Sunday, 9 December 2012

පිලිපීන කිරිබත් සමග ජපන් තේ ..

මගේ මිතුරියගේ පොඩ්ඩෝ දෙන්නා ඉගෙන ගන්නා පාසලේ ඊයේ ජාත්‍යන්තර දිනය . අපිත් නිකමට ඒ පැත්තේ ගියා . එක එක රටවල දෙමාපියන් බොහොම මහන්සි වෙලා තම තමන්ගේ රටවල අනන්‍යතාවය පිළිබිඹු වෙන දේවල් කර තිබුණ.

නේපාලයේ සමෝසා සමග රසම රස පැණි රස මුරුක්කු ජාතියක් .කන්න ලැබුනා .



..පිලිපින කිරිබත්

 
 

පහල තියෙන්නේ වියට්නාම ආහාර වර්ග කීපයක් .පොඩි කදක් පේනවද . ඔය වගේ කද වල තියාගෙන විශේෂයෙන් ගැහැණු අය ආහාර පාන වෙළඳාමේ යනවා .
 
 
 
 
 
 
 

මෙයත් වියට්නාම . Banh Cuon

ජපන් තේ
 

මේ රස කර කර කන්නේ ම්ම්ම්ම් .....
 

 මෙන්න මේවා



කන බොන එව්වට අමතරව එක එක සෙල්ලම් ජාතිත් තිබුන .

වියට්නාම් බම්බු නැටුම ..සරල ආකාරයෙන්

ඉන්දුනිසියන් ක්‍රීඩාවක් .. අපේ පංචි දැමීම සිහිවෙනවා නේද

ඉන්දුනිසියන් රුකඩ . දැක්ක ගමන් මට මතක් වුනේ ලන්දේසි කාලේ ඇඳුම් . ඇත්ත තමයි එයාලත් කිවේ ලන්දේසි බලපෑම නිසා ඇතිවුන දේවල් කියලා .
 
 
ඉක්මනින් යන්න උවමනාවක් තිබු නිසා හිතේ හැටියට පින්තුර ගන්නත් විස්තර අහගන්නත් බැරි වුනා . තව හුඟක් රටවල කන්න දේවල් තිබුනා . කටේ දාගත්ත මිසක් කැමරාවට දාගන්න නම් බැරි වුනා .
 
 
 
 
 
 
 
 
ඇත්තටම මට පෙන්වන්න ඕන වුනේ කන දේටත් වඩා මෙන්න මේක
 
 
හරිම සියුම් නිර්මානයක් . දවසක කාගෙන් හරි අහගන්න ඕන හදන විදිහ .



තණකොළ පෙත්තා සෑදුවේ මේ අත්දෙක
 

ඔව් ඉතින් මේවා කම්මැලි ලිපි තමා . මේ ටිකේ නම් මේ වගේ මිසක් වැඩිය ලියනවා බොරු .

86 comments:

  1. Replies
    1. බ්ලොග් එකක මුල්ම කොමෙන්ට් එක දාන දෙවනිඉ වතාව මේ :D
      පිලිපීන කිරිබත් හදන්නෙත් අපේ කිරිබත් විදියටමද ? මාර ලස්සන හැඩේ. වෙඩිං එකට කේක් නොහද ඔය ජාතියෙ කිරිබතක් ඉව්ව නම් මරු...

      Delete
    2. හාල් ටිකක් ඇලෙන සුළුයි . හැබැයි පොල්කිරි දානවලු . ඔව් ඔව් අපිත් කැපුවේ කිරිබත් . කේක් ඕන නැහැ .ලාබයි පහසුයි ..ඕනෑම හැඩයක් ගන්න පුළුවන්නේ යසිත් . මගුල් දාට හදවතේ හැඩේට කේක් හරි කිරිබත් හරි කපන්නේ මොකෝ මන්දා .

      Delete
    3. ///මගුල් දාට හදවතේ හැඩේට කේක් හරි කිරිබත් හරි කපන්නේ මොකෝ මන්දා .///

      ඊට පස්සේ හදවතින් වැඩක් නැති වෙන නිසා වෙන්නැති.. හි හි...

