අද මුන් මහතාගේ ඉස්කෝලේ සඳ උළෙලකි . අපේ ළමයින්ගේ ඉස්කෝලේ ගැන මෙතනින් කියවන්න . සඳ උළෙල ගැන කතා කරන්න ගිහින් විකියටත් සබැඳියක් එකතු කරපු අපි හැමෝගෙම සාමුහික අදහස් වලින් පිරුණු මේ පුරහඳ ළමයින්ටයි කියෙව්වොත් සඳ උළෙල කියන්නේ මොකක්ද කියල තේරෙයි .
මෙවර සඳ උළෙල වැටි ඇත්තේ විසි නම වෙනිදාට නිසා අද සිකුරාදා එය සමරන්නට ඉස්කෝලය තීරණය කොට ඇත ..ළමුනට Ao Dai ලෙස හැඳින්වෙන වියට්නාමයේ ජාතික ඇඳුම ඇඳ එන්නයි ඉල්ලීමක් කෙරිණි. ළමයි ඔය ඇඳුමට කැමතිම නැත .නහයෙන් අඬමින් නොයෙක් තර්ක විතර්ක නෝක්කාඩු මැද්දේ යන්තම් ඇඳුම් දෙකට රිංගවා දෙන්නා පිටත් කල පසු මට මහන්සිය . කලබලය අස්සේ පින්තුරයක් ගැනීමටවත් බැරි විය . හවසට නම් දෙන්නා ඔය දෙකම බෑග් එකේ ඔබන් එන බැවින් පින්ත්රයක් ගන්නට ලැබෙන්නේම නැත .
කොට කලිසමක් ටි ෂර්ටයක් වැනි සරලම ඇඳුමට පුරුදු වූ ළමයින් මෙවැනි සම්ප්‍රදායික ඇඳුම් වලට අකමැතිය . විශේෂ අවස්ථාවක එවැනි කරදරයක් ටිකක් ඉහිලිලුවාට කමක් නැත . ළමයි අකමැති වුවත් මේ ඇඳුම ලස්සනය . දිග කුර්තා කමිසයක් වැනි උඩ කොටසත් සැහැල්ලු කලිසමත් සහිත විචිත්‍ර එම්බ්‍රොයිඩර් වලින් හැඩවූ Ao Dai අපගේ සාරිය හෝ ඔසරිය මෙන්ම වියට්නාමයේ සලකුණකි .
කලින් විවිධ අවස්ථා වල විස්තර කල පරිදි උතුරු මධ්‍යම සහ දකුණු ප්‍රදේශ වල නිල නොවෙන විවිධත්වයක් පවතී . මේ ජාතික ඇඳුමත් එසේමය . එමෙන්ම බස හසුරවන ආකාරයේද යම් යම් වෙනස් කම් තිබේ .කුඩා රටක් වීත් අපේ එක එක පලාත්වල බස වහරන ආකාරයන් විවිධය . බහුතරයක් හැනොයි වැසියන් දකුණ කළුද සුදුද කියාවත් දැක නැති කොට කවර කතාද .
Ao Dai උතුරේදී ao zhai ලෙස කියවේ . දකුණේදී aw yai ලෙස කියවේ . ලියන ආකාරය එකය . එළවලු වලට කියන නමුත් එසේමය . දකුණේදී රවූ මා වුන ගොටුකොල මෙහිදී සවු මා ය .
සිහින් සිරුරැති යුවතියන්ට මනාව ගැලපෙන මෙය කාලයේ විවිධ තාලයන්ට යම් යම් වෙනස්කම් සහිතව නිර්මාණය වේ . ඉතාම ලස්සන සියුම් එම්බ්‍රොයිඩර හෝ පින්තාරු මගින් හැඩවේ .
සුදු පැහැති Ao Dai ඇඳුමින් සැරසුන උසස් බාලිකා සිසුවියන් බයිසිකල් වල නැගී පාසල් යාම සුලබ දසුනක් . හැම පාසලකම එසේ දැයි නොදනිමි . එහෙත් බොහෝ සිසුවියන් මා දැක ඇත .
