Saturday, 12 January 2013

ලේනෝ ලේනෝ මේ දත අරගෙන ...



අපේ පොඩි දෝනිගේ කිරිදත් දෙකක් දත් දොස්තර ලවා ගලවා දමන්නට සිදුවිය . ඒ දත් වලට පිටුපසින් අලුත් දත් මෝදු වන්නට වූ බැවිනි .

සෙලවෙමින් තිබුණ උඩු ඇන්දේ දත් දෙකක්ම වැටි ඈගේ දඟකාර මුහුණට අහිංසක සුරතල් බවක් ලැබී ඇත .

එයින් එකක් වැටුනේ සියලාගේ ගෙදරදීය . දත ලේනාට දෙන්නයි නොයෙක් උපදෙස් ලැබුනද මගේ දත දමා යන්නට බැරි යයි කියමින් එය රැගෙන ආවාය .

අනෙක් දත ඊයේ පාසලේදී වැටුන බැවින් හෙදිය ප්ලාස්ටික් බෑගයක දමා  දී තිබිණි .. ඇයටත් කුඩා මිතුරු මිතුරියන්ටත් මේ වයසේදී දතක් වැටීම යනු එක විදිහට වීර කමකි . වැඩිපුර දත් වැටීම යම් ලෙසකින් අන් අයට වඩා ''ලොකු '' බව පෙන්වන ලක්ෂණයක් ලෙස සිතන බවත් පෙනේ .

'ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් මට දියෝ දියෝ ''

අප වැටුණු කිරි දත් වහලයට විසිකර දැමුයේ ඒ ගීතයද ගයමින් බව මතකය . අදත් අපේ රටේ  දරුවන් එසේ කරනවා ඇතැයි මම සිතමි .

බටහිර රටවලින් පැමිණි ළමෝ  නම්  කොට්ටය යට තබන දත, දත් සුරංගනාවිය රැගෙන  මුදල් ත්‍යාගයක් තබා යන බව සිතා සිටිති .

වෙන වෙන සුරංගනාවන් සිටින බව ඉත සිතින් පිළිගත් මගේ පොඩ්ඩන්ට  මේ දතේ සුරංගනාව ගැන නම් එතරම් පිළිගැනීමක් නැත .

කොරියන් මිතුරියක් කිවේ ඔවුන්ද දත් ලේනාට දෙන බවය . ඒ අසා අනෙක් රටවල් කෙසේ කරන්නේදැයි සොයා බලනට ආසාවක් ඇති විය .

ජපානයේ සහ කොරියාවේ අප මෙන්ම ලේනාට විසී කිරීම හෝ නිකන්ම වහලයට විසි කිරීම සිදුවේ . උඩු ඇන්දේ දත් බිම් මට්ටමින් විසි කරන අතර යටි ඇන්දේ දත් වහලයට උඩින් විසි කෙරෙත් .

එහි තේරුම උඩු ඇන්දේ දත් පහලට කෙලින් වැඩිම සහ යටි ඇන්දේ දත් උඩු අතට වැඩිම වේ .

වියට්නාමයේදී සියලුම දත් වහලයට උඩින් විසි කෙරේ .

ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ''ටුත් ෆෙයරි '' හෙවත් දන්ත සුරංගනාවගේ සංකල්පය බිහි වී ඇත්තේ ප්‍රංශ අභාශයෙනි . එහිදී මියෙකු සුරංගනාවක් වූ බවට කියවේ .


කම්බෝජියාවේදී උඩු ඇන්දේ දත් වළලනු ලබයි . යටි ඇන්දේ දත් වහලයට විසි කෙරේ .

තුර්කි දෙමාපියෝ  තම දරුවාගේ මතු දියුණුව උදෙසා අදාළ ස්ථාන වල දත් වළලති .

උදාහරණයක් ලෙස තම දරුවා දොස්තර කෙනෙකු කිරීමට අවශ්‍ය නම් දත රෝහල් බිමක වැළලීම සිදුවේ .

හොඳ වෙලාවට අපට ඒ පුරුද්ද පැමිණ නැත්තේ .

මොන්ගෝලියාවේ ළමෝ  දත බල්ලන්ට කෑමට දෙති . බල්ලා ශක්තිමත් සතෙක් ලෙස සැලකීම එයට හේතුව වේ .

නයිජීරියාවේ කිරි දත් ඒමේදී තෑගී පිරිනමන අතර වැටුණු කිරි දත් අට්ටාලයේ සඟවයි . මියන්ට නොකන ලෙස ගීතයක්ද ගයමින් .

ඇතැම් රටවල වැටුණු දත් රන් ආලේප කොටඅබරණ සාදයි . ඇතැම් විට වටිනා වස්තුවක් මෙන් සුරකියි .

බොහෝ විට ලේනා සහ මියා දත් වල භාරකරුවන් ලෙස සලකන්නේ ඔවුන්ගේ ශක්තිමත් දත් නිසා බවයි මගේ හැඟීම .

එමෙන්ම සුළු සුළු සිද්ධීන් සමග ඈත එපිට සංස්කෘතීන් වල එක සමාන ලක්ෂණ ගැන සොයා බැලීම අපුරු කටයුත්තකි .

එකම මුලයකින් ඇරඹි ලෝක ගෝලය පුරා විසිර ගිය මානවයා ජිවිතයේ බොහෝ අවස්ථාවන්වලදී එකම ලෙස සිතීම අපුරු නොවේද .....



ප..ලි.

වැඩිමනක් කියවීමට අවශ්‍ය අයට ...

http://suite101.com/article/the-tooth-fairy-and-other-legends-a52923

http://www.netlaputa.ne.jp/~tokyo3/e/teeth_e.html




98 comments:

  1. හරි ලස්සනයි. දැං නං පොඩ් ඈයෝ දත හොලවා ගලවා දමා ගෙදර ඇවිත් කිරි කට පෙන්නා සිනා සෙයි. මගේ පොඩි එකාද මේ වැඩේ ළගදි කරා.. අපිත් පොඩි කාලේ දත් දුන්නේ ලේනට තමා.. ඊට පස්සේ දවස ගානේ ලේනෙක් දැක්කොත් අඩ අඩ දත ඉල්ලනවා. හි හි..

