Friday, 7 December 2012

''කෝපි පාටි ''

අපට නිතරම කෝපි සාද වලට ආරාධනා ලැබෙනවා . පාසලේ ඇතැම් රැස්වීම් මාපිය හමුවන් වලට ලේසියෙන්ම ඒගොල්ල කියන්නේ කෝපි බොන්න එන්න කියලයි. කතා බහ කෙරෙන අතරේ පොඩි රස කැවිල්ලක් පළතුරක් එක්ක කෝපි සහ තේ පැත්තක තියා තියෙනව . ඕනනම් බොන්න .

මේවගේ රැස්වීම් වලට නම් යන්නේ කෝපි නිසාම නෙමේ . තව ඉතින් සුහද කතාබහක් කරන්න ඕන වුනහම කෝපි කඩයකට ගිහින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් . එතනත් අසරණ කෝපි කෝප්පේ නිකන් හෙමින් වැඩ කරන වැලි ඔරලෝසුවක්  විතරයි.

මන් කෝපි ලෝලියෙක් නොවුනත් හිතට ප්‍රිය  සුහද සමාගමකට නම් අකමැති නැහැ . එයට කෝපි පාටියක් කිව්වත් ඒ හැටි අවුලකුත් නැහැ .

හැබැයි   සමාගමය ප්‍රිය නම් පමණයි. මගේ ඊශ්‍රායල් මිතුරිය කරින් , පෝලන්ත මිතුරිය ලිඩියා , තුර්කි මිතුරිය එමල් එක්ක නම් නිතරම කෝපි බොන්න පෙළඹුනා .  ඒගොල්ල තිත්තම තිත්ත තුර්කි කෝපි බොද්දි මන් දිල්මා තේ එකක් බොනවා . හැබැයි ඒගොල්ල කෝපි කෝප්පේ බිලා අනික් පැත්ත හරවලා කියන සාත්තර අහගෙන  ඉන්න නම් ආස වුනා .

මේ සමාගමය විශේෂ වුනේ අපි කතා කල දේවල් නිසා . පෝලන්තයේ සමාජවාදයේ ඉඳන් තුර්කියේ කාන්තා අයිතිවාසිකම් තිත්ත කෝපි වලට සිනි වුනා .

එයින් දෙන්නෙක් ගම බිම් බලා ගොසින් . ඒ ගැන මා ඉන්නේ කණගාටුවෙන් .

මගේ තවත් කෝපි මිතුරියක් ඉන්නවා කොරියන් . අපොයි කොරියාව නිකන් අල්ලපු රටටත් වඩා ලංවුනා .

මගේ ලාංකික මිතුරිය එක්ක නම් ඉතින් හොඳට කිරි දාපු කිරි තේ එකක තමයි කතා බහ දිය කරන්නේ .

වෙලාවකට කල්පනා කරද්දී මොකට මේ  හැටි කතා කරනවද කියලත් හිතෙනවා . ඒ වුනාට අපි හැමදාම කරන්නේ කතා කිරීම . කතා කරන්නෙත් ඉතින් ලෝකේ රටේ වෙන දේවල් . ඉතිහාසය කියන්නේ ලෝකේ රටේ වෙච්ච දේවල් ..ලෝකේ රටේ දේවල් කියන්නේ අනුන්ගේ දේවල් ..එහම බැලුවම අපි වුනත් කතා කරන්නේ සමීප අය ගැන නොවුනා වුනත් ඕපාදුප .

ඉස්සර නම් ලිඳ ගාව , නාන තොට ගාව තමයි ඕපාදුප ඉපදුනේ . ගැහැණු තමයි ඒ අංශයේ කුසලානය සදා හිමි කරගත්තේ . පසු කලෙක පත්තර ඒ කාරියේ සෑහෙන කොටසක් භාර ගත්ත . ඊ  ගාවට රේඩියෝව . ටි වී එක .

මේ ලඟදි මුණු පොතේ කතා බහකදී සිබිල් වෙත්තසිංහගේ කතන්දර මතක් වෙලා මට පොත් ගොඩවල් අවුස්සන්න සිදු වුනා . හෙව්ව පොත හම්බ වුනා .