ඒ ඇරුන විට තද අව්වට කදිමට ඔරොත්තු දෙන කේතුකාකාර තොප්පියත් Ao Dai සම්ප්‍රදායික ඇඳුමත් අපේ ඔසරිය මෙන්ම ප්‍රදර්ශනාත්මක සහ සංස්කෘතිකමය අවස්ථාවන්ට පමණක් සිමා වේ . පිළිගැනීම් කවුන්ටර වල යුවතියන් ගුවන් සේවිකාවන් වැනි විශේෂ රාජකාරි වලදී නම් විසිතුරු ලෙස මෙයින් සැරසේ . ඔවුන් පවා තොප්පිය නම් අත්හැර ඇත . කදක දමාගෙන යමක් වෙළදාමේ යන වෙළෙන්දියන් සහ වෙලේ කුඹුරේ වැඩ කරන ගොවින් නම් තවම මේ තොප්පියෙන් වැඩක් ගන්නා බව පෙනේ .
මේ තොප්පියයි සයිගොන් ගඟයි ගැන කවියකුත් ලීවා මා නෙළුම්විල පටන් ගත් දිනවලම .
බලන්නකෝ අඳුනන අයද මේ කියල . මේ ගොල්ල මෙහෙ ආව වෙලාවක Ao dai අන්දලා . අමතක වුනා කියන්න පිරිමින්ගේ ඇඳුමත් බොහෝ දුරට සමානයි .
....
.
.
.
ඇඳන් උන්න රෙදි ගලවලා වෙන්න ඕන මේවා ඇන්දේ ..
පින්තුරය ගත්තු තැන
ප.ලි.
වැඩිය නොලියන්නේ ඇයිදැයි කීපදෙනෙක් අසා තිබුන . හේතු නම් ඉතින් ගමකට . කොයික වුනත් කම්මැලි කම ප්‍රධාන චුදිතය . අනික හැමෝම පොත් ගැන කියනව . මට කියන්න දෙයක් නෑ...ඉහි ඉහි ...
පින්තුර සේරම ගුගල් ගෙන්





:)
ReplyDelete(:
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකලින් කමෙන්ටුවේ අකුරු දෝශ කිහිපයක් තිබුන නිසා ඔන්න අයෙමත් නිවැරදි කරල ලිව්වා -
ReplyDeleteආසියාවේ ඒ ඒ රටට විවිදත්වයක්, විචිත්‍රත්වයක් තිබෙන ඇදුම් පැලදුම් තිබීම ඉතා ආකර්ශනීයයි. මම හිතන්නේ ආසියාවේ රටවල පමණක් නොවේ ලෝකයේ ඇති රටවලට ආවේණික ඇදුම් අතරින් අදින්ට අසීරුම ඇදුම ජපාන කිමෝනාව විය යුතුයි. (මම වැරදදි දන්නේ නම් නැහැ. හැබැයි කාලෙකට ඉස්සෙල්ලා මොකක් හරි දෙයක එහෙම කියලා තිබුනා මතකයි).
තව දෙයක් මේ රූප ටිකක් ලොකුවට පෙන්නුවානම් වඩාත් ලස්සනයි කියලා හිතෙනවා.
ස්තුතියි දිනේෂ් ..ඔන්න පින්තුර ලොකු කළා. මාත් හිතන්නේ කිමෝනාව තමයි . රටරටවල ඇඳුම් ගැන ලියන්න ඕන කියල කීපවතාවක් හිතුන . එහෙම්ම වැඩේ මග ඇරුන
Deleteඅනේ බින්දි ඔයා ලියන්න කම්මැලි වෙලා වගේ. ඔයාගෙ නැවුම් අපූරු අත්දැකීමක් විදින්න අපිත් බලන් ඉන්නවනේ. ඒක අමතක කරන්න එපා. වියට්නාමෙ ජාතික ඇදුම ලස්සනයි තමයි. එක එක රටවල ජාතික ඇදුම් අතර අපේ ඔසරියත් කැපී පේනවා. වෙනස්ම ලස්සනක් එනවා. මෙයාලත් දිගට ඇදල ඉණට එන කල් විවරයක් දාගන්නවද ? මොඩර්න්නෙ එතකොට...
ReplyDeleteඔසරිය ලස්සනයි තමයි . හැමෝම කැමතියි . මේ ඇඳුම සම්ප්රදායිකවම විවරය සහිතයි . ස්තුතියි ඔයාට
Deleteඅර කට්ටිය දාගෙන ඉන්න තොප්පි නිකන් කිරිගොටු වගේ :)
ReplyDeleteඅන්න ඒක තමා නියම වචනේ. කිරි ගොටු තොප්පි . තද අව්වට කියාපු තොප්පිය
Deleteසුදු ඇඳුමින් සැරසුන යුවතියන් ටික හරිම ලස්සනයි . කම්මැලි නොවී ලියන්න බින්දි . අපී ආසාවෙන් ඉන්නව ඔයාගේ ලිපි කියවන්න . රට රටවල විස්තර , ඔයා ලියන සරළ ආකාරය නිසා ආසාවෙන් කියවන්න පුලුවන් .
