Thursday, 7 March 2013

නිල් අහසක් යට හිම කැටි විසිරි ..සුන්දර රටක මිහිරි මතක

චීනය ආශ්‍රිත රටවල සැමරෙන නව අවුරුදු උළෙල වියට්නාමයේදී ''ටෙට් ''ලෙස හැඳින්වෙනවා . වැඩිමනක් නිවාඩු නැති මේ රටේ වැඩ කරන මිනිසුන්ට හිත පිරෙන්න සුමානයක් විතර නිවාඩු හම්බ වෙන්නේ මේ ටෙට් සමය  තුලදී . කලින් මේ ගැන ලියු නිසා මේ අවුරුද්දේ ඒ ගැන නොලියා ඉන්න හිතුව .

 . තද සිතල ගෙවිලා චුරු  චුරු වැසි දවස් එක්ක අතරින් පතර ඉර එලිය ඇති ලස්සන දවස් මුසු වුන වසන්තයේ ආරම්භය . අහල පහල නෙළුම් පොකුණු වල කොලයක් දෙකක් මෝදු වෙන කාලේ . ටික දවසක් අන්තර්ජාලගත වෙන්න එපාම වෙලා තිබුණ.
කම්මැලි කම තමා වෙන මොකක්ද . ඉඳල හිටලා දැක්ක දේවල් වුනත් අමිහිරියි. සමහර දේවල් කියවීම හිතට කරදරයක් . මන් කියෙව්වා කියලවත් නොකියවා හිටියා කියලවත් අදහසක් ප්‍රකාශ කළා කියලවත් වැඩක් නොවෙන දේවල් ...

 කොරියන් කතන්දර බලලම වත්මන් කොරියාව විතරක් නෙමේ ඒගොල්ලන්ගේ රජ කාලේ ඉඳන් ජපන් යටත් විජිත සමය ඊ ගාවට කොරියන් යුද්ධය සහ පශ්චාත් යුද්ධ කාලය ගැනත් සැහෙන දේවල් දැනගෙන හිටි නිසා කොරියාව දැක ගන්න මට කාලෙක ඉඳන් ආසාවක් තිබුන .

පසුගිය නිවාඩු දින කීපය සියෝල් නුවර ගත කරන්න ඉඩ ලැබුණ . කොරියන් මිත්‍රයින් නම් අපට පිස්සු කියන අදහසින් තමයි මේ ගැන කල්පනා කලේ .මෙවර  වෙනදාට වඩා තද සීතලක් දැනුන බවත් චීන අවුරුදු සමය නරකම කාලගුණයක් ඇති කාලයක් බවත් සිතා ඔවුන් අප ගැන වද වුනා .

මගේ හොඳම කොරියානු මිතුරියක් අවශ්‍ය තොරතුරු සියල්ල සොයා දුන්නා . සිතල වැඩි වේ යයි ඔවුන් අපගැන දුක් වද්දී අප බිය වුනේ සිතල අඩු වී හිම දකින්නට බැරි වේ යයි කියා .





අහසේදී බිම බලන විට


සියල්ල යහපත් වී ඉර පායපු සුනිල් අහසක් යට හිම සෙල්ලම් කරන්නට පොඩි උන් වාසනාවන්ත වුනා .
මා දුටු සියෝල් නගරය මනා නගර සැලසුමකින් යුත් සුන්දර නගරයක් . මා දුටු යයි විශේෂණය කලේ විසල් නගරයකින් මා දකින්නට ඇත්තේ ස්වල්පයක් පමණක් නිසා සහ වෙනත් අයුරකින් මෙය දුටු අය සිටින්නට හැකි නිසා .

අපිරිසිඳු පැල්පත් සහිත ගෙවල් සමුහයන් හැඳින්වීමට'' කොරියාව '' යන වචනය අප කුඩා කල අසා තිබෙනවා . අදටත් එසේ දේ නම් වහාම එම වදන අපේ භාෂිතයෙන් ඉවත් කල යුතුයි . මා නැරඹු 50 හෝ 60 දශකය අලලා සැකසුන කොරියන් කතා මාලා එවැනි ජන දිවියක් තිබු බවට සාක්කි . නමුත් 70 දශකයෙන් පසු එරට දියුණුවේ මගට පිවිසිලා .

ලෙහෙසි පහසු ඉතිහාසයක් නොතිබූ රටක් . ඈත අතීතයේ පටන් චීන ආක්‍රමණ අභ්‍යන්තර ගැටුම් පසුව ජපන් යටත් විජිතයක් වීම ..කොරියන් යුද්ධයෙන් රට දෙකඩ වීම වැනි අමිහිරි ඉතිහාසයක් ඇති රටක් . රටක් දෙකඩ වීමෙන් එකම පවුලේ නෑසියන් වෙන් වීමේ වේදනාව අදටත් විඳින ජාතියක් .

යුධ මුක්ත කලාපයට සහ දේශ සීමාවට සියෝල් සිට එතරම් දුරක් නැහැ . නමුත් කුඩා ළමයින් සමග යාමට උචිත නැති බව සිතුන . අනික් අතට උතුරේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වුනා අප එහි සිටි දිනවල.

දරිද්‍ර තාවයේ පතුලෙන්ම සිට සංවර්ධනය කරා පැමිණි රටක් . අපේ රටත් එසේ වෙනවා නම් කියා සිතුනා .ඒ වගේම ඒ රටවල සංචාරය කරන අපේ දෙස්පලුවන් ඒවායේ ඇවිදින්නේ ඇස වසාගෙන දැයි මට නම් පුදුමයි .
ඒ ඉතින් අපගේ අවාසනාව .

නගරය මැදින් ගලන සුවිසල් හෑන් ගඟ අලංකාර පාලම් රැසකින් යුක්තයි . අප ගිය රාත්‍රී නගර සංචාර බසය පාලම් එකොළහක් නැරඹීමට රැගෙන ගියා . හැමෙකක්ම එකිනෙකට වෙනස් . විදුලි අලංකරණය ද විවිධයි .


[බොහොමයක් ටෙලි වල කෙල්ල හෝ කොල්ලා දුකක් හිතුන විට කල්පනා කරන්නට හෝ තනියම හඬන්නට ඔන්න ඔයින් පාලමක් ළඟ ගඟ අයිනේ ස්ථානයක් තෝරාගනි . ]

නගරයේ උමන් දුම්රිය ජාලය අපේ ප්‍රියතම අංගයක් වුනා . නතර වී සිටි තැනම උමන් දුම්රිය පලක් තිබීම ගමන් බිමන් වලට හරිම පහසුවක් . කුඩා කාලයේ දුම්රියේ යන්නට ලැබී නැතිම තරම් . පසු කලෙක කටුනායක රාජකාරි කල සමයේ මේ ආසාව නිසාම ඉඳහිට කෝච්චියේ ගියා . දෙතුන්වතාවක් නානු ඔය හෝ නුවර ගිය ගමන් වලින් මගේ දුම්රියේ යාමේ දොළ නම් සම්පුර්ණ වුනේ නැහැ .