      Delete
    4. එක්කෙනා දෙන්නෙක් කරලා කසාද
      බන්දන්න ඕන නිසා..:
      ( මේක තේරුම් ගන්නේ එහෙමත් කෙනෙක් විතරයි)

      Delete
    5. අපිත් කැපුවේ කිරිබත් තමා.. :)

      Delete
    6. ඕක ස්ටිකි රයිස් කියන ජාතිය නෙවෙයිද බින්දි...? මෙහේ පිල්ලියො කිරිබත් හදන විදියටම වගේ හදන්නෙ ඒවා... සීනි ගොඩක් දානවද කොහෙද... පැණි රසයි, ඇලෙනවා... උනුත් ඒක හදන්නෙ කෙසෙල් කොලේ... හරිම රසයි...

      Delete
    7. අඩේ මෙන්න මෙයා නැගිටලා.... :-)

      Delete
    8. ඊට පස්සේ වැඩිය ඕන මොලේ නේ

      Delete
    9. මියුරු ..වෙල්කම් කිවා ඔන්න ..කවිකාරී ..හයිබර්නේෂන් එකෙන් ඇහැරුන මියුරු නේ

      Delete
    10. ඈ මියුරු අරහෙ අබ්ලොග් එක වේලෙනවා. මොකුත් ලියන්න හෙම කල්පනාවක් නැද්ද?
      වෙල්කම් බැක් කීවා.

      Delete
    11. @ කවිකාරි, බින්දි,
      වලහගෙ ගැහැණු සතා කියල ඇහුවෙ මගෙන්ද..? මට ඒක තේරුනේ නැහැ මොකක් ගැනද කිව්වෙ කියල... මං මොකුත් අපභ්‍රංසයක්වත් ලියල තියෙනවද...?

      @ Il mondo,
      අළුත් අවුරුද්දෙම ලියනවද කියල හිතනව අනේ...

      Delete
    12. හික්ස්... ඒක මිසක්... දැන්නෙ තේරුනේ අර මොකාටද වගේ...

      Delete
    13. ආ නිදි කුමාරි නැගිටලා වගේ. සෙන්න නම් කිව්වේ සමර් එක වෙනකන්ම නැගිටින්නේ නෑ කියලයි.

      Delete
    14. ආ..අමතක උනා. ඔයාලට සමර් නේ..

      Delete
    15. "Miyuru"

      ඔව්වට කියන්නෙ ජැස්මින් රයිස් කියල. කන්න බෑ කටේ ඇලෙනව, මළ ජරාව.

      Delete
  2. කිරිබත් නම් ලස්සනයි ..අපේ වගේමද ? පිලිපින්නු ලංකාවේ අය නොකන සත්ව ආහාර ගන්න නිසා එයාලගේ කෑම කනකොට ටිකක් හොයල බලන එක තමයි හොද ... ඔතන එහෙම අමුතු කෑම තිබුනේ නැද්ද කැරපොත්තෝ ඩේවල්, ගෙබි කකුල් සුප් වගේ ජාති ...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ චමියො පිලිපීන අය ඒ වගේ දේවල් කන්නෙ නෑ. ඒත් ඔය බලල් මස් ගැන නම් මොකද්ද එකක් මම අහලා තියෙනවා..කැරපොත්තෝ වගේ දේවල් ඒ අය කන්නෙ නෑ..

      Delete

    2. මාත් මේ බඩේ ගින්දරේ හිටියේ මෙයාගේ
      ඇහැ වහල ඔවුන් ටික අපේ බින්දිට ගෙඹි
      හොද්ද පොවලා ඇති කියල...
      ඔහොම ඒවට ඔය හොද්ද අනිවාර්යෙන්ම
      ගන්නවලු..

      Delete
    3. ඇයි බලු මස්...!

      Delete
    4. අම්මෝ නැහැ . මේ ඉස්කෝලයකනේ . අනික මාත් මෙහ එද්දී හිතන් හිටියේ ඔය විදිහට . නමුත් ඔය අමුතු දේවල් හැම තැනම නැහැ . හැමෝම කන්නෙත් නැහැ . අපි හිතුවට වඩා මේ මිනිස්සු සිවිලයිස් වෙලා .

