Friday, 4 January 2013

වරද නුඹෙයි උන්ගේ නොවේ



ගේ දොර ලස්සනට තියන්
උයන් පිහන් ළමයි බලන්
රස්සාවක් කලත් ඉතින්
ඉක්මනටම ගෙදර ඇවිත්

පාරේ තොටේ ගියත් දුවේ
යනව නෙමේ කොටට ඇඳන්

වැඩිය ඉගෙන ගන්නෙ
 මොටද
හයට කලින් ගෙදර වරෙන්

හෙට බැන්දත් කොල්ල එක්ක
බයිස්කෝප් නොබල ඉඳින්

අතවරයට ලක් වුනොතින්
වරද නුඹෙයි
''උන්ගෙ නොවෙයි ''


දුෂණය වී අමානුෂික වද වේදනා විඳ මියගිය අසරණ යුවතිය ..ඔබ ගැන ලියන්නට වචන කොපමණ තිබුනත් මදිය . ඔබ පලමුවෙනියාද අන්තිමයාද නොවෙන එක එයටත් වඩා අවාසනාවකි . රත්මලානේදී සිඟිත්තන් දෙදෙනා සමග ගිනිබත් වූ තරුණ මව . පසුගිය ටිකේම ඔවැනි කතන්දර තමා අසන්නට ලැබුනේ .
ඒ අතරේ තලෙබාන්ලා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ පමණකි කියා අපට සැනසෙන්නට හැකිද . එක්තරා ආචාරියෙක් සිංහල ගැහැණු ළමයිනුත් බුර්කාව ඇන්දොත් හොඳ යයි කියා තිබිණි . එනපොට හොඳටෝම හොඳ නැත .
අරාබි වසන්තයේදී කරට කර සිටි විදි බැසි කාන්තාවෝ අද වන විට විදි වලින් අතුරු දන්ව ඇති බව කියවන්නට ලැබිණි . එම සඟරාවේම අපේ පාර්ලිමේන්තුවේදී එක කාන්තා මන්ත්රිවරියකට පිරිමි ඇමැත්තෙක් කල අපහාසයක් ගැනද ලියවී තිබිණි . දේශපාලන දැක්ම කෙසේ වුවත් මන්ත්‍රීවරියක් නම් අතිරේක අපහාස හිමිවේ .

එක බිත්තරයක් තිබුනත් එය තම්බා හතරට කපා දුන්නා මිස කොල්ලන්ට පමණක් බත් පත අස්සේ හංගා කන්නට නොදුන් අපේ අම්මා කාන්තා විමුක්තියේ පලවෙනි පාඩම කියාදුන්නාය .

කොතරම් කරදරකාරී සමාජයක් වුවත් අපේ පරම්පරාව අපේ අම්මලාගේ පරපුරට වඩා කාන්තා නිදහස අත්විඳි පරපුරකි . කාන්තා පාසලක වුව පිරිමි පාසල් සමග උරෙන් උර ගැටී සමිති සමාගම් වලදී ,,කළා උළෙල විද්‍යා දිනයන්හිදී අප කටයුතු කළෙමු . දහම් පාසලේ ගැහැණු පිරිමි බේදයක් නැතුව උගත්තෙමු . අපේ පාසල ඉතාම ජන විවිධත්වයකින් යුක්තවිය . සිංහල , බොදු . කතෝලික , මුස්ලිම් දෙමළ කෙල්ලන් අපුරුවට එක ගොඩේ සෙල්ලම් කළෙමු . මුස්ලිම් ගැහැණු ළමුන් ගවුමත් කලිසමත් ඔලුව උඩින් දැමු සුදු රෙදි කඩක් [ වැඩිවිය පැමිණි පසුව ] ඇන්ද අතර මැලේ මුස්ලිම් ළමුන් සාමාන්‍ය නිල ඇඳුම පමණි . . ඔලුව වසාගෙන ආ රෙදි කඩ අර ළමයින්ට මතක් වෙන්නේ ගෙදර යද්දීය . අද වන විට ඒ බොහෝ මිතුරියන් එක්කෝ පිටරටවලට සංක්‍රමණය වෙලාය . නැත්නම් යම් යම් රැකියාවල නිරත වේ ..

සමාජයක් යායුත්තේ ඉදිරියටය . පසුපසට නොවේ . යම් යම් කාරණා නිසා අප සමාජය ආපස්සට යන බව මට නම් සිතේ . දියුණුව ඇත්තේ රටක ගොඩනැගිලි වල උස මත වත් ටෙලි ෆෝන් කම්පියුටර ගණන මතමත් නොවේ .

මගේ මිම්මට අනුව නම් ගැහැණු පිරිමි එකසේ සිතන සමාජයක් දියුණුය කියාය . එනම් විමුක්තිය පතා විදි වල කෑමොර දීම නොවේ . දෙගොල්ලන්ම දෙපාර්ශවය  දෙස ගරුත්වයෙන් බැලීමය .

මගේ වෙනත් රටවල මිතුරියන් නිතරම අසන ප්‍රශ්නයක් තිබේ . ඒ වියට්නාමයට වඩා ලංකාව දියුණුද කියාය .
කවදාවත් මට හරි හැටි පිළිතුරක් දෙන්නට බැරිවිය .

ඕනෑම ඇඳුමක් ඇඳගෙන ඕනෑම රාත්‍රියක ගැහැණු ළමයෙක්ට මගතොට යාමේ නිදහස අතින් නම් වියට්නාමය අපට වඩා සැහෙන දියුණුය . අප හෙළුවෙන් පාරේ යා යුතුය කියා නොවේ මා කියන්නේ . තැනට ඔබින පරිදි විලි වසා ගැනීම අවශ්‍ය බව මමද අදහමි .

එහෙත් එය තම තමාගේ කැමැත්ත මතය .

කොයි සමාජයේත් යම් යම් තලෙබන්ලා සිටිති .

සමාජයේ කුඩාම නියැදියක් වන සයිබරය තුලද එසේමය . ගැහැණු  බ්ලොග් ලියද්දි විශේෂයෙන් පරිස්සන් වෙන්න ඕනා වේ .

පොඩි කොනක් අල්ලාගෙන පහර ගසන්නටද . හැකි නම් බ්ලොග් ලිවිල්ල එපා කරවන්නටද මේ තලෙබාන්ලා පසුබට නොවේ .
එසේ එලවා දමන ලද එක අයෙක් ගැන අද පවා විහිලු තහළු කර අමන වින්දනයක් ලබති . මලාලට වෙඩි තැබූ තලෙබාන්ලා සහ මොවුන් අතර වෙනස් කමක් මට නම් නොපෙනේ .

කොහේ හෝ දමන කමෙන්ටුවකින් කෑල්ලක් හෝ කොපි කර පොදු නාන ලින් ළඟ කුණු අපුල්ලන්නට මොවුන් හරිම කැමතිය .

ගුවන් යානයක යාම සුපිරි වැඩකි . අප හැමෝටම ජිවිතයේ විවිධ කඳු පල්ලම් හමුවේ . දුක් කරදර මෙන්ම සතුටු අවස්ථාද තිබේ . ඒවායින් අප ලියනුයේ අපට කැමති දේ පමණකි . මා මගේ දුක් කරදර ලියන්නට අකමැතිය . ලෝකයට ඇති තරම් පරශ්න තිබේ අපේ ප්‍රශ්න අවශ්‍ය නැත . එපමණකින් මේ තලෙබාන්ලා සිතන්නේ අප අමුතුම සතුන් ලෙසය .

අප ගුවන් ගමන් යන්නේ අපේ අධ්‍යාපනය නිසා ලැබුන රැකියාවන් නිසා මිස කාගෙන්වත් හොරකම් කර නොවේ . අප කජු කිරි අවධිය පසුකොට ආ බැවින් අප සමග සිටි හිත මිතුරන්ද අද වන විට විවිධාකාරයේ තනතුරු වල සිටිති. මගේ පාසල් මිතුරු  මිතුරියන් අතර නීති වේදීන් දොස්තරලා , ගුරුවරුන් පත්තර කලාවේදීන් ..මෙන්ම ගෘහනියන්ද සිටිති . එය මගේ වරදක් නොවේ . ඔවුන් ගැන යමක් කි පමණින් මා අමුතු සතෙක් වේද .

පිරිමි බ්ලොග් කරුවන් අතරද නෙක අපවාදයන්ට ගොදුරු වුවන් සිටිති,. . මා මේ කියන්නේ වෙසෙසින් කාන්තා පරපුර ගැනය .
මොවුන් අප අතරම හොඳ මුහුණ පෙන්වමින් සිටින අය විය හැක . කනගාටුව එයයි .

සතුට වන්නේ මේ අතලොස්සක් තලෙබාන්ලා අතර වැඩිමනක් හොඳ මහත්වරුන් සිටිනු දැකීමය .

ගැහැණු ළමයිනි
ලියන්නට නම් බ්ලොග් එකක්
අරන් එන්න කබර හමක්
යකඩෙන් සැදු සිතක් එක්ක


ප.ලි.

කාටහරි මා ලියන දේවල් ගැන ප්‍රශ්නයක් ඇත්නම් මෙතනම ඒ ගැන කතා කරන්න තමයි මේ ලිපිය ලිව්වේ .

ආයේ අනුන්ගේ තැන්වල කතන්දර නොකියා . කමෙන්ට් මොඩරේට් කරන්නේ ඒ කියන දේවල් සභ්‍ය ලෙස පමණක් කීමට ඉඩ දීමටයි .

කරුණාකර මගේ සුහද සගයින් මේ ගැන කලබල නොවන්න . හුඟ දවසක ඉඳන් කවුරු හරි කෙනෙක් කතන්දර බ්ලොග් එකේ එක එක ඇනුම් පද කියා තිබුන . කතන්දරට පුද්ගලිකව කිවත් ඔහුට ඒවා පාලනය කිරීමට අපහසු නිසා ඒ තැනැත්තාට මා කාරුණිකව කියනව මෙතන කියන්න මා ගැන ඔබට ඇති අරෝව මොකක්ද කියල .

ඒ වගේම දැනුවත්ව කිසිවෙකුට වරදක් කර නැතත් මගෙන් නොදැනුවත්ව යමෙක්ට වරදක් වුනි නම් ඒ ගැන සමාවද ඉල්ලන බව කියන්න ඕන .

109 comments:

  1. බින්දිට හිත් රිදවීමක් වෙලා වගේ...!!!
    අවසානයට ගිහින් තියෙන්නෙ ඒ ඉසව්වට නිසා කිව්වෙ...කාරනය කුමක් දැයි නොවැටහේ ..සොයා බලන්ට ඕන.

    කවුරුද කියන්නෙ කාන්තාව උතුම් නෑ කියා...!
    තමන්ට උත්පත්තිය දුන්... කාන්තාවක්ම නොවේද..?
    තමන්ට දාව දරුවන් බිහිකරන්නට මහමෙරක් දුක් උසුලන්නෙ ..කාන්තාවක්ම නොවේද..?

    මේ සමාජය ගමන් කරමින් ඉන්නේ කොයිබටදැයි හිතාගත නොහැකියි..? දිනෙන් දින පිරිහෙමින් පවතින මේ ශ්‍රී ලාංකික සමාජයට අපේ දරුවන් කෙසේ මුදාහරින්නද..කියා හැමදාම අපේ හිත්වල දැවෙමින් පවතින විශාල ප්‍රශ්ණයකි.

    තීරන ගතයුතු තැන්...ඕවුන්ගේ බලය පමනක් ‍රැක ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙනු විනා...මේ සමාජය ගොඩ දැමීමේ උත්සාහයක් ගන්නා බවක්වත් පෙනෙන්නට නැත.

    පිරිහුනු සමාජයේම එක් පැතිකඩක් ලෙස බින්දිට වූ දෙය වටහාගත හැකියි.

    නොසැලෙන්න....බින්දි..
    මා දන්නෑ..ඔබ නැගනියක්ද...අක්කා කෙනෙක්ද කියා...! ඒහෙත් සහෝදරත්වයෙන් සිටිමු.
    ඕබට ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි මගේ සුහද මිතුරන් ගැන නොවේ වීයා . මේ කකාගේ බ්ලොග් එකේ වෙච්ච සිද්ධියක් . අදාළ නැති විදිහට අනික් මිනිස්සුන්ට නින්දා කරනවා එතන .

      Delete
  2. බොහොම හොඳයි බින්දි.... මම හිතනවා ඉක්මනින්ම ඔය ඇනෝ කොමෙන්ට්ස් එන තැන් හඳුනගන්න, ඒවා බ්ලොග් කරන්න, ඒවා පිටුපස ඉන්න අය දැනගන්න තාක්ෂණය දියුණු වෙයි කියලා. දැනටමත් පුලුවන්ද දන්නේ නෑ.

    ගෑණු ළමයි දූෂණය වෙන්නේ ඒ ළමයාගෙ ඇඳුමේ වැරැද්දෙන් කියනකොට, ගෑනු ළමයෙන්ව තවත් මනුෂ්‍යයෙක් විදිහට සලකන්න බැරි ඒ කාලකණ්නි ගැන එන්නේ පුදුම තරහක්.

    ආත්මශක්තියක් නැති නිවට පිරිසක් තමයි ඔය ඇනො ඇවිත් අනුන්ගේ පෝස්ට්ස් කොපි කරලා ආතල් ගන්නෙ... උන්ම දන්නෙ නෑ උන් කොච්චර අසරණද කියලා.

    ReplyDelete
    Replies
    1. මේ නම් ඉතින් ප්‍රොෆයිල් තියෙන නිතර බ්ලොග් කියෝන කෙනෙක් වෙන්න ඕන . එකයි කනගාටු තිසර .
      එකක් කියන්න ඕන . ඔය දේ වෙන්නේ එක තැනක විතරයි .

      මගේ බ්ලොගේ දෙපාරක් වෙන අය ගැන අනවශ්‍ය කමෙන්ට් ආවා . මන් අයින් කළා . ඒ ඇරෙන්න මට මගේ බ්ලොග් එකේ නම් කවදාවත් කිසිම කරදරයක් වෙලා නැහැ . ඒ ඉතින් කියවන අයගේ වැදගත් කම

      Delete
  3. බින්දි ඔබේ බ්ලොග් එක ජනප්‍රියයි. ඉතින් ඒකට ඉරිසියා කරන අය ඔහොම් කොමෙන්ට් දානවා ඇති. මේ ළිපිය සහ කවිය දෙකම පංකාදු පහයි.. ආයේ අහන්න දෙයක් නෑ වියට්නාමය ලංකාවට වඩා සෑහෙන හොඳයි. නැත්නම් වියට්නාම් කාරයෝ එයි නේ මෙහේ ජොබ් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවකට හෝ වලියකට අල්ලා ගැනීම වෙන්න ඕන . වෙන මොකද මා එක්ක ඇති තරහ . මට විතරක්ම නෙමේ .

