Saturday, 5 May 2012

වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි




කතරක් නොවේ දිවියම දාහයෙන් වැකී
වතුරක් සොයන දා කෙම් බිම් දකිනු හැකී
වදනක් දෙකක් පවසාවිද කවිය නොකී
වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි


ඉස්කෝලෙට යන පාරේ තැනක ලස්සන නෙලුම් විලක් තියෙනවා . ඔය විල තමයි නෙලුම් විල කියන නම මට මතක් කළේ. ඒ නෙලුම් විලයි මේ නෙලුම් විලයි හරිම සමීපයි . මේ නෙලුම් විල තැනෙන කාලේ ඒ නෙලුම් විලේ දළු දාලා පොඩි පොඩි පොහොට්ටු .ටිකින් ටික විල් දෙකම ලස්සන වුනා . පසුගිය සිත සමයේ අර නෙලුම් විලේ මල් කොළ සේරම වේලිලා වේලිච්ච දඬුත් හැන්ගුනා. මේ විලෙත් පසුගිය කාලේ වැඩිය මල් පිපුනේ නැහැ . දැන් ඒ විල අලුතින් දළු දමලා පුංචි නෙලුම් පොහොට්ටු . බලන්න ලස්සනයි . මේ නෙලුම් විලත් වසන්තයත් එක්කම ටිකක් සරු වුනා .
විශේෂයෙන් ''අසෙනිය කුසුමට'' යෝජනා වෙච්ච එක ලොකු ගැම්මක් වුනා . ලියන එක නවත්වන එක අපරාදේ කියල මට හිතුනා . අනික සීතලට තිබුන කම්මැලිකම දෙපිටින් යන්න අව්ව පායලා . අව්වත් එක්ක මන් වෙනස් වෙනවද මන්දා .

දැනටමත් කට්ටිය සුබ පතල තිබුන වුනත් අවුරුද්දක් ගෙවෙන තැන වචනයක් නොලිය කොහොමද .

වසරකට ඉස්සර
අද වගෙම හොඳ දවසක
පටන් ගන්නට ඇති
හොඳම හොඳ නැකතක ..


....එදා ඉඳන් අද වෙනකම් කොතරම් නම් අය ආව ගියාද .නම් වශයෙන් කියන්න සුවිශේෂී කීපදෙනෙක් හිටියත් ලියල කිපවිටක්ම ආයේ මකල දැම්ම . සඳහන් නොවුන කෙනෙක්ගේ හිත රිදීමක් වුනොත් කියල .
මන් ලියපු දේවල් වලට නියම වටිනාකමක් දුන්නේ ඇත්තටම කමෙන්ට් වලින් .බ්ලොග් එකක් කියන්නේ සාමුහික අත්දැකීමක් . කොච්චර වැදගත් දෙයක් වුනත් කමෙන්ට් වලින් රසවත් නොවුනොත් වැඩක් නැහැ . මන් සදා ණයගැතියි මෙතනට ඇවිත් වචනයක් හරි ලියා ගිය අයට .

හැමෝම විවිධාකාර වගකීම් වලට හිර වෙනවා එක එක අවධි වලදී . එනිසා බ්ලොග් එකට ආව ගිය අයටත් ඒ දේමයි වෙන්නේ . සමහරු මුල ඉඳන්ම තවම ඉන්නවා . ඒවගේම හැමදාම අලුතින් අය එකතු වෙනවා . ගොඩක් අය හැමදාම කියෙව්වත් කමෙන්ට් කරන්න වෙන්නේ ඉඳහිට . තව විශාල පිරිසක් ඉන්නවා කියවලා විතරක් යන . ඒ හැමෝම මට එකසේ වටිනවා .

මේ කවි ටික ලියවුනේ දහදාහක් බ්ලොග් එක කියවපු වෙලාවේ . එදා වගෙම අදටත් ඒටික එහෙම්ම වලංගු නිසා පොඩි සංශෝධනයක් විතරයි කළේ ...



ගෙවා බාලය උරහිසට ගත් ජීවන කද
කතා නැතුවම කර තබාගෙන යන සඳ
නෑවිදින් තරඟෙට තනිව දුක් විඳ
කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ


කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට
තනියක් නොදී දුක සැප දෙකම බැලුවට
තනිකර දමා මන් දුර ආපු වරදට
මුවහත් නැතිය පන්හිඳ එදා තරමට


වැරදි වැරදී ඉවුරු බඳවා
පුංචියට ''නෙලුම් විල'' තැනුවා
අතින් ගෙන විත් වතුර පුරවා
මුලදී නම් බොහෝ නිදි මැරුවා 


සුබ පැතුම් ගෙනා මදනල පවා
මල් සිඹී තව සුවඳ කව කවා
ආකහෙත් සීත පිනි බිඳු එවා
හිරු උදේ අලුත් මල් පිබිදුවා

කවරදාවත් නොදුටු මිතුරන්
ඇවිත් අද වුනා මට සොයුරන්
දුන් ඔවා මිණිද වැනි මසුරන්
සතුට මට නොමැති එක සතුරන්

සුවඳ විඳ නොගොස් මේ මල්වල
නතර වී අලුත් මල් පැල කල
සොඳුරු සංවාද දෙස බල බල
සැනසුනෙමි මම රැයද දහවල




පිපෙන විට මල් හෙමින් එක දෙක
නාවොතින් කෙනෙක් යන්නට දැක
පරවෙලා ගොහින් එය දවසක
විලට සහ මල් වලට මයි දුක



නම දත් නොදත් අය මව් බිම සිට පැමිණි
පැටි කළ හිතවතුන් සහ දුර රට මිතුනි
දිරි දී පිරිත් පැන් ඉස විල දිය පිරුණි
''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි සඳුනි




ලියවුන හැම අකුරක්ම මගේ විතරක් නෙමේ... .ගෙදර ඉන්න කමෙන්ට් නොකරන කියවන්නාගේ සිට අපි හැමෝගෙම .
අවුරුද්දක් තුල සැහෙන දේවල් වුනා . සමහර දේවල් ඒ විදිහටම හෝ පොඩි වෙනස් කම් එක්ක සිදුවෙමින්පවතිනවා . අලුත් දෙයක් නොවුනත් ගොඩක් අය කරපු දෙයක් වුනත් මාත් කැමතියි අද එදා මන් වගේ පුංචියට පටන් ගත්ත අලුත් බ්ලොග් වලට උදව්වක් කරන්න . මට කීප වතාවක් හමුවුනා සැඟවුන ඒ වගේ හොඳ බ්ලොග් . ඒ වගේම බනිලගේ තාත්තා නිතරම එහෙම බ්ලොග් සොයා සොයා කියවන ගමන් මට පෙන්වනවා . සමහර ඒවා මගේ බ්ලොග් රෝලටත් දාගත්තා . ඔබ හැමෝගෙන්ම ඉල්ලා හිටිනවා තමන්ගේ හරි එහෙම නැත්නම් තමන් කියවන වැඩිපුර කට්ටිය නොදන්නා බ්ලොග් වල ලින්ක් කමෙන්ට් හැටියට අරන් එන්න කියලා .

ආයෙමත් හැමෝටම කියා නිම කළනොහැකි තරම් ස්තුතියි .. .

74 comments:

  1. දිගටම ලියන්න... මම සුභපතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තාරා

      Delete
  2. මල් පිපෙනා නෙලුම් විලේ
    යන එන ඔරු අතර තුරේ
    පියඹන රොන් අරන් මලේ
    මම සුහදෙකි බඹර කුලේ

    මගේ හද පිරි සුබ පැතුම් නෙලුම් විලට....තවත් සුවඳ නෙලුම් මල් බොහෝ පිපේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. පැණි බිව් බමරුන් ඒ මල් හැර යති

      මේ බමරුන් නම් ඒ වාගේ නැති

      ස්තුතියි සයුරි

      Delete
  3. සුබපැතුම් වසරක් සම්පූර්ණ කලාට හා බොහෝ රසවත් සංවාද ගොඩනැගුවාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි TG ..

      Delete
  4. නෙලුම් විලට අවුරුද්දක් ගෙවුනා දැනුනෙවත් නෑ .. තවත් බොහොම කාලයක් ලියන්න ! .. මේ ලබා දෙන දැනුමට නෙලුම් විලට ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි ..

      Delete
  5. නෙළුම් විලෙහි සැමදා මල් සුපිපේවා !!!

