Wednesday, 17 April 2013

කොවුලා නැතත් .......

 
 
 
 
 
.
තමන්ගේ රටේ නැතිකොට අවුරුදු එපමණකට දැනෙන්නේ නැහැ . ඒ වුනත් අපිත් හැකි පමණ අවුරුදු සැමරුවා .
මේසයට යන්නට පෙර හඬලන සැවුලෙක් මිසක ,කොවුලෙක්  තියා කපුටෙක්වත් නැතත්''' එරබදු වගේ'' මලක් නම් පිපිලා තිබුණ . අනිවාර්යයෙන් මෙය එරබදු පවුලේ වෙන්නම ඕනේ මලේ හැටියට .
 
අවුරුද්දට මොනවා නැතත් කැවුම් කොකිස් ටිකක් නැති වුනොත් කටටයි හිතටයි දෙකටම පාලුයි . අපිත් ඉතින් කැවුම් හැදුවා . උයන එකයි කන එකයි දෙකම නැකතට කළා . .
 
 
කලින් දවසේ  බුලත් හොයන්න මාකට් එකට ගියා . වැඩිය හැම තැනම නැතත් මෙහෙත් බුලත් පුවක් කනවා . පුවක් ආගමික සහ වෙනත් උත්සව වලටත් ගන්නවා . බුලත් පුවක් හුණු ගැන මෙහෙ තියෙන ජනකතාව ඉස්සරම දවසක ලිවානේ .
බුලත් ටිකයි තිබුනේ . මට කොළ දහයකට වඩා දෙන්න බැහැ කිවා . එයාට පුවක් එක්ක විකුනන්න ඕන නිසා .
අවුරුදු දා ළමයි බුලත් දීලා අපට වැන්දා



ළමයි හොඳහැටි කැවුම් කාලා සතුටු වුනා . පහල ගෙදරක ඉන්න අපේ දෙන්නගේ ජපන් යාලුවෙක් කැවුම් කන්න ආවා . ඒ ළමයට දෙය්යෝ දීපු යස කටක් තියෙනවා . .
කලින් දවසක අපේ දිහා නිදා ගන්න ආවා . අපේ ගෙදර තාත්තාව දැකපු ගමන් ඇහුවේ
'' ඇයි ඔයා සායක් ඇඳලා ''
''  යටින් කලිසමක් තියෙනවද ''
අපිට හිනා වෙලා පන ගියා . ආයේ නම් වෙන ළමයි එද්දී සරම අඳින එකක් නැහැ .
 
ඒ මදිවට බත් කනවා දැකල අහන්නේ '' අතින් කන්නේ මොකද '' කියලයි .  
 
ඔය පොඩි ළමයි එකතු වුනහම අහන කියන ඒවා නම් හරිම අපුරුයි . සමහර ඒවා බ්ලොග් වල ලියන්නත් බැරි තරම් .
 
අපේ දේශීය කැවිලි වලට අනෙක් රටවල ළමයි හරිම කැමතියි . සමහර ඒවා දේශීය කීවාට පිටරටවලින් ලැබුන දේවල් . කොකිස් ලැබුනේ ලන්දෙසින් ගෙන් ලුනේ .. . මට තියෙන ප්‍රශ්නේ ලන්දේසින් පොල් කිරි පාවිච්චි කරනවද කියල . නැත්නම් අපේ රටේදී පොල් කිරි එකතු වෙලා දේශීය වුනාද කියල .
දොදොල් ඇවිත් තියෙන්නේ මැලේසියාව පැත්තෙන් . ඇත්තටම මේ කලාපයේ රටවල දොදොල් වගේ ජාති හරියට දැක තිබෙනවා . එකක්වත් අපේ රටේ ඒවා තරම් රස නැති බව කියන්නම  ඕන .
කැවුම් නම් අපේම වෙන්න ඕනේ . අනික් අතට මමය මාගේය කියල දෙයක් නැති බව බුදු දහමේත් කියන එකේ කාගෙන් කොහෙන් ආවම මොකද . ලෝකය ලස්සන වන්නේ මේ මිශ්‍ර වීම නිසානේ .
හැමදාම එක වගේ දුවන මිනිසුන්ට මේ වගේ මොකක් හෝ තියෙන එක හොඳයි . පොඩ්ඩක් නවතින්න ..වෙනසක් ලබන්න .
 
සමහර දේවල් අදට ප්‍රායෝගික නැතත් හැකි පමණට අවුරුදු සිරිත් සමරන එක වරදක් නැහැ . තෑගී අරන් දෙමාපියෝ බලන්න ගිය එක  දුරකතන ඇමතුමකට සිමා වෙලා තමයි .
නමුත් එහෙම දෙයකට විනාඩි පහක් නැති තරමේ වේගෙන් වැඩ කරන්න වෙලා තියෙන ලෝකේ එයත් වටිනවා නේද .
 
නොනගතෙට කලින් කුස්සිය අස්පස් කරන්න ඉබේම වගේ හැඟීමක් එන්නේ පොඩි කාලයේ ඉඳන් තිබුණ පුරුද්දට . කැප්පෙටියා අතු වලින් වැකියුම් ක්ලිනරයට පරිණාමය වුනා තමයි .
ඒ වුනාට අර හැඟීමයි වැදගත් .
 
අපට අම්ම ගෙනුයි මේ පුරුදු ලැබුනේ . ඒගොල්ලෝ කළා නොකලා ඉස්සරහ පරපුරට මේවා ටිකක් හරි තෑගී දෙන එක මගේ යුතුකමනේ .
ඉස්සර කළා වගේ අද ඒ ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න බැහැ. උදාහරනෙකට සාලේ මැද්දේ ලිපක් හදල කිරි උතුරවන්න ගියා කියමු . එලාම් වැදිලා සිකියුරිටි මලයා දොරකඩ ඉඳියි විනාඩියට . [ ඔව් ඔව් මහල් නිවාස සංකීර්ණ වල ආරක්ෂක සේවයක් තියෙනවා . සාමාන්‍ය දෙයක් ]
නොනගතෙට නොකා ඉන්න එකත් මට අමාරු වැඩක් . අද ඊයෙක නෙමේ ගෙදර ඉන්න කාලෙත් අම්ම කට බැඳලා දුමේ තියාපු කැවුම් මුට්ටි ලෙහෙලා හොරෙන් කාපු එකේ දැන් මමම හදල පෙට්ටි වල අඩුක්කරලා බැබලි බැබලි තියෙද්දී කැවුමක් කටේ දානොගෙන ඉන්න පුලුවන්ද .
 