පොතේ නම ''කුසුමලතා ''

පොත පළමු මුද්‍රණය 1971 . අපි ඉපදෙන්නත් කලින් . සමාජයේ ඇතැම් දේවල් දිහා විනෝදෙන් බලන කුසුමලතා ඉස්කෝලේ හාමිනේගේ දිනපොත .

සැහැල්ලු  බසින් ලියවුන මේ කතා වරින් වර කියවලා විනෝද වෙනවා මන් නම් . අපිත් කරන සමහර දේවල් දිහා හිනා වෙන් බලන්න පුළුවන් . මන් කැමතිම විවේචනය නොකර හාස්‍ය උපදින ලෙස ලියා තිබීම නිසයි .

ඔය පොතේ එක කතාවක් තමා ''කෝපි පාටි ''. බොලේ ඒ හැටි වෙනසක් නැහැනේ . දශක හතරකට කලින් ලියු දේවල් අදත් එහෙම්ම වෙන්නේ  යසට .

වැඩිය උපුටා දක්වන්න බැහැනේ . මෙන්න මේ වාක්‍ය විතරක් දාන්නම්

''දිග කලිසම් , බාල්දි වාගේ උඩ කෑලි එක්ක  ඇඳලා . අලුත් කොසු, ගස් මුට්ටි . මිරිස් ගල් . කුරුළු කුඩු කපුටු ගෙවල් වාගේ කොණ්ඩ හදාගෙන යතුරු කැරලි ,සරනේරු තහඩු ,අඩු මිටි . කුඩා නන වාගේ කනකර ආයිත්තම් පැළඳගෙන නෝනලා ඇවිත් හිටියා ''

කුසුමලතා පාටියට යන්නෙත් '' අපේ එක්කෙනා '' තහනම් කරපු අත කොට රතු හැට්ටේ ඇඳගෙන . ඒ කියන්නේ කතා නායිකාව සිදුවීම ඇතුලෙම කොටසක් මිසක් පිටස්තර විවේචන කාරියක් නොවේ. අන්න ඒ රටාවයි මේ ලියවිල්ලේ ලස්සනම .

අපට අපගේ දේවල් ගැනම සිනා සීමට පුළුවන් කමයි වඩා අගේ .

විජේසුරිය පොතක් ලෙස මෑතකදී මුද්‍රණය කර තිබෙනවා .

ඉතින් මාත් කුසුමලතා වගේ කියල මට හිතෙනවා . කෝපි පාටිවලට යන ගමන් ඒවාට හිනා වෙන්නත් පුළුවන් .

ඕපාදුප කියන්න රට පටලවන්න ඉස්සරට වඩා ලේසි ක්‍රමයක් දැන් තියෙනව . ඒ තමයි සයිබරය . හරිම විනෝදයි . ගැහැනුන්ට හිමි කුසලානය ඒ අයගෙන් ගිලිහි යාම ගැන නම් අවදානමක් තියෙනව .


64 comments:

  1. man eka sory bondi akke..eth ahinsaka mage asawata ida denna...
    kiyawala comment ekak dannam..inna..:D

    ReplyDelete
    Replies
    1. කලබලේට සිංහලත් සොයාගන්න බැරි වෙලා ...ප්‍රශ්නයක් නැහැ

      Delete
    2. ඒකනේ රටක් රාජ්ජයක් ලැබුන වගේ තමා..
      උඩින්ම ඉද්දි පහල අයගේ නැටුම් බලන්න උඩ
      බලන්න ඕනේ නැහැනේ... D

      Delete
    3. හැබැයි පහල හොඳ නැටුම් තිබ්බොත් අපරාදේ ...හැබැයි ඔය කතාව මන් ලිව්ව දේට නම් ටක්කෙටම අදාලයි

      Delete
    4. පහල නැටුම් හොදටම බලාගන්න
      තමා අනේ උඩටම යන්නේ...:(wink

      Delete
  2. මුල ටික කියවාගෙන යද්දිම මට හිතුනා ගෑණුන්ගේ ඕපාදූප කියල..විහිලුවක් කරන්න ඒත් බින්දි අමනාපවේදෝ හිතුන . මෙන්න මගදි බින්දිම කියල ඕපාදූප කියල...හිකිස්..!
    අතීත පොත් එකතුවක් තියෙනවා කීවම හරිම සතුටක් දැනුනෙ...ඒත් මටනම්..එහෙම එකතුවක් නැහැ...කොච්චර හිතුවත් හදාගන්න ඕන කියල කෙරෙන්නෑ.
    සිබිල් නැන්දගෙ කතානම් මසුරං..!
    හි..හි..ගෑනු ව්ච්චූරන කරනකොට..අහක ඉඳන් බලන් ඉන්න අයට පේන්නෙ ඕය වගේ තමා..!

