Friday, 25 May 2012

ලෙනින් සහ කාල් මාක්ස් එක්ක කෑම කෑවෙමි

අද දවල්ට කෑවේ පස් දෙනෙක් එක්ක . යෙහෙලියන් දෙන්නයි ටයි කොන්ඩෝ පැංචායි ...ලෙනින් සහ කාල් මාක්ස් දෙන්නයි . තව නම දන්නේ නැති එක්කෙනෙකුත් හිටියා . මාක්ස් මහත්තය දැක්කට වඩා මට ඇත්තටම පුදුම සතුටක් ඇති වුනේ ලෙනින් දුටුවම . හරිම අහඹු හමු වීමක් . ඒ මුහුණේ මද සිනහව පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ .

කලෙක බොහොම ආදරය කල කෙනෙක් හමුවුනා වගේ දැනුනා . ළමා වියේ සිට යව්වනය දක්වා ජිවිතේ එක පරිච්චේදයක් පුරා අපි කරක් ගැසූ වොල්ගා ගඟ බඩ....සයිබීරියා හිමකතර ..ඉමක් කොනක් නැති ඉරිඟු බිම්..පොප්ලර් ගස් ..ඒ සියලු සුන්දර මතක හිත පතුලෙන් මොහොතකට එලියට ආවා .
කවදාවත් විසිකරන්න බැරි මතක

අද ලියන්න හිටියේ නැතුව වුනත් මේ පින්තුර ටික නොදා කොහොමෙයි . වචන දාහකින් කියන්න බැරි දේ පින්තුරෙකින් කියන්න පුළුවන් කොට ......



.
මගේ ලාංකීය මිතුරියගේ උපන් දිනය නිසා කොරියන් මිතුරියකුත් එක්ක කන්න ගිය යුක්රේනියන් කෑම කඩේ තමයි මේ පින්තුර එල්ලලා තිබුනේ .
මේ කවුද කියා මට මතක නැහැ .
බොහෝ රටවල , සමාජවාදී රටවල පවා ලෙනින් ගේ පින්තුර අයින් වෙලා යද්දිත් හැනොයි වල ලෙනින් නමින් උද්‍යානයක් තියෙනවා . ප්‍රතිමාවකුත් එක්ක .









වොඩ්ක ත් තිබුන ,..ඔව්ව බිල හවසට ළමයි බලාගන්නේ කවුදැයි කියල හිතල නිකා හිටිය .



දැන් මේ පින්තුර දැම්මේ මේ මිනිසුන්ට අපහාසෙකින් වත් සමාජවාදය සහ ධනවාදය ගැන අඩුපාඩු දැක්වීමකට වත් නෙමේ . කොහොමත් ඒ අය බිහි වුනේ ඒ ඒ යුගවල අවශ්‍යතාවය අනුව කියලයි මගේ පිළිගැනීම. අනික අද නිශ්චිත'' වාදයකුත්'' නැති එකේ අපි මොකට පටලවෙනවද. අවන්කවම මන් සතුටුයි ලෙනින් මුණ ගැසීම ගැන .

64 comments:

  1. //කොහොමත් ඒ අය බිහි වුනේ ඒ ඒ යුගවල අවශ්‍යතාවය අනුව කියලයි මගේ පිළිගැනීම.// කතාව සහතික ඇත්ත..ඒත් දැන් යුගයේ අවශ්‍යතායට කෙනෙකු බිහි නොවීම නම් අවාසනාවක්...මේ පැත්තට ආවමයි මේ..ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. කොපමණ හොඳද සොඳුරු ගවේශකයින් හමුවීම

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පෝස්ට් එක කොට කිමැද බින්දිය ???

    ලෙනින් එක්කයි කාල් මාක්ස් එක්කයි කෑවයි කිව්වම මම බැලුවේ මොකද කියලා... ඒ දෙන්නා එක්ක කන්න ගත්තොත් කන්න වෙන්නෙ නෑ... කන පුරා අහගන්නයි වෙන්නේ !!!

    අක්කේ, ලෙනින්ගේ මෘත ශරීරය සංරක්ෂණය කරලා තියෙනවා කියලා සත් සමුදුරෙන් කියෙව්වා... වියට්නාමේ නැද්ද ඒ වගේ මමි ???

