Friday, 22 June 2012

පොළොවින් අහසට.. අහසින් පොළොවට ..දුක සැප දෙක මැද ජිවත් වෙනකොට

දවසක පොළොවින් අහසට ඉගිලෙයි
හෙට ආයෙත් පොළොවේ පය රඳවයි
සතුටයි කඳුලයි සමලෙස      හිමිවෙයි
ඔබටත් මට වාගෙම දැයි       විමසයි




හැම අවුරුද්දේම බෑන් කි මුන් මහතා මාස දෙකක්ම ඉස්කෝලේ ඉබ්බන් දමා ළමයින් ගෙදර එවයි . යුරෝපයෙන් ආ උදවියගේ පවුල් වල අම්මලා ළමයින්ද රැගෙන ගමරට දුවන්නේ ග්රිශ්මයේ රස්නයට බය නිසාය .සිංගප්පුරුව ජපානය කොරියාව වැනි රටවලින් ආ උදවිය වැඩිමනක් ගෙදර යන්නේ මේ ඉස්කෝලේ අධ්‍යාපනය තරඟකාරී නැති යයි සිතන ආසියාතික මානසිකත්වය නිසා ළමයින් මාස දෙකක් ඒ රටවල ඉස්කෝල වලට දමා දේශීය ඉගනීමට හුරුකිරිමටය .

අපි වගේ පිස්සන් කීපදෙනෙක් ඉතුරු වෙති . පාසල් නිවාඩුව ආසන්න වෙත්ම ගෙදර යන්නේ කවදාදැයි හැමෝම හැමෝගෙන්ම විමසති . අපි මෙහෙ නවතින බව කිවූ විට ඇස් ගෙඩි ලොකු කර බලා ඉන්නේ එක්කෝ මුන්ට පිස්සුද අසන්නට බැරිකමටය . නැත්නම් අනේ අසරණයින් අව්වට පිච්චිලා මැරෙයි ...කියාය . එහෙමත් නැතිනම් කාන්තාරයක අතරමංව සිටියදී තමන් පමණක් කෙම්බිමකට ලඟා වූ සෙයකිනි .


සැබවින්ම රැකියාවන් නොකරන අපි වාගේ අම්මලාගේ දවසද බොහෝ දුරට පාසැල මත රඳා පවතී . 90% පමණ අඳුනන අයද පාසැල හරහා හමු වූ අයය. එහෙයින් මාස දෙකක් පාසලින් වෙන්ව සිටීම තරමකට කාන්තාරයක තනිවිමක් බඳුය .

එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් අපිට අව්ව වැස්ස හොඳ හැටි පුරුදු බවය . ග්රිශ්මයේ දී අපේ රටට වඩා තරමක් රස්නය වැඩි මුත් අපිට නම් ඉවසිය හැක . අපි නිවර්තන ජීවින් බව ඔවුනට අමතකය . අනිත් අතට දෙය්යනේ කියා වතුරකට බැස පිනන්නට හැක්කේද මේ කාලයට පමණි . නිවාඩු කාලය හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයකි . නරක නම් පරිගණකයට දවස් පුරාම අයිතිකාරයෝ සිටීමය ..අනෙක නිතරම සෙල්ලම් කිරීමට එක්කරන් යායුතු වීමය . අප වාගේ තවත් පිස්සන් කීපදෙනෙක් ඉන්නා නිසා ඒ ළමයින් එක්කෝ මෙහෙ එති . නැත්නම් මෙයාල එහෙ යති .

ඔය සේරම අලකලංචි අතරට ශෝචනියම තත්වයක් එක්කහු වුයේ බ්ලොග් පිටුවට යාමට බැරිවීමය.
යම් ක්‍රමයකින් එය හරි ගිය මුත් ලියන්නට නිස්කාන්සුවක්ද නොලැබිණ .

ඔය අතරේ මිතුරු බ්ලොග් ලියන්නන් ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන වේගයට බොහෝ දේවල් තවමත් කියවන්නට බැරි විය . මමය මාගේය කියා දෙයක් නැති බව නම් යලිත් වරක් පසක් කර ගතිමි . මගේ යයි සිතන පරිගණකය විනාඩියෙන් අනෙක් අතට පත් විය හැක . මගේ යයි සිතන බ්ලොග් පිටු අනුන්ගේ තහනම් නියෝග වලට කොයි වෙලේ යට වේදයි කිව නොහැක .