    ReplyDelete
    Replies
    1. අපොයි වී අපේ දිහා පොත් තමා වැඩිපුර තියෙන්නේ .

      ගැහැණු විච්චුරන කරන්නේ ඇඳුම් වලට විතරයි ..හික්

      Delete
  3. නැත නැත බින්දියේ නැත
    මෙහිම උවහරණ ඇත
    කට On lineව ඇත
    කුසලානය ඔබ අතම ඇත

    ReplyDelete
    Replies
    1. බමුණු කුලයේ නොවේමයි අපි
      පරණ හන මිටි කරගැසූ
      වෙනස් වී නම් මෙකල ඕවත්
      අපට කම් නැහැ මින් පසු

      Delete
  4. බලන් යද්දී කෝපි සාද අලුත් දෙයකුත් නෙමේ නේද... මම නම් කෝපි වලට වැඩි මනාපයක් නෑ. බිව්වට පස්සෙ එක එක්කෙනාගෙ ආඩම්බර බලන්න එපායෑ. ඔෆීසියේ ඉන්නවා ඇමෙරිකානු කාන්තාවක්. ලින්සේ..එයා කෝපි මැෂින් එකක්. මාව බලෙන් එයාගෙ යාළුවා කරගෙන...කෝපි බොන්න යන්න..වදේට මාත් යනවා..නිකන් අපරාදේ අස්ප ගණන් දීලා cappuccino බොන්න.

    කෝපි සාද වලට හුඟක්ම ගැලපෙන්නෙ කාන්තාවෝ තමා... කියවන්න දන්නෙත් නෑනෙ වැඩිය..නේද අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ..අපරාදේ කියන්න ඕන නැහැ දුරාතීතේ ඉඳන් ඔය ටයිටලේ අපට ගානකුත් නැතිකොට ..අපොයි මාත් කෝපි ලෝලියෙක් නොවේ .

      Delete
  5. ඔහේගෙනං ඔහේ ගන්න..හොඳ නැහැ නොවැ දොස් කියන්න...

    ඔන්න ඔහේ ඒ අයිතිය බින්දිලම තියා ගන්න... ආයේ මොටද සත වරුස ගානක උරුමය අහෝසි කොර ගන්නේ...

    කෝපිනං ඉතිං මටත් ඕන පදං බොතෑකි...


    අර ලිහිණියට කැපචිනෝ අකැප උනාට අපිටනං කැපයි...

    ReplyDelete
    Replies
    1. ගන්න කිව්වට හොරාටම අපේ උරුමය අහිමි වෙද්දී ..අනේ අපි නැහැ නොව කම්පා වෙන්නේ .

      අපොයි කන බත් එකේ තරමට කෝපි කල්දෙරමකටත් ඇහැකිද ඔබට ආඩම්බර පාන්න

      Delete
  6. නිදහස හා අයිතීන් ගැන කතා කරන්න කෝපි පාටි දාලා විප්ලවයකින් රටක් වෙනස් කළේ ප්‍රංශයයි. ඒත් Les Misérables වලින් කියැවෙන විදියටම දුප්පත් අය විප්ලවයෙන් පස්සෙත් දුප්පත් බවින් ගැලවෙන්නට නිදහසක් හා අයිතියක් ලැබුවේ නැහැ. කෙසේ වෙතත් කතන්දර පොත නම් ප්‍රකාශිත වූ ගමන් සෑහෙන්න ජනප්‍රියත්වයක් ලැබුවා. වික්ටර් හියුගෝ නිවාඩු ගනිමින් සිටිය දී තමයි එය එළිදැක්කේ. ඉතින් ඔහු ටෙලිග්‍රෑම් එකක් යවනවා "?" කොහොම දැයි දැනගන්නට. උත්තරය ලැබෙන්නේ "!" යනුවෙන්, එනම් අති සාර්ථකයි කියන්නට.

