Sunday, 27 January 2013

තාර පාර දිග පාට පාට කඩ

 
 
                                                               වර්ණවත් ලැකර් වලින් පාට කල විසිතුරු දේවල් අතර .. එම්බ්‍රොයිඩර් කල සිල්ක් පසුම්බි අත පත ගාමින් පාට පාට කඩ වල ඇවිදින එක තරම් ලස්සන අත්දැකීමක් . ඒ අතට මේ අතට යන මෝටර්සයිකල් ගංගාවේ ඉඩක් හදාගෙන පාර මාරු වෙන කුසලතාවය ලබන්න අවුරුදු කීපයක් ගත වෙනවා . කහ ඉරි නැති රටේ සුදු ඉරි වලට සම්පුර්ණ ජිවන අයිතිය පවරන්න බැහැ. ඇහැක් විදිහට පාර මාරු වෙන  සංකල්පය තමා අනුගමනය කරන්න  ඕන .
 
                         මන් මේ කියන්නේ හැනොයි පරණ ටවුම . පරණ ටවුම කියල මන් සිංහලෙන් කිවේ ''ඕල්ඩ් ක්වාටර් '' එහෙම නැත්නම් ''ෆ්‍රෙන්ච් ක්වාටර් '' කියල හඳුන්වන ඒ මේ අතට විහිදුන කුඩා මාවත් සිය ගණනකින් සෑදුන නගර කොටස .
 
මේ පාරවල නම් සැදී තියෙන්නෙත් විකිනෙන දේවල් අනුව ..සේද කඩ ..සපත්තු කඩ වගේම සෙල්ලම් බඩු වලටත් පාරක් තියෙනවා . මේකෙන් කියන්නේ නැහැ අනික් පාරවල ඒවා නැහැ කියල . නමුත් මුලිකව මේ මේ දේවල් තියෙන කඩ වැඩියි අදාළ පාරේ ..පහසුව තමයි එහෙ මෙහෙ රස්තියාදු නොවී තමන්ට ගන්න තියෙන දේ තියෙන පාරට කෙලින්ම යන එක . ඒ වගේම තමන්ට උවමනා නැති පාරවල් මග අරින එක. ඒ කියන්නේ ළමයි එක්ක යනවා නම් සෙල්ලම් බඩු පාරෙන් නොයා ඉන්න එක .
 
මේ කුඩා විදි එකිනෙකට සම්බන්ධයි දැලක් වගේ . හැබැයි මට නම් තවම ඔය හැම පාරකම යන්න ලැබිලත් නැහැ . මේ ප්‍රදේශයේ තමයි ''බැක් පැක් '' හෝටල් හෙම වැඩි හරිය තියෙන්නේ . ඒ වගේම අර කලින් කි ඉබ්බන්ගේ විල ආසන්නව පැතිරිලා ඇති නගරයේ ලස්සනම කොටසත් මෙයට යාබදයි . ඒ කියන්නේ මේ තමයි සංචාරක ආකර්ශනය ප්‍රධාන වශයෙන්ම . විලට ආසන්නයේ නම් අපේ කොටුව වගේ . පැරණි ප්‍රංශ ගොඩ නැගිලි හරියට අර කොටුවේ කාගිල්ස්
එක තියෙන හරිය වගේ . ප්‍රමාණය නම් සසඳන්න අමාරුයි .
 
ඉතින් මෙයාකාර වැල්වටාරම් කීවට අද මේ පින්තුර ටික තමයි පෙන්නන්න ඉන්නේ . මේ ටික ගත්තේ මගේ වාර්ෂික ගෙදර යාමේ ගමන් නිමිති කොට හැමදාම කෙරෙන විදි සංචාරය වෙලාවේ .
 
මේ පාර නම් මුකුත් ගෙනියන්නේ නැහැ කියන සිතුවිල්ල හැමදාම යන්න ලං වෙද්දී දිය වෙනවා . මේ කඩ වල රස්තියාදු වෙලා මොනවා  හරි එකතු කරන එක පුරුද්දක් වෙලා . යමක් නොදී බැරිම අය ඉන්නවනේ .
ඔන්න ඔහොම ඇවිදිද්දී ගත්තු පින්තුර ටික බ්ලොග් එකේ දමන්න  හිටියට මාස ගණනක් ගත වුනා . මේ පින්තුර වල වෙනම බ්ලොග් එකක් ලියන්න දේවල් තියෙනව එකින් එක ගත්තොත් . ඒ වුනාට මට කම්මැලියි .!!!!!!!!
 
හරක් අං වලින් සාදන ලද දුම් බට . මෙයින් කොහොම දුම් පානය කරනවාද කියා නම් දන්නේ නැහැ .
හැබැයි මේ ගොල්ල දුම් බොන්න නම් රුසියෝ . දවසක් ප්ලාසිටික් හිස් බිම බෝතලයකින් හදාගත් මෙවැනි දුම් බටයකින් දුම් බොනවා දැක්ක ඈත පළාතකදී .
 
මෙය හරක් ඇටයකින් හැදු දුම් බටයක්

 ලැකර් පාට කල චීන බෝනික්කෝ

 කුඩා මේස දරනු





 බම්බු වලින් සාදන ආහාර බඳුන්

 සිල්ක් බහලුම් . මේවා කුඩා පසුම්බි .

මේවාත් බම්බු දිසි

නයි සහ ගෝනුසු වයින් . මේ බෝතල් ඇතුලේ සර්පයින් දරන ගසාගෙනම මිය ගිහින්

 කද ..මෙහි කුඩය එල්ලා ඇත්තේ ලි වලින් . ලනු වලින් නොවේ .

ලැකර් මල් බඳුන් .
 
 වරක් අපේ දියණිය අතින් අපේ අක්කාගේ නිවසේ  ඈට සිසුවියන් තෑගී කල මැටි බඳුන බිම වැටි බිඳුනා .මා මෙයින් එකක් ගෙනගොස් දුන්නේ ආයේ එවන් කරදර නොවෙන්නට

මේ මල් නුලෙන් මසා ඇත්තේ




ආභරණ පෙට්ටියක් . ලොක් එක තමා බත් කුරා



සිල්ක් කුරුල්ලෝ

රුසියන් බෝනික්කෝ
 
 
වරක් මේ බෝනික්කන් ගැන කතාවක් අසන්නට ලැබුනා . තම සොයුරිය එන තෙක් මග බලා සිටි අය්යා කෙනෙක් මේ බෝනික්කන් නිමවූ බවට . නමුත් ජාලයේ කොහේ වත් ඒ කතාව දකින්නට නැහැ . මේ බෝනික්කන් ඇතුලේ එකින් එකට බහාලු කුඩා බෝනික්කන් රැසක් සිටිනවා .
 
මෙවර මෙයින් එකෙක් ගෙනගිය නමුත් දීමට සුදුසු  කෙනෙක් හමු වුනේ නැහැ . මා තෑගී දෙන්නේ ඒ ඒ අයගේ රුචිය අනුව .



මේ කඩය විශේෂයි ..අහම්බෙන් නෙත ගැටුනේ . වියට්නාමය කොමියුනිස්ට් කරණයේදී සහ ඇමරිකන් යුද්ධයේදී නිමවුන පෝස්ටර් [ propaganda posters] මෙහිදී මිලයට ගන්නට පුළුවන් .

 මේ ඉතින් දන්නා කට්ටිය . ඉන්දියන් අවන් හලක්

සිල්ක් ස්කාර්ෆ්
පන්සලක් ...
සාමාන්‍ය ජන ජීවිතය දකින්න නම් මෙවැනි විදි වල ඇවිදිය යුතුමයි . එකක් කිව යුතුය . අප මේ බ්ලොග් වල සටහන් කරන්නේ අප දකින ලෝකයෙන් සහ අත්විඳින ලෝකයෙන් අංශු මාත්‍රයක් පමණි .
මේ සටහන් වලින් කිසිවිටක මේ රට ගැන හෝ මිනිසුන් ගැන 100 %ක් අවබෝධ නොවේ .

මාගේ දෘෂ්ටි පරාසයට හසුවන සහ එයිනුත් මා මට උවමනා තරමට පමණක් ලියන කෙටි සටහන් සහ පින්තුර පමණි මා මෙහි දමනුයේ .

ලෝකයේ කළු සුදු මිනිසුන් නැතුවා මෙන්ම හොඳ නරක කියා ස්ථානද ඇත්තේ සාපේක්ෂව සිතන පතන විදිහටය. එමෙන්ම අප අත් දකින දේ අනුවය .

මගේ දැක්ම අනුව හැකිතාක් හොඳ දකින්නට කැමති නිසා මේ සටහන් බොහෝ විට හොඳ දේ ගැන පමණකි .

58 comments:

  1. ස්තූතියි බින්දි...

    ඔය නයි වයින් ඔහෙ මිනිස්සු බොනවද ඈ.. ?

    වියට්නාමය තාමත් උතුරු සහ දකුණ වශයෙන් රටවල් දෙකක්ද ? නැත්නම් එකතු වෙලා එක වියට්නාමයක්ද තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. බොනවලු බොනවලු ..සර්ප වයින් ..හුණු වයින් ...

      අපොයි මේ දෙක එක්කහු වුනේ 1975 දී ..

      Delete
  2. Great surely great. I like it a lot.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොම

      Delete
  3. චාහ්... එකක් ඇතුලේ එකක් දාමාපු බෝනික්කනට මා හරිම ආසයි.....
    එළියට පේන්නේ එක්කේනෙක් වුණාට කී දෙනෙක් ඇතුලේ ඉන්නවද?
    ගැහැණුකම සංකේතවත් කරන්න ඊට වඩා හොඳ සංකේතයක් කෝ වෙන

    මට මදෑ.. චූටි පුතාටත් ඒ වාගේ හදාපු ඇන්ග්‍රි බර්ඩ්ස්ලා ඕනේ වුණා
    අමාරුවෙන් ඊ බේ එකෙන් සොයල යැව්වා.....

    තෑග්ගක් යන්තමින් මිස් වීමේ දුක දැනේ!

    ReplyDelete
    Replies
    1. පමා නැත අය්යන්ඩිය ..ඒ බෝනික්කා ඊ ළඟ නිවාඩුවේ ඔබට දෙන්නම්. බලාපොරොත්තු වූ මිත්‍රයින් හමු නොවූ නිසා ගෙන ගිය සිල්ක් ටයි පටිද එසේම තබා ඇත .


      මෙවර කවරදාටවත් වඩා හිත මිත්‍රයින් හමු වීමට නොහැකි විය .

      ඔය රුසියන් බෝනික්කන් ගැන කියවීමේදී විවිධාකාර ලෙස නිමවන බව දැන ගන්නට ලැබුණ.

      පිරිමි බෝනික්කොත් සිටිනවාලුනේ ..D

      ඇත්තටම ඔය තරහ ගිය කුරුල්ලොත් නැති තැනක් නැහැනේ .

      Delete
    2. අයියෝ මමත් ඒක ඉල්ලනයි හිටියේ..:(

      Delete
  4. කලාත්මකයි පින්තුර.ඒ වගේ ම සටහනත් සිත් ගන්නා ඒ සුළුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයනි

      Delete
  5. ඔය පැත්තේ ඇවිත් ඇවිදින්ට මාර ආසාවක් ආවා.

    මම කැමති අර මේස දරනු, බම්බු දීසි, ඒ වගේම බම්බු ආහාර බඳුන්. මම ආසයි අමුතු විදියේ දේව්ල එකතු කරන්ට . ජපානෙන් ගෙනාපු චූටි තේ පෝච්චි, වැරදි හැඩයක් ගත්තු දීසි, චීනෙන් ගෙනාපු පියන් සහිත උස කෝප්ප, වගේ දේවල් මගේ ලඟ තියෙනවා. එන්ට ඕනි ඔය පැත්තේ ඉක්මනින්.:D

    ඒත් මේ අවුරුදේ නම් වැඩිය ඇවිදින්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ...:(

    ReplyDelete
    Replies
    1. එන්න එන්න අපිට බැරිය හොඳ රස්තියාදුවක් දාන්න .
      මේ අවුරුද්දේ වෙන වැඩ කටයුතු තියෙන හැඩයි නේ ..

      මන් මේවා බලන්න ආසයි ..දෙන්නත් ආසයි . ඒ වුනාට මන් ළඟ එහෙම එකතුවක් නැහැ . සයිගොන් වලින් එද්දී යාළුවො බලෙන් මට මල් පෝච්චි හෙම දුන්නා . ඒවා එහෙම්ම ඔතලා කබඩ් ඇතුලේ .

      අපේ දිහා පොත් වලට ඉඩ දුන්නම ආයේ වෙන මොනවට වත් ඉඩක් නැහැනේ ....ඒ වුනාට මන් ආසයි මේවා අරගෙන යාලුවන්ට තෑගී දෙන්න .

      Delete
  6. මෙව්වා එකට ගිහිල්ලා ගෙදරආවේ දැන් , කවිකාරි එක්ක කතා කරනකොට බින්දිව මතක් අනා

    ReplyDelete
    Replies
    1. කට්ටිය හොඳ දවසක් ගත කරන්න ඇතිනේ .

      Delete
  7. වියට්නාමේ එන්නම ඕනි බින්දී අක්කේ. චීන බෝනික්කෝ හරිම ලස්සනයි අප්පා.

    ReplyDelete
    Replies
    1. දවසක ඇවිත් බලන්නකෝ ..

      Delete
  8. පින්තූර ටිකනම් කතන්දර ගොඩක් නිහඬවම කියනවා කියල හිතෙන්නෙ.

    මුලින්ම...ලැකර් පාටකල චීන බෝනික්කො ,ඔලුවෙ තියෙන පියන අරින්න පුලුවන්ද...ඇතුලෙ යමක් දාන්න පුලුවන්ද ..හරිම ලස්සනයි.

    ඊලඟට බම්බු ආහාර බඳුන් හරිම සිත්ගන්නා සුලුයි...මේ දවස් වල කෑම ගෙනියන බඳුනක් ගන්න ඕන කියල හිත..හිත ඉන්නේ..කාර්‍යාලය වෙන තැනකට ගිනිච්ච නිසා උදේට කෑම ගෙනියන්න වෙලානෙ.

    ඔන්න පොටක් තියෙනව මත්පැන් පානය කරන කෙනෙක් ඒකෙන් මුදවාගන්න. ඔයින් වයින් ටිකක් බොන්න දීල ..බිව්වට පස්සෙ..බෝතලේ පෙන්නුවනම් හරි...කලන්තෙ දාල වැටෙයි..ඈක්...!

    //මගේ දැක්ම අනුව හැකිතාක් හොඳ දකින්නට කැමති නිසා මේ සටහන් බොහෝ විට හොඳ දේ ගැන පමණකි// ඇත්ත.. මොකටද අනුන්ගෙ රටක ,සංස්කෘතියක නරක දේ අපි උපුටා දක්වන්නෙ. ඊට වඩා සොඳුරුයි..හොඳ දේ ගැන කතාකරන එක..බින්දිගෙ වචන තුල ලොකු දෙයක් ගැබ්වෙලා...( කමෙන්ට් එක දිග වැඩී සමාවෙන්න..තවත් ලියන්න තිබ්බා..!)

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් වලට සමාව ඉල්ලන්නේ මොකටද වියෝ . මමත් ඕවා කියවල රස විඳිනවා නේ .

      අර බොන්ක්කන ඔලුවෙන් අරින්න පුළුවන් . පොඩි බඳුන් වගේ .

      හොදි මාළු සේරම එකට දාගෙන යනවට වඩා දැන් දැන් අපි කැමති වෙන වෙනම ගෙනියන්න . සලාදයක් වගේ වුනත් අලුත් පිට කන්න පුළුවන් .
      මට කෙහෙල් කොලේක ඔතලා බත් එකක් කන්නයි ආස . අම්මටත් කිව්වා මේපාර . කෝ වෙලාවක් හම්බ වුනේ නැහැනේ . උයන එක ගිල දාල එහෙ මෙහෙ දිව්වා මිසක් .

      මන් වැඩ කරන කාලේ අපි උදේට දවල්ට කන්නේ කට්ටිය එක්කහු වෙලා .තනියම කනකොට කිසිම රසක් නැහැ .

      සර්ප වයින් ...හික් ඕවා බිව කියල බේබදුකම නම් අඩු වෙයිද . අර මියුරු කිවා වගේ අපේ දේශීය නිෂ්පාදන වලදී දිවිනහගන්න ඕන වුන ඔය ජාතියේ අය පනිනවලුනේ .

      මේ ගොල්ල මන් හිතන්නේ විශ්වාස කරනවා ශක්තිය වැඩිවෙනවා කියලා සර්ප වයින් බිවම . ටිකක් සොයලා ලිපියක් ලියන්න ඕන .

      ඔව් වියෝ හැකිතරම් හොඳ දේ දකින එක අපි හැමෝටම යහපත්

      Delete
  9. ලස්සන නිර්මාණ ටිකක්.....
    අර බම්බු බදුන්, බම්බු දිසි හරි ලස්සනයිනේ......
    අර නයි වයින් දැක්කම නම් එපා වෙනෝ.....

    ReplyDelete
    Replies
    1. ඒ වයින් බෝතල් දිහා නම් බලන්න ටිකක් බයයි තමා. සර්පයින්ට අපි තුල ඇති කරලා තියෙන්නේ බයක්නේ . මටත් කකුල් නැති සත්තු ගැන පොඩි පහේ අප්පිරියාවක් සහ ලොකු බයක් තියෙනවා

      Delete
  10. ගොඩක් ස්තූතියි ඔය වගේ දෙයක් අපිටත් දැන ගන්ට ලිව්වට... ඇත්තටම මේ මිනිස්සු කොහොමද නයි ගෝනුසු වයින් බොන්නේ. CSK LANKA

    ReplyDelete
    Replies
    1. මේගොල්ල විතරක් නෙමේ මේවා විදෙශිකයිනුත් අරන් යනවලු. එදිනෙදා ජිවිතේ නම් මේවා බොන පාටක් නැහැ . මන් හිතෙන්නේ මේ වෙද්දී ඉතාම සුළු පිරිසක් තමයි මේ වගේ දේවල් වලට කැමති.

      Delete
  11. බින්දි ඔය රුසියානු බෝනික්කො ගැන මකුළු පැංචි ලිව්වා වගේ මතකයක් මට තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ගිහින් බලන්න ඕන .

      Delete
  12. සිරස්තලය නියමයි!!!

    අර අන්තිමට දාලා තියෙන වාක්‍යය හතර කියවද්දී, "Caution: Hot beverages are hot!" කියලා කඩෙන් ගන්න කෝපි කෝප්පයේ ලියන්න වෙලා තියෙන කාලයේ දී ඉතින් මෙහෙම තමයි කියල හොඳටම හිනා. :D

    ReplyDelete
    Replies
    1. ලස්සන කියමනක් අරුණි .....ස්තුතියි. හොඳම උදාහරණයක්

      Delete
  13. වැදගත් ව්ස්තරයක් මගේ නම් හිත ගිය තැන් දෙකක් තියෙනව බින්දි අක්කේ..

    1. අර හරක් අං වලින් කැටයම් දාමු දුම් බට.. ඒක දැක්කම නම් මතක් උනේ අර ටතු ඉන්දියානුවන්ගේ දුම් බට.. ඒවත් මේ වගේම දිගයිනේ..

    2. සර්ප ගොණුසු වයින් එක.. ඒකට සත්තු දාද්දි උන්ගේ විස අයින් කරනවද කියලා දන්නේ නැද්ද බින්දි අක්කේ?

    ReplyDelete
    Replies
    1. මට ඔයා කිව නිසා මේ ගැන ටිකක් සොයන්න සිතුනා මල්ලි . ඉදිරියේදී බලමු ඒ ගැන ලියන්න

      Delete
  14. දැනට මාස කිහිපයකට කලින් මෙහේ ටීවී එකේ පෙන්නුවා වියට්නාමෙ ගැන වැඩසටහනක්.... ඒකෙ පෙන්නුවා ඔයා ඔය කියන මෝටර් සයිකල් ගංගාව... බුදු අම්මේ... ඒක මැද්දෙන් පාර පනින්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.... තව පෙන්නුවා පාර අයිනෙ ඉන්න දොස්තරලා... පාර අයිනෙම පත බාවලා අර මොනවද රත් කරපු කුප්පි වගයක් පිටේ අලවන්නෙ...

    අර දුම් බට නම් මරුනෙ... ඒව නිකම් 'ඩුම්' බට වගෙත් පිටින් බැලුවම... හික්ස්... කැටයම් කපල, පින්තාරු කරල හෙම තියෙන ලස්සන... බම්බු ආහාර බඳුන්... ඔයා දැකලා තියෙනවද ඒව හදන විදිය බින්දි....? අර වයින් ජාතිය මං මෙහේදි දැකල තියෙනව.... ඈක්කා... ඒක දැක්කම කොහොම බොනවද කියල හිතාගන්න බෑ.... ඒ කාලෙ මං අහල තියෙනව අපේ රටේ දේශීය නිෂ්පාදනය කසියා හදනකොටත් ඔය වගේ අමුද්‍රව්‍ය දානව කියල.... ඇත්තද මන්දා...

    තෑගි දෙන්න නම් කියාපු භාණ්ඩ ටික... හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ මියුරු පාර පනින්න නම් මම හරිම බයයි . ළමයි එක්ක නම් පයින් යන්නෙම නැති තරම් .

      ඔය ගොඩ වෙදකම් නම් හරියට . හෙම්බිරිස්සාවට නළල හුරනවා. එකක් නොමිලේ බෙහෙත් නැහැ . ඉතින් ගොඩ වෙදකම් සහ ඔසුසල් වලින් බෙහෙත් බොන එක ජනප්‍රියයි . කටු චිකිත්සාවත් තියෙනව .

      බම්බු බඳුන් හදනව දැකලා නැහැ . මේ වගේ දේවල් වලට ප්‍රසිද්ධ ප්‍රදේශ තියෙනවා .

      අපේ පොල් ගස වගේ මේ රටවල උණ ගස කප්රුක වගේ තමයි .

      කසියා හදද්දී දානවට වඩා උන් දිවි නහගන්න ඕවාට පනිනවා වෙන්න ඕන ..හික්

      Delete
  15. මේ ළිපිය වගේ ළිපි තව කොච්චරනම් ජාලේ තියෙනවද. ඒත් ඇයි මේක දැනෙන්නේ.. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි.. හොඳ දේවල් ගැන විතරක් කතා කරන කෙනෙක් නිසයි.. ඒ බව කියන්න ඕන නෑ බින්දි... ඔබේ ළිපිවලින් වෑහෙනවා... මනුස්සකම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් ..ලෝකේ නරක දේවල් අහන්න ලැබෙනවා වැඩිනේ . ඉතින් අපි මොකටද නරකම කතා කරන්නේ නේද .

      Delete
  16. ෂා...ලස්සන ෆොටෝ ටික.නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධම්මික

      Delete
  17. ම්..වියට්නාමයේ දියුණුව හා ඒ රටේ කරන්න පුළුවන් වෙළඳාම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා ඇහුනාම බින්දිගේ ලිපි පෙල මට මතක් වුනා..

    සංස්කෘතියක ලස්සන දේවල් එකට එකතු කරලා යථාර්තයත් එක්ක මේ විදිහට ගලපන්න පුළුවන් බින්දිටම පමණයි..

    ස්තුතියි රස තැන් පරක්කු වෙලා හරි ලිව්වාට..

    ReplyDelete
    Replies
    1. මෙහෙ වෙළඳාම කරන එක හොඳට කල්පනා කරලා කරන්න ඕන දෙයක් රූ ..ඒ ගැන මට වැඩි දැනීමක් නැහැ . හැබැයි සාර්ථක ශ්‍රී ලංකික ව්‍යාපාරිකයින් කීප දෙනෙක් ඉන්නවා කියල දකින්නත් සතුටුයි .

      ස්තුතියි රූ ඔයාටත්

      Delete
  18. හැමදේම හරි චාම් පාටයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ප්‍රසන්න .හැබැයි වර්ණවත් ..පින්තුර ගත්ත එක්කෙනා ගේ තේරීමත් බලපාල ඇති

      Delete
  19. මේවායින් බොහොමයක් දේ මේ විදියටම මම ජපානයේදීත් දැකල තියෙනව...

    ඒක නෙවෙයි අක්කෙ...
    "කහ ඉරි නැති රටේ සුදු ඉරි වලට සම්පුර්ණ ජිවන අයිතිය පවරන්න බැහැ. "

    කියන්නෙ කහ ඉරි ඇත්තෙම නැද්ද එහේ? කලර් ලයිට්වත්...????

    ReplyDelete
    Replies
    1. කලර් ලයිට්ස් නම් තියෙනව . ඒ ස්ථාන වලත් සුදු ඉරි . නමුත් ප්‍රධාන හන්දී වලදී මගීනට පදික මාරු එලි දැල්වෙනවා . ඒ ඇරෙන්න අනික් ස්ථාන වලදී සුදු ඉරි තිබ්බයි කියල ඒ ගොල්ලන්ට න්වත්වනම ඕන කියල නැහැ . නමුත් ඒ තරම් වේගයෙන් යන්නේ නැති නිසා කොහොම හරි සහයෝගයෙන් වැඩේ වෙනව.
      අනික බයිසිකල් පොඩියි . අපේ ලොකු මෝටර් බයික් එකක් ගත්තම වගේ ඉගිල්ලෙන්න අමාරුයි.

      ඒ වුනාට සැහෙන පළපුරුද්දක් ඕනේ පාර පනින්න . මන් හැමවෙලේම හිතන්නේ පොඩ්ඩක් හරි තුවාලයක් වුනොත් කවුද ඉතින් ළමයි බලාගන්නේ කියල ..අම්මල වුනහම පර පනින්නත් බැහැනේ ඕන ඕන විදිහට ...

      Delete
  20. පින්තුර ටික නම් අපූරුයි... ලස්සන පරිවර්තන පොතක් කියවනව වගේ අපූරු හැගීමක් දැණුනා....
    අපරාදෙ අර බෝනික්කා මමත් සුදුසුයි ඒ තෑග්ගට නම්..

    ReplyDelete
    Replies
    1. ආ බෝනික්කෝ තුන හතරක් ගෙනෙන්නම් කෝ

      Delete
  21. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරි අපි එන්නම්කෝ

      Delete
  22. බින්දි අර ඔයා අන්තිමට කියලා තියෙන ටික නම් මමත් කැමති දෙයක්. නමුත් හැම විටම එහෙමම වෙන්නෙ නෑ මගෙ අතිනුත්.

    ReplyDelete
    Replies
    1. අපිත් මිනිස්සුනේ නේ. අපිම දාගන්න සීමාවල් පවා රකින්න අමාරු වෙලාවල් තියෙනව . මමත් එහම තමයි

      Delete
  23. දැන් මේ මං ඉන්න කැන්ගරු රටෙත් තියනවා 'චයිනා ටවුන්' එකක්. ඉතිං ඔය වගේ දර්ශන තරමක් සුපුරුදුයි. ඒ වගේම මම ඉන්න කිට්ටුවෙන්ම තියනවා වියට්නාම ජාතිකයෝ වැඩියෙන් ජීවත්වෙන හරියක්, එයාලගෙත් කඩවල්, පොලවල් තියනවා. අපි වැඩියෙන්ම එළවලු මාළු ගන්නේ වියට්නාම කඩ වලින් තමයි. ඒ වගේම එයාලගෙ සමහර රස කැවිලි, නූඩ්ල්ස් වර්ග, කෑම වර්ග ඉඳහිට ගේනවා... ටෝෆු සහ විවිධ පාටින් හදපු ජෙලි වගේ කෑම ගොඩක් තියනවා... වියට්නාම ජාතිකයන්ගේ කෑම සාමාන්‍යයෙන් අපි කන ජාති වගේ කියලා මට හිතෙන්නේ.. කොස්, පොලොස් වගේ දේවල් තියෙන්නෙ මේ කඩවල විතරයි. ගොටුකොල එහෙමත් තියනවා.

    ReplyDelete
    Replies
    1. තිසර, ගො‍ටු කොලවලට උඹලා මොකක්ද ඔහෙදි පාවිච්චි කරන (ඕස්ට්‍රේලියන්) ඉංග්ලිෂ් වචනේ?

      පොලොස් වගේ දේවල් වලටත් එහෙම වචන තියෙනවද? නැතිනම් උඹලා වියට්නාමීස් වචනෙ හරි හස්ත මුද්‍රාව හරි පාවිච්චි කරනවද?

      මේ සිරාවටම අහන්නෙ.

      Delete
    2. තිසර ..අමුද්‍රව්‍ය නම් එකම දේවල්. නමුත් උයන ක්‍රම නම් හරිම වෙනස් . එකක් සහල් වල ස්වභාවය . අනික අපි වගේ තුනපහ සහ පොල් කිරි පාවිච්චි නොකිරීම .
      රස ගන්වන්නේ සෝයා සෝස් ..ෆිෂ් සෝස් ...දෙහි ගම්මිරිස් වගේ ඒවායින් .කහ ඉඟුරු සුදු ලුණු වගේ තව දේවල් ගන්නවා .

      විවිධ සුවඳ රස ඇති කොළ ජාති හරියට තියෙනව .

      මුන් ගොටුකොල ටික ඔහාට පටවලද . මෙහෙ හරි අමාරුයි සොයා ගන්න .

      තියෙනව නමුත් කන්නේ නැහැ මිරිකලා බොනවා . බෙහෙතක් විදිහට . ඉතින් එහෙමකට විකුනන්න නැහැ .

      දවසක් කෙල්ලක් කිවේ අපොයි ඕවා තණකොළ වගේ ජාතියක් කියලයි.

      කොස් පොලොස් කන්නත් එච්චර මනාපයක් නැහැ වගේ .

      ව්‍යාපාර කරන්න ඕන නිසා ඔහේ විකුනනවා ඇති.
      ඇත්ත අපි ඔබා මාමලාගේ දිහා ගිය වෙලාවේ ඒ ගෙවල් ගාවම කඩයක් කලේ වියට්නාම අය .

      ඔහේ ගොඩක් මේ ජාතිය ඉන්නේ මොකද දන්නවද .
      1975 දී ඇමරිකන් හමුදා පසු බැස්සට පස්සේ සයිගොන් වල හිටපු ඇමරිකන් හිතවාදී වියට්නාම ජාතිකයින් සමහරු පලා ගියා . ඒ ගියේ ඇමරිකන් හමුදා එක්ක සහයට හිටි රටවලට .

      ඔස්ට්‍රේලියාවත් එයින් එකක් . ඒගොල්ලෝ මේ බෝට්ටු ජනතාව පිලි ගත්තා .



      මෑතක ඉඳන් යලිත් ඔවුන්ගේ ඊ ළඟ පරම්පරාවේ උගත් අය මෙහෙ එනව රැකියා වලට . දැන් මේ රට ඔවුන්ව පිලි ගන්නවා .

      Dude..

      වියට්නාම වලින් ගොටුකොල වලට කියන්නේ;; රවූ මා'' හරි ''සවු මා ''හරි
      සයන්න උතුරේ . රයන්න දකුණේ

      Delete
    3. @Dude
      මෙහෙමයි මචං... ගාණ ලොකුවට ලියලා, නම පොඩියට ලියලා තියනවා. අපිම ගිහින් තෝරගෙන කූඩයක දාගෙන එන නිසා, මට නම් ඔය නම් වැඩිය මතක නැහැ.. ඔක්කොම නං එක වගේ.... ඊලඟ දවසේ ගියාම බලන්නං...

      @Bindi
      ඉගෙන ගන්න දවස්වල මට හිටියා වියට්නාම යාළුවෝ කීපදෙනෙක්... ඒ ඔක්කොමලගෙ වගේ දෙමව්පියෝ බෝට්ටුවලින් මෙහෙට ආපු අය... මේ අය ව්‍යාපාර වලට තමයි වැඩිය හිත... රස්සා කරනවා අඩුයි. දවසක් මම එක යාලුවෙක් එක්කං ගියා ප්‍රසන්න විතානගේ ගේ 'අනන්ත රාත්‍රිය' (ඉංග්‍රීසි උපසිරැසි එක්ක ) බලන්න. ඕකේ ඇමෙරිකාව වියට්නාමෙට ගහන්න ගිහින් කෙලව ගත්තා වගේ දෙබසක් තියනවා. අපිත් හරි ආසයිනේ ඇමෙරිකාවට කවුරු හරි චැලේන්ජ් කලා කිව්වහම. මම එනකම්ම ඌට කිය කිය ආව, ඔන්න උඹලගේ රටත් චිත්‍රපටියේ සඳහන් උනා.. කොහොමත් ලංකාවේ අය ගැන වියට්නාමේ ගැන තියෙන්නේ ඔය වගේ අදහසක් කියලා... මූ වැඩිය සද්ද නැතුව ඉඳලා කිව්වා, ඇමෙරිකාව ආවේ එයාලට උදව් කරන්න කියලා.. මොකද උනේ කියලා විස්තර කලා. මං ඉතින් බොහොම ලැජ්ජාවට පත්වෙලා සමාව ඉල්ලුවා... අපි නිකං ජනප්‍රිය අදහස් උඩ දදා හිටියට ඇත්ත කොච්චර වෙනස්ද කියලා හිතුනා.

      Delete
    4. තිසර ..
      එක එක්කෙනා තම අත්දැකීම් අනුවනේ ඉතිහාසය ගැන තීරණ ගන්නේ . ඇමරිකාව අහක යන මුට්ටියකට ඔලුව දාපු බව තමයි මා නම් දන්නා තරමට . සයිගොන් වල අය ඒ පළාතේ දේශපාලකයින් අනුව යමින් ඇමරිකාවට හිතවාදී වුනාලු . එහෙම නැතුව වෙන මොනවා කරන්නද .

      ඔය ඇමරිකාව මෙතනට ආපු හැටි ගැන අපුරු කතාවක් ලඟදි පොතක කියෙව්වා . ලියන්නම ඕන ඉක්මනට . ඕවා ලියන එක අර මට හිතෙන හිතෙන වල්පල් ලියනවා වගේ නෙවේනේ . එකයි ඇත්තටම මග ඇරෙන්නේ .

      Delete
  24. හරිම අපූරුයි!

    මට හිතෙන්නේ සර්ප වයින් බොන අයට වෙන්න ඕනෑ අර හරක් අං වලින්ම මහ ලොකු දුම් බට හදලා තියෙනවා ඇත්තේ.:D

    බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ''''මට හිතෙන්නේ සර්ප වයින් බොන අයට වෙන්න ඕනෑ අර හරක් අං වලින්ම මහ ලොකු දුම් බට හදලා තියෙනවා ඇත්තේ.:'

      නියම කතාව

      Delete
  25. කවදත් වගේ විවිධත්වයක් තියෙන ලස්සන පොස්ට් ගේන බින්දිට බොහෝම ස්තුතියි. ඒ රටේ අත්කම් හා කුඩා කර්මාන්තවලට තියෙන තැන මේ විස්තර වලින් දකින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් පෙනෙන්නේ මේ වගේ කර්මාන්ත මෙහෙ සරුයි කියලයි

      Delete
  26. ලැකර් පාටකල විසිතුරු බඩු හරි ලස්සනයි. බම්බුවලින් හදාපු කෑම බඳුන් හරි අපූරුයි. අර එකින් එක එලියට එන රුසියන් බෝනික්කන් රුසියානු සාහිත්‍යය ප්‍රියකරන කෙනෙක්ට හොඳ තෑග්ගක්. පින්තූර දැක්කනම් ඇවිත් ඔය වීදියෙ ඇවිදින්න ආස හිතෙනව. බින්දි අක්ක බනීවයි බනීගෙ අක්කවයි මේ පාරවල්වල එක්ක යන්නෙ ඇස් බැඳලද.. :)

    ReplyDelete
    Replies
    1. රෝස කුමාරි හරි...පොත් කියවන යාළුවන්ට දෙන්න ඕන .

      අක්කයි නංගියි මේ පාරවල ඇවිදින්න අකමැතියි . ගියත් තාත්ත එක්ක යන වෙලාවට විතරයි . හැබැයි මේ පුංචි පුංචි වර්ණවත් දේවලට නම් එයාල ආසයි .

      අපේ දෙන්නගේ ලොකු හොඳක් තියෙනව . කවදාවත් අරක මේක ඉල්ලලා කරදර කරන්නේ නැහැ . ''අම්මට පුලුවන්ද මේක අරන් දෙන්න .''
      '' ගොඩක් ගණන් නැත්නම් මේක අරගමුද ''
      '' අද නෙමේ අනික් දවසේ පුළුවන් නම් මේක ගමුද ''
      ඔය වගේ ලස්සන විදිහට තමයි අහන්නේ . මග දුලගේ මන් ඉතාම අගේ කරන ගතියක් එය රෝස කුමාරි

      Delete
  27. හරිම රසවත් ලිපියක්....

    ඔය බම්බු දීසි වගේ ඒවා ලංකාවේ හදනවා එක්කෙනෙක්, කොළපත්වලින්. හරක් අං පයිප්පත් කලාතුරකින් තියෙනවා.
    නයි වයින් නම් ලංකාවට ගේන්නත් තහනම් ද කොහෙද...? මෑතකදි විදේශිකයෙක්ව අත් අඩංගුවට අරගෙන තිබුණා, වියට්නාමයේ ඉදලා ගෙනා නයි වයින් බෝතලයකුත් එක්ක.

    ReplyDelete
  28. බැක්පැක් හොටෙල්ස් තියන පලාත බොහොම වැදගත්. ආයෙ ඇවිදින්න ගියෙ නැද්ද බින්දි මේ පැත්තෙ? හුඟක් විසිතුරු දේ බලන්න තියෙනවනෙ

    ReplyDelete