අප දෙදෙනාම එකසේ දුම්රිය ප්‍රිය කරන නිසා ගිය හැමතැනකම ඉඩක් ලද විගස දුම්රිය අපේ අංක එකේ ගමන් සගයා වෙනවා .

''රටක දියුණුව යනු දුප්පතුන් කාර් වල යාම නොවේ පොහොසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම ''යයි කවුදෝ කියා තිබුණ .

සියෝල් වල පොදු ප්‍රවාහන සේවය ඉතාම හොඳයි . ටැක්සි වල යන්න ඕනෑම නැති තරම් .

 කන වෙලාවට දෙන පොඩි අතුරු දිසි

බිබිම් බප්

නෙලුම් කොලේ බත්



 
 
 
 
 
මෙයාව හැබෑවටම දකින්න බැරි වුනා .

සුනිල  අහස

මේ වෙළඳ සලක ඇතුලේ එළවලු වවලා . පස් වල නෙමේ . හරියට පටක රෝපණ ක්‍රමය වගේ .
 
 

මේ චාරිකාව අප මුලිකවම ළමයින්ගේ සතුට වෙනුවෙන් වෙන්කරන්න තීරණය කල නිසා ඉතිහාසය හදාරන්න එතරම් උනන්දුවක් ගත්තේ නැහැ . කිසිම දෙයකට වඩා හිම ගොඩක පෙරලෙන එක තමා ඒගොල්ලන්ගේ සතුට වුනේ .

නගරය දැක්ක ඇති කියල හිතල ටිකක් ඈත ගමනක් දුම්රියෙන් යන්න ඕන කියල හදිසියේම අපට හිතුන .

දැන් පොඩි දෙන්න ටිකක් ලොකු නිසා ඔය වගේ හදිසි තීරණ ගන්න පුළුවන් . නගරයෙන් ටිකක් දුර කුඩා දුපතක් බලන්න යන්න තීරණය කළා ..

ඈත හිමෙන් වැසුන කඳුවැටි දිහා බලමින් ගිය ඒ දුම්රිය ගමන සදා මතකයේ රැඳෙන සුළුයි .

Namiseom නම් මේ දුපත පිහිටා තියෙන්නේ හෑන් ගඟේ . ගසක කොලයක් හැඩය ඇති මේ දුපත නාමික රටක් . Republic of Namiseoum ලෙසයි හැඳින්වෙන්නේ .

දුම්රියෙන් ගොස් ෆෙරි බෝට්ටුවකින් දුපතට ලඟා වෙන්න පුළුවන් . බෝට්ටුවේ ලෙළදුන විවිධ කොඩි අතර ලංකාවේ කොඩිය දැකීම අපට සතුටක් වුනා .

සිතල සමයේදී තනිකරම සුදු හිමෙන් වැසුන මේ අලංකාර දුපත ඇත්තටම ගඟ හරහා බැඳී වේල්ලක් නිසා ගොඩ බිමින් වෙන්වුවක් .

වසර දහයකට පෙර අතිශයින් ජනප්‍රිය වුන WINTER SONATA නමැති කොරියන් රුපවාහිනී නාටකයේ බොහෝ දර්ශන මෙහි රුගත වුවක් .

කලකට පෙර මා නැරඹු ඒ කතා මාලාව මතකයේ රැඳුනේ මේ අලංකාර දුපත නිසා . මේ ආදර අන්දරය කොරියානුවන් අතර මෙන්ම වෙනත් රටවලද රසිකයින්ගේ ආදරය දිනු නිසා මේ දුපත අගනා සංචාරක ආකර්ශනයක් වුනා . නරඹන්නන් වැඩි පිරිස තරුණ ආදරවන්තයින් බවයි පෙනුනේ .
 හැන් ගඟේ දුපතට යන ගමනේ

කෝකටත් අක්ක ළඟටම වෙලා



මේ පාරේ නේ වින්ටර් සොනාට නාටකයේ ආදරවන්තයෝ ඇවිදින්නේ



1910 වනතුරු රාජාණ්ඩු ක්‍රමයක් තිබිල එයින් පසු ජපන් අධිරාජ්‍යය යටතේ නාමිකව රජ පවුලක් පමණක් ඉතිරි වෙලා . මගේ කොරියන් මිතුරියට අනුව 1945 නිදහස ලැබෙනකම් රජ පවුල නාමිකව ඉඳල තියෙනව . මේ ගැන හරියටම කියවල වෙනම ලිපියක් සකස් කරන්න හිතන් ඉන්නවා [ කවද හරි ] අද නම් ඒ ගැන නිල තොරතුරු ලියන්න හැකියාවක් නැහැ .

මේ නිසා නගරයේ මාලිගා කීපයක් තියෙනව . එයින් අප නවාතැනට ආසන්නව පිහිටි

Gyeongbokgung මාලිගය බලන්නට යන්න ලැබුණ .

චීන අවුරුද්ද කොරියාවෙත් සැමරෙන නිසා ඇත්තටම අප සිටි දින කීපය නිවාඩු කාලයක් . මේ සාමය කොරියාවේදී මුලිකවම ස්තුතිය පුද කිරීමේ අවස්තාවක් ලෙසයි ඒ අය සමරන්නේ . chuseok කියා හඳුන්වන මේ දින කීපය තුල දෙමාපියන් වැඩිහිටියන් බැලීමට බොහෝ සියෝල් වැසියන් ගම්දොර බලා යන්නට ඇත .ගමන් බිමන් ගිය නගර වාසින් අත්ද තෑගී භෝග ඇති බව දුටුවා ..කොරියානුවන්ට විශේෂිත අහාර පාන ඇසුරුම් පෙට්ටි සිල්ක් වැනි රෙදි කඩකින් එල්ලා ගෙන යාමට හැකි ලෙස සකස් කල තෑගී ඔවුන් අත තිබුණ .