    //වොඩ්ක ත් තිබුන ,..ඔව්ව බිල හවසට ළමයි බලාගන්නේ කවුදැයි කියල හිතල නිකා හිටිය//
    ඔව්, ඔව්, බිංදක් තොල ගෑවත් ඇති කන සාක්කුවේ වැටෙන්න. වෙලාවට අක්කා බිව්වේ නැත්තේ !!! :P

    ReplyDelete
    Replies
    1. මට මැවිල පේනව බනියලෑ තාත්ත දෙහි බෑයක් අරන් බින්දිගෙ ඔලුවෙ උරච්චි කරනව....

      Delete
    2. මට නම් මැවිලා පේන්නේ බින්දි බනියැලා තාත්තට පයින් අනිනවා....:)))

      Delete
    3. පෝස්ටුව දිග වුවා නම් කාපුවට හරියන්න අතුරු පසත් ලැබෙන්න තිබුන . කාපු ටික ඇති සිතුනා මලය . ඇයි මේ හෝ චි මින් ගේ දේහය සංරක්ෂණය කරලා තියෙනවා . මුල කාලේ පෝස්ට් එකක් ලීවා ඒ ගැන .ඒක නේන්නම් හොඳ වෙලාවට බිව්වේ නැත්තේ .

      සපතේරු ..අපෝ එයයි දෙහි බෑය මිරිකලා සෝඩා ටිකක් දාගෙන බොයි. ඔලුවේ ගෑම කෙසේ වෙතත් .

      පොඩි ..ඒකට ඉතින් බොන්නම ඕනය . D

      Delete
  4. "පින් මන්ද රංග භූමියේ..
    පෙම් බැන්ද සිංහසීවලී..
    මන්ද 'ලෙනින්' පිට වෙලා ගියේ..."

    පලි: වොඩ්කා තමා මගෙත් ප්‍රියතම පානය.. රුසියන් එකනං වඩා කැමැතියි, යුක්රේන්, පෝලිෂ් වුනත් ඉතිං අවුලක්ම නෑ.. :D

    ReplyDelete
    Replies
    1. රුසියන් වොඩ්ක හොඳයි තමා... ඒත් ස්වීඩිෂ් වුණාට Absolut වලට ගහන්න බ්‍රෑන්ඩ් එකක් නම් මට හම්බවෙලා නෑ...

      Delete
    2. මට Absolut එකේ ‍ටේස්ට් එක අල්ලන්නෙම නෑ, මොකද මන්දා.. Russian Standard තමා ම‍ගේ නොම්මර එක..

      Delete
    3. හපොයි මෙහෙමත් බොනපාර්ට්ලා ටිකක්!!! :D:D:D

      Delete
    4. Absolute - is an absolute beauty!

      Delete
    5. නම කිව්වා විතරයි කට්ටියම වෙරි වෙලා වගේ පොඩ්ඩි..

      Delete
  5. "ලෙනින්" ඇත්තටම හමුවෙන්න අමාරු කෙනෙක්....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඕන ...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගේ කොමන්ට් එක නෑ නේ....

      Delete
    2. මේ ළඟදි මම මොකක්දෝ වැඩකට රසියන් එම්බසි එකට ගියා. එතනත් ලෙනින් හිටියේ පූටින්ට බොහොම ඉහලින්....

      තව දවසක් මම ලංකාවේ එම්බසි එකට ගියා. එතන හිටියේ මහින්ද මහින්ද මහින්ද විතරමයි....

      මට අර කවුද කීව වගේ හිනා ගියේ නෑ. දුක හිතුනා....

      අයියෝ බින්දි වොඩ්කා බෝතලය ගෙදර හරි ගේන්න එපැයි. මගේ නම් චොයිස් එක ඉතින් ස්වීඩන් තමයි. ඒත් රසියන් වොඩ්කා වලටත් මනාපයි....


      By Rangi ...


      found this in mail box Rangi

      Delete
  7. ලංකාවෙන් නම් මේ අය ඈත් වෙලා දැන් ගොඩක් කල්.. ඔවුන් ඔවුන්ගේ කාල වලදි මිනිස්සු වෙනුවෙන් ලොකු සේවයක් කලා.. මම හිතන්නේ.. පස්සේ ඔවුන්ගේ අනුගාමිකයෝ තමයි වෙනස් උනේ.. මගේ හැගීම..