මෙදා පාර නම් අපි හොඳ ළමයි . මහා රාත්‍රියේ නිසා නොනගතේ නම් රැක්කා . හොරෙන් කැවුම් කෑමේ කතා ගොඩක් තියෙනව . ආයේ ඕවා කවද ලියවේද . අනික '' වාන් පතුල් '' කියෝලා මේ පඳුරු තලන එක අපටත් බෝ වෙලා . අපි හොඳට හිටි ළමයි .
 
 
හොරෙන් කැවුම් කන එක හරිම විනෝදයක් . ඉස්සර අම්ම කැවුම් බදිද්දී අපි තමයි වඩවලා දෙන්නේ . අතිරස හදද්දී පිටි ගුලියෙන් පොඩි පොඩි බෝල හදනවා . අතේ පොල්තෙල් ගාගෙන ඒවා පොඩි රොටි වගේ හදනව . සේරම එක ගානට හදන එක තමා ලස්සන . ඒවා දින කොට මැද ඉස්සිලා පිපිලා එනවා . හදන ගමන් අර අමු පිටි සිනි ගුලියෙන් ටික ටික කනවත් එක්ක . [කාට හරි මතකද මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක තිබුණ ඔහොම කැවුම් හදන ගමන් පිටි කන ළමයි ගැන . ]
ඔන්න ඉතින් කැවුම් දින ගමන් කැවුම් කන එක අපට තහනම් කරලා තිබුනේ . යකා ගහනව කියලයි ආච්චි නම් කිවේ . අපේ අම්ම නම් ඔය යක්කු පෙරේතයෝ එච්චර ඔළුවට ගත්තේ නැති කෙනෙක් . පසු කාලෙක මන් ඒබ්‍රහම් ටි කොවුර්ගේ පොත් ගෙදර ගෙනාවම අම්ම ඒවාත් කියෙව්වා . හැබැයි ඕවා ගැන කෙලින්ම අදහසක් කියන්න ඒ පරම්පරාව අකමැති වුනා .
ඉතින් යකා ගහනවා හරි මොකක් හරි නිසා අපට බදින ගමන් කැවුම් කන්න එපා කියල තිබුනේ . ඇත්තටම ඔතන හේතුව බැදපු ගමන් තෙල් ගතිය වැඩියි . තෙල් වැඩිය කාපුවම ඉතින් දන්නවනේ . පස්සේ මැටි මුට්ටිවල දැම්මම තෙල් එයට උරාගන්නවා . පහු වෙද්දියි කැවුම් වඩා රස සහ හොඳ .
ඉතින් අපි බය වෙයි යකුන්ට . අනික මේ මහා දවාලේ . හොරෙන් එකක් දෙකක් වහන් කරගෙන කන එක නවත්වන්න යක්කුන්ට පුලුවන්ද ..
ඉතින් මේ කැවුම් මුට්ටි වල දාලා කට බැඳලා දුමේ තමයි තියන්නේ . ඒ ඉතින් අපි කාලා අවුරුද්ද දාට එකක් වත් නැති වෙයි කියල වෙන්න ඇති . ඒ වුනාට අපි හොරෙන් කනවා .
 
 
මට තව සිද්දියක් හොඳට මතකයි . දන්නවනේ ඔය ගැහැණු ළමයි ජම්බු ගහෙන් වැටෙන සිද්දිය . ඔන්න එහෙම වැටිලා කාමරේ අස්සට වෙලා හිටි දවස් ටික ඕනෑම ළමයෙක්ට මතක ඇති . ඔක්කොමත් හරි පතොලයි බතුයි කන්න දෙන එකනේ ඉවසන්න බැරි . මට ඒකාලේ ඔය ජාතියේ එළවලු පෙනෙන්න බැහැනේ කොහොමටත් . අපේ මලයට ඉස්සෙල්ලම ඉස්කෝලේ යන්න තිබුනෙත් මට නාන්න තිබුනෙත් එක දවසේ . එකාගේ පොත් වලට පිටකවර හෙම දැම්මෙත් මන් . ඔන්න දවස් තුනහතරක් හරි හමන් කෑමක් නැතුව කුස්සිය පැත්තේ කැවුම් බැදෙන සද්දෙයි සුවඳයි ඉවසන්න බැරුව ඉඳල නාලා එලිපහලියට ආවයි කියමුකෝ . ඔය කාලෙට ගැහැණු ළමයින්ට කැවුම් කන්න දෙන්නේ නැහැ නේ . එහෙම කොහොමද .
 
අම්මට තිබුණ මලයව ඉස්කෝලේ එක්ක යන්න . අනික් දෙන්නත් ඉස්කෝලේ ගිහින් . අපේ දිහා ඔය සාද එහෙම තිබ්බේ නැහැ . අලුත් ගවුමක් මහල දුන්නා . එච්චරයි . ඒ කාලේ සමහර ගෙවල් වල ගම දෙක වෙන්න පාටි දානවනේ . අනේ මන්දා ඒ ළමයි පාරේ යන්නේ කොහොමද ඊට පස්සේ .
ඒවායින් කමක් නැහැ ඔන්න මාව තනියම තියන්නත් බැරි නිසා ළඟ ගෙදරක ගැහැණු කෙනෙක් නවත්තලා ගියා . මන් කුස්සියට වැදිලා හිතේ හැටියට කැවුම් කෑවා .
 
 
 
අලුත් අවුරුද්දට පන්සලුත් ගියා . පන්සල් අපේ වගේම නෙවේ . නමුත් එහෙම හරි තියෙන එක ගැන සන්තෝස  වෙන්න එපාය .අපේ ගේ ළඟ  ථෙරවාද පන්සලක් තියෙනව . මෙයාලගේ වතාවත් වෙනස් වුනත් අපට ගිහින් මලක් පහනක් පුජා කරන්න බැරි කමක් නැහැ .
 
 පන්සල් තාප්පේ අපායේ වද දෙන හැටි චිත්‍ර ඇඳ තිබුන . යම රජ්ජුරුවෝ චීන මුහුණක් ඇති කෙනෙක් .
 
පින්තුර ටික වෙසක් එකට දාන්නම් . ආයේ අවුරුදු කාලේ බය කරන්නේ මක්කටෙයි .
 
අද නෙට් එක අවුල් . පින්තුර ලෝඩ් වෙන්නේ නැහැ .
 
