Saturday, 17 November 2012

ඇපල් සහ පපඩම්

     
       මෙහෙ උදවිය නවින තාක්ෂණය ඉක්මනින් වැලඳ ගන්නවා .


  ඕනම පොඩි කෝපි කඩේක වයිෆයි ඉන්ටර්නෙට් නොමිලෙ .

 හැම කෙනාගෙම අතේ සෙල් ෆෝන්. එව්වත් නිකන්ම එව්වා නෙමේ. ඉස්තරම් එව්වා. බොහොම පොඩි රස්සාවල් කරන අය ගාවත් මිල වැඩි ෆෝන්.


මේ අතරිනුත් අර ඇපල් කොටේ ලකුණට තමයි වැඩි කැමැත්ත.


මෙව්වා එක්කො අලුත් . එහෙම බැරි අය සෙකන්ඩ් හෑන්ඩ් ඒවා.

අයි ෆොන් අයි පෑඩ් කියන්නෙ හරිම සාමාන්ය දේවල්.

මුදල් ඉතුරු කිරිමට වඩා මෙ වගෙ දේවල් වලට සහ ඇඳුම් පැලඳුම් වලට මේගොල්ල වියදම් කරන බවයි පේන්න තියෙන්නෙ.

පරණ පරම්පරාවල් ඇමරිකාව ප්‍රතික්ෂේප කලත් අලුත් පරපුර ඇමරිකන් දේවල් වලට බොහොම කැමතියි.


          පුන්චි පාරවල තියෙන පොඩි කඩ වල පවා අයි ෆෝන් කවර. පාට පාට ඒවා. එච්චර ගොඩක් කවර විකුණන්න අයි ෆොන් කොච්චර තියෙන්න ඕනද.



එහෙව් එකේ ඇමරිකාවෙ පඳුරකට පයින් ගැහුවම අයි ෆෝන් විස්සක් විතර විසි වෙන්න එපාය. ඔන්න මෙ ලඟදි රාජකාරි වැඩකට ඇමරිකන් කාරයෙක් ඇවිත්.

    ඉතින් එයත් එක්ක කතා කර කර හිටපු මන් දන්නා කෙනෙක් කිව්වලු මෙහෙ නම් හරියට අයි ෆොන් තියෙන වග. 


''ආ ඇත්තද ''

මිසක් මෙයා එච්චර ගණන් අරන් නැහැ .

ආයෙම කිව්වලු මෙහෙ එද්දි අයි ෆොන් අරන් ආවොත් විකුණන්න පුලුවන් කියල.


එතකොට නම් ටිකක් සිරියස් මුණක් හදන් කිව්වලු


''අපරාදේ මගෙ ෆෝන් එක ඇපල් වුනා නම් විකුණල යන්න තිබුණා '
කියල. . . .


ඒ ඇමරිකන් කතා .





ඔන්න තව දවසක් ආවලු ඉන්දියන් කාරයෙක් [ කාරයා යනු අපහාසයට කියන ලද්දක් නොවන බව සලකන්න]


ඩුඩ් ගෙ ඉන්දියන් කතා කිය්වල මට මතක් වුන එකක් මේ.


  ඉතින් මේ මනුස්ස්යා කිව්වලු රාත්‍රි කෑමට ඉන්දියන් කඩේකින් කෑම හෝටලයට ගෙනත් ඩෙන්න ලෑස්ති කරල දෙන්න කියලා.


 මන් දන්න කෙනාත් එයා දන්න ඉන්දියන් කඩේකට කතා කරලා ඕඩරේ දෙන්න හදන කොට මෙයා කියනවලු කෑමත් එක්ක පපඩමක් එවන්න ඒකට සල්ලි ගන්න එපා කියන්නය කියල.


පස්සෙ දවසේ ඇවිත් කියනවලු



''එගොල්ලො පපඩමටත් බිල දාලනෙ''





P.S.

අද නම් කියවන්න එච්චර දෙයක් නැහැ තමයි. දවසම ගෙදර හිටියෙත් නැහැ. හෙටත් ගමනක් යන්න තියෙනවා. ඒ වුනත් කමෙන්ට් වලට උත්තර නොදි කෙටුව පෝස්ට් එකකුත් නැතැයි කියල අනින ටොකු වලට හෙල්මට් එකක් නැත්නම් කිරි ගොටු තොප්පියක් වත් දාගන්න එපාය.

69 comments:

  1. මටනම් පේන්නෙ මාරයට බයේ දපු පොසට් එකක්ද කොහේද..!