      අපේ වගේ පොඩි රටක රැකියා අවස්ථා අඩුයිනේ . මට ඉතින් දල ජාතික නිෂ්පාදිතය ගැන හරි වෙන ආර්ථික නිර්නායක හරි ගැන දැනුමක් නැති නිසා හරියටම කියන්න අමාරුයි කවුද දියුණු කියල .

      හැබයි ස්ත්‍රී දුෂණ අපරාද හෙම අඩුයි . මොකද අහු වුනාද ඉවරයිනේ .

      Delete
  4. කවුරු මොනව කීවත් ගණන් ගන්න එපා තාමන් දන්නවනේ තමන් ගැන . සිංහල කාන්තාවන්ව වහන්න කියන පිස්සු ආචාරියා වගේ අය නම් ලංකාවේ අඩුයි ,ඒත් කාන්තාවකට සුරක්ෂිත බාවයක් නම් නෑ , අද ගොසිප් අඩවි වල ඒ ගැන වාර්ථාවක් තියෙයි

    ReplyDelete
    Replies
    1. කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරන බුවා වගේ පිරිමි ළමයි රටට වාසනාවක් . දැන් දුෂණය කිරීම ලොකු හපන්කමක් කොට සලකනවා වගේ . නිසි දඬුවම් නැතිකම .

      Delete
  5. බින්දි මුලු හදවතින්ම කරපු පෝස්ට් එකක්. හැම තැනකම ගෑනුන්ට වෙන අසාධාරණය බ්ලොග් ලෝකේ තුල දකින්ට නැති උනොත් එය පුදුමයක් නේද?

    //ගැහැණු ළමයිනි
    ලියන්නට නම් බ්ලොග් එකක්
    අරන් එන්න කබර හමක්
    යකඩෙන් සැදු සිතක් එක්ක //

    සහතික ඇත්ත.

    මටත් තේරෙන්නේ නැත්තේ විහිලුව කියන්නේ එක් දෙයක්. අනුන් එක්ක පිරිමහගන්ට බැරි තරමේ වෛරයක් ඇති කරගන්නා එක තවත් දෙයක්. කවුරු හෝ කීව දෙයක් අල්ලගෙන ඒ පස්සේම පන්නන එක මේ දවස්වල අලුත්ම මෝස්තරේ වෙලාද මන්දා.

    මේ පිරිමින්ට:

    “ස්ත්‍රිත්වය යදින්නේ ඔබේ ආදරය හා ආරක්ෂාවය. ඇයට ආදරය හා ආරක්ෂාව සපයන ඔබේ ඔබේ පෞර්ෂත්වය වන්දනීයවේ....” මේක උපුටා ගත්තේ මැනික් ලියන 'තුරු සෙවන' බ්ලොග් එකෙන්. මෙය කොච්චර ඇත්තද කියලා පිරිමි නොදන්න එකයි පුදුමේ...:)

    ReplyDelete
    Replies
    1. හොඳ පිරිමි ඉන්නවා පොඩ්ඩි . අපොයි සහෝදරයෝ දෙන්නෙක් එක්ක හැදිලා ඒ වගේම ගැහැණු පිරිමි හිත මිතුරන් සම සමව ඉඳල රස්ස්වල් කරලා ඉන්න මට පිරිමි ගැන හොඳ අවබෝධයක් තියෙනව . වාසනාවකට ඒ හමු වුන මිනිස්සු අතර 90 % ක් විතරම හොඳ අය .

      විහිලු වලට නම් අපිත් කැමතියි . හිනා වෙන එක කොච්චර හොඳද ,. අනික ප්‍රශ්නයක් නම කතා කරලා බේරා ගන්නත් මන් කැමතියි . තැන තැන කතා නොකර .

      Delete
    2. //“ස්ත්‍රිත්වය යදින්නේ ඔබේ ආදරය හා ආරක්ෂාවය. ඇයට ආදරය හා ආරක්ෂාව සපයන ඔබේ ඔබේ පෞර්ෂත්වය වන්දනීයවේ....” මේක උපුටා ගත්තේ මැනික් ලියන 'තුරු සෙවන' බ්ලොග් එකෙන්.//
      හරිම ලස්සනයි පොඩ්ඩි...ඒවගේමලියපු මැණික්ට..!

      Delete
  6. Bindi,

    For now lemme jot down this Arabic saying...

    "DOGS BARK, BUT THE CARAVAN GOES ON "

    BRB with a comment...

    ReplyDelete
    Replies
    1. කරත්තේ දක්කන මිනිහට හිතුනොත් බල්ලන් ගෙන් අහන්න මොකෝ බුරන්නේ කියල ..වැඩක් නැහැනේ ද

      Delete
  7. මොකක්ද බින්දි මේ අවුල ? වලව්වෙත් මේ ගැන ඔයා කියලා තියනවා දැක්කා..

    කාන්තා විමුක්තිය ගැන කතා කරනවනම් අපිට පුලුවන්ද ඉන්දියාවට සෙකන්ඩ් වෙන්ඩ? මෙන්න ලේටස්ට්.

    http://www.gossiplankanews.com/2013/01/stage-actress-raped-by-four-people-at.html

    මුන්ට දෙන්න ඕනා මොන වගේ දඩුවම්ද ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් පාඩමක් ඉගෙන ගන්නවා වෙනුවට එය ආදර්ශයට ගැනීම වඳුරන්ගේ ගතිය නේ .

      Delete
  8. බින්දි... මම මුකුත් නොකියා ඉන්නම්...

    //මුස්ලිම් ගැහැණු ළමුන් ගවුමත් කලිසමත් ඔලුව උඩින් දැමු සුදු රෙදි කඩක් [ වැඩිවිය පැමිණි පසුව ] ඇන්ද අතර මැලේ මුස්ලිම් ළමුන් සාමාන්‍ය නිල ඇඳුම පමණි . . ඔලුව වසාගෙන ආ රෙදි කඩ අර ළමයින්ට මතක් වෙන්නේ ගෙදර යද්දීය .//

    මේක තමයි මගේත් අද්දැකීම...

    අනිත් දේවල් සම්බන්ධයෙන් ඔයා එක්ක සම්පූර්ණයෙන් එකඟයි.. මධ්‍යස්ථ වාරණය යනු කුමක්දැයි නොදන්නා අය අපතර ඉන්න බව දැක්කා.. වාරණයක් තිබිය යුත්තේ කතා කරන මාතෘකාවට අදාළව, කුණු කාණු වල නොවැටී සංවාදයක් ඇදගෙන යාමට මිස කුණු අපුල්ලන්න නොවෙයි...

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ වාර්ණය ????? ,බ්ලොග් සම්බන්ධයෙන් නම් "තෙවන පාර්ශ්වයක් සම්බන්ධ අසභ්‍ය " කියන සීමාව ඇරුණාම අනෙක් සිය්ලුම ආකාරයේ වාරණයන්ට මම විරුද්ධයි

      Delete
    2. හිරු ...ස්තුතියි හිරු

      බුවා ..

      වාරණය ගැන ඔබේ මතය ගැන අවුලක් නැහැ . ඔබ අහල ඇති ''අවස්ථාවාදී පරපෝෂිතයින් '' කියල ජාතියක් . සාමාන්‍ය අවස්ථාවල ලෙඩ රෝග නොසාදන ඇතැම් ක්ෂුද්‍ර ජීවින් ඇතැම් ශරීර වල ලෙඩ සාදනව. තමන්ගේ ගමේදී හොඳ මිනිස්සු ඈතක ට්‍රිප් එකක් ගියහම බිලා කාලා යකා නටන්නේ අන්න ඒ වගේ .

      Delete
    3. බුවා දැක්කේ ඒ වචනේ විතරයිද.... හි හි...

      මං මධ්‍යස්ථ වාරණය කියලා කිව්ව වචනය යට වාක්‍යයෙන් අරුත් ගැන්විලා නෑ වගේද.... ? මං අදහස් කළේ පෝස්ට් එකේ මාතෘකාවට, අන්තර්ගතයට අදාළ නොවෙන, වෙන කතාවක් එතනට ගෙනල්ල ඇදගෙන යන්න හදලා දාන කමෙන්ට් වාරණය කරන එක ගැන..ඒකෙන් වෙන්නේ කමෙන්ට් ගාන වැඩි වෙන එක මිසක් වැදගත් සංවාදයක් ගොඩ නැගෙන එක නෙවෙයි...

      ඒ කිව්වේ විරුද්ධව නැගෙන අදහස් අයින් කරන එක නෙවෙයි හරිද... අදාළ නැති දෙවල් පමණයි.. අර වෙන තැනක කෙනෙක් ලියපු දෙයක් කොපි කරගෙන ගිහින් දාන කමෙන්ට් වගේ... තව කෙනෙක්ට මඩක් ගහන්න හෝ වෙනත් තැනක වෙච්ච වලියක් ආයිත් ඇදගන්න දානවා වගේ කමෙන්ට්...

      Delete
    4. මාතෘකාවට අදාලම වෙන්නය කියල නීතියක් දාන්නත් අවශ්‍ය නෑ කියල මම හිතන්නේ ,නිදහස් අදහස් වලට ඉඩ දීමයි මගේ ප්‍රතිපත්තිය .

      //තව කෙනෙක්ට මඩක් ගහන්න//

      පුරුෂ පාර්ශවයේ මෙහෙම මඩ කන බ්ලොග් කරුවන් අතර ඉන්නේ ඇනෝ බ්ලොක් කරගෙන චන්ඩි පාට් දාන පොරවල් , ඉතින් චාන්ස් එක තියන තැනදි කනවා නැතිවෙන්නම

      Delete
    5. හිරු,

      // පෝස්ට් එකේ මාතෘකාවට, අන්තර්ගතයට අදාළ නොවෙන, වෙන කතාවක් එතනට ගෙනල්ල ඇදගෙන යන්න හදලා දාන කමෙන්ට් වාරණය කරන එක ගැන..//

      මම දැන් කාලයක් තිස්සෙ කරන්නේ මධ්‍යස්ථ වාරණයක්!!! :D ගොඩක් ස්තූතියි හිරු පැහැදිලි හැඳින්වීමට!!!

      Delete
  9. අපි ලියන්නේ අපේ අත්දැකීම්නෙ.. ඉතින් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් ලොකුකම් පෙන්නන්න හදනවා කියලා. ඔය ඉතින් අපරිනත බවෙ ලක්ශනනෙ බින්දි.. ඔවුවා නොදැක්කා වගේ ඉන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් ඉතින් මිනිහෙක් වයසට යාමයි පරිනත වීමයි එකට සිද්ධ වෙන්නේ නැහැනේ . නොදැක්කා වගේ හිටියා . ඒ වුනාට ඉතින් හැමදාම කටවහන් ඉඳිම නිවට කම . අනික ඉතින් මට ඕන වුනේ මා එක්ක තරහ වෙන්න කාට හරි හේතුවක් ඇත්ද කියල සොයා ගන්න .

      ඒ විතරක් නෙමේ මෝස්තරයක් ලෙස සිද්ද වෙන දෙයකට විරුද්ද වෙන්නත් අපට පොඩි හරි උවමනාවක් තියෙන නිසා .

      Delete
  10. http://www.gossiplankanews.com/2013/01/stage-actress-raped-by-four-people-at.html

    කියන්නත් දුකයි තවත් එකක් වාර්තාවෙලා............

    ReplyDelete
    Replies
    1. සයිට් එකට යන්න බැහැනේ . ඉන්ටර්නෙට් අවුලක් වගේ . නොගියත් හිතාගන්න පුළුවන් . ඉන්දියන් අය්යලාගේ අපේ මල්ලිලා

      Delete
  11. අඩේ බින්දි අක්කේ මං ඔහේට මුකුත් කිව්වයැ නෑනේ..ඔහේ මාව කන්න හදන්නේ (බොරුවට).

    ඇත්ත ගැල්ලමයි ලියන කොට එතනට මීමැස්සෝ වගේ පොදි බැදල පස්සේ සමහර අය තමන්ගේ සීමාවන් අතික්‍රමණය කරල, මේක බ්ලොග් කෙරුවාවක් කියන එකත් අමතක කරනවා. මම බොහොම කැමතියි මේ බ්ලොග් ලෝකේ ගැහැණු පිරිමි බේදයක් නැතිව කතා බහ වෙනවනං. එතනදි ගැහුනු කියන දෙය ගැන වෙන අර්තකතන දෙන පිරිමි ගැන නං ඇත්තටම කනගාටුයි. මේ බ්ලොක් ගැල්ලමයි නිසා ඇත්තටම මම පිරිමියෙක් විදියට හිතන සමහර දේවල් වැරදි බව ඔවුන්ගේ ලියුම් කියුම් වලින් මා වටහාගත්තා. ඒ වගේම පිරිමි ගැන ගැහැනුන්ගේ තක්සේරුව ගැනත් කියන්න ඕන. හැමෝම නෙමෙයි ටික දෙනෙක් තමා ගැහැණියක් නිසා අනවශ්‍ය දේට ඔළුව දාල නිකං පරිප්පු කන්නේ. එතැනත් මේ සමානතාවය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම බින්දි, හැමෝම එක මානයකින් හිතන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා පරිස්සම් විය යුතු තැනක් තියෙනවනං ඒක භාවිතා කරන එක තමා සුදුසු.. මැක්සිම් ගෝර්කි වරක් කිව්වා “මේ ලෝකේ හැම මිනිහම එක වගේ නම් මේ ලෝකය මොන තරං අලස තැනක් වෙනවද“ කියලා. ඒක නිසා තම තමා තමන්ගේ මැට්ටම ගහගත්තාවේ. අප ඒකට ඇහුංකං දෙනවද නැද්ද කියල විතරක් හිතට ගත්තනං හොදයි. මොකෙක් හරි ඔබේ මොලේ අවුල් කලා නං ඒකා වෙත මාගේ බලවත් අප්‍රසාදය මෙතැනම පලකරනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ටික දෙනා තමයි .