ReplyDeleteස්තුතියි ගිම් ...සුදු පාට ඇඳුම තමයි වඩා ලස්සන
Delete"අපේ ඔසරිය මෙන්ම ප්‍රදර්ශනාත්මක සහ සංස්කෘතිකමය අවස්ථාවන්ට පමණක් සිමා වේ.."
ReplyDeleteඅපොයි නැත - ඉස්කෝල බැංකු අනෙකුත් බොහෝ ආයතන වල හුරුබුහුටියට ඔසරි ඇඳගත් ලලනාවන් ලංකාවේ කොලඹ හතේ වුව සුලභය..
අත්වැරැද්දක් වී ඇතැයි සිතමි...
අපේ ඉස්කෝලෙත් ජාත්‍යන්තර පාසලක් වෙලත් ඔසරි අඳින ටීචර්ලා රැසක් සිටිති. එහෙයින් තිස්ස මහතා හරි ය.
Deleteඔන්න අහු වුනා නේද ...ඇත්ත තමයි අපි ටිකක් වැඩිපුර අඳිනවා . ඒ වුනාට බැංකු වලත් ඉතින් අඳින්න කියනව ඇති . ඉස්කෝල වලත් ගුරුවරුන්ට අඳින්න කියනවනේ . මේක ගැන තව ටිකක් කතා කරමු හවසට .
Deleteසමාවෙන්න, කතාව වැරදියි. ඔසරි ඇඳීමට අපේ විද්‍යාලයේ කිසිම බල කිරීමක් නැත. සාය- හැට්ටය මෙන්ම කලිසම්- කමිස අඳින ගුරුවරියනුත් අතරේ ස්ව කැමැත්තෙන් ඔසරිය අඳින ගුරුවරියන් බොහෝ සිටිති.
Deleteපිටරටක කාලයක් හිටියම වෙන අලකලංචිනේ මෙව්ව. අමතක කරමු ඒ ගැන
Deleteමට යම් පමණකට වැරදි ඇති යයි සිතමි අපේ අය වියට්නාමයට වඩා තම ජාතික ඇඳුම අඳින බව පිලි ගනිමි.
Deleteඒ ඇඳුමත් නරකම නෑ....
ReplyDeleteමට අර තොප්පිය දැක්කම මතක් වුනේ "සාර භූමි". පොතේ කවර චිත්‍රෙ ඔය වගේ තොප්පියක් දාගන හිටපු එක්කෙන් හිටියා වගේ මතකයි..
මේ පැත්තේ හැම රටකම ඔය වගේ තොප්පියක් තියෙනව සෙන්නා . බොහෝ දුරට සමානයි.
Deleteමුලු ඇඟම වැහිලා උනත් කාන්තා හැඩරුව කදිමට පේනව නේද..? හිසේ වැස්මේ වෙනස නැතිනම්..මුස්ලිම් කාන්තා ඇඳුමට සමානද මන්දා..?
ReplyDeleteහිස් වැස්ම මොනවායින්ද හදල තියෙන්නෙ..?
මුස්ලිම් ඇඳුමට ටිකක් සමානයි තමයි. හැබැයි ඇඟ වසාගැනීම නම් නෙමේ මෙයාලගේ අරමුණ . තොප්පිය ඇත්තටම ජාතික ඇඳුමේ කොටසක්මත් නෙමේ . සමහර ඇඳුම් වල රෙදිවලින් හදපු රවුම් තලප්පවල් වගේ එකක් තියෙනව . අර ඉඳගෙන ඉන්න රුපයේ වගේ. විශේෂයෙන් මනමාලියෝ එය දමනවා . අර කිරිගොටු තොප්පිය එලි පහලියේ යද්දී දාන එකක් . හදන්නේ තල් වර්ගයක කොලයි උණ බටයි වලින්. නුල් වලින් කරන විසිතුරු තොප්පිත් තියෙනව . සංචාරකයෝ මෙයින් එකක් අරන් යනවා ගෙදර යද්දී බොහෝ විට .