මෙහි කුරුටු ගාන්නට පුරුදු වූ කල කොහේ හෝ අකුරක් නොකොටා ඉන්නා එකත් අපහසු වැඩකි . මුණු පොතේ වැඩිපුර රස්තියාදු වෙමින්ද පරණ දින පොතක අපිළිවෙලට කුරුටු ගාමින්ද කල දවස ගෙවිනි . පොත් ගොන්නකට යටවී තිබුන ඒ පොත ගැන මට මහා දාර්ශනික සිතුවිල්ලක්ද පහල විය . එය කුරු ගෑවේ මුණු පොතේ නිසාත් මුණු පොතෙන් මාව දන්නේ සුළු පිරිසක් නිසාත් මෙහිම ලියා තබමි . මෙවැනි දුලබ අදහසක් වැළලී යාමට ඉඩ නොදිය යුතුය ..D
 
 
'''''''''පරිගණකය , අන්තර්ජාලය .... ජිවිතයේ සරු කලෙකදී පෙම් බඳින රූමත් අනියම් පෙම්වතියන්ය . ඔවුන් ලං වූ විට නැති බැරි කල දීග ආ දුප්පත් දිනපොත් මනාලිය අමතක වේ. ඔවුන් සුකොමලය . මායම් අසු හාරදාහක් දනී . විවිධාකාරයේ නවීන මොස්තරයන්ගේ සැරසෙති . කෑල්ලක් පණුවෝ කාදමන ලද ඇපල් ගෙඩියක් පැළඳිම අලුත්ම මෝස්තරයයි . ඉඳහිට මේ රුවැත්තියන් පැන යයි. යාන්තම් පය පැකිලී වැටුන කල කිසිම වැඩක් නොකර කෙඳිරි ගාන තරම් සියුමැලිය. විටක අ...නුන්ගේ බස් අසා අපට පිටු පා යයි .

එවිටයි ගෙදර අමතක කර ආ කබල් දිනපොත් බිරින්දෑ සිහිපත් වන්නේ .

''මට කොයිතරම් ලස්සන කෙල්ලෝ හමු වුනත් ඔයා තමයි මගේ සදා ආදරේ ''කියමින් ඈව සුරතල් කරති . ඈ ඔහු ගැන දනී . එහෙත් නොදන්නා සේ ආදරයෙන් පිලි ගනී ...නැවත අර රූමතියන් ඉඟි කල විට පැන යන බව දැන දැනම ....

මාත් අද එවැනි ලජ්ජා නැති සැමියෙක් වගේය... බ්ලොග් සුන්දරිය අනුන්ගේ බසට රැවටී පැන ගිය පසු යලිත් පරණ දින පොතකට ආදරය කරමි . '''''''''


[ මාගේ ස්ත්‍රී චින්තනය මෙසේ කීවාට පිරිමි ළමයින් කලබල විය යුතු නැත . එයාලට තියෙන්නේ උදාහරණය අනික් පැත්ත හරවා සිතීමය .තවමත් වැඩිමනක් ගෙවල්වල බලා සිටින්නේ ගැහැණිය බව සරල සත්‍යයක් නිසා පමණයි මා මේ ලෙස සිතුවේ ]
 
පසුගිය දිනවල ලියන්නට තිබුන බොහෝ වැදගත් දේවල් අතුරින් කීපයක් පමණක් මේ ලිපියට අමුනන්නට සිතමි .

එකක් නම් මෑතක ඉදිකළ වියට්නාමයේ උසම ගොඩනැගිල්ලේ 72 මහලේ ආකර්ශනීය ස්ථානයක් බැලීමට යාමය . ඇත්ත වශයෙන්ම මෙය ඉන්දු චීන රටවල් පහෙන්ම උසම එක යයි කියනු ලැබේ . මේ ඉන්දු චීන රටවල් අතරින් තායිලන්තය අරුණ විට අනික් ඒවා වල මිනිසුන්ට නම් අහසට නගින එකට වඩා ජිවත් වෙන එක ගැන සිතීමට ඇතිවාට නිසැකය .[ මියන්මාර , කාම්බෝජියා , ලාඕස් , වියට්නාම , තායිලන්තය මේ රටවල් පහ වේ ]
උඩට උඩට ගොඩනැගිලි බිහි වීම ගැන මට ඇත්තේ වෙනමම අදහසකි ඒගැන වෙනම දවසක කතා කරන්නට අවශ්‍යය .

කෙසේ වුවත් කොරියානුවන් විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ලේ උඩම මහල මහජනයාට මුදල් ගෙවා නැරඹිය හැකි නිසා ඕනෑම තැනකට යාමට අපේ පවුලම එක පයින් කැමති වන නිසාත් අපි එහි නැග්ගෙමු . එතනට මුළු හැනොයි පළාතම හරි අපුරුවට පෙනේ . දුරදක්නයට කාසියක් දමා වට පිට වඩා හොඳින් බලා ගත හැක .මුලදී අපේ බනියාගෙන් හැනොයි කළු පාටට පෙනේ යයි පැමිණිල්ලකි . දුරදක්නයේ වරදක්ද ..නැත . කපන්නට නොදී මුනත් වැහෙන්නට දමාගෙන ඉන්නා කොණ්ඩය දුරදක්නය වසාගෙනය .

