Sunday, 19 May 2013

රූ සිරිනි නෙත බැඳුන.......මට මග හැරුණ තැන කොතන






දවස හැත්තෑව දශකයේ අග භාගයේ  දවසක් . එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනකුයි පොඩි කෙලි පොඩිත්තියෙකුත් එක්ක ගෙදරට රේඩියෝ එකක් අරන් එන්න ගියා . කොටුවේ පැත්තේ ලොකු සාප්පුවකට . ඒවායේ නම් ගම ඒ ළමයට දැන් මතක නැහැලු .

අම්මල රේඩියෝ තොරණ අතරේ කඩයේ හිටපු උස කෙට්ටු , රැවුලක් වවාපු තරුණයෙක් මේ ළමයා එක්කන් ගිහින් සාප්පුවේ  හයි කරලා තිබුණ අමුතු පෙට්ටියක් පෙන්නුවා . ඔන්න එදා තමා මේ ළමයා ටීවී එකක් දැක්කේ ඉස්සෙල්ලම .

මේ  ළමයාගේ හෙවත් මගේ මතක ගබඩාවේ එක එක ලැයිස්තු තියෙනවා . එක ලැයිස්තුවක් තමයි ජිවිතයේ හමු වූ මා ඉතාම ස්තුතිවන්ත වෙන මිනිසුන් . ඔන්න ඔය කියූ කරුණාවන්ත තරුණයා ඒ ලැයිස්තුවේ මුල්ම හරියේ ඉන්නවා .

ඔය වගේ වැදගත් ගමන් යද්දී ඉස්සර ගෙදර ළමයි සේරටම යන්න ඕන වෙනවනේ . ගොඩක් වෙලාවට බාලයාව තෝරා ගැනීමේ පදනම යටතේ තුන් වෙනියාට තමයි ඔය ගමන් යන්න ලැබුනේ .

අද වගේ නම් ඉතින් ''ඊනි ..මිනි මිනි මෝ '' නැත්නම් '' බබල්ගම් බබල්ගම් '' කරලා ඇඟිලි ගණන් කරලා තමයි තෝරා ගන්න වෙන්නේ [ , ඔය වගේ සෙල්ලම් නොදන්නා අයගේ දැනගැනීම සඳහා ---ඔය කිවේ අර ටක් ටික ටුක් වගේ එකක් ]

අපේ මලයා මට වඩා හුඟක් බාල නිසා මතක හිටින කාලයක් බාලයා වී සිටීමේ වාසිය ලැබුණ . කඩේ එක්කන් යාම..අඹ ඇටය හිමි වීම වගේ වාසි . ඔය අඹ ඇටය අයිති කරගන්න අරගලය සදාතනික එකක්ද කොහෙද .

ඇත්තම කියන්න කන්න ඇති දේකුත් නැහැ . කෑල්ලක් කන එක එයිට හොඳයි . ඒ වුනාට පාරම්පරික අරගලය ඉදිරියට ගෙන යමින් අපේ කෙල්ලන්ද ඕකට පොරකනවා .

''බාලයාට ''නියමය අලුත් පරම්පරාවට අල්ලන්නේ නැහැ . එක්කෝ ගෙඩි දෙකක් කපන්න වෙනවා . නැත්තන් මතක තියන් ඉඳලා ඊළඟ පාර අනික් කෙනාට දෙන්න වෙනවා .

කඩේ යනඑක ඉතින් කවදත් වාසියි . අපි ඒකාලේ සතියකට වතාවක් පොළකට හරි පිටකොටුව ,තොටළඟ වගේ ලොකු වෙළඳ පොළකට හරි යන එක පුරුද්දක් . ඒ ඒ ගමන් වල වෙන වෙනම වාසි තිබුණ . කඩුවෙල පොලේ ගියොත් පාරුවෙන් එගොඩ වෙලා යන එක විනෝදයක් . පාලම හැදුනට පස්සේ තව දුරටත් ඒ ගමන විනෝදයක් වුනේ නැහැ . කඩුවෙල ගියේ පොලේ විතරක්ම නෙමේ . ඒ කාලේ හොඳ චිත්‍රපටයක් ආවහම අපිව එක්ක යන පුරුද්දක් තිබුණ . කඩුවෙල සිනමා ශාලා දෙකක් තියෙනවා . එකක් විජයන්ති සහ අනික ලේඛා වෙන්න ඕන . අපි වැඩියම ගියේ කඩුවෙලට  . කොළඹ සිනමා ශාලා වලටත් ගියාට කොයිවටද කියල මතකයක් නැහැ .

අද කාලේ නම් ලව් ස්ටෝරි කියල අපි ළමයි එක්ක යන්නේ නැති වෙන්නත් ඉඩ තියෙන හිඟන කොල්ලා , අභිමාන් , මොණර තැන්න වගේ එව්වත් අපි පවුලම ගිහින් බැලුවා . සිරිබෝ අය්යා බලන්න නම් විශේෂයෙන් ගියේ අපේ ගම පෙන්නපු නිසාත් ආතා එහෙමත් එක දර්ශනයක සිටි නිසාත් . හඳයා නම් ලමයින්ගේම එකක්නේ .

ඔය අභිමාන් බලා ඇවිත් අපේ අක්කා ''තෙරේ මෙරේ මිලන තිරේ ...නයා කොයි ගුල් එලන්නේ '' කියා කියා ඔය සින්දුව කියනවා මට මතකයි .


පිටකොටුවේ මැනින් මාකට් යන එක නම් මට ඇල්ලුවේ  නැති වැඩක් . වැස්සක් හෙම දවසට නම් කලුපාට කුණු මඩ ගොඩේ ඇවිදින එක . .....

ඇත්තටම මේ කඩේ යාම ගැන රසබර කතා එමටයි . වෙන වෙලාවක කියන්නම් .

ඉතින් මන් ළමයා අර කඩේදී ටීවී එකක් දැක්කට පස්සේ වැඩි දවසක් යන්න කලින් අපි හිටි වත්තට අල්ලපු වත්තේ මහ ගෙදරට ටීවී එකක් ගෙනාව . ඒ කාලේ ඇත්තටම ලොකු ලොකු ඉඩම් තිබුනේ . ඒ කියන්නේ ගමේම වගේ ඉඩම් පවුල් කීපෙකටයි අයිති . ඔය මා කියූ ගෙදර හැඳින්වූවේ රජ ගෙදර කියා . ගෙදර සියා රජ්ජුරුවෝ . එහෙම කිවේ ඒ සියා ඉස්සර කොටුවේ රජ ගෙදර වැඩ කලාලු .

