Thursday, 5 July 2012

වියට්නාම නංගිලාගේ කරණම් ..

තැන ජාතික සර්කස් මධ්‍යස්ථානය , හැනොයි , වියට්නාමය . දිනය නම් සති කීපයකට කලින් ඉරිදාවක් . ශාලාව අඩ අඳුරුයි . මැද්දේ වේදිකාව . වටේට උසින් වැඩිවී යන පරිදි ප්‍රේක්ෂක අසුන් . වලක් වැනි වේදිකාව සරසල තිබුනේ මුහුදු පතුලක් වගේ . කාටුන් සුරංගනා කතාවක වගේ .

බොහොමයක් දේවල් ස්ව බසින් සිද්ධ වෙන රටක අපිට බොහෝ දේ මග ඇරෙනවා . මන් දැනන් හිටියෙත් නැහැ මෙහෙම තැනක් ගැන . අපේ ගෙවල් අයිති සමගම මාසෙකට වතාවක් අපිව ගමනක් එක්ක යනවා . අපේ කඩිසර කම කොච්චරද කියනව නම් ඒ එක ගමනක් වත් අපි ගිහින් නැහැ . ඉරිදා උදේ නින්ද ඊට වඩා වටිනා නිසා .

මෙදා පාර නම් ළමා දිනේ සමරන්න කියල එක්කන් ගිය මේ ගමන නම් මන් ළමයයි පොඩි ළමයින් දෙන්නයි බොහොම කැමැත්තෙන් ගියා . ඒ වෙන මොකවත් නෙමේ මේ ළමයත් ජීවිතේට වත් හරි හමන් සර්කස් එකක් දැකල තිබුනේ නැති නිසා .


ලස්සන නංගිලා දියකිඳුරියෝ වගේ සැරසිලා ...හරිම අගෙයි . මුහුද යට රාජධානියක කතාව වචනයක් වත් නොතේරුනාට රංගනය රස විඳින්න එය බාධාවක් වුනේ නැහැ. අන්තිමට අලින් . අශ්වයින් ..සුනඛයින් සහිත දසුන් නම් එතරම් රස වින්දේ නැහැ . මන් වගේම ළමයිනුත් සත්තුනට කරදර කරනවට අකමැතියි .
සර්කස් එකක් වචනයෙන් විස්තර කරන්නේ කොහොමද . මෙන්න මන් ගත්තු පින්තුර .


















''


බය වෙන්න එපා නංගි මන් ඔයාව බිම දාන්නේ නැහැ



ඔය දෙන්න මට බරක් නෙමේ




ඉස්සර ලංකාවට චීන සර්කස් ආව බව මන් අහල තියෙනව . ඒ වගේම ගමින් ගමට ගිය සර්කස් කණ්ඩායම් තිබුන බවත් කියවල තියෙනව . ඒ ඉතින් රූප මාධ්‍ය ජනප්‍රිය වෙන්න කලින් . වර්තමානයේ මන් දන්නා පරිදි අපේ රටේ මෙවැනි සර්කස් ජනප්‍රිය නැහැ එතරම් . එහෙත් මේවා ලෝකයෙන් තුරන් වෙලා නම් නැහැ . බොහොමයක් රටවල තවමත් සර්කස්වලට තැනක් තියෙනව .

සිරුර සමබරව තියාගන්න හැකිකම වගේම නම්යශිලිතාවය උපරිමයෙන් ඇති මේ මිනිස්සු ගැන නම් පුදුමත් හිතෙනවා .

මට සර්කස් කිව්වම මතක් වෙන දේවල් කීපයක් තියෙනව . එකක් ''ඇට මැස්සා'' පොතේ රිවාරෙස් . අධික පහර දීම නිසා විකෘති වෙච්ච ශරීරය නිසා සර්කස් කණ්ඩායමකට බඳවාගන්න ඔහු වින්ද අපහාස වේදනාවන් ..
රිවාරේස් මට උගන්නපු බොහෝ දේ අතර එකක් තමයි සර්කස් එකක වේවා අනෙකුත් කලාකෘතියක වේවා මනුස්සයෙක්ගේ ශාරීරික විකෘතියක් උලුප්පල පෙන්නද්දී හිනා වෙන්න නෙමේ අඬන්න හිතෙන එක .


සර්කස් කිව්වම මට මතක් වෙන තව එකක් තමයි ''සතුන් වත්ත '' කියන චීන පොතේ ඉන්න චිම්පන්සියා තනි රෝදේ පදින හැටි . ඊටත් වඩා මතක් වෙන දෙයක් තියෙනව . ඊ ළඟ  . පෝසට් එක ඒ ගැන ලියන්න තියෙන නිසා නොකියා ඉන්නම් .


මේකත් එක සර්කස් එකක් . වේදිකාවේ ලස්සන නංගිලා වගේම මෙයත් ජිවන රඟමඩලේ සර්කස්කාරියක්. ..


සර්කස් බලල ආවට පස්සේ අපේ ගෙදරත් පොඩි සාම්පල රඟ දැක්වුනා ..පුටු උඩ ඇඳන් උඩ ඔලුවෙන් හිටගැනීම් ආදිය. තොල් පලාගැනීම් ඔලුව ගෙඩි ගැසීම් හෙමත් සිද්ධ වුණා.

ප. ලි .
සර්කස් සත්තු දිහා බලල අපිට නම් බොහොම දුක හිතුනා . සතුන්ට වද දලා අපි ලබන සතුටක් මොකටද . මගේ මේ සිතීම නිසා අපේ දෙන්නගේ සුරතල් සතෙක් ඇති කිරීමේ සිහිනය ඉටු කරගන්න බැරි වෙලා තියෙනව . ඒ ගැන නම් දෙන්න අමනාපයි . අපි පොඩි කාලෙත් හාපැටව් , ලේන් පැටව් ඇති කරන්න හැදුව නේද කියල හිතෙද්දි පොඩි දෙන්න ගැන පව් කියලත් හිතෙනවා .

94 comments:

  1. ඇට මැස්සා පොත මම තුන් පාරක් විතර කියෙව්වා.. ඒත් රිවාරෙස්ව මතක නෑ.. කතාවත් නිකන් ලාවට වගේ තමා මතක.. එක අතකින් ඒක හොඳයි.. එතකොට පොත ආයෙ කියවලා රස විඳින්න පුලුවන්..

