Sunday, 13 May 2012

හංසයින්ගේ නගරයේ සොඳුරු හංසයාගේ නික්ම යාම ..


මේක කාගේ හරි ..නැත්නම් ඔබා මාමගේම හරි විහිළුවක් නම් . සේරමලා අහුවුනා නේද කියල හිනා වෙලා ඔබා මාමා කමෙන්ට් එකක් දානවනම් ..ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . අපි හැමෝගෙම ආදරණිය ඔබා මාමා . වේලාසනින්ම ගිහින් .
මහ රෑ අපි එනකම් ගුවන් තොටේ බලා ඉඳපු , අපිට නවාතැන් දීලා අපේම ගෙදරක් වගේ දැනෙන තරමට ඉඩ සලසපු ...උදේ රෑ අපේ බනිගේ කුරු කුරු හිනා මුවින් ඉවසපු ..හංසයින්ගේ නගරය පුරාම අපිව එක්ක ගියපු ..ඔබා මාමා .


සයිබරයේ තරුණ පරම්පරාව එක්ක පෑහෙන්න තරම් නැත්නම් ඒ තරුණයින්ටත් වඩා තරුණ හිතක් තිබුන ..කාගෙවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ..ලිව්ව හැම වචනෙන්ම අපිව හිනා ගස්සපු විහිලු කාර මිනිසා තුල ලෝකය ගැන පුළුල් දැනුමක් තිබුන ..සාපේක්ෂව හැමදේම දකින්න හැකි හදවතක්ද තිබුනා .


කියන්න කොයිතරම් දේ ඇතිද ..ඒ අපි හැමෝම දන්නා දේවල් . පුද්ගලිකව අඳුනගෙන දැනගත් පුද්ගලික කාරනා බ්ලොග් වල නොලියන්නත් ඒ වගේම පින්තුර ප්‍රසිද්ධ නොකරන්නත් අපි තබා ගත් නිහඬ ගිවිසුම කවදාවත් අපි දෙන්නම කඩ කලේ නැති නිසා අදටත් ඒ පොරොන්දුව එලෙසමයි .


අද ඔබි නැන්දා ගොඩක් දුකින් ඇති . සමගියෙන් සමාදානයෙන් විහිළුවෙන් එකට ආපු ජිවන ගමනේ ආදරණිය සහකරු නික්ම ගිය පසු ..සැනසෙන්න වචනයක් කියන්න ළඟ නැති එක අපට මහා දුකක් .
එක අතකට කල්පනා කරද්දී ඔබා මාමා ජීවිතය සම්පුර්න කල කෙනෙක් . ජිවිත් වුනා කියන්න පුළුවන් ජිවිතයක් ගතකල කෙනෙක් . සැහැල්ලුවෙන් ජිවත් වෙලා අන්තිම ගමනත් සැහැල්ලුවෙන් පිටව ගිය සොඳුරු මිනිසෙක් ..
ආදරණිය ඔබා මාමේ ඔබට  නිවන් සුව .

බොහෝ අය යති , එති
හදවත සිතුවම් අඳිති ..
එහෙත් කැටයමක් කල අය
බොහෝ හිග වෙති
...ඔහු අප හදෙහි ඇඳි
කැටයම් සදා නොමැකෙති..

40 comments:

  1. අනේ අපේ ඔබා අපිව දාලා ගිහිල්ලා :(

    මට නං මේ ඔක්කොම එපා වෙලයි ඉන්නෙ. ඒත් ඔබ කියා දුන්න, සැප, දුක එකසේ පිලිගෙන සතුටින් සැහැල්ලුවෙන ජීවත්වෙන පාඩම අපට සැමදා මතකයේ තියේවි.

    නොදු‍ටු සදාදරණීය සෘදයාණෙනි, ඔබට නිවන් සුව!

    ReplyDelete
  2. ඇත්තෙන්ම අඳුනාගෙන කාලයක් වුවත් ඉතාම මෑතක්දී මුණගැසුනා. ඊට දින දෙකකින් ඔහු නැවත ලංකාවෙන් ගියා. ඒ යන්න ලෑස්ති වන ගමන් පළවෙනිදා සවස මට කතාකළා. අපි එවලේ ඊලඟ සැරේ කරන්න වැඩත් දාගත්තේ. ඒත් මරුවා.... ජීවිතේ මොන තරම් අස්ථීරද?

