Saturday, 10 November 2012

පලවෙනි දෙවෙනි ..

අකුරු එක දෙක හිමින් අලවා

එලිසමට පද ගලපලා

දැක්ක දවසේ ඉඳන් අපමණ

සිත පුරා කවි ඇමිණුවා


මාත්‍රා පටලැවී වැරදි

යවහනුත් පරහට තියා

ලිව්ව පද වල මිහිර මදිවද

දිනෙක ඔහු යන්නම ගියා


එකට ගුලි කර ගත්ත කවි ටික

පාරටම  විසිකර දමා

බාල්දිම හත අටක් කඳුලුත්

යන්තමට  හිත සේදුවා


විසිකරපු කවි එකතු කරගෙන

දොර ලඟට ඇවිදින් ඔයා

පටලවුන පද අවුල් අරිනට

මාස තුන හතරක් ගියා


දිග ඇරපු කවි අකුරු  අඩු වී

කොහොමවත් ගලපනු බැරි

සුළඟ  අරගෙන ගිහිල්ලා වැනි

කොහෙද ඉස්පිලි පාපිලි


දමා මල්ලක ගැට ගසා කට

කුණු ගොඩට විසිකර දමා

ලියමු අලුතින් අලුත් කවියක්

තව ලියන්නට ඉඩ තියා



පුටු කකුල් යට සිරවෙලා ඇත

අ'යන්නෙන් ගැලවුන පිලි

මගේ වරදක් නොවේ මයි එය

නොසේදුව කඳුලයි පලි .....




 සටහන ...

පහුගිය සතියේ ලෙඩ මුඩ් . මන් ලෙඩ වුනා . ළමයි ලෙඩ වුනා . ලියන මුඩ්  තියා උයන කන මුඩ් වත් නැති වුනා .

ඔන්න ඔය උන විකාරෙන් වගේ පසුගිය දවසක මේ කවි කෑල්ලක් ඔලුවට ආවා . කොටින්ම බාත්රුම් එකේදී . බාත් රුම් එක කියන්නේ කවි සිතුවිලි පහල වෙන හොඳ තැනක් .

ඔන්න ඔහේ අද එහෙන් මෙහෙන් ගැට ගහල ලියල දැම්ම .



73 comments:

  1. මොනවා කියන්නද??? ඔහොම තමා...එහෙම නොවෙන්න මැරිලා ඉපදෙන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාට තේරුනා

      Delete
  2. හෘදය කම්පාවකට පසු :)

    හිතේ හිරවුන
    කවදාවත්ම නොලිව්ව කතන්දර
    කවදාවත්ම නොකී කවි
    ඔක්කොම එලියට විසිකරලා
    දවා හළුකර
    සුනු විසුනු කර මතකයන්
    නිදහස් වෙන්න
    දැන් ඔනෙ මට

    ඇති යාන්තන් මෙයා බ්ලොග් පෝස්ට් එකක් ලියලා :)

    ReplyDelete
    Replies
    1. අපි තුවක්කුවට බයයි නංගියේ ....

      Delete
    2. එහෙමෙයි? ඔහේලා බය බව දැනගත්තු එක හොඳා තර්ජනේ කොරලා එපැයි මෙකේ යමක් ලියවගන්න :)

      Delete
    3. ඇයි අර 'අහස් ගවුව' කියන බ්ලොග් එකත් දැන් දැන් ඒ වගේ තමා.. කවුද මන්දා ඒක ලියන උන්දෑ යලට (මහට?) තමා ඒක ලියන්නෙ.. :P

      Delete
    4. අපි නම් තුවක්කුවලට බය නෑ ටීජී...තුවක්කුවක් තියනවා නම් කියනදේ අහන්නේ නැති අයව, දුටු තැන , වෙඩි තියනවා...:D:D:D

      Delete
  3. හ්ම්ම්.. කවි සටහනක්..!

    ReplyDelete
    Replies
    1. කවියක් වගේ එකක්

      Delete
  4. උණ විකාරෙන් ව‍ගේ ලියපු කවියක් බව පේනවා.. :P

    ReplyDelete
  5. පෙර ලෙස පැහැ බර නොවුණිද නලලේ තිලකේ???

