Wednesday, 13 March 2013

අතීතයෙන් මල් අහුලන වසන්තයේ

සිතල අහවරයි . ඇවිදින්න යන්න හොඳ කාලේ . හිතුනම උදේට වැව වටේ රවුමක් යනවා . මේ ඉතින් වසන්ත කාලය . සිතල කාලය ඉවර වෙලා මෙහෙ අවුරුදු සමයේදී වැඩියම දැක්කේ පිච් මල් . තද සිත සමයේ තිබුනේ රෝස වගේ මල් වර්ග වැඩිපුර .

වසන්තයේ උදාවත් එක්ක නම දත් සහ නොදත් බොහෝ මල් වර්ග දාගත්තු මල් කුඩා බයිසිකල පාර පුරාම .

රෝස ඩේලියා දන්නා මල් . නම දන්නේ නැති පාට පාට මල් දැක්කම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි .


 ඒ වගේම තැන තන වවලා තියෙනව ලෝකේ තියෙන ලස්සනම පාට වල මල් . දාස් පෙතියා , සිනියාස් , කපුරු .......කුඩලු වර්ග ...සුරිය කාන්තා මල් ...

දැක්ක තැනක මල්වල පින්තුරයක් ගන්න එක සතුටක් . ඒ මල් නෙළුම්විලේ අයිනේ හිටවන්නමයි හිතෙන්නේ .

කලින් ලියාපු වැව ගැන මතකද . ඒ වැව ගාව වසන්ත උදානයේදී මලින් සරසලා තිබුණ . රාත්‍රියේදී විවිධ වර්ණයේ බකට් සහ වර්ණවත් විදුලි එලි වලින් ලස්සන කරලා තිබුණ . මල් වල ලස්සන බලන්න දවල් වෙනමම ගියා .



මේ නම් මල් කඩනවද කොහෙද ....




සොබාදහම කියන්නේ පුදුම දෙයක් . ටිකක් කල්පනාවෙන් හිතුවොත් හරිම පුදුම දේවල් දකින්න පුළුවන් . නිවර්තන රටක් වුන අපේ මල් හුඟක් සුවඳයි . හේතුව මොකක්ද දන්නේ නැහැ . පාට පාට හුඟක් තිබුනට මේ කාලයේ පිපෙන මල් එච්චර සුවඳක් නැහැ .

කොබෝලිල...
කැළණි පන්සලේ කොබෝලිල ගස් ගොඩාක් තිබුණ මතකයි

බිම වැටුන කොබෝලිල

ජම්බෝල මල් ..මේ මල් නම් හරිම සුවඳයි

ඩේලියා


සුවඳ හමන මල් මෙහෙ පිපෙන්නේ ගිම්හාන කාලෙට . රස්නයයි මල් වල සුවඳයි අතර මොකක් හරි අපුරු සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ .

මේ මල ඉඟුරු පවුලට අයිති එකක් කියලයි කෙනෙක් මට කිවේ . ඉඟුරු වගේම මේකේ අලයත් යම් යම් දේ වලට ගන්නවලු .

 
 
අහන දකින නහයට දැනෙන ඕනෑම දෙයක් ඔස්සේ අතීත මතක ඇත්නම් ඒ දේවල් දැනෙනවා වැඩියි . හරියට අර ජමනාරන් කතාවේ කිවා වගේ .

අපි හොඳට ගහකොළ ඇසුරේ හැදුන ළමයි . මලක් ගහක් කොලක් කියන්නේ අපේම ජිවිත වල වෙන් කරන්න බැරි දේවල් .

අපේ ගෙදර අම්මයි අය්යයි මල්ලියි ගස් වැවීමට අත්ගුනේ ඇති අය . අක්කයි මමයි එහෙමකට වැවිලි කාරියෝ නෙමේ . හැබැයි කොයි පොඩි ගැහැණු ළමයත් වගේ අපිත් පොඩි කාලේ මල් වැවුවා . කාලෙන් කාලෙට එක එක මෝස්තරේට .

මට මතකයි කාලයක් තිබුණ ඩුබායි රෝස , දවල් කුමාරි කියන නමින් අපි හඳුන්වපු පොඩි පාට පාට මල් ජාතියක් . හරිම ලේසියි . අතු කෑල්ලක් නිකන් ඇන්නත් පැලවුනා .

අපි දෙන්නා වෙන වෙනම පාත්ති දැම්මා . තව සිනියාස් ..අට පෙතියා ...දහස් පෙතියා ..[ අට පෙතියාට නම් පෙති අටයි . දාස් පෙතිය කවදාවත් පෙති ගණන් කරලා නැහැ . ඇත්තටම දාහක් ඇතිද කියල ]

අද වෙද්දී දකින්නම නැති තරම් රාජ කපුරු . මෙහෙ නම් මිටි බැඳ විකුනනවා රාජකපුරු .දැක්කම ඉතින් යාලුවෙක් දැක්කා වගේ .

ඒ ඇරෙන්න අරලිය ගහක් වතුසුදු ගහක් දෙකක් ,,ගාඩිනියා පඳුරක් අනිවාර්යයෙන් හැම ගෙදරකම වගේ තිබුනනේ . ඉද්ද හෙම නම් ඉඩම් වල නිකමට වගේනේ වැවිලා තිබුනේ . අපේ අම්මගේ ගමේ මහගෙදර මායිමේ රබර් වත්තක් තිබුණ . ඉද්ද ගස් පිරිලා .


පොඩි මාමා ගෙවත්ත ලස්සන කරන්න හරිම මහන්සි වුන කෙනෙක් .
මල් වත්තක් වගේ . සල්ලි වියදම් කරලා හෙම නෙවේ . මහන්සියෙන් .

බොරළු පවා එක තරමේ ගල්ද කියල හිතෙන තරමට පිළිවෙලට අතුරලා . [අම්මගේ ගම ගැන ලිපියක් ලියන්න ඕනේ ]

තාත්තගේ මහගෙදර එයිට දෙවෙනි නැහැ . ඒ ගැන නම් කලින් කිවනේ . නුවර එළියේ වගේ ලස්සන රෝස මල් . අපිත් ඉතින් තන්හාවට ඔය ගිය දිහාකින් අතු අරන් ඇවිත් හිටවනවා . කලාතුරකින් තමයි එහෙමකට හරි ගියේ .

