Tuesday, 30 April 2013

මවක් සහ පුතෙක්

මේ පින්තුරේ ඉන්නේ කවුද . වයසක අම්මා කෙනෙකුයි එයාගේ පුතෙක් කියන්න පුළුවන් තරමේ කෙනෙකුයි .

මේ පින්තුරයේ ඉන්නේ අර පුතා වගේ කෙනා ම තමයි පිළිමයක් නෙලනවා .

වැදගත් වෙන්නේ මේ ඉන්නේ තමන්ගේ දරුවෝ පහක්ම රට වෙනුවෙන් මිය ගිය අම්ම කෙනෙක් . අනික් කෙනා ඒ ළමයි මැරුණු යුද්ධේ අනික් පාර්ශවයේ සොල්දාදුවෙක් .

ඔහු තරුණයෙක් ලෙස නන්නාදුනන රටක තමන්ට කිසිම සම්බන්ධයක් නැති කෙහෙල්මල් යුද්දෙකට ඇවිත් යන්තම් පන බේරා ගැත්තෙක් .

[කලාව හදාරමින් ඉන්න ගමන් ගැහැණු ළමයා පයිලට් කෙනෙක් එක්ක යාලු වුන නිසා මෙයා ඉගෙනීම අත ඇරලා . ශිෂ්‍ය භාවය නැති වූ පසු හමුදාවට බැඳීමට බල කෙරුණ බවයි  පැවසෙන්නේ . ]



පසු කලෙක ආයෙමත් ඇවිත් මේ නෙලන්නේ අර අම්මගේ පිළිරුවක් .  ඒ ඔහු සමාව ඉල්ලපු ආකාරය  සහ අම්මා සමාව දුන්න ආකාරය .

මෙයින් අපට හිතන්න දෙයක් ඇත්ද නැත්ද මන්දා . මගේ සිත ගත්තු පින්තුර දෙකක් නිසා ඔන්න ඔහේ දැම්මා . ලිපියම කියවන්න ඕන නම් මෙන්න ලින්ක් එක

අද නිවාඩු . ''වික්ටරි ඩේ '' උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස කියල ගිය  පාර ලියුවේ මේ ගැන .

හෙට ඉතින් කාටත් නිවාඩුනේ . හැමෝටම සුබ ''වැඩ කරන ජනතාවගේ නිවාඩු '' දිනයක් වේවා ......

77 comments:

  1. obatath suba niwadu dinak weva!

    ReplyDelete
    Replies
    1. මගේ නිවාඩු කියන්නේ නිවාඩු නැති දවසක් නේ මංජු ..කට්ටිය ගෙදර

      Delete
  2. මේකෙ හිතන්න දේවල්නම් ගොඩක් තියනවා..මේ වියට්නාම් යුද්දෙට සම්බන්ද කතාවක්ද බින්දි..

    හෙට කාටත් නිවාඩු කිව්වට අපිට නිවාඩු නෑ... :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම එකක් තමයි සෙන්න ..අය්යෝ පව් .

      Delete
  3. හිතන්න යමක් තියන පෝස්ටුවක්.. හෙට හැමෝටම නිවාඩු ඒත් අපි වැඩ... සංසාරේ හැටි තමා..

    ReplyDelete
    Replies
    1. වහන්න බැරි ආයතන වල ඉතින් වැඩ කරන්න එපාය නලින් . ඉස්සර මමත් එහෙමයි . අපෙත් කවුරු හරි හැමදාම වැඩ . දැනුත් කියල ආයේ මගේ රාජකාරි නිවාඩු නැති එව්වනේ

      Delete
  4. // මේ ඉන්නේ තමන්ගේ දරුවෝ පහක්ම රට වෙනුවෙන් මිය ගිය අම්ම කෙනෙක් //

    රට වෙනුවෙන්..!!??