සුබ පතාපු හැමෝටම ගොඩාක් ස්තුතියි .
 

බ්ලොග් කියවන ලියන හැමෝටම සිතේ සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!

 
ප. ලි.
 
පහුගිය කාලේ වැඩ වැඩි වී තිබුණ . පොඩි දෝනිගේ උපන් දිනේ යෙදුන . අවුරුද්දට ලැස්ති වුනා . සේරමටත් වඩා නොලියා ඉන්නකොට ලියන්න දේවල් තිබ්බත් ගලපගන්න බැරි ගතියකුත් දැනුනා . අනික් බ්ලොග් වල කමෙන්ට් කලෙත්  නැහැ වැඩිය . සේරටම සමාව දෙන්න කට්ටියම .


72 comments:

  1. අවුරුදු සරුයි වගේ...

    පලි: කම්මැලියි! දිග කමෙන්ට් එකක් කොටන්ට පස්සෙ වෙලාවක එඤ්ඤං.. :)

    පපලි: අද මොකෝ පෝස්ට් එක සෙන්ටර් වෙලා..?? alugnment අපසේට් ගියාද..?? ;)

    ReplyDelete
    Replies
    1. විෂ් කොරන්ට අමතක වුනා නොවැ.. අලුත් අවුරුද්ද සුබ එකක්ම වේවා.!!

      Delete
    2. බුරාටත් එසේම වේවා !! මක්ක කිවා alugnment... ඔව් බොලේ අද අප්සට් . මොකද දන්නවද මුලින්ම පින්තුරයක් දාල ලියන්න ගත්තම ඔහොම තමා .

      Delete
    3. alignment අප්පා.. මේ කී බෝඩ් එක පිස්සු කෙලලා නෙවැ.. :D

      Delete
    4. මන් උන්නා අලුත් වචනයක් කියල .

      Delete
  2. කාලෙකින් ආවත් පරණ රස එහෙමමයි!!
    බින්දි අක්ක වගේම මමත් මේ පාර තනියම අපේ ගෙදර අවුරුදු සැමරුව.. පොඩි කාලෙ ඉඳල අම්මට අත් උදව් දුන්න හන්දද කොහෙද කැවිලි නං හදාගන්ඩ පුලුවං වුණා කරදරයක් නැතුව...ඒ විතරක් නෙවෙයි මගේම තාලෙට නාරං කැවුමුත් හැදුව මං මේ පාර...

    ඔය අතිරහ කියද්දි මට මතක් වුණේ, අපේ ගෙදරත් කැවුං අහුරන්නෙ මැටි මුට්ටිවල තමා!! මැටි මුට්ටිය යටට පරණ පීරිසියක් මුණින් නවල තියල ඒක උඩින් තමා කැවුං අහුරන්නෙ...කැවුං උයන කාලෙට කෝඳුරුවන්ගෙන් බේරිල්ලක් නෑනෙ.. ඒ හන්ද අපේ ආච්චි අම්ම ඉස්සෙල්ලාම උයන කොන්ඩ කැවුම හණ ලණුවකින් වහලෙ එල්ලනව... ඉතිං ඉස්සිස්සෙල්ලාම කැවුං කන්නෙ උන් තමා!!

    ReplyDelete
    Replies
    1. ජනුත් අලුත් පවුලක් වුනානේ . ඔයා නම් යුතුකම් ඒ හැටියටම කරන බවත් පෙනෙනවා . සතුටුයි නේ .
      අන්න ඔය කෝඳුරු කතාව අපෙත් එහෙමමයි . ඒ එල්ලන කවුමට කියන්නේ කෝඳුරු කැවුම නේ .

      අපේ අම්මත් හදනවා නාරන් කැවුම් . මන් එක පාරක් හැදුවා කට්ටිය එච්චර ආස නැහැ වගේ ., ආයේ හදන්න ඕනේ . කාලෙන් කාලෙට ළමයින්ගේ රස නහර වෙනස් වෙන නිසා දැන් ආසද දන්නේ නැහැ .

      Delete
  3. යක්කු ගහන කතා ගොතලා තියෙන්නේ ඇයි කියලා ඒ කාළෙම මම නම් තේරුම් ගත්තා. යකෙක් දකින්න ආසාවෙන උන්නත් අද වෙනකන් දකින්නත් බැරි උනා. ඒත් යක්කු කියලා හිතේ තිගැස්මක් ඇති උන වෙලාවල් නම් නැත්තෙමත් නෑ. හැබයි ඒ ඔක්කෝම ජීවමාන වස්තූන්. අපේ බාප්පගෙ මගුල් ගෙදර කැවිලි පෙවිලි මුර කරන්න දුන්නේ මට. ඒ කියන්නේ ඒ කාමරේ යතුර මගේ ළඟ. බොහෝම සාරෙට තිබුන මංගල්ලයක්. මුං කැවුම් විතරක් පොඩ්ඩක් අඩු බව සීයට මාට්ටු උනාට මුකුත් කිව්වෙත් නෑ. අනික්වා බේරිලා තිබුන නිසා. මගේ නම් පුදුම පෙරේත කමක් තියෙන්නේ කෝලිකුට්ටු කෙහෙල් ගෙඩි මුං ගුලි හරි මුං අළුවා එක්ක හරි කන්න. මේ සැරෙහ් ඒ ආසාවනම් ඉටු කර ගත්තා. ඔය මක්කා හැදුවත් ආස්මි හදන එක නම් ලේසී වැඩක් නෙමෙයි කියලා නම් හොඳටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉඳන් ඔළුවට වැටුන බයවල් සම්පුර්ණයෙන්ම යවන්න අමාරුයි .
      නරියෙක්ට නේ කුකුල් කොටුව බාර දීලා තියෙන්නේ . මුන් කැවුම් රස ටිකක් පරණ වුනහම . අර පිට පොත්ත ගැලවිලා එන සයිස් එකට ආවම .
      ආස්මි හදන්න දන්නා අය අඩුයිනේ . අපේ ආච්චිට පුළුවන්කම තිබුණ . දවුල් කුරුඳු සොයා ගන්නත් ඕනනේ . ආච්චි නම අතේ ඇඟිලි වලින් ආස්මි වක් කලේ . බලා ඉන්න ආසයි

      Delete
  4. මැලේසියාවෙ අපිට නං කොහා ආවෙ ජනවාරිමාසෙ . ඒ හින්දා ටිකාක් වගෙ හුරු පුරුදු ගතියක් තිබ්බ. අර
    "කැවුම් නම් අපේම වෙන්න ඕනේ . අනික් අතට මමය මාගේය කියල දෙයක් නැති බව බුදු දහමේත් කියන එකේ කාගෙන් කොහෙන් ආවම මොකද . ලෝකය ලස්සන වන්නේ මේ මිශ්‍ර වීම නිසානේ ."

