Saturday, 24 November 2012

ඉඳියාප්ප කවි

ඉඳිආප්ප පිටි අන්තිම පැකට්ටුව
කැඩුවේ අද උදේ
පෙට්ටියක් පතුලේ ඇබින්දන්
හකුරු කැටයක්
යාන්තමකට ඇති වෙයි වගේ
බොන්නට කහට උගුරක්

තුනපහත් හිඟවි
හොදි මාලු රස අඩුවී
දැන් කොටන ලුනු මිරිස්
උම්බලකඩත් නොදනී


''පැරන්නන් කලැයි ලොකු ලොකු වැඩ
කාලා යස කුරක්කන් රොටි ''
ඉතින් කොහොමෙයි කියන්නේ
පොල් එක්ක අනන්නේ
සුදු පාට ඇමෙරිකන් පිටි

ඉරත් හැන්ගි අද අඳුරුයි අහස පාලුයි
සිසිරයත් සරදමට වාගේ
ඉක්මනට සීතල සුලන් එවලා වගෙයි
හිත අස්සෙ එක් වෙන පොඩි පොඩි කඳුලු
ඇස් වලින් උතුරන්න කලියෙන්
ගෙදර යන්නට දවස් හරි වගෙයි




උදේ ඉඳියාප්ප හදද්දි පහල වුන කවි. මන් පින්තුර දාලා වැඩිය කියල බ්ලොගර්ස්ලා ඊයෙ රෑ මට තර්ජණය කලා. ඒ පිලිබඳ සොයා බලා වැඩපිලිවෙලක් යොදනකම් පින්තුර නැති අකුරු විතරයි.

62 comments:

  1. සිරි ලක දේ...සිරි සැප දේලු..ඕක දැනෙන්න රටෙන් පිට ඉන්නම ඕනේ... මාත් ඊයේ රෑට ඉදි ආප්ප හැදුවා ලිරි හොඳි එක්ක කන්න

    යහමින් ඉඟුරු දාපු තේ එකක් හකුරු කෑල්ලක් එක්ක බොන්න ඉක්මනින් ගෙදර එන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි එන්නයි ඉන්නෙ ලිහිණි. ආවයි කියල නිවි සැනසිල්ලෙ තේ බොන්න වෙලාවකුත් එන එකක් නැහැ. ඒ වුනත් නොගිහින් කොහොමද

      Delete
    2. ලිරි හොදි...ඒ අලුත් ජාතියක්ද ලිහිණි...

      හැදුවෙ කිරි හොදි නම්...පොල් සම්බෝලයකුත් එකතු වුනාම ඉදිආප්ප ඩයට් එක සුපිරියි...

      Delete
  2. මුල ටික කියවනකොටම දැනුනා ගෙදර ගිහින් එන්න කල් ඇවිත් කියලා..
    අපිනං නිවාඩු දවසට කඩෙන් ගෙනා ඉඳි ආප්ප ( ඉඳියප්පම්) මයික්‍රොවේව් එකෙන් රත් කරලා පොල් සම්බෝලයි කිරිහොදියි එක්ක කනවා...සමහර වෙලාවට පොල් සම්බෝලෙත් බෝතල් කරල තියන ශ්‍රී ලංකන් එකක්.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම් ..ගෙදර යන මුඩ් නෙ ලකී

      Delete
  3. සිරි ලක දේ...සිරි සැප දේලු..ඕක දැනෙන්න රටෙන් පිට ඉන්නම ඕනේ... සැටිෆිකෙට් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණෙ තමයි දඔල.. ගෙදර ඉද්දි මට පේන්න බැහැ. වැලක් තිබුන හින්දා නිතරම දඔල.

      Delete
  4. සල්ලි නැතිව කන්න නෑ...සල්ලි තියෙන කොට කන්න බෑ..හැමදාම බඩගින්නේ තමයි...

