Friday, 31 August 2012

නිවාඩු ඉවරයි ..

ග්‍රීෂ්ම නිවාඩුවේ ගම රට ගිය ඇත්තන් ආපසු ඇවිදින්ය . නොඑන්නම ගිය සිත් ගත් මිත්‍රයින් නැති අඩුව තදින්ම දැනේ .
ජිවිත ගමනේ හමුවන සුවහසක් මිනිසුන් අතර බොහොමයක් දැක්ක දුටු තැන කතා කරන්නටත් අවැසි දෙයකට පමණක් මුණ ගැසෙන්නටත් පමණක් සිමා වේ. සමහරෙක් එයින් මදක් ඔබ්බට ඉඳහිට කතා කොට දුක සැප අසන්නට පෙළඹේ . එක්කෙනක් දෙන්නෙක් හදවතට බොහෝ ලංවේ . හිත මිතුරන්ට හදවතේ ඉඩ වෙන් කරද්දී නොයෙක් අකටයුතු කම් සිදුවේ . සමහරුන්ට වර්ග අඩියක් දෙකක් හිමි වෙද්දී ඇතැමුන් අක්කර ගණන් හිමි කර ගනී .


ජිවිතයේ විවිධ යුගයන්හි මට එවන් මිනිසුන් හමුව ඇත . උන්හිටි තැනක් වත් නැතුව ඇතැමුන් වාෂ්ප වී ගොස් ඇතිවාක් මෙනි, පරිගණක යුගයේ නුපන් අප පරම්පරාවෙන් මුණු පොත හෝ අන් සමාජ ජාලයන් ආශ්‍රයට පෙළඹුනේ සියල්ලන්ම නොවේ. ගුරුතුමියක් ව සිටින පාසල් වියේ මගේ හොඳම මිතුරිය මුණු පොතේ නැත . කෙටිකාලින ගුරු ජිවිතයේ හමු වූ ලබැඳි සොයුරිය ඉඳහිටක දුරකතනයෙන් හමුවේ . ලංකාවේ ගුරුවරුන් අන් ක්ෂේත්‍රයන් වලට සාපේක්ෂව අන්තර්ජාල භාවිතය අඩු යයි කියා මට සිතේ .

සයිගොන් නගරයේදී හමු වී හදවතේ ලොකු ඉඩක් වෙන් කර ගත් ඉන්දියානු මිතුරිය හමුවන්නට මෙවරත් හැකි විය . මැලේසියාව ගැන ගිය අවුරුද්දේ ලියු නිසා ආයෙමත් ලිවිම කම්මැලි වැඩකි . ගියවර නගින්නට බැරි වූ ලෝකයේ උසම ද්විත්ව කුළුණට [එනම් පෙට්‍රොනාස් KLCC Tower ] නගින්නට නම් මෙවර හැකි විය . එය ගොඩ නගන්නට වැය වූ මුදල මේ වන විට නරඹන්නන් ගෙන් අයකර ගෙන ඇති බව මට නම් සිතේ .









රාත්‍රියේ වතුර මල් ....

 උඩ සිට බිම බැලූ විට .



එක කුළුනක උඩ සිට අනික් කුළුණේ කොත මගේ කැමරාවෙන් . තව පින්තුර නොසැහෙන්න තිබුනත් ඒවායේ ඉන්න නිලියන් නිසා බ්ලොග් ගත කිරීමට නොහැකි වීම ගැන කණගාටුව .
රාත්‍රියේ ..

ඒ ඇරුන විට හැනොයි සිට මැලේසියාවේ ස්ථානගත කෙරුණු කීපදෙනෙකු හමු වීමටද හැකි විය . සියල්ලටම වඩා අපේ පොඩ්ඩන් හට අමතක නොවෙන විශේෂ තැනකට යාමට ලැබිණි . ඇතැමෙක් අසා තිබෙන්නටත් පුළුවන . Kidzaniya කියන ළමයින්ට වැඩිහිටි ලෝකේ අත්හදා බැලීමට ඉඩ ලැබෙන තැනකට යන්න ලැබුන එක ගැන ඔවුන් බොහොම සතුටින් .



ටිකට් එක අරන් ඇතුලට ගිය පසුව ළමයින්ට ලබාදෙන මුදල් නෝට්ටු [ ඇත්ත ඒවා නොවේ] වලින් ගෙවීම් කර විවිධ ස්ථාන වල අත්දැකීම් ලැබිය හැකිය . මේ ස්ථානයන් විවිධාකාරය . ළමුනට මෙහිදී තැපැල් කරුවෙකු වී ලියුම් බෙදීමේ සිට පොලිස් නිලධාරියෙකු , ගිනි නිවන භටයෙකු හෝ රියදුරෙකු යනාදී විශාල පරාසයක රැකියාවන් අත්හදා බැලිය හැක . කොටින්ම ලොකු සෙල්ලම් නගරයක් වැනිය . කොටින්ම බනියාට විනාඩි විස්සක අධ්‍යාපනයකින් පසු දොස්තර උපාධියක්ද හිමිවිය . ලොක්කිට රක්ෂණ සහතිකපත් ආදී ලියකියවිලි පිළියෙළ කරගෙන රියදුරු බලපතක්ද ලබාගැනීමට හැකි විය . ගොඩනැගිලි අංශයේ ජනෙල් පිරිසිඳු කිරීම වැනි වැඩ කොට මුදල් උපයාගැනිමටද ඇය සමත් විය .




