Wednesday, 30 January 2013

සිප වැලඳ ගමි ..ඔබ ආදරයෙන්







කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ . සම්පුර්ණ වීමේ අන්තය ගැන නොදන්නා නිසා ඒ ගැන සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න බැරි වුනාට කියවීම තුලින් ජිවිතයේ බොහෝ දේවලට මුහුණ දෙන්න ඉඩ ලැබෙනවා .

ඒ සඳහා ජීවමාන උදාහරණයක් මම . ඒ වගේම අද මා කියන පුද්ගලයාගේ යම් වටිනාකමක් තියෙනවා නම් එයින් 50 % ක් පමණ මා කියවූ දේවල් . ඉතිරි පනහ ඉතින් ජිවත් වෙලා අත්විඳලා තියෙන දේවල් .

අද වෙද්දී කියවීම යම් පමණකට අන්තර්ජාලයට හිමි වුනත් කඩදාසියක මුද්‍රිත අකුරු වලට අපේ පරම්පරාව තවමත් ආදරෙයි . අපි විතරක් නෙමේ උදේ හවස ටැබ්ලට් එකක් [ කුඩා පරිගණකයක් ] පිටේ එල්ලන් යන්න සිද්ධ වෙලා තියෙන අපේ ළමයි වුනත් ඒ මල්ලේම පොතක් දෙකක් අරන් යනවා .
අපේ ලොක්කි ගේ බෑග් මල්ල මන් උදේට මාර්ග බාධක දාල පරික්ෂා කරන්නේ පොත් කියක් කරගහන් යනවද කියල . මල්ලේ බර කුඩා ශරීරයක් ඇති දියණියට ඔරොත්තු නොදෙන  නිසා .

අපේ කුඩා දියණියට පන්තියෙන් හැම සවසකම කියවන්න පොතක් දෙනවා . මේ කුඩා පොත් අස්සේ කොයිතරම් දේ තියෙනවද .

ඒ පොත් දෙමාපියෝ එක්ක කියවන්නයි දෙන්නේ . මෙහි අරමුණ ළමයා කියවීමට පෙළඹවීම වගේම ළමයාගේ කියවීමේ මට්ටම දෙමාපියන්ට අවබෝධ කරගන්නට පුළුවන් වීම .

ඒ එක්කම ළමයා එක්ක යම් වෙලාවක් ගත කිරීමටත් දෙමාපියන් පොළඹවන්න වෙන්න ඕන . බල කිරීමක් නැහැ . පිටුවක් දෙකක් කියෙව්වත් ඇති . නොකියවා හිටියත් ගුරුතුමී බනින්නෙත් නැහැ .

නමුත් මොකක්දෝ ආකර්ශනයක් තියෙනවා ළමයි කියවන්න පොළඹවන . අපේ දෝනි සමහර දාට කියවන්නේ නැහැ . එක්කෝ නිදිමත වීම නැත්නම් පොත රසවත් නොවීම වගේ හේතුවකට . එහෙම  දාට බල කරන්න එපා කියල  තමයි කියා තියෙන්නේ .

පොඩි සටහන් පොතක් තියෙනවා කියවීම ගැන සටහන් කරන්න . ළමයාද කියෙව්වේ , වැඩිහිටියෙක්ද කියන එක . ළමයට කතාව ආයේ මතක් කරන්න පුලුවන්ද , රස වින්දාද වගේ දේවල් ලකුණු කරන්න .
එයින් ගුරුවරියට ලේසියි ළමයාගේ රුචි අරුචි කම් කියවන මට්ටම ආදිය තේරුම් ගන්න .

මන් මේවා කියන්නේ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල . ළමයි ඉන්න අම්ම තාත්තලාට ගෙදරම වුනත් මෙහෙම වැඩ පිළිවෙලක් හදා ගන්න පුළුවන් . ඒ වගේම ඔබ ගුරු මවක් හෝ පියෙක් නම් පාසලේ මෙවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් .

ඊ ගාවට ඉතින් අපට ඉපදෙද්දී හුස්ම ගන්න වාතය තිබුණ එක ,ලිදේ වතුර තිබුණ එක , නාගරික ළමයෙක් නම් පයිප්පෙන් වතුර ආපු එක ...මේවා පුදුම දේවල් වුනේ නැහැනේ . මොකද ඒවා අපි උපදිනකොටම තිබුන නිසා .
අද ළමයෙක්ට විදුලිය , දුරකථනය , පරිඝනකය අමුතු දේවල් නොවේ . ඒවා ඒ ගොල්ල උපදිද්දී තිබුණ ..හරියට වාතය ,,ජලය වගේ .

හරි මේවා මුකුත් නැති දැකලවත් නැති ළමයි ඉන්නවා . කොටින්ම මන් ගෙදර ගියහම දැක්කා '' අපේ ගුරුතුමා '' කියල වැඩ සටහනක් [ කොච්චර බැන්නත් අන්න ඒ වගේ ඒවත් අපේ රුපවාහිනියේ පෙන්නවා ඉඳහිට ]
ඒ වගේ ගම්මාන වල ළමයි පරිඝනක දැක නැතුව ඇති . ඒ ගැන වෙනම කතා කරන්න ඕන .

මෙය කියවන හැමෝම අන්තර්ජාලය දන්නා නිසා අපි ඒ සිමාවේ ඉඳන් කතා කරමු .

ඉතින් මේ අන්තර්ජාලයේ හොඳ දේවල් තියෙනවා . ඕනෑතරම් හොඳ අධ්‍යාපනික ක්‍රීඩා තියෙනව .

ළමයා කරන්නේ මොනවද කියල දැනගන්න සිමාවේ ඉඳන් අන්තර්ජාලය ළමයට දුන්නට කමක් නැහැ කියල මන් නම් හිතන්නේ .

අවුරුදු 10 පසු වුන දුවෙක් ඉන්න එක එක්තරා විදිහක අභියෝගයක් . යොවුන් වියටත් අයිති නැති ..තව දුරටත් ළමයෙක් කියල හිතන්නත් අකමැති අවදියක් .

මගෙන් කීප දවසක් ඇහුවා ..මුණු පොත පාවිච්චි කරන්න වයස කියන වෙන්න ඕනද කියල . ඒ කියන්නේ එයාගේ සමහර යාලුවන්ට තියෙනව කියල මන් දන්නවා .

ඔන්න මේ වගේ වෙලාවට ළමයින්ට ඕවා ඕන නැහැ කියල කඩා පනින්න හොඳ නැහැ . අපි ටිකක් ඒ ගැන කතා කළා . මොකටද අපි මුණු පොත පාවිච්චි කරන්නේ කියල . එයා එකඟ වුනා දැන්ම අවශ්‍ය නැහැ කියල .

බ්ලොගින් ....

 ළමයින්ට බ්ලොග් හොඳද නරකද ...පහේ පන්තියේ ඉන්න මගේ දුට බ්ලොග් එකක් තියෙනව . එය අධ්යාපනයේම කොටසක් . පාසලේ අධීක්ෂණය යටතේ .

එයාලා කියවන පොත් ගැන පසු වදනක් ලියන්නේ එහි . යම් යම් සීමාවන්  යටතේ අපටත් කමෙන්ට් කරන්න හැකි .

මට තාක්ෂනය ගැන ඒ හැටි දැනුමක් නැහැ . එනිසා මේවා කෙරෙන අකාරය ගැන කියන්න පුළුවන් කමක් නැහැ .

ඒ ඇරෙන්න පාසලෙන් නිතරම අන්තර්ජාල සුරක්ෂිත බව ගැන දෙමාපියන් සහ ළමුන් දැනුවත් කරනවා .

කහ ඉර තිබ්බ පලියට ආවාට ගියාට පාර මාරු වෙන්නට බැරි කම වගේ තමයි . ...කොතනත් අවදානම තියෙනවා .

ඇත්තටම මන් කියන්න ගත්තේ ඔය කිසිවක් නොවේ ..අපේ කුඩා දියණියන්ගෙන් මා ඉගෙන ගන්නා දේවල් ගැන ...හැමදාම .

කුඩා දියණිය ගෙනෙනා කුඩා පොත් වලින් ...ලොක්කි කියවා මගේ කන් පුරවන අපමණ දේවල් වලින්  මගේ දැනුම දින දින වැඩි වන බව කියන්නට .


දිනෙන් දින අලුතින් හිතන්නට මා පෙළඹෙන බව කියන්නට . අද ලොක්කි මට ඊ මේලයක් ඒවා තිබුණ ..

