Monday, 26 November 2012

හැනෝයි කොත්තු

 
 
 

මෙය තවත් කෑම කතාවකි. අපේ වැඩේ කන එකම වුවත් මෙදා නම් කෑ වගක්  නොව කෑම විකිණිමක් ගැනය .
මෙහි වැඩිමනක් පිටරටවලින් ආ සැමියන්ගේ බිරින්ඳෑවරුන්ට මේ මන් වාගේ ගෙදර ඉන්නට සිදුවී ඇත.
අපි වාගේ බ්ලොග් එකක් ලියාගෙන ගෙදෙට්ට වී සිටින්නට ඔවුන් කැමති නැත. විවිදාකාර ලෙස රැස්වෙති. මා එහි දොසක් නොදකිමි. කරණා සමාජ සෙවයකට පැත්තකින් ඉඳ සහයොගය දෙනවා විනා නිතරම කෝපි පානයන්ට යාමට මට ඉතාම කම්මැලිය .
එවන් සුහද හමුවක් රසවත් වන්නේ සිතට ලන්වු කිපදෙනෙක් පමණක් සමග විම සහ බොහොමයක්ම ඕවාට යාමට  කම්මැලි නිසාය මා නොයන්නේ.


මෙසේ සන්විධානය වු කාන්තා පෙරමුණක් මගින් වසරක් පාසා තානාපති කාර්යාල සමග එක් වී සල්පිලක් පවත්වනු ලබයි.
මෙය පැවැත්වෙන්නේ අප ළමුන්ගේ පාසල් පරිශ්‍රයෙදි.
අප තානාපති කාර්යාලයේ සේවක පිරිස කුඩා විම නිසා මෙවර නගර වාසි ශ්‍රි ලාංකිකයින් මෙහි දායකත්වය දැරිමට තිරණය කලේ කොහේ හෝ දුප්පතුන් වෙනුවෙන් යමක් කිරිමට සහය දිම වරදක් නොවෙන නිසාය.

[මෙම මුදල් හරි හැටි බෙදෙනවාද හෝ කුමන ලෙස වියදම් වෙනවාද යන්න නොදන්නා මුත් අපගෙ යුතුකම ඉටු කිරිම වඩා වැදගත්ය ]


එක්තරා ආයතනයකින් එවන ලද තේ පැකට් , ඇඟලුම් කම්හල් කිපයකින් එවන ලද ශිත කබා සහ කමිස සමග ශ්‍රි ලාංකික කෑම අලෙවි කරන ලදි .


කට්ලට්ස් , ලැවරියා, රොටි ,සම්බෝල, බත් , කිරිටොපි , රෝල්ස්, වැනි කෑම අතර කොත්තු එවෙලෙම සාදන ලද අතර ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නට නම් බැරි වුයේ නොසිතු ලෙසය.

මේ අනගි දසුන් පින්තුර ගැනිමට නොහැකි වුයේ තේ විකිණිමේ භාර ධුර රාජකාරිය මට පැවරුන නිසාය. වෙන්දා මෙන් රස්තියාදු වී අනෙක් රටවල පින්තුර ගැනිමටද බැරි වුයේ එම නිසාවෙනි.

මගෙ නිල ඡායාරූප ශිල්පියාටද ඊට වඩා බරපතල වැඩක් පැවරී තිබිණි. එනම් ළමයින් බලා ගැනිමය.


ඡායාරූප ශිල්පියා සහ බනී අතර බරපතල සටන් ඇති වූ බව පෙනෙන්නට තිබුණි
එක් චෝදනාවක් වුයේ කෑම ගන්නට ගිය විට බනියා එපා කියයි. අක්කා කන විට එයාටත් ඕනෑ වේ. ආයේ මුල සිටම පෝලිමේ ගොසින් බලනා විට එම කෑම ඉවර වෙලාය.