දවස අවසානයේ උදාවුයේ නොසිතු අකරතැබ්බයකි . ළමුන්ගේ ඉතිරි මුදලින් යමක් මිලදී ගත හැකි කඩයක් තිබිණි . අහෝ එහි භාණ්ඩ අධික මිලැතිය. දෙදෙනාගේම මුදල් එක්කර වුවද ගත හැක්කේ සබන් බෝල විදිනයක් වැනි සුළු දෙයකි. අහන්නත් දෙයක්ද අපේ බනියාට හොඳටම තරහ ගොසින්ය . අසරණ අක්කා කොතරම් බැගෑපත් වුවද ඇය නොවේ ඇය උපයාගත් නෝට්ටු ටික අත අරින්නට කැමති වුයේ . මගේ සල්ලි මට ඕනා යයි විලාප තියද්දී බලයෙන් ඇගෙන් කොළ කීපයක් ගෙන අක්කා සබන් බෝල පුම්බනයක් මිලට ගත්තාය . මේ කඩය නම් සුත්තර කඩයකි . ඉතිරි වන මුදල් ටික වියදම් කරන්නට නම් ආයේ දවසක් ගිය යුතුමය . ඒ නගරයේ ජිවත් වන ළමයින් එසේ කරනවා ඇත. කෙසේ වුවත් ළමයින් ලද අපුරු අත්දැකීම නම් ඉතාම වටනා එකකි .


ඔය සිද්ධිය සහ සපත්තු ගන්නට ගොස් සපත්තු එපාම යයි කඩේ දෙක කිරීම ඇරෙන්නට බනියා මුළු ගමන පුරාම යහපත් කලකිරියාවෙන් යුතුව සිටි බව කිව යුතුය

මේ පිහිනුම් තටාකය තිබෙන්නේ අප දින දෙකක් තාවකාලිකව සිටි නවාතැනේ 22 වෙනි තට්ටුවේ . ඒ දින දෙක අරුණකොට ඉතිරි මුළු කාලයම මගේ මිතුරිය සමග තෝසේ චපාති ..චට්නි ..ඇතුළු රසවත් දකුණු ඉන්දියානු ආහාර ගනිමින් [නිර්මාංශ භක්ෂිකයෙක් ලෙස ] හින්දි චිත්‍රපට බලමින්ද ....පුර්ණ නිවාඩුවක් ගත කලෙමි .

.බ්ලොග් ලිවිල්ල මෙන්ම කියවිල්ලද අඩාල වුයේ පාරෙන් පිට පැන්න වාහනයක් වාගේය. පහුගිය දිනවල විටින් විට වාහනේ පාරට ගැනීමට තල්ලුවක් දුන් අයද බොහෝය . ඒ අයට මාගේ නොවක් තුති. නිවාඩුවෙන් පසු හොඳ ගෘහනියක් වම්හයි දැඩි අදිටනින් සිටින කල බ්ලොග් කියවීමද අඩපණ විය . ගෙවල් පිළිවෙලට තබාගෙන ළමයින්ගේ වැඩත් කරගෙන බ්ලොග් එකකුත් ලිවිම අභියෝගයකි . අනික් අතට කියවන්නට කැමති පොත් කීපයක්ද පුස්තකාලයෙන් හමු විය . ඒ අතර පාසලේ මුල් සති කීපය ගුරු දෙගුරු රැස්වීම්....කෝපි රැස්වීම් එකී නොකී දේවලින්ද බහුලය . ඒ ඇරුන විට   රස්සාවල් කරන්නට පුරුදු වූ ගැහැණු ගෙවල්වල ඉන්නට වූ කල විටින් විට ඇතිවන සන්කාකුල සිතුවිලිද ඉඳහිට සිත අකර්මන්‍ය කරවන සුළුය .

නිදහසට කාරණා කිවා මදැයි . සාමාන්‍ය වශයෙන් යමක් එක දිගට කිරීමට අපහසු මා අත නාරින එක දෙයක් වන මේ බ්ලොග් ලිවිම යලිත් සුපුරුදු ලෙස කරන්නටයි බලාපොරොත්තුව .

64 comments:

  1. කාලෙකට පස්සෙ විල පැත්තෙ ආවෙ...කියවන්න කියවන්න ආස හිතෙන ලස්සන සටහන් ගොඩක් මග හැරිලා තිබුනා..ඔන්න සේරම කියෙව්වා..

    ස්තූතියි...

    ප.ලි.
    පිටරටක ඉන්න නිසා ඔය ගෙවල් අස්පස් කරන වැඩ ගැන එච්චර වදවෙන්න එපා..අහවලාගෙන් ප්‍රශ්නයක් නැත්නම් මොකද ?:D

    ReplyDelete
    Replies
    1. හපොයි ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..