    කොහෙන් ආවම මොකද හොඳ දේවල් ? ඇත්තෙන්ම අතිරස නම් අපේ නෙවෙයි. ඉන්දියාවෙ අදීරසම් කියලා හදන්නෙ ඒකමයි.. කොකිස් ඉන්දියාවෙත් හදනවා කියන්නෙ මුරුක්කු කියලයි.. මුං ඇට කැවුං නම් අපේ වෙන්න ඇති ඒ මොකෝ පොල් කිරි නැතුව අපිට බෑනෙ මොකක්වත් කන්න..
    අර හොරෙං කැවුම් කාපු එවුවා නං අපිටත් පොදුයි.. අම්මා සීය සීය ගනන් කරලා මුට්ටිවල කට න්බැඳලා උඩින් තියනවා. අපි කට ඇරලා හැම මුට්ටියෙන්ම ටිකටික වෙන්නයි ගන්නෙ. පවු අම්මා කවදාවත් ආපහු ගනින්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. උඳු වළලු වගේම එකක් ඉන්දියාවේ තියෙනවා . ඕක උඩරට පැත්තේ කෑමක් නිසා ඒ කාලේ උඩරට බිසෝවරුන් එක්ක මෙහෙ ආව එකක් වෙන්නත් පුළුවන් .



      කොහා මැලේසියාවේ ආවට මේ පැත්තේ නම් හතර මායිමේ එන්නේ නැහැ වගේ ..එන්න බය ඇති ..

      කැවුම් ඉතින් අම්මලා හැදුවේ අපටම නිසා අහු වුනත් එච්චර බනින එකක් නැහැ නේද සරත්

      Delete
  5. අපේ සිරි ලංකාවෙත් කොහා නැහැනෙ බං...

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය ..

      කොහා නැහැ . ඔය පැත්තේ ඉස්සර නම් හිටියා ඕන තරම් .

      Delete
  6. හද්ද පිටිසර ඉඳලත් අවුරුද්දට පස්සෙ දවසෙයි කොහාගෙ සද්දෙ ඇහුවෙ.
    කැවුම් හදද්දි චූටි පිටි ගුලි කරල තෙල් තාච්චියට අනවසරයෙන් දැමීම මගේ ඉස්සර පුරුද්දක්. ගානට පිච්චුනාම අම්මට කියල ගොඩ අරගෙන කනව. :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ් කොහා ඒ තරමට හිඟද . කොහා එන්නේ ඉන්දියාවෙන්නේ . මේ දවස්වල විසා ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේ .

      Delete
    2. ඕ හෝ කොහා කියන්නේ සංචාරක කුරුල්ලෙක්ද ..?
      කොහොම හරි අපි ගෙදර නම් නිතරම කොහෝ සද්දේ
      ඇහෙනවනේ ..මම විසේසෙන් කියල බලල නැහැ , නමුත්
      මාස 12 න් හැම මාසෙම වගේ එක්කෝ දකිනවා නැත්නම්
      කොහෝ සද්දේ ඇහෙනවනේ ..මගේ හිතද මන්දා ..

      Delete
    3. silantsahan

      කොහා කියන්නේ සංචාරක කුරුල්ලෙක් කියලයි මන් අහල තියෙන්නේ . ආව එකෙකේ දෙන්නෙක් නවතින්නත් පුළුවන්නේ නැද්ද .

      Delete
    4. එහෙනං එහෙනං ..:P

      Delete
    5. http://biodiversityofsrilanka.blogspot.com/2013/06/kohaasian-koel-eudynamys-scolopaceus.html

      ලඟදි කියෙව්වා ලිපියක් කොහා ගැන . එක වර්ගයක් අපේ රටේම ඉන්න ජාතියක් . නමුත් සංචාරක වර්ගත් ඉන්නව . නමුත් බහුලව දකින්න ලැබෙන්නේ අපේ කොහා තමයිලු . මගේ වෙච්ච වැරදීම අද මෙතන හැදු වේ නැත්තන් කවද හරි කියෝන කෙනෙක්ට වැරදි තොරතුරක් ලැබෙනවා .

      Delete
  7. සුභ නව වසරක් වේවා..!

    අපිනං නැහැනේ ඔය හොරෙන් කන වැඩ වලට.. :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!!

      මොකට කියනවද .

      Delete
  8. අපේ සංස්කෘතිය හිතේ තියෙනව නම් කොහෙ හිටියත් ඒක වෙනස් වෙන්නෙ නෑ නේද?නිදුක් නිරෝගි සුවපත් නව වසරකට නැන්දාටත් පවුලේ සැමටත් සුබ පැතුම්...!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ...වර්ෂා

      දැන් මට නැන්දා කියන වයසේ ළමයි ලොකු වෙලා බ්ලොග් ලියන එක කොච්චර සතුටක්ද ..

      Delete
    2. වයස හංගන්ට හැදුවට ඒක හරියන පාටක් නෑ නේද 'බින්දි නැන්දේ'.?? :P

      මං මේ බැලුවෙ, කෝ මේ බහුබුද්ධියා කියලා.. සික්! ඕන වෙන වෙලාවට මේකා ළඟ පාතක නැති හැටි.. :)

      Delete
    3. හෆ්ෆූ ඔන්න වැරදි දෙයක්ද මං කියලා තියෙන්නෙ ඈ... !!!

      Delete
    4. බහු බුද්ධියා ලයිට් බිල අඩුකරන්න ක්‍රමයක් කල්පනා කරනවලු..දුකයි තමා බොලන් වයස යනවා කියන එක . හැබැයි ඉතින් ළමයි ලොකු වෙනවනේ ඊට සාපේක්ෂව . ඔය අපේ පොඩි ඒකිගේ වෙස්ටන් යාලුවෝ නම් කෙලින්ම මට නම කියල කතා කරන්නේ . අපිට නිකන් මොකද වගේ වුනාට ඒ ගොල්ලන්ට ගානක් නැහැ .