අනෙක් පසින් නැගුන බරපතල චෝදනාව වුයේ පොත් ගන්නට ගොසින් බනියා තෙරූ පොත ලාමක බව තාත්තා කිවු බවයි [ බේබිශ් යන්න සින්හලෙන් ලාමක කියා සිතමි ]


අනෙක් චෝදනාව වුයේ තාත්තා බනියා කියන නිසා පිට මිනිසුන්ද එසේ කියනා බවය. මෙතන නම් කෙල්ල වලිගය පාග ගෙනය. බ්ලොග් කියවන අපෙ මිත්‍රයෙක් මෙහි සිටී. ඔහු විසින් බනියා යයි අමතන ලදුව මුහුණ නරක් වු වග මම දුටිමි.

එය තාත්තාගෙ ගිණුමටම බැරවිය. උගත් පාඩම් යටතේ මින් පසු කොහේ හෝ හමු වුවහොත් බනියා කියා ඇමතිමෙන් වලකින ලෙස සැමටම තරයේ අවවාද කරමි.


පලස්තිනය සහ ඊශ්‍රායලය අතර දරුණු සටන් පවතිද්දී මෙහි නම් ඊශ්‍රායල් සහ පලස්තින දෙගොල්ලම වෙලඳාම් කල අතර සවස යද්දී අපේ නිවස නම් සටන් විරාමයෙදි ගාසා තීරය මෙන් විය.

 පරක්කු වී එන්නයි  කට්ටිය ගෙදර  දමා මා උදයේම ගිය නිසාය

[මේ දැන් මා මිතුරියක් විසින් පින්තුර රැසක් එවන ලදී. සුදර්ශනී ඔබට බොහොම තුති.]










60 comments:

  1. රසවත් විස්තරයක් වගේම රසවත් පින්තුර ටිකක්. පොටෝග්‍රැෆර් සහ වීනස් නෝනා අතර ගැටුම හිතාගැනීමට හැකිවන ලෙස ලියා ඇත. ඒ ටික රසවත්ය.

    අපිත් 1 වෙනිදා මේ වගේ වැඩක් කරනවා. බ්ලොග් යාලුවෝ බොහොමයකට කියා ඒගොල්ලන්ගේ උණුසුම් ප්‍රතිචාරත් එක්කයි මේ වැඩේ කරන්නෙ. වැඩේ කියන්නෙ මට බිංදුමතී අක්කා අමතක වීමයි. හිතා ගැනීමටත් බැරිය.

    කෝම හරි අද මම 1 වැනියට කමෙන්ට් දමා ඇතුවා වගේය...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක නේන්නම් .මාව අමතක වෙච්ච එක වැරදියි. ඔය මොනවා කිව්වත් බ්ලොග් එක වැහුවට අපි තරහයි.

      Delete
  2. හෙහ් හෙහ් හෙහ්
    දබරයට මැදිවූ අසරණ අම්මා
    ".... පානයන්ට යාමට මට ඉතාම කම්මැලිය .." නැතිව - හමුවකට ගෙන්න ගන්නත් කොපමණ මහන්සි වෙන්ට ඕනැද
    පින්තූරේ දැම්මෙ නැත්තේ ඇස් වහ වැදෙයි කියල වෙන්ටෑ

    ReplyDelete
    Replies
    1. හීනි ටොක්කක් නේද

      ''එවන් සුහද හමුවක් රසවත් වන්නේ සිතට ලන්වු කිපදෙනෙක් පමණක් සමග විම''.

      කොටස නොපෙනේද.

      පින්තුරය පෙන්විම ගැනද එයම ආදේශ කරමි.

      Delete
    2. මේ බවලතුන්ට ඇනුම් පද කියල කොහෙ දිනන්ටද ඉතින්..

      Delete
    3. ඇනුම් පද කිමත් කලාවක්. ඒවාට උත්තර දිමත් කලාවක් . ඒවාට තරහ නොගෙන හිනා වෙන්න පුලුවන් මිනිසුන් ආස්සරයත් සතුටක් .

      Delete
  3. අප්පට සිරි මම එක තමාය. හුරේය.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොරටුව වගේ ජාතික සම්පතක් වල් වදින්න දීලා මේකා මේතන හුරේ දාන කැත...

      Delete
    2. මේකාට ලියන්න වෙලා නැත්නම් කොහොමද මූ මෙතන ඇවිත් හි‍ටු කියලා කමෙන්ට් ලියන්නෙ ? බොරුකාරයා.