ගස් නගින බුවල්ලෙක් ගැන...

මා මෙවැනි දේ ගැන අසන්නට කැමති බව දන්නා නිසා . මේ දිනවල ඒගොල්ලන්ගේ විෂය මාලාවේ තේමාව ''පෙළඹවීම ''

වෙළඳ දැන්වීම් මිනිසුන්ට බලපාන හැටි ගැන ඉගෙන ගන්නා බැවින් අගනා දැන්වීම සොයා ගෙන එනවා .

මෑතකදී දැක්ක ලස්සනම දැන්වීම තමා මේ .

බබාලාගේ නැපි ගැන කියවෙන්නේ ..හරිම ලස්සනයි .


ඒ වගේම මගේ සිතට හරිම පෙළඹවීමක් කල කුඩා පොතක්




විලි කියන පිරිමි ළමයා මිතුරකුගේ විසුළු නිසා පවුලේ අයගේ ආදරණිය සිප ගැනීම් ප්‍රතික්ෂේප කිරීම ..සහ ඔහුට කෙතරම් ඒ ආදරණිය බව අවශ්‍යද කියා තේරුම් යාම තමයි පොතේ සංක්ෂිප්තය .

මා හරිම ආසාවෙන් කියවපු සහ මැතකදී හිතට ලොකු බලපෑමක් කල පොතක් .

එක වයසකදී අපි හිතනවා හරි දැන් මෙයා ලොකුයි ..සිප වැලඳ ගැනීම් අවශ්‍ය නැහැ කියල . ළමය වුනත් අනික් අය ඉස්සරහ තමන් බබෙක් වගේ සිතයි කියල ලැජ්ජයි .

නමුත් අපි කවුරුත් හැමදාම සිතින් ළමයි ..ජීවිතය පුරාම ආදරණිය සිප වැළඳ ගැනීමකට ආසයි.

එක එක අවදි වලදී සිප වැළඳ ගැනීම ගැන විවිධ අදහස් තිබුනත් ..සමාජමය සංස්කෘතිකමය විෂමතාවන් තිබුනත් මගේ අදහස සියල්ලන්ම ආදරණිය ස්පර්ශයකට කෑදරයි .

එක එක අයගේ පෞරෂය මත විවිධාකාරයේ අදහස් ඔලුවට වැටීම මත යම් යම් පසු බැසීම් තියෙනවා .

සමහරු ලැජ්ජයි . මගේ පොඩි දෝනිය නම් බලයෙන් හෝ තමන්ට උවමනා දේ ලබා ගන්න දන්නා නිසා නිතරම මගේ සිප වැලඳ ගැනීමට ලක්වෙයි ..බාලයා වීමේ වාසනාව .
ලොක්කි මට උවමනා නම් මිසක බලයෙන් සිප ගන්නට ඉල්ලන්නේ නැහැ . නමුත් තාත්තා ගේ ඔඩොක්කුවේ ඉඳගන්නට ඇඟට කකුල් දමා නිදියන්නට .....මගේ ලඟින් තුරුළු වී ඉඳගන්නට ආසා බව අපි දන්නවා .

මේ පොත කියෙව්වාට පස්සේ මට හිතුනා නංගිට වගේම ඈටත් උදේ සවස ආසරණිය සිප ගැනීමක් කලයුතුයි නේද කියා .

එක අතකින් දැනුමින් සිරුරින් උස මහත් වෙද්දී වයසට නොයන ළමයා කොයි කාතුලත් සිටිනවා .

ළදරුවන් සේ අම්මාගේ ඇකයේ රැඳෙන්නේ ඒ ආසාව .

තුරුණු වී පෙම්වන්තයින් වී අතිනත පැටලවී ඇවිද යන්නේ සැමවිටම රාගයම නොවේ . ආදරණිය ස්පර්ශයකට මනසේ සැඟවුන ළමා ආසාව ම බව මට සිතේ .

කවරදාවත් වයසට නොයන ඔබ මා සැවොම සිත කුඩා ළමයෙක් සිටි....

ප. ලි.

ඔබ මා හමුවුන ..
නෙළුම්විල පිපෙන
සියවැනි සියපතයි මේ ..
සොඳුරු කතාවෙන්
මා සිත පිරවූ ..

'' කොළඹින් පටන් ගෙන
ලෝකයේ කොහේ හරි කොනකින්
ඉවර වෙන ..
මගේ වැල්වටාරම් අසා සිටියාට

මා සොඳුරු මිතුරනි ..
ඔබ සැමට ..'

...ස්තුතියි ..

''අලුත් ලිපියක් ලියන්නට
කල් හරි නේද ..
මොකද නොලියන්නේ
ඔන්න තව දෙකක් ලිව්වම සීයයි ''

සද්ද නැතුවම
අකුරක් නෑර කියවන
වචනයක් වත් ඒගැන නොකියන


..මගේ පිය හිමි සඳුනි .

..ස්තුතියි ...

හැමදාම අලුත් දවසක් කොට
ජිවිතය අලුත් කරවන
මගේ මල් වැනි දියණියනි
අලුත් දේවල් ලියන්නට දෙනවාට

ස්තුතියි


''With love and hugs''



[[අක්කේ මට  මේ පින්තුරය දැක්කම නෙළුම්විල මතක් වුනා ..එහෙම හිතල මේ පින්තුරය එවුවේ සිරා ....
ස්තුතියි සිරා ]

107 comments:

  1. ගොඩාක් දේවල් කියන්න හිතුනා මේ ගැන.. ඒත් මේ වෙලාව නෙවෙයි ඒකට... බින්දි කියපු ගොඩක් දේවල් හරිම වැදගත්.. විශේෂයෙන් ළමයින්ගේ අධ්‍යාපනය ගැන.. ඇත්තටම අම්මලා තාත්තලටම උනත් පුංචියට කරන්න පුලුවන්, ඒත් කාගේවත් අවධානයට ලක් නෙවෙන දේවල්..

    සියවෙනි සියපත ගොඩක් වැදගත් ලිපියක් උන එක ගැන හරිම සතුටුයි බින්දි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරු ..ඔව් සමහර මන් දැක්ක විශේෂ දේවල් ඉඳල හිටලා බෙදා ගන්න හිතුවා .
      අපිත් හමදාම ඉගෙන ගන්න නිසා .

      Delete
  2. නෙලුම් මලට පෙති සීයලුනේ. ලස්සන සියවෙනි පෙත්ත.
    ඔන්න මගෙන් ලොකූඌඌඌඌඌඌඌඌඌඌ උම්මා එකක් නෙලුමට.
    ඔය වගේ නෙලුම් මල් දාස් ගණනක් ඔය විලේ පිපේවා....

    නෙලුම් පොට්ටු දෙකටත් උම්මා දෙනවා. ඔරුකාරයා නම් ඔන්න ඉතින් අත් ඇරලා දැම්මා. හබල් පාර කන්ට බෑ අප්පා...හී හී..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි පෙති සීයයි ..ඇත්තටම මන් හිතා හිටියේ මන් බර ගානක් ලියල කියල ..ඉලක්කම් වලට ඇස යන එක්කෙනා තමා කිවේ ඔන්න තව දෙකක් ලිවම සීයයි කියල .. මන් කිව්වේ වෙන්න බැරිය . ඊට වැඩි ඇති කියල .කෝකටත් ගණන් කරලා බැලුව .

      උම්මා එක බාර ගත්තා හොඳේ ...

      Delete
  3. සියවැනි සියපත පිබිදවූ නෙලුම් විලට මගේ සුභ පැතුම්.....

    ස්පර්ශයෙන් අපිට කොච්චර දේවල් කියන්න පුළුවන්ද... පුංචි ලදරුවෙක්ගේ අල්ලට අපේ ඇඟිල්ලක් තිබ්බහම එයා ඉක්මනටම ඒ ඇඟිල්ල හයියෙන් අල්ල ගන්නවා... කුඩා දරුවෙකුගේ ස්පර්ශය අපට කොච්චර සතුටක් ගෙන දෙනවද... ඒ වගේම අපි කරදරයක වැටිලා ඉන්න වෙලාවට මිතුරෙක් ඇවිත් අපේ උරහිසට අතක් තිබ්බහම, කොච්චර හයියක් දැනෙනවද... ඇයි එතකොට අඬන්නට උරහිස දීම (රවී නම් කියලා තිබ්බා තව මොනවද ප්‍රයෝජන තියනවා කියලා)..