දහම් පාසල යද්දී හරි පන්සල් යද්දී හරි අපිට මල් ගොඩාක් ඕන වුනා . ඒ කාලයේ ඉඩකඩම් වලට ලොකු තාප්ප වැටවල් තිබුනේ අඩුවෙන් . සමහර ගෙවල් වල සේපාලිකා ගස් තිබුණ . වතුසුද්ද වගේ මල් නම් නිකන් වැටවල් වලට හිටවලා . පාරේ යනගමන් වුනත් කුඩේ පුරෝ ගන්න පුළුවන් .

ඒ වගේම තමන්ට ඉඩ තිබිලත් ගහක් වවන්නේ නැතුව හැමදාම අනුන්ගේ ගස් වලින් මල් කඩන පන්සල් යන අයත් ඕනෑතරම් හිටියා . එහෙම මල් කඩන ගමන් ඉඩමට අලාබ හානි කල නරක ළමයිනුත් හිටියා .


සමහර ගෙවල් වල ලස්සනට මල් වවලා තිබුනට ඒ මල් පන්සල් ගෙනිච්චේ ගෙදර අය විතරයි .

තමුන් පන්සල් යන්නෙත් නැතුව අනුන්ට මලක් කඩන්නත් නොදෙන ගෙවලුත් තිබුණ .  ඔන්න ඔය වගේ එදිනෙදා අත්දැකීම් අහල දැකලා අපි ලොකු ළමයි වුනා . ගම දාල ගියා .

වාහන දුම විඳගෙන කලබල නගරයේ වටරවුමක පිපිච්ච අටපෙතියා මලක් දන්නෙවත් නැතුව ඇති අපිට ඒ මලුත් එක්ක කොයිතරම් සම්බන්ධකම් තියෙනවද කියල .


පින්තුර සේරම මගේ ...

83 comments:

  1. මාරයි අෑ. නියමයි... අර මල් කඩන ඒකක් ෙනාව තණෙකාල අැහිදීමකි.. හික්.. හරි අම්ම ගැන ලියන්නටෙකා් ඒෙහනං. සිංහල ුවුල් ෙවලා අප්පා

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා එකක් . ස්තුතියි දේශකයා

      Delete
  2. මල් මල් ලිපියක්... ලස්සනයි... සුවඳයි.. අතීත මල් මතක සුවඳත් එකතු වෙලා...

    ReplyDelete
    Replies
    1. මල් මල් ලිපියට මල් මල් කමෙන්ටු ..

      Delete
  3. ලස්සන පින්තූර ඒ වගේම ලස්සන මල්. ඔය වතු වැඩ මට නම් බෑ. අප්පච්චිට පුලුවන් හොඳට වවන්ට. එයා මොනා හරි ඇල්ලුවත්, හොඳට වැවෙනවා. මම ඒකේ අනික් පැත්ත. කවුරු හරි හොඳට හදපු පැලයක් අරගෙන වතුර දාලා හදන්ට හැදුවත් ඒක හැදෙන්නේ නෑ.

    පැලවලට කොච්චර සිංදු කීවත් වැඩක් නෑ. අහවලා මොනා කීවත්, මගේ වොයිස් කැත ඇති.:(

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන .. සින්දු කිවම ගස් හරී යනවද . මටත් සින්දු කියන්න බැරි නිසා වැඩක් නැහැ ඉතින්.

      ගස් වවන්න ආසාවයි කැප වීමයි ඕන මන් හිතන්නේ . මමත් ගස් වලට ආස වුනාට වැඩිය වවල නැහැ . දැන් ඉතින් කාලෙකට බැරි වෙයි කොහොමත්

      Delete
    2. ශබ්දයට ගහ කොළ සංවේදියි කියලා දැන් පිළිගැනෙනවා..

      Delete
    3. එහෙම වෙන්න ඇති නලින් . ගෙවල් ළඟ ගස් වල වැඩිය ගෙඩි හැදෙනවලුනේ

      Delete
  4. හරිම ලස්සනයි. මල් වගේම පොස්ට් එකත්.

    අර සුරියකාන්ත මලේ ෆොටෝ එකට මම ගොඩක් ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාස් . ඒ පින්තුරේ අපේ ළමයින්ගේ ඉස්කෝලේ දී ගත්තේ . මටත් හිතෙනවා ඒක ලස්සනයි කියල

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ෂා... මරු මල් ටික.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ද සිල්වා .

      Delete
  7. හරිම ලස්සනයි බින්දි මල් ටික... ලස්සන පාටවල් ටික... ජම්බෝල මල්වල සුවඳ විඳලා නෑ කවදාවත්... අපේ ගෙදර මල් වැව්වෙ අපෙ අම්මා... අම්මලගෙ මහ ගෙදර නම් වැව්වෙ බාල මාමා... මං කළේ කොහේ හරි ගියාම ලස්සන මල් පිපිලා තියෙන ගහක් දැක්කොත් අත්තක් ඉල්ලන් එන එක... අම්ම තමයි හිටවන්නෙ...
    මෙහෙත් ස්ප්‍රිං එකට ලස්සන මල් තියෙනවා... ඒ උනාට ඉස්සර දැක්ක ලස්සන මල් දැන් වැඩිය දකින්න නෑ... හරි ඉක්මනටම ස්ප්‍රිං එක ගෙවිලා උෂ්ණත්වය වැඩි වෙන නිසා මල් ඉක්මනටම වේලිලා යනවා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේ පින්තුර ටික දාන්න හිතුනේ මුණු පොතේ සපතේරු හාමිනේගේ කමෙන්ටුවකට පස්සේ . අර එකමත් එක කාලෙක බ්ලොග් ලිව සපතේරු මතකනේ .

