Tuesday, 1 January 2013

හරිම බරැති වචන තුනක්

''ලංකාවට ගිහින් ආමි  . ''
ලෙහෙසි පහසු වචන තුනේ වාක්‍යයකි


දුවල පැනල එකතු කරපු
සුට්කේස් පහේ තියෙන
කිලෝ අනු නමයට නම් වඩා වැඩියි
පොඩ්ඩක් හරි ..

වචන  තුනේ බර කිරුවොත්

එල්ලා ඇති බරට බරේ
 හමු වන්නට දුන් පොරොන්දු

එක වචනෙක අමුණා ඇත
අම්මලාගේ කඳුළු බින්දු

තුත්තිරි වාගේ ඇලවී
ගලවා ගනු බැරුව ගිහින්

''අනේ අපිව අරන් යන්න ''
යයි කිය කිය

පරණ පාරවල යනකොට
වැටිල තිබුන පරණ මතක



''ලංකාවට ගිහින් ආමි ''

හරිම බරැති වචන තුනකි



82 comments:

  1. ඇත්ත ඒ වචන 3 ඇතුලෙ කියාගන්න බැරි බොහෝ දේ සිරවී ,තෙරපී තිබෙන වග මටත් දැනෙනවා.... සෑහෙන කලෙකින් හමු වී යලි වෙන්වෙන නිමේෂය කෙතරම් නම් හැගීම්බර දැයි ඔබට පසක් වෙන්නට ඇති.

    මෙවර සංචාරයේදී ලංකාවේ ආගිය තැන් පිළිබදවත් ඉදිරියේ දිනක ලියන්න...

    නව වසර ඔබට සහ පවුලේ සියල්ලන්ටම සුභ වේවායි පතමි !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් සිරා .
      ලංකාවේ ආගිය ස්ථාන නම් එහෙමකටයි කියන්න දෙයක් නැහැ . පුද්ගලික වැඩ කටයුතු තමයි .අනික් අතට මේවා කියවන අයටත් ඒවා එච්චර අලුත් දේවල් නෙමේනේ . නමුත් විවිධ සිතුවිලි හුඟක් පහල වුනා . ඒ ගැන නම් ලියන්න ඕනේ .

      හැමදේම සිතේ තමයි . හඬන වැලපෙන සමුගැනීම් නම් නෙමේ . අම්මලා වුනත් එළිපිට අඬන්නේ නැහැ . අපි මෙහෙ සතුටින් සහ සැපෙන් ඉඳීම ගැන ඒ අය සතුටුයි. ඒගොල්ලන්ගේ තනියට ඉන්න කියල කවදාවත් කියන්නේ නැහැ .

      Delete
  2. නියමයි......

    බින්දිටත්...පවුලේ සියලු දෙනාටත්....2013 සුබ නව වසරක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සුමිත්

      Delete
  3. කවදත් වගේ කවිය නම් එළ.. වෙනස්... රහයි... දුකයි...

    සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් ..ඔබටත් සුබ නව වසරක් වේවා !

      Delete
  4. ඇත්තටම ඔයා ඇවිත් ගියාද?
    බින්දි ඔයාටත්, පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා... නෙළුම් විලේ නිමක් නැතිව සුවඳැති මල් පිපේවා....

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියා තරු . ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  5. බින්දි හරි සතුටුයි ලංකාවට ඇවිත් ගිය එක ගැන. මොනතරම් සතුටක් දැනෙනවද ලංකාව දකින කොටත්. වාසනාවන්ත නව වසරක් ඔබට හා පවුලේ සැමටම.

    ReplyDelete
    Replies
    1. ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා නලින්

      Delete
  6. Replies
    1. ඔබටත් එසේම පතමි

      Delete
  7. හ්ම් හ්ම්. දවස් ගෙවිලා ගිහින් අපත් නොදැනම. විරහ දුක රැඳුණු කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. සති දෙක නිකන් දිය වෙලා ගියා වගේ .

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. බින්දි ලියලා තියෙන හැම පදයකම බර කිරුවොත් කොහොමද කියලත් හිතුන ... :D

    සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. කිරන්න තරාදි මදි වේවි ..

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අරුණි

      Delete
  9. ගෙදර ගිහින් මොනාද කෑවේ ?

    හි හි හී... එහෙම ඇහැව්වොත් කියා ගන්න දහසක් දේවල් තියෙයි නේද ?