    සර්කස් ගැනනම් මගේ උනන්දුව හීනයි.. ජීවන රඟ මඩලේ සර්කස් කාරි වගේම වේදිකාවෙ ලස්සන නංගිලත් ඕවා කරන්නෙ ජීවත් වෙන්ඩ නේද ? එක අතකින් ඒ නංගිලා පවු..

    ReplyDelete
    Replies
    1. ඔයා ආයි කියවන්න ඉන්නවා නම් මන් ඒ ගැන නොකියා ඉන්නම් . සර්කස් ගැන මගෙත් ඒ හැටි ආසාවක් නැහැ . ඒ නංගිලා පව් තමයි .ජීවිතේම ලණුවක එල්ලිලා වගේ . හැබැයි හැබෑ ජිවිතේදීත් අපි හැමෝම යන්නේ අතුරක . හැමදාම අවදානම් දවසක් .

      Delete
    2. @සෙන්නා,

      ඇයි ‍බොලං, පොත තුන් පාරක් කියවලාත් ඒකේ ති‍යෙන චරිත මතක නැත්තං උඹව එල්ලන්ට වටිනවා නෙවැ.. :D

      Delete
    3. @බුරා,
      +++
      එල්ලා විතරක් මදි අප්පා..හම ගහන්න ඕන..:D

      ඔය පොත මම හිතන්නෙ මම විසි පාරකට වැඩිය කියවලා ඇති..ඒත් තාමත් එකෙන් දැනෙන රසය අඩුවෙලා නෑ..

      Delete
    4. @ බූරෝ,

      මේකනෙ මචෝ වැඩේ.. ඕය තුන් පාරක් කියෙව්වෙ අවුරුදු විස්සක වගේ කාල පරාසයක් ඇතුලත.. අන්තිම පාර කියෙව්වෙ මගෙ හිතේ අවුරුදු හතරකටත් උඩදි.. ඉතින් කොහොමද බන් ඔය පොත්වල ඉන්න චරිත මතක තියන් ඉන්නෙ.. බොහොම ටික දෙනයි එහෙම මතක.

      @ රූ,

      මේ ඔයා නිකන් පෝර නොදා ඉන්නවද ? වැඩිය කෑගැහුවොත් මම අර නම කියනවා හරිද.. ? :-) :D සමඟ හිකිස්ය..

      Delete
    5. මමත් ඔය පොත මුලින්ම කියෙවුවෙ අවුරුදු විස්සකට විතර කලින් තමා.. අන්තිමට කියෙවුවෙ මීට අවුරුදු ගානකට කලින් (පොත ගෙදර තිබ්බත්).. :D

      Delete
    6. ඇට මැස්සා කියවල හොටු පෙරාගෙන අඬල, ඒකෙ කෑලි පොත්වල ලියාගෙන, එක නාඩගමක් නැටුව මට මතකත් නැහැනේ රිවාරෙස්...ප්‍රධාන චරිතේ එයාද?
      මට මතක මෙන්න මේක විතරයි :(
      'මිනිසුන් නුඹට ආදරය කලත්, නොකලත්, වැදගත් වෙන්නේ නුඹ කරන කියන දේවල්'

      Delete
    7. සික්! ඒ ටික කිවුව කැත.. grrr... :@

      "ඇත්ත මම වැරදි ඇති - ඒත් මම හිතන්නෙ මගෙ හිතට අදහස් එන විදියට"
      -ආතර් බර්ට්න්-

      Delete
  2. මම ජීවිතේටම සජීවීව සර්කස් එකක් දැකල නෑ. මටත් බින්දි අක්කට වගේ සත්තු කො‍ටුකරගන වදදෙන එකටනම් හරි දුකයි. හැබැයි පුංචි දෙන්නගෙ ආසාව ඉෂ්ට කරන්න පූසෙක් හරි බලු පැට්ටෙක් හරි හදන එකනම් සතාට වදයක් නෙමේ මගෙ හිතේ. ඔය බලු බබාල හරි ආසයිනෙ මිනිස් ආශ්‍රෙට.

    ReplyDelete
    Replies
    1. මේකනේ රෝස කුමාරි . අපි මෙව්වයේ ඉන්නේ එක කකුලක් එළියේ තියන්නේ . මේ උඩු මහල් වල බලු පැටව් හැදුවම එයාලව අවිද්දවන්න යන්න ...වැසිකිලි එක්ක යන්න ...හොඳම හරිය එයාලව අරන් යද්දී ප්ලාස්ටික් බෑග් එකක් අරන් අතේ ග්ලවුස් දාගෙන පස්සෙන් යන්න එපාය .හරියට වැටෙන්නේ මුතු මැණික් වගේ . සිකේ මට නම් බැහැ. පුසෙක් හැදුව කියමුකෝ . සති ගණන් නිවාඩු යද්දී එයාලව බලාගන්න වෙනම තැන වල තියන්න වෙනවා . කොටින්ම තව ළමයෙක් වගේ තමයි. මන් ඔහොම කිව්වම අපේ ලොක්කි කියනව ''ඉතින් අම්මට තව ළමයෙක් හිටිය නම් අහක දානවද'' කියල . කවදා හරි පොළෝ මට්ටමේ ගෙයකට ගියොත් බලු පැටියෙක් ගෙනත් දෙනවා කියල හිතන් ඉන්නේ .

      Delete
  3. සර්කස් කියන දේ ලංකාවේ කෝම උනත් ලෝකෙන් නම් තාම තුරන් වෙලා නෑ.. අපෙත් කතානියා වලට හැම නත්තලකම එනවා.. හැබැයි අවුරුද්දෙන් අවුරුද්ද ගුණාත්මක බව නම් අඩුයි සර්කස් එකේ.. කාලයත් එක්ක ඒකත් අයින් වෙලාම යනවද කියන්නනම් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රටවල් ගැන තමා මටත් මතකෙට ආවේ දිනේෂ් . මන් කිව්ව ඇට මැස්සා පොතත් ඉතාලිය ගැන .

      Delete
  4. බින්දිගේ පින්තූරු හරිම ලස්සනයි. ඒවා දැක්කාම මට ඔලුවට ආවේ Krrish හින්දි ෆිල්ම් එකේ එන ගීයක රූප රාමු. ෆිල්ම් කරලා තිබුනේ සිංගප්පූරුවේ. හරිම සිත්ගන්නා සුලුයි. වර්ණ ගොඩයි.