ඒ වගේම මාලිගය බලන්නට දේශීය හන්බෝක් ඇඳුමින් සැරසුන ළමයින් සහ යුවතියන් පැමිණ සිටියා . [එදිනට මේ ඇඳුම ඇඳගත් පසු බොහෝ තැන්වලට ඇතුල් වීම නොමිලේ ]

කනගාටුවට කරුණ වුයේ අපටත් එදා ඇතුල් වීම නොමිලේ වුවත් නිවාඩු දිනයක් නිසා විස්තර කර දීමක් නොවුන නිසා . නමුත් සම්ප්‍රදායික මුර සේවාව මාරුවන පෙරහරක් නම් දැක ගන්නට ලැබුණ


මාලිගය පැනොරාමා ඇසින්

 ඒ කාලේ කුමරියෝ හිම සෙල්ලම් කරන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති .මේ දෙන්න නම් යන්නේ කොහෙද මෙලෝ වගක් නැතුව හිම ගොඩක් දැක්ක ගමන් ජබොක් ගාල එකට පනින එක තමයි වැඩියම කලේ






සිංහාසනයක්



මෙවැනි විවිධ හිතළු සත්ව පිළිම රැසක් තිබුණ

මුර භටයින් මාරු වෙන වෙලාව



නම්සන් කුළුණ .
 
මේ කුළුණ තියෙන්නේ නම්සන් කඳු මුදුනේ .
 මේ ඒ කුලුන උඩට නැගල ගත්තු පින්තුරයක්

 මේ ආදර ඉබ්බෝ . ආදරවන්තයින් මේ නම්සන් කුලුන පාමුල ඇති මේ ස්ථානයේ ඉබ්බන් අගුලු දමල යනවා . මන් හිතන්නේ එහෙම කලහම ඒගොල්ලන්ගේ හදවත් ආයේ වෙන කාටවත් විවර වෙන්නේ නැති බවට විස්වාස කරනවා ඇති ..මන් කතා වල දැකල තියෙන නිසා ඔය් වගේ වැදගත් දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුණ . කොරියන් කතා බලනව කියල මට හිනා වෙන උදවිය ඔය වගේ වැදගත් කාරණා දන්නේ නැහැ .



 ජපන් අධිරාජ්‍ය තියෙන කාලේ මේ ජපන් අය වැඩිය හිටි පලාතක් තිබුණ නගරයේ . මේ ඒ පාරවල යද්දී ගත්තු පින්තුරයක්

මේ නම්දිමුන් මාකට් එක . පැරණි සහ සියෝල් වල ලොකුම දිවා රාත්‍රී මාකට් එක . මේ ඉටිරෙදි අවන්හල් කොරියාවේ ජනප්‍රියයි . මේවා ඇතුලේ කන බොන දේවල් වගේම සොජු කියන දේශීය මත්පැන් වර්ගය අලෙවි වෙනවා .
 
 

 සියෝල් ස්ටේෂන් එක ළඟ පිළිරුවක් . නිදහස් සටනේ නියමුවෙක්

 මේ'' අහිංසක මිනිසා ''කතාවේ නළුවා බර්ගර් විකුනනවා . හැම තැනම දන්නා කියන මුණු එක එක ජාති විකුනන හැටි දුටුවා




 
 
 
එලි පහලියේ මල් නොතිබුනත් ගුවන් තොට මල් පිපි තිබුණ . ඒ වගේම අපි ආපසු ආ වැලන්ටයින් දිනේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුනා .



.

රට සංවර්ධනය වෙන ගමන් දේශීය අනන්‍යතාවය යහමින් රැකගෙන බටහිර සංස්කෘතියත් එක්ක හොඳට කලවම් වෙච්ච රටක් කියල මට නම් හිතුනේ . මේ කලවම් වීමේදී ඉංග්‍රීසි බස අත්‍යවශ්‍යම වෙලා  නැහැ වගේ . ඇමරිකාවේ සහයෝගය උපරිමයට ගත්තත් බාසාව නම් අරගෙන නැහැ එහෙමකට . ජපානය වගේ සියබසින්ම කටයුතු කරන්න පුරුදු වුන රටක් .

නමුත් අද වෙද්දී ඉංග්‍රීසි අධ්‍යාපනයට ලොකු උනන්දුවක් ඇති වෙලා . මන් සලකුණු ආදිය භාෂා දෙකෙන්ම ඇති නිසා අපට එතරම් අපහසුවක් වුනේ නැහැ .

 ඒ වගේම මට හමුවුන කොරියානුවන් ආචාර ශීලි සහ කදිමට ඇඳුම් අඳින උදවිය බව පෙනුනා .
 
........................
.


කොරියාව ඉඩක් ලදොත් යලිත් වරක් නොව කීප වරක් යාමට වුවත් ආසා හිතෙන ලස්සන රටක් බව කිව යුතුමයි .



ප. ලි .

අන්තර්ජාලය සහ මගේ දීගයට පසු ගිය දවස් එතරම් සුබ නොවිණි . බ්ලොග් ලිවිල්ලත් කියවීමත් බැඳගත් විට සෙක්කුවක් වැනිය . ගැලවුන විට යලි බැඳෙන්නට අපහසුය .

හිත මිත්‍ර බ්ලොග් අඩවි කියවීමට පසුගිය දිනවල නොහැකි විය . සියල්ලෝ සමාව භජනය කරත්වා .

උදා වී ඇත්තේ සර්ප වර්ෂයයි . වර්ෂය සර්පයාගේ වුවද මිනිසුන්ගේ විෂ ගති පහවී සැමටම සුබ සර්ප වර්ෂයක් වේවා යයි පතමි .

67 comments:

  1. සුබ සර්ප වර්ෂයක්???

    ඉඳලා, ඉඳලා ලීවා උනාට, ලියනකොට හොඳට ලියලා තියෙන්නේ. අර යට කතාව ඇත්ත. මේකේ එල්ලුනාම් ගැලවෙන්ටත් බෑ. ගැල උනාම ආයේ එල්ලෙන්ටත් බෑ.:D

    කොරියාව හීනෙන්වත් ගිය නැති රටක්. විස්තර දැක්කාම යන්ට ආසා හිතුනා.

    //මේ ආදර ඉබ්බෝ . ආදරවන්තයින් මේ නම්සන් කුලුන පාමුල ඇති මේ ස්ථානයේ ඉබ්බන් අගුලු දමල යනවා //

    මේක නම් නිරිත ආසියාවට පොදු එකක්ද දන්නේ නෑ. ගිය රටවල් කීපයකම වගේ දැක්කා.

    කොහොම උනත්, හොඳ පාසැල් නිවාඩුවක් ගත කරලා තිබීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ සර්ප වර්සේ කිව්වම කිලි පොලා යනවා තමයි . ඒ වුනාට චීන ක්‍රමේට මේක සර්ප වර්ෂය .