      අපේ බාල මාමා වගේ වෙන්න ඇති . මෙහෙ මල් වලට හරිම කැමැත්තක් තියෙන්නේ . මිනිස්සු මහන්සි වෙනවා ඇති වගා කරන්න . මෙහෙ සමර් එකට නිවර්තන මල් වර්ග පිපෙනවා . එහම බැලුවම අවුරුද්ද පුරාම මල් .

      ඔය ගහක් දැක්කම අත්තක් ඉල්ලන් යන පුරුද්ද තදටම තියෙන කෙනෙක් අපේ පවුලේ ඉන්නවා . ගෙනිහින් බාල්දියක ප්රෝබේෂන් ඉන්න වෙනවා සතියක් හමාරක් .. සමහර එව්වා මැරෙනවා . සමහර ඒවා ඒ කරදර විඳලත් ලැජ්ජාවක් නැහැ . හැදෙනවනේ .

      Delete
    2. ජම්බෝල ගස් උසයිනේ අපේ රටේ . එකියන්නේ ගස් වලට ඕන විදිහට හැදෙන වර්ගයක් . මොකද කන්න එච්චර කට්ටිය කැමති නැහැනේ . මෙහෙ එහම නෙමේ ජම්බෝල හොඳ පළතුරක් . ලිපියක් ලියන්න තරම් දේවල් තියෙනවා . කවද ලියන ඒවාද දන්නේ නැහැනේ . ඒ හින්දා මෙතනම කොටන්නම් .

      කප්පාදු කරපු ,,බට් කරපු විව්ධාකරයේ ජම්බෝල තියෙනවා . ඒ වගේ මිටි ගහක පින්තුරයක් තමා ඔය . ජම්බෝල යුෂ රසවත් පානයක් . කෑමට පෙර ජම්බෝල කෑවම මහත් නොවෙන බවට මෙහෙ විශ්වාසය .
      තව ජම්බෝල පොතු තම්බල බොනවත් එක්ක කෙට්ටු වෙන්න . එම දියරය විවිධ දිලිර නාශක සහ ශාක වල පලිබෝධ මර්ධනයට ගන්නවා .

      Delete
  8. රාජ කපුරු කියල මල් ජාතියක් තියනවද?...රාජ පොහොට්ටු ගැන නම් දනිමි. නාට්ටියත් එක්ක ටපල ගත්තෙ එහෙම නෑ නේද? :)

    / සුවඳ හමන මල් මෙහෙ පිපෙන්නේ ගිම්හාන කාලෙට . රස්නයයි මල් වල සුවඳයි අතර මොකක් හරි අපුරු සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ . /

    ඒකෙ සම්බන්දයක් නෑ බොලේ..ඔතන වෙන්නෙ මේකයි..හීතල කාලෙට මිනිස්සුංගෙ නහ පොල්ල ඇතුලෙ තියන ආඝ්‍රාණ සෛල හරියට වැඩ කරන්නෙ නෑ. ඒ නිසා මල් සුවඳ දැනෙන්නෙ නෑ. ඒ ඇර මල්වල සුවඳ නැතුව නෙවෙයි..තේරුණාය?

    මේ වෙලාවක ඔය වැවට පැනල නාගන්නකො හිතේ හැටියට දියබුං එහෙම ගහල කාරිය...හෙහ්, හෙහ්,

    පෝටොස් ටික නම් මල් හතයි, මොකක්ද ඔහෙගෙ කැමරාව හැබෑටම?

    ReplyDelete
    Replies
    1. ඔන්න කොලා වැඩක් . දැන් මන් මේ හතර අතේ කල්පනා කොරන්නේ මට වැරදුනාද කියල . හිටින්කෝ හෙට දිහාට අක්කට වත් කතා කරලා අහන්න . මට 90 % ක් විතර විස්වාසයි රාජකපුරු කියල .


      අතුරු මිතුරු එකෙත් තියෙන්නේ රාජ කපුරු නේ .

      ආයේ තව එකක් . නහය වැඩ කරන්නේ නැහැ .??? නැහැ නැහැ මේවා සුවඳ නැහැ මයි. මොකෝ ඔහේ මෙහෙ එන්න කියලයි බලන්න . හික්

      නාගන්න ....? මේ වැවෙන් . අපොයි ඔය ලස්සනට තිබ්බට අන්තිම අපිරිසිදුයි ..

      කැමරාව මගේ ෆෝන් එකනේ Samsung Galaxi

      Delete
    2. රාජකපුරු කියලා මල් වර්ගයක් තියෙනවා. අපේ ගෙදර තිබුනේ දම් පාට ජාර කපුරු මල්. නැට්ට ටිකක් උඩට ඇවිත් අගිස්සෙ මල හැදෙන්නෙ. සමහර විට බින්දි අක්කෙ පැත්තෙන් පැත්තට නම් වෙනස් ඇති..

      මල නම් සුවඳ නෑ. හැබැයි පර නොවී ටික දවසක් තියා ගන්න පුළුවන්

      Delete
    3. අම්මේ ඇති යාන්තන් සාක්කියක් හම්බ වුනා ..ස්තුතියි ලිහිණි . කඳුරටේ කට්ටිය කියන්නේ රාජ පොහොට්ටු වෙන්න ඇති කියන්නේ .

      මට මේ අස්සේ මතක් වුනේ අපේ පුහුණු පාසලේ හිටි එක එක පළාත් වලින් ආ ළමයි එකම දේට කියන වෙනස් නම් . විශේෂයෙන් මාතලේ ළමයෙක් හිටියා අමුතුම ජාති කියන .

      Delete
  9. එහෙ බැලුවත් මල් මෙහෙ බැලුවත් මල්... මල් මල් ලෝකයක්.....!!

    ReplyDelete
    Replies
    1. හැමතැනම කලකිරෙන දේවල්නේ තොටියෝ. ඔන්න මල් බලලා හිනා වෙන්න

      Delete
  10. දවල් කුමාරි වල පාට ගොඩයි. දම්,රෝස, කහ,තැඹිලි,සුදු... සුදු පාට ඈරෙන්න අනිත් හැම මලක්ම අතේ පොඩි කරාම මලේ පාට ඈඟිලි වල ගෑවෙනවා. අපේ ගෙදරනම් තාමත් තියෙනවා.