    අක්කා දුර රටක ඉඳන් ගෙදර ගිහින් ආවම හිතට දැනෙන බර ගැන කුමන කතාද...මම මේ මාසයකට සැරයක් විතර ගිහින් එද්දිත් දැනෙන දුකේ හැටියට...

    කොහොම උනත්..ලංකාවෙන් එකතු කරගෙන ආව රසබර කතා ඇති..පස්සෙන් පහුවට කියන්න...අපි බලාගෙන ඉන්නවා..

    ලැබුවාවූ අලුත් අවුරුද්ද..අක්කාටත්, පවුලේ හැමටත් නිදුක් නිරෝගි සතුට පිරුණු අවුරුද්දක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. කන්න ආස පැණිරස ජාති තමා වැඩියම .

      ඔබටත් සුබ නව වසරක් වේවා ලිහිණි

      Delete
  10. මේ පාර ඔක්කොමල ගියේ නැද්ද ලංකාවට?

    පොඩිවුන් දෙන්නටයි ඔය දෙන්නටයි හතර දෙනාටම සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. මේ වලිග දාල කොහේ යන්නද රවී . සේරම ගියා . සේරම ආවා .

      ඔයාටයි ගෙදර හැමෝටමයි සුබ නව වසරක් වේවා !

      Delete
    2. නෑ බොලේ මම එහෙම ඇහැව්වෙ කිලෝ අනූ නමයක කතාවක් කියාපු නිසා..:) අඩේ හතර දෙනෙක් ගිහිල්ලත් කිලෝ අනූනමයද ගෙනියන්ට දෙන්නෙ?..:(

      Delete
    3. ඕගොල්ලන්ට කිලෝ කියක් දෙනවද . බොලේ අපි එන්නේ ප්ලේන් එකක . හරි නම් එකාට කිලෝ 20 යි . මෙතන වැඩියෙනුත් ගෙනත් .

      Delete
    4. සිකේ අම්මප..කිලෝ විස්සද බැගේජ් එලවන්ස් එක?...හෑපෝ...ඔයාල යනව ඇත්තෙ අර වියට්නාම් යුද්දෙ කාලෙ වෙඩි තියල බිම දාපු ඇමරිකන් ප්ලේන් ආයම රෙපයාර් කරපුවගෙ වෙන්න ඕන එකත් එකටම...ඔය දහිර වාට්ටු වල යනකොට ඉතිං කිලෝ විස්ස තමයි ගෙනියන්නෙ දෙන්නෙ...හෙහ්, හෙහ්,

      ආං ළමයා ඒකට අපි ...Only five star airline in the world…..හරිය….....බැගේජ් එලවන්ස් එක කිලෝ 46යි..ඒකත් ඉකොනොමි ක්ලාස් හින්ද...බිස්නස් නම් 56 ක්ද කොහෙද...හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7 යි. ඒත් තව කිලෝ තුන හතරක් වැඩි උනාට අවුලක් නෑ..

      මේ පහුගිය පාර ගෙදර යද්දි බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි ඔන්න..මම අරං ගියා අඩි දෙකාමාරක විතර රටඉඳි කොටයක්..වංගෙඩියක් හදාගන්න..රටඉඳි වංගෙඩිවල කොටාපු සම්බෝලෙ ආය නෑ දිවිය ලෝක රහ....හෙහ්, හෙහ්...

      Delete
    5. වෙන්ට ඇති ..වෙන්ට ඇති . සිංගප්පුරු කාරයා එයාර් බස් කිය කිය එව්වා වෙන්න ඇති රෙපෙයාර් කොරනවා ඇත්තේ ..සික් විතරක් .

      හෑන්ඩ් ලගේජ් ගැන නම් කාටවත් කියන්න හෙම එපා ඔන්න . කිරුවොත් නම් හමාරයි . කිලෝ පහළොවක් විතර ඇති එව්වයේ බර .

      Delete
  11. ඇති යාන්තං ආපහු ඇවිත් තියෙන්නෙ.. විලේ වතුර ටික ටික පල් වේගෙනයි ආ‍වෙ, හොඳ වෙලාවට දිය කැලැත්තුවෙ.. :D

    ReplyDelete
    Replies
    1. ආව නේන්නම් . බුරා ගියේ නැද්ද ගමරට

      Delete
    2. මකරන්දෙ පැත්තෙත් නාව එකේ මමත් හිතුවෙ බුරා ගම රට ඇවිත් කියලයි. අන්න මං බුරාට කවියක් ලිව්ව.

      Delete
    3. කවිය කියෙවුවා පොත්ගුල්ලා.. මම ඒකට පිළිතුරු කවියක් ලියලා දාන්ටයි හිතාන උන්නෙ, නමුත් නොයෙකුත් වැඩ කටයුතු අස්සෙ ඒක එහෙම්මම මගඇරිලා ගියා.. ස්තූතියි කවියට!

      Delete
  12. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා බිටල්

      Delete
  13. ලෙහෙසි පහසු වචන තුනේ;

    ... නියම බර අපූරුවට විග්‍රහ කරලා තියෙන්නේ ....පද සියල්ල තුලම.. හැගුම්බරව..

    හරිම ලස්සනයි.

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගමේ එකා ටත්

      Delete
  14. ලංකාවට යනවට වඩා වේදනාකාරි ආයෙම එන එක.. ඒත් ඒක බින්දි අක්කලා අපි අගේ අයට අත්විදින්න උන දෙයක් වෙලා..

    සුභ නව වසරක් බින්දි අක්කටත්..

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් දිනේෂ් ඔබටත්

      Delete
  15. Replies
    1. ඔබටත් සුබ වේවා

      Delete
  16. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා !!!

      Delete
  17. බින්දිලා රට දාලා ගිහින් දුක් විඳිනවා.. මං ගෙදර දාලා ඇවිත් දුක් වෙනවා.. බැලුවාම දාලා යෑම දුකක් තමයි... ඒ වැඩි වෙන්නේ මතක වැඩි උනාම... මතක අමතක කරන්න පුළුවන් නම්... සදාචරවත්ව ඒක හරි නැති වැඩක් උනාට හිතට හරියන්න නම් එහෙම කරන්න පුළුවන් උනාට කමක් නෑ කියලා හිතෙනවා..

    බින්දිටත් පවුලේ අයටත් සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. දුක වුනත් කරන්න ඕන දේවල් ඒ ඒ කාලෙට කරන්න ඕන හිරු . සමහර විට දුරින් ඉන්නකොට හොඳ වෙන දේවලුත් තියෙනවා . පෙරලුන ඇත හොඳයි කියා ඉන්න ටිකේ ඉඳිමු .

      ඔබටත් ගෙදර සේරමටත් සුබ නව වසරක් වේවා !

      Delete
  18. අලෝ...අලෝ....මෙන්න මෙයා ඇවිත්...:)

    ලැබුවාවු නව වසර නෙලුම් විලටත්, විලේ ආරක්ෂකයාටත්, අර පිපිලා තියෙන ලස්සන නෙලුම් මල් දෙකටත් වාසනාවන්ත එකක් වේවා....

    තවත් මල් මේ අවුරුද්දේ පිපේවිද? :D

    ReplyDelete
    Replies
    1. තවත් මල් ...කතා කරන්න එපා . අපි අපේ ඩියුටිය කරලා ඉවරයි. දැන් අයගේ වාරය ..හික්

      පොඩි නැතුව පාළුවේ හිටියේ . ඔබටත් සුබම සුබ නව වසරක් වේවා .!!
      හිතන දේවල් ඉටු වේවා

      Delete
  19. නාඩ ඉන්න ඉතින්... මේ අවුරුද්දෙත් කද මළු උස්සගෙන ලංකා සවාරියට යන්න පුළුවන් නොවැ. අවුරුඩු4කින් යාගන්න බැරි උන මට වඩා ඔයා වාසනාවන්තයි. මේ සැරෙත් පරිප්පු යහමින් ගෙනාවද? :) ඔයාටයි පවුලෙ ඔක්කොටමයි සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝස කුමාරි ..ඔයාටත් සුබ නව වසරක් .

      ඔව් ඔව් අපි ඉතින් කොහොම හරි අවුරුද්දකට පාරක් යනවා ., ඔයාට තරම්ම දුර නැහැනේ .

      මේ පාර පරිප්පු අඩුවෙන් ගෙනාවේ . වැඩි ගානටවත් මෙහෙ ගන්න නැති කිතුල් හකුරු , පොත් වගේ ඒවාතමා වැඩිය ගෙනාවේ

      Delete
  20. හරිම බරයි නේන්නම්.... පාරේ වැටිලා තිබ්බ මතකත් අරගෙනම ඇවිත් වගේ... ඕවා අකුරු කලොත් බරෙන් ටිකක් නිදහස් වෙන්ට ඇහැකි. බින්දි ටත් සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලියන්න ඕනේ . මගේ විතරක් නෙමේ අපි දෙන්නගෙම කතා සහ මාමණ්ඩි ගේ අතීත කතා ගොඩක් තියෙනවා

      ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  21. මටත් හිතුනා එහෙම වෙයි කියල කවි ලියන කොට.. ජය වේවා. Happy new yearයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා

      Delete
  22. සුබ නව වසරක් වේවා.............!!!!

    ReplyDelete
  23. ඉතින් බින්දි, මුලින්ම වාසනාව සතුට සම්පත පිරි සුබම සුබ නව වසරක් වේවා! යි සෙනෙහසින්ම පතනවා. එන්න බැරි උනාට හරිම දුකයි බලලා යන්න. වැඩියත්ම පොඩි පැටව් දෙන්නා දකින්න ආසවෙ හිටියෙ. ධර්ම දානයටත් තෑග්ගටත් බොහොම ස්තූතියි!.
    මගෙ අම්මා ඉන්නෙ මට ඇවිදින දුර. එයා පලවෙනිදාට අපිට කෑමක් දාගෙන මට හදිසියේ කතා කලා එන්න කියා උදව් වෙන්න. ඉතින් කවදාවත් බැහැ කියන්නෙ නෑ යනවා. අනේ, මගෙ මහත්තයාත් ඒවා ඉවසාගෙන ඉන්නවා. මම අම්මා නැතිව බොහෝ කාලයක් හිටිය නිසා එයා දන්නවා මට කොතරම් එයාව වටිනවාද ? කියලා. අනෙක තව කී කාලයද එයාලව සතුටු කරන්න පුලුවන් වෙන්නෙ. ඒ නිසා මට සමාවෙන්න හොඳේ. ලබන පාර එන්න කලින්ම ඔන්න ආරාධනාව.
    ඉතින් නංගි , තව තව නෙළුම් විලේ මල් පිපේවා! කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි අක්කේ මන් නොදන්නවය . අනික් අතට අවුරුදු අන්තිම කියන්නේ හැමෝම වැඩ වැඩි කාලේ . එන්න කියපු දා මටත් එන්න බැරි වුනානේ . අම්මගේ ශල්‍යකර්මය නිසා . අපි ආයේ හමු වෙමු .

      Delete
  24. ඇඬෙනවා...!!!

    බින්දි ලංකාවෙද හිටියෙ...?
    මන් ඒත් බැලුව කෝ කියල....මූනුපොතේ අයනම් දැනගෙන ඉන්න ඇති..!

    ගොඩක් අය දෙසැම්බර් ලංකාවෙ ඉඳල තියෙන්නෙ බලාන ගියාම...
    අපරාදෙ ගෙට්‍ටුව දෙසැම්බර තියන්න තිබ්බෙ.
    ඔබ ඇතුලු පවුලේ සියලුදෙනාට සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩිය නොකියා ගියේ ඉතින් හම්බ වෙන්න බොරු පොරොන්දු දෙන්න බැරි නිසා . ඇත්තටම ගාලුත් ගියා . වියා මතකුත් වුනා . කෝ ඉතින් වෙලාවක් .

      කවද හරි හමු වේවි ..

      ඔබට සුබ නව වසරක් වේවා

      Delete
    2. ගාල්ලට කිට්‍ටුව හය්වේ අතුල්වීමේ/පිටවීමේ තැනක් තියෙන නගරයක මම කාර්‍යාලය මේ මාසෙ පටන්ගන්න ඉන්නෙ. මෙච්චර කල් ගෙදර වෙනම හදපු කාර්‍යාලයක හිටියත් ප්‍රධාන පාරට මුහුනලා නැති නිසා තැන වෙනස් කලේ...ගෙට්‍ටුවට ගියාම අනන්‍යතාවය වෙනස් වෙනවනෙ....එතකොටම හරියට කියන්නම්...ලබන සැරේ ගාලු යනකොට එන්න.

      Delete
  25. මාත් ගිහින් ආවා මගේ කතාවත් ඔය වගේම තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් ඔය ඉතින් අපි හැමෝම වෙනුවෙන්

      Delete
  26. බින්දි අක්කාත් ලංකාවට ඇවිත් ගිහින්නේ බලනකොට... ලංකා සවාරිය ගැනත් ටිකක් දාන්නකෝ... අක්කාටත් පවුලේ සියළුදෙනාටත් සුභම සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් තොටියෝ ඇවිත් ගිහින් තමයි. සවාරිය ගැන නම් ඉතින් හැමෝම දන්නා දේවල්නේ කියන්න වෙන්නේ . පොඩි ගමනයි ගියේ . අනික්වා ඉතින් අනිවාර්ය වැඩ කටයුතු .ඔබටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  27. බරයි නේන්නම්... ඒකෙ බර දන්නෙ ඔසවන් යන්නෝම තමා.. ආපහු එනකොට බර වැඩියි.. හිතේ බරත් එක්ක.

    බින්දි පවුලේ සැමට සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සෙන්නටත් සුබ නව වසරක්

      හොඳ වෙලාවට බෑග් මලු එක්ක ඔය බර කිරන්න විදිහක් නැත්තේ . නැත්නම් දඩත් ගෙවන්න වෙයි

      Delete
  28. ලංකාවට යමි = සතුටේ උපරිමය.
    ලංකාවට ගිහිං ආමි = වේදනාකාරී ..

    සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  29. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔඅබටත් එහෙම්ම වේවා

      Delete
  30. කෙටි නිවාඩුවකට සිරිලක පැමිණ ගෙවු මිහිරිතම දවස් සේම මේ නව වසර සතුටින් සොම්නසින් පිරේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  31. සුභ නව වසරක්... තව තවත් ලියන්නට ශක්තිය ලැබේවා... ජයෙන් ජය වේවා!

    ReplyDelete
  32. හ්ම්, එහෙනං කවියකින්ම වැඩ පටං අරං තියෙන්නෙ. මම මේ පෝස්ට් එක දැං නෙ දැක්කෙ. මේ දවස්වල බ්ලොග් ගැන ඇහැ ගහගෙන හිටියත් අදත් මම පරක්කුයි.

    බින්දිටයි, බනියටයි, ලොක්කිටයි, මහත්තයටයි සුභ නව වසරක් වේවා!

    මට නං කවියෙ පොඩි අවුලක් පේනව වගේ;
    7වෙනි පේලිය, අකුරු තුනේ නෙමෙයි, වචන තුනේ වෙන්න ඕනෙ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මයි . ඔන්න හැදුවා . ස්තුතියි පොත් ගුල්ලට

      ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  33. අපි ඔය බර බිම තිබ්බා විතරයි.
    ඇයි බං බින්දි කිව්වෙ නැත්තෙ ඔය වගක්?
    අපිට අහම්බෙන් මුණගැහෙන්නත් තිබ්බනෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වැඩිය නොකියා ගියේ පොරොන්දු කඩන්න වෙන හින්දා . හැමදාම එහෙමයි .ආයෙත් වැඩ නේද

      Delete
  34. ලංකාවට යන්න කලින්
    සතුටු සිනා මල් දහසක්
    පරණ මතක සිය ගනනක්
    හිත ඇතුලේ මහ සටනක්

    ලංකාවට ගිහින් ආමි
    හරිම බරැති වචන තුනක්
    එත් එක්ක අරන් ආපු
    කඳුළු බිංදු සිය දහසක්..

    මමත් ලංකාවට යන්න දවස් ගනිනවා...

    සුභම සුභ නව වසරක් වේවා බින්දි

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මුතු...ලස්සන පද පෙළ

      Delete
  35. Replies
    1. ඔබටත් එසේම වේවා බුවා !!

      Delete
  36. "අපි ආමි" නෙමෙයිනේ :P

    ReplyDelete
    Replies
    1. නැහැ අපි නේවී

      Delete
  37. කෙටි නිවාඩුවකට නම් ලංකාවට ගිහින් එනවා කියන්නේ මරන්න ගෙනියනව වගේ වැඩක් ඒත් දිග නිවාඩුවක් උනාම නම් ඒක වෙනස් වෙනවා . . . මට නම් එහෙමයි . .

    ReplyDelete