පස්මාන චිත්‍රපටයක් [5D ] මුල් වරට බැලීමටද හැකි විය . ත්‍රිමාන චිත්‍රපට මේ වන විට බහුලය . සිව්මාන චිත්රපටරේදී ඉඳ ගන්න පුටු සෙලවීම වතුර ඉසීම වැනි උපක්‍රම විඳිය හැක . පස් මාන වලදී තිරය අංශක 360 පුරාම වටකර සිටි . නරඹන්නා ඉන්නේ මැදිනි . අප නැරඹු මුහුද යට දර්ශන සහිත සිතුවම් පටය ඉතාම ලස්සන බව කිව යුතුය .

සියල්ලටම වඩා මා සිත් ගත්තේ ''පන ඇති කෞතුකාගාරය ''[ Alive Museum ] නමැති කලාගාරයයි ., ජීවමාන ගුණයක් ඇති අපුරු නිර්මාණ අතර මොහොතක් මා ළමයෙකු සේ විනෝද වූ බව කිව යුතුමයි .


පෙනේද ජනාකීර්ණ වී ඇති තරම . ඈතින් පෙනෙන්නේ රතු ගඟ




මේ අර Auguste Renoir ගේ චිත්රයක්නේ චිත්‍රාට ඉර ඇබින්දක් කියල මෙයා ගැන මන් කලින් ලිපියක් ලිව්වා

ඉස්සරහ ඉඳන් අත  වනුවහම මෙයා වාදනය කරනවා



එක මොනාලිසා කෙනෙක් හුලන් පිඹින කොට මේ රෙදිකඩ අනික් පැත්තට යනවා

අය්යෝ යන්න එපා අනේ ..ඔන්න මේ මන් නම් නෙමේ ..මොහිනිගේ නංගි වගේ නේද











අදට මේ ඇති යයි සිතේ . දැනටමත් අච්චාරුවක් වී ඇති එකේ තවත් මොකටද .

87 comments:

  1. අර මියුසියම් එකනම් හරිම සිත් ගන්නා සුළුයි වගේ...

    මෙහෙ චිකාගෝ වල තියනවා අර වගේ කුළුණක්. ඒකෙ 103 වෙනි තට්ටුවට අපිට යන්න අවසර තියනවා. ඒකෙ තියනවා බිල්ඩිමෙන් එලියට නෙරලා හදපු පොළව සහ බිත්ති විනිවිද පේන කුටි. අම්මෝ, ඒක ඇතුලට ගියාම කකුල් දෙක වෙව්ලනවා මගේ නම්...

    ReplyDelete
    Replies
    1. . චිකාගෝ නේද මුල්ම අහස සුරන මැදුර හැදුවේ . කාලෙකට පෙර මතකයක් . මන් වැරදි නම් කියන්න . මටත් ඔය ගොඩක් උඩට යාමට එතරම් මනාපයක් නැහැ . යන්න ආසයි .බිම බලන්න තමා ටිකක් බය බය .නේද

      Delete
    2. ඔයා හරි, මුල්ම ස්කයි ස්ක්‍රේපර් එක විදියට සැලකෙන්නෙ චිකාගෝවල තිබුනු හෝම් ඉන්ෂුවරන්ස් බිල්ඩින්ග් එකයි.. හැබැයි මේක අහස සූරන තරං නම් උස් වුනේ නෑ.. ඒ වුනත් අද කා‍ලෙ ස්කයි ස්ක්‍රේපර්ස්වල යොදාගන්න තාක්ෂණය යොදාගෙන මුල්වරට හැදුවෙ මේක තමා..

      Delete
  2. බින්දි හැම තිස්සෙම බෑන් කී මූන් කෙනෙක් ගැන කියන්නෙ ඇයි ? මට තේරෙන්නෑ.. මුල සිට සරළව කියවන්ඩ වෙයිද ? එහෙම කියෙව්වොත් උත්තරය හොයා ගන්ඩ පුළුවන් වෙයිද ?

    අර කෞතුකාගාරෙ මරුනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..සෙන්නට මුල සිට සරලව නෙළුම් විල හරහා පීනගන එන්න වෙයි. ( බින්දි බෝට්ටුවක් නොදුන්නොත් ) :D

      Delete
    2. ආ මේ අපේ ළමයින්ගේ ඉස්කෝලේ එක්සත් ජාතීන්ගේ සංවිධානේ ඉස්කොලෙනේ . ඒ ගැන කීප විටක් කිව්වා . මේවා මේ විහිලුවට කියන කතා සෙන්න . ඒ අහිංසකයට නම් වෙන වැඩ නැතුවය

      Delete
    3. ස්තූතියි බින්දි බෝට්ටුවට..

      ඒක මිසක්..

      Delete
  3. මේක නං හරිම අපූරු තැනක්..ඡායාරූප ටික නං ලස්සනයි. පෙනී හිටිය අයටත් බොහොම ස්තූතියි.

    ආ අර දින පොත් ගැන කියන දාර්ශනික සිතුවිල්ලනං සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලකී .. ඕගොල්ලන්ට නම් දැන් උසම ගොඩනැගිල්ලත් තියෙනවනේ .