    ReplyDelete
    Replies
    1. බඩගින්නෙ නම් ඉන්නෙ නැහැ මය්යො. අර සමහරු කියා තිබුනෙ මන් පෝස්ට් 10 ක් ලිව්වොත් 4 ක් කෑම ගැනලු.මෙතන ඉඳියාප්ප වලට වඩා බර සිතේ කාන්සිය.

      Delete
  5. බින්දිටත් හරියට කවි සිතිවිලි පහලවෙනවා නොවැ..!

    බ්ලොගස්ලා එහෙම තර්ජනත් දානවද...විකල්පයක් නැතිදෝ..!

    ReplyDelete
    Replies
    1. මාත් ඔය වගක් දැනන් හිටියෙ නැහැ. එහෙම තමා වී අද කවි මුඩ්.

      Delete
  6. Time to go home for a break..

    Ps: There's a limit for image uploading in blogger ( in wordpress aswell).. Probebly few Gigabytes..

    ReplyDelete
    Replies
    1. බුරා අපට හොරා ලියනවා වත්ද බ්ලොග් එකක් .Going home is not a break for me. Eventhough I feel to go when time comes..funny

      Delete
    2. බුරා,
      කිව්වත් වගේ හොරාට හරි බ්ලොග් එකක් ලියනවා වගේ. ඔය ලින්ක් එකක් එහෙම දාලා බෙදා හදා ගත්තට පාඩු නෑ ඔන්න.

      Delete
    3. He he.. I don't write a blog but got some techy knowledge about blogs.. :-)

      Delete
    4. නිකන් මුට්ටිය දාල බැලුවේ .

      Delete
    5. මූට කියන කට අර ගලක ඉලුවනම් වෙලහට එතන බ්ලොග් දෙක තුනක් පැලවෙලා...

      Delete
  7. කවි ටික කියවන් එනකොට මේකත් බාත් රුම් එකේදි ආපු සිතිවිල්ලක්ද කියලා අහන්න කට හදාගෙන හිටියේ. වෙලාවට අන්තිමට ලියලා ඉඳියාප්ප හදද්දි ආපු එකක්ය කියලා.. //පින්තුර දාලා වැඩිය කියල?// අක්කගේ පෝස්ට් වල එච්ච්රට ගොඩාක් මම පින්තූර දාල දැකලා නෑනේ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා තොටියෝ . පිකාසා වලින් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියල දොඩන්ගොඩ මහතා කිවා . මට හරී කම්මැලියි

      Delete
  8. එන්න ලඟයි වගේ නේද? දැන් කාලෙ හරි වගේ, ගෙදර බඩු ඉවර වේගෙන යනවද? ලංකාව පැත්ත මතක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කවත් මතක් වුනා . අර බතික් ඔසරිය හෙට අඳින්න හිතන් ඉන්නේ .

      Delete
    2. මොකක්ද උත්සවේ නංගි, මූනු පොතේ වත් පින්තූරයක් වැටේවි නේද?

      Delete
    3. ඔව් අක්කේ මන් දාන්නම්

      Delete
  9. කදිමයි...කටට කෙලත් එනවා ඉඳිආප්ප කිව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රති ...

      Delete
  10. දැන් මම බින්දිටයි අර ජනුවටයි නඩු දානවා. මේක හරි අසාධාරනයි. මෙයාලා ගෙදර යනවා නම් කමක් නෑ මේ අතීත රසවල් තුනපහ කතාවල් අස්සේ අපිව අවුල් කරන එක එහෙම ලේසියෙන් සමාව දෙන්න පුළුවන් දෙයක්ද?

    ඉඳිආප්ප කන්න ආස නෑ වගේ නෙමෙයිනේ මේ ගෙදර යන කතයි අරවයි මේවයි දැක්කම මටත් ගෙදර දුවන්න හිතෙනවානේ.... :(

    ReplyDelete
    Replies
    1. හික් ..ඇත්තටම ඉදිආප්ප වලට වඩා බර දෙයක් දැනෙනවා නේ ..