      මම එක :D

      Delete
    2. ආ ඇත්තමයි ලකී එක . නෑ අනේ ඔය කුස්සියේ කබඩ් ටික හෙම අස්පස් කරන්න කාරණා දීල තිබුන . කාලෙකට ඔව්ව අදාල බැලුවේ නැත්නං ගිය අවුරුද්දේ ගෙනා ලට්ට ලොට්ට හැංගිලා තියෙන්න පුළුවන් . ඒ ඇරෙන්න ගමනක් ගිහන් ආවම ගෙනාපු එව්වා ඕවයේ ඔබන්න ඉඩ හදා ගන්නත් එපැයි. ඒ ඇරෙන්න මන් කරන අස් කිරිලි . ඒ අතින් නම් අපරාදේ කියන්න බැහැ කිසිම කරදරයක් නැහැ . ඒ වුනාට මන් කබඩ් අස්කලා කිව්වම දාපු සවුත්තු හිනාව නම් මට ඇල්ලුවෙම නැහැ .

      Delete
  2. ෂහ්...නියමයි....... ::)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා රජතුමනි ..

      Delete
  3. අර ළමයින්ට රස්සා කරන්න පුරුදු කරන තැන නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. අපිට නම් කඩේ ගිහින් බඩු ගන්න බිත්තියක තීන්ත ගාන්න ..වගේ අත්දැකීම් නොමිලේම ලැබුනානේ . දැන් ඉතින් එව්වටත් සල්ලි ගෙවන්න වෙලා .

      Delete
  4. හෙහ් හෙහ්..පටන් ගත්තෙ කොහෙන්ද ඉවර කළේ කොහෙන්ද ? මේක බින්දිගෙ ලිපි වලම විතරක් දක්නට තියන ආවේනික ලක්ශණයක්... මම නම් ඒකට කැමතියි...ලිපිය කියවලා ඉවර වෙද්දි අපිත් ගොඩක් තැන්වල රවුම් ගහලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් අර කාන්තාවන්ට ආවේනික ඕප දුප කතා කිරීමේ අලුත්ම වර්ෂන් එක නොවැ සෙන්නා ..

      Delete
  5. නිවාඩුව නම් අපූරුය... මටද ලගදීම දිණෙක නිවුන් කුලුණු වල අසිරිය දකින්නට ලැබේවි. නැවතත් පෙර පරිදි නෙලුම් විලේ නෙලුම් මල් පිපේවා...

    ReplyDelete
    Replies
    1. යනවා නම් කියන්න ..සාප්පු සවාරි යන්න හෙම හොඳ තැන් කියන්නම් .
      ස්තුතියි සිරා

      Delete
  6. මේ හලෝ මැඩම්.. මීට පස්සෙ ඔය හිතුනු හිතුනු විදියට නිවාඩු ගන්ට බෑ හරිය.. නිවාඩු ඕන නම් අයැදුම්පත්තරයක් දාන්ට, හඳ කමිටුවේ මාමලා-නැන්දලා ඒ අයැදුම්පත්තරේ බලලා සුදුසුනං විතරක් නිවාඩු අනුමත කරයි.. ඇයි යකඩෝ! මේක හරි වැඩක්නෙ, පෝස්ට් එකක් නැතුං මෙච්චර කල් ඉන්ට පුළුවන්ද.!? :)

    ReplyDelete
    Replies
    1. ඕන් මෙහෙමත් අසාධාරන කතා !!!! අහ් නිවාඩු යන්නත් හඳකමිටුවෙ ලොක්කන්ට ඉල්ලුම්පත්තර දෙන්න ? හ්ම් අපි මේ ගෙදරවල් , ඔෆිස් ,නෙලුම් විල් අහස් උයන් ඔය සේරම පරිපාලනේ කරන් ඉන්න එක ලේසියි කියලද ලී බෝනික්කා හිතන්නේ ?. ඔය අලුත් නීති අපට දාන්න ආවොත් බලාගෙන ගොයියො . අපි ලියන්නේ අපිට හිතුනම හරි ද ? :)

      Delete
    2. ඒක නෙවේ බූරා මම ඊයෙත් විලේ පරණ පෝස්ට් ටිකක් කියෙව්වා මෙයා .දැන් අර ඉස්සර වගේ තොප්පි දාගෙන විලට බහින්න ,මල් කඩන්න , දිය කෙලින්න හිතෙන නොස්ටැල්ජික් ආතල් පෝස්ට් එකක් ඇවිත් නෑ නේ කාලේකින් .ඔහෙලාගේ හඳ කමිටු ලොක්කන්ට කියෝලා නිර්දේසයක්වත් එවමුද එහෙම එකක් විගහින් ලියන්න කියලා ...නෑ මේ වැඩිය ඕනේ නෑ ජන කතාවක් වත් ලියන්න පුලුවනිනේ නෙහ් කම්මැලි වුනත් :)

      Delete
    3. හුහ්! දී කිරට බැළලියොත් සාක්කිලු.. ‍මේ මැඩං, ඔබතුමීටත් එක්කම තමා ඒක කිවුවේ හරිය.. අහස්ගවුව ලියන්නෙ නැත්තං අර අලුත් බ්ලොග් එකවත් ලියන්ට පට්ටාං ගන්ටකො, නිකං බොරුවට FB එකේ පිංතූර වලට කමෙන්ට්ස් දදා ඉන්න ටිකේ.. :P

      // දැන් අර ඉස්සර වගේ තොප්පි දාගෙන විලට බහින්න ,මල් කඩන්න , දිය කෙලින්න හිතෙන නොස්ටැල්ජික් ආතල් පෝස්ට් එකක් ඇවිත් නෑ නේ කාලේකින් //

      ඉතිං ඒක නෙවෙන්නං මාත් මේ කියන්ට තනන්නෙ.. කොහෙදෑ, මේ බින්දි දැන් හරිම වස කම්මැලි අම්මණ්ඩියෙක් වෙලා නෙවැ..

      Delete
    4. බුරානිස්,

      මේ අනිත් අයට බන කියන්ඩ කලින් උඹ බ්ලොග් එකක් පටන් ගන්නවද ? මම මේ බොහොම හොඳින් කියන්නෙ.. හරිය.. ගර්ර්ර්ර්

      Delete
    5. ආයේ ඔන්න මට කියන්න දෙයක් නැහැ . ටි ජි දීලා තියෙන්නේ උත්තර ..බුරා දෙන්නකෝ සෙන්නට උත්තරයක් . කෝ බුරාගේ බ්ලොග් එක . හැබැයි ඉතින් කමෙන්ට් දැමීමත් කලාවක් . බුරා ඒ කලාව හොඳින් දන්නා කෙනෙක්

      Delete
    6. . බ්ලොග් එකක් නැති වුනාට කමෙන්ට් වලින් බූරා කරන රාජකාරිය සුලු පටු නොවෙයි .බූරා ලියන හර බර කමෙන්ට් බ්ලොග් පෝස්ට් ගොඩාක් රසවත් කරනවනේ .විලේ උනත් මොන තරම් උන්දෑ එහෙම හටන් කලාද ? එලස් , පට්ටස් වගේ තනි වචනේ කමෙන්ට් නැතුව බොහොම කරුණු එක්ක - මම හිතන්නේ ගොඩාක් දේවල් එයාගේ මතකෙන් බූරා කියනවා .වැරැද්ද අපේ . අපි මනුස්සයට එහෙම හරවත් කමෙන්ට් එකක් ලියන්න පෝස්ට් නොදාන එක . ස්මහර වෙලාවට මම කම්මැලියාවගේ සමහර විස්තර අඩුවෙන් ලියලා යනවා අනිවා බූරා ඇවිත් අඩු පුරවනවා .ඒ නිසා ලී බෝනික්කට තර්ජනේ කොරන්න එපා උන්දැ බ්ලොග් නොලීවට කොරන මෙහෙය අප්‍රමාණයි බ්ලොග් වලට TG `feel lazy to log in from gmail

      Delete
    7. නෑ නෑ තර්ජනයක් නොවේ.. මට ඕනා මිනිහා ඔය තැන් තැන් වල හල හල යන වටිනා දැනුම එක තැනකට එකතු කොරවන්ඩයි..මිනිහා බ්ලොග් එකක් ලියුවොත් ඒක දැනුම් ආකරයක් වෙනවා.. මම බූරට කියන්නෙ "ඇවිදින පොත්ගුල" කියලනෙ..

      Delete
    8. @ සෙන්නා,

      මම බ්ලොග් එක්ක නොලියන්නෙ ඇයි කියන එකට බොහොම පැහැදිලි උත්තරයක් මම දීලා තිබුනා 'හරී'ගෙ බ්ලොග් එකේදි.. මං හිතන්නෙ උඹ දකින්න නැතුව ඇති.. මං ආයෙත් කියඤ්ඤංකො..

      දැන් උඹ කියන විදියට මම 'ඇවිදින පොත්ගුලක්' නෙ.. උඹට මතකද විමලරත්න කුමාරගමගේ මේ කවි පංතිය.??

      එළු සකු මගධ පොත් කටපාඩමට දනී
      මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
      වැගිරෙන විලස සාහිත මී අමර පැණී
      පොතක් ලියන්නට සිතුවිලි පහල වුනී

      ඔය ඇවිදින පොත්ගුලක් වැනි පඩිතුමා ‍‍පොතක් ලියලා අන්තිමට කවුරුත් ඒක කියවනවා තියා අහන් ඉන්නත් බැරුව නඩු දාන්නෙ.. ආන්න ඒ වගේ මම බ්ලොග් එකක් ලියලා, ඒක සාරගර්භ වැඩිවෙලා, කට්ටිය නොකියවා ගියොත්, කට්ටිය නඩුදාන්න ආවොත් මම මොකදෑ කොරන්නෙ..?? :D

      Delete
    9. @ TG,

      කියවපු ගොඩක් දේවල් මතකෙන් දැන් ගිලිහිලා ගිහින් මැඩම්.. සමහර වෙලාවට පෝස්ට් එකක තියෙන මොකක් හරි නිසා මතකේ ඇවිස්සුනාම ආයෙමත් අර පරණ දේවල් හොයන්න පොත් පීරන්න ඕන, නැත්තං ජංජාලේ පීරන්න ඕන.. අපි දැන් වයසක මිනිස්සු නේ.. ;)

      Delete
    10. හෙහ් හෙහ්.. මටත් මතකයි ඔය කතාව නාට්‍යයක් හැටියට ගියා රූපවාහිනියෙ.. මට ඔය කවිනම් කොහොමත් මතක හිටින්නෙ නෑ..

      ඒ මොනවා වුනත්.. උඹ බ්ලොගක් ලිව්වොත් එහෙම නොවෙන බව පට්ට ශුවර්.. කවුරු නොකියෙව්වත් මම කියවනවා... එක පාඨකයෙක් හිටියත් මදැයි බන්.. :-)

      ඉතින් පටන් ගනින්කො..

      Delete
  7. හ්ම්ම්ම්.. සදුදා ඉදන් ඉතින් මාත් වැඩ.. මාසයක් ගෙවුනා දන්නෙම නැතුව.. ආයෙම ඉතින් පුරුදු රේස් එක දුවන්න ඕන..

    පුළුවන් වෙලාවට නෙළුම් විල ලියමු අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් මේකට ඇබ්බැහි වුනහම ඉතින් කොහොම හරි වෙලාව සොයා ගන්නවා

      Delete
  8. හොඳ නිවාඩුවක්!!!

    බනියා නම් මගේ ජාතියේම කෙලි පැංචියක්...මම උම්ම්මා එකක් දුන්නා කියන්ට. හී හී මම ආසම අර හොඳ කල්කිරියාව පෙන්නන්ට කෑගහලා අඬපු එක. ඔහොම අඬන්ට හම්බ වෙන්නේ ගෙවල්වල ඉන්නකල් විතරයි. කසාද බැන්දාම ඔහොම කෑගහලා අඬන්ට පුලුවන්ද? අනෙක කඩ සාප්පුවල.:)

    හරිම බිසි සති අන්තයක්. ආයෙම හිමින් සැරේ එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න මන් දුන්නා ඔයාගේ ගානේ උම්මා එකක් . කසාද බැන්දට පස්සේ කෑගහල අඬන්න බැරිද ?? අපොයි පුළුවන් .අඩු ගානේ ගෙදර . හැබැයි ඕක නිකන් සදාම්ගේ රසායනික අවි වගේ . නැත්නම් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වගේ . බැරිම අවස්තාවක ගන්න තියාගන්න ඕන බර අවියක් . නිතර පාවිච්චි කලොත් හරි යන්නේ නැහැ .

      Delete
  9. අපූරුයි..මටත් යන්න හිතුන අප්පා කොහේ හරි :)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරුමාවී ඉඳහිට අපිටත් නිවාඩුවක් ඕනේ .

      Delete
  10. මේ ලිපි කියවනවිට දැනෙන්නේ ඔයත් එක්කම අපිත් මේ චාරිකාවෙ ගියා වගේ . ලස්සන විස්තර .
    …දැන් ඉතින් නෙලුම් විල පාලු නොකර දිගටම ලියන්න හොදේ . අපි එනව බලන්න මල් පිපිලද කියල .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිම්හානි ..

      Delete
  11. ට්‍රිප් එකක් ගැන කියවද්දි අපිටත් යන්න හිතෙනවා.ඒත් කොහෙද යන්න විදිහක් නෑනේ

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා . ළඟ පළාතකට හරි යන්න . ලංකාවේ කොපමණ ලස්සන තැන් තියෙනවද . තනිකඩ නම් අර මාරයා ආදර්ශෙට අරන් ටිකක් ඇවිදින්න . ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  12. පෙට්‍රනාස් ටවර් එකේ උඩටම යන්න පුලුවන්ද ? අපි ගිය පාර අර පාලම උඩට විතරයි අරගෙන ගියේ :(

    ReplyDelete
    Replies
    1. දැන් 86 වෙනි තට්ටුවට යන්න දෙනවා . එතන ඉඳන් ටිකක් වටපිට බැලුවට පස්සේ තමයි පාලමට එක්ක එන්නේ . කලින් ටිකට් ගන්න ඕන . නැත්නම් ඔන්ලයින් .

      Delete
  13. අර ළමයින්ගේ ලොකු නගරේ තමා මටත් හිතට අල්ලලා ගියේ..ඔහේ තිබුනේ නැද්ද බින්දි ලොකු අයට පොඩි නගරයක්.. ඔය ඔන්චිලි පදින්න සෙල්ලං ගෙවල් දාන්න එහෙම..? එහෙම තිබුනනනං අපිටත් යන්ට තිබ්බා...

    බනී තමා බනී...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් අපේ ගෙදර තියෙනවා . බලන්න ඔය අහල පහල ගෙවල් නැද්ද ළමයි ඉන්න . '' මට ආසය ආයෙත් බිළිඳෙකු වෙන්න '' කියල හිතුන නේද .