    සතුන් ඇති කරන එකේ නරකම දේ හැටියට මට පෙනෙන්නේ එයාලා ඉක්මනින් අපිව දාලා යන එක. ඒ වෙලාවට හිතට එන හැඟීම් ඉතින් වචනෙන් විස්තර කරන්ටත් බෑ. හරියාටම පවුලේ කෙනෙක් නැතිවෙනවා වගේමයි. පොඩ්ඩිටත් ඉතින් බලු පොඩ්ඩෙක් ඉන්නවා. එයා හදන්නේ අම්මා හන්දා ගානක් නෑ. ගෙදර කවුරුත් නැති වෙලාවට එයා නිදන්නේ බාස්කට් එකක පොඩ්ඩිගේ ඇඳ ලඟ. එලියට යන්ට ඕනි උනාම ඇඳ ලඟට ඇවිත් ඉස්සිලා පොඩ්ඩිගේ මූන බලනවා. අනික් දවස්වලට ඉන්නේ එලියේ. ඒ වගේ කෙනෙක් ඉතින් තනියටත්, ආරක්ෂාවටත්, හොඳයි. පොඩි අයට වගකීම පුරුදු කරන්ටත් හොඳයි.

    පුලුවන් වෙලාවක පොඩි දෙන්නාට බලු පැටියෙක් හදන්ට ඉඩ දෙන්ට. ඔන්න මම ඒ පැත්තට කතා කලා.:)

    ReplyDelete
    Replies
    1. මන් ආසයි krish එකේ පලවෙනි කොටසටත් ''කොයි මීල් ගයා ''එකට . අර දාදු කියන එලියන් ඉන්න එක. ET එකේ අමු කොපියක් වගේ පේන්නේ. ඒත් ලස්සනයි . පොඩ්ඩි ට අපේ දෙන්න උම්මා ගොඩක් දෙයි බලු පටියට චන්දෙ දුන්නට
      ''පොඩ්ඩිටත් ඉතින් බලු පොඩ්ඩෙක් ඉන්නවා. එයා හදන්නේ අම්මා හන්දා ගානක් නෑ. ''අන්න ඒ කොටස තමා ප්‍රශ්නේ . මමනේ මෙතන අම්ම

      Delete
    2. "මමනේ මෙතන අම්මා" මේක තමා මම මෙතන ලියලාතියන ඒවගෙන් කැමතිම ඒක. :) ආසාවෙන්ම කියවන බ්ලොග් එකක්.කවදාවත් හිතට ප්‍රශ්නයක් නැතුව දෙයක් ඉගෙනගන්නත් එක්ක කියවන්න පුළුවන් බ්ලොග් එකක්.හැබැයි අද තම පළවෙනියට කමෙන්ට් එකක් දාන්නේ.

      මී පැටියෙක් ගෙනත් දෙන්න.

      Delete
    3. ගොඩක් ස්තුතියි මාල්. ඔයාගේ කමෙන්ටුව මට ලොකු සතුටක් ගෙනාවා . ඔයා කිව්වා වගේ මගේ යාලුවෙක් බේරෙන්න බැරිතැන හම්ස්ටර් මියෝ දෙන්නෙක් ගෙනත් දුන්න ළමයින්ට

      Delete
  5. සර්කස් ලංකාවෙත් තියෙනවා, ඒත් හොද මාර්කට් එකක් නෑ. වැඩි දෙනෙකුට සර්කස්වල අමුතු දෙයක් නැති නිසයි ඒ. මොකද හැමෝම වගේ ජෟවන රගමඩලෙ සර්කස් කාරයෝ හින්දා.

    "ඇට මැස්සා" මගේ ඇත්ත ජීවිතයත් එක්ක සම්බන්දයක් තියෙනවා.මොකද මාත් හිටපු "කැරළි කාරයෙක්"

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔය ටික කියන්න ඔයා මෙහෙම ඉන්න එකට . හොඳ ජිම්නාස්ටික් සහිත සර්කස් වලට පුහුණු වෙන්න ලොකු කපවිමකුත් ඕනනේ . අපේ රටේ ජිම්නාස්ටික් එච්චර ජනප්‍රියත් නැහැනේ . චිනේ වගේ රටවල අය ඒවාට දක්ෂයි . තද පුහුණුවකුත් ලැබෙනවා ,. ශරිරත් එච්චර බරපතල නැති එක හේතුවක් වෙන්න ඇති

      Delete
  6. බින්දිට මතකද ඇටමැස්සා ‍‍පොතේ මේ කෑල්ල.?? රිවාරේස් ජෙම්මාට එයාගෙ බ්‍රසීල ජීවිතේ ගැන කියනකොට, ඔය සර්කස් එකේ ජීවිතේ, අන්තිමට දවසක් මිනිස්සු එයාට කුණු තක්කාලි, ‍කෙ‍හෙල්ගෙඩිවලින් ගහපු කතාව කියනකොට ජෙම්මා දෑතින් කණ්දෙක වහගෙන කෑගහනවා "ඇති ඇති, දෙයියන්ගේ නාමෙට ඕක නවත්තන්න, මට තවත් අහගෙන ඉන්න බෑ" කියලා.. ම‍ගෙ ඇස්දෙකට කදුළු උනපු තැනක්..

    එක අතකට ඒ පොතේ ‍කොතනදිද ඇහැට කදුළු උනන් නැත්තෙ..!?

    ......................................

    පොඩි එවුන්ට හුරතලේට බලුපැටියෙක් හරි ගෙනත් දෙන්න, පවු අප්පා උන්දෙන්නා.. පුංචි කාලෙ නැතිව නාකිවෙලා සත්තු හුරතල් කරන්ටයැ.. ළමයෙකුට ඒක ලොකු අඩුවක්.. දන්නවද, මං පුංචි කාලෙ අපේ ගෙදර බල්ලො දෙන්නෙකුයි, පූ‍සෝ දෙන්නෙකුයි හිටියා, අක්කටයි මටයි එකා ගානෙ.. අපට ඒත් මදියි, ඒ නිසා පස්සෙ තවත් බල්ලෙක් ආවා.. :D

    ReplyDelete
    Replies
    1. ඇයි බුරෝ මට අමතක . මගේ එවර් ලවින්ග් පොතක් ඕක . යව්වන ආතර්ට ජෙම්මගෙන් ලැබෙන
      කම්බුල් පාර ...ඊටත් වඩා දරුණු මොන්ටිනෙල්ලි ගැන ඇත්ත එලිවීම ..දකුණු ඇමරිකාව ..රිවාරෙස් වෙලා ආපහු එන ආතර් ..