    //සද්ද නැතුවම
    අකුරක් නෑර කියවන
    වචනයක් වත් ඒගැන නොකියන //

    :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ලස්සන අදහසට වගේම සුබ පැතුමට ..

      Delete
  4. මුලින්ම නෙලුම් විලට සුබපැතුම්..!

    අපේ ලොක්කිත් මම සිපගන්න හැදුවාම දුවනවා පලාතෙ නොයිද..! ඒත් පොඩ්ඩිට කියන සුනංගුවට උම්මා දෙන්නෙ.
    කෙල්ලො ටිකක් ලොකු වෙනකොට ලැජ්ජයිද මන්දා ..තාත්ත උම්ම දෙනවට..හි..හි..!

    මම පොඩි ඩ්‍රින්ක් එකක් දාපු දවසට ඉන්න දෙන්නැ උන් දෙන්නට දෙන්නම අත් දෙකට වඩාගෙන ඉන්නෙ ..ලොක්කි බරයි ,ලැජ්ජයි..මහා හය්යෙන් බෙරිහන් දෙන්නෙ..
    අම්ම ඉතිං මලසමයන් කිය කිය හිනාවෙනව.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිලා ඔහොම තමා වීයෝ...:)))

      Delete
    2. අපේ පොඩ්ඩි ත් දුවනවා තාත්තගේ උම්මා නම් එපා කියල '' විස්කර්ස් '' තියෙනවලු ..ඒ කියන්නේ තාත්තගේ රැවුල් කොට .

      ස්තුතියි වියා ට

      Delete
  5. තව තවත් සිටුවන්ට හිතෙන
    අනාගතයේ පිපෙන
    ඉමක් නෙපෙනෙන
    නෙළුම් මල්වල
    සුවඳ විඳීමට යළිත් එනබව
    නෙළුම් විලට
    දනවමි හද පිරි තුටින්...

    ජීවිතයේ සුවඳැති රියැලිටිය
    මිටක් ගෙන මල්වලින්
    අප හා එක්ව බෙදන
    බින්දිටත් පවුලටත්
    සුපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් නිතරම දිරිය දෙනවාට ..රූ

      Delete
  6. ජයවේවා බින්දී... මම නම් ඔය මුලින්ම තිබෙන දේ මම පොඩි කාලෙත් කලා, දරුවටත් කියා දීලයි තියෙන්නේ. එයා නම් අමුතුම කෙනෙක්. තාම හිතාගන්න බෑ මොකක්ද යන පාර කියලා. කියවීම මිනිසා සම්පූර්නකරයි කියන එක ගැන කියන්න දෙයක් නෑනේ ඉතින්. දරුවන් සිප ගැනීම නම් අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. මොකෝ ආදරේ සිතේ තියාගෙන ඉන්නවට වඩා පෙන්නන්නම පුළුවන් ක්‍රමයක්නේ.

    ReplyDelete
    Replies
    1. ළමයි කියන ජාතිය නම් කවුරු කවුරු වෙයිද කියල දැන්ම කියන්න විදිහක් නැහැ

      අපේ ලොක්කිට වෙලාවකට ඕනලු පුර විද්‍යාව ඉගෙන ගෙන ඉතිහාසය ගවේශනය කරන්න ..තව වෙලාවකට රහස් ඔත්තුකාරියක් වෙන්න ...
      නංගිට ඕනලු සත්තු වත්තක සත්තු බලාගන්න . තව දොස්තර කෙනෙක් වෙන්නත් ඕනලු. ආයේ සංගීතවේදියෙක් වෙන්නත් ඕනලු..

      දෙන්නටම පොත් ලියන්නත් ඕනලු .

      Delete
  7. මාතෘකා බරගානක් ගැන කතා කරලා තියෙන නිසා මොකක් ගැන කමෙන්ට් කරන්ටද මන්දා.!? ඒක නිසා මෙහෙම කියලා මාරුවෙඤ්ඤා.. :)

    සියයක් සියපතින් මල් විල හැඩ කෙරුනේ
    එම සුවඳින් ය සැම කල් අප සිත් පිරුනේ
    විඳිනට ඇවිත් හිරු හිනැහෙන හැම අරුණේ
    පිපියන් සහස් සුවහස් තව මල් වරුනේ

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් එල කයියෙක් +++

      Delete
    2. සුන්දරයි කවිය ...

      Delete
    3. තැන්කූ දෙන්නටම! :)

      ඔයාලට කියන්ට, ඉස්සර අපි නෙළුම් විලේ වාද-විවාද කලෙත් කවියෙන්, සමහරදාට.. ඒත් දැන් ඒ වගේ කවි ලියැවෙන්ට උත්ප්‍රේරණ සැපයෙන්නෙ නෑ නෙවැ.. බින්දියා හොරගෙඩියා හොඳටෝම කම්මැලි වෙලා දැන්, දාන්නෙත් පින්තූර පෝස්ට් විතරයි නෙවැ.. :D

      Delete
    4. බුරා අයියේ, වියරණ දොස් තියෙනවානේ මේකේ...

      //බින්දියා හොරගෙඩියා // බින්දි අක්කා ස්ත්‍රී ලිංග නිසා හොර ගෙඩියා කියලා පුරුෂ ලිංග නාම පදයක් යොදන්න බෑ නෙවද ??? ඕක හෙරගෙඩියා කියලා නිවැරදි වෙන්න ඕනේ... අවශ්‍ය නම් හෙරලි ගෙඩියා කිව්වත් කම් නෑ...

      එක්කෝ ගෙඩිය පිටින් අරගෙන හොර ගෙඩිච්චි කියමු !!! :P

      Delete
    5. හුටාස්! හැබෑ නේන්නං..

      අපි මෙහෙම කියමුද.? බින්දිච්චි හොරගෙඩිච්චි.. :D

      Delete
    6. මුට්ටිය කීවාලු කේතලය කළු යයි කියාලා ...

      අපි කොච්චර ආසද බුරා බ්ලොග් එකක් ලියනවා නම් ...අර සෙන්න දවසක් කිව්වා වගේ මේකට කියන කට ගලක ඉලුව නම් ගලත් ගෙවිලා ...

      මටත් ඒ ලස්සන කාලේ මතක් වෙනවා ..ආයෙම පරණ ඒවා කියවනවා ..

      දෙන්නකෝ බලන්න බුරා කල්පනා කරලා කවි මඩුවක් දාන්න අදහසක් ...ලියන්න ගත්තම තමයි දිගටම කවි ලියවෙන්නේ ...නැද්ද

      ස්තුතියි කවියට ..

      චතුරංග ...මේ බුරා හොඳ කවියෙක් ..මෙතනට එන හැමෝටම වගේ පද හතරක් ගැට ගහන්න පුළුවන් .
      ඉස්සර ලකියා සපතේරු හෙමත් කවි ලියුවා . කාලෙකින් කාටවත් කයි මුඩ් එකක් ඇවිත් නැහැ

      Delete
    7. // මෙතනට එන හැමෝටම වගේ පද හතරක් ගැට ගහන්න පුළුවන් . //

      අයියෝ ඔතනදි මම හරි අසරණයි බින්දි...පද හතරක් තියා එක පදයක්වත් මටනම් බෑ..

      Delete
  8. හුඟක් බ්ලොග් වල ලිපි සියය, වසරේ සැමරුම් වගේ ඒවා මට හමු වෙන්නේ නොසිතු විදිහට නොසිතු වෙලාවල් වල. මේකත් එහෙමයි.
    ඉතින් සුබ පතනවා ඔබට...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි චන්දන

      Delete
  9. සියවෙනි ලිපියට මගෙන් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග

      Delete
  10. සියවෙනි නෙළුමට අපෙන් සුබ පැතුම් බින්දි !

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක ඇත්ත තමා. කියවීම බලෙන් කරවන්නත් බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා ..

      බලෙන් නෙමේ එයට පොළඹවන්න ක්‍රම තියෙනවා ..ළමයා ආස විෂයක් ගැන තමයි වැඩිය පොත් ගෙනත් දෙන්න ඕන .

      Delete
  11. සුබ පැතුම් බින්දි....

    ස්තූතියි බින්දිටත් මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට...

    පෝස්ට් එකේ අන්තර්ගතයෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා
    මට අනාගත්යේදි වැදගත් වේවි.
    කාට උනත් ආදරේ පෙන්නන්න ඕනේ.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශ්..

      ඔව් ඔව් කාට වුනත් ආදරේ හිතේ තියන් ඉන්න එපා ....

      Delete
  12. උණුසුම් සුබ පැතුම් සියවෙනි සියපතට... මගෙත් අද සියවෙනි පල්හෑල්ල ලියවිලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් තමා ඒ පැත්තේ යන්න ලැබුනේ ..ස්තුතියි ඒවගේම ඔබටත් සුබ පතනවා

      Delete
  13. මේ බලොග් අවකාශය නම් විලෙහි පිපි ලස්සන නෙළුම් මල .
    …සුභ පැතුම් !
    …තවත් මේවගේ හරවත් රසවත් ලිපි ලිවීමට ශක්තිය හා දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔබට නොවක් තුති ගිම්හානිය

      Delete
  14. බින්දී අක්කටත් නෙලුම් විලටැහැ සුබ පැතුම්.
    මේ පොස්ට් එකේ // ඒ වගේම අද මා කියන පුද්ගලයාගේ යම් වටිනාකමක් තියෙනවා නම් එයින් 50 % ක් පමණ මා කියවූ දේවල් // මේ ටික නම් සෑහෙන්න හිතට ගොඩක් වැදුන. දරුවන්ට ආදරේ ගොඩක් ඕනි මේ පොස්ට් එක කියවල මගේ කෙල්ලට දෙන උම්මා ගන වැඩි කරන්නත් එය වෙන්නුවෙන් තව වැඩිපුර වෙලාවක් දෙන්නත් හිත ගත්තා. ඔයාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එහෙම බලපෑමක් වුනා නම් කොච්චර හොඳද ...හරියට අපේ ලොක්කිගේ පාඩම වගේ '''පෙළඹවීම ''

      ස්තුතියි කල්පනා

      Delete
  15. සියපත් පිපිණු නිල් දිය මත සුවඳ ගලා,
    මල් මකරන්ද සෙව් විහඟුන් පියාසලා,
    විල තව සොඳුරු වී අදහස් කුසුම් වෙලා,
    පායන් සඳක් විල් තෙර පිරි සොළොස් කලා,

    මගේ දයාබර සුබ පැතුම් බින්දි....:) :)

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියට ගොඩක් ස්තුතියි රවී...

      Delete
  16. සියවෙනි ලියමනට හදවතින්ම සුබ පැතුම් බින්දි අක්කා !

    ( තවමත් අසනීප තත්වයෙන් නිසා ලිපිය කියවන්නෙ පස්සෙ. ඒකට සමාවෙන්න )

    ReplyDelete
    Replies
    1. මක් වුනාද ලිහිණි ..මාත් මේ ලෙඩ වෙලා ..එකයි උත්තර පමා වුනේ .


      ඔයාටත් ඉකමනින් සනීප වෙන්න පතනවා

      Delete
  17. Replies
    1. ගොඩක් ස්තුතියි අරුණි ..

      Delete
  18. හැත්තෑව දශකයෙ උපන්න ළමයකුගෙ සිතුවිලි. :D
    හුඟක් දේ මතක් වුණා බින්දිගෙ ලිපිය දැකලා. ළඟදි දවසක අපිත් එක්ක වැඩ කරන කෙනෙක් කිව්වා, අලුතින් පාසල් ගමන ඇරඹූ ඇගේ දරුවාගේ ගුරුතුමිය කිව්වලු, දිනකට පැය දෙකක්වත් දරුවා උකුළෙ තියාගෙන කතන්දරයක් එහෙම කියල දෙන්න කියල. මමනම් කොහොමත් මගෙ දරුවො දෙන්නා එක්ක දවසකට පැය දෙකතුනක් ගත කරනවා. පුතානම් දැන් ලැජ්ජයි වඩාගන්නවට ඉඹිනවට එහෙම. ;-)
    ඒත් හුඟක් අයට පැයක් කියන්නෙත් ලොකු වෙලාවක්. ඒ තියෙන පැයෙත් බලන්නෙ "තරගෙට" පුහුණු කරන්නනෙ.

    පොඩි හරි විවේකයක් ලැබුණොත් කියවන්න හිතාගෙන පොතක් උස්සන් වැඩට ගියදාට අහස උසට වැඩ. ගෙනියන්න අමතක වුණු දාට මෙලෝ වැඩක් නැත. :(

    ඉතින් සියවැනි සියපතට මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳ අම්මා කෙනෙක් ...හොඳ වෙලාවට ඔයාගේ ළමයින්ට තියෙන්නේ කාල බිලා සෙල්ලම් කරන්න විතරයි ...

      70 දශකයේ ඉපදිලා 21 වෙනි සියවසේ උපන් අයව ආම්බාන් කරන එකයි සිරු මාරුවෙන් කරන්න ඕන .

      ස්තුතියි නලිනි.

      හැබැයි මන් හිටියේ අල්ල ගන්න ..ඌරෝ මරලා කප් ගහන වෙලාවේ නරකද මොනා හරි ලිව්වොත්

      Delete
  19. අපේ කාලවල නූතන තාක්ෂන සංනිවේදන පහසුකම් ඒතරමටම දියුණුවෙලා තිබුණෙ නැතත් දැන් ඉන්න දරුවන්ට ඒ පහසුකම් තියෙනවා. ඒ දරුවන්ට හොද නරක කියාදි නිදහසේ කටයුතු කරන්නහැර පුංචි අධික්ෂණයක් යටතේ හිටියාම හරි. මම කරන්නේ එහෙමයි.

    ඔබ මෙතෙක්කල් රටාවකින් සැරසු විලෙහි පිපි සියයපත්හි ගුණ සුවඳ තවතවත් වැඩේවා. එවිට ඒ නෙලුම් විලට තවත් සිපත් සිය ගණනකට සිරස නැමේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් ලස්සන අදහස් වලට

      Delete
  20. කිසිදා මුලිච්චි වී නොමැති වුවත් බ්ලොග්කාරියන් අතර මට මහත් ලෙංගතුකමක් දැනෙන බ්ලොග් කාරියන් අතලොස්සෙන් කෙනෙක් ඔබ කිව්වොත් මම නිවැරදියි. ඔබේ විවිධ භූමිකාවන් අතරේ සොයුරියක යන භූමිකාව සිරාට වඩාත් සමීපයි කියලා හිතෙනවා... 100 වෙනි සියපත පිපෙන නිමේෂයේ පතන්නම් තව තවත් හරබර ලිපි ලියැවෙන වාසනාවන්ත බ්ලොග් වසන්තයක්...

    ජය !

    ReplyDelete
    Replies
    1. හැබැහින් දැක නැතත් ඔබ වැනි හොඳ මිනිසුන් ආස්සරය සතුටක් සිරා ..ස්තුතියි

      Delete
  21. සිය වැනි සියපතට මගෙනුත් සුභ පැතුම්....!
    හරවත් ලිපියක්..... හුගක් දේවල් ඉගෙන ගත්තා අනාගතයට වැදගත් වේවි..... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී

      Delete
  22. Replies
    1. ස්තුතියි පුංචි කුමාරිහාමි

      Delete
  23. කාලයක් පුරාවට ෙනළුම් විල පහුකරෙගන ගියත් ඒහි සුන්දරත්වය අත්විදින්නට ෙනාහැකි වුණි. ඒ්ත් අද අහම්ෙබන් විල අසබඩ නතරවීමට ලැබුණ අැසිල්ෙල් ෙනළුම් විලට විෙශ්ෂ දවසක් බව දැන ගන්නට ලැබුණි. යාළුවන්ෙග් නෑදෑයන්ෙග් සුභ පැතම් මැද ෙනළුම් විල උත්සවසිරිෙයන් බබලන අයුරැ දුටිමි.විලට ෙසෙමන් කර ෙපවූ මට රහස ෙත්රැනි. ඉතිං බින්දි හාහාපුරා කියා ෙනළුම විලට ෙගාඩ බැස්ස මෙගනුත් ඔයාට සුභ පැතුම් සමග දිගු ගමනකට ජය පතමි.!

    ReplyDelete
    Replies
    1. මොනතරම් සතුටක්ද නන්දිකා ....

      විල් ඉවුරේ ඔබේ පියසටහන් වලට ස්තුතියි

      Delete
  24. //ඒ සඳහා ජීවමාන උදාහරණයක් මම . ඒ වගේම අද මා කියන පුද්ගලයාගේ යම් වටිනාකමක් තියෙනවා නම් එයින් 50 % ක් පමණ මා කියවූ දේවල් . ඉතිරි පනහ ඉතින් ජිවත් වෙලා අත්විඳලා තියෙන දේවල් .//

    ඒ කථාව මම මටම අදාල කරගෙන, අක්කා ගේ අදහස හා 100 % ක් එකඟ වෙමි. ජීවිතයෙන් නොලැබෙන අත්දෑකීම් අපිට ලැබෙන්නේ කියවීම නිසා... මට ටාසන් එක්ක අප්‍රිකාවේ ඝර්ම කලාපීය වනාන්තර වලයි, ක්ලාක් මහත්තයා එක්ක යුරෝපා ග්‍රහලෝකේ අයිස් තට්ටු අතරෙයි ඇවදින්න ලැබුනේ පොත් නිසා තමයි...

    මම මුද්‍රිත පොත් වගේම අන්තර්ජාල අඩවිත්, e පොතුත් (PDF) කියවනවා... ඒත් පොතක් පෙරල පෙරලා බලනවා තරම් feeling එකක් තිරෙන් පොත් බලද්දි එන්නේ නෑ...

    //තුරුණු වී පෙම්වන්තයින් වී අතිනත පැටලවී ඇවිද යන්නේ සැමවිටම රාගයම නොවේ . ආදරණිය ස්පර්ශයකට මනසේ සැඟවුන ළමා ආසාව ම බව මට සිතේ .//

    මගේ ඇතුලාන්තයේ ඉන්න ඔය පොඩි ළමයට මම සෑහෙන ආදරෙයි... ඒ පොඩි දරුවා තමයි සංවේදී මනුෂ්‍යෙයක්ගේ මූලික සාධකය... වැඩිහිටි කමේ ලොකුකම ඔළුවට ගත්තු ගමන් ඔය පොඩි ළමයා හැංගෙනවා... ගතින් පොඩි නොවුනත්, සිතින් ළමයෙක් වෙන්න පුළුවන් අයගේ ජීවිතේ සුන්දරයි කියලා මට හිතෙනවා... ඒ නෝනිගේ ඔඩොක්කුවේ හිස තියාන මමත් මොහොතකට පොඩි දරුවෙක් වෙන නිසා...


    ම්... ප්‍රධාන කාරණේ අමතක වුනා නොවැ... ඔන්න ඉතින් අක්කේ... සියවෙනි සියපතට මගේ සුභ පැතුම් !!! මම අක්කට කලින් බ්ලොග් ලිව්වත් තාම සෙන්චරියක් ගහගන්න බැරි වුනා නෙව, ඔය වෙලාවට තමා පැත්තකට වෙලා අඬන්න හිතෙන්නේ !!! ඉහි ඉහි ... :(

    නෙළුම් විලේ පිපුණු මල් වලින් මම ආසම අක්කගේ කවි වලට... වියට්නාම් ජීවිතේ ගැනත් ආසාවෙන් කියවනවා... පහුගිය දොහේ ටිකක් මග ඇරුණත් හැකි විදියෙන් සියපත් සුවඳ විඳින්න මමත් නෙළුම් විලට ගොඩ වෙනවා... මේ දවස් වල night shift එක... ඒකයි මේ !!!

    ජයෙන් ජය අක්කේ... තව තවත් සියපත් සුපිපේවා... නෙළුම් විලට ඔබ්බෙන් සකල බ්ලොග් අවකාශයම සුවඳවත් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. චතුරංග,

      මාත් මේ කල්පනා කොලේ කවදා සෙන්චරිය දාන්න හම්බෙයිද කියලා බන්.. මම හිතන්නෙ සෙන්චරියට කලින් මෝචරියට යන්න වෙයි වගේ..

      Delete
    2. සෙන්නා,

      එහෙනං ඉතිං කම්මැලිකම පැත්තකින් තියලා ලියාන්ට පට්ටාං ගත්තොත් හොඳායි.. නැත්තං උඹව මෝචරියට යවනවා අපි.. ;)

      Delete
    3. වැඩේ දැන් දැන් භයානක වීගන වගේ එන්නෙ...

      විශ්වාස කරහන් බූරා.. මම දැන් එකක් ලියනවා සති දෙකක් තිස්සෙද කොහෙද.. :-) ඇඬෙනවා නේද ?

      Delete
    4. කට වරද්ද ගත්තනේ... දැන් ලියපන් !!!

      Delete
    5. අපොයි චතුරංග මල්ලි ..රස්සාවල් එක්ක ඕගොල්ලෝ ඔහොම ලියන එක මදැයි .
      දැන් වගකීම් වැඩි වෙලත් ඇතිනේ ..

      ස්තුතියි සුබ පැතුම් වලට //ඔයාට ඉකමනටම සිය ලියන්න ලැබේවා .

      සෙන්නා ..ඔබ ලියන වර්ගයේ ලිපියක් ලියන්න කොච්චර වෙලා යනවද . ඒ හින්දා කමක් නැහැ .

      සෙන්නව මොචරියට යවන්න හදන්නේ බුරා ...කෝ බුරාගේ බ්ලොග් එක ...

      Delete
  25. බින්දි මටත් බොහොම සමිපයි මේ පෝස්ට් එක. මන්ද යත් මට සිටින්නේද ඔබ කියනා වයස්වලම දුවරුන් දෙදෙනෙක් නිසාවෙන්.ඒ වගේම ලංකාවේ ප්‍රාතමික ගුරුවරුන්ට අත් පොතත් වගේ මේ පෝස්ටුව.
    ඔබේ සියවැනි පෝස්ටුවට මගේ සුබ පැතුම්..තව තවත් මෙවන් හරබර දේ ලැයැවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්...ඔයාගේ ලොක්කිව මට මතක් වුනා මෙය ලියද්දි ..බ්ලොග් එකක් ලියන්න ඕන කිව්වා නේ .

      Delete
  26. සියවෙනි පෙත්තට සුබපැතුම්..

    අම්මෝ මටනම් වැඩියෙන්ම හිත ගියේ අර පින්තුරේට. ඒකෙ ලස්සන කියල ඉවර කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. සිරා එවූ පින්තුරේ නේ සයුරි. නෙලුම් විලක් දැක්කම මාව මතක් වෙනවා කියන්නේ කොච්චර හොඳද නේ ..

      ස්තුතියි

      Delete
  27. ජය වේවා! හරිම වැදගත් අදහස් ටිකක්. මමත් ඔන්න ඔළුවට දාගත්තා.. තැන්කුයි

    එක් සියපතක් පිපුනා මේ දැන් වාගේ
    තවත් මල් පිපේවි.. එවැනිම..

    කේස් එක කියන්නේ සීයෙන් සීයට සියපතට නමක් දෙන්න වෙනවා නෙව.. ඇයි එක මලක පෙති සීයයි නෙව. ජයම වේවා ආයේ කිව්වා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තාම එක මලයි ..අපොයි සියේ ගුණාකාර වලින් ලියන්න වෙන්නේ ..

      ස්තුතියි දේශකයා අලුත්ම අදහසට ..

      Delete
  28. සීයක් පත් ලිව්වාට
    සියපත් විලේ
    බින්දිට සුභ පැතුම් !!

    අර පොත් කියවීමේ වැඩේ ගැන කියද්දී ඔයාගේ දුවලගේ ඉස්කෝලේ කොච්චර හොඳද කියල හිතුන! අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තට ගොඩක් ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිරෝෂිනී...
      ඒ ඉස්කෝලේ හරිම හොඳයි තමා. අපට මෙහෙ දාල යන්න දුක ඉස්කෝලේ නිසයි .

      Delete
  29. නෙලුම් විලේ පිපිනු සියවෙනි නෙලුමට උනුසුම් ශුභ පැතුම්.

    නෙලුම් විලේ මිහිරි සුවද නෙලුම් මල් සැම විටකම පිපේවා කියා පතනෙමි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගමේ එකා ඔබටත්

      Delete
  30. බින්දිගෙ නෙළුම් විලේ පිපුනු සිය වෙනි නෙළුමට සුභ පැතුම් මගෙනුත්... මේ නෙළුම් විලෙන් තව තවත් සුවඳ හමන නෙළුම් මල් දහස් ගණනක් බිහි වේවා කියල ප්‍රාර්ථනා කරනවා....

    බින්දිගෙ අතීතය ගැන හරි දුවලා දෙන්න ගැන හරි පෝස්ට් කියවනකොට මට හැමදාම හිතෙන දෙයක් තමයි අපි දෙන්නටම තියෙන්නෙ බොහෝ සමාන අත්දැකීම් කියන එක... ඒකට හේතුව අපි 70 දශකයේ ඉපදුනු උන් වගේම කෙල්ලො දෙන්නෙකුගෙ අම්මලා වෙච්චි එකත් වෙන්න ඕන... මේ පෝස්ට් එකත් එහෙමයි... ඔයා හරිම ලස්සනට ඒ හැමදෙයක් ගැනම සංයමයෙන් මේකෙ කියල තියෙනවා...

    අපේ දෙන්න පොඩි කාලෙත් තිබුණා ඔය වගේ ගෙදර කියවන එක ලකුණු කරන පොඩි පොතක්... ඒකත් තිබ්බෙ ඔය වගේම දෙමව්පියොත් එක්ක කියවන්න... දවසකට පිටු දෙකක් උනත් ඇතියි කියල තමයි තිබුණෙ... කියෙව්වට පස්සෙ කියවපු පිටුවල නොම්මර දලා, දෙමව්පියෝ අත්සන් කරලා, ළමයගෙ කියැවීම ගැන කමෙන්ට් එකකුත් ලියන්න ඕන... අපේ ගෙදර ඔය වැඩේ බොහෝ වෙලාවට කෙරුනෙ රෑට නිදාගන්න යන්න ලැහැස්තිවෙලා... ඒ පුරුද්ද අදටත් එහෙමයි... අදත් දෙන්නම ඇඳට යන්නෙ පොතක් අරගෙන... ඉස්කෝල වලිනුත් සල්ලි ගෙවලා අධ්‍යාපනික ක්‍රීඩා කරන්න පුළුවන් වෙබ් සයිට්වලට ඇක්සස් ලබා දෙනවා මෙහෙත්...

    අපේ ගෙදරත් ඔය උම්මා වැඩේ ජයටම යනවා... තවමත් මේ අලි කෙල්ලො දෙන්නට නිදාගන්න කලින් උම්මා හැටක් විතර දීලා පෙරවලා එන්න ඕන නිදාගන්න... අපි පුංචි කාලෙත් අපට ඇතිවෙන්න උම්මා ලැබුණා අම්මගෙනුයි තාත්තගෙනුයි... වඳින වෙලාවට නම් වැන්දට පස්සෙ අනිවාර්යයෙන්ම උම්මා එකක් ලැබෙනවාමයි... ඒක හරිම සුන්දර දෙයක්...

    මේ සැරෙත් පෝස්ටුවක් විතර දිග උත්තරයක්ද කොහෙද... තව ලියන්න දේවල් තිබ්බත් ඒ හින්දා නතර කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මියුරු...අපි එකම කාලේ එකම තාලේ අම්මල නිසා සමීප බවක් දැනෙනවා නේ .

      Delete
  31. සියවෙනි නෙළුම් මලට මගේ සුභ පැතුම් !!!!!!. පොත් කියවීම ගැන කොච්චර දේ තියනවද කියන්න.කමෙන්ට් එකට දාන්න ලියන් යද්දි දිග වැඩී වගේ.. පොස්ට් එකක්ම දාන්න ඕනෙ කියල හිතුව. පොත් පි‍ටුව්වල සුවද විදිමින් ඒ පි‍ටු පෙරලෙන සද්දෙත් එක්ක අතට දැනෙන තුනී පි‍ටුවල රසය කවදාවත් ඊ බුක් කියවීමෙන් ලැබෙන්නෙ නෑ. සතු‍ටුයි අක්කගෙ පොඩි උන් දෙන්න ගැන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝස කුමාරි ....

      ඒක තමයි..මටත් ඊ බුක් වලට තවම ඇබ්බැහි වෙන්න බැරි වුනානේ

      Delete
  32. අද හරිම වැඩ වැඩි දවසක් ...කමෙන්ට් ටික කියවලා හරිම සතුටුයි . ඉක්මනින්ම කමෙන්ට් වලට උත්තර දෙන්න එනකම් හැමෝටම ගොඩක් ස්තුතියි

    ReplyDelete
  33. ඔය ඉස්කෝලෙන් පොතක් ගෙදරදි කියවවන්න කියල එන එක හරි ෂෝක් වැඩක්. අපේ ලොකු බාහුත් වීක් එන්ඩ් එකට පොතක් ගේනව, අපි එයා එක්ක කියවල, ප්‍රශ්න වලට උත්තරත් ලියල යවන්න ඕන. පස්සෙ ටීචර් ඉස්කෝලෙදි ඒ පොතේ කතාවෙන් ප්‍රශ්න අහනව, විස්තර කියන්න කියනවලු. මේ ළ්ඟදි එහෙම ගෙනාපු "කිපර්" කියන කොළුවගෙ කතන්තරේ ඒක ඩබල් ඩෙකර් බස් එකක ටෙඩියෙක් අමතක වෙච්ච කතාවක්. ඒකෙ අග අහනව Have you ever been on a double-decker bus? කියල. හොඳ වෙලාවට ජාලෙ පිහිටෙන් "ඩබල් ඩෙකර් බස්" කියන්නෙ මොනාද කියල කොලුවට පැහැදිලි කරල දුන්න. ඒ වෙලාවෙ මට හිතුනෙ, දැං කාලෙ මොනතරන් දියුණුද, ඒත් අපී ඒ කාලෙ ඩබල් ඩෙකර් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිල ඉස්කෝලෙ ගිය එක කොයි තරන් සුන්දරද කියල.

    තව දින කිහිපයකින් සමරන්නට බලාපොරොත්තු වෙන දෙසියවෙනි ලිපියට මෙන්න මගේ කලින්ම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ලොකු බාහු මන් හිතන්නේ අපේ පොඩි දුගේ වයසේ විතර ඇති .

      ඔය පොඩි පොඩි පොත් වල කතන්දර හරිම ලස්සනයි නේ .
      ඩබල් ඩෙකර් බස් එක්ක යන්න මගෙත් ලොකු ආසාවක් තිබුණ ඉස්සර . අපේ ඉස්කෝලේ ඉස්සරහින් අපට පෙනුනා ඒ බස් යනවා .

      ඉස්සර 112 බස් තිබුණ ..ඒ වුනාට එකම දවසයි යන්න ලැබුනේ . කොච්චර කරදර වුනත් අපි ඒ අතීතෙට ආසයි තවමත්

      දෙසිය ..අය්යෝ තව අවුරුදු ගානක් යයි ...

      ස්තුතියි ඉන්දික

      Delete
  34. සියපත් විල ඇති සියපත් සියයකි
    සියපත් අසලට පැදයන ඔරුවෙකි
    සියපත් සොයමින් එහි ආ රිසියෙකි
    සියපත් නෙලමින් මෙහි මට සිටිහැකි

    මේ විලට මගේ ඔරුව කුණාටුවකට අහුවලා පාවෙලා ආවෙත් සියවෙනි මල පිපෙන දිනේදී නේද?
    මගේ සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. හොඳම හොඳ කුණාටුවක් ....

      ගොඩක් ස්තුතියි අයිලාස් ඔබටත්

      Delete
  35. අදම තමයි මුලින් ම මෙහාට ආවේ.සියවෙනි පෝස්ටුව දවසේ.ඉතින් දහසක් දසදහසක් කරා යන්නට ඔබට සුබ පතනවා...

    ..ඒ වගෙම මේක කියවන් යද්දි මට මතක් වුණේ Hug me කියන පුංචි කතාපොත.ඉන්දියානු පොතක්.ඒකෙ තියෙන්නෙ හැම තිස්සේම තමන්ව වැළදගන්න කියල අම්මට කරදර කරන පුංචි ගෑනු ළමයෙකුගෙ කතාවක්.සමහර විට ඔබ කියවලත් ඇති!

    ReplyDelete
    Replies
    1. නැහැනේ මට කියවන්න ලැබිල නැහැ .

      ආදරයෙන් පිලිගන්නවා වර්ෂා ...

      Delete
  36. සියවෙනි සියපතට සුබ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමිත්..

