Friday, 16 March 2012

නොදැනිම අවුරුදු දොළහක් ගෙවුනා

කලකින් නෙළුමක් පිපුනේ නැති කොට
මිතුරන් සොයනව ඇවිදින් ඉඳහිට
සිතල මිදුම වටකොට හැමතැන 
මට නොව බනින්න ඉර නැති අහසට 
 
දහසක් විල් ඇති නුවරට මොකකට 
මේ හැටි චිරි චිරි වැස්සත් වැටුනද 
පිම්බුණ නෙක හැඩ ඇඳුමින්  වටකොට
වලසුන් වාගෙයි මිනිසුන් මගතොට
 
නිතරම ගෙදරත් ඇසෙන ඇනුම්පද
''බ්ලොග් එක දැන් නම් මතකම නැතුවද ''
අද වගෙ වගෙ දවසක නොලියන කවිපද
වරද මගෙද නැත්නම් මගෙ මගෙ පෑනෙද  
 
පුරලා පෙරුමන් තරමට අහසක්
බැඳීලා අතිනත යට එක වහලක්
දවසක් දෙකක්ද සතියක් වසරක්
නොවේ ගෙවී ඇත අවුරුදු දොලසක්
 
කොච්චර ඇහැරී ඉඳ රෑ පානේ
කාබන් ගෙවෙනා තරමට පෑනේ
මාගල් තරමට පොත් පිටු ගානේ
කවි ලීවා ගැන ආදර හීනේ
 
 
 
ලිව්ව ලියුම් යස යස කවි සමගම
මිටියක් වී අල්මාරියෙ ඇතුලෙම
එලිවුන පසු මැවු ඒ හැම හීනෙම
ණය නැහැ ඒ හැම අකුරක් ගානෙම
 
 
 
ආපු පාර දිග වංගු ත් තිබුනා
ඉඳහිට පය පැටලී බිම වැටුනා
සිනාව විතරද කඳුලුත් වැටුනා
නැගිට ගන්න සිත දහිරිය තිබුනා
 
 
නිතරම කවි නැතුවට ලිව්වේ අද
ජීවිතයම කවියක් බව      දුටුවද
ලොක්කියි පොඩ්ඩියි ලිව්වා මුල් පද
තාලය ගලපා ගමු නොකරම ඇද 
 
 
ඉඳහිට හදවත අතගා   බැලූවද
හිත යට ආලය තවමත් තරුණද
පැරණි වුනත් රන් අගයෙන් අඩුවෙද
මේ මල ඔබටයි පිපුනේ විල මැද

49 comments:

  1. මගෙනුත් සුබ පැතුම්........!

    ReplyDelete
  2. හම්මේ අවුරුදු දොළහක් කියන්නේ සෑහෙන පරණයි...පරණ වෙන තරමට තමයි අගේ වැඩි. කවි ටිකෙන් මට තේරුනේ නම් අක්කා විවාහ වෙලා තියෙන්නේ ආදර සම්බන්ධයකින් කියලා. සුබ පතනවා ඔයාල හැමෝටම...

    ReplyDelete
  3. හොඳ ළමයෙක් වෙන්නම් කිව්වට දැන්නම් නෙළුම් මල් පිපෙන්නේ යලට මහට...

    දොලහට සුබ පැතුම් !

    ReplyDelete
  4. පිපේවා තව තව නෙළුම් හද විල
    දිලේවා මල් කැකුළින් ඉවුරු තල
    නැඟේවා රඟ දෙන සියුමැලි රළ
    වේවා වාසනා පිරි තුටින් හංස විල

    ReplyDelete
  5. ජීවිතයම කවියක්. සුභ පැතුම් බින්දි.

    ReplyDelete
  6. හප්පා අවුරුදු 12 කියන්නේ පොඩි කාලයක් නෙමේන.එළ එළ සුභ පැතුම්...රත්තරං වගේ තමා අප්පා දිස්නේ අඩු උනාට පොලිශ් කරලා ගාත්තම හරි වටින කමේ වෙනසක් නෑ නේ...ඉතින් මොකද කරේ පාටියක් එහෙම දැම්මද....

    ReplyDelete
  7. සුභ පැතුම් බින්දි...:)

    ReplyDelete
  8. සුභ පැතුම අක්කේ!

    ReplyDelete
  9. චෑහ්! මේකට නං නිකංම කවි ලියලා මදි බින්දියෙ, සෑහෙන්න සෙලිබ්‍රේට් කරන්න ඕන දෙයක් නෙවැ.. බනීලගෙ තාත්තා මොකුත් පාවිච්චියක් එහෙම නැද්ද දන්නෑ නේද.. :D

    පතමිය ආසිරි මල් මිට මම අද
    හංස ජෝඩුවට සරනා විල මැද
    ගලපා කදිමට එළිසම විරිතද
    තව සුවහස්කල් ලිව මැන රසපද!

    ReplyDelete
    Replies
    1. බනියලෑ තාත්ත බොන්නෙ ශිවාස් රීගල් :-)

      Delete
    2. ඔය ඉන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ

      Delete
  10. කිරිපුතා , තීර්ථ යාත්‍රිකයා ගොඩක් ස්තුතියි
    සයුරි ..අපොයි නැතුව සැහෙන දිග ආදර කතාවක් නංගි

    senna ...මන් කිව්වේ බනින්න ඕනේ මේ සිතල පරිසරයට . මගේ කම්මැලිකමට හෙම නෙමේ

    ස්තුතියි ඩීන් අය්යා..

    ඔව් නලිනි ..නිසදැසක් වුනත් කමක් නැති කවියක් ...


    ඔබ නොදුටු ලොවක් ..

    ඉස්කෝලේ රැස්වීමකට කට්ටියම ගියා . ළමයි දෙමාපියෝ එක්ක ගිහින් තමන් ඉගෙන ගන්න විදිහ කියල දෙනවා . ඒක හරිම විනෝදජනක අත්දැකීමක් .පස්සේ දවල් කෑම ගත්ත පවුලම . ඒකත් අද කාලේ හරිම විශේෂයි මෙයාගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක .


    ප්‍රවීනා ..පුසා ..

    බොහොම ස්තුතියි

    ReplyDelete
  11. චන්දී..

    අම්මෝ දැක්ක කල් . මන් ඒත් කල්පනා කළා මොකෝ වුනේ කියල . සුබ පැතුමට වගේම ආයේ ආපු එකටත් ස්තුතියි

    බුරා ...

    හි හි අහලම බලන්නකෝ . අගේ ඇති කවිය . මේ වගේම ඉන්න තමයි බලාපොරොත්තුව . තෑන්ක් කිවූ තෑන්ක් කිවූ ..

    ReplyDelete
  12. තව තව ඔබ සිතේ පෙම් මල් මෝරාපන්
    ඒ මල් කවි මලින් අප වෙත කැන්දාපන්
    පෙම් මල, කවි මලේ දිවි මල රන්දාපන්
    මෙහැම මලින් අප තව තව බන්ඳාපන්

    ReplyDelete
  13. ජීවිතේ කවියක්....ආදරේ එහි සොඳුරුතම වදනක්......!

    උණුසුම් සුබ පැතුම් අපෙනුත් පිළිගන්න...!

    ReplyDelete
  14. සුභ පැතුම් බින්දි :)

    ReplyDelete
  15. අවුරුදු දොලහක් කියන්නේ ලේසිද
    බොරුවක් නොව මේ ඇත්තම කවි පද
    කැදැල්ල තුල ඇති සිනහ කඳුළු මැද
    සදා දිනේවා සියල්ල බොදි බැඳ

    ReplyDelete
  16. අයියෝ සොරි අක්කෙ ප්‍රමාද උනාට ......
    මගේ හදවතින්ම සුබ පැතුම් ........
    කාලේ කියන එක මාරයි නේ, මගෙත් ෆැමිලි ලයිෆ් එකට දැන් අවුරුදු අටයි, අපි හම්බ වෙලා එන අප්‍රියෙල් විසි පහට අවුරුදු දොලහයි ......

    ReplyDelete
  17. සුභ පැතුම් බින්දි අක්කේ...

    ReplyDelete
  18. චූටිගෙත් ලොකුගෙත් සුභ පැතුම්....!!!

    ReplyDelete
  19. අපෙනුත් සුභ පැතුම් බින්දි...!!!!!

    ReplyDelete
  20. සුභ පැතුම් දයාබර බින්දි අක්කේ!!

    ReplyDelete
  21. උදාර ...
    බොහොම ස්තුතියි උදාර පැතුමට

    බුද්ධි ...
    ඕන් බලන්න මලේ අපිව ආදර්ශෙට අරන් මැරියන් එක්ක සුන්දර ජීවිතයකට මුල පුරන්න මගෙන් සුබ පැතුම්

    ස්තුතියි ගිම්හානි නංගි

    මාතලන් ....
    බොහොම ස්තුතියි . මේ ඊයෙත් අර නාන පෝස්ට් එක කියවල අපි හොඳටම හිනා වුනා

    කල්හාර
    කිසිම පරක්කුවක් නැහැ මල්ලි . ඔයාටත් සජිවනිටත් පොඩ්ඩි යෝ දෙන්නටත් සුබපැතුම්

    සොඳුරු සිතැති මිනිසා ,

    ස්තුතියි මල්ලි . මන් ඔන්න ඒ පැත්තේ ගිහින් බැලුව ලින්ක් එක සොයාගෙන

    ඇනෝ..
    ..ස්තුතියි චුටිටයි ලොකුටයි .


    ලකී ..

    ස්තුතියි ලකී . හැමෝම වැඩ වැඩි වෙලා වාගේ . කාලෙකින් අපිට රසවත් කතාබහකට යන්න බැරි වුනා නේද

    හරී..
    ගොඩක් ස්තුතියි නංගි

    ReplyDelete
  22. නිරෝගීව , සතුටින් ඉදිරි දිවි මගත් සරු වන්නට සුබ පැතුම් බින්දි ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්

      Delete
  23. මගේත් උනුසුම් සුභ පැතුම් බින්දී . . .

    අම්මෝ අවුරුදු දොළහක්ද . . . හෙ හෙ හේ . .

    කවි ටිකත් පට්ට ලස්සනයි . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා ...අලුත් ව්‍යාපාරය හොඳින් කරගෙන යනවා ඇතැයි සිතනවා . අපිත් එන්නම්කෝ ආයේ ආවම

      Delete
  24. මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  25. දොලහ දහතුන වෙයි නොදැනීම
    දිගාසිරි පතමි මම හැමදාම
    සුබ පැතුමත් ඒ සමගින් ගෙනඒම
    අමතක කරනුයේ මම කෝම

    ReplyDelete
    Replies
    1. සොඳුරු මිනිසුන් අඳුනා ගැනීමත් සතුටක්

      Delete
  26. ටිකක් ප්‍රමාද වුනාට කමක් නෑ..

    උණුසුම් සුභ පැතුම් බින්දි අක්කේ...

    අවුරුදු දොලහක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද .....:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි...සැහෙන දිග කාලයක් කියල හිතුනට කලේ යනවා නොදැනිම. පොඩ්ඩෝ ලොකු වෙන නිසා නම් හරිම සතුටුයි . ඒ වගේම දුකයි ටික කලකින් එයාල ඉගිලිලා යයි නේද කියල හිතෙනකොට

      Delete
  27. http://www.sahithya.lk/archives/907

    උණුසුම් සුභ පැතුම් !!!!!

    ReplyDelete
    Replies
    1. ෂා මන් දන්නේ දැක්කේ . එතන මගේ බ්ලොග් එකේ නම දැකීමත් තෑග්ගක් ලැබුන වගේ තමයි . ගොඩක් ස්තුතියි ඔයාට

      Delete
  28. දොළොස් වසරක් ගලාගිය බැඳි පෙම් දමින්,
    දිය පහර මහ ගඟක් වී නොදැනිම සෙමින්,
    විල පුරා රත් නෙළුම් විකසිත වන ලෙසින්,
    සුබ පැතුම් පුද කරමි හද පිරි සෙනෙහසින්,

    බින්දි ඔබ දෙදෙනාට ගතවූ සොඳුරු දොළොස් වසර වෙනුවෙනුත් .. ........ඒ වගේම නෙළුම් විලට ලැබුවා වූ ජයග්‍රහණය වෙනුවෙනුත් මගේ හෘදයාංගම සුබ පැතුම්!!!

    ReplyDelete
  29. ස්තුතියි රවී සේරම සුබ පැතුම් වලට

    ReplyDelete
  30. මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!!

    ReplyDelete
  31. මගෙනුත් සුභ පැතුම් අක්කා... මම නෙලුම් විලට අලුත්..කියෝගන එන්නම්කෝ ඔක්කොම ඉඩ තියෙන හැටියට..

    ReplyDelete
  32. සියපත් කැකුලියකි ඇය සයිබරය හැඩ කළ...
    පෙම්වත් පෙම්බරෙකි ඔහු ඇගෙ දිවිය හැඩ කල...
    බනියයි, ඇගේ අක්කන්ඩිටයි දෙමව්පිය...
    ඔබ දෙපලටම වේවා ! සුභ සමරු ආදර...

    යන්තම් පද හතරක් බැඳ ගත්තා ! අක්කා කවියක් ලිව්වම අපිත් නොකියා කොහොමැයි...!

    අවුරුදු 12 ක් !!! හප්පේ අක්කට කලින් බනියලගේ තාත්තාට තමයි මං සුභ පතන්නේ... මොකෝ බින්දි අක්කයි කියලත් ගෑනියෙක් නොවැ (හික්ස්)

    විහිළු හොඳේ ! ඔන්න ඉතින් දෙන්නටම මදි නොකියන්න සුභ පැතුම්... සයිබරයේ ආදර්ශවත්ම ජෝඩුව තේරුවොත් ඒකටත් ඔය දෙන්නා සුදුසුයි මයේ හිතේ ! ඔය දෙන්නාට බනියලගේ මුනුපුරොත් දකින කල් ආදරයෙන් එකට ජීවත් වෙන්න ලැබේවා !!!

    නෙළුම් විලට මල් පුබුදන බින්දි අක්කාටත්, ඒ විලට වතුර පුරවන අක්කගේ මහත්තයටත් ඔන්න අපේ ආචාරය !!! ජයවේවා දෙන්නටම !!!

    ReplyDelete
  33. නෙට් කචල්වීමක් නිසා මේව බල බල ඉන්නව මිසක් කොමෙන්ට් එකක් දාගන්න විදියක් නැතුව හිටියෙ. අද තමයි පොඩි චෑන්ස් එකක් වැදුනෙ.

    මෙන්න එහෙනං මගෙනුත් සුභ පැතුම් . . .

    ප.ලි.
    අනේ ඉතිං අර මනුස්සය කොහොමහරි ඔය දොලහ විසුව වගේ ඉතුරු ටිකත් ඉවසයි

    ප.ප.ලි.
    duliponline@gmail.com එකට මේලක් එවන්න. පොඩි දෙයක් තියනව පෙන්නන්න

    ReplyDelete
  34. Magenuth suba pathum piliganna. Maath 16 weni kada ima lan karanawa. Kandu hel, pallam, duka sathuta, oua meki noki siyuma de ragena anunge rataka innawa.
    Kumari.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කුමාරි . ඒ වගේම අඳුන ගන්න ලැබුන එක ගැනත් සතුටුයි ගොඩක් .

      Delete