    මං ආසම සමන් පිච්ච, හෙන්දිරික්කා දෙක. එකක් උදේට පිපෙනවා, අනික හවසට පිපෙනවා. ගෙදරින් එද්දි එක සුවඳක් යද්දි තව සුවඳක්...!!!

    පින්තූර ටික මරු...

    ප්‍රශ්න...
    1) රෝස මල් හීතලට පිපෙද්දි ප්‍රමාණයෙන් කුඩා වෙනවද?
    2) උඩවැඩියා වර්ග ඔක්කෝම අමතක වෙලාද..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල් ගොඩක නම් මතක් කලාට . ඇට්ටේරියා වල සුවඳ මතකද .

      පලවෙනි ප්‍රශ්නය ...ඇත්තටම මට නිරීක්ෂණය කරන්න බැරි වුන දෙයක් . කොහොමත් සැහෙන්න මහන්සි වෙලා පොහොර හෙම දානව වගේ . ඉතින් ලොකු වෙනසක් නැහැ .

      දෙක ..ඕකිඩ් ජාති ටිකක් අඩුයි මේ කාලෙට . ගිම්හානයේ නම් තියෙනව . නමුත් ගණන් වැඩියි . ඒ කියන්නේ අඩුවෙන් හිටවන ජාතියක් . ඇත්තටම මේ මන් පින්තුර දාලා තියෙන්නේ අපි ඉන්න පළාතේ හැදෙන මල් . දකුණේ සහ මධ්‍යම කඳුකරයේ වෙන වර්ග තියෙනව . ඒවා මෙහාටත් එවනවා . ඕකිඩ් මන් හිතන්නේ ඒ පලාත්වල වෙන්න ඕන . ස්තුතියි.. හිතන්න දෙයක් ...

      Delete
  11. මල් ටික මරු... ඇත්තටම ඔහෙ මල සුවඳ නැද්ද ආ ?

    මමත් මේ දවස්වල ඩ්‍රාෆ්ට් එකක් ගහනවා ( හිතෙන් ඈ.. මගෙ ඔක්කොම ඩ්‍රාෆ්ට් කිරිලි තියෙන්නෙ හිතේ තමා :D ) තාත්තගෙ ගම ගැන ලිපියක් ලියන්න.. කරුමෙ කියන්නෙ ගොඩක් ඒවා මතක නෑ..

    එහෙ තිබුනා අමුතුම මල් වැලක්.. කහ පාටයි.. ගොටුවක් වගේ හැදෙන ලොකු මලක්.. පිටිපස්සෙ නැට්ට මලට සම්බන්ධ වෙන තැන පැනි එකතු වෙලා තියනවා.. ඒවා අපි ඉස්සර බිව්වත් එක්ක.. මට ඒ මලේ නම මතක නෑ.. බුදුන්ට පූජා කරන්නත් ගත්තා..

    ස්තූතියි මල් ගැන කතා කලාට.

    ReplyDelete
    Replies
    1. මෙහෙ මල සුවඳ අඩු බවයි මගේ හැඟීම සෙන්නා .

      තාත්තගේ ගම ගැන ..ලියන්න පටන් ගන්න .. ලියන කොට මතක් වෙයි .

      මටත් දැන් ගස්වල නම් හුඟක් අමතක වෙලා . නිතර නොදකින නිසාද කොහෙද .

      මේගොල්ලෝ බුදුන්ට පුජා කරන්නේ අමුතු ජාති . බියර් පවා පුජාකරනවා ..මල් පුජා කරන්නේ කලාතුරකින් .

      Delete
    2. ඈහ් බියර් !!! සුරාමේරය මජ්ජ්පමා...... කියලා දෙසපු උත්තමයට බියර් පූජ කරන එක හරිම අමුතු වැඩක්නෙ..

      Delete
    3. මෙහෙ මහායාන ආභාෂයත් තියෙනවා . බුදු හාමුදුරුවෝ දේවත්වයෙන් සලකන බවකුයි පෙනෙන්නේ .බුදු හාමුදුරුවන් දෙව් ලොවින් ඇවිත් ප්‍රාතිහාර්ය කරපු ජන කතා හරියට තියෙනව . වෙලාවක කියන්නම්කො .

      මන් තායිලන්තේ දැක්කනේ බිත්තර පුජා කරනවා . අමුතු සිරිත් .

      Delete
  12. අපේ අම්මගෙත් තියනවා මල් වගාවක්. පාත්තියෙන්ම මම ආස ඩේලියා මලට. පින්තුර ටිකත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම් . ඔයත් අම්මට උදව් කරනවද

      Delete
  13. කොබෝලීල ගහක් අපේ ඉක්කෝලෙත් තිබ්බා..... හි හි....

    අපෙ අම්මත් මල් පිපෙන ගස් ජාති වලට හරි ආසයි... පෝච්චි වල හිටවන ලස්සන කොළ ජාති තියෙන ගස් වලට වඩා... ඒවා නම් තියෙනවා අපේ ගෙදර.... .

    ReplyDelete
    Replies
    1. නම දැක්කේ නැතත් හි හි කෑල්ල දැක්කම හිරුගේ කමෙන්ට් එකක් බව කියන්න පුළුවන් . හිරුගේ අනන්‍ය හි හි . ඇත්තටම කොච්චරවත් හිනා වෙලා ඉන්න බවයි මට මැවෙන්නේ .

      Delete
  14. අපිත් හොඳට මල් එක්ක හැදුන මල් වගේ ළමයි. මල් කැඩුවෙ නම් නෑ. ඒත් මල් වලට ආදරය කලා. මල් කඩන්න දන්නෙ නෑ කියලා, සමහර මල් තරහ වෙලත් තියෙනවා.