      ලියන දේ මිසක් ගැහැනියක්ද මිනිහෙක්ද කියල වැඩක් නැහැනේ . නමුත් පැහැදිලිවම ගැහැනියක් අතින් පුංචි වරදක් වුනොත් මිනිහෙක් අතින් වෙන ලොකු වරදකට වඩා පුම්බලා තියන බමුණන්ට මිසක් අනික් පිරිමි එක්ක මට කිසිම විරෝධයක් නැහැ .

      අපොයි මගේ ඔලුව නම් අවුල් වෙන්නේ නැහැ ඔව්වයින් . ඒ වුනාට කියන්න ඕන දේ කියන්න එපාය නැද්ද .

      Delete
  12. ඔව් ගොඩක් අය බ්ලොග් එකක් කියවලා රස විඳලා එයින් තමන්ගෙ ජීවිතේට හරි තමන්ගේ අත්දැකීම් ගොන්නට හරි යමක් එකතු කර ගන්නවට අමතරව බ්ලොගයේ අයිතිකාරයා හරි අයිතිකාරී හරි ගැන හොයන්න බලන්න පන්නන්නත් යන සීන් එකක්නෙ දැන් තියෙන්නෙ...දෙවැනියට කී කාරණය ඉස්මතු කරගෙන කරන්නෙ පැසුණු අය නොවී..බාල අය එහෙම කරන එක ඉවසීමෙන් දරා ගනිමු බින්දි, මේ වෙනකම් කලා වගේ..
    කොටට හරි සෙක්සි විදියට හරි ඕනි විදියකට ගෑනු ලමයි ඇඳන් යන කොටත් ඕක දිහා බලලා රසයක් වින්දට කමක් නෑ..හැබැයි වෙලා තියෙන්නෙ අද සමාජයෙ සමහරක් ඇඟිල්ල ගහන්ඩත් යනවනෙ...තමන්ගෙ සීමාව නොදැන..එතන නම් ඉවසන් ඉන්න එපා කියලයි මන් නම් කියන්නෙ..

    ReplyDelete
  13. බින්දි ඔය කියපු ඇණුම්පද මමත් දැක්කා,ඔබ ලියන්නෙ ඔබගෙ අත්දැකීම් නොවැ.ඔබ කොහොමද වෙනත් අයගෙ අත්දැකීම් ලියන්නෙ?

    ඔය අය නිසාම මමත් මගේ අත්දැකීම් ලියන්න ඉතාම පරිස්සම් වෙනවා,මොකද එක වචනයක් වැරදුනු ගමන් කියන්නෙ නයි අරිනවා ලොරි ටෝක් දෙනවා ආදී වශයෙන්.ගුවන් ගමනක් කියන්නෙ අද දවසෙ ඉතාම සාමාන්‍ය දෙයක්,මහලොකු දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප කඩේ . ඔබ හරියටම කතන්දරේ දන්නවා වගේ


      ගුවනින් නැතුව අපි ඉතින් නැවෙන් එන්නය නේද ...

      Delete
    2. නැවෙන් එන්ට තිබුනා නං ..........හරීම රොමැන්ටික් සංචාරයක් වෙයි බින්දි

      Delete
    3. සි සික් හැදුනේ නැත්නම් නේ ...නැවක යන්නත් ආසාවක් තියෙනව .

      Delete
  14. //ගැහැණු ළමයිනි
    ලියන්නට නම් බ්ලොග් එකක්
    අරන් එන්න කබර හමක්
    යකඩෙන් සැදු සිතක් එක්ක //

    මට හිතෙන්නෙ මේක පිරිමි ළමුන්ටත් අදාලයි...ඒ නිසා
    +++++++++++++++++++++++
    +++++++++++++++++++++++++
    +++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පිරිමි ළමයින්ටත් අදාලයි . මොකද මේ වගේ අය ඉන්නේ 0.01% ක් වගේ නිසා

      Delete
    2. ඔය කබර හමේ කතාව මා පෙරේදා ඔබට ලියා එවුයේ කාන්තා බ්ලොග්කාරියන් ගැන විතරක් නොවෙයි. "රූ" කියා ඇති පරදි මෙහිදී කාන්තා-පිරිමි වෙනසක් මට පේන්නේ නෑ.

      අනිත් අයට ලැබෙන නරක ප්‍රතිචාර වාරණය කරනවා නම් මිස මට තරම් තරහකාරයෝ වෙනත් කිසිම බ්ලොග්කරුවෙකුට නැතිය කියා මට හිතෙනවා. එහෙම පේන්ට හේතුව මා ඒ සරදම්, මඩ ප්‍රහාර, අපහාස සියල්ලම පල කරන හින්දායි. මා ගැන ලියූ ඒවා අතරින් තාම කැපුවේ කුණුගරුප හෝ අසභ්‍ය කතා තිබූණූ කමෙන්ටු දෙක තුනක් විතරයි.

      අනිත් කරුණු වෙනම ලියන්නම්. පහත බලන්න.

      Delete
    3. ඔව් දෙගොල්ලන්ටම අදාලයි තමයි . නමුත් බ්ලොග් ලිවිල්ල නවත්තලත් ඇතැම් බ්ලොග් කාරිනියක් ගැන වැඩ වෙන්නේ මොකද . හැමෝම බලාපොරොත්තු වෙනවා කාන්තාවක් වුනහම ගානට ඉන්න ඕන කියල අන්න එය ගැනයි මන් විරුද්ධ . කොතනත් එහෙමයි .

      ගැහැනියකගේ පොඩි අතපසු වීමක් ලොකුවට දැනෙනවා පිරිමියෙක් කලාට වඩා . ඒ නිසා ගැහැනුන්ට විශේෂ ආත්ම ශක්තියක් අවශ්‍යයි .

      Delete
  15. ඔන්න ඔන්න..මම අර පහුගිය පෝස්ට් එකට ප්ලේන් එකේ බැගේජ් එලවන්ස් ගැන ලියාපු කමෙන්ට් එකට නේද ඔය මට බණින්නෙ?....බොරුවට හොඳේ.....Just Kidding……:) :)

    තමන්ගෙ බ්ලොග් එක කාටවත් ගරහන්න පාවිච්චි කරන්න ඉඩ දෙන මනුස්සය තමයි ඕකට ප්‍රධාන වැරදි කාරය...මම නම් හිතන්නෙ එහෙමයි....අදහස් ප්‍රකාශන අයිතිය කියන්නෙ එකක්...දැන් අපේ ගෙදරට ඇවිල්ල කවුරු හරි අපි දන්න කෙනෙකුට කුණු හරුපෙන් බණිනවයි කියමු. අනේ උඹට ඕන දෙයක් කියාපන් කියල අපි නිකම් ඉන්නවද?...මේ හලෝ කරුණා කරල ඔව්ව අදාල පුද්ගලයට කෙලින්ම කියන්න.. මෙතන ඔව්ව කියන්න එපා කියල කියන්නෙ නැද්ද?

    එහෙම නොකිය සද්ද නැතුව ඉන්ට එකම හේතුවයි මට නම් පේන්නෙ..ඔය එක එක්කෙනාට බනින එව්ව අහන්න බලන්න කට්ටිය පිරෙනවනෙ..ආන්න එහෙම කට්ටිය පිරෙනවට කැමති කෙනෙක් විතරයි ඔහොම දේවල් වලට ඉඩ දෙන්නෙ.

    අනේ බින්දි ඔයා ඔව්ව ගනන් ගන්න එපා....සිංහල වියුණු අතර මම නිතිපතා කියවන්නෙ දෑතේ ඇඟිලි ගනනටත් අඩු බ්ලොග් සංඛ්‍යාවක්..මෙහෙම කියන්නෙ මම පොරක් කියල කියල කියන්න එහෙම නෙවෙයි ඔන්න..ඇත්තටම හැම බ්ලොග් එකක්ම කියවන්න තිබුනනම් හරිම හොඳයි..ඒත් එහෙම බෑ..කාල වේලාව එක්ක දැඩි සටනක් කරමින් ජීවත් වෙන අපට වියුණු කියවන්න වෙලා තියෙන්නෙ තෝරා බේරාගෙන.

    ඒ නිසාම බුද්ධියට සහ ආනන්දයට යමක් එකතු කරන මා කියවන වියුණු සටහන් අතලොස්ස අතර නෙළුම් විල ඉහලම ස්ථානයක තියෙන බව මේ කියන්නෙ අවංකවමයි.

    So please …just ignore them….you are doing something they cant ….thats the sole reason behind all this……do what you do to your best….

    ReplyDelete
    Replies
    1. රවී සමග සීයට සීයක් එකඟයි!

      Delete
    2. අන්න එය තමයි ප්‍රශ්නේ රවී . දිගින් දිගටම එකම දේ වෙද්දී මොනවා කරන්න කරන්න ඕන නේද . පසුගිය ලිපියක කීප දෙනෙක්ටම අදාළ නොවෙන විදිහේ මඩ ගහල තිබුන . එයින් හතරක්ම කාන්තා බ්ලොග් . එකක් මේ වෙද්දී නොලියන එකක් . කාලයක් තිස්සේ මන් දැක්ක දෙයක් . ගෑනියෙක් වැඩිපුර කතා කරනවා නම් පොඩ්ඩක් මට්ටු කරන්න වගේ තමයි මේගොල්ල මේවා කරන්නේ .
      ලියන දේවල ප්‍රශ්න ඇති. එහම නම් ඒ ඒ බ්ලොග් වල ඒ ඒ වෙලාවට කතා කිරීම තමයි මනුස්ස ගුණය .
      ගහගන්න හරි මරා ගන්න හරි.

      මාත් මේ එයා ලයින් එකට වලියක් දාන්න ඉන්නේ . අපිට කිලෝ මෙච්චරයි අහවලුන්ට අච්චරයි කියල ..ශ්‍රීලන්කන් මේ පැත්තේ එන කතාවක් තිබුන . ආවොත් නම් නියමයි . කෙලින්ම කටුනායක .හයිවේ එකත් හැදුවොත් . ටුක් ගාල ගෙදර .

      Delete
  16. බින්දි, මමත් කාකා ගේ සිද්දිය දැක්කා. මම ගොඩක් වෙලවට යනවා අඩුයි දැන්. වෙලාවකට කමෙන්ටුවක් දාන එකත් එපා වෙනවා . මම දන්න විදිහට හොඳ පොස්ට් කීපයක් කාකා දමා තිබුනා. ඒ අතර ඉතින් අනන් මනං ලියනවා. ඒ උනාට එයා හොඳ සොහොයුරෙක්. අපි මේ අය කීප දෙනෙක් දන්නෙ බ්ලොග් ලියන නම් වලින්. පුද්ගලිකව හමු වෙලා නෑනෙ. අපි මෙහෙම සුහදව සහෝදරයො වගේ ආශ්‍රය කරන කොට මේ වගේ හිත් රිදවීම් ආවම දරන්නට අමාරුයි තමයි නංගි. ඒත් ඒ ගැන සැලෙන්නට එපා. මිනිස්කම් අගයන බොහෝ දෙනෙක් මේ අවකාශයේ ඉන්නවා. ඒ අය බොහොම සංවරව දෙයක් ලියනවා. හෑල්ලුවට ලක් කරන අය ඉන්නෙ කීප දෙනයි. අපේ වයසට මේ හැදෙන අයට දෙන දැනුමට ගරු කරන අය ඉන්නවා නංගි. මේ අය නිර්ණාමිකව ඉන්නෙ ඇඳුම් අඳින්න බැරි කමට වෙන්න ඇති. ඒක තමයි මේ ප්‍රදර්ෂණය කරන්නෙ. උන්ට ආත්මශක්තියක් නෑ නමින් එන්ට. මම කලින් සීගිරියෙ ඉන්න කාලෙ මට හරිම අවුල් මේ අනියත නම් ප්‍රශ්නෙ. එතනදී කිහිප දෙනෙක් හඳුනා ගත්තා බොහොම සුන්දර මිනිසුන්. ඒ අය අදටත් සහෝදරකම් තියනවා. මේ වගේ විෂම ලෝකෙක අපි ඉන්නෙ. හරිම කණගාටුයි මේ ගැන. මොනව උනත් නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නිබඳව ඔබට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අක්කේ. නිර්නාමික වීම ප්‍රශ්නයක් නැහැ . අපි වුනත් ඉන්නේ නියම නමින් නෙවේනේ . නිර්නාමික උදවිය ගැනම නෙමේ මේ ප්‍රශ්නේ . විවිධ හේතු තියෙනව ඒ විදිහට ඉන්න . මන් ඇනො බ්ලොක් කරලත් නැහැ . මොකද හිටි ගමන් ප්‍රොෆයිල් නැති කෙනෙක්ට කමෙන්ට් කරන්න හිතුනොත් අවහිරයක් නිසා .

      මේ ඉතින් කවුරු හරි එක්කෙනක් දෙන්නෙක්[ අනික් මිනිස්සු අවුලුවල තරහ කරවල සතුටු වෙන ජාතියේ ]

      කරන වැඩ .දිගින් දිගටම වෙන්න ගත්ත .

      Delete
  17. හිත් රිදීමක් වගෙයි
    මෙහෙම විවෘත ව දාපු එකනම් අගය කරන්න ඕනි
    කාටහරි තරහක් කියන්න දෙයක් තියනවනම් ඒක මෙතන කියන්න එයාට කොන්දක් තියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් කෙලින්ම කියන එක හොඳයි . ආයේ තැන තැන කුණු සොදන්නේ නැතුව

      Delete
  18. තරහ ගිහින් වගේ...
    ගණන් ගන්න එපා... කොන්ද පණ තියෙනවනම් ආයි මෙතනදි කියන්නැතෑ.....