      Delete
  11. හිතේ කාන්සිය ඉක්මනින් දුරු වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි

      Delete
  12. ගෙදර බඩු ඉවර වෙද්දී ලංකාවට එන්න තිබ්බනම් කියල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එක වගේම අසරණයින්

      Delete
  13. ආ ඉඳි ආප්පද? ආවහම එන්න, අපෙ කැන්ටිමෙන් අරන් දෙන්නම්. :D
    බින්දිට පාළුවක් දැනිලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. අල හොදියි ..මාළු හොදියි එක්ක

      Delete
  14. ලෝකයේ කොහේ හිටියත් ඉඳිආප්ල ටිකක් පොල් රොටියක් කාල ඉන්න තියේනම් ලංකාවෙ පය ගහල ඉන්නව වගේ තමයි දැනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම සොයන එක වැරදි තමයි .. ඒ වුනාට මක් කරන්නද . පුරුදු රස සොයන එක ස්වාභාවිකයි

      Delete
  15. රැලි මහත එකද? හීන් එකද?

    ReplyDelete
    Replies
    1. වංගෙඩිය අනුවනේ රැලි වල තරම ...

      Delete
  16. ඉඳි ආප්ප තම්බනකොටත් කවි මතක් වෙනවා එහෙනම් ඈ..

    ඉඳි ආප්ප
    ඉදියාප්ප

    අපි කියන්නෙ ඔහොමද කොහෙද..

    ReplyDelete
    Replies
    1. සමහර දවස් තියෙනවා එහෙම අමුතු දවස් සෙන්නා

      Delete
  17. ඉඳි ආප්ප කනවා තරම් ලේසි නෑ නේ හදන එක. කාපු කාලයක් මතක නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. හදනවට වඩා තට්ටු සොදන්නයි ..වැඩ ගොඩයි.

      Delete
  18. අලගොබ එක්ක(දම්පාට ගහල ගොබ, පවනේ වේලලා ඇඹුල් ගතිය ලාවට හිටින්න තෙල්දාලා ගත්තම) ඉදිආප්ප කන්නනම් පුළුවන්, හැබැයි 100ක් කෑවත් බඩනම් පිරෙන්නෙ නෑ.

    අපේ රන්දුල ඇමතිතුමාට අනුව පිටි කිලෝවකින් ඉදි ආප්ප 300 ක් හදන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න සුමිත් මන් කාලා නැති දෙයක් .. අපේ ආච්චි හැදුවා කැබෙල්ල දළු මාළුව එක්ක . තව කෙහෙල් මුව මාළුව. අපේ අම්මා ලුණු තෙල් දාලා ඉදියාප්ප කෙසෙල් කොලේ ඔතලා දෙනවා ඉස්සර වැඩට යන කාලේ . මන් එක්ක කන හැමෝම ආසයි එකට

      Delete
    2. කැබෙල්ල දළු මාළුව..කන්නත් ආසයි.පොඩි කාලෙ කෑවට පස්සෙ කාල නෑ..දැන් මොන කැබෙල්ල ගස්ද?මගෙත් අච්චාරුවක් තැපෑලේ..

      Delete
    3. කැබෙල්ල කවුරුත් වැව්වේ නැහැනේ . ඉතින් වඳ වෙලාම යන්න ඇති . කොළ ගොඩාක් උයල මාළුව හරිම චුට්ටයිනේ . තැපෑලෙන් අච්චාරු ..මගේ යාලුවෙක්ට ඔහොම එවල අන්තිමට කාලෙත් පැනලා තැපෑලේ දීම .

      Delete
  19. අද පොඩි සමාජ සේවෙකට යන්න තියෙනව . හවසට තමයි කමෙන්ට් වලට උත්තර දෙන්න වෙන්නේ . මේ නිකමට කියන්නේ . මන් මේ කට්ලට්ස් බදින්න හදන්නේ ....හික්

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතමම කෑමක්නේ... yum yam yam.කෙළත් උණනවා මෙන්න.. මෙහෙටත් කොටහක් එවන්න්ඩෝ... නැතිනම් ඉතින් ඕවා කාලා බඩේ අමාරු හැදෙයි ඕන්..

      Delete
    2. ආ හරි ඔන්න එව්වා

      Delete
  20. ඉඳි ආප්ප හදන කොට උනත් පහල වෙලතියෙන සිතුවිල්ලෙන් පෙන්නුම් කොරන්නේ. අද ගොඩක් මධ්‍යම පාන්තික පවුලක තත්වය නේද අපේ රජයට පින්සිද්ද වෙන්න ඕනේ අපිව මෙවැනි තත්වෙකට ඇදල දැම්මට. අර කට පියන් ඉන්න බැරි ගොන් අමතිනේ කියල තියෙන්නේ පිටි කිලෝ එකෙන් ඉඳි ආප්ප 300 හදන්න පුළුවන් කියල. ඇත්තටම ට්‍රයි එකක් දීල බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉදියාප්පයේ දේශපාලනය ....එයා හදල බලන්න ඇති . අපේ ඇමතිලා ආවට ගියාට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ

      Delete
  21. මරේ මරු කවිය - හිතට තට්ටු කරල අදහස් ගොන්නක් ඔබල ගියා වාගෙයි - (අර බස් වල ජනේලෙන් ඇතුලට දමාගසන ලීෆ්ලට් වාගේ)
    මගේ කිතුල් හකුරු ටික පරිස්සමින් පාවිච්චි කරමි
    මාසික පරිභෝජනය ග්‍රෑම් පන්සීයට සීමා කරමි - කිලෝ තුනෙන් මාස හය ගෙවාගත හැක

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ගෙදර යන මුඩ් ඉන්න අයනේ ....අපොයි හොඳටම වැඩියි . ඔච්චර හකුරු කන්න හොඳද .කොහෙන්ද තිස්ස අය්යා හොඳ හකුරු ගන්නේ .

      Delete
  22. දෙල්, අලුවා, බඩ ඉරිඟු, කොකිස්(අම්මගෙන්), හකුරු - ලංකාවෙන් එනකොට ගෙනෙමි - හැකි තරම් :-)

    ReplyDelete
    Replies
    1. ඉරිඟු නැද්ද . මෙහෙ නම් ඕන තරම් . තිස්ස අය්යාට නම් මාස හයයි සර්වයිව් වෙන්න තියෙන්නේ . අපි ඉතින් අවුරුද්දක්ම අදින්න එපාය .

      Delete
  23. මේ කවිය නම් බොහොම ලස්සනයි සුන්දරයි දුකයි....
    ඒ වගේම හරිම රහයි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් .

      Delete
  24. උයන මුඩ් ගහලා වගේ...

    වියට්නාමය සෑහෙන්න ඇමරිකාවෙන් බැට කෑව රටක් බව අපි දන්නවා නොවැ... නමුත් ඇමරිකාවට ඒ සටන ජයයන්න බැරි උනා... ඉන් අනතුරුව වර්තමානයේ ඇමරිකාව සහ වියට්නාමය අතර සබදතාව කොයි වගේද... ඇමරිකන් පිටි කිව්වම මතක් වුනේ...

    අර ගියා කිව්ව චාරිකාවේ පින්තූර එහෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දෙගොල්ල සම්බන්ධය හොඳයි වගේ. හැබැයි රාජ්‍ය නොවෙන සංවිධාන ගැන හෙම සෙවිල්ලෙන් ඉන්නේ . ඇමරිකාවේ ආණ්ඩු මොන මොන ප්‍රතිපත්ති තිබුණත් රටේ සාමාන්‍ය මිනිස්සු යුද්ධෙට විරුද්ධ වුනානේ . මතකද ජෝන් ලෙනන්ගේ Imagine සින්දුව .

      ඒජන්ට් ඔරේන්ජ් වල පල ලැබුවන්ට දැන් ඇමරිකාව උදව් කරනවා

      Delete
  25. පින්තූර බැස්ටිය අපිටත් සෙට් වෙයිද මන්දා :(

    ReplyDelete
  26. ඉදිආප්ප කවිත් මරු

    ReplyDelete