      Delete
    3. ඔව් මෙයාට පන්සල් යන්නත් වෙලා තියෙනවා . ඉහල තැනකින් නියෝගයක් ආවද දන්නේ නැහැ .

      Delete
  4. කථාව නම් රසවත්.එත් මට නම් මතක් වෙන කොටත් බයයි.කොත්තු කලා හොඳ නැටුමක් නැටුවා රැයක් පහන් වන තුරු.

    ReplyDelete
    Replies
    1. මාත් පාර්ලිමේන්තුව ගාවින් කොත්තුවක් කාලා දවසක්ම දුක් වින්දා . ඒ වුනාට මේ කොත්තු අලුත් එවෙලේම හැදුවේ . අය්යෝ ඒ වුනාට මට කන්න බැරි වුනා . සල්ලි පෙට්ටිය බාර අරන් මාව එතනට හිර වුනානේ . මන් ආස මගේ යාළුවො ඉන්න අනික් රටවල් වල දේවල් කන්නත් බැරි වුනා ගයානි . දුක තමයි .

      Delete
  5. පරණ කාලේ තරහා පිරිමහ ගන්න මෙහෙම කෑම බීම පෙන්නන එක අසාදාරණයි කියලා හිතෙන්නේ මට විතරද?
    පස්වෙනි ෆොටෝ එකෙන් මොකක්ද නිරූපණය වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මන් රන්ගිව මතක් කර කරයි ලිව්වේ . පස් වෙනි පොටෝ එක මේ අපේ කොල්ලෝ දෙන්නෙක් වෙන රටක ඇඳුමක් පිටිපස්සේ හැංගිලා . මොකක්ද මන්දා . තව කොරියන්ස්ලත් හන්බෝක් අන්දලා පින්තුර ගත්තා .

      Delete
  6. //උගත් පාඩම් යටතේ මින් පසු කොහේ හෝ හමු වුවහොත් බනියා කියා ඇමතිමෙන් වලකින ලෙස සැමටම තරයේ අවවාද කරමි.//

    එව්වානං හදේය... අම්මලා දූලා එව්වා බේරාගන්න එකයි ඇත්තේ... මොකද අපිද බනියාට බනියා කියන්න ගත්තේ..? දැන්නං ඉතිං තව අවුරුදු දහයක් පාලොහක් ගිහිල්ලා පාරක තොටකදී හම්බු උනත් මංනං කෑගහලා කියනවා "අලෝ බනීද කැමරා කාන් කොහොමද..?" කියලා... :)

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා..මංනං අද රෑටත් කොත්තු තමා...

      Delete
    2. ඔන්න මාර පරාජය වෙන දවස ...මේක ලියද්දි ඔහෙවත් ඔලුවට ආවා . මාරයාට නම් ඉතින් මොකෝ.

      Delete
  7. ෆොටෝ ටික දැක්කාම එතැන ඉන්න තිබුනා නම් කියලා හිතුනා....මේ කොත්තු ගහන හාදයා ලංකාවෙ නයිට් කඩේක වැඩ කරපු කෙනෙක්ද ? මටත් දාන්න නිහාල් නෙල්සන්ගෙ බීට් එකට කොත්තුවක්...

    ReplyDelete
    Replies
    1. හිටියා නම් සිරාට සින්දු කියන්න තිබුනා .

      අම්මෝ නැහැ . මෙයා මෙහෙ රැකියාවක් කරන කෙනෙක් . හැබැයි නියමෙට කොත්තු ගැහුවා . මටත් පුදුමයි මේ කොහෙන්ද කොත්තු අදහස ආවේ කියල . අපි කිව්වේ නිවාඩු දවසට ඕල්ඩ් න්වාටර් එකේ [ හැනොයි වල පරණ හරියක් . හැනොයි වල හදවත වගේ ] කොත්තු ගැහුවා නම් හරි කියල

      Delete
  8. මං බැලුවෙ මේ ශ්‍රී ලංකා ස්ටෝල් එකේ "සවර්ණා" වගේ ගෑණු පරාණයක් ඉන්නවද කියලා....ම්..හු පැහැදිලි මදි.

    කොත්තුව නම් නියමෙට තියෙන්න ඇති සවලෙන්ද කොහේද ගහන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැහැ නේන්නම් මාත් බලුවා.

