සුළු ගණනකි . අත්‍යවශ්‍ය දේවල් නම් ඒවායේ තිබු බව දුටිමි . පකිස්තානයෙන් ගෙන්වූ සහල් ඉහල මිලට විකිණේ. ඉන්දියානුවන් සහ ආසියානුවන් සෑහෙන ප්‍රමාණයක් සිටිති .
ආගම ..බහුතරය ක්‍රිස්තියානි වන අතර ඉතිරිය මුස්ලිම්ය . මුස්ලිම් වරුන්ද නිදහස් සම්ප්‍රදායන් ඇත්තෝ බව පෙනේ . අප නගරයේ සංචාරයට තමාගේම කාරය පදවාගෙන ගෙන ගියේ අපගේ මුස්ලිම් මිතුරියයි . ඉතා ඉහල රැකියාවක් ඇති ඇය සම්පුර්ණයෙන්ම අධ්‍යාපනය ලබා ඇත්තේ තම රටෙනි .
අධ්‍යාපනය ..නිදහස් අධ්‍යාපනයකි . විශ්ව විද්‍යාලයේදී සිසුන් වියදමින් කොටසක් දැරිය යුතුය . පුද්ගලික පාසල් වල අධ්‍යාපනය වඩා හොඳ බවත් එහෙත් ඒවා මිල අධික බවත් දැන ගතිමි . හොඳම තත්වයේ අන්තර්ජාතික පාසල් කීපයක් ඇත . දේශීය සිසුන් ඒවාට ඇතුලත් කළ නොහැක . පිටරටක සිට පැමිණි දේශීය ළමුන්ට හැර රටෙහිම හදුනා වැදුන ළමයින්ට ඒ පාසල් වලට මුදල් තිබුනද ඇතුලත් විය නොහැකි නීතියක් ඇති බව ඇසුනද එය තරමක් සැක  සහිතය .
භාෂාව ...ඇම්හරික් ..ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස ඉගැන්වේ . ප්‍රාදේශීයව භාවිතා වන භාෂා අසුවක් ඇති බව අයෙක් කී අතර ඒ ඒ පළාත්වල පාසල් ඒ ඒ බස භාවිතා කරන බවද මේ ප්‍රාදේශීය ආණ්ඩු තමන්ට පොලිස් බලතල සහ නීති රිතිද රිසි යම් දුරකට වෙනස් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් කිවේය .
එහෙත් හමුදාව නම් මධ්‍යම රජයට අයත්ය .
 
සමස්තයක් ලෙස ගත් කළ මිනිසුන් සාමකාමී බව පෙනේ . අන්තර්ජාලයේද කිහිප තැනක ඒ බව කියවේ . බහුතරය දුප්පත් රටක සුළු සොරකම් පික් පොකට් අරුමයක් නොවේ . එහෙත් මහා පරිමාන අපරාධයන් අඩු බව කීප දෙනෙක්ගේම මතයයි .
මෑතක් වන තුරුම තිබු සිවිල් යුද්ධය අවසාන එරිත්‍රියාව නමින් උඩ කොටස වෙන් වී ඇත . අද එසේ වුවද අතීතයේ ඉතාම රණකාමි ජාතියක් ව සිටි බව සඳහන්ය . සුප්‍රකට ෂිබා රැජින ඔවුන්ට සංකේතාත්මකව වැදගත් බව පෙනේ . ඇතැම් ස්ථාන ඇය නමින් නම් කොටද ඇත . ආක්‍රමනිකයින් සටන් කොට පලවා හල එකම අප්‍රිකන් ජාතිය ඔවුන් බව අපේ මිතුරිය කීවාය. ඒ ඉතාලි ජාතිකයින්වය. මේ සටන් වලදී ඉතියෝපියනුවන්ද දහස් ගණනක් එක තැන මරා දැමු බව සඳහන් .[ මේවා අන්තර්ජාලයෙන් තහවුරු කර ලියන්නට වෙලාවක් නැත . තනිකර මා මිතුරන් කියූ සහ දුටු දේ පමණක් ලියන බව නැවත අවධාරණය  කරමි .]
ඉතාම සුළු වෙලාවකට කෞතුකාගාරයට යන්නට හැකි විය .
මානව පරිණාමය ගැන යන්තම් හෝ කියවා හෝ උගෙන ඇති අයෙක් '' ලුසී '' හඳුනන බව මට සහතිකය . නොදන්නා අයට [ ලෝකයේ සියල්ල දන්නා එහෙත් ජීව විද්යාව ,මානව පරිණාමය වැනි දේ ගැන මෙලෝ දෙයක් නොදන්නා අය ඇති බවට සාක්කි අත ළඟය ] සරලව කියන්නේ නම් ලුසී යනු ඉතියෝපියාවෙන් හමු වූ ආදී මානවයෙකි.
අඩිස් අබාබා කෞතුකාගාරය කුඩාය . එහෙත් මානව පරිනාමයේ සියලු අවදි පිළිවෙලකට අධ්‍යනය කරන්නෙක්ට අගනා තැනකි . වර්ණ බේදයෙන් හිස උදුම්මා ගත් අය අදත් වේ නම් ඔවුන් එහි නොයා යුතුය . මන්ද ආදිම ආදිම මුතුන් මිත්තන් ඔවුන්ට විරිත්තිමට ඉඩ ඇති නිසාය . මේ ටික පිළිවෙලක් කර අනාගතයේ දිනක ලිවීමට ඉඩක් ලැබේවායි මම පතමි .
මෙම කෞතුකාගාරයේ එක් තට්ටුවක් කැනීම් වලින් හමු වූ වලන් පිඟන් [ සමහර අයට අපරාදේ මේවා අල්මාරිවල දමා තියෙන්නේ යැයි සිතෙනවාත් ඇත ] සහ රජ පෙළපතේ විස්තරය . ඔටුනු සිංහාසන ආදියද ඇත .
තව තට්ටුවක් පොසිල සහ ඇට කටුය . ලුසී ගේ අනුරුවක් පමණි මෙහි ඇත්තේ . ඇය ඇමරිකාවේ පුරවැසි භාවය  ලබා ඇත .


අනික් තට්ටුව ගෝත්‍රික ඇඳුම් ආයිත්තම් , ආයුධ සහ නොයෙකුත් බඩු භාණ්ඩ වලින් සමන්විතය . ඒ කටු ගෙයි විස්තර කෙටියෙනි .
තනි තනි සිදුවීම් ගෙන කවදාක හෝ වෙනම ලිවීමට සිතක් සහ වෙලාවක් ලැබුනොත් තවත් දේ පවසන්නට සිතා සිටිමි .
වැදගත්ම දෙයක් අමතක විය . ලෝකයට කෝපි සොයා දී ඇත්තේ කල්දී නම් ඉතියෝපියන් ළමයෙකි . වෙළෙන්දන් විසින් ලෝකය පුරා ගෙන ගොස් ඇත . මට මෙහිදී මැක්කා මෙන් සේද මාවත සිහිවේ . සෝමාලියාව සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි . යාබද ඉතියෝපියන් කෝපි ඒ හරහා හෝ එකල මුහුදු වෙරලක් තිබු බැවින් කෙලින්ම ඉතියෝපියවෙන්ම වෙළෙන්දන් අතට යන්නට ඇත . [මගේ උපකල්පනයකි ]
Kaldi coffee කියා කෝපි කඩ ජාලයක් දුටිමි
හෝටලයේ තිබු කෝපි බොන සම්ප්‍රධායික තැනක් .

75 comments:

  1. බොහෝම සුහද, ප්‍රියංකර ඉතියෝපියන්වරු ගනනාවක් මුණගැසී ඇති මා ඔබේ ගමනේ විස්තර කියෙවූයේ බොහෝම උනන්දුවෙන්. ඉතියෝපියාව වරෙක බැට කාපු හාමතය නිසා ඒ රටේ නම කියවෙද්දී සිත්වල ප්‍රතිරූපයක් ගොඩනැගෙනවා. එය කෙසේ වෙතත් මගේ හිතට නම් ඇදී එන්නේ "මෝ" කියන කෙසඟ සිරුරක් ඇති "මහා යෝධ" චරිතයක් ගැන.

    මෝ නමින් මොහමඩ් අමීන් නැමැති කෙන්යානු ජාතික ඡායාරූප ශිල්පියෙක්. ඉතියෝපියන්වරු පෙළුන හාමතය ලොවට හෙළිකරන්න බොහෝ කැපවීමෙන් වැඩ කර පුද්ගලයෙක්.

    මෝ ගැන විස්තර විකියෙන් බලන්න: http://en.wikipedia.org/wiki/Mohamed_Amin

    ගමන් මහන්සියත් එක්ක මේ රසවත් පොස්ට් එක සකසලා අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි බින්දි.

    ReplyDelete
  2. ස්තුතියි ඩීන් අය්ය. අවන්කවම මම අප්‍රිකාව ගැන මෑතක කියවා නැහැ . මේ දවස් වල උනන්දුවක් ඇති වුන නිසා දැන් නම් කියවනවා . වෙලාව තමයි ප්‍රශ්නේ .

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඉතියෝපියාව කියපුගමන් මතක්වෙන දුක් රූපයට වඩා සැලකිය යුතු දියුණු මට්ටමේ රටක් තමා පින්තූර වලින් නම් පෙනුනෙ. හැමදේටම බලෙන් හෝ උරුමකම් කියන සුද්දා ලුසීගේ හා කෝපි වල අයිතියත් උදුරාගන තියන හැටිනම් පුදුම නෑ. තව පින්තූර දාන්න ,අපිට ඉතින් ඉතියෝපියාවෙ ලස්සන පින්තූරයක් දකින්න ලැබුනෙත් අදනෙ.

    ReplyDelete
  5. හප්පේ අද ද නිවාඩුවක් හම්බුනේ මේටික ලියන්න....ලස්සන විස්තරයක් නේ ,,,ඔය ටිකට ඕපස් එක දාලා මුලු අඩිස් අබාම ඇවිදල වගේ....නියමයි.....

    ReplyDelete
  6. මේක් කියෙව්වම, මම කොච්චර පොඩ්ඩද දන්නෙ කියලා හිතුනා. මම ඔය බින්දි කියනකම්ම හිතන් හිටියෙ, ඉතියෝපියාව කියන්නෙ මුස්ලිම් රටක් කියලා. අනිත් එක හිතේ තිබුන චිත්‍රෙත් වෙනස් කරගන්ඩ උනා.

    අඩිස් අබාබා ගිය කට්ටියට බොහොම ස්තූතියි අපිව දැනුවත් කරපු එක ගැන.

    ReplyDelete
  7. මම ඉතියෝපියාව ගැන හිතන් හිටියෙ ගොඩක් වෙනස් විදියකට...ස්තුතියි බින්දි සටහනට...ගොඩක් වටින ලිපියක්.
    A380 ගමනටත් සුභ පැතුම්. ඒත් ඉතියෝපියාවට ඒවා යනවද ? මම හිතන්නෙ ඔයා ඩුබායි හරහා ගිහින් තියෙන්නෙ..මම හරිනේ.

    ReplyDelete
  8. මට ඉතියෝපියානු ජාතික මිතුරො දෙන්නෙක් ඉඳල තියෙනව.. එක්කෙනෙක් මුල්ගිතා [පිරිමි නමකි ] අනික් කෙනා අබු බක්කර්... ඉතාම සුහදශීලී සාමකාමී මිනිස්සු... [ සියලු අප්‍රිකානුවන් එසේ නොවේ ]

    බින්දි කියල තියෙනව වගේ ඉතින් අග නගරයනොවැ බලල තියෙන්නෙ... මම අහල තියෙන හැටියට නම් පිට පලාත්වල තාමත් ඉතාම දුෂ්කර ජීවන තත්වයක් තියෙන්නෙ...

    එරිත්‍රියාවට නම් ගලකින්වත් ගහල එන්න තිබුනෙ... මම අහල තියෙන හැටියට එරිත්‍රියාව තමයි ඊලාම් රාජ්‍යය පිලිගත්ත ලෝකෙ එකම රට...

    ReplyDelete
  9. " Air Bus 380 හි ව්‍යාපාරික පන්තියෙහි සුව පහසු අසුනක පැය හතක් පමණ ඉඳගෙන සිටීමය"

    අපිට කොයින්ද පූසෝ මූදු මාලු කිව්වලු. අපි නම් ඉතින් හැමදාම biz class පහුකරගෙන ඇවිත් අපිට economy පුරුදු එකේ තමා ගමන :-)

    ReplyDelete
  10. මමත් ඉතියෝපියන් එයාර් වේස් වලින් ගමනක් ගිහින් තියනවා එදා තමා මගේ ඉතියෝපියානු චිත්‍රය වෙනස් උනේ,,,ගොඩක් ස්තූතී මේ විස්තර වලට

    ReplyDelete
  11. නයිල් ගඟ හරහා වේල්ල බැන්දාට පස්සෙ ඉතියෝපියාව තව දියුණු වෙයි...........Ethiopia Moves Forward with Massive Nile Dam Project

    http://news.nationalgeographic.com/news/2011/07/110713-/ethiopia-south-sudan-nile-dam-river-water/

    ReplyDelete
  12. අප්‍රිකාව ගැන දන්නෙ කියවල විතරමයි, ඒත් වැඩියත්ම දකුණු අප්‍රිකාව, සැම්බියා, සහ සිම්බාබ්වේ ගැන.
    ඉතියෝපියාව ගැන, අඩිස් අබාබා ගැන කියෙව්වෙ අද තමා.

    අපි ලබන අප්‍රියෙල් මාසෙ ලංකාවට ගිහින් එනකොට, ගමනේ අවසාන කෑල්ලට ෆ්‍රී බිස්නස් ක්ලාස්ස් අප්ග්‍රේඩ් එකක් හම්බ වුනා.
    ජීවිතේ පලවෙනි වතාවට අපිත් පැය පහක් විතර බිස්නස් ක්ලාස් යැවෙයි....හෙහ්....හෙහ්...[කවද කාපු ටකරන්ද?]