      Delete
  4. අර දාර්ශනික සිතුවිල්ල හරිම අපූරුයි අප්පා.. මට දැනුනෙ හරියට අයිත්මා‍තොව්ගෙ පොතකින් පිටුවක් කියෙවුවා වගේ, ඒ වගේමයි බස්වහර..

    ReplyDelete
    Replies
    1. බුරතිනෝ ..........මන් ඊ ළඟ පෝස්ට් එකෙන්ම මේකට උත්තර දෙන්නම් .

      Delete
  5. අප්පේ අර කෞතුකාගාරේ හැබෑවටම දකින්න මාර පෙරත කමක් හිතුනනේ . . .බලමුකෝ ඉතිං අනගතයේදී . . .බොහෝම ස්තූතියි බින්දි මේ විස්තරයි පින්තූරයි අපිට දුන්නට

    ReplyDelete
    Replies
    1. එච්චර ලොකු තැනක් නෙමේ මේක දුකා . හැබැයි පින්තුර ටික සහ උපක්‍රම ටික නම් උපරිම ලස්සනයි .

      Delete
  6. මට හිත ගියේ කෞතුකාගරයට.. හරි අපුරුයි ඒකනම්...

    අගෝස්තු නිවාඩුව නම් ඔහොම තමා.. අපේ ලොක්කට් මගෙන් අහනවා උඹ මේ පාර යන්නේ නැද්ද කියලා.. නෑ කිවුවම ඌ බනිනවා.. මෙහේ ඉන්න එපාලු රස්නේ වැඩිලු.. :)

    ReplyDelete
    Replies
    1. හි හි ..කට්ටිය හිතන්නේ අපි ඇලස්කාවෙන් ආව කියල වෙන්න ඇති . D . අපිනේ දන්නේ ඉස්කෝලේ ගිය කාලේ කුඩයක් තොප්පියක් නැතුව ගිනි කුටකේ ගිහින් අපේ හම ඔරොත්තු දෙනවා කියල . ඇත්තටම දැන් නම් පොඩි කාලේ වගේ අව්වේ යන්න බැහැ. එකක් UV ප්‍රතිශතය වැඩියි . අනික කම්මැලියි .

      Delete
  7. ඕ ඕ ඕ හෝ...............අසවු අසවු බාධක ඉවතට ..නෙලුම් විල ආයෙත් කරලියට .....:)

    ReplyDelete
    Replies
    1. ඔව් ටි ජි ..ආයෙත් වැඩ

      Delete
  8. අහ් මේ ෆොටෝස් අපි කලින් දැක්කා :D

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ...එතන පින්තුර ප්‍රමාණය වැඩියි

      Delete
  9. දිනපොතයි බ්ලොග් එකයි දෙකම ලඟින් තියා ගන්න!
    පින්තූර දැක්කහම පුදුම හිතෙනව. බලන්න වටින තැනක් වගේ.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස .ඇත්තටම මට මේ දිනපොත දුන්නේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ මන් ලියන බව දැනගත් යාලුවෙක් තමයි . මාත් හිතන් හිටියේ කටුසටහන් හෙම ගහල පිළිවෙලකට බ්ලොග් එක ලියන්න . අය්යෝ හිතුනම මේකේ කොටන එක තමයි අන්තිමට උනේ .

      Delete
  10. //අපි වගේ පිස්සන් කීපදෙනෙක් ඉතුරු වෙති// බින්දිලට විතරයි පිස්සු නැත්තෙ මම හිතන්නෙ. සමහර යුරෝපීය රටවලත් සෙල්සියස් 40 ගානක් වෙන වෙලාවල් වාර්තාවෙනවා ග්‍රීශ්ම කාලෙට. එතකොට ඔය ජපන් කොරියන් ලමයි මානසික වදයක් විඳින්නෙ ඒ අධයාපන ක්‍රමය නිසා මම අහලා තියෙන විදියට.

    අර රතුපාටින් දාලා තියෙන කොටස ගෑණු කුමන්ත්‍රණයක්.

    ස්තුතියි ෆෝටෝස් වලට.

    ReplyDelete
    Replies
    1. ඔව් Dud ඒ අය මෙහෙ ඉද්දිත් තමන්ගේ බසින් අනිකුත් විෂයන් පවා ඉගෙන ගන්නවා . සැහෙන පීඩනයක් . ඒ වගේමයි තරඟකාරීත්වය .

      ගෑණු කුමන්ත්‍රණ ..දම් පාටින් දාල තියෙන්නේ මගේ ගැලවිල්ලට

      මෙහෙත් 40 ට යනවා සමහර විටක . තවම නැහැ . දැන් වැස්ස නිසා තද රස්නය අඩු වෙලා .

      Delete
  11. සිව්මානය නම් අත්විඳ ඇත්තෙමු. නමුත් පංචමානය මට තවම ආගන්තුකය. හොද විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි පංච මානය තමයි වඩා ගැලපෙන්නේ .