    ඒ අක්කා හරිම නිශ්ෂබ්ද ඔහුටම ගැලපෙන කෙනෙක්. ඔහු හරිම දොඩමලුයි. අක්කා හැම වේලේම ඔහු කියන දේට හිනා වෙමින් ඉන්නවා. කථා කරන්නේ අඩුවෙන්. පැය කීපයක් අපේ නිවසේ ගතකළ ඒ මොහොත මට නම් කෙදිනකවත් අමතක වන්නේ නැහැ.

    ඔබට නිවන් සුව ප්‍රිය මිතුර!!!!

    ReplyDelete
  3. මට නම් මුකුත් ලියන්ට බෑ බින්දි. මම අඬනවා.
    නොකියා ගිය හන්දා මම එයත් එක්ක ටිකක් තරහයි.:(((

    ReplyDelete
  4. ඔයාගෙ පෝස්ට් එක මගෙ ඇහේ කදුළු අලුත් කලා බින්දි.. ඔබා අයියාට වගේ, හැමෝගෙම මිතුරුකම ආදරේ දිනාගන්න කෙනෙකුට ලේසියෙන් බෑ.. ඒකට වාසනාව, පින තියෙන්න ඕන..

    උඹට නිවන් සුව අපේ සොදුරු මිත්‍රයා..!!

    ReplyDelete
  5. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  6. සහතිකම ඇත්ත, බින්දි, හදවතේ සටහනක් තියාපු මිනිහෙක්.....එච්චරයි මට කියන්න තියෙන්නෙ...ඒ හොඳටම ඇති.....

    ReplyDelete
  7. සහෘද ඔබා මාමාට නිවන් සුව..!!!!

    ReplyDelete
  8. He seems to be simple but wonderful person. I was plannig to see him one day.But he has left too early. May he attain nibbana !!!!

    ReplyDelete
  9. මට තාමත් හිතා ගන්න බෑ බින්දි. කොටින්ම කෙනෙක්ගේ මරණයක් හමුවේ මම මේ තරම්ම සසල වෙයි කියලා මට හිතිලා තිබ්බේම නෑ.
    ඊයේ රෑ ක්ලබ් ගිහින් පාන්දර ගෙදර ඇවිත් බ්ලොග් එකට ඔළුව දැම්මාම ඔබාගෙ කොමන්ට් එකකුත් තිබ්බා.
    අද උදේම නිදිමතේම ඇඳේ ඉඳන් ෆේස් බූක් එකට එබෙද්දි වෙනීගේ සටහන දැක්කා. මම හිතුවෙම විහිළුවක් කියලයි. කොටින්ම මේ දෙසැම්බර් ඔබාව බලන්න යන්න අපි කතා වෙලා හිටියෙත්.
    කෙටි කාලයකින් මේ තරම් බැඳීමක් ඇති වෙයි කියලා මට හිතිලාම තිබ්බෙ නෑ අද වෙනකම්. කාගෙවත් වියෝවකදි අඬන්නේ නැති මාත් අද අවුල් වුනා. තාමත් එහාට මෙහේට වෙවී යමක් කරකියා ගන්න බැරිව එහෙමමයි. ඔබාට තිබ්බෙ අඔහුටම ආවෙනික වෙච්ච ගතිගුණ. බොහොම ඉක්මනින් හැමෝටම සමීපවෙන්න හැකියාවක් ඔහුට තිබ්බා. මගේ ජීවිතයේ හමු වූ අය අතරින් ඔබා බොහෝම විශේස කෙනෙක්.

    මම එහා ලෝකයක් ගැන හිතන්නේ නෑ. ඒත් මට හිතෙන්නෙම අපි ආයේ කොහේ හරි හමුවෙයි කියලාමයි....

    ReplyDelete
  10. අයියො,මාරයට තිබ්බනේ ඔබා මාමා තියලා හොරකන් කරන ඇමතියෙක්ව ගන්න.

    ReplyDelete
  11. ලඟදි බොහෝ දෙනෙක් මරණය ගැන කතා කළා. නමුත් කව්ද හිතුවේ මරණය හොරෙන්ම ඇවිත් අපේ සහෘද ඔබා මාමව අරගෙන යයි කියල. මට නං හිතාගන්නවත් බැහැ. ඔබා මාමා නොමැති සිංහල බ්ලොග් ලෝකය තුළ කිසිවකුට මැකිය නොහැකි මහා පාළුවක් ඇතිවේවි.
    සදාදරණීය ඔබා මහතාණනි, ඔබට නිවන් සුව පතමි!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අද අප්‍රේල් පළවෙනිදනම්... උඹලා ඔක්කොම රැවටුනා කියලා ඔබා මාමා හිනා වෙච්ච මූනෙන් ඇවිල්ලා කමෙන්ට් එකක් දානවනම්.. අනේ කොච්චර හොඳද..

    නොදුටු මිනිසෙක් වෙනුවෙන් මගේ ඇස්වලින් මේ තරම් කඳුලු පිට වුනාමද කොහෙද..

    නිවන් දක්නා ජාති දක්වා අප අතරම ඉපදේවා සොඳුරු සහෘර්දයාණනී.. ඔබට සුබ රත්‍රියක් !!!

    ReplyDelete
  14. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  15. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  16. මිතුරෙක් විදිහට ඇවිත් සොහොයුරෙක් වෙලා යන්න ගියා. ආපහු පර්ත් යන ගමනේ මොහොතක් බෙදාගෙන යන්න මගේ නිවහනට ගොඩවැදුනා. ලියන්න අදහස් ගලන්නේ නැහැ. ඔලුව තොන්තුවෙලා. සොහොයුරාණනි ඔබ සසරේ සරනාතුරා නැවත මුණගැසේවා.

    ReplyDelete
  17. ඔබා මාමගේ ලංකාවෙ ගෙදර උදවිය ඔබා මාම වෙනුවෙන් මෙහේ පිංකමක් ලැස්තිකරනව ද නැත්නම් මොකද වෙන්නේ කියල අද හවස මාරයා ගිහින් දැන ගන්නව කිව්ව එකයි

    ReplyDelete
  18. මොනා කියන්නද බින්දි!

    කවදාවත් හම්බු නොවෙච්චි අපෙත් ඇස් රතු කරන්න පුළුවන් උන මේ සොඳුරු සහෘදය ඔයොගොල්ලන්ව වගේම ලඟිම්ම ඇසුරු කල අයව කොයි තරම් රිදවන්න ඇතිද මෙහෙම හදිසියෙම යන්න ගිහිල්ල!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ.... පපුව හිර වෙලා වගේ දුකට. :((((((((((((

      Delete
  19. බොහෝ අය යති , එති
    හදවත සිතුවම් අඳිති ..
    එහෙත් කැටයමක් කල අය
    බොහෝ හිග වෙති
    ...ඔහු අප හදෙහි ඇඳි
    කැටයම් සදා නොමැකෙති..
    සහතික ඇත්ත අක්කේ,
    ඔබාමාමට නිවන්සුවඅත්වේවා...

    ReplyDelete
  20. සොඳුරු මිනිසෙක්....වියපත් තරුණයෙක්.....

    ඔබා අයියේ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!!

    ReplyDelete
  21. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  22. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  23. නොදුටු මිනිසෙක් වෙනුවෙන් මෙතරම් දුක් වුනු පළමු අවස්තාව මේක....අපි හැමෝගෙම ඔබා මාමා, අද තනිවම යන්න ගිහින්. ඔබට නිවන් සුව..