      ගෙඹි කකුල් ලක්සරි කෑමක් මන් හිතේ . පිලිපීන ආහාර ගැන එතරම් අවබෝධයක් මටත් නම් නැහැ තමා .

      මෙහෙ හරියට වෙජිටේරියන් අයත් ඉන්නවා . මස් කන අය වුනත් මාසෙට දවස් දෙකක් විතර එළවලු විතරක් කනවා බොහෝ විට . මුලිකවම සහල් ආශ්‍රිත ආහාර වර්ග තමා වියට්නාමයේ බහුල .

      Delete
    5. බලු මස් කනව කියන්නෙ පිලීපීන කට්ටිය බින්දි... මාත් එක්ක මෙහේ වැඩ කරන කෙනෙක් කිව්වෙ.. කොරියන් අයත් කනවලු... ඒකටම වෙනම හදනවලු බල්ලො ජාතියක් කොරියාවෙ නම්... අර පිලිපීන කට්ටිය කන බාගෙට හැදිච්චි කුකුල් කළලයකුත් එක්ක බිත්තර දැකල තියෙනවද ඔයා...? මට ඒ කෑම ජාතියෙ නම මතක නැහැනෙ... මට නම් දැක්කම කනව තියා... ආපෝ... උන් නම් රස කර කර කනවා...

      Delete
    6. ලෝකෙ අමුතුම කෑම ජාති 10 ගැන පත්තරේක විස්තරයක් ගිහින් තිබුන කාලෙකට කලින් (අප්ප්‍රසන්නම කෑම කියල කියන්න බෑලු මොන හරි මිනිස් ජාතියක් කන නිසා) ඔය අර්ද කලල බිත්තර ඒ ලිස්ට් එකේ තිබුනා. තව නයි වයිනුත් ඒ ලිස්ට් එකේ තිබුනා, වෙන මතක නෑ අප්පා :(
      ගූගලේ ඇති සමහර විට. මම නම් සර්ච් කරන්නෙ නෑ, අප්පිරියයි :/

      Delete
  3. හොඳට බඩට නම් දාගන්න ඇති තමයි.. එක එක රටවල කෑම ජාති ගොඩක්, සෙල්ලම් ගොඩක්... ළමයි කොච්චර දැනුමක් ලබනවා ඇද්ද.....

    ReplyDelete
    Replies
    1. අපේ ළමයින්ට විශේෂයෙන් කියාදෙන්න වෙලා තියෙන්නේ අපේ රට ගැන තමා . ලෝකේ ගැන නම් අතැඹුලක් සේ දන්නවා හිරු.

      Delete
  4. අක්කා සංස්කෘති කීපයක් එක්ක ගැවසෙන නිසා අත්දැකිම් බහුල ඇති. මොන තරම් දෙයක්ද...

    අර කිරිබත පැණි රසද ? මට එහෙම හිතුනා... පිලීපීන අය රස දූරියන් බීමක් හදනවාලු...අක්කා බීලා එහෙම නැද්ද...

    මගෙ වෙඩිමටත් කේක් නැතුව කිරිබතක් කපන්න මමත් ආසයි...කේක් වලට යන වියදම අපරාදේ...

    පින්තූර ටික දා ගන්න කලින් කටට දා ගත්ත එක වැරදියි...අපිත් මෙතන කට ඇරගෙන ඉන්නවනේ... :D

    ReplyDelete
    Replies
    1. //මගෙ වෙඩිමටත් කේක් නැතුව කිරිබතක් කපන්න මමත් ආසයි...කේක් වලට යන වියදම අපරාදේ...///

      හනේ ඇත්තමයි ඕව ඉතින් ගෑල්ලමයි
      තමා මූලික වෙලා කරන්න ඕනේ..නැත්නම්
      ඉතින් අපේ පැත්තෙන් බැරි වෙලා හරි ඔහොම
      එකක් කියා උනොත් වෙඩිමට කලින් දික්කසාදේ
      ගන්න වෙනවා...

      Delete
    2. //.කේක් වලට යන වියදම අපරාදේ...//

      ඒයි ළිහිණියෝ.. ඔහොම කියන්න එපා බං... අපෙ අම්මා පවු......