Deleteවියට්නාම් ජාතික ඇඳුම කාන්තාවන්ගේ නම් ලස්සනයි. එහි ලස්සන දසම්පුර්ණ යෙවන්නේ හිසේ ඒ ලස්සන හිස්වැසුමත් පැළදුවාමයි.
ReplyDeleteබින්දිගේ මේ විස්තරත් එක්ක වියට්නාම් ෆිල්ම් එකක් බැලුවා වාගෙ අදහසක් හිතට එනවා..
මෙහෙ වැඩිය චිත්‍රපට හැදෙන්නේ නැහැ . අවුරුද්දකට දෙක තුනයි. හැබැයි මේ පාර ඇකඩමි සම්මානවලට එකක් නිර්දේශිතයි කියල දැක්ක . මන් බලල තියෙන්නේ දෙක තුනයි . Scent of Green papaya , ලස්සනයි . වියට්නාමය ගැන හැදුන විදෙස් චිත්‍රපට නම් ගොඩයි. Quiet American , Indo China ලස්සනයි ඒ අතර .
Deleteමම අදමයි නෙළුම් විල පැත්තෙ ආවේ. හරිම වටිනා පොස්ට් කීපයක් තියෙනවයි කියලා තේරුනේ නෙළුම් විලේ වටයක් දෙකක් කැරකුනාට පස්සේ...නිවාඩු පාඩුවේ කියවලා බලන්න ඕනේ..
ReplyDeleteවියට්නාම් ඇඳුම ලස්සනයි වගේම හුඟාක් සංවරයි කියලා මට හිතෙනවා.දැනගත් යුතු යමක් තියෙනවා අක්කේ.. ඔය Ao dai තොප්පිය පලදින්නේ ගොවිතැන් කටයුතුවලදී විතරයි කියලයි මම හිතාගෙන උන්නේ...ඇත්තටම මේ තොප්පියේ මොනාහරි විශේෂත්වයක් තියෙනවද ? මම අහන්නෙ සංස්කෘතිමය පැත්තෙන්..
ජාතික ඇඳුමට අයිති තොප්පිය ඇත්තටම වෙනස් . රෙදි රවුමක් වගේ . අර ඉඳන් ඉන්න කෙනා දාගෙන ඉන්නේ . මේ තොප්පිය ගැන ටිකක් කියවල බැලුව ලිහිණි අහපු නිසාම . කොයිකටත් වගේ මේකටත් තියනව කතාවක් . දේවතාවියක් තමයි මේ තොප්පිය හදන්න කියල දීල තියෙන්නේ . තල් කොළ වර්ගයකින් සහ උණ බට වලින් . මුලිකම අරමුණ අව්වෙන් වැස්සෙන් බේරීම . පසු කලෙක මෝස්තරයක් වුනාට . ඒ වගේම මේ වෙද්දී ජාතික ඇඳුමත් එක්ක මේ තොප්පිය එකට යන බවක් පේනවා.
Deleteඒ තොප්පියනම් ෂෝක්. ඇඳුමෙ කමිසය කොටස බුරුලට තිබුණනම් වඩා පහසුයි. ඒක ගවුම වගෙ හදන්න ගිහාම තමා අඳින්න අපහසු ඇත්තෙ. සාරියට වඩානම් බොහොම සංවරයි.
ReplyDeleteඇත්තටම සාරිය අසංවරද?
Deleteහිහ්..සංවරකම මනින්නේ අර ශීලාචාරකම මැන්න වගේමද ...ඒකත් නරක නැහැ නේද ඇදගෙන යන්න .කාලෙකින් වලියක් දාගන්නත් බැරි වුන එකේ,..දැනටමත් චන්ද දෙකක් විතර පේනවා සාරියට ඔසරියට පක්ෂව . මන් නම් ඉතින් මැද හොඳේ
Deleteසාරිය - ඔසරිය ස්ත්‍රී ලාලිත්‍යය මතු කරනවා වෙනත් ඇඳුම් වලට වාඩා. සාරියෙන් ඉස්මතු වෙන්නෙ ශෘංගාරය (සාරිය සෙක්සියි) ඔසරිය එහෙමම නෑ.
Deleteඒත් මේ ඇඳුම් දෙකම කාලය නාස්තිකරන, කරදරකාරී-කම්මැලිකාරී ඇඳුම් නිසා මමනමි පුද්ගලිකව කැමති නෑ.