    ReplyDelete
    Replies
    1. තරහ ගිහින්ම නෙමේ යාන්ත්රිකයා . ටික දවසක ඉඳන් කියන්න හිටි දෙයක් . අද ඉක්මන් වුනා

      Delete
  19. තමන්ගේ බ්ලොග් එකක් වැසීමට හෝ ලිවීමට හැක්කේ තමාටමය. මුරපදය නැතිව එය වෙන කෙනෙකුට වැසීමය හෝ ලිවීමට නොහැකිය. මලාලට වෙඩි තබන්ට මුරපද අවශ්‍ය නැත. ඇයට වෙඩි තැබූයේ ඇගේ උවමනාවටද නොවෙයි. එසේනම් ඔබ සමානකර ඇත්තේ පරස්පර විරෝදී සිද්දීන් දෙකකි. හිතේ එකක් තබාගෙන තවෙකක් අකුරු කරන්නට යෑමෙන් මෙවන් දෑ සිදුවීම සාමාන්‍යය. බ්ලොග් වලදී ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්නන් ඔබ සලකන්නේ දූෂකයෙන් ලෙසද? කතන්දර බ්ලොග් අඩවිය හොඳම උදාහරණයකි. ඔහුට කෙතරම් ප්‍රතිවිරුද්ධ අදහස් ලැබෙනවද? ඒ නිසා ඔහු බ්ලොග් එක අතහැර දමයිද?

    ReplyDelete
    Replies
    1. වලිගය හොඳටම පාගාගෙනය . කවුද කිවේ ප්‍රතිව්රුද්ධ අදහස් ඉදිරිපත් කිරීම නරකයි කියා.

      සංවාදයක් ගොඩනැගෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් නිසා බව සැකයක් නැහැ . මෙතන කියන්නේ වෙන දෙයක් බව ඔබට නොපෙනීම පුදුමයි .

      අනුන්ගේ බ්ලොග් වල ලියු දේ කොහෙත්ම අදාළ නැති තැන්වල ගෙන ගොස් [සම්පුර්නයෙන්මත් නොවේ බාගෙට
      ලිවිම වැරදිය . එය එතන ලියු ලිපියට අදාළ දෙයක් නම් කමකුත් නැත . කලකට පෙර යම් ප්‍රශ්නයක් නිසා බ්ලොග් ලිවිම අත් හල බ්ලොග් කාරිනියකට තවම අවලාද නගයි . මලාලට වෙඩි තැබුයේ අගේ උවමනාවට කියා කවුද කිවේ .

      හිතේ එකක් නොවේ ගොඩක් තිබේ . සේරම අකුරු කරන්නට බැරි කම අප කාටත් තිබේ .
      මෙතන නම් මට කියන්න උවමනා දේ කියා ඇත .

      අප හැමෝම කතන්දර වගේ නොවේ . කණගාටුව වන්නේ එතුමා තුල ඇති නොසැලෙන ශක්තිය අප හැමෝටම නැති එක ගැනය . .

      බ්ලොග් අත අරින්නත් අදහසක් නැත . එසේ කරනවා නම් කරන්නේ මෙවැනි දේ නිසා නම් නොවේ .

      Delete
  20. මේ කතාවේ අග මුල හොයන්න මාත් ඒ පැත්තෙ යන්න ඕනෙ. පහුගිය ටිකේ අපි ගෙදර ගිහින් හිටි නිසා හුඟාක් දේ මග ඇරුනා බින්දි.

    කොයි හැටි වුනත් ඕනෙවට වඩා කලබල වෙන්න එපා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොග් විතරය මිනිස්සුන්ට තියෙන්නේ . මමත් පසුගිය ටිකේම කියෙව්වේ නැහැ .
      කලබල වීමක්ම නෙමේ Dude..කලෙක ඉඳන් දැක්ක දෙයක් . මටම කෙලින්ම අදාලව සිද්ධ වෙද්දී කට වහගෙනම ඉඳීම සුදුසුද කියල හිතුන .

      දිගටම ඇදගෙන යන්න බලාපොරොත්තුවක් නැහැ .

      Delete
    2. අන්න හරි බින්දි. දිගටම ඇදගෙන යන්න එපා. දැන් වෙන මොකක් හරි පෝස්ට් එකක් දාන්න.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

      Delete
  21. ගොසිප් 9 එක දිහා බලන්න ටිකක් .එතන ඉන්නවා එතනටම ආවේනික උන අය සම්පූර්ණ පහත් ආසාවක් ගන්නේ .ඒ වගේ කකාගේ තැනත් ඒ වගේ පිරිසක් තමයි එකතු වෙලා ඉන්නේ.ඕනේ කෙනෙක්ට එළිපිට කතා කරගන්න පුළුවන්නේ ඇනෝ එන්නැතුව .( අනික මන් හිතන්නේ නැහැ ආණ්ඩු පෙරලන්න තරම් බරපතල ඒවා ඇති කියල මේ බ්ලොග් ලෝකේ ඔයාල අපිට ) මට නම් ඇත්තෙන්ම දුකයි බින්දී ඔයාව පටලන් මේ කියන දේ වලට .

    අපි මොකක් හරි වෙන කෙනෙක්ට වැදගත් දෙයක් දෙන්න කියල බ්ලොග් එකක් කරාට සමහරුන්ට ඕනේ කුණු රසය.කුණු රසය හොයන කෙනාට ඒක නැතුව බැහැ .

    ඔන්න ඕකයි ඉතින් මේවා කාටද කියන්නේ බින්දී ?ඔයා හිතනවද එහෙම පිරිසක් මැද්දේ අපි මේ කරන දේ වත් වටහා ගන්න වත් කෙනෙක් ඉඳීවි කියල..?

    කමක් නැහැ ඔයා ලියන්න , ඒ දේවල් ඔයාල අපි නැති උනත් තව අවුරුදු 30, 40 තියෙවිනේ අන්තර්ජාලයේ..ඒ ඇති බින්දී .එක එක මිනිස්සු හින්ද ඔයා දුකට පත් වෙන්න එපා..දැන් බලන්න ______ මැඩම්ට කියන දේවල් ? එයාව පත් කලේ කව්ද ? එයා වයිශ්‍යවක් ගානටම දාල කතා කරන්නේ කව්ද ? එහෙම ලෝකෙක මේ ඉන්නේ අපි..කකාගේ බ්ලොග් එකේ නම් වෙන දේවල් වෙන්නේ එයාගෙම කැමැත්ත , ආශීර්වාදය ඇතුව .එයා ඒක නවත්තනකම් මේක නිකන් හිගන්නාගේ තුවාලේ වගේ.


    ඒ නිසා ඔයා දුක් වෙන්න වත් , හිත කඩා වට්ටගන්නවත් එපා.ඔයාගේ පොස්ට් ,කමෙන්ට් දිගටම දාන්න .කිසිම කෙනෙක් හින්ද ඒ දේවල් නවත්තන්න එපා..මෙතන කමෙන්ට් කරපු 10, 15 දෙනා හරි වෙනුවෙන් දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මටත් උවමනා වුනේ මොකද කියල .
      මොකද මන් කාටවත් හානියක් වෙන දෙයක් ලියන්නේ නැහැ .

      අපෝ මන් ලියන එක නම් නවත්වන්නේ නැහැ මටම එපා වුනොත් ඇරෙන්න .

      ස්තුතියි ඔබට .

      Delete
  22. වරද උන්ගෙ නුඹෙ නොවෙයි නඟේ!!!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ යකඩ හිතක් ඇති ගෑනියෙක් ..ඇත්තටම ඔයා නම් අදහන්න වටිනවා . ඔයාගේ සමහර ලිපි වලට මන් කමෙන්ට් නොකරන්නේ ආර්ථික විද්‍යාව සහ ලෝක දේශපාලනය ගැන ඔබට තරම් අවබෝධයක් නැති නිසා .

      Delete
  23. බින්දි මේක කෙලින්ම කියපු එක හොඳයි. සහෝදර බ්ලොග් කරුවන්ගේ ගරුත්වය රැකීමේ වගකීම හැම බ්ලොග් රචකයෙකුටම තියෙනව. හැමෝම ඒ වගකීම ඉටු කරනව නම් මෙහෙම වෙන්නෙ නැහැ.

    කාන්තාවන්ට ප්‍රසිද්ධියේම අපහාස කරන සමහර ඊනියා ප්‍රමුඛ බ්ලොග් කරුවන් මම නම් හඳුනා ගත්තෙ බ්ලොග් කියවන්න පටන්ගත් මුල් අවධියේදිමයි. එසේ දැනගත් මොහොතේ පටන්ම මම එවැනි බ්ලොග් වර්ජනය කළා. නමුත් බොහෝ බ්ලොග් රචකයන් (විශේෂයෙන් නවක) හිතන්නේ එවැනි බ්ලොග් එකක කමෙන්ටුවක් දමා ඒ බ්ලොග් කරුවවත් උස්සල තිබ්බහම තමන්ගේ බ්ලොග් එකටත් ඔහු ඇවිත් කමෙන්ටුවක් දමා තමන්ටත් ජනප්‍රියත්වයක් ලබා දෙයි කියලයි. මෙන්න මෙයයි මා සිංහල බ්ලොග් ලොව තුළ දකින ඛේදනීය තත්වය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙලින්ම එහෙම කරන අය ඉන්නේ එකෙක් දෙන්නෙක් . අඩු ගානේ අපි දන්නව ඒගොල්ල එහමයි කියල . මුණු දෙකේ උදවිය තමා අඳුන ගන්න අමාරු .

      හොඳ වෙලාවට අපි නියම නමින් නොලියන්නේ .

      එවැනි බාල වැඩ වලින් ගන්න හිට්ස් මොකටද . අඩු ගානේ ඔය පොයින්ට්ස් එකතු වුනහම කඩේකින් ඩිස්කවුන්ට් හම්බ වෙනවය .

      Delete
  24. අල්ලලා දාහං අක්කේ... අක්කා දන්නවනේ ලංකාවේ (මං ඉතිං ඔය රට රටවල් ගැන දන්නේ නැහැ..දන්න දෙයින් එපෑ මං කියන්න..) පරණ ලොකු ගෙවල් තියෙනවා... ඒවාට ඒ ඒ කාලවලදී වළවු..බංගලා වගේ නං එහෙමත් කියලා තියෙනවා... ඒත් ඉතිං කල් යද්දී ඔය කොයිකත් පරණ වෙනවනේ... එහෙම උනාම ඒවායේ අයිතිකාරයෝ ඒවාට එක එක දේවල් කරනවා.. සමහරු ඒවා හොදින් නඩත්තු කරලා නවිකරණය කරලා පාවිච්චි කරනවා... (හැබැයි ඒකට ඒවෑ අයිතිකාරයෝ කැමති වෙන්නත් ඕන.. ඒකට හැකියාවක් තියෙන අයිතිකාරයෙක් වෙන්නත් ඕන...)

    තවත් සමහරු ඒවා කඩලා බිදලා දාලා නිකං ඉන්නවා... ඉඩම පිටින් විකුණලා දානවා... ඒකෙත් වරදක් නැහැ පවත්වාගෙන යන්න බැරිනං වෙන මොනවා කරන්නද...? නිකං හොල්මන් ගුහාවල් වෙනවට වඩා ඒක හොදයිනේ... (තවත් සමහරු ඔය අතරේ ඉන්නවා පරණ ගෙට ගිනි තියලා රක්ෂණ වන්දි ගන්න ඕනවට බොරුවට කෑ ගහන අයත්..හපොයි ගෙට හොරු ගිනි තිබ්බෝ කියලත්...එව්වා අල්ලලා දාමුකෝ..)

    ඔය අතරේ තවත් අය කරන දෙයක් තමා ඔය පරණ ගෙවල් හෝටල් වලට..කෞතුකාගාර වලට හරවන එක... ඒකත් හොදින් කෙරුන තැන් තියෙනවා... මං හිතන්නේ දැන් රොස්මිඩ් වළව්වත් හෝටයක්ද කොහේද.. මඩුවන්වෙල වළව්ව හොද කෞතුකාගාරයක් වගේ තැනක්... ඒ අතරේ ගම්පහ කච්චේරිය වගේ පරණ වළව් හිටං තියෙනවා...

    ඔය ඔක්කෝමත් කරන්න බැරි සමහරු ඕවා දෙනවා ඔය කාට හරි බදු... ඒක ගන්න එකා දානවා ඒකේ නිකංම නිකං ගෙස්ට් හවුස් එකක්.. පැයකට පන්සීය ගානේ කාමර කුලියට දීලා හම්බ කරනවා... එතකොට ඉතිං අර පරණ වළව්වේ බංගලාවේ හිටිය ඈයින් කොයිතරං රැස්පොට් එකට හිටිය අය උනත්.. ඒ අය ඉන්න කාලවල ඒවෑ අඩිය ගහන්න සාමාන්‍ය එහෙකුට බැරි උනත් අන්තිමට ඒ වළව්වේ පිලිකනුවලින් ඇත්ලට නොගත්ත අයගේ ළමයිනුත් ඇවිත් පන්සීය දීලා වළව්වේ හාමුගේ කාමරේ හාමුගේ ඇද උඩම දපලා යන අවස්ථාත් තියෙනවා...

    ඔය එකක්වත් කරගන්න බැරි උනාම ඉතිං ඕවා පාළුට යන්න අරින්න වෙනවා... එතකොට ඉතිං වවුල්ලු වහනවා.. අහල පහල ඉන්න ගොම්මාල්ලෝ වැස්සට ගොඩ වෙනවා.. වවුල්ලු වසුරු හෙලනවා.. ගොන්නු ගොම්පස් හෙලනවා.. වළව්ව පොදු වැසිකිලියක් වෙනවා... මොනවා කරන්නද වළව්වේ හාමුගේ කැමැත්තනේ.. වළව්වේ හාමු කැමතිනං වවුල්ලු බැරිනං ගොන්මාල්ලෝ හරි වළව්වේ පිරිලා ඉතිරිලා ඉන්නවට ඒක ඒ මනුස්සයගේ කැමැත්ත... වෙන මොනවා කරන්නද මහළු වෙලා කරකියා ගන්න බැරි කාලෙට. මිනිස්සු අසරණ වෙනවා අක්කේ... එහෙම වෙලාවට අපොයි කොහොමට තිබුණ වළව්වක්ද කියලා දුක් වෙනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... ඒ වගේ තැන්වල සිද්ධ වෙන දේවල් ගැන ඒ හැටි ගණන් ගන්න ඕන නැහැ... වළව්වේ හාමුටම කැමැත්තක් කරගන්න ඇරලා නිකං ඉන්නවා ඇර..ඒ මනුස්සයටත් යන කලක් තියෙන්න එපෑ... ඔහෙ හිටියදෙන් වවුල්ලු වට කරං... අක්කා මෙන් මෙහෙට වෙලා වැඩක් පලක් කරං පාඩුවේ ඉන්ට...

    පාළු ගෙයි වලං බිඳින ඒවා බලන්ට නොයා ඉද්දී ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන සහෝදරියක් තමා මටත් කතා කරලා පෙන්නලා දුන්නේ මෙහෙම දෙයක් වෙනවා කියලා.. නැත්තං මංනං ඔය කියාපු තැන අතෑරලා දාලා හුගක් කල්... වයසක මනුස්සයට කැමැත්තක් කර ගත්තදෙන් කියලා අල්ලලා දාමු...

    ReplyDelete
    Replies
    1. අද සම්බෝල හැදුවොත් ලොකු උම්බලකඩ කෑල්ලක් දාන්න මලේ .

      මාත් එහම අතාරින්න තමයි හිතා ඉන්නේ . අපට ඕව නවත්වන්න බැරි නිසා . ඔහොම තත්වෙට පත් වුනහම ආයේ ඕන කමක් තිබ්බත් හදා ගන්න අමාරුයි. පව් ඉතින්

      Delete
    2. මාරයගෙයි , ලක්මාල් කන්දෙවිතානගෙයි කමෙන්ට් බැලුවාම නූගත් කමෙයි උගත් කමෙයි වෙනස හොඳට අදුනගන්න පුලුවන් . කාන්තාවකට අපහාස කරන්නේ තමන් ආවේ කොහෙන්ද කියල අමතක උන් . හැබැයි බින්දි නෝනගේ මේ පෝස්ට් එකෙන් ගොඩ යන්න හදන අනික් හිපාටුවන්ට නම් පහර වදින්නේ උන්ගේම ගොන්කම් නිසා .ඒ ගැන කාටවත් බැණල වැඩක් නෑ . සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ කිසිම වාරණයක් නැතුව කමෙන්ට් දාන්න ඉඩ දෙන්නෙ කතන්දර , මාතලන් , බුවාගේ සිතුවිලි , පෙරමුණේ රාල වගේ බ්ලොග් කිහිපයක් විතරයි . වාදයක් ඇතිවෙන්න පුලුවන් වැදගත් කමක් තියන දේවල් ලියන උන් වෙනත් එකෙක්ගේ අදහස් වලට බය නෑ , ඇනෝ බ්ලොග් කරගෙන පුස් පාට් දාන්නේ මෙලෝ රහකට නැති ලබ්බවල් ලියන උන් .

      බින්දි නෝන මේක පලකරන්න . මොකද මේක 100%ක් මාතෘකාවට අදාලයි !

      Delete
    3. මාරයා..උබනං මාරයාම තමයි...අල්ලපං කට දහයෙ කාසියක් දාන්ඩ..))) මලා..!! කට නොවේ අත...අතත් නොවේ ඇඟිලි..!

      Delete
  25. //ගැහැණු ළමයිනි
    ලියන්නට නම් බ්ලොග් එකක්
    අරන් එන්න කබර හමක්
    යකඩෙන් සැදු සිතක් එක්ක //

    මම හිතන්නෙ බින්දි අක්කා මෙතැනින් ඔක්කොම කියලා. එක එක තැන්වල ලියලා තියෙන දේවල් දැක්කම හිත් රිදෙනවා තමා. ගැණු ළමයින්ට අපහාස උපහාස හැම තැනම.බ්ලොග් ලෝකයත් ඊට දෙවෙනි නෑ.

    බින්දි අක්කා හුඟාක් ඈයෝ මාවත් එක එක්කෙනට සමාන කරනවා. මම දන්නෙවත් නැති අයව. මම අරයා නේද..මම මෙයා නේද ... නෑ කිව්වට අහනවද ?

    මම කරන්නෙ කණට ගන්නෙ නැතුව ඉන්න එක. බ්ලොග් එක මගෙ නම් ලියන්නෙ මම නම්..කැමති කෙනෙක් කියවයි. නැත්තම් නොකියවා ඉඳියි.මට එපා උන දවසක නොලියා ඉදී. මෙතැන මේ ලියන්න ඇවිත් හිතත් රිදවාගෙන ඇති වැඩේ මොකද්ද... මෙතැනින් අපිට ලැබෙන්නෙ අපි ලියන මොන යම් දෙයක් හරි කියවලා අදහස් දක්වද්දී ලැබෙන සතුට විතරයි.

    ඇනෝ නමින් එන්නෙ අහසින් වැටුන අය නෙමේ. බ්ලොග් ලෝකයේ ඉන්න අයමයි. ඉතින් ඒ අයට එයාලගෙ වැඩේ කරගෙන යන්න කියලා අක්කා පාඩුවේ ලියන්න. අපි වගේ අය කියවන පිපාසයෙන් ඉන්නවා...හැම්දාම..

    නෙළුම් විලට ජය !

    ReplyDelete
    Replies
    1. ඔයාල වගේ ළමයින්ට කොහොම ඇත්ද ලිහිණි . ඔව් මන් ඉස්සරහට ආයේ මේවා කියන්නේ නැහැ . හැබැයි අවශ්‍ය විටක කතා නොකිරීම නිවට කම .

      අනවශ්‍ය විට කට දැමීම මෝඩ කම වගේම .

      ටික දවසක් ඉවසල තමයි මන් මෙහෙම ලිව්වේ . අද විතරයි .

      Delete
  26. බ්ලොග් පෝස්ට් එකක අන්තර්ගතය පිලිබදව සම්පුර්න වගකීම සහ ඒ පෝස්ට් එකට ලැබෙන කමෙන්ට් වලද වගකීමද යමකිසි ප්‍රමාණයකට අදාල බ්ලොග්කරුවා විසින් දැරිය යුතුයි කියන එකයි අටපාස් අටමාට නං හිතෙන්නේ

    අවාසනාවට බීන්දී ''නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ'' නං මොනවා කරන්නද

    ඕවා ගැන කතා කරන්ඩ පිරිමියෙක් නැති සිංහල බ්ලොග් අවකාෂය ගැන නං පිරිමියෙක් විදිහට අටමා ලැජ්ජාවන අතර නිහඩව නොයිද පත්තුකල මේ වෙඩි මුරයට බින්දිට අටමාගේ උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. මා දුටුවා ඔබට කර ඇති නින්දා අපහාස . අපි වැඩවසම් යුගයෙන් මිදුනා කියල පාරම් බෑවට ඔන්න තත්වය . මැෂින් හදන එවුන් සිකියුරිටි කාරයෝ එනවා මෙතන බ්ලොග් ලියන්න . එහෙව් මිනිස්සු ජිවන සරසවියෙන් ලබා ගන්න දැනුම අප්‍රමානයි .

      හැබැයි ඔය මිනිස්සු මැක්සිම් ගෝර්කිගේ එක පොතක් හරි කියවල නැති වෙන්න බැහැනේ

      Delete
  27. //මුස්ලිම් ගැහැණු ළමුන් ගවුමත් කලිසමත් ඔලුව උඩින් දැමු සුදු රෙදි කඩක් [ වැඩිවිය පැමිණි පසුව ] ඇන්ද අතර මැලේ මුස්ලිම් ළමුන් සාමාන්‍ය නිල ඇඳුම පමණි . . ඔලුව වසාගෙන ආ රෙදි කඩ අර ළමයින්ට මතක් වෙන්නේ ගෙදර යද්දීය //

    අපේ ඉස්කෝලෙත් ඔය වගේම තමයි, ඒක හැම අතින්ම මිශ්‍රයි...ගැහැණු-පිරිමි,සිංහල,මුස්ලිම්,දෙමළ,බර්ගර්,මැලේ...විතරක් නෙවෙයි....තායි සහ ජපන් ළමයිනුත් අපිත් එක්ක හිටියා...
    ඉතින් හැමෝම අනෙකාගේ සංස්කෘතිය ගැන හොද අවබෝධයකින් ඉන්න නිසා ගැටුම් නෑ...එකිනෙකාට ආදරෙයි.
    මගේ යෝජනාව මුළු රටේම පාසල් මිශ්‍ර පාසල් කළ යුතුයි.ආගමකට ජාතියකට ලිංගයකට වෙන්කළ පාසල් අවශ්‍ය නෑ...වර්ගීකරණය කළයුත්තේ කනිෂ්ට සහ ද්විතීය වශයෙන් පමනයි.

    බින්දි, ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි....දෙකටම නැති කාලකණ්නි එකෙක් දෙන්නෙක් ඔය කියන තැනදි විශේෂයෙනුත් තවත් තැන් වලදිත් බොහෝ දෙනෙකුට පහර දෙනවා.
    බින්දිලාට නම් මඩ විතරයි...මට එරෙහිව ලියලා තිබුණා,මගේ කණ විතරක් නෙවෙයි *ක පැලුවත් කමක් නෑ කියලා තිබුණා. '88 වගේ කාලෙකනම් පොල්ලෙන් ගහලා ඉවරයක් කරලා දානවලු....(මූ කවුද කියලා මම පැහැදිළිවම දන්නවා. මම බ්ලොග් ලියන්නෙ, සිරිකොතෙන් හරි සිරසෙන් හරි ගත්ත ඉඩක නෙවෙයි. බ්ලොගර්ලා දුන්න ඉඩක. ඉතින් මුන්ට කතාකරන්න දෙයක් නැ).
    ප්‍රදානම කා‍රනේ තමයි බ්න්දි මුන්ට ලියන්න බැරි එක...මුන් සාමාන්‍යයෙන් ලියන්නෙ pornography වුනත් ඒකවත් හරියට ලියාගන්න බෑ.

    මොවුන් කියන විදියට නම් මොවුන්ට ප්‍රෙෆයිල් නෑ, ඒත් ඇත්තම කතාව නම් ප්‍රොෆයිල් විතරක් නෙවෙයි මුන්ට සින්ඩිත් තියෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අපොයි මන් දැක්කා . වැදගත් වන්නේ මිනිහෙක්ගේ අතීතය නෙමේ අද ඔහු කරන කියන දේ .

      සමහර වට මුනට අනේ අපොයි කියල වෙන තැන්වල ''ඕකට හොඳ වැඩේ '' කියන එක සමහර අයගේ ගතිය

      Delete
  28. //එක බිත්තරයක් තිබුනත් එය තම්බා හතරට කපා දුන්නා මිස කොල්ලන්ට පමණක් බත් පත අස්සේ හංගා කන්නට නොදුන් අපේ අම්මා කාන්තා විමුක්තියේ පලවෙනි පාඩම කියාදුන්නාය//

    ++++++++++

    වෙච්ච සිද්ධිය හරියටම දන්නේ නැතත් අනුමානයෙන් හිතාගත්තෑකි. ඇත්තටම ගැහැණු ළමයෙක් වීම නිසා මෙච්චර මේ උගත් පිරිසක් ඉන්න බ්ලොග් ලෝකෙත් අසාධාරණකම් වෙන එකනම් හරිම ශෝචනීයයි. නෙලුම් විලට ඉරිසියා කරන කෙනෙක් වෙන්න ඇති බින්දී අක්කා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සයුරි . මොකට ඉරිසියා කරනවද . ලක්ෂ ගණන් හිට්ස් තිබිලද . අපි සුහදව ගොඩ නගා ගත රසබර සංවාදයන් මිසක . මේ බ්ලොග් එක නම් මන් මගේ තනි අයිතියක් කියල කවදාවත් හිතන්නේ නැහැ .

      බොහෝ ලිපි කමෙන්ට්කරුවන්ගේ දැනුමෙන් තමයි පෝෂණය වුනේ . ආයේ වැදගත් යමක් ලියන්න ඕන . මේ විකාර අල්ලලා දාල .

      Delete
    2. ඔය කන්ඩායම නොදන්න තව එකක් තමයි බ්ලොග්වල අපි මොන වාද කලත් හවහට මූණු පොතේ සාමීචියට එනවා කියන එක බින්දි. චන්දි අක්කා, අරුණි අක්කා, ඔයා මම තව කීදෙනෙක් ගැහැණු අපේ ඕනැ එපාකම් ගැන, වැදගත් නොයෙක් දේ ගැන කතා වෙනවාද? බ්ලොගෙන් පිට ජීවිතයකුත් තියනවා අපිට. මෙව්වා කොටවන්ට හිතාගෙන කලානම් ඒ අයට ඉතිං පව් කියල තමා කියන්ට වෙන්නෙ.

      Delete
  29. බින්දි කවිය හා පෝස්ටුව හරිම අගෙයි. ලෝගු අන්දන්න හදන මොඩාචාරියාගේ ලිපියත් කකගේ එකේ ඔබ ගැන ලියැවුණු දේත් කියෙව්වා. මේවා පල ඇති රුකට වදින ගල් සේ හිතන්න.නොසැලෙන්න. යමු ඉදිරියටම. ඔබට ජය සතුට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්

      Delete
  30. මාරයගෙයි , ලක්මාල් කන්දෙවිතානගෙයි කමෙන්ට් බැලුවාම නූගත් කමෙයි උගත් කමෙයි වෙනස හොඳට අදුනගන්න පුලුවන් . කාන්තාවකට අපහාස කරන්නේ තමන් ආවේ කොහෙන්ද කියල අමතක උන් . හැබැයි බින්දි නෝනගේ මේ පෝස්ට් එකෙන් ගොඩ යන්න හදන අනික් හිපාටුවන්ට නම් පහර වදින්නේ උන්ගේම ගොන්කම් නිසා .ඒ ගැන කාටවත් බැණල වැඩක් නෑ . සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ කිසිම වාරණයක් නැතුව කමෙන්ට් දාන්න ඉඩ දෙන්නෙ කතන්දර , මාතලන් , බුවාගේ සිතුවිලි , පෙරමුණේ රාල වගේ බ්ලොග් කිහිපයක් විතරයි . වාදයක් ඇතිවෙන්න පුලුවන් වැදගත් කමක් තියන දේවල් ලියන උන් වෙනත් එකෙක්ගේ අදහස් වලට බය නෑ , ඇනෝ බ්ලොග් කරගෙන පුස් පාට් දාන්නේ මෙලෝ රහකට නැති ලබ්බවල් ලියන උන් .

    බින්දි නෝන මේක පලකරන්න . මොකද මේක 100%ක් මාතෘකාවට අදාලයි !

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි , මාතලන් . වැඩිය කියවා නැති මුත් පෙරමුණේ රාල ..මේ තුනම යම් දේශපාලන මුලයක් ඇති බ්ලොග් . එයිනුත් මා කියවන බුවාගේ සහ මතලන්ගේ බ්ලොග් වල නැති තත්වයක් කතන්දරගේ බ්ලොග් එක . මේ නිකන් අලින්ගෙයි අපෙයි වැඩ වගේ කතාවක්නේ .

      ඔන්න පල කළා .
      මන් මෙතැන කතා කලේ විශේෂයෙන් කාන්තාවන් ගැන . මාරයා සහ ලක්මාල් ගැන ඔබට අරෝවක් ඇති බව පෙනේ . ඔවුන්ගේ උගත්කම මනින්නේ කුමන මිම්මකින්දයි මා නොදනිමි.

      මිනිසෙක් මෝඩයෙක් සහ උගතෙක් යයි කිරා මන බලන ක්‍රමයන් එකිනෙකා අතර වෙනස් බව පෙනේ .

      එයට පිළිතුරු දීම මගේ වැඩක් නොවෙන මුත් මෙතැනදී වුන නිසා මේ ටික කිව යුතුය .

      ඔවුන් දෙදෙනාගේම උපාදි සහතික කෙසේ වෙතත් ලිවීමට හැකියාවක් තිබෙන බව පිලිගනිමි .

      මා මේ ලිපිය ලිවේ ඔවුන් දෙදෙනාගේ උගත්කම මන ගැනීමට නම් නොවන බව අකිව යුතුය .

      Delete
    2. බොහෝම ස්තුතියි කමෙන්ටුව පලකලාට . බුවා සහ මාතලන් වගේ කෙලින්ම දේශපාලනය කථා නොකලට කතන්දරගේ ගොඩක් කතන්දර අස්සේ දේශපාලනය තියනවා . දේශපාලනය කථා කරන අය විරුද්ධ මතවලටත් ඉඩ නොදෙනවා නම් ඒක විහිලුවක් නේ , ඔය බ්ලොග් කරුවන් එහෙම විහිලු කාරයින් නෙවෙයි . ඉඳල හිටලා දේශපාලනය කථා කරන්න ගිහින් තමන්ගෙ මෝඩ කම ලෝකෙට ප්‍රදර්ශනය කරපු සමහරක් අය ඊට පස්සේ කුකරි ක්ලාස් කරන්නෙත් ඇනෝ බ්ලොක් කරගෙන . එතකොට අවස්ථාව ලැබුනු තැනදි පහර වදිනවා . බුවා ඒ තරම් ජනප්‍රිය බ්ලොග් කරුවෙක් නෙවෙයි , මාතලන් වුනත් කතන්දරට සාපේක්ෂව ජනප්‍රියතාවයෙන් අඩුයි . ඒ නිසා වැඩි දෙනෙක් එක් රැස් වෙන තැනදි තමයි පහර වැදීම සිද්ධ වෙන්නේ . අනික මාතලන් සහ බුවා කෙලින්ම පොයින්ට් එකට ලියන්නේ , සමහර වෙලාවට පොඩි හාස්‍යකුත් එකතු කරන ගමන් . මේ වගේ ලිපියකදි භාහිර අදහස් මතුවෙන්න තියන ඉඩ අඩුයි . හැබැයි කතන්දර එහෙම අවස්ථාව තියන ලිපි ඕනි තරම් ලියනවා . ඒකයි වෙනස

      උගත් කම මනින්න නිර්ණායක ගොඩක් නැනේ නේද නෝනා, හැබැයි බුද්ධිමත්කම සහ දැනුවත්කම නම් කොල කැලිවලින් මනින්න බෑ . මම උගත් නෑය කියල කිව්ව අයගේ එහෙම බුද්ධිමත් කමක් මටවත් , එයාලත් එක්ක හැප්පෙන අනික් ඇනෝලටත් පෙන්න නැති නිසා තමයි අපි එහම කියන්නේ. ලක්මාල් කෙසේ වෙතත් මාරයාට බොහොම උසස් ලේඛන හැකියාවක් තියනවා කියල මාත් පිලිගන්නවා . ඒක ගැන නම් කිසි කෙනෙක් ප්‍රශ්න කරාවි කියල මම හිතන්නේ නෑ

      Delete
  31. බින්දී ඔබට මේ තරම් කලබල වීමට තරම් දෙයක් කතන්දර බ්ලොගයේ තිබුණාදැයි නොදැක්කෙමි.එහි බ්ලොග් කාරියන් පමණක් නොව බ්ලොග් කරුවන් ඉලක්ක කරගෙන ලියවුනු දේවල් තිබුන බව දුටුවෙමි.කාන්තා හිංසනයක් වැනි දෙයක් නම් නොදැක්කෙමි. මගේ අදහස නම් බ්ලොග් අවකාශයට ගැහැණු, පිරිමි භේද ඕන නැති බවයි.අනිත් අතට සමහර බ්ලොග් ලියන්නියන්ගේ දැඩි පිරිමි විරෝධී බවත් ඔබ කියන ආකාරයේ ප්‍රතිචාර ලැබීමට එක හේතුවක් බව කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කලබල වුනේ නම් නැත . කලෙක පටන් දුටු දෙයක් ලීවා පමණි . මට නම් එවැනි විරෝධයක් නොමැත . අපිත් කියන්නේ එහෙම භේද අනවශ්‍ය බවයි .

      මෙයින් පසු මේ ගැන කතා නොකරමි . මගේ විරුද්ධත්වය ප්‍රකාශ කලෙමි . ඉන්පසු ඔබලා කැමති ලෙස වරණය කිරීම හෝ නොකිරීම කරගෙන යන්න . බොහෝ දෙනෙකුට පෙනෙන දේ ඔබට නොපෙනීම ගැන වෙන කරන්නට දෙයක් නැත .
      කොහොමත් ඒ කමෙන්ටුව දැන් අයින් කර ඇති නිසා ඔබ කතන්දර නෙමේ නම් එය දකින්නටද බැරිය . එහි කාන්තා හිංසනයක් නැත . නමුත් දිගින් දිගටම මා සම්බන්ධයෙන් කමෙන්ට් පළවූ නිසා මෙය ලිවීමි

      Delete
  32. මේ ලෝකෙ පුරුදු වෙලා ඉන්නෙ හැකි සෑම විටකම කාන්තාවන් පහත්කර සැලකීමට වගේම ඈට අපහාස කිරීමටයි. ළිපියේ අන්තර්ගතයට 100%ක් එකඟයි. ලිවීමට ප්‍රස්තුතය ‍තෝරාගැනීමේ අයිතිය ලියන්නා සතු විය යුතුයි. ප්ලේන් වල යන එන (යාමට ඒමට සිදුවන) ලියන්නන් මේ බ්ලොග් ලෝකෙන් අන්තරස්දාන වුවහොත් ඉතිරිවන්නෙ කීයදැයි ගැන බලා සිතිය යුතුය. අප ජීවත්වන්නෙ 2013 මිස 1813 නොවේ.
    "කොයි සමාජයේත් යම් යම් තලෙබන්ලා සිටිති .සමාජයේ කුඩාම නියැදියක් වන සයිබරය තුලද එසේමය . ගැහැණු බ්ලොග් ලියද්දි විශේෂයෙන් පරිස්සන් වෙන්න ඕනා වේ . "
    ඊර්ශාව , කුහක කම ලෝකයේ තිබෙනතුරු තලෙබන්ලාගෙන් අඩුවක් නොවනු ඇත

    ReplyDelete
    Replies
    1. 2013 මිසක් 1813 නෙමේ . සමහර දේවල් නම් වෙනස් වෙන්න තව ගොඩක් කල් යයි වගෙයි රෝස කුමාරි

      Delete
  33. Bindi,

    මා වාරණයට අකමැති බව කලින් ලියා තියෙන නිසා ඒ ගැන නැවත නොලියා එහි සබැඳිය පමණක් දෙන්නම්.

    මෙන්න:
    http://kathandara.blogspot.com.au/2013/01/i-hate-censorship.html

    ඇත්තටම කියනවා නම් මට මුල්ම අයහපත් කමෙන්ටුව ආ දිනයේ මාත් පොඩ්ඩක් සලිත වුණා. පසුව ඒ ගැන දිගටම සිතලා තීරණයක් ගත්තා එය නොකපා ඉන්නට.

    මා එවැනි ප්‍රතිචාර නොකැපීම නිසා තමයි අද සමහරු අර ගොබෙල්ස් න්‍යායේ ප්‍රථිපලය ලැබී මගේ කතන්දර ගැන වැරදි තක්සේරුවක් උත්ප්‍රේරණය කර ගෙන ඉන්නේ.

    මා මට බැන වැදුණු, සරදම් කළ, උපහාස කළ, මඩ ගැසූ, අපහාස කළ කිසිදු කමෙන්ටුවක් කපා දමා නෑ. නමුත් හැමෝම එලෙස විය යුතු යැයි මා කියන්නේ නෑ.

    පෙරේදා ඔබ මට ඊ-මේලයක් එවනතුරු මා දැන හිටියේ නෑ ඔබ ගැන ඉඟි කරන කමෙන්ටුවක් කතන්දර බ්ලොගයේ පලවී ඇති බව. මා පසුව දැනගත් පරිදි එය ඔබ පොඩිකුමාරි ගේ බ්ලොගයේ කමෙන්ටුවක් ලෙස දැමූ කතාවක් හා බැඳුණු එකක්. එවැනි දෙයක් ගැන මට දැන ගන්න විදියක් නැති බව ඔබ පිළිගන්නවා ඇති.

    මා පසුව එය සහ තවත් එවැනි මොකක්දො පොතක පරිවර්තනයක් ගැණ කියවුණු කමෙන්ටුවක් අයින් කළා.

    එසේ කලේ මගේ ඉහත දැක්වූ "මා වාරණයට අකමැතියි නංගියේ" ලිපියේ එන අංක 4 ප්‍රතිපත්තිය යටතේයි.

    මගේ ප්‍රශ්ණය ඒ කමෙන්ටුව ඔබේ බ්ලොගයට එව්වා නම් ඔබ එය පලකරනවාද, වාරණය කරනවාද යන්නයි.

    මට නම් පෙණුනු පරදි ඒ කමෙන්ට් දෙකේම තිබුණේ සරදම, උපහාස පමණයි. අපහාස එහි තිබුණාද? සමහර විට මගෙ කබර හම වසර තුනකට පසු තවත් ඝණකම වැඩිවි ඇති!

    මා කලින් තැනක ලියු පරිදි කබර හම ගැන කතාව මා ඔබට ලියා එවුයේ කතාන්තා බ්ලොග් රචකයින් ගැන පමණක් සිතා නොවේ. උපහාස, අවලාද, එන්නේ ගෑණු පිරිමි බව සලකා නොවේ.

    අනික මේ එන ඇනෝ කමෙන්ට් කරන්නේ පිරිමි අය විතරක්මය කියා ස්ථිරවම කියන්ටත් බැහැ නේද?

    අවසානයට මෙයත් ලියන්නම් - වික්ටර් හියුගෝ ගේ ල මිසරාබ්ල හි මොන්ෂුවා ලබ්ලැන්ක් ගේ කියමනක් මදක් වෙනස් කර මෙසේ කියන්නම්.

    මා ප්‍රතිචාර වාරණය කළහොත් මා මගේ ම ප්‍රතිපත්ති කඩන නීචයෙක් වේවි.
    මා ප්‍රතිචාර වාරණය නොකලොත් මා මගේ ප්‍රතිපත්ති වටහා නොගන්නන් ගේ ශාපයට ලක්වේවි.


    දැන් මෙයත් කිව යුතුයි. මා ඉහත වැකි දෙක ලියුවේ අරුණි ෂපීරෝ ගේ පෝස්ටුවක කොටසක් යොදා ගෙන සරදමක් කරන්නට නොවේ. එය මා ඊයේ රාත්‍රියේ "ල මිසරාබ්ල" ගීතමය සිනමා සිත්තම බලද්දී ඇත්තටම මගේ සිතට ආ සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. මා වෙන තැනක කියූ දෙයක් මන් ලියන වෙන ලිපියකට කමෙන්ට් එකක් ලෙස ආවොත් එය සුදුසු නම් මා පල කරනවා . අදාල නැත්නම් ඒ බව කියනව . වෙන කෙනෙක්ගේ අදාළ නොවෙන දෙයක් නම් පල කරන්නේ නැහැ .

      Delete
  34. කොච්චර මේ ලිපියට ගැලපෙනවද දන්නෙ නෑ. ඒත් පහුගිය දවසක අපේ මුස්ලිම් කොල්ලෙක් එක්ක කතා බහකදි ඌ මගෙන් ඇහුව උඹ සෙට් වෙන්න හොයන්නෙ $$$$$$$$$$ කෙල්ලෙක්ද (පිරිසිදු) කියල. මං ඔව් කිව්වම මූ ගත් කටටම කිව්වෙ එහෙනම් උඹට කවදහරි බඳින්න වෙන්නෙ මුස්ලිම් කෙල්ලෙක් කියල..

    ආතල් එකට කොල්ලො එහෙම කිව්වට මට නම් හිතෙන්නෙ අද අහන දකින දේවල් බැළුවම අපේ උන්ට මොකක් වෙලාද කියල..

    ReplyDelete
    Replies
    1. අදාළ නම් නැහැ තමයි ඉතින්. ඔයාගේ කැමැත්ත . ඕව නම් මන් දන්නේ නැහැ .

      Delete
  35. අදමයි නෙලුම් විලට අවේ. අදම මෙහි ලැගුම් ගනිමි සුවඳ විඳින්නට බොහෝ ඇති යයි සිතමි. මම රුචිකා.

    ReplyDelete
    Replies
    1. හෙට ඉඳන් අපි වැදගත් දෙයක් කතා කරමු. ඔබව සාදරයෙන් පිලිගන්නවා රුචිකා

      Delete
  36. මම ආපහු එනකොට පෙරහැර ගිහින්...

    දැන් මට කියන්න දෙයක් නෑ... මට කියන්න තිබ්බ දේ මාරයගෙයි රවීගෙයි කොමෙන්ට් දෙකේ 100% ක් තියෙනව...

    ඒ ඇරෙන්න මමනම් කියන්නෙ... මේ වගේ කතාකරන්න තරම්වත් වෙලාව නාස්ති කරන්න එපා... මොකද ඒ කට්ටියට ඕන කරන්නෙත් ඒක...

    ReplyDelete
    Replies
    1. ඔව් සපතේරු දැන් නම් හොඳටම ඇති . අදින් පස්සේ ඔඅන්ම නැහැ .

      Delete
  37. ඔව් ඔබටත් කාන්තා විමුක්තිය ගැන ලිවීමෙ හැකියාව මොනවාට තියෙනවා...ඔබටත් කාන්තා විමුක්තිය ගැන වටිනා ලෙස ලිවිය හැකි බව මේ සුලු සටහනෙන් පෙන්නුම් කරනවා...
    කාන්තා විමුක්තිය කියන්නෙ පුදුම බලගතු දෙයක්..එවන් දේ ගැන සටහන් තැබීම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වර්ගයේ ප්‍රතිකර්මයක් වෙනවා සමහර වෙලාවට...

    ReplyDelete
    Replies
    1. D.....

      බෙල්ල ගහල යන්නත් ඉඩ තියෙනවා .

      Delete
  38. පෝස්ට් එක ෆෝන් එකෙන් කියෙවුවත් කමෙන්ට් එකක් දාන්ට විදියක් තිබුනෙ නෑ බින්දියො, පහුගිය දවස් දෙකේ ‍ගෙදර හිටියෙ නෑ.. අර සපා කිවුවා ව‍ගේ කියන්ට ඕන හැම දේම කට්ටිය කියලා තියෙන නිසා තවත් කියන්ට දෙයකුත් නෑ..

    අපි වෙනදා වගේ ඕපාදූපයක් කියා‍ගෙන ඉම්මු අප්පා.. මේ බල්ලො බුරන බුරන ගානට ගල් ගහන්ට ගියොත් අපට වෙන වැඩක් කරන්ට වෙලාවක් නැතිවෙයි.. :)

    ReplyDelete
  39. යම් තිසි අත්දැකීමක් එක එක්කෙනා කැමති විදියට ලියන්න පුලුවන් තම තමන්ට වැටහෙන ආකාරයට. ඒ ගැන විචාරශීලිව බලනවා හැර තවත් කෙනෙක් මානසික ව වට්ටන සහාසිත පහරගැසීම් නොකල යුතුය කියන මතයේ මමත් ඉන්නවා.

    විශේෂයෙන්ම මේ දිනවග බ්ලොග් අතර නිර්නාමිකව ලිවිම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතාබාහට මෙයත් එක්තරා උදාහරනයක් මේ යුගයේ බ්ලොග් ලියන හෝ අන්තර්ජාලය බාවිතා කරන කාන්තාවකගේ රහස්‍ය භාවය රැකගැනිමත් වැදගත් වන්නේ ඒ නිසයි. එයිනි කියවෙන්නේ අපි මේ විද්‍යුත් ප්‍රකාහන මාධ්‍යයන් තේරුම් අරන් තිබෙන ආකාරය හෝ භාවිතා කරන ආකාරය වැරදි බවයි.

    මේ කවියේ සියලුම හැගීම් අන්තිම පදපේලියට ගෙනැත්.

    ReplyDelete
  40. යම් තිසි අත්දැකීමක් එක එක්කෙනා කැමති විදියට ලියන්න පුලුවන් තම තමන්ට වැටහෙන ආකාරයට. ඒ ගැන විචාරශීලිව බලනවා හැර තවත් කෙනෙක් මානසික ව වට්ටන සහාසිත පහරගැසීම් නොකල යුතුය කියන මතයේ මමත් ඉන්නවා.

    විශේෂයෙන්ම මේ දිනවග බ්ලොග් අතර නිර්නාමිකව ලිවිම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතාබාහට මෙයත් එක්තරා උදාහරනයක් මේ යුගයේ බ්ලොග් ලියන හෝ අන්තර්ජාලය බාවිතා කරන කාන්තාවකගේ රහස්‍ය භාවය රැකගැනිමත් වැදගත් වන්නේ ඒ නිසයි. එයිනි කියවෙන්නේ අපි මේ විද්‍යුත් ප්‍රකාහන මාධ්‍යයන් තේරුම් අරන් තිබෙන ආකාරය හෝ භාවිතා කරන ආකාරය වැරදි බවයි.

    මේ කවියේ සියලුම හැගීම් අන්තිම පදපේලියට ගෙනැත්.

    ReplyDelete
  41. ඇනෝ ලේබලයෙන් අනුන් කියනා බස් ගැන එතරම් තකන්න එපා...අපි කවුරුවත් ආර්ථික ප්‍ර‍තිලාභයක් අපේක්ෂාවෙන් බ්ලොග් ලියන්නෙ නැති නිසා... කාගෙවත් බලපෑමකට අප නතුවිය යුතු නෑ... මම නම් ඕනෙ තැනක කියන්නෙ මගේ බ්ලොගියෙ ලියන්නෙ මට කැමති දේවල්... විවාදයක් තියෙනවා නම් නොබලා ඉන්න කියලා... අපිට හැමෝම සනසවන්න බෑ නොවැ...

    අක්කගෙ රිදුනු සිත ඉක්මනින් සුවපත් වෙන්නට පතමි... බ්ලොග් ලෝකයේ බහුතරයක් ඉන්නෙ ඉතාමත් සොදුරු සහෝදර සහෝදරියො....

    ReplyDelete
  42. මම මේකෙ කලින් කොමෙන්ට් කලත්, පස්සෙ පස්සෙ දැක්ක කොමෙන්ට්ස් ටිකක් නිසා මේකත් ලියන්න හිතුනා. කකාගේ සහ තව සමහර බ්ලොග් වල වැටිලා තිබ්බ මේ අදාල නොවන කොමෙන්ට්ස් ලියන්න නම් ඒ කෙනා මේ බ්ලොග් වල නිතර සැරිසරන කෙනෙක් වෙන්න ඕනෙමයි. කවුරුහරි මිතුරෙක් විදිහට පෙනී හිටලා, පස්සෙ ඇනෝ අවිත් බැනලා යනවා නම් ඒක තමයි මෙතන වැරැද්ද. අපි ඒ වගේ අයව හෙළිකරන්න ඕනේ. මම දන්නේ නෑ දැනට තියන බ්ලොගර් තාක්ෂනයෙන්, එකම තැනකින් නම් දෙකකින් එන කෙනෙක් හොයන්න පුළුවන්ද කියලා.

    මම කියන්න ආව දේ තමයි, මේක වැරැද්ද කකාගෙ පිට පටවනව වගේ කොමෙන්ට්ස් කීපයක් තිබීම. කොමෙන්ට් කරන්න නිදහස දීලා තියන කමට ඇවිත් තමන්ගේ මඩ ප්‍රචාර කරගන්න අය ඉන්නව නම් ඒක ඒ මිනිසුන්ගේ වරදක් මිසක්, කකාගේ වරදක් නෙමෙයි කියලා මම හිතන්නේ. කාට මොනවා අලලලා කියවුනු මඩ ද කියන්න තරම් හැකියාවක් කකා ට හැමවෙලාම කරන්න පුළුවන් දෙයක්ය කියලා මම හිතන්නේ නෑ. කකාගේ බ්ලොගේ නැතුව වෙනම බ්ලොගක ඕවා ලිව්වා කියලා එහෙම ලියන එක සාධාරණීකරණය වෙනවද? (එහෙම බ්ලොගක් කලින් තිබ්බ කියලා මට කනින් කොනින් ඇහිලා තියනවා).

    මම කියන්නේ අපි වැරදිකාරයෝ හොයාගන්න උත්සහ කරන්න ඕනේ... තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් තියන අය දන්නව ඇති මේ වගේ වෙලාවකට කරනන් පුළුවන් දේවල්. නැතුව, මේකට කකාව අල්ලගන්නව නම් අපිත් කරන්නේ, දූෂණය කරපු උනේ නෙමෙයි, කොටට ඇඳන් ගිය කාන්තාව වැරදී කියනව වගේම වැඩක්...

    ReplyDelete
    Replies
    1. //මම දන්නේ නෑ දැනට තියන බ්ලොගර් තාක්ෂනයෙන්, එකම තැනකින් නම් දෙකකින් එන කෙනෙක් හොයන්න පුළුවන්ද කියලා.//

      තුන්වන පාර්ශවයක සේවාවක් භාවිතා කරල එක පෝස්ට් එකක වැටෙන කමෙන්ට් සහ අදාල සේවාවේ දත්ත භාවිතා කරල එකම අයිපි එකෙන් දාන කමෙන්ට් අල්ල ගන්න බැරි වෙන එකක් නෑ ( හැබැයි රියල් ටයිම් බලාගෙන ඉන්න වෙයි මම හිතන්නේ ) මම කරල නැති නිසා කියන්න බෑ . හැබැයි ඉතින් ලංකාවෙදි නම් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක විසන්ධි කරල ආයෙමත් හයි කරපුවාම අයිපි එක වෙනස් ! ප්‍රොෆයිලය තියෙත්දි තමන්ගේම බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් වලින් සපෝට් කරගත්ත එක අවස්ථාවක් මට අහුවුන ඔහු ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් . ඒ පෝස්ට් එකේ කමෙන්ට් ඊමේලයට ආපු හැම කෙනාටම වැඩේ මාට්ටු . ඔයා කියන බ්ලොග් අඩවිය ඇනෝනිමස් ආතල් වෙන්න ඇති . ඒක නම් නරක ගොන්නට දාන්න පුලුවන් බ්ලොග් අඩවියක් නෙවෙයි !

      Delete
  43. ආයිත් නෙලුම් විලේ පරණ අල ගලවමු කියලා බින්දිත් එක්ක කතා වුනත්, මෙතනට ආවාම දුටුවේ සුනාමියක්.

    අර දූෂණය වෙන කෙල්ලන් ගැන නම් බුකියේ අසූ හාරදාහට ලියු නිසා එහෙම ලියපු ටිකක් මෙතන කොපි කල හැකියි. එහෙත් මාතෘකාව එයින් ඔබ්බට යන නිසා, සුනාමි තත්ත්ව යටතේ අල ගැලවිය නොහැක කියන්න තමයි වෙන්නේ.

    මගේ බ්ලොග් වල නම් මට හිතෙන හිතෙන එව්වා කරනවා. ප්‍රතිපත්ති නොමැති බව කරුණාවෙන් සලකන්න. ඒත් මෙතෙක් ලොකු අවුලක් වෙලා නැහැ [එක පාරක් එකෙක් මොකද්ද කුණු හරුපයක් ලියලා මැකුවා ද කොහෙද] මොකද එව්වට ඒ හැටි කට්ටිය ගොඩ වදින්නේ නැහැ.

    කොහොම වුණත් බර කාලෙකින්. පහුගිය කාලේ සැහෙන්න සංකීර්ණ ගැටළු ගොඩක් නිරවුල් කර ගන්න වුනා. ආයිත් හැකි පමණ බ්ලොග් කියවන්න හිතා ඉන්නවා. අලුත් මුහුණු හා අර්ථවත් ලියවිලි දකින්න ලැබීම සතුටක්.

    දිරාපත් වූ ලී බෝනික්කාට හලෝ කියමු. ඕකට හයියෙන් කතා කරන්න බයයි සද්දෙට කඩා වැටුනොත්. දැන් අම්බානට වේයෝ කාලා ඇති.

    ReplyDelete
    Replies
    1. අඩෝ කොහෙද ඩෝ දිරාපත් වෙච්චි එවුං ඉන්නෙ.!? තාමත් එදා වගේම කෙලින් කටින් ඉන්නවා බොල.. මට පේන්නෙ උඹ තමා නේරංජනාව තරණය කොරලා, සත්‍ය හොයන්ට දුෂ්කරක්‍රියා කොරලා දිරාපත් වෙලා ඉන්නෙ.. :P

      ගනු කඩුව - එනු සටනට

      @ බින්දි,

      අන්න හරි බින්දියො.. මේ වැඩකට නැති කුණු ගොඩවල් අල්ලලා දාලා පෙරලන්ටකො ඉතිහාස පො‍තෙන් හොඳ පිටුවක්.. :)

      Delete
  44. බ්ලොග් ලෝකෙට අළුත් නිසා මට තාම වැඩි යමක් කියන්න අමාරුයි...
    ඒත් මම ආව මුල්ම කාලෙ ඉදල බින්දි මට හොද මිතුරියක් උණා... බ්ලොග් ගැන නොදන්නා නිසාම යම් අවස්ථාවලදි මම ඇගෙන් කාරණා අසා දැනගත්තා. කිසිම දවසක ඇගේ ලිපියක කාටවත් චෝදනාවක්, රිදුමක් වෙන දෙයක් තිබුණෙ නැහැ... ඒ නිසා ඇයව ඉලක්ක කරගෙන යම් කතාවක් සිදු වුණා නම් වැරදියි කියල මට හිතෙනවා...
    නෙළුම් විලට ආදරේ කරන ගොඩක් අය වෙනුවෙන් අළුත් කවියක් ලියන්න බින්දි... අළුත්ම අළුත් සුන්දර කවියක්..
    කාන්තාවන්ට වගේම පුංචි දරුවන්ටත් වෙන හිංසන ගැන නම් මමත් ඉන්නෙ කම්පාවෙන්. හරි නම් මේ බ්ලොග් ලියන හැමෝම එකතුවෙලා මේ වගේ අපරාධවලින් තොර යහපත් සමාජයක් වෙනුවෙන් ලියන්න ඕන... වැඩ කරන්න ඕන...

    ReplyDelete
  45. විවාදයට බඳුන්වෙන කාරනා පිළිබඳ ලිවීමට යන අයෙකු එයට එන ප්‍රතිචාර ඉවසීමට හුරු විය යුතුය කියල තමයි කෙටියෙන් කියන්න තියෙන්නෙ.

    සමහරු කාන්තාවො වගේම පිරිමි අයත් ලියන දේවල් එක්ක නයි හුඹස් පිටින්ම අතාරිනව. ඒව නොදිරවන අය ඒවට උපහාස අපහාස කරනව. මේ ලඟදි මම දැක්ක එක කමෙන්ට් එකක අම්ම කෙනෙක් ලියල තියෙනව එයා "අහවල්" ඉස්කෝලෙට දරුව ගෙනේයනකොට පිලිවෙලට ගියා කියල. කමෙන්ට් එකේ හරය වැදගත් උනත් ඒකෙ වටිනාකම බාල්දු වෙනව අර නයි පැටිය නිසා. මම අහවලාගෙ නෝන කියල බැබලෙන්න යනකොට එයාට විරුද්ධ අයගෙ මඩ ඉවසන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතිව මට අරය මෙහෙම කිව්ව, මෙයා අරෙහෙම කිව්ව කියල නහයෙන් අඬන එක හරිද?

    සමහර හීන මාන කාරයො පොඩි පොඩි සාමාන්‍ය දේවල් වලටත් උඩ පැනං කරන බාල කමෙන්ට් නොසලකා හැරියට බොහෝ විට ප්‍රහාරයට ලක්වන්නෙ බ්ලොග් තුලින් අත්දැකීම් බෙද්ගා ගන්නවට වඩා නයි අරින්න හදන අයවයි කියලයි මගේ අදහස. ඒ නිසා කමෙන්ට් වලට බනිනව වගේම තමන් ලියන හැසිරෙන විදිය ගැනත් ආපසු හැරිල බලල සරළ සමාජ හරස්කඩක් ඇතුලෙ සතුටෙන් ඉන්න උත්සාහ කරන වැරදි හදා ගන්න එක ලියන අපෙන් වගිම කමෙන්ට් කරන අපෙනුත් අතපසුවෙලා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  46. //ගැහැණු ළමයිනි
    ලියන්නට නම් බ්ලොග් එකක්
    අරන් එන්න කබර හමක්
    යකඩෙන් සැදු සිතක් එක්ක /

    සත්තකින්ම බින්දි.. ලෝකය මොනතරම් දියුනු යැයි කෑගැසුවත් අපේ රටේ සම්ප්‍රදායික පිරිමි එහෙමමයි..
    අපිට කවදා හැකි වෙයිද අපේ නිදහස් සිතිවිලි අපේම නමින් එලියට දාන්න. හිරකරපු අදහස් එක්ක හිරවෙච්ච ගෑනු හිත් හැමදාම හැංගිලා.

    ReplyDelete
  47. සිංහල බ්ලොග් අවකාශේ කාන්තා බ්ලොග්කරණය ගැන නම් කතා කරලා වැඩක් නෑ අක්කේ... වැඩි හරියක් "වට්ටිඅම්මලා" මෙලෝ වැඩකට ඇති දෙයක් ලියන්නේ නෑ... හැබැයි කොමෙන්ට් කරන උන් බහුතරයක් පැණි ඇම්බලයෝ වීම නිසා කාන්තා බ්ලොග් වලට හිට් වලින් නම් අඩුවක් නෑ.... තව දෙයක් මේ කාන්තා බ්ලොග් බහුතරයක කොමන්ට් වාරණය කරනවා... තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරගන්න අර ඇම්බලයෝ ටික පාවිච්චි කරනවා ජරා විදියට. වැරදිලා හරි අපි මේ කාන්තා බ්ලොග් එකක යම් කාරණයක් විවේචනය කලොත් ඒ විවේචනය කොච්චර සාදාරණ උනත් එක්කෝ පළවෙන්නේ නෑ... නැත්තම් මුල් කොමෙන්ට් එක පල කරලා ඇමබලෝයෝ ටික උසිගන්වල එතනින් එහාට අපේ කොමෙන්ට් වාරණය කරනවා. ඉතාමත් හොඳ බ්ලොග් ලියන කාන්තා බ්ලොග් කාරිනියෝ අතලොස්සකට බේතකට වත් කොමෙන්ට් එකක් නෑ... (මේ තත්වයට කාන්තා පිරිමි වෙනසක් නෑ.. ඔබ කාන්තා බ්ලොග් ගැන කතා කල නිසයි කාන්තාව විශේස කලේ) තමන්ගේ බ්ලොග් පොස්ට් එකකට කොමෙන්ට් 100, 200 වැටෙන කොට මේ අක්කලාගේ කකුල් දෙක අස්සේ තියෙන්නේ ඕන අයිටම් නළලට එනවා... එතනින් එහාට තමන් ගැන කොතැනක හෝ කරන මොන තරම් සාදාරණ විවේචනයක් උනත් මේ අක්කලා දකින්නේ අපහාස, උපහාස විදියට. ඇනෝලගේ කොන්ද ගැන ලොකු කතන්දර කියන මේ අක්කලා වැරදිලා හරි ඇනෝ පාරක් වැදුනම බ්ලොග් එකත් වහගන්නවා... හේතුව බ්ලොග් වල කොච්චර පොර ටෝක් දුන්නත් මේ වට්ටිඅම්මලා බහුතරයකට කිසිම ආත්මශක්තියක් නෑ... මේ කොම්නෙට් එක පල කරන එක හෝ නොකරන එක ඔබේ කැමැත්ත. නෙලුම්විලට ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. තරමක් සාහසික වුනත් ඔන්න මන් මේක පලකලා . මොකද ලිපියට අදාළ නිසා . කමෙන්ට් වාරණය කරන්නේ ආත්මශක්තියක් නැතිකමම කියන්න පුලුවන්ද මන්දා . පුද්ගලික චරිත ඝාතන සහ ලිපියට අදාළ නොවන කමෙන්ට් එකක් නම් සහ අසභ්‍ය වදන් ඇති [ දැන් අහන්න එපා අසභ්‍ය කියන එකේ අර්ථකථනය ..එක එක්කෙනා හදාගත් සිමාවන තියෙනවනේ ඔය වචන වලට .]
      කමෙන්ට් එකක් නම් වාරණය කලාට කමක් නැහැ කියන මතයේ තමයි මන් ඉන්නේ .

      මන් මේ වැඩියම කිව්වේ මලේ [ඔබ මල්ලි කෙනෙක් කියා සිතනවා අක්කා කිවූ නිසා ] අපට කොහෙත්ම අදාළ නැතිව ඒ බ්ලොග් එක ලියන කෙනාටත් වැඩක් නැතුව පලකරන දේවල් වලට .

      මා කිවේ නම් සාධාරණ විවේචන ගැන නම් නොවෙයි කියල කියන්න ඕන .

      Delete
    2. දැං බලාපං අපි උඹලා මොන තරම් සම්භාවනීය , උත්කුරුස්ට ලිපි ලියනවද? එත් අපේ බ්ලොග් වල මැස්සො ඇහිරෙනවා විතරයි නෙව?

      අපි මේකට මොකක් හරි කරන්න ඕනෙ "මලේ"

      1. පුළුවන් හැමවිටම "වට්ටිඅම්මලා", "මෙලෝ වැඩකට ඇති දෙයක් ලියන්නේ නෑ", "ඇම්බලයෝ"

      "මේ අක්කලාගේ කකුල් දෙක අස්සේ තියෙන්නේ ඕන අයිටම් නළලට එනවා", "මේ වට්ටිඅම්මලා බහුතරයකට කිසිම ආත්මශක්තියක් නෑ" කිය කි ය අපහාස කරමු.

      2. ඒ එක්කම කියන්න ඕනෙ "එතනින් එහාට තමන් ගැන කොතැනක හෝ කරන මොන තරම් සාදාරණ විවේචනයක් උනත් මේ අක්කලා දකින්නේ අපහාස, උපහාස විදියට" කියලත් කියන්න ඕනෙ.

      4. " ඇනෝ ආතල්" පාරක් එහෙම දාලා "ඇම්බලයෝ ටික පාවිච්චි කරනවා ජරා විදියට" නැතුව හොඳ සුද්ද හිංගලෙන් අපි උන්ව දැනුවත් කරවමු.

      5. අපි උන්ට කියපු අනුන්ට වැටෙන හිට්ස් ගැන තියෙන රුසියාවටත් වැඩිය ලොකු ඊරිසියාව අඩු කරගෙන මේ අපි වගේ ඉන්න කියලා.

      6. ඒ එක්කම කියන්න ඕනෙ අයියෙ, අක්කෙ, නංගියෙ , මල්ලියෙ කියලා "අපේ කම" ගැන තියෙන හැඟීම වැඩි දියුණු කරගන්න කියලත්.

      නැත්නම් උඹටයි මටයි වෙන්නෙ "ඇම්බලයෝ" කැමති "මෙලෝ වැඩකට නැති" ලිපි ලිය ලිය ඉන්න තමා. ඈ බං , මට පේන්නෙ වැඩි හරියක් මේකෙ ඉන්නෙ "ඇම්බලයෝ" වත්ද?

      Delete
  48. අප්පච්චියේ, මාර කවියක්නේ‍..............

    එකම බ්ලොග් අඩවියක් අල්ලාගෙන පහර පිට පහර එල්ල කරපු අවස්ථා කිහිපයක් ම දැකලා තියෙනවා. එහෙම අවස්ථා වලදී වැඩි හරියක් පහර ලබලා තියෙන්නේ ගැහැණු කෙනෙක් ලියපු බ්ලොග් තමයි. සමහරවිට එයා වැරදි දෙයක් ලියලා ඇති, නැත්නම් වෙන හේතුවක් වෙන්නත් ඇති. ඒත් ඒ විදිහට පහර දෙන්න තරම් නිවැරදි පිරිසක් අපි අතර ඉන්න එකත් කොච්චර දෙයක් ද නේද? :D

    ඔය වගේ දේවල් නිසා බ්ලොග් ලිවිල්ල නවතපු, තමන්ගේ බ්ලොග් කිහිප දෙනෙකුට පමණක් දකින්නට හැකි විදිහට සලස්වපු අය ඉන්නවා. ඒ වගේ අවස්ථාවක මට හරියට බය හිතුනානේ.... :D අපේ කාන්තාවෝ බ්ලොග් ලිවිල්ල නවත්තයිද කියලා. ඒ පාර මං කාන්තාවන් ලියන සිංහල බ්ලොග් පුළුවන් තරම් හෙව්වා. සහෝදර බ්ලොග් රචක රවීගේ උදව්වත් ඇතිව සොයා ගත්ත ඒ බ්ලොග් සේරම නිදහස් සිතුවිලි වල වෙන ම ලේබල් එකක් යටතේ ගොනු කලා. (ඒ ලිස්ට් එකට නමක් දාන්න සාකච්ඡා කරද්දි එතුමා කියපු නම් ඕං මං කියන්නේ නැහැ මෙතැන. එයැයිගෙන් ම අහගන්ට) දැන් තියෙනවා 97ක්... ඒ ලිස්ට් එක බලලා තමයි බය හිතුනු වෙලාවට ටිකක් හරි හිත හදා ගන්නේ........ :D

    ReplyDelete
  49. සියලුම කමෙන්ට් වලට පිළිතුරු නොදුන්නේ ඇත්තටම ඉතාම කාර්ය බහුල දින දෙක තුනක් නිසයි . අලුත් පාසල් වාරය පටන් ගැනීම සහ යම් යම් හදිසි වැඩ කටයුතු කීපයක් දී ඇති නිසයි .

    කමෙන්ට් කල සැමටම ස්තුතියි . මේ ගැන කතා කළා ඇතියි කියල සිතෙනවා . මෙවන් මාතෘකාවක් දිගටම ඇදගෙන යාම මටම එපා වෙනවා .

    ReplyDelete
  50. පිස්සු පූසා කියලතියනව
    "ඉන්න ඩිංග ජීවත්වී, සැපෙන් ඉදිමු අපි මල්ලී" කියල . . . ඊට වැඩිය මොකුත්ම කියල වැඩක් නෑ

    ReplyDelete
  51. අනේ ඕන එකෙක්ට ඕන මගුලක් කියා ගන්න කියන්න බින්දි . .

    ගෑනු මිනිස්සු කියලා වෙන් වෙන්නේ ලිංගිකත්වය තීරණය වෙන අවයවයකිනුයි මවක් වීම සඳහා ම ස්වභාවධර්මයෙන් ලබා දුන්නු විශේෂ ගතිගුන රැසකිනුයි කියලා තේරුම් ගන්න බැරි ගොන් වාහෙලා ට මොකට පිලිතුරු දෙන්න යනවද . . .

    කාන්තාව සහ පහත් කුලවල අය කුනු කූඩෙට දාලා තිබුනු ඉන්දියානු සමාජයේ හැමෝම එක සමාන පිරිසක් බව කියලා ඒ මතවාදයන්ට කටු මිටියෙන් ගහලා සමාජය උඩුයටිකුරු කරපු තුමෙක්ගේ දහමක් අදහනවා කියලා බෝඩ් ගහගෙන ඊට හාත්පසින් වෙනස් විදිහට ක්‍රියා අරන උන් දැක්කම උන්ට අනුකම්පා කරනව ඇර වෙන මොනව කරන්නද අයියෝ

    ReplyDelete
  52. //කාන්තාව සහ පහත් කුලවල අය කුනු කූඩෙට දාලා තිබුනු ඉන්දියානු සමාජයේ හැමෝම එක සමාන පිරිසක් බව කියලා ඒ මතවාදයන්ට කටු මිටියෙන් ගහලා සමාජය උඩුයටිකුරු කරපු තුමෙක්ගේ දහමක් අදහනවා කියලා බෝඩ් ගහගෙන ඊට හාත්පසින් වෙනස් විදිහට ක්‍රියා අරන උන් දැක්කම උන්ට අනුකම්පා කරනව ඇර වෙන මොනව කරන්නද අයියෝ//

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බුවා, බුදුන්වහන්සෙත් එකවර ඇයට තැනක් දුන්නෙ නැහැ. නෑදෑ දන්න අඳුනන කාන්තවක්ගේ ඉල්ලීමකට නේද ඒ ඉඩත් ලැබුනෙ? මම වැරදි නං හරියට ඒ අයිතිය දුන්න හැටි කියන්න

      Delete
    2. එදා ඉන්දියානු සමාජයට සාපේක්ෂව එය ඉතාමත් ඉඅහල ගණයේ සමනාත්ම තාවයක් වීදිහටයි මම දකින්නේ . සමහර ආගම් වල කාන්තාවන්ට ආගමික සිද්ධස්තාන වලට යන්නත් තහනම් . ජෙසු තුමන්ට සමකාලිනව සාන්තුවරුන් මිසක් සාන්තුවරියන් ගැන අහල තියනවද . හින්දු සමාජය ඇතුලේ කාන්තාවන්ට ලැබුනේ දේව දාසිකම් , අදටත් ඉන්දියානු ගැනු ලමයි කීදාහක් ඉපදුනු ගමන් මරණවාද . ඊට සාපේක්ෂවයි මේ ගැන බලන්න ඕනි . ආගමික වටපිටාවකින් තොරව වර්ථමානයේ කාන්තා නිදහස සහ අයිතිවාසිකම් අර්ථ දැක්වෙන තත්වය්ට අනුව නෙවෙයි

      Delete