      වර්ෂා ..අනේ නැහැ වර්ෂා ..අපේ අක්කගේ කෙල්ල ඔන්න මේ පාර සා පෙළත් කළා . ඒ කියන්නේ ඒ වයසේ ළමයෙක් බ්ලොග් ලීවොත් ඉතින් ආයේ නැන්දා කීවාට කරන්න දේකුත් නැහැ .

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    සෑහෙන්න කාලෙකට පසුව මේ අවුරුදු කාලේ ගමේ ඉන්නේ. කොහාගේ හඬ (ඉඳහිට වතාවක් දෙකක්) අහන්න ලැබුණා. ඒවුනත් අවුරුද්දට කලින් දා රෑ ඉඳන් කිසි අඩුවක් නැතිව රැහැයියා වගේ දෙවනත් කරගගෙන කරාපිටිය රෝහලට දුවන ඇම්බියුලන්ස් සද්දේ නම් අඩුවක් නැහැ.

    කොකිස් නම ලන්දේසීන්ගෙන් ද පෘතුගීසීගෙන් ද?

    කොහොම නමුත් කොකිස් කැවිලි දකුණු ඉන්දීයා ප්‍රාන්තයක් වෙන කේරළයේ ලාංකික අපි අතර තරම් ප්‍රසිද්ධයි, නම වෙනස් අච්චාප්පම් (achappam) හැටියටයි කියන්නේ. ලංකාවේ කොකිස් වලට වඩා තුනී, පැණි රහක් තියෙන කෑමක්. උන්දැලා ද පොල්කිරි කන්න රුසියෝ, ඒත් අච්චාප්පම් වල එහෙම ගතියක් නැහැ. ඔවුන් අච්චාප්පම් දේශීය කැවිල්ලක් හැටියට කියන්නේ. පෘතුගීසීන් බලපෑම ලංකාවේ වගේම දකුණු ඉන්දීයා ප්‍රදේශ්යේ දකින්න ලැබෙනවා.

    achappam ගූගල් කරලා බලන්න.

    කොණ්ඩ හැඩය නැති පැතැලි පලහාරම් කියන කැවුම් වර්ගයක් දකුණු ඉන්දීය ජනතාව අතර වගේම දමිල අය අතරත් දකින්න පුලුවන්.

    කෙසේ වෙතත් අපේ රටේ අවුරුදු කැවිලි සුවිශේෂයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩින් අය්යා වටිනා විස්තරයට. නේපාලයේදී කොකිස් දැක්ක කියල මට යාලුවෙක් කිවා . අයිස්ක්‍රීම් එක්කලු දුන්නේ .

      අවුරුද්දට ගම රට යන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද නේද

      Delete
  10. අනේ බොලේ ඔය කෑමවල මූලාරම්බෙ හොයන්ට යන වෙලාවෙ පැත්තකට වෙලා තප්පලං දාල ඉඳගෙන මඩක්කුවකට දාගෙන යහමිං කොටා බාහං..ආය යනව අලගිය වැලගිය තැං හොයන්ට....

    / කැවුම් නම් අපේම වෙන්න ඕනේ /

    කැවුං ගෙඩිය ගැනත් ජාතක පොත්වල තියනව නේද?...කුස ගොයියගෙ මූණ කැවුමක් වගෙ කියල...ආය මහව්සදස්ගෙ බාරියා අමරා දේවී තොමෝ හාල් නැලියකිංද කොහෙද බතුත් උයල හුන්සාලෙං කිරිබතක්ද කොහෙදත් උයල තව ඉතිරි කරගත්තු පතක්ද කොහෙද කොටල ඒකෙං කැවුනුත් බැද්දයි කියල...හැබැයි එච්චර අරපිරිමැස්මෙං වැඩකරපු ගෑණිට දන්නවද අර පෝරිසාදය, මහව්සදය කොලේ මොකක්ද කියල...එව්ව ඔක්කොම අඹරල ඇඟේ ගාල හිට අව්වෙ තිබ්බලු...හේතුව කැඳ හැදුවෙ නෑ කියලද කොහෙද ?..හෙහ්, හෙහ්,

    ඔය කතාව දවසක් පෝය දවසක බනට හාංදුරු කෙනෙක් කිව්ව රේඩියෝ එකේ...

    " හුහ්, මම නං බෝදිසත්වයො කියල බලන්නෙ නෑ...දෙන එක දෙනව මතක තියනකල් ආය ඔය වගෙ මරි වැඩ නොකරන්ට....."

    ආන්න අපෙ උන්නැහැ අර දාහක් බුදුං බුදුවෙන පෝය දවසෙ බණත් අහන ගමං කියාපු කතාව. හැබයි අපරාදේ කියන්ට බෑ දොහොත් මුදුං දීල වැඳගෙනමයි ඔහොම කිව්වෙ..

    පඳුරු තලන වැඩේ නැඟල යනව නේද බොලේ?....හොයල බලන්න ඕන ඕකට පේටන්ට් අයිතිය ගන්ට බැරිදැයි ලියල....බුද්දිමය දේපොල යටතට එනව මයෙ හිතේ පඳුරු තැලීමේ සංකල්පය....හෙහ්, හෙහ්,

    ඊට පස් සෙං පහු බොලාට හම්බුවෙන්නෙ නෑ නිකම්ම පඳුරු තලන්ට..මට ගෙවන්ට ඕන ගානක් තලන තලන පඳුරක් ගානෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද ''ආහාර සංස්කෘතිය '' ෆුඩ් කල්චර් ..හරිම රසවත් මාතෘකාවක් . අතට ගත්ත ගමන් නිකන්ම ගිල දාන්නේ නැතුව පොඩ්ඩක් වගතුග හොයා බලන එක නරකද මන් අහන්නේ .

      මහෞෂධ ..හුහ් .ආයේ මන් උනත් කරන්නේ ඔය ටිකම තමා . උයල දීපු දෙයක් කන්නේ නැතුව ඇදකුද හොයන පිරිමි ඉන්නව නේද මට පෙනෙන්න බැරි කට්ටියක් .

      පේටන්ට්....මොන පෙටන්ට්ද අය්යා අර දොස්තරයි වහ බීපු පේෂන්ට් ගැනයි කියලා දාන්ට.

      ඇත්තටම කියන්න ඔය පඳුරු තලන එකට පේටන්ට් තිබ්බේ ඔබා මාමට . සක්කරයට ලෝකේ උන්දලා කරන එව්වා පෙන්නේ නැති ගානට පඳුරු වැවිලා හින්දා ඔබා මාමව ගෙන්න ගත්තලුනේ .
      හරි ඉතින් ඊට පස්සේ හරි හමන් විදිහට රාජකාරිය ආයිත් පටන් ගත්ත නිසා ඔහෙට අපි දෙන්නම් කෝ පේටන්ට් අයිතිය . .