    ReplyDelete
  13. @ rosa kumaari
    ඒවා එහෙම තමයි ඉතින් ...කැනීම් කරන්න ඇත්තෙත් ඇමරිකන් අයනේ . ඕවයේ හොඳයි නරකයි දෙකම තියෙනවා . තව පින්තුර මුණු පොතට නම් දැම්මා . ඒවායේ මන් හරි අපේ ගෙදර කට්ටිය හරි ඉන්න නිසා බ්ලොග් එකේ දැම්මේ තොර බේරලා .
    @ඔබ නොදුරු ලොවක්
    අපොයි ඔව් . මරණ තුනක් ඇති මිනිහා පැණි කෑවා වගේ තමයි. වැඩ ගොඩයි..එත් නොලියත් බැහැ . මුළු අඩිස් වලම ඇවිදින්න කියල ඒ හැටි දෙයක් නැහැ . ඉන් එලියට යන්න තිබුන නම් තමයි හොඳ .වෙලාවක් ලැබුනේ නැහැ .
    @senna
    ඇත්තමයි . මමත් හිතන් හිටි දේවල් නම් වෙනස් වුනා . දෙවිදියකට . අග නගරය නිසා මිනිස්සුන්ගේ ජිවන තත්වය මිට වඩා හොඳ ඇතැයි මන් හිතන් හිටියේ . අනික් අතට මාත් හිතන් උන්නේ මුස්ලිම් බහුතරයක් ඇතැයි කියලයි.

    @ ලකී
    ඔව් ලකී අපි ඩුබායි හරහා ගියේ . බැංකොක් ඩුබායි කොටස තමයි A380
    @sapatheru උන්නැහේ

    ආයිත් අහල ගලක් ගහන්න තමයි වටින්නේ . තව ටිකෙන් අපිටත් ඒ ටික තමයි. පිට පළාත්වල නම් තවම අඩ නිරුවත් අයත් ඉන්නවලු.

    ReplyDelete
  14. හපොයි මොනව වුනත් අඩීස් ගුවන්තොටුපොල නම් මට කිසි විස්වාසයක් නැති තැනක් . 2008 යන්න වුන වෙලාවෙ මට හිතුනෙ අඩීස් කියන්නේ අපේ ගොයම් කපල ඉවර වුන කුඹුරක් වගේ එකක් කියල . ප්ලේන් එක බානකොට මහ දරුණු ගඩ ගඩ දඩ බඩ සද්ද ගොඩයි . ඇස් පියා ගෙන සීට් එකට හේත්තුවෙලා හිටියේ .තව ටිකක් වෙලා හිටියනම් ලඟින් හිටි ඉන්දියානුවගේ අතින් අල්ලගන බෙල්ල බදාගන්නව ෂුවර්.( ශික් ඒකවත් කරගන්න බැරිවුනා ) සාමප්‍රදායික ඉතියෝපියානු වැඩිහිටියන් , වයසින් අඩු බාල උදවිය මුලින්ම මුන ගැහුනම අර රොටි ජාතිය කවනවා .මීටිමකදී මටත් එහෙම වුනා

    ReplyDelete
  15. @ ano ..
    හි හි අපිත් මුහුදු මාළු කන්නේ කොම්පැනිය ගානේ තමයි. නැත්නම් රටෙන් බාගයක් උගස් කරන්න වෙයි ඔව්වයේ යන්න . ඉඳහිට ඔහොම චාන්ස් වැදුනට අපිත් යන්නේ economy තමයි .
    @ ItalyDilan
    රටේ තරමටත් වඩා ලොකු එයාර් ලයින් එකක් තමයි. හැමතැනටම ෆ්ලයිට්ස්
    @
    108543860788859599679
    මිනිස්සුන්ගේ ජිවන තත්වය ටිකක් උසස් කරන්න ක්‍රමයක් තමයි අවශ්‍ය . ස්තුතියි ලින්ක් එකට හිමිට කියවන්නම්
    @ඔබ්සේර්වේර්..
    මගෙත් පළමු වතාව . අපේ ගෙදර එක්කෙනා නම් නිතරම යනවා . එත් දකින කම් මොනවගේද කියා හරියටම හිතා ගන්න බැහැ .
    ආපසු එද්දී අඩිස් ඩුබායි කෑල්ලට 1 st class අප්ග්‍රේඩ් එකක් ලැබුන . පුහ් සැලකිලි වැඩි වුනාමත් මලවදේ අප්පා . හැබැයි චාන්ස් එකක් ලැබුනම අත අරින්න නම් එපා .
    @ටි ජි
    ඒ 2008 දැන් ඊට වඩා වෙනස් වගේ . චීනා තමයි එයාපෝර්ට් එක හදල තියෙන්නේ . ඔයා යද්දී හදනවා ඇති. නගරය නම් ඒ වගේම වෙන්ට ඇති . එයාපෝර්ට් එක නම් සෑහෙන හොඳයි. අපිට බත් වගේ තමයි එයාලට ඒ රොටිය . හොඳට මිරිස් දාපු මස් කරියක් එක්ක තමයි කන්නේ බර්- බර් ද කොහෙද ඒ සෝස් එකේ නම .
    අපේ ජාතික ආහාරය වන පරිප්පු එහෙ වැවෙනවා . පරිප්පු උයල තිබුන එක කෑම වේලක

    ReplyDelete
  16. බොහෝම ස්තිතියි. මට තාම යන්න බැරි වුනා. ඒත් ඉක්මනටම යනවා. ඔබගේ ලිපිය කියවූ විට මගේ ආශාව වැඩි වුනා.

    ReplyDelete
  17. මම මේ තාම හිතනවා කොතනින්ද කමෙන්ට්ස් දාන්න පට්ටාං ගන්නේ කියලා.. එක්කොත් දැන් බෑ අප්පා, පාන්දර 3යි වෙලාව.. දොයියලා නැගිටලා, හෙටම දාන්නං.. :D

    ReplyDelete
  18. ලස්සන සටහනක්.

    නයිරෝබිවලදී පොඩ්ඩිට නම් මිනිස්සු හරිම කලු පාටට පෙනුනේ. ඒ මදිවට කලු ඇඳුම්වලින් සැරසිලා හිටපු ගතියකුත් පෙනුනා. ගෑනු උදවිය කලු සාය, ජැකට්, පිරිමි කලු කලිසම් ජැකට්. ඔක්කොම එකතු උනාම කලු කීවම කලු පාටෙත් හොඳම පාට.ඉතියෝපියාවේ අය ඊට වඩා ලා පාටද දන්නේ නෑ.

    ප්ලේන් එක උඩට ගන්නකොට පොඩ්ඩිට තියන ලෙඩේ තමයි ලඟ ඉන්නකෙනාගේ අත තදින් අල්ලගන්ට හිතෙන එක. කොච්චර අහස් ගමන් කලත්, ඒ මොහොත නම් වෙනස් වෙන්නේ නෑ. ඔන්න කාට හරි අර ප්‍රශ්නේ අහන්ට හොඳම වෙලාවක්. 'හා, හා' කියලා ඕනම කෙනෙකුට කියනවා කියනවාමයි...:D:D

    ReplyDelete
  19. බින්දිත් මෙව්වා ලියන්නේ අපිට එක්සෑම් සෙට් වුනාම. එක්සෑම් කිව්වට නිකම් නොවේ රිපීට්. ඒ මදිවට මට හෝ ගාලා උන.

    බොහොම ස්තුතියි අපව ඉතියෝපියාවේ එක්ක ගියාට. ඉතාමත් ආසාවෙන් කියෙව්වේ. සංචාරය එතරම් සුවදායක නොවුනත් කියවන්නන් ට වටිනවා ඔබ තව කලක් එහි හිටියා නම්. ඩැන්කිල් ලාවා විල පැත්තේ ගියානම් තවත් අගෙයි.

    [[උඩින් ඇති එරිත්‍රියාව ලඟදි කැඩී ගිය රටකි . උඩින් ඇති අනික් රට [ Djibouti ] වේ. එහි අපේ මිතුරෙක් සිටින බවද සැලයි]]

    ලංකාවේ පෙළ පොත් අනුව ජිබුටි. රට රටවල නම් කියවීමේදී සිංහල භාෂාව ඉංගිරිසියට වඩා සාධාරණයි. රටේ මුල් බසට සමීපයි. උදා: ඉන්දියාව, නොර්වේ, ඉතාලිය. ජිබුටියන් එහි නම කියවන ආකාරය මා අසා නැත.

    එරිත්‍රියාව අස්සෙන් වරායකට ඇක්සෙස් නැතිනම් ඉතියෝපියාව මුහුදක් නැති රටක්. එරිත්‍රියානු වෙන්ව යාමේ ගිවිසුමේ අස්මාරා වරායට ඇක්සෙස් දෙන්න ඕනේ කියලා තිබුනට පස්සේ ඒක දුන්නේ නැහැ නේද?

    [[ඉතියෝපියාව මගේ මනසේ වියලි උණුසුම් රටක් යැයි ඇඳි තිබු චිත්‍රය අගනුවර වුද අප දින දෙකක් ගතකලාවුද අඩිස් අබාබා නගරය සීතල නුවරකි. නුවර එලිය වැනි සීතල සහ කඳුවලින් වටවූ නුවරකි]]

    ඉතියෝපියාව යනු මුහුදු මට්ටමටත් වඩා පහල භූමියක් සහ ඉතා උස සානුවක මිශ්‍රණයක්. මේ දෙක අතරේ වෙන්වීම අපේ ලෝකාන්තය වගේ. මාර ලස්සන තැනක්. ඉතියෝපියානු උස්බිම් [සමාජ අධ්‍යනය - මතකද කට්ටියට?] සැහෙන්න උස ඇති. කඳු නම් මීටර 3000-4000 වත් උස ඇති. ලංකාවේ මධ්‍ය කඳුකරයට වඩා උසයි.

    ReplyDelete
  20. [[එයත් නගරයේ අන් තැනකදී දුටු අගමැති මැදුරත් හැත්තෑ ගණන්වල අවසන් රජ මරා දමා අල්ලා ගත් ඒවා]]

    හැත්තෑ ගණන් වල අන්තිම රජු වන හේලි සිලාසි ගෙන් බලය අල්ල ගන්නේ සමාජවාදී නැඹුරුවක් පෙන්වන ඒකාධිපතියෙක්. මේ ලෝකයේ රටවල පාලකයින් තමන්ගේ පැත්තට නාමිකව හරවා ගන්නට දඟලපු රුසියාවේ සහයෙන් කල වැඩකි [මේකෙම ඇමරිකන් පැත්තකුත් එකල තිබුණි]. එනම් කූල් නැති කෝල්ඩ් වෝ එකේ පලයකි. ප්‍රදේශයට සාපේක්ෂව දියුණු රටක වූ පැරණි ඉතිහාසයක් හිමි ඉතියෝපියාව සාගතය දක්වා ගෙන ගියේ මේ නාමික සමාජවාදී පාලනය බව අසා ඇත [ඇත්ත නැත්ත කියන්න බැරි මේවා ඔක්කොම "කුමන්ත්‍රණ" වීමට ඉඩ ඇති හෙයිනි]. අනු ගණන් වල පැතිරුණු සමාජවාදයට එරෙහි ජනතා රැලි අප්‍රිකාවට ගෙනා මුල්ම රටකි ඉතියෝපියාව. දැන්නම් සාපේක්ෂව සෞභාග්‍යමත් බවක් පේනවා. සමහරවිට බූවල්ලාගේ "කුමන්ත්‍රණයක්" වෙන්නැති.

    [[ආගම ..බහුතරය ක්‍රිස්තියානි වන අතර ඉතිරිය මුස්ලිම්ය ]]

    ලෝකයේ ක්‍රිස්තියානිය රාජ්‍ය ආගමක් කර ගත් දෙවන රට ඉතියෝපියාවයි [පළමු රට කවුරුත් හිතන්නැති ආමේනියාවයි]. මේ රෝමන් කාරයින් ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම කර ගන්නට බොහෝ කලින්. නැගෙනහිර [යුරෝපිය] සම්ප්‍රදායට ආසන්න කොප්ටික් ක්‍රිස්තියානි ආගමක් ඉතියෝපියාවේ ඇත. මෙය පසු කාලීනව සුළුතරයක් වන්නට පෙර ඊජිප්තුවේ හා සෝමාලියාවේ ද ආගමයි. කුරුස යුද්ධයට සම්බන්ධ සටන් හීනියට පැතිරුණු කලාපයක් මේක. අදටත් සෝමාලියාවේ මුස්ලිම් අන්තවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පිහිටුවා ගත් රජය ආරක්ෂා කරන්නේ ඉතියෝපියානුවන්. කොයි තරම් කාලෙකට ද දන්නේ නැහැ. මට හිතෙන හැටියට නම් ජාත්‍යන්තර ඉස්ලාමිය අන්තවාදය ළඟදීම ඉතියෝපියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. අල් කයීඩා බෝම්බ වල ඉලක්කයක් වෙන්න බැරි නැහැ.

    ඉතියෝපියානු ක්රිස්තියානිය පදනම් කරගෙන බිහිවුවකි රස්ටෆාරි ඇදහීම. රස්ටෆාරි ඉතියෝපියානු අධිරාජයෙක්. ඔවුන්ගේ ආගම අනුව ඔහු ආගමික නායකයාත් වෙනවා. හැමදාමත් සම්මත ක්‍රිස්තියානියේ පවතින සුදු කළු බේදය නිසා ඇතැම් මෑත කාලින කළු ක්‍රිස්තියානින් කල්ලෙකු වූ ඔහුව අදහන්න වුනා. කැරිබියාවේ බොබ් මාලේ මේ ගැන ප්‍රසිද්ධියේ පෙනී හිටි කෙනෙක්. කළු ජාතිකයින්ගේ අනිකුත් පුරුදු නිසා අදනම් රස්ටා යන්නේ "මල්" කල්ට් එකක් හැටියට.