    එදා පිරිමි එකතුවෙලා "ඕපාදූප" දොඩද්දී කියන්නෙ ව්‍යාපාර තොරතුරු ගැන නැත්නම් දේශපාලනය ගැන කතා කරනවා කියල. අද එහෙම හැංගෙන්න බැරි අපිට එයාලගෙ කතාබහ "දකින්න" පුලුවන් නිසා!!!!

    ReplyDelete
    Replies
    1. බින්දියේ ගිලිහුණි
      මැය ඒමෙන්
      මා පැළඳු
      කිරුළ නුඹගෙන්!

      Delete
    2. //එදා පිරිමි එකතුවෙලා "ඕපාදූප" දොඩද්දී කියන්නෙ ව්‍යාපාර තොරතුරු ගැන නැත්නම් දේශපාලනය ගැන කතා කරනවා කියල. අද එහෙම හැංගෙන්න බැරි අපිට එයාලගෙ කතාබහ "දකින්න" පුලුවන් නිසා//

      කෙළියා නේද තාප්පෙටම......:D

      Delete
    3. උදේ ඉඳන් සොයනවා අරුණි ඔයාගේ කටට දාන්න උම්බලකඩ කෑල්ලක් . දීලා තියෙන්නේ කට උත්තර නැති වෙන්නම .

      Delete
    4. රත්ත මල් පෙති ඇඳ රෙද්ද ඉන වට
      දෙසු කෙබ්බ පෙර දින
      රොත්ත ලිඳ වට
      ගත්ත ඩෙනිමට
      බැහැ මකන්නට
      තාම ඇයමයි
      හැඳි මිටේ අග!

      Delete
    5. රෙද්ද ඩෙනිමට මාරු වුවට
      ඇද්ද වෙනසක් ඔලුව එකමයි
      ඇන්ද කලිසම් අපේ සමහරු
      රෙද්ද අඳිනා හැටිත් කදිමයි

      Delete
    6. කිව්ව මුත් කවි එකට එක බැඳී
      මගේ රෙද්ද ගිලිහී හෙළුව පෑදුනි
      සද්ද නොකරම සරම ගත්තෙමි
      දැක්ක විට නුඹේ කවියේ අන්තිම:D

      Delete
    7. කවි ලියන්නේ විනෝදෙටමයි
      හිතේ කහටක් නැහැ මලේ

      Delete

    8. ඕව ඔහොමයි
      කවිය මෙහෙමයි
      සතුට බෝමයි
      මේ නෙලුම් විලමයි!

      Delete
  7. "කුසුමලතා" පොත නම් කියවලා නෑ, ඒත් "කුසුම්ලතා" ගුවන්විදුලි නාට්‍යයනම් අහලා තියෙනවා....මහමාතාවෝ..සකලඥාන මහත්තයා හෙම හිටියෙ.....(කෝපි පාටියක් හින්දා ඕපා දිගට ඇදුනට කමක් නෑනේ...?)

    ReplyDelete
    Replies
    1. ඇස් ඇරලා තව බල
      බොට නැද්ද ඉහ මොළ
      රිංගන්න කැපු වල
      සනුහරේ බේර මෙහෙ වර

      Delete
    2. සුමිත් අපොයි කමක් නැහැ . කියවල බලන්න . ටිකක් හිනා වෙලා ලේ පිරිසිඳු ක‍රගන්න කියාපු පොත .

      සයිලන්ට් සහන්..

      නියම කවියෙක්නේ .

      Delete
    3. ලැජ්ජයි අලේ...
      නුඹේ තාලේ අගේ
      හැඩයි මලේ
      කියද්දී අක්ක මගේ!

      Delete
  8. කෝපි කියන්නෙ ඕප දූප වලට උත්තේජනයක්ද මංදා. එහෙම නැත්නම් ඕප දූප වලටම කියන තවත් නමක්ද මංදා ? ගමේ හන්දියෙ කඩේට "කෝපි" කඩේ කිව්වෙ ඒකෙ කෝපි විතරක්ම දුන්නු හින්දා නෙමේ කියලා දැන් හිතාගත්තැකි. කෝපි කඩේ කියන්නෙ ඉස්සර ගමේ තිබුනු ප්‍රවෘත්ති මධ්‍යස්ථානය වගේ තිබුණු තැනනෙ.

    කලිනුත් කෝපි ගැන කතා කරපු හින්දා ආයෙ කෝපි ගැන මතක මෙතන හාර අවුස්සන්ඩ යන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අන්න මට ලියන්න අමතක වුන තැනක්..කෝපි කඩේ ...ගැහැණු ලිඳ ළඟ .පිරිමි කෝපි කඩේ ..හරිනේ ඉස්සර ඉඳන්ම තිබ්බ කුමන්ත්‍රණයක්

      Delete
  9. හි හි...පට්ට ඔපදුපේ අප්පා....තවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හික් ..තවත් කියන්න ඕනද

      Delete
  10. ඕනෙම මගුලකට කෝපි බොන්න යං කියන එක කැන්ගරු රටෙත් සිරිතක්.... මුල් කාලෙ නම් "මං නං කෝපි බොන්නෑ (ලිහිණිගෙ ලෙඩේ), ඔයාලා යන්න" කියලා නොගිහින් හිටියා. පස්සෙ තමා තේරුනේ, මේ කෝපිම බොන්න යන එකක් නෙමේ කියල... ඉස්කෝල කාලෙත් යාලුවෙක් 'මචං ප්ලේන්ටියක් බොමුද' කියල අහලා එක්කන් ගියාම, සෙට් වෙන කට්ටියයි, මූඩ් එකයි අනුව, ඉස්කෝලෙන් හොරෙන් පැනලා, චිත්තරපටියක් බලන්න යන්න උනත් සැට්වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තිසර .බලන් ගියහම කෝපි සහ තේ කියන්නේ මෙවලම්

      Delete
  11. කෝපි සාද නම් මෙහේ එච්චරම නෑ.. ඒත් ඔය මගකදි හම්බුන අය නම් කතා කරන්නේ කෝපි එකක් බී ගෙනම තමයි.. අපිත් ෆාමසියේ උදේට කෝපි එකක් ගහන්න ගියාම කතාවක් සෙට් උනොත් විනාඩි 10ක් 15ක් කෝපි සාද වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. ඔහේ කට්ටිය කෝපි බොන්න රුසියෝනේ

      Delete
  12. මේ බින්දි , සමහර පිරිමි අයත් ඕපා දූප හොයනවා. මා දන්නා කෙනෙක් මේ ළඟදී අපේ ඉඩම කාගෙදැයි හරියටම කියා තිබෙනවා. කවදාවත් හිතුවේ නෑ එයා ඒ ගැන දන්නා වග. අපි දෙන්නාටම හිනා ඒ ගැන අහලා. මම කිව්වා ඕපා දූප මල්ලක් කියලා. හැබැයි ඉතින් ඔය කෝපි තොල ගාමින් වැඩියරියක්ම දොඩන්නෙ ළමයි ගැන, ගෙදර ගැනම තමා නේද?
    එහෙම එකක් වත් නැත්තම් ජීවිතේ හරිම ඒකාකාරියි නෙ. විරුද්ධ පැත්තෙ අයටත් මේ දේ ඕනෙ. කතා කිරිල්ලක් නැතිව සමාජ ගත වෙන්න බැහැ නේ.

    ReplyDelete
    Replies
    1. සමහර ..අය්යෝ අක්කේ සේරම .කොටින්ම මනුස්ස සංහතියම .අඩුවැඩි ප්‍රමාණයෙන් ..

      අන්න හරි වැඩි හරියක්ම ඉතින් කෙලවර වෙන්නේ ළමයි ගැන තමා . එච්ච්රක්ය ස්වාමි පුරුෂයින් ගැන . අපි ඒගොල්ල ගැන හිතන ඔය පිරිමි නොදන්නා කාරනා කොච්චර ගවේෂණය වෙනවද .
      මන් වටිනා සොයා ගැනීම් කීපයක් කළා . හිමිහිට ලියන්න ඕන .

