Sunday, 2 September 2012
Once in a ..Blue Moon....
පින්තුරය මෙතනින්
අප මේ සිටින්නේ ගිම්හානයේ අග්ගිස්සේය . ඊළඟ දවසේ පාසල් නැත්නම් තරමක් රෑ බෝ වෙනතුරු සෙල්ලම් පිටියේ ගත කිරීම දැන් අපේ පුරුද්දයි .
කොතරම් උණුසුම් වුවද මා ගිම්හානය ප්‍රිය කරමි . සිසිරයේ පාලු සීතලට වඩා අව් රශ්මිය දාහෙන් සම්පතකි . සිතේ හැටියට නා ගන්නට පුළුවන . ළමයින්ට එලියට බැස සෙල්ලම් කිරීමට හැකිය . එබැවින් ගෙවී යායයි ලෝබයෙන් මේ ගිම්හානයේ අවසන් සමය උපරිමයෙන් විඳිය යුතු නිසා සවස් කල හැකිපමණ එලි පහලියේ ගැවසෙමු.
ඊයේද අදද එසේ ගෙවී ගියේය . ඊයේ නිල් සඳක් [ Blue moon ] පායා යයි මගේ මිතුරිය දුන් ඔත්තුවක් නිසා අපි සඳ එනතුරු බලාසිටියෙමු . රැස් වළලු අතර රන් තැටියක් වන් පුර හඳ පායා ආවාය.
සුලඟ සුව දායකය . මද සුළං ඇති රැයක මද අඳුරේ ..පුරහඳක් යට ..සිතන්නට මොනතරම් දේ ඇතිද . සඳ පායන කල මානසික රෝග උත්සන්න වන බව මා අසා ඇත . අප සැවොම එක්තරා දුරකට පිස්සන් වෙමු . සඳ දියෙන් නැහැවෙන කල අතීත මතකයන්ගේ කිමිදී දහසක් සොම්නස් සහගත මෙන්ම යම් තරමකට පාළු සහ කිව නොහැකි දොම්නස් සහගත සිතිවිලි ඇති වී නැති වී යන්නේ එබැවින් විය යුතුය .
සඳ උළෙලත් ළඟ ළඟ එයි . දැනටමත් සඳ කේක් කඩ ඉදි වී ඇත . නොකියවූ කෙනෙක් ඇත්නම් ගිය වසරේ ලියු ..සඳ කමිටුවේ මාමලාගේ අපමණ දැනුමින් පෝෂිත වූ මේ පුර සඳ ළමයින්ටයි කියවන මෙන් ඉල්ලා සිටිමි . සඳ කමිටුවේ මාමලා බොහොමයක් විවිධ වැඩ කටයුතු නිසා කාර්යබහුල වී ඇති සැටියකි . ඔවුන් සැමට ගෞරවයෙන් නැවතත් මේ ලිපිය සිහි කරමි .
සඳ සහ මම ගැන ලියන්නට බොහෝ දේ තිබේ . විදුලි එලි හිඟ වූ බාල කල අනගි වස්තුවක් වූ සඳ ..සහ මගේ මතක ලියන්නට ගියහොත් කොහෙන් නවතිදැයි නොදන්නා නිසා සහ සැමදා ඔබගේ සිත් වල සංවේදී තැන් පහුරු ගාන්නට අකමැති නිසා වැඩිදුර නොකියමි. අද මැදියම් රැයටත් අන්ධකාරය රිසිසේ නොදැනේ . අධික විදුලි පරිභෝජනය ..ලෝකයට අඳුර විඳින්නට අයිතියක් නැති කර වාගේය.ආසාවකට ජනෙල් තිර ඇර දමා නිදා ගත නොහැක . මේ සියල්ල අපගේ සැප පහසුවට බව සැබෑය.
නුතන දියුණුව ගැන ලෝකයේ වෙනස් වීම ගැන මගේ විරුද්ධත්වයක්ද නැත . එහෙත් කොයිදේත් පමණට වැඩි වීම නම් කරදරයකි. විපතකි . නියෝන් එළිය මොළයේ විවිධ ආබාධයන්ට හේතුවන බව කොහේ හෝ කියවූ දා සිට ජනෙල් තිර වසා නින්දට පුරුදු වුයෙමි . මේ නගර වලට සඳ ආවත් නැතත් ගනනක් නැතුවා වෙන්නට පුළුවන .
තමා හමුවට ආ මුල්ම මිනිසා වියෝ වූ බව සඳ දන්නවාදැයි මට සිතේ . විදු ඇසින් කොයිලෙසක දුටුවත් අපට සඳ සැමදා සජීවී වස්තුවකි . හාවෙක් නැති බව විද්‍යාවෙන් කොපමණ උගත්තත් මා පුරසඳ මත තවමත් සාවා දකිමි. [ සැබවින්ම කියතොත් ඔය සඳේ හාවා හරියටම දැක ගත්තේ බොහෝ ලොකු කාලයේය . එයට හේතුව මා සඳේ සිටින්නේ කිරි සුදු හාවෙක් යයි වැරදියට සිතා සිටි හෙයිනි .]
යොවුන් වියේ දී පුවත්පතක පළවූ මුල්ම නිසදැසට සඳ පෙරවදනක් විය . ගීත සාහිත්‍යයේ සඳ ගැන කියවුන ගී ගණන් කල නොහැකි තරම්ය .
ළමයෙකු සේ මෙන්ම අදද මා සඳට ආදරය කරමි . එසේම පරිඝනක යුගයේ උපන් අපේ ළමයින්ද සඳට ආදරේය. ලෝකයේ කොහේ වුවද සඳ දැක සතුටු නොවෙන ළමයෙක් ඇතැයි නොසිතමි .
මන් ළමයා සහ මගේ ළමයි දෙන්නා නිල් පාට සඳක් දැක ගන්නට බලා සිටියෙමි . නිල් සඳ සැබවින්ම නිල් පාටද . දම් පාටින් ලා සඳ බැස යනවා කීවද මා කවදාවත් දම් පාට සඳක් දැක නැත . Under a violet moon ගියටද කොතරම් ආසාද . අහෝ කවදාවත් දම් පාට සඳක් දැක නැත්තෙමි .
Smurf චිත්‍රපටය බලා සැබවින්ම නිල් පාට සඳක් කවදා හෝ පායයි කියා පොඩි උන් මෙන්ම මාද මොහොතකට හෝ විශ්වාස කලෙමි . සඳ කමිටුවේ මාමලා මේ ගැන වැඩිපුර විස්තර දන්නවා ඇත . මා සොයා ගත් ඇබින්ද ලියා තබමි.
කුමක්ද මේ Blue Moon ..?? ඉතාම අඩු සම්භාවිතාවක් ඇති දෙයකට once in a blue moon කියනු අසා ඇත . මන් ඒ කියමනට ඉතාම කැමතිය .
සරලවම කිවොත් එක මාසයක සඳවල් දෙකක් .අපට තේරෙන පරිදි පෝයවල් දෙකක් [ අධිපෝයක් ] ඇති මාසයක දෙවන පුර සඳ යන්න අපට වඩාත් ගැලපේ .
මේ Blue මූන් හෙවත් නීල චන්ද්‍රයා ගැන සරල අර්ථකථනය ගැන මන් කියවූයේ මෙතනින්ය .
සැබෑවටම සඳ නිල්පාටින් පායන්නේ නැතිද ..කණගාටු විය යුතු නැත . කවර දිනක හෝ යමෙකුට නීල වර්ණ සඳක් දැක ගැනීමට අවස්තාවක් ලැබීමටද ඉඩ ඇත . වායුගෝලයේ විවිධ අංශු වර්ග නිසා සඳ නීල පැහැයෙන් බබලන්නට ඉඩ ඇත . එසේ නීල සඳ දුටු අයද සිටි . මෙතනින් ඔවුන්ගේ කතා කියවා බලන්න .
දහසක් විදුලි එළියෙන් නැහැවුන සවස
අගයක් නැතිද සඳ නුඹ දිලුණත් අහස
වැඩියක් තරු නැතිද වාගේ පෙර දවස
තනියක් දැනුන බව, සඳ නොකියූ රහස
සඳත් එක්ක පන්සල් ගිය ළදරු යුගේ
මටත් හොරෙන් යනවා මුළු හිතම මගේ
එදත් කෙලි දෙලෙන් අපි නැහැවුණා වගේ
අදත් ගලනවද සඳ දිය මිදුල දිගේ
ඔය කවි දෙකේ අන්තිම පදය තමයි මන් ඊයේ හිතෙන් මුමුනමින් ළමයින්ගේ ඔන්චිල්ලාව මත නැලවූනේ . ඉතුරු ටික නම් ඉතින් අද තමයි ගැට ගැහුවේ . ළමයින්ට ලොකු වැඩ කරන නගරය ගැන අහල මාරයා ඇතුළු කීපදෙනෙක් අහල තිබුණ ලොකු අයට ළමයින්ගේ වැඩ කරන්න පුංචි නගරයක් නැද්ද කියල . මට කියන්න තියෙන්නේ ඉඳ හිටලා ඔන්චිල්ලාවක් හෙම පැදලා කාරිය සතුටු වෙන්න තහංචි පනවා ගන්න එපාය කියලයි. අපි කාගේත් හිතේ තවම ළමයෙක් ජිවත් වෙනවනේ . ඉඳ හිටලා හරි ඒ ළමයට සන්තෝෂ වෙන්න ඉඩ දෙන එක අපේ යුතුකම .
ඊයේ දාපු පෝස්ට් එක කියවන්න බැරි වුන අයට මෙතනින් . මට ඉතින් හිතුනාම නොලියා ඉවසන්න බැරිකමට සමාව දෙන්න
Labels:
ජිවත් වෙද්දී ..
Subscribe to:
Post Comments (Atom)

"සඳේ එන්නම් ඔබේ ලෙනටා
ReplyDeleteසිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා..."
ඕන් බලන්ට තිස්ස අය්යා සඳ මෝරන කොට ලිව්ව සින්දුවක් වෙන්න ඇති නේද ඕක ...
Deleteඑක තිස්ස අයියගේ සින්දුවක් නෙවෙයි. ලතා දිසානායක නමැති දක්ෂ ජනප්‍රිය ගායිකාව විසින් ගයපු ගීතයක්. ලිව්වේ කරුණාරත්න අබේසේකර. සංගීතවත් කලේ පී.එල්.ඒ. සෝමපාල. ඒ කියපු නම් තුනෙන් එකක්වත් අහල තියනවද ජීවිතේ කවදාවත් මීට ඉස්සර?
Delete@ ඇනෝ,
Deleteඒ ගැන කියලා දුන්නාට බොහොමත්ම ස්තූතියි! අපි ඉතිං ඔය සෙන්ටිග්‍රේඩ්ස්, භාතිය-සන්තුශ්ලාගෙ පරම්පරාවෙ නෙවැ.. ඔබලා වැනි නැනවත් ඇනෝලා නැත්තම් අපි කොහෙන් දැනගන්නද ඔවැනි දෑ..??
අපි 'ෆැරන්හයිට්ස්' ලා නිසා හොඳයි. 'බාල්දිය තංගුස්' කියන්නේ හොටන් පයිසි පන් එක දැනිලා කියලා කොත්තු විකුණන ගොතාරිස්ලා නේද?
Deleteවිස්තර ටිකට ස්තුතියි ඇනෝ. ඔය සින්දුව තිස්ස මහතා නොලියු බව දන්නවා වුනත් ඔය කිව්ව තුන් දෙනාගේ නිර්මාණයක් කියල දනන් උන්නේ නැහැනේ ,. ඒ නිසා ස්තුතියි. අනේ මන් ඔය තුන් දෙනා ගැන අහල නැහැ කියල හිතුව නම් මන් හිතන්නේ ඔයා මගේ පරණ පෝස්ට් එකක්වත් කියවල නැතුව ඇති.
Delete@ භුහූර්ස්,
Deleteහෙහ්, හෙහ්, මොකෝ මල්ලි?....කාම් ඩවුන් කාම් ඩවුන්....
උඹ තාම මේ ඊයෙ පෙරේද පැඟිරි කොල්ලෙක් කියල හිතාගෙන නෙව ඔය කියල ඇත්තෙ...එව්ව ගනන් ගන්න එපා...ඩෝන්ට් ටේක් මැතමැටික්ස් ෆයිව් සෙන්ට්ස්....:)
ඇත්තටම කියන්ට මට පොඩි සන්තෝෂයක් දැනුනා ...අපිව ගොඩාක් තරුණ කරලානේ ..D . මට මේ දැන් මතක් වුනේ ලතා දිසානායක මහත්මිය අපේ ඉස්කෝලේ සංගීත ගුරුතුමිය වෙලා හිටියද කොහෙද . පොඩ්ඩක් ඉන්න මන් කාගෙන් හරි අහල බලන්න .
Deleteහෝව්, හෝව්, බින්දි...හෝව්...
Deleteලතා දිසානායක ගැන හොයන්ට ඕන නෑ...ඔන්න අපේ ඇනෝ තුමා හෝ තුමියටත් පොඩි වරදක් වෙලා...මේ ගීතය කියන්නෙ රූපා ඉන්දුමතීලු........අපේ පැරණි ගීත විශාරද තිස්සාභිධාන දොඩංගොඩයානෝත් ඒ කාරනේ ස්ථිර කරල තියෙනව..ඒ කියන්නෙ ආයෙ ඒ ගැන විචිකිච්ඡාවක් ඕනම නෑ...
කොමාවකට කල හැකි වෙනස!
Deleteඕන් බලන්ට, තිස්ස අය්යා සඳ මෝරන කොට ලිව්ව සින්දුවක් වෙන්න ඇති නේද ඕක ...
ඕන් බලන්ට තිස්ස අය්යා, සඳ මෝරන කොට ලිව්ව සින්දුවක් වෙන්න ඇති නේද ඕක ...
ඒක නේන්නම් රවී, දඩස් ගාල අපිට තඩි බාන්න කලින් පොඩ්ඩක් සොයල බලන්න එපාය .
Deleteකකා ...ඇත්තටම කකාගේ නිරීක්ෂණ ශක්තිය නම් ++. ඔන්න මන් පාඩමක් ඉගෙන ගෙන උඩ රවිට ලිව්වා පේලියේ කොමාවක් දැම්ම .
it is a nice blog Ravi...thanks
Deleteරූපා ඉන්දුමතී තමයි.
Deleteකව්ද මේ ගහ දන්නා අයට කොළ කඩා පාන ඇනෝ?
සඳේ එන්නම් ඔබේ ලෙනටා...... සිංදුව මං මුලින්ම ඇහැව්වේ අපේ අම්මා කියනවා. ඒ වෙනකම් අහලාම තිබුනේ නැහැ. ඒක තමයි අපේ අම්මාගේ අදටත් කැමතිම සිංදුව.... :)
Deleteමෙන්න බින්දි පරල වෙලා.... හරහට දිගට පෝස්ට් දානවා ඒ ගමන..
ReplyDeleteඅපි හැමෝම පිස්සො කිව්ව එකනම් සහතික ඇත්ත..
ඔන්න ඔහොමලු සෙන්නා . හිතක් ආවම ලිව්වා ..අනික මේ ප්‍රිය මිත්‍ර සමාගමය නැවත ලැබුනම එහෙම වෙනවා
Deleteහුරේ! කමෝන් බින්දියො.. ඔහොම යං ඔහොම යං.. :D
ReplyDeleteතැන්ක්ස් බුරා
Deleteහික් අපි ඊයේ දැම්ම මුට්ටිය වැඩ කරලා :)
Deleteඒක නෙවේ මූන්ගේ ඉස්කෝලේ පටන් අරන්ද ? :)
යෙෂ් බනියා මොන්ටිසෝරි පැත්තෙන් එක ශ්‍රේණියට ගියා කියල පොඩ්ඩක් ආඩම්බරෙන් ඉන්නේ . විවේකෙට අක්කව හම්බ වෙනවනේ. අක්කගේ යාලුවන්ගේ පස්සෙන් වැටෙන්න හරිම ආසයි. පොඩි කාලේ මන් වගේ . අක්කගේ යාලුවන්ගේ හුරතලි මන් ඒ කාලේ
Deleteඅපිට මේ අවුරුද්දෙත් ගිම්හානයක් නෑ. රෑට අහසෙ හඳත් නෑ, තරුත් නෑ. :(
ReplyDeleteගිම්හානය පැමිනී එක තැනක නොම රැදේ
Deleteපැමිනුන දුක් පැණි රස බව නොසිතුවෙද බොලේ... :D
ඒ වුනාට ඕගොල්ලන්ට ඔලිම්පික් තිබුනනේ . ඇයි අවුරුද්දම සිතලේද ..එතකොට අර අප්‍රිකන් කාරයෝ මැරතන් දිව්වේ සිතලේද . පව් D
Deleteබින්දිට කියන්න ඉර පෑව්වේ ඒ සති දෙකේ විතරමයි!!
Deleteඕන්න එහෙනං ඒකත් බැලුවා
ReplyDeleteහොඳයි හොඳයි අටම් ස්තුතියි
Delete"රැස් වළලු අතර රන් තැටියක් වන් පුර හඳ පායා ආවාය..." කියලා සඳ ස්ත්‍රී ලිංග කරලා...
ReplyDeleteඊට පස්සේ තැනක "සඳ පායන කල මානසික රෝග උත්සන්න වන බව මා අසා ඇත..." කියලා තියෙන්නේ just a coincident ද..? :)
just a coincidence ලු හරි එක ඈ...
Deleteඇයි බොලේ පිරිමිම නේද සඳවතී කියල උන්දැව ගෑනියෙක් කලේ . ගැනුන්ගේ මුණ සඳ වගේ කියල කවි සින්දු ලිව්වේ . ඔන්න වැදගත් ප්‍රශ්නයක් ඒ කිව්වේ සඳ ගැහැනියක්ද පිරිමියෙක්ද . D
Deleteසඳ පායන කල පිස්සුව උත්සන්න වේ නම්, සඳ අනිවාර්යයෙන්ම ගැහැණියක් විය යුතුමය.. මක්නිසාද යත් පිරිමින් වන අපව පිස්සු වට්ටන්නත්, අපේ මොළේ කොලොප්පම් කරන්නත් ගැහැණුන් මිස අන් කවරෙක්නම් සමත් වේදැ.?? :P
Deleteඔන්න සාක්කි
Deleteබුරා, පට්ට කමෙන්ට් එක.
DeleteBuratheno ගේ තවත් පඬිවදනක් මෙන්න.
Deletehttp://kathandara.blogspot.com/2012/01/blog-post.html?showComment=1327669737171#c8324146550990889877
BurathenoJanuary 27, 2012 6:38 PM
නීල් ආම්ස්ට්‍රෝන් හඳ ගැන කියපු කතාව කවුරුත් දන්නවනේ... :)
"ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි....."
ඒ උනාට ඉතින් බුරා ගැනනම් කියන්න තියෙන්නෙ
Delete"සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින් - නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන් " කියල තමයි.
අහම්බෙන් ගෙදරදි බ්ලොග් බැලිල්ලකට සෙට් උනා, ලොග් වෙන්න කම්මැලියි. ඉන්දික උපශාන්ත
@ ඉන්දික,
Deleteකල වයස ගෙවිලා.!? මේ මගෙ.!? බොට ඔල්මාදෙද, අමු කැවිලාද.??
"සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා.." :)
ඔහොම ගියොත් උඹට වෙන්නෙ
Delete"හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්"
කියල ඒ පැත්තට පනින්න තමා.
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
Deleteඅනග තරුණ බමරු අපියි
අමර වරම අපට හිමියි
අපි මැරෙන්නෙ නෑ (යකෝ) අපි මැරෙන්නෙ නෑ... :D
බැස යන සඳ දෑසින් වලකා ගන්නට බෑ
Deleteපර වෙන මල දෝතින් නවතා ලන්නට බෑ
ඔබ බස යන සඳ නම් , ඔබ පර වෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින් :D
:D :D :D
Deleteමෙන්න මේ දෙන්න සින්දු කියනව . කමෝන්
Delete@ ඉන්දික,
Deleteසඳ නිවාඩු ගිහින්
කාටත් නොකියම කලින් නොදන්වා
සඳ නිවාඩු ගිහින්...
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
Deleteමේ සඳේම සෙවනැල්ලේ අප වෙන්වූයේ...
හඳ මාමා උඩින් යතේ - අපෙ මාමා බිමින් යතේ
Deleteහඳ මාමා උඩින් යතේ - අපෙ මාමා බිමින් යතේ
හඳ මාමා........ උඩින් යතේ
අපෙ මාමා........ බිමින් යතේ
1. හඳ විල කළඹන පෙම් ජල රේකා......
Delete2. හඳවත ඉල්ලා.....පීකුදු දුන්නා.....
3. සස්සඳ සසඳ අපි මහ පාරේ යනවා....
අඩේ... මේකෙ හඳ විල නෙවෙයි බොල හද විල හද විල හදවත නැමැති විල...
Deleteබුරා,
Deleteමේ( උඹ ) වාගේ හඳ පෑයූ
ගිලගන්න එපා රාහු..
ජනූ,
Deleteසඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වත ගොත යන තැන්
චෞදවින් කා චාන්ද් හෝ - යා අෆ්තාබ් හෝ
Deleteජෝ භි හො තුම් ඛුදා කි කසම් - ලජවාබ් හෝ
@බුරා
Deleteමෙච්චර ලස්සනට සින්දු කියා කිය ඉඳල මොකෝ බොල එක පාරට කුණු හරුප කියන්න ගත්තෙ? :D
බුරා බේටා,
Deleteචාන්දනියා චුප් ජානා රෙ
චාන් භාර් කෝ ලුක් ජානා රෙ
නිඳියා ආකෝ මේ ආයෙ
බිටියා මෙරේ සෝ ජායෙ
උන්කා චාන්ද් අප්නා "සඳ" නහී හේ. උස්මේ හින්දුස්ථාන් කා ගන්ධා බී හේ, කචරා බී හේ. ඉස් කේ ලියෙ සිරිෆ් හමාරා "සඳවතී" කා ඝානා බෝල් භයියා...
මෙව්වයේ තේරුමත් දාන්නලකෝ අනේ . ඔය දෙන්න විතරනේ මෙතන හින්දි දන්නේ
Deleteඅරේ ඉන්දික දාදා,
Deleteචාන්ද් යා චාන්දනි, ක්යා පර්කා හේ..??
උස්මේ බොහොත් ෆරක් හේ බුරා බේටා. මේ තෝ ලඩ්කා කා කෙළියෙ කොයි පසන් නහී හූ, සිර්ෆ් ලඩ්කී කෙලියෙ පසන් හූ. අගර් ආප් ජේසා ආත්මී නහී හේ තෝ....අභි මුජේ මාලුම් හේ තුම්හාරා ෂාදී කියු නහී හෝතාහේ..
Deleteඅච්චා..!! අරේ සාලේ,...... :P
Deleteබින්දි, බුරාගෙ මුල් සින්දුව ( බුරා මේ මගේ තනි හින්දි දැණුමෙන් කියන්නෙ - අඩුවක් තියෙනං හදන් )
Deleteඔබ දාහතරවැනිදා (අමාවක ) සඳ හෝ, හිරු හෝ,
කුමක් හෝ, දෙවියන්ගේ නාමෙන් දිවුරන්නම්,
ඔබව රැකගන්නා බවට
ඊළඟට මගෙ උත්තරේ,
සඳ එළිය සැඟව යයි
සඳ පිටත සැඟව යයි,
නින්ද ඇස්වලට එබෙයි
මගේ බිළිඳා ( බිළිඳිය ) නිදියයි
උන්ගෙ චාන්දනී අපී සඳ නොවේ. එහි උන්ගේ ( ඉන්දියානුවන්ගේ ) ගඳද කුණුද ඇත.එනිසා අපේ සඳවතීගෙ සින්දු කියහන් සහෝදරය.
පස්සෙ බුරා ආයි අහනව
ඉන්දික සීයෙ,
සඳ හෝ සඳවතී, මේ දෙකෙහි වෙනස කිම කියල.
මගේ උත්තරේ,
මෙහි ලොකු වෙනසක් ඇත. ඒ මම පිරිමින්ට ( චාන්ද් ) ආශක්ත නොවන්න්නකු සහ ස්ත්‍රියන්ට ( චාන්දනී ) ආසා කරන්නෙකු නිසාය. ( ඊළඟ වාක්‍ය ඕනෙ නෑ බොලාට... :D )
- අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ..
ඔක්කොම හරි.. ඒත් මගෙ දැනීමෙ හැටියට අර 'චෞදවින් කා චාන්ද්' කියන්නෙ බං පුර පක්ෂයේ දවස් දාහතරකින් පායන සඳ (පුරසඳ).. ඒකට අමාවකක් ගාවගන්නෙ නෑ.. මේකෙ අරුත පුර පක්ෂයේ සඳ කියන්නෙ දවසෙන් දවස පූර්ණත්වයට පත්වෙන, ලස්සන වෙන දෙයක් නිසා ගැහැණිය ඊට උපමා කිරීමයි..
Delete//ඒ උනාට ඉතින් බුරා ගැනනම් කියන්න තියෙන්නෙ
Delete"සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින් - නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන් " කියල තමයි.
අහම්බෙන් ගෙදරදි බ්ලොග් බැලිල්ලකට සෙට් උනා, ලොග් වෙන්න කම්මැලියි. ඉන්දික උපශාන්ත//
++++++++++++++++++++++++
මම උඹේ කතාව ස්තීර කොරනව ඉන්දික
බුරා, පුර පසේ දවස් දාහතරින් පිම්බිල ඉන් පස්සෙ ටික ටික කළුවෙනව, එහෙමද එතකොට හිතල තියෙන්නෙ. අනේ මන් දන්නෙ නෑ බං ඔව්ව. මට නං ඉතින් මෙයාල අමාවකම තමයි.
Deleteඒ මොනා උනත් ඔන්න නිෂුත් මගේ යෝජනාව ඉස්තීර කොරල. වහාම ඔය පැදුරෙන් ඇඳකට නගින්න හිතහන්.
මට තියෙන ප්‍රශ්නෙ ඕවට උත්තර දෙන්න ගොහින් මගේ චරිතෙ මා විසින්ම ඝාතනය කොරගන්නවද, නැත්තං ඕන එකෙක් ඕන එකක් හිතාගත්තාවෙ කියලා කටවහං ඉන්නවද කියන එකයි.. ඔය දෙවෙනි ඔප්ෂන් එක හොඳයි වගේ..
DeleteYou know what I mean.. ;)
බින්දි අක්කා ආයෙම වැඩ පටන් අරන්.. ජය වේවා..
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteමෙදා මට ඔබ සැබෑ සඳ මය
ReplyDeleteවිදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ
බින්දිට නෙමෙයි මේ කිව්වේ. සඳේ සුන්දර පක්ෂය මෙන්ම අප්‍රාණික පක්ෂය දෙසද බලා සුනිල් ආරියරත්නයන් ලියු ගීතය මතක් කරන්නයි.
ලස්සන සින්දුවක් තමයි ඔය . ඕක ඉතින් ජිවිතේ හැබෑ ස්වරුපය . ඒ වුනත් අපි මතුපිටින් පෙනෙන චමත්කාරයට කැමතියිනේ .
Deleteචමත්කාරයට නම් කැමතියි තමා, ඒත් මේ ගීතයේ මතුපිටින් පෙනෙන දේට වඩා ලොකු ගැඹුරක් තියෙනවා.
Deleteදුරින් සිට දකින සුන්දරත්වය අයත් කර ගැනීම තුලින් නැතිවී යන බවත්, ජීවිතේ අනිත්‍ය තාව ගැනත් සිහි කැඳවීමක් මේ ගීතය තුල ගැබ් වෙනවා කියලයි මට හිතෙන්නේ.
එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු ලොවය පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදා විය ගිරි ශිකර සිරසේ
එදා එහෙම දැකපු සඳට අද මොකද වුනේ. සමහරවිට වයසින් මුහුකුරායත්ම අපේ දෘෂ්ටිය වෙනස් වන හැටි ගැනත් කියනවා වෙන්න පුළුවන්.
ඔව් ඈත තියෙන වස්තුන් හිමි කරගත් පසු එහි අනියත බව වැටහෙනවා . ජිවිතයේ සැබෑ ස්වරූපය
Deleteඅපූරුයි... සංවේදී හිත් අවුස්සන්න කැමති නෑ කියලා ලියලා තිබුනට මේ පෝස්ටුවෙත් යම්තරමකට සංවේදී කම ගෑවිලා තියෙනවා කියලා මට හිතෙනවා....කවි පෙළ තමයි වඩාත් අනර්ඝ....
ReplyDeleteමොනවා කරන්නද සිරා වර්තමානය වෙනමම අරන් වෙන් කරන්න බැරිකම . කවිටික අගය කලාට ස්තුතියි බොහොම
Deleteසඳ මිදුලට එන සඳ,
ReplyDeleteසඳළු තලයේ වැතිර,
සඳ ගැන ගීයක් අසමින,
මඳ පමණට සිත ද මත්ව,
දෑස ද අඩවන් වූ සඳ,
කුමට ද වෙන අන් සැප එසඳ,
ඔය ඉතින් සඳළු තලයේ සිට හන්තානට පායන සඳ බලන් ඉන්න වාසනාවන්තයෙක් නේද . ගෙදරම සඳක් පායා ඇති
Deleteචාන්දනී පායලා ආදරේ නාමල් සුඟන්දේ වසන්තේ පුරා...............
ReplyDeleteආ ආ මේ ඉන්නේ තවත් සඳක් . ඔන්න අක්කේ ඔය සින්දුව කියන්නේ කවුද කියන්න ඇනෝ මට බනින්න කලින්
Deleteඒක කියන්නෙ චන්ද්‍රිකා සිරිවර්ධන හා ගුණදාස කපුගේ කියලයි මතක. තිස්ස නම් හරියටම කියාවි බින්දි. ඔයා බ්ලූ මූන් රෝස මල දැකලා තියෙනවාද? මගෙ ප්රොෆයිලයෙ පින්තූරය ඒක.
Deleteදැන් තමයි අක්කේ ඒ ගැන දැන ගත්තේ
Delete"චාන්දනී පායලා ආදරේ නාමල් සුඟන්දේ "...
Deleteමේ ගීය ගැයුවේ ගුණදාස කපුගේ සමග චන්ද්‍රිකා සිරිවර්ධන චන්දි හරි.
ස්තුතියි චන්දී අක්කටයි දයානන්දටයි බොහොම
Deleteස්තුතියි දෙන්නටම
Deleteකොච්චර ලොකු වුණත් අපි තවම හඳට ආසයි..මේ ලඟදී දවසක කරන්ට් ගිහිපු වෙලාවක අපි 6-7 දෙනෙක් ක්වාටස් ඉස්සරහ කණ්ඩියක වාඩි වෙලා හදේ හාවා ගෙව්වා. හඳ ගැන තියෙන සින්දු කිව්වා.. අපි ඒත් හිතුවා තාමත් මේ වගේ පිස්සු වැඩ කරන්නේ අපි විතරද දන්නෑ කියලා.. නිල් සඳක් දකින්නට නම් මමත් ආසයි
ReplyDeleteකොච්චර හොඳද . ඉන්නවා ඉන්නවා තව ඔය වගේ පිස්සෝ .
Deleteමමත් තවම දකින්නෙ පුංචිකාලෙදි එයාව දැකපු විදියටමයි.... හඳ විතරක් නෙවෙයි තරු ගැන උනත් එහෙමයි. එ එක්කම Antoine de Saint Exupéry ගෙ the little prince කියන පොතත් මතක් වෙනවා.එ පොත නම් අපි වගේ ලොකු පොඩ්ඩන්ට කියාපු පොත.
ReplyDeleteසේකර ලියපු සිංදුවක් තියෙනවා (මම හරිනම්) "හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ...." බින්දි අහල තියෙනවද?
මං ජංජාලේ පීරුවා ලින්ක් එකක් හොයා ගන්න හමු උනේනෑ.
ස්තුතියි දිමුතු ..අපි අපේ සංගීත පොත් ගුල වන තිස්ස මහතාගෙන් අහල බලමු . ඔය little prince පොත කීපවතාවක් අතපත ගාල බැලුවත් සම්පුර්ණයෙන්ම කියවන්න බැරි වුනා . දැන් නම් ආයේ ලැබුනොත් කියවන්න ඕන ඔයා කියන නිසා
Deleteසඳේ ඔබ ඇයිද මේ යාමේ..
ReplyDeleteමේ තමා අපේ කාලෙ සඳේ ගීතය.
මේ පෝස්ට් එක බලනකොට මතක් උනේ
"සඳ පායන කල ගඟබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්" කියපු නරියව.
මගේ ජීවිතේ මම අත්දැකපු සුන්දරම ගමණ තමයි පුර හඳ පායපු දවසක බදුලු තැපැල් දුම් රියෙ පිටිපස්සෙම පෙට්ටියෙ ( වෙලාවට ඒක අමුණල තිබ්බෙ අනික් පැත්තට, එතකොට ගාඩ් ඉන්නෙ අග නෙමෙයි ) පස්සෙ දොරෙන් ( ඒ කියන්නෙ ඊළඟ පෙට්ටියක් තිබ්බනං ඒකට මාරුවෙන්න තියෙන දොර ) එළියෙ තියෙන යකඩ තැටියෙ වාඩි වෙලා අර සුන්දර කඳු අතරෙ සඳේ එළිය වැක්කෙරෙන හැටි බල බල බදුල්ලෙ ඉඳන් කොළඹ ආපු එක.
ෂා නියම අත්දැකිමක්නේ. කලාතුරකින් ලැබෙන අන්දමේ වාසනාවක් .
Deleteඉතින් ඔය නරි බෑනා ඔච්චර ආදර බස් කියලත් ගම දුවගේ කැමැත්ත ගන්න බැරි වුනානේ . අපේ පොඩි දු නම් කියන්නේ ඔය කතාව අහල අන්තිමට කිව්වේ ''මට නම් නරිය ගැන ටිකක් දුකයි '' කියලයි
අප්පචිචිගෙ බඩේ එල්ලිලා බයිසිකලේ පිටිපස්සෙ සිට් එකේ රෑට ගමන් ගිහින් ආපු පුන්චි කාලෙ හඳේ හාවාගෙ රූපෙ දිහා බලාගෙන තමයි යන්නෙ,මමත් තාම හඳේ හාවා බලනවා බින්දි වගේම,කලාතුරකින් මුහුද දැක්කට ,නැවක් දැක්කට, කෝච්චියක් දැක්කට එපාවෙන්නෙ නැතිව ආයෙත් බලාන ඉන්නව වගේම මාසෙකට පාරක් දකින "හඳ දැක්කමත් මට බලාගෙන ඉන්න පුළුවන්"
ReplyDeleteහඳ හාමී ඉන්න අගේ
පුන්චි රබානක් වාගේ
ආවෝතින් අතට මගේ
නලවන්නම් බබා වගේ
පුන්චි කාලේ හඳ නගිද්දි මිදුලට ඇවිත් කෑ ගහල මන් ඔය කවිය කිව්වා
ඔව් මුතු කවදාවත් එපා වෙන්නේ නැති වස්තුන් තමයි . ඔය කවිය දැන් සින්දුවක් කරලා තියෙනව යු ටියුබ් එකේ . ලස්සනයි
Deleteහඳ ගැන මතක නම් එමටයි..
ReplyDeleteඑත් බින්දි දුන්න ලින්කුවෙන් ගිහින් අහපු සින්දුව ඊටත් වඩා අපූරුයි..තැන්කූ..
Under the Violet moon අපේ දිහාත් ජනප්‍රිය ගීයක් .
Deleteහද නිල් පාටට තිබ්බද ඈ.... ?? දන්නෙත් නෑ නොවැ... :))
ReplyDeleteහඳ නිල් පාටට තිබුනේ නැහැ . ආයේ බලන්න ඒ ගැන තියෙන කොටස . blue moon කියන්නේ නිල් පාට හඳකට නෙමේ . ඒක මාසෙක පායන දෙවෙනි පුර හඳට ළමයෝ . හැබැයි කලාතුරකින් හඳ නිල් පාටට දැකපු අයත් ඉන්නවා . ඒ blue moon අහඹු සිදුවීම් .
Deleteආ අහන්න අමතක උනා. කතන්දරව ලඟදි හම්බු උනාද?? ලින්ක් ගෝනියයි පෝස්ට් එකේ.. :D
ReplyDeleteඅපොයි නැහැ . ඒ වුනාට තමන්ට සෙන්සිටිව් මාතෘකාවක් අහුවුනහම ...once in a blue moon අපි කාටත් ඔහොම වෙනවා නේ .
Deleteමුලු වෙබ් එකම පවතින්නේ ලින්ක්ස් මතයි.
Deleteහයිපර්ටෙක්ස්ට් කියන්නේ ලින්ක්ස් විතින් කියන අදහසටයි.
ලින්ක් නැත්තං වෙබ් එකක් නෑ. ඔය කතාව සමහරුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.
අලුත් කොල්ල විහිළුවක් කරන්න ඇත්තේ . කකාගේ ලින්ක් කතාවට මන් කවදත් එකඟයි . ඕක කියන්න ගිහින් මාත් බැනුම් අහල තියෙනව ඇනෝ කෙනෙක්ගෙන්
Delete''මාත් අද පුතා එක්ක ගමනක් ගිහින් එනකොට හඳ දැකලා පුතාට හාවා ව පෙන්නුවා. මෙහේ හඳ නම් කහපාට චීස් බෝලයක් වගේ! ''
ReplyDeleteමේල් බොක්ස් එකට ආව කතන්දරගේ මේ කමෙන්ට් එක බ්ලොග් එකේ නැහැ නේද . මට පේන්නේ නැතුවද .
ඕස්ට්‍රේලියාවේ කෙනෙක් වරක් blue moon දැක්ක බව කියා තිබුනා .
Deleteමටත් කඟෙන්ටුව නං පේන්නේ නෑ.
Deleteහැබැයි ඊයේ හඳ නං පෙනුනා ලොකුවට. පුතා ඉපදුණු දවසේත් 2011 මැයි 9 හඳ ලොකුවට පායලා තිබුණා මට මතකයි. ඒත් අවුරුදු 11 ක් ගියා කොල්ලාට හඳේ ඉන්න හාවා පෙන්නන්න!
දැන් වත් පෙන්නුව එක කොච්චර හොඳද
Deleteඔන්න එහෙනම් දිගට හරහට කියවන්ඩ ලිපි තියේවි... මරු නේ
ReplyDeleteස්තුතියි මධුරංග
Deleteසාර්ථක නිර්මාණයක් බින්දි.ඔබට ජය සතුට.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
ස්තුතියි නලින් ..ඔන්න මන් ඒ පැත්තේ ගිහින් ආවා
Deleteසඳ ගැන කිව්වම සඳත් එක්ක බැඳුණු අත්දැකීම් ගොඩක් මතක් උණා... ඒ ගැන කියන්න නම් බ්ලොග් එකක්ම ලියන්න වේවි... මගේ හිතෙත් තාමත් ඒ පුංචි ළමයා ඉන්නවා නේද කියල හිතුණා.. මේ වගේ පුංචි පුංචි දේවලින් ලොකු සතුටක් ලබන...
ReplyDelete99 විතර කාලොකෙල මනම්පිටියෙනුත් එහා කැලෑවක් මැද පුංචි ගමකට අපි ගියා සමාජ සේවා කටයුත්තකට.. එදා පසළොස්වක පෝය දවසක්.. ගම මායිමේ තිබුණ වැවට උඩින් හඳ පායාගෙන ආවා.. රන් තැටියක් වගේ මහ විසාලෙට.. එදා මට දැණුනෙ හඳ අපට ළං වෙලා වගේ... ගොඩක්ම ලස්සනට හඳ දැකපු දවසක් ඒ... හඳ ගැන කියැවෙන ගීත කියන්න පටන් ගත්තා කැලෑව ඉවර වෙලා පරංගියාවාඩියත් පහුවෙලා එනකල්ම... ඒ කැලය අලි බියත්, ත්රනස්තවාදී බියත් හැංගිලා තිබුණ කැලෑවක්... හැබැයි සිංදු කිය කියා ආව අපි ඒ ගැන දැන ගත්තොල පොළොන්නරුවත් කිට්ටු උණාම...
මාර අත්දැකිමක්නේ තරු ..ඒ කාලේ ඒ පැත්තේ ගියා කියන්නේ හරිම නිර්භීත වැඩක් .
Deleteසඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
ReplyDeleteවලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...
.....පිස්සු හැදෙන සඳ.....!!!
පෙම් කතාව අහන ඉඳලද සුමිත් හඳට පිස්සු හැදුනේ .
Deleteබින්දි දන්නවද හිමෙන් වැහිලා ගිය කැලෑවක, මහ රෑක, පායලා තියන හඳේ පේන්නේ ලා නිල්පාටක්. පරිසරයත් ලා නිල්පාටකින් වැහිලා තියනවා. පසුබිමෙන් වෘකයෙකුගේ කෑගෑමකුත් ඇහෙනවානම් තමා වැදියෙන්ම දර්ශනේ හිතට වදින්නේ.:)
ReplyDeleteනගරයක මෙය දකින්ට බෑ.
අප්පච්චිගෙන් 'හඳ' ගැන සිංදුවක් අහපුවාම කීවේ 'හඳපානයි ඔබේ සුදු මූනයි' කියලා....:D
හොක්කි, හොක්කි හූ...........:)
Deleteඒ නිසා වෙන්න ඇති බොහොම බටහිර නිර්මාණ වල නිල් සඳ ගැන කියවෙන්නේ . මෙන්න වෘකයෝ කෙසේ වෙතත් නරියෙක් හු කියනව . පොඩි ඇත්තටම අහල තියෙනවද නරි හු කියනව . අපි පොඩි කාලේ ඇහිලා තියෙනව . සාමාන්‍ය ලඳු දෙණි වල නරි හිටිය
Deleteනරි මොටාත් හරි විදියට නරි හූව අහලා නෑ වගේ.....
Deleteනරි රංචුවේ උන් හූව පටන්ගන්නෙ එකට නෙවෙයි වෙන වෙනම....
හූ.......ඌ......හූ........හූ........ඌ........ වශයෙන් ඊට පස්සෙ ඔක්කොම එකට......හොක්කියොක්....කියොක්...කියොක්.....
හූ.......ඌ......හූ........හූ........ඌ........හොක්කියොක්....කියොක්...කියොක්....කියොක්......
හරි විදිහට හූ කියන හැටි කියා දුන්නාට ඔබතුමාට මෙන්න මගේ නරි ආචාරය:)
Deleteහූ.......ඌ......හූ........හූ........ඌ...
හොක්කියොක්....කියොක්...කියොක්..
හූ........ඌ........හොක්කියොක්....කියොක්...කියොක්
බින්දි මේ සාහිත්‍ය මාසෙනේ වැඩි වැඩියෙන් ලිව්වට කමක් නෑ . අනේ පොත් ගැනත් මොනවහරි නොස්ටැලිජික් කතාවක් ලියන්නකෝ ප්ලීස් .
ReplyDelete//මේ ටී ජී නම් මල වදකාරයෙක් .විලට ජබොස් ගාලා පනිනවා // හි හී හි
අපෝ මන් එහෙම හිතන්නේ නැහැනේ . ඉඳහිට එහෙම පැන්නේ නැත්නම් ගතියකුත් නැහැ
Deleteමෙන්න මගෙ ප්‍රියතම සින්දුවක් චිත්ත රූප මැවෙන:
ReplyDeleteMoon in the sky softly creeping
Over the time from above
And I lie awake hardly sleeping
So lonely for only your love
Even now, each night, I remember
Days of summer when blossoms filled each bough
In the cold, gray days of December
My darling, I miss you even now
When will I see you again?
Come to my arms where you belong
My world will be empty till then
For you are the words to my song
Even now, each night, I remember
Days of summer when blossoms filled each bough
In the cold, gray days of December
My darling, I miss you even now
In the cold, gray days of December
My darling, I miss you even now
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හරිම ලස්සනයි ඩුඩ්.
Deletehttp://www.youtube.com/watch?v=BPzYYJmtiO8
ReplyDeleteසඳ ගැන ලියැවුණ කවි මෙන්ම ගිතද අති විශාල ගණනක් බිහිවෙලා තියෙනවා. ඒ හැම එකක්ම අපූර්වත්වයෙන් කවියන් දැකපු හැටි හරිම අගෙයි.
ReplyDeleteමටත් හිතෙනවා නිල් සඳ පායනවා ඇති කියලා මොකද නිල්සඳ ගැන ගීත කීපයක්ම ගිත සාහිත්‍යයේ හමුවෙනවා. මෙන්න මේ විදියට
1 නිල්සඳ මඩල බැස ගිහින් - සනත් නන්ද සිරි
2. ඇසළ නිල් සඳ දියවෙලා. - ජයන්ත සහ ලෙලුම් රත්නායක
ඒවගේම "දම්පාටින් ලා සඳ" ගීයේ එන දම්පාටින් ලා සඳ දකින්න ලැබෙන්නෙත් කලාතුරකින් පුන් පොහෝ දිනයක පමණයි . මේ ගීය ලියූ ලූෂන් බුලත්සිහල එක වරක සඳහන් කළා කොහොමද ඔහු මේ විරල අවස්ථාව දුටුවේ කියලා. රාත්‍රී කාලයේ අහසේ සිදුවන මේ වැනි ආශ්චර්යමත් අවස්ථාවක් නැරඹීට නම් පුන් පෝය දවස්වල නිදි වර්ජිතව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා කියලයි ඔහු කියන්නේ.
ඇත්ටම නියම සඳඑළියක මිහිර විඳිය හැක්කේ නගරයෙන් පිටදීයි නගරයේ විදුලි එළිය සඳෙහි පැහැපත් බව නැති කරනවා.ඒ නිසා නියම සඳඑළිය මා නිතර දකින්නේ අනුරාධපුරයට ගියාමයි.
එක්තරා අවස්ථාවක මීට අවුරුදු 30කට විතර ඉහත දී කේමදාස මාස්ටර් "වියට්නාම සංග්රාම භූමියේ දී වියට් නාම සෙබලා දුටු සඳ එළිය Moon Light" කියලා ලස්සන ගිතයක් නිර්මාණය කළා. කේමදාස මාස්ටර්ගේ සංගිතයට ඒක ගැයුවෙ නම් බුරුම ජාතික ගායන ශිල්පියෙක්.ඒගීය වෙබ් අඩවි වලට ඇතුල්වෙලා නැහැ වගේ.
මමත් සඳ එළිය ගැන ගීයක් ලිව්වා ඒක මතු දවසක අස්වැන්නෙන් කියවමු.
ඒ කොහොම වුණත් රත්න ශ්‍රී විජේසිංහ කවියා සඳ එලිය ගැන දකින විදිය අපූරුයි. ඔහු කියන්නේ
"සඳ එළිය අයිති ලොවටයි - සඳ අයිති අහසටයි- පිණි බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි"
කියලා ඔහු විමසන කරුණ අගෙයි කියලා හිතෙනවා.
බින්දිගේ ලිපියත් නිල් සඳ එළිය වගේම චමත්කාරයෙන් පිරවූ එකක්.
මේ කමෙන්ට් එක ගැන ස්තුති කරන්න වචන නැහැ . හරි පුදුමයිනේ ඔබේ දැනුම . අර කේමදාස මාස්ටර්ගේ ගීතය අහන්න තිබුන නම් කොපමණ හොඳද . බොහොම ස්තුතියි දයා මේ විස්තර වලට
Deleteකේමදාස මාස්ටර්ගේ ගීතය විතරක් නෙවෙයි.. ජයන්ත සහ ලෙලුම් ගායනා කරපු ගීතයත් හොයා ගන්න නැහැ.. ඒ ගීත දෙක ම ලබා ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් අගෙයි!
Deleteබින්දිගේ පොස්ටුව සහ දයානන්ද අයියාගේ කමෙන්ට් එක කියන දෙක ම නියමයි.
ජය වේවා!!
ම්ම්ම්ම් සඳ.... අනේ සඳ ගැන මම කවිනම් කීයක් ලියලා ඇද්ද? මේ පහුගිය පෝය දවසෙ මමත් දැක්ක පුන් පුරා හඳ බොහොම අපූරුවට.
ReplyDeleteසඳ එළියෙන් චමත්කාරයට පත් කිවිඳියක් . සුබ පැතුම්
Deleteමටනම් මෙහෙමත් හිතෙනව....,සඳටත් වඩා අපි ආසා කරන්නෙ හඳ එලියට (ආලෝකයට) කියලයි මටනම් හිතෙන්නෙ. හිතට දැනෙන නිවුනු බව,සැහැල්ලුව,පාලුව,සිතිවිලිත් එක්ක තනිවෙන බව, සෞම්‍ය බව, මේ එකීනොකී දේවල් ගොඩක්...සඳ එලියට උරුමයි.! කාන්තාවගේ තියෙන ආකර්ශණීය බවටත්...මේ කාරනා උරුමයි නේද ..ඒක නිසා තමයි කාන්තාව හා සඳ සමාන කරන්නෙ.
ReplyDeleteඅනික සඳ පිරෙන කාලයට මානසිකව හා කායිකව සියලු සත්වයෝ උත්තෙජනය වන බවයි කියවෙන්නේ. මම අහල තියෙනව..පැරැන්නෝ කියනව...පෝයට තමයි මිනිස්සුන්ගේ ඔලුවෙ එහෙමෙහෙ ගිය..සිතිවිලි..පිලිවෙලට අඩුක්කරන්නේ...! කියල.( ඒ කියන්නේ ෆෝමැට් කරනව වෙන්න ඇතිනේ..!!!)
කාන්තාව සහ සඳ එළිය... වී පොකුර තමයි එහෙම සාධාරණව හිතන්නේ . ස්තුතියි සමස්ත කාන්තා පරපුරම වෙනුවෙන්
Deleteබින්දිගෙ පෝස්ට් එකේ මුල ටික කියවනකොට හිතුනා ඔයා ලියන්නෙ මගේම හිත ගැන නේද මේ කියලා.... එච්චරටම ඒ සිතුවිලි මට සමීපයි....
ReplyDeleteඔයා කිව්ව වගේ දැන් ලස්සනට හඳ දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.... කලාතුරකින් හරි දැක්ක දවසට හිත අමුතුම ලෝකයකට පාවෙලා යනවා....
පුංචි කාලෙ හඳ තියෙන රෑට ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරලා කට්ටිය එක්ක මිදුලට බැහැලා, බිම පැදුරු දාගෙන අහස දිහා බලාගෙන හාන්සි වෙලා කියව කියව හිටිය හැටි මතක් උනා..... හඳ ගැන ලියැවිලා තියෙන සින්දු ටිකත් හඳ වගේම ලස්සනයි.... එහෙම දාට ඒ සින්දු අහන්නත් ආසයි මං....
ඒ කාලේ අපි රෑට එළියේ ඉන්න ආසයි. දැන් ආස වුනත් මදුරුවෝ නිසා කරන්න බැහැ. අනික ප්ලෑෂ් ලයිට් හැම තැනම .
ReplyDeleteඔන්න මම සියවෙනි කමෙන්ටුව දැම්මෝ....:D
ReplyDeleteඅලුත් එකක් ලියන්න කල් හරි නේද පොඩ්ඩි.
ReplyDeleteමම හඳ ගැන කියවලා කොමන්ට් එකක් දාන්නා ආවා.
ReplyDeleteඅන්තිමට කොමන්ට් වලින් හඳෙනුත් එහා ගිහින් සින්දු එක්ක නැවතුනා.
මෙහේ රෑට නම් හඳ දකිනවා බොරු.
ඒත් ඉඳලා හිටලා උදේට හඳ දකින්න පුළුවන්.
ඒත් හඳයි මායි හැමදාමත් එක වගේම යාළු හින්දා මම නම් මුහුදු වෙරලක්, කන්දක් ළඟට ගියාම මදුරුවෝ නෙමෙයි මොනා කෑවත් හඳ දිහා බලාගෙන ඉන්නවා. මේ ළඟ කාලෙකදි මම කාලෙකට පස්සේ කළාඇඳිරියොත් දැක්කා හඳ බලන්න ගිහින්. අර පස්සේ පැත්තේ ලයිට් තියෙන්නේ මතක බින්දිට? මම හිතන්නේ ජනුත් ලියලා තිබ්බා එයාලා ගැන. පොඩි කාලේ නම් උන්ව සාක්කුවේ දාගෙන එනවා ගෙදර ලයිට් වෙනුවට.
මතකයි මතකයි...රන්ගි . කලා මැදිරියෝ. පස්ස පැත්තේ ලයිට් තියෙන තව එකෙකේ තමයි රෑ බදුල්ලා . රෑ බදුල්ලට පියාඹන්න බැහැ. පරිසර දුෂණයට සමාන්තරව වඳ වෙන සතෙක් කළා මැදිරියා. මැලේසියන් පත්තරේක දැක්ක කළා මැදිරියෝ බලන්න පුළුවන් ගමක් ගැන . මන් නම් එකෙක් දැක්ක කාලයක් මතක නැහැ .
Deleteහරි වචනේ කළා මැදිරියා ද කනා මැදිරියා ද? (දෙවිදියටම අහල තියනවා)
Deleteඅපි කියන්නේ කළා මැදිරියා
Deleteනිදන සඳ මහී ලඳ
ReplyDeleteවෙලෙන ඝනදුර නොමඳ
නසන සඳ වී සු හද
නුඹම වේ මගේ සඳ
ලස්සනයි සයුරි
Deleteඉස්සර පොඩි කාලේ ඉස්සරහ දොරෙන් ඇවිත් බලලා පවනට බඳු වේගයෙන් දුවනවා පිටි පස්සේ දොර ගාවට. මෙන්න හඳ එතැනටත ඇවිල්ලා. ඉතිං එහෙට මෙහෙට දුවලා හති වැටිලා නිදියනවා හැර හඳට කලින් දොර ගාවට නං දුවා ගන්න බැරි වුනා.
ReplyDeleteදැන් අපේ දුවත් කොහේ හරි රෑ වෙලා යද්දි, අන්න අම්මේ හඳ මාමා අපේ පස්සෙන්ම එනවා කිය කියා හඳ දිහා බලාගෙන ම යනවා. දන්නේම නැතුව නින්ද යනවා...
ස්තුතියි රන්දිල් ..පොඩි දුගේ වැඩ වලින් අපේ පොඩි කාලේ මතක් වෙනවා නේද
Deleteමට මතකයි මං පොඩි දවස් වල තාත්තා එක්ක බයික් එකේ යද්දි උඩ බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි අපි හද පහු කරගෙන යයි කියලා.ඒත් හැමදාම ගමන ඉවර වෙනකන් ඒක කරන්න බෑ.අපේ අම්මට සෑහෙන දගලන්න උනා මට ඇයි එහෙම වෙන්නේ කියලා කියා දෙන්න.
ReplyDeleteස්තුතියි තේජි
Deleteසැහෙන අමාරු වැඩක් තමයි . මටත් මේ ලඟදි අපේ පොඩ්ඩි ට ඉර හඳ සහ සුර්ය ග්‍රහ මණ්ඩලය ගැන කියා දෙන්න වුනා . තවම පොඩි වැඩි වුනාට ලොකු පොත් කියවන්න ගිහින් එයාට සැහෙන ප්‍රශ්න ඇති වෙනවා .
පුරා හඳ පායපු දවස් වලට රාවණ ගවේශකයින් නොහොත් හෙළ ගවේශකයින් වන අපිටත් එක එක මහා පුදුමාකාර දේවල් හිතෙනව. ඒව තමයි අපි ඔය ලියන්නෙ. රන්දිව පත්තරේ රාවණ ලිපි එහෙම කියවල ඇතිනෙ.
ReplyDeleteඅදද මන්ද මේ පැත්තට ගොඩබැස්සේ... හරි අපූරු ලිපියක් වගේම අපූරු කොමෙන්ටු ගොඩකුත් තියෙන්නේ?...
ReplyDeleteඅනේ බින්දියෝ දැන් කීපාරක් ආවාද කෝ අළුත් එව්වා
ReplyDeleteඒ කාලේ හඳ දැක්කා එක එක පාටින්..කාලෙකින් ඒ වගේ දැක්කේ නෑ....කාලෙකින් මේ පැත්තේ ආවේ..ගෙදර ගිහිං ආවේ ගිය සතියේ...
ReplyDelete