      Delete
    3. ලිහිණි ..රස බැලුවේ නම් නැහැ ලිහිණි . දුරියන් සික් ..මන් ආසම නැහැ . මට එන්නේ බෙහෙත් ගඳක් . කන්න ආස එක්කෙනාටත් කන්න විදිහක් නැහැ . මන් ගේන්නේ නැති නිසා . සමහර රටවල පොදු ප්‍රවාහන වල ගෙනියන්නත් තහනම් .

      කිරිබත් ලාබයි තමයි අපි මෙහම කරමු හිරුගේ අම්මත් පව් නිසා . එයාගෙන ඩිස්කවුන්ට් කේක් එකක් අරන් එක දවසක කපන්න . අනික් දාට කිරිබත් කපන්න .


      සයිලන්ට් .[ නම කොට කළා ඔන්න ]
      ..ඔව් ඔව් දෙන්න කතා වෙලා කරන දෙයක් . අපි නම් ඔය වගේ දේවල් හරිම ආසාවෙන් එකඟ වෙලා දෙන්නා තනියම තීරණ අරන් තමයි කලේ . ඒ අතින් අපේ දෙමාපියෝ අපට ඉඩ දුන්නා . ඇත්තටම හරිම සතුටුයි හැමදේම අපි මහන්සි වෙලා ඇවිදලා ලැස්ති වෙච්ච හැටි මතක් වෙද්දී .

      අම්මලාගෙන් උපකාර ගත්තේ අවශ්‍යම දෙකට විතරයි .

      Delete
    4. දන්නවද හිරුවො..මම ඒ ටික ලියලා ..ආයෙම කපලා දැම්මා..උඹ මොනවා හරි හිතයි කියලා... :)

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අමනාප වෙන්න එපා කමෙන්ට් දෙකම මැකුවා . මන් ටිකක් අකමැතියි පුද්ගලිකව තරහ මරහ වෙනවට . බ්ලොග් එකට අදාළ දෙයකට වාද වුනාට කමක් නැහැ . නමුත් අනේ මන්දා .

      Delete
    7. අනේ මන්දා . ඔය දෙන්න එතන ඒ ගැන කතා කරන්න . මාව පටලවන්න එපා . මන් බිස්නස් ක්ලාස් ගිය එක ගැන විතරක් නෙමේ පැරිස් ගිය එකත් කට්ටිය කියෙව්වා .

      කට්ටිය ඔයාට අනම් මනම් කියන එකට මන් විරුද්දයි . ඔය ලියන්නේ ඔයාගේ අත්දැකීම් .එක එක්කෙනාගේ ජිවන අත්දැකීම් වෙනස් . හැමෝම එක විදිහට ලියන්න ඕනත් නැහැ . මගේ කලින් ලිපිය මා ලිවේ ඔන්න ඔය දේවල් ගැන . හුඟක් දෙනෙක් එය තේරුම් ගත්තද මන්දා .

      නමුත් ඉතින් ඒ නිසා මටත් එහෙම කියන්න ඕන කියල නියමයක් නැහැනේ .

      අපහසු කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කිරීම ගැන ඉගෙනීම වැදගත් . මේ ළමයා ටිකක් වැඩිපුර කමෙන්ට් දමනවා නම් එය එයාගේ කැමැත්ත සහ බයිට් . පසුවෙද්දී එයා තේරුම් ගනියි එහෙම කරන්න ඕන නැති බව . ඒ ඇරෙන්න පුද්ගලිකව ඔයාටවත් වෙන කෙනෙක්ටවත් කරදරයක් වුනොත් ඒවා වලකන එකත් මගේ යුතුකම මෙතනදී .

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  5. පිලිපීන කිරිබතුත් අපේ වගේමනෙ...

    අර කොඩිය යට ඉන්නෙ බින්දිද ?

    ReplyDelete
    Replies

    1. ඉතින් අලේ කිරියි බතුයි විතරනේ දාන්නේ..
      එක්කෝ කිරි අයින් කරන්න ඕනේ, නැත්නම්
      බත් අයින් කරන්න ඕනේ වෙනසක් කරන්න නම්:D

      Delete
    2. නැහැ සෙන්නා මගේ යාලුවා . එයා කමක් නැහැ කිව්වා පින්තුරේ දැම්මට

      Delete
  6. අදත් කම්මැලි පෝස්ට් එකක් කියන්ට කට හදා‍ගෙනයි ආ‍වෙ පහළට එනකොට.. ඒත් ඉතිං බින්දියාම ඒ බව කියලානේ.. ඒ නිසා ‍මෙහෙම කියඤ්ඤා, "කෑම කෑම කෑම. මුන්දැට හැමදාමත් කෑමම තමා.." :P

    ReplyDelete
    Replies
    1. ආරක්‍ෂිත හිස්වැසුම් ...හික් .

      හිටින්කෝ අදත් තියෙනව ඔය වගේම එකක් ලියන්න . මේ අවුරුද්දට අන්තිම කෑම පොස්ටුව බොලේ

      Delete
  7. මෙව්වත් ඉතිං අපිට දැන කියාගන්ට හොඳයි... ඒත් ඉතින් කයියක් වගේ රහ නෑ. ඒ හින්දා ඉතින් එහෙම එහෙකුත් ඉඳහිට දාන්ට..

    වියට්නාම ජාතිකයෝ අපි වගේම කොස්, දෙල් කනව සහ අපි වගේම ලූණු දාල, කෑලි මිරිස් දාල අල් තෙල්දානවත් දැක තිබේ.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි කයි වලට . හොඳ එකක් ලියවුණොත් දානවමයි තිසර .

      කොස් කන්නේ ඉදිලා . පොලොස් සුප් හදනවා . කොස් කන එක එච්චර ජනප්‍රිය නැහැ .මට සඳරු මතක් වෙනවා . කොස් කන හැටි මේගොල්ල දන්නවා නම් මේ හැටි කෙට්ටු වේය .
      දෙල් කන්නේ කොහොමද මන්දා . එක දවසක් සයිගොන් වලදී මට දෙල් ගෙඩියක් හම්බ වුනා මාකට් එකක . එච්චර දන්නේ නැහැ කවුරුත් ඒ ගැන .

      මිරිස් දාල අල තෙල් දැමීම ..එයත් එච්චර ෂුවර් නැහැ . ඉදුණු රතු කොච්චි මිරිස් කපලා සෝයා සෝස් වල දාල නම් කනවා . ඒ ඇරෙන්න මිරිස් කන වගක් මන් දන්නේ නැහැ .

      Delete
  8. අනේ අර ගොක්කොල...තණකොලපෙත්තා හදන හැටි කොහොම හරි හොයල දාන්න බින්දි..!
    අපි ඒ දවස් වල පුංචි කාලෙ ගොක්කොලවලින් කොයිතරම් නම් දේවල් කලාද...ඒකට දැන් ලම්යින්ට කෘත්‍රිම සෙල්ලම් බඩු වැහි වැහැලා..වැඩිහිටි අපේ වැරද්ද...!!!

    කෑම ගැනනම් කතානොකරමි. බින්දි පෝස්ට් 10ක් ලිව්වොත්...9ක්ම කෑම හරි බීම හරි..
    මෙයා තරම් පිටරටක ඉදන්සතු‍ටුවෙන කිසිවෙක් නැතිගානයි..:))))

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාගේ නම වෙනස් වෙලා. :D

      Delete
    2. අපි එහම තමයි ..ලෝකේ ඔලුවට කඩාගෙන වැටුනත් හිනා වෙලා ඉන්නේ ..

      අනික් අය කනවා . ඔහේ කාලා දානව මිසක් ලියන්නේ නැහැ . අපි එහම නැහැ . සික් අදත් ලියන්න තියෙන්නේ ඔයින් එකක් .

      ඇත්තටම වියෝ මටත් හිත ගියේම ගොක් කොළ තණකොළ පෙත්තට .

