අපේ බනිය නම් කකුල් රිදෙන තරම් ඇවිදින්න හොරයි . පර්ත් දුම්රිය පොලින් අරන් දුන්න අයිස් ක්‍රීම් කප්පම නිසා එයා අන්තිමේදී කැමති වුනා. නගර මාධ්‍යය සම්පුර්ණයෙන්ම වගේ ආවරණය කරන ''කැට්'' බස් සේවය හරිම අපුරුයි . දියුණු නගර වල ඉන්න අයට මේවා අලුත් දේවල් නොවුනත් මේක කියවන ගොඩක් දෙනෙක්ට මේක අලුත් සංකල්පයක් බව මන් දන්නවා . මටත් ඇතුළුව . පැරිසියේදී මේ වගේ බස් සේවයක් තිබුන වුනත් අපි වැඩිපුරම ගියේ කෝච්චි වල .
පර්ත් වල දුම්රිය සේවයත් ඉතාම හොඳයි . සල්ලි ඇති රටවල්නේ. සිතියම හෙම බලල අපි කෞතුකාගාරයට යන්න හැකි නිල් පාට කැට් බස් රථයකට නැග ගත්ත . මේ බස් වල සේවය නොමිලේ . සංවර්ධිත රටක වෙනස නේද .
පර්ත් කටුගෙය නොමිලේ නරඹන්න හැකියි . කොටස් කීපයකින් යුක්තයි . ස්වභාවික විද්‍යා අංශයටයි මගේ සිත වැඩියම ඇදුනේ ...
ඕස්ට්‍රේලියාවේ සත්ව සහ ශාක ප්‍රජාව එයට විශේෂිත වුවක් . marsupials එහෙම නැත්නම් පැසක දරුවන් රඳවා සිටින සතුන් කාණ්ඩය ඔස්ට්‍රේලියාවට ආවේනිකයි . මන් ඕවා ඉගෙන ගත්තේ ටිකක් කලකට පෙර නිසා දැන් පිළිවෙලකට සත්ව කාණ්ඩ මතකයෙන් බෙදීමට හැකියාවක් නැහැ . එහෙත් අවැසි විටක කියවා මතක් කර ගන්නට හරිම ආසා විෂයක් තමයි ඔය . ඉගෙන ගන්න කාලයේ මේ වගේ තැන් වලට එන්නට ලැබුන නම් කොයිතරම් හොඳද . හැබැයි අපේ රටේ තරමට අපේ සත්තු වත්ත ඉතාම ඉහල මට්ටමක තියෙනවා . කොළඹ පාසලකට ගිය නිසා කීපවතාවක් අපගේ පැවරුම් කටයුතු සඳහා සත්තු වත්තට යාමට වාසනාව ලැබුන අයෙක් මන් . එක්තරා ප්‍රදර්ශනයකට ගෙඹි රූපාන්තරණය පෙන්වන්නට අපට ඕනා උනා . ගෙම්බන් අල්ලා ගැනීම ඒ කාලයේ අපට එතරම් අමාරු කටයුත්තක් වුනේ නැහැ . අපේ විෂයමාලාව නිසා ඒ කාලයේ අසරණ ගෙම්බන් කීදෙනෙක් ජිවිත පුජා කලාද. ගෙඹි බිත්තර සොයා ගැනීම තමයි අමාරු වුනේ . සත්තු වත්තට ගොහින් ගෙඹි බිත්තර සොයන් ආ ගමන හරිම විනෝදයි . තරුණ සත්ව වේදීන්ගේ සංගමයේ දන්නා කියන අය උන් නිසාත් සත්තු වත්තේ අධ්යක්ෂවරියක් අපගේ ගුරුතුමෙක්ගේ බිරින්දෑ වූ නිසාත් අපට ඒ සඳහා අවසර ගැනීම පහසු වුනා . අපි කෙල්ලෝ පස් දෙනෙක් විතර හිටිය ඔය වගේ ගමන් බිමන් වලට නම් දරාපු. හිතුනොත් දෙයක් කොහොම හරි කරන්න හිතන . අද වගේ ඉන්ටර්නෙට් සෙල් ෆෝන් තියා අපේ දිහා රුපවාහිනියක් වත් නොතිබුන කලෙක සමහර විට අද ආපහු හැරිලා බලද්දී පුදුමත් හිතෙන විදියට අපි වැඩ කලේ . මෙතනට ආදාල නැතත් මේ ටික කිව්වේ අපේ සත්තු වත්ත කොයිතරම් අධ්‍යාපනයට යොදා ගන්න හැකිද කියල කියන්නත් ඒ කාලයේ ලස්සන මතකයක් මතක් වුන නිසාත් . මේවා කවදාවත් පිළිවෙලකට නම් ලියවෙන එකක් නැහැ මෙහෙම තැන්වල මිසක .