      Delete
    2. අම්මප පඳුරු තැලිල්ලෙ ආදි කර්තෘ ඔබා නෙවද?...පව් අප්පා..අවුරුද්දකුත් වෙන්ට ආව නේද ඔබ්ස් අපිව අත ඇරල ගිහිල්ල.පහුගිය අවුරුද්දට ලංකාවට ගිහිල්ල ආපහු ආපු ගමම්ම වගේ නේද උන්දැ නැතිඋනේ?..මට එහෙම කතාවක් මතකයි වගේ...

      Delete
    3. සක්කරයා මේ අපි රවියාවත් ගෙන්න ගන්න එකක් නෑ නේද පඳුරු තලනවා වැඩියි කියලා.?? ඕං රවියෝ, කෝකටත් පරෙස්සමෙන්.. ;)

      Delete
    4. ඔව් රවී ..අවුරුදු කාලේ තමයි උන්දැව සක්කරයා ගෙන්න ගත්තේ.

      බුරෝ

      මන් හිතන්නේ කාලෙකට එහෙට එක්කෙනෙක් ඇති . මෙයාව ඕන වෙන එකක් නැහැ .

      Delete

  11. බින්දී ඇතුළු පවුලේ හැමෝටම සුබම සුබ නව වසරක් වේවා ..

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහන් ..

      Delete
  12. Margaret Thatcher funeral, live coverage දිහා බලාගෙන ඉඳලා හිතට හරිම දුකයි වගේ. හොඳ කමෙන්ට් එකක් හෙට දාන්නම්.:(

    ඔයාටත්, බට්ටියෝ දෙන්නාත්, තොටියටත් සුබ අලුත් අවුරුද්දක් බින්දියේ.

    ReplyDelete
    Replies
    1. පොඩිටත් සුබ නව වසරක් වේවා ..

      ඔය තැචර් නෝනා මාලගේ ඉක්මන් කරන්න කිවාලුනේ ''අර එක එකාලා මන් ගැන බ්ලොග් ලියනවා '' කියලා

      Delete
  13. //..අපේ ගෙදර තාත්තාව දැකපු ගමන් ඇහුවේ'' ඇයි ඔයා සායක් ඇඳලා ''...//

    ස්කොට්ලන්තේ මනුස්සයෙක්ව දැක්කා නම් මෙයාලා මොනවා නොකියයිද :P

    අක්කාටත් පවුලේ අයටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ..මේගොල්ලන්ගේ සර් කෙනෙක් යු එන් දවසේ ඔය ස්කොටිෂ් සයක් ඇඳන් ඇවිත් ළමයි එයාගේ පස්සෙන් පන්නනවා මන් දැක්කා හිනා වේවි

      මල්ලිටත් පවුලේ සැමටත් එසේම වේවා !!

      Delete
  14. කැවුමක කොන්ඩේ ගන්න හැමෝටම බැරිලු නේද? ලබන අවුරුද්දටවත් මමත් හදන්න ට්‍රයි කරලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කොණ්ඩය ගන්න තියා සයුරි මිශ්‍රණය හරියට හදාගන්නත් අමාරුයි මට නම් . අපේ ගමේ රත්නපුරේ හදන්නේ හැඳි කැවුම් . එකම මිශ්‍රණය ගන්නේ . කොණ්ඩය නැතුව. මන් ට්‍රයි කළා කීප පාරක් . යහමින් හාල් පිටි නැහැනේ නාස්ති කරන්න . වැඩේ අල්ලලා දැම්මා .

      Delete
  15. මේ අවුරුද්දත් ගියා. ටවුමෙවෙලත් අපේ පැත්තෙ නම් කොහාලා තරඟෙට අඬනවා. උන්ව රවට්ටන් අපිත් අඬනවා. මෙහේ කොහාලා මෙච්චර ඉන්නේ සත්තු වත්ත ළඟ හින්ද වෙන්න ඇති.

    බිංදි ඇතුළු පවුලේ සියළු දෙනාට සුභ නව වසරක් පතනවා!

    ReplyDelete
    Replies
    1. උනුත් දැන් ටවුමේ පදිංචි වෙලාද දන්නේ නැහැ . සත්තු වත්ත ළඟ නම් ගහකොළ වැඩි නිසා වෙන්න ඇති

      ඔයාටයි පවුලේ සමටයි සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  16. බින්දි අක්කලා අවුරුදු සමරලා.. අපිටනම් අවුරුද්දත් තවත් එක දවසක් විතරක්ම උනා ඉතින්.. මේ පාර අවුරුදු උත්සවයක් තිනවද කියලවත් දන්නෙ නෑ තවම..

    ReplyDelete
    Replies
    1. තනිකඩ කම ගෙවී ගිය දාට දිනේෂ්ටත් අවුරුදු ලැබෙයි ...

      Delete
  17. පොඩි කාලේ ගමට ගියාම තිබුණු ගමේ අවුරුද්ද වගේ දැන් කාලේ අවුරුදු ලස්සන නෑ. අම්මා නම් පොඩ්ඩිට අවුරුදු ගැන කියලා දෙන්ට සෑහෙන මහන්සියක් ගත්තා. රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා, නැකතට ලිප පත්තු කරලා, කිරි උතුරවලා, කිරිබත් උයලා, කැවිලි මේසයක් දාලා, පහන් පත්තු කරලා, අප්පච්චි අපිට කවලා, පොඩ්ඩි 'බුද්ධං සරණං ගච්චාමී' කියලා අප්පච්චිට වැඳලා, පහුවදා නිදිමතේ හිටපු හැටිත් තාම මතකයි.:D

    ලංකාවේ වගේ නෙමේ උනත් තාමත් අවුරුදු තියනවා. හැබැයි කැවිලි කඩෙන්. අනෙක හැම තැනම අවුරුදු උත්සව. මේ පාර නම් එකකටවත් ගියේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා වගේ අපේ ළමයි දවසක කියයි නේද . මාත් ඒ ටික නම් කරනවා මයි . අපේ දෙන්නත් මෙදා පාර කලින් දා යාළුවො එක්ක නටලා උදේ නැගිටගන්න බැරිව හිටියා . අපේ පොඩි ඉඅපදුන දා ඉඳන් සිංහල අවුරුදු දා අපට හරි විනෝදයි . විවිධ අත්දැකීම් . එයා උපන්නේ අප්‍රේල් හයනේ . ඉතින් පලවෙනි අවුරුද්ද දා කඩෙන් ගෙනා කැවිලි තියල හොඳ මේසයක් හැදුවා . අවුරුදු කුමරියක් ආ නිසා .