    කොහෙන් ගියත් අමරිකාව වැලඳගන්නම වෙනව..තාක්ෂනයත් එක්ක.

    ReplyDelete
  2. ඇමෙරිකන් කතාව මට තේරුන්නෑ..

    ඉන්දියන් කතාව ගැන ඉතින් ආයෙ කියන්න දෙයක් නෑනෙ.. ඕකෙ පුදුම වෙන්ඩ තියෙන්නෙ ඌ පපඩමටත් සල්ලි ගෙව්වනම් තමා..

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් කතාව සෙන්නා ..මුන්ට තියෙන තරම් අයි ෆෝන් පිස්සුවක් ඇමරිකන් කාරයටත් නැති එක

      . ඔව් අප්පා විලි ලැජ්ජාවයි ඉන්දියන් උන් එක්ක ඔය වගේ ගනු දෙනු . අපටම වුන ඒවාත් අනන්තයි. හැබැයි සමහර යුරෝපිය ගෑනුත් ඉන්නවා ඔයිට දෙවෙනි නැහැ

      Delete
    2. බිංදු, සෙන්නා,

      වෙන් අයි වෝස් ඉන් නිව්යෝක්.... ඇත්තටම ඕගුල්ලන්ට කියන්න අනේ නිව්යෝක් වල ඉන්න කාලේ මටත් තිබුනා ඔය වගේ අද්දැකීම්. ඇයි ඉන්දියන් අය එහෙම වෙන්නෙ... අපේ අය නං තැනේ හැටියට සුටුස් ගාලා වෙනස් වෙනවනේ.....!

      Delete
    3. අයි ඩෝන්ට් නො වයි චුටි මහත්තයා .

      Delete
  3. අම්මේ පඳුරට ගැහුව්වම විස්සක් විසික් වෙනවද?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Link nangi aapahu awith

      Delete
    2. මන් එහෙම හිතුවට එහෙම නැහැ ගයානි

      @ ඇනො...ලින්ක් ගැන මගෙ අර්බුදයක් නැත

      Delete
  4. පුංචි රස කතා දෙකක්.
    ඔය ටොකු ගණන් ගන්න එපා. අපි වගේ ඉන්න... :D

    ReplyDelete
    Replies
    1. ගල්[ බුල් ] තොප්පියක් දාගෙන ...

      මේ ඉතින් පොඩි පොරොන්දුවක් .

      Delete
  5. බලනකොට දෙගොල්ලම අතර වෙනසක් නැ...
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ජයම වේවා නලින්

      Delete
  6. කට්ටියට අතීතය මතක තියෙනවා නම් ඇපල් තියා ගනීවි අතේ නේද බින්දි අක්කා..හි හී ලංකාව වගේමද කොහෙද..ලංකාවෙත් බලන්න එපායෑ. අමතර පංති යන පොඩි නංගිලාගේ මල්ලිලාගෙ අතේ තියෙන්නෙත් අයි ෆෝන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තට අපේ රටෙත් එහෙමද . කොහේ තියෙන සල්ලිද මන්දා . මට නම් ලෝබයි ෆෝන් එකකට ඔය හැටි වියදම් කරන්න

      Delete
  7. පුංචි රස කතාවක් වුණත් හොඳටෝම ඇති :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  8. මේ සෙනසුරාදානං හොඳයි.. හැබැයි මං ගෙදර හිටියේ නැහැ... :D

    ReplyDelete
    Replies
    1. ඕං තෝ නාහෙන් අඬන නිසා මාත් අද එකක් දැම්මා , පුලුවන් නම් ගිහින් පොසිටිව් කමෙන්ට් එකක් දීපන් :p

      Delete
    2. අපි මෙයාට බයේ ...

      Delete
  9. යන්තම් වියට්නාම් කාරයො හරි පාරට වැටිලා , අපේ අයිෆෝන් බදාගෙන කැලේ පනින්න දඟලනවා

    ReplyDelete
    Replies
    1. මේගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්ති නම් කොහොමද මන්දා . කොයි රටත් එක්කත් අවුලක් නැහැ වගේ . උඩහින් තමයි පොඩි පොඩි කරදර .

      samsung ෆෝන් මෙහෙ හදනවත් එක්ක .