      ඔයත් ගියොත් ඉබ්බෙක් දාල එන්න . ඔයා ගියොත් අර මාලිගා වල හිටි කුමරියෝ ගැන ලස්සනට ලියයි . ඇත්තටම මට ඔයාව මතක් වුනා . ඔය මාලිගේ හිටි රැජිනක් ජපන් ජාතිකයින් අතින් මිය ගිහින් කියන කතාව ඇහුවම .

      ස්තුතියි පොඩි

      Delete
  2. කොරියානු සුන්දරත්වය උපරිමයෙන්ම අත්විද ඇති හැඩයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොඳටම රස වින්දා ..ජෙජු කියල දුපතක් තියෙනව . එයට යන්න ආසාවුනත් යන්න වෙලා නැති වුනා .

      Delete
  3. කාලෙකට පස්සෙ නෙළුම් විලේ මලක් පිපිලා.. මලේ සුවද බලන්නත් කළින් සතුට ප්රටකාශ කළා.. නිදහසේ බලල අදහස ලියන්නම් හොදද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ..

      Delete
  4. ආස හිතුනා යන්න බින්දි... මාත් හිම පිස්සියෙක්... හි හි....

    ඔය කෑම තත්වේ කො‌ෙහාමද... කන්න පුලූවන්ද... චංගුමි කෑම හදලා හදලාම මට නම් ඒ කෑම කන්නත් බයයි.. ඒ තරම් දුකක් නේ විඳින්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. පුළුවන් කමක් ලැබුනොත් යන්න හිරු ..

      කන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනව . මුකුත්ම නැත්නම් ඔය කේ එෆ් සි ,,ලොටරියා වගේ ක්ෂණික ඒවා කන්න බැරිය .

      චන්ගුමි මට බලන්න ලැබුනේ නැහැනේ . මොනව වුනත් හැම කතාවේම කන එකම තමා වැඩේ

      Delete
  5. මගේ කොරියන් නංගිගෙන් ඇහුවම ලංකාවෙයි කොරියාවෙයි තියෙන වෙනසක් කියන්න කියලා.. එයා කියනවා “ලංකාවේ මිනිස්සු පාරවල් වල යද්දි හදිසියක් නැතිව ඔහේ යනවා කියලා... ඒත් කොරියාවේ පාරවල්වල ඇවිදින අය නෙවෙයි ඉන්නේ දුවන අයයි කියලා.. ඒ තරමට හදිසියක් එයාලට තියෙනවා“ කියලා..

    ඇත්තද ඈ..?

    ReplyDelete
    Replies
    1. අපොයි එච්චරමද නගාට පෙනිලා තියෙන්නේ ...ඔව් ඉතින් එයා අය්යා ගේ මුණු පොඩිය බලන් අනික් වෙනස්කම් කොහොම කියන්නද ...

      ඇත්ත ..හය්යෙන් ඇවිදින්නේ . මොකද වැඩ . ඔය රටවල් දියුණු වෙලා තියෙන්නේ වැඩ කරලනේ . අනික තමයි සංවර්ධනය වුන පලියට නිකන් මුකුත් නැහැ . හැමදේම මිලට . ඉතින් දුව දුව තමයි වැඩ .

      නරකද කොරියන් රෙසිපියක් දෙකක් ඉගෙන ගත්තොත්

      Delete
    2. @ මාරයාගේ හෝරාව

      ඒක නම් කොරියාවට විතරක් නෙමේ සිංගප්පූරුවටත් පොදුයි. උඩට පහළට යන පඩි පෙලේ පවා මෙයාල ඉක්මණින් ඇවිදගෙන ඉස්සරහට යනවා

      Delete
  6. ඉතාමත්ම වටිනා සංචාර සටහනක් ලස්සන පිංතුරත් එක්කම ලගන්නා සුලු අයුරින් ඉදිරිපත් කොට තිබෙනවා බින්දි. ඉතාමත් සතුටු දායක සංචාරයක් බව නම් පැහැදිලියි..ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් කිසිම කරදරයක් වුනේ නැහැ . හරිම හොඳ ගමනක් ..ස්තුතියි ඔබට

      Delete
  7. කොරියාව කියන්නේ චිනේ ජපානේ සස්කෘතිය මිශ්‍ර වෙච්ච රටක් වගේ මට නම් හිතෙන්නේ. මම අහල තියන් විදියට එයාල හරිම ආචාරශීලි ජාතියක් ලු. ඒ වගේම තමන්ගේ අනන්‍යතාව ගැන හුගක් ආඩම්බර වෙන ජාතියක් ලු.
    (බින්දී අක්කාගේ පොඩ්ඩෝ දෙන්නා මම හිතවට වඩා ලොකුයි )

    ReplyDelete
  8. ඔබේ සංචාරයේ රසමුසු තැන් අලලා කරන මේ සංචාරක සටහන් හරබරයි වගේම නිරතුරුව අලුත් යමක් අපිට බෙදා දෙනවා. බොහෝම ස්තුතියි බින්දි.

    පසුගිය දිනවල අමිහිරි මතක හෑන් ගංගේ හිම අතර හිර කර ආවා යැයි සිතා ගෙන ලස්සන සංචාරයක සුන්දර මතකයන් ගෙන් හිත පුරවා නව ජවයක් ලැබෙන්න ඕන කියා පතනවා.

    නිදහස ලැබ සංවර්ධනයේ ඉහළටම ඇදෙන කොරියාව වගේ රටක් දකිද්දී අපිට අපේ රට ගැන ඇතිවන්නේ දුකක්. අපි මේ සාධකය ගැන බලමු:

    අප රට ඉංග්රීසි පාලනයෙන් නිදහස ලබන කාලයේ රටේ දළ ජාතික නිශ්පාදන (GDP) ඒකකය ඇමෙරිකානු ඩොලර් 49ක් විය, එකල එය දෙවැනි වූයේ ජපානයේ අගය වූ 50ට පමණි. පතොක් යාය

    එදා අහලකවත් නොසිටි නූතන ආසියාවේ රටවල් එක්ක බලද්දි අපේ තත්වය?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අය්යේ ..දුකයි තරහයි දෙකම ඇති වුනා . කොටින්ම ලංකික දේශපාලනය ගැන . කොරියන් ඉතිහාස කතා කියවද්දී පුදුමයි විඳලා තියෙන දුක් . වවපු හාල් ටික පවා ජපනා අරන් ගිහින් . බත් කනවා කියන එක සුඛෝපභෝගී දෙයක් වුන කාලයක් තිබිල .

      එකම දේ කොච්චර දියුණු වුනත් රට දෙකඩ වීමේ ප්‍රශ්නය සැහෙන කරදරයක් . අපි එහෙ ඉද්දිත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් වුනා උතුරේ . අපට දුපතක් වීමේ වාසිය කොච්චර දෙයක්ද .

      ආර්ථික පැත්ත නම් අපේ පසුබෑම කියල වැඩක් නැහැ . පතොක් යාය පැත්තේ එන්නම්

      Delete
  9. මම මේ කෑම බලලා ඔයාලට බඩේ අමාරුව හැදුනොත් මම නෑ ඕං! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් ඕවා කාලා ගොඩක් කල් රජතුමනි ..හැබෑටම එහෙ ගියොත් මාලිගාවක් අල්ල ගන්න තිබ්බා

      Delete
  10. දියුණුවට ඉතා වේගයෙන් ලංවෙන රටක් තමා කොරියාව.සංචාරයේ තොරතුරු හරිම ආකර්ෂණික ආකාරයට ලියලා තියෙනවා බින්දි අක්කා..

    හිම බල බලා උන්න විතරද " ගැන්ග්නම් ස්ටයිල් " ඩාන්ස් එකක්වත් කලේ නැද්ද ? :)

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කිට ගන්ග්නම් පලාතට යන්නත් ඕන වුනා . ඒ කියන්නේ ගඟෙන් දකුණ . ගන්ග්නම් ලු නගරයේ වැඩියම දියුණු පළාත .

      අපොයි මන් නම් වෙවුල වෙවුලා හිටියේ එළියේ ඉන්න වෙලාවට . ළමයින්ට නම් ගානක් නැහැ

      Delete
  11. බින්දි, ඒක උච්චාරණය කරන්නෙ සියෝල් කියලද සෝල් කියලද? ඒ ගොල්ලො කිව්වෙ කොහොමද කියලා මතකද?
    මුඩුක්කු වලට කොරියාව කියනවා වගේම අපරාධ සිදුවෙන නගරයකට චිකාගෝ වගේ යයි කීමත් අපිට නවත්තන්න තිබ්බේ දශක ගණනාවකට පෙරයි. දැන් ලංකාව වගේ කියන එකයි වඩා සුදුසු.

    >>රටක දියුණුව යනු දුප්පතුන් කාර් වල යාම නොවේ පොහොසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම ''යයි කවුදෝ කියා තිබුණ<<

    හික් හික්. එහෙම කොහෙද වෙලා තියෙන්නෙ දන්නෙ නෑ නේද බින්දි. මම අහලා තියෙන විදියට පොහොසතුන් කෙසේ වෙතත් ජනගහනයෙන් වැඩි පිරිසක් ටෑක්සි වල සහ සබ්වේ එක පාවිච්චි කරනවා නිව් යෝක් වල නම් පෞද්ගලික වාහන ගාල් කිරීමේ අපහසු තාවය නිසාම.

    අර එළවලු වවලා තියෙන්නෙ මම හිතන්නෙ හයිඩ්‍රෝෆොනික්ස් ක්‍රමයට. ඔය ස්ලැබ් එක යට තියෙන්නෙ පොහොර දිය කරපු නොගැඹුරු වතුර ටංකියක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට ඕක සෝල්...

      Delete
    2. සෝල් තමයි හරි . ඇත්තටම අපට පොඩි කාලේ ඉඳන් හුරු කමට සියෝල් කීවාට .

      එක්ස්පර්ට් ගෙන් අහන්න කියනෙන් ඕක තමයි . මටත් හිතුනා දියරයක වෙන්න ඇති කියල . පටක රෝපණය වගේමයි නේ .

      ඔව් එතන කපලා විකුනනවා ඒ කොළ ජාති .

      අනේ මන්දන්නේ නැහැ ඩුඩ් කොහේදෝ නගරාධිපති කෙනෙක් කිවා කියල තමයි අහල තියෙන්නේ . කොරියාවෙත් කාර් පාවිච්චි වෙනවා .නමුත් ට්‍රැෆික් අඩුයි .පාරවල් ලොකු නිසාද අපි හිටි නිවාඩු දවස් නිසාද මන්දා .

      Delete
    3. @Dude
      ඇයි බොල මත නැද්ද ටෝනි බ්ලෙයාර් ගෙ නෝනා කෝච්චියේ ගිහින් දඩ කෑවේ...

      ඕක මෙහෙම හිතපං, තමන්ට පෞද්ගලික වාහනයක් තියෙද්දි, බස් එකේ හරි කෝච්චියේ හරි යන එක ඊට වඩා ඉක්මන් සහ පහසුයි (ලාබයි නෙමෙයි) කියලා හිතන එක තමයි ඔය. අපේ ඔපීසියේ ඉහල මට්ටමේ විධායක පොරවල් පවා උදේට කෝච්චියේ හම්බ වෙනවා.

      Delete
    4. ඇත්තටම පොදු ප්‍රවාහනය හොඳ නම් එය තමයි ලේසි . නින්දක් දාගෙන හරි පොතක් කියවගෙන හරි යනඑක කොච්චර ලේසිද

      Delete
  12. අවංකවම ලියන්නෙ. අද මට බින්දි මතක් උනා..නෙලුම් විලේ මල් පිපෙන්නෙත් නෑ...!අපේ පෝස්ට් වල දකින්නත් නෑ..පවුලේ කාට හරි..ලෙඩක්,දුකක්වත්ද කියලයි හිතුවෙ.....

    අපේ මල්ලි නිවාඩුවට එනකොට සෝජු දුසිම් ගානක්ම ගෙනත් තිබුන..:)))
    ඔහු කිව්ව විස්තර විදියට...ඕවුන් හරිම කාර්‍යක්ෂම මිනිස්සු. හරිම කඩිසරයි.

    අනික අමුතුම කාරනාව ඔවුන් රාත්‍රී ආහාරය හවස 5ට විතර අරගන්නවලු, රෑට සුලු බීම වර්ගයක්(පලතුරු වෙන්න ඇති) බොනවලු. අපේ අයට කොරියාවට ගියාම පුරුදු වෙන්නම අමාරු මේකලු. ඇයි රෑට බඩගිනි වෙනවනෙ නින්දෙන්.
    අපේ මල්ලිල බෝඩිමට ගිහින් ආයිත් උයාගෙන කනවලු..:)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වී ..ආයෙම මේ පැත්තට ආවේ හරිම කම්මැලි කමෙන් .

      විගේ මල්ලි කොරියාවේද . මේ කලාපයේම රටවල වේලාසන කන පුරුද්ද තියෙනව . එකොළහ වෙද්දී දවල්ට කන්න පටන් ගන්නේ . රෑටත් කලින් කනවා .මන් හිතන්නේ කෙට්ටුවට ඉන්න එක හේතුවක් එය .

      අපේ දිහා වුනත් හය හයහමාර වෙද්දී ළමයි රෑට කනවා සතියේ දිනවල .සමහර දාට ඊටත් කලින් .

      Delete
  13. උඩම පින්තූරේ හරි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම කොහේ හරි යද්දී ඔය වගේ බිමට බාද්දී පින්තුරයක් ගන්නවා . එක එක රටවල් නගර හරිම වෙනස් . මේ හිමෙන් වැසුන කොරියාව . සියෝල් වල ගුවන් තොටුපල තියෙන්නේ ටිකක් දුර වෙනම පලාතක . හරියට කොළඹ කීවාට කටුනායක වගේ . ඊටත් ඈතින්

      Delete
  14. දකුණු කොරියාව කියන්නෙ ඇත්තටම ආදර්ශයට ගතයුතු රටක්.. ඔවුන් බටහිර සහයෝගයත් අරගන, තමන්ගේ වටිනාකමුත් රැකගෙන අද ලෝකෙ බලවත් ජාතියක් වෙලා ඉන්නවා.. කොරියන් ජාතිකයන් ඇත්තටම වැඩටම කැප වෙලා ඉන්නෙ. කොරියාවෙ සහ අපේ වෙලාවෙ වෙනස පැය පහක්. ඒ කියන්නෙ ඔවුන් පය පහක් අපිට ඉස්සරහින්.. අපි ඔෆිස් ඉවර වෙන වෙලාවකට මේල් එකක් දැම්මත් ඔවුන්ගෙන් පිළිතුරු හම්බෙනවා.. ඒ කියන්නෙ එතකොටත් ඔවුන් වැඩ කියන එක. හැබැයි වීකෙන්ඩ් එකේනම් මලාට අල්ලන්න බෑ..

    දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කිව්වොත් කොරියාව අනිවාරයයෙන් එතන ඇති. Hyundai, Samsung, Daewoo etc... මේ රටේ කරණ ව්‍යාපෘති වලින් වැඩි හරියක් දීලා තියෙන්නෙ ඔවුන්ට. ඒක යුරෝපයටත් තර්ජනයක් වෙන තරමටම පත් වෙලා ඉවරයි..

    අපි හිමවලට ආස වුනාට ඒවා තියන අය කැමතිම නෑ. මට මේ ලඟදි ලොන්ඩ්‍රියෙදි ඇමෙරිකන් පොරක් කතාවට සෙට් වුනා.. මිනිහට වැකේශන් යන්න තියෙන්නෙ ලබන සතියෙ කියලා නහින් අඬනවා.. මම පුදුම වෙලා ඇහුවා ඇයි කියලා, ඇයි යකෝ අපි වැකේශන් යන්න තියනවනම් පැනලනෙ යන්නෙ.. මිනිහා කියනවා දනිස්ස ගාවට හිමලු.. හියුමිඩිටි එක වැඩි වුනාම කොච්චර බ්ලැන්කට දාගත්තත් ඉන්න බෑලු ඇඟ හිල් කරන් යනවා වගේලු තේරෙන්නෙ.. ඔන්න ඔහොමයි හිම වල තත්ත්වෙ..ඒත් දාඩිය දානවට වැඩියනම් හොඳයි කියලා මට හිතෙනවා.. සමහර විට ඔය අත්දැකීම ලබනකම් විතරක් වෙන්න ඇති.

    >> අන්තර්ජාලය සහ මගේ දීගයට පසු ගිය ද... <<

    මේක දැක්කමනම් මට "හා" කියන එකෙයි " සහ " කියන එකෙයි ලොකු වෙනසක් තියන්වා කියලා හිතුනා. එහෙම නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් . ආදර්ශයට ගන්නවා නම් හොඳ ද දේවල් හරියට .

      මෙහෙ ඉන්න කොරියන් ළමයි දිහා බැලුවම ඉගෙනීමට තියෙන උනන්දුව පුදුමයි . හැමදේම හරියට කරන්නයි බලන්නේ .

      හිම ..අය්යෝ ඉඳල හිටලා හොඳා .හැමදාම නම් එපාමයි . මන් නම් නිවර්තන දේශගුණය ඉහලින්ම අගය කරන්නෙක්

      හරි හමන් හීටර් නැති නම් වින්ටරය කියන්නේ එපාම කරපු එකක් . අපිටත් හිම නැතුවට අංශක 6 වගේ පහළටත් යනවා
      ඇත්තටම සහ නෙමේ සමග වුනා නම් වඩා ගැලපෙනවා කියල හිතෙනවා . කලබලේට ලියද්දි සහ ලියවිලා ....

      Delete
  15. අර පෝස්ටර් එකේ ගහල තියෙන්නෙ බ(ර්)ගර් වල ගණන් ද?

    වැඩිම එක රුපියල් 575 ක් ......????

    ඒවනම් ගණන් වැඩී වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. අන්තිමයා ඇත්තටම වොන් රුපියල් වලට පෙරලලද කිවේ . හරි ඇති . මොකද වොන් 1000ක් ඩොලර් එකක් වගේ රේට් එකකට යන්නේ .

      ගණන් ...ඔව් හැමදේම ගණන් . ජිවන වියදම වැඩියි වගේ හුඟක් . හැබැයි සේවය ඉස්තරම් . ඒ අයගේ ආදායමත් ඇති ඉතින් ඒවගේම .

      තව එකක් ගණන් වුනත් කෑම ප්‍රමාණය ලොකුයි .සාධාරණයි ...

      Delete
  16. ඔයාල ඉන්න රටේ හිම නැද්ද? මම හිතුව හිම වැටෙන රටක් වෙන්න ඇති කියල.

    මම කාලෙක ඉඳන් හිතන් ඉන්නේ හිම වැටෙන රටක ඇවිදින්න. මේ අප්‍රිකාවේ හිම වැටෙන්නෙම නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අසරණයෝ . ඇත්තටම හිම වැටිලා ඉර පායනවා නම් එකක් . මෙහෙ ඉතින් මිදුම .. ඉඅර පායන්නෙත් නැහැ . දැන් නම් ඉවරයි . ලස්සන දවස්

      අප්‍රිකාවට හිම ...කවුද දන්නේ කවද හරි එහෙම වේද කියල

      දකුණු අප්‍රිකාවේ නම් හිම නැතත් සිතල කාලයක් තියෙනව . ඉතියෝපියාවේ අඩිස් අබාබා වලත් වියලි සිතල දේශගුණයක් තියෙන්නේ .