      කොත්තුව රස ඇති . අන්තීමට පෝලිමක් ඇවිත් මදිත් වුනා .

      Delete
    2. අන්න ස්වර්ණා ඉන්නවා මූණු පොතේ...

      Delete
    3. ම්...ම්ම්..බින්දි ගැනද කියන්නේ...????

      Delete
    4. ඔව් ඔව්...ස්වර්ණා වගේමයි...

      Delete
  9. මේ පැත්තට ආවේ අදයි. කෙටියට ලිව්වත් හරි ලස්සනට ලියා තියෙනවා.අකුරුත් හොන්ද කම්ෆටබල් සෛස්.ඇපල් හා පපඩම් හා ඉන්දිආප්ප කවි කියෙව්ව. බොහොම ගැමි ගතියක් හිතට දැනුනා.මේ බ්ලොග් එකට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිල් නෙලුම් ....නෙලුම් විලට නෙලුම් මලක්

      Delete
  10. අනේ මොකක්ද බින්දි අක්කේ මේ කෑම ගැනම දාන්නේ...? ඒ මදිවට ලේසි පාසු කෑම ගැන නෙමෙයි ලියන්නෙත්.. අපි පවු :(

    මොනවා උනත් මේ වැඩේනම් පංකාදුයි

    ReplyDelete
    Replies
    1. හික් සයුරි සොරි වෙන්ට ඕන . ඔන්න ඔහේ පාන් නැත්නම් කේක් කියල හිත හදා ගන්න

      Delete
    2. ඇත්තමයි...අන්තිමට දාල තියෙන අපහැදිලි පින්තූරෙ තියෙන පැටිස් දැකල කෙලත් ඉනුව..!

      Delete
    3. වී ට නම් මොකෝ හන්දියට ගියා ගත්තා

      Delete
  11. රසවත් විස්තරයක්.. මේක කියෙවුවම මට මතක් උනේ කොත්තූ.. අන්තිමට කොත්තු කෑවේ කවද්ද මම.. මතකත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න අපේ බනිලගේ තාත්තා දෙසම්බරේ ගෙදර ගියහම කරන ලිස්ට් එකේ අකක් තමයි කොත්තු කන එක . ස්තුතියි දිනේෂ්

      Delete
  12. බින්දි ලස්සන විස්තරයක්. කොත්තු කාලා මාත් හොඳ කටු කාල තියෙයි. අපෙ කොල්ලන්ගෙ ප්‍රියතම කෑම , ඒ උනාට මම වැඩිය කැමති නෑ තෙල් නිසා. ගෙදර රොටි ගෙනත් හදනවා හුඟක් වෙලාවට. කරදර උනත් පිරිසිදු නිසා. බනීට අපි කවුරුයි කියලද දැන් අමතන්නෙ?
    ඉක්මනින්ම හමුවෙන්න බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මන් අහලා කියන්නම් අක්කේ . මේ ලඟදි දවසක රෝස පාට තොප්පියක් දාපු නිසා ටෙනිස් ටීචර් මෙයාට ''පින්ක් ලේඩි '' කියල බුම්මන් හිටියා .

      මන් හිතන්නේ නම කියනවාටයි ආසා .

      කොත්තු මාත් එච්චර නොකන දෙයක්. ඉදියාප්ප කොත්තු නම් ආසයි. මෙතනත් අන්තිමට මෙහෙ තියෙන සහල් නුඩ්ල්ස් දාලයි හැදුවේ

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මෙච්චර ලොකු වෙලත් අපේ පුතත් වෙලාවකට බනිය වගේ තමා. මුලින් කන්න බැහැ කියලා පස්සෙ අනිත් අය කනකොට එයාටත් ඕනෑවෙනවා. එක්කෝ මොනවා හරි සමරණ අවස්තාවකදී භෝජනාගාරයක් තෝරන්ට ගියත් එකඟතාවයකට එන්ට වරුවක් යනවා. එතකොට තාත්තට මල පැනලා ඉවරයි.