අපේ ගෙවල් ලඟ DFCC බැංකුවෙ මේ දවස් වල ඉන්න ගෑනු ළමයගෙ නං මුලු සරුවාංගෙම ඇරල තමා ඔසරිය ඇඳල ඉන්නෙ. බොරුනං ඇවිත් බලන්න
Deleteසුමිත්. එදිනෙදා ඇඳීමට නම් සුදුසු නැහැ තමයි. විශේෂ අවස්ථාවකට ඇරෙන්න .
Deleteඔන්න දැන් කවිකාරිට තේ හදල ඉවරයක් නැති වෙයි. ගෙවල් ළඟටම ඇවිත් කට්ටිය නිකන් යවන එක පව්නේ
නලිනි ..ඇත්තටම ඔරිජිනල් ඇඳුම මෙච්චර ඇඟට හිර නැහැ . ළමයින්ට හෙම තියනව ඒ විදියට . මෙහෙම තද වුනා නම් අපේ බනිය අඳියිද බෑන් කි මුන් කිව්වත් ,. මේ ඉතින් අර සුමිත් කිව්වා වගේ නාරි ලාලිත්‍ය පේන්න පරිනාමය වෙච්ච හැටි තමයි.
Delete@ කවිකාරි,
Deleteඕනෑම ඇඳුමක් සංවරව හෝ අසංවරව කියන දෙවිදියටම අඳින්න පුළුවන්.. ඒක තීරණය කරන්නෙ අඳින කෙනා මිසක් ඇඳුම නෙවෙයි.. :)
හප්පා ටිකක් වෙලා ගියා මූනවල් අඳුරගන්න....මරු.....
ReplyDeleteඑක්කෙනෙක් පෙන්ෂන් ගිහින්නේ . අනික් එක්කෙනා නම් තවම ඉන්නවා . ඒක නෙමේ වෙල්කම් බැක්
Deleteපින්තුරේ පේන විදිහට නං රෙදි ගැලවිලා නෑ වගේ. ඇඳන් ඉන්න බටහිර ඇඳුමට උඩින්ද කොහෙද වියට්නාම් කෑල්ල දාගෙන ඉන්නේ.
ReplyDeleteගොඩක්ම චීන ඇඳුමක් වගේ තමයි. රට ඔය තරං දියුණු නැති කාලේ ජාතික ඇඳුම බොහොම චාමෙට තියෙන්න ඇති. දැන් තමා ඒක විච්චූරණ වෙලා තියෙන්නේ. චීනෙත් ඒ වගෙයි නේ. මාඕ ගේ කාලේ හැමෝම ඇන්දේ ඒක වගේ චාම් ඇඳුමක්. දැන් නං ඒ ඇඳුම ඇඳපු චීන ජාතිකයෙක් දකින්න වත් නැතුව ඇති.
ඔව් ඔව් ඉතින් ඒ වුනාට මාතෘකාව දානකොට දන්නේ නැද්ද .
Deleteදියුණු නැති කියන්නේ 90 දශකයේ විතර තමයි රට බටහිරකරණය වෙන්න අරන් තියෙන්නේ ..හැබැයි මේගොල්ල බාහිර පෙනුමට බොහොම තැනක් දෙන උදවිය .
රටක ජාතින ඇඳුම එහි අනන්‍යතාවය ඉස්මතු කරන නිසා බොහෝම වැදගත්. ඒත් අපේ ජාකික ඇඳුම නම් ඉන්දියාවෙ ප්‍රාන්තයක කිසියම් කුලයක අනනන්‍යතාවය මතුකරන ඇඳුමක් කියලා මාගම් තෙන්නකෝන් මහත්මයා ලියලා තිබුණා. ඒ ඇඳුම ඇඳගෙන අදාල ප්‍රාන්තයේ තේ කඩේකින් තේ බොන්න ගියොත් අණ්ඩ කැඩුන කෝප්පෙක ලු තේ දෙන්නෙ.
ReplyDeleteඅපේ අනිත් හැම දෙයක්ම වගේ ජාතික ඇඳුමත් කොපියක්....!
ඔය වියට්නාම් තොප්පියට සමාන තොප්පියක් අපේ රටෙත් තියෙනවා. ඒකෙ කේකුවක හැඩයට තියෙන්නෙ තොප්පියේ මැද කොටස විතරයි.අනිත් හරිය පැතලියි. විශ්කම්භය අඩි 2ක් විතර ඇති. වේ වැල් සහ බටකොල භාවිතයෙන් තමයි හදලා තියෙන්නෙ. ඒ තොප්පියෙන්,කුඹුරු වැඩ වලදි තද අවුවෙනුත්, සාමාන්‍ය වැස්සකදි නොතෙමී ආරක්ෂා වෙන්නත් පහසුවෙන් පුළුවන්. (තවමත් අපේ ගම් ප්‍රදේශයේ ඉඳ හිට දකින්න තියෙනවා)
.මම දැකලා නෑනෙ සුමිත් අයියේ ඔයා කියන ඔය තොප්පි විශේෂය.... නමක් තියෙනවාද?
Deleteඇත්තටම මන් දැනන් හිටියේ නැහැනේ ., සාරියේ ආභාෂයෙන් සැකසුන කියල හිතුවට කෙලින්ම කොපියක් කියල . මේකනේ කාලයක් තිස්සේ අඳින කොට ජාතික ඇඳුම කියල නිර්වචනය කරන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද සම්මත වෙලා ඉවරයිනේ . හැබැයි ඉන්දියාවේ අය මේ ගැන දන්නා බවක් නැහැ . හරිම ලස්සනයි කියල තමයි කියන්නේ .
Deleteඔය තොප්පිය රත්නපුර පැත්තේද . මන් දැකල නැති එක පුදුමයි . අපිත් තොප්පි දැම්ම නම් හොඳයි තද අව්ව ඇති රටක් නිසා . තොප්පිය දැම්මහම දාඩිය දමනවා වැඩි හින්ද වෙන්න ඇති අපි පුරුදු නොවුනේ .
අදයි මේ පැත්තේ ආවේ!:)
ReplyDeleteවියට්නාමේ ගැන දේශපාලනික තොරතුරු කියවල තිබුණට මේ වගේ තොරතුරක් දැනගත්තේ අද!
චීන සංස්කෘතියට නෑකම් කියන වගක් පේනවා ඇඳුම් සහ හිස්වැසුම් දැක්කාම!
වටිනා ලිපියක්!:)
ස්තුතියි නුවන් . පිළිතුරු පමාවට සමාවෙන්න ..මැද කමෙන්ට් කීපයක් මග ඇරිලා
Deleteලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වා ..අපූරුයි. දිගටම ලියන්න. මග නොහැරෙන්න රීඩරේටත් එකතු කරගත්තා.
ReplyDeleteබොහොම ස්තුතියි රතු රජරට . ..
Deleteමමනම් ඔය සාරි-ඔසරි වලට කැමතිම නැහැ, වියට්නාම් ජාතික ඇඳුමට නම් මම කැමතියි එක ලස්සනයි, එකේ අමුතු සුන්දරත්වයක් තියෙනව,...එවගෙම පහසු බවකුත් තියෙනව.... :)
ReplyDeleteඔව් මේක ටිකක් පහසුයි තමයි. ඒ වුනත් අපේ දේවලුත් අගය කරන්න ඕනනේ කුෂ්. මේක ගැලපෙන්නේ හිනි අයට. අපේ රටේ කාන්තාවන් ටිකක් විතර මහත නිසා මේ ඇඳුම හරියන්නේ නැහැ .
Deleteඉස්කෝල සහ බැංකු වල ඔසරි අඳින ලලනාවන් බහුලව ඇත්තේ ඔවුන්ට එලෙස සැරසීමට බල කරන බැවිනි. එසේ නොමැත්තේනම් ඔසරි අඳින ලලනාවක් දැකගැන්මට ලැබෙනුයේ Once in a blue moon බවට මම ඉඳුරාම පවසමි.
ReplyDeleteදැනට කාලයක සිට වසරේ ආසන්න වශයෙන් දින 180 වත් උදෑසන ඔසරි ඇඳීමේ අපහසුව පිළිබඳව නාසයෙන් හැඬීම කණ වැකී සුපුරුදු බැවින් ඒ පිළිබඳව මා හට කවර සැකයක්වත් උදක්ම නැත්තේමය.
සමාවෙන්න, කතාව වැරදියි. ඔසරි ඇඳීමට අපේ විද්‍යාලයේ කිසිම බල කිරීමක් නැත. සාය- හැට්ටය මෙන්ම කලිසම්- කමිස අඳින ගුරුවරියනුත් අතරේ ස්ව කැමැත්තෙන් ඔසරිය අඳින ගුරුවරියන් බොහෝ සිටිති.