    මම හිතන්නෙ නෑ වියට්කොං වරු සටන් කලේ රට වෙනුවෙන් කියලා.. ඔන්න දකුණු වියට්නාම් සොල්දාදුවන් නම් රට වෙනුවෙන් සටන් කලා කියන්න පුළුවන්.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දන්නේ නැහැ බොලේ ඔව්ව . බුරා කියන එක මට තේරෙනවා . මොකක් හරි නිසා මේක එකක් නොවෙන්න ආයේ අර කොරියන් කාරයට වෙච්ච එක තමා මෙහෙත් වෙන්නේ

      Delete
    2. රට වෙනුවෙන් යුද්ධ කලේ කවුද, නොකළේ කවුද කියන එක මහා සංකීර්ණ ගැටලුවක් නේ බොලන්. :-)
      කොහොම වුනත් ඉතිහාසය 'වියට්කොංවරුන්ගේ' පැත්තේ කියලයි මට හිතෙන්නේ.
      ජිනීවාවලදී එකඟ වුන විදියට ජනමත විචාරණය තිබ්බා නම් බලාගන්න තිබ්බා මොකක්ද වෙන්නේ කියලා. නමුත් ඒක කරන්නේ නැතුව දකුණු වියට්නාම් ආණ්ඩුව පිස්සු කෙළියට පස්සේ ඉතින් අවුරුදු 20 ක් ගියානේ දෙකෙන් එකක් නිරාකරණය කරන්න.

      ඇමරිකාවේ බොහෝ තරුණයෝ යුද්ධයට විරුද්ධව Draft Dodging කළා. ඔවුන් විශ්වාස කළා ඔවුන් නම් සටන් කරන්නේ රට වෙනුවෙන් නොවන බව.

      Delete
    3. ඉතිහාසය වියට්කොන් වරුන්ගේ පැත්තේ . ඔය මියුසියම් වල රවුමක් ගියහම ඕන කෙනෙක්ට ඒ පැත්ත ගන්න හිතෙනවා . කුචි උමන් බලන්න ගියොත් පෙනෙයි ඒ පැත්තේ පොලොව කොච්චර නිසරුද කියල . සියවස් ගණනක් යයි ආයේ ගහකොළ වැවිලා සාමාන්‍ය තත්වෙට එන්න . ඕනනම් අපේ ජනාධිපති තුමාගෙන් අහන්න මන් කියන්නේ බොරුද කියල ...D

      Delete
    4. // ඉතිහාසය වියට්කොන් වරුන්ගේ පැත්තේ //

      අනිවාර්යයෙන්ම.. ඉතිහාසය හැමදාමත් හිටියෙ ජයග්‍රාහකයගෙ පැත්තෙ තමා.. බැරිවෙලාවත් වියට්කොංවරු පැරදුනා නම් ඕක අනිත් පැත්ත ගැහෙයි..

      මං කියන්නෙ ඒක නෙවෙයි.. වියට්කොං හමුදා ඇත්තටම සටන් වැදුනේ රට වෙනුවෙන් නෙවෙයි, තමන් ඇදහූ දේශපාලන දර්ශනය වෙනුවෙනුයි.. එයාලා රට වෙනුවෙන් සටන් කලා නම් තමන්ගේම මිනිස්සු (උතුරු හා දකුණූ වියට්නාමයේ දෙකේම අහිංසක මිනිස්සු) ඒ විදියට ඝාතනය කරලා දායිද.??

      "1946 දෙසැම්බරයේ සිට කොමියුනිස්ට් කාරයින් විසින් තමන්ට රිසිපරිදි හැඩගස්වා ගන්නා ලද යුද්ධයක ප්‍රංශය පැටලී ඇත"
      - The Ugly American -

      Delete
  5. යුද්ධය මහා අමිහිරි දෙයක්. සාපයක්. මේ වගේ කතා අපි කොච්චර නම් කියවලා ඇතිද? අදත් මම දැක්කා විදෙස් හමුදා සේවයට නොයා, හමුදාවෙන් පලාගොස් කැනඩාවේ සැඟවී සිටිය කාන්තා සොල්දාදුවෙකුට මාෂල් ලෝ එක ක්‍රියාත්මක කල කතාවක්. ඒත් හැම එකාම කැමති, අකමැති එකාගේ ලේ දකින්න. මිනිස්සු දියුණු වෙලා කීවාට. වෙලාවකට ඒක බොරුවක්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කොයි රටේද මාතලන් . ඇමරිකන් ද . ඔය විදෙස් යුද්ද වලට යන අය වැඩි හරියක් අපරාදේ . අනුන්ගේ පොළවක මැරෙන්නේ කිසිම තේරුමක් නැතුව .