    ඊටපස්සෙ දික්කරගත්ත මූණුත් එක්ක මේසෙට වාඩිවෙනවා. නමුත් බීම එක කෑම එක නහය ඉස්සරහට ආවම ඔක්කොම අමතකයි. අර පොඩිකාලෙ කුක්කු බෝතලේ දැක්කම සතුටිං අතපය ගහන බබා වගෙම තමා.

    අපිත් ඔය විදියෙ කෑම හැදුවා AIT එකේදි. දැං දෝණි කල්චරල් ඩේ එකට ඔය දේම කරනවා බතික් ඔසරිය එහෙම ඇඳලා

    ReplyDelete
    Replies
    1. අපේ එක්කෙනත් එහම තමයි . ළමයි ලොකු වුනත් ළමයි. මට ඕන නැහැ . මන් කන්නේ නැහැ කිව්වට ඔන්න ටිකකින් කනවා .

      අම්මලා දන්නවා ඔය වගේ ඒවා හසුරවන්න . තාත්තලා නම් පව් ඒ අතින් .

      Delete
  15. //.........මෙය තවත් කෑම කතාවකි. අපේ වැඩේ කන එකම වුවත් මෙදා නම් කෑ වගක් නොව කෑම විකිණිමක් ගැනය ....//

    මේ දවස්වල ජාතික රූපවාහිනියේ යනවා සිංහල හඬ කවපු කොරියන් නාට්‍යයක් සුජාත දියණි කියලා. ඒකෙත් වැඩේම කෑම හදන එකයි රජ්ජුරුවෝ ඒ කෑම කන එකයි තමා :D

    ReplyDelete
    Replies
    1. කොරියන් කතා නේද . ඒගොල්ලන්ගේ වැඩේ කන එක තමයි . පොඩි පොඩි දිසි වල දහයක් විතර . ඔය දිසි වල තියෙන එව්වා කල් තියාගන්න කිම්චි වගේ ජාති. කනවා ආයේ ෆ්‍රිජ් එකට දානවා . රජ කාලේ නම් ඉතින් ෆ්‍රිජ් තියෙන්න නැතුව ඇති. ඒ වුනාට සම්ප්‍රදායික ලොකු මැටි බඳුන් වල කල් තබා ගන්නා ආහාර වර්ග දමා තියෙනව .

      Delete
  16. ආසාවෙන් කියවන්න පුලුවන් විදියට ලියලා තියනවා.. ලොකු කතාවක් කියන කෙටි පොස්ට් එකක්..
    බ්ලොගර් තර්ජන ඉදිරියේ නොසැලී ඡායාරූප දැමීම අගය කරමි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලකී ..අනේ මන්දා නිකන්ම හරි ගියා . පිකාසා ගැනත් තිස්ස අය්යා කියා තිබුනා . මන් නිකමට ගුගල් + වලට මාරු වුනා . එයින් පස්සේ තමයි හරි ගියේ .

      Delete
  17. අපිත් හදනවාකොත්තු.. රොටී චනායි කපල දාල තිතට දෙන්නේ මං.. කන මිනිස්සු මාවත් කන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. රොටි චනාය් මාත් දැක්කා . නියම අදහස . සරත්ටත් උයන්න ඇහැකි වගේ ..

      Delete
  18. මම බැලුවා කෝ මේ කොත්තු කියලා... මම නම් දැන් කොත්තු කන එක ටිකක් අඩු කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරුවක් වත් හැදුනද තොට්යෝ

      Delete
  19. ලිපියට අදාළ නැති වුණාට මාතෘකාව දැක්ක ගමන් මතක් වෙච්ච දෙයක් නිසා ලියන්න හිතුණේ.. හැනෝයි කියන්නේ වියට්නාමේ නගරයක් ද? Tower of Hanoi කියල එකක් ගැන දන්නවද? ගණිත ගැටළුවක් තියෙනවා ඔය නමින්...

    ReplyDelete
    Replies
    1. හැනොයි ටවර් කියන්නේ නම් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිල්ලක් . සමර්සෙට් මහල් නිවාසයකුත් ආපන ශාලා කීපයකුත් එහි තිබෙනවා . කලකට පෙර ලොකුවට තිබුනත් දැන් නම් ඉතින් ලොකු ලොකු බිල්ඩින් හැදිලා කුරු මිට්ටෙක් ගානයි මේක .