ඔය ගෙදර උන්න පිරිමි ළමයි දෙන්න අපේ ගජ යාළුවො . කොල්ලෝ වුනාට මොකද අපි එක්ක සෙල්ලම් ගෙවල් දාල සෙල්ලම් බත් උයන්නත් ආවා . දවසක් හැමෝම කුස්සියෙන් යමක් සොරා ගෙනත් ඇත්තම බත් ඉව්වා මතකයි .

ඉතින් ඔය යාළුකම නිසා අර ටීවී එක බැලීමේ පුර්ණ අනුග්‍රහය අපට ලැබුණ . කොටින්ම මහ රෑට පෙන්නුව චිත්‍රපටිය බලන්න මුන් දෙන්න අපිව එක්කන් යන්නත් එනවා . අද කල්පනා කරද්දී VIP  සැලකිල්ලක් .

හේතුව තමයි ගමෙන් භාගයක් ඒ වෙද්දීත්  පුටු , පැදුරු ආක්මන්ය කරලා ..කොටින්ම ජනෙල් කුරුවල එල්ලිලා බැල්කනි ජනතාව .

සිකුරාදා වෙන්න ඕන . නැත්නම් ඕක ඉවර වෙන්නේ පාන්දර වෙලා ..පරණ සිංහල සිනමාව මට හමුවෙන්නේ ඔයාකාරෙට . බර ගානක් බැලුවා . පාන්දර එකට විතර බෙලි කඩා වැටිච්ච උන් කුණුකෙල හෙම පිහදාගෙන ගෙවල් බලා යනවා . මන් නම් නේද පොඩ්ඩක් වත් නිදියන්නේ නැහැ . මුළු කතාවම බලනවා කොහොම හරි .
බිනරමලී ,,පරසතුමල් ...රන්මුතු දුව ..එකී මෙකි නොකී අටෝ රාශියක් චිත්‍රපටි බලා ගත්තේ ඔහොමයි .


ටිකක් කල් යද්දී ඒ වැඩේ එපා වුනාද අම්මා ගෝරනාඩු කලාද කියන්න මට මතක නැහැ . කොහොම හරි ඒ ටීවී බලන එක නතර වුනා . මන් දෙකේ තුනේ පන්තිවල වගේ කාලේ මේ දේවල් වුන බව තමා මතක .

ඔය කාලෙම අපි කුලියට හිටි නිවසේ අයිති ගෙදරටත් ගෙනාව රුප පෙට්ටියක් . ඒ ගෙදර ළමයි හිටියෙම නැහැ . අපි තමයි කොච්චරවත් එහෙ යන්නේ . කියන්න බැරි තරම් පලතුරු තිබුන වත්තක් . බෙලි අඹ අන්නාසි පේර..නමි නං ..එහෙම පලතුරු උයනක් ..වෙරළු ගස් අඹ ගස් නිකන්ම එව්වා නෙමේ ..සිනි වෙරළු ..පොල් වෙරළු ..යාපනේ අඹ ..කොහු අඹ ..බෙට්ටි අඹ ..

අර කුඩා කල මුළු දවසම නැලවී නැලවී සිටි අඹ ගසේ ඔන්චිල්ලාව තිබුනේත් අප මේ නිවසේ සිටි කාලයේ . අදටත් සිහිනෙන් මා ළමා කල දකියි නම් දකින්නේ මේ නිවස ආශ්‍රිතව . හරියටම ආපසු ගමට ගිය අපු මැටි බිත්ති වල සැඟවූ කැට කැබිලිති සොයා යන්නාසේ මාද ඉඳහිට මතක මන් ඔස්සේ ගොස් කුඩා මාගේ සොඳුරු මතකයන් අවුස්සනවා .

ඒ මහා ගෙදර ,පැරණි කොටසුත් ඉතුරුකරගෙන අලුත් වැඩියා කල ලොකු ගෙදරක් . පැරණි සිමෙන්ති ඇති කොටස් හරිම සනීපයි ..එහෙ අක්ක එක්කහු කරලා පොත් හදලා තිබ්බ දයා රාජපක්ෂගේ කතාවක් නැත්නම් පරන ශ්‍රී සඟරාවක් කියෝ කියෝ අර සිතල සිමෙන්ති පොලවේ වැතිරිලා ඉන්න එක එක්තරා විදිහක ක්ෂේම භූමියක් නැත්නම් පාරාදීසයක් වුනා ළමා මට .

කඩලා වට්ටියක දාල පලතුරු ඇඳ යට තියා ඉන්න සුදු ආච්චි පේර ගෙඩියක් නමිනං ගෙඩියක් ගෙනත් දෙනවා . ගස් වලත් ඕනෑතරම් තිබුනත් මේවා සත්තු නොකා පරිස්සන් කරලා තිබ්බ ඒවා . එයා ගෙදර කිසි වැඩක් කලේ නැහැ . මොනවා හරි හේතුවක් නිසා කසාද නොබැඳ වයසට ගිය මම්මලා ගොඩක් ඒ ගෙදර හිටියා . මන් කලින් මේගැන ලිවාදත් මන්දා .
කඩේ යන මම්මා ..කියලා කඩේ යන්නම එක්කෙනෙක් හිටියා . උයන මම්මා කෙනෙකුත් හිටියා .

ඒ සියලු මම්මලා මේ වන විට මිය පරලොව ගිහින් . හැබැයි ඔය ඉතින් අර ''ස්තුති ලයිස්තුවේ'' ඉන්න තව කට්ටියක් .

ඒ ගෙදරට ගෙනා ටීවී එකත් අපේම භුක්තියට සවි වුනා . ඕන වෙලාවක අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ඒ රුප පෙට්ටියෙන් තමා Big Foot and wild boy හෙම මට හමු වෙන්නේ .

ඔය ඉතින් අර ස්තුති ලයිස්තුවේ ඉන්න තව කට්ටියක් .

එයින් පසු කාලයක අප ගෙවල් මාරු කළා . ඒ එක්කම රූපවාහිනියයි මමයි අතර හිඩැසක් ඇති වුනා .. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා වෙන පාසලකට යාමත් එක්ක මගට ගත වුන කාලය වැඩි
වුණා . ටයි මාමගේ කාටුන් යුගය මට මග ඇරුණා යම් පමණකට . ගෙදර ටීවී එකක් නැති වීම අද වනවිට අරුමයක් වන්නට පුළුවන් ,,නමුත් අපේ ගෙදරට කවදාවත් ටීවී එකක් නැති වග ගැන කිසිවෙකු කතා වුවේ වත් ඒ ගැන කණගාටු වුනේ  වත් නැහැ .

ඔන්න ඔය කාලේ මද පෙරදිග යාම ජනප්‍රිය වුනා . ගමේ ගෙවල් වල ටීවී කැසට් ඕන තරම් . යුගයක පෙරලිය . ඇත්තටම යමෙකුගේ ජිවිත අන්දරය හුදකලා එකක් නොවේ . කාලයත් සමග සමාජය වෙනස් වීමේ කතන්දරයක් . උපේක්ෂාවෙන්  වයසට යාහැක්කේ මෙය තේරුම් ගත්තා වූ අයටයි

මට මේ හදිසියේ මේවා මතක් වුණේ පසුගිය දිනෙක වූ අකරතැබ්බයක් නිසයි ..චව් චව් සහ දිය රකුස් ...වැඩි විස්තර කියන්නට නොහැක .දන්නෝ දනිති
ඔය අස්සේ මට කාලයක් තිස්සේ සිතා සිටි රුපවාහිනි ඉතිහාසය යම් පමණකට සටහන් කර තබන්නට සිතක් පහල වුණා .

මටත් වඩා ඔය ගැන දන්නා කෙනෙක් හිටියද ඔහුගේ රන් වැනි මතක දිග හැරෙන්නේ මිත්‍ර සමාගමක හෝ අප දෙදෙනාගේ අතිතානුස්මරණ සංලාප යන්ගේ පමණයි .

ලංකාවේ පලවෙනි රුපවාහිනී සම්ප්‍රේෂණ ආයතනය වෙච්ච ITN එක ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති . හරි ඉතින් දැන් ඕකේ යන නිව්ස් ගැන එහෙම කල්පනා කරලා කරදර වෙන්න ඕන නැහැ . මන් මේ කියන්නේ ඉතිහාසය .

පන්නිපිටියේ පිහිටවපු මෙය ශාන් වික්‍රමසිංහ මහතා ට අයිති වෙලා තිබුණ කියලයි කියන්නේ . මන් ඉතින් කෝකටත් කියලා විකියේ බැලුවා . අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටි කියන දෙන්නත් සම්බන්ධ වෙලා තියෙනව වැඩේට .

1979 අප්‍රේල් පටන් ගත්ත මේ නාලිකාව දකුණු ආසියාවේත් පලවෙනි එකලු . වැඩි කාලයක් නොගිහින් මෙය රජයට පවරාගත් බවයි කියවෙන්නේ . ඉන්පසු බත්තරමුල්ලේ වික්‍රමසිංහ පුරට ගෙනගියා .

ජපානයේ තෑග්ගක් වෙච්ච රුපවාහිනී සංස්ථාව පිහිටුවන්නේ 1982 දී .
1992 දී පුද්ගලික නාලිකා වලට රාජ්‍ය අවසර දුන්නා . මහරාජා ආයතනය බිහිවන්නේ එයින් පසු .

මේ පිළිබඳව තම තමන් දන්නා තොරතුරු එක්කරන්න . අද වන විට ලාංකීය රුපවාහිනිය කෙතෙක් දුරට සමාජීය වශයෙන් තම වගකීම ඉටු කරනවාද කියන එක වෙනම සැලකිය යුතු කරුණක් .



ඒ කතිකාව සඳහා මට සුදුසුකමක් නැති වන්නේ කලක සිට මා හා ලාංකීය රුපවාහිනියේ පයිරු පාසානම බිඳ වැටි ඇති හෙයින් .

නමුත් ඉතිහාසය ගැන ඔබ දන්නා දේ එකතු කර තබන්න . සිංහලෙන් ලියවුන එකඳු ලිපියක් වත් මේ ගැන මට සොයා ගන්නට බැරි වුනා . පෙර දවස අප කතා කල බොහෝ දේ මෙන්ම දවසක මෙය අපට සතුටක් වේවි .




රේඩියෝවේ විකාශය ගැන නම් මෙන්න මේ ලිපිය වටිනා එකක් බව පෙනුනා



පින්තුරය





81 comments:

  1. කියන්ඩ කතා ගොඩක් තිබුනත් මේ දවස්වල විජේසේකර ගොයියත් එක්ක අයනු කෝ අායනු කෝ කරන හින්දා දිග කමෙන්ට් එකක් කොටන්න කම්මැලියි.

    රේඩියෝ ගැන මෙතනින් කියවන්න.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ සිස්සයෝ ...ජනු හරි බුරා හරි අහල පහල නැහැ නේ . මාත් ඔය වැඩේ කරන්න ඉඅන්නවා ඉන්නවා ....තාම ඉන්න තැනමයි ..

      Delete
  2. ඔය කියන ලොකු සාප්පුව "කාගිල්ස්" වෙන්න ඇති....

    මමත්,'82 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ කතා බැලුවෙ ITN එකෙන්.එතකොට 7 පන්තියේ. බෝඩ් වෙලා හිටියෙ රත්නපුර දේවාලෙගාව ගෙදරක,ඒ ළඟ ගෙදරකින් තමා ටී වී බැලුවෙ. නයිට් රයිඩර්, ස්ටාර් ට්‍රෙක්, බ්ලෙක් සෙවන්, ලැසී....ආසාවෙන් බලපු වැඩසටහන්.
    ජාතික රූපවාහිනිය මුල්කාලයේ පරණ සිංහල චිත්‍රපටි පෙන්නුවා. රන්මුතු දූව,සිනාවයි ඉනාවයි,සැමියා බිරිඳගේ දෙවියාය,සොලදාදු උන්නැහේ, එක්ටැම් ගේ....වගේ චිත්‍රපටි තාමත් ටිකක් මතකයි.

    ReplyDelete
    Replies
    1. කාගිල්ස් වෙන්න ඇති ..82 තිබ්බේ ලාම්පු කලගෙඩි මැතිවරණෙ නේද .කැලණියේ රැස්වීමක කවුද කිවා සිරිමාව කලගෙඩියක දාල පාකරලා යවන්න ඕන කතාවක් . මාත් ඔය පැරණි චිත්‍රපට හුඟක් බලල තියේ .

      මමත් ඔය කිව ඉංග්‍රීසි වැඩසටහන් සැහෙන්න බලලා තියෙනවා

      Delete
    2. '82 ඔක්තෝබර්, පළවෙනි ජනාධිපතිවරණය තිබ්බෙ. නොවැම්බර්, ලාම්පු කළගෙඩි සෙල්ලම.

      Delete
  3. ඉතිං කොහොමෙයි මේවට කමෙන්ට් කොරන්නෙ.!? කියවගෙන යනකොට පරණ මතක වැල වගේ එනවා හිතට, ඒවා ඔක්කොම ලියන්ට ගියොත් මෙතන තව පෝස්ට් එකක් වැටෙනවා..

    අඹ ඇටය සඳහා වූ සදාතනික අරගලය.. හික් හික්‍‍.. ඇයි අන්නාසි කැපුවහම මැද නාරටියට කරන අරගලය.. :)

    ReplyDelete
    Replies
    1. අන්නාසි නාරටි සඳහා සටන අලුත් පරම්පරාවට ගිහින් නැහැ බුරා ..අපේ අම්මගේ මහා ගෙවල් ගාව හිටියා ආතා කෙනෙක් පෝයට හෙම අන්නාසි බේසමක් කපාගෙන යනවා විකුණන්න . අන්නාසි කපද්දී ළමයින්ට තමයි නාරටි ..

      Delete
  4. ලස්සන ලිපියක් බින්දි!

    මටත් හීන පෙනෙන කොට දකින්නේ අපේ දැන් ගෙදර නෙවෙයි... මම ඉස්කෝලේ යද්දී හිටපු ගෙදර...එක්කෝ ආච්චි අම්මලාගේ ගෙදර.

    මම අසුවේ දරුවෙක් නිසා උපන් දා ඉඳන් රූප පෙට්ටිය රස වින්දා. කාටුන් තමයි ගොඩක් බැලුවේ..ඒ අතරින් මුලින්ම මතක 'thunder cats', 'xena' වගේ කාටුන්. ගලිවර්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවත් මතකයි. ඊට පස්සේ Mtv පටන් ගත්තට පස්සේ (දැන් සිරස උන එක) හැමදාම සතියේ දවසට 4.30 ඉඳන් 5.30 වෙනකන් කාටූන් ගියා. ඉතින් මම කොහොමහරි ට්‍රයි කරන්නේ 4.30ට කලින් හෝම් වරක් ඉවර කරන්න...

    අපූ මේ ගමට ගිහින් එයා හංගපු කවඩි පෙට්ටිය හොයන කොටස මටත් මතකයි...ඇත්තටම ඒ කෑල්ල මට කොච්චර හිතට ඇල්ලුවද කියනවා නම මම ඒ කොටස ඩයරි එකක ලියාගෙනත් හිටියා. ඩයරි එක ඉතින් ලංකාවේ නේ :( නැත්නම් ඒ කොටස මම මෙතන කොටනවා.
    මට මතක හැටියට අපූ ට හිතෙනවා එයා පොඩි කාලේ කතන්දර වලින් ලෝකේ මවාගත්තු තරම් හැබෑ ලෝකේ වර්ණවත් නැහැ කියල...

    ReplyDelete
    Replies

    1. ඇයි GIJO , නින්ජා ටර්ටල්ස් , සේබර් රයිඩර් , කෝනෑන් , කින්ග් ආතර් තාමත් මතකයි සහ අදටත් බලනවා

      Delete
    2. saber rider...and the star sheriffs.. in the sky!
      :D

      Delete
    3. අපු ත්‍රිත්වයම එකට බැඳලා අපේ උන්ද මට තෑග්ගක් දුන්නා . බර වැඩි නිසා ගෙනාවේ නැහැ . නිතරම මතක් වෙනවා

      Delete
  5. කතා ගොඩයි. පොඩ්ඩිට නම් ඉතින් ඔය මොන අරගලයක්වත් නෑ. අඹ ඇට ඕනි තරම් තනියම සූප්පු කර, කර හිටිය හැකි. අන්නාසි ගෙඩි පිටින් කෑව හැකි. ටීවී තනියම බලන්ට බෑ ඉතින් අප්පච්චි ඕක ඉස්සර ඉඳ ගත්තොත් එහෙම.:(

    //''තෙරේ මෙරේ මිලන තිරේ ...නයා කොයි ගුල් එලන්නේ '' //

    මේක නිවැරදි වෙන්ට ඔනි මෙන්න මෙහෙම.

    'නයා කොයි ගුලටද එලවන්නේ' :D:D

    ReplyDelete
    Replies
    1. හික් ඒකත් නරක නැහැ ...එකම ළමයා වීම නිසා තරඟයක් නැහැ තමයි . ඒ වුනාට වලියක් දාගන්නවත් විදිහක් නැතුව ඇති .

      Delete
    2. දෙන්නගෙන හින්දි දැනීම අනර්ඝයි.. ඉන්දියාවට ගියොත් එහෙම ප්‍රැක්ටිස් කරන්න එපෝ

      Delete
  6. මතක පොතේ පිටු ගොඩක් අතරට අරන් යනවා මේ පෝස්ටුව.. අඹ ඇටයේ කතාවනං මල් මසුරං. මාත් ඒ අරගලේ කළා වගේ අද මගේ කෙල්ලෝ දෙන්නත් ඒ අරගලය කරනවා..රූපවාහිණිය ගැන මගේ මතකයේ තියෙන්නේ මුලින්ම චාල්ස් ඩයනා විවාහ මංගල්‍යය නරඹපු මතකයයි..

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ වැඩ නිසා අපේ අතීතය නිතරම සිහි වෙනවා . මාත් බැලුවා තමයි ඔය මංගල්ලේ . අනේ ඉතින් දැන් ඩයනා මේ ලෝකෙත් නැහැ

      Delete
  7. මේකත් හැලපෙගේ මෝනාලිසා වගේ කීයක් කියලා දේවල්ද. නයි ටී එන් එක ජාතික රූපවාහිනිය ආවට පස්සෙත් ජනප්‍රිය උනේ. එහි ගියපු සුපිරි වැඩ සටහන් නිසා. ඒ වගේම එරික් ෆනෑන්ඩු, නොයෙලින් හන්ටර් නිසා අපේ ඉන්ගිරිස් දැණුම වැඩි උනා. ජනප්‍රිය බටහිර ගීත නිසත් එහෙමයි. ගුවන් විදුලියෙන් කටහඬ විතරක් අහලා තිබුන මෙරට මෙන්ම නොරට ගායක ගායිකාවෝ, සාලේ ඉඳන් අපිටම සින්දු කියලා ගියා. ජෝතිගේ සින්දු තමයි ඒත් හැමදාම ජනප්‍රිය. මට මතකයි සුභාෂිනි හේමමාලා ලස්සන සංගීතමය වැඩසටහනක් කලා, නම මතක නෑ. ඔය ඔක්කෝටම වඩා මගේ සිත් ගත්තේ බටහිර සංගීත වැඩසටහන්. ටෙනිස් මගේ ප්‍රියතම ක්‍රීඩාවක් උනෙත්, නයි ටී එන එක නිසා. ඩයනගේ මගුල බලන්න ලන්ඩන් වලට වැඩිය සෙනගක් හිටියා අපේ ගෙදර.

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ගීත, විචිත්‍ර ගීත..........සුභාෂිනි හේමමාලා65

      ඩයනගේ මගුල බලන්න ලන්ඩන් වලට වැඩිය සෙනගක් හිටියා අපේ ගෙදර......... :D

      Delete
    2. සුභාෂිනි හේමමාලා65 කියාලා වැදිලා තිෙයන්ෙන් වැරදිලා, දුව අැවිත් ඔබනවා ඒක ඒක ඒව්වා....... :D

      Delete
    3. පොඩි උන් එහෙම තමයි. ඊට වඩා ආතල් එකක් තියෙනවද...?