    ReplyDelete
    Replies
    1. මක්කයි දොඩන්නේ තිස්ස අය්යා ???

      Delete
    2. උන්නැහැ ඉතිං 'දොඩන්ගොඩ' නොවැ.. දොඩන් නැතුව කොහොමෙයි.!? :)

      Delete
    3. බුරා ..මොකක්ද සිංහල කොටන්න පාවිච්චි කරන්නේ . ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන් වල මට ඕන විදිහට වචන සේරම ටයිප් කරන අමාරුයි.

      Delete
    4. I just use 'wijesekara' keyboard.. type in notepad & copy-paste.. simple plan.. :-)

      Ps: never used any transliteration s/w..

      Pps: sorry for typing in English.. I used my phone this time..

      Delete
    5. ඒ කවියෙ ලොකුවට ඇති දෙයකුත් නෑ...ඒත් ලස්සනයි
      පුටු කකුල් යට සිරවෙලා ඇත

      අ'යන්නෙන් ගැලවුන පිලි

      මගේ වරදක් නොවේ මයි එය

      නොසේදුව කඳුලයි පලි .....

      කොහොමත් ඒ ටිකට මම ආසයි...
      ඔයාට ඕනෙ විදියට මේ ලින්ක් එකෙන් ලියන්න පුළුවන් ද බලන්න..
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    6. බින්දි මේන් මේක පාවිච්චි කොරල බලන්න........

      http://www.subasa.lk/keyboards/phonetic.php


      හැබැයි ඉතින් කොපි පේස්ට් තමා

      Delete
    7. ස්තුතියි චේජනා ,

      මාත් ඒ කොටසට කැමතියි.

      ලින්ක් එක ට්‍රයි කරන්නම් .

      Delete
    8. ස්තුතියි නිශ් ..මන් එයත් බලන්නම්

      Delete
  6. මටත් නව අදහස් එන්නෙ බාත් රූම් එකේදි තමයි. කොටින්ම අලුත්ම ලිපිය, ලිව්වනම් හොඳයි කියලා හිතුනෙත් බාත් රූම් එකේදි...

    ReplyDelete
    Replies
    1. ජය වේවා !!!බාත් රුම් ලේඛක පරපුරට

      Delete
    2. ඔයාලට මෙහෙම වෙලා නැද්ද...මොකක් හරි ගාණක් හද හදා ඉන්න අතරේ බාත් රූම් එකට ගියොත් පටස් ගාලා සොලියුෂන් එකක් මතක් වෙලා නැද්ද? :)

      Delete
    3. බාත් රුම් එකේ ගණන් ..සයුරි ගණන් කාරිනේ . මන් ඉතින් ඔය විභාග වලට ඇරෙන්න ගණන් වලට එච්චර මනාපයක් නැහැ නොව . ට්‍රයි කරලම නැහැ .

      Delete
  7. ලෙඩ මුඩ් ලියන මුඩ් උයන කන මුඩ්

    මරු මූඩ්

    ReplyDelete
    Replies
    1. මට නැතිම මුඩ් එක තමයි මහන මු...ඩ්

      Delete
  8. පිරිමි අපිටනම් ලෙඩමූඩ් උනාම..විවේකයකුත් ලැබෙනවා. ඇඳට වෙලා විවෙකයෙන් ඉන්න නිසා..ගෘහණියන්ට ඕක අඩුවෙන්නෙ ලැබෙන්නෙ.ඔන්න උයාපිහාගන්න ස්වාමියෙක් බින්දිටත් ලැබුනානම්...ලෙඩ මූඩ් වලට විවෙකයක් ගන්න තිබ්බ.
    කොහොම උනත් ඒ අස්සෙත් කව් සිතිවිලි පහල වීම නම් අගනේය.

    ReplyDelete
    Replies
    1. කඩෙන් කඩෙන් ...උයන්න බැරි වුනාට කඩෙන් ගෙනත් දෙනවා . ..අම්මෝ මෙයා නැතුව වෙන ස්වාමියෙක් එපෝ ...

      ඇත්තටම දවස් කීපයක් ඉව්වේම නැහැ .

      ලෙඩ වුනහම ටිකක් ඇඳක ඉඳන් සිතන්න පුළුවන් . වැඩේ ඉතින් ආයේ නැගිට්ටම ඒවා මතක නැහැනේ

      Delete
    2. නෑ නෑ මම අදහස් කලේ....මහත්තයාට පුරුදු කරල ගන්න එපායැ..හදිසියකට බතක් කාරිය උයාගන්න.

      Delete
    3. අය්යෝ සංසාරේ යන්තන් තේ එකක් විතරයි හදන්නේ . මන් විතරය . අපේ කෙල්ලොත් ට්‍රයි කළා බිත්රයක් වත් බදින්න කියා දෙන්න . ලිප ලඟට වත් යන්නේ නැහැනේ .

      Delete
  9. අපූරුයි උණ විකාරෙන් හරි කවි පෙලක් ලියැවීම...

    යවහනුත් පරහට තියා

    මේ පදයෙ අර්ථය කුමක්ද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. සිරා අහල නැද්ද යවහන් දෝෂය ගැන . මාත් ඕක අහල තිබුනට වැඩිය ගණන් ගත්තේ නැහැ . හද පතුල ලියන චතුර තමා ඔය ගැන පැහැදිලි කලේ හරියටම .

      කවියක අග අකුර ය , ව ,හ හෝ න් වෙද්දී ඊට කලින් අකුර එකම වෙන්න ඕන පද හතරේම . ටිකක් අමාරුයි . අදට නොගැලපෙන ගතියකුත් තියෙනව .

      Delete
    2. ඒ බැව් පළමු වතාවට දැනගත්තෙ... ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට...

      Delete
  10. උණ විකල්ලෙන් කතන්දර එහෙම ලියන්ට හිතෙන්නේ නැද්ද? :D

    ReplyDelete
  11. පොඩි ...අය්යෝ කතන්දර නේද .විවිධාකාර ඒවා හිතුනා . ඒ වුනාට දැන් ඒවා මතක නැහැනේ ..

    ReplyDelete
  12. ලස්සනයි කවි ටික...ලෙඩ උනාම මටනම් හිතන්නවත් බෑ කවි ලියන්න, ඇඳටම වෙලා ඉන්නවා මිසක් :)

    ReplyDelete
    Replies
    1. තවම ඉතින් ලෙඩ වුනහම ඔලුව අතගගා ඉන්න ස්ටේට් එකේනේ ඕගොල්ල ..නේ

      Delete
  13. හහ් හහ් හා. බාත් රූම් එක කියන්නෙ කලාගාරයක් කියලා මම කියන්නෙ ඕකයි. කවි සිතුවිලිද, බ්ලොග් පෝස්ට් ද, නව නිපැයුම්ද. අපි බාත් රූම් එකට සලකනවා මදි.

    මගෙ කවි පබැඳුම් නම් බින්දිගෙ වගෙ හරි නෑ.

    දැන් සනීපයිනෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දැන් සනීපයි සනීපයි...අපි නොදන්නවය ..අර සිරාගේ බ්ලොග් එකේ දාපු මුත්‍රා ගැජට් එක අනිවා බාත් රුම් සංකල්පයක් ...

      Delete
    2. ඇයි කැරපොත්තො ෆ්ලෂ් කරන්ඩත් පුළුවන්නෙ.. :-)

      Delete
  14. ලෙඩ මූඩ් වුවත් බාත් රූම් සංකල්පයක් වුවත් මේ පද පේළි මගේ හිතට තදින්ම වැදුණා..
    //මාත්‍රා පටලැවී වැරදි

    යවහනුත් පරහට තියා

    ලිව්ව පද වල මිහිර මදිවද

    දිනෙක ඔහු යන්නම ගියා //

    හද කම්පා කරවන්න සමත් පද ටිකක් ...
    ඔයට ජය සතුට සදා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ..

      Delete
  15. අඩේ මෙන්න මෙයා පෙං කවි ලියලා! :D මගෙත් තියනව බොලඳ පෙං කවි ටිකක්, කාටවත් පෙන්නන්න ලැජ්ජයි. මේ වගෙ හරබර නැහැ.

    ReplyDelete
    Replies
    1. ලියන්න මෙයා . අපි හිනා වෙන්නේ නැහැ . අනික මේ දවස්වල පුෂ්කින් කියන පෙම් කවිත් ඇතිනේ ...පුස් ලව් ....

      මෙව්වා පෙම් කවිද ..අම්මෝ ඉස්සර ලිව්ව එව්වනේ හෙන රොමැන්ටික් . මේ පාර ලියුම් ටික සොයාගෙන එන්න ඕන

      Delete
    2. අර අහි0න්සක මනුස්සයා බ්ලැක්මේල් කරන්නෙ නැතුව ඉන්න බින්දි :)

      Delete
    3. කවුද ටිජි .. එයා පෙම් කයි ලිව්වේ නැහැනේ . මන් තමා ලිව්වේ . ලියුම් මිටිය තියෙන්නේ එයාගේ කබඩ් එකේ . ඒගොල්ලන්ගේ ගෙදර උදවිය කියන පරිදි ඒ කබඩ් එක ''බොක්ක ''

      Delete
  16. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්.. :)

    ReplyDelete
  17. උණ විකාරෙන් ලිව්වා වුනාට එකේ අමුතුම කික් එකක් තියනවා....උණ විකාරේ ඔලුවට ගහපුහාම, එතකොට ඔලුව කොහේ හරි වැදුනාම ඔහොම කවි සිතුවිලි පහල වෙනවා, වැඩේ කියන්නේ එහෙම පහල වෙන එව්වාවල ගතියක් තියනවා. සිරාවටම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල ..පැතුම් ටත් එහෙම වෙලා තියේද

      Delete
  18. බාත්රූම් හිතිවිලි නම් නියමයි.
    බින්දිගේ ලිවීමත් දැන් අඩු වේගෙන යනවා නේද?
    අපෝ ඔය උණ නම් මතක් කරන්න එපා ඇඳෙන් බහින්නවත් බැරි තරමට මාවත් අසරණ කරලා.

    ReplyDelete
    Replies
    1. හුඟක් කාලෙකින් මෙහෙම ලෙඩක් හැදුනේ . සරත් සුළඟ එන්නේ ලෙඩත් එක්කමයි

      Delete
    2. සරත් කියන්නේ වින්ටර් එකටද?

      Delete
    3. Autumn ....සිසිර කියන්නේ වින්ටර් එකට . වසන්ත කියන්නේ ස්ප්‍රින්ග් ..

      Delete
  19. අර අන්තිම කවියට එද්දී එක පාරට ෆිල්ම් එක මගින් ඉවර උනා වගේ උනා. අන්තිම කවිය තෙරුනේ නෑනෙ :(

    ReplyDelete
    Replies
    1. අය්යෝ ගණන් ගන්න එපා මුහුදු ..උන උන

      Delete
  20. කවියේ සරල අදහස වගේම කවියට අදහස් පහළ වුන තැනත් නියමයි. ඇත්තටම බාත්රුම් එකේ දොරවහ ගත්තාම කල්පනා සයුරක්. මනෝ ලෝකයේ ඇවිදින්න කියාපු තැන. ගියක් මුමුනන්න, ගියක් ලියන්න අදහස් ගලපන්න, නියම තැන.

    ReplyDelete
    Replies
    1. ඔව් කලබලයක් නැති වෙලාවක නම් හොඳම නිදහස තියෙන්නේ එතන . අපේ ගෙදර බත් රුම් එකේ ගී මුමුනන්නේ අපේ බනියා .

      Delete
  21. ලස්සන පැදි පෙළ - මටත් කවි ලියන්න බැරි වුනාට රස වින්දනය නම් පුළුවන්.....

    ReplyDelete
    Replies
    1. එච්චරයි වැදගත් ..රස විඳීම

      Delete
  22. අපූරු කවි පෙළ...

    ලියපු කවියක පද පේළි විසිරුණාට පස්සෙ හරිම අමාරුයි ඒක ආයෙම හරි ගස්ස ගන්න එක. අළුත්ම කවියක් ලියන එක තමයි වඩාත්ම හොද? ඒත් ඉතින් ඒකට හිත හදා ගන්න එකත් කොයි තරම් අමාරුද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි තරු ..මේ ඉතින් මගේ ස්වරුපය නම් නෙමේ . මන් ටිකක් වෙනස් . ඔය පරණ ඉතුරු බිතුරු තියාගෙන හදවත හුරගන්න ජාතියේ නෙමේ . ඒ වුනාට ඉතින් විරහ ගී වලට කැමතියි.

      ඇත්තටම මේකට පසු සටහනක් ලියන්න හිතුවේ නැත්තෙත් කවිය විවිධ විදිහට හිතාගන්න .

      ඔන්න මේක දැක්ක ගමන් මුණු පොතේ යාලුවෙක් ඇහුවා මේක ඔයාගේ අත්දැකීමක්ද කියල අහයි කියල .

      හැබැයි කියන්න හරිම සතුටුයි මෙතනට එන්නේ ඊට වඩා රස භාවයන් ඇති මිනිස්සු වුන එකට . නිර්මාණකරුවා නොව නිර්මාණය දිහා බලන්න කියන එක දන්නා උදවිය .

      Delete
  23. අපූරු කවිටික.. හිතුවිලි එන්න ඇත්තෙ වතුරෙ ඉන්නකොටයි..
    මට කවි සිතුවිලි එන්නෙ රෝද හතර උඩ යනකොටයි කෝ ඉතින් කොහොමෙයි ලියන්නේ > හැබැයි සින්දු කියවෙනවා නානකොට.. වටෙ පිටෙ අය මිනියක් මරනව කියල බයවෙයි කියාල හාමිනේ දොරට ගහල කියනවා ඕෆ් කරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. අය්යෝ එයා තාම ඔයාගේ හැකියාවන් අඳුනගෙන නැතුවද .

      ඔන්න රෝද හතර පාර අයිනකින් නවත්තලා සිතුවිලි ටික ලියාගන්න . හැබැයි ඔහේ හයි වේ වල නවත්තන්න තැනක් එද්දී සිතුවිලි අමතක වෙනවනේ .

      Delete
    2. පොඩි ටේප් රෙකෝඩර් එකක් තියා‍ගෙන ඩ්‍රයිව් කරන ගමන් හිතට එන හැමදේම ඒකෙ රෙකෝඩ් කරගන්න.. පස්සෙ බැරියැ එඩිට් කරන්න..

      Delete
  24. බාත් රූම් එක කියන්නේ කවි සිතුවිලි විතරක් නෙමේ දාර්ශනික සිතුවිලි වගේ ඒවත් පහළ වෙන තැනක් අක්කේ

    ReplyDelete
    Replies
    1. ආනේ හසිත දැක්කේ නැද්ද .මාරතුමාට පහල වෙලා තියෙන අදහස් . දැන් වැඩ අඩුයි වගේ . සතුටුයි ආයේ දකින්න ලැබුනට

      Delete
  25. සිත පුරා අමුනා සැදූ ඔබේ
    ප්‍රේම කවි ටික දකින්ටා
    සිතට පිවිසුනි පුංචි හැඟුමක්
    ඔබේ මේ පද කියවලා

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි මුතු පබා

      Delete
  26. මට නම් ඔය බාත්රූම් ඇතුලේදි මෙලෝ කවි සිතුවිල්ලක් හිතට එන්නේ නෑ නේ.ඒ මොකද කිව්වොත් මම අඩුම කාලයක් පාඩිචිචි කරලා කරන වැඩේ තමා ඔය.. ගියෝ ආවෝ..හික්ස්ස්

    ReplyDelete
    Replies
    1. අපේ දිහාත් සිටි ඔයින් කෙනෙක් ..

      Delete
  27. මට මේක මඟ හැරිලානෙ. නියම කවි ටික බින්දි, ස්තුවිලි පහල වෙච්ච තැනත් අපූරුයි. අර පෙම් කවි ටික නම් කොහොම හරි ඕනේ ඔන්න.

    ReplyDelete
    Replies
    1. හරි අක්කේ හොයල ගේන්නම් මේ පාර

      Delete