    ReplyDelete
    Replies
    1. සමහර විට මම කියන දේ ඔබ කියන දේට ගැලපෙනවාදැයි දන්නේ නැහැ. මගේ මතය අනුව නම් ලෙනින්, කස්ත්‍රෝ, මාවෝ, ‍චේගුවේරා යන අයගෙන් නියම විප්ලවවාදියා චේ පමණයි. අනෙක් අය සෑම දෙනාම බලයට ඒමට සහ බලය පවත්වාගෙන යාමට මානව හිමිකම් තුට්ටුවට මායිම් නොකල අය. චේ තුල තිබුනේ ඊට වඩා වෙනස් හා පැහැදිලි විමුක්තිකාමී වැඩපිළිවලක්. ඔහුටත් තිබුනා අවශ්‍ය නම් කියුබාවට වෙලා කෘෂිකර්ම ඇමතිකමත් තියාගෙන නමට විප්ලවවාදියෙක් වෙලා අද දක්වාම වුනත් ජීවත්වෙන්න. ඒත් ඔහු මෙ මාවතෙන් ඉවත්වෙලා කොං‍ගෝවේ සහ ඉන්පසු බොලිවියාවේ විප්ලවයට සම්බන්ධවී එහිදී ඝාතනය වීම තමයි සිදුවුනේ. ඒ නිසා තමයි අනෙක් අය අභිබවා විප්ලවවාදි‍න්ගේ ජය සංකේතයක් බවට පත්වෙලා තියෙන්නෙත්...

      Delete
    2. දිනේශ්ලම දෙන්නෙක් නේ

      Delete
    3. @ දිනේශ් දීපාල්,

      / මගේ මතය අනුව නම් ලෙනින්, කස්ත්‍රෝ, මාවෝ, ‍චේගුවේරා යන අයගෙන් නියම විප්ලවවාදියා චේ පමණයි /

      එකඟයි දිනේශ්....ඔබ සමඟ එකඟයි.....මගෙත් යාවජීව වීරවරයෙක් චේ....

      Delete
  8. ලෙනින් කියලා තියනවලු මෙන්න මෙහෙම.

    “A revolution is impossible without a revolutionary situation; furthermore, not every revolutionary situation leads to revolution.”

    ඒ වගේම මෙන්න මෙහෙම.

    “A lie told often enough becomes the truth.”

    ලෙනින් මේ වගේ විප්ලවවාදියෙක් උනාට හොඳ පවුලක ඉපදිලා , සැපට හැදුනු, වැඩුනු කෙනෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ලෙනින් විප්ලවයට නායකත්වය දුන්නට ඔහු පීඩිත පන්තියේ අයෙක් නොවයි. කියුබාවෙත් එහෙම තමයි පිදෙල් කස්ත්‍රෝ ඇතිහැකි පවුලක කෙනෙක්. මේ ලිපියටත් අදාලව කියනවා නම් ලෙනින් විසින් වැඩවසම් යුගයේ තිබුන රුසියාව අළුත් මාවතකට ගෙනාවා. ඒත් ඒ රැගෙන ඒමේදී සිදුකරන ලද ක්‍රියාවන් නම් කටුකයි. මිලියන සංඛ්‍යාත මිනිසුන් සංඛ්‍යාවකට ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුනා. මේ වගේ විප්ලව සිදුනොවූ රටක කෙනෙකුට මේවා සුන්දර වැඩපිළිවෙලවල් වගේ වුනාට සමාජවාදය ස්ථාපිත කරන්න ගිය හැම රටකදීම අසීමිත ලේ වැගිරීම් සිදුවුනා. ඒත් විප්ලවයේ නාමයෙන් ඒවා යටගිය එක තමයි වුනේ...

      Delete
    2. “A lie told often enough becomes the truth.”

      ඕකම ගොබෙල්ස් කිව්ව නේද? අර හිට්ලර් ගෙ Big Lie තියරිය පොඩ්ඩක් වෙනස් කරල. බලද්දී ලෝකෙ කොයි කෙලවරේ ලොක්කත් බොරු කියන්න ඕන හැටි ගැන හොඳට අධ්‍යයනය කරල තියෙනව.