    ඕවට වඩා මම ආසයි අපි පොඩි කාළේ කැලේ පනින කොට කැළේ තිබුන මල් වලට. ඇත්තෝර මල කොච්චර ලස්සනද. ගඳපාන මලේ පාට පාට මල් 20ක් විතර තියෙනවා. තව තිබුනා බුලට් මල් කියලා. එතකොට නිදිකුම්බා මල් කොච්චර ලස්සනද, අර වෙලේ ජපන් ජපර මලත් හරි ලස්සනයි, මොනර පිල් වගේ. පිනි ජම්බු මල්, සල් මල්, ඇයි පොල් මල්, රැවුල් බාස් මාමගේ පොල් මලට පෙම් කරන්න ගිහින් මැරුම් නොකා බේරුනේ නූලෙන්.

    ReplyDelete
    Replies
    1. මලක් වගේ මාතලන් ...ගඳපාන මල හරිම ලස්සනයි තමයි . සුවඳ නැති මල් වලට අපේ රටේ පිළිගැනීමක් නැහැනේ . තව අර කනතු වල වැවෙන මිනි මල් . ඒවත් කොච්චර ලස්සනද .

      ඇත්ත තමයි වන මල් ලස්සනයි .

      Delete
  15. බින්දිලා හරිම වාසනාවන්තයි . .

    හතර අතේ මල් තියෙන රටක ඉන්න වුනු එක ම නෙමේ ඒ මල් වල ලස්සන රසවිඳින්න යන්න වෙලාවකුත් තියෙන එක.

    මෙහේ ඩුබායි වලත් වවනවා මල් වැවිලල්ක් . .

    වැඩේ තියෙන්නේ තනියෙම මල් වල සුන්දරත්වය විඳිනන් යන්න බෑ බෑ වගේ.

    ඉස්සර පවුලම මෙහේ ඉද්දී ට්‍රිප් යද්දී නම් එක එක මල් ගාව නතර වෙලා රසවින්ඳා දැන් ඒකට වත් හිතක් නෑ අප්පා.

    ගෙදර මල් හැදිල්ල ගැන කියනවනම් අපි පුංචිකාලේ ඉඳන් හිටියේ අනුන්ගේ ගෙවල් වල කුලියට.

    අනුන්ගේ වත්තක් කියලා නෑ අක්කයි මායි කඩචෝරු කන්න දෙන සල්ලි එකතු කරලා සිමෙන්ති පෝච්චි අරගෙන ඒවායේත් මල් ඉන්දනවා.

    මදි පාඩුවට වත්ත පුරාමත් ගස් වටේටත් මල් ඉඳනවා.

    නංගී නෙමේ වතුර ටිකක් දාන්නේ ගහකට.

    අපේ මල් ගහක කොලයක් හරි කැඩුවොත් එයා අක්කයි මායි දෙනවා දීමක් දැන් මතක් වෙද්දි පවු කියලත් හිතෙනවා. කියවලා ඇති නේ මගේ කරදරකාර නංගී ගන පෝස්ට් එක. (ඒ කාලේ හිටපු නංගීමද දැන් ඉන්නේ කියලා ඒකිගේ හිතෙනවා වත්ත පුරාම මල්)

    මල් වලට ආදරය කරන්න නම් සංවේදී හිතක් තියෙන්න ඕන බින්දි හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මල් වලට සංවේදී අය ....

      කාන්තාරේ මල් වවන්න කොච්චර මහන්සි වෙනවා ඇත්ද . තනියම මල් බලන්න කම්මැලි නම් යන්නකෝ මල් වෙඩි බලන්න ගියා වගේ කට්ටියක් එක්කහු වෙලා . ආ ඒ ඔයා නෙමේ දුමි ද කොහෙද .

      අපිත් එහෙම තමයි දුකා හුඟක් ලොකු වෙනකම් හිටියේ කුලී ගෙවල් වල . හැබැයි ඉතින් අනුන්ගේ කියල නැහැ අපි මල් වැවුවා . අපි ඉස්සෙල්ලම හිටිය ලොකු වත්තේ ගෙවල් අයිති ගෙදර ගොඩාක් මල් තිබුණ . මල් පලතුරු පිරුණු උයනක් වගේ ඒ ඉඩම . මගේ ළමා කාලය ගෙවුනේ ඒ ගහ කොළ එක්ක .
      ඒ ගෙදර පොඩි ලමයි හිටියේ නැහැ . අපි තමයි ඔය සේරම භුක්ති වින්දේ .

      Delete
    2. අපි හිටිය ගෙදරත් ඒ වගේ.

      වැල ගෙඩියක් වැටුනොත් අපි ගහ මුලදිම වැඩේදෙනවා.

      වත්ත පහල අඹ ගහේ ගෙඩියක් වැටුනොත් අපි තුන්දෙනාම තරඟෙට වගේ දුවලා ගහ මුල.

      ජැමසන් ගෙඩි එන කාලෙට ඒ ගහේ රතු පාට සුදු පාට බල්බ් දාලා වගේ.

      ගේ පිටිපස්සේ වරකා ගහේ ගෙඩි පැනිම පැනි රහයි.

      ලාවුළු ගහ උඩ තමයි නංගිගෙයි මගෙයි ට්‍රී හවුස් එක හදලා තිබ්බේ.

      එහෙමත් කාලයක් අප්පා

      Delete
    3. දුකා ලගේ ගෙදර ළමයි අපේ ගෙදර ළමයිව කොපි කලාද නැත්නම් අනික් පැත්තද ...කුලී ගෙවල් වල ළමයි කියල ලිපියක් ලියන්න හිතුනා ..

      Delete
  16. විඩාබර දවසක වුවත් අන්තිම මොහොතේ හෝ මල් තියන තැනක ඉන්න ලැබෙනවනම් හිතට දැනෙන සුවය වෙන මොනවයින් වත් ලැබෙන්නේ නැ.. ඉතින් මේ හැන්දැවේ මේ පෝස්ටුවත් මට ගෙනාවේ එවන් හැගුමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ඔබේ විඩාව නැති වුනා නම් එය මට සතුටක්

      Delete
  17. සේපාලිකා නම් අසමසම (unique) මල් ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කතන්දර ..හැඩය සුවඳ දෙකම . අනික් මල් ගහෙන් කඩලයි ගන්නේ . නමුත් සේපාලිකා අහුලලා ගත්තත් අවුලක් නැහැ

      Delete
  18. මේ වගේ මල් ගොඩාක් මැද්දෙ ඉඳන් මල් කඩන්න තියේ නම් ජීවිතේම මල්...

    ReplyDelete
    Replies
    1. කඩන්නට මල් ..ඔබට ඇති බව සිතේ තව කල් ...නැද්ද

      Delete
  19. Replies
    1. ස්තුතියි ගයානි ..

      Delete
  20. මට මතක හැටියට ජම්බෝල මල් වලින් එන්නේ ඇට්ටේරියා මල් වලින් එන සුවඳමද කොහෙද..මම හරිද බින්දි අක්කේ ?

    ඉස්සර අපේ ගමේ පරණ ගෙදර තිබ්බ දවස්වල නම් මල් වැව්වා තරඟෙට. වැඩියෙන්ම සිනියාස් මල් එල්ල කැනාස් වර්ග එහෙම... රාක කපුරුත් තිබුනා . ඇයි වද මල් ? පාටින් පාට ඒවා...

    අලුත් ගේ හැදුවා විතරයි මල් පිපෙන ඒවා නෑ. ඔක්කොම ගස් විතරයි. රෙඩ් ෆාම් වගේ එව්වා...

    පින්තූර ටික නියමයි. මල් දැක්ක හන්දා වෙන්නැති හිතටත් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සමාන සුවඳක් වගේ තමයි . ඇට්ටේරියා මල් සුවඳ වැඩියි වගේ .

      කාලෙන් කාලෙට එන මෝස්‌තර නේ . කොච්චර වුනත් මල් පිපෙන එක ගහක් හරි තියෙන එක අගෙයි .

      සපත්තු මලනේ ඉස්සෙල්ලම මලක කොටස් අඳුන ගන්න කපලා බැලුවේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  21. //පින්තුර සේරම මගේ ...//

    ආඩම්බරයි කොච්චර ලස්සන එකතුවක්ද..?පින්තූර ලොකුවට ප්‍රින්ට් කරල ලෙමිනේට් කරල රාමු කරන්න.හිතවත් අයකුට තෑගිදෙන්න පුලුවනි . ආඩම්බරෙන් කියන්න පුලුවනි මගේම පොටෝ කියල.

    මමත් කාලෙක ඉඳල හීනයක් තියෙනව ලස්සන මිදුලක් හදන්න. ඉඩම විශාල වීමත්.කම්කරුවන් සොයාගැනීමේ අපහසුවත්,දරුවන් පොඩි වීමත්යන කාරනා නිසා හැමදාම පස්සට යනව. අනික පැරනි ගෙදරක ඉන්න නිසා අලුත් ගෙදර හැදුවම මිදුල හදනව කියල හිතුවට..දැන්නම් ගෙයක් හදනව කියන එක හීනයක් වෙලා.( කියන්නත් ලැජ්ජයි...රස්සාව ගෙවල් වල ප්ලෑන් ඇඳීම කියල..:))) )

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහොම තමයි වියෝ . සැලැස්ම ඇන්දට ගෙයක් හදන්න කොච්චර වියදම්ද . ළමයින්ගේ අනික් වැඩත් එක්ක . මිදුල හැදීම ..මටත් ඔහොම ආසාවල් තිබුණ . දැන් නම් ඉතින් ඔය අම්මලට පුළුවන් වෙලාවට තණකොළ සුද්ද කරනවා එච්චරයි . අපි හිතන් ඒවා ඒ විදිහටම වෙන්නේ නැහැනේ .

      ඔන්න ඔහේ පෙරලුන පැත්ත හොඳයි කියමු .

      Delete
  22. මටනං ලස්සනම අර මල් කඩන දර්ශනේ...

    ඒ, ඔයත් අය්යෙකුයි මල්ලියෙකුයි අක්කෙකුයි මැද්දෙ නංගිද? මාත් එහෙමනෙ. :D
    හැබැයි මල් වැවිල්ල ගැනනම් මම උනන්දු වුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් මගෙ ක්‍රියාකාරී දායකත්වය ගෙදරට හොරෙන් රස්තියාදුවක් ගසා එනවිට අම්මා රැවටීම පිණිස මල් පැල දෙකක් රැගෙන ඒමට සීමා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩි නංගී තමයි . අපිත් ලොකු වෙද්දී ඔච්චර තමයි . අම්මත් ඉතින් අහු වෙනවා ඇති නේ .

      එකට අපේ මල්ලි හෙම ..දැන් හාමිනෙයි එයයි තරඟෙට මල් වවන්නේ .

      Delete
  23. මල් හැලෙන පෝස්ට් එකක්නෙ.

    අපිටත් මල් පැලයක් වවාගෙන සාත්තු කරගෙන තමන්ගේම කියලා තැනක ඉන්න කවදා ලැබේයිද කියලයි මටත් කල්පනා වුනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ...ලැබෙයි ලැබෙයි .වයසට ගිහින් කරන්න දෙයකුත් තියෙන්න එපාය . දෙන්න එක්ක මල් වවන්න

      Delete


  24. හරිම ලස්සනයි මල් වල පින්තූර. අර වැව ලඟ තිබුණු මල් නගර සභාව වගේ ආයතනයකින් සිටුවන ඒවා වෙන්න ඇති. මෙහෙත් නගර වල කාලගුණය හොඳ වූ ගමන්ම ඔය විදිහට පෝච්චි මල් ගෙනත් තියා නඩත්තු කරනවා අනෙක් ගස්වල කොල හැලෙන කාලේ වෙනකල්ම.

    මගේ අම්මේ! සීතල කාලේ ඉවරයි කියලා දකිනකොට පුංචි ඉර්සියාවකුත් හිතට දැනුනා; මොකද අපට ඒ සතුට භුක්ති විදින්න තව මාසයක්-දෙකක් බලා ඉන්න වෙන නිසා. එහෙම වුනාට අපි ඉන්න පැත්තෙත් සීතල ටික ටික අඩුවේගෙන යන කාලේ (ඒ කීවේ සෘණ විසි තිස් ගනන් වල ඉදලා සෘණ දහයකට-පහකට විතර අඩු වන කාලේ). මෙහේ ඉතිං එලිය-පහලියේ මල් දකින්න මැයි මාසේ විතර වෙනවා මොකද අප්‍රේල් මාසෙත් ඉවරවෙනකල්ම හිම තියෙන නිසා. {ඊයෙත් අගල් නවයක් විතර උසට හිම වැටුණා.:-(}

    මෙහේ ඇත්තෝ, මල් පැල විකුණන තැන් වලින් පෝච්චි පිටින් මල් පිපුණු පදුරු ගෙනවිත් තියලා තමා ගෙවල්-මිදුල් හැඩ කරන්නේ. හැබැයි ඉතිං රෑ දවල් නැතුව සාත්තුව ඒවාට.

    අපේ ගෙදර උන්දෑ නම් එහේ පුරුද්දට එලියේ හිටවලා තියෙනවා රෝස පදුරු. ඒවා කිසිම උපද්‍රවයකින් තොරව දැන් අවුරුදු දෙක තුනක්ම මල් පිපුනා. සීතල ටිකක්‌ අඩු වුණාම, නම් නොදන්න නොයෙකුත් මල් වර්ග වල ඇට ගෙනවිත් ඉහලා දානවා ඔක්කොම එකට මිශ්‍ර කරලා. ටිකක් පරක්කුවෙලා පිපුනත් ඔක්කොම මිශ‍්‍ර වෙලා පිපිලා තියෙන නිසා ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා.:D

    ReplyDelete
    Replies
    1. ඔව් නගර සභාවකින් වෙන්න ඕන . ඒ වගේම බලාගන්නත් අය ඉන්නවා . මලක් කොලයක් දැක්කම කොනිති ගහන කට්ටිය කොහෙත් ඉන්න නිසා . ඊට එහා ඔය මල් පඳුරු තල තලා අස්සේ රිංගල ෆොටෝ ගන්න අය එලවන්නත් ඕනනේ .
      මේ මල් මේ දවස්වල විශේෂයෙන් ගෙනත් සරසන්න .හරියට නුවර එළියේ වසන්ත උදානය වගේ .

      තවම හිම තියනවද . අපේ ළමයි නම් ඉරිසියා කරයි .

      වසන්තයේ පිපෙන මල් අගේ ඇති . එක අතකට එහෙම වුනහම වටිනාකම වැඩියි . මන් දැකල තියෙනව යුරෝපිය රටවල ජනෙල් පඩි වල මල් හිටවල . පාට පාට මල් අමුතුම ලස්සනක් . එවගේද ඔයගොල්ලන්ගේ වසන්තය

      Delete
  25. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යසිරු . මන් ඇවිත් බලන්නම් .

      Delete
  26. මේ ළගදි දවසක අන්ගාරා ගග නාටය බලන්න ගිහින් තරමක් වෙලාව තිබුණ නිසා කොළඹ 07 මල් පාර, රාජකීය මාවත, තරස්ටන් පැත්තෙ පොඩ්ඩික් ඇවිද්දා. පාර දෙපස ගස්වල මල් පිරිලා. පාරපුරා එක එක පාටින් පෙති බිම වැටිලා "එපා පර මල් පයින් පාගන්න" කියලා රත්න ශ්‍රී විජේසිංහ කවියා තමන්ගෙ පොතක කවියෙන් කිව්වත් ඒ මල්පෙති පාගමින් අවිදින විට මට හිතුනේ කොළඹ උදේ හවස දුවන මිනිසුන් මේ මල්වල අසිරිය දක්න්නෙ නැත්තෙ ඇයි කියලා.

    බින්දි ඉන්න රටේ නගරවල ලස්සන නම් අගේට පේනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය දයානන්ද කියල තියෙන පාරවල් තමයි කොළඹ මම ආසම කොටස . බෞද්ධාලෝක මාවතේ මාර ගස් පෙළත් ඒවගේ . දැන් ටිකක් කොළ අඩුයි වගේ .

      නිදහසේ ඒ අසිරිය විඳින්න දුවයන කාලය ඉඩ නොදුන් මිනිස්සු . ඉඩක් ලැබුනත් අසිරිය විඳින්න හිත පුරුදු කර නොගත් මිනිස්සු . ඒ අතර ඔබ වගේ කෙනෙක් ඉඳහිට වත් හමු වීම භාග්‍යයක් .

      Delete
    2. මේ නගර වල ලස්සන ස්ථාන වගේම අපිරිසිඳු කුඩා විදි තියෙනව . කොයිතරම් උත්සාහ කලත් අධික ජනගහනය සහ මෝටර් බයික් නිසා නගරයේ ලස්සන යට යනවා . කොච්චර වුනත් ලස්සන සාපේක්ෂයි . අවලස්සන තැනක් වුනත් ලස්සනට දකින්න පුළුවන් කලාවට හුරු සිතකට .

      අපි දාන්නේ ලස්සන පින්තුර විතරයිනේ ....අපේ ලොක්කි කිවේ කොළඹ ලස්සනයි මෙහෙට වඩා කියල .

      Delete
  27. අනේ ඇත්තට. නිදහසේ මල් කඩන්නවත් නිදහසක් නැති හැටි මේ පැපරාසි හින්ද! :D

    මෙහේ නං මල් බලන්න තව කොච්චර කල් යයි ද මන්ද. තාම මේ සීතල ගියෙ නෑනෙ :(

    ReplyDelete
    Replies
    1. පැපරාසි ..හික්

      අය්යෝ තාම හිතලද .