      විචිත්‍ර ගීත කරපු ඉදුනිල් දිසානායකයි, ආරියසිරි විතානගේයි නාකි වෙන්නෙ නම් නෑ කවදාවත්. ඉස්සර ඇඩ් ගියේ ඔය ප්‍රෝග්‍රෑම් එකේ විතරනේ. අද නම් ඇඩ් අතරේ තමයි වැඩ සටහන් යන්නේ.

      Delete
    4. ඩයනගේ මගුල බලන්න ලන්ඩන් වලට වැඩිය සෙනගක් හිටියා අපේ ගෙදර.//

      මේක තමයි දවසේ කියමන මාතලන් ..සුරංගනා කතාවක් වගේ ලස්සන මගුලක්නේ

      Delete
  8. අඹ ඇටය අයිතිකර ගැනීම නම් මිනිස් සංහතිය පවතින තුරුත් තිබිලා රෝබෝ යුගයටත් යයි. අඹ ඇටයේ ඛෙදනීය ම තත්වය තමා අඹේ කන්න දෙදෙනෙක් පමණක් සිටීම. මොකද දෙදෙනෙකුට සාධාරණව අඹ ගෙඩියක් බෙදන්න මේ ලෝකේ කිසිම පරිගණකටවත් පුලුවන්ද මන්දා. එක්කෝ ඇටේට වැඩියෙන් මස හිටියනවා. නැත්තම් දෙපැත්තට. අනිත් කාරණාව තමා ඒ දෙදෙනාගේ බාලයා වීම. ඔහොම වුනාම වැඩිහිටියා අහනවා අඹේ කපන්න කලින් ඔයාට ඔනේ ඇටේද නැද්ද කියලා. ඇටේ කිව්වොත් වැඩිහිටියා අඹේ කපන්නේ ඕවලාකාර හැඩේට. ඇටෙත් හීරිගෙන යන්න. ඇටේ එපා කිව්වොත් පොත්තට ලාවට මස හිටින්න. ඉතින් යුද්දේ පටන් ගන්නේ ඔතනින්.



    අතීතය විඳිද්දි කටුක වුනත් මතක් කරද්දි ලස්සනයි.



    මමත් අතීතයේ එක්තරා සිද්දියක් සම්බන්ධයෙන් කතාවක් ලිව්වනේ. හැබැයි මේ කතාවෙන් කියවෙන්නේ ටීවී එක ගැනද, තාත්තා ගැනද, මම ගැනද කියලා නම් අහන්න එපා!:D


    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් ඒ කතාව හරිම සංවේදියි ..මාත් ආසාවෙන් කියෙව්වේ .

      අඹ කපද්දී ඔන්න ඔය තත්වය ඛේදනීයයි තමයි . අපේ දිහා අඹ කපන්නේ මම නිසා මන් නම් ගානට බෙදලා දෙනවා . පරිඝනකෙට වඩා හොඳ කෙනෙක්නෙ අම්මා කියන්නේ නැද්ද .

      Delete
  9. ලංකාවෙ රූපවාහිනියක ඉස්සෙල්ලාම විකාශය කල රූප රාමුව මල්පෝච්චියක් කියලයි මම අහලා තියෙන්නෙ...නමුත් ඒ අවදිය වෙද්දි රූපවාහිනී අද තරම් බහුලව තිබුනෙ නැති නිසා මේ දසුන බොහෝ අයට නරඹන්න ලැබුනෙ නෑ. පරීක්ෂණ විකාශය කරන අවදියේ අත්හදාබැලීමකට තමයි මල් බදුනක් කැමරාවට ගෙන විකාශය කර තියෙන්නෙ...ලංකාවෙ රූපවාහිනී කලාවේ ප්‍රමුඛයා ෂාන් වික්‍රමසිංහ බව ඇත්ත...ඔහු පටන්ගත් දේ ටික කලෙකින්ම රජයට පවරාගෙන ස්වාධීන රූපවාහිනී යන නම ලබා දුන්නා...

    මගේ කුඩා අවදියේ රූපවාහිනිය සම්බන්ධ අත්දැකීම් මතක් කරනකොට මට මතක් වෙන්නෙ කලු සුදු රූපවාහිනියෙන් නයිට් රයිඩර් නරඹපු අවස්ථාව..ඒ තමයි ලංකාවෙ නයිට් රයිඩර් විකාශය වූ පළමු අවස්ථාව...මෙලෝ සසරක් තේරුනේ නැති වුවත් ඉගිලෙන,කථා කරන කාර් එක දිහා ආශාවෙන් බලා හිටිය හැටි තාමත් මතකයි..

    අක්කලා පොඩි කාලෙ සෙල්ලම් ගෙවල් හැදුවෙ නැද්ද...ඉස්සර මමයි මලයයි තනි පලයට සෙල්ලම් ගෙයක් හදලා ඒකෙ වහළෙටත් රෙද්දක් හරි පොල් අතු දෙක තුනක් හරි දාලා වැඩ අවසන් කලාම දැනුන සතුට හරියට ගෙයක් හදලා ලබන සතුට වගේමයි. එදා දවසම අපි ගත කලේ අපි හදපු සෙල්ලම් ගේ අතුලෙ..දවල්ට කන්න බත් එක පවා අම්මා ගෙනත් දුන්නෙ සෙල්ලම් ගේ ඇතුලෙ ඉදන් කන්න කියලා. මම දැන් ඉන්න රටේ කුඩා උන් රොබෝලා වගේ ඉන්න ආකාරය දැක්කම අනේ අපි කොයි තරම් වාසනාවන්තද, කොයි තරම් ලස්සන ළමා කාලයක් අපිට තිබුනද කියලා ලොකු සතුටක් හැමවෙලේම සිත පුරවනවා...

    ReplyDelete
    Replies
    1. ඔය නයිට් රයිඩර් කතාවක් මේ ලඟදි ස්ටාර් මුවි එකේද කොහෙද පෙන්නුවා . අපිට කතා කරන කාර් මැජික් ඒ කාලේ . අනේ අපේ පොඩි උන්ට ගානක් වත් නැහැ .

      අපිත් ඇති වෙන්න සෙල්ලම් ගෙවල් හැදුවා . සෙල්ලම් බත් ඉවුවා සිරා . තව අම්ල ගෙවල් මගුල් ගෙවල් හෙමත් ගත්තා .
      හ්ම් අනේ මන්දා පිටින් නොපෙනුනාට අදත් ළමයි විවිධ විදිහට ඔය දේවල් කරනවා .

      අපේ උන් දෙන්න නං පරිසරයට සහ ස්වභාවධර්මයට මනාපයි. කොච්චර ටීවී කම්පියුටර තිබ්බත් පොතුත් කියෝනවා . .

      Delete
  10. මම පවුලේ එකම දරුවා නිසා නිතරම හැම දේම ලැබුණා.
    හැබැයි අගයක් නැහැ ඔතොකොට.ඔහේ කනවට කනවා.
    ඉස්සර මට කෑමක් කවන්න ගෙදර අය පුදුම දුකක් විඳින්නේ.
    ඉතින් තරඟ කරලා රසම කොටස හිමි කරගැනීමේ වාසනාව
    මට බින්දිලට තරම් ලැබිලා නැහැ. එකා යකා වීමේ ගැටලුව
    නම් දෙයියනේ කියල අදටත් තියෙනවා...

    පොඩි කාලේ අහල පහල කව්රුත් හිටියේ නැහැ මගේ වයසේ.
    ඉතින් සෙල්ලන් ගෙවල් , බත් ඉවීම් වගේ අද්දැකීමුත් නිතර
    නැහැ.පොල් වැටෙනවා වගේ ඉඳල හිටලා කනා චෑන්ස් එකක්
    වදිනවා සෙල්ලන් බතක් උයන්න, තව එක එක මල් ජාති කොටලා
    බීම එහෙමත් හදනවා..අදටත් මතකයි බෝගන් විලා මල් කොටලා
    එක හුස්මට ඇදල දානවා...

    ( අනේ අනිත් දේවල් ගැන කතා නොකර ඉන්නම්.ටෙලිෂාන් ගැන එහෙම )

    ReplyDelete
    Replies
    1. අදටත් මතකයි බෝගන් විලා මල් කොටලා
      එක හුස්මට ඇදල දානවා...
      // ඊක්

      පොඩ්ඩක් තරග කරලා ලබා ගන්නකොට ගතියක් තියෙනව . නැත්තන් පස්සේ කාලෙක කියන්න අත්දැකීම් මදි නැද්ද ..එකා යකා වෙලාද ..ඔන්න ඔයාමයි කිවේ

      Delete
  11. අයි.ටී.එන්. එක පටං ගත්තෙ 1979 අවුරුදු දවසෙ..අප්‍රේල් 14 වෙන්නැති. මුලින්ම මට මතක විදිහට මල් පාරෙ ශාන් වික්‍රමසිංහගෙ ( රනිල් ද එටර්නල් ලීඩර් ඔෆ් ද ඔපසිෂන් ගෙ අයියා ) ගෙදර ඉඳල තමයි විකාශය කලේ.මුලින්ම රේන්ජ් එක එතන ඉඳල කිලෝ මීටර් 20 වගෙ.ඒ දවස්වල මම නාවල හිටියෙ. කොහොම හරි නාවලට උනත් හරියටම පැහැදිලි නෑ මුල්ම දවස්වල,අර Snowy Effect කියල කියන්නෙ. අන්න ඒක..පස්සෙ හරි ගියා.

    ඒත් මට මතක විදිහට වැඩි කාලයක් ගියේ නෑ..මාස හතර පහක් යන්න ඇති. එක දවසක් මෙන්න ටී.වී. එක දානවා..මොකවත්ම නෑ..ඔන්න පහුවදා දවල් ප්‍රවෘත්ති වලට කිව්ව අයි.ටී.එන්. එක රජයට පවරාගත්තයි කියල.ඒ දවස්වල තිබ්බ පොදු ජනසන්නිවේදන විකාශන පණත අනුව එහෙම පුළුවන්ලු පැය 24 යම් විකාශයක් අක්‍රියව තිබ්බොත් ඒක රජයට පවරා ගන්ට.ඒත් ඒ කාලෙ නොයෙක් කතා පැතිරුණා... ශාන්ට වැඩේ පටන්ගත්තට කරගෙන යන්ට බැරිවෙලා ආණ්ඩුවෙන් වන්දියකුත් අරගෙන අතපිහදාගෙන පැත්තකට වෙන්ටයි මේ දහංගැටේ ගැහුවෙ කියල..හෙහ්, හෙහ්, මන්දා බොලේ ඔව්වයෙ ඇත්ත නැත්ත.

    ඔය කාලෙ ගැන බොලේ කතා කරනවනම්, ලියනවනම් අර බූර්ස් කිව්වැහෙ දවස් ගානක් කතා කලෑකි. ඒ නිසා ඒ විස්තර පසුවට තියලා දැනට මේ ඇති හොඳේ....:) :)

    ආහ්හ්හ්..මෙන්න මේ වැඩ සටහන් මතකද කියාල බලාපං බින්දි? මතක නැත්තං අර රං වගෙ මතක තියන ගොබිලහෙං අහල බලාපං...හෙහ්, හෙහ්,

    Bear Cats, Baa Baa Black Sheep, 240 Robert, The Lone Ranger, Six Million Dollar man, Bionic Woman, Electric Company, Sesame Street, Starsky & Hutch, Hawaii Five -O

    ReplyDelete
    Replies
    1. kingwoodunderground.com/topic.jsp?topicId=11322977‎
      කෝප්ප ගැහුවා නේද අමුවෙන්ම? ඊට පස්සේ එඩිට් කරා,තමන්ගේ වගේ දැම්මා.වෙල් ඩන් හෙහ්, හෙහ්,

      \\ශාන්ට වැඩේ පටන්ගත්තට කරගෙන යන්ට බැරිවෙලා ආණ්ඩුවෙන් වන්දියකුත් අරගෙන අතපිහදාගෙන පැත්තකට වෙන්ටයි මේ දහංගැටේ ගැහුවෙ කියල..හෙහ්, හෙහ්, මන්දා බොලේ ඔව්වයෙ ඇත්ත නැත්ත\\

      ඔතනම උඩින් ඉන්න සහන් ලියපු උපාලි මැස්ඩා පෝස්ට් එක බලල ආව නම් ඔහොම වෙන්නේ නැහැ.

      Delete
    2. කෝප්ප ගැහිල්ලක් නම් මම දන්නෙ නෑ...මම ලිව්වෙ මම දන්න ඇත්ත...:) :)

      සහන්ගෙ ලිපිය මම කියෙව්වෙ නම් නෑ..ඒක කියෙව්ව උනත් මම මේ ලියන ටික එහෙම්මම ලියනව..ඒක සහතිකයි..:)

      Delete

    3. @ ඇනෝ
      අනේ මන් එවෙලෙම කිව්වේ ඔය සම්බන්ධව කතා කරන්න
      කැමැත්තක් නැහැ කියලා මගේ..

      Delete
    4. ඇයි රවියෝ මේ ටික..

      Battlestar Galactica, Buck Rogers, Columbo, Mork & Mindy, Chips, The Love Boat, Dempsey and Makepeace, McMillan & Wife, Dynasty, Return to Eden..

      Delete
    5. මෙන්න මගෙන් Green Hornet..

      Delete
    6. Automan, The A-Team, MacGyver, Time Tunnel, V, Small Wonder, Punky Brewster, Silver Spoons, Planet of the Apes, Airwolf, Blue Thunder, Charlies Angels, Miami Vice.. :)

      Delete
    7. ඇයි Dakthari, Gemini Man, Big foot and wild Boy, Knight Rider :D

      Delete
    8. ඔය V යනකොට අම්මට මාව හම්බ වෙන්න ඉන්න වලු. ඒකෙ 'කැත සත්තු' (!) පෙන්නනවා කියල ආච්චි අම්මට ඒක බලන්න දුන්නේ නෑ කියල අම්ම කියනවා. :D

      කෝ මේකේ robin hood?

      Delete
    9. කට්ටියටම ස්තුතියි ..

      රවී මාත් සමහර ඒවා එහෙන් මෙහෙන් බලා ඇත . ආයේ ඔහේගේ මතක ගබඩාව ගැන කියන්න ඕනය . කවද හරි හමු වුනොත් සුමානයක් දෙකක් කතා කරන්න වල්පල් තියෙයි නේ .

      Anonymous

      රවී ගැන අප දන්නා දේවල් අනුව කොපි කළා කියල චෝදනා කරන්න අමාරුයි . ඔබ ඔහුගේ බ්ලොග් එක කියවන්නේ නැති කෙනෙක් වෙන්න ඕන .
      සයිලන්ට්ගේ ලිපිය හොඳයි . මමත් කියෙව්වා

      Delete
    10. @ Niroshini,

      Robin Hood ආවෙ ටිකක් විතර පස්සෙ කාලෙක.. Robin Hood, Kung-Fu, Monkey Magic එහෙම..

      ඔය V කියන්නෙ ඒ කාලෙ ආසාවෙන්ම බලපු සීරීස් එකක්.. පිටසක්වල උරග ජීවීන් වගයක් මනුස්සයො වගේ වෙස්වලාගෙන එනවා අපේ ලෝකෙ ආක්‍රමණය කරන්ට.. මහ රෑ තමා ඕක යන්නෙ.. අක්කයි මායි ඕක බලලා ඉවරවෙලා, ටීවී එක ඕෆ් කරලා දූවගෙන ගිහිල්ලා ඇඳට පැනලා ඉහේ ඉඳන් පොරවගන්නවා.. එච්චරට බයයි.. :)

      ...................................

      කාටද මතක Vision On කියන ළමා වැඩසටහන.?? තව ගියා Manimal කියලා එකක්.. එක මනුස්සයෙක් ඉන්නවා, එයාට පුළුවන් සත්තු බවට පත්වෙන්න..

      Delete
    11. Bura,

      විෂන් ඔන් එකේ නේද ඔය එක එක ඒව හදන ඒවා ගියේ. ඒකෙ හිටපු ගමන් පනුවෙක් වගෙ එකෙක් දුවනවා එතකොට එක පොරක් ඌ පස්සෙ පන්නන සීන් එකක් මට මතකයි..

      තව ප්‍රෝග්‍රෑම් එකක් ගියා ඒකෙ ඔය දුණු, ඊතල, පිහි, කඩු, හෙල්ල වගේ ඒවා හදාගන්න විදිහ තමා පෙන්නුවෙ.. ඒකත් මරු..

      Delete
    12. බුරා,

      The Love Boat, Dynasty, Return to Eden..මල්ලි මෙව්ව ගියේ රූපවාහිනියෙ නේද? රූපවාහිනියත් එක්කම සලකල බැලුවොත් තව තියනව…Big Valley, Who Pays The Ferryman?. Mind Your Language, Blakes Seven, Arthur C. Clarke's Mysterious World...

      අයි.ටී. එන්. එකේ තව මම ආසාවෙන් බලපු එකක් තමයි.. Petrocelli…

      Delete
    13. @ රවි,

      ඔය මම කියලා තියෙන ඔක්කොම වැඩසටහන් ගියේ ජාතික රූපවාහිනියෙ තමා.. ඔය කාලෙ අපි හිටියෙ බදුල්ලෙ.. ITN එක අහුවුනේ නෑ.. Outside ඇන්ටෙනා එකක් දැම්මානං අල්ලන්න තිබ්බා.. මොකටද එච්චර වදවෙන්නෙ, මේ පෙනුන හරිය මදැයි.. :D

      මං මේ කල්පනා කලේ, අපි ඔය The Love Boat, Dynasty එහෙම බැලුවෙ පට්ට පොඩි කාලෙ.. ඒ පොඩි වයසට ඒවා එච්චර ඔරොත්තු දෙන්නෙත් නෑ නෙවැ.. ඒත් ඉතින් අපේ ගෙදරින් කිසිම තහනමක් දැම්මෙත් නෑ.. අපි හැන්දෑවෙ කාටුන් වල ඉඳන් මහ රෑට යන ඔය වගේ වැඩසටහනුත් බලලා තමා ටීවී එක ඕෆ් කරන්නෙ.. :)

      ..................................

      @ සෙන්නා,

      උඹ ඔය කියන්නෙ අර පොඩි ළමයි හතර දෙනෙක් එකතු වෙලා කඩු දුනු එහෙම හදාගෙන සෙල්ලම් කරන ප්‍රෝග්‍රෑම් එක නේද.?? විනාඩි 10 විතර පොඩි කෑලි ගියේ..

      මතකද Fraggle Rock.?? අර ඩොක්ටර් කෙනෙක්ගෙ ගෙදර යට බිම්ගයෙක ඉන්න සත්තු ටික..

      Delete
    14. අන්න හරි බූරා, පොඩි පොඩි කෑලි තමා ගියේ.. උන් ඒවා හදන හැටි ඔක්කොම පෙන්නුවා..ඒව බලලා මමත් දුන්නක් හදා ගත්තා ටිකක් ඒ ලඟින් යන්න...

      ඔය කියන එකනම් මට මතක නෑ බන්..

      >>අපි හැන්දෑවෙ කාටුන් වල ඉඳන් මහ රෑට යන ඔය වගේ වැඩසටහනුත් බලලා තමා ටීවී එක ඕෆ් කරන්නෙ.. <<

      ටීවී බලපුවම ළමයි ඉගන්න ගන්නෑ කියන එක පට්ට බොරුවක් වෙලානෙ මෙතනදි.. :D

      Delete
    15. බුරා වගේ ස්මාර්ට් පොරකට ඕවා අදාළ නැහැ සෙන්නා ..අනික් අතට ටීවී බැලුවමයි කියල ලොකු හානියකුත් නැහැ . නොබැලුව කියල අවුලකුත් නැහැ .

      Delete
    16. අම්මෝ.. මැගයිවර් මේ ගිය අවුරුද්දෙ විතර ආයිත් ගියානේ.. මං කලින් බලලා තිබ්බේ නෑ.. ඒ දවස්වල මං ඉරිදට 6ට මොන වැඩේ තිබ්බත් ගෙදර එනවා.... අපේ මහත්තයා හිනා වෙනවා තාමත් ඕක මතක් කර කර.... හි හි...

      මාර කතා සෙට් එකක්නේ මෙයාලට මතක් වෙලා තියෙන්‌ෙන්...

      Delete
    17. @ සෙන්නා & බින්දි,

      ස්මාර්ට්ද නැද්ද කියන්ට නම් මං දන්නෙ නෑ.. හැබැයි කවදාවත් පාඩම් වැඩවලට ටීවී බැලිල්ල බාධාවක් වෙලා නෑ.. ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ කරලා, පොත්-පත්තර කියවලා, සෙල්ලම් කරලා, ගෙදර වැඩට අම්මට උදවු කරලා ඔය ඔක්කෝමත් කරන ගමන් තමා අපි ටීවී බැලුවෙ.. මහ රෑ වෙනකම් ටීවී බැලුවත් කිසි අමාරුවක් නැතුව පහුවෙනිදා පාන්දර පහට නැගිට්ටා ඉස්කෝලෙ යන්ට.. අනෙක වාර විභාගෙදි හැමදාමත් පන්තියෙ 1-2-3 අතර හිටියා.. :)

      Delete
    18. අනික් දේවල් පාඩු කරගන්නේ නැත්නම් ටීවී කම්පියුටර් එතරම් බාධාවක් වෙන්නේ නැහැ .අපේ ගෙදරත් ළමයි ඇති වෙනකම් බලන්නේ . හැබැයි පොඩි කෙල්ල නම් 9 9.30 වත් වෙද්දී නිදා ගත්තේ නැත්නම් උදේට කරදරේ . සිකුරාදා සෙනසුරාදා අවුලක් නැහැ . අපි මේගැන කලින් අර මධුර ප්‍රේම කල්පනා වලදී කතා කළා . ඔය දේවල් පවුලෙන් පවුලට ළමයාගෙන් ළමයාට සාපේක්ෂයි .

      Delete
  12. /* 1979 අප්‍රේල් පටන් ගත්ත මේ නාලිකාව දකුණු ආසියාවේත් පලවෙනි එකලු . */

    පළමු වර්ණ රූපවාහිනී විකාශනය විය යුතුයි.

    ඉන්දියාවේ තිබුණා ලංකාවට කලින්. සීතා දේවී චිත්‍රපටියේ තියෙනවා. මා අසා තියෙන විදියට ලංකාවේ වර්ණ රුපවාහිනී තියෙනවා ඉන්දියාවේ සුදු ක්‍ර විතරයි කියා ඉන්දිරා ගාන්ධත් විස්සෝප වුනාලු!

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත. ඕක අපේ ආන්ඩු කියන පට්ට පල් බොරුවක්. මොකක් හැදුවත් ඒක දකුණු ආසියාවේ මුල්ම එක. එහෙම නැත්නම් ළොකුම එක. අපේ ළිං මැඩියන්ටත් මේවා ඇත්ත. ඉන්දියාවේ පකිස්තානේ බංගලාදේශයේ විතරක් නෙමෙයි මාල දිවයිනෙත් රූපවාහිනි චැනල් ආරම්බ කරලා ඉවරයි එතකොට.

      Delete
    2. මන් කෝකටත් විකියේ බැලුවා . විකි කියන්නෙත් බොරුනේ බලන් ගියහම . කාට හරි බැරිද එතන නිවරදි කරන්න

      Delete
  13. මං පොඩි එකා මේවා ගැන මොනා කියන්නද? මට නම් මතක අපේ තාත්තා කඩේ කරන කාලේ බංකුවට වෙලා රේඩියෝ ඇහුවා විතරලු ඔන්න.. මොනා උනත් ලිපිය ආසාවෙන් කියෙවුවේ බින්දි අක්කේ..

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ දිනේෂ් ..ඔයා හුනග්ක් පොඩි එකෙක්නෙ

      Delete
  14. මම හිතෙනවා මේ කියන විස්තර අනුව මම බින්දිව දැකලාත් ඇති කියලා.

    මතක අතර හිරවෙලා ඉන්නේ ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මාත් මේ කල්පනා කරන්නේ ..

      දෙසැම්බර් ආවම බලමු කට්ටියම හමු වෙන්න .

      Delete
  15. බින්දි හරිම ආදරණීයයි මේ මතක සටහන. මගෙත් සොදුරු මතකයන් තියෙනවා රූප පෙට්ටිය ගැන. අපේ ගමට මුල්ම රූප පෙට්ටිය ගෙනාවෙ අපේ ගෙදරට. ඒ වාසනාව ලැබුනෙ අම්මලා රට ගියෙ 1974 දී නිසා. අපි මුළින්ම රූප පෙට්ටියක් දැක්කෙ සැම්බියාවෙදී. ඒ 1975 වසරේ. මෙහෙ රූපවාහිනිය මුළින්ම ආරම්භ කරන ආරංචියට අම්මලා අපට රූප පෙට්ටියක් අරන් දුන්නා. වට පිට හැම පොඩ්ඩෙක්ම අපේ තැනට ආවා මේ අරුමය බලන්න. මේ ගැන ලියන්න වෙනමම පෝස්ට් එකක් ලියන්න ඕනෙ.
    අර අඹ ඇටේ හිමිවීම අදටත් මට. ඒ මම වැඩිමලා නිසා කපන්නෙ මම නෙ.D;
    හරිම සොදුරුයි විස්තරේ.

    ReplyDelete
    Replies
    1. හා මෙන්න අර බුද්ධි කියාපු ජාතියේ අඹ කපන අක්කෙක් ..

      අක්ක ඒ ගැන ලියන්නකෝ ..

      Delete
  16. සොඳුරු මතකයක්....

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි

      Delete
  17. ඔය ගැන මගේ මතක මං පෝස්ට් එකක්ම ලිව්වා... ඕන්න ලින්ක් දැම්මා.. එතනත් ඉන්නවා ටීවී එකේ දෙවනි පරපුරේ රසිකයෝ ගොඩක් මං හිතන්‌ෙන්... ඒ කියන්නේ 83-84 ඉපදිච්ච සෙට් එක....

    අපි ඒ කාලේ ටීවී බලපු හැටි......

    ReplyDelete
    Replies
    1. මන් එන්නම් බලන්න ..කෝ මන් ඔයාගේ බ්ලොග් එක දාගෙන නැහැනේ හැමදාම මග ඇරෙනවා