ඉතින් මේ පර්ත් කෞතුකාගාරයට ආයේ යමුකෝ . අලි කොටි වලස් කැන්ගරු සහ එකී නොකී ඕස්ට්‍රේලියාවේ ඉන්න නොඉන්න සත්තුන්ගේ ඇට සැකිලි ..වගේම පුළුන් පුරෝපු එවුනුත් සැහෙන හිටිය .
දැකපු ලොකුම සමනල් එකතුව එතන තිබුන .
මලත් මෙයා ගහක් උඩ ..
කෝලා
මෙයා ඉස්සර ඉන්න ඇත්තේ මෙහෙම
මේ නම් ඉතින් අපේ කවුරු හරි
ස්වභාවික අංශය ඇරුනම අබෝරිජිනල් ඉතිහාසය ගැන වෙනම කොටසක් වෙන් කරලා තිබුන එකත් මගේ සිත ගත්ත . එතැනදී පින්තුර ගැනීම තහනම් . අබෝරිජිනල් නිජබිම් ..බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ ඔවුන් අතර ඇති වුන ගැටුම් වගේ දේවල් ගැන ගොඩක් විස්තර තිබුන . ඒ වගේම අබෝරිජිනල් වරු සහ සුදු ජාතිකයින් අතර විවාහ පවා සිදුවෙලා තියෙනවා . සමහර සුදු ජාතිකයින් අබෝරිජිනල් වරුන්ගේ නිදහස වෙනුවෙනුත් වැඩ කර ඇති බව දක්නට ලැබුන .
ජීවයේ සම්භවයේ සිට සත්ව පරිනාමයත් පෘථිවි ගර්භයේ ඇති වටිනා පාෂාණ ගැනත් සැහෙන විස්තර තියෙන අංශයකුත් එහි තියෙනවා . අධ්‍යාපනය ලබන අයට හරිම වැදගත් .
ප්‍රසිද්ධ බුමරන්ගය ..දන්නවනේ යවපු කෙනාගේ අතට එන ආයුධය .. [මේ රුපය නම් ගත්තේ ගුගල් වලින් ..]
බ්‍රිතාන්‍ය ගැන විශේෂ ප්‍රදර්ශනයක් තිබුන ඒ දවස්වල . මේ තියෙන්නේ වික්ටෝරියන් රැජිනගේ කළු ඇඳුමක් . එයා සැමියා මිය ගියාට පස්සේ අන්දේම කළුලු. චිත්‍රපටයේ නම් හිටියේ කෙට්ටු ලස්සන නිලියක් . මේ ගවුමේ තරමට නම් ...???
අපි වැඩිහරියක් ගත කලේ පොඩි අයට පුංචි පුංචි ක්‍රියාකාරකම් කරන්න තිබුන අංශයේ .
මෙතනදිත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ බනිය නැති පින්තුරයක් හොයා ගන්න බැරි එක
.
පර්ත් කියන්නේ සමුද්‍රාසන්න නගරයක් . මේ වගේ තැනක මින් මැදුරක් අනිවාර්ය අංගයක් වෙනවා . ඔබා මාමා පුද්ගලිකව තමන්ගේ වටිනා කාලය කැපකරලා අපව එක්කරගෙන ගිය තැන් වලින් එකක් තමයි මින් මැදුර. මගේ ජිවිත කාලය තුල මන් මින් මැදුරු සැහෙන ගානකට ගිහින් තියෙනවා . කොච්චර දැක්කත් මාළු දකින්න අපි කවුරුත් ආසයිනේ . පොඩි සහ ලොකු ළමයි සේරම මාළු බලන්න නම් කැමති වුනා .
මෙයා නම් නෝනා එක්ක තරහ වෙලා වගේ
.
කොහොමද දත් සෙට් එක
මේ තියෙන්නේ ඉන්දියන් සාගරය...මේ ඉමක් නැති සයුරේ අනෙක් කෙළවරෙහි තැනක අපේ කුඩා රට ඇති නේද කියා හිතෙන කොට නම් පුංචි දුකකුත් ඇති වුනා .