      Delete
  28. මම නම් මල් වැවිල්ලට නෑ මයි... අපේ තාත්ත නම් පුදුම ආදරෙයි මල් වැවිල්ලට... එයා ඕකිඩ් ගැන පුදුම උනන්දුයි... එයාගෙ මල් පැල වල හදෙන ඕකිඩ් මල් ප්‍රදර්ශනයකට වුණත් තියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඕකිඩ් කියන්නේ ටිකක් සාත්තු කරන්න ඕන මල් ජාතියක්නේ . වයසට යනකොට කොයිතරම් හොඳ විනෝදාංශයක් ද මල් වැවිල්ල . සපතේරු උන්නැහේ බ්ලොග් කෙරුවාව අත ඇරලා වගේ . නොලියා හිටියම ආයේ ලියන්න අමාරුයි තමයි . නමුත් අපි කැමති බ්ලොග් එකක් නිසා උත්සාහයක් කලොත් නරකද

      Delete
  29. විස දුමින් පිරිච්ච නගරේ අපි වගේම මල් ගස්කොලන් සේරම අතරමං වෙලා ඇති කියලා හිතුනා බින්දිගෙ ලිපිය කියවද්දි..

    ReplyDelete
    Replies
    1. ගස් කොළ නිසි කලට මල් පුබුදන්න කොච්චර මහන්සි වෙනවා ඇත්ද . හරියට අපි ළමයි හදලා රක බලාගන්න මහන්සි වෙනවා වගේම

      Delete
  30. ගොඩාක් ලස්සන මල් ටිකක්. කවදාවත් මම මල් වවලා නැහැ. මට හිතෙන දෙයක් තමයි මම වවන්නෙම කිසිම ලස්සනක් නැති මල් කියල.

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමයි ටිකක් අඩුයි මල් වවනවා . ඒගොල්ලෝ දක්ෂ මල් කඩන්න කියලයි ආරංචි

      Delete
    2. එතකොට ඒ මල් කඩන කොල්ලෝ මල් කඩන්නේ කාත් එක්කද? හික්ස්..

      Delete
    3. පිරිමි ළමයි ටිකක් අඩුයි මල් වවනවා . ඒගොල්ලෝ දක්ෂ මල් කඩන්න කියලයි ආරංචි


      @බින්දි මා නම් දන්නේ පිරිමි අය තමයි අද ඉන්න හොඳම වගා මල් වවන්නෝ. මෙහේ නම් ගාඩ්නින් කරන කිසිම කාන්තාවක් මා දැක නෑ.

      Delete
  31. මගේ කොමෙන්ට් එක නැති වෙලා නේ.

    ReplyDelete
    Replies
    1. නැති වෙලා නෙමේ අසරණයා . මොඩරේට් කරන්න ගිහින් වෙන වින්නැහිය තමයි . ඔන්න ආයේ අයින් කළා

      Delete
  32. හරි අපූරැ මල් ටික. මට නම් මල් වැවීම අරහං මොකද මන්දා. එහෙම කියනකොට ඔයා හිතනවා ඇති අපි ඉන්නේ කැලෑවක් මැද්දේ කියලා. නෑ... අපේ අම්මාට පිංසිද්ධ වෙන්න මගේ ගෙවත්තෙත් නානාප්‍රකාර මල් තියෙනවා. ඔයාගේ මල් මල් ලිපිය දැක්කම මටත් මල් වවන්න හිතුනා. බලමු,

    ReplyDelete
    Replies
    1. කැලෑවක් මැද්දේ නම් වන මල් තියෙනවනේ ...

      මමත් මෑතක නම් මල් වවලා නැහැ . අම්ම වවල හරි කමක් නැහැ ලස්සන ගෙවත්තක් තියෙනව නම් ඒ මදැයි

      Delete
  33. දහම් පාසල් යන්න මල් කඩපු හැටි මතක වුනා. සෙනසුරාද හවසට ලොකු රවුමක් දානව මල් වට්ටි පුරවා ගන්න අපි සෙට් එකක්ම :) දහම් පාසලේදි ලකුණුත් දෙනවනෙ. අවුරුද්ද අන්තිමට තෑග්ගකුත් හම්බෙනව.

    කාලයක් මල් වවන පිස්සුව තදේටම තිබ්බ. ඩුබායි රෝස, බෝගන්විලා, හෙන්දිරික්ක, තව මල් නොපිපෙන පැල හෙමත් වැව්ව. වයලට් මලුත් වැව්ව. ලස්සන දම පාට චූටි මලක්. කොළ වලින් පැල වෙන්නෙ. පස් පුරවපු පොල කට්ටකට වයලට් කොලයක් දාල තිබ්බම ටික දවසකින්පැල ගොඩක් එනව.

    දැන් නම් මල් වවන පිස්සුව හොඳ වෙලා. බලල සතුටු වෙනව විතරයි. මේ ළඟදී වැටකොළු මල් දැක්ක. පුදුම ලස්සනයි.

    මල් සුවඳ ගැන කියනකොට මතක් වෙන්නෙ ඇට්ටේරියා සහ ගාඩිනියා.

    ReplyDelete
  34. ඊර්ෂයා හිතෙන කතා කියන්න එපා බින්දි. ඔයා මේ මල් ගැන කියනවා වසන්ත කාලයක් ගැන කියනවා. මාර්තු අන්තිම වෙලත් අපිට තාම හිම වැටෙනවා. රශ්නේ දවසක් එනකම් අපි තාමත් හීන බලනවා විතරයි.

    ReplyDelete
  35. නියමයි !!!!!!!!!!!!!!

    ReplyDelete
  36. මල් කුමාරිගෙ ලස්සන මල් සටහන බලන්න පරක්කු වෙලා ආවෙ. හරිම ලස්සනයි. අපේ අම්මා තමා මල්වවන්නී. අදටත් එදා වාගේ මල් වවනවා. මගේ නම් ඔය අත්ගුනේ නෑ.

    ReplyDelete
  37. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  38. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් , බුලතින් , වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි මෙසේ පිරිනමමු ...!

    subama suba aluth awuruddak wewa bindi oyatath pawule siyalu denatath..!

    ReplyDelete
  39. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete