Saturday, 14 July 2012

කඳුළු දේශයේ සොඳුරු මිතුරී...

ඊයේ රාත්‍රී කෑමට  අපට ඊශ්‍රායල් මිතුරියගෙන් ආරාධනාවක් ලැබුණා . ඊයේ කියන්නේ සිකුරාදා . සිකුරාදා රෑට එයාල ගන්නේ විශේෂ රාත්‍රී භෝජනයක් . අපටත් එයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ එක මට හරිම අලුත් අත්දැකීමක් වුණා. උණු උණුවෙම නොලිවොත් අගය අඩු වෙන නිසා සුරතලුන් ගැන ලිවිල්ල කල් දාන්න හිතුවා.

ඊශ්‍රායලය කියන්නේ යුදෙව් රට කියල දැනන් හිටියට යුදෙව් ආගම සංස්කෘතිය ගැන මට නම් තිබුනේ අල්ප දැනුමක් . සත්සමුදුරේ යුදෙව්වන් ගැන දීර්ඝ ලෙස ලියවුන නිසා ඒ ගැන විස්තර කරන්න මහන්සි වීම අනවශ්‍යයි .

කොහොමත් මේ රට ගැන අපිට තිබුනේ එච්චර හොඳ ආරංචි නෙමේනේ . පලස්තීනුවන් පිඩනයට පත්කරන ,ඇමරිකාවේ අතකොළුවක් වෙච්ච කොටින්ම සමහර පත්තර වල මැදපෙරදිග ත්‍රස්තවාදියා විදිහට හඳුන්වලා තියෙනවාත් දැක තිබෙනවා . යුදෙව්වන් බරපතල සංහාරයකට ලක්වුණ දෙවෙනි ලෝක යුද්ධය ගැනත් අපි ඇති තරම් අහල කියවල බලල තියෙනව.

ඊශ්‍රායලය ගැන ලියවුන සත්සමුදුරේ ලිපි වලට මෙතනින් යන්න

ඒ සියල්ල අත ඇරලා සාමාන්‍ය මිනිසුන් ලෙස ඊශ්‍රායල් ජාතික පවුලක් ආස්සරය කරන්න ලැබුණ එක මට අලුත්ම අත්දැකීමක් . මගේ මිතුරිය හරිම ලස්සනයි . ලස්සන මුණකුයි ලස්සන හදවතකුයි දෙකක්ම එකට පිහිටපු විරල නිර්මාණයක් වගේ ඇය.
ඇය කවදාවත් කිසිම දෙයක් ගැන පැමිණිලි කරනවා ,නෝක්කාඩු කියනව මන් අහලම නැහැ . කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නේ . හැමදේකම හොඳ පැත්ත දකින්න හැකි එහෙම උදවිය හරිම අඩුයි .

පුංචි කෙල්ලෝ තුන් දෙනාත් සුරංගනාවියෝ වගේ . ඇයගේ සැමියත් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් .
ලෝකේ කොහේ හිටියත් සිකුරාදා රාත්‍රිය මෙයාලට විශේෂයි . ''ශබාට් '' නමින් හැඳින්වෙන සති අන්තයේ ඇරඹුම තමා සිකුරාදා රාත්‍රී භෝජනය . හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ .

ආගමික අදහස කෙසේ වුවත් මට හිතුනේ මේ කොතරම් වටිනා සංස්කෘතික අංගයක්ද කියායි.

මේ ගැන අන්තර්ජාලගත කාරණා කියවීම කම්මැලි හිතෙන තරම් සංකීර්ණ වුවත් මගේ මිතුරියගේ නිවසේ අපදුටු චාරිත්‍ර අතිශය සරලයි . ඒ වගේම අපටත් පිලිපැද්දට කමක් නැති තරම් වටිනා දෙයක් .
මුලින්ම කරනුයේ කෑම මේසයේ ඉටිපන්දම් දැල්වීම . ඉර බැස   යාමට ඔන්න මෙන්න තියා මේ ඉටිපන්දම් දැල්වීම කරනුයේ පවුලේ කාන්තාවක් . මව හෝ දියණියක් විය හැකියි.

නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ].


පින්තුරය මෙතනින්

මේසය මත නිවසේ සාදන ලද පාන් ගෙඩියක් සහ රිදී වයින් බඳුන් දෙකක් තිබුණා. එකක් එයාලගේ පවුලට . අනික අපට .

පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට . [ මේ ගෙදර නම් පුත්තු නැහැ . කෙල්ලෝම තුනක් . ]
ඉන් පසුව බිරිඳට . ඔහු කි පරිදි නිකන්ම නිවසක් උණුසුම් ගෙදරක් බවට පත් කරන්නේ බිරිඳක් නිසා ඔහු ඇයට ස්තුතිවන්ත වන බවයි . අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.


ඉස්සරටත් වඩා අද අපි ජිවිතේ ගෙනියන්නේ දුවමින් . හැල්මේ යන ගමන පොඩ්ඩක් නතර වෙලා සිංහලෙන් කිව්වොත් බ්රේක් එකක් අරන් මේවගේ තමන්ගේ පවුලේ වටිනාකම මතක් කරන්න එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඊ ළඟ සතිය නැවුම් විදියට අරඹන්න අපි වැඩිය නොදන්නා ජාතියකින් ලැබෙන පාඩම හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ .

කල්පනා කරලා බලද්දී අපේ සමාජයේ මේ ස්තුති කිරීම් සිදුවන්නේ බොහෝ කොට අලුත් අවුරුදු සිරිත් මුල් කරගෙන . අනික් දවස්වලදී බොහෝ ගෙවල් වල වුණේ සැමියාට ළමයින්ට හොඳම දේ බෙදා දීල අම්ම කුස්සියේ ඉඳන් ඉතුරු වුන යමක් කන එක . මේ වෙද්දී බොහෝ දුරට මේ තත්වයන් වෙනස් වෙලා වුනත් ආදරය ප්‍රකාශකරන්න , ස්තුතිවන්ත වෙන්න අපේ සමාජය ටිකක් පැකිලෙනවා කියලයි මගේ හැඟීම .
ගෙදර පුච්චපු අලුත් පාන් , පාර්ස්ලි සහ කුස් කුස් සලාදය , ඇතුළුව බොහොම ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න කෑම ජාති ගොඩක් සහ පලතුරු සමග පලතුරු තේ රසවින්දා . සේරම එළවලු කෑම .

කවදාවත් විසදෙන්නේ නැති ඒ රටේ ප්‍රශ්න ගැනත් අපේ රට ගැනත් කතා වුණා. උපන්දා සිටන් යුද්ධේ ආනිසංස අත්වින්ද නිසා අපි දෙගොල්ල අතර සමානකම් හුඟක් තියෙනව . අදට වුනත් කොයි වෙලේ බෝම්බ පිපිරේදයි නොදන්නා ඔවුන්ගේ සදා කඳුළු දේශයට හෙට අනිද්දා ඔවුන් ආපසු යනවා . ඒ ගැන නම් මට ඇත්තේ හරිම දුකක් . ඉඳහිට හමු වෙන සුන්දර මිනිසුන් මේ ලෙස සමුගෙන යාම නම් කණගාටුවට කාරණාවක් .

මන් ඇයට තෑගී කලේ අපේ රටේ සිතියමක් සහිත චිත්‍රයක් . ලෝකයේ කොහේ හෝ කොනක මේ වගේ ලස්සන පුංචි දුපතක් ඒ ගොල්ලන්ටත් ඇත්නම් කියල ඈ කිවේ ලොකු සුසුමක් පිටකරන ගමන්

92 comments:

  1. ඊශ්‍රායෙල් ස්ත්‍රීහූ ඉතා ලස්සනයි කියලා මාත් කොහෙදි හරි අහලා තිබුනා..

    මාර චාරිත්‍රයක් ඒක.. හැම සතියෙම් ඔහොම කරන එක හරිම අගේ කළ යුතුයි..

    ඇත්තටම අපේ සංස්කෘතිය තුල අගය කිරීම හරිම අඩුයි..

    හොඳයි මේ වග කියපු එක.. දැන් ඒකත් දන්නවා...

    ඒ ගොල්ලන්ට කියන්න ලෝකෙ කොහෙ මුල්ලකට ගියත්, තුන් හුලස් හැඩයක් තියන මුල්ලකටනම් යන්ඩ එපා කියලා.. ඊට වැඩිය හොඳයි ඔතනම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ස්ත්‍රීන් බොහොම ලස්සනයි . තුන්හුලස් කිව්වේ අපේ ලොකු අය්යා වෙන්න ඇති,. ඒ වුනාට අපිට දකුණු පැත්තෙන් මුහුදට හරි පනින්න පුළුවන්නේ .

      Delete
  2. හරිම කෙටි උනත් ආසා හිතෙන ලිපියක්. ඒ වගේම බින්දි හරිම වාසනාවන්තයි කියල හිතෙනව විවිධ අය ආස්‍රය කරන්නලැබීම පිලිබඳව. ඒ අය සමරන්නෙ...හැම සතියෙම සිකුරාදාද...නැත්නම් අපි වගේ අවුරුද්දකට දවසක්ද..?

    ReplyDelete
    Replies
    1. ඔව් වී පොකුර ඒ අතින් නම් මන් හරිම වාසනාවන්තයි . මේ අය හැම සිකුරාදාම මේ වැඩේ කරනවා . බොහෝ විට පවුලේ අයට අමතරව තමන්ගේ නෑයන් හෝ අමුත්තන්වත් සහභාගී කරගන්නවලු . ඒ වගේම සෙනසුරාදාත් මේ ශබාට් කාලෙට අයිතියි.

      Delete
  3. මගේත් ඊශ්‍රායෙල් යාළුවෝ ගණුදෙණුකරුවෝ කිහිප දෙනෙක්ම ඉන්න නිසා මාත් මේ සිදුවීම් දන්නවා. පවුල් පසුබිම අපිට වඩා නම් ආදරශමත්. අගේ කරන්න ඕනේ බොහෝ දේ තියෙනවා.
    ඔයාට මතකද බෙනිනිගේ la vita bella ෆිල්ම් එක. සමහර දවස් වලට හීබෲ අය ඉන්න පුරාණ නගරෙ අයනකොට මට මැවිලා පේන්නේ ඒක.

    අපිට නම් ඉතින් වැඩ ඉවර වෙලා එමින් ගමන් මම ගෙදර යනවා රෑට මොනවද කන්නේ කියලා අහලා ටෙක්ස්ට් එකක් දාන ගමන් අනිත් පැත්තෙන් මම තාම වැඩ මම එලියෙන් මොනවා හරි කාලා එන්නම් කියලා උත්තර ලැබෙන එක සාමාන්‍යයිනේ. නිවාඩු දවසටත් අරවයි මේවයි දාහක් වැඩ එක්ක ලොකු වෙනසක් නෑ. එක අතකින් අපිට අපිව අගේ කරන්නවත් වෙලාවක් නැද්ද කොහෙද ඉතින් කොහොමද තත්වේ...?

    ReplyDelete
    Replies
    1. නැහැ රන්ගි ඇත්තටම මන් ඊශ්‍රායලය ගැන මුකුත්ම චිත්‍රපට බලල නැහැ . තවම ලංකාවේ එළියෙන් කෑමේ පුරුද්ද අඩු නිසා අඩු ගානේ රෑ වෙලා හරි ගෙදරින් කන එක නම් කෙරෙනවා . මේ ගොල්ලන්ගේ කෑම අතර හුඟක් ඉතාලි කෑම තියෙනවලු . ඔහේ වගේම හුඟක් ඔලිව් , දොඩම් කන රටක්

      Delete
    2. // එක අතකින් අපිට අපිව අගේ කරන්නවත් වෙලාවක් නැද්ද කොහෙද //

      වෙලාවක් නැතිකම නෙවෙයි, උවමනාවක් නැති කම.. අපි කොහොමත් අගය කිරීම් එලිපිට කරන ජාතියක් නෙ‍වෙයිනේ.. ස්තූතියි කියලා කියන්න කට ඇරෙන්නෙත් කීයෙන් කී දෙනෙකුගෙද.?? :)

      Delete
    3. ඔව් බින්දි. මට බොහොම සමීප පැත්තක්. මෙහේ හීබෲ අය ගොඩාක් ඉන්නවා. ඒ අයගේ පසුබිම එක්ක අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කෑම නම් ඉතින් අපි බද්ද වෙලා නේ තියෙන්නේ.

      බුරා, ඔය කතාවම මේ ළඟදි එක්කෙනෙක් මට කීවා. මම මූණ එල්ලගන්නත් කලින්ම.

      Delete
    4. එකඟයි බුරා සමග . අවන්කවම පිළිගන්න ඕන . ආදරය , ස්තුතිය ඉස්සරහ අපි ටිකක් ඇට්ටරයි. හැබැයි පවුල ඇතුලේ විතරයි. එලියට ගියහම නම් අපි තරම් මිත්‍රශීලි ජාතියක් නැති තරම්. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි.

      Delete
    5. ස්තුතියි කියන්නේ ආගන්තුක, වාත්තු කරගත් වචනයක්.


      පින් සිද්ද වෙච්චාවේ කියලයි අපි පොඩි කාලේ ඉඳලා ඇහැව්වේ.

      හදවතින්ම එන අහිංසක සිනාවක් දැමීමත් වචන නැතුව ස්තුති කරන තව විදියයක්.

      .

      Delete
    6. කතන්දර හාමිනේට පින්සිද්ධ වෙච්චාවේ කියනවද අහිංසක හිනාවක් දානවද . නැත්නම් බ්ලොග් පෝස්ට් එකක් දානවද

      Delete
    7. අර කියපු හදවතින්ම එන අහිංසක හිනාව තුල ඔය් ස්තුතියට වඩා දෙයක් මට නම් දැනෙනවා.:)

      Delete
    8. මම කියන්නෙ 'ස්තූතියි' කියන වචනේ ගැනම නෙවෙයි.. අර වගේ හිනාවක් දාන්නත් හිත ඇතුලෙන් එන ස්තූතියක්, අගය කිරීමක් තියෙන්න ඕන නේද.?? අපේ අයගෙ ඒ අගය කිරීම මදි නේද.?? take everything for granted වගේ නැද්ද.??