      Delete
  13. ගැහැණු අය උනාම ඉතින් ඕපාදුපයක් කියවන්න ඕනේ තමයි..හික් , නැත්නම් ඒ ගෑනු කමෙන් වැඩක් ඇතැයි.. මමත් ඉතින් කෝපි වලට තමයි මනාප.. තේ වලට වැඩි කැමැත්තක් නැහැ

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද මෙහම හිතන ළමයි

      Delete
  14. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොරතුරට

      Delete
  15. කෝපි අස්සෙන් කියැවෙන... ආදර්ශයක් ගන්න පුලුවන් ඕපයක් දෙකක් එහෙමත් ලියන්න... කැපචිනෝ කෝපි මොන රහද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිරා ඔය වගේ දාර්ශනික දේවල් නිකන් නැති නාස්ති වෙන්න දෙන්න හොඳ නැහැ

      Delete
  16. අපි ඉතිං හැමදාමත් වගේ කලේ නෙළුම් විලට ගොඩ වෙලා ඕපයක් ගහගෙන ඉන්න එකනේ, ඕකට ඉතිං තේ, කෝපිම ඕනැයි.. නැද්ද හොඳයි.?? :D

    ReplyDelete
    Replies
    1. නෙලුම් තේ ...පෙති වේලලා තේ බොන්න හැකි ....

      Delete
    2. I wonder wotda taste gonna be..

      Delete
  17. කෝපි සමග සතුටු සාමීචි..! ඕපාදුප හොඳ සන්නිවේදන මාධ්‍යක් නෙව..:)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ..මන් සම්පුර්ණයෙන්ම එකඟයි

      Delete
  18. කෝපි කාලේ කතාවක්නේ, අලුත් තාලෙට කියලා තියෙන්නෙ..... හැබැයි බිංදුමති අක්කගේ කතා කියන විදිහ එන්න එන්න රසවත් වේගෙන එන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් කොපි කාලේ කතා . ඒ වුනාට මේ කාලෙටත් ගලපෙනවනේ .

      ඔව් මලේ ලියන්න දන්නා උන් හොර වෙනකොට අපිවත් මොනා හරි ලියන්න එපාය .

      Delete
  19. සාමාන්‍යයෙන් කෝපි පාටියක් නැත්නම් පිරිමි කට්ටිය හොට් ඩ්‍රින්ක් එකකට සෙට් වුණාම කතාකරන්නෙම අනුන්ගේ දෙවල් ගැනනේ. අනෙක් අතට එහෙම සෙට්වෙන අය එකිනෙකාගැන හොදින් දන්නවා ඒ නිසා නැවත ඒදේවල් අලුතින් කියනවාට වඩා "පොදු මාතෘකා" කතාබහට ලක්වෙන එක ඕපාදුපමයි කියල කියන්නමත් බෑත ඒවායේ කාලීන වටිනාකමක් අදහස් හුවමාරුවේදි දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ කතා බහ කොච්චර හොඳද . මන් මේක ලිව්වේ වෙනම කාරණයකට . සුහද කතා බහ ඕපාදුප නැති ලොවක් මොකටද . හැබැයි ඒවා මුනට කියන දන්නා අඳුනන උදවිය එක්ක නම් තමා වඩා ලස්සන . නෙලුම් විලේ සුහද පිරිසත් වැඩිය කරන්නේ ඕපාදුප .නමුත් ඒවාන් අප සතුටක් ලබනවනේ. ඒ වගේම අස්වැන්නෙන් කෙරෙන සුන්දර කතිකාවල් ක්පමණ සුන්දරද

      Delete
  20. අපි කෝපි නොබිව්වට අපේ ලොක්ක නං කළු කෝපි බොනවනේ.. එතකොට රතු අත් කොට හැට්ටෙද ඇදං යන්නේ පාටියට.. හැක්..