      Delete
  17. කොරියාව කිව්වට මේ දකුණු කොරියාව වෙන්න ඕනේ මම හිතන්නේ? උතුටු කොරියාව ගැනනම් ඒ තරම් හොඳ දේවල් අහලා නැහැ. විස්තරයත් රූප ටිකත් ලස්සනයි. හිම දැකපු මුල්ම දවස්වල ලොකු එවුන් කියලා නෑ අපිත් ඔහොමමයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි දකුණ . උතුරට යන්න ලේසි නැතුව ඇති . හැබැයි යන්න ලැබුනොත් කැමතියි .

      Delete
  18. ස්තුතියි! ආසාවෙන් කියෙව්වා.

    කොරියාවෙත් සර්ප වර්ෂය සමරනවාද? ඔවුන්ගේ කෑම වලත් සර්පයන් ඇතුලත් කොට සකස් කරන ලද විශේෂ කෑමත් ඇති මම හිතන්නේ.

    අර වෙලදසැලේ තිබුණු එලවලු ඒ වෙලාවේම ගලවලා විකිනීමටද එහෙමත් නැත්නම් විකිනීමට තිබෙන පැලෑටිද?

    ReplyDelete
    Replies
    1. ඔව් චීන අවුරුදු ක්‍රමය ඇති රටවල සමරනවා . හැබැයි චීන අවුරුද්ද මේ අය සලකන්නේ කාලගුණ සැලකීමේ උත්සවයක් ලෙස .

      දැන් නම් සර්පයන් කනවද මන්දා . ඉස්සර කන්න නැති අමාරු කාලවල තමයි ඔය වගේ අසම්මත ආහාර හුඟක් කාල තියෙන්නේ .

      සර්පයෝ නම් මේ කලාපයේ හුඟක් රටවල කනවලුනේ .

      ඔව් ඒ එළවලු විකුනන්න තියෙනවා .

      Delete
  19. අනික් කමෙන්ට් වලට උත්තර දෙන්න හවසට එනවා . කාන්තා දිනේ නේ ..යන්න ඕන එලියට පහලියට ...

    ReplyDelete
  20. // කොරියන් කතා බලනව කියල මට හිනා වෙන උදවිය ඔය වගේ වැදගත් කාරණා දන්නේ නැහැ .//
    සම්පූර්ණයෙන් එකඟයි බින්දි..ඔය කොරියන් කතාවලට හිනාවෙන උදවියට ලැජ්ජාවෙන්න පෝස්ටුවක් ලියපු එක ගැන නම් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔයත් ආසයිද ..ඔව් අනේ ඇත්තටම කොරියන් කතා ගැන විතරක් ලියන්න පුළුවන් පෝස්ට් එකක්ම .

      Delete
    2. කියල වැඩක් නෑ... ;D

      Delete
    3. ඔන්න එහෙනම් නෙලුම් විලේ අළුත් පෝස්ටුවක්..

      @මියුරු, ;)

      Delete
  21. ඔන්න ඔන්න මේ විස්තර ටික දැක්කම කොරියාවට දුවන්න හිතෙනවා. හිම ගොඩක් දැක්කම පුංචි අය ආස උනාම මොකෝ , මං උනත් කරන්නෙ එයාල කරන වැඩේම තමා. මේ දවස්වල ජාතික රූපවාහිනියේ කොරියන් කතා යන නිසා කොරියාව දැන් හරි ජනප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. යන්න ලැබුනොත් ගිහින් එන්න සොන්යා ...ලස්සනයි

      Delete
  22. බොහොම ලස්සන විස්තරයක්... බලන්න යන්න ආස හිතෙනවා. මමත් සංචාරය සඳහා බොහොම උනන්දුයි. වැඩේ තියන මේ රටේ ඉඳලා වෙන රටකට යන්න නම් පියාඹන්නම එපැයි. වියදම් වැඩියි.

    අපි උදාහරණෙට ගන්නව නම් කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කොච්චර තියනවද... ලෝකේ අපිට පහලින් හිටපු රටවල් හිමින් හිමින් අපිව පහු කරගෙන ඉදිරියට යනකොට අපි යන්නෙ අනිත් පැත්තට කියලා තේරෙනකොට දුකයි. හැමදාම කරන්නේ අතීත ශ්‍රී විභූතිය කිය කිය අනාගතය අනාගැනීම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය රටේ අනික් කොනට යන්නත් පියාඹන්න ඕන නේද . මෙහෙත් එහෙම තමයි . රට ඇතුලෙත් ගුවන් ගමන් තමා වැඩි .

      ළඟ වුනාට ගොඩබිමින් යන්න පුළුවන් චීනෙට , ලාඕස් සහ කම්බෝජියාවට විතරයි . නමුත් ඒ දේශසීමා ආසන්නයේ මිනිස්සුන්ට විතරයි . මන් දැක්කා සමහර තැන්වල වැටක් වත් නතුලු.අපට නම් විසා ගන්න ගියහම එපා කරපු රටවල් නේ ඕවා .

      Delete
  23. ඉස්සර කොරියාව කිව්වේ නිතරම උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ගහගන්න නිසා. ඒත් දකුණු කොරියාව කියන්නේ ළෝකයේ දියුණුම රටක්. අපේ අයත් ගොඩක් වැඩ කරණවා නේ එහෙ. මගේ ඥාති පුතෙක් බැඳලා ඉන්නෙත් කොරියන් කෙල්ලෙක්. බලමු අනාගතේ දවසක රවුමක් ගහලා එන්න. කවදත් වගේ මල් මසුරන්...

    ReplyDelete
    Replies
    1. කොරියාව කියන්න තව හේතුවක් මුඩුක්කු පැල්පත් . 1950 ගණන් වල ගම්වලින් නගරයට ආපු මිනිස්සු පැල්පත් අටවන් තියෙනවා . අන්තිම නරක සනීපාරක්ෂක පහසුකම් තිබිල තියෙන්නේ . යුද්ධ කිපයක ප්‍රතිපල . නමුත් 60 70 දශකවලට පස්සේ තත්වේ වෙනස් වුනා .

      ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා දෙන ගිවිසුමක් අත්ජි වුනා මෑතක . මට මතක විදිහට වසර හත අටකට පෙර .

      මාතලන්ට ඒ පැත්තේ රවුමක් යන්න ලැබෙන්න පතනවා .

      Delete
  24. හරිම සුන්දරයි. ඔයාගෙ ජීවිතේ ගැන ඊරිසියයි, මාව නම් දැන් එක තැන කො‍ටු වෙලා.හිතට කිසි නිදහසක් නෑ, අහම්බෙන් හරි හිතට වෙනසක් එන්නෙ මේ වගේ ලිපි කියෙව්වුවම. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔයා තවම පටන් ගත්තා විතරනේ සිදු ....තව ගොඩාක් අවස්ථා ලැබෙයි අනිවාර්යයෙන්ම ...එහෙම වෙන්නයි මගේ පැතුම ඔන්න

      Delete
  25. ලංකාවෙ මේ දවස්වල කොරියාව ගැන උණුම් පුවත් සපයන්නේ ‍හඬකැවූ ටෙලි නාට්‍ය නිසා.. ඒත්සමහර රටවල් කාලගුණ දේශගුණ විපර්යාසයන් නිසා ඒ සොබාදහම සැබැවින්ම ලස්සනයි.

    උතුරු කොරියාව නම් එතරම් දියුනු රටක් නෙවේ.නමුත් ඊට හාත්පස වෙනස් දකුනු කොරියාව. මොනව වුනත් මේවා කියවන කොට නොදැක්කත් දැක්කා වාගේ තමයි

    ReplyDelete
    Replies
    1. උතුරයි දකුණයි අතර ලොකු දේශපාලනික කතන්දරයක්නේ . ඔන්න ආයෙමත් තිබ්බ පොඩි පොඩි පයුරු පාසානමත් බිඳ වැටිලා .

      Delete
  26. Replies
    1. හරිම වැඩක් නේද . කවදාවත් එකමුතුවක් වෙන්නේ නැති වෙයි . ස්තුතිය් ලින්ක් එකට කවි

      Delete
  27. කොරියන් කතා බලලාම මටත් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි කොරියාවෙ යන්න... මට කොරියන් නාට්‍ය පිස්සුව හැදුවෙ නම් රූ...ඔයාත් බලන බව දැනගෙන හිටියෙ නෑ...

    ඔය ජෙජු දූපත ගැන කියනකොට උන් උඩ පනින හැටි දැක්කම එතැන ගොඩාක් ලස්සන තැනක් කියල හිතෙනවා... සමහර නාට්‍යවල ඒකෙ ලස්සන තැන් පෙන්වනවා තමයි... යන්න උනා නම් ලස්සන පිතූර ටිකක් බලන්න තිබ්බා.... එයාලගෙ කෑම ලස්සනයි වගේම රසයිද බින්දි...? කන එකයි සෝජු බොන එකයි දත් මදින එකයි ඔය හැම නාට්‍යයකම ප්‍රධාන දේවල්නෙ...

    පොඩි දෙන්නා නම් හොඳට විඳලා තියෙන බව පේනවා, අම්ම සීතලට ගුලි වෙලා හිටියා කිව්වට... කොරියාවෙ ආර්ථික දියුණුව විතරක් නෙවෙයි උන්ගෙ නාට්‍ය සින්දුවලට පවා අද ලෝකෙ වටේම ලොකු ඉල්ලුමක් තියෙනවා... එයාල ඒ පැත්තෙනුත් ඉන්නෙ ගොඩක් ඉස්සරහ... අර ලංකාවෙ කොඩිය දැක්ක හැටි නම් හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. සන්තෝෂයි ආ ..මන් වගේ තව අය ඉන්නවනේ . මෙහෙ කේ බි එස් චැනල් එක තියෙනව . දවසකට කතාම හතරක් විතර .

      අපට බොලිවුඩ් වගේ මෙහාට කොරියන් සිනමාව , සංගීතය වගේම ඇඳුම් විලාසිතා .

      ජෙජු කියන්නේ ගිනි කඳු නිසා ඇති වුන දුපතක් . යුනෙස්කෝ උරුමයක් ලෙසත් නම් වෙලාලු . ලස්සන ඇති . යමු නේද දවසක ..

      Delete
  28. ලිවීමේ රටාව වෙනස් වෙලා වගේ..හිත මිතුරු බව අඩු වෙලා පොයින්ට් ෆෝම් එකෙන් බයෙන් ලියලා වගේ දැනුනේ..කොහොම උනත් විස්තරයට ස්තුතියි..හැමදාම වගේ ආසාවෙන් කියව්ව...

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම දැනුනද ..කාලෙකින් ලියු නිසා සහ අනෙක් අතට වැඩියම පුද්ගලික කාරණා එලි දැක්වීමේ පොඩි චකිතයක් නිසා වෙන්න ඇති . ඒ ගැන සමාවෙන්න කැරලිකාරී

      Delete
  29. පහුවෙලා තමා හම්බ උනේ. ඒත් ඉතිං මක්කැයි එළට තියෙනවා විස්තර අටෝරාසියක්.. නියමයි... සර්ප වරුසය සුභ සර්ප වර්සයක් ම වේවා...

    ReplyDelete
    Replies
    1. පමා වුනාට මොකෝ දේශකයා . අලුත් එකක් ලියන්නත් හදලා ටිකක් තියෙන්න ඇරියේ පින්තුර ටික ලස්සන නිසා අපරාදේ තව අයට බලන්න බැරි වුනොත් කියලයි .

      ඔබටත් එසේම වේවා ....

      Delete
  30. චංගුමීව බලන්න ගිහින් නැහැනේ. වැඩක් නැහැ වැඩක් නැහැ :D

    ReplyDelete
    Replies
    1. චන්ගුමි හිටිය මාලිගයද දන්නේ නැහැ අපි බැලුවේ

      Delete
    2. චංගුමීලාගේ නාට්‍යයට නම් වෙනම මාලිගා සංකීර්ණයක් හැදුවා කියලත් මොකේ හරි තියෙනවා දැක්කා. අනේ මන්දා

      Delete
  31. අප්පා අපිව කොරියාවේ ටුවර් එකක් එක්කගෙන ගියා වගේ අප්පේ . . .

    ඔයාගේ බ්ලොග් එක කියෝලම දැන් රටවල් තැන් ගානක් ලිස්ට් එකට දාගෙන ඉන්නවා.

    මැරෙන්න කලින් යන්න ඇහැක් උනොත් හොඳයි.

    බැරි උනත් අවුලක් නෑ මේ පෝස්ට් එක්ක හිතින් හරි සංචාරය කලානේ කියලා හිත හදා ගන්නවා.

    ReplyDelete