      Delete
  4. Replies
    1. ස්තුතියි හිරුමාවී

      Delete
  5. හරිම ලස්සන අත්දැකීමක්..

    ප.ලි.
    ඊට වඩා මොනව කියන්නද ඉතින්.. :D

    ReplyDelete
    Replies
    1. ආ හුඟ දවසකින් ලකී. ....ස්තුතියි . ම්ම් මුකුත් කියන්න දෙයක් නැහැ නේද .

      Delete
  6. //අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.//

    සුසුම් හෙලමින් තාම මේ දිහා බලා ඉන්නවා. කමෙන්ට් එකක් දාන්ට හිතෙන්නෙත් නෑ. බුර, බුරා අදහස් හිතේ පැන නගිමින් තියෙන හන්දා.:)

    //නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ]//

    දුවගෙන ඇවිත් ඔය පහන දල්වන්ටත් හිතෙනවා.:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්න මේ වගේ විශේෂ අවස්ථාවක මට ඔයාව මතක් වුනානේ . ඔයත් දවසක පහනක් වෙයි. ඒවගේම පහනේ අයිතිකාරයා ඒ එලිය අගය කරවී කියලත් මන් ප්‍රර්ථනා කරනවා . දැනටත් ඉතින් දුවක් විදිහට අම්මලට ඔයා මිණි පහනක්. හිබ්රූ නිවෙස් වල දුව හෝ අම්ම තමා ඉටිපන්දම් දල්වන්නේ . අනික තාත්ත මුලින්ම ආශීර්වාද කරන්නෙත් දුලට . ඒ අතින් නම් අපේ රටත් හුඟක් හොඳයි . ගෙයක් එලිය කරන්න දුවෙක් ඉන්න ඕන කියල හිතන සමාජයක් නේ. අනික් අතට පරම්පරාව ගෙනියනවා කියල පුත්තුනටත් කැමතියිනේ . හැබැයි සමහර පිරිමි යක්කු වෙලා මේ පහන් නිවා දමන එක තමයි අපරාධය . වජිරදේවී මේ ගැන ලියා තිබුනා

      Delete
  7. ජුදා ජාතිකයො සබත රකිනවා කියලා දැනහිටියාට වර්තමානයේ වෙන දේවල් දැනගත්තෙ දැනුයි.. ඔන්න මම ප්‍රශ්න කීපයක් අහන්නම්.. මිතුරියගෙන් අහලා හරි උත්තර දෙන්න පුලුවන් නම් හොඳයි..

    මම කියවලා තියන විදිහට පුරාණ ජුදා ජාතිකයන්ගෙ දවස ආරම්භවුනේ හවස ඉරබහිද්දි.. දැනටත් ඒක එහෙමද? එයාලාගෙ සබත් දිනයට පෙර දිනය සිකුරාදා හවස පටන්ගෙන සෙනසුරාදා හවස ඉවරවෙනවාද? සබත් දිනය සෙනසුරාදා හවසින් ඇරඹී ඉරිදා හවසින් නිම වෙනවාද?

    පුරාණ කාලයේ සබත් දිනයේ වැඩ කිරීම තහනම්ලු. සබත් දිනයේ ගතයුත්තේත් තමන් මහන්සිවී හරි හම්බකළ ආහාර නෙමේලු. උදාහරණයකට කියනවා නම් තමුන් ගොවිතැන් කළ දේවල ඵල ආහාරයට නොගෙන ඉබේ වැවිච්ච ගස්වල ඵලදාවලු කන්නෙ. තාමත් එහෙමද?

    අවුරුදු හතකට වරක් සබත් වර්ෂය කියලා අවුරුද්ද පුරාම සබත් දිනය ලෙස ජීවත්වෙනවාලු. තාම එහෙමද? මේක නම් ප්‍රායෝගිකව බොහොම අමාරුයි..

    "හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ . " කතෝලික ක්‍රිස්තියානි අය ඉරිදට පල්ලි යන්නේත් මේ නිසා..

    ReplyDelete
    Replies
    1. සිකුරාදා සවස සිට සෙනසුරාද සවස දක්වා තමයි. දැන් මේවා පුරාන විදිහටම වෙන්නේ නැහැ වගේ . මොකද අර පාන් ගෙඩිය අනිවාර්යිනේ . පාන් සහ වයින් හදාගන්නම එපාය .අවුරුදු හතරේ කතාව අහල බලන්න ඕන . හිබ්රු සහ කතෝලික එකම මුලයකින් ඇති වුන බවයි අහල තියෙන්නේ . මන් වැරදිද

      Delete
    2. අහල බලල කියන්න අක්කේ.. අවුරුදු හතරේ නෙමෙයි හතේ..

      අක්කා කියන දේ හරි පොඩි පොඩි වෙනස්කම් තිබුනට ජුදා, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගම් සියල්ල එක මූලයකින් තමයි ඇරඹෙන්නෙ

      Delete
    3. හීබෲ කියනෙ ආගමක්ද ? භාෂාවක්ද ?

      Delete
    4. සෙන්න ඇත්තටම හිබ්රු කියන්නේ භාෂාව , ආගම යුදෙව්. හැබැයි මන් කියවල බැලුව . ආගම මුලදී හඳුන්වල තියෙන්නේ හිබ්රූ ලෙස . පසුව යුදෙව් වෙලා

      Delete
    5. සාමාන්‍යයෙන් සබත් දවස පටන් ගන්නේ සෙනසුරාදා ඉර බැහැගෙන යනවාත් එක්ක නේද ?? ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ පොත් පෙළේ මුල්ම පොත "වන අරණක පිහිටි කුඩා නිවස" කෘතියේ ලෝරාගේ කාලයේ සබත් දවස ගෙවුණු හැටි වගේම ලෝරාගේ අප්පච්චිගේ කාලයේ සබත් දවස ගෙවුණු හැටි අපූරුවට කතා කරලා තියෙනවා...

      Delete
    6. හසිත ..මේ ගොල්ලන්ගේ සිකුරාදා සවස සිට සෙනසුරාදා සවස දක්වා .

      Delete
  8. බයිබලයෙත් තියෙනවා ලස්සන ඊශ්‍රායෙල් ස්ත්‍රීන් ගැන. හික්ස් :)

    ReplyDelete
  9. මිනිස්කම කියන එක ජාතිය අනුවම තීරණය වෙන්නෙ නෑ කියන කාරණයට උදාහරණයක්. රටක දේශපාලන ක්‍රියාකාරිත්වය අනුව යමින් යුදෙව්වො ඔක්කොම යමපල්ලො ගාණට දාන්න සමහරු උත්සාහ දරනව.ඒත් ජාතිය, රට, ගම ඉක්මවා යන මිනිසුන් ඉන්නව හදවත් තුළින්.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ලෝකය මැද්දේ ඒ රටත් ලේසි සටනක් නෙමේනේ කරන්නේ . ඒ ගැන බොහොම දේවල් කතා වුණා . විටින් විට පලස්තීනුවන් සහ ඔවුන් සාමයට සුදානම් වුවත් දෙපැත්තේම අන්තවාදීන් අකුල් හෙලනවා . රාබින් සහ අරපත් ඒ සඳහා දරපු උත්සාහය මතකනේ . අනික් අතට ජෝර්දානය වගේ රටවල බහුතරය පලස්තීන ජාතිකයින් . නමුත් ඒ රටවල පාලනය සුළුතරයක් අතේ . ඊශ්‍රායලය සහ පලස්තීනුවන් සමගි වෙලා ඔවුන්ට තර්ජනයක් වෙන නිසා යටින් ගින්දර ගෙනියනවා . දැන් අපි මානව හිමිකම් කැඩුවා කියනකොට වෙන රටවල මිනිස්සු ඒවා අමුවෙන්ම ගිල දාන්නේ ..ඒ වගේ තමා මෙතනත් . ඇමරිකාව ඊශ්‍රායලය පැත්තේ . අනික් පැත්තේ මුස්ලිම් ලෝකය . ඇමරිකාව නිර්මාණය කල අල්කයිඩා ගැන අද ඇමරිකාව කනවෝ කනවෝ කියල කෑගහනව . අන්තිම ජරාම අවුල් සහගත තැනක් ලෝක දේශපාලනය . අහිංසක සාමකාමී මිනිස්සු තමා දුක් විඳින්නේ

      Delete
    2. බින්දි එක්ක එකගයි

      Delete
  10. මටත් ඒ භෝජන සංග්‍ර‍හයට සහභාගි වෙන්න තිබුනා නම් කියලා හිතුනා... මගේ විදේශ මිතුරන් අතරේ එකදු ඊශ්‍රායල් වාසියකු හෝ නොමැති හෙයින් ඔවුන්ගේ සංස්කෘතික සාධක පිළිබද මාගේ දැනුමක් නැත... තොරතුරැ වලට තුති...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද . ඊ ළඟ පාර සිරාට ඉන්විටේෂන් එකක් එවන්නම් . මන් අද තමා මුල ඉඳන් සිරාගේ බ්ලොග් එක කියවන්න ගත්තේ . සිරාම තමයි

      Delete
    2. ස්තූතියි සහෝදරිය ! චාරික සටහන් ඔක්කොම කියවන්න.. නිවාඩුවට මෙහෙ ආපුවහම චාරිකාවක් යන්න තැන් කීපයක් ඔයාට තීරණය කරගන්න පුලුවන් වේවි ඒවායින්.... ජය!

      Delete
  11. වටින ලිපියක්,මම නම් ජිවිතෙටම එකපාරයි ඊශායල කාන්තාවක් හමුවුනේ ඒ ගාල්ලේ බීච් හොටෙල් එක්කදි, ඇයත් ඉතාම ලස්සනයි...ඉටිරූපයක් වගෙ.... ඔවුන්ගෙ හිබෲ භාෂාව ටිකක් ඉරාන පර්සියන් බසට ටිකක් සමානයි වගෙ මට නිකම් තෙරුනෙ... රට කෙසේ වෙතත් සමාන්‍ය මිනිස්සු ඔනම රටක මිත්‍ර ශිලි ....කොහොමත් ලොකයේ හැම රටකින්ම සංකෘතියකින්ම අපිට ඉගෙනගන්න හොඳ දෙවල් ඔනේතරම් තියෙනව.....

    ReplyDelete
    Replies
    1. දැන් එයාලගේ හොඳ සංචාරක ඉලක්කයක් ශ්‍රී ලංකාව . මගේ යාලුවා දන්නා කීප දෙනෙක්ම ලඟදි ආවලු. ඒගොල්ලත් එන්නයි හිතන් ඉන්නේ . භාෂාව නම් හරිම අමුතුයි. මට ඔය කලාපයේ භාෂාවල් එච්චර හුරු නැහැ . කුශිට නම් ඒ ගැන අවබෝධයක් තියෙනව වගේ.

      Delete
    2. හීබෲ අයිති වෙන්නෙ ‍සෙමිටික් භාෂා පවුලේ කැනනයිට් උප කුලකයට.. බයිබලයේ මේක සදහන් ‍වෙන්නෙ 'යායුදිත්' (යුදෙයා රාජ්‍යයේ භාෂාව) කියලයි..

      මේ සෙමිටික් භාෂා පවුලටම තමා ඇරබික්, ඇරමයික්, ඇම්හරික් වගේ භාෂා අයිති වෙන්නෙත්..

      Delete
    3. ලියන්නෙත් අරාබි ක්‍රමේට තමයි. අපේ බනියා නම් වචන ටිකක් දන්නවා .

      Delete
    4. ඔවු.. සෙමිටික් භාෂා ලියන්නෙ දකුණෙ ඉදන් වමට තමා..

      Delete
  12. ඩුබායි කියන්නෙ ජාතීන් දෙසිය ගානක් ජීවත් වෙන රටක්...කොයි කවුරුත් පාවහන් පලඳින නිසා සපත්තු වෙළෙන්දෙක් වෙච්ච මට ඔය හැම ජාතියකම වගේ පාරිභෝගිකයො ඉන්නව... ඒත් ඩුබායි විතරක් නෙමෙයි මැදපෙරදිගදි ඉතාම අඩුවෙන් මුණගැහෙන ජාතියක් යුදෙව්වො... ඒ විතරක් නෙමෙයි අපේ පාස්පෝට් එකක ඉශ්‍රායෙල් වීසා එකක් තිබුනොත් මැදපෙරදිග රටකට විසා ගන්නත් හරිම අමරුයි....

    මට මුනගැහිල තියෙන යුදෙව්වො නම් ( ගුවන් තොටුපලවල් වලදි වගේ )වැඩිය සමාජශීලී කට්ටිය නෙමෙයි... එකම එක සැරයක් බැංකොක් වලදි හරිම මිත්‍රශීලී යුවලක් මුණගැහුන... නමුත් ඔවුන් සාමාන්‍ය බටහිර අය වගේ... ඒක නිසා නියම යුදෙව්වො කියන්න බෑ...

    ඇත්තටම බින්දිගෙ යාලුව වගේ අයත් ඉන්නව කියල අහන්න ලැබුණ එකත් සතුටක්...

    අපි කැමති වුණත් නැතත් ලෝකෙ හොඳම කෙලිකාරයො යුදෙව්වො..

    Albert Einstein -- One of the most famous and influential scientists
    Michael Dell -- Founder of Dell Computer
    Larry Ellison -- Founder and CEO of Oracle
    Alan Greenspan -- Federal Reserve Chairman under Reagan, Bush, Clinton, Bush
    George Soros -- millionaire philanthropist who has donated millions to aid Eastern Europe.
    Calvin Klein -- Famous Clothes Designer
    Ralph Lauren -- (Ralph Lipshitz) world famous fashion designer
    Levi Strauss -- Inventor of Blue Jeans
    Kenneth Cole -- Fashion Designer who's married to Mario Cuomo's daughter
    Steven Spielberg -- Director of films such as Saving Private Ryan & Schindler's List, Jurassic Park, E.T.,

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා.. ලෝකයේ ජානවලින් අරන් එන බුද්ධිය වැඩිපුරම තියෙන්නෙ ඊශ්‍රායෙල් ජාතිකයන්ටලු..

      Delete
    2. සෑහෙන අය ඉන්නවනේ ලිස්ට් එකේ. ස්තුතියි සපතේරු . ඔව් ඉතින් දෙගොල්ල නයාට අඳුකොළ වගේනේ . කොටින්ම ඒගොල්ලන්ට මැලේසියාවට එන්නත් බැරිලු. මෙහෙ ඉන්නේ නම් තානාපති සේවයට සම්බන්ධ අය. තව ව්‍යාපාර කරන අයත් ඉන්නවා . සේරම හරිම විලාසිතා වලට බර උදවිය .ඇත්තටම රටේ බහුතරය නවීන පන්නයේ බටහිර පැත්තට බර අයලු. හැබැයි තදින්ම ආගම අදහන සුලුකොටසකුත් ඉන්නවලු .කොහෙත් එහෙමනේ .

      Delete
    3. @ සපතේරු උන්නැ

      …කෝ මේ ලිස්ට් එකේ මුලින්ම සඳහන් වෙන්න ඕනේ නම නැහැනේ.....

      …ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ

      Delete
    4. හසියා..හිතා මතාම එතුමා අතෑරල ලිව්වෙ...අනිත් සෙට් එකත් එක්ක එක පෙලට තියන එක හරි නැති නිසා...

      Delete
  13. අනවශ්‍ය පරිදි ආහමික වීම නම් වාතයක්. හැබැයි එමගින් එන විනය වැදගත්!

    ReplyDelete
    Replies
    1. රටේ බහුතරය නිදහස් මතධාරිලු. ආගමට වඩා මේ සබත් කියන්නේ සංස්කෘතියේ කොටසක් . හරිම සරල දෙයක් තමා මන් නම් දැක්කේ . එය කරන්න කියල නීතියකුත් නැහැලු. කැමති නම් පමණයි.

      Delete
  14. උදේ මෙය කියෙව්වේ මූණු පොතෙන්. දැන් තමයි කමෙන්ටුවක් ලියන්න වෙලාව ලැබුනේ. හරිම සංවේදී සටහනක්. අපේ රටේ මේ ස්තූති වන්තවීම හරිම අඩුයි. ලංකාවේ ගැහැණිය මේ දේවල් කල යුතුමයි කියල පිරිමි හිතාන ඉන්නව. ඒ නිසාම වෙන්න ඇති එහෙම නොකියන්නෙ.
    අද මටත් මගෙ මහත්තයා ගෙන් මේ වගේ ස්තූති කිරීමක් ලැබුනා. අද එයා උගන්වන දහම් පාසැලෙන් වන්දනා ගමනක් ගියා. මම පාන්දර 2.30 ට නැගිටලා බත් උයලා දුන්නා තව ගුරුතුමෙකුටයි, අපේ ස්වාමීන් වහන්සේටත් දහවල් දානයට ව්‍යාංජන කීපයක් ද සමඟින්. යාපහුව නැගලා දවල් කෑම කාලා මට කතාකලා. බොහොම පින් දුන්නා ඒ කෑම වේලට. මට ඒ වෙලාවේ කියන්න බැරි තරම් සතුටක් හිතුන.

    //අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.//.......අනේ මටත් මෙහෙම පින් දෙනකොට ඒ බැල්ම බලාගන්න බැරි උනාට නම් දුකයි.

    ඒ දහම් පාසැල ඉතාම අඩු පහසුකම් ඇති දහම් පාසැලක්. මම ඊයේ දවස පුරාම ඒ දරුවන්ට කප් කේක් හැදුවා. අද මගේ පොඩි පුතාත් වෙනම විනෝද ගමනක් ගියා. එයාට හරිම ප්‍රෙහෙළිකාවක් මම එයාට ගෙනියන්න දෙයක් හැදුවෙ නෑ කියල. මම එයාට තේරුම් කලා ඔයත් එක්ක යන්නෙ යමක් කමක් තියෙන අය. තාත්ති එක්ක යන්නෙ එදා වේල අමාරුවෙන් ගත කරන අයනෙ , තාත්තියි සමහර දරුවන්ට ගමන යන්න මුදල් ගෙව්වෙත් කියල. පස්සෙ ඇස්වල කඳුළු පුරෝගෙන හිටියා. ඔයාගෙ සටහනේම මට වෙච්ච දේත් ලීවා. අමනාප වෙන්නෙ නෑනෙ.
    ස්තූතියි! බින්දි නංගි මේ පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්ක . මන් දන්නවා ඔය දෙන්න ගැන . ආදර්ශමත් යුවලක් කියල කට පුරා කියන්න පුළුවන් . කිසිම ප්‍රශ්නයක් නැහැ අක්ක . ඔයාගේ ලස්සන අත්දැකීම් වලට මන් හරිම කැමතියි. ආසාවෙන් උයන පිහන දේ අගය කරනවා නම් ඒක කොයිතරම් සතුටක්ද අපට . අලුත් දෙයක් හැදුවම අපේ දිහාත් අඩු ගානේ හොඳයි කියලවත් කියනව . එහෙම කියනකම් මමත් බලන් ඉන්න බව දන්නා නිසා .

      Delete
  15. ඊශ්‍රාලයේ නේද ජෙරුසෙලම තියෙන්නේ.. ඔවුන්ට හොඳ සංස්කෘතියක් තියෙනවා වගේ. ඒවගේ ම බොහොම සටන්කාමී පිරිසක්. සාමාන්‍යයෙන් අපි වෙළඳපොන් බඩු මිලදී ගන්නවා වගේ ඕනෑම අවියක් මිළදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා.

    ඇත්තටම හීබෲ සංස්කෘතිය ගැන දැනගෙන හිටියෙ නෑ. මේවගේ පෝස්ට් වලින් රට රටවල විවිධ සංස්කෘතීන් ගැන දැනගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අතිශය බටහිරකරණය වුනත් සියල්ලම ඒගොල්ලන්ගේ බසින් තමයි. හැබැයි ලෝකේ කරක් ගහද්දි ඉංග්‍රීසි දැනුම මදි එක ගැන නම් එයාල එච්චර සතුටු නැහැ . දයානන්ද මන් දීපු සත්සමුදුරේ ලින්ක් එකෙන් ගිහින් බලන්න . දීර්ඝ විස්තරයක් තියෙනව
      ඔව් ජෙරුසලම තියෙන්නේ එහෙ තමයි . යුදෙව් . ක්‍රිස්තියානි , ඉස්ලාම් ආගම් තුනේම ශුද්ධ නගරයක් ලෙස හඳුන්වන මේ ජෙරුසලම් බෙදා ගන්න නිතර සටන් ඇතිවෙලා තියෙනව .http://en.wikipedia.org/wiki/Jerusalem. කැමති නම් කියවන්න . පැරණි ඉතිහාසයක්

      Delete
    2. ඊශ්‍රායෙල් ආයුධ ගැන මෙන්න මෙතනින් බලන්න.. ලෝක ප්‍රසිද්ධ Uzi SMG එකයි, Tavor rifle එකයි, ජෙරිකෝ පිස්ටල් එකයි ඔක්කොම මෙයාලගේ බඩු තමා..


      Israel Weapon Industries

      Delete
  16. ඊශ්‍රායලේ චාරිත්‍ර ගැන නම් මීට කලින් ඩ්ගැනුමක් තිබුනේ නෑ.. පේන විදියට එහෙත් Ladies First ස0ස්කෘතියක් තියනවා වගේ. අපේ රටේ උනත් ඉතින් සි0හල අවුරුද්ද පටන් ගන්නේ ගෙදර අම්මා ලිප දල්වලා කිරිබත උයන්න ගන්න එකෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් තොටියෝ ...ගොඩක් සමාජයන්ට සාපේක්ෂව අපේ සමාජය ගැහැණු අයට සලකනවා . එකිනෙකා අගය කිරීම නම් ටිකක් අඩුයි .හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි වගේ එහෙ මෙහෙ ඇවිදලා ඔලුව නරක කරගත් පරම්පරාවට තමයි. අපේ ආච්චිලා අම්මල අපි තරම් පැහිල නැති නිසා ඔව්ව කල්පනා කලෙත් නැහැ . ඒ නිසා ප්‍රශ්නයක් වුනෙත් නැහැ .

      Delete
  17. මම කොංගෝවේදී හා දැන් ඉන්න රටේදී ඊශ්‍රායල් කෙනෙක් එක්ක වැඩ කළා. මට ඒ ආගම ගැන කියල දුන්න ටිකක් . ඒ කියන්නේ සිරිත් විරිත් වගේ. එයාට දුලා තුන්දෙනෙකුත් ඉන්නවා මට පෙන්නුවා මගේ වයසට හරියන කෙනා මාර ලස්සනයි. හදිසි අනතුරක් නිසා එක කකුලක් දැන් කොට වෙලා. එයාගේ එක දුවෙක් ඉන්දියාවට ගිහින් බුද්ධාගම ඉගන ගෙන දැන් සාමාන්‍ය විදියට ඒ මාර්ගයේ යනවලු. පුතා යුධ නැවක කැප්ටන් කෙනෙක්. අක්කා කියපු ඒ කෙනත් ගොඩාක් සුහදශීලි.

    කලින් තිබුන ආගමික නීති හරි ධරුනුලු.පසු කාලෙනවා ඒ දේවල් ටිකක් ලිහිල් කරගෙන. උදාහරණයක්‌ විදියට ඔහු මට කිව්වේ කෙනෙක් මට ඇහැට ඇන්නොත් මමත් ඒ කෙනාට ඒ විදියටම කරන්න ඕනේ ලු.එහෙම කරාම පවු නැතිවෙනවා. පාලි ගැනීම ගැන තමා ඒකෙන් තේරුම ගියේ. දැන්නම් ඒ කරුණු වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. යුදෙව් කියන්නේ ඊස්රායලයෙන් ඇරඹිලා ලෝකේ පුරාම විසිර ගිය ජාතියක්ලු. පසු කලෙක විශේෂයෙන් හිට්ලර්ගේ සංහාරයෙන් පස්සේ ලෝකේ පුරාම විසිර සිටි අය ආපසු ඇවිත්. නිකන්ම නෙමේ ඒ ඒ රටවල වෙනස් වෙනස් සංස්කෘතීන්ද සමග . ඒ කියන්නේ අද වෙද්දී ඇර මුලික ලක්ෂණ සැහෙන වෙනස් වෙලා . යුද්ධ කාලේ යුදෙව් අය මිත්‍ර හමුදාවන්ට සේවය කරලා තියෙනව . නමුත් ඒ අයගෙන් සේවය ගත්තට බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔවුන්ට දෙවෙනි පන්තියේ සැලකිල්ලක් දක්වල තියෙන්නේ . මන් ඒක ෆිල්ම් එකක දැක්ක . නම මතක නැහැ . මොකක් හරි හේතුවකින් හැම තැනදීම කෙනෙහිලි වලට ලක්වුණා ජාතියක් . සත්සමුදුර ලිපියේ හුඟක් විස්තර තියෙනව .

      Delete
  18. ඊශ්‍රායල් කාන්තා හමුදාව තමයිලූ ලෝකේ ලස්ස්නම කන්තා හමුදාව.. එහෙම කියනවා. මාත් ෆොටො දැක්කා..

    එක එක රට වලට වෙනස් උන විවිධ චාරිත්‍ර. කෝම උනත් මේ දේවල් දැන ගන්න එක හොදයි නේ..

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට හමුදා සේවය අනිවාර්යයනේ . හැම තරුණයෙක්ම අවුරුදු තුනකුත් තරුණියක් අවුරුදු දෙකකුත් සේවය කරන්න ඕන .

      Delete
  19. ඒකනම් අපූරු චාරිත්‍රයක්. අපිත් මෙහෙම එකක් කරනවානම් කොයි තරම් හොඳද? අක්කා කියපු කතාව ඇත්ත. ගොඩක් ගෙවල්වල සිද්ධ වෙන්නේ සැමියාට සහ දරුවන්ට හොඳම දේ දීලා කාන්තාව ඉතුරු දේකින් සැහීමකට පත් වෙන එක. ඒක අඩු තරමේ අගය කරනවානම් ඒකත් කොයි තරම් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. දැන් දැන් මේවා වෙනස් වෙයි නේද සයුරි.

      Delete
  20. දැනුම් සාගරයක් පීනලාම හති වගේ......

    මම මෙතනටයි පහන් යායටයි කැමතිම ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙන නිසා.

    යුදෙව් සංස්කෘතිය ගැන බොහෝ දේවල් "ඉෂාක් බෂෙවිස් සිංගර්" ගෙ සාහික්‍ය කෘති හැදෑරීමෙන් දැනගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමිත්..එදිනෙදා අත්දැකීම් තමයි. ඊටත් වඩා මෙතෙන්ට එනවා විවිධාකාරයේ රසවතුන් . ඇවිදින පුස්තකාල එහෙම . පෝස්ට් එකක් ලිව්වම එකට සැබෑ වටිනාකමක් දෙන්නේ ඒ කමෙන්ට් වලින්. ඉෂාක් බසේවික් . ඔහුගේ කතා මන් වැඩිය කියවල නැහැ . පාඩම් පොතක තිබුන '' නුල් කෑල්ල '' ඔහුගේ වගේ මතකයි.

      Delete
    2. හලෝ බොරු කියන්න එපා, නූල් කෑල්ල මෝපසාංගෙ කෙටිකතාවක්..

      Delete
    3. "ඇවිදින පුස්තකාලය" බුරා, ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.

      සිංගර්ගෙ "ගොවි රජ්ජුරුවො" - "තැවුල් සිත" වගේ පොත් හොයාගෙන කියවන්න පුළුවන්නම් හොදයි. විශේෂයෙන්ම ගොවි රජ්ජුරුවො, මේ පොත් මුලන් ලියවිලා තියෙන්නෙ හීබෲ භාෂාවෙන්

      Delete
    4. වෙරිම සොරි

      Delete
  21. සතියක‍ට වතාවක් අලුත් වෙන එක නම් ඉතා හොඳයි තමා! හැමෝ ම කිව්වා වගේ අපේ නං අ‍ගේ කිරිම 0 යි ද කියලත් හිතෙනවා. එක්කො හිතේ තියාගෙන ඉන්නවා කියන්නෙ නෑ.

    ඉතිං ඇයි ඒගොල්ල ආපහු යන්නෙ.. ඔහෙට වෙලා නිවි හැනහිල්ලේ ඉන්නෙ නැතිව....!!

    ReplyDelete
    Replies
    1. මේ බින්දිත් එක්ක බැරිලු බං.. :P

      Delete
    2. ආ ඒගොල්ල කියන්නේ හැනොයි වල දාල යන්න දුක එක දෙයක් මන් තුමී කියල . එයාල අන්තිම දවස්ටික අපේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවකට ආවා . දැන් ඒගොල්ල ලංකාවේ කෑම කාල හරිම ආස වෙලා ඉන්නේ . පරිප්පු , සම්බෝල , සහ ඕනෑම එළවළුවක් අපේ විදිහට කන්න ආසයි. මම ආප්පත් හදල දුන්න දවසක් .

      බුද්ධි ...ඒගොල්ල තානාපති සේවයෙනේ. ඉතින් අවුරුදු ගාන ඉවර වුනහම යන්න ඕන .මේ රට ඔය ලන්ඩන් ඕස්ට්‍රේලියා වගේ කාලයක් හිටියම දිගටම තියාගන්න එහෙම කල්පනාවකුත් නැති රටක් . අම්ම මුත්තා කිව්වත් පුරවැසිකම් හෙම දෙන්නේ නැහැ . එකම ක්‍රමයයි තියෙන්නේ ඉන්න ඕන නම් . මෙහෙ එක්කෙනෙක් කසාද බැඳීම . මන් මේ ලිපිය ලියල බලාපොරොත්තු වුනේ ඇත්තටම ගෙදර උදවියට පොඩියක් දැනට වඩා අගය කිරීමක් කරන්න එක්කෙනෙක් හරි උනන්දු වෙයි කියල .

      Delete
  22. කොච්චර යුද්ධෙ තිබ්බත් ජීවත් වෙන්න අමාරු උනත් තමන්ගෙ මවු රටේ තරම් කොහේවත් නිදහසක් නැති නිසා වෙන්න ඇති ආපහු යන්නෙ.

    ReplyDelete
    Replies
    1. යන්නේ නම් දුකින් පිණි..ඒත් ඉතින් යන්න වුනහම යන්න වෙනවනේ

      Delete
  23. යුදෙව්වන් බොහොම බුද්ධිමත් දක්ෂ ජාතියක් බවනම් අහල තියෙනවා. බින්දිගෙ අත්දැකීම බෙදා ගත්තට ස්තුතියි.
    ඔය හිනාවකින්, බැල්මකින් හෝ පුරුද්දට කියන වචනෙකින් කෘතඥතාවය හරියට පිදෙනවා කියලා මම හිතන්නෙ නැහැ. අර චාන්දි අක්කගෙ අය්යා වගේ දානය වින්ද වෙලේ, කතා කරලා, ඒ ගැන කියලා කෘතඥතාවය පළ කළහම, ඒක ඊට වඩා මොන තරම් අවංකද?
    කීප දෙනෙක් කිව්වා වගේ, අපේ වැඩි දෙනෙක් හිතන් ඉන්නෙ ඒ ඒ දේවල් කිරීම අනික් මනුස්සයගෙ වගකීම, මට මේ දේවල් මෙහෙම ලැබිය යුතුයි තමයි කියල. යමක් නොකෙරුණොත් පැමිණිළි කරන්න/ අපහාස උපහාස කරන්න/ කෝප වෙන්න කට්ටිය හුඟක් හිටියත්, යමක් අගය කරන අය අඩු ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි. වැරද්දක් වුනහම කඩා පනින වේගෙන් හොඳක් කලහම ස්තුති කරන්න වචන එන්නේ නැහැ .

      Delete
  24. ලිපිය කියවීමෙන් වගේම, කමෙන්ට්ස් කියවීමෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒ හැමටම තුති... ‍
    හරිම ලස්සන චාරිත්රේයක්... අපිත් සතියකට වරක්වත් පවුලම එකතු වෙලා, මේ විදියෙ ආහාර ‍වේලක් ගන්නවනම් හොඳයි නේද?

    අධ්යවයන කටයුත්තකදි මටත් ඊශ්රාටයල් මහාචාර්යවරයෙක් සහ ඔහුගේ බිරිද මුණ ගැහිල තියෙනවා.. හරිම සුන්දර හමුවීමක්... ඊශ්රාටය‍ලයේ කෘෂිකාර්මික දියුණුව ගැන ගොඩක් කාරණා ඉගෙන ගන්න ලැබුණා... ඔවුන් යුදෙව් ගීතිකා ගායනා කළා.. ඒ තාලයට නිර්මාණය වුණු සිංහල ගීතිකාත් තියෙනවා...

    පවුලේ කාගෙ හෝ උපන්දිනයක් ආවම හැමෝම ගෙදර ඉන්න සති අන්තයේ දවසක මහගෙදරට එක් වී ආහාර ගන්නා සිරිතක් අපේ පවුලේ තියෙනවා...විවාහ වී වෙනම ජීවත් වෙන නංගිලා පවුල් දෙකත් එනවා... මම හිතුවා බින්දි ඒ ආහාර වේලට මේ ඉටිපහන් දැල්වීමත්, ස්තුති කිරීම සහ අගය කිරීමත් එකතු කරන්න.. හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් තරු එයාලගේ කෘෂිකර්මාන්තය හුඟක් දියුණුයිලු. මතක් වුන වෙලේ තව දෙයක් කියන්න ඕන . මේ ආහාර වේලේදී කිරි ආහාරත් සමග මස් වර්ග එකට කන්නේ නැහැලු. මන් අන්තර්ජාලයේ කියෙව්වා පැරණි සිරිත අනුව විදුලි පහන් දල්වන්නෙත් නැහැලු. ඒකත් හොඳයි අද කාලෙට . ඉඳහිට හරි විදුලිය ඉතුරු වෙනවනේ .

      Delete
  25. ආසා හිතෙනවා බින්දි අක්කේ. ඔයා වාසනාවන්තයි මේ වගේ එක එක විදියෙ සංස්කෘතීන් අත්දකින්න ලැබීම ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් සිදු එක අතකට . අනික් අතින් අපේ ළමයින්ට අපේ සංස්කෘතිය මග ඇරෙනවා

      Delete
  26. මටත් මේ බෝජන සංග්‍රහයට සහභාගි වෙන්න තිබුනනම් කියල හිතුන. හරිම ලස්සන චාරිත්‍ර ටික. ඊශ්‍රායෙල් කාන්තාවන්ගෙ සමේ වර්ණයට තමා මම වැඩියෙන් කැමති.

    ReplyDelete
    Replies
    1. ඔව් රෝස කුමාරි ..හරිම ලස්සන පාටක්. මධ්‍යධරණී කලාපයේ ලස්සන වර්ණය

      Delete
  27. යුදෙව්වන් කියන්නෙ බොහොම උත්සහවන්ත ජාතියක්. ලෝකයේ නම ගිය පුද්ගලයන් බොහොමයක් යුදෙව්වන්. ඇල්බර්ට් අයින්ස්ටයින්, එලිසබත් ටේලර්, වුඩි ඇලන්, කොටින්ම යේසුස් වහන්සෙත් යුදෙව්වෙක්. ඇමරිකාව ඊස්රායලයට ඔච්චර සලකන්න හේතුව, ඇමරිකාවෙ ඉන්න බොහොමයක් බලගතු පුද්ගලයන් යුදෙව්වන්. Federal Reserve එකේ හිටපු සභාපති ඇලන් ග්‍රීන්ස්පෑන්, එතකොට ආයෝජන මගින් බිලියපතියෙකු උන ජෝර්ජ් සොරෝස් වගේම Wall Street එකේ තියෙන ආයෝජන සමාගම් ගොඩක් මෙහෙයවන්නෙ යුදෙව්වන් විසින්.

    ReplyDelete
    Replies
    1. මලා ! මේක දැම්මට පස්සෙ දැක්කෙ උඩ කමෙන්ට් එකක ලිස්ට් එක දාල තියෙනව :D :D

      Delete
    2. ඔව් සපතේරු දාල තියෙන්නේ ලිස්ට් එකම

      Delete
  28. මම හරියටම දන්නෙ නෑ... ඒත් මට මතක හැටියට අපේ අරුණි අක්කගෙ සුදු අප්පුහාමිත් යුදෙව් සම්භවයක් තියෙන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම . එයා දන්නවා ඇති විස්තර ගොඩක්

      Delete
  29. බලලා තියෙනවද Defiance film එක..?? නාසි ජර්මානුවන්ට එරෙහිව සටන් වැදුනු/ සටන් මෙ‍හෙයවපු බියෙල්ස්කි සහෝදරයන්ගෙ කතාව.. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාවට යුදෙවුවන් හිටියෙ හැමතැනින්ම තැලිලා ‍පෙලිලා තාඩන පීඩන වලට යටත් වෙලා ඒ හැමදෙයක්ම දරාගත්ත ජනතාවක් විදියටයි.. දෙවෙනි ලෝක යුදසමයේ වුනත් තමන්ට උරුමවුන හැම පීඩාවක්ම දරාගෙන ඒක තමන්ගෙ ඉරණම කියලා හිතාගෙන හිටපු යුදෙවුවන් අතරින් වුන මේ නැගිටීම වි‍ශේෂයි..

    ReplyDelete
    Replies
    1. ආ මන් බලා තියේ ..

      Delete
  30. ගොඩක් දේවල්වලට එකඟයි බින්දි....!

    "නිවස ආලෝකවත් කරන්නෙ කාන්තාවන්..." මගේ ගෙදර අලෝකවත් කරන්නෙ මගේ ගම හාමිනේ සහ දුවලා දෙන්නා.....!

    "ගෙදර උණුසුම් කරන්නෙ බිරිඳ...." හරියට හරි...! ගෙදර විතරක් නෙමෙයි තමන්ගේ ස්වාමියවයි, දරුවනුත් ඇතුළුව....!

    මම අහලා තියෙනවා කොහොමත් ඊශ්‍රායල් කාන්තාවන් ගොඩක් ලස්සනයි කියලා. හැබයි ඒ වගේම අහංකාරයි කියලත්. බින්දි කිව්ව වගේ බින්දිගේ යාළුවා සුවිශේෂ කෙනෙක් වෙන්න ඕනෙ....!

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි දුමි ..මන් හරිම කැමතියි ප්‍රසිද්ධියේ තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව අගයන අයට. මගේ යාලුවා හරිම විශේෂයි තමයි. මේ ලෝකේ මන් දැක්ක ලස්සනම ඒ වගේ හොඳ ගතිගුණ හුඟක් තියෙන කෙනෙක් .

      Delete
  31. හරිම ආසාවෙන් කියවපු පෝස්ට් එකක්.කොයි රටෙන් ක්යි ජාතියෙන් උනත් අපේ ජීවිතේට එකතු කර ගන්න වටිනා දෙවල් කොච්චරක්නම් තියෙනවද

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා ..හොඳ දේවල් කොහේ හරි දැක්කම අපි ළඟ නැත්නම් ඒවා අර ගන්න නිහතමානි වීමයි වැදගත්

      Delete
  32. නාසි වධකාගාර වල වෙච්ච අමානුෂික දේවල් නිසා ලෝකෙ අනුකම්පාව දිනා ගත්තට යුදෙව්වො කියන්නෙත් එච්චරම හොඳ අය නොවන්න පුළුවනි. මෙන්න මගේ තුට්‍ටු දෙකත්:

    1. ඉතාමත් බුද්ධිමත් ජාතියක්. නොබල් දිනපු කට්ටිය ගොඩයි, අයින්ස්ටයිනුත් යුදෙව්වෙක් නෙ.ඒ දැනුම හොඳට , නරකට දෙකටම යොදවෙනවා. ආයුධ නිශ්පාදනය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්, වෛද්‍ය විද්‍යවෙ නව සොයාගැනීම වගේ එව්වත් වෙනවා.

    2. සාමාන්‍යයෙන් ගෑණු, පිරිමි හැමෝම ලස්සනයි . ඒත් අප්‍රිකානු සිට යුරෝපීය පෙනුම ඇති අය ඊශ්‍රායලයේ ඉන්නවා කියල කතාවක් තියනවා. ලෝකෙ හැම මුල්ලෙම විසිරිලා හිටි ජාතියක් නෙව. මොසාඩ් කස්ටියට තමා වාසි

    3. අතීතයේ සිටම ඔවුන් කුම්මැහි, ව්‍යාපාරිකයො, නැත්නම් සල්ලි පොලී කාරයො. ශේක්ස්පියර්, චාල්ස් ඩිකන්ගෙ කතාවල ඉන්න චරිත දිහා බලන්න. "Don't call me a jew, but..." කියල යෙදුමකුත් තියෙන්නෙ.

    මෙහෙ ඉන්න යුදෙව්වොත් සාමාන්‍යයෙන් සල්ලිකාර, ව්‍යාපාරිකයො. සාමාන්‍ය අය හොඳා, වෙනම ඉන්නවා, සාමකාමී මිනිස්සු. ඒත් අර කළු ඇඳගෙන තොප්පිදාගෙන ඉන්න සාම්ප්‍රධායික කස්ටිය නම්, තලෙයිබාන්ලා වගේම අන්තවාදියො.

    දවසක් , මං ගිය බස් එකට නැග්ගා, හයයි-හතරෙ ලස්සන යුදෙව් කොල්ලෙක්. අර බිත්තර ක‍ටු තොප්පියත් දාගෙන, ‍රැව්ලත් වවලා. කරටි කැඩෙන්න ගහලා, හීමිට සිංදුවක් කිය කිය ගියා, කාටවත් කරදරයක් නෑ. මට ෆුල් ආතල්," ආං අපේ ජාතියෙ යුදෙව්වෙක්, ඔහොම යං, මචං" කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕන බස්සෝ මට ඔහේගේ කමෙන්ටුව මග ඇරිලා ...

      Delete
  33. (පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට .)මේක වැරදියි මුලින්ම ආශීර්වාද කරන්නේ පුත්තුන්ට....

    ReplyDelete
    Replies
    1. ඇත්තද ..මගේ යාලුවට ඉන්නේ දුවල . හැබැයි එයා කිවේ මුලින් දුවලට තමයි කියල ..පොඩ්ඩක් අහල බලන්න ඕන . එක එක පවුල් වල වෙනස් ද දන්නේ නැහැ . ස්තුතියි ඔබට

      Delete