Sunday, 28 October 2012

පාට පාට කොඩි අරගත් පාට පාට ළමයි

ගිය අවුරුද්දේ වගේම මේ පාරත් එක්සත් ජාතීන්ගේ දිනය සැමරුනා. බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලේත් ගිය පාර වගේම පාට පාට මල් වගේ ළමයි ඒ ගොල්ලන්ගේ ජාතික ඇඳුම් ඇඳගෙන .

කොරියානු හැන්බොක් ඇඳුම ඇඳපු ළමයි පුම්බපු කුරුල්ලන් වගේ ..ජපන් කිමෝනාව ඇඳපු ළමයි වෙනදට වගේ දුවාගන්න බැරුව .




අපේ බනිටයි අක්කටයි සිද්ධ වුනා ළමා සාරි අඳින්න . මහන්න දන්නා ආච්චිලා දෙන්නෙක්ම හිටියත් ඒගොල්ල මෙහෙ නෙමේ නිසා මහන්න නොදන්නා අම්මට සෑහෙන්න රස්තියාදු වෙන්න සිද්ධ වුණා. මන් ඉතින් මැහුම් ගෙතුම් ඉගෙන ගෙන ගෙදෙට්ට වෙලා ඉන්න නෙමේනේ හිතන් හිටියේ .

වදෙන් පොරෙන් අන්දලා සෑහෙන්න කටුගහල හෙම යැව්වේ . ළමා සාරිය ඇඳන් ස්කිපින් කරන්න බැරි වීම ගැන බනීට ටිකක් හිතට හරි මදි .

ගියපාර වගේම මේ පාරත් කොඩිය අරන් පෙරහරේ යන්න දෙන්නට අවස්තාව ලැබුන . සැහෙන වෙලාවක් වේදිකාවේ කොඩිය ඔසවාගෙන හිටන් ඉන්නත් අරගෙන පෙරහරේ යන්නත් ටිකක් අමාරු වැඩක් . මේක පුංචි කොඩියකුත් නෙමේ .

මොනයම් අවස්තාවක මොනයම් විදිහකට හෝ තමන්ගේ රට නියෝජනය කරන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් ලෙසයි මා නම් දුටුවේ .
















එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැමිණ සිටියේ ඉන්දියන් කාන්තාවක් . ඇයගේ පින්තුරයක් ගන්න නම් බැරි වුණා .

විවිධ  ජාතික ඇඳුම් ඇඳි පොඩිත්තන් පාට පාට මල් උයනක් තමා සිහිගැන්වූයේ.






පාසලේ මන් කැමතිම කෙනෙක් වන විදුහල් පතිතුමා ළමුන් සමග ගීතයක් ගායනා කලේ ගිටාරය වයමින් .


උසස් පන්තිවල සිසුන්ගේ නර්තනයද කදිමයි .



පාසලේ එකම ලාංකික ගුරුතුමා .



උත්සවය අවසානයේ පන්ති හෝ ශ්‍රේණි වශයෙන් කෑම වර්ග රැසක් සහිත භෝජන සංග්‍රහයක් . තම තම රටවල කෑම වර්ග ගෙනවිත් තිබුණා.





අපිත් හැදුවා පැණිවළලු.


සාමාන්‍යයෙන් මේ දවස්වල ළමයින්ට තම තමන්ගේ රටවල් ගැන සහ යාලුවන්ගේ රටවල් ගැන අවබෝධයක් ලබා ගන්න තමයි විශේෂ අවධානය යොමු වුණේ.

.

අපේ බනිටත් තමන්ගේ රට ගැන එක එක දේවල් දැනගෙන එන්නයි ගුරුතුමී කියා තිබුණා . ප්‍රසිද්ධ තැන්, ලස්සන තැන් . ගොඩනැගිලි , කෑම , ඇඳුම් , ප්‍රවාහනය වගේ කාරණා.

එන වසරේ සංචාරකයින්ට යන්න හොඳම තැන ලෙස ලංකාව නම් වෙලා තියෙන එකත් අපට ලොකු සතුටක්.


අපේ පවුලම එකතු වෙලා තමයි මේගැන සාකච්චා වුණේ . කියන කියන හැමදේම ලොක්කි නම් දන්නවා .

''හරි ඔය කොයි ඇඳුම දන්නවා වුනත් ඕගොල්ලෝ අමුඩේ දන්නේ නැහැනේ '' එහෙම කිව්වේ තාත්තා .

'' අපෝ මන් දන්නවා අර ගොවියෝ අඳින ඩයපර් එක වගේ එකනේ '' ඒ ලොක්කි .


අමුඩේ අඳින්නේ අපි විතරද ..ජපානයේ සුමෝ ලත් අඳින්නේ අමුඩයක් වගේ එකක් .



 කැමති නම් අමුඩය සහ අපේ අනන්‍යතාවය කියල සංවාදයකට යන්නත් පුළුවන් . ආදිවාසින් අමුඩය ඇඳන් ක්‍රිකට් ගහපු වගත් ආරංචි වුණා .


58 comments:

  1. කාලය යන වේගෙ..! ගිය අව් රුද්දෙ බින්දි මේ ගැන දාපු ලිපිය මට අද ඊයෙ වගේ මතකයි..

    ඇත්තටම මේ වගේ තැනක තමන්ගෙ රට නියෝජනය කරන්ඩ ලැබීම වාසනාවක්.

    අපේ ජාතික ඇඳුම නම් මොකක්ද කියන එක හරි ගැටළුවක් තමා.. කාන්තවන්ගෙ නම් ඔසරිය තියනවා නේද ? ඒකත් ඉන්දියාවෙන් ආපු එකක්ද දන්නෑ..

    මාතෘකාවක් බ්ලොග් රෝලෙදි පෙන්නන්නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සෙන්නා ...ළමයි උස ගිහින් ඇරෙන්න සේරම ඒ විදිහමයි . ජිවන චක්‍රය .
      ඔසරිය ඉන්දියාවෙන් වෙන්න ඕන . මොනවා කරන්නද ඉතින් කාලයක් තිස්සේ සම්මත වෙච්ච සමහර දේවල් වෙනස් කරන්න අවශ්‍ය නැහැ .
      එහෙමවත් ඇඳුමක් නැති උදවිය කනගාටු වෙනවනේ . මේ දේවල් සමග රටක දියුණුව සමපාත වෙන හැටි තැනුත් නැතුවා නෙමේ , ජපානය සහ දකුණු කොරියාව හොඳ උදාහරණ .

      මෙහෙමවත් දෙයක් නොතිබුනා නම් අපෙන් ගන්නම දෙයක් නැති වෙනවා .

      මාතෘකාව දැම්මේ දෙවෙනි පාර . රෑ දොළහට නේ මෙව්වා ලියන්නේ සෙන්නා .

      Delete
    2. ඉන්දියාවේ ඔසරිය නැ. මෙය අපේ උඩරට ඇඳුමක්.

      Delete
    3. මගේ අදහස නම් නුවර යුගයේදී ඉන්දියන් අභාෂය ඇතුව සැදුන එකක් බවයි. ඉන් පෙර කාලවලදී හමුවන්නේ නැහැ නේද .
      කොහොම වුනත් ඒ ගැන අවුලක් නැහැ . මොකද ළඟ ළඟ රටවල් වල ඇඳුම් අතර සමානකම් තියෙනවා . ලොකු අර්ධද්වීපයක පාමුල ඉන්න අපට එයින් මිදෙන්න අමාරුයි .

      චීන සහ වියට්නාම ඇඳුම බොහෝ දුරට සමානයි. ජපන් සහ කොරියන් ඇඳුම් අතරත් යම් නෑකමක් ඇති බව පෙනෙනවා .

      මේ ගැන හොඳටම දන්නවා ඇති පොඩ්ඩි ගේ අත්තම්මා හෙම

      Delete
    4. //මොකද ළඟ ළඟ රටවල් වල ඇඳුම් අතර සමානකම් තියෙනවා //
      ඔව් නේද මාත් එකඟයි ඒ කතාවට.

      Delete
  2. හරිම ලස්සනයි. ඒ වගේම අක්කට ආඩම්බර වෙන්න අවස්ථාවක්. විදෙස් රටක ඉඳලා තමන්ගේ ජාතික කොඩිය ඔසවාගෙන...තමන්ගේ රට නියෝජනය කරන අක්කගෙ දූවරු දෙන්න දැක්කම අපටත් ආඩම්බරයි...

    //එන වසරේ සංචාරකයින්ට යන්න හොඳම තැන ලෙස ලංකාව නම් වෙලා තියෙන එකත් අපට ලොකු සතුටක් //

    මේ ලැබිලා තියෙන්නෙ හොඳම සහතිකයක්....කාටද ආඩම්බර...

    //ආදිවාසින් අමුඩය ඇඳන් ක්‍රිකට් ගහපු වගත් ආරංචි වුණා //

    ඇත්තටම...ඒ එක්කම් ඒ අයත් එක්ක ප්‍රථිවාදී පිලත් අමුඩය ඇන්දනම් තමා හොඳ...හි හී...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ලිහිණි හරිම සතුටුයි තමයි. රට ගැන බොහෝ විවේචන ඇති කෙනෙක් වුනත් මේවගේ දෙයක් දැක්කම රට ගැන ආඩම්බර වෙයි කියල මට හිතුනා .

      ඔව් දෙගොල්ලම පාට දෙකකින් අමුඩ අඳින්නයි තිබුනේ . සෙල්ලම් කලේ සොෆ්ට් බෝල වලින් වෙන්න ඇති . ඇයි අප්පේ ලෙදර් බෝල වලින් සෙල්ලම් කරලා අනතුරක් වුනොත් මොන දෙය්යන්ට කියන්නද ..

      Delete
  3. අක්කේ විදෙස් රටක දී අපට හැකිනම් අපේ කම පෙන්වන්න එයයි ජාතියට කෙරෙන ලොකුම යුතුකම. මම අද ලියුව පෝස්ට් එකේත් අවසානයට දැම්මේ සිංහයා ඉන්න ‍තොපපියක් දාගන ඉන්න පිංතූරයක්. හදවතින්ම ශ්‍රි ලාංකිකයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් ඒ අතින් බලද්දී අපේ රටට හානියක් නොකර අවමානයක් නොකර ජිවත් වෙනවා කියල මට නම් ආඩම්බරෙන් කියන්න පුළුවන් .

      Delete
  4. ස්තුතියි බින්දි,

    ඉස්සර අමුඩෙ ඇඳගත්තා මී හරක් බලන මනුස්සයෙක් පාරෙ යනවා දැකලා මගෙ දුව හිනාවෙන තරමක් මතක් වුනා.

    ඒක නෙවෙයි. ඔයා මේකට මාතෘකාවක් දාලා නෑ. මේ පෝස්ට් එක උඩ තියෙන එක නෙවෙයි මම කියනනෙ. පෝස්ට් එක දානකොටම ටයිටල් කො‍ටුවෙ දාන්න අමතන වෙන්න ඇති. ඉතින් ලින්ක් එකක් නෑ. බලන්න මගෙ බ්ලොග් රෝලෙ. ඉතින් හෝම්පේජ් ඇවිත්. යට කමෙන්ට් කියන තැන කොටලයි ඔලුව දාගත්තෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දැන් මාතෘකාව හරි ඇති නේද . රෑ දොළහට වෙන අකරතැබ්බ . වෙනදට කැමරාවල ෆෝන් වල තියෙන පින්තුර සති අන්තෙට එක්කහු කරලා වෙනම ෆෝල්ඩර වල දාලා දෙනවා . ඒ වැඩේ ඊයේ වෙද්දී කරන්න බැරි වෙලා තැන් තැන්වලින් පින්තුර එක්කහු කරන්න සැහෙන වෙලාවක් ගියා .

      අපේ ලොක්කි හරිම සුත්තර කාරී . හැමදේම විමසිල්ලෙන් බලන් ඉඳල ඕන වෙලාවට එලියට දානවා .

      පොඩි එකී නම් දුටුතැන කියල දානවා . හුඟක් පොඩි කාලේ මීහරක් දැකල අන්න අලි කියල කෑගැහුවා .

      Delete
    2. දැන් හරි බින්දි. ඔය තියෙන්නෙ මාතෘකාව දිලිසි දිලිසි.

      මගෙ දුව ඉස්සර අර මනුස්සය දැක්කාම කෑගහන්නෙ "There!! His butt is out!!!" කියලා. :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. මරුවා නම් බ්ලොග්කරුවාගේ අදහසකට අනුව නිකම්ම රෙද්දක් ඇඟ වටා ඔතා ගැනීම කරන්නේ නොදියුණු ජාතීන්ය.

      රෙදි කපා කොටා මසා ගත් ඇඳුම් අඳින්නේ දියුණු ජාතීන්ය!

      Delete
    4. ගෝත්‍රික ඇඳුම් ගැන සිතල වෙන්න ඇති. ඔව් ඉතින් මහන්න ගියහම කියක් ජාති ඕනද නේද

      Delete
  5. හැමදාම වගේ ලස්සනට ලියල. ෂා!! මෙයා පැණි වලලු හදල.... වසරකට වරක් මෙහෙත් තියනව ඔයවගේ උත්සවයක්. මේ ලෝකෙ මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙ මේ ජාතීන්ගෙ විවිධත්වය නිසා කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
  6. හැමදාම වගේ ලස්සනට ලියල. ෂා!! මෙයා පැණි වලලු හදල.... වසරකට වරක් මෙහෙත් තියනව ඔයවගේ උත්සවයක්. මේ ලෝකෙ මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙ මේ ජාතීන්ගෙ විවිධත්වය නිසා කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රෝස කුමාරි කාලෙකින් දැක්කේ . හදන්න දන්නා කැවිලි වලින් එකක් තමා ඔය . අපොයි ඔව් එකම පාටක එකම විදිහේ මිනිස්සු හිටියා නම් මේක හරිම කම්මැලි තැනක් වෙයි නේද

      Delete
  7. මහන්ට බෑ කීවට ලස්සනට ලමා සාරි මහලා තියෙන්නේ. පොඩි දෙන්නා ලස්සනට ඉන්නවා. මුලින්ම අමුඩේ දැක්කාම පොඩ්ඩි නම් කලේ ලොකු අය ඒ ඇඳුම ඇන්දාම මෙන්න මේ වගේ වෙන්ට ඇති කියලා ඔක්කොම ඉස්සරහා විස්තර කිරීමයි. පස්සේ අම්මා පැත්තේ එන්ට නොදුන්නාම තමා කට වහගත්තේ.:)

    පැණි වලලුත් හදලා නේ...රස පාටයි.

    අර ඉන්න එකම ලංකාවේ ගුරුවරයාත් වැරැද්දක් නෑ නේද? කැමරාවට ලස්සනට හිනාවෙලා ඉන්නවා...:D

    ReplyDelete
    Replies
    1. හි හි පොඩි මහන්න බැරි මටනේ . ගෙදරටම ඇවිත් මිමි අරන් මහල ගෙනත් දෙන කෙනෙක් හම්බ වුණා .

      හිතා ගන්න පුළුවන් ඔයත් අපේ දෙන්න වගේ ඇති පොඩි කාලේ .

      පැණිවළලු ටික නම් සුටුස් ගාලා වාෂ්ප වුණා .

      ගුරුතුමා වරදක් නැහැ තමයි . ක්‍රීඩා ගුරුතුමෙක් .

      Delete
  8. හරිම සතුටක් දැනුනා. පැටව් දෙන්නාත් හරි ආඩම්මබරෙන් ඉන්න ඇති නේද ළමා සාරිය ඇඳල කොඩිය උස්සගෙන. නුඹලාට යහපතක්ම වේවා.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දය්යා . ළමයින්ගේ පින්තුර බ්ලොග් එකේ දාන්න අකමැති වුනත් ඔබ වැනි හොඳ මිනිසුන් මෙහි එන නිසා ප්‍රශ්නයක් සැනසීමක්

      Delete
  9. වෙන රටක ඉදන් අපේ රටේ කොඩිය අරන් යන්න තියෙන එක සෑහෙන ආඩම්බරයක් නේ.. සතුටුයි ඒ ගැන..

    හෆ්ෆේ පැණි වළලු.. අපිට කොහෙන්ද ඉතින් ඒවා...

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් ..පැණිවළලු මේ විදිහට හදන්න ලේසියි. බදින්න යන වෙලාව ඉතින් කොහොමත් එකයි. හැබැයි මිශ්‍රණය නම් ලේසි එකක් .ඕන නම් කියා දෙන්නම්

      Delete
    2. එහෙනම් බින්දි අක්කේ දාමුකෝ පැණි වළලු හදන හැටි පෝස්‍ට් එකක්.. ඉතාලි ආවත් හරි කන්න බැරි උනා.. :)

      Delete
  10. This is literally an international school

    ගංගානාත් මහත්තයාගේ පොතේ තියන පැණි වළලු නං ජීවිතේටම කාලා නෑ. උඩ පින්තූරේ හියෙන්නේ ඒ පැණි වළලුද? උඩ රට පැති වලලු ඒක හදන්නේ

    ReplyDelete
    Replies
    1. රටවල් 63 ක ළමයි ඉන්න ඉස්කෝලයක් .

      උඩරට පැණි වළලු හදන්නේ උළුඳු පිටි වලින් . මාත් දන්නේ නැහැ ඒ විදිහ . මේ පබිලිස් උන්නැහේ ගේ රෙසිපියක් පත්තරේකින් ඉගෙන ගත්තේ .

      පාන් පිටි කඩල පිටි යෝගට් බටර් තමයි ඕන වෙන්නේ .

      හැඩය ගන්න නම් මන් සැහෙන පරීක්ෂණ කළා . සිරින්ජයක් කට ටිකක් කපලා තමයි වෙනදට ගත්තේ . මේ පාර අයිසින් කරන්න ගන්න පොලිතින් බාග එකක පුංචි හිලක් හදලා ගත්තේ . වැඩේ ටිකක් ලේසි වුණා .

      Delete
  11. මතකද මේ ගීතය, " මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට" මගේ ජීවිතේ පරමාදර්ශයළමයි. මගේ රැකියාවත් එක්කත් ළමයි සම්බන්ධයි.

    ReplyDelete
    Replies
    1. අපොයි වෙදතුමන් කරන්නේ කොයිතරම් ලොකු සේවයක්ද . ළමයි නැති මගේ යාලුවෝ හිටියා බොහොම දුකින් උන්න . ඒ දෙන්නම විවාහයත් කෙලවර කර ගත්තා ඔය නිසා

      Delete
  12. ජාතික කොඩිය රැගෙන රට නියෝජනය කරමින් ගමන් කරන්නට ලැබීම වාසනාවක් නේ.
    පැණිවළලුත් රස පාටයි. අපේ ගෙදර හදනකොට බටර්, යෝගට් දාන්නෙනම් නෑ මං හිතන්නෙ. මිරිකන්නත් හිලක් විද්ද රෙදි කෑල්ලක් යොදාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ ඔරිජිනල් උඳු වැල්. මේ පබිලිස් උන්නැහේගේ රෙසිපියක් . නුවර මාතලේ තමයි ඔය උඳු වැල් වලට ප්‍රසිද්ධ . මේකෙත් කිව්වේ නම් රෙදි කඩකින් හරි හිල් පොල්කටුවකින් හරි කියලයි. මන් තමයි සිරින්ජරේ මේ වැඩේට හොඳයි කියල සොයා ගත්තේ . මේ අයිසින් බෑග් එක ඊට වඩා ලේසි වුනා .

      Delete
  13. කලින් පෝස්ට් එක දාල අවුරුද්දක් ගිහින් නේද ?? කාලේ යන ඉක්මන. වෙනත් රටකදී ඉතිං අපේ කොඩිය දැක්කම ඇති වෙන හැඟීම ගැන කියන්න වචන නෑ. කෑම ටික දැක්කම නං බඩගිනියි!!! හෙහ් හෙහ් හෙහ්!!!!

    ReplyDelete
    Replies
    1. මමත් එදා හිටියේ මාර බඩගින්නේ . ආයේ නැහැ කෑවා ඇති වෙන්න .ඔව් නේන්නම් කාලේ යන ඉක්මන

      Delete
  14. Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයා

      Delete
  15. මේ වගේ තැනක අපේ ජාතික ධජය දැක්කම හිතට පොඩි ගැම්මක් එනවා...වැඩසටහන ලස්සනට තියෙන්න ඇති කියලා හිතෙනවා... දැන් ඔබ ගුරු වෘත්තියේ නිරත වෙන්නෙ නැතිද ?

    පැණි වළලු කන්න අපිත් මනාපයි....

    ReplyDelete
    Replies
    1. ලස්සනට තිබුනා . මේකනේ සිරා මන් ගුරු වැඩේ කලේ ඉස්කෝලෙන් එලියට ආව ගමන් . ඊට පස්සේ වෙන රැකියාවකටත් උසස් අධ්‍යාපනයටත් යොමු වුනා . දැන් ඉතින් සේරම නැහැ
      පැණි වළලු තියෙන කඩයක් නැද්ද . නුවර යන ගමන් අඹේපුස්ස රෙස්ටුරන්ට් එකේ අවන්හලට ගියොත් රසම රස පැණි වළලු තියෙනවා . තවමත් ඇත්ද මන්දා . නැත්නම් ඉතින් කේතලෙන් මල්ලක් ගෙනාවොත් නැන්දම්මා හරි හදල දෙයි

      Delete
    2. තියනවා තියනවා අඹෙපුස්ස හොටෙල් කෝපරෙෂන් අවන්හල .ඒ අවට කඩ වලත් තියේ :)

      Delete
    3. කේතලෙන් මල්ලක් ගෙන ඒමට ඉටා ගතිමි. තොරතුරට ස්තූතියි...

      Delete
    4. සිරා ඒ ගැන හිතන්නවත් එපා ..උන් ගෙනාවොත් උබට එයාට පැණි වළලු හදලා දෙන්න වෙනවා සිකුරුයි. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

      Delete
  16. //ගොවියො ඇඳින ඩයපර් වගේ එක //

    ඒක තමා ජොලිම කතාව :)

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කි සුත්තර කාරී . හිටිගමන් කියනවා අපට කට උත්තර නැති වෙන්න .

      Delete
    2. කෝ බූරා කොහේද ගියේ ?

      Delete
    3. දන්නේ නැහැ ටි ජි ..බිසී ඇති. කෝ මේකා වෙන කොහේ කියල හොයන්නද . කමෙන්ට් එකක් දැම්මොත ඇරෙන්න

      Delete
  17. පිට රටකදී තමන්ගේ රට නියෝජනය කරන්න ලැබෙන එක ඇත්තෙන්ම වාසනාවක්.

    කෙල්ලෝ දෙන්නා ගොඩක් සතුටු වෙයි ඒ ගෑන් තේරුම් තියෙන කාලෙකදී විශේෂයෙන් මේ ලිපි පින්තූර එහෙම දැක්කාම.

    පැනි වලලු ලේසි කෑමක්ද අප්පා ෆේස්බුක් එකේ අහලා තිබ්බේ ලේසියෙන් හදන්න පුලුවන් ජාතියේ එකක් නේද?

    ReplyDelete
    Replies
    1. දැනට නම් මේවා මෙහම ප්‍රසිද්ධ කරන්නේ හොරෙන් . මේගොල්ල මට තර්ජනය කරලා තියෙන්නේ එයාලා කියන ඒවා හෙම යාළුවන්ට කියන්න එපයි කියල .

      මගේ ක්‍රමේට හදන එක ලේසියි . මන් ඕන නම් කියා දෙන්නම් . මට ඕන වුනේ කලින් හදල තියන්න පුළුවන් දෙයක් . උදේට වැඩ වැඩි නිසා . නැත්නම් කිරිබත් , කට්ලට්ස් තමයි හොඳ . ලොක්කිගේ ටීචර් ඇහුවත් එක්ක කෝ කට්ලට්ස් කියල

      Delete
  18. ෂා....බින්දිට පැණි වලලු හදන්න ඇහැකිද..!
    මම ආසම පැණිරස කෑම..නුවර නංගිලාගෙ ගෙදර ගියාම සතියක් කන්න බඩු අරගෙන එන්නෙ. හැබැයි සීනි ගුලක් නේද...?
    ලේසියි කියල තිබුනට අපේ ගෙදර කීප වතාවක් ට්‍රයිකලා හරිගියේ නැහෑ.
    දුවල දෙන්නට ස්තුතියි කියන්න ..අපේරටේ අනන්‍යතාවය විදහාදැක්වීමට ආසාවෙන් එක්වුනාට.ළමාසාරි...දැන් ලමයින්ට ඇන්දීමට හරිම අමාරුයි නොවැ.මමනං පෝයට පන්සල් ගියත් ලොක්කිට අන්දගෙන තමා යන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඳු වැල් නම් මාත් හදල නැහැ . අමාරුම වැඩේ තාච්චියට රවුමට වක්කරගන්න එක . රෙදි කෑල්ලෙන් කරන්න ගියොත් හතර අතේ ඇලෙයි කියල හිතෙනවා . practice make perfect කිව්වලුනේ . අත අරින්න එපා දිගටම උත්සාහ කරන්න .


      ළමා සාරියේ වැඩේ පොඩ්ඩක් බඩ පේන්න තිබුනොත් මේ දෙන්න කැමැති නැහැ . එක වසරේදී කොල්ලෙක් කියල ඕගොල්ලන්ගේ ජාතික ඇඳුම හරිම සෙක්සි යි කියලා . එදා ඉඳන් සම්පුර්ණයෙන් වැහෙන්න නැත්නම් අඳින්නෙම නැහැ . අපිත් දහම් පාසල් ඇන්දේ ළමා සාරි .

      Delete
  19. වියට්නාමෙ දෙයියෝ සාක්කි, කන බොනවට වැඩි දෙයක් නෑ වගේනෙ පේන්නෙ..අර මිස්ටර් ඊටිංගෙ කතාව වගෙ...හෙහ්, හෙහ්,...බින්දි පෝස්ට් දහයක් ලිව්වොත් හතරක් කන බොන එව්ව ගැනනෙ...:) :)

    පැණි වළලු????...අපි නං ඔව්වට කියන්නෙ උඳු වැල් කියලයි...

    ගොවියො අඳින ඩයපර් කතාව ඇහුවම තව මරු කතාවක් මතක් උනා...

    අපෙ ලොක්කිගෙ අක්කලගෙ ගෙදර හදන දවස්වල වෙච්චි දෙයක්...ඔන්න බාසුන්නැහැල ඉණිමං තියාගෙන නැඟල කපරාරුව කොරනවලු.අක්කගෙ පොඩි එකී එතකොට වයස තුනක් හතරක් වගෙ ඇති...දුවගෙන දුවගෙන ඇවිල්ල ලොක්කිගෙ අම්මට කිව්වලු '' අත්තම්මෙ පාත් වෙන්නකො රාසක් කියන්න..'' ඒ කරල කනට කරල කිව්වලු '' අර රතු පාට ඉරි සරමක් ඇඳං ඉන්න බාසුන්‍යාට පෑන්ටිය ඇඳං එන්න අමතක වෙලා '' කියල... අපෙ නැන්දම්ම කම්මුලේ අත තියාගත්තලු...'' බලන්ට මේ ළමය කියන එව්ව '' කියල...හෙහ්, හෙහ්,

    හෙහ්, සංචාරකයන්ට යන්ට හොඳම තැන ලංකාව එහෙනං නේද?....ස්තූතියි බින්දි ආරංචියට...පොඩි ප්‍රචාරයක් අරින්ට ඕන මෙහෙ යාලුවො අතරෙ අන්න පලයව් ලංකාවට කියල...:) :)

    ඒත් ඔය ඔක්කොම රෙකමෙන්ඩේෂන් එක සැණින් ඉවරයි තුවක්කුවක් අතට ගත්තු පිස්සු බල්ලෙක් දිගට හරහට වෙඩි තියල සංචාරකයෙක් මරල දාපු ගමං..ඒකයි මට කටගාටු...ඒකයි මට කටගාටු....

    අර ආදිවාසීන් අමුඩ ඇඳන් ක්‍රිකට් ගැහැව්ව එක නම් ඇත්ත. ඒත් දන්නවද උං අර '' Abdomen Guard '' එක ( සිංහලෙන් කිව්වොත් බෝල් ගාඩ් එක ) දාගෙන හිටියෙ අමුඩෙට උඩිං...මට හිනාවෙලා පණ ගියා.

    ReplyDelete
    Replies
    1. අපොයි මන් කන එව්වා ලියනවා . රවීලා හොරෙන්ම කාලා නිකන් ඉන්නවා නේ

      හික් ..බාස්ගේ වැරැද්ද . පොඩි එකී මක් කරන්නද . ඔය විෂය ගැන විශාරද තුමා අපේ කතන්දර ශුරින් නේ . ළමයි අවංකයි . දැක්ක දේ ඒ හැටියෙන්ම කියනව . ඊට පස්සේ බාස්ලා වැඩට ගනිද්දී විශේෂ නීතියක් පනවන්න ඇති නැන්දම්මා .

      මටත් තියෙන බය ඕකම තමයි . හතර අතේ ගුණ වනලා අහන් ඉන්න බැරිකමට මන් දන්නා කීප දෙනෙකුත් ලංකාවට ගියා . ඇඟේ ලේ නැහැ එනකම් . තවම නම් ගිය අය හොඳම තමයි කිව්වේ .
      බෝල් ගාඩ් දාන් හිටියද ,. නැතුව ඉතින් තරුණ ළමයිනේ .

      Delete
    2. / ඊට පස්සේ බාස්ලා වැඩට ගනිද්දී විශේෂ නීතියක් පනවන්න ඇති නැන්දම්මා . /

      අම්මප බින්දි ඔන්න ඉන්ටකො වෙච්චි දේ කියන්ට...

      ඔන්න අපේ ලොක්කි ඇවිල්ල තකහනියක් ඔය කතාව මා එක්ක කිව්වනෙ..

      '' අනේ බලන්ටකො මෙයා...මේ පොඩි එකී අම්මත් එක්ක කියල තියන කතාව...අම්මටත් මාර අප්සෙට්...'' අරකද මේකද...හෙහ්, හෙහ්,

      මම ඔය මොකක් හරි පොතක් බල බල ඔන්න හිටියෙ ඔය වෙලාවෙ..

      මගෙත් කට හොඳ නෑනෙ..කටට එන එක කියල දානව අර මොකක්ද ගලේ ගැහුව වගෙ..

      '' අම්මට ඉතිං ඔය වැඩේ පරීක්සා කොරන්ට එකම ක්‍රමයයි තියෙන්නෙ හෙහ්, හෙහ්..'' මම ඔන්න ඔච්චරමයි කිව්වෙ පොත දිහා බලාගෙනම..

      ඔන්න පිටු දෙක තුනක් කියවල එහෙම කොන්ද ටිකක් රිදෙන්ට අල්ලපු නිසා මම අනික් පැත්තට හැරුනයි කියන්ටකො.

      හප්පච්චියේ...මේං මුන්දැ ඉන්නව මූණ කුණ්ඩ හට්ටියක් කරගෙන..

      '' මොකද දැං උනේ?....'' මම ඇහුව..ම්හු, නෑ කිසිම කතාවක්...නැඟිටල ඔය ගියෙ ගස්සගෙන..

      ඒ පාර ආයෙම මා එක්ක කතා කලේ දවස් තුනකට පස්සෙ...වෙලාවක ඒ සීන් එක ලියන්ට ඕන විස්තර ඇතුව...ස්තූතියි බින්දි..මතක් කරල දුන්නට...හෙහ්, හෙහ්,

      Delete
  20. බින්දිගේ දරුවන් රට නියෝජනය කිරීමට ඉදිරිපත්වීම ගැන සන්තෝසයි. මමත් රසම රස උඳු වැල් කෑවෙ මාතලේ නෝනා කෙනෙක් හදපුව තමයි. ඔය අඹේපුස්සේ ඒවා ලඟින් තියන්නවත් බැහැ ඒ උඳු වැල් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොත් ගුල්ලා . මාත් එහම තමයි . ඉස්සර අපේ යාලුවෙක් හිටියා මාතලෙන් ආපු . එයාගේ අම්ම ලොකු පාර්සලයක් එවනවා මෙයා ගෙදර ගිහින් එද්දී . පුදුම රසක්

      Delete
  21. ලෝකයේ කොහේ හිටියත් තමන්ගෙ රටේ කොඩියක්, එහෙමත් නැත්නම් සිංහල කතාකරන කෙනෙක් හමුවුනාමත් එහෙම තමන්ගේ බවක් දැනෙනවා. ඒ විතරක් නෙවේ පැණි වළලු, මුංගුලි වගේ කෑමක් දැක්කාමත් ලංකාවෙ පයගහල ඉන්නවා වාගේ හැගිමක් තමයි දැනේනේ..

    මූන්ගේ රටේ.. එක්සත් ජාතීන්ගේ දිනයට මුල්තැනක් ලැබෙනවා ඇති නේද

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඔව් . මුන් මහත්තයා කොරියාවෙනේ . මේ ඉතින් ඒගොල්ලන්ගේ සංවිධානේ මෙහෙ තියන ඉස්කෝලේ . මේ ජාතියේ ඉස්කෝල ලෝකෙටම දෙකලු තියෙන්නේ .

      Delete
  22. ෂා...ලස්සන ළමා සාරි දෙකක් මහලා තියෙන්නේ පොඩි දෙන්නට. මමත් ආසයි ළමා සාරියට. දැන්නම් අපි බැඳලා හින්දා අඳින්න බැහැ නේ...හැබෑට බැන්දට පස්සේ ළමා සාරි අඳින්න බැරිද? :)

    ReplyDelete
    Replies
    1. කෝ කවුද සයුරිට ළමා සාරිය අඳින්න එපා කිව්වේ ..ඇත්ත නේන්නම් බැඳපු අය අඳිනවා මන් දැකලම නැහැ .

      Delete
  23. පොඩ්ඩො දෙන්න දැක්කාම නම් හරිම ආදරේ හිතුනා..
    පිටරටකදි තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක් නේ..

    ReplyDelete
  24. කෑම ටික දැක්කාම නම් කටට කෙළත් ආවා. ෆොටෝවලින් හුඟක් ආසා හිතුණේ ප්‍රින්සිපල් ළමයි එක්ක ගිටාර් එකක් වාදනය කරන ගමන් සිංදු කියන එකට. ලංකාවේ නම් ප්‍රින්සිපල් කිව්වාම ඔළුවට එන්නේ බොහොම වස චරිතයක්නේ

    ReplyDelete