    [[මුස්ලිම් වරුන්ද නිදහස් සම්ප්‍රදායන් ඇත්තෝ බව පෙනේ . අප නගරයේ සංචාරයට තමාගේම කාරය පදවාගෙන ගෙන ගියේ අපගේ මුස්ලිම් මිතුරියයි . ඉතා ඉහල රැකියාවක් ඇති ඇය සම්පුර්ණයෙන්ම අධ්‍යාපනය ලබා ඇත්තේ තම රටෙනි]]

    සාපේක්ෂව නිදහස් ක්රිස්තියානියක [වතිකානුවේ මධ්‍යතන අඳුරු යුගය වගේ පසුගාමී නොවූ] හා පසුව නාමිකව හෝ සමාජවාදයේ ආභාෂය ලද නිසා නිදහස් මතධාරීන් බහුල ඇති.

    [[මෑතක් වන තුරුම තිබු සිවිල් යුද්ධය අවසාන එරිත්‍රියාව නමින් උඩ කොටස වෙන් වී ඇත . අද එසේ වුවද අතීතයේ ඉතාම රණකාමි ජාතියක් ව සිටි බව සඳහන්ය . සුප්‍රකට ෂිබා රැජින ඔවුන්ට සංකේතාත්මකව වැදගත් බව පෙනේ]]

    සොලමන් රජාටත් සම්බන්ධයක් තියෙනවා නේද? ඉතාලිය විසින් අබිසීනියාව ආක්‍රමණය කිරීම දෙවන ලෝක යුද්ධය ආරම්භයට පාදක වුන සිද්ධියක්. ඔය කාලේ යුරෝපියන්ට රටවල් අල්ලගන්න එක ගැන නිදහසක් තිබ්බ. ඒ ගොඩට අහු නොවුනේ යුරෝපය විසින් ස්වයිරිත්වය පිළිගත් [බොහෝ දුරට යුරෝපයේම පිහිටි] රටවල්. ඒ කියන්නේ යුරෝපීය යටත් විජිතවාදීන් අතර ඉතියෝපියාව නිදහස් රටක් හැටියට පිලි ගැනුනා ඒ කාලෙත්. මේකට හේතුව ඔවුන් බයිබලයේ සඳහන් ජාතියක් වීමද?

    ReplyDelete
  21. [[ඉතාම සුළු වෙලාවකට කෞතුකාගාරයට යන්නට හැකි විය]]

    අපේ වාසනාවට. ලුසී ගේ අනුරුවක් වත් මෙහෙම දැක තිබුනේ නැත.

    [[මානව පරිණාමය ගැන යන්තම් හෝ කියවා හෝ උගෙන ඇති අයෙක් '' ලුසී '' හඳුනන බව මට සහතිකය . නොදන්නා අයට [ ලෝකයේ සියල්ල දන්නා එහෙත් ජීව විද්යාව ,මානව පරිණාමය වැනි දේ ගැන මෙලෝ දෙයක් නොදන්නා අය ඇති බවට සාක්කි අත ළඟය ] සරලව කියන්නේ නම් ලුසී යනු ඉතියෝපියාවෙන් හමු වූ ආදී මානවයෙකි]]

    මානවයා බිහිවන්නේ මුහුදු මට්ටමටත් වඩා පහල ග්‍රේට් රිෆ්ට් වැලී එකේ කියා තමයි පිළිගැනීම. මේ මං කලින් කියූ ඩැන්කිල් ආශ්‍රිත ප්‍රදේශය තියෙන්නෙත් ඒකෙ. භූ තට්ටු දෙපැත්තට යාම නිසා මේ හරිය මුහුදු මට්ටමටත් වඩා පාතයි. මෙන්න මේ නිම්නයේ ඉතියෝපියානු, සෝමාලියානු, කෙන්යානු කලාපය තමා මිනිසාගේ තොටිල්ල කියා පිලි ගැනෙන්නේ.

    ඉතියෝපියාව හා කෙන්යාව ආශ්‍රිත තැනිතලා වල ජීවත් වූ ජනතාව එයින් එලියට එන්නේ මින් වසර 70000 කට කලින් සිදුවූ ඉන්දුනීසියානු "ටෝබා" සුපර් වොල්කනෝ එකේ පිපිරීම නිසා ලොව පුරා ඇතිවූ සාගතය නිසා කියා සමහරු කියති. මේ යුගයේදී මානව ජාන පද්ධතිය පටුවීමක් [පන බේරාගත් කිහප දෙනෙක් අතර මිශ්‍රනයෙන් ඊළඟ පරපුර බිහිවීම] වෙලා තියෙන බවට සැකකරනවා. ප්‍රභේදයක් හැටියට මානවයා ජීව විද්‍යාත්මකව ඒකාකාරියි. මට වඩා බයෝලොජි දන්නා අයට මේ ටික ඉතිරි කරනවා.

    එදා එලියට බැස්ස සන්ක්රමනිකයන්ගෙන් ලොව පුරා ඉන්න "ස්වදේශික" ප්‍රජා [aborigin] බිහිවුනාලු. ඒ කියන්නේ ආර්යන්ට පෙර හුන් මොහෙන්දෝ ජාරෝ වගේ අය, ඒ වගේම යුරෝපයේ ඇතැම් ආර්ය නොවන ජනයා එහෙම, අපේ රටේ නම් කුවෙනිලාගේ කට්ටිය. පස්සේ [අවු 6000 - 7000 කලින්] සුළු ආසියාවෙන් ආපු ආර්ය ප්ලෑන්ක් දෙකකින් අද ලෝකයේ සමහර ප්‍රධාන ජාතීන් බිහි වූ බව පිලි ගැනෙන්නේ.

    ඒ වගේම මේ 70000 කට කලින් වුන මුල් මානව සංක්‍රමණය නොවන්නට යුරෝපා නියන්ඩතාල්වරුනුත් අපි වගේම දියුණු වීමට ඉඩ තිබ්බා. [බුරාත් එක්ක මේ ගැන පැටලෙන්න අදහසක් නම් නැතෝ]

    කට්ටියට මතකද ක්ලාක් ගේ [බන්දුසීල විසින් සිංහල නමක් දුන්] හඳයා [2001]? ප්‍රබන්ධාත්මක මේ චරිතය මෙන්න මේ හරියෙන් තමා නිර්මාණය වන්නේ.

    [[වර්ණ බේදයෙන් හිස උදුම්මා ගත් අය අදත් වේ නම් ඔවුන් එහි නොයා යුතුය]]

    වර්ණ බේදය අදහන බොහෝ දෙනෙකු පරිනාමය සලකන්නේ යක්ෂයා විසින් ඩාවින් ට පෙවූ බොරුවක් කියා.

    [[මෙම කෞතුකාගාරයේ එක් තට්ටුවක් කැනීම් වලින් හමු වූ වලන් පිඟන් [ සමහර අයට අපරාදේ මේවා අල්මාරිවල දමා තියෙන්නේ යැයි සිතෙනවාත් ඇත ] සහ රජ පෙළපතේ විස්තරය . ඔටුනු සිංහාසන ආදියද ඇත]]

    ඇයි අප්පා ශීබලාගේ, සොලමන් ලාගේ කියල කිසිම දෙයක් නැද්ද? අවුරුදු 3000 ක අධිරාජ්‍යයකට ඔච්චරද තියෙන්නේ?

    [[ලෝකයට කෝපි සොයා දී ඇත්තේ කල්දී නම් ඉතියෝපියන් ළමයෙකි]]

    අඩේ මේක මං දැනඋන්නේ නැහැ. ස්තුතියි.

    [[වෙළෙන්දන් විසින් ලෝකය පුරා ගෙන ගොස් ඇත . මට මෙහිදී මැක්කා මෙන් සේද මාවත සිහිවේ . සෝමාලියාව සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි . යාබද ඉතියෝපියන් කෝපි ඒ හරහා හෝ එකල මුහුදු වෙරලක් තිබු බැවින් කෙලින්ම ඉතියෝපියවෙන්ම වෙළෙන්දන් අතට යන්නට ඇත]]

    සෝමාලියාව ඉතියෝපියාව දෙකම අරාබි වෙළඳුන් ගේ සන්ධිස්ථාන. මෙතන ඉඳං ගොඩක් දකුණට ඔවුන් ගිහින් තියෙනවා. මැඩගස්කරය එක තැනක එහෙම ගිය. මාකෝ පොලෝ මැඩගස්කරය ගැන අසා එහි යන්න අරාබි වෙළෙන්දන් එක්ක සෝමාලියාවට ගිය බවත් ඊට පස්සේ මැඩගස්කරයට ගියාද නැද්ද කියා හරියටම නොදන්නා බවත් කොහේ හෝ දැක්කා. බින්දීම ද මන්දා ලිව්වේ.

    ඉතියෝපියාව කියන්නේ අප්‍රිකාවට අසාමාන්‍ය වූ අධික ජනගහනයක්. අප්‍රිකාවෙන් 1/10 විතර ඉතියෝපියානුවන්. පරණ ඉතිහාසයත් ප්‍රදේශයට අසාමාන්‍යයි. ඒ කාලේ අධිරාජ්‍යයක් නිසා දැවැන්ත වෙළඳ මධ්‍යස්ථානයක් වෙන්න ඇති.

    [[Air Bus 380 හි ව්‍යාපාරික පන්තියෙහි සුව ... ආයේ මොනවා කියනවද මමත් කැමතිය]]

    ධනේශ්වර කුමන්ත්‍රණයක්. හැක හැක. ඇයි අර යුරෝපේ ඇමරිකාවේ ඉන්න "සිරා" යයි සම්මත අය ගැන කියන්නේ (s)he is still flying economy class කියලා. මං නම් බිස්නස් ක්ලාස් ගිහින් නැහැ. හැබැයි ඉකොනොමියේ තියෙන අපහසු කමේ හැටියට මාත් ගොඩක් කැමති වෙයි.

    ReplyDelete
  22. ශා..ස්තූතියි අක්කා විස්තර ටිකට.මං හිතාගෙන ඉදලා තියෙන්නෙ සම්පූර්නයෙන්ම වැරදියටනෙ.

    වාරිස් ඩයරිගෙ වගේ පොත් කියෙව්වාම හිතේ මැවෙන ප්‍රතිරූපය ටිකක් කලුයි නෙ. :(

    ReplyDelete
  23. ගොඩක් ස්තූතියි හොඳේ අපිව ඉතියෝපියාවට එකක් ගියාට . .. !

    ReplyDelete
  24. වාරිස් ඩයරි හිටියේ සෝමාලියාවේ නේද? ඒ කියන්නේ මුස්ලිම් පැත්තේ. ඇය සෝමාලියාව ගැන කියූ දේ නිවැරදියි. භෞතිකව ලං වුනාට මේ දෙපැත්තේ තියෙන්නේ ලෝක දෙකක්.

    දැනටත් ඔතන තීරණාත්මක යුද්ධයක් ඇවිලෙමින් පවතින්නේ. මුස්ලිම් අන්තවාදීන් දිනන චාන්ස් එක තමා වැඩි.

    ReplyDelete
  25. මගේ හිතේ තිබුනෙ වෙනමම ආකල්පයක් ඉතියෝපියාව ගැන. ස්තූති විස්තර ටිකට ...

    ReplyDelete
  26. ඔන්න ඔයත් එක්ක අපිත් ගියා ඉතියෝපියාවට.හුඟාක් ස්තුතියි අක්කේ

    ReplyDelete
  27. හයියෝ........ඉතියෝපියාව කිව්වම මමත් හිතා ඉදලා තියෙන්නේ බොහොම වැරදියටනේ....
    විස්තර ටිකට බොහොම ස්තුතියි අක්කේ.........

    ReplyDelete
  28. මට නම් ඉතියෝපියන් කෙල්ලෝ දැක්කම මතක් වෙන්නේ පස්ස තඩී කළු කූඹි... (දිමියොත් ඒ අස්සේ නැත්තේම නොවේ)

    ReplyDelete
  29. හරිම ලස්සනට ලියලා තියෙනවා, අපිත් එහෙ ගියා වගේම තමයි හැබෑට ඉතියෝපියාවටත් යනව එහෙනං 380, මම කිවා වගේ ඩුබායි හරහා ගිය එකේ දවසක් දෙකක් නැවතුනා නම් මොකෝ වෙන්නෙ, ඔයා තව දවස් කිහිපයක් වත් එහෙ හිටියා නම් තව විස්තර අහගන්නත් තිබුණා අපිට

    ReplyDelete
  30. මම මුලින්ම ඉතියෝපියාවට ගියේ 1978දී විතර. මට අවුරුදු 16 ක් වගේ. අපි අප්‍රිකාවේ ඇවිදින්න පටන් ගත්තේ මගෙ වයස දාහතරේදී. එක පාරක් අපි සැම්බියාවට යන අතර ඉතියෝපියාව හරහා ගියා. මගෙ මතකයෙ හැටියට ඒ දිනවලත් අඩිසබාබා ගුවන් තොටුපල අපේ කටුනායක ගුවන් තොටට වඩා විශාලයි. හැබැයි යානය බස්සවත්දි ලොකු ගොඩනැගිලි කීපයයි තිබුනෙ. සිසිල් කාලගුණයක් උනාට ඒ දිනවල දරුණු ජල හිඟයක් තිබ්බා. අපේ හෝටලේ හැමතැනම ජලය පරිස්සම් කරන්න කියල දැක්වීම පුවරු තිබුනා. අපි වැඩිය ඇවිද්දේ නෑ. එක දිනක් නැවතුම. ටවුම දැක්ක ,එච්චරයි. සැම්බියාවට වඩා මිනිසුන් ලස්සනයි,කියල හිතුන. ඒ කාලෙ හරිම දුප්පත් රටක් ලෙසයි අපි හැමෝම දැක්කෙ. දැන් ගොඩක් වෙනස් වගේ නංගි. අතීත මතකයක ආවර්ජනයත් සමඟ මේ සටහනට ගොඩාක් ස්තූතියි ඔයාට.