      බුරෝ මෙන්න තවත් හොර ගෙඩියෙක්..බ්ලොගය අමතක කල

      Delete
  37. බින්දිගෙ සියපතට බොහොම සෙනෙහෙන් සුබපැතුමක් එක්කරනවා මුලින්ම. ඒ ආදරනීය දියනියන් දෙන්නාත් හරිම ආදරෙන් මතක් කරනවා. මල්ලිව දැක්කේ නැති උනාට බොහොම ලෙන්ගතුව මතක් කරනවා මේ වෙලාවෙ. අපි දරුවන්ට අදටත් බොහොම ආදරේ කරනවා. අපේ කොල්ලො දැන් බඳින වයසෙ උනත් මාව ඉඹලා උම්මා දීල තමා තාම ගෙදරින් යන්නෙ. මම උනත් අදටත් ආසයි මගෙ තාත්තාගෙන් හාද්දක් ගන්න. ඒ අපේ තුල තාම පුංචි බබෙක් ඉන්න නිසා. දැන් මගෙ මුණුබුරු පැටියා අච්චි උම්මා ගාගෙන එනවා. හරිම සුරතලේ. එයාට ඉතින් කතා කියන්නයි කවි කියන්නයි මට වෙලාව මදි.
    පොත් කියවීම තමා අපව සම්පූර්ණ කරන්නෙ. හරිම සාරවත් ලිපියකින් සියවන සටහන සැරසීම ගැන හරිම සතුටුයි නංගි. සත් සියක් මල් පිපේවා! මේ නෙළුම් විල තුල.

    ReplyDelete
    Replies
    1. අක්ක හරිම වාස්නාවන්තයිනේ ..පුතාල ලොකු වෙද්දී ටිකක් ලැජ්ජයි සාමාන්‍යයෙන් .
      ගොඩක් ස්තුතියි

      Delete
  38. බින්දි සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඔබට සුභ පතනවා. බොහෝ දුරට ඔබලාව ඉක්මනින් හමුවෙයි වගේ බලමු. දිරිගෙන දිගටම ලියන්න. ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..මන් තමයි මේ පාර පමා උත්තර ලියන්න . මගේ මේලය ලැබුනා නේද . තව විස්තර අවශ්‍ය නම් කියන්න

      Delete
  39. බින්දිගේ සිය වැනි පෝස්‍ටුව නිසා මාත් කමෙන්ට් එක පෝස්ට් එකක් කරන්න අදහස් කලා.

    කියවීම සම්පූර්ණ කරන බව මම අත්දැකලා තියෙනවා බින්දි. නොකියවන එකාගේ තියෙන්නෙ හරි ප‍ටු දෘශ්ඨි පතයක්. ප‍ටු කෝණයක් හැමදේම ගැන.

    අපේ පවුලම පොත් පිස්සෝ. මම නිදාගන්නෙ පොතක් අරගෙන. මම මේ දවස්වල කියවන්නෙ Danielle Steel ගෙ WINGS.

    >>...ඒ වගේම ඔබ ගුරු මවක් හෝ පියෙක් නම් පාසලේ මෙවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් .<<

    මම ඒ වර්ගයට අයිතිනෙ. කියවන්නෙ නැතිවුන් කියවන්න පුරුදු කරන්න ඔය හා සමාන ක්‍රම ඉස්කෝලවල කරනවා. එකක් තමයි පොත කියාලා පිළිතුරු දියයුතු ප්‍රශ්ණ පත්‍රයකුත් හදලා තිබීම. ඒවා ගුරුවරයා හරි වැරදි ළකුණු කිරීම. නමුත් ඔය ක්‍රමයට මම විරුද්ධ්යි. මම ඒක පැහැදිලි කලා මේ ඉස්කෝලෙ පරි පාලනයට මේ විදියට.

    "කියවන විදි දෙකක් තියෙනවා. එකක් කියවිය යුතු නිසා කියවන නිර්දේශිත පොත පත. අනික වින්දනය පිනිස කියවන පොත. (Reading for pleasure) කෙනෙක් අපි වගේ book lovers ලා වෙන්නෙ ඔය දෙවෙනි වර්ගයේ පොත් කියවන්න පුරුදු වුනොත් විතරයි. අර වගේ ප්‍රශ්ණ පත්තරේකට උත්තර දෙන්න වෙන පොත් පෞද්ගලිකව මම වත් කියවන්න ආසා නෑ. පොත් කියවීමට අමතරව, පුස්තකාලයේ පොත් browse කිරීම. පොතක් ‍තෝරා ගැනීම වගේ දේවලුත් වින්දනයක් තියෙන දේවල්. ඒවා උපන්ගෙයිම විනාශ නොකර කෙනෙකුට කැමති පොතක් නිදහසේ කියවන්න ඉඩදෙන්න බෙඳීම්වලින් තොරව."

    අපේ ගුරුතුමා අපිත් ලංකාවට ගියවෙලාවෙ බැලුවා. හැබැයි පළවෙනි කොටස විතරයි. නිවාඩුව ඉවර වුනානෙ.

    සිප වැළඳ ගැනීම අපි අදත් කරන දෙයක්. ළමයි කොච්චර ලොකු වුනත් අපිව සිප වැළඳ ගෙන තමයි නින්දට යන්නෙ. ගෙයින් එලියට බැහැලා යන්නෙ.

    කොටහේනෙ සිප වැලඳ ගැනීමක් ගැන මම බ්ලොග් කරන්නම් පස්සෙ.

    >>තුරුණු වී පෙම්වන්තයින් වී අතිනත පැටලවී ඇවිද යන්නේ සැමවිටම රාගයම නොවේ . ආදරණිය ස්පර්ශයකට මනසේ සැඟවුන ළමා ආසාව ම බව මට සිතේ .<<

    මේක අපේ උන්ට කවදා තේරේවිද මම දන්නෙ නෑ බින්දි.

    ඉතින් බින්දි හද පතුලෙන්ම සුභ පැතුම්. තව දහස් ගනන් නෙලුම් පිපේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පෝස්ටුවට ...

      අපොයි පොත් කියවල ප්‍රශ්න වලට උත්තර දෙන්න මාත් ආස නැහැ . නිදහසේ කියවීම තමයි ප්‍රිය . අපේ නම් අහන්නේ ළමයා කියෙව්වද ..රස වින්දද කියල වගේ ප්‍රශ්න . ඇත්තටම පොත රසවත් නැත්නම් එයා ආස විදිහේ තේමාවක් ඊ ළඟ පාර තෝරා ගන්න ඉඩ දෙන්න .

      කොටහේනේ සිද්ධිය ලුණු ඇඹුල් දාලා ලියන්නකෝ ඉක්මනට .
      අලුත් ලිපියත් දැක්කා . මේ ටිකේ ලෙඩ වෙලා හිටියේ . මේ කමෙන්ට් ටිකට උත්තර නොදී මුකුත්ම කරන්න හිතුනේ නැහැ .

      Delete
  40. මමත් ඉස්සර ඉඳලම කැමතියි කාගෙ හරි අතේ එල්ලිල ගමන් යන්න... සමහර වෙලාවට අම්ම තාත්ත, නැත්නං මල්ලි, එහෙමත් නැත්නං යාළුවෙක්ගෙ අතේ එල්ලිලා යද්දි දැනෙන ආදරණීය ආරක්ෂා සහගත හැඟීමට මම හරිම ආසයි නිසා ඒ... අතේ එල්ලිලා යනෑකත් මට හිතෙන විදියට මිනිස්සු හැමෝම බලාපොරොත්තු වෙන ආදරණීය ආරක්ෂා සහගත බවේම කොටසක් කියල මම හිතන්නෙ... ඒක ලොකු උනත් ගොඩක් දෙනා ළඟ ඇති තාමත්...

    ReplyDelete
    Replies
    1. මේකනේ චේජනා ..අපේ පිරිමි ළමයි ආදරේ කරන කාලේ ගැහැණු ළමයා හරිම ලජ්ජා වුනත් බලෙන් හරි අතින් අල්ලන් යනවා . බැන්දට පස්සේ ගැහැණු ආස වුනත් පිරිමි ටිකක් ලැජ්ජයි ..

      ඊට පස්සේ අපිට ඉතින් ළමයෙක් තමයි අල්ලන් යන්න වෙන්නේ . බටහිර රටවලින් අපට ඉගෙන ගන්න හොඳ පුරුද්දක්. වයසක සියල ආච්චිලා අතින් අල්ලන් පාරේ යනවා දකින කොට ආස හිතෙනවා .

      Delete
  41. මොන තරම් වැඩ තිබුනත් හැමදාම නෙලුම් විලට බැහලා මල් ටිකක් එකතු කරගෙන යනවා.
    ගොඩාක් දේවල් කියන්න හිතුනා .....මේ වෙලාව නෙවෙයි ...ඔයා කියපු ගොඩක් දේවල් හරිම වැදගත්.....
    ඇත්තටම හරිම දුකයි.වචන ටිකක් කොටලා යන්ට බැරිවිම ගැන.මේ දිනවල වැඩ ගොඩාක් තියනවා.අවුරැද්දක් ගියා......ඒ වැඩ කටයුතුත්...මේ දිනවල යෙදිල නිසා.....
    නෙලුම් විලේ තව මල් සිය දහස් ගනින් පිපි අපේ හද මල් සුවපත් කිරිමට වරම් ලැබෙවා !!!!

    ReplyDelete
    Replies
    1. වචනයක් නොකීවත් කියවන එකම මට ලොකු සතුටක් එරන්දි ..

      ඔබටත් ගොඩක් ස්තුතියි

      Delete
  42. ඔයාගේ පොස්ට් කියෙවුවාම නිකන් අමුතු දෙයක් හිතට දැනෙනවා. නිකන් මෘදු ගතියක් වගේ.

    සියවෙනි පොස්ට් එකට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දෙයක් අහන්න ලැබීම මගේ වාසනාවක් .

      ස්තුතියි අසරණයා

      Delete
  43. අයියෝ දෙයියනේ මම ජීවිතේට ලියාපු දිගම , හරබරම කමෙන්ට් එක ගූගල් දෙයියා ගිල්ලා,

    ආයේ කොටන්ඩ බැ බින්දියෝ , විනාඩි 20ක් විතර වචන අහුල අහුලා ලස්සනට කෙටුවා. ගුගල් දෙයියත් අරියාදු කරන්නේ අපිටම තමා.

    සිය වෙනි පෝස්ටුවට සුබපැතුම්, ඔයා මට කලින් සීයක් ලියුවට , මම ඔයාට කලින් දාහක් ලියනවා මොනවද ඔට්ටු

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ ඔය වගේ අසාධාරණ වැඩ කරනවා මටත් හිටි ගමන් .අපරාදේ හරිම දුකයි . ඒ වුනාට කමක් නැහැ මේ වචන ටිකත් මට කොච්චර වටිනවාද .

      ඔබට විශේෂ ලිවීමේ හැකියාවක් තියෙන වග මන් හැමදාම කියනවනේ .

      කෝ බලන්න ලියමුකො දාහක් ..අපිත් ආසයි කියවන්න

      Delete
  44. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මගේ නමින් කමෙන්ට් දමන සත්ගුණවත් ඇනොනිමස් උතුමාණෙනි . ඔබගේ පරම පවිත්‍ර චේතනාව මට නම් මනාව වැටහේ . තමුන්ගේ කියා අකුරක් දෙකක් කොටාගෙන බ්ලොග් එකක් අටවා ගැනීමට බැරි කමද නැත්නම් තිබුන බ්ලොගය බංකොලොත් විද ..එසේත් නැතිනම් මානසික ලෙඩක්ද . ඔය කොයිකටත් අපට නම් කරන්නට දෙයක් නැත .

      ඉරිසියාවට බෙහෙත් නැත . මා ඉතාම කරුණාවෙන් ඉලා සිටිනවා ඔබගේ පටු අරමුණු වෙනුවෙන් මගේ නම භාවිතා නොකරන ලෙස . මා බ්ලොග් වලින් ජිවත් නොවන බවත් අපට කරන්නට තව වැඩ බොහෝ ඇති බවත් පවසන අතර ඔබට නොමිලයේ හෝ මුදල් ගෙවා හෝ ලැබී ඇති අන්තර්ජාල පහසුකම නිකරුනේ මෙවැනි හිංසාකාරී වැඩ වලට භාවිතා නොකර පලදායි යමක් කල හැකි නම් අගනේය .

      ස්තුතියි .

      ප.ලි.
      මේ කමෙන්ටුව ඔබ කොහේ කොහේ කොපි කරමින් ගොසින්දයි මම නොදනිමි. ඒ හැමතැනකම උත්තර බැඳීමට මට උවමනාවක් හෝ වෙලාවක් නැත ..

      Delete
  45. නෙළුම් විලේ මල් සියයම වින්දෙමි... සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බිටල්.......

      Delete
  46. අපූරු අදහස් ගොන්නක්..... ඇත්තටම කොච්චර වෙලා fb එකේ, blog වල කරක් ගැහුවත්, පැත්තකට වෙලා පොතක් කියෙව්වම එන තෘප්තිය ගන්න ඒ දේවල් වලින් අමාරුයි. සමහරවිට අපි පොඩි කාලෙ ඉදන් පුරුදුවෙච්ච ක්‍රමේ නිසා වෙන්න ඇති.

    ReplyDelete
  47. විද්‍යා දදාති විනයං - විනයාද්දදාති පාත්‍රතාම්
    පාත්‍රත්වාත් ධනමාප්නෝතී - ධනාද් ධම්ං තතං සුඛම්

    දෙමාව්පියන් නවීකරණය දරුවාට හුරු කලාට කම් නැත එහෙත් ඊයේ දවසේ වටිනාකම දරුවාට පුරුදු කළ යුතුය. ඉතාම හොඳ සටහනක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  48. //....කවරදාවත් වයසට නොයන ඔබ මා සැවොම සිත කුඩා ළමයෙක් සිටි....//

    ඇත්ත අක්කේ. ඒකනේ නේරුතුමාත් තමන්ගේ හැමදේම දෙන්න කැමති වුනේ ආයි ළමාවියට යන්න පුලුවන් නම් :)

    ReplyDelete
  49. සීයට සුබ පැතුම් බින්දී.

    දැනුම පිපාසයට ටී වී ඩොකියුමෙන්ටරි ත් නරක නැහැ. ඒත් පිටිපස්සේ ඉඳලා තෝරලා බලන්න. අන්තර්ජාලෙටත් වඩා "දැනුම බෙදන" චැනල්ස් බොරු කියනවා.

    මට නම් තිබ්බේ මානසික රෝගයක්. කෑම ඔතපු පත්තර කෑල්ලත් කොනේ ඉඳං කියෝනවා. ඒත් කරුමෙට මම තෝරා ගත්තේ අතිශයින් අදාළ නොවන ක්ෂේත්‍රයක්. ලෝකයෙන් වැඩියෙන්ම දුරස්.

    අපේ ගෙදර ඉන්න වයිල්ඩ් ලයිෆ් ෆෑන් නම් බලන්නේ ඩේවිඩ අටෙන්බොරෝ. කෙතරම් ඒවාට කැමතිද කිව්වොත් මට යු ටියුබ් එකෙන් [පැයේ එපිසෝඩ්] බාගෙන ප්‍රින්ට් කර දෙන්න වෙනවා. සත්තු ගැන මේ ගෙදර වැඩියෙන්ම දන්නේ එයා. සීසන්ස් වෙනස් වෙන ඒවා එයා කියනවා. ඊයේද කොහෙද ටී වී එකේ කිව්වා ගිම්හානය ඔෆිශියලි ඉවරයි කියලා. අපේ පොඩ්ඩි දවස දෙකකට කලින් කිව්වා මේ ශරත් කාලය කියලා.

    එයා වෙන දේවල් ගැන ඉන්ටරස්ටඩ් නැහැ. ඔන්න ඔහේ ගියදෙන්. අපේ ස්වාභාවික චින්තනය සිස්ටම් එකෙන් මරුවා. ඒ ගොල්ලන්ටවත් අයිතියක් තියෙන්න ඕනේ කැමති දේ කරන්න. අපේ කරුමේ අපි ගෙව්වට.

    ReplyDelete
  50. හප්පොච්චියේ, ජනවාරි 30 ලියපු බ්ලොග් පිටුව බලන්ට ආවෙ අද නොවැ. කමක් නැහැ, පමාවෙලා හරි ආ එක හොඳයි.

    බොහොම හෘදයංගම ලිපියක්.
    ලිපි සියයක්ම ලියා අපට රසවිඳින්නට ලබා දීම ගැන ඔබට පිං.
    ලිපි දහසක් ම ලියන්නට යෝධ බල, යෝධ වීර්යය ලැබේවා!

    ReplyDelete