Deleteරවීගේ කතාවට මාත් එකඟයි. මගේ යාළුවෝ කීපදෙනෙක් සාරි අඳින්නම ඕනේ. සමහර අයට එකම පාට කිහිපයක්. ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන බල කරන කතාවක් තමයි මටත් ඇහුනේ. ඔය ලෝයස්ලා හෙම පාට තුනකින් ද කොහෙද සාරි අඳින්නත් ඕනේ.
Delete@ පොත් ගුල්ලා,
Deleteඔබගේ කරුණු දැක්වීම ජාත්‍යන්තර පාසලක් සම්බන්ධවය...ඔබගේ ජාත්‍යන්තර පාසල සම්බන්ධයෙන් ඔබ පවසන්න සත්‍යය විය හැක. ඒ පිළිබඳව විස්තර නොදන්නා බැවින් ඔබ කියන්න පිළිගනිමි...මම කරුණු සඳහන් කලේ රජයේ පාසල් සම්බන්ධයෙනි.ඒවායේ ගුරුවරියනට ඔසරිය හෝ සාරිය ඇඳීම අනිවාර්යය.
බින්දිගෙ කම්මැලිකම නැති වෙන්න මොනා හරි කරන්නම ඕනේ. අනික මේ වගේ පෝස්ට් නෙමෙයි අපිට ඕනේ.
ReplyDeleteසාරි ගැන කතාකලොත් මට අදටත් හිතාගන්න බෑ කොහොම අර තරම් රෙදි ගොඩාක් එල්ලගෙන ඉන්නවද කියලා. ඒ මදිවට භාගයක්ම එලියේ. බැරි වෙලා හරි කකුල පැටලුනොත් ඇඳුම් ඔක්කොම බිම. ඒ විතරක් නම් මදෑ ඔය සාරි අඳින අය එක්ක ගමන්ක හෙම යන්න ගියාම පැය දෙකක් විතර පරක්කු වෙන්න වෙනවා. ඒ විතරක් නම් මදැයි කටු ගහන්නයි රැලි හදන්නයි අමතර රාජකාරි කියක්ද. මට සාරි විරෝධි ලිස්ට් එකේ. ( ඒ වුනාට සාරි ඇන්දම සෙක්සි ලූක් එකක් තියෙන ලස්සන යාළුවොත් මට ඉන්නවා)
රන්ගි අද තමා ඔයාගේ පෝස්ට් එක දැක්කේ . සාරිය ඔසරිය පුරුදු වුනහම ගානක් නැහැ . ඒ වුනාට බස් වල යන කොට නම් එච්චර ප්‍රයෝගික නැහැ . ඔව් ඔව් සිහින් අඟක් තියෙන තරුණ කාලේදී සාරිය ඔසරිය කෝකත් ලස්සනයි . ටික ටික ටයර් එද්දී නම් ඉතින් වහගත්ත තරමට හොඳයි
Deleteකොහොම වුනත් ලස්සන ඇඳුම් (ගෑනු ළමයි) ටික..
ReplyDeleteකොරියොවේ ජාතික ඇඳුමත් ටිකක් විතර මේ වගේ නේද?
රූ ..කොරියාවේ තියෙන්නේ මෙයිට වඩා සංකීර්ණ ඇඳුමක් Hanbok කියල . ගිග සායක් සහිත ගවුමක් වැනි . තට්ටුම කීපයක් . කොරියන් කල්චර් එක ලන්වෙන්නේ ජපානෙට . වියට්නාමය චීනෙට
Deleteහික්ස්... රූ සහ කොරියාව...
Deleteඇයි බං මතක නැද්ද... අර Heartstrings එකේ තිබ්බෙ.... :))
අර යට පින්තූරෙ ඉන්න කට්ටියට ඒ පිජාමා එක නියමෙට මැච් වෙනවා අප්පා.:D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔන්න කිව්වා කතාවක් . මුන් දෙන්න වහ කයි දැනගත්තොත්
Deleteඒ තොප්පියට තමා ගෑල්ළමයින්ගෙ ලස්සන තවත් වැඩි වෙලා තියෙන්නෙ... ආකර්ශණිය ඇදුමක් කියලා හිතෙනවා... මොකද දැන් දැන් ඉදලා හිටලා ලියන්නෙ... වැඩිපුර ලියන්න උත්සාහ කරන්න... ඔබට ජය !
ReplyDeleteහ්ම් හ්ම් මේගොල්ල ටිකක් ආකර්ශනීයයි තමයි.සිරා . ස්තුතියි ඔබට
Deleteමුන්දැලා ලංකාවට ගොඩ බැස්ස දවසක අපේ ජාතික ඇඳුමත් අන්දවන කොන්ත්‍රාත් එක ආචර්ය දුටුගැමුණු භාර ගනීවිද දන්නේ නැහැ :P
ReplyDeleteඅනිවාර්යයෙන්ම . එච්චරකින් නතර වුනොත් ඇති
Deleteශෝක් අනේ :)
ReplyDeleteඔව් අනේ
Deleteඒ ෆොටෝ එකේ ඉන්න සිහින් සිරුරැති යුවතියන්ට නම් කිරිගොටු තොප්පිය විතරක් උනත් මනාව ගැලපෙනවා... :)
ReplyDeleteඔව් ඔව් ඒගොල්ල එහෙම හිටියත් වැඩි පුදුමයක් නැහැ . කිව්වට මොකෝ තොප්පිය විතරක් දාන් ගියත් මෙහෙ කිසිම අවුලක් නැහැ ඕන්
Deleteකුරුමිණියෝ කියන්නේ නරක සත්තු ජාතියක්ද බින්දි? :D
Deleteනරක සත්තු ජාතියක් නෙමෙයි... කුරුමිණියෝ විතරක්ම ජාති ලෝකේ ලක්ශ ඔන්න ඔය කොච්චරක්ද ඉන්නවලු... ඉතින් හොඳ නරක හොයන්නේ කොහොමද..? :)
Deleteකෝ කොයි කුරුමිනියද අපේ පොඩිට කරදර කලේ
Deleteනෑ... මේ අර ලක්ෂ ගානක් ඉන්න කුරුමිණියන්ගෙන් සමහරෙක් ගෑනු ලමයින්ට තොප්පි විතරක් දාගෙන යන්ට කියනවා බින්දි. :)
Deleteඅවුරුද්දක් ගෙවිලා.. තවත් සඳ උළෙලක් ඇවිත්.. කාලය යන ඉක්මන...
ReplyDeleteගැහැණුන්ට ජාතික ඇඳුම අඳින්න නියම කරන රටේ පිරිමි අයගෙ ඩ්‍රෙස් කෝඩ් එක ටයි එකක් දාන එක... මම හිතන්නෙ ලංකාවෙ ජාතික ඇඳුම අඳින්න කියන ආයතන නෙවෙයි තියෙන්නෙ..සාරිය හෝ ඔසරිය ඩ්‍රෙස් කෝඩ් එක කරපු තැන්..
ලකිට තේරුනානේ හරියටම .
Deleteකෝ කෝ කවුද රෙදි ගලවලා ඉන්නේ ??? :D:D:D
ReplyDeleteආනේ පොඩි ට මොකද වුනේ කියල මන් හිතුව .
Deleteගෙදර හිටියේ නෑ බින්දියේ...නැත්නම් නෙලුම් විලට දුවගෙන එනවනේ...:D
Deleteමට මේක මග හැරිලා තිබ්බා නංගි. කාලෙකින් රසවත් ලිපියක්. ස්තූතියි! සඳ උලෙල ජයටම නැතෑ. පොත් ටිකක් ගත්තා, ආවහම ගෙනියන්න පුලුවන් වෙයි.
ReplyDeleteමටත් හිතෙනවා Ao Dai එකක් අඳින්න...
ReplyDeleteඇඳන් උන්න රෙදි ගලවලා වෙන්න ඕන මේවා ඇන්දේ ..
ReplyDeleteඅර කන්නාඩි දෙක දාලා ඉන්න එකා අදුරා ගන්ඩ බැනේ. කව්ද ඒ
සල්වාරි එකට නෑකම් කියන ඇඳුමක් නේද... පොඩි උන් අඳින්න බෑ කියන එක අහන්න දෙයක් නෑ... ඔයා කිව්ව වගේ කෙට්ටු කෙල්ලන්ට තමා ලස්සනට ගැලපෙනවා වගේ පේන්නෙ...
ReplyDeleteබින්දි මේ ලිපිය මම හරිම ආසාවෙන් කියෙව්වා. වැදගත් තොරතුරුත් බොහොමයි.
ReplyDelete