    ReplyDelete
  24. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  25. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  26. නොදුටු කෙනෙක් උනත් ඩිජිටල් අකුරුවලින් දැනගත්තත් ඊ මේල් එකකින් කතා කරලා තිබ්බත් ඔබා මාමා අද මාව ඇඩෙව්වා. ඒ වගේ වගේ සරල සුන්දර මනුස්සයෙක් නැති අඩුව ආයේ පුරවන්න අමාරුයි. ලංගම කතා කියන්න පඳුර වටේ තල තලා ගෝල්ඩන් නගට් ගැන කියන්න ඔබා ආයේ එන්නේ නෑ. මේ පොස්ට් එක දැක්කම මට අයෙමත් ඇස් තෙත් වෙන එක වලක්වගන්න නම් බෑ.

    හංසයන්ගේ කුමාරයාට නිවන් සුවම අත් වේවා

    ReplyDelete
  27. සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  28. කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ.. කවදාවත් නොදැකපු කෙනෙක් වෙනුවෙන් අපේ හිතවල මේ තරම් සසල් වීමක්..? ඒ කියන්නේ එයා අපේ හිත්වල කොච්චර ජීවත්වෙලාද..
    නිවන් සුව පතනවා ඇරෙන්න දැන් කියන්න දෙයක් නෑ.. ඔබා මාමාට නිවන් සුව ලැබේවා..!

    ReplyDelete
  29. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  30. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  31. මැයි මාසේ අපි ඉගෙනගත්තේ පින්බර මාසයක් හැටියට...

    අපේ බ්ලොග් ලෝකෙට නම් මැයි මාසේ සෑහෙන්න දුක්බර මාසයක්... ගිය අවුරුද්දේ මැයි 19 ඉලංදාරියා අපිව දාලා ගියා... දැන් මේ මැයි වල ඔබා මාමත් ගිහින්...

    සොඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට සුභ ගමන්... !!!

    ReplyDelete
  32. //මේක කාගේ හරි ..නැත්නම් ඔබා මාමගේම හරි විහිළුවක් නම් . සේරමලා අහුවුනා නේද කියල හිනා වෙලා ඔබා මාමා කමෙන්ට් එකක් දානවනම් ..//


    හ්ම්ම්ම් මේල් ත්‍රෙඩ් එකේ හෙඩිම දැක්කම මමත් ඔහොම හිතුවා:(

    ReplyDelete
  33. ඔබා මාමා අපිව දාලා ගියා කියන පණිවි‍ඩේ ගිම්හානි අක්කා බුකියේ දාලා තිබුණා. මම ඒක තුන්හතර පාරක්ම කියෙව්වා මේ අපේ ඔබා මාමද කියලා හරියටම දැන ගන්න.
    අපි අවාසනාවන්තයි. මාමා යන්න ගිහින්. සදහටම නොඑන්නම...

    ReplyDelete
  34. ජීවිතය මිරිගුවක්
    තණ අගක පිණි බිඳක්
    යන මුනිදු බණ පදය
    ඔබෙ වියොව
    මට කියයි..

    කවට බස් තෙපළමින්
    සැම අතර සිටිය ඔබ
    අපට නොකියම හොරෙන්
    කොහෙද තනියම ගියේ..

    ReplyDelete
  35. ඔබ වෙනුවෙන් ඇනෝ අපගේ අචාරය...........

    ReplyDelete
  36. ස්තූතියි පනිවිඩේට..හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා..අප්‍රේල් ආවම ගම්පහ පැත්තේ ආවොත් එන්න කියලා ෆෝන් නම්බර් එකත් දුන්නා..යන්න බැරි උන එකට දුක තේරෙන්නේ දැන්..ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  37. මේක දැක්කෙ දැන්. හරිම කනගාටුයි. කෙටි කාලයකදී හඳුනා ගත්ත හිත හොඳ සොයුරෙක්. ඔබා මහත්තයාට නිවන් සුව!.

    ReplyDelete
  38. අනේ ඔබා මාමේ.....නැවත...අප අතර ඉපදෙන්න..!
    මේ කුරිරුකම පිරි ලෝකයේ මිනිසත් කම කියාදෙන්න...
    ඔබ වැනි මිනිසුන් නික්ම යන්නේ අපේ අහේතුවටය...!

    ReplyDelete
  39. ඔබා මාමා ගියත් එයාගේ මතක අපි ගාව තියෙයි......

    ReplyDelete