    ReplyDelete
    Replies
    1. රතු අත්කොට හැට්ටේ අඳින්නේ ..එක්කෝ ඕන නැහැ ..හික්

      Delete
  21. ඔබට නොමිලේම රට පුරා දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම්, ළඟම සිටින කාන්තාවට පවසන්න..
    ඉක්මන් ප්‍රථිඵල සහතිකයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔන්න බලන්න යසිත් කාන්තාවට හිමි රැකියාව කෙමෙන් ගිලිහි යනකොට අපට දුඅක නැද්ද

      Delete
  22. සාමාන්‍යයෙන් ගැහැණු කිහිප දෙනෙක් එකතු උන තැනක කෝප්පයක් දෙකක් (ඕපා දූප) හේදෙන්නේ නැත්තේ කලාතුරකින්. මමත් නිතරම කොපි බොනවා. හමයි ටර්කිෂ් එක තමයි.

    ReplyDelete
    Replies
    1. කෝප්පයක් දෙකක් ..අම්මෝ නැහැ බාල්දි ගණන් .

      ටර්කිෂ් ..එහනම් සාත්තරයක් බලාගන්න හැකි

      Delete
  23. ගැහැනුන්ට හිමි කුසලානය ඒ අයගෙන් ගිලිහි යාම ගැන තියන අවදානම ගැන නම් අබ ඇටේකට බය වෙන්න එපා බින්දී අක්කේ මොකද ඒක කවදාවත් වෙන්නේ නෑ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔයා කියන හින්දා හිත හදා ගන්නම් ..මලේ

      Delete
    2. අ‍පෝ ‍‍මොන පිස්සුද? පත්තර, රූපවාහිනිය ( වි‍ශේෂය‍නේ ස්වාධින රූපවාහිනිය විමසුම ව‍ගේ වැඩසටහන් ) දැක්කම හි‍තෙනවා ‍පිරිමි අය දැන් කප් ගහල කියල. එයාල කාන්තාවන්ට වඩා දක්ෂයි. ඕපදූප මවන්නත්, පතුරන්නත්.... ඒක ‍බො‍හොම වැදගත් විදියට විද්යුාත් මාධ්යට හරහාම කරනවා...

      Delete
  24. හපෝ.... ඕපාදුප මල්ලක්..

    අපිනම් කොපි බොන්නේ නැහැ. කොංගෝ ඉන්න කාලෙනම් හිටියා රටවල් 5 වගේ පිරිසක්.වැඩ ඉවර වෙලා ඉතින් කොපි වගේ දෙයක් බොන ගමන් කතා කරාන්ව. ඒ සිද්දියට මම මාර ආසයි.

    ReplyDelete
  25. කුසුමලතා නම් හරිම අපූරු චරිතයක් තමයි... මමත් ආසා‍වෙන් කි‍යෙව්ව ‍පොතක්. අළුත් මුද්ර ණය නම් තාම ඇහැ ගැහු‍නෙ නැහැ. අ‍නේ බින්දි මට නැහැ‍‍නෙ ඔය ව‍ගේ ‍කෝපි ‍කෝප්පයකට ‍සෙට් ‍වෙලා ඕපදූප කතා කරන්න කවුරුවත්... ම්ම්ම් නැත්තෙමමත් නෑ.... ‍‍කෝපි නැතත් කතා ති‍යෙනවා..... ඒව ගැන නම් ‍වෙනම ‍පෝස්ට් එකක්ම ලියන්න ‍වෙයි...

    ReplyDelete
  26. මගේ බ්ලොග වෙනස් කරද්දී මේ ඉසව්ව හැලිල ගිහින්. වෙන කමෙන්ට් එකක් හරහා තමයි අද මෙතැන්ට ආවේ.ඔන්න අද ආයිත් රෝලට දා ගත්තා.

    ReplyDelete
  27. මම ඔය පොත කියවලා නෑනෙ. :( කොහොම වුණත් "කෝපි පාටි"යකට සෙට් වෙන්නනම් හිතුණා. ඉස්සර මම වැඩ කළ තැන, අපි පුරුදු වෙලා හිටියා කට්ටිය හැමෝම ගේන කෑම බීම බෙදාගෙන කන්න- අපි හය හත් දෙනෙක් විතර වරකට එහෙම රැස් වෙලා කන ගමන් කතාව. මොනවා කැවෙනවද දන්නෙත් නෑ. රස සාගරයක්.

    ReplyDelete