    ReplyDelete
  31. අපේ දැනුමට බින්දි අක්කා බොහෝම මහන්සිවෙලා හදපු ලිපියක්...ඔය අප්‍රිකානු රටවල මිනිස්සු හරි උසයි කියලා අහලා තියෙනවා... ඒක ඇත්තද බින්දි අක්කේ ?

    ReplyDelete
  32. එරිත්‍රියාව යනු බ්‍රිතාන්‍යයින් විසින් පිහිටුවන ලද කොළණියකි.. අන්තිමේදි කොහොම හරි වෙනම රටක් බවට හරවා ගන්නා ලදී.. ඕවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ නේන්නං.. :)

    ඉතියෝපියන් ශිෂ්ටාචාරය කියන්නෙ බොහෝම පුරාණ එකක්, වාර්තාගත ලේඛන අනුව නම් 900BC ටත් වඩා කලින් (බොහෝවිට ඊට කලින් ඉදන්ම) බිහිවුන ශිෂ්ටාචාරයක්.. මේකට සෑහෙන්න බලපාන්න ඇති ඊජිප්තු ශිෂ්ටාචාරය (නයිල් ගග ඇරඹෙන්නෙ ඉතියෝපියන් උස්බිම් වලින්). 400BC වෙනකොට අක්සුම් රාජධානිය ඉන්දියාවත් එක්ක කුළුබඩු වෙළෙදාම ජයටම කරනවා (අක්සුම්ලා කියන්නෙ සී ෆෙයරින් ජනතාවක්). ඔගස්ටස් අධිරාජයගෙ ඊජිප්තු ආක්‍රමණයෙන් පස්සෙ රෝමයත් එක්ක වෙළෙද ගනුදෙනු පටන් ගන්න මෙයාලා තමා සේද මාවතේ පකිස්තාන් සිට යුරෝපය දක්වා මුහුදු මාර්ගය සම්බන්ධ කරන්නෙ.. ඒ එක්කම අභ්‍යන්තර අප්‍රිකාව බාහිර ලෝකයත් එක්ක සම්බන්ධ කරන්නෙ..

    // ලෝකයේ ක්‍රිස්තියානිය රාජ්‍ය ආගමක් කර ගත් දෙවන රට ඉතියෝපියාවයි //

    ඉතියෝපියාව ක්‍රිස්තියානි වෙන්නෙ 300AD දි පමන.. ආර්මේනියාවත් ක්‍රිස්තියානි වෙන්නෙ මේ ආසන්නයේම නේද (301AD)..?? කොන්ස්ටන්ටීන්(324-337AD) පළමු ක්‍රිස්තියානි රෝම අධිරාජයා, නමුත් ක්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට පත්කරන්නෙ තියොඩෝසියස් විසින් 380AD දි..

    // ඒ වගේම මේ 70000 කට කලින් වුන මුල් මානව සංක්‍රමණය නොවන්නට යුරෝපා නියන්ඩතාල්වරුනුත් අපි වගේම දියුණු වීමට ඉඩ තිබ්බා. [බුරාත් එක්ක මේ ගැන පැටලෙන්න අදහසක් නම් නැතෝ] //

    මේකට මං පස්සෙ එන්නං.. දැන් යන්න ඕන දවල්ට කන්න.. :D

    ReplyDelete
  33. අනේ බොහොම ස්තුතියි මේ විස්තරේට... අර පෝස්ටුවක සයිස් කමෙන්ට්ස් දාල විස්තර සපයපු සුජීව මහත්තැන්ටත් ස්තුතියි....
    මං වැඩ කරන තැනත් ඉන්නව ඉතියෝපියන් කස්ටිය... අපි වගේමයි පාට.... කොණ්ඩෙ වෙනස්... සමහර කළු ජාතිකයො වගේ වලියට බර නැහැ... නිවිච්චි, අහිංසක මිනිස්සු.... අපිත් එක්ක වැඩ කරන වැඩි දෙනෙකුට හොඳට සල්ලිය බාගෙ තියෙනවා...ගෙවලුත් එකකට වැඩිය තියෙනවා....හැබැයි කියන්න පුළුවන් තරමේ උගත් කමක් නම් නැහැ...

    ReplyDelete
  34. [[අප්‍රිකාවට සාපේක්ෂව ඉතියෝපියානුවන්ගේ නිවිච්ච කම ගැන]]

    ඉතිහාසයක හා සංස්කෘතියක රහස.

    [[ඉතියෝපියාව ක්‍රිස්තියානි වෙන්නෙ 300AD දි පමන.. ආර්මේනියාවත් ක්‍රිස්තියානි වෙන්නෙ මේ ආසන්නයේම නේද (301AD)..??]]

    කාලෙකට කලින් මේ ගැන කියෙව්ව තැනක මෙහෙම කියා තිබ්බ. මට මතක හැටියට ඉතියෝපියාවේ 300 CE කතාව වැරදියි. ඔයිට ටිකක් පස්සේ. මොකෙක් හරි එකෙක් ව මරා දාලා පස්සේ උගේ අනුගාමිකයන් හරහා ක්‍රමයෙන් ක්‍රිස්තියානි වෙන සීන් එකක්.

    [[කොන්ස්ටන්ටීන්(324-337AD) පළමු ක්‍රිස්තියානි රෝම අධිරාජයා]]

    මේකත් විවාදාත්මකයි. මෙයාට යුද්ධයක් දිනන්න [හා එතුලින් රෝම අධිරාජයා වෙන්න] ක්‍රිස්තියානි හමුදා වලින් සහය ගෙන තියෙනවා. එදා අහසේ වලාකුළු වලින් කුරුසයක්‌ හැදී එයාට පාර පෙන්නුවලු වැදගත් පාලමක් අල්ල ගන්න [සීනි බෝල කතා].

    පොරොන්දු ප්‍රකාරව ක්‍රිස්තියානිය ආගමක් හැටියට බාර ගත්තට මෙයා කොන්වර්ට් උනාද කියන එක හරියට නිශ්චිත නැහැ. මේකා ලෝක අණ්ඩපාලයෙක් බවත් කියවේ. මෙයාගේ අම්මා නේද ජුදෙයාවට පිල්ග්රිමේජ් යන්නේ. ඒ ගමනේදී හොයා ගත්ත සාධක තමන්ට අවැසි පරිදි වෙනස් කර නයිසියා කමිටුව හරහා පසුව රෝමානු කතෝලික ආගම ඇති කරන්නේ බොහොම දේශපාලනික විදිහට.

    එතන පටන් ඕකලා ක්‍රිස්තියානියයි රෝමයයි දෙකම කනවා.

    "Holy Roman Empire is neither holy, nor roman, nor an empire" - පිබිදෙන සමයේ දාර්ශනිකයෙක් [රුසෝ වෙන්න ඕනේ]

    අදටත් ඇමරික් [ඉතියෝපියානු], කොප්ටික් හා නැගෙනහිර [රෝම] ඔර්තොඩොක්ස් අය කියන හැටියට එයාලා විතරයි පිරිසිඳු ක්‍රිස්තියානි. ඒ කට්ටියට පාප්වරයෙකුත් ඉන්නවා. මං හිතන්නේ කොන්ස්තන්තිනොපලයේ [බයිසන්තියම] වෙන්න ඕනේ. බොහොම නිහඬ ආගමක්. කාටවත් බලෙන් පැටවෙන්නේ නැති.

    [[ඉතියෝපියන් ශිෂ්ටාචාරය කියන්නෙ බොහෝම පුරාණ එකක්]]

    සොලමන් ලා ශීබලා තනිකර මිතක්‌ ද? මං උන්නේ සොලමන් ශීබ වගේ අයගෙන් මේ අධිරාජ්‍යය පටාන් ගන්නේ කියලා.

    මාස් එක්සොඩස් [මහා පලා යාම?] සමයේ මේ පැත්තටත් සෙට් එකක් ආවාද කියා විවාදයක් කාලකට කලින් කියවන්න ලැබුනා දැන් පොයින්ටර් එක ලොස්ට්.

    [[//ඒ වගේම මේ 70000 කට කලින් වුන //
    මේකට මං පස්සෙ එන්නං.. දැන් යන්න ඕන දවල්ට කන්න.. :D]]

    හපොයි බුරෝ අවුරුදු හැත්තෑ දාහකට කලින් සිම්කොක්ස් අවුට් වුනේ නැතිනම්, මොනවා නම් වෙන්න බැරිද? උඹත් නැහැ මාත් නැහැ එහෙනම්.

    මේ ගැන කතා කරනවා නම් මධ්ය්ධරණිය හා රතු මුහුද සිඳී යාම හා නැවත ජලය පිරීම ගැනත් සැලකිල්ලක් දක්වන්න.

    මේ ගැන දැනගන්න මට ලොකු කුතුහලයක් තිබේ.

    ReplyDelete
  35. මියුරු ඉස්තුතියට ඉස්මතුතියි.

    ReplyDelete
  36. නැවතත් සබයට...

    1. මුලින්ම පොඩි කරෙක්ෂන් එකක් මගෙම වාක්‍යයකට..

    // නයිල් ගග ඇරඹෙන්නෙ ඉතියෝපියන් උස්බිම් වලින් //

    මේක බ්ලූ නයිල් ගග යනුවෙන් නිවැරැදි වියයුතුයි.. නයිල් ගගට වැඩිම ජල ධාරිතාවක් හා පෝෂක පස් (fertile soil) එකතු කරන්නෙ මේ බ්ලූ නයිල් ගගයි..

    ...................................................................

    මෙතනින් එහාට සුජීවට...

    2. // මේ යුගයේදී මානව ජාන පද්ධතිය පටුවීමක් [පන බේරාගත් කිහප දෙනෙක් අතර මිශ්‍රනයෙන් ඊළඟ පරපුර බිහිවීම] වෙලා තියෙන බවට සැකකරනවා. ප්‍රභේදයක් හැටියට මානවයා ජීව විද්‍යාත්මකව ඒකාකාරියි. //

    ඔය කියන genetic bottleneck එකට හේතුව ටෝබා පිපිරීම කියන කතාව මතයක් විතරයි, ඔප්පු වෙලා නෑ.. ටෝබා පිපිරීම දරුණුවටම බලපෑවෙ ඉන්දියන් සාගරය, දකුණු හා අග්නිදිග ආසියාව වගේ ඒ ආශ්‍රිත කලාපයට පමණයි.. ලෝක දේශගුනය දැඩි ලෙස වෙනස්කරන්න ඒක හේතුවුනා කියන එක පිළිගන්න අමාරුයි (කලාපීය දේශගුනය නං අම්බානක වෙනස්වෙන්න ඇති).

    අනිත් එක, ඔය genetic bottleneck කතාව කියන්නෙත් මයිටකොන්ඩ්‍රියම් DNA එක අවුරුදු ලක්ෂ ගානකට කලින් හිටපු එක ගැහැනියකට (ඒව!!??)හා Y-ක්‍රොමසෝම DNA එක අවුරුදු ලක්ෂ ගානකට කලින් හිටපු එක පිරිමියෙකුට (ආදම්!!??) ට්‍රේස් කරන්න පුළුවන් වීම කියන කාරනාව උඩ විතරයිනේ.. මයිටකොන්ඩ්‍රියම් DNA හා Y-ක්‍රොමසෝම DNA කියන්නෙ මානව ජාන කිටුවේ පුංචිම පුංචි සංඝටක දෙකක් විතරයි, ඒ මත පදනම් වෙලා genetic bottleneck එකක් ගැන කතාකරන එක තේරුමක් නැති දෙයක්..

    ඔය මාතෘකා දෙකම ගැන අපි දෙන්නා වාද කරන එක වැඩක් නෑ බං.. අපට වඩා හයි ක්ලාස් බුවාලා ඒ වැඩේ තාම කරනවා.. :)

    3. // මෙන්න මේ නිම්නයේ ඉතියෝපියානු, සෝමාලියානු, කෙන්යානු කලාපය තමා මිනිසාගේ තොටිල්ල කියා පිලි ගැනෙන්නේ //

    // ඒ වගේම මේ 70000 කට කලින් වුන මුල් මානව සංක්‍රමණය නොවන්නට යුරෝපා නියන්ඩතාල්වරුනුත් අපි වගේම දියුණු වීමට ඉඩ තිබ්බා //

    මේ දෙකම පරණ මතනෙ මචෝ.. අපි ඉගෙනගෙන තියෙන්නෙ හෝමෝ සේපියන් සේපියන්ස් විසින් නියැන්ඩර්තාලෙන්සිස්ව යටපත් කලා කියලා.. ඇත්තටම කියනවා නං සේපියන්ස් හා නියැන්ඩර්තාලෙන්සිස් දෙගොල්ල විතරක් නෙවෙයි හෝමෝ ඉරෙක්ටස් සොලොඑන්සිස් හා ඩෙනිසෝවා හොමිනිනුත් එකම කාලෙ මේ ලෝකෙ බෙදාගෙන ජීවත් වුනා (සහජීවනයෙන් හෝ මොකෙන් හරි).. අද ඉන්න නූතන මිනිසා කියන්නෙ තනිකරම 100% පියෝ සේපියන්ස් නෙවෙයි, අපි ඇවිල්ලා මේ කියන හෝමොනිඩ් හතරෙම එකතුවක්.. සමහරවිට තවත් හිටියා වෙන්නත් පුළුවන් නේ.. ඉතිහාසය අදුරුයි හැබැයි රසවත්..

    ReplyDelete
  37. මමත් ඉතියෝපියාවේ බැහැල තියෙනවා 5 ගමනක් හිතනවට වැඩ දියුණුයි. මන් අයුරුදු 2 ක් වැඩකරන්නේ වෙනත් අප්‍රිකානු රටවල් කිහිපයක.සාමකාමී මිනිස්සු ටිකක් ඉන්නේ

    @Buratheno නයිල් ගඟ පටන් ගන්නේ ඉතියෝපියාවෙන් නෙවෙයි සහෝදරයා උගන්ඩාවෙන් මන් ඒ ස්ථානයට එකදවසක් ගිහින් තියෙනවා

    ReplyDelete
  38. // මට මතක හැටියට ඉතියෝපියාවේ 300 CE කතාව වැරදියි. ඔයිට ටිකක් පස්සේ //

    ඔවු, මට වැරැදිලා.. ඉතියෝපියා‍වෙ රාජ්‍ය ආගම බවට ක්‍රිස්තියානිය පත්වෙන්නෙ 330AD වලදී.. මෙන්න කියවීම..

    Christianity_in_Ethiopia

    // කොන්ස්ටන්ටීන් //

    මුන්දෑ මුලින්ම පේගන්.. අවුරුදු 40ත් පැන්නට පස්සෙ තමා කන්වර්ට් වෙන්නෙ, සමහරවිට උපායක් වෙන්නැති.. එහෙමත් නැත්තං අම්මගෙන් (සාන්ත හෙලේනා) ප්‍රෙෂර් එක එන්නැති.. කන්වර්ට් වුනාට පස්සෙත් දිගටම 'හෙඩ් ඔෆ් දි පේගන් ප්‍රිස්ට්හුඩ්' කියන ටයිට්ල් එක පාවිච්චි කරනවා.. කවුද දන්නෙ, දේශපාලකයෝ ඒ කාලෙත් එකයි, අද කාලෙත් එකයි..

    කොහොම හරි මුන්දෑ තමා, පේගන් ආගමත් ක්‍රිස්තියානියත් අතර සම්බන්ධකයා.. දෙසැම්බර් 25 වෙනිදා තිබුන 'සොල් ඉන්වික්ටස්' හෙවත් හිරු දෙවි වන්දනාව වර්තමාන නත්තල බවට හැරවීමේ ගෞරවෙ යන්න ඕනෙත් මුන්දෑටම තමා.. :)

    ReplyDelete
  39. @අසරණයා,

    ඔවු මම ඒ වැරැද්ද හදලා තියෙනවා කලින් කමෙන්ට් එකේ..

    ReplyDelete
  40. @ දිල් - "ඔය අප්‍රිකානු රටවල මිනිස්සු හරි උසයි කියලා අහලා තියෙනවා... ඒක ඇත්තද බින්දි අක්කේ ?"
    ඔව් ඔව් උසයි, දිගයි......හික් හික් හික් ...

    ReplyDelete
  41. @බුරා;

    කියවන්නට බොහෝ දේ ඇතත් වෙලා නැත. මේ මෙමරි ඩම්ප්ස්. අඩුපාඩු ඇතිනම් පෙන්නා දීපන්.

    [[ඔය කියන genetic bottleneck එකට හේතුව ටෝබා පිපිරීම කියන කතාව මතයක් විතරයි, ඔප්පු වෙලා නෑ]]

    අනිවා. හැබැයි එහෙම ලොකු කතාවක් තියෙනවා.

    [[ටෝබා පිපිරීම දරුණුවටම බලපෑවෙ ඉන්දියන් සාගරය, දකුණු හා අග්නිදිග ආසියාව වගේ ඒ ආශ්‍රිත කලාපයට පමණයි]]

    ඉන්දියානු උප මහාද්වීපය අළු වලින් වැසුනා කියා කියනවා. ඒ කියන්නේ ලෝකෙටම බරපතල දේශගුණ බලපෑමක් වෙන්න පුළුවන්. 1800 ගණන් වල සාමාන්‍ය ඉන්දුනීසියානු ගිනිකන්දක පිපිරීමකින් යුරෝපයට අඳුරු කාලයක් හා අඩු අස්වැන්නක් ලැබුණු කතාවක් තියෙනවා නේද?

    මිනිස් වර්ගයා ලිඛිත ඉතිහාසය තුල එකම සුපර් වොල්කනොවක් වත් අත්විඳ නැහැ. ආසන්න පිපුරුම වසර 26000 කට විතර කලින් නවසීලන්තයේ කියා මට මතක. ටොබා කියන්නේ ඒ වගේ කිහිප ගුණයක මහා පිපුරුමක්. කෝල්ඩ්රන් එක හොයා ගන්නත් බැරි තරම් ලොකුයි.

    මෙන්න ටෝබා. පට්ට දිගයි. මං ඕක වතාවක් කියෙව්වා ඒත් කාලෙකට කලින් නිසා දැන් මිසින් පොයින්ට්ස් ඇති.

    [[ඔය genetic bottleneck කතාව කියන්නෙත් මයිටකොන්ඩ්‍රියම් DNA එක අවුරුදු ලක්ෂ ගානකට කලින් හිටපු එක ගැහැනියකට (ඒව!!??)හා Y-ක්‍රොමසෝම DNA එක අවුරුදු ලක්ෂ ගානකට කලින් හිටපු එක පිරිමියෙකුට (ආදම්!!??) ට්‍රේස් කරන්න පුළුවන් වීම කියන කාරනාව උඩ විතරයිනේ]]

    ටෝබා ගැන කියවූ සටහනේ මේ ට්‍රේස් එක කර තිබ්බේ වසර 70000 කාලෙට. එකඟයි මේවා මාධ්‍ය වලට ඕන හැටියට හරවා ගන්න බවට. ඒ වගේම මට අමතක වුනු දේවලුත් ඒකෙ ඇති. කාලෙකට කලින් කියෙව්වේ.

    හැබැයි මානවයා ගේ විවිධත්වය අඩු බව නම් පැහැදිලියි [ඕකනේ බං අර පොඩ්ඩිගේ බ්ලොග් එකේ ඒකි මැරී ගෙන ඔප්පු කරන්න හදන්නේ :)]

    [[සංක්‍රමණය]]

    වසර 70000 කට විතර කලින් මොකක් හරි හේතුවකට [අයිස යුගයේ මුහුදු මට්ටම අඩු වීම, ගිනි කන්දක් පුපුරා ලාවා ගැලීම] යේමනය හා ජිබුටිය අතර තියෙන කිමි 20 ක රතු මුහුදේ මුව විට වැසී යනවා. මේ සංක්‍රමණය සිදු වන්නේ මෙතනින් කියා හිතන්නේ. සමහර විට ප්‍රධාන හේතුව මේ අලුත් පාර හැදීම ම වෙන්නත් පුළුවන්. ටෝබා ගේ සම්බන්ධයක් නැතුවම හුදෙක් කුතුහලය හා නව දඩ බිමක් විවර වීම වෙන්නත් බැරි නැහැ. එදා පටන් ගන්න සංක්‍රමණය ඉවර වෙන්නේ වසර 40000 කින් ඔස්ට්‍රේලියාවට හා දකුණු ඇමරිකාවට ගොහින්. පට්ට "කුතුහලයක්" මේක.

    [[ඔය මාතෘකා දෙකම ගැන අපි දෙන්නා වාද කරන එක වැඩක් නෑ බං.. අපට වඩා හයි ක්ලාස් බුවාලා ඒ වැඩේ තාම කරනවා]]

    ඔව් මේක බටු ඛාන් ගේ කතාවට වඩා සංකීර්ණයි තමා. ඉතින් අපි කරන්නේ ඔය හයි ක්ලාස් බුවාලා ගේ අතපල්ලෙන් වැටෙන බත්තුළු වලට පොරකන එක තමා. ඔහොම කිව්වට බුරාත් හයි ක්ලාස් බුවෙක් ද දන්නෙත් නැහැනේ. කොහොමත් මේ ගැන දිගට අරන් යන්න අමාරුයි.

    [[මේ දෙකම පරණ මතනෙ මචෝ.. අපි ඉගෙනගෙන තියෙන්නෙ හෝමෝ සේපියන් සේපියන්ස් විසින් නියැන්ඩර්තාලෙන්සිස්ව යටපත් කලා කියලා.. ඇත්තටම කියනවා නං සේපියන්ස් හා නියැන්ඩර්තාලෙන්සිස් දෙගොල්ල විතරක් නෙවෙයි හෝමෝ ඉරෙක්ටස් සොලොඑන්සිස් හා ඩෙනිසෝවා හොමිනිනුත් එකම කාලෙ මේ ලෝකෙ බෙදාගෙන ජීවත් වුනා (සහජීවනයෙන් හෝ මොකෙන් හරි).. අද ඉන්න නූතන මිනිසා කියන්නෙ තනිකරම 100% පියෝ සේපියන්ස් නෙවෙයි, අපි ඇවිල්ලා මේ කියන හෝමොනිඩ් හතරෙම එකතුවක්.. ]]

    ඕකත් එක මතයක්. එහෙත් තවම වැඩිපුර පිළිගත් බවක් පේන්නේ එකම මුලයකින් හටගත් බව

    මෙන්න බහු මූලයන් ගැන අදහස්. මාත් හිතනවා මෙය වඩාත් වැඩි ඉඩක් ඇති දෙයක් බව. හැබැයි මෙහෙම වුනානම් මිනිස් ජාන ඔයතරම් පටු වෙන්න බැහැ. ඒ නිසා සමහර විට එක මූලයක් ගැන කියන එක හරි ඇති.

    [මට ඔය ලින්ක් සිරාවට කියවන්න බැරිඋනා. එක්සෑම් ඉවර වුන ගමන කියවන්න ඕනේ]

    අනික හැම රටකම තියෙනවා කතන්දර ට්‍රෝල් ලා හොබිට්ස් ලා ඕගල් ලා, යක්ෂ රාක්ෂ ගෝත්‍ර ගැන. නොර්වේ ස්කොට් ලන්තය වගේ ඉතියෝපියානු මින්සාගේ සංක්‍රමණයේ පෙරිපරි වල ඒ කතා වැඩියි. ඒ කියන්නේ මේ ප්‍රභේදයන් වඳවෙමින් ගිය අනිකුත් හොමිනිඩ් වරුන් වෙන්න පුළුවන්. අපි පට්ට අග්රෙසිව් ජීව ප්‍රභේදයක්. සහජීවනය ගැන හාන්කවිසියක් නොසිතන.

    මේ ගැන අඩුවැඩියෙන් ඩේවිඩ් කරුණාරත්න "අනුවර්තනය කල" [එනම් පොරත් බාගයක් ලිව්ව] රොබින් හුඩ් කතාවේ වැදගත් සඳහනක් කරනවා. මතකද අඟුටු මිට්ටන් "මිනිසුන්ට" බය.

    ReplyDelete
  42. [[මුහුදු සිඳීම හා පිරීම]]

    මේක පට්ට සංසිද්ධියක් අපි අත්නොදැකපු.

    මීට වසර මිලියන පහකට පෙර මධ්‍යධරණිය සහමුලින් සිඳී යනවා. කිසියම් ක්‍රමයකින් ජිබ්‍රෝල්ටාව වැසීයන නිසා. ඒ කාලේ කිමි ගණනක ගැඹුරු ගොඩබිම අගාධයකින් අප්‍රිකාව හා යුරෝපය එකතු වන්නේ. මේක බිඳ වැටෙන්නේ හදිස්සියේ ජිබ්‍රෝල්ටාව කැඩී යාමෙන්. දිනකට මීටර ගණන බැගින් මේ හරියේ "මුහුද ගොඩ ගලන්නේ" [නෝවාගේ කතාව :) මිනිසා බිහි වෙලා නම් නැහැ තවම].

    එක්තරා ප්‍රබන්ධයක්‌ තියෙනවා එදා මේ පිරවුම නොවුනා නම් කියා. එහි කියවෙන්නේ එහෙනම් නියන්ඩතාල් වරුන් පහලට විත් හෝමෝ සේපියන්ස්ලා එක්ක එකතු වෙලා ජීව ප්‍රභේද දෙකක ශිෂ්ටාචාරයක් හදන බව [කලින් කිව්වා වගේ හෝමෝ සේපියන්ස් ලා නියන්ඩතාල් වරුන්ට වඩා ආත්මාර්ථකාමී හා නරුම බව මේකේ ප්‍රි-කන්ඩිෂන් එකක් හැටියට ගන්නවා]. මේක ගැන තර්ක කරන්න බැහැ හුදු ප්‍රබන්ධයක්‌. මං කියෙව්වේ එක චැප්ටරයයි. යාළුවෙකුගෙ ළඟ තිබ්බේ.

    රතු මුහුදත් මෙහෙමම සිඳී ගිය අවස්තාවක් තියෙනවා. ඒ වගේම අද ඔය අෆාර් [ඩැන්කිල්] ත්‍රිකෝණය කියන සෝමාලියාවට පහල තැන ඉඳං මහා විල් දක්වා අප්‍රිකාවේ විහිදෙන ග්‍රේට් රිෆ්ට් වැලි එක දවසක රතුමුහුදට එකතු වෙලා පිරී යන්න නියමිතයි. එදාට ඉතියෝපියාව ඇතුළු කලාපේ රටවල් ගණනකට ප්‍රධාන ගොඩබිම අහිමි වෙනවා. අර මං කලින් කිව්වා වගේ දැවැන්ත වේගයෙන් මේ පිරවීම වෙන්නේ. එදාට අප්‍රිකාවේ අඟ අහිමි වී "කඩුවක්" තමා ලැබෙන්නේ [පුත්තලම වගේ]. සමහර විට වෙන් වෙලා ලෝකේ ලොකුම දුපත හැදෙයි.

    අෆාර් [ඩැන්කිල්] ප්‍රදේශය භූ විද්‍යාත්මකව සුවිශේෂී ප්‍රදේශයක්. භූ තැටි නිපදවන තැනක්. සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්නේ මුහුදු පතුලේ. ගොඩබිම මේ වගේ වෙන දුර්ලභ තැනක්. ඩැන්කිල් "ගිනි වල" [ගිනි කන්දක් නොවේ] ලොව දිගම කලක ක්‍රියාකාරී යමහලයි. අවුරුදු සිය ගණනක් ඔහේ ලාවා උතුරනවා. මේක තමා මහා පොලොව හදන ෆැක්ටෙරිය.

    බින්දිට මිස් වුනේ ඒක බලා ගන්න එකයි. :)

    [[කොන්ස්ටන්ටීන්]]

    ඔව් ඩැන් බ්‍රව්න් කියන්නේ මර ඇඳේදී කොන්වර්ට් වුන බවක්. හැබැයි බ්‍රව්න් කාරයා කොන්ස්ටන්ටීන්ටත් වඩා අණ්ඩපාලයා. ඇත්ත ට්විස්ට් කරන්න උපන් සතෙක්.

    අල්ලලා දාමු මේ හිපාටුවෝ.

    [[දෙසැම්බර් 25 වෙනිදා තිබුන 'සොල් ඉන්වික්ටස්' හෙවත් හිරු දෙවි වන්දනාව]]

    යූල් උත්සවය. ක්‍රිස්තියානින් තවම නත්තලට "යූල් කේක්" හදනවා. අපේ ගෙදරත් :)

    "ජීසස් වොස්‌ බෝන් ෆෝ ඉයර්ස් බිෆෝ ක්‍රයිස්ට්" [4 BC] කියලා කියමනක් හැදෙන්නෙත් මේ කට්ටියගේ හපන්කමින් තමා.

    @දිල්;

    [["ඔය අප්‍රිකානු රටවල මිනිස්සු හරි උසයි කියලා අහලා තියෙනවා... ඒක ඇත්තද බින්දි අක්කේ ?"]]

    ඉතියෝපියානුවන් නිග්‍රෝ මුලයකින් එන අය නොවේ නේද? ඒ ගොල්ලන් උස නැති බවයි මගේ අදහස. නිග්‍රෝ ඔක්කොමත් උස නැහැ. අර රුවන්ඩාවේ මරා ගත්තු ගෝත්‍ර දෙකෙන් එකක් උසයි අනික පොඩියි. සුළුතරයක් උන උස ජාතිය බහුතරයක් උන කුඩා මිනිසුන්ව බෙල්ජියමේ ආධාර සහිතව පාලනය කිරීම නේද පහුකාලීනව ජන සංහාර වලට හේතුව?

    පිග්මි ප්‍රජාවන් ඉන්නෙත් අප්රිකාවේම තමා.

    ReplyDelete
  43. ස්තුතියි බින්දී අක්කේ ලස්සන post එකක්. ඉතියෝපියාව ගැන හිතන් හිටිය හැටි වෙනස් වුනා.
    මම අදමයි ඔයාගේ blog එකට ආවේ කතන්දරගේ comments වල ඉන්නවා දැකල.
    miffi

    ReplyDelete
  44. @සුජීව,

    1. අනේ මගෙ මොන හයි ක්ලාස් එකක්ද බං.. මේ යාන්තං අරහෙන් මෙහෙන් අහුලාගත්තු කෑලි දාගෙන නිකමට වගේ උඹත් එක්ක වාද කරනවා.. :)

    2. // හැබැයි මානවයා ගේ විවිධත්වය අඩු බව නම් පැහැදිලියි //

    මේකට හේතුව හැටියට කියවෙන්නෙ මෙන්න මේකයි.. මේ මානව සංක්‍රමණය එක්වරක් වුන දෙයක් නෙවේ, ප්‍රධාන සංක්‍රමණ 3ක් ගැන මේ වෙනකොට එකග වෙලා තියෙනවා.. වසර මිලියන 1.8කට පෙර, වසර ලක්ෂ 6කට පෙර හා වසර ලක්ෂයකට ආසන්නයේ.. mtDNA හා Y-ක්‍රොමසෝමය ට්‍රේස් කරලා තියෙන්නෙ මෙන්න මේ අන්තිම සංක්‍රමණය කාලෙටයි, නමුත් තවත් සමහර ජාන ට්‍රේස්කරලා තියෙනවා ඊට වඩා ඈත අතීතයකට.. මේ අධ්‍යනයන් පෙන්නන්නෙ දෙවන සංක්‍රමණිකයන් මගින් පළමු සංක්‍රමණිකයන්ගෙ ජානත්, අවසාන සංක්‍රමණිකයන් මගින් මේ දෙගොල්ලන්ගෙම ජානත් රිප්ලේස් වෙලා (බහුතරය) තියෙන බවයි.. ඒක වෙන්න පුළුවන් විවිධත්වය අඩුවෙන්න හේතුව..

    3. // ඕකනේ බං අර පොඩ්ඩිගේ බ්ලොග් එකේ ඒකි මැරී ගෙන ඔප්පු කරන්න හදන්නේ :) //

    මේ ටික මං දැක්කෙ නෑ වගේ ඉන්නං.. මාත් ජීවත් වෙන්න ආසයි නෙ.. :)

    4. ටෝබා ගැන උඹ දුන්නු ලින්ක් එක දිගට කියවන්න බෑ, සබ්ස්ක්‍රයිබ් කරලා ලොග් වෙන්න කියනවා (නිව් සයන්ටිස්ට් ට බම්බු ගහගන්න කියමු)

    5. // කලින් කිව්වා වගේ හෝමෝ සේපියන්ස් ලා නියන්ඩතාල් වරුන්ට වඩා ආත්මාර්ථකාමී හා නරුම බව මේකේ ප්‍රි-කන්ඩිෂන් එකක් හැටියට ගන්නවා //

    මේක පිළිගත් මතයක්නෙ.. අද කාලෙ ඉන්න බුවාලා දිහා බැලුවහම ඒක ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්න දේකුත් නෑ නෙවැ.. මෙතන බොහෝවිට වෙන්නැත්තෙ බහුතර සේපියන්ස්ලා මගින් අනෙකුත් අය (නියැන්ඩර්තාල්, සොලොඑන්සිස්, ඩෙනිසෝවා හා තව අය හිටියානං උනුත්) යටපත්වීමක් (killing or absorbing) විය හැකියි..

    6. අර උඹ ඩැන්කිල් ගැන කියලා තිබුන විස්තරේට තැන්කූ.. මම ඕක දැන‍ගෙන හිටියෙ නෑ..

    7. // අර රුවන්ඩාවේ මරා ගත්තු ගෝත්‍ර දෙකෙන් එකක් උසයි අනික පොඩියි //

    සුළු ජාතිය වුන ටුට්සි කියන්නෙ අප්‍රිකාවෙ ඉන්න උසම ජාතින්ගෙන් එකක්..

    අතුරු කතාවක්: බලලා තියේද 'හොටේල් රුවන්ඩා' ෆිල්ම් එක.??

    ReplyDelete
  45. @සුජීව,

    පලි: මෙන්න මට වුන තවත් වැරැදීමක්..

    // මෙන්න මේ නිම්නයේ ඉතියෝපියානු, සෝමාලියානු, කෙන්යානු කලාපය තමා මිනිසාගේ තොටිල්ල කියා පිලි ගැනෙන්නේ // ... // මේ දෙකම පරණ මතනෙ මචෝ //

    වසර මිලියන 2කට පෙර හෝමෝ හැබිලස් (මුල්ම මානවයා) බිහිවෙන්නෙ කෙන්යා-ඉතියෝපියා valley (අර උඹ මුහුදෙන් යටවෙන්න යනවා කියන) එකේ තමා.. ඒ කියන්නෙ ඒක තමා අපේ තොටිල්ල.. :)

    ReplyDelete
  46. // ඉතියෝපියානුවන් නිග්‍රෝ මුලයකින් එන අය නොවේ නේද //

    මෙන්න මේ ගැන මගේ කියවීම.. උපුටනය The Races of Humanity

    SUB-SAHARAN AFRICA GROUP
    I. Capoid or Khoisanid Subspecies of southern Africa
    A. Khoid (Hottentot) race
    B. Sanid (Bushmen) race
    II. Congoid Subspecies of sub-Saharan Africa
    A. Central Congoid race (Geographic center and origin in the Congo river basin)
    1. Palaecongoid subrace (the Congo river basin: Ivory Coast, Ghana, Nigeria, Cameroon, Congo, Angola)
    2. Sudanid subrace (western Africa: Niger, Mali, Senegal, Guinea)
    3. Nilotid subrace (southern Sudan; the ancient Nubians were of this subrace)
    4. Kafrid or Bantid subrace (east and south Africa: Kenya, Tanzania, Mozambique, Natal)
    B. Bambutid race (African Pygmies)
    C. Aethiopid race (Ethiopia, Somalia; hybridized with Caucasoids)

    ReplyDelete
  47. මටත් ලොකු සිහිනයක් තියෙනවා කෙන්යාවට යන්න... බලමු ලබන අවුරුද්දෙවත්....

    ReplyDelete
  48. ලුසී ආච්චිගේ රටට ගොඩ බැහලා නොවැ බින්දි අක්කා... අගෙයි අගෙයි... ඉතියෝපියානු යකා සිතූ තරම් කළු නෑ ඒනම් ඈ !!!

    හොඳ විස්තරයක් බින්දි අක්කේ... සජීවී සටහනක් නිසා අගේ වැඩියි... ගොඩක් ස්තුතියි මහන්සිය පිටින්ම ලියලා දාපු එකට... ජය !!!

    ReplyDelete
  49. අඩේ නිව් සයන්ටිස්ට් කාරයා මටත් යන්න දෙන්නේ නැහැ දැන්. මට මතකවත් නැහැ ඒ කාලේ ගිය හැටියක්. කරුණු ඔලුවේ තියෙන හැටි හැටියටයි ලිව්වේ. මේවා ගැන වෙන වෙනම කියවන්න වෙලාවක් නැහැ. සුපර් වොල්කනෝ ගැන සෙට් එකක් එක්ක ඊමේල් හරඹයක් ගියා දුරාතීතේ. මෙතන දාන්නේ ඒ මේල් වල තියෙන කරුණු හා ලින්ක් [ගූගල් අන්කල් හා ජී මේල් ඇන්ටි ගේ සහයෙන් "හාරා" ගත්]. මේ වෙලාවේ තමයි දුටුවේ පට්ට පීඩීඑෆ් එකක් තියෙනවා ඒ දවස්වල මට මිස් උන.

    අරෙහෙන් මෙහෙන් උපුටා ගන්නේ. මතක තියා ගන්න මේ ඔක්කොම කල්පිත හෙවත් "කතන්දර" පමණයි. අඩු වැඩියෙන විද්‍යාඥයින් විසින් පිළිගන්නා කතන්දර.

    [[මම: 1800 ගණන් වල සාමාන්‍ය ඉන්දුනීසියානු ගිනිකන්දක පිපිරීමකින් යුරෝපයට අඳුරු කාලයක් හා අඩු අස්වැන්නක් ලැබුණු කතාවක් තියෙනවා නේද?]]

    මෙන්න ඒ සිද්ධිය.

    Tambora’s eruption [in Indonesia in 1815] had significant impact on global climate, producing the “Year Without a Summer” (1816) when Lord Byron wrote his poem Darkness and Mary Shelley wrote Frankenstein. Unusually cool summers prevailed in the Northern Hemisphere for the following two years.

    The super-eruption of Toba volcano, Sumatra, some 74,000 years ago, ejected about 300 times more volcanic ash than the eruption of Tambora.

    [[බුරා: ටෝබා පිපිරීම දරුණුවටම බලපෑවෙ ඉන්දියන් සාගරය, දකුණු හා අග්නිදිග ආසියාව වගේ ඒ ආශ්‍රිත කලාපයට පමණයි.. ලෝක දේශගුනය දැඩි ලෙස වෙනස්කරන්න ඒක හේතුවුනා කියන එක පිළිගන්න අමාරුයි]]

    මෙන්න ලෝකෙට බලපාන හැටි

    The Toba supereruption between 69,000 and 77,000 years ago at Lake Toba (Sumatra, Indonesia). It is recognized as one of the Earth's largest known eruptions. The related catastrophe theory holds that this event plunged the planet into a 6-to-10-year volcanic winter and possibly an additional 1,000-year cooling episode. This change in temperature resulted in the world's human population being reduced to 10,000 or even a mere 1,000 breeding pairs, creating a bottleneck in human evolution.

    The Toba event is the most closely studied supereruption. In 1993, science journalist Ann Gibbons first suggested a link between the eruption and a bottleneck in human evolution. Michael R. Rampino of New York University and Stephen Self of the University of Hawaii at Manoa quickly lent their support to the idea. The theory was further developed in 1998 by Stanley H. Ambrose of the University of Illinois at Urbana-Champaign.

    [[ටෝබා පිපිරුමේ සයිස් ඒක]]

    It has blown its top many times but this eruption, 74,000 years ago, was exceptional. Releasing 2500 cubic kilometres of magma - nearly twice the volume of mount Everest - the eruption was more than 5000 times as large as the 1980 eruption of mount St Helens in the US, making it the largest eruption on Earth in the last 2 million years

    A medium-sized super-eruption, releasing 1000 cubic kilometres of magma, would wreak the same devastation as a 1-kilometre-wide asteroid smashing into the Earth

    The biggest super-eruption recognised so far produced approximately 5000 cubic kilometres of deposits, creating the so-called “Fish Canyon Tuff event” in Colorado, USA, about 28 million years ago. [මෙතන පින්තුර බලපන් පට්ට ලස්සනයි]

    සෙල්ලම් නැහැ හොඳේ.

    [[සබැඳි]]

    http://www.newscientist.com/article/mg20627561.300-supervolcano-how-humanity-survived-its-darkest-hour.html?page=1 [පර්මිෂන් නැහැ මටත් දැන්]

    http://www.geolsoc.org.uk/webdav/site/GSL/shared/pdfs/education%20and%20careers/Super_eruptions.pdf [පට්ට]

    http://en.wikipedia.org/wiki/Toba_catastrophe_theory

    ReplyDelete
  50. @ වෙද මහතා
    යනවනම් අඩිස් වලින් එළියේ තියෙන දේවලුත් බලන්න එක්ක ට්‍රිප් එකක් දාගන්න . අඩිස් වල විතරක් නම් ඒ හැටි බලන්න දෙයක් නැහැ . වියදම් කරලා යන එකේ කෙන්යාවටත් ගිහින් සත්තු ටිකක් බලන්න පුළුවන් නම් වටිනවා .
    @පොඩි
    මෙයාල ටිකක් ලා පාටයි . ඔන්න අපි දැන් සුදු යට විතරයි කැමති කියල කට්ටියට හිතෙන්න පුළුවන් . කළුම කළු අයත් ලස්සනයි . මෙදා පාර රූ රැජින කළු නේද . අනික ඇෆ්රිකන් ගැහැණු අයගේ ලේසියෙන් හම රැලි වැටෙන්නේ නැහැලු.
    ඉතියෝපියන්ලා කියන විදියට දෙවියන් වහන්සේ මිනිසා මවද්දී සුද්දන් අඩුවෙන් බේක් වෙලාලු. අනික් අප්‍රිකානුවෝ වැඩියෙන් කර වෙලාලු . ඉතියෝපියන්ලා විතරක් ගානට බේක් වෙලා ලු.
    @නිසුපා ..
    සෝමාලියාව සහ ඉතියෝපියාවේ වුනත් අගනගරෙන් එලියට ගියහම තත්වය මිට වෙනස් ඇති . ඉතියෝපියාවේම ප්‍රාදේශීය වශයෙන් ලොකු වෙනස් කම් තියෙන බවයි කියන්නේ .
    @ දුකා
    කොහෙද අපි ඩුබායි ඇවිත් ඔයාලව හමු වෙන්න බැරි වුනානේ . ආයේ ගියොත් දවසක් දෙකක් වත් ඔහේ එන්නම්
    @සම්මානි
    ඇත්තටම අන්තර්ජාලයේ වුනත් හරිම විස්තර නැහැ තමයි. අහිං දකින කම් කිසි දෙයක් විශ්වාස කරන්න නරකයි
    @ අයේෂා
    ස්තුතියි අයේෂා
    @කුෂ්
    ටිකක් තලත්තානි ගැහැණු නම් තඩි පස්සක් සහිතයි . තරුණ කෙල්ලෝ නම් එහෙම නැහැ . ගානට
    @හරි ..
    හරි හරි ආයේ ආවොත් එනවාමයි . මේ ගමන හදිසියේ ගියේ . නිවාඩු මදි . 380 බැංකොක් - ඩුබායි කොටස . ඉතියෝපියා යන්නේ වෙන එකක් . මට ඔය අංක මතක හිටිනවා අඩුයි .
    @චන්දි...
    තවමත් දුප්පත් . මේ පින්තුර හෝටලයේ ඒවා . පාරවල් නම් හොඳයි. මිනිසුන්ගේ නම් ලොකු වෙනසක් වෙලා නැහැ අක්කේ . වතුර ප්‍රශ්නය තමයි මගේ හිතේ . වතුර තිබ්බ නම් තනිකර නුවර එලිය වගේ වෙන්න තිබුන
    @දිල් ..
    ඔව් දිල් හොඳ උස අය. මිට්ටන්ගේ රටක ගොඩක් කල් ඉඳල එහෙ ගියහම හරි වෙනස් . ඒක නෙමේ මට ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන බැහැනේ . අකුරු එක උඩ ගිහින් කමෙන්ට් box එකත් පෙන්නේ නැහැ .ඒ මට විතරද
    @බුරතිනෝ සහ සුජීව ...
    සුජීවගේ කමෙන්ට් ටික නම් ආයේ ආයේ කියවන්න ඕන . සුපුරුදු පරිදි මගේ ලිපියටත් වඩා හරබර අදහස් ටිකක් දුන් එකට නොවක් තුති .
    සුජීව ..විභාගය අල කර ගන්න එපා . අපිට මෙව්වා නම් කොයි වෙලේ කතා කරන්න බැරිද , ඉක්මන් සුවයත් ලැබෙන්න පතනවා . මාත් ගොඩක් දේ දැන ගත්ත ..
    බුරා ..නයිල් ගඟ කොටස් දෙකයි නේද ,.බ්ලූ නයිල් පටන් ගන්නේ ඉතියෝපියාවෙන් . වයිට් නයිල් උගන්ඩාවෙන්. අපේ බනිලගේ තාත්ත නම් උගන්ඩාවේ ඔය කියන තැන බලන්න ගියාලු. අතු දෙකම සුඩානේදී එක් වෙනවා .
    මානව සම්භවය ගැන ඉගෙන ගත් එව්වත් දැන් මතක නැහැ .
    ඔය දෙන්නත් එක්ක අඩිස් මියුසියම් ගියා නම් ඒක වහල කනෙන් අල්ලලා එලියට දාන කම් පරණ ඇට කටු ගැන කතා කරන්න තිබ්බ . අපේ බනියට මන් කියල දෙන්න උත්සාහ කළා මේ අපේ ඈත ඈත අතීතයේ සියල ආච්චිලා කියල සරල වචන වලින් . මෙයා අහනවා ''ancestors '' නේද කියල . අපි හිතනවට වඩා ළමයි දන්නවා .
    ඉතියෝපියන් ශිෂ්ටාචාරය වසර 7000 ක් පරණයි කියල තමයි එයාලගේ මතය .
    ඔය ළමයි දෙන්නගේ නම් මොලේ ධාරිතාව වැඩි වගේ . මේ ටිකේ වැඩ වැඩියි අප්පා . ජනවාරියේදී විතර ආයේ අප්‍රිකාව ගැනයි මානව පරිණාමය ගැනයි ලියමු . මටත් දැන් ආසා හිතිලා තියෙන්නේ .දෙසැම්බරය ඉතින් නොයෙකුත් විපර්යාස වෙන මාසෙනේ. ඔලුව හරියට වැඩ නැහැ .

    හොටෙල් රුවන්ඩා බලා තියේ . එව්වා බැලුවම නම් අප්‍රිකානුවෝ කියන්නේ පොඩ්ඩ ඇත්නම් කදු වලින් කොටන ජාතියක් කියලයි මැවෙන්නේ .
    @ මියුරු ..
    සමහරු නම් වලියට බරයි නේද . අර රුවන්ඩ වල හෙම මරාගත්තේ කොහොමද . ඕව ඉතින් කොහෙත් එහෙමයි . මොකෝ අපි කියල අහිංසකය නේද .
    @අසරණයා
    ඔන්න බලන්න මේ පොස්ට් එකට අලුත් අය ගොඩක් ඇවිත් . ඔයාට නම් ගොඩක් අත්දැකීම් ඇති .
    උගන්ඩාවෙන් පටන් ගන්නේ වයිට් නයිල් . බ්ලූ නයිල් තමයි ඉතියෝපියාවෙන් . හැබැයි ඔය රටවල් දෙකේම අය කියන්නේ නයිල් පටන් ගන්නේ තමන්ගේ රටින් කියලයි.
    @mffi
    ස්තුතියි මේ පැත්තේ ආවට . අපි ආයේ හමු වෙමු
    @ අභීත
    සත්තු බලන්න හොඳම කෙන්යාව තමයි. ඔයාගේ ක්ෂේත්‍රයේ හැටියට ටැන්සානියාව ත් වැදගත් වෙයි . කිලිමන්ජාරෝ කන්ද හරිම ලස්සනලු

    ReplyDelete
  51. [[බලලා තියේද 'හොටේල් රුවන්ඩා' ෆිල්ම් එක.??]]

    නැතෝ. අවංකවම කිව්වොත් ඔය මාධ්‍යය අඩුවෙන් භාවිතා කරන්නේ. කාරනා දෙකක් නිසා. එකක් තමා මට ලැපේ ෆිල්ම් බැලිල්ල අරහන්. බලනවා නම් හෝල් එකේ. ගෙදර මිනි තියටර් [නැති වුනාට, එහෙම තිබ්බත්] මට දිරවන්නේ නැහැ. ෆිල්ම් බැලිල්ල සොෂලයිසින් ඇක්ට් එකක් මිස සමාජයෙන් පලා ගොස් හැංගිලා කරන එකක් නොවේ. දෙවැන්න තමා මට ඇගනි බලන්න බැරි එක. මාර ඉන්ටරස්ට් එකක් තිබ්බට බයෝ නොකලෙත් ඔය වගේ සීන් නිසා තමයි. ඉන්න ටික කාලේ සන්තෝසෙන් ඉඳලා මැරිලා යන්න ඕනේ බං.

    [[මේක තමා මහා පොලොව හදන ෆැක්ටෙරිය - ඩැන්කිල් ගැන කියලා තිබුන විස්තරේට තැන්කූ]]

    තව එකක් තියෙනවා අයිස්ලන්තේ. අත්ලාන්තික් දිගේ එන ලයින් එක අයිස්ලන්තෙන් මතුවෙනවා.

    මෙන්න මහා පොලොව හදන ෆැක්ටෙරිය

    [[ඩැන්කිල් - බින්දිට මිස් වුනේ ඒක බලා ගන්න එකයි]]

    මාත් පොර සේ කිව්වට මෙතන හරි අවදානම්. මේක සෝමාලියා බෝඩරේට ලඟයි. එහා පැත්තේ යුද්ධයක්. මේක පාලු ප්‍රදේශයක්. කප්පම් ගන්න මිනිස්සු උස්සන ටෙරාලා මේ අවට ඉන්න පුළුවන්. අනික මගේ අනාවැකිය නම් දවසක මේ අද්‍යතන කුරුස යුද්ධය ඉතියෝපියාව දිහාට තල්ලු වෙන බවයි. ඩැන්කිල් යුධ පිටියක් වෙන්න පුලුවන් ළඟදීම.

    [[මේ මානව සංක්‍රමණය එක්වරක් වුන දෙයක් නෙවේ, ප්‍රධාන සංක්‍රමණ 3ක් ගැන මේ වෙනකොට එකග වෙලා තියෙනවා.. වසර මිලියන 1.8කට පෙර, වසර ලක්ෂ 6කට පෙර හා වසර ලක්ෂයකට ආසන්නයේ..]]

    අඩේ මං මුල දෙකම දන්නේ නැහැ. විස්තරයක් දෙන්න පුලුවන්ද? සබැඳි එහෙම.

    දැන්නම් අපි ඉතියෝපියාවෙන් බොහෝ දුර ගිහින් වගේ.

    ReplyDelete
  52. @අභියා;

    නැගපන් කිලිමන්ජාරෝ. උඹේ කැඩෙට් දිවියට පට්ට මෙඩල් එකක්. ටීවී ඩොකක් බැලුවා. පටේ පට්ට. කිලිමන්ජාරෝ හිස ඔසවන්නේ බිම මට්ටමෙන්මයි. ඒ නිසා එවරස්ට් ට වඩා "කඳු හැඟීම" වැඩියි.

    @බින්දී;

    ස්තුතියි. මායි බුරයි අන් පටල ගත්තම ඔහේ තල්ලු කරගෙන යනවා. අන්තිමට පටන් ගත්තු තැනට බොහෝ දුර. බුරාගේ මතකයෙන් ටිකක් හෝ හොරකම් කරන්න තියෙනවා නම් හරි වටිනවා. ඒකත් එක අරමුණක්.

    එක්සෑම් පාඩම් සහ බෙඩ් රෙස්ටින් අතර තමා ලියන්නේ. [මේ දවස්වල ගෙදර - ලෙඩ නිවාඩු]. එක්සෑම් නිසා මතකයෙන් මිසක් නැවත කියවීමකින් තොරව ලියන මේ කාරනා වල වැරදි එමට ඇති.

    පොඩි එවුන් පැහිලා. අපේ එකී නම් ලොකු උනාම අර ලොකු සපත්තු දාගෙන වනන්තරේ රිංගන සූලොජිස්ට් කෙනෙක් වෙයි. දැනටම සත්ව වර්ග ඔක්කොම දන්නවා. අපිට නම් වැරදුනොත් වෙඩි කන්න වෙන්නේ.

    බනියා හා ලොක්කි මේ යන ගමන් වලින් දෙශාටනය හා දැනුම ගැන පිපාසාවක් හදා ගන්න එක හරි වටිනවා. මටත් දේශාටන සිහිනය තමයි දැන් ලොකුවටම තියෙන්නේ. [තව ඉතින් ගොඩක් කලක් නැහැනේ අපිට :)]

    ReplyDelete
  53. මේ බූරයි, සුජීවයි, කියන්නෙ ඇවිදින විශ්වකෝශ දෙකක්ද ? මාර දේවල් නේ මුන් දන්නෙ. දන්නැති ගොඩක් දේවල් ඉගන ගත්තා. තුන්දෙනාටම තුති.

    ReplyDelete
  54. අනේ මගේ කමෙන්ටුව වැටිලා නෑ නොවැ
    හිතං උන්න බොරු ගොඩ අයින් කරලා දැම්මට බොහාම ඉස්තූතිය් අක්කේ.........