      Delete
  9. මෙහෙමත් කනවද මම අහන්නේ :D :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රමුදි ..ඔය ඉතින් මගේ වෙලාව . කවුද අත බලලා කිව්වා නෙව බඩගින්නේ නම් ඉන්න වෙන්නේ නැහැ කියල .
      බබාලා උපදින්න ඉන්නකොට කොයිතරම් කන්න ලැබුනද . ඒ නිසා ඉඩක් ලද විට එවැනි අයට කන්න ටිකක් දෙන්නයි හිත . ඕගොල්ලොත් එහෙම කාලෙට ළඟක හිටියොත් කියන්නකෝ

      Delete
  10. කන්න තිබ්බනං සැප තමයි...

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් ඕගොල්ලෝ තමයි මතක් වුනේ . බෙදාගන්න තිබුන නම් නේ . මන් ඉතින් මේ කයිවාරු ගැහුවට විවිධ දේ රස බලන්න ආස වුනාට එච්චර කන්න පුළුවන් කෙනෙක් නම් නෙමේ . හැබැයි ඔය පැණිරස ජාති හෙම නම් ගොඩක් කැමතියි . ඉස්සර ඒවා නම් සැහෙන්න කනවා . එස් ලෝන් බටේට දානවා වගේ කියලයි යාළුවො කිව්වේ .

      Delete
    2. හේ.. හේ... සුරුස් ගාල දිරවනවා ඇති...

      Delete
  11. අදත් කෑම ජාති ගැන දාලා තියෙන්නේ. අදනම් මට ඉරිසියා හිතුනේ නෑ ඔන්න.

    අර ඉන්දුනිසියන් ක්‍රීඩාව දැක්කම මතක් වෙන්නේ පංචි ක්‍රීඩාවට වඩා ඔලිඳ කෙලිය නේද? තණකොළ පෙත්තානම් ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතුනෙ නැතිවට මට නම් හිතුන සයුරි...හික්ස්...

      මටත් මතක් උනේ ඔළිඳ කෙළිය... ඔළිඳ පෝරුවත් ඔය වගේම නේද...

      Delete
    2. ඔලිඳ කෙලිය අහල තිබුනට ඒ හැටි මතකයක් නැහැනේ . අපි මේ බෙල්ලෝ අරන් කලේ පංචි දාපු එක . අපේ සංස්කෘතිය නෑකම් කියන්නේ ඉන්දියාවට වඩා ඉන්දුනීසියාව ,කාම්බෝජය , මියන්මාරය වගේ රටවල් එක්ක . ඒ ඉතින් කලකදී මේවා සේරම බෞද්ධ වෙච්ච නිසාත් ලන්දේසින් පෘතුගීසින් මේ කලාපය යා කල නිසා ත් . බලන්න අර රුකඩ වල ඇඳුම් .ආරච්චිලා වගේ නේ

      Delete
  12. වටිනා ලිපියක්... වියට්නාම් භාෂාවට වඩා පිලිපීන (ටැගලෝග්) භාෂාව ටිකක් ලෙසියි, සමහර සිංහල වචනත් තියෙනව (මේස,පු‍ටු)

    ReplyDelete
    Replies
    1. මට වැඩිය ඇහිලා නැහැ කුෂි . ඔබට මේ කලාපය ගැන හොඳ අවබෝධයක් තියෙන බව පෙනෙනවා

      Delete
  13. පොටෝ ටික නම් ෂෝයි....ඒත කන්න බෑනෙ....

    නරකද ඔය කෑමක් හදන හැටියි....ඒ කෑම ගැන ඒ රටවල්වල අයට තියෙන සංස්කෘතික සමබන්ධතා ගැන අතුරු කතා ටිකකුත් එක්ක පෝස්ට් එකක් දැම්මොත්....

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් මටත් ආසයි එහෙම ලියන්න . පරණ ලිපිත් ඇති ඒවගේ . බලමුකෝ ඉස්සරහට

      Delete
  14. සුමිත් ඇත්තටම මට මේවා දකිද්දී එහෙම හිතෙනවා . විශේෂයෙන් අපෙයි මේ ඉන්දුනීසියාව පත්තෙයි සමානකම් ගැන ලියන්න . බලමුකෝ .

    ReplyDelete
  15. ලංකාවෙම කෑම කාලා එපා වෙලා..(කඩ කෑම) සතියට දවසක්වත් අතේ තියන ගානට මේවගේ වෙනස් කෑමක් කන්න පුලුවන්නම් හොඳයි අප්පා.

    ReplyDelete
    Replies
    1. හැමදාම කඩෙන් කන එක නම් අමාරු ඇති තමයි

      Delete
  16. බින්දි මගෙ නංගි ගාව ඉන්න සහකාරි ඇන්ටී, එයා මේ කිරිබත් හදනවා පිලිපීනෙ කෙනෙක්. හරිම රසයි ඇලෙන ගතිය වැඩි තමා. ලස්සන පොස්ට් එක . එක එක රටවල කෑම කන්න ලැබෙන එකත් අමුතු අත් දැකීමක්. මුලදි මට ඒ රටවල සුවඳ එත්දි වමනෙ එන්න වගේ. පස්සෙ හිත සතුටින් රස බලන්න පුරුදු උනා. දැන් ඕනෙම රටක දෙයක් කන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මටත් සමහර දේවල් කන්න අමාරුයි අක්කේ . හැබැයි කාලයක් යද්දී හොඳ දේවල් අඳුන ගන්න ලැබුන .

      Delete
  17. විවිධ සංස්කෘතීන් විඳින්නට ලැබෙන එක මොන තරම් භාග්‍යයක්ද? ළමයින්ට ඒ අවස්ථාව ලැබෙන එක හුඟක් වැදගත්. මටත් ආසයි විවිධ රටවල කෑම වර්ග රස බලන්න. :)

    ReplyDelete
    Replies
    1. ඔයැයි බ්ලොග් ලියන කෙනෙක් නෙමේද? හම්බුනේ නෑ ඒම එකක්

      Delete
    2. ඔව් නලිනි මේ අත්දැකීම් මට නම් රන් හා සමානයි . විවිධ මිනිස්සු හිතන විදිහ කන විදිහ සමානකම් ..ඒවගේම අපට ගන්න තියෙන දේවල් අනන්තයි .

      Delete
  18. ඊයේ බින්දි පින්තූර දානකොට මම උඩ බලාගෙන වියට්නාමේ පුරා රවුම් ගැහුවා. අතීත සැරිසර මතක එක්කයි අරවයි මේවයි අස්සේ නොස්ටල්ජීයා එකේ හොඳම එක. කාලෙකට පස්සෙ ආශාවෙන්ම බලපු හොඳම ඩොකියුමන්ටරි වලින් එකක්.

    ඇත්තෙන්ම ලෝකය එක යායක් වෙනවා කියන්නේ මේ වගේ ඒවට වෙන්න ඕනේ නෙද බින්දි? විවිධ සංස්කෘතින් එක්ක මික්ස් වෙන එකම මදිද?

    අනික ඉතින් දැන් ඔයාගෙන් කම්මැලි හා කෑම පෝස්ට් මිසක් වෙන දේවල් කොහෙද ගෙදර යන්න භාගයක් කකුල එලියෙ තියන් ඉන්න වෙලේ.

    ReplyDelete
    Replies
    1. නියම ගැලපීමක් රන්ගි ..ඔව් මේ ටිකේ එහෙම තමයි.

      Delete
  19. ඔය ජපන් තේ ගැන පොඩි විස්තරයක් කියන්නකෝ. හෙනට වෙනස්නේ, තව මම හලතියෙ තිත්තයි කියල කතාවකුත්. දන්නෙ නෑ හරියටම.කියන්න බලන්න මොකක් හරි විශේශත්වයක් තියේ නම්

    ReplyDelete
    Replies
    1. මේ ග්‍රීන් ටි වර්ගයක් ..හුඟක් තිත්ත නැහැ . හැබැයි අමු කොළ කොටලා හදන ජපන් තේ තද කොළ පාටයි . තිත්තයි . එය තමා ජපන් සම්ප්‍රදායක තේ පානයට ගන්නේ . බිලා තියෙනව . බොන ක්‍රමයත් වෙනස් . එකම කෝප්පෙන් වටේටම අය බොනවා . මේ ගැන කියන්න නම් තේ ලිපියක් ලියන්නම වෙනවා . අනාගතේ ලියමු සමි