      පටන් ගත්ත දා ඉඳන් කලේ කා කොටා ගැනීම මිසක් වෙන මොකක්ද නේද . ජනගහනය පාලනය වෙන්න එහෙම වෙන්න ඕන ඇති .

      Delete
    2. http://www.npr.org/blogs/thetwo-way/2013/04/30/180095856/female-soldier-sentenced-to-10-months-over-desertion?ft=1&f=1001

      Delete
    3. අසාධාරණයි නේ . කවුද කැමති තේරුමක් නැතුව මැරෙන්න . අනික ළමයි ඉන්න අම්මා කෙනෙක්

      Delete
  6. අම්මා සහ මිහිකත නවකතාව මතක් වුණා...!!

    ReplyDelete
    Replies
    1. අම්මලා මහා පොලොව වගේ තමයි නේද වර්ෂා

      Delete
  7. ඇත්තටම දුක හිතෙන සංවේදී කතාවක්. යුද්ධය නිසා ඔයවගේ සිද්ධි මොනතරම් ඇතිවෙලා ඇද්ද? ඒක එක පාර්ශවයක විතරක් නෙවෙයි දෙපාර්ශවයටත් ඊට මැදිවුන අසරණ අයටත් පොදුයි.
    //හෙට ඉතින් කාටත් නිවාඩුනේ// මොන පික්ෂුද? හෙටත් අපි වැඩ හයියූ.... :(

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕගොල්ලෝ වැඩ නොකලොත් සමහර අයට සදාකාලික නිවාඩු ලැබෙනවනේ .. නැද්ද .

      Delete
  8. හ්ම්ම්.... හිතට දැනෙන සහ හිතන්න යමක් තියෙන කතාවක්....

    ReplyDelete
  9. අරගල ඇතුවත් බැහැ නැතුවත් බැහැ ..යුද්ධෙත් එහෙමයි බින්දී ..
    කව්රුත් හරිත් නැහැ , කව්රුත් වැරදිත් නැහැ ..සංවේදී සටහනක්
    නම් තමයි ..

    ඒත් මේ පුතාම තමන්ගේ රටේදී යුධ වීරයෙක් විදිහට සම්මාන දිනා
    ගන්න තැනට පත් උනා නම් අද මෙහෙම පිළිම නෙළ නෙළා උපාසක
    වගේ ඉඳීද ...? වීරෝධාර සෙන්පතියෙක් වගේ කනිෂ්ඨ සොල්දාදුවන්ව
    පුහුණු කරාවිද ...?


    ( මේක බින්දිව ඉලක්ක කරන් දාපු කමෙන්ට් එකක් නෙවේ හරිද ..?
    මම කිව්වේ මේ පෝස්ට් එක දැක්කම හිතුණ අදහස ...)

    ReplyDelete
    Replies
    1. කියන්න අමාරුයි . එහෙම අයත් ඇති . නමුත් මන් අහල තියෙන්නේ හුඟක් දෙනෙක් පසු කාලෙක උදව් කළා කියලයි . දැනටත් ඔය ඒජන්ට් ඔරේන්ජ් වලින් අබාධිත අයව පුනරුත්තාපනය කරන්න එහෙම උදව් කරනවාලු .

      අනේ මන් ඕව ගණන් ගන්නේ නැහැ සයිලන්ට් ..අහක ඉන්න අපි නේ

      Delete
  10. ඔයාට තිබ්බේ මුලු කතාවම දාන්නනේ ලින්ක් එකක් නොදා.

    ReplyDelete
    Replies
    1. කම්මැලියි අප්පා .. ලියන මුඩ් එකක් ආවේ නැහැ

      Delete
  11. මැයි දිනය අපිට නම් නිවාඩුවක්ම පමණි :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ..නිවාඩුවක් මදැයි . නැතුව අපි ඉතින් පෙළපාලි යන්නය . මට නම් මල විකාරයක් . එදාට පාට පාට රැස්වීම් . .

      Delete
  12. කලාතුරකින් මේ වගේ දරුවොත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම අම්මලයි දරුවොයි නිසා වෙන්න ඇති ලෝකේ මෙච්චරවත් ඉතුරු වෙලා තියෙන්නේ

      Delete
  13. යුද්ධයේ බිහිසුණු බව පෙන්වන එක් සංවේදී පැතිකඩක් මෙයින් පිළිඹිමු වෙනව කියලයි මට හිතෙන්නේ. හෙට තවත් එක් මැයි දිනයක් විතරයි. මිනිස්සු ගිරි පුප්පගෙන කෑ ගහල කෑ ගහල ගෙවල්වලට යාවි.

    ReplyDelete
    Replies
    1. ඔව් තරු අරණ ..කම්කරු දිනේ නිකන් විකාරයක් වෙලානේ

      Delete
  14. දරුවෝ පහක් යුද්ධෙන් මැරුනු අම්මෙක්ට අනෙක් පැත්තේ සොල්දාදුවෙක් මුන ගැහුනම මොනව හිතෙන්න ඇද්ද?

    අනේ මූත් මගේ උන් වගේ නැති බැරි කමට යුද්දෙට ගිය එකෙක් කියලා හිතල සමාව දුන්න කියලා හිතෙන්න තමයි මම කැමයි.

    ReplyDelete
    Replies
    1. කොයි දරුවත් තමන්ගෙයි කියල හිතන්න පුළුවන් අම්ම කෙනෙක් වෙන්න ඇති....

      Delete
    2. ඕකනේ දුකා , තරු රසි ..මිනිස් ගති ඇති මිනිස්සු තවම ඉන්නවා .

      Delete
  15. Frederick Forsyth ගෙ Avenger කතාවෙ තියනව ඔය වගෙ සිද්ධියක් බින්දි...

    වියට්නාම් යුද්දෙදි බිම්ගෙවල් ඇතුලට ගිහිල්ල වියට්කොං ගරිල්ලන් මරන්ට වෙනම සුවිශේෂී අමරිකන් හමුදා කණ්ඩායමක් පුහුණු කරල තියනව.පට්ට කළුවරේ ජීවිතය පරදුවට තියල තනියම අඳුරු ගුහා ඇතුලෙ බොහෝ විට අතපය විතරක් පාවිච්චි කරල සතුරන් මරා දමපු ඔවුන් හඳුන්වල තියෙන්නෙ Tunnel Rats කියල. අපෙ කථා නායකය කැල්වින් ඩෙක්ස්ටර් එහෙම කෙනෙක්. දවසක් අඳුරු බිම්ගෙයකදි ඔහු වියට්කොං භටයෙකුට කොටු වෙනව. ඒත් වහා ක්‍රියාත්මක වෙන ඔහු ඒ ළඟ තිබ්බ දැල්වෙන පොල්තෙල් පහනක් අර භටයගෙ මුහුණට දමා ගහනව.ඒ රත් වෙච්ච තෙල් වැටෙන්නෙ වියට්කොං භටයගෙ බෙල්ලට. මිනිහ ආපහු හැරිල දුවනව.

    යුද්දෙ ඉවර වෙල ඩෙක්ස්ටර් නීතිය හදාරල නීතිඥයෙක් වෙනව.අමරිකාවෙ පදිංචියට ඉල්ලුම් කරන විදේශිකයන්ට උදව් කරන ආයතනයක ඔහු රැකියාව කරනව කාලයක්. එතනදි ඔහුගෙ කාර්යාලයට දවසක් එනව වියට්නාම් ජාතිකයින් යුවලක්.ඒ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරල ඔවුන් යන්න පිටත් වෙද්දි පිරිමියගෙ මෑත් වෙච්ච කමිස කරෙන් කැල්වින් දකිනව ඔහුගෙ බෙල්ලෙ තියන පිච්චුනු කැලලක්.ආයම ඉඳගන්ට කියල ඔහු අහනව කොහොමද ඒක උනේ කියල. වියට්නාම් ජාතිකය හරි උත්තරයක් දෙන්නෙ නෑ.මොකද ඇත්ත කිව්වොත් ඒක ඔහුගෙ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්ට හේතුවක් වෙයි කියල හිතන නිසා. ඒත් කැල්වින් කියනව ඒ කැළල ඇතිවුනු විදිහ අකුරක් නෑර.අන්තිමට දෙන්න අතට අත දීල වෙන්ව යනව.කැල්වින් කියනව බය වෙන්න එපා, ඔබට අමරිකාවෙ පුරවැසිකම අනිවාර්යයෙන් ලැබෙයි කියල.

    බින්දි කියන්නෙ ඇත්තම කතාවක්. මම කියන්නෙ ප්‍රබන්ධයක්. ඒත් මෙහෙම දෙයක් වෙන්න බැරිකමකුත් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මේ නවල් එක මං කියෝලා තියෙනවා. පස්සේ මේ වියට්-කොං පොර තමයි පාස්පෝට් ෆෝර්ජ් කරන්නේ නේද?

      Delete
    2. දැං ඉතින් හොයපල්ලාකො ඇවෙන්ජර්.. :D

      මට ෆෝර්සයිත්ගෙ පොත්වලින් කියවන්ට ලැබුනෙ Fourth Protocol, Dogs of War, Day of the Jackal, Odessa Files විතරයි..

      Delete
    3. @ කතන්දර,

      හරි, ඩෙක්ස්ටර්ට පැනමාවට යන්ට ඕන වුනු වෙලාවෙ ව්‍යාජ පාස්පෝට් එකක් හදල දෙන්නෙ මේ වියට්නාම් ජාතිකයා තමයි

      Delete
    4. @ බූරා,

      ඇයි බොල උඹ තියන්න වටිනවද? ඔය ඔක්කොම ෆෝසයිත්ගෙ හද්ද පරණ පොත් නෙව.ඊට පස්සෙ වෙඩි වගෙ පොත් කීයක් ඒ මනුස්සය ලිව්වද?

      තව එක පොතක් ගැන විතරක් කියන්නං, The Negotiater ... 1991 රජීව් ඝාන්ධි ඝාතනය මතකයි නේද? මරාගෙන මැරුණු බෝම්බ කාරිය ධනූ පැළඳගෙන හිටියෙ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බඳ පටියක්.ෆෝසයිත්ගෙ මේ පොතේ තියනව අමරිකන් ජනාධිපතිගෙ පුතාව මරන සීන් එකක් ඒ විදිහටම.

      ප්‍රභාකරන් ඇවිදිල්ල හිට ෆෝසයිත්ගෙ ප්‍රබල රසිකයෙක් කියලයි කියන්නෙ.ප්‍රභා තමයි නියෝග කලයි කියන්නෙ ෆෝසයිත්ගෙ පොතේ තියන විදිහට රජීව් ව මරන්නෙයි කියල.

      Delete
    5. සික් මන් ඔය එකක්වත් කියෝලා නැහැ . ඒ වුනාට ඔය හොලිවුඩ් චිත්‍රපටි වලට වියට්නාමේ නැතුවම බැරි කාලයක් තිබ්බ නේ . මේ ළඟදිත් හදුනා නේද එකක් Rescue dawn කියල ..

      ප්‍රභාට පොත් කියවන්න වෙලා තිබ්බද මන් අහන්නේ .

      Delete
    6. ෆෝසයිත්ගෙ පොත් වලට ආසා නම් එයා ලියපු එකම එක කෙටිකතා පොතත් බලන්න.. නෝ කම් බැක්ස්.. විශිෂ්ඨයි

      Delete
    7. @ රවි,

      ඉතින් ‍බොලං, ඒක නෙවැ මාත් කියැවුවෙ.. මට ෆෝර්සයිත් ලොක්කව අතරමගදි මගඇරිලා තියෙනවා.. දැන් ඉතින් ආයෙමත් එක්කහු කොරගන්ට ඕන.. :)

      Delete
  16. බින්දි අක්කා තව ටිකක් මේ ගැන විස්තර එක්ක දැම්මනම් කොච්චර ශෝක්ද? කොච්චර දිග සිංහල සටහනක් කියෙවුවත් පොඩි ඉංග්‍රීසි සටහනක් කියවන්න අපි කොච්චර ආසද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. :)

    අන්තිමේ අවසන් කාලෙදි ඒ අම්මට පුතෙක් හම්බුවෙලා.. මවු සෙනෙහසට මේකත් කදිම උදාහරණයක්..

    ReplyDelete
    Replies
    1. එච්චරම දෙයක් නැහැ දිනේෂ් කතාවේ . සාරාංශය ඕක තමයි . කොහොමත් දැන් දෙගොල්ල හරි යාලුයි

      Delete
  17. මට මතක් උනේ Saving Private Ryan චිත්‍රපටිය. එකම පවුලේ සොහොයුරන් හතර දෙනෙක්ගෙන් තිදෙනෙක්ම මිය ගිහින්. ඒ වගේ අවස්ථා වලදී ඉතිරිව ඉන්න කෙන හමුදා සේවයෙන් නිදහස් කෙරෙනවා. ඔහු පැරෂුට් භටයෙක්, ඔහුට නියමිත ස්ථානයට ගොඩබාන්න බැරි වෙලා වෙන තැනකට ගොඩබානවා. ඔහු ඉන්න තැනක් හරියටම කවුරුත් දන්නේ නෑ. අන්තිමයා සොයාගැනීමට කරන මෙහෙයුම තමයි ඒ චිත්‍රපටයේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තිසර ..මන් ආසම චිත්‍රපටියක් ඔය . කීප වතාවක්ම බැලුවා .

      Delete
  18. අපට හිතන්න දෙයක් ඉතුරු කරල මේ පෝස්ටුවෙන්.

    කොහොම උනත් යුද්ධෙ කියන්නෙ නම් හිත් කළකිරවන සිද්ධියක්

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දුක්බර කතා අනන්තයි නේ හැම රටකම

      Delete
  19. ලංකාවෙත් තමන්ගෙ ඔක්කොම ළමයි රට වෙනුවෙන් ජිවිතේ දුන්න අම්මල කීදෙනෙක් ඉන්නවද? අපටත් ඉතින් මැයි පළවෙනිද නිවාඩු නෑ :(

    ReplyDelete
    Replies
    1. එහෙම අම්මල අපි දන්නා කියන අය වීම තවත් හිතට අමාරුයි නේ . නියම වැඩ කරන ජනතාව

      Delete
  20. ටික දොහකින් මේ පැත්තට හොට දාන්න පුළුවන් වුනා.
    අම්මප ඇත්තට වියට්නාමේ යට හරි ආතල් ඇති නේද මේ දවස් ටිකේ.
    අප්‍රේල් 30, මැයි 1 ඊළඟට මැයි 7... නිවාඩු ගොඩයි. :-)

    ඔයා ඩියෙන් බියෙන් පූ පැත්තේ ගිහින් තියෙනවාද? වියට්නාමේ ඒ සිද්ධිය ලොකුවට සමරනවා නේද?
    මම ටෙලිවිෂන් එකේ දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හත නිවාඩු නැහැනේ චාමර . අය්යෝ මෙහෙ කොහෙද අපේ තරම් නිවාඩු . ගණන් කරලා කියන්නම් . චීන අව්රුද්දට දවස් තුනයි . හුන් රජතුමාගේ උපන්දිනේට එකයි . අප්‍රේල් 30 සහ මැයි එක . සැප්තැම්බරයේ ජාතික දිනේ . ඔන්න ඔච්චරයි අවුරුද්දටම නිල නිවාඩු .

      ඩියෙන් බියෙන් පූ යන්න ඕන . ඇත්තටම මේ නිවාඩුවට යන්න හිටියේ . ළමයින්ට එච්චර වැඩක් නැති නිසා අල්ලල දැම්මා . සංචාරකයින්ට හොඳයි . මොකද ලාඕස් බෝඩර් කිට්ටුව නිසා එතනින් ලාඕස් යන්න පුළුවන් . අපිට ඉතින් විසා ගන්න අමාරු නිසා ඒ වැඩේ හරි යන්නේ නැහැ .

      ලොකුවට කියන්නේ ඉතින් ඒ ත්රමට් සද්දයක් නැහැ කොයිකෙත් . පත්තර වල ලිපි පලවෙනවා . නිල උත්සවයක් ඇති කොහේ හරි . හැම සැමරුමටම පාර දිගේ කොඩි දානව . ඒ ඇරෙන්න ඉතින් එහෙමකට වැඩ පාඩු කරගෙන උත්සව නම් මන් දැකලා නැහැ

      Delete
  21. අනේ කාටත් නිවාඩු කිව්වට අපිටත් නෑ අප්පා. අපිට ලේබර් ඩේ එන්නේ සැප්තැම්බර් වල.

    වික්ටරි ඩේ ගැනත් දැනගන්න ආසයි...තව විස්තර තිබුනානම්...

    ReplyDelete
    Replies
    1. චිකාගෝ තියෙන්නේ ඔහේ වෙලත් අසාධාරණයි නේ .

      වික්ටරි දිනේ ගැන ගිය පාර ලිවානේ සයුරි .

      Delete
  22. සමාව ඉල්ලන්නත් සමාව දෙන්නත් අසීමිත නිහතමානීකමක්, දයාවක්, තේරුම් ගැනීමක් තියෙන්න ඕන... එවැනි අවබෝධයක් ලංකාවෙ යුද්ධයත් එක්ක සම්බන්ධ අයට ලැබිල තියෙන බවක් දකින්න නැහැ බින්දි...

    ReplyDelete
    Replies
    1. එහෙම නැති නිසානේ හුඟක් ප්‍රශ්න .. මන් අපේ රටේ ප්‍රශ්නේ ගැන කතා කරන්න අකමැතියි . කොහෙන් කෙලවර වෙයි දැයි නොදන්නා නිසා .

      Delete
  23. මට උදව් කරන්න පුලුවන්ද කාට හරි . http://mama-nodannekmi.blogspot.com

    ReplyDelete
    Replies
    1. නමක් නැතුව ආවම උදව් කරන්නේ කොහොමද . අනික මේ වගේ නොදන්නා ලින්ක් ක්ලික් කරන්නේ නැහැ මන් නම් . මොකද එක පාරක් කවුද ව්යාග්‍රා විකුනන දැන්වීමක් දාලා තිබුණ ඔය වගේ . කෙලින් කියන්න ඔයාට ඕන උදව්ව .

      Delete
    2. [හැලපයා] මෝනාලිසා අපි බෙල්ජියමෙ පදිංචි වෙලා හිටපු කාලෙ තමය..

      ඔන්න ඔය පෝස්ට් එක බලන්නකෝ.ලින්ක් දැම්මේ නැහැ ඔයා එපා කියපු නිසා.

      Delete
    3. එයාගේ බ්ලොග් එක කව්රු හරි මකලා බින්දී අක්කේ.දැන් හැමතැනම උදව් ඉල්ල ඉල්ලා යනවා.හැලපෙගේ බ්ලොග් එකේ " අකරතැබ්බයක් " කියන පෝස්ට් එකේ ඉඳන් උඩට බලන්නකෝ.ඔක්කොම තේරුම් යාවි.පව් අහිසකයා.