      Delete
    3. පොඩ්ඩි ...ඒ කාලේ නිසි අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වුනේ යමක් කමක් ඇති පවුල් වල අයට විතරක් වෙන්න ඇති . හෝ චි මින් වුනත් දුප්පත්ම පවුලක නෙමේ .

      දිනේෂ් ....ස්තුතියි දිග කමෙන්ට් වලට .


      මුහුදු ..

      නැතුව නැතුව ..කොහොමෙයි දෙස්පලුවෙක් වෙන්නේ

      Delete
  9. මම නම් සමාජවාදය විස්වාස කරන කෙනෙක් නෙමෙයි... ඒත් අනූ ගනන් වල මුල කාලෙදි... ලෙනින්ගෙ පිලිරූ වල බෙල්ලට කේබල් දාල කඩල බිමට ඇදල දානව ටී වී එකෙන් දැක්කම මිනිස්සුන්ට කොයිතරම් අකාරුණික වෙන්න පුලුවන්ද කියල හිතුන....

    ReplyDelete
    Replies
    1. මගෙත් මතය සමාජවාදය කියන්නේ ප්‍රායෝගිකව වැඩකලක් ක්‍රියාවේ නංවාගෙන තබාගෙන යන්න පුළුවන් වැඩ පිළිවලක් නෙමෙයි. සමාජවාදය තුල සෑමදෙනාම එකම මට්ටමකට ගෙන එනවාය කියන මතයට කැමති වන්නේ යමෙකු නැතිබැරි තත්ත්වයේ සිටීනම් පමණයි. තමන්ට යමක් අනෙකාට වඩා කරගන්න පුළුවන් නම් සමාජවාදය කෙරේ නැඹුරුවෙනවා අඩුයි. දේශපාලනයට පිවිසීමට හෝ එයින් වාසි ලබාගැනීමට නම් ඇතිහැකි අයත් සමාජවාදයට නැඹුරුවේවි. කොහොමවුනත් ලෙනින්, ස්ටාලින් වගේ අය රුසියාවේ මිනිසුන්ට දුන් විවිද කම්කටොළු නිසා පිළිරූ කඹ ගැටගසා බිමදැමීම එතරම් පුදුමවන්නට දෙයක් නොවෙයි...

      Delete
    2. පුජාසනයේ ඔබ රඳවා ඔබට පුදන මේ ලෝකය මයි ...නන්දා මාලිනි ගයන්නීය

      Delete
  10. එක එක කාලෙට ඒ ඒ සමාජ තත්ව වලට අනුව ඒ කාලෙ තිබිච්චි ප්‍රශ්නවලට ඒ කාල වල හැටියට ගැලපෙනවා යැයි සැලකෙන උත්තර දුන්න මිනිස්සු ඒ කාලෙ හැටියට පොරවල් වෙනවා...
    කාලෙකට කලින් ඇඩොල්ෆ් හිට්ලරුත් ජර්මනියෙ පොරක් වෙලා හිටියනේ...විරැකියාව සියයට බිංදුවට ආසන්න අගයකට ගෙනල්ලා ආර්ථික වර්ධන වේගය සියයට හාරසීයකින් විතර වැඩිකරලා...

    බලාගන ගියාම පොරක් වෙනවා කියන එකත් සාපේක්ෂයි වගේ....

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂයි ..

      Delete
  11. Replies
    1. කොහෙද කවිකාරි ඒක තියෙන්නේ

      Delete
    2. http://www.hardrock.com/locations/cafes3/cafe.aspx?LocationID=269&MIBEnumID=3
      Hard Rock Cafe Ho Chi Minh City

      http://www.hardrock.com/locations.aspx

      Delete
  12. අපොයි ඔය ඇත්තෝ ගැන මොකක් කීවත් ගුටි කන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මුකුත්ම නොකිය ඉමුද .

      Delete
  13. පෝස්ටුව දැක්කාම මතක් වුනේ රුසියාවෙද කොහෙද ලෙනින්ගෙ උපන්දිනේට එයාගෙ ඇඟේ හැඩේට කේක් එකක් හදලා කෑලි කපාගෙන කාපු ප්‍රවෘත්තියක්.. කාලකට ඉස්සෙල්ලා බලපු..

    ReplyDelete
    Replies
    1. ඒකට අපේ මිනිස්සු ..කන්නම් මරන්නම් කියල උන්නත් මැරිලා කාලයක් ගියහම මතක හොඳ විතරයි . ඒ අපේ හොඳ ගතියක්

      Delete
  14. හා හා බොහොම සුන්දර හමුවක් නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා මට නම් එහෙම තමයි .

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. වියට්නාමය කොමිනියුස්ට් වුනේ ඇමරිකන් කාරයා හින්දා, මොකද තමන්ගෙ පාඩුවේ හිටපු වියට්නාමයට ගහල අමතක නොවන පාඩමකුත් ඉගෙනගෙන වියට්නාමයත් කොමිනියුස්ට් කලා (වියට්නාම යුද්ධයෙදි ඒරටට උදවු කලේ කොමිනියුස්ට් චීනය,රූසියාව,උතුරු කොරියාව,කියුබාව, එකල සමාජවාදි පිලෙහිටපු ඉන්දියාව වැනි රටවලුයි එනිසා යුද්ධයෙන් පසුව වියට්නාමය ඉබෙම කොමිනියුස්ට් වුනා)

    ReplyDelete
    Replies
    1. // වියට්නාමය කොමිනියුස්ට් වුනේ ඇමරිකන් කාරයා හින්දා //

      මම හිතන්නෙ ඔයා ඉතිහාසය ආයෙමත් වතාවක් කියෙවුවොත් හොදයි කියලයි.. :)

      Delete
    2. ඇමරිකන් කාරයට ඕන වුනේ මේ කලාපයේ සමාජවාදය පැතිරෙන එක වලක්වන්න . ඒ කාලයේ සිතල යුද්ධ සමයනේ . අපි දවසක ඔය ගැන කතා කරමු . මේ ටිකේ වැඩ වැඩියි .

      Delete
    3. මම ලියපු එක ඔයාට තෙරිලා නැහැ යාළුවේ, මම කිව්වේ ඇමරිකාවෙන් යුද්ධ කරපු ගොඩක් රටවලට රුසියාව,චීනය උදවු කරා එනිසා එ රටවල් කොමිනිස්ට් ක්‍රමයට නැබුරු විම වැඩි වුනා....... කියුබාව/උතුරු කොරියාව/වියට්නාමය වගේ රටවල් වල යුද්ධවලදි ප්‍රධාන වශයෙන් ආධාර දුන්නේ රුසියාව/චීනයයි....(බටහිර රටවලින් නිදහස් වුනු ආසියාවෙ,අප්‍රිකාවෙ ගොඩක් රටවලට එ දවස් වල ආධාර උපකාර කලේ සොවියට් දේශයයි එකත් ගොඩක් හෙතුවුනා ආසියාව සමාජවාදයට හා කොමිනිස් ක්‍රම වලට නැබුරු විමට)

      Delete
  17. වොඩ්ක කියන්නෙ රුසියාවෙ කසිප්පු.

    ReplyDelete
    Replies
    1. හැබැයි ලංකාවෙ කසිප්පුවලට වඩා සුරක්ෂිතයි.. රාජ් කැමැති නැද්ද ගෙදර හදපු පෝලිෂ් වොඩ්කා ටිකක් බොන්න..?? වැඩිය නෑ, 60%-70% විතර තමා ඇල්කොහොල් තියෙන්නෙ.. ;)

      Delete
    2. හැම රටේම තමතමන්ගේ කසිප්පු තියෙනවනේ . කොරියාවේ සෝජු ...ජපානේ සකේ . අපි නම් ඕව බොන්නේ නැහැ
      60% 70% ක් අම්මෝ අක්මාව ...

      Delete
  18. චමිලා තරහා වෙන්න එපා දේශපාලනික කරුණු වලින් කමෙන්ටු කිහිපයක්ම පළ කලාට. මොකද මේ සමාජවාදය, නට්සිවාදය, ධනවාදය කියන මාතෘතාවලදී ඉබේටම මට කරුණු කාරණා ලියවෙනවා. වෙනදා ලියන ජනකතා, පුරාවෘත්ත වලට මම එතරම් දෙයක් නොලියුවත් මේවගේ දේටනම් කොච්චර අමිහිරවුනත් ලියන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. අය්යෝ ප්‍රශ්නයක් නැහැ .තම තමාගේ මතයනේ . ලොකු විවාදයක් ඇති කරන්න නම් බලාපොරොත්තු වුනේ නැහැ . ඒත් ඔබේ අදහස කියන්න ඇති අයිතිය මට ප්‍රශ්නයක් නෙමේ .

      Delete
  19. සමාජවාදය බිහිකරපු අය ගැන, පාඩමක්..අහන්හිටියා වගේ දැනුනා කමෙන්‍ටු වලින්

    ReplyDelete
    Replies
    1. නැහැ වී පොකුර මෙතන එච්චර විස්තරයක් නැහැ . මට ටිකක් කම්මැලියි ඇත්තම කියනව නම් . අනික ඔව්ව ගැන ලියවුන දේවල් ඕන තරම් තියනවනේ . මේ අමුතු අවන්හල ගැන කියන්නයි මට ඕන වුනේ

      Delete
  20. මාරයි නේ.. :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. පිස්සුද ළමයි?....ඔය මොන වොඩ්ක, වයිං, විස්කි, බ්‍රැංඩි තිබ්බත් අපේ ඩබල් ඩිස්ටිල්ඩ් එකට ගහන්ට එකක් නෑ.අතිගෞරවාර්හ ධුරන්දර දෙවරක් පෙරුම උතුමා....හෙහ්, හෙහ්,

    ඔන්න අපේ ඔබා හිටියනම් මා එක්ක තනි පයින් එකඟ වෙන්නෙ...තනි පයිං...උඹල මේ ඊයෙ පෙරේද පොඩි කොල්ලො නෙව....මොනව දන්නවද මත්පැං ගැන ...:) :)

    ලෙනිං කියල මම දන්නෙ නං බින්දි...ලෙනින් මොරායස් විතරයි...:) :)

    කාල් මාක්ස් කියල මයෙ හිටිය හොඳ යාළුවෙක්, මිනිහට කාලක් ගහපු ගමං නාග සලං...ඒ නිසා අපි ආදරේට කිව්වෙ කාල් මාක්ස් කියල...:) :)

    ReplyDelete
    Replies
    1. ඔබා මාම උන්නනම් කියල අපි හැමෝටම හිතෙන්නේ ඇයිද මන්ද . මොකක්ද කියන්න බැරි පාළුවක් .

      Delete
    2. රවී මහත්තයෝ ඔය "තෙවරප්පෙරුම" කියන්නේ ඒ කාලේ ඉඳන් ඔව්ව කරාපු කස්ටියද :-)

      Delete
    3. තිස්ස තුමා,

      තෙවරප්පෙරුම කියන්නෙ ඇත්තටම ද්‍රවිඩ නමක්...පෙරුමාල් කියන්නෙ ද්‍රවිඩයන්ගෙ ඒ කාලෙ ගෞරවනීය නාමයක්..අපේ ඔය අප්පුහාමි, නිළමේ කියන්නෙ ..අන්න ඒ වගේ.....ඒ පෙරුමාල් කියන එකෙන් තමයි සිංහලට පෙරුම කියන එක බිඳිල ඇවිත් තියෙන්නෙ...:) :)

      Delete
    4. ඔහ් එහෙමද? මම උන්න ඩබොල් ඩිස්ටිල් - දෙවරක්-පෙරුම, ට්‍රිපොල් ඩිස්ටිල් - තෙවරක්-පෙරුම, ඔහොම ඔහොම n දක්වා ගියැයි කියල - රාජකාරී ක්‍රමේ - :-)

      Delete
  22. මම උන්න ලංකාවේ වාමාංශික පක්ෂ නායකයකුගේ පාපොච්චාරණයක් අද ලියමන කියල - මාතෘකාව දැක්කම!

    ReplyDelete
  23. ලේසි නෑ .. කාල්, ලෙනින් සමඟ බින්දි....

    ලංකාවෙනම් සමාජවාදෙත් කාල ඔය දෙන්නවත් කාල ඉවරයි නේද මෙහෙ ඉන්න සහෝදරවරු..

    ජයම පතමි !!!

    ReplyDelete
  24. ලංකාවේ අපිටත් මේ චාන්ස් එක හම්බෙන්න යන්නේ. දවස්ක් කතන්දරත් මේ කතාව කිව්වා වගේ මතකයි. ළඟදීම කොළඹ "චේ ගුවේරා" නමින් අවන්හලක් පටන් ගන්නලු ඉන්නේ :)

    ReplyDelete