      Delete
  12. පණ තියෙන කෞතුකාගාරයනම් විශිෂ්ට නිර්මාණයක්

    වියට්නාමයේ භෞතික සංවර්ධනයත් හරිම ඉහළයි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් බලා ඉඳිද්දී භෞතික වශයෙන් නම් දියුණු වෙනවා . පහත බිම් බලා ඉඳිද්දී ගොඩ වෙනවා . අහස සිඹින ගොඩනැගිලි ඉදිවෙනවා . නගරය ඈතට ඈතට විහිදෙනවා . මන් ඒ ගැන දරන අදහස ටිකක් වෙනස් . වෙන දවසක ඒ ගැන කතා කරමු

      Delete
  13. අලුත් තොරතුරු ටිකක් දාපු එක හොදයි........ අර පින්තූරු ටික නම් එදා දැක්කා..... මරු!

    ReplyDelete
    Replies
    1. ඕගොල්ල නම් දැක්කනේ තව නළු නිලියෝ එක්කම

      Delete
  14. කෞතුකාගාරය දකින්නට නොතිත් ආශාවක් පහළවිය... මේ වසරේ සිංහපුරයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිමි. එතැන් සිට පැමිණීමට පහසු නම් අනිවා පැමිණෙමි....... තොරතුරැ වලට ස්තුතියි......

    ReplyDelete
    Replies
    1. සිංහපුරයට එනවා නම් ඉඩක් ඇතොත් ආවාට පාඩු නැත . මෙයිට වඩා ස්වභාවික සුන්දරත්වය දැක ගැනීම වඩා වටි.ඇත්තටම මේ කෞතුකාගාරය හදල තියෙන්නේ කොරියානුවන් නිසා මන් ඒ කෙනෙක්ගෙන් ඇහුව . කොරියාවේ මෙවැනි තැන් බොහෝ ඇතිලු . අපි ඉතින් මෙහෙ ඉන්න නිසා බලන්න ගියාට ඇත්තටම වියට්නාමෙට ආවොත් මෙයිට වඩා අනගි දේවල් තියෙනවා සන්චාරකයෙක්ට. හැබැවටම එනවා නම් ඒ විස්තර දෙන්න පුළුවන්

      Delete
  15. බාධක ඉවත්වෙලා විලේ නෙළුම් පිපෙන්න ගත් එක ගැන නම් බොහෝම සන්තෝසයි. විකල්ප ක්‍රමයට වඩා පුරුදු විල හොඳයි.

    වත්පොතෙනුත් කියෙව්වා, අර දාර්ශණික සටහන නම් උපරිමයි.

    අපිටත් නිවාඩුව අත ලඟ.

    මොනතරම් අන්තර්ජාල තිබුණත් අදටත් ලොව බොහෝමයක් දේශයන් යාවෙන්නේ සමුද්‍ර කේබල් ජාල පද්ධතියකින්. මොනවා හෝ හේතුවකින් දවස් ගනන් ඒ ජාල විසන්ධි වුනොත් නූතන ලෝක ප්‍රජාව අතරේ ඇතිවෙන්න පුලුවන් මානසික ආතතිය ලේසිපාසු එකක් වෙන එකක් නැහැ. එතරමට අද අන්තර්ජාලය මත රඳා පවතින සමාජ රටාවක් හැම තැනම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩීන් අය්යා..අන්තර්ජාල තියා ලියුමක් වත් දැකල නැති තැන් ලෝකේ ඕන තරම් ඇති . අපි දැන් ඉතින් පුරුදු වුනානේ . ඇත්තටම අන්තරජාල පහසුකම් හුඟක් හොඳයි මෙහෙ මේ වගේ අකරතැබ්බ වුනාට . හැමතැනම නිකන් වයි ෆයි එක්ක කෝපි කඩ . අනික හුඟක් හෝටල්වල ඉන්ටර්නෙට් ඇතුලත් කාමර බිලට . අපි දැක්ක හුඟක් රටවලට වඩා ලාබයි . අනික ඇමරිකාවටත් වඩා අයි ෆෝන් කඩ මෙහෙ තියෙනවද මන්ද . සෙකන්ඩ් හෑන්ඩ් හරි ඉස්තරම් ජාතියේ ජංගම දුරකථන හැමෝම ගාව . ඕන වුනත් නැතත් අයි පෑඩ් එකක් එල්ලන් යන එකත් විලාසිතාවක් . බාහිර පෙනුම ගැන බොහොම හිතන ජාතියක් .

      Delete
  16. Alive museum එක නම් මගෙත් හිත් ගත්තා..කවදා හරි දවසක බලන්න යන්න ඕනෑ ලිස්ට් එකේ තියනවා මේ වගේ ආට් ගැලරි එකක්..

    ස්තුතියි බින්දි..පොඩ්ඩො නම් හොඳ විනෝදයක් ගන්නවා කියලා පේනවා..:)

    ReplyDelete
    Replies
    1. පොඩි අය වගේම අපිත් හොඳටම සතුටු වුනා රූ

      Delete
  17. Bindi කියවලා බලන්නකො මේකයි , එතකොට මේකයි 7D Movie එකක් ගැන.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්. මොකද මන්ද ඒ ලින්ක් දෙකම ලෝඩ් වෙන්නේ නැහැ . පස්සේ ආයේ බලන්නම්

      Delete
    2. හරි පලවෙනි එකේ අවුලක් තියෙනවා තමයි. නමුත් සිංහල ලින්ක් එක වැඩ Bindi

      henryblogwalker the Dude

      Delete
  18. නෙළුම් විලේ කාලෙකින් මලක් පිපුණෙ නැත්තෙ ඇයි කියල මමත් කල්පනා කළා.. අනේ මගෙ බ්ලොග් එක අතුරුදහන් උණොත් නම් මම මොනවත්ම කර ගන්න දන්නෙ නැහැ...

    දිනපොත් ගැන ඔයාගෙ සිතුවිල්ල නම් හරියටම හරි... මමත් ඉස්සර දින පොත ලිව්වා... නිතරම දැන් නම් ඉඳ හිට තමයි ලියවෙන්නෙ... ''තරුරසි'' තමයි මගේ අළුත් මනාලයා.... දිනපොතෙන් දික්කසාද වෙලා... ‍එහෙමමත් කරන්න හොඳ නැහැ නේද?

    බින්දි කරදරයක් නැත්නම් මට ලාඕස් යන්න පුළුවන් විදිය කියන්නකො... ගමන් වියදම් එහෙම කොහොම වේවිද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපොයි දික්කසාද කරන්නම එපා . ලාඕස් යන විදිහ ..ඔයා ලංකාවේ ඉඳන් යන්නද . ලස්සනම දේ තමයි එහෙ තියෙනව ලංකාවේ හෝටල් ජාලයකට අයිති හෝටලයක් හෝ දෙකක් . මන් ඉක්මනින් ඔයාට විස්තර අහල කියන්නම් .

      Delete
    2. ලංකාවෙ ඉඳලයි යන්න ඕනෙ... මිතුරියකගෙ ආරාධනාවක් තියෙනවා.... යන්න එන්න මම වියදම් දරා ගන්න ඕන... රට තුළ ආගන්තුක සත්කාර මගේ මිතුරියගේ අනුග්රදහයෙන්.... සතියකටවත් ගිහින් එන්න ආසයි... tharurasi@gmail.com මේ ලිපිනයට විස්තර ටිකක් එවන්න පුළුවන්ද? ස්තූතියි බින්දි...

      Delete
  19. මාරයිනේ මියුසියම් එක....

    ReplyDelete
  20. හරිම අපූරු චිත්‍ර ටිකක්... බින්දි අක්කා මේ තට්ටු 72 ක් උඩට නැගලා පහලත් බැලුවද? බුදු අම්මෝ මටනම් බැරියෝ

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් හතර වටේම විදුරු ආවරණය කල තැනක් නිසා විරය වගේ බැලුව . ඇරලා තිබුන තැනක් නම් හෙම අය්යෝ මන් නම් බලයි

      Delete
  21. උඩ යන්න යන්න කකුල් පැටලෙන ගතිය මටත් ඇති බව සිහිකල යුතුය. කෞතුකාගාරෙ නම් ෂෝක් වගේ... කොහොමද රජකාගේ නයිට් වරයෙක්ගේ ප්‍රතිමාවක් බල බල ඉද්දී අශ්වයා කෑගහලා එහෙම, නයිට් කාරයා කඩුව වැනුවොත් එහෙම...!

    හොඳ පින්තූර ටික... විස්තරේට ස්තුතියි අක්කේ !!!

    ReplyDelete
    Replies
    1. මටත් ඔය තත්වයම ඇත . මේකේ විදුලි සෝපානය තත්පර 57 කින් 72 ටම යනවා . කඩුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි

      Delete
  22. දින පොත ගැන ලියපු සිතුවිලි ටක නම් හරිම අගෙය්. ඒ අදහසටත් සම්පුර්යෙන් එකගයි..


    අර කෟතුකාගරය නම් නියමයි. ගිහින් බලන්නම හිතෙන තැනක්. ඒ පිංතූර ටිකත් නියමයි. ඒවා හරියටම සජීවි ඒවා වගේ.

    මට පළමු වරට බින්දිගේ පෝස්ට් එකක් ඇහැ ගැහුනේ අදමයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම ලොකු සතුටක්

      Delete
  23. අර දිනපොත ගැන කියපු කතාව නම් සහතික ඇත්ත. අර මියුසියම් එක නම් අපූරුයි...( ජීවිතේ කවදා හරි බලන්න යන්න ඕන ලිස්ට් එකේ උඩම තැනක් ඔන්න ඒකට වෙන් කලා)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැජරෝ . එනවා නම් කියන්නකෝ බලන්න දේවල් කියන්නම්

      Delete
  24. කියන්න වචන නෑ නියම චිත්‍ර ටිකක්
    හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුබුදු

      Delete
  25. අර සිත්තර ටික මරු !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග

      Delete
  26. හරිම ලස්සන පොටෝ ටික..!
    නිරූපන ශිල්පියෝටික අපූරුවට ට්‍රෙනිං කරල තියෙනවා...ඔබතුමියත් ඉන්න තිබ්බෙ..!

    ReplyDelete
    Replies
    1. මන් තුමී ඉන්න ඒවා දැම්මේ නැහැ ඉතින් .ස්තුතියි වී පොකුර

      Delete
  27. අපි ආසියානු රටවල් වල උදවිය නිසා වැස්ස රස්නේ ගැන එච්චර ගණක නැහැ ඒ නිසා ඕනෙම තැනක ගිහිං ඉන්න පුළුවන්.

    අර පින්තුර ටිකනම් පුදුම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා වෙන්න ඇති ලෝකේ පුරාමව්‍යාප්ත වෙන්නේ . ආසියානුවෝ ස්තුතියි අසරණය .

      Delete
  28. අර ගෙදර එනකන් බලන් ඉන්න බිරින්දෑ ගැන කියපුවා නම් සහතික ඇත්ත. මමත් එකඟයි..
    පින්තුර ටිකත් ගොඩක් ලස්සනයි ස්තුතියි ඔයාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි කුමාරිහාමි

      Delete
  29. //ඔය අතරේ මිතුරු බ්ලොග් ලියන්නන් ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන වේගයට බොහෝ දේවල් තවමත් කියවන්නට බැරි විය .//

    මේක නම් සහතික ඇත්ත. මම මේ තාමත් කියවනවා.

    පරිගනකය, මූනු පොත ගැන මගේ අදහස් ඔයා ඉදිරිපත් කරපු අදහස්වලට සමානයි. බිරින්දෑ ගැන කියපු කියමනත් ඒ වගේමයි. පින්තූරු ටිකත් හරිම ලස්සනයි. මම මේ පින්තූරුවල බින්දිව හොයනවා. :D

    ReplyDelete
    Replies
    1. ඔයා හරිම බිසී කියල ආරංචි වුනා .මන් ඉන්න එව්වා මුණු පොතට නම් දැම්මා . මන් ඔයාව මුණු පොතේ හෙව්වා . හමු වුනේ පොඩි කුමරිහාමිව විතරයි

      Delete
    2. එයා මූණුපොතේ හැංගිලා ඉන්නෙ.. :)

      Delete
  30. කාලයක් තිස්සෙම බ්ලොග් කියෙව්වේ නෑ. රීඩරේට විතරයි ලොග් වුනේ. එහෙම ලියලා නෑ කියලා වැටහුනේ නෑ. ඇයි මොකක්ද තහනමක් ගියාද?

    පෝස්ට් එක කියවලා තවත් මිස්ප්ලේස් වෙලා මම.
    අර පින්තුරේ ඉන්න නළුවා නම් මාර හැන්ඩි. හික්ස්...

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද හිටි ගමන් පොඩි පොඩි වාරණ එනවා . බ්ලොග් වලට නම් මේ පළමු වතාවට . ආ නළුවා නේද .අපෝ දැන් ආඩම්බර හිතෙයි

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. අපූරු පින්තූර .....තැන්කියු කිව්වා...
    ඔය පළාතේ එන්නට අදහසක් තියනවා. එතකොට බලන්න යන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. හා එනවා නම් කියන්න . මෙයිට වඩා බලන්න දේවල් ගොඩකුත් තියනවා

      Delete
  33. කියවන්න , බලන්න ආසා හිතුන ලිපියක්. හරිම කැමතියි මම බින්දිගෙ මේ වගේ ලිපි වලට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිදු

      Delete
  34. හරිම ලස්සන අමුතු ෆොටෝ ටික. ඇත්ත තමයි. පිටරට වල ඉන්න බොහෝමයක් අය බලන් ඉන්නේ නිවාඩුව ලැබෙනකම් ලංකාවට එන්න. අපේ නෑයෝ බොහොමයක් පිටරටවල, අපිත් බලන් ඉන්නේ එයාලා එනකම් අර සමර් වැකේෂන් එකේ. අපේ රටේ කලාවට මෙච්චර තැනක් නෑ. මෙහෙම මියුසියම්වත් නෑ. වික්ටෝරියා පාර්ක් එකේ කලා භවන හරියේ පාර දිගට පේමන්ට් එකේ චිත්‍ර ශිල්පීන් එයාලගේ චිත්‍ර විකුණන්න දාලා තියෙනවා. ඔය වෙන රට වල තියෙනවා වගේ...කලාත්මක වටරවුමක්වත් මංසන්දියක්වත් පෙනෙන්න නෑ. තවම තේරෙන්නෙ නෑ ඇයි ඒ කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපි සිගිරි ගලෙත් චිත්‍ර ඇන්ද ජාතියක් . වැඩි ප්‍රචාරයක් නැතත් ගමේ පන්සලේ පිළිම ගෙයත් හොඳ කලාගාරයක් . ඇම්බැක්ක දේවාලය වගේ තැන්වල කැටයම් කොතරම් වටිනවද . චිත්‍රයක් මිලදී අරගන්න තරම් අපි සංස්කෘතිකමය වශයෙන් ඉස්සරහට ඇවිත් නැහැ . පාරවල් දෙපැත්ත මලින් සරසන්න හොඳටම පුළුවන් අපට . ඒත් වෙන්නේ හරි අඩුවෙන් . මටත් හිතෙනවා එතැනදී අපේ පුංචි පසුබෑමක් තියෙන බව .'' ඔයිට වඩා අපට ප්‍රශ්න කොච්චර තියෙනවද '' කියන මානසිකත්වය වෙන්න ඇති . හැබැයි පුංචි දුපතක වෙනස් විවිධ දේශගුණික කලාපත් එක්ක සොබා දහම මවන සිත්තම් නම් අපමණ වටිනාකමක් ඇති වගයි මට හිතෙන්නේ

      Delete
    2. ස්තුතියි අනිත් කොන අලුතින්ම නේ ආවේ

      Delete
  35. පෝස්ට් එකේ වැඩියෙන්ම හිත් ගත්තෙ මෙන්න මේ කොටස 'පරිගණකය , අන්තර්ජාලය .... ජිවිතයේ සරු කලෙකදී පෙම් බඳින රූමත් අනියම් පෙම්වතියන්ය . ඔවුන් ලං වූ විට නැති බැරි කල දීග ආ දුප්පත් දිනපොත් මනාලිය අමතක වේ. ඔවුන් සුකොමලය . මායම් අසු හාරදාහක් දනී . විවිධාකාරයේ නවීන මොස්තරයන්ගේ සැරසෙති . කෑල්ලක් පණුවෝ කාදමන ලද ඇපල් ගෙඩියක් පැළඳිම අලුත්ම මෝස්තරයයි . ඉඳහිට මේ රුවැත්තියන් පැන යයි. යාන්තම් පය පැකිලී වැටුන කල කිසිම වැඩක් නොකර කෙඳිරි ගාන තරම් සියුමැලිය. විටක අ...නුන්ගේ බස් අසා අපට පිටු පා යයි .
    මියුසියම් එක හරි පංකාදුයි!!! අපිත් ගියා ඔය වගේ එකක් නරඹන්න. ඊටත් වඩා මේක හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔයාල ඉන්න රටේ මිට වඩා අපුරු තැන් ඇති නේද

      Delete
  36. ඕ, බින්දි ආයෙම ඇවිත්! කෞතුකාගාරය හොඳටම සිත් ගත්තා. පුළුවන් වුණු කාලෙක යන්න ඕන බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා ලොකු ළමයෙක් වෙලා ඉක්මනට එන්න බලන්න අපි මෙහෙ ඉන්න කොට .

      Delete
  37. යන්න ඕනෑ නෑම් පැත්තේ දවසක.

    ReplyDelete
    Replies
    1. කකාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ . එන්න එන්න අපි ඉන්න කාලේදී එන්න බලන්න

      Delete
  38. ලස්සන ෆොටො ටික.... ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ්

      Delete
  39. රතුපාටින් දාල තියෙන වාක්‍ය කීපය ගැන මෙහෙම හිතෙනව
    =========================================

    නෙට් එක ඉල්ලා .....
    නොලැබුණ විටදී ...
    දිනපොත වෙත මා .....
    යළිත් ගාටමී ...

    බ්ලොග් එක කෙලෙසක හෝ .....
    අමතක කරමි ...
    නොපිරූ පෙරුමන් පුරලා .....
    කුමටද ලතැවී ...

    ඔය දිනපොතෙ ‍රැඳී තිබූ .....
    නිල්පැහැ රේඛා ...
    දැක මා හදවත සසැළී .....
    ලියන්න කීවා ...

    මතු එන නව වසරේදී .....
    යළි හමු නොවෙමු ...
    දිනපොතෙ සුවඳ ‍රැඳී .....
    මට ළං වේවා ...

    ReplyDelete
  40. මමත් ආවා අද නෙළුම් විල පැත්තට නෙළුම් මල් බලන්න...!!

    පෝස්ට් එක හුගක් ආසාවෙන් බැලුවා..පින්තූර ‍‍ටිකත් හරිම ලස්සනයි....

    ReplyDelete
  41. මමත් කාලෙකින් පස්සෙ තමා නෙලුම් විලට ගොඩ වුනේ... බින්දි අක්කා කියපු පන ඇති කෞතුකාගාරය නම් සෑහෙන්න හිත් ගත්තා... අපූරු නිමැයුමක්

    ReplyDelete
  42. කාලෙකින් නෙලුම් විලේ පීනන්න ලැබුණේ බින්දි.. හරිම අපුරු ලිපියක්...

    ReplyDelete