      Delete
  14. හෙහ් හෙහ් හෙහ් ! මටත් හිතුනෙ ලොකු අයට තිබ්බෙ නැද්ද පොඩි එවුන් වෙන්න පුළුවන් නගරයක්? නිවාඩු ගිහින් එහෙම නිස්කලන්කෙ ඉන්න එක පුළුවන් වෙන එක තමා නියම නිවාඩුව. අපේ වැඩේ ගිහිල්ල ඇවිදින එකනෙ. ඊට පස්සේ ගෙදර ආවම වැඩ කරන දවස් වලට වඩා මහන්සියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මුහුදු සමහර ට්‍රිප් ගියහම සේරම බලාගන්න තියෙන තණ්හාව නිසා මහන්සියි . අනික ෂොපින් යන්න නම් ට්‍රිප් යන්න හොඳම නැහැ . මෙහෙ ආනයනික දේවල් අඩු නිසා සහ තිබුනත් මිල අධික නිසා අත්‍යවශ්‍ය දේවල් ටිකක් ගන්න එහෙදි සිදු වුනා .අනික දන්නා අය හිටි නිසා අදාලම තැන් වලට විතරයි ගියේ . ඒ නිසා නිවාඩුව නිවාඩුවක්ම වුනා . අනික මගේ යාළුවගේ ස්වාමියාත් ඒ දවස්වල වෙන රටක . තනිකර කාන්තා නිවාඩුවක් ..

      Delete
  15. "ඔය සිද්ධිය සහ සපත්තු ගන්නට ගොස් සපත්තු එපාම යයි කඩේ දෙක කිරීම ඇරෙන්නට බනියා මුළු ගමන පුරාම යහපත් කලකිරියාවෙන් යුතුව සිටි බව කිව යුතුය..."

    I really really enjoy these lines - thanks Bindi!!!

    ReplyDelete
  16. එක කමෙන්ටුවක් දමා මදිය - මේක කියෙව්වාට පසු බින්දිත් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාක් මෙන් දැනේ!!

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් ඔබ වැනි සොඳුරු මිනිසුන් සමග කතා බහේ යෙදෙන එක හරිම සතුටක්
      වැඩේ කියන්නේ එකම විශ්ව විද්‍යාල වල දැන අඳුන ගෙන උන්න අය පැත්තක . ලෝකය හරිම පොඩියි කියන්නේ ඕකට තමයි

      Delete
  17. හරිම සතුටුයි ලස්සන නිවාඩුවක් ගෙව්වාට. මගෙ අතිනුත් මේ රාජකාරිය කරත්දී ගෙදරට අකටයුතුකම් වෙනවා යයි කියල මටත් හිතෙනවා. මේ වෙලාවෙ ඒ ගැන ටිකක් හිතමින් ඉන්නා කොටයි නංගිගේ සටහන දැක්කේ. මගේ මහත්තයා ඒ සියල්ලම ඉවසා දරා හිටියත් කොල්ලො දෙන්නා හා පොඩි මුණුබුරා නම් නොඉවසන බව කිව යුතුය. දිගටම මට අවලාද දෙන්නේ පුංචි එකාය. කරන්නට දෙයක් ද නැත. මම මෙයට මහත් ඇල්මක් දක්වන නිසා නිකම් ඉන්නට ද බැරිය. බනියා ගේ සුරතල් කම ඇසුවාම සතුටුයි. අපේ බනියා දවස් දහයකට මැලේසියාවේ සිට ආවා. ආපසු යන්න බැරිය කියා , නංගිට ඇය ගෙනියන්න සිදු උනේ ගල් පැලෙන බොරු ගොන්නක් ඇද බාලයි. ඇය ආපසු එනතෙක් බලා ඉන්නා බව නංගි කිව්වෙත් බොහොම දුකින්.
    චුටි බනී අහපු ප්‍රශ්ණයකින්ම සටහන නිමා කරනවා බින්දි.
    තනි පිළිහුඩුවෙක් දැකලා "ඇයි? ඔච්චර ලස්සන කුරුල්ලෙක් වෙලත් පිළිහුඩුවා කසාද නොබැඳ තනියම ඉන්නෙ".....

    ReplyDelete
    Replies


    1. වරදකාරී හැඟීමක් ඇති කරගන්න එපා අක්කේ . මේ වගේ දේකින් සතුටු වෙන එක හොඳයිනේ . අපේ විනෝදාංශය ෂොපින් යාම වගේ එකක් වුන නම් තමයි මහත්තුරුන්ට කණගාටුවෙන්න වෙන්නේ . අපොයි ඇත්ත තමයි පිළිහුඩුවා කසාද බඳින්නේ නැත්තේ ඇයි..

      Delete
  18. ෂා නියමයි බින්දි! අර Hands on experience එක ලමයින්ට මරු පුනුණුවක්නේ! මෙහෙ හ්මත් තියෙන Open Day වල ඔයවගෙ අංග සමහරවිට තියෙනවා. අර ළමා සල්ලි ගන්න මුලදි ඇත්ත සල්ලි ගෙවන්න් ඕනෙද නැතිනම් ටිකට් එකට යම් ප්‍රමානයක් හිමි වෙනවද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔව් එය අපුරුයි ඩුඩ්,. ටිකට් එකට සේරම අයිතියි. තව වැඩ කරලා උපයා ගන්නත් පුළුවන් . ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන් ඔය සල්ලි ටික පරිස්සන් කරගන්න ,. අදාළ තැන්වලට ගෙවන්න ලොකු වගකීමක් තියෙනවා

      Delete
  19. වෙල්කම් බැක් බින්දි..ආයෙත් නෙළුම් විලේ මල් පිපේවි..
    මටත් හිතට ඇල්ලුවෙ kidzania එක ගැන තමා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ .

      Delete
  20. කාලෙකට පස්සේ ආවේ...
    හොඳ බ්‍රේක් එකක් අරන් වගේ!

    ReplyDelete
    Replies
    1. ඔව් කැන්ඩියන් හිතටයි ගතටයි දෙකටම නිවාඩුවක් ලැබුනා

      Delete
  21. අපිට මොන නිවාඩුද? ඉරිදා/පෝය හැර ?

    ReplyDelete
    Replies
    1. ඒකියන්නෙ මාසෙට අඩුම හතරක් හෝ පහක්...හොඳටම වැඩියි.. හොඳටම වැඩියි.. විශ්වාස කරපන් මම නිවාඩුවක් ගත්ත කාලයක් මතක නෑ.. වැකේශන් එක විතරයි.. දිගටම වැඩ..

      Delete
    2. ඇයි සෑම් ඒ ටික එකතු කලාම කීයක්ද . වියට්නාමයේ වැඩ කරන අයට තියෙන නිවාඩු ටික දන්නවද . අප්‍රේල් වල හුන්ග් රජතුමාගේ උපන්දිනේ 1යි . අප්‍රේල් 30 වික්ටරි ඩේ එක . මැයි පළවෙනිදා . සැප්තැම්බර් 2 වෙනිදා . සහ චීන අවුරුද්දට දින 5 ක විතර නිවාඩුවක් . ඔච්චරයි අවුරුද්දටම .

      Delete
  22. හෙහ්, ආයෙම ආව නේද?.....වෙල්කම්..වෙල්කම්......ඔහොම ගන්න අනේ මාස හයකට විතර සැරයක් මාසෙක විතර නිවාඩුවක්.....මම කිව්වෙ මේ බොලොග් ලිවිල්ලෙං....එක දිගට කරගෙන යන කොටත් එපා වෙනවනෙ නැද්ද?

    / ඔය සිද්ධිය සහ සපත්තු ගන්නට ගොස් සපත්තු එපාම යයි කඩේ දෙක කිරීම ඇරෙන්නට බනියා මුළු ගමන පුරාම යහපත් කලකිරියාවෙන් යුතුව සිටි බව කිව යුතුය /

    සික්, දරුවන්ට මෙහෙමත් උපහාස කරන සිරිතක් තියනවද අම්මප...බොහොම කැතයි...බොහොමත්ම කැතයි.....;) :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කෝකත් පමණට . බනියාට මෙව්වා කියවන්න බැහැනේ . දවසක දැක්කොත් මන් ඉවරයි . ඔය එයාගේ වැඩ පොඩියයි මන් ලියන්නේ . සේරම ලියන්න ගියොත් බ්ලොග් එකක් මදි

      Delete
  23. මැලේසියානු සංචාරය නියමයි. කොහොමටත් මැලේසියාව දැන් දැන් සංචාරක පරවරයක් බවට පත්වෙමින් තියෙනවා.

    අර සබන් බෝල පුම්බන එකක් ඕ ගාන සාධාරණ ඇති මේ ළගදි දවසක මැලේසියා ගිහින් ආව හතවතෙක් කිව්වා එහේ ගිනි ගනං බඩු ලංකාවෙදි සුලු මුදලයි කියලා

    ReplyDelete
    Replies
    1. ඔය තැන ඉතින් ළමයි ආයෙම ගෙන්න ගන්න උප්පරවැට්ටියක් නේ ඔය . මෙහෙමයි ඉතින් මන් ඉන්න නගරයට වඩා බඩු ලාබයි මැලේසියාවේදී . තත්වයත් හොඳයි. අනික ඕන දෙයක් තියෙනවා . ලංකාවත් එක්ක බැලුවම ගණන් වැඩි ඇති තමයි. නමුත් මන් ගිය ලොකු මෝල් එක තමයි සාමාන්‍යයෙන් එහෙ අය ලාබෙට බඩු ගන්න යන්නේ . අනෙක් තැන් විශේෂයෙන් ඔය ද්විත්ව කුලුනත් එක්ක ඇති සාප්පු සංකීර්ණය අධික මිල ගණන් .