      Delete
  24. වැඩකරන ජනතාවගේ නිවාඩු දවසෙ..............මමනම් වැඩකලා.........පංපෝරි ගහන දේශපාලුවන්ගෙ ගොන් කතා ටී.වී එකේ බලනවට වඩා ඒක සැපයි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මන් නම් ඔය කතා අහන එක සම්පුර්ණයෙන්ම නවත්තලා ගොඩාක් කල් වියෝ ...සිතේ සාමය පිණිස

      Delete
  25. කම්මැලි නැතුව මුලු කතාවම දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා. අපරාදේ එහෙනම් අපිට රස කර කර කියවන්ට තිබුනා.:(

    ReplyDelete
    Replies
    1. පොඩි.. ලස්සන කුමාරියෙක් ගැන කතාවක් ලියනවා . ඔයාව මතක් කර කර .ඔයාටනෙ ඔය ඉතිහාස කතා පන පිහිටුවලා ලියන්න පුළුවන් ..

      Delete
  26. සංවේදී කතාවක් බින්දි..ස්තුතියි බෙදාගත්තට..මේ වගේ දේවල් අපේ රටෙත් කොච්චර වෙන්න ඇතිද?
    යුද්දෙකට මූන දුන් අයම තමා එකේ අමාරුව දන්නේ..!!

    ReplyDelete
    Replies
    1. යුද්දෙකට මුහුණ දුන් අයම තමයි අමාරුව දන්නේ ..සහතික ඇත්ත රූ

      Delete
  27. කවුරු මොන හේතුව නිසා කවුරුන් එක්ක කලත් යුද්ධය කියන්නෙ පි‍ටුදැකියයුතු ක්‍රියාවක්.. අවාසනාවකට වගෙ යුද්ධය ගෙන ලියැවෙන් හැම පොතක්ම හැදෙන හැම චිත්‍රපටියක්ම හැම ස්මාරකයක්ම කරන්නෙ යුද්ධය දේවත්වයට පත් කිරීමයි..

    ReplyDelete
    Replies
    1. ලෝක අවසානය වෙනකම් ඕවා නවතින එකක් නැහැ සරත් . ශක්තිවන්තයා ජයගැනීම නේ ලෝක ස්වභාවය

      Delete
  28. පින්තූර දෙකක් වුනාට් අලොකු කතාවක් තියෙනවා. කම්මැලි කම නැති කරගෙන මුළු කතාවම දැම්මනම් මල් හතයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් දිහා බලන්නත් කම්මැලි කාලයක් ..අනේ මන්දා අසරණයෝ කොයිකත් ඉතින් එහෙම තමයි

      Delete
  29. සංසාර ආරන්‍යයේ මවකගේ සෙනෙහස. හරිම ආදරනීයයි සටහන බින්දි. Saving Private Ryan ෆිල්ම් එක මාත් බැලුවා හරිම සංවේදී කතාව.මටත් නම් නිවාඩු නෑ සේරමලා ගෙදර නිසා.

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ ඇත්තටම කමෙන්ට් ටිකට උත්තර ලියන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ . වදියක්ම ඉතින් කම්මැලි කම

      Delete
  30. කෙටියෙන් වුනත් පිංතූර දෙකෙන් හිතන්න බොහෝදේ සටහන්ව තියෙනවා. අම්මා කෙනෙක් වියපත්ව ගියත් ඒ සෙනේ ගග තාම නොසිඳී ගලනවා

    ReplyDelete
    Replies
    1. කාගේ වුනත් දරුවෙක් කියල හිතන්න පුළුවන් අම්මල තමයි ලෝකයට උවමනා ..නේද දයා ..

      Delete
  31. The post haѕ proven useful to me. It’s extremely infoгmative anԁ yоu're certainly extremely well-informed of this type. You have opened our face in order to numerous views on this specific matter with intriguing, notable and strong written content.

    Feel free to surf to my website ... buy viagra online

    ReplyDelete
  32. අනේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..
    ReplyDelete

    ReplyDelete
    Replies
    1. අපොයි මන් නම් ඔයහැටි උගත් ප්‍රවීන අයෙක් නෙවේ. හිතට අල්ලන දෙයක් දැක්කොත් කියවනවා . වෙලාව ඇති විටක බලන්නම් .

      Delete