      Delete
    2. මං ජපානෙ හිටි කාලෙ පංති දෙකකට විතරක් ගියා ඔය තේ සෙරමනිය ඉගෙන ගන්ට කියල. ජපන් නෝනලා නොමිලේ ඉගැන්නුවෙ. දනගහගෙන ඉඳලාම පංතිය එපා උනා, ගොඩක් නීති ඒකට. දොරෙං ඇතුලුවෙන තැන පටංම. හැමෝටම කෝප්පෙ ගානෙ තිබුන. මුං ඇට වලින් හදන sweet rice and red bean cake එකකුත් ලැබුනා

      http://en.wikipedia.org/wiki/Japanese_tea_ceremony

      Delete
  20. පමාවෙලා ආවෙමි මම මේ පැත්තේ
    පිලිපීනේ කිරිබත් කන්නට ඇත්තේ
    තණකොළ පෙත්තෙක් වෙලා හරි, ගොක් අත්තේ
    එන වසරේ එනවා මම ඔය පැත්තේ

    ReplyDelete
    Replies
    1. පොත්ගුල්ලාට වැඩ වැඩි වී ඇති කලට

      මකරන්දයට ගිය කල ගැන දුක අපට

      කැඩුමට මකුළු දැල් පිරිලා ඇති එමට

      කොස්සක් අරන් දෙන්නම් නගරෙන් නුඹට

      Delete
    2. පාසැල් නිවාඩුව
      ලැබුණි සිකුරාදා සිට
      මකුළුදැල් අස්කොට
      ගෙනෙමි නව ලිපි යළිත් අද හෙට

      Delete
  21. ලින්ක් එකේ "කිරිබත්" කියල තියනවා දැක්කම දුවගෙන ආවේ. මගේ ප්‍රියතම කෑමක් තමා කිරිබත්.. බලපුවම කෑම ගොඩයි නේ.. :)
    ෆොටෝ ටික ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන . ඇත්තටම ඊයේ කිරිබත් කැවුම් කොකිස් හදල කන්න ලැබුන . ඒ ගැන ලියන්නත් ඉඳල නිකන් හිටියා . කන එකමයි කියල මේ ගොල්ල මට හිනා වෙන නිසා ..D

      Delete
  22. මගෙත් ආසම කෑමක් තමා කිරිබත් කියන්නේ.....නම කිව්වත් කටට කෙල උනනවා...හික්....

    ReplyDelete
  23. මේ පැත්තට එන්න ටිකක් විතර පරක්කු උනා අක්කණ්ඩි....


    මම මූණුපොතේ මේ පින්තූර ටික දැක්කා... ඕගොල්ලන්ගෙ වැඩේ හැමදාම කෑම පොලවල් දාන එකද කියලත් හිතුනා... අර බට නැටුම කරන ආකාරය බලාගන්න වීඩියෝවක් දැම්මා නම් තමයි අගේ...මේ කෑම වලින් මගේ හිත ගියේ Banh Cuon වලට...ඒවා හදන්න අරන් තියෙන්නෙ මොන මස්ද ?

    ReplyDelete
  24. ආසියාතික රටවල කැම අතර කිරිබත අපට වගේම අනෙක් රටවලත් ජනප්‍රිය කෑමක් එහෙනම්. ලස්සන පිංතූර ටිකක්. ඒක්කම අලුත් විදියට හිතන්න පුළුවන් ලෝකය ගැන

    ReplyDelete
  25. අක්කට පුලුවන්ද ඉස්සර අපි ගොක්කොල වලින් හදපු එක එක විදියේ දේවල් ඒ කියන්නේ සෙල්ලමට ගන්නේ. රූන් පෙත්ත අරවද මේවද ,අන්න ඒ වගේ දේවල් හදන විදිය මතක් කරන්න.මම දන්නවා ගැරඩියෙක් හදන්න.

    ReplyDelete
  26. රසවත් අත්දැකීමක් අරගෙන වගේ

    ReplyDelete
  27. දැන් මේ පැත්තෙත් දිගටම කන බොන ඒවා වගේ :D

    ReplyDelete
  28. ලෝකෙ ගඳම කෑම = පිලිපීන කෑම.

    ReplyDelete