මේ බෝට්ටු විනෝදෙට මුහුදු යන අයගේ ..බටහිර චිත්‍රපටවල මෙවැනි දර්ශන දැක තිබෙනවා නේද
ඔස්ට්‍රේලියාව කිව්වම අපිට මතක් වෙන්නේ අපේ පාර අයින් වල වෙල්යායවල් වල ඉන්න මීහරක් වගේ පාරවල් පුරාම කැන්ගරු ඇති කියානේ . කටුගෙයි පුළුන් පුරෝපු එව්වෝ ඇරුනම උද්‍යාන වල තමයි උන්ව දකින්න පුළුවන් වෙන්නේ පර්ත් වලදී නම් . අපි සත්තු වත්තට නම් ගියේ නැහැ . ආරණ්‍ය සේනාසනයට ගිය ගමනේදී අතරමග තැනක අපිට සොයා සොයා හිටි කැන්ගරු වන්ව හමු වුනා .
ලිපියේ මාතෘකාව වෙච්ච කතන්දරේ ඔන්න දැන් තමයි ..අහම්බෙන් වගේ අපි එහෙ ඉඳල තියෙන්නේ ඔසිලට වැදගත් වෙච්ච ඕස්ට්‍රේලියා දිනය යෙදුනු සතියේ . ඒ කියන්නේ ජනවාරි 26 වෙනිදා . ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය යටතට පත්වීම ස්මරණයට මේ දිනය යොදා ගන්නවා . මේ ගැන ඔබා මාමගේ ලිපියකුත් පළවුනා . අපේ වාසනාවකට සුප්‍රසිද්ධ මල් වෙඩි සංදර්ශන පවත්වන ප්‍රාදේශීය නගරයක තමයි අපි උන්නේ . ඒ හින්ද නගරයේ තදබදයට අහු නොවී ඒ පැත්තේ තිබ්බ උස තැනක ඉඳන් අපි ලස්සන මල් වෙඩි බලා ගත්ත .
මේ දිනය සුදු අය සතුටින් විනෝදෙන් සැමරුවට ස්වදේශීය අබෝරිජින් කට්ටිය ට මේක සතුටින් සමරන්න බැරි එක අහන්න දෙයක් නැහැනේ . සුදු අය එදා නිවාඩුව කෙළිදෙලෙන් ගත කරද්දී සමහර අබෝරිජිනල් සංවිධාන පෙළපාලි විරෝධතා සංවිධානය කර තිබුන .
ඔසී අගමැතිනිය හොඳ පෙනුමැති කාන්තාවක් .නම ජුලියා ගිලාර්ඩ් ..මෙයා විපක්ෂ නායකයත් එක්ක [ අපේ වගේම තමයි මෙයා එයාල සමගියි ] පදක්කම් පිරිනමන කටයුත්තක යෙදිලා ඉදිද්දී අබෝරිජිනල් පෙලපාලිකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වෙලා . එක සපත්තුවක් ගැලවිලා තනි සපත්තුවෙන් තමයි ඇය ආරක්ෂකයින්ගේ උදව්වෙන් වාහනයට ගොඩ වෙලා තියෙන්නේ . මෙතන තියෙනවා පින්තුර සහ වැඩි විස්තර


ඕස්ට්‍රේලියාව කිව්වම මම ආසම ඇබොරිජින් වරු ගැන දැන ගන්න තමා. ඒ ඇරුනම මහා බාධක පරය... ඔය විශයය දෙක ගැන අවුරුද්දක් වුනත් හොය හොය ඉන්න පුළුවන්... මදැයි ඇබොරිජින් වරු බලන්න හිටියා...
ReplyDelete// මන් ඕවා ඉගෙන ගත්තේ ටිකක් කලකට පෙර නිසා දැන් පිළිවෙලකට සත්ව කාණ්ඩ මතකයෙන් බෙදීමට හැකියාවක් නැහැ .//
ඒ කියන්නේ බින්දි අක්කත් බයෝ සයන්ස් කරලා තියෙන්නේ ???
බින්දි අක්කේ, පින්තූර ටික නම් ගති...! කොහේ ගියත් අක්කා කටුගෙටම රිංගන පුරුද්දෙන් අපිට මල් !!!
බලන්නකෝ ජූලියා අක්කට කරපු වැඩේ නේද ?
අපොයි ඔව් මල්ලි බයෝ තමයි . අබෝරිජින් ල ගැන හිමිට ලිපියක් ලියන්නම් .ඕක හරිම විවාදාත්මක මාතෘකාවක් නේ . ඇත්තටම ජුලිය අක්කට වඩා විපක්ෂ නායක තුමාට නෙලන්න තමයි කට්ටිය ඇවිත් තියෙන්නේ . එයා කිව්ව කතාවකට තරහ ගිහින් .