    ReplyDelete
    Replies
    1. ළමා කාලේ බොළඳ සුන්දර අවධි . හරිම ආදරේ හිතෙනවා දත් නැති පොඩි උන් හිනාවෙනකොට

      Delete
  2. ඒ දවස් වල දතක් හැලෙනවා කියන්නෙ ලොකු දෙයක්. ඒත් ඉස්සරහ දතක් වැටුනම දකින දකින අය පෙරහැරක් බලන්න ගියාද කියල අහන කොට තමයි ලජ්ජාවෙ පන යන්නෙ..
    ලස්සන ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ පැත්තේ පෙරහැර නිසා ඔය කතාව වැඩියෙන් කියනව .

      Delete
  3. අපූරු කරුණු ටිකක් බින්දි... මම නම් ඔය වහලේට විසි කරන ඒකේ තේරුම දැනගත්තෙත් අද.. ( අර උඩින් විසි කරන, යටින් විසි කරන කතාව.. හි හි) අර ඉස්සරහම දත් දෙක වැටුනාම එන පොල් දත් දෙක ඉස්සර හරි කැතයි අප්පා.. හි හි

    ReplyDelete
    Replies
    1. හිරු කිව්වම මතක් වුනේ . ඒ වැඩිහිටි දත් පොඩි මුනට ලොකු වැඩියි . මගෙත් ආවේ නැද්ද පොල් දත් දෙකක් . කලින් ඉස්කෝලේ ඇරිලා අක්කගේ පන්තිය ඇරෙන කම් මන් බලා ඉන්නවා ඉස්සර .

      ඔය දත් ආව කාලේ අක්කගේ යාලුවෝ පොල් දතා කියල විහිලු කරනවා .ඒගොල්ලන්ගේ ටීචර් කිව්වා මතකයි මන් ලොකු වෙද්දී ඔය දත් ලොකුවට පෙන එකක් නැහැ කියල

      Delete
    2. හිරු කෙල්ලගෙ කිරි දත් බදිනකොටත් තිබුනා කියලා බින්දි අක්කා දන්නවද ?

      Delete
    3. හික් ..මටත් මතකයි . මන් නම් ඔව්ව මතක් කලේ නැහැ ඔන්න

      Delete
  4. මේ පුංචි ලෝකයේ සිරිත් විරිත් වගේම පැතුමන් මොනතරම් නම් සමානද, සරළද කියන එක දැනෙද්දි හිතට දැනෙන්නේ සතුටක්. කවදත් වගේ නෙළුම් විලෙන් ලස්සන පොස්ටුවක්, ස්තුතියි බින්දි.

    බටහිර රටවල ඇති සුරංගනා කතාව රූපවාහිනි ලමා වැඩසටහන් හරහා පොඩි එවුන්ගේ හිතට රිංගලා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ..අර ෆිල්ම් එකකුත් තියෙන්නේ ටුත් ෆෙයරි කියල .

      වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වෙලා ඔබ යලි බ්ලොග් ලෝකයේ සරණ එක සතුටක්

      Delete
  5. මමත් චූටි කාලේ අර ලේනෝ ලෙනෝ . . කියලා වැටිච්ච කිරි දත් වහලෙට විසිකරපු බව මතකයි . .. .

    කිරිදත් සම්බන්ධව මේ තරම් රට රට අතර සමාන කමක් තියෙනවා ඇති කියලා මම නම් මොහොතකට වත් හිතුවේ නෑ . .

    බොහෝම ස්තූතියි බින්දී මේ විස්තර හොයලා ලිව්වට . . .

    අහ් ෆේස්බුක් එකේ පින්තූරයක් දැක්කා

    "ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුලු දතක් මට දියෝ . ." කිව්වම

    ලේනා කියනවා "මගුලක් කියනවා මට තියෙන්නෙත් දෙකයි ඒකෙන් එකක් දීලා කොහොමද?" කියලා . .

    හික්ස්

    ReplyDelete
    Replies
    1. මටත් ඇත්තටම පුදුම හිතුන . විශේෂයෙන්ම ළමා කාලයේ දේවල් හරිම සමානයි .

      අපොයි ලේනා ට ඇහුනොත් නම් ඔහොම හිතයි තමයි

      Delete
  6. හරිම ආදරණීයයි සටහන බින්දි.
    අපේ චූටි මුණුබුරාගෙ කිරි දත් දැන් ගොඩක් ඇවිත්. කට පුරා හිනා වෙන කොට ලස්සනයි. අපි මේ ලඟදි කතා උනා මේව හැලෙන කොට හිනාව හරිම සුන්දරයි. මේ වගේම නෙ වයසට යනවිට අපේ දත් එකදෙක හැලෙන කොටත්. ඒ ලොබුකටේ කවුරුත් ලස්සනක් දකීවිද? මෙහෙම තමයි ජිවිතේ ගෙවෙන්නෙ. මම තාම මේ තුන් දෙනාගෙ පෙකනි වැල කපාපු ටික තියා ඉන්නවා. මොන එකක් ද මන්දා මට ඒවා අයින් කරන්න හිතෙන්නෙ නෑ. බැඳීම තමයි. වෙලාවකට හිතෙනවා එයාලගෙ අලුත් අයිතිකාරියන්ටම දෙන්න. අත් හැරීම තමයි දැන් වෙන්න ඕනෙ. ලොකූ ගෙ දුවට මම Baby Book එක නම් දුන්නා ලඟකදී. එයා ආසාවෙන් ගත්තා. දැන් එයාගෙ පුතාට එයා එකක් ලියලා හදනවා. අපිට නම් ඔය මොන එකක්වත් තිබිල නෑ පොටෝ කෑලි දෙක තුනක් ඇරෙන්න. පුංචි කාලෙ දත් වහලෙට විසි කරාපු හැටි තාම මතකයි. ගොඩක් ස්තූතියි මේ සුන්දර සටහනට.

    ReplyDelete
    Replies
    1. ජිවිතේ අනිත්‍ය ඉක්මනටම අත්විඳින්නේ දත් සහ කොණ්ඩය නේද .

      අපේ ලොක්කිගේ නම් පළමු කෙහෙ රැල්ල අරන් තිබ්බ . එච්චරම තමයි. මන් ටිකක් අකමැතියි භාවාතිශය දේවල් එක්කහු කරන්න . කවද හරි ඕවට මොනවා කරන්නද කියල හිතෙනවා අක්කේ .
      අර කිව වගේ බැඳීම් අඩු කරගෙන ඉන්න එක ලේසියි .

      අපේ කාලේ ළමා පින්තුරත් නැතිම තරම් . අපේ ළමයින්ගේ නම් පින්තුර හැම තැනම . ඒ තරමට තාක්ෂනය දියුණුයි .

      Delete
  7. අපේ ලොක්කිගෙ දතුත් මේ දවස් වල වැටෙනව.
    උඩු ඇන්දේ ඉස්සරහ කිරි දත් තියෙද්දිම ඊට යටින් අලුත් දත් ඇවිල්ල විශේෂඥයකුට පෙන්නුවම කිරිදත් දෙකක් ගැලෙව්වා...අම්මෝ...6දෙනෙක් විතර නර්ස්ලා වටවෙලා අල්ලගත්තෙ...මර ල‍තෝනියයි.මම නම් බලන් ඉන්න බැරිව එලියට ආව.

    දැන් යටි ඇන්දටත් ඒ සෙල්ලම...මගේ ආරෙටද කොහේද...ඩොක්ට කිව්වෙ දත් නම් ආරෙට යන සම්බාවිතාව වැඩී කියල..

    ලේනුන්ට කිරිදත් දෙන එක තාම තියෙනව අපේ පැත්තෙ නම්.

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි දුගේත් යටි ඇන්දේ එහෙම වුනා . මන් බයේ හිටියේ සේරම දත් එහෙම ගලවන්න වෙයි කියල .

      තාත්තලා ඔය වැඩ වලදී හරිම නිර්භීතයි තමයි ...අපි නොදන්නවය.

      Delete
  8. ලේනාගෙන් දත් ඉල්ලපු පුංචි කාලෙ මතක් උනා :) අනිත් රටවලත් වහලට දත් වීසි කරන බව දැන හිටියෙ නෑ.දත සෙලවි සෙලවි තිබුනු කාලෙ දවසක් උදේ නැගිටිනකොට එක් දතක් නෑ, රාත්‍රී නින්දෙන්ම ඒක ගිලිල. මට මතකයි හොන්දටම ඇඩුව මම ඒ දත වහලයට වීසි කරන්න නොලැබුනාට.

    ReplyDelete
    Replies
    1. වහලට විසිකිරීම වගේම වැළලීම ..ඒ මදිවට තුර්කියේ කෙරෙන දත් වැළලීම ඇහුවම මටත් පුදුම හිතුන .

      Delete
  9. නොදන්නම කරුණු ටිකක් නේ.....ස්තුතියි බින්දි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ඔබටත්

      Delete
  10. ජීවිතේට අහල නැති කරුණු ටිකක් මේ ටික..
    ඒක නෙවේ මේ දවස වල මගේ කටේ
    දත් එනවා ( ඥාන දත් කියන්නේ මේවට නේද )
    ( දිව්රා කියමි මුසාවක් නොවේ )
    මාස 2 විතර උන මේ නිසා, කෑමක් ගන්න බැහැ .
    ඒක ගලවන්න පුළුවන්ලු නේද කරදර නම් ...
    someone help me ..

    ReplyDelete
    Replies
    1. සමහර අයට ඔය දත් වර්ගය එන්නේ නැහැ . සමහරුන්ට ඔය දත් ටික මහා වදයක් වෙනවා . ඔය තුයෙන ඥාන ය මදැයි කියල ගල්වල දාන්න සයිලන්ට් ..[ දොස්තර උපදෙසක් ගත්තොත් වඩා හොඳයි .

      Delete
    2. ඥාන දතට කටේ ඉඩ නැති උණාම තමයි ඕක රිදෙන්න ගන්නේ.. කම්මුලත් එක්ක ඉදිමෙනවා.. මටත් ඔය කේස් එක තියෙනවා.. හැබැයි හැමදාම නම් රිදෙන්නේ නෑ.. සමහර දවස්වලට විතරයි.. ඒක ඇවිල්ලා ඉවරයක් වෙන්නෙත් නෑ..( මං ඉතිං බඳිනකම්මත් කටේ කිරිදත් තිබ්බ එකානේ... හි හි.... ) ඩොක්ට කියනවා ඒක අවුලක් වෙන එකක් නැතිලු... ඒ උනාට ඕක ගලව ගන්න එක තමයි හොඳ අප්පා.. හැබැයි ඕකට සාමාන්‍ය දකත් ගලොනවා වගේ බෑ.. පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕනේ..

      Delete
    3. හපෝ ඔපරේෂන් කරන්න වෙනවා නම් ඕනේ නැහැ හිරු.
      මේ විදිහ හොදයි.කොහොමත් පාන් කෑල්ලයි කිරි හොද්දයි
      නේ ඉස්සරහට කන්න වෙන්නේ..දත් නැති උනත් මොකද ?:D

      මන් හොයල බැලුව ටිකක් මේ දේ ගැන, ඥාන දත එන්නේ යට ඉඳන්
      උඩට නෙවේලු .( කෙහෙල් ගහක් කැපුවම බඩේ එන විදිහ )
      මේක එන්නේ මෝරෙක්ගේ දත් එන ක්‍රමේටලු. ඒ කියන්නේ තිරස්
      විදිහට දත හැදිලා , ටිකෙන් ටිකේ සිරස් වෙනවා..
      ( x රේඛාව y හා සමපාතවීම වගේ )
      ඉතින් අර ඔක්කොම ටික පෙරළන් තමයි මෙයා එන්නේ.
      මට පහු ගිය ටිකේම උන .

      Delete
    4. මගෙනම් ඥාන දත් ආවෙ නෑ (ඥානය වැඩිවෙයි කියලා වෙන්ටැති).. :)

      හැබැයි මගේ එක කිරි දතක් නොවැටී තිබ්බා සෑහෙන කාලයක් යනකම්ම, ඒක තියෙද්දිම ස්ථිර දතත් ආවා.. ඉස්කෝලෙ ඩෙන්ටල් සර්ජරි එකෙන් ගලවමු ගලවමු කිවුවා, මං අර තඩි ඉන්ජෙක්ෂන් එකට බයේ ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ.. අන්තිමේදී මේ මෑතකදී තමා ඒක ගැලෙවුවෙ, ඒක ගැලෙවුවෙත් ඩෙන්ටිස්ට් ගාවට ගොහින් එහෙම නෙවෙයි.. මංතුමා විසින්ම දත ඇදලා, පෙරලලා, කරකෝලා ගලෝලා දැම්මා..

      Delete
    5. http://ananthayata.blogspot.com/2012/12/blog-post_19.html

      සයිලන්ට් සහන්ගෙ පහන් සංවෙගය පි‍ණිසමයි... :D

      Delete
    6. මටත් තියෙන්නේ විසි අටයි බුරෝ. එයිනුත් පුරෝපු නැති එව්වා කෘන්තක රදනක විතරයි .

      Delete
    7. අනේ.. අහිංසක මගේ ඉස්සෙල්ලාම දත ගැලෙව්වෙ බුල්ටෝ එකක්...!!
      බින්දි අක්ක දත් ගැන කියල තියෙන තොරතුරු නං හරි වටිනව!! ඔයා ආයෙමත් පුරුදු රටාවට ඇවිල්ල තියෙන එක ගැන හරිම සතුටුයි!!

      @බූරා අයියා: ඔය අනුන් රිද්දන එක ඉවසගන්ඩ බැරුව ඒකට බයේ තනියම ඔපරේෂන් කර ගන්න ලෙඩේ මටත් තියෙනව බූරයියෙ.. මම නියපොතු පවා තනියම ගලවගෙන තියෙනව... මේ ලඟදි ගෙදර ගිය වෙලාවක බෙලි ගහක කටුවක් කකුලෙ ඇනුන සෙරෙප්පුවත් හිල් කරගෙන... ඒ වෙලාවෙම මං කටුව ඇදල දැම්ම... ඒත් අනේ අසරණ මාව ඉස්පිරිතාලෙ උස්සං ගියා නෙ පෙම්බරය...පිටගැස්ම ට ඉන්ජෙක්ෂන් දෙන්ඩ අරං ගිය පාර දොස්තර කියපි තුවාලෙට බෙහෙතුත් දාගන්ඩ කියල... මංම කරගත්ත නං විනාඩි පහක විතර වැඩක්...!! හයියෝ ඉස්පිරිතාලෙ නේස්ල හතර දෙනෙක් වට වෙලා මගෙ පුංචි තුවාලෙට දස වද දුන්න පාර මට ඇඳේ ඉඳගෙනත් කලන්තෙ හැදුන...

      Delete
    8. ආ.. තව එකක්! මං දන්නෙ නෑනෙ මට ඥාන දත් එනව.. මා සෑහෙන කාලයක් හිතාගෙන හිටියෙ මට ඥානය විතරක් නෙවෙයි ඥාන දතුත් නෑ කියල.. කොයි වෙලේ ආවද දන්නෙ නෑ.. දැන් නං තිස් දෙකම තියෙනව...

      Delete
    9. අපොයි මේගොල්ල මාර දොස්තරලානේ .. ජනු වෝ මටත් තියෙනව නියපොත්තක් ගලවපු සදානුස්මරණිය අත්දැකීමක් ...අම්මෝ

      Delete
  11. දැන් ඉන්න පොඩි එවුන් අපේ දත් ගලවන අන්ඩපාලයො නේ අප්පා.. :D

    ReplyDelete
    Replies
    1. අපොයි බුරාට එහෙම එකෙක් මුණ ගැහුනයි ...

      Delete
    2. එකෙක්.!!?? හපොයි එකෙක් දෙන්නෙක් නෙවෙයි, දැන් ඉන්න එවුං ඔක්කොම එහෙමයි.. :)

      Delete
  12. රසවත් කරුණු ටිකක් දැනගත්තා පොඩි දෝනිට ස්තුතිවන්ත වෙන්න.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි

      Delete
  13. බින්දී අක්කේ ලස්සන විස්තර ටිකක් ලියල තියෙන්නේ ඔයාගේ පොස්ට් හැම එකක් ම වගේ බැලුවට අද තමා comment කරන්න ලැබුනේ. ඔයාගේ පොඩි දෝනිගේ කෙන් මව මගේ අතීතෙට අරන් ගිය දත් වැටුනම කට්ටිය විහිලු කරපු හැටි අලි ගහලද දත් වැටුනේ කිය හැටි මතක් උන. මමත් ඔයා වගේම ලේනෝ ලේනෝ කියල දත වහලට දැම්ම මතකයි. මගේ චූටි දුවගේ නම් තම කිරි දත් එන වයස එයාගේ දත් වටෙන් කාලෙට මොන මොන දේවල් කියාවිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්පනා ..පොඩි දරුවන්ගේ දත් එන කාලේ වගේම දත් වැටෙන කාලෙත් හරිම හුරතල් . ඒගොල්ල දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එකත් හරිම සුන්දරයි

      Delete
  14. දත් ගැලවීම යන්න දැන් දෙන්නේ වෙන අරුතකි. ඒ අරුතින්ම දත් දොස්තරලා ද සිටිති.

    දත් ගැලවීම ගැන කියන විට මට කෙලින්ම සිහිවූයේ "ල මිසරාබ්ල" හි දත් දන් දෙන දර්ශනයකි. ෆ්‍රෑන්ක් 20 ක් ලැබේ!

    ReplyDelete
    Replies
    1. මාත් ඔය විශේෂ වර්ගයේ දත් දොස්තරලා ගැන ලඟදි තමා ඇහුවේ .

      ඒ කාලයේ ප්‍රන්ශුවා අනුන්ගේ දත් හයි කර ගත්තද . නැත්නම් මොකටද සල්ලි දීලා ගත්තේ . කොණ්ඩය නම් හවරි හදන එකට ගන්න ඇති . දත් මොකටද

      Delete
  15. මටත් කාගෙහරි දතක් ගලවන්න හිතුනා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කට්ටිය පරිස්සමින් ..

      Delete
  16. අපේ ආච්චි ඒ දවස්වල කිව්වෙ ලස්සන දත් එන්න නං(ස්ථිර දත්) වැටුනු කිරිදත් පොල්අතු වහලයකට විසිකරන්න කියල. උළු වහලකට දැම්මොක් උළු වගේ ලොකු දත් එනවලු.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ අහිංසක පුරුදු නේද රාජ් .

      Delete
  17. මමත් පුංචි කාලෙ ඔය විදියටම කියල දත වහළෙට විසික් කලා... ඒත් දත වැටුණෙ බිමට. හොයා ගන්න බැරි උණා. මං බයේ හිටියෙ මට දතක් ලැබෙන්නෙ නැති වෙයි කියල...
    මේ වගේ සිරිත්වල සමානකම නම් හරිම අපූරුයි.. මිනිසත්බවේ සමානත්වය, මිනිසුන්ගේ සිතුම්පැතුම් ජාති, ආගම්, වර්ණ, කුල ගෝත්රෙවලින් බෙදා වෙන් කරන්න නොහැකි බවට මෙයත් උදාහරණයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් තරු චුටි චුටි දේවල තියෙන සමානකම් හරිම අපුරුයි

      Delete
  18. //දරුවා දොස්තර කෙනෙකු කිරීමට අවශ්‍ය නම් දත රෝහල් බිමක වැළලීම සිදුවේ // හැක් හැක් මරු මරු.. අපේ අය තවම ඕවා දන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. එකනේ . කොච්චර ලේසිද නේ ..මේක දැක්කම එහම වෙයිද දන්නේ නැහැ

      Delete
  19. අනේ අපොයි..මේක දැක්කෙ දැන්නේ..හි හි හී

    පොඩි කාලේ අපිත් ඔය දත් වැටිච්චම වහලයට විසික් කලා. හේතුවක් දන්නෙම නැතුව. ලේනගෙ දත් ඉල්ලන හන්දද කොහෙද දත් වැටුනම ඉස්සරහට එන්නෙ පොල් ගෙඩි සයිස් දෙකක්. කැතම කැතයි.ඔක්කොටම වඩා කට්ටිය දාන වදේනෙ ඉවසන්න බැරි. අලිය පැට්ඩද අහනවනේ..හි හි හී..

    කොහොම උනත් නොදැන හිටපු හුඟාක් දේ දැන ගත්තා බින්දි අක්කා..

    ReplyDelete
    Replies
    1. රාජ් ගේ ආච්චි කි විදිහට නම් ඕගොල්ලන්ගේ පැත්තේ පොල් දත් තමා එන්නේ . උළු ගෙවල් වැඩි ඇතිනේ

      Delete
  20. දත් set එකටත් කරන ජාති.

    අපිත් එක්ක ඉස්කෝලේ යාලුවෙක් හිටියා. අපි හැමෝම 5 වසරට එද්දී කිරිදත් වැටිලා පොල් දත් ඇවිත් තිබුණේ. ඒත් මිනිහාගේ විතරක් 5 වසර ඉවර වෙනකලුත් කිරි දත් තිබුණා...

    ReplyDelete
    Replies
    1. මටත් මතක් නැහැ හැක්කේ දත් වැටුන කියල . අනේ මන්දා මතකේ වරදක්ද ඇත්තටම වැටුනේ නැද්ද කියල .

      දත් සෙට් එකට කරන ජාති කියන්නේ හසිත කොරියාවේ හෙම ප්ලාස්ටික් සැත්කම් වලින් ශරීර අවයව හදන හැටි ඇහුවම පුදුමයි

      Delete
  21. මගේ නම් පළවෙනි දත ගැලවුනෙ බෝතලෙ පටිය දතට දාලා අදින්න ගිහින්. ඒ එක වසරෙදිද කොහෙද. ඊට පස්සෙනම් යන්තම් හෙලවීගෙන එනකොට හොලවලා හොලවලා ටික දවසකින් ගලවගන්නවා. :D

    ReplyDelete
    Replies
    1. නිසුපා දත් දොස්තර කෙනෙක් වෙන්නයි තිබ්බේ ..D

      Delete
  22. මෙච්චර දත්වල විස්තර දැනගෙන හිටියේ නෑ කවදාවත්.

    පොඩ්ඩිලත් කලේ දත් කොට්ටේ යට හංගන එක. පොඩ්ඩිගේ ඉස්සල්ලාම වැටුනු දත අම්මා අරන් තියලා තියනවා.:)

    මෙහේ ගොඩක් අයගේ ඔය එහෙන් මෙහෙන් එන දත් ගලවලා දාලා, පොඩි කාලෙම, හදන හින්දද කොහෙද දත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපේ දෙන්න නම් ඒ ගොල්ලම දත් අරන් තියන් ඉන්නේ . හැබැයි කොහෙද දන්නේ නැහැ . එයාලටම මතක නැතුව ඇති . ඉතින් ඔයාට සුරංගනාවී සල්ලි දුන්නද

      Delete
    2. දුන්නා නේන්නම්. ඒ සුරංගනා ලෝකවල පාවිච්චි කරන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර් බවත් දැනගත්තා.:D:D:D

      Delete
  23. දත් ගැන නොදත් බොහෝ දේ දත්.....(හැබැයි සියල්ල දත් නොවේ)

    ReplyDelete
    Replies
    1. සියලු දේ දත්
      අය මෙලොව නොම වෙත්

      Delete
  24. මමත් හීනෙකින්වත් හිතුවේ නෑ මේ හිරතල් වැඩේ හුඟාක් රටවල්වල කරනව කියලා...
    බලාගෙන යනකොට අපි කවුරුත් මිනිස්සුනේ කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අපි හැමෝම මිනිස්සු මි ගොඩයෝ

      Delete
  25. // එකම මුලයකින් ඇරඹි ලෝක ගෝලය පුරා විසිර ගිය මානවයා ජිවිතයේ බොහෝ අවස්ථාවන්වලදී එකම ලෙස සිතීම අපුරු නොවේද // මටත් මේ දේ අනන්තවත් හිතිලා තියෙනවා.

    දත් වැටීම පොඩි කාලේ මට මතක විදියට ලජ්ජා හිතෙන කාරණයක් වුනා.

    ReplyDelete
    Replies
    1. දත් වැටෙන එක වගේම පොල් දත් එන කොටත් ලජ්ජා හිතන තමයි . ඒ වුනාට අපේ ළමයි නම් ටිකක් වෙනස් . වැඩි ගානක් දත් වැටීම ලොකු කමක් වගේ ඒගොල්ලන්ට .

      Delete
  26. බින්දි මේ ලිපිය නිසා රසවත් ළමා කාලයේ සිදුවීම් මතක් වුනා
    මෙහෙ දෙමළ අයගේ සිරිත තමයි දත වැටුනම ඒ දත ගෙනෙහින් නයි හුඹහකට දාන එක ... ඇයි එහෙම දාන්නේ කියලා ඇහුවට අපේ වෝඩ් වල මිස්ලා දන්නේ නෑ... දෙවි කෙනෙක් හා සම්බන්ද සිදුවීමක් තියේද නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනික් කොන ..නොදැන හිටි දෙයක් . අපේ රටේ වුනත් එක එක පලාත්වල වෙනස් කම් ඇති .

      නාගයා දේවත්වයෙන් අදහනවා ඇති

      Delete
  27. දත් වැටිල්ල ගැන මට බොලේ මොකවත්ම මතකයක් නෑ නෙව..මයෙ කිරි දත් තිබුනෙ නෑ වත්ද?..හෙහ්, හෙහ්

    හෙල්ලෙන දතක් ගලෝන ක්‍රමයක් විතරක් මම අහල තියනව...හොඳ හයිය නූලක් බඳිනව දතේ. නූලෙ අනිත් කොණ දොරක අල්ලුවෙ බඳිනව. ඒ කරල ඇස් දෙක තද කරල පියාන දඩාං ගාල දොර වහනව...ඒ ඇවිල්ල තමම්ම දත් ගලව ගන්න නොවරදින කෙරේමයක්....:) :)

    දත් ගැලවිල්ල ගැන පොඩි කතා කීපයක් විතරක් කියමුකො එහෙනං...මේ නවයුගය පත්තරේ ඒ කාලෙ අන්තිම පිටුවෙ ඇතුල් පැත්තෙ පලවෙච්ච විහිළු තහළු තීරයෙන් මට මතක කතා .....ඔය පිටුවෙ යට බාගෙ පල උනේ බන්ධුල හරිශ්චන්ද්‍රගෙ චිත්‍ර කතාවක්...හේලෝ....සින්බෑඩ්....සද්දන්ත...එහෙම පලවෙච්චි කතා තුනක්...ඉහල කොටසෙ තමයි ඔය විහිළු පල උනේ...

    *************************************************

    ඔන්න එක මනුස්සයෙක් ඇවිල්ල අර දත් දොස්තර ගාව තියන පුටුවෙ වාඩි වෙලා ඇරිය කට අප්පල්ලයක් වාගෙ....දොස්තර කොයි වෙලෙත් මලෙං ඉන්න පොරක්...පොරට තද උනා..

    " ඔච්චර කට අරින්ට ඕන නෑ ඕයි..මම දත ගලවන්නෙ එළියෙ ඉඳං…"

    *************************************************

    ආය ඔන්න එක මනුස්සයෙක් දත ගලවද්දි මරහඬ තිබ්බලු දෙකක් වෙන්ට...වැඩේ අර හිරිවැටෙන්ඩ දෙන බේත් මිනිහට වැඩ කරන්නෙ නෑ...

    වැඩේ ඉවරවෙලා දොස්තර මිනිහට දුන්නලු බිල දත් පහකට..

    " මේ මොකජ ජොස්තර මාච්චයො...මම ජච් එකනෙ ගැලෙව්වෙ, පහකට බිල මොකජ? " මිනිහ බැරි මරගාතෙ ඇහැව්වලු.

    " තමුසෙහෙ විලාප ගැහිල්ලට බය වෙලා මෙතන දත් ගලවන්ට හිටපු ලෙඩ්ඩු හතර දෙනෙක් යන්ට ගියා. ඒ දත් හතරටත් තමුසෙ ගෙවනවා… " දොස්තර කිව්වා.

    *************************************************

    " දොස්තර මහත්තයො දතක් ගලවන්ට කීයක් ගන්නවද? "

    " රුපියල් 500 ක්….. "

    " ඔය වැඩේට කොච්චර වෙලා යනවද? "

    " ම්ම්ම්..විනාඩි දෙකක් යයි ඕන නම්… "

    " ඉතිං මහත්තයො විනාඩි දෙකේ වැඩේට 500 ක් ගන්න එක අසාධාරණ නැද්ද?..."

    " ඔය මහත්මය කැමතිනම් මට ඔය දත පැය බාගයක් තිස්සෙ ගලවන්ටත් පුලුවනි, මොකද කියන්නෙ? "

    *************************************************

    ඔන්න ආයෙ දවසක එක්කෙනෙක් එනව ඔෆිස් දත් දෙකක්ම නෑ ඉස්සරහ.

    " අඩේ මොකද බං උඹට උනේ?.... "

    යාලුවො ඇහැව්ව.

    " මේ..හාවෙක් දඩයම් කරන්ට ගිහිල්ල......"

    මිනිහ බොහොම වේදනාවෙන් කිව්ව කම්මුලකුත් අල්ලගෙන..

    " ඈ...හාව කියන්නෙ ඒ හැටි නපුරු සතෙක් නෙවෙයි නෙව....."'

    යාලුවො පුදුම උනා.

    " හාව නම් නපුරු නෑ තමයි ඒත් හාවගෙ අයිතිකාරය හරිම නපුරුයි…"

    *************************************************

    ඔන්න ආයෙම ජෝඩුවක් ආව දත් ගලවන්ට…..බාර්යාව කෙලින්ම ආව දොස්තර ගාවට…

    " ඩොක්ටර් දතක් ගලවන්ට තියනව. සිහිනැති කෙරිලි, හිරි වැට්ටිලි ඔය මොකවත් ඕන නෑ...අපිට පරක්කු වෙන්ට බෑ. පැය බායයි තියෙන්නෙ ජුවෙලරි එක්සිබිෂන් එක ඉවර වෙන්ට..ඒ නිසා ඉක්මනට දත ගලවල දාන්ට. "

    " ෂහ්...ඔයා හරිම නිර්බීත කාන්තාවක් නෙව…"

    දොස්තර බොහොම පැහැදීමකින් කිව්වා…

    " බොහොම හොඳයි..බොහොම හොඳයි..හරි දැන් කොයි දතද ඔය ගලවන්ට ඕන? "

    " රවී..කෝ..මොකද ඔය පස්සට වෙලා කරන්නෙ?..මෙහාට ඇවිල්ල දත පෙන්නන්ට..හා, හා..ඉක්මනට.."

    බාර්යාව පස්සට හැරිල තම සුවාමියාට කිව්ව.

    ReplyDelete
    Replies
    1. මරු කතා ටිකනේ රවී . සේරමත් හරි අන්තිම එක . මගෙත් ඔය හක්කේ කිරිදත් වැටුන මතකම නැහැ . එකක් ඉගිල්ලුව නම් මතකයි ළමා රෝහලෙන් . එනකොට අනික් අයට ගෙනාපු රටකජු කන්න බැරි වුනා මතකයි .

      Delete
  28. ඔය වැඩේ මමත් කීප වතාවක් පුංචි කාලෙදි කලා...අපේ අම්මටත් වඩා ලේනාගෙන් කැකුළු දතක් ඉල්ලගන්න කියලා ඒවා වහළය මතට විසි කරන්න මාව උනන්දු කලේ නැසී ගිය කිරි අම්මා...

    අනිත් රටවලත් මේ කාරණය උදෙසා විවිධ සිරිත් විරිත් තියෙනවා කියලා දැනගත්තෙ අද...තොරතුරු වලට බොහොම තුති...

    ReplyDelete
    Replies
    1. කිරි අම්මලා එක්ක තමයි පොඩි කාලේ හුරතල් වැඩ කරන්නේ . අපේ පොඩි දු ආච්චිලා සියල බලන්න යන්න හරිම උනන්දුවක් තියෙන්නේ .

      Delete
  29. මගේ නං කිරි නෙමෙයි හක්කෙම දතක් මේ ලඟදි ගැලවුනේ. ඒකනං එහෙම වහලෙට දාල නිකා ඉන්නෙ නෑ.

    මෙහෙත් ලොකුබාහුගෙ දත් හැලෙන කාලෙ ඇවිල්ල. අම්ම කතාව කලින් කියල දැන් මිනිහ වැටෙනකල් බලන් ඉන්නව ලේනෙක්ට එන කියන්න. අඩු ගානෙ මීයෙක් වත් එන්නැතෑ මේ කාන්තාරෙ.

    ReplyDelete
    Replies
    1. සමහර රටවල මියන්ට තමයි දෙන්නේ . ඔය රටේ අනිවාර්යයෙන් ඇති මොනවා හරි සිරිතක් . යාළුවෙක්ගෙන් අහල බලන්න ඉන්දික .

      Delete
  30. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔය දත් විසිකරන සෙල්ලම කරන්නේ අපි විතරයි කියලා. බලනකොට අපි වගේම තවත් සාම්ප්‍රදායික සිරිත්විරිත් අනුගමනය කරන පිරිස් වෙනත් රටවල ඉන්නවා.බලන් ගියාම ලෝකය තනි යායක් කියන්නේ නිකම්ම නිකං නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලෝකය තනි යායක්

      Delete
  31. මට කවුදෝ පොඩි කාලෙම කියලා දීලා තිබුනා ලේනට දත් දුන්නට ඌ දත් අරන් යන්නෙත් නෑ, ඌ අපිට දත් දෙන්නෙත් නෑ කියලා.. ඒකෙන් මට ඒ කතාවෙ මිහිර විදින්න බැරිව ගියා.. ඔය කතා පොඩි අයට ඒ විදිහටම විදින්න දෙන්න ඕනා කියන එක මට පස්සෙ කාලෙක ඒකෙන් තෙරුම් ගත්තා.. ලොකු වෙනකොට කාලයත් එක්ක ඒවයෙ සත්‍ය වටහා ගන්නවා.. වැඩි හිටියො පණ්ඩිත වෙලා ගෙඩි පිටින් සත්‍ය උගන්වන්න ගිහින් පොඩි අයගෙ සුරංගනා ලෝක විනාස කරන්න හොඳ නෑ කියලයි මට හිතෙන්නෙ...

    ඒ ඒ කාලෙදි ඒ ඒ සුරංගනා ලෝක හරහා පොඩි උන්ට එන්න දුන්නනම් හොඳයි...

    මේක හා ඒ හා සමාන කතා ලෝකෙ පුරාම තියන එකත් හරි පුදුමයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඃඅ ... අමතක වුනා.. ටොම් සෝයර් ගැලවිච්ච දතකින් බොහොම ප්‍රයෝජන ගත්තා මතකයි..

      Delete
    2. හැබෑටම ටොම් සෝයර්ටයි උන්ගේ යාලුවන්ටයි පිස්සුද කියලා මට ඉස්සර හිතුනා අප්පා. මාර දේවල්නේ උන් එකතු කරන්නේ. මොනවා උනත් ටොම් සෝයර් සහ හකල්බරි ෆින් මගේ ප්‍රියතම ප්‍රියතම පොත් දෙකකි.

      Delete
    3. මමත් කැමති පොත් දෙකක් .

      සෙන්නට පුළුවන් පොඩි පුතාට ඒ මිහිර විඳින්න දෙන්න . අපේ දෙන්න කොච්චර තාක්ෂණ යුගයේ වුනත් සුරංගනාවන් විශ්වාස කරනවා .

      Delete
  32. මගෙ මුල්ම දත වැටුනේ ඉස්කෝලෙදි..ඒ සිද්ධිය තාමත් මට හොඳට මතකයි. පැන්සල් පෙට්ටියේ දාගෙන ගෙදර ගෙනත් වහලට විසි කරා. ඊට පස්සේ පෝලිමට දත් වැටෙන්න පටන් ගත්තම අගේ අඩු වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. පලවෙනි දේ කොහොමත් විශේෂයිනේ

      Delete
  33. මගේ මුල්ම දත වැටුනේ ගෙදරදි.. ගාල්ලේ ඉද්දි.. මාත් මේක කලා මතකයි.. අක්කා කිවුවට කලාට මොකද ඒ වෙද්දි ඒ ගැන දැනන් හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. හුඟක් අයට මතකයි .මට මතක නැහැනේ. දත් වැටිලා ආව පොල් දත් දෙක සහ දෙපැත්තේ වැම්පයර් දත් දෙක තමා මතක .

      Delete
  34. දත් වැ‍ටුනු පොඩි එකාගේ හිනාව සුන්දරත්වයෙන් දෙවෙනි වෙන්නේ දත් නැති සිඟිත්තාගේ සිනාවට විතරයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සරත් අපි මේ දවස්වල හරිම විනෝදයක් ලබනවා පොඩි දුගේ කතාවයි හිනාවයි නිසා

      Delete
  35. දොස්තරට කියල දත් ගලවන්නෙ මොකටද ? ඉබේම දත් වැටෙනවනේ..

    ReplyDelete
    Replies
    1. සමහර ළමයින්ගේ දත් වැටෙන්නේ නැහැනේ යසිත් . අලුත් දත් පිටිපස්සෙන් එනවා .

      Delete
  36. හික්ස්... මගෙත් තියෙනවා දත් නැතුව ගත්තු පොටෝ එකක්...

    ReplyDelete
    Replies
    1. ආයේ එකක් ගන්න ලැබෙයි වයසට ගියාම .....අපි හැමෝටම

      Delete
  37. සරල දෙයක් වුනාට හරිම රසවත්.... මමත් පුංචි කාලේ කිරි දත් ගැලවුනාම විසික් කරලා තියනවා උඩින් අර පදේ කියා කියා

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම පොඩි ළමයි වෙලා හිටියා කියල හිතන් කොටත් සතුටුයි නේ

      Delete
  38. වෙන රටවලත් දත් වහලෙට විසි කරන බව දැනගත්තෙ මේක බැලුවම. ඒ රටවල දත් ගලවන්නෙත් අපේ රටේ ක්‍රමේටමද දන්නෙ නෑ නේද? හෙහ් හෙහ්!!!

    ReplyDelete
    Replies
    1. හික් ..මන් ලඟදි දැක්කා පොරක් ගැන ලිපියක් යුරෝපේ පුරාම දත් ගලවපු . දැන් මතක නැහැ ඉන්නකෝ බලල කියන්නම්

      Delete
  39. අර ක්‍රමේ අපේ රටේ තුබුනනම් පාර්ලිමේන්තුව ගාව සෙනග පිරිලා ඉඳියි දත් වලලන්න.. එයාලා නැතුව මිනීය උස්සන්නෙත් නෑනේ දැන්...

    ReplyDelete
    Replies
    1. මාතලන්ටත් හිතෙන දේවල් ..ඒ වුනාට මොන දෙමාපියෝද ළමයෙක් හොරෙක් වෙන්ට කියල හිතන්නේ පොඩි කාලෙම

      Delete
  40. දැන් ලේන්නු දත් දෙන්නේ නෑ ලූ.
    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අර දුකා කියල තියෙන්නේ ...

      Delete
  41. යටි ඇන්දේ මගේ පලමු දත ගැලවුනේ මම බතල පිගානක් කකා ඉද්දි.... එක බතල අලයක් කකා ඉද්දි ඒකේ ගලක් හැපුනා. මම අම්මගෙන් බතල වලත් ගල් තියෙනවද කියලා අහගෙනම කාලා ඉවර වෙලා බලද්දි දත නෑ. පස්සෙ අර අයින් කරපු බතල කට පරික්ෂාවට භාජනය කරද්දිත් දත හම්බුනේ. මට නම් මුලින් ම ඒ ගැන බය හිතුනා. දත නැති තැනට දිව ගාලා බලද්දි ඇගත් එක්ක හිරිවැටිලා ගියා.... දත් වහල්ලම ගැලවුනොත් කොහොම වෙයිද කියලා. ඊට පස්සේ අඬ අඬා ගිහින් කුස්සියේ පොල්අතු වහලෙට විසික්කා කලා ලේන් ස්ත්‍රොත්‍රය කියන ගමන්. ඔහේ ළමයි දත් වැටෙද්දි ආඩම්බර වෙනවා කියන එක හරි පුදුමයි. උඩු ඇන්දේ දතක් ගැලවුනා ම මොන ආඩම්බරයක් ද - පහුවදා ඉස්කෝලෙ යන්නෙ කොහොමද? අනිත් උන් හරියට මම දිහා බලන්නෙ උන්ගේ උඩුඇන්දේ දත් මේ සංසාර ගමනේ හැමදාම ගැලවෙන්නෙ නැතුව තියෙනවා වගේ....! දත් ගැන කතා එමට. මෙතන ලියන්න ගියොත් දිග වැඩි වෙනවා.පුලුවන් කාලෙක ලිපියක්ම ලියන්නං :D

    ReplyDelete
    Replies
    1. අන්න එකාලෙයි අද කාලෙයි ළමයින්ගේ වෙනස . උන් හිතන්නේ දතක් වැටෙනවා කියන්නේ තමන් ලොකුයි කියාලා .

      මොකේද බොල ලියන්නේ ....මන් ඉතින් කියන්නේ නැහැ

      Delete
  42. මේ පෑත්තට අවේ ගොඩක් දවසකින් .වෙනදා වගේම හරිම රසවත් ලිපියක්....ලේනට කතා කරලා ...අලුත් දතක් ඉල්ල ගන්ට මට ඉගෑන්නුවේ අපේ අප්පච්චි,මමත් ඒ කාලේ "ලේනො ලේනො මේ දත අරගෙන මට කෑකුලු දතක් දියො දියො" කිය කිය කෑ ගෑහුව හෑටි මෑවිල පේනවා..ඔයාගේ ලිපි කියවනකොට හෑමදාම සුන්දර ලමා කාලයට ගිහින් එනවා මම..ඔයාට ස්තුති කරන්ට මගේ ලග වචන මදි බින්දි
    එරන්දි

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි එරන්දි ..මාත් මේ කමෙන්ට ටිකට උත්තර ලියාගන්න කම්මැලි කමේ හිටියේ .

      Delete