      Delete
  24. //ලංකාවේ ගුරුවරුන් අන් ක්ෂේත්‍රයන් වලට සාපේක්ෂව අන්තර්ජාල භාවිතය අඩු යයි කියා මට සිතේ//

    සහතික ඇත්ත

    එහෙම එකක් තියනවද දන්නෙත් නැ

    තමන්ගෙන් ඉගනගන්න ළමයි භාවිතය කරනවා කියලා දැන ගත්තහම ඒ ළමයින්ට නිරපරාදේ බනීනවා

    ඉරිසියාවටද මන්දා බින්දි

    ReplyDelete
    Replies
    1. මෙව්වට මුකුත් කියල ගුරු කට්ටිය අටම්ටයි මටයි යුද්ධ ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා . ඒ වුනත් අනික් හැමෝටම වඩා අන්තර්ජාලය පරිහරණය කල යුත්තේ ඔවුන්. විවිධ දේ නිසා එය අඩු වෙලා . මේ ගන්න පඩියෙන් ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ කොහොමද කියල ඇහුවොත් නම් මට කට උත්තර නැති වෙයි. අනික ඈත පළාත්වලට කනෙක්ෂන් නැති එක . ඒ ඔක්කොම සාධාරණයි . ඒ වුනාට මන් දන්නා අය ඉන්නවා . ගෙදර ඉන්ටර්නෙට් තියෙද්දිත් පාවිච්චියක් නැති . මන් මේ පෝස්ට් එකේ කිව්ව දෙන්නම එහෙම අය . මුලිකම හේතුව මෙයින් ළමයි නරක වෙයි කියල හිතන එක . ඔය ගැන නාලක ගුණවර්ධන ලස්සන ලිපියක් ලියා තිබුන . සොයල ලින්ක් එක දාන්නම්

      Delete
  25. මේක පහලට කියවගෙන යනකොට හිතුනේ අර kidzania ඒක මටත් යන්න පුළුවන් තැනක කියලා. පස්සේ තමා හිතුනේ " ආ දැන් මට වයස වැඩියිනේ එතනට යන්න" කියලා.බිඳී හිතන්නේ අවුරුදු විසිදෙකක චුටිම චුටි ළමයෙක්ට එතන සෙල්ලන් කරන්න පුළුවන් කියලද???

    ලස්සන සටහන,හැමදාම වගේ..හැමදාම කමෙන්ට් කරන්නේ නැති උනාට... :) බොහොම ස්තුතියි..

    ReplyDelete
  26. ෂා.. මාර ට්‍රිප් එකක්මේ බින්දි අක්කා ගොහින් තියෙන්නේ...අනිත් දවසේ ට්‍රිප් යනකොට ඔය නිළියන්ව එක්කගෙන හෙම යන්න එපා ඕං..:P නිළියො නැතිනම් අපට කුළුණ මුදුනේ තව ෆොටෝ බලන්න තිබුනා.. අර විනාඩි විස්සක අධ්‍යාපනයකින් පසු දොස්තර උපාධි දෙන තැන තියනවා කිව්වෙ කොහෙද අප්පා.. ඕකේ විනාඩි 20-30 පශ්චාත් උපාධි හෙමත් නැතෑ? ප.ලි: අපි තවමත් පොඩි එවුන් තමා...

    ReplyDelete
  27. // ගෙවල් පිළිවෙලට තබාගෙන ළමයින්ගේ වැඩත් කරගෙන බ්ලොග් එකකුත් ලිවිම අභියෝගයකි. //

    අනිවා, අනිවා.

    පුර්ණකාලීනව අනුන්ට සේවය කළත් ඔය සෙතම තමයි. මං දවසට පැය දොලහක් ගෙදරින් පිට. ගෙදර එනකොට හාඩප්. කෙලින්ම දොයිය බබා වෙන්නයි හිතෙන්නේ!

    ReplyDelete
  28. මේ තරම් සංවර්ධන ව්යාාපෘති ක්රිනයාත්මක ‍වෙන අ‍පේ රටේ අ‍පේ දරුවන් ‍වෙනුවෙන් ‍කිසිම ‍ඓෂ්චර්යමත් දෙයක් සිද්ධ වෙන්නැහැ‍නෙ බින්දි... අනිත් රටවල සංවර්ධනයත් එක්ක දරුවන්‍‍ගෙ‍‍ අනාගතය ගැනත් ‍කොයි තරම් හිතනවද?

    විලේ ‍නෙළුම් ‍මලක් ‍නොපි‍පෙන්නො‍ මො‍කෝ කියල මමත් හිතුවා... ඒක ‍ලොකු අඩුවක් ව‍ගේ දැණුනා... ‍නොලියම ඉන්නත් එපා බින්දි... නෙළුම් විල පාළු වෙනවට අනිත් අය ව‍ගේම මමත් කැමති නැහැ...

    ReplyDelete
  29. බොහෝ විට නගරයත් ආසන්න පළාත සිහින් දුමකින් වැසී ඇති බව ඔබ දුටුවාද ? ඔබේ සමහර පින්තුර වලිනුත් එය පැහැදිලිව දැකිය හැකියි .. සමහර දාට කිසිවක් නොපෙනෙන තරමටත් දුම වැඩිවෙනවා. දුම නිසා මිනිස්සු ලෙඩ වෙනවා. මේ ගොල්ල නම් කියන්නේ ඉන්දුනීසියාවේ හේන් ගිනිතබෙම මේකට හේතුව කියලා. එත් ඇත්ත නම පරිසර දුෂණය.. බොහොමයක් විස දුම් වාහන සහ කම්හල් වලින්.. පයින් යන්නන් නැත්තටම නැති ගානයි එක්කෙනා යන වාහන වලින් රට පිරිලා. පරිසරය ගැන ඇති අවධානය බොහොම හීනයි.. ඒ අතින් කොරියාව හරිම උසස්..

    ReplyDelete