      Delete
    2. ඒවා නං කැත වැඩ. බුවා ඉන්දියන් කාරයින් ගැන වචනයක් කියලා නෑ. :P

      Delete
    3. @බුද්ධි අත්හැරලා දාල ටිකක් කල් මචන්, බ්ලොග් අවකාශේ වැඩිපුර ඉන්දියන් කාරයින් ගැන කථා කරන්නේ මැද පෙරදිග ගිහින් ඉන්න කට්ටිය , ඒ අයගේ අත්දැකීම් එක්ක වාද කරන්න මට අත්දැකීම් නැහැ නොවැ. මේ සිද්දියෙ නම් කොහොමත් විශේෂ වරදක් මම දකින්නේ නෑ . සාමාන්‍යයෙන් පපඩම් කියන්නේ වෙනම ඇණවුම් කරන දෙයක් නෙවෙයි මම දන්න තරමින් . මැතකදි බටහිර රටක ඉඳන් ආපු මිත්‍රයෙක් කීව දෙයක් : " මචන් ඉන්දියන් කාරයො කොහේ ගියත් උන්ගේ ක්‍රමය වෙනස් කරන්නේ නෑ , උන්ගේ සමහර සක්කිලි වැඩ මටත් අල්ලන්නේ නැ තමයි එත් පරම්පරා දෙකකට පස්සෙ ඉන්දියන් කාරයින්ගෙ පොඩි උන් හින්දි , පන්ජාබි , මරාත් කථා කරනකොට , ........ ගිහින් මාස දෙකෙන් මවුභාෂාව ඉංග්‍රිසි වෙච්ච එවුන් ගාණට අමුතු ඇක්සන්ට් එකකින් සිංහල කථා කරන අපේ එවුන් එක්ක බලන කොට උන් ජාතියක් විදිහට ඉදිරියෙන් ,සක්කිලි ගති නැති එවුන් අඳුරගන්න පුලුවන් නම් ආශ්‍රය කරන්න බැරි කමක් නෑ "

      Delete
    4. හොඳ ඉන්දියන්ලා සිටි. හොඳ නරක සාපෙක්ෂයිනේ . ජාති ආලේ නම් මන්දා . ආපහු ඉන්දියාවට යන්න වෙයි කියල නම් ඒගොල්ල බයයි .

      මගේ හොඳ ඉන්දියන් යාළුවො ඉන්නවා . ඒ වගේම මේවගේ රටකදී ඉන්දියානුවෙක් වුනත් දැක්කම තමන්ගේ කියල පොඩි හැඟීමක් එනවා .

      මේ ඉතින් හිනා වෙන්නනේ . තරහකටය . අනික මෙයා සත පනහට ලොබ කම් කරන්න ඕන මිනිහෙකුත් නෙමේ . ලොකු රස්සාවක් කරන කෙනෙක් .

      මෙහෙ පපඩම් නිකන් නොදේ. අනික මෙතන වැඩේ ඊළඟ දවසේ ඒ ගැන කුරු කුරු ගාපු එක .

      Delete
    5. බින්දි අක්කේ මේක බුද්ධි සහෝට උත්තරයක් විතරයි , මියුසික් , ෆිල්ම්ස් ක්‍රිකට් සහ පොලිටික්ස් වලදි හැර ඉන්දියානුවන් ගැන බ්ලොග් අවකාශෙදි කථා කරන්නේ නැ කියන මතයේ ඉන්නේ , බුද්ධිය අහපු නිසා උත්තරක් නොදී බැනේ . මෙතනින් පස්සෙ එහෙමත් නෑ

      Delete
  10. දැන් මේ වගේ පුංචි ‍පෝස්ට් එකක් දාලා ටොකුවලින් බේ‍රෙන්ටද හිතා ඉන්නෙ.?? :P

    ReplyDelete
  11. ඇමරිකාවටනම් ඇපල් එපා වෙලා තියෙන්නේ දැන්.අලුත් අයි ෆෝන් එක චා උනානේ :)

    ReplyDelete
    Replies
    1. අයිෆෝන් නම් කොහොමත් චා , ඇන්ඩ්‍රොයිඩ් එක්ක හැරෙන්න වත් බැ , හැබැයි ඉතින් ඉනෝවේශන් කියල අඟලක් දික් කරල දුන්නත් ගන්න උන් ඉන්නවනේ . දැක්කනේ මේ පාරත් ප්‍රී ඔඩර්ස් ආපු හැටි

      Delete
    2. ඇත්තටම සයුරි ඔහේ මොකක්ද වැඩිය ජනප්‍රිය

      බුවා ඒක තමයි අපි android .

      Delete
    3. හ්ම්ම්...මේ දවස්වල ගූගල් නෙක්සස් නැගලා යනවා. ගැලක්සිත් ජනප්‍රියයි. ඇපල් වල බොරු ගණන් අනේ :(

      Delete
    4. ඒක තමයි. ඇපල් මේනියාව එහෙත් නැතුව ඇති මෙච්චර

      Delete
  12. පපඩම නිකන් නේද දෙන්නෙ ඕන තැනක....

    ReplyDelete
    Replies
    1. තාලියක් වගේ ගත්තොත් පපඩම අයිතියි . නැත්නම් වෙනම ඕඩර් කලොත් ගෙවන්න ඕන . අපිට වගේ පපඩම් මෙහෙ නැහැනේ . කඩවලට ඉන්දියාවෙන් ගෙන්නනව ඇත්තේ මාතලන් .

      Delete
  13. ඇපල් අයිෆෝනුත් නිකං චීන හෝටල් වගේ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි ..අනික් රටවල මෝස්තරයක් වුනාට ඇමරිකාවට එච්චර ගානක් නැතුව ඇති .

      Delete
  14. මමත් ෆෝන් කතාවක් ලියන්න පටංගත්ත බින්දි. නමුත් වෙන ආරක එකක්. අර මළවුන්ගෙ මාසෙට ලියන එකක්.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන එකක් වගේ

      Delete
  15. ඉන්දියන් උන්නම් නම් ඈක්කා.....

    වඩාත් හොදයි වියට්නාම් ජනජීවිතය ගැන ටිකක් ගැඹුරට ලියන්න පුළුවන්නම්.

    ReplyDelete
    Replies
    1. ලියන්න නොයෙක් විට කල්පනා වෙනවා සුමිත්. කාලෙකින් එහෙම එකක් ලිව්වේ නැහැ තමයි

      Delete
  16. ඔය බහුතර ඇපල් චයිනා.... මෙහෙත් සෑහෙන්න ඔය තියෙන්නෙ...

    කථාව පොඩි උනාට කමක් නෑ නිතරම නෙළුම් විලේ මල් පිපෙනවා නම්... යන්න ඉන්න ගමන අස්සෙ ෆොටෝ කෑලි දෙක් තුනක් ගහගෙන එන්න...අපිට..

    ReplyDelete
    Replies
    1. පොටෝ නම් ගැහුවා සැහෙන්න . ෆෝන් එකෙයි කැමරා එකෙයි දෙකේම . හැබෑටම ලස්සන ට්‍රිප් එකක් . ඉක්මනින් දාන්නම්කො

      Delete
  17. බින්දි .,.,ඇත්ත් තමයි. අපේ අළුත් පරම්පරාවත් ඔයිට වෙනස් නෑ මම හිතන්නේ. රැකියාවක් නොකරත් හැමෝම අතේ නවීන පන්නයේ ජංගම දුරකථන .

    ReplyDelete
    Replies
    1. ජංගම දුරකතනය අත්‍යාවශ්‍ය එක ඇත්ත . අළුත්ය රතු රජරට අපේ අම්ම ගාවත් මොබයිල් ෆෝන් එකක් තියෙනව .

      Delete
  18. ඇමරිකාව මහලොකු සාධකයක් කර ගත්තේ නැතුවට කමක් නැහැ. හැබැයි අපේ රටට අපි හදන ටික විකුණ ගන්න වෙන කෙනෙක් ඉන්නව නම්. මොන එකෙක්වත් ඇමරිකාව තරම් අපිට ඒ වැඩේට උදව් කරනව්ද? ඒත් අපි ඇමරිකන් විරෝධී. වියට්නාමයට තේරුන ඇත්ත අපේ ඇත්තන්ට කවදා තේරෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් විරෝධී වෙන්න නම් හේතුවක් නැහැ තමා

      Delete
  19. ඉන්දියන් කුණු ලොබයෝ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ,බොහොමයක් . හැබැයි අසරණයා අපට වැඩිය හම්බ වෙන නිසා අපි උන්ව දන්නවා . සමහර යුරෝපිය ගැහැණු උදවිය දැන් දැන් ඒ විදිහමයි . ආර්ථිකේ නරක නිසාද මන්දා

      Delete
  20. නිතිපතා පෝස්ට් දැමීම හොඳයි.

    මෙතන කතන්දර දෙකක්! ඇයි දවස් දෙකකට නොදැම්මේ?

    ReplyDelete
    Replies
    1. ආනේ කතන්දර වලට ලෝබ වෙන්න පුලුවනිද

      Delete
    2. හෙහ් හෙහ්.. කතන්දරත් ඉන්දියන් කාරයෙක් වගේ බලන් ගියාම. :-)

      Delete
    3. හික් ...මන් ඕක කියන්නත් හදල නිකා හිටියා

      Delete
  21. /* ඔන්න තව දවසක් ආවලු ඉන්දියන් කාරයෙක් [ කාරයා යනු අපහාසයට කියන ලද්දක් නොවන බව සලකන්න] */

    Duh, isn't that so obvious?

    ReplyDelete
    Replies
    1. ''කාරයා '' යනු නරක වචනයක් නොවේ කියල තවම ඔප්පු කරලා නැද්ද

      Delete
  22. මුලු ලෝකෙන්ම වටිනාම රට අමෙරිකාවයි. මොකක් හරි දේක වටිනාම්කම දැනගන්න අනේ ඒක නොතිබුනානම් කියලා හිතලා බලන්න ඕනෙ. හිතලා බලමුකො අමෙරිකාව නැති වුනාම අපි පස් පස්ඩංගුවෙ බනින්නෙ කාටද කියලා ? දැන් අපේ බඩ පොඩ්ඩක් බුරුලට ගියත් බනින්න අමෙරිකාව තියෙන නිසා ගානක් නෑ.

    බින්දි මදි මදි. තව කතා ඕනෙ.

    ස්තුතියි බින්දි ලින්ක් එකට.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා . ඇත්තටම මේ දවස්වල ඒගොල්ලන්ට අපි ගොඩාක් බනිනවද . අර ජි මේල් කේස් එකෙන් පස්සෙත්

      Delete
  23. ඕනම පොඩි කෝපි කඩේක වයිෆයි ඉන්ටර්නෙට් නොමිලෙ .

    ෂා මරුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් අටම් ..සිංගප්පුරුව වගේ රටවලවත් එහෙම නැහැ

      Delete
  24. ඇපල් ෆෝන් නම් මෙහෙත් වැහි වැහලා.. ආ කිවුව කතාවනම් ඇත්ත.. තාක්ෂණය හැම තැනම.. මටත් අපරාදේ කියන්න බෑ ෆෝන් එකට ඕනම තැනකදි වයිෆයි අහු වෙනවා... :)

    ReplyDelete
  25. මම මේ බල බලා ඉන්නේ අර ශෝර්ට් ට්‍රිප් එක ගැන පෝස්ට් එකක් දාවිද් කියලා මෙයා .....හ්ම් දැන් නම් ඇපල් පපඩම් කාලා එපා .......වෙලා....:)

    ඔන්න මම හීනියට ටොක්ක ඇන්නා තොප්පි දාලා නිසා රිදුනෙ නැතුව ඇති :)

    ReplyDelete
  26. පොඩි කෝපි කඩේක වයිෆයි ඉන්ටර්නෙට් නොමිලෙ// අයියෝ මෙහේ තේ කඩත් ඔහොම වෙනවා නම්...තව රස කතා ඉස්සරහට දාන්නකෝ

    ReplyDelete
  27. ෆිල්ම්වලින් ඇමරිකානු වියට් නාම් යුද්දෙදි ඇමරිකාවට ගහන කොට විසිල් ගහන අයම දැන් එහෙම කරනවා. ඒක ස්වභාවිකයි කාලයත් එක්කම හැම දේම වෙනස් වෙලා ලෝකයම එක යායාක් බවට පත්වෙනවා. එතකොට අර පරණ කෝන්තර අමතකයි.

    ReplyDelete
    Replies
    1. machan pls font eka wenas karanna.. balanna thiya hithannawath baha..

      Delete
  28. අනේ බින්දි මේ ටිකේ කමෙන්ටුවක් දාගන්න විඳින දුකක්. පොස්ට් එකක් ඇරෙන්න හත් පැයක් යනවා. ඊට පස්සෙ ලියල දමන්න යනවිට කනෙක්ශන් කැඩිලා. මොනවා වෙලාද මන්දා. ඉන්දියන් අය ඔහොමම තමයි. ඔහෙත් එක වගේ තමයි. අපේ රටෙත් ඔහොම අය ඉන්නෙ. දැන් හැදෙන අය ඇපල් තමයි ඉතින්. අපේ නංගිගෙ බනියා තාම අවුරුදු හතරයි. වැඩ අයි පෑඩ් එකෙ. වෙනස් වෙන ලෝකෙ!

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete