Monday, 21 January 2013

ගවුම් පොඩිත්තක් මහලා ඕනද



අපේ දිහා එක එක කාලෙට එක එක දේවල් . සමහර කාලෙට මේගොල්ලන්ට උයන්න ඕන වෙනව . මගේ හට්ටි මුට්ටි ටික සාලෙට එනවා .

හිටිගමන් බෑග් වල රටේ නැති එව්වා පුරෝගෙන ලෝකේ වටේ යනවා . සාලේ සෝපාව තමයි ප්ලේන් එක . නිවාඩු යන්න කලින් දවසේ ගේ මැද්දේ නත්තල් සීයාගේ හිම කරත්තේ හදාගෙන හිටියා ..කොට්ට ටික සේරම අරගෙන .

සමහර කාලෙට සේරම අල්ලල දාල පොත් අස්සේ අතරමන් වෙනවා . ළමයි කියන්නේ අමුතුම ජාතියක් .

ඔන්න ඒගොල්ලන්ට එක පාරටම මහන්න ඕන වෙලා . මන් ළඟ තියෙනවා ඉඳිකටු නුල් බොත්තම් වගේ ඒවා දාපු පෙට්ටියක් . හදිසියකට ඉරුණු එකක් මහගන්න ඕවා ඕනනේ . කාලෙකට කලි අපේ නැන්දම්මා ඇවිත් හිටියා . එයා තමා නියමාකාරයෙන් මැහුම් පෙට්ටියක් හදල දීලා ගියේ.  සමහර අය ඉන්නේ ඉඳිකටුවයි නුලයි අතේ අරන් උපන් අය . එයා අන්න එහෙම  කෙනෙක් . .


එයාගේ පුතා හිතන් ඉඳලා තියෙන්නේ හැම කාන්තාවම මහන්න ආස අය කියල . පසේ එහෙම නෙමේ කියල සහසුද්දෙන්ම දැනගත්තා වුනත්  කොහෙද ගිය වෙලාවක පොඩි මහන මැෂිමක් ගෙනත් දුන්නා .



 වටිනා උපකරණ මොකට නාස්ති කරනවද කියල හිතල මන් ඒක කබඩ් එකකට දාල තිබ්බා .

ඔන්න මෙයාලා මහන්න ඕන වෙලා මට කිව්වා කියල දෙන්න කියල . කොච්චර ආස නැති වුනත් ඔය පොඩි මලක් මහන්න ..වාටි මහන්න ,..බොත්තමක් අල්ලන්න ...ඉරුණු එකක් ප්‍රතිසංස්කරණය කරන්න වගේම නැටි , දම්වැල් , බ්ලැන්කට් වගේ මැහුම් ජාති ටිකක් මාත් දන්නවා .



[ඒ කාලේ ගිරවු දෙන්නෙක් ඉන්න කොළ පාට ටොෆි පෙට්ටියක් තමයි මැහුම් පෙට්ටිය වෙලා තිබුනේ .]



ඒ ඉතින් සම්පුර්ණයෙන්ම ප්‍රාථමික  අධ්‍යාපනයේදී අපට අනිවාර්යයෙන් මැහුම් කියල විෂයක් තිබුන නිසා .

තුනේදී හතරේදී වගේ මට මතකයි ලේන්සුවක් ..ටි පෝ කවරයක් වගේ ඒවා මහන්න සිද්ධ වුනා . ඒවායේදී එක එක මැහුම් වර්ග ඉගෙන ගත්තා . බ්ලොක් හදලා පොඩි ඇඳුම් වගේ ඒවා මහන්න පටන් ගන්න කාලේ වෙද්දී මට එපා වුනා.


මැෂින් එක මට හරිම හොඳ සෙල්ලම් බඩුවක් වුනා විතරයි. කැරකෙන රෝදේ කරකවලා අපි හරිම සතුටක් ලැබුවා .



සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ළමයි ගෙදර ඉන්න කාලයක් තියෙනවනේ . ඒ කාලවලදී ගැහැණු ළමයි මැහුම් පන්ති කුකරි පන්ති හෙම ගිහින් ඕවා ඉගෙන ගන්නවනේ ඒ කාලේ .


හැබැයි මන් එහම ගෙදර ඉඳලම නැහැ . එකක් රටේ තිබ්බ තත්වේ අනුව විභාග තිබ්බේ අමුතු අමුතු කාලවල. ගෙදර ඉන්නයි කියල කාලයක් තිබුනේ නැහැ .

හැබැයි පසු කලෙක සිංගර් එකේ මහන්න ඉගෙන ගන්න කියල එක දවසක් ගියා .ඊ  ළඟ සතියේ රැකියා පුහුණුවකට යන්න වුනා .


ඔන්න  ඔයාකාරයෙන් මගේ මැහුම් අධ්‍යාපනයට තිත වැටුන . අපේ අම්මට හොඳට මහන්න පුළුවන් නිසා අපට ඉගෙන ගන්න ඕන කමක් තිබ්බෙත් නැහැ .

ඔන්න ඔය කාලේ මට අහන්න ලැබුණ රෙදි පින්තාරු කරන පාට ගැන . ඔය වැඩේ නම් මට සැහෙන්න හිතට ඇල්ලුවා .
අම්මට කියල කොට්ට උර බෑග් එහෙම මස්සගෙන ලස්සන චිත්‍ර පින්තාරු කරලා යාළුවන්ට  විකුණුව.
මගේ දුලගේ ළදරු ඇඳුම් පොඩි වල වැඩියම තිබුනේ පාට කල චිත්‍ර .



ඒ කර්මාන්තෙත් එහෙම්ම අභාවයට ගියා . අපේ කාලේ වෙද්දී කඩෙන් ඇඳුම් අරන් අඳින්න පුළුවන් කම ආවනේ . මහන්නේ මොකටද .

කසාදෙන් පස්සේ නැන්දම්මා උත්සාහ කළා මහන්න උගන්නන . ඒ වුනාට පිහිටන්නේ නැති දේවලුත් තියෙනවනේ කොච්චර වුනත් .

අපි ඉස්සර නවකතා වල දැකල තියෙන්නේ ආදරය කරන කාලේ කෙල්ල තෑගී දෙන්නේ අතින්ම මහපු ලේන්සු . ලේන්සු වලට ගිහින් තියෙන කලදසාව ගැන කල්පනා කරන්න වටිනවා .

අපේ රටේ නම් තවම ලේන්සු පාවිච්චි වෙන බව පෙනෙනවා . මේ රටේ නම් ලේන්සු නැහැ වගේ . කඩදාසි ලේන්සු පාවිච්චි කළා විසිකලා . අපේ ගෙදර එක්කෙනෙකුට විතරක් තවම  ලේන්සු ඕන . පිරිමි තවම ලේන්සු භාවිතයෙන් මිදිලා නැහැ වගේ .

කොරියන් කතාවල කෙල්ල හඬන කොට කොලුවා සාක්කුවෙන් ලේන්සුවක් අරන් දෙනවා කඳුළු පිහාගන්න . වැඩිය ආදරේ නම් එයාම කඳුළු පිහිනවා .

පිරිමි විතරද දැන් ලේන්සු පාවිච්චි කරන්නේ කියල හිතෙනවා මට .

හරි ඉතින් පොඩ්ඩක් පාරෙන් පිට ගියා .

ඔන්න අපේ ළමයි මහන්න ඕන වෙලා මට කරදර කරලා ටිකක් ඉගෙන ගත්තා . දැන් වැඩේම මහනවා .කි දවසකටද දන්නේ නැති වුනත් මන් මේ කල්පනා කරන්නේ පරම්පරාවක් මග ඇරලා ආච්චිලාගේ ජාන මේ ගොල්ලන්ට ඇවිත්ද කියලයි.

මොකද අපේ ආච්චිලා දෙන්නම මැහුම් ගෙතුම් කරනවා මම  දැකලා නැහැ . අම්මගේ අම්මා මැහුම් ගෙතුම් කලේ නැහැ . නමුත් අපේ අම්මා ඒවාට ආසයි . තාත්තගේ අම්මා එහෙම දේවල් කරනවා දැක නැහැ . හැබැයි එයා පොත් ගුල්ලියක් . නැන්දලා නම් ඉන්නවා හොඳට මහන්න දන්නා .
 ඒ හින්දා ආච්චිලා අද හිටියා වුනත්


'' මොනවද දුවේ ඔය ටුක් ටුක් ගගා අකුරු කොටන වෙලේ මැහුමක් ගෙතුමක් කළා නම් නරකද'' කියයි කියා බයක් වෙන්න නම් ඕන නැහැ .

අනික් අතට පරිසරයෙන් කිසිම බලපෑමක් නැතුවත් ස්ත්‍රියට පොදු යම් යම් ලක්ෂණ කවද හරි දවසක මතු වෙනවා නේද ,

නඟා  හිස පැත්තට හරවාගෙන දිවත් විකාගෙන මල් මහනවා . අක්කා වැඩිය කැමති ඉරුණු ඒවා පිළිසකර කරන්න .

හැබැයි හෙට අනිද්දා මැහුම් පැත්තකට දාලා මේ දෙන්නා වෙන මොකක් හරි කරන්න ගත්තත් මගේ නම් පුදුමයක් නැහැ . ඒ ළමයින්ගේ හැටි .



108 comments:

  1. බින්දි කියන්නේ ළමයින්ට නිදහසේ ඉන්න දෙන්න සුන්දර මවක් නේද් කියල හිතුනා...මේ පෝස්ට් එක කියවද්දි

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට තරහ යන ..

      Delete
  2. ලේන්සු පාවිච්චියක් දැන් ඇත්තෙම නැහැ නෙවැ, ටිෂු පාවිච්චිය ලේසියි ඊට වඩා.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් බුරෝ ..මන් නම් දැන් ලේන්සු පාවිච්චියක් නැහැ . පරිසරයට කොයිතරම් හොඳද කියල නම් දන්නේ නැහැ .

      Delete
    2. කිවුවට මොටෝ, අර මාරය කියලා තියෙනවා වගේ මාත් ඉක්කෝලෙ යන කාලෙ නං ලේන්සු දෙකක්ම පාවිච්චි කොරා.. එකක් නහය කට පිහින්ට, අනික ඉක්කෝලෙ ඇරිලා ටියුෂන් යන්ට කලිං සපා දෙකේ දූවිලි පිහ දාලා පොලිෂ් කොරගන්ට.. :D

      Delete
    3. අපෙත් හිටියා ඔහොම කෙල්ලෝ .. හවසට ඔලුව පීරලා සපත්තු පිහදාලා ටියුෂන් යන . ඔව්ව කොරන්න ගිහින් පරක්කු වෙලා අර'' සු සු 'පාර කනවට වඩා හොඳා දුවල ගිහින් බැංකුවක් අල්ල ගන්න එක .

      එක කොල්ලෙක් හිටියා සපත්තු දෙක හොඳට පොලිෂ් කරපු . එකාගේ නම් වත් මතක නැහැ . හැබැයි පොලිෂ් කියල දාපු නමයි ඉස්කෝලෙයි හොඳට මතකයි .

      Delete
    4. බුරා ටිශූ බොක්ස් කීයක් ද මාසෙකට? :P

      Delete
    5. බොක්ස් නෙවෙයි බං, අර පුංචි පැකට් එකක් හැමවෙලාවෙම සාක්කුවෙ තියාගෙන ඉන්නෙ.. හැබැයි මාසෙකට කීයක් යනවද කියලා ගනන් කරලානම් නෑ.. :)

      උඹට කියන්ට, ඔය ටිෂු පැකට් එක අපි කොහෙත්ම නොහිතන වෙලාවල පිහිටට එනවා දෙයියො බැලුවා වගේ.. :D

      Delete
  3. හැබෑට ඔය වියට්නාමෙ ගෑල්ළමයි ලේන්සු පාවිච්චියක් ඇත්තෙම නැද්ද.!?

    ReplyDelete
    Replies
    1. නැහැ . කවදාවත් කඩේක ලේන්සුවක් දැකල නැහැ . එම්බ්‍රොයිඩර් මේස රෙදි එක්ක එන අත්පිස්නා නම් තියෙනවා . ඇත ලේන්සු නැහැ

      Delete
    2. අත් ලේන්සු .

      Delete
  4. පොඩි කාලේ මහන මැෂිම එල්ල සෙල්ලං කරලා ඇඟිල්ල මහගත්තා... අපෙත් ආච්චි තමයි මැහුවේ... හරිම වේගෙන් මහගෙන යද්දි අපිට හරි පුදුමයි...

    සමාන්‍යයෙන් කියනවා නේද හැඩරුව, ගතිගුණ ඔහොම පරම්පරාවක් මග ඇරලා ඊලඟ එකට යනවා කියල. මං කිව්වෙ ඕකට විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් තියනවා... DNA වල නිලීන ලක්ෂණ, ප්‍රමුඛ ලක්ෂණ කියලා ඉගෙනගත්තා මතකයි.

    ReplyDelete
    Replies
    1. හැඩරුව ..ම්ම් ..මන් හිතන්නේ සමහර ලක්ෂණ විතරයි එහෙම යන්නේ . නිලින ලක්ෂණ ප්‍රමුඛ වෙන්න නම් නිලින + නිලින වෙන්න ඕන නේ .

      මම ආසම කොටසක් තමයි ජාන විද්‍යාව ඒ කාලේ .

      Delete
    2. අමතක කරන්‍ට එපා ජෙනටික්ස්වල ඉගෙනගත්ත මූලිකම සිද්ධාන්තයක්.. හැඩරුව (ව්‍යුහාත්මක ලක්ෂණ) ආරෙට ගියාට, ගතිගුන (කෘත්‍යාත්මක ලක්ෂණ) එහෙම ආරෙට යන්නේ නැත.. බින්දිට අසංග සර්ගෙ පාඩම් අමතකැයි.?? :)

      Delete
    3. මමත් ආසම කොටසක් ජාන විද්‍යාව..ජාන කිටුව එහෙම මතකද?....F1 ජනිතයා, F2 ජනිතයා..එතකොට පිළි දෙමුහුම...හෙහ්, හෙහ්, පිළි දෙමුහුම විස්තර කරල දුන්න අපේ සූලොජි සර් සරල බාසාවෙං ඉළ ඇදුන හිනා වෙල ( අසංග සේර් නෙවෙයි. අපෙ ඉස්කෝලෙ සර් ).... බින්දි හරි..... නිලීන ලක්ෂණයක් ජනිතයාට උරුම වෙන්ට ජනකයින් දෙන්නගෙන්ම ඒ ලක්ෂණය ලැබෙන්ට ඕන. මෙන්ඩල් ගොයිය ඕක ඔප්පු කලේ අර බෝංචි ජාතියකිං පර්යේසනයක් කරල....මිනිස්සුන්ගෙ ඔය නිලීන ලක්ෂනයක් තැලසීමියා සහ ඇල්බීනෝ තත්වය...කිට්ටු ඥාතීන් අතර විවාහ වෙන්න එපාය කියන්නෙ ඔය හින්දයි.

      දිව රෝල් කිරීමේ හැකියාව සහ කන්පෙත්ත ඇති නැතිකමත් ඔය වගෙ නිලීන ලක්ෂණ දෙකක් මට මතක විදිහට. Genetics ගැන මගෙ උනන්දුව කොච්චරද කියනව නං දවසක් අපෙ හාමිනේගෙ හොඳම යාළුවෙක් ආව එයාගෙ මහත්තයයි දරුවයි එක්ක අපේ ගෙදර...පොඩි ෂොට් එක්ක දාගන්න ගමන් ඔන්න ඔය ජාන ගැන කතාව ඇදිල ආව. කොහොම හරි මම දෙකක් දාලත්නෙ හිටියෙ.ඔන්න මම ජාන උරුමවෙන විදිහයි නිලීන ජානයි ගැන විස්තර කරපු විදිහට එයාලගෙ දරුව අර හස්බන්ඩ්ගෙ වෙන්න බෑ....හප්පච්චියේ වෙච්ච දෙයක්.....බොහොම අමාරුවෙං ජාම් බේරගත්තෙ.ලොක්කි කොහොමහරි මාස තුනක් විතර යනකල් දකින දකින ගානට පස් පඩංගුවෙ බැන්න මට. ඒක ලියන්නංකො වෙලාවක සම්පූර්න විස්තරේ බ්ලොග් එකේම. :) :)

      Delete
    4. අපොයි බුරා ..බුරාට වගේ මතකයක් කොහේද මට . බුරා කියන්නේ ඔය විදිහට ගතිගුණ ආරෙට යන්නේ නැහැ කියලද . අනේ මන්දා .ඒවා නම් ටිකක් විතර සැකයි මට . ඔය අපේ කෙල්ලෝ ඉන්නවා නේද . උන්ට අපේ ගතිගුණ මාර විදිහට පිහිටලානේ .

      රවී ..

      අනේ අම්මපා අර මනුස්සයා හිතේ ගින්නෙන් ඇත්තේ මුන්ද ගෙදර ඇවිත් ඉන්න ටිකට . මොනව දෙසා බාල මිනිස්සු තරහ කරයිද කියල .



      Delete
    5. හපොයි! මෙතන වැරැද්ද වෙලා තියෙන්නෙ 'ආරය' හා 'ආරෙට යෑම' කියන වචන පාවිච්චි කරපු නිසයි මං හිතන්නෙ.. :D

      මට කියන්ට ඕන වුනේ 'කෘත්‍යාත්මක ලක්ෂණ ආවේණිකව උරුම නොවේ' කියන දේයි, මේක නූ-ඩාවින් වාදයේදී පැහැදිලිවම ඉගැන්වෙන දෙයක්.. එහෙම වෙනවයි කියලා කිවුවේ වොලස්..

      Delete
    6. මේ යන කතාබහේ හැටියට මට හිතෙන්නේ මම ඉගෙනගනම නෑ කියලා.. මට ඔය මොනවත්ම මතක නෑ...

      Delete
  5. කලින් කතාව හන්ද මතක් වෙච්ච දෙයක් බ්ලොග් එකේ ලියන්ඩ ඉතුරු කරගත්ත... දැන් ඒ පාර තව එකක්..
    මොකක් වුණත් ලියන මූඩ් එක ආවම හිටු කියල ලියන එකට නං මාත් කැමතියි..

    අනේ මං නං ලේන්සු අරන් ගියොත් ඒක පැයකින් විතර ලඟ නෑ... කැම්පස් එකේදි එහෙම ඔය ගස් උඩ ඉඳල ඔලුව උඩට ටූත් පේස්ට් අතෑරිල්ල වගේ හදිසි අකරතැබ්බ වුණාම මාත් එක්ක යන කොල්ලො මට බැනලත් තියෙනව.. මොකද්ද බං උඹ ලඟ හදිස්සියකටවත් ලේන්සුවක් නැත්තෙ උඹ මොන ජාතියෙ කෙල්ලෙක්ද කියල...
    හැබැයි මං මහන්ඩ නං ආසයි.. ඒ වුණාට මගෙ මැහුං සේරම නොකා නොබී හිතක් හිතිච්ච වෙලාවට කරන එව්ව...අනික අතේ මල් මහන එක තමයි මං ආස වැඩේ.
    හදිස්සියකට හොරෙන්ම අරන් අඩිබිඩි ගාල මහල කිසිදෙයක් නොකළා වගේ හිටියට මොකද අපේ අම්මගෙ ඉලෙක්ට්‍රික් මැෂිමට මං බයයි.. ඒක මෝටරේකින් වැඩ කරන්නෙ.. ගානට පෑගුණේ නැත්තං අස්ප වේගෙන් අතත් මැහිල යන තරං...ඒහන්ද ඕක අල්ලනවට අම්ම තහංචි දාල තියෙන්නෙ..

    මං හිතන්නෙ නැන්දම්මල මැහුං කියල දෙන්ඩ හදන එක හැමෝටම එහෙමයි.. මමත් මේදවස්වල බැණුං අහනව... මැෂින් හෙඩ් එකක් ගෙනත් දීලවත් ඒකට මේසයක් හදාගන්නෙ නෑ කියල..මැහුම ජීවිතේ කරගත්ත පෙම්බරයගෙ අම්මගෙන් නං මැහුං ඉගෙන ගත්තට පාඩු නෑ.. උන්දැ තාමත් එම්බ්‍රොයිඩර් කරන විදිය බලන් ඉන්ඩ ආසයි.. රෝසමල් එහෙම මහනව අඩුගානෙ පිටපත් කරගන්නෙ වත් නැතුව හිතේ හෝදිසියට...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ මැෂින් එක අපටත් ටිකක් බය හිතෙන දෙයක් වුනා වගේ කියල .
      ලේන්සු කුඩ වගේ එව්වා නැති වෙන එක නම් ආයේ ඕන නැහැ . අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ලේන්සුවක් නැති වුනහම කරදර වුනේ . ටිෂු තිබ්බ ඒකක් ය .

      පෙම්බරයට නම් අර හාට් එකයි මල් කිනිත්තයි වගේ පින්තුර මහල ලේන්සු හෙම හම්බ වෙන්න ඇතිනේ .

      අපොයි ආසාවක් තියේ නම් ඉගෙන ගන්න ජනු .

      Delete
    2. අනේ බින්දි පෙම්බරයට වාසනාව තිබුණෙ මගේ අතිං හැදෙන කෑම කන්ඩ විතරයි.. මල් මහපු ලේන්සු තියා ලියුමක් වත් දෙන්ඩ බැරි වුණා නෙ... ඇයි ඉතිං ගණුදෙනු සේරම සිද්ධ වුනේ ජංගමයයි කම්පියුටරයායි එක්කලනෙ...
      හැබැයි මට නං නැන්දම්මගෙන් ලස්සන රෝසමල් කිනිති දෙකක් එම්බ්‍රොයිඩර් කරපු කොට්ට උර දෙකක් ලැබුණ අපි මුණ ගැහිල එලඹිච්ච මගේ පළවෙනි උපන්දිනේට...

      Delete
    3. ඉස්සරහට වාසි වෙයි එහෙනම් ...

      Delete
  6. ළිපියත් එක්කම මගේ මතකය ඉස්සර සුන්දර ළමා ගීත වලට ගලාගෙන ගියා... අද දරුවෝ නෑනේ.. වැඩිහිටියන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. කොච්චර වුනත් ළමයින්ගේ අහිංසක කම නැති වෙන්නෙම නැහැනේ මාතලන්. එහෙම වෙනවා නම් අපිම තමයි වරද කාරයෝ .

      Delete
  7. අපේ ගෙදර ඇත්තෝ බොහොම කැමැති කරුමාන්තයක්
    මටත් සරං, කෝටන් (දොර ජනෙල් තිර රෙදි) ඔව්වා මහන්න පුලුහං
    අපේ අටම්පහුරගෙනුත් (ඉස්සර අටර්‍ම්පහුර නේ..)අහල මේ පාර උන්දැට මහන මැසිමක් ගෙනිච්චා - බෝම සන්තෝස වුණා

    ලෙංසුව, පෝස් එක, මාරු සල්ලි, සාක්කු තුනේ නැහ්නං එළියට බැහෙන්නේ නෑ වාගේ
    පුරුද්දට සාක්කුතුන අතගාල බැලෙනව එළියට බහින්න කලිං

    දරුවන්ට පුරුදු කොන්නවනං අපූරු සාස්තරේ
    හිතත් එක අරමුණක හිටිනව නෙව
    ජය!

    ReplyDelete
    Replies
    1. //ලෙංසුව, පෝස් එක, මාරු සල්ලි, සාක්කු තුනේ නැහ්නං එළියට බැහෙන්නේ නෑ වාගේ
      පුරුද්දට සාක්කුතුන අතගාල බැලෙනව එළියට බහින්න කලිං//

      ඒක හොඳා..යන්න කලින් අතගාලා බලලා ෂුවර්පිටම යන එක... :D

      Delete
    2. මං ඒත් බැලුව පරමාදේ මොකෝ කියල
      යතුරු පැදියේ යන, හමුදාවල හිටි, පිරිටන් බොන අයට නං මොකෝ ඉතින්
      අපට ඉතින් මාරු සල්ලි නැතිව, නාහේ හුරගන්න ක්‍රමයක් නැතිව, අයිඩෙන්ටි නැතිව දුක් විඳින්න බෑ නෙව

      Delete
    3. පව් අයියෝ... බස්වල කොච්චිවල ගිහින් අසරණයා සෑහෙන දුකට පත් වෙලා... අයියා..ගේ ගාව ඉදන් මහරගමට බස් ටිකැට්ටුව කීයක් විතර වෙනවද..? :D

      Delete
    4. කරත්ත පාර වල බස් යන්නැතෝ.. ;)

      Delete
    5. මාහෝ: දැන් රුපියල්ම හතක් වෙනව මල්ලී...

      බුරා: ඕං කිව්ව කථාවක්..

      Delete
    6. කණගාටුයි අයියා..උත්තරය වැරදයි..අවම ගාස්තුව දැන් රුපියල් 9 යයි.. මීට පස්සේ ඔහොම එකක් කාගෙන් හරි අහද්දී බස් එහෙක අද ඊයේ යන කෙනෙක්ගෙන් අහුවනං හොදා... මතක ඇති කලෙකින් බස් එහෙක නොගිය උන්දලගෙන් සපෝට් ගන්නවට වඩා.. :D :D :D

      Delete
    7. තිස්ස ..ස්වාමි පුරුෂයෝ කැමතිනේ හාමිනේ මහන්න ගොතන්න දන්නා එකට . ලේන්සු පාවිච්චි කොළට කමක් නැහැ සෝදනවා නම් සතියකට පාරක් හරි ...නැද්ද .

      පෝස් එකයි ලේන්සුවයි මාරු සල්ලි ..මන් හිතන්නේ ඔය අර කැම්පස් යනකාලේ වෙන්ට ඇති .

      . බස් ගාස්තු සැහෙන්න ඉහල ගිහින් . ඉස්සර සත පනහ රුපියල ඉතුරු දුන්නේ නැත්තේ . දැන් කෙලින්ම රුපියල් හතර වුනත් නොදී ඉන්න බලන්නේ .

      Delete
  8. අනේ අපිනං නැහැ ඔය ලේන්සු පාවිච්චියක්... ඉක්කෝලේ යන කාලෙනං හොටු හූරන්න එකයි පුටු පිහින්න එකයි ගෙනිච්චා... කොහොමත් කලිසමෙන්ම පුටුව පිහෙන හින්දා නිකං මොටද ඒකට ලේන්සුවක් නාස්ති කරන්නේ..මං ඔන්න ඔහේ ඒකෙනුත් හොටු පිහ දැම්මා... :D

    (පිරිටන් කියන්නේ දිව්‍ය අවුසදයක් කියලා මට මතක් වෙන්නේ ඔය වෙලාවට තමා පිරිටන් නොතිබ්බනං තාමත් ලේන්සු හොයන්න එපෑ...)

    බින්දිගේ මාත්තුරුකාව දැක්කම මට මතක් උනේ අපේ ජුංඅලයා.. එක පාරක් ඕකට කෙල්ලෙක් ගැහුවනේ..ඒ ගහලා ගෙදර ගිහින් අම්මට කියලා අම්ම ලව්වත් බැන්නෙව්වා... පස්සේ මොකද කියලා හොයලා බලද්දී තමා ෂින් එක දැන ගත්තේ... අපේ ජුමා අර කෙල්ලට සිංදුවක් කියලනේ...

    “ජංගි පොඩිත්තක් මහලා දෙන්නද.. කුරුම්බැට්ටි මැසිමෙන්.. කුරුම්බැට්ටි මැසිමෙන්...“

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙම ද ඔය හොටු ගලන ලෙඩේ හැදුනේ ..පව් .

      අම්මපා කොල්ලෝ කෙල්ලන්ට වඩා ඇඳුම ගැන සැලකිලිමත් වගේ ඉස්කෝලේ යනකාලේ . ඉස්කෝලෙම යන්නෙත් නැහැ . වැඩි හරිය කට්ටි පනිනවා . එකට මොකෝ මොස්තරේ නම්. අපේ මලයත් ඔය වගේ .

      සික් ජුමා කරලා තියෙන වැඩ

      Delete
  9. අද කාලේ ඔක්කොම කොරන්නේ කොම්පීතරෙන්නේ නේ. අද කාලේ ළමයි උපදින්නේම වැඩිහිටියෝ වෙලා කාලෙකින් බින්දිගෙ බ්ලොගේට ආවේ.

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නැහැ කෝරලේ ..ළමයි තාම කැමතියි සෙල්ලම් කරන්න . ලෝකේ යන විදිහට උන්ට වෙලාවක් නැහැ . අපේ දිහා නම් එච්චරටම කොම්පිතරේට ඇබ්බැහි වීමක් නැහැ .

      කාලෙකින් ආවට ස්තුතියි

      Delete
  10. මට නම් මහන්ට බෑ අය්යෝ...:(

    අප්පච්චි නම් තාම ලේන්සු පාවිච්චි කරනවා අර පිරිමි ගෙනියන ලොකු ඒවා...

    ලස්සන චූටි මල් මහපු ලේන්සු කවුරු හරි තෑගි දෙනවා නම් ඉතින් ගන්නවා.:)

    නැන්දම්මා කෙනෙක් කවද හරි, මහන්ට උගන්නන්ට ආවොත් පැත්ත පලාතේ ඉන්නේ නැතුව දුවනවා අනේ...:D

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ අනේ . මහන මැෂිමක් කියන්නේ ගෙදෙට්ට වැඩක්ම නැති දෙයක් කියල කිව යාලුවෙකුත් හිටියා . ඔය ඉන්නේ යසට . කොරන්න බැරි එව්වත් තියෙනවනේ ..

      ජනු තමයි එහම තෑග්ගක් දෙන්න ඉන්නේ ...

      එහම තරහ කරගන්න එපා . ට්‍රයි කරන බව පෙන්වන්න . එයාගේ මැහුම් අගය කරන්න .

      Delete
  11. බින්දී අක්කේ ඔයවගෙමයි මමත් මටත් මැහුම් කියන්නේ මොනවා කරත් පිහිටන්නෙම නැති විෂයක්. මගෙත් අම්මයි නන්දම්මයි දෙන්නම හොඳට මහනවා.මගේ දුවගේ පොඩි ඇඳුම් සේරම කලෙත් එයාල. පොඩ්ඩියෝ දෙන්නම මැහුම් ගැන උනන්දු එක ගැන නම් සතුටුයි එකත් කලාවක් නේ හැමෝටම පිහිටන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා මන් වගේ එවුන් හිටියේ නැත්නම් ගාමන්ට් වහන්න වෙයිනෙ කල්පනා ..ඒ හින්දා අපි කරන්නේ සමාජ සේවයක්

      Delete
  12. හොඳින් මහන්න පුරුදු වෙන්න ඕන කියන එක නම් මගේ හැමදාම සිහිනයක්..බින්දිගෙ විස්තරේ දැක්කාම තවත් ඒ ආසාව වැඩි වුනා...
    කොහොම වුනත් ළමයින්ගෙ ආසාවල් නම් සෝඩා බෝතල් වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. රූ ගේ සිහිනය සැබෑ වෙන්න කියල පතනවා

      Delete
  13. ජාන වල තියෙන දේවල් එහෙම තමා.. ඒත් ආයේ කවදා හරි මතුවෙනවා.. හැබැව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා

      Delete
  14. අප්පා බින්දි.. පරම්පරාවක් වෙනස් උනත් මාත් ඔයාගේ ජාතියෙම තමයි... ඒ කිව්වේ ඔය ඔයා කරන ටිකම විතරයි මටත් පුළුවන් මැහුම් වලින්.. ( මේ ඕලෙවල් හෝම් සයන්ස් කරපු එකෙක් කියන්නේ හොඳේ.. ලැජ්ජාවේ පණ යනවා...) ඒ වගේම අම්මට කියලා කොට්ට උර, මේස රෙදි එහෙම මස්සගෙන හෑන්ඩ් පේන්ට් කරලා විකුණන එක මාත් කළා.. මේ ළඟක් වෙනක්ම ටී ෂර්ට්ස් එහෙම පාට කරලා අම්මගේ ෂොප් එකේ දාලා විකිණුවා.. ඒත් දැං අම්මලා ළමයින්ට ලස්සන මිකීලා මිනීලා ඩොනල්ඩ් ඩක්ලා ඉන්න ටී ෂර්ට් අරන් දෙන්නේ නෑ .. ලොකු ලොකු මරාගන්න සත්තු ඉන්න කාටූන් වල රෑප තියෙන ඒවා තමයි ළමයි ආසත්.. ( කේක් වලට හදලා ඉල්ලන ජාති දැක්කම පුදුම හිතෙනවා මේ ළමයිද කියලත්..) අනිත් එක ප්‍රින්ට් කරපුවාත් තියෙනවනේ ලාබෙට..

    ඒත් හැන්ඩ් පේන්ට් කරපු මේස රෙදි නම් තාමත් මගෙන් ඉල්ලන අය ඉන්නවා... ඒත් මහන්න විදියක් නැති නිසා ඒකටත් සොරි තමයි...

    අපේ නැන්දම්මා නම් මහනවා තමයි.. මාමණ්ඩි විහිළු කරනවා එයා මහන්න ඉගෙන ගත්ත හැටි ගැන කියලා... අපේ මහත්තයා රට ඉඳලා එනකොට අම්මටයි අක්කටයි මහන මැෂින්ස් දෙකක් ගෙනාවට මට එකක් ගෙනල්ලා නෑ.. ඉතිං දැං මොනා කිව්වත් මං කියන්නේ ඔයාට මහලා අඳින්න උවමනාවක් තිබ්බනං මටත් එකක් ගේනවනේ කියලා.. හි හි

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු ද ගෘප් ...

      වෙළඳ පොළ සම්මුතියකට ඇවිත් වගේ මේ දේවල් වලට . ඔන්න බලන්න වයස හතර වෙනකම් විතර සුරතල් සත්තු ..ඊට පස්සේ ඩයිනෝසරල ..තොමස්ලා ..බෙන් ටෙන් ලා . ලමයින්ගේම වරදත් නෙමේ . කඩ වල තියෙන්නේ ඔය පිළිවෙලට .

      ගැහැණු ළමයින්ට මෙයිට වෙනස් . උන්ට ප්‍රින්සස්ලා , බාබිලා .

      මේ දවස්වල ඉතින් අර තරහ ගිය කුරුල්ලෝ නේ හැම තැනම .

      එම්බ්‍රොයිඩර් ...හෑන්ඩ් පේන්ට් වගේ දේවල් වලටත් තව්මා ඉල්ලුමක් තියෙනව . මහන්න අකමැති වුනත් මගෙත් කැමැත්ත ඒවාට . මෙහෙ තියෙනවා හරි ලස්සන එම්බ්‍රොයිඩර් .

      Delete
  15. මට මතකයි මං තුනේ / හතරේ පන්තියේ ඉන්දැද්දී ගෑල්ළමයිට මැහුං තියෙනවා. පොඩි දරෙදි කෑල්ලක වාටියක් මහලා ඒ ගොල්ලෝ 80% ක් ලකුණු ගන්නවා.

    කොල්ලන්ටර වතුවැඩ. මයියොක්කා වලක් කැපුවොත් ලකුණු 20යි!

    මං ගෙදර සිංගර් එකෙන් මහන්න ඉගෙන ගත්තේ හතේ පන්තියේදී. නීරීක්‍ෂණ මගින් තනියම.

    මගේ මුල්ම ජොබ් එකේදී මට ජුකී පුහුණුවකුත් ගන්න චාන්ස් එකක් ලැබුණා. පාගන මැෂින් වගේ නෙමෙයි ඒවා හරි භයානකයි!

    ReplyDelete
    Replies
    1. ඕකනේ ..මයියෝක්කා වලවල් කපන්නේ නැහැ නේද . බතල මය්යෝක්කා පස් කඳු හදලානේ හිටවන්නේ . ඉතින් 20 ක් දීපු එක හරි .

      වාටියක් මහනවා කියන්නේ කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද ...ස්කිල් එක ඕනේ

      බලාගෙන ගියහම කකාට උයන්නත් පුළුවන් මහන්නත් පුළුවන් .

      මාත් අහල තියෙනවා ජුකී මැෂිමක මහන්න දෙන්නේ අනික් වැඩ කරලා සැහෙන පළපුරුද්දක් ආවම කියල

      Delete
  16. / අපට අනිවාර්යයෙන් මැහුම් කියල විෂයක් තිබුන නිසා . /

    මැහුම් කියල විෂයයක් අහල තිබ්බට අනිවාර්යයෙන් මැහුම් කියල subject එකක් තිබ්බයි කියල දැන ගත්තෙ ඔන්න අද..ස්තූතියි බින්දි...නෙළුම් විලට මම කැමති එක කාරණයක් ඔන්න ඕක. හැමදාම මක්ක හරි අලුත් දෙයක් බින්දි කියල දෙනව...ස්තූතියි.

    / අපි ඉස්සර නවකතා වල දැකල තියෙන්නේ ආදරය කරන කාලේ කෙල්ල තෑගී දෙන්නේ අතින්ම මහපු ලේන්සු../

    දැන් එහෙම එහෙම තෑගි දෙන්ට ගියානං ලේන්සුව දෙන්ට වෙන්නෙ ලමයි දෙන්නෙක් විතරත් හම්බ උනාට පස්සෙ....

    / පිරිමි තවම ලේන්සු භාවිතයෙන් මිදිලා නැහැ වගේ . /

    අනේ මට නම් ලේන්සුව කියන එක අත්‍යාවශ්‍යයයි. බොහොම වෙලාවට ඕක සාක්කුවෙං එලියට ගන්නෙත් නෑ. ඒත් ලේන්සුව නැතුවම නිකං ඇඳුමක් ඇඳල නෑ වගෙයි මට හිතෙන්නෙ....

    / කොරියන් කතාවල කෙල්ල හඬන කොට කොලුවා සාක්කුවෙන් ලේන්සුවක් අරන් දෙනවා කඳුළු පිහාගන්න . වැඩිය ආදරේ නම් එයාම කඳුළු පිහිනවා /

    මොකක්ද බොල ඒ ආදරේ?....කෙල්ලට අඬන්ට සිද්ද නොවෙන්ට කොල්ලා වැඩ කරන්ට එපාය හරි විදිහට ආදරේ නං....

    **********************************************

    අපෙ උන්නැහැත් ජීවිතේට ඉදිකට්ටක් අල්ලනව මම නම් දැකල නෑ. හැබැයි බැඳපු ගමං ඕන උනා අර සිංගර් ප්‍රින්සස් ද කොන්ටෙසාද මොකක්ද කියල ආවෙ හෙණ වැඩ දාන්ට පුළුවන් මැසිමක්. අන්න ඒක. ඒ දවස්වල නම් නීල චන්ද්‍රයා පෑයූ කල්හි මට මතකයි ඕක පාග පාග දවල් තිස්සෙ මට බුදියෙන්ට දෙන්නෙත් නැතුව මොන මොනවද මැහුව. ඒත් මහපු දෙයක් නම් මම මේ වෙනකල් දැක්කෙ නෑ කිව්වම මොකද? ඇස්වහක් කටවහක් නෑ...හෙහ්, හෙහ්,

    ඒ මැසිම තාම තියනව මයෙ පුස්තකාල කාමරේ අයිනක. ඒක අල්ලන්නෙවත් නෑ. ඒත් කාටහරි දෙන්නෙත් නෑ.

    මේ පාරත් මම කිව්ව .." මේ ඔය මැසිම නිකම් මෙතන තියාගෙන ඉඩ ඇහිරෙනව විතරයි. ඕක දෙමු කාට හරි ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට. මට මෙතන තව පොත් රාක්කයක් දැම්මැහැකි " කියල.

    " මේ ඔයා ඕක උස්සගෙන ඉන්නවද?...ඔන්න ඔහෙ තිබ්බාවෙ..ඔයාගෙ පොත් ඕනනං මැෂින් එක උඩ තියන්ටකො " ඔන්න කියාපු එක. ඉතිං කාටද මෙව්ව කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. තාම පේරාදෙනිය පැත්තෙ ඉන්ටර්නෙට් අප්සෙට් ගිය එක හදලා නෑ වගේ.. :P

      Delete
    2. ඊයෙද කොහෙද හදල තියෙන්නෙ මලේ..ඒත් ෆුල් බිලම ගෙවනකල් කනෙක්ෂන් එක දෙන්නෙ නැතිලු...මමනෙ ගෙවන්නෙ මෙහෙ ඉඳල..මම ඔය එක එක එව්ව කිය කිය බිල නොගෙව ඉන්නව....සීතලයි එලියට බහින්ටවත් බෑ. ඔන්න ඔහොම..කොහොමත් තව දවස් දෙක තුනක්වත් එහෙම අල්ලගෙන ඉන්ට ඕන..කියන්ට තියෙන එව්ව කියල ඉවරයක් වෙනකල්...හෙහ්, හෙහ්,

      Delete
    3. හුහ් අනිවාර්ය මැහුම් තමා ..නැත්නම් අපි කරයිද . අපේ ඉස්කෝලේ ගැහැණු ළමයි විතරක් හින්දා මැහුම් ඉගෙන ගන්න වුනා හැමෝටම . පිරිමි ළමයි උන්න ඉස්කෝලවල වඩු වැඩ මැටි වැඩ හෙම තිබ්බලු .

      හයෙන් පස්සෙත් තෝරාගන්න තිබ්බනේ . තාක්ෂණ විෂයට . ඔන්න එතනත් එක්කෝ මැහුම් නැත්නම් ගෘහ විද්‍යාව . කාලා වරෙන්කො . උයන එකත් අප්සෙට් මහන එකත් අප්සෙට් . උයන එක වැඩිය අප්සෙට් නිසා මහන්න තමා තෝරා ගත්තේ ., එහෙන් මහෙන් අම්මට කියල උදව් හෙම අරන් ගොඩ දාගත්ත . අපි වාසනාවන්තයි කියන්නේ සා පෙට ඔය විෂය තිබ්බේ නැහැ .

      හැබෑ ආදරේ නම් ...ඉතින් මොකට කියනවද ..ලේන්සු විතරක් නෙමේ සැබෑ ආදරවන්තයනට පවා බුල් තුවායක් ...අඩුම ගානේ අමුඩ කෙටියක්වත් වත් ඕන වෙන වෙලාවල් නැද්ද මන් අහන්නේ ...

      සම්පුර්ණයෙන් එකඟයි එතුමිය එක්ක ..''ඕන නම් පොත් ටික මැෂින් එක උඩින් තියන එකයි ''

      Delete
  17. තුන වසරේදී අපිටත් ඉස්කෝලේ මහන කේස් එකක් ආවා. මැහුම් පෙට්ටියකුත් හදාගෙන යන්න වුණා. අභ්‍යාසය අන්තිමට ලේන්සුවක් මහන්න තිබුණා. මංතුමා නං අම්මට පිං සිද්දවෙන්න ලේන්සුව ගොඩදාලා අරං ගියා. මෙන්න බොලේ ලකුණු එනකොට මැහුම්වටල 100% ලු.
    ඒ මොනා වුනත් අපි නම් තවමත් මහන එක කරනවා... හැබැයි ඉතින් රෙදි නම් නෙවි ඕන්....:P

    ReplyDelete
    Replies
    1. රෙදි මහන්වට වඩා කොච්චර බරපතල වැඩක්ද . ජිවිතයක් මහනවා අණ්ඩ දමනවා කියන්නේ ..පින් තමයි

      Delete
  18. මම නම් පොඩිකාලෙ ඉඳිකට්ටෙන් මහලා තියෙනවා.. දැන් වුනත් ඉරුනු එකක් මහගන්න පුළුවන්.. මම මැසිමෙ මහන්න ආසා වුනත් අම්මා ඒක රකින්නෙ මහාර්ඝ වස්තුවක් වගේනෙ.. අල්ලන්නවත් දෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය මහන මැෂිම වටිනා එකක් කියලා ලොකු බයක් ගෞරවයක් මට පොඩි කාලෙම ඇති වුන නිසාද මන්දා ශිල්පය හරි නොගියේ

      Delete
  19. මං නම් අර ලේන්සු වෙනුවට සර්වියට් පාවිච්චි කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ආ ලේන්සු නැති පිරිමි ළමයි

      Delete
  20. මහන වැඩ මට නං බෑම තමයි... හදිස්සියකට බොත්තමක් වත් අල්ලන්න මට බෑ.. කරන්නම දෙයක් නැත්තං පුංචි කම්බි කෑල්ලකින් අටවා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඛේදජනකයිනේ ..බොත්තම් ඇල්ලීම නම් අත්‍යවශයිනේ පිරිමි අයට . හරිම ලේසියි.ඉගෙනගන්න මටත් පුළුවන් එකේ

      Delete
  21. පොඩ්ඩ කාලෙ මමත් හරි ආසයි පැඩල් එක පාගන්න අපෙ අම්ම මහනකොට.. අම්මගෙ ඔඩොක්කුවෙ ඉදං මං පාගනව අම්ම මහනව :D

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගෙදර තිබ්බ වාහනේ ඕකනේ අපට .

      Delete
  22. මටත් ඔය බොත්තමක් අල්ලගන්නවට වඩා වැඩි දෙයක් බෑ. අපිට තිබුන ජීවන කුසලතා කියල විශයක්. ඕකට කොට්ට උර ළමා ඇඳුම එහෙම මහන්න උනා. දක්ශ මැහුම් කාරියක් වෙච්ච මගේ අම්මාගේ අම්මට පින් සිද්ධ වෙන්න තමා ඕන් මම ‍රැකුනෙ. අපේ අම්මටත් මහන්න පුළුවනි හැබැයි බොහොම කම්මැලියි ඒ වැඩේට එයා. මට බලන් ඉද්දි ආස හිතුනත් වෙලායන වැඩක් නිසා කවාදාවත් හරියකට ඉගනගන්න බැරි උනා. දැන් ඉතින්හැම දේම රෙඩිමේඩ් නෙ. හබැයි ඔන්න කුරුම්බැට්ටි මැසිමෙන් නම් හොඳට කොස් කොල මැහුව ඒ කාලෙ. :)

    ReplyDelete
    Replies
    1. මන් කොච්චර කම්මැලි වුනත් මහන්න දන්නා අය ගැන ලොකු ගෞරවයක් තියෙනව . ඒ ගොල්ලන්ට හිතුනහම ඕන දෙයක් මහගන්න පුළුවන් . අපි එක එක්කෙනාගේ ගණන් බලන්න එපාය . විශේෂයෙන්ම ළමයින්ට එක එක දේවල් ඕන වුනහම . ලමාසරිද අරකද මේකද . සාරි හැට්ට තමයි එපාම කරපු එක . කොච්චර සල්ලි දීලත් හරියට මහන්න දන්න අය අඩුයි .

      මටත් හිතිලා තියෙන්නේ ඉගෙන ගෙන තිබ්බ නම් හොඳයි කියල . අම්මලා හුඟක් දක්ෂ වුනහම ළමයි ඒවා ඉගෙන ගන්නේ නැද්ද මන්දා

      Delete
  23. පුංචිකාලෙ ඉදන් මමත් මහන්න ආසයි.. පහ වසර වාර විභාගෙට අපිට තිබුණ එලලීම මැහුම.. ඒක ගෙදරින් අහන් ඇවිත් මහන්න තිබුණෙ පන්තියෙ.. මං පිළිවෙලකට ඒ දේ කරලා ඉවර කරලා තිබුණා. ගොඩක් දෙනෙක්ට හරියට ඒ වැඩේ කරන්න බැරි නිසා ටීචර් කිව්වා මැහුම දිහා බලලා ඒ ළමයිට මහලා දෙන්න කියලා.. ඒත් අන්තිමට මට අඩු ලකුණු දීලා මං මහලා දුන්න අයට වැඩි ලකුණු ටීචර් දීලා තිබුණා. :D
    ආයෙ මතක්වුණෙ ගෘහආර්ථික විද්‍යාවෙදි මැහුව ළඳරු ඇඳුම.. බ්ලොක් කපලා අතින්ම මහලා ඉවර කරද්දි දැනුන සතුට.. :)
    දරුවන්ට දෙන නිදහසින් එයාලගෙ හැකියාවන් මතු කරලා ගන්න පුළුවන්.. ඒවෙනුවෙන් ඉඩදෙන දයාබර මවට ස්තූතියි ගොඩක් ආයෙත් අතීතයට ගෙනිච්චට.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරියට පිහිටියොත් ඉතින් කාටවත් යටත් නැති නිදහස් රස්සාව .

      ටීචර් නරක වැඩක් කරලා තියෙන්නේ .

      ඔබටත් ස්තුතියි නන්දු

      Delete
  24. ඔන්න ආයෙත් අතීතයට....මම මහන්න ආසම නැති උනත් අපේ අම්මා හරියට මට ගවුම් පොඩි මහල දුන්නා මං පුන්චි කාලෙදි....අවුරුදු 5 ක් ම මම ඇන්දෙ අම්මා ලස්සනට මල් මහල මෝස්තර දාලා දුන්නු ඇඳුම්.සමහර අවුරුදු කාලෙට නෑදෑයන්ගෙ දරුවන්ට පවා අම්මා මෝස්තර ගවුම් මැහුවා...

    අපේ නැන්දම්මත් එහෙමයි හිටියෙ පුතාලාම දෙන්නෙක් උනාට එයාත් මහන්න ගොඩක් දක්ශයි...

    අනේ මට නම් මැහිල්ල එපා කරපු කම්මැලි වැඩක්...ඒත් අළුත උපදින බබාට ඇඳුම් මහන්න කියලා ආසාවක් ආවා... අමාරුවෙන් හරි බ්ලැන්කට් මැස්ම විතරක් දාලා ඇඳුම් පොඩි පහක් මැහුවා...

    හි හී මටත් තියනවා මැහුම් පෙට්ටි මතකය....අපි යාළුවන්ගෙ ලස්සන බිස්කට් පෙට්ටි දිහා බලන් ඉන්නවවා මැහුම් කෙසේ වෙතත් අපටත් එහෙම පෙට්ටියක් තිබුනොත් හොඳයි කියලා..රට නෑයෝ ඉන්න යාළුවන්ට නම් ලස්සන මැහුම් පෙට්ටි තිබුනා.මට නම් කවදාවත් ඒ වහේ පෙට්ටියක් ලැබිල තිබ්බෙ නෑ....

    දැනටත් ලස්සන බිස්කට් පෙට්ටියක් චොක්ලට් පෙට්ටියක් දැක්කම පරණ මැහුම් මතකය හිතට එනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සර ටොෆි පෙට්ටියක් කියන්නේ ලොකු දෙයක් . අදට වුනත් මටත් ලස්සන ටොෆි පෙට්ටි විසි කරන්න දුකයි.

      ආ අම්මෙක් වෙන්නයි යන්නේ ...හද පත්ලෙන්ම සුබ පැතුම් . දෙන්නටම නිරෝගී සුවය සහ සතුට පතනවා .. ඇත්තටම සන්තෝෂයි මුතු

      Delete
  25. පොඩි දෙන්නා මැහුම් ගෙතුම් කරන එක ගොඩක් හොඳයි. හැම දේම පොඩ්ඩක් හරි දැනන් ඉන්න ඕනෙ කියලයි කියන්නේ. උසස් පෙළ කරන කාලෙ වෙනකොට මැහුම් ගෙතුම් කරගන්න හැකියාවක් තිබ්බා. ඒත් දැන්නම් අවුරුදු ගාණකින් කිසිම දෙයක් කරන්න බැරි වුනා.දැනුත් මහන එකනම් කරනවා දිනපතා...දැන් අවුරුදු 2 , 3 ඉඳන් මහන්නෙම ඉතින් මනුෂ්‍ය ශරීරයේ අවයව, කැපුම් කෙටුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිත්කොන ...අපි ඔය විහිලුවට හිනා වුනාට කොයිදේත් දැනගෙන හිටියම හොඳයි

      ඔයාල කරන මැහුම් ඉතින් තොටියාට කිවා වගේ ජිවිතයක් එලලිම ..ඒ දෙය නම් හැමෝටම නොලැබෙන පින්කමක්

      Delete
  26. මමත් පුරුද්දට ලේන්සුවක් තාම පිටිපස්සේ සාක්කුවේ දාගෙන යනවා.

    මහන එක නම් ජාන වලින්ම එනවයි කියන්න බෑ ත් ද මන්දා . .

    දන්න කියන තරමින් අපේ අම්මගේ වත් තාත්තගේ වත් පරම්පරාවල් වල මහන්න කැමති අය කිසි කෙනෙක් නෑ.

    ඒත් අපේ අක්කා ට මහන්න ගොතන්න මල් හදන්න හොඳ හැකියාවක් තියෙනවා. ඕන දෙයක් එක පාරයි කියලා දෙන්න ඕන නැති නම් දකින්න ඕන. මුල් එකට වඩා හොඳට කරන්න පුලුවන්.

    (දැන් ළමයි 5ක් හදාගෙන දැලි කුනු පෙරාගෙන උදේ ඉඳන් රෑ වෙන කම් කුස්සියේ වැඩ. අපරාදේ ඒකිගේ ජීවිතේ)

    එයාට ඒ හැකියාව තිබ්බැයින් උනේ මටත් බලෙන් ඇති කරපු එක.

    මහද්දී බ්ලොක් ඇඳලා දෙන්න ඕන මම. සමහර කෑලි මහලා දෙන්න ඕන මම. ඒකෙන් උනේ මටත් මහන්න පුලුවන් වෙච්චි එක.

    එක පාරක් මම තනියෙම අම්මගේ සාරි හැට්ටයක් ගලවලා බ්ලොක් එකක් හදලා අම්මට සාරි හැට්ටයක් මහලා දුන්නා පොප්ලින් රෙදි වලින්.

    මල් හදන්න අක්කා මට ඉගැන්නුවායින් එයා බැඳලා ගියාට පස්සේ මම එක කාලයක් ඒක බිස්නස් එකක් විදිහට කරලා මගේ ටියුෂන් ෆීස් හොයා ගත්තා.

    ළමයින්ගේ හැකියාවල් මොනවද කියලා තේරුම් අරන් ඒවාට උදව් කරන බින්දි වගේ දෙමාපියෝ වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. දුකාත් හෙන දක්ෂයෙක්නේ .. දුකා අක්කට තියෙන ආදරේ කියන්න ඕන නැහැනේ . හැම අකුරකම ඒ බව දැනෙනවා .

      ඒ කාලේ මට මතකයි අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් රෙදි සහ කඩදාසි මල් හැදුවා . අපි පොඩි පොඩි උදව් දුන්නා. අඩු ගානේ බලන් හිටියා . බෝගන්විලා මල හදනවා මට මතකයි. එක කාලයක් තිබුනා මැක්‍රම් ගොතන මල් හදන . මන් හිතන්නේ අපට කලින් අක්කල . අපේ කාලේ වෙද්දී ඕවා ටිකක් දියාරු වෙලා ගියා . ගැහැණු ළමයි පොත් වලට ඇබ්බැහි වුනා

      Delete
    2. මට පේන්නේ පිරිමි මහන්න කැමතියි. ගැහැණු අකමැතියි කියලයි!
      අනේ දැන් කාලේ හැදෙන අම්මලා.

      Delete
    3. හොඳම කෝකියෝ පිරිමි වගේ . ඔය ලොකු ලොකු ඩිසයිනර් ලා වුනත් ගොඩක් පිරිමි නේ . හැබැයි ඒ ගොල්ල නම් ඉතින් කරාබු දාල එල්ලෙන ඇඳුම් ඇඳගෙන ටිකක් කාන්තාවෝ වගේ වෙලා .

      Delete
  27. අනේ , අහන්නත් ආසයි මේ දෙන්නගෙ වැඩ. කල්ගියා ඔන්න එන්න. දැන් විවේකෙ හරිම අඩුයි. මේ ටිකේ අපි අපේ තැනටම ශොප් එක ගේන්න හදනවා.
    මමත් මහන්න එච්චර කැමති නෑ. ඒ උනාට පාසැල් යන කාලෙ මගෙ ඇඳුම් මමම මසා ගත්තා. රෙදි පින්තාරුවටයි පෝච්චි පින්තාරුවටයි බොහොම කැමතියි. අපේ ගෙදරත් බොහොම නිදහසේ දෙයක් ඉගෙනගන්න පරිසරයක් තිබ්බ නිසා ඒ හැමදේම ටික ටික දැන ගත්තා බින්දි. පුතාලට පොඩි ඇඳුම් ටික මමම මසා ගත්තා. ඔයවගේ දේවල් හැම ගැහැණියාටම පොදුයි. ලේන්සුව නැතිවම බැරි අය අපේ ගෙදරත් ඉන්නවා. පැංචියො දෙන්න උයන්න එනවද? ආ......... අමතක උනා ........ අම්මගෙ කේක් එක! පොඩි දෙන්නාටම වාසනා වේවා!

    ReplyDelete
    Replies
    1. උයන්න එනවා . හැබැයි ඉතින් ඒ ගොල්ල ආවම වැඩ දෙක වෙනවා . සමහර වෙලාවට මටත් හදිසි නැත්නම් ආසාවට උදව් කරන්න දෙනවා . චපාති රෝල් කරන වගේ වැඩ .

      පොඩි දෝනිට ඕන වුනා ගෙදරම තාත්ත කැමති චොකලට් කේක් එකක් හදන්න තාත්තගේ උපන් දිනේ දා .ඔන්න ඉතින් එයාට ඕනේ බිත්තර කඩන්න ...සිනි පිටි කිරන්න .මගේ උදව්වෙන් සැරසුවේත් එයයි .

      Delete
  28. බින්දි..... දරුවන්ගේ ලෝකයේ සුන්දරත්වය විදින රස කාමි දයාබර වාසනවන්ත මවක් ඔබ...ඒ වගේම ඔබේ දරුවන් ද හරිම වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඒගොල්ල නම් වෙලාවකට කියනවා මන් නරකයි කියල ...උදේට ඇහැරවන කොට හෙම ..D

      Delete
  29. අපේ අම්මටත් හොදට මහන්න පුළුවන්... ඒත් මට නම් එහෙමට බෑ.... ඔය පොඩ්ඩක් පොඩ්ඩක් මොකක් හරි කර ගන්නවා ඇරෙන්න හරියට කර ගන්න බෑ.... හැබැයි අතේ මහන්න නම් පොඩ්ඩක් විතර පුළුවන් සහ හිතුනම මහනවා. හැබැයි ඕක හිතෙන්නේ නම් කල්ප කාලයකට විතර පාරක් තමයි.

    මේ හෙඩිම දැක්කම මට මුලින්ම මතක් වුනේ කුරුම්බැට්ටි මැෂිම....හික්... ඒකෙන් නම් පොඩි කාලේ මහල තියෙනවා ඇති වෙනකන්....

    පොඩ්ඩෝ දෙන්නා හොදයිනේ.... ඔය වගේ දෙයක් හිතුන එකමත් මදෑ......

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා වගේමද කොහෙද . මේගොල්ලන්ට හිතෙන එව්වා නම් ඉතින් . අක්ක ගේ වයසේ අනික් ළමයි බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නේ නැහැ වගේ . ඒ වුනාට මෙයා නම් උන් එක්ක රටේ නැති සෙල්ලම් . වැඩිය ලොකු වැඩ දැන්ම ආස නොවෙන එක නම් මට ලේසියි

      Delete
  30. අපේ තාත්තලගෙ සහෝදරයන්ගෙ පවුල් වල වැඩිහරියක් හිටියෙ පිරිමි සහොදරයො.උන් හිටියෙ අහල පහලමයි. අපි සෙල්ලම් ගෙවල් දාන්කොට අම්මලට අඳින්නෙත් පිරිමි අපි තමා..තාත්ත අම්මට කතාකරනව් වගේ ඒයි...මේ... ආදීවශයෙන් කතාකරන් දාපු සෙල්ලම් ගෙවල් තාම මතකයි.
    චීත්ත ගවුමුත් ඇන්ඳ ව්ගේ මතකයි.කොහෙන් හම්බ උනාදකියල මතක නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ දිහාත් අය්ය වැඩිය හිටියේ අම්මගේ මහ ගෙදර . අක්කයි මමයි ඔය වගේ අම්ම තාත්ත සෙල්ලම් කළා . මල්ලි තමයි ළමයා . එයා කෙල්ලක්ද කොල්ලෙක්ද කියල තීරණය කරන්නේ අපි එක එක දවසට . එක දවසක් එයාව ඩයනා කුමාරි විදිහට ඇන්දුවා . දැන් දන්නවා නම් අපේ ඔලුවත් පලයි

      Delete
  31. අපේ අක්කත් දන්නවා මැහුං වැඩ.... මාත් ඉස්සර ටිකක් දැනං උන්නා වූල් වලිං ගොතන්න.දැං මතක නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ දෙන්නත් ආසයි වුල් ගොතන්න ඉගෙන ගන්න . මෙහෙ ළමයෙක් කියා දෙන්න පොරොන්දු වුනා

      Delete
  32. අපේ කොල්ලටත් පුංචි පන්තිවලදි බොත්තම් අල්ලන්නයි, මල් මහන්නයි ඉගෙන ගන්න වුනා.
    ස්කවුටිං වලටයි, ප්‍රැක්ටිකල් ආට්ස් වලටයි.

    ReplyDelete
    Replies
    1. පාසලෙන් පසු තියෙන ක්‍රියාකාරකම් වල උයන එකට වැඩියම ආස කොල්ලෝ . එක ළමයෙක් මට කිවේ ඉස්කෝලේ ඇරුනම එයාට හරි බඩගිනියි . උයන එකට ගියහම කන්න පුළුවන්ලු.

      Delete
  33. අක්කාගේ පෝස්ට් එකේ මාතෘකාවත් එක්ක මට කුරුම්බැට්ටි මැෂිම මතක් වුනා... අපිත් පොඩි කාලේ හොඳ මැහුම් කාරයෝ ඕකට පිං සිද්ධ වෙන්න !!!

    මහුෂ්‍යෙයක් වුනාම හැම දෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. මෝස්තර මහන්න දැන නොඋන්නත්, ඉරිච්ච ඇඳුමකට අණ්ඩයක් දාන්නවත් බබලා දෙන්නා දැන ගෙන උන්නොත් මදෑ... නොරට හිටියත් අක්කා බබලා දෙන්නව පිලිවෙලට හදලා තියෙනවා කියලා පහුගිය පෝස්ට් සහ මේකෙනුත් පේනවා...

    දැන් නම් ඉතින් ඉඳකට්ටෙන් මහන්නේ මක්කටැයි ! ඔය තියෙන්නේ දැන් USB මැෂීන්... අක්කා උගන්නන්න ළමයි දෙන්නට CorelDraw / Illustrator දෙක !!! :P

    ReplyDelete
    Replies
    1. පිළිවෙල ..අනේ මන්දා . හැබැයි සියල ආච්චිලා හෙම කියනව දෙන්න හොඳයි කියල . කෙල්ලෝ නිසා වන්න ඇති .

      පරිඝනක දේවල් නම් මන් ආයේ උගන්නන එක විහිළුවක්. මාත් අහන්නේ ඒගොල්ලන්ගෙන්නේ මල්ලි

      Delete
  34. මටනම් ලේන්සුවක් ළඟ තියාගන්න බෑ පැයක්වත්. කොහේ හරි හලා ගන්නවා. ඒ හින්දා ඉස්සර ඉඳලම මගෙත් ලේන්සු පාවිච්චියක් නෑ. මගේ අත්තම්මලා දෙන්නම ඉන්නවා. ඒත් මහනවානම් දැකලා නෑ. අම්මා මහන්නෙත් නෑ. මමත් නෑ :) ආරෙට ආපු නොහැකියාවක්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ඕව බරපතල ප්‍රශ්න වෙන්ට ඇති..දැන් අපිට ගානක් නැහැනේ

      Delete
  35. මේක කියවද්දි මට අම්මවයි අක්කවයි මතක් උනා.. ඉස්සර කෝකත් උස්සන් ගිහින් දෙන්නේ ඒ දෙන්නට.. අක්කා බනිනවා.. අම්මා මහල දෙනවා.. ඒ කාලේ මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් පවුලේ හුරතල් මල්ලි වෙන්න ඇති

      Delete
  36. දැන් හැමදෙයක්ම රෙඩිමේඩ් ඒ නිසා මැහුම් ගෙතුම් කවශ්‍යතාවයක් මතුවෙන්නේ නෑ. හැමදෙයක්ම කාලයත් එක්කම වෙනස්වෙලා. ඉස්සර ගෑනු ළමයි මැහුම් පන්ති කුකරි පන්ති ගිහින් ඉගෙන ගත්තත් දැන් නිකමටවත් එවැනි පන්තියක් තියෙන තැනක් ඇහැගැහෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් වෙලාවකුත් නැතුව ඇතිනේ . ලොකුවට නැතුවට ඉරිච්ච දෙයක් මහගන්න බොත්තමක් අල්ල ගන්න නම් ගැහැණු පිරිමි දෙගොල්ලම දන ගන්න ඕන . හෝටල් වලත් අර මැහුම් කිට් එකක් තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති

      Delete
  37. දරුවෝ අත්කම් වලට හුරුවීම බොහෝම වටිනවා. විශේෂයෙන් ගැහැණු දරුවෝ වෙනුවෙන් සකස් කර වූල්ගෙතීම්, ක්‍රොස්-ස්ට්‍රිච් වැනි අත්කම් කට්ටල අද වෙළෙද පොලේ තියෙනවා. ඔවුන්ගේ රුචිය අනුව ඒ කාරියට හුරු කිරීම වඩාත් පලදායී වෙන්න පුලුවන්. බඩු ආයිතම් හොයා යෑම ටිකක් කරදර වුනත් පුංචි දෑතින් හැඩවෙන පොඩි පොඩි දේවල් ලොකු සතුටක් ගෙන දෙනවා.

    අත්කම් පුරුදු පුහුණු වීම ගැන මා කලින් කල කොමන්ටුවක් උපුටා දක්වන්නම්:
    //2001 වසරේ ඉන්දියාවෙදී මට හමුවුනා ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියක්. ඇගේ අදහස අනුව බීරළු ගෙතීම මානසික හා කායීක සෞඛ්‍යය (mental and physical health) සම්බන්දව ඉතා අගේ සේවයක් ඉටු කරන්න සමත්. මෙ වියුමෙ සූක්ෂමතාවය හා නිර්මාණ හැකියාව යොදාගෙන තරුණ අය හැඩගැස්සීමෙ හැකියාව ඇය ලස්සනට ගෙනහැර දැක්වූවා. ඇගේ මතය අනුව මුදල් උපයන මාර්ගයක් ලෙස නොවුවත් විනෝදාංශයක් (pass time) සේ මෙ කලාව ඉගෙනීම තරුණියන්ට ජීවිත ජයගන්න උපකාරි වෙන්න පුලුවනි.//

    විස්තර
    බීරළු රේන්ද කලාව - Galle Lace
    අපේ අත්කම් කලාව - Our Handicraft

    ReplyDelete
    Replies
    1. ඉතාම වටිනා කමෙන්ට් එකක් ..ගොඩක් ස්තුතියි

      Delete
  38. ගෙට්ටුවෙ වැඩ නිසා මේ පැත්තට එන්න පරක්කු වුනා...කියන්න තියෙන හැමදේම හැමෝම කියලා තියෙන එකේ මට කියන්න තියෙන්නෙ...මැෂිම කැඩුනොත්, කැඩිච්ච ඒවා හදන අපේ අටම් කොලුවා අමතන්න කියලා...

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දි අටමව නම් මතක් වුනා තමා

      Delete
  39. බින්දි පරණ මතක ගොඩක් අවුස්සල...
    අපේ දෙන්නගෙ නම් ඔය ජාතියෙ සෙල්ලම් කරන වයස පහුවුනා බින්දි... අපි මෙහේ එනකොට මං ඔය බොත්තම්, පාට පාට නූල්, ඉදිකටු එක්ක පොඩි මැහුම් පෙට්ටියක් ගෙනාව... ඕක හංගල තිබ්බෙ... එක දවසක් දෙන්නත් එක්ක ඒක තිබ්බ කබඩ් එක ඉස්සරහ බිම ලැගගෙන ලොකු වැඩක්... බැලින්නම් අර පෙට්ටිය හලාගෙන ඉදිකටු සී සී කඩ... අතේ ඉදිකටුත් ඇනගෙන දඩි බිඩි ගාල ඉදිකටු ටික අහුලනව මං දකින්න කලින්... ගෙදර උන්ද ඕක දැනගත්තට පස්සෙ ඔක්කොම ඉදිකටු ටික එකතු කරල ටොයිලට් එකට දාල ෆ්ලෂ් කළා... අපේ ගෙදර මැහුම් ගෙතුම් එතැනින්ම ඉවරයි.... ඒ නිසා ඒ දෙන්න නම් මහන්න දන්නෙ නෑ...

    මං ඉස්කෝලෙ යන කාලෙ අපේ අම්ම මට එක එක පාටින් ලස්සන ලස්සන ලේන්සු මහල දීල තිබුනා.... ඒ දවස්වල ලේන්සුව නැතිව මං කොහේවත් ගියේ නෑ... මහා අඩුවක් වගේ දැනෙනව ඒක අතේ නැතිවෙච්චි ගමන්... ඒ හින්දම ලේන්සු නැති උනෙත් නෑ... ගෙදර උන්ද නම් ලංකාවෙ ඉන්න කාලෙ ලේන්සුව වරද්දන්නෙම නෑ.... දැන් නම් ඉතින් ඔක්කොමගෙ පාවිච්චිය ටිෂූ තමයි.... මෙහේ ලේන්සු පාවිච්චි කරනව මං දැකල තියෙන්නෙ සමහර වයසක ගෑණු අය විතරයි....

    අපේ අම්මටත් මහන්න පුළුවන් උනාට අපි ලොකු වෙනකොට අම්ම ඒ වැඩේට කම්මැලි උනා... මම අතේ මල් මහන්න පුරුදු උනේ හුඟක්ම පුංචි කාලෙ... මට වැඩිම උනොත් අවුරුදු හතක් විතර ඇති එතකොට... අම්ම ලේන්සුවල වාටි මහල දුන්නම, කොට්ට උර මහල දුන්නම මං ඒවයෙ මල් මැහුවා... අපේ ඉස්කෝලෙ මැහුම් කියල විෂයයක් තිබ්බෙ නෑ... ඒක ගෘහ විද්‍යාවෙම කොටසක් විදියට තමයි තිබ්බෙ.... එතෙන්දි චූටි ගෑණු දරුවන්ට පිරිමි දරුවන්ට පොඩි ඇඳුම් පොඩිති මහන හැටි ඉගෙන ගත්තා... ඉවිල්ල හබක් උනාට මැහුම නම් මට අල්ලල ගියා.... ඊට පස්සෙ පොඩි බබෙක් බලන්න යන ඕනම වෙලාවක චූටි ඇඳුම් පොඩිති මහගෙන ගියා මතකයි... පහු කාලෙක සාරි හැට්ට, සල්වාරි එහෙම මහගත්ත මම... ඒ කාලෙ නවලිය පත්තරෙන් ඔය එක එක විදියෙ ඇඳුම්වල පතොරම් දුන්නා... මං ඒව එකතු කරල එක එක ඒව මහගත්ත...

    පස්සෙ රස්සාව ලැබුණම ඉක්මනට සිංගර් එකට ගිහින් සාරි හැට්ට පතොරම හදාගත්ත හොඳට... පස්සෙ ඒකම වෙනස් කර කර තමයි ඔක්කොම කරගත්තෙ... මගේ පොඩි දෙන්නට ඉපදෙන්න කලින් සූදානම් කරන ඇඳුම් ඔක්කොම මහගත්තෙ මමමයි... ඒකෙන් ලොකු සතුටක් ලබපු බව මතකයි... දැන් නම් කඩේ ගියා, ගත්ත, ඇන්දා....

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක තරම කමෙන්ට් එකක් ...

      ආසම කෑල්ල '' වැසිකිලි වලක සඟවා ගිය මැහුම් කලාව '' හික් .

      Delete
  40. මමත් ඉතින් අවශ්‍ය වුනොත් පුංචි මැහුමක් දා ගන්නවා. ඔය බොත්තමක් ගැලවුනොත් එහෙම. මැෂින් එක නම් කාලෙකින් පාවිච්චි කලේ නැති නිසා දැන් ටිකක් විතර නයා ගියා වගේ තමයි මැහුම යන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඒ තරමට මදැයි චන්දන ..

      Delete
  41. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධිත කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට ඔයා හොඳට මේක කරගෙන යනවා. ජීවිතයේ ස්වභාවික ස්වරූපය පිලිබඳව ඉතාමත් හොඳට මේ ලිපිය මඟින් අර්ථවත්ව කරුණු දක්වලා තියෙන අතර මව්වරු විදිහට ගෘහ ජීවිතයේ හරස් කඩක් පිළිබඳවත් මේ මඟින් හෙළි කරනවා කියලා මට හිතෙනවා. මගේ බ්ලොග් අඩවිත් කියවන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා මාව සම්බන්ධ කරගත හැකි අයට සම්බන්ධ වෙන්න මගේ ජංගම දුරකථන අංකය කියන්න (0718064226) කතා කරන්න මට.

    ReplyDelete
    Replies
    1. මේ අපේ ජිවිත වලින් අංශු මාත්‍රයක් පමණක් බැවින් මෙවන් ලිපි කියවා මව් වරුන්ගේ ජිවිතයේ හරස් කඩක් දැකීමට හැකිදැයි මා නොදනිමි.



      කෙසේ වෙතත් ඔබගේ දීර්ග අදහසට ස්තුතියි .

      මනෝ විද්‍යා උපදෙස් අවශ්‍ය කෙනෙකුට ඔබගේ අංකය වැදගත් වන්නට පුළුවන .

      Delete
  42. බින්දි,
    ඔබ මා පළ කර කමෙන්ටුව දෙස බලා ඇත්තේ උපහාසාත්මක බව පෙනී යයි. නමුත් ඊට හේතුව මට නොවැටහේ. මා කිවු දේ සහ ඔබ දක්වා ඇති අදහස අතර පරතරයක් මම දකිමි. කෙනෙකු තව අයෙකුව තේරුම් ගන්නේ තමන්ගේ අත්දැකීම් පරාසය මත පිහිටා බව නම් මම දනිමි.

    ReplyDelete
  43. මටත් තනිවම හොඳින් මැහුම් වැඩ කරගත හැකිය. මගේ ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු හදා ගත්තේ කුඩා කල සිට මම මය.

    ReplyDelete