Deleteමහා බාධක පරය තියෙන්නේ අනික් පැත්තෙනේ. මමත් ආසයි ඒ පළාතටත් ගිහින් බලන්න .
නියමයි බින්දි හරි වටිනවා මේ වගේ ලිපි... නොදන්න, නොදැකපු අයට කොච්චර දේවල් දැනගන්ඩ ලබෙනවද..
ReplyDeleteබින්දිට වැඩි වැඩිවැඩියෙන් සන්චාර කිරීමට ලැබේවා !!!
බලන්ඩකො අබෝජියන්ලා ඒවට විරුද්ධ උනාට අපේ සමහර අය ලංකාවට පෘතුගීසි ගොඩ බැහැපු එක සමරන්ඩත් ලෑස්ති උනා නේද. ?
අබෝරිජින්ලා කියන්නේ ඒ තරම් හඬක් නැති ජාතියක් . ඔය පොඩි පොඩි උද්ඝෝෂණ කලට මන් නම් හිතන්නේ නැහැ සැලකිය යුතු බලපෑමක් වෙයි කියල . දැන් පරක්කු වැඩියි . සුදු ජාතිකයින් වෙන්කරලා වර්තමාන ඔස්ට්‍රේලියාව ගැන කතාකරන්න දේකුත් නැහැනේ . අප්‍රිකාවෙයි ඊටත් වඩා ආසියාවෙයි බටහිර ආක්‍රමණ වෙද්දී සැහෙන දියුණු සංස්කෘතියක් [ දියුණුයි කියන සාමාන්‍ය සම්මතයන්ගේ ඉඳන් බැලුවම . සැබෑ දියුණුව කියන්නේ මොකක්ද කියල මට හැමදාම ප්‍රශ්නයක් ] අබෝරිජින්ලට හැරෙන්නවත් බැරිවුනා සැහෙන සටනක් දෙන්න . ඒ වෙනකොටත් සිහින ගැන විශ්වාස කරමින් උන්න අහිංසක ජනවර්ගයක් . අපි දන්නේ නැහැ හරියටම දැන් කොහොම මෙයාට සලකනවද කියල . අධ්‍යාපන සහ සුබසාධක අයිතීන් නම් ලැබෙනවලු . ඒත් අර දෙවෙනි පන්තියේ මානසිකත්වයේ පීඩනය ඔවුන්ට නැතුව වෙන්න බැහැ. මේ ගැන විවේචනය කරන්න තරම් මට දැනුමක් නැහැ . එක්තරා පොතක දැක්ක අබෝරිජිනල්ල ඉන්න පළාතක න්‍යෂ්ටික අත්හදා බැලීම් කල බව .
Deleteඅපේ හරක් [ හරක් සමාවෙන්න ඕනේ ] පෘතුගීසි ආක්‍රමණය සමරන්න හිතුවේ මොකටද කියල මටත් හිතා ගන්න බැහැ .
ලිපිය රසවත්. නමුත් විවාදාත්මක දෙයක් නැති නිසා වැඩි ගතියක් නැහැ වගේ. මින් මදුර ගැන විස්තර කියවන කොට මට මතක් උනේ සිංගප්පුරුවේ Under Water World . අපේ අල්ලපු ගමෙත් (බොල්ලෑගල) Water World එකක් තියෙන බව බින්දි දන්නව ඇති නේද? ඒකත් වරදක් නැහැ.
ReplyDeleteලංකාවට පෘතුගීසි ගොඩ බැසීම සමරන්න හැදුවේ අපේ පන්සලේ දායක සභාවේ සභාපති තුමා.
හ්ම් හ්ම්...සංචාරක සටහන් ලියන්න ගියහම කොක්කක් දාගන්න බැහැ තමයි . කොහෙද කට්ටියත් බිසී නේ . සිංගප්පුරුවේ මින් මැදුර මමත් බැලුව . බොල්ලෑගල එක ආයේ මන් නොදන්නවය . අපි එතන තොටුපළෙන් නාලත් තියෙනවා ඉස්සර . ඇත්තටම අපේ රටේ තරමට ඒ මින් මැදුර සැහෙන හොඳ මට්ටමක තියෙනවා . දැන් හදල ඉවර ඇති .
ReplyDeleteකැළණි පන්සලත් කැඩුව නේද පෘතුගීසි .
කැඩුව නේන්නං!
Deleteමතකද සීලරතන හාමුදුරුවෝ පන්සල් මළුවේදී අපට විස්තර කියල දුන්නේ, ඒ වෙලාවේ විරෝධය පාන්න ආපු සිංහලයන් ගේ රුධිරයෙන් කැළණි ගඟ රතු පාට උනා කියල.
මට මතකයි ඔය පෘතුගීසින් ලංකාවට පැමිණ වසර 500 ක් ගත වන කාලේ පත්තරේක තිබුනා "කැළණි විහාරයේ දායකයන් විසින් කැළණි විහාරය බිඳ දැමීම සැමරීම," යන හිසින් ලිපියක්.
අහ්! මල් වෙඩි! :D
ReplyDeleteඔව් ඔව් මල් වෙඩි තමයි
Deleteපින්තූරයි විස්තර ටිකයි මටනම් මසුරන් වගේ වටිනවා
ReplyDeleteස්තුතියි සඳරු
Deleteමල් වෙඩි වල නියම පිංතූරෙ දාල තිබ්බෙ ඔබ්සර්වර් අයියනෙ . . .චැහ් මල් වෙඩිනං ආං මල්වෙඩි
ReplyDeleteඑතකොට නම් අය්ය නේද
Deleteමල් වෙඩි ( බලන්න ආපු අයගෙ) පින්තුර නැතෙයි? :D :D
ReplyDeleteඅපි නම් මල් වෙඩි බැලුවේ කළුවරේ . බලන්න ආව අය උන්නේත් කළුවරේ D
Deleteබින්දි ඔයාට මුලින්ම ස්තූති කරනවා මම මේ වගේ දැනගන්නට හරවත් ලිපි දානවට...මම ඊයෙ ඉඳල ඉන්නේ ඔයාගෙ බ්ලොග් එකෙ
ReplyDeleteඕස්ට්‍රලියාවේ කැන්ගරුවො බලන්න උද්යානයකටම යන්න ඕනෑ බව හැබෑ උනත් අපි ඉන්න දකුණු ඕස්ට්‍රලියාවට අයත් එක කුඩා ප්‍රමාණයේ දූපතක් තියනවා...
මිනිස්සු වාසය කරනවා( ආදි වාසිකයන් නෙවේ ) බිම් කොටස් නෙවේ අක්කර ගණනක තණ පිටි......කැළෑ....පාරෙ වාහන වලට අනන්තවත් කැන්ගරුවො පනිනවා.. බොහොම ප්‍රවේසමෙන් යන්න ඕන...
නමුත් ඒ දූපත තවමත් නාගරීකරණය වී නැහැ..
ස්වභාවදර්මය නොනැසී පවතිනව බොහොම අගේට...
ඔබ අසා ඇති ,දක ඇති "remarkable rocks "යනුවෙන් හැඬින් වෙන ප්‍රසිද්ද ගල් පර , සීල් මත්ස්‍යන් සජීවීව,,කැන්ගරුවන් ඇති තරමට,,,ගල් ගුහා ගල් පර ඇතුලින් ස්වභාවික මුහුදුවෙරලකට , මෙන්ම බොහෝඉ ස්වභාව දර්මයත් ස්වභාවිකත්වයත් එක්ක මැවුණු අමුතුම දූපතක් මේක..බැලිය හැකි තැන් බොහොයි.
ඇත්තටම දූපතට යන්නේ ferii එකකින්...
ස්තුතියි මුතුපබා ..විස්තරයට . අන්න බලනව නම් නියම තැන්. ඇත්තටම දවසක ලැබුනොත් යන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ඒ පැත්තට .
Deleteමේ පැත්තටත් ඇවිත් යන්න එන්න බින්දි....ඔන්න මම ලින්ක් එක දැම්මා
Deletehttp://www.tourkangarooisland.com.au/default.aspx
බින්දි අක්ක හොඳ විස්තරයක් දීල තියනවා. ඔව් මාත් කටු ගෙවල් වල රස්තියාදු ගහන්න ආසයි... මෙල්බන් කටුගෙට දැනට දෙපාරක් ගිහින් තියෙනවා. ටුටන් කාමෙන් ප්‍රදර්ශනේ බලන්නත් එක්ක.
ReplyDeleteහැබැයි මේ සත්තු බලල බලල දැන් ටිකක් ඇති වෙලා. මේ රටේ මිනිස්සුන්ටත් ඉතින් මොකෙක් හරි සතෙක් දිහා කට ඇරන් බලන් ඉන්න තියෙනවනම් එච්චරයි! :D :D හැබැයි ඕනේ සතෙක්ව කන්නත් දක්ෂයි! :D තමන්ගේ රටේ සංකේත සතාවත් කන එකම රට මේකද මන්දා (ඕක නම් ඔසී යාලුවොන්ම හිනා වෙනි කියන කතාවක්!)
ඔව් ඔව් සුපර් මාකට් වලත් තිබුන වගේ මතකයි කැන්ගරු මස් . ..ඕස්ට්‍රේලියාවේ සත්ව ප්‍රජාව ටිකක් විශේෂයිනේ . බලන්න නම් වටිනවා . ඔයාගේ බ්ලොග් එකක් තියෙනවද ..බටහිර ඔස්ට්‍රේලියාවට වඩා වෙනස් ඇති නේද ඔය පැත්ත . ලියන්නකෝ බලන්න විස්තර ටිකක් . මහා බාධක පරය ගැන හෙම . ආසයි කියවන්න
Deleteපර්ත් ගිහින් නැති හන්දා ඊරිසියාවේ බෑ. ඔබා දැකලා නැති හන්දා එයා එක්ක ඇවිදලා තිබ්බා කියලා දැනගත්තාම ඊටත් වඩා ඊරිසියාවේ බෑ. කතාව ලස්සනයි. ඒකට ඉතින් ආසාවේ බෑ.
ReplyDeleteඅර මල් වෙඩි බලන්ට ආව ගෑනු ලමයින්ගේ පින්තූරු දානව නම් පිරිමි ලමයින්ගේ පින්තූරුත් අනිවාර්යයෙන් දාන්ට ඕනේ හොඳද? :D:D:D
අපොයි ඔයාට නම් කවද එහෙ යන්න බැරිද . අර දවස් තුනක් තිස්සේ යන කෝච්චියක් තියෙනවා නේද . මට නම් හරි ආසයි මුළු රටක් හරහා යන ඒ වගේ දුම්රිය ගමනකට . ළමයි අඬන එකක්යැ. ගිහින් බලන්නකෝ නිවාඩුවකට
Deleteනියමයි.. හිතං ඉන්න ඒව හරිගියොත් මටත් බලන්න පුළුවං වෙයි ඕවා!
ReplyDeleteහිතේ තියෙන දේවල් ඒ විදියටම ඉටු වේවා !!
DeleteBindi ලින්ක් එකක හංගල තිබුන 'ඕස්ට්‍රේලියා ඩේ ' ගිනි කෙළි බලන්න ආපු ගෑනු ළමයින්ගෙ පින්තුරයක් ඇතුලත් කරල , ඔන්න මං මගේ අන්තිම පොස්ට් එක අප්ඩේට් කරල පබ්ලිෂ් කළා මේ දැන්.
ReplyDeleteඅපෝ ඒ වයසක ගෑනු ළමයි ටිකක් නේ ...ඒ වගේද ඔබා මාම අර කලින් පෝස්ට් එකට දාල තිබුන ළමය .
Deleteෂහ් හරියට ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවා වගේ.
ReplyDeleteස්තුතියි වජිර දේවි ..මට ඔයාගේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා කාලෙකින් . දැන් ඔන්න මතක් වුනා
Deleteපින්තූර ටික වගේම ලිපියත් හුඟක් වටිනව....
ReplyDeleteස්තුතියි උදාර
Deleteඅපූරු විස්තරේ බින්දි.....චිත්තාකර්ෂණීයයි....
ReplyDeleteජනවාරි 26 සමරන්නෙ හැබැයි කපිතාන් කුක් ගොඩබැහැපු දිනය නම් නෙවෙයි වගේ......
වර්තමාන සිඩ්නි ආසන්නයේදී ප්‍රථම වරට බ්‍රිතන්‍ය ධජය ඔසවා ඕස්ට්‍රේලියාව තුන්වන ජෝර්ජ් රජුට අයත් භූමියක් බවට ප්‍රකාශ කල දිනයයි.
ඔව් නේන්නම් . ඔය ගැන කියවල නෙමේ ලිව්වේ . ඔන්න මන් පෝස්ට් එකේ මේ ලින්ක් එක දානවා . ස්තුතියි රවී
Deleteනියම පින්තූරු ටිකකුත් එක්ක ගොඩක් වටින විස්තරයක් !!
ReplyDeleteමොකද්දෑ අර මල් වෙඩි කතාව ??? බ්ලොග් එකක තිබ්බා මල්වෙඩි ගැන !!
ඔය අර ගෑනු ළමයි මල් වෙඩි බලන්න එන ආකාරය විවිධාකාරයි කියල අපේ ඔබා මාමා කියන කතාවනේ . මන් අර අගමැති තුමිය ගැන දාල තිබුන ලින්ක් එකේ තියෙනවා පින්තුරයක් . අච්චර වැදගත් පින්තුර අස්සේ ඔබා මාමට ඒක විතරනේ පෙනිලා තියෙන්නේ .
Deleteකොහේ ගියත් කටුගේ නං අතාරින්නේ නෑ නේද....ලස්සන විස්තරයක්...ගිනි කෙලි නං මරු ඈ...අර සපත්ටුව ගලවගන්න එක මමත් දැක්කා පත්තරේ...පව් අප්පා...
ReplyDeleteපව් නේන්නං ..අර බොඩි ගාඩ් එයාව බේරගන්න දර්ශනයට ඒක එකා කියල තිබ්බ කමෙන්ට් ටික දැක්කද
Deleteමේවයෙ ඉන්න එවුන් නොලියන එකේ බින්දිවත් මේවා ලියන එක කොච්චර දෙයක්ද.... එක අතකට ඉන්න තැන ගැන ඒවයෙ ඉන්න එවුන් කියනවට වැඩිය පිටින් ආව කෙනෙක් ඒක දකින විදිය කියන එක තමයි හොඳ කියලා ඔයාගෙ පෝස්ට් කියවන මට හිතුනා.... මොකද හැමදාම ඉන්න එකාට අර උදේ හවහ දකින කුකුළගෙ කරමලේ වෙලානෙ තියෙන්නෙ.... ඒ නිසා ලියන්න තරම් වැදගත් දෙයක් තියෙනවද කියල හිතෙන්නෙත් නෑ....
ReplyDeleteඒත් මේවා කියවනකොට හිතෙනවා මේ වගේ පෝස්ට් ආසාවෙන් කියවන කී දෙනෙක් ඉන්නවද කියලා...... බොහොම ස්තුතියි බින්දි....
ස්තුතියි මියුරු ..ඒක හරි නිතර දකින දේ කවද ලියන්න බැරිද කියල හිතනවනේ . මටත් මේ අහල පහල ලියන්න දේවල් හරියට . කවදාවත් නොලියවෙන . හැබැයි මේක ආරම්බයක් කියල හිතල ඕස්ට්‍රේලියාවේ අපි නොදුටු තැන ගැන ටික ටික හරි ලියන්න බලන්න . අර මුතුපබා නගා කියල තියෙන්නේ කැන්ගරු දිවයින ගැන ලස්සන විස්තරයක් . අපි හිතන් ඉන්නේ ඔස්ට්‍රේලියාව ගැන අපි දන්නවා කියල .හැබැයි මට හිතෙන්නේ ශාක සත්ව ප්‍රජාව අතින් , භුමි දර්ශන අතින් සුවිශේෂී තැන ගොඩක් තියෙනවා අපි නොඅසපු . නිවර්තන රටවල ගහකොළ දැකල පුරුදු මට වෙනස් පරිසරයක් දැක්කම කොතනද මේ වෙනස කියල අවබෝධ කරගන්න හරි ආසාවක් තියෙනවා . ලොකුම පරහකට තියෙන්නේ ඉගෙන ගත්ත දේවල් භාවිතා නොකර ගතවුණා රික්ත සමය නිසා නැවත කියවල දැනුම අලුත් කරගෙන ලියන්න තියෙන කම්මැලිකම . හැබැයි ඉගෙන ගන්න වගේ ගිහින් ඉන්න අයට මේ දේවල් මට වඩා හොඳින් ලියන්න හැකි වෙයි. අපි බලමු කවුරු හරි ඒ වැඩේ කරයිද කියල
Deleteවෙනදා වගේම සංචාරයේ සටහන් රසවත්.
ReplyDeleteඒ හැමට වඩා අද පොස්ටුවේ දෙහිවල් සත්ව උද්‍යානයෙන් ඉගෙනීම් කටයුතු සඳහා ගත හැකි ප්‍රයෝජන ගැන සටහන බොහෝම අගෙයි.
ඇත්ත ඩීන් අය්යා අපේ රටේ ගොඩක් තියෙනවා ප්‍රයෝගිකව අධ්‍යාපනයට යොදා ගත හැකි තැන්. . ප්‍රායෝගික අපහසුතා තියෙනවා . ඒත් සමහර දේවල් අතලගම තිබිලත් ප්‍රයෝජනයක් නැහැ . මන් කිව්වේ අපිට තිබ්බ අවම පහසුකම් යටතේ අපි ලබපු අත්දැකීම් ඉතාම වටිනවා .
Deleteඅක්කා හැම තැනම ගිහින් අපිට දැනුම බෙදන එක ගැන ස්තූතියි..
ReplyDeleteඅපේ නගා කියනවා එයාට ඉරිසියයිලු අක්කා හැම තැනම් යන හැටි දැකලා.එයාටත් යන්න ඕනෙලු...:D
නගාගෙ හීන සැබෑවෙන්න කියල මන් පතනවා
Deleteපොඩි නමටනං බෙදුව!
Deleteඇයි වදේ මෙයාලා සති අන්තෙම තියාගන්නෙ අලුත් ලිපි පෝස්ට් කරන්න, අපිට මඟ හැරෙනවනෙ එතකොට. අර සින්ඩරෙල්ලා ගැන (දන්න) කෙනෙක් කවි පන්තියක්ම ලියලා තිබුණ මුහුණු පොතේ කාලෙකට ඉස්සර
ReplyDeleteසති අන්තේ තමයි ටිකක් නිදහස් . අය්යෝ මට දැන් මුණු පොත නැහැනේ . දුකේ බැහැ
Deleteබොහොම ස්තුතියි මේ විස්තර අපිත් එක්කත් බෙදා ගත්තට...සමනල් එකතුවනම් හරිම ලස්සනයි වගේ..
ReplyDeleteඔව් සයුරි සමනලයෝ ගොඩක් හිටිය . මට නම් සැකයි මැරුණ එවුන්ද . මරල එල්ලපු උන්ද කියල
Deleteරස කතා ටික..?
ReplyDeleteඇයි අනේ මෙලෝ රහක් නැද්ද
Deleteඔන්න ඒකත් කියෙව්වා..
ReplyDeleteගෙඹි බිත්තර කිව්වම මතක් උනේ කිව්වනං හොයා දෙනවනේ මදි නොකියන්ට..ඉස්සර වෙල පහල ඇල අයිනේ කෙටල ගාල දිගට ඕන තරං ගෙඹි බ්ත්තර කැදළි..සබන් පෙණ පෙණ වගේ දකිනකොට අප්පිරියාවේ බැහැ...
ඒ කාලේ මාර ආස්සරයක් තිබ්බේ නැහැනේ . අනික ඒ කාලේ හේතුවක් හදා ගෙන පොඩි රස්තියාදුවක් ගහන එක හරි විනෝදයිනේ
Deleteමම කැමති මින් මැදුරට :) :)
ReplyDeleteමින් මැදුර හරි ලස්සනයි . කටු ගෙටත් මන් කැමතියි . තව සයි ටෙක් කියල සයන්ස් සෙන්ටර් එකකට ගියා . අපේ පොඩ්ඩෝ හරි කැමති වුනා . පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ඒ ගැන ලිව්වේ නැහැ .
Deleteගොඩක් ස්තුතියි අක්කේ අපිවත් ඔය පැත්තේ එක්ක ගියාට
ReplyDeleteස්තුතියි අයේෂා
Deleteබලන්න හරි ලස්සන දේවල් තියෙනවනේ... මගේ බ්ලොග් නොබැලීමේ රෝගය නිසා මට ගොඩක් ලස්සන දේවල් මඟ ඇරෙනවා... දැන්වත් දිගට එන්නම්...
ReplyDeleteබූමරංග දෙක තුන දැක්කාම මතක් වුනේ අපේ අයියාත් එවපු බූමරංග තුනක්ම ගෙදර තියෙනවා කියලා. හැබැයි කෝකටත් කියලා මම ඒවා නම් පාවිච්චි කරන්න ගියේ නැහැ. පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ කියලා
ReplyDeleteමොකෝ පේන්න නැත්තෙ? වැඩ බහුලද? ඇවිදින්න ගිහින් ද?
ReplyDeleteසද්ද නැත්තේ මොකද ආයි ඉතියෝපියාවත් ගියාද කියලා බැළුවේ...
ReplyDeleteහරී සහ ඔබ නොදුටු ලොවක් ..
ReplyDeleteකම්මැලි කමට කියෙව්වෙත් නැහැ ලිව්වෙත් නැහැ . අද නම් මොනවා හරි ලියවෙයි . බ්ලොග් ලියවිමයි කියවීමයි ඇබ්බැහි විමක්නේ . මගේ නරක පුරුද්දක් . මැදහත්ව යමක් කරන්න බැරිකම .
හසිත ..
ඒක හරි . බැරි වෙලාවත් කැරකිලා ආවොත් හෙම නේද
පැතුම් ..
සමහර වෙලාවට මමත් එහෙමයි . ගොඩක් දේවල් කියවන්න වෙන්නේ නැහැ .