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා

      Delete
  6. නෙලුම් විලේ ඉස්සරහටත් පිපෙන මල්වල ලස්සන බලන්න, සුවඳ විඳින්න අපි එනවා. සුභ පැතුම් අක්කේ

    ReplyDelete
    Replies
    1. පලවෙනි පෝස්ට් එකේ ඉඳන්ම ආව හසිත මල්ලිට ගොඩක් ස්තුතියි

      Delete
  7. කමෙන්ට් එකක් නොදැම්මත් හැකි සෑම විටම ඇවිත් යන්න එනවා.

    නෙළුම් විලකි - දැනුම් සයුරකි....

    සුබ පැතුම්..!! දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. කියවීම කොයිතරම් හොඳද . ගොඩක් ස්තුතියි සුමිත්

      Delete
  8. බින්දිගේ කතා අස්සේ මම හිතන්නේ අපි කාට කාටත් අපේ මතක ඉසව් වලට එහෙම නැත්නම් ඉතිහාසයට පාරවල් තිබ්බා. ලිපියටත් වඩා එහා ගිහින් ගිහින් කියවන්න රස කොමන්ට් තිබ්බා.
    වසරක්ම මේ ලිපි කියෙව්වා කියලා හිතුනේම නෑ. දිගටම ලියන්න බින්දි. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔයත් මන් වගේ අතීතෙට ආස නිසා මන් අඩියක් දුර ගියහම ඔයාට සැතපුමක් යන්න පුළුවන් . ස්තුතියි රන්ගි

      Delete
  9. විල් පතුල සරුසාර යහමින් වැඩෙනා
    විල් ජලය ගුණසාර දඬුවෙන් නැගෙනා
    විල් තලය සියකිරණ පෙතිමෙන් පිපෙනා
    නෙළුම් විල රස-සාර සුවඳින් බෙදනා

    පාටින් පිරි බොහෝ නෙළුම් පිපේවා!

    ReplyDelete
    Replies
    1. අපේ උදව්කාර හිත හොඳ ඩීන් අය්යාට විශේෂ ස්තුතියක් හිමියි .

      Delete
  10. සිංහල බ්ලොග් අවකාශයට නැවුම් මල් සුවඳක් රැගෙන ආ නෙළුම් විලේ සියපත් කුමරිය, අපේ බින්දි අක්කාට ඔන්න මගෙනුත් සංවත්සර සුභ පැතුම්... ඇත්තටම වෙලාවකට හිතෙනවා අවුරුද්දක් ගියාද කියලා... හැබැයි බ්ලොග් එක දිහා බලපුවාම නම් අවුරුද්දට අවුරුදු 2-3 දේ තියෙනවා වගේ !!!

    උපතින්ම ලේඛණයේ දක්ෂයෙක් වෙච්ච බින්දි අක්කා වගේ කෙනෙක් බ්ලොග් රචනයට පිවිසීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. සිංහල බ්ලොග් කලාවේ ගුණාත්මක භාවයට මේ වගේ බ්ලොග් වලින් ලැබෙන්නේ ලොකු තල්ලුවක්... මුරුංගා අත්තේ තිබ්බා නෙවේ ! නෙළුම් විල නිසා අපි ගොඩාක් දේ ඉගෙන ගත්තා... නොදන්නා කෙනෙක්ට දෙයක් කියාදෙන එකම කොච්චර පිනක් ද ???

    වසරක් ගතවිනි කාලය නොදැනම
    සියපත් පිබිදිනි විල මත නිතරම
    මුල සිට බැලුවෙමි, තව නැහැ අමතක
    නෙළුම් විලට ජය පතනෙමි අද මම !!!

    කවි ලියන්න තිබ්බ ආසාව වුනත් වැඩි වුනේ අක්කගේ කවි බලලා තමා ඕං ! ඒකේ ස්තුතියත් අක්කටමයි...

    එහෙනම්, අර දත් කැඩෙන ජාතියේ කැවුම් ගුලි ටිකක් වත් මෙහේට ඊමේල් කලා නම්!

    ඔන්න එහෙනම් අදට ගියා, හෙටත්, හැමදාටමත් අපි නෙළුම් විලේම තමා... තව තවත් දැනුම බෙදන්නට මල් සුවඳ පතුරන්නට බින්දි අක්කාගේ දසැඟිලි වලට ශක්තිය ලැබේවා... !!! ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ පෝස්ට් එකක් තරම් සුබ පැතුමට කොහොම ස්තුති කරන්නද මන්දා . කවදත් මාව උඩම අතුවල තියෙන චතුරංග මල්ලි .. කැවුම් අවුරුද්දට හදපු කැවුම් රසට තිබුනා . අපි සේරම කාපු නිසා එවන්න විදිහක් නැහැ . කියවන ඔයාල තමයි විල ලස්සන කරන්නේ ..බොහොම පින්

      Delete
  11. නෙළුම් විලට මම එකතු උනේ මෑතකදි.. ඒ උනත් ඒ ටික කාලෙදි අළුතින් දැන ගත්ත දේ බොහොමයි.. තව තවත් මේ වගේ වටිනා දේවල් ලියන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අවුරුද්දේ උපන් දිනේට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් ....කියවන්න අය ඉන්නකම් ලියන්න ශක්තිය ලැබෙයි

      Delete
  12. මම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්
    සමහර ගොඩක් දිග එව්ව කියවන්න එකලාසයක් නෑ ඔලුවෙ මගේ
    ඒත් මේ ලියවිලි වලට යටින් - ලියවුණු වාගෙම නොලියවුණු - අපූරු අදහස් වලින් පිරුණු මනුස්සයෙක් ඉන්න බවනම් හොඳාකාරවම දන්නව
    එහෙම කෙනෙක් හඳුනාගන්න ලැබුන එක ගැන සතුටත් තිබේ

    ReplyDelete
    Replies
    1. මටත් එසේමයි ඔබ වැනි මිනිසුන් හමු වීම ජිවිතයේ ලද ලොකුම වාසනාවක්

      Delete
  13. බ්ලොග්කරණයේ වසරක ගමන් මඟට මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග

      Delete
  14. හුහ්! කවියක් දාලා ෂේප් වෙන්නද හදන්නෙ, ඒවානං කොහෙද.. අපට කේක් ඕනේ..!! අපට කේක් ඕනේ..!! අපට කේක් ඕනේ..!! :)

    ReplyDelete
    Replies
    1. කේක් හැදුවා . ඇවිත් කන්න ..බුරාට ගොඩක් ස්තුතියි .හැමදාම සහභාගී වෙනවට

      Delete
  15. ඔන්න අක්කෙ දවසක් පරක්කු වෙලා හරි මගෙන් උණුසුම් සුබ පැතුම් ...
    ඇත්තටම දැන් ටික කාලෙක ඉඳලා මට බ්ලොග් ලියන එක විතරක් නෙමේ කියවන එකත් මඟ ඇරිලා තියෙන්නෙ, නැත්නං නෙළුම් විල කියන්නෙ මම හැමදාමත් ආව ගිය තැනක් ....

    ReplyDelete
    Replies
    1. නැතුව මලේ ඉස්සෙල්ලම කමෙන්ට් එක දාපු ඔයා කොහොම අමතක වෙන්නද

      Delete
  16. දවස් දෙකක්ම ගෙදර හිටියේ නෑ. ආව හැටියේ ඉස්සල්ලාම කලේ නෙලුම් පොකුණට දුවගන ආපු එක.
    සුබ අවුරුද්දක් වේවා.!!!
    මගේ උණුසුම් සුබ පැතුම්!!!

    එන්න අපි නෙලුම් විලේ ඔරු පදිමු.:)

    ReplyDelete
    Replies
    1. අනේ පොඩ්ඩි මන් දන්නවා ඔයා හැමදාම මේ පැත්තේ එන බව පෝස්ට් එකක් දාපු ගමන්ම . කොහොම ස්තුති කරන්නද මන්දා .

      Delete
  17. බින්දි අක්කේ!!
    හැමදාම ඇවිල්ල සංවාදවලට සම්බන්ධ වෙන්නෙ නං නෑ මම... ඒත් නෙලුම් විලට නෑවිත් ඉන්නෙ නෑ....
    අවුරුද්දක් ලිව්ව කියන්නෙ තව අවුරුදු ගාණක් ඔයාට ලියන්ඩ ශක්තිය ලැබුණ කියන එකයි!!
    ඉතින් මගෙනුත් ඔයාට සුබපැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හන්සකින්කිනි ...ඔයාල වැඩ කරන අය. මන් දන්නවා කමෙන්ට් නොකලට ඔයාල හැමදාම කියවනවා කියල . අනික සමහර පෝස්ට් අතීත ස්මරණ ..ඒවා කියවන්න මිසක් කමෙන්ට් වලින් සංවාදයක් ගොඩනගන්න තරම් දේවල් නෙමේ . ඒවා කියෙව්වම ඇති

      Delete
  18. තියෙන වැඩ කන්දරාව නිසා නිරතුරුවම එන්නට බැරි වුනත් ඉතා හොද රසාස්වාදයක් ලබා දෙන බ්ලොග් අඩවියක්ලෙස නෙළුම් විල නම් කල හැකියි. ඉතින් තවතවත් වෙනස් ආකාරයේ ලිපි වලින් මෙම නෙළුම් විල සරසන්න ලැබේවායි ඔබගේ කාර්යයට වසරක් පිරෙන මේ මොහොතේ ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
    Replies
    1. අපොයි මගේ බ්ලොග් කලාවේ පළමු ගුරුතුමා මට හැමදාම මතකයි

      Delete
  19. දිගටම ලියන්න සුභ පැතුම් බින්දි..

    ReplyDelete
  20. විලෙක පිපි අරවින්ද සහසකි,
    සුවඳ සියගව් දුරෙක පැතිරෙති,
    වසක් ගෙවුනිය සිතට නොමදැනි,
    මගේ සුපැතුම් බින්දි සොයුරිනි,

    රත් පැහැ දිදුලන අරවින්ද කුසුම් සුවහසක් සුපිපෙන්නට සහසක් සුපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. මට බරපතල ගරු නමක් දීපු රවී තුමාණෙනි බොහොම ස්තුතියි කවියට වගේම හැමදාම දෙන ශක්තියට

      Delete
  21. මේ වගේ සතුට සමරන මොහොතකට එකතුවෙන්න ලැබීමත් සතුටක්..
    මෙන්න... "මගෙත් සුභ පැතුම්..!"
    නෙළුම් විල ත්, මේ කමෙන්‍ටුත් දැක්කම...හිතට පුදුම ජීවයක් දැනෙන්නෙ...
    වී පොකුරෙ ඉක්මනට පොස්‍ටු දාන්න... ඕන..කියල..
    හිත කියනව...!
    ළගදි ආවට....නෙළුම් විලේ මල්වල රොන් වලට වහ වැ‍ටුනු..මී මැස්සෝ වෙමු..අපි...
    ආයුබෝවේවා.....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වී පොකුර . මටත් ලියන්න හිතුනේ අනික් බ්ලොග් දැකලා . ඔයාටත් ඉක්මනට ලියන්න ලැබේවා

      Delete
  22. පහුගිය දවස් වල කොමෙන්ට් කරන එක ටිකක් අඩු වුනත් නෙලුම් විල කියන්නෙ මමත් නොවරදවාම එන තැනක්.
    දිගටම ලියන්න බින්දි..මෙතන බොහොම වටින කියන මල් පිපෙන තැනක්..

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පේ කමෙන්ට් කරන්න වෙලාවක් . උයන්න ඉගෙන ගන්නවා කියල ආරන්චියි . බොහොම ස්තුතියි ලකී ..අපි බොහොම පරණ මිත්රයෝනේ . අපේ හඳ කමිටුව ඉක්මනින් වැඩ කටයුතු අඩු වෙලා ආයේ රැස්වෙයි කියල මන් බලාපොරොත්තු වෙනවා

      Delete
  23. පමා වෙලා හෝ සුභ පතන්න මාත් ආව.
    අර හැබෑ නෙලුම් විලේ නෙලුම් උදේට පිපිලා රෑට පරවෙලා යනවනේ. ඒත් මේ virtual නෙලුම් විලේ මල් බොහෝ විට පිපෙන්නේ මහ රෑට. අනෙක ඒවා උදේ, දවල්, රෑ වෙනසක් නැතුව හැම වෙලාවේම පිපිලා. ඒ විතරක්ද, සැබෑ නෙලුම් විලේ මල් සුවඳ ගලන්නේ සුළං හමන අතට විතරයි. මේ විලේ සුවඳ දස අත පැතිරෙනවා. ලෝකයේ දස දෙසින් සුවඳට බඹරු ඇදෙන්නේ ඒ නිසානේ.
    මට නං ඇත්තටම දැනුනේ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වෙලා වගෙයි, මොකද අර තරං හර බර සාකච්ඡා ගණනක් කලේ අවුරුද්දක් ඇතුළතයි කියල හිතා ගන්නත් අමාරු තරං.
    බ්ලොග් ලෝකෙට පොත් ගුල්ලෙක් ගෙනාවෙත් බින්දි නේ. ඒ විතරක්ද මකරන්දේ හඳුන්නා දෙන්නත් උපරිම වෙහෙසක් ගත්ත. ඒ හැම දේටමත් ස්තුතියි.
    නෙලුම් විලේ මල් සුවඳ දසත විහිදී යේවා!
    සුවහස් බඹර කැළ මලින් මල බමත්වා!
    රසයත් දැනුමත් ලොවට බෙදාවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොත් ගුල්ල . අපි පොඩි කාලේ යාළුවොනේ

      Delete
  24. මම නම් ඉතින් බ්ලොග් ලෝකයට සිගිත්තෙක් නිසා නෙළුම් විලේ ඔරු පදින්න ආවෙ ලගදි... හැමදාම නෙක නෙක පාටින් මෙහි මල් පිපෙනව.. අපිත් ඒ මල් නෙලන්න ගොඩක් ආසයි. වසරක් සමරන මේ මොහොතේ නෙළුම් විල තව තවත් මලින් සරසන්නට බින්දිට ශක්තිය හා දිරිය ලැබේවායි පතනව...!!

    ReplyDelete
    Replies
    1. අලුත් පරණ කියා දෙයක් නැහැ . මාත් හරිම අලුත් ..බොහොම ස්තුතියි තොටියට විලේ ඔරු පදින්න ආවට

      Delete
    2. නෙලුම් විලේ ඔරු පදින්ට අපිට කොහොමත් තොටියෙක් ඕනේ.:D:D:D

      Delete
  25. හපොයි... එන්න හුඟාක් ප්‍රමාද වුණා... ඒත් නෑවිත් කොහොමද... අපි කට්ටිය මුණගැහුන, රන්ඩු වුණ , දැනුම තොරතුරු බෙදා හදා ගත්තු තැන.... අවුරුද්දක් ගතවුණා කිව්වම... අද ඊයෙ වගෙ... දිගටම ලියන්න... පහුගිය දවස් වල කොමෙන්ටුවක් වත් දාන්න බැරිවුණා... ඒත් දිගටම කියෙව්ව... ජය !!!!

    ReplyDelete
    Replies
    1. හපොයි සපතේරු උන්නැහැ දැක්ක කල්.
      බ්ලොග් ලිවිල්ල අතඇරලම දාලද?
      එහෙම කරන්න එපා. අපිට කියවන්නත් එක්ක යමක් ලියන්න දැන් නං හොඳටම කාලෙ හරි.

      Delete
    2. කාලෙන් කාලෙට ජිවිතේ වැඩ කටයුතු යෙදෙන විදිහ වෙනස්නේ . ඔබ , සුජීව සහ ලකී වගේම පොත් ගුල්ලත් නිතර නොඑන එක ලොකු අඩුවක් . ආයේ නිදහස් කලක් ලැබෙන කම් ඉවසමු .හොඳ කමෙන්ට් නැති බ්ලොග් නිකන් කලේ පිපුන මල් වගේ .

      Delete
    3. මන් හිතන්නේ පුතා තාත්තව ''Keeping on the toes '' වෙන්න ඇති

      Delete
  26. ලේඛක දිවිය සරු වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කතන්දර

      Delete
  27. නෙළුම් විලට සුභම සුභ උපන්දිනයක් වේවා!!!! බින්දි අක්කට දිගට මේ වගේ රසව්ත් ලිපි ඉදිරිපත් කරන්න දිරිය ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝස කුමාරි ..ආයෙම රෝස කැලේ මල් පිපේවා

      Delete
  28. සමහර වෙලාවට කමෙන්ට් නොකෙරුවත් දිගටම කියවන වටිනා බ්ලොග් එකක් . නෙළුම් විලට සුභ උපන් දිනයක් කියා පාර්ථනා කරනවා . බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්නට ඔබට ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි

      Delete
  29. අද තමා මාසෙකට විතර පස්සෙ බ්ලොග් කීපයක් කියෙව්වෙ.

    පරක්කු වුනත් මගෙ සුභ පැතුමත් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔබා මාම නැතුව කොහොමද අද . වෙල්කම් බැක්..බොහොම ස්තුතියි

      Delete
  30. බින්දුමතී අක්කගේ බ්ලොග් එකට සුබ පැතුම්!

    මමත් පුලු පුලුවන් වෙලාවට වැඩිපුර නොබැලෙන බ්ලොග් වලට යොමු කරනවා. ලින්ක් වලට වඩා මම ඒක කරන්න හිතාගෙන ඉන්නෙ කාටුන් වලින්!

    මමත් වෙසක් නිවාඩුව උපරිමයෙන් අරගෙන අදයි පරණ පාරට ආයි ආවේ..... ඒකයි පරක්කු උනේ...!

    (දැං අපි වැඩිය ඔන් ලයින් රවුංගහන්නෑ... එහෙම උනොත් අක්කා බනී!:D)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. කොච්චර හොඳද ..අපේ මල්ලි වත් කියන දේ නාහන එකේ

      Delete
  31. පළමු වසර සමරන අද නෙළුම් විල
    මතකයි සුවඳ දුන් සැටි මට නෙළුම් විල
    තව දිගු කලක් දිලෙමින් ඔබ නෙළුම් විල
    අද නොව හෙටත් වැජඹේවා නෙළුම් විල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර ..කවියෙන්ම සුබ පැතුවට

      Delete
  32. සුබ පැතුම් බින්දි....

    වැඩිය කොමෙන්ට් නොකරට මම කැමති බ්ලොග් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිෂ්.. මන්දන්නවා ඔබ පෙ පැත්තේ එන බව

      Delete
  33. නෙලුම් විලට උණුසුම් සුබපැතුම් !!!!!! ලස්සන ලස්සන සුවදවත් නෙලුම් මල් පොකුරු පොකුරු දකින්න සහ සුවඳ විදින්න හැකි වේවා !!!!!! ඒවගේම වෙසක් මහේ උපන් සුදු දොනිටත්

    තව නෙළුමක් පිපෙන්න කල් ඇවිත් ; සිහි කෙදවීමක්

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්. වෙසක් මාසේ ගැන ලියන්න ඕන තමා . බන අහපු හැටි ලියන්නත් බැරි වුනා . වෙසක් මාසේ උපන් දින සමරන ගොඩක් අය ඉන්න නිසා ලියන්නම වෙනවා

      Delete
  34. කවිපද ගොතන්නට ගිජු වුණි මේ හින්දා
    කවිමුතුමලුත් ඇති විය මේ බ්ලොග හන්දා
    තව තව ලියනු අප කියවමු හද බන්දා
    මෙහි කවි ගොතන බින්දිට මේ පද බැන්දා

    වසරක් ගෙවුණු බව අහලා සිත සතුටු
    ඔබගේ නෙළුම් වල නෑනේ මඩ ගොහොටු
    ‍දිගටම පූදින්න විල මත මල් පොහොටු
    විල මත වැටේ මල් පැණි බොන බඹර තටු

    හදවතින්ම සුභ පතනවා අක්කේ ඉස්සරහටත් ලියන්න.... පුළුවන්නම් කවිමුකුමල් පැත්තෙත් ගිහින් එන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසංක ..මටත් මේ ටිකේ වැඩ හරියට . බ්ලොග් බැලුවෙත් නැහැ . ආයේ ලියන්න පටන් ගන්න ඕන

      Delete
  35. Bindi.. mama blogloketa awe ha hapura kiyala 2012 mai... Hisahasa liyana sandaru malli gena lakbime giya artical ekak balalai mama blogs balanna gaththe... inpasse blogs balannath, magema blog pituwak liyannath patan gaththa...

    oyage Nelumwile suwanda vindinne mama harima ashawen.... oyata idak labunoth tharurasi.blogspot.com balala mage blogpituwa gena adahasak kiyanna....

    oyage Nelumwile thawa thawath sonduru suwandethi mal pipewa...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු රසි ..මමත් ඔයා වගේ පොඩියට තමයි පටන් ගත්තේ . මන් ඇවිත් බලන්නම් . දිග ගමනකට ආසිරි

      Delete