    ReplyDelete
  55. හරි අපූරු ලිපියක්. ඉතියෝපියාව කිව්වම ඉතින් අපි හිතේ මැවෙන්නෙම අර වැහැරුන සිරුරුවලින් පිරුන රටක්නෙ. අඩිස් අබාබා නගරෙනම් ඒ වගේ නෑ වගේ.

    ReplyDelete
  56. [[ඉතියෝපියාව කිව්වම ඉතින් අපි හිතේ මැවෙන්නෙම අර වැහැරුන සිරුරුවලින් පිරුන රටක්නෙ]]

    කාරනා දෙකක් නිසා. එකක් තමා සමාජවාදී/ඒකාධිපති රජය. අනික අසු ගණන් වල නියඟය. දැන් මේ නියඟයෙන් පීඩා විනිදින කලාපය තව නැගෙනහිරට තල්ලු වී ගොස්. සෝමාලියාව හා කෙන්යාව දිහාට.

    හේතුව දන්නේ නැහැ ඒත් ඔය හරියට ඒ හැටි වහින්නේ නැහැ. සුළං හමන්නේ අප්‍රිකානු සහරාව දෙසින් වෙන්න ඇති.

    ReplyDelete
  57. @සුජීව,

    මෙන්න එක ලින්ක් එකක් මචං, ඕකෙ යට තියෙනවා තව external links කීපයකුත්..
    Early human migrations

    තව එකක් මම උඩ කමෙන්ට් එකක දාලා තියෙනවා, ආයෙම දාන්නං..
    The Races of Humanity

    ReplyDelete
  58. @මම ..
    ඔයාගේ කමෙන්ට් එක දැක්ක . මටයි මග ඇරුනේ . ස්තුතියි මම

    ReplyDelete
  59. @readmyeye
    ඇත්තටම සුජීව කිව්වා වගේ ඈතට වෙන්න තවම ඇති . පාරවල් හෙම හදල යටිතල පහසුකම් දියුණු කරන එක වැඩිය වෙනවා වගේ පෙන්නේ . අනේ මන්ද ඉතින් . අපිත් රටක දියුණු ව දකින්නේ ඔවයින්නේ .
    @ සුජීව ..
    අපොයි සෝමාලියාව පැත්තේ නම් යන්න බයයි . අනික ඉතියෝපියාවේ වුනත් ඈතට ඇවිදින්න බැක් පැකර්සලා වගේ වෙන්න ඕන . අපි වගේ ළමයි එල්ලගෙන ඔව්වයේ කොහේ යන්නද .

    ReplyDelete
  60. බුරාට ඉස්පෙෂල් නෝට් එකක්. කලින් දාන්න බැරි උන.

    "... in 1783 when the Laki fissure disgorged about 15 cubic kilometres of lava over eight months (see p.5). Enormous quantities of sulphur dioxide were released and caused climatic anomalies in Europe and North America, including a dry acid fog over Europe, and severe crop failures. Many of the livestock in Iceland died from poisoning by halogen
    gases (chlorine and fluorine). As a consequence about one third of the Icelandic people died from famine. Related food shortages in France may even have been one of the factors that eventually triggered the French Revolution."

    ReplyDelete
  61. කොකාගෙයි බුරාගෙයි සංවාදෙ මැදක් වෙනකං කියෝල . . . . ගේම අතෑරියා . . .

    ReplyDelete
  62. නෙළුම් විලෙන් උපරිම ආතල් එක ගන්න නම් පෝස්ට් එකක් දාලා දවස් හතරක් පහක් විතර ගියාට පස්සෙයි එන්න ඕනේ...

    පිළිවෙලකට පෝස්ට් එක කියවලා,ඊට පස්සේ අරුන් දෙන්නගේ කමෙන්ට් ටික කියෙව්ව නම් බන්ඩි ෆුල්... :)

    ReplyDelete
  63. සුජීව කියන්නෙ ඇවිදින පුස්තකාලයක්ද කියලත් හිතුනා.... සුජීවගේ දැනුම් සම්බාරයට මගේ ආචාරය.... නොදැන උන්නු හුඟාක් දේවක් දැන ගත්තා...

    ඔය හොටෙල් රුවන්ඩා සිනමා පටය නිසා රුවන්ඩාවේ ඇතුලාන්තයට එබී බලන්න පුළුවන් උනා...ඒත් එතන දැනුමක් ලබා ගන්න පුළුවන් තරම් දෙයක් නෙමේ..ඒත් හැමදාම බින්දි අක්කගෙ පෝස්ට් එක කියවලා ඊලඟට බලන්න ඕනෙ සුජීවගේ පෝස්ට් සයිස් කොමෙන්ට්.... අතිවිශිෂ්ඨයි !

    ReplyDelete
  64. ගොඩ කාලෙකට පස්සේ තමා බින්දි අක්කගේ පෝස්ට් එකක් කියවන්නේ. අපි නොගියපු තැනක් දකින්න ලැබුන එක ගොඩක් වටී.

    ReplyDelete
  65. මේ ලිපියට ස්තුති කරලා නොගියොත් හරි අපරාදයක් මාත් ටිකක් හිතාන උන්නෙ ඉතියෝපියාව කියන්නෙ සාගතයෙන් පීඩා විදින මුඩුක්කු රටක් කියලා ....
    එරිත්ත්‍රියාව ඉතියෝපියාවට මුහුදට සම්භන්ධවීමට අවස්තාව නොදුන් නිසා ඔවුන් එරිත්‍රියාව මෑත කාලෙයේදී ආක්‍රමණ්ය කලා ( 2000 ) වගේ .
    ඉතියෝපියානු අවසන් අධිරාජයා දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශවයට විශාල සහායක් දුන් පාලකයෙක් ..
    පොඩි නිවරදි කිරීමක් කරන්න ඕනි ඉතියොපියාව ඉතාලි හමුදාවට විරුද්දව තනියම යුධ කලේ නම් නෑ එන්ගලන්ත හමුදාවේ සම්පූර්ණ සහය සහිතව කරන ලද සටනක්

    ReplyDelete
  66. මම මේ තුන් කට්ටුවෙම වැඩ බලන්නයි වඩාත් කැමති.ඒ නිසයි දෙපාරක් තුංපාරක් එකම පොස්ට් එක බලන්න එන්නෙ සුපිරි.බින්දි කවදද දැං මෙහෙ එන්නෙ?

    ReplyDelete
  67. ඉතියෝපියාවෙ ඉතිහාසය ගැන කියන්න දෙයක් ඉතුරු කොරල නෑනෙ, දන්න ඔක්කොම අරුන් දෙන්න තව නොදන්න එව්වත් එක්කම කියලනෙ.

    මෙහෙ ඉතියෝපියන් උන් හරියට ඉන්නව. මූලිකම දේ උන් ක්‍රිස්තියානි ඕතඩොක්ස්, ඒත් ග්‍රීක් ඕතඩොක්ස්ලටත් වඩා වෙනස්. ඊස්ටර් ක්‍රිස්මස් දවස් සමරන්නෙ ඉතියෝපියානුවන්ටම අනන්‍ය වෙච්ච දවස් වලට!

    ඉතියෝපියානු ගෑණුන්ට තීන්නෙත් අර කුමාරිහාමි කියන විදියෙ අමුතුම පැණි පාටක්! ඒ වගේම කොන්ඩෙ වහල ඉන්න නිසා හොඳයි, නැත්තං ලකුණු කැපෙනව. අනික ඉතියෝපියන් කෙල්ලන්ගෙ පස්ස යට වැස්සට ඉන්න වගේම පපුවෙ එල්ලිල ඔන්චිලි පදින්නත් ඇහැකි ( මේක ඉතින් අප්‍රිකානු සහ අරාබි ගෑණු බහුතරයකට පොදු තමා, ඒත් ඉතියෝපියානු කෙල්ලො සහ මොරොක්කො උන් වඩා ලස්සනයි )

    හැබැයි ඉතියෝපියානු පිරිමි ගෑණුන්ට සාපේක්ෂව කළු කැත පිරිසක් කියලයි මම දැකපු විදියට හිතුනෙ.

    ReplyDelete
  68. ඕනයා ...බිටල් ...ඉන්දික, සමීර ,108543860788859599679,
    බොහොම ස්තුතියි ..සුජීව සහ බුරා ඇවිදින විශ්ව කෝෂ වගේ . ජාතික සම්පත් තමයි. ඉතුරු පින්තුර ටික දාල තව පොඩි පොස්ට් කෑල්ලක් දාන්නයි ඉන්නේ .මන් හිතුවට වඩා මේ ගැන උනන්දුවක් තියෙන නිසා

    ReplyDelete
  69. සමීර;

    2000 විතර දෙගොල්ලෝ කල යුද්ධේ අමතක වෙලා තිබ්බේ.

    දෙවෙනි ලෝක යුද්ධෙට ඉතාලි ආක්‍රමණය බලපාන තරම් ඉතියෝපියාවට බටහිර පිළිගැනීමක් තිබ්බා. මට නොතේරෙන දේ මෙච්චර සිරා "බටහිර" රටක් වගේ දේශය පස්සේ අමතක කර දමන්නේ ඇයි කියලා. රුසියාවට දෙන්න ගිය නිසාවත්ද?

    ඉතියෝපියාව අප්‍රිකාවේ "අමුතු රටක්" වෙන්නේ මිලේනියා ගානක ඉතිහාසය, මිලේනියා තුනක අධිරාජ්‍ය, ඔවුන්ටම ආවේනික ක්‍රිස්තියානි ක්‍රමය හා සංස්කෘතිය නිසා. හැබැයි ඔක්කොටම වඩා කෝටි අටක විතර අති දැවැන්ත ජනගහනය නිසා. මං හිතන්නේ අප්‍රිකාවේ මොවුන්ට වඩා ජනගහනයක් ඉන්නේ නයිජීරියාවේ විතරයි.

    "දරුවෝ තමයි සම්පත" කිව්වා වගේ අධි ජනගහනයක් ඇති රටක් කවදාවත් යටපත් කරන්න බැහැ. මැරිලා මරලා ඉවර කරන්නත් බැහැ. [ආයිත් මැක්ක වගේ බුරාත් එක්ක පැටලුනු පරණ කතාවකට සෙට් වෙනවා බටු ඛාන් සහ රෝමය කියන]

    [[ඊස්ටර් ක්‍රිස්මස් දවස් සමරන්නෙ ඉතියෝපියානුවන්ටම අනන්‍ය වෙච්ච දවස් වලට]]

    කොන්ස්ටන්ටින් කාරයා උගේ සාක්කුවෙන් දාපු දවස වෙන්ටති "සුද්ද වූ රෝමය" හා එහි අනුප්‍රාප්තික විවිධ සභා වල සමරන්නේ. නැගෙනහිර [රෝම] සම්මත කට්ටිය කියන හැටියට ඒ ගොල්ලන් තමයි හරි ක්‍රිස්තියානි. මේ ගොල්ලත් රෝමේම තමයි, පස්සේ බයිසන්ටයින් කියලා නමක් දා ගෙන ආවාට. අධිරාජයා පුතාල දෙන්නට රොමේ දෙකට කඩා දෙන නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ.

    [[ඉතියෝපියානු ගෑණුන්ට තීන්නෙත් අර කුමාරිහාමි කියන විදියෙ අමුතුම පැණි පාටක්]]

    සාගතෙන් මැරිච්ච ෆොටෝ වල උන්නේ කෙන්යාවේ හා සෝමාලියාවේ උන්නු ජනතාව. මේ දෙවර්ගයක්. කෙන්යා සීමාව පැත්තට වෙන්න ඉන්නේ ඔරිජිනල් ඉතියෝපියානු කස්ටිය නොවෙන්න පුළුවන්.

    එක්සෑම් ඉවර උන ගමන් ශීබගෙයි සොලමන් ගෙයි ඉතිහාසේ කියවන්න ඕනේ.

    ReplyDelete
  70. සුජීව,

    මං කියන්නෙ සාගතෙන් මැරුන උන්ගෙ ෆොටෝ ගැන නෙමේ, මෙහෙ ඉන්න උන්ගෙ ලස්සන ගැන. ඇත්තටම ගොඩක් ඉතියෝපියන් කෙල්ලො දෙපාරක් බලන්න තරන් ලස්සනයි. මොරොක්කන් උන් තරන් සුදු නෑ, ඒ වගේම අඟුරු කළුත් නෑ. හරියටම පැණි (golden brown) පාට.

    ReplyDelete
  71. @ඉන්දික,

    ඇයි ඔය පැත්තෙ ඊජිප්තියන් කෙල්ලෝ නෑ..?? අන්න හොට් කෙල්ලො.. :D

    ReplyDelete
  72. @ Bura,

    ඊජිප්තියන් නෙමෙයි මචං රියල් හොට් උන් ලෙබනන්. ඒත් උන් සුදු වැඩියි. ඉතියෝපියන්ස්ලගෙ සුද ඊට වෙනස්. අනික නියම සෙක්සි "රාජ පස්ස" ල. අනික් ඇරබ් උන්ගෙ වගේ කළගෙඩි වට්ටක් ෂේප් බල්කි ගතිය නෑ! :DD

    මෙහෙත් ( බහරේන් සහ ඩුබායි වල ) ලෝකෙ හැම වර්ගයකම ගෑණු ඉන්නව. ඇස් නං ඇස්, මස් නං මස් වලින් රස විඳින්න.

    ReplyDelete
  73. ෂා ෂා මරුනේ..... වැඩ අදික වීම නිසා බ්ලොග් ලිවීම කියවීම අඩාල වී ඇත.

    ReplyDelete
  74. ඉතියෝපියාව කියන්න මොකක්ද කියලා හිතාගෙන හිටපු රූපේ සම්පූර්ණයෙන්ම වෙන්ස වුණා මේ ටික කියවලා

    ReplyDelete
  75. ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද????

    ReplyDelete