      දෙවෙනි පාර වියට්නාමයේ . මහා දඟයි . මේසෙට ඉඳගත්තෙවත් නැහැ . තුන්වෙනි පාර ඇඳුම් නැතුව් අබිම පෙරලිලා හිටියා . හතරවෙනි පාර එයාට කවුරුත් වඳින්නේ නැහැ කියල පෙරලි පෙරලි හැඬුවා .
      පහ නම් ටිකක් හොඳට හිටියා . හය සැහෙන්න හොඳයි . මේ පාර හොඳටම හොඳයි .

      Delete
  18. මේ ජම්බු ගහෙන් වැටිලා ඉන්දි කැවුම් කාපු නිසා තමයි මේකිගේ මේ *නුහුගුණේ!

    ඔන්න ප්‍රශ්ණෙකට උත්තර ලැබුනා.


    වාසනාවන්ත අලුත් අවුරුද්දක් දරුවො දෙන්නටයි, අර යටට මොකුත් නැතුව සාය අඳින ගොබිලටයි, බින්දිටයි.

    (*නුහුගුණේ රවියාගෙන් සහ ජනූගෙන් සොරාගත් වචනයකි. සියලු හිමිකම් උන්ගේය.)

    ReplyDelete
    Replies
    1. ඕවා නම් උපන් ගති . ආයේ කැවුමකට ව්වෙනස් වෙන ජාතියේ නෙමේ ..හරිය

      හෙහ් ..ඔඅබටත් එසේම වේවා ...

      Delete
  19. චාරිත්තර එහෙමකට කරන්න බැරි වුනා, ඒ අපි එදාම අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තිබ්බ නිසා. අපේ මෙහෙ පොඩි ගුවන් විදුලි කණ්ඩායමකුත් තියනවා, ඉතිං උදේම ප්‍රචාරක වැඩ අපිට බාර වෙලා තිබ්බා. ගෙදර ඇවිත් කිරිබත් කාලා, ගියා අවුරුදු උත්සවේට. ලිස්සන ගහේ නැගීම ඇරෙන්න අනික් ඔක්කොම අපි තියනවා. අර වැඩේ ප්‍රායෝගික නැහැ.. අනික එතන සේෆ්ටි ප්‍රශ්නෙකුත් තියන නිසා අතෑරල දාල තියෙන්නේ.

    අපි නවය වසරේ ඉන්නකොට ආරංචි උනා පංතියේ කෙල්ලෙක් ජම්බු ගහෙන් වැටිලා කියලා, ඒ පැත්තෙම ඉඳන් එන කොල්ලෙක්ගෙන් අපි නිකං ඇහුවා අරකි ජම්බු ගහෙන් වැටිලා නේද කියලා... මූ කල්පනා කරලා කරලා කිව්ව, එහෙ ජම්බු ගහක් නම් නෑ බං, හැබැයි කොකෝවා ගහක් නම් තියනවා කියලා, වැටෙන්න ඇත්තේ ඒකෙන් කියලා.

    ReplyDelete
    Replies
    1. හොඳයිනේ තිසර අවුරුදා කට්ටිය එක්කහු වෙන එක කොච්චර හොඳද .

      දෙගොල්ලම ඉන්න ඉස්කෝල වල ඕක හරි ප්‍රශ්නයක් නේ . අපේ නම් කෙල්ලෝ විතරක් නිසා එක එකා දවස් තුනහතර ගෙදර නවතිනවා . එනකොට කන්න මොනව හරි ගෙනාවා.

      අර කොල්ල හරිම ටියුබ් ලයිට් එකක් වෙන්න ඇති

      Delete
  20. බිංදි ඇතුළු පවුලේ සියළු දෙනාට සුභ නව වසරක් වේවා !!!!!!!
    එරන්දි

    ReplyDelete
    Replies
    1. එරන්දිටත් එසේමා වෙන්න පතනවා !!

      Delete
  21. තිසර සහ බින්දි,

    බොල දෙන්නම ජම්බු ගහෙං වැටුනය කියල කියන්නෙ ...ඔය කතාව හැදුනු හැටි එහෙම දන්නවද?

    ReplyDelete
    Replies

    1. අධ්‍යාපනික හේතු මත පමණක් ඔය වගේ
      කතාවක වත ගොත දැනගන්න කැමතියි ..:P

      ( සැර බාල කරලා කියනව හොඳයි )

      Delete
    2. අනේ මන්දා අයියේ.... මං නං හිතං ඉන්නේ ඔය කොයි ගෙඩියත් 'පරිභෝජනයට' සුදුසු කාලේ ආවහම නැට්ටෙම එල්ලිලා ඉන්නෙ නෑනේ... ඒ අදහසින් ජම්බුව ගහෙන් වැටුනා කියලා කියන්නේ ඉතිං ගැනු ළමයි ඔය කාලෙට ජම්බුව වගේ මහත් වෙලා රතු වෙලා ඉන්න හින්දයි කියලා. එකපාරටම සාමාන්‍යයෙන් හිතෙන්නේ ජම්බු ගහෙන් කෙනෙක් බිම වැටුණා කියල උනත්, කල්පනා කරලා බලලා මම හදා ගත්ත පැහැදිලි කිරීම තමයි ඔය. මට බුදු සුවර්, අයියගේ පැහැදිලි කිරීම මීට වඩා වෙනස් සහ රසවත් කියලා :)

      Delete
    3. අනේ නැහැ අනේ අපි දන්නේ නැහැ . කියාන්ටකෝ බලන්න . තිසරගේ පැහැදිලි කිරීමත් හොඳයි

      Delete
  22. බින්දීටත් පවුලේ ඔක්කොටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. රන්වන්ටත් පවුලේ සැමටත් එසේම වේවා . ලස්සන නම රන්වන්

      Delete
    2. ස්තුතියි බිඳී :)

      Delete
  23. ඇත්තට මෙහෙ දැන් කොවුල්ලු නෑ නේ.
    සුවර් එකටම අපේ අය ඉන්දියාවට බනින නිසා පාඩමක් උගන්නන නෑවිත් ඉන්නවා ඇති. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර තරම් කොයි කුරුල්ලත් නැහැ නේ . ඉස්සර හරියට සංචාරක කුරුල්ලෝ ආවනේ . සිවුරු හොරා සුදු රෙදි හොරා ..අය්යෝ ඔහේ තව හොඳයි . මෙහෙ පොඩි ගේ කුරුල්ලෙක් ඇරුනම මොකෙක්වත් නැහැ

      Delete
  24. දැන් බින්දිලා නැකත් කෙරුවෙ ලංකාවෙ වෙලාවෙන්ද, නැත්නම් ඔහෙ වෙලවෙන්ද ? හරි විදිහ මන් හිතන්නෙ ලංකාවෙ වෙලාවෙන් කරොත් තමා..

    අපිටත් මෙදා පාර තිබුන ප්‍රශ්ණයක් තමයි ගනුදෙනු කරන්න ලිඳක් නැති වෙච්ච එක.. පයිප්පෙත් එක්ක තමා ගනුදෙනු කරන්න වෙන්නෙ... :D

    "අවුරුදු දා ළමයි බුලත් දීලා අපට වැන්දා"

    ඕක ගෝත්‍රික වනචාරී චාරිත්‍රයක්ලු.

    බින්දිටත්, පවුලේ සැමටත් වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අපි ලංකාවේ වෙලාවට හරෝලා තමා කලේ . අපට වාසියි ටිකක් . නැගිට්ටේ උදේ පහට මම.
      ළිඳත් එක්ක ගනුදෙනු කිරීම අපේ දිහා එච්චරම කෙරුණ චාරිත්‍රයක් නෙමේ සෙන්න . මට අමතක වෙලත් තිබුනේ .

      කවුද කියන්නේ වනචාරි කියල . බලෙන් නෙමේනේ . අපි ආදරය කරන ගරු කරන වැඩිහිටියෙක් ළඟ කොන්ද නැවීම එච්චර අවුලක් නැහැනේ . අපි හොඳයි කොරියන් ජාතිකයින් හෙම නැවෙන හැටි බලන්න එපාය . උනුත් ගෝත්‍රික ද . හැබැයි ඔය දේශපාලකයින් වගේ එවුන්ට ළමයි ලව්වා වන්දන එක නම් වැරදි වැඩක් .

      සෙන්නටයි පවුලේ හැමෝටමයි සුබ අලුත් අවුරුද්දක් පතනවා

      Delete
    2. හැමදේම බටහිර කෝදුවෙන් මනින සමහරු එහෙම කියනවා බින්දි..

      Delete
  25. නොනගතේ වෙලාවෙ කෑම කෑම තහනම් කියලයි අපිටත් කියල තිබ්බෙ. ඒත් කාටද පුලුවන් බඩගින්නෙ ඉන්න. බඩගින්න ඉවසන්නම බැරි නම් තාත්තා කියනව එහෙනම් එලියෙ ඉඳන් කාලා එන්න ඇතුලෙ ඉඳන් කන්න එපා කියලා. කැවුම් ගැන කියනවා නම් මම කැමති උණු උණුවෙන් කැවුම් කන්න.

    පරක්කු උනත් මමත් ඔන්න සුභ පතනවා. ලැබුවා වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් ඉස්සර එළියේ ලිපක් හදල තේ හදල බොනවා නැකත් අප්සට් වෙලාවල් වල වැටුනම . මේ පාර නම් හොඳයි නේ .

      අලුත් අවුරුද්ද අලුත් ජෝඩුවට වාසනාවන්ත එකක් වේවා !!!

      Delete
  26. බින්දිටත්, දූ පැටික්කියො දෙන්නාටත්, අපේ නොදුටු මල්ලී ටත් වාසනාව සතුට සම්පත පිරුනු අලුත් අවුරුද්දක් වේවා! කියල සෙනෙහසින් අපි සියළු දෙනාම පතනවා.
    වෙනදා වාගේම වැඩිහිටියන්ගෙ අලුත් අවුරුද්ද සංවිධානය කරන්න හම්බන්තොට ගිහින් ආවේ 17 වෙනිදා. මට කැමරාව අමතක උන නිසා සටහනක් නෑ. කලින් ලියාපු සටහනම වාගේ තමා. ස්තූතියි! කැවුම් කොකිස් විස්තරේට.

    http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ ඇත්තමයි කාලෙකින් ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවේ නැහැ . සමාවෙන්න හොඳේ .

      ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  27. ඔය හැදුව කෑම බීමෙ පින්තූරෙයක් දැම්මනම් නරකද මම අහන්නෙ අපටත් බලන්න. අපි අවුරුදු නැකැත් නොකලට ලංකාවෙදි ඔය කෑම බීම ටිකනම් හදනව. විවාහයෙන් පස්සෙ ඉතින් ඹබර කුමාරයා බෞද්ධ නිසා අපි ඉතින් ලංකා වෙලාවට නැකැත් කලා මෙහෙ ඉදන්. ඉස්සර මම හිතන් හිටියෙ අනිත් අය අවුරුද්ද සමරන්නෙ රූපවාහිනෙයෙ යන විදියට කියල.. එන්න එන්න හැමදේම ලේසියට පහසුවට යන කාලෙ අවුරුදුත් වෙනස් වෙනව. අක්කගෙ ළමා කාලෙ කතා කියවල ඒ කාලෙට යන්න ආස හිතුන...:)

    ReplyDelete
  28. i wish Happy New Year...!

    ReplyDelete
  29. පරක්කු උනත් ඔන්න බින්දීටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව. දැන් ගොඩ කාලෙකින් සිංහල අවුරුද්දට ගෙදර හිටියෙ නෑ. මේක දැක්කම ඒ දවස් වල අපේ අම්ම කොහොමහරි අවුරුදු චාරිත්‍ර කරපු හැටි මතක් උනා. එයත් නිතරම කිව්වෙ මෙව්ව ඉස්සරහට ගෙන නොගෙනියන එක එයාලගෙ වැඩක්. හැබැයි අපි ළමයින්ට මෙව්ව උගන්නල තියෙන්න ඕන කියල. ඒ කාලේ වගේ නිදහසේ සැහැල්ලුවෙන් සතුටෙන් අලුත් අවුරුද්ද සමරන්න ආයෙ කවදා හම්බ වෙයිද මන්ද

    ReplyDelete