      ''ජිවත් වුවත්

      මිය ගියත්

      මම වාසනාවන්ත මැස්සෙක් ''

      සුගතපාලද සිල්වා මහතා අඩු නොකියන්න පරිවර්තනය කරලා තියෙන නොමියෙන පොතක්


      ඔන්න බලු පැටියට චන්ද දෙකායි

      Delete
    2. හපොයි! සම්පූර්ණයෙන්ම වැරැදියි.. ඕක මෙහෙමයි එන්න ඕන..

      එවිට මා
      ජීවත් වුවත්
      මියගියත්
      ප්‍රීතිමත් මැස්සෙක්මි

      පොතේ ඔය හරිය මට කටපාඩම්, රිවාරේස්ගෙ අන්තිම ලියුම..

      ".. එහෙත් මියයන හදවතකට එක් පුද්ගලික මනාපයකට හිමිකම් කිව හැක. මගේ මනාපය මෙයයි. මා හැමවිටම ඔබ හමුවේ බුම්මාගත් මෘගයෙකු මෙන් හැසිරුනේ මන්ද. නොකීවත් ඊට හේතු ඔබ දනී. එහෙත් ලිවීමෙන් ලබන සතුට නිසා ලියමි. කොටු වැටුනු ගවුම් පොඩියකින් සැරසී කොණ්ඩා කරලක් පිට දිගේ වක්කර‍ගෙන පුංචි කැත කෙල්ලක්ව සිටි අවදියේත් මම ඔබට ආදරය කලෙමි; දැනුදු ආදරය කරමි. මා ඔබේ දෑත් සිප ගත් දිනයේ ‍"ආයෙත් එහෙම කරන්න එපා" යි ඔබ බැගෑපත්ව ඉල්ලා සිටියා මතකද? දැන් මම ඔබේ නම ලියැවුනු මේ කොලය සිපගනිමි. ඉතින් මා දෙවරක්ම ඔබව සිපගෙන ඇත. දෙවරම අනවසරයෙනි.

      එපමනයි ආදරණීය ප්‍රියාදරිය .."

      Delete
    3. එවිට මම

      ජිවත් වුවත්

      මියගියත්

      වාසනාවන්ත මැස්සෙක් මි .
      මෙන්න පොත අතේ තියන් මේක ලිව්වේ, අනික් ටික ගැන නම් බුරාගේ මතකය හරිම හොඳයි ''ලොවිච්චි සහිත කොටු ගවුම් කොටයකින් ......

      Delete
    4. මම ඒකනෙ ඕකා ඇවිදින පුස්තකාලයක් කියන්නෙ.. යකෝ අවුරුදු ගානකට කලින් කියවපු පොතක මේ වගේ දිග ඡේදයක් මතක තියනවා කියන්නෙ උඹ අදහන්ඩ ඕනා පොරක්..

      Delete
    5. කියවන කියවන වාරයක් ගානෙ ඇඬෙන පොතක් ඇට මැස්සා. :'(

      මමනම් ආසයි සර්කස් බලන්න. පොඩි කාලෙ අම්මලා එක්ක ගියා දෙසරයක්. මට මතක විදිහට එකක් සර්කස් පැසිෆියා වගෙ නමක්. අනික ඇපලෝ සර්කස්.

      ඊට පස්සෙ බලන්න හම්බුණේ දැනට වසර කිහිපයකට උඩදි මගෙ යාළුවෙක්ගෙ සාදර අනුග්‍රහයෙන් චීන සර්කස්.

      එදා ඉඳන් බලන් ඉන්නව ආයෙත් ආවොත් බලන්න යන්න. තාම අවස්ථාවක් නොලදිමි.

      බින්දි, ගෙනත් දෙන්න පූස් පැටව් දෙන්නෙක්. :D පව් පොඩි උන්.

      Delete
  7. බැඳලා තියන්නෙ නැතිනං බල්ලෙක් පූසෙක් හිටියට මොකෝ බින්දි? උන්ට ආදරේ තරමට හෝ ඊටවඩා උන් අපට ආදරය කරනවානේ

    ReplyDelete
    Replies
    1. තට්ටු හතක උඩ ජිවත් විමනේ කවිකාරි පරශ්නේ ..ඉස්සර අපේ දිහා බල්ලෙක් පුසෙක් වරදින්නේ නැහැ . ඔය ගැන රස කතා ගොඩරියකුත් තියෙනව

      Delete
    2. මම තට්ටු හතරක් උඩ ඉඳලනම් පූස් පැටියෙක් හදල තියෙනවා. ඌත් අංගවිකල, හරියට ඇවිදින්න බැරි එකෙක්.
      මේවා ඇවිල්ලා අම්මලා විසින් ළමයින් රවට්ටන්න ගොතන බොරු හේතු

      Delete
  8. ලස්සන පින්තූර ටික.
    ඇට මැස්සා කියවා නැත.කියවිය යුතු පොත් ගොඩට එයත් දමාගත්තෙමි.
    සර්කස් බලා නැත. ආසාවක්ද නැත.
    හුරතල් සතුන් හැදීම ගැන කියනවා නං ගෙදර බල්ලන් දෙදෙනෙකු සහ පූසන් දෙදෙනෙකු ඇත.
    එක පූසියකගේ නම “බින්දි“ ය :P

    ReplyDelete
    Replies
    1. "මරණය සොයා එයි නම් මා
      වැළඳ ගනිමි මම
      මනාළියක මෙන්,
      මීට අවුරුදු 15කට විතර කලින් කියවපු ඇට මැස්සා මගේ ජීවිතයේ මං කියවපු වටිනාම පොතක්...මැක්සිම් ගෝර්කි කිව්වා වගේ හපා ජීර්ණය කර ගත යුතු පොතක්....

      Delete
  9. හුරතලේට ඇයව අමතන්නේ “බින්දි අක්කා“ කියාය :D

    ReplyDelete
    Replies
    1. මන් පුස් බින්දිව මතක් කළා කියන්න . ඔන්න බලන්න ඔයාට නම් මාව හැමදාම මතක් වෙනවා නේද . ඇට මැස්ස කියවන්න . සමාජ විප්ලවයකට වඩා මනුස්සයෙක්ගේ චිත්ත විප්ලවයක් ඇති පොතක්

      Delete
  10. මම නම් බලපු සුපිරිම සර්කස් එක චීන සර්කස්.. ලංකාවෙ තාමත් ගමින් ගමට යන සර්කස් තියෙනවා.. එව්වා නම් එච්චර කොලිටි නෑ.. ඒත් ටිකට් එකේ ගාන හැටියට නම් ඇති..

    ReplyDelete
    Replies
    1. අන්න හරි ලංකාවේ බොහෝ දේවල් තවම මිල අඩුයි ලෝකේ හුඟක් තැන්වලට වඩා .

      Delete
    2. මිල අඩුයි?? ලංකාවෙ ඉන්න තිබුනෙ..

      Delete
    3. මන් කිව්වේ චිත්‍රපට , නාට්‍ය සර්කස් වගේ ඒවායේ . බඩු මිල ගැන නම් නෙමේ . ඇයි අපට කොච්චර නාටක නොමිලේම පෙන්නනවද . ලඟදි මැතිවරණයක් හෙම නැද්ද .DD ඕගොල්ලන්ට අගේ නැති හැටි

      Delete
  11. මරු සර්කස් ටික !!!
    මාළු ටැංකියක ඉදන් සර්කස් කරනවා වගේ .... මරු

    ReplyDelete
    Replies
    1. න්න ඔයාට තේරුනා මේක වේදිකාව පහල නිසා මුහුදයට ගතිය හොඳට දැනුනා

      Delete
  12. මුහුද යට රාජධානිය කිව්වම මට මතක් උනේ අත්ලාන්තිස්!. මටත් බල්ලෙක් ඇති කරන්ට කොච්චර ආසාව තිබ්බත් කරන්න බැරි බින්දි ඔය කියල තියෙන හේතු නිසා තමයි. ලංකාවෙ නං ගෙදර බලු නයිදේ කෙනෙක් ඉන්නව. හැබැයි දකින්න ලැබෙන්නෙ ඉතින් අවුරුද්දට එක පාරයි :(

    ReplyDelete
    Replies
    1. ඔව් මුහුදු ඇට්ලන්ටිස් වගේ තමයි. little mermaid කාටුන් එකත් මතක් වුණා. බලු නයිදේ බලන් ඉන්නවා ඇති මුහුදු එනකම්

      Delete
  13. බිංදුමතී අක්කා,
    ඇත්තට මාලු ටැංකියක වගේ නේන්නම්.... අර වටේ තියෙන මල්, සතුන්ගෙ පින්තුරු හදලා තියෙන්නෙ මොනාගෙන්ද?

    ගෙදර සතෙක් ඇති කිරීම වරදක් වෙන්නෙ ඌ හදන හැටියෙනුයි නේද? බල්ලෙක් පූසෙක් වගේ අවුලක් නෑ මම හිතන්නෙ. මොකද ඒ ‍ගොල්ල කොහොමත් කැලැවෙ ඉන්න සත්තු නෙමෙයිනෙ. හැබැයි ලේනෙක් කුරුල්ලෙක් මාලු‍වෝ වගේ හදනවානම් එතන ලොකු අසාධාරණයක් වෙනවා. අපේ සතුට වෙනුවෙන් උන් හිර බත් කන නිසා. එතකොට සර්කස් කණ්ඩායම් වල ඉන්න සත්තු ගැන අමුතුවෙන් කතාකරන්න ඕනි නෑනේ.

    ඒ අනුව මම යෝජනා කරනවා බලුපැට්ටෙක් බබාලාට අරගෙන දෙන්න කියලා. හැබැයි අමතක කරන්න නරකයි "අපි වැඩියෙන් ආදරේ කරන අයයි අපිට වැඩියෙන් දුක දීලා යන්නෙ" කියලා.

    ReplyDelete
    Replies
    1. ආ...........තව ගැටලුවක් එනවා. ඕගොල්ල ගමන් යද්දි එයා ගැන බලන්නෙ කව්දැ?

      Delete
    2. බලු පැටියට චන්ද වැඩි වේගෙන යනවා ..ඒක තමා ලොකුම ප්‍රශ්නේ . අපි විතරක් යද්දී බනිලගේ තාත්තට බාර දෙන්න බැහැ. පොඩි කාලේ එයාගේ නගාගෙ සුරතල් බලු පැටවුන්ට මහා නරකට සලකල තියෙන බවයි ආරංචිය . අපි සේරම යද්දිත් බලාගන්න කෙනෙක් නැහැ .

      මාළු ටැංකිය සරසපු දේවල් නම් මන් හිතන්නේ ෆ්ලාස්ටර් ඔෆ් පැරිස් හරි ෆෝම් වර්ගයක් හරි . සේරම ත්රිමානයි . තව පැත්තකින් සබන් බෝල මැසිමකුත් තිබුනා . විඩින් විඩේ සබන් බෝල විද්දා..

      Delete
  14. බින්දිගේ පිහිටෙන් අපිත් වියට්නාම් සර්කස් එකක් නම් බලාගත්තා..ස්තුතයි ගොඩක්

    මේ වගේ චීන සර්කස් එකක් බලන්න අපි හිටිය පැත්තෙ ටවුන් හොල් එකට අපි පොඩි කාලෙ. අප්පච්චි මල්ලිවයි මාවයි දවස් දෙකකට එක්කං ගිහින් කර උඩ තියාන සර්කස් එක පෙන්නුවා තාමත් මතකයි.ඒ සර්කස් බලන්න සෙනඟ වැඩි නිසා..

    රිවාරේස් ගෙ සර්කස් කෙරුවාව තමයි මෙච්චර කාලෙකට මට පොතක් කියවලා ගොඩක්ම ඇඬුන සංවේදීම සිද්ධිය. එයා ඒ ගැන ජෙම්මාට විස්තර කරද්දි මිනිස් සංහතිය ගැනම ලොකු පිළිකුලක් ඇතිවුනා...

    ReplyDelete
    Replies
    1. අපි පෙරහැර බලද්දිත් තාත්තගේ කරේ නැගල තමා බැලුවේ පොඩිම කාලේ . ඔව් රූ ..ඒ පොත කියෙව්වා කෙනෙක් කවදාවත් කායික ආබාධයකට හිනාවෙන්නේ නම් නැහැ .

      Delete
  15. මේකකියෝලාමටමතක්උනේ,කුකුල්පොර,ගොන්පොර.සර්කස්වලනම් සත්වහිංසාවඅවමයිනෙ.ඒත්අරදේවලදි ඒසත්තුකොච්චරඅසරණද මිනිස්සුන්ගෙසතුටවෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. සර්කස් නම් තව හොඳයි තමයි. ඔය පොර කන්න දාල ම්ලේච්ච සතුටක් ලබන්නේ මොකටද මන්ද .මෙහෙත් ඉන්නවා තැන තැන පොර කුකුල්ලු කොටවන අය

      Delete
  16. පින්තූර මෙහෙම ලස්සනනම් සජීවීව මේවා කොහොම ලස්සනට තියෙන්න ඇතිද.... හැබැයි මටත් හරිම දුකයි මේ සතුන්ට හිරිහැර කරන කූඩු කරන් ඉන්න සර්කස් ගැනනම්

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා මේක එච්චර පොහොසත් රටක් නෙමේ වුනත් මෙවැනි දේවල් තියෙනවා . බලන්නත් මිනිස්සු ඉන්නවනේ .

      Delete
  17. aබින්දි කියන කතාව ඇත්ත. මමත් සර්කස් බලන්න කැමති නැහැ සත්තුන්ට වදදෙන එකනිසාම නෙවේ....,ඒත් ඒඅය ජීවිතය පරදුවට තියල අපිව පිනවන එකට මම ආස නැහැ. මමනම් සත්තු ඇතිකරන එකට කැමති නැහැ.
    අපේ පැත්තෙ ගෙදරක රට බල්ලෙක් ඈතිකරා හොඳට පිරිසිදුවට ,ඒ වුනාට ඒ ගෙදර පුන්චි පුතාගෙ කන නිතරම කකියනව කියල බෙහෙත් ගත්තත් හරිගියේ නැහැ බලනකොට කිනිතුල්ලෙක් ඇතුලුවෙලා පැටවුනුත් දාල තව කල්ගියානම් වෙනදේ හිතාගන්න බැහැ..!

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්න මතක් වෙනවා. අපි පොඩි කාලේ සත්තුන්ට ඇවිදලා නිදහසේ ඉන්න මිදුල් ඉඩ තිබුන නිසා ගේ ඇතුලට ගත්තේ නැහැ . අපි පුසෝ වුනත් පුටු උඩ හෙම ඉන්නවට අකමැතියි . මේ ගෙවල් වල කොහොම කරන්නද . ඔන්න විරුද්ධව චන්ද එකයි

      Delete
  18. Replies
    1. බලන්න වටිනවා වගේ . අපේ වැම්පයර් කොලුත් ඉන්නවනේ මේකේ .

      Delete
  19. චීන සකර්ස් දැක්කට වියට්නාම් සර්කස් දැක්කමයි.... ලස්සන චායා රූපටික.... වියට්නාමයට එන්නම ඕනේ වියට් සර්කස් බලන්න .....වියට්නාමයේ නංගිලා ලස්සන වුනාට ටිකක් සැරයි නේද? හි...හ් හී.... මම හැම පොස්ට් එකකටම කොමන්ට් දාන්න බැරිවුනාට(කාර්ය බහුල නිසා) නෙලුම් විලෙ හැම පොස්ට් එකක්ම කියවනවා....

    ReplyDelete
    Replies
    1. කුෂ්ට නම් සැහෙන අත්දැකීම් තියෙනවා වගේ . මේ නගාල ගැන නම් ගොඩක් ලියන්න පුළුවන් . මොකටද ඉතින් . මන් දන්නවා ඔබ මේ ලිපි කියවන බව නොවරදවා

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබ පළමු වරට මෙහි ආපු එකට සතුටුයි . ඒත් ඉතින් මේ කමෙන්ටුව මේ පෝස්ට් එකට එහෙම නැත්නම් මේ බ්ලොග් එකේ වෙන පෝස්ට් එකකට අදාළ දෙයක් වුනා නම් මන් වඩා සතුටුයි. එහෙම නැත්නම් බ්ලොග් ලින්ක් දැමීමත් මට ප්‍රශ්නයක් නෙමේ . හැබැයි ඉතින් මන් මේක මඩ වලක් කරගන්න කැමති නැහැ . අමනාප වෙන්න එපා මන් මේ කමෙන්ටුව මකා දමනවා කනගාටුවෙන් වුනත් . මෙහෙම දෙයක් වුන පලවෙනි වතාව නිසයි කණගාටුව .

      Delete
    2. මෙච්චර ලස්සනට තියාගෙන ඉන්න මෙතනත් කැත කලාද..!!??

      Delete
    3. මොකෙක්ද මූ ? අර රූගෙ බ්ලොග් එකෙත් මූ ජරා කරලා, හෝදලා තිබුනා..

      Delete
  21. හරිම ලස්සනයි බින්දි.
    සත්තුන්ව සර්කස් වලට ගන්නවට නම් මම හරිම අකමැතියි. එයාල එන්නෙ තමන්ගෙ කැමැත්තෙන් නෙමේනෙ.මොන අරමුණකින් ආවත් මිනිස්සු නම් එන්නෙ තමන් කරන්න යන්නෙ මොක්ද්ද කියල දැනගෙන.

    ඇට මැස්සා.......! පුදුමාකාර පොතක්. මේ තරම් පොත් කියවලා තියනව, ඒත් සමහර වෙලාවට හිතෙනව ඒ වගේ තේමාවකින් ලියවුන ඊට වඩා හොඳ පොතක් තවමත් බිහි වෙලා නෑ කියල.

    මට water for elephants චිත්‍රපටයත් මතක් වුණා

    ReplyDelete
    Replies
    1. සිදු ..සතුටුයි පොත කියවපු අය ගොඩක් ඇති බව දුටුවම . කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැනේ . සතුන්ට වද දීලා ලබන සතුට මොකටද නේද .

      Delete
  22. හරිම ලස්සන පෝස්ට් එකක්.හරිම වර්ණවත්.මං නම් තාම සර්කස් එකක් ඇහින් දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිසුපා ..

      Delete
  23. මමත් ලඟදි බැලුවා ඉතාලි සර්කස්. ඒ මම බලපු පළවෙනි ෂෝ එක. ඉතින් රසවින්දනයක් තිබුනා. ටීවී එකේ බලපුවා වගේ අලුත් දෙයක්නම් තිබුනේ නැහැ.

    පින්තුර වගයකුත් ගත්තා එත් මේ තරම්ම ලස්සන නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක ළමා දිනය වෙනුවෙන් හදපු නිසා වෙන්න ඇති මෙච්චර වර්ණවත්
      අනික photographer ගේ හොඳ කම . අපොයි ඔය පින්තුර ගන්න ඕන ඔහොම නෙමේය ..කියල මටත් උපදෙස් ගොඩක් ලැබුන . හැබැයි ඒ ගෙදර ආවට පස්සේ
      D

      Delete
  24. Replies
    1. බලල තියෙනව වගේ මතකයි .'' මගේ නම විකටයා '' ...අපි නම් හින්දි දන්නේ නැහැ
      D

      Delete
  25. ඇයි, බින්දි ඇපලෝ සර්කස් එක බැලුවේ නැද්ද? මම හිතන්නේ ලංකාවට ආවේ හැත්තෑ ගණන් වල අගභාගයේ හෝ අසු ගණන් වල මුල් භාගයේ. අම්ම මා එක්කගෙන ගිය බව මතකයි. ඒක රුසියානු සර්කස් එකක්. ඒ දවස්වල ලංකාවේ අතිශයින් ජනප්‍රිය උනා. අපි පැය ගණනක් පෝලිමේ ඉඳල තමා ඇතුළට ගියේ. අපිත් එක්ක ගිය මගේ ඥාති අක්කට කලන්තෙකුත් හදුනා. ඔය ඔන්චිල්ලා පැදිලි, කම්බියේ ගමන්කිරිලි වගේම සත්තුන්ගේ අංගයකුත් තිබුනා මතකයි. ඒ පුංචි අවදියේ උනත් සත්තුන්ගේ අංගය නම් මම රසවින්දේ නැහැ. සත්තු ගැන දැඩි අනුකම්පාවක් නිසා නම් නෙමෙයි, ඒකෙ කිසි රසයක් මම දැක්කේ නැහැ.

    අට මැස්සා ගැන කියූ නිසා මටත් ඒ ගැන කට පියන් ඉන්ට බැහැ. බින්දි වගේම මමත් මිනිස්සු පොදුවේ යමකට උපහාසයෙන් හිනා වෙනකොට එයට හිනා විය යුතුද, නැද්ද යන්න දෙවරක් හිතන්නට පෙළඹුනේ ඇට මැස්සා කියවීමෙන් පසු. ඔය ප්‍රස්තුතයම ප්‍රන්ශුවා ටෲෆෝ ගේ The Wild Child චිත්‍රපටයත් වෙනත් ආකාරයකින් මතු කළා.

    ReplyDelete
    Replies
    1. නැහැනේ මට බලන්න ලැබිලා නැහැ . කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියන දේ මන් විශ්වාස කරන්නේ ඔය නිසයි . සම්පුර්ණම නැතත් ජිවිතයේ සැබෑම වෙනස්කම් සිදුවුනා මටත් කියවීම නිසා . පොත් ගුල්ලටත් එහෙමයි කියා දන්නවා . අපේ කට්ටියෙන් අනික් අය තවම කියවනවද දන්නේ නැහැ නේද .

      Delete
  26. චීන සර්කස් එකක් තිබුණා මට මතක හැටියට "ෆැසිපියා" කියලා කුඩාම කාලෙ බැලුවෙ. හැබැයි ඊට පස්සේ දේශීය සර්කස් නම් බැලුවා ඒත් ඒවා අර තරම් ලස්සන නෑ.

    මමත් සුගතපාල සිල්වා පරිවර්තනය කළ ඇට මැස්සා කියවලා නැහැ. මේ පංතූර ටිකනම් දකින කොට මේ සර්කස් ලස්සනට තියෙන්න ඇති කියල හිතුනා.

    වියට්නාමය දැන් දැන් සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක්. විශේෂයෙන්ම ආසියාවට එන සංචාරක පිරිස තම රටට ගෙන්න ගන්න ඔවුන් දැන් දැන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    ඒත් අපේ රටේ නම් එවැනි දේ පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. සංචාරක ව්‍යාපාරය නම් අන්තිම හොඳයි තමයි . මේවා වැඩිය කතා කලොත් එතන දේශපාලනය වෙනවනේ . මෙහෙ මාකට් කරන බොහෝ දේවල් අපිටත් එහෙමම නැත්නම් වඩා හොඳට තියෙනව '

      ඇට මැස්ස නම් අද කියෙව්වත් එපා නොවේවි ..

      Delete
  27. මම නම් පොඩි කාලෙ සර්කස් එකක් බලන ගානෙ ලොකු වුනාම ඇක්‍රොබැට් කෙනෙක් වෙන්න හිතාගත්තා. :)
    //අපේ ගෙවල් අයිති සමගම මාසෙකට වතාවක් අපිව ගමනක් එක්ක යනවා //
    ඒකට අපේ ගෙවල් අයිති කාරයො. අපිව මරාගෙන කන්නැති ටික විතරයි!! :(

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිහ් වාසනාව අප්පා . එච්චරම දරුණු මොකෝ . මෙහෙ ටිකක් මිනිස්සුන්ට සලකනවා හොඳයි

      Delete
  28. චීන සර්කස්වලටත් වඩා හොඳයිද ???

    ReplyDelete
    Replies
    1. චීන සර්කස් මන් දැකල නැහැනේ හසිත . මට හිතෙන්නේ ජිම්නාස්ටික් වලට චීනය තමා එක

      Delete
  29. මේ සර්කස් එක අනිත් එව්වට වඩා විශේෂයි වගේ, කලාත්මක බවක් තියෙනවා
    "සතුන්ට වද දලා අපි ලබන සතුටක් මොකටද" එකඟයි...

    ReplyDelete
    Replies
    1. ඔව් පුබුදු සර්කසෙකත් සමග රංගනයක් . පොඩි එව්වන්ටනේ

      Delete
  30. ශා... පින්තූර ටික නම් පන්කාදුයි.. ඇත්ත්ටම හරිම අපූරු සර්කස් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටියෝ.

      Delete
  31. පුංචි කාලේ බලපු චීන සර්කස් එකක් මතක්‌ උනා. එකම විදිහේ එකම සයිස් එකේ ලස්සනම ලස්සන චීන ගැනු ළමයි තමයි හිටියේ.

    පින්තුර ටිකත් හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි

      Delete
  32. If you get a chance, watch "Cirque du Soleil". It's a different but very entertaining circus.
    More importantly, it doesn't have performing animals.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝට. කවද හරි ලැබුනොත් බලන්නම් . කැනඩාවේ සර්කස් එකක් කියා තමයි විකියේ දැක්කේ .

      Delete
  33. සත්තු කොටු කරන වැඩේට මාත් ආස නැහැ... පොඩි කාලේ බල්ලෙක් හිටියා. හීනයක් තියෙනවා මගේම ගෙදරකට ගිය දාට ලොකු බල්ලෙක් හදන්න :)
    සර්කස් නම් හරියට Little Mermaid වගේ නේද? මට මතක් උනේ Under the sea සින්දුව

    ReplyDelete
    Replies
    1. එලිපහලියේ ඉඩකඩ තියෙනව නම් බල්ලෙක් ඉන්න එක ප්‍රශ්නයක් නෙමේ තමයි. ඔව් නිරෝෂිනී මටත් හිතෙන්නේ අදහස අරන් තියෙන්නේ little mermaid ගෙන් තමයි

      Delete
  34. පාට පාට ලෝකයක්....හරිම විචිත්‍රයි...
    සතුන්ට වද දෙන එකනම් පව් වැඩක් තමා.....

    ReplyDelete
    Replies
    1. ඔව් දම්මි ස්තුතියි ඔයාටත්

      Delete
  35. දැන් අපේ පැටියත් හොඳ හොඳ සර්කස් දානවා. මාස 8ක් උනාට හිටගෙන උඩ නගින්නයි කල්පනාව.

    ඇට මැස්සා මම කියවලා නෑ. බලන්න ඕනෙ.

    බලු පැටියෙක් ඉන්නවා නම් දරුවන්ට දයාව කරුණාව ඉබේම පුරුදු වෙනවා බින්දි. හැබැයි ඔයා කියනවා වගේ වතු කෑල්ලක් වත් ඕනෙම තමයි.

    ස්තූතියි පොස්ට් එකට වගෙම කමෙන්ටු ටිකටත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ . ඔයා හරි සතුටෙන් වගේ පොඩ්ඩා නිසා . අපි එන්නම්කෝ බලන්න

      Delete
  36. වෙනදා බින්දි පෝස්ට් එකක් දාන පමාවෙන් ඇවිත් කියවපු මට දැන් බ්ලොග් එකට ආවත් කියවන්න වෙලාවක් නෑ. ඒක හින්දා නොඇවිත්ම රීඩරෙන්ම කියවලා යනවා.

    ඒ උනාට අර අසාධාරණ කතාවට එකක් කියලා යන්නම ඕනේ.

    පොඩි එවුන්ගේ ආශාවන් වලට අකුල් හෙලන අම්මලා.

    මාත් ඉතින් එහෙම කීවට කොයි තරම් ආදරේ වුනත් බව්වෙක් පූසෙක් ගෙදර ගේන්නේ නෑ. මම වැඩට ගියාම, ට්‍රැවල් කරන්න වුනාම එයාගේ පැත්තෙන් හිතලා. දවසේ තනියම ඉන්න ගියාම එයාට මට වඩා දුක හිතෙයි. වෙලාවකට මේ ප්‍රශ්නේ හින්දා මාත් හරි අසරණයි.

    ReplyDelete
    Replies
    1. තව චන්දයක් ...ඔයාට තියෙන ප්‍රශ්නෙම තමා රන්ගි අපිටත් . එක විදිහකට ජිප්සිස්ලානේ අපි. සත්තු හදල ඩේ කෙයාර් වල දාලා එන්න තමා වෙන්නේ . කමෙන්ට් නොකලට ඔයා කියවන බව නම් අනිවා දන්නවා . චුටි උදව්වක් කරන්න . අර ඔයා සිංහල ඉගෙන ගත් ලින්ක් එක දෙනවද පොඩ්ඩක්

      Delete
  37. Surangana lokekata giya wage... ape rate punchi aya wenuwen me wage dewal nahane.. salli hoyanna natana kandayam nam ona tharam... eth lamai wenuwen me wage deyak karanna kawuruth hithanne nahane...

    Ata massaya adare karana aya koi tharam innawada? mage Atamassa pothe mula mama mehema liyala thiyenawa...

    " mage wage hith dekak
    hamuwiya mata me pothen
    Edawasa sita mamada
    Pem kalemi
    Ata messata...."

    ReplyDelete
    Replies
    1. තරු රසි ..ඔයත් අදහස් ගොඩාක් තියෙන කෙනෙක් වගේ ..ස්තුතියි .

      Delete
  38. සතුන් ගැන ඔය තරම් කරැණාවකින් කථා කරනවා ඇසීම ගැන ගොඩාක් සතුටුයි....සිරා ද එමම වේ..
    වරක් සිරා දේශීය සරකස් එකක් බලන්නට ගියේය. එහි සිටි එලුවාට දන්ඩක සමබරව යන්නට නොහැකි විය.. සරකස් කරැවන් ඌ තිරයෙන් පසුපසට රැගෙන ගොස් (පහර දුන්නේ යැයි අනුමාන කරමි) නැවත රැගෙන අවුත් දන්ඩ තරණය කලෝය... එහෙත් මගේ සංවේදි හදවතට එය බලාසිටීමට නොහැකි වූ තැන දෑස් අත්දෙකින් වසා ගත්තෙමි.. දර්ශනය අවසානයේ නැවත කිසි දින සතුන් හිංසාවට පත් කරන මෙවැනි දර්ශන නොබලන්නේ යැයි ස්වයං වාරණයක් පනවා ගත්තෙමි.. මම දැන් බෞද්ධ පෙරහැර පවා නොබලන්නෙකි... ඒ අලි ඇතුන් වෙත කෙරෙන පීඩාවන් බලාසිටීමට නොහැකි නිසාය... තොරතුරැ වලට තුති.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා ඔබේ වටිනා අදහස් වලට

      Delete