      ඔව් පැතුම් හැනොයි තමයි වියට්නාමේ අගනගරය .

      Delete
  20. ඒකත් එහෙමයි නේ.

    අපේ චූටි එකාට බබා කියලා කතා කලාමත් ඌට ලැජ්ජයි. එක අතකට කතාව ඇත්තනෙ. ඒකට අවුරුදු පහලොවක්.

    අර යට ඉඳලා තුන්වෙනි පින්තූරෙ ඉන්න බුවා තණකොල පිට්ටනියෙ එරිලා ඉන්නවා වගෙ පේන්නෙ ඇයි

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපේ බනියා කල් තියාම වැඩේ ගොඩ දාගන්න හදන පාටයි .
      අරුන් දෙන්නා එරිලා නෙමේ . ඔය මොකක් හරි රටක ඇඳුම් දෙකක් හදලා හිටවලා . පිටිපස්සේ ඉඳන් පින්තුර ගන්න . ගිය පාර ඔය විදිහට එලිසබත් රැජින එක්ක තේ බීවා මන්

      Delete
  21. ඇත්තටම ...කෑම ගැන පෝස්‍ටු කීයක් දාල තියෙනවද..???

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ ගණන් කරලා බලන්න .

      Delete
  22. ලංකාවෙ කැම වලට ඉල්ලුම තියෙන්න ඇති බව පිංතූර වලින්ම පේනවා. මොනව වුණත් ශ්‍රීලංකා නාමය දේශිය ආහාර වලින් සරසවපු එක ලොකු දෙයක්..

    ඒත් මම නම් කොත්තුවලට කැමති නැ දවසක් රෑක කොත්තු කාලා දවසක්ම රෝහල්ගතවෙලා හිටියා එදායින් පස්සේ කොත්තු පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කැමතියි ලංකාවේ ආහාර වලට . දැනටමත් එක්කෙනෙක් සුලු වශයෙන් ව්‍යාපාරය කරනවා .

      කොත්තු මාත් අකමැතියි . රෝහල් ගත නොවුනත් මටත් ඔය අකරතැබ්බය වෙලා තියෙනවා . පරණ එළවලු දැමීම , එළවලු මස් කපා හුඟ වෙලාවක් තැබීම වගේ දේවල් නිසා තමයි ඔය .

      මේ නම් ඉතින් එවෙලේම හදපුවා නේ .

      Delete
  23. හැනොයි වල හොඳ හොඳ සෙල්ලම් වෙනවා නේද ? අපිනම් දැන් ඔහොම කොත්තු හදන්නෑ.. කොත්තු හදන මැසිමක් අපි හදලා තියෙන්නෙ..

    ඔය ළමයින්ට අන්වර්ත නම් වලින් කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මට හිතෙන්නෙ. එයාලට දාලා තියන නමෙන් හරි ලොකු දුව, පොඩි දුව, මද්දුමී වගේ ඒවත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මැසිමක් ..මරුනේ .
      ඔව් සෙන්නා ගෙදර නම් ලොකු දු චුටි දු හරි නම හරි තමා කියන්නේ .
      පොඩිම කාලේ තාත්ත ආදරේට කිවූ නමනේ . දැන් එයා අකමැතියි .

      ඔය නම වැටුන හැටිත් කතන්දරයක් . පස්සේ වෙලාවක ලියන්න ඕන .

      Delete
  24. ඒක නෙමෙයි, අර තේ පෙට්ටි විකුණන එකේ තියන වළල්ලක් දාපු අත අක්කගේ නේද? :)) පින්තුරේ නොදැම්මට මොකෝ අපිට අතෙන් උනත් වයස කියතෑකි... :)

    ReplyDelete
    Replies
    1. හික් ..සයුරිගේ නිරීක්ෂණ හැකියාව

      Delete
  25. බින්දියා මේ දවස්සොල හොඳ ළමයා වෙලා, මේ මාසෙට පෝස්ට් 5ක්.. ඒ නිසා ටොකු අනින අදහස තාවකාලිකව කල්දැම්මා.. :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි කවදත් හොඳ ළමයි . බ්ලොග් එකක් ලියන්න කම්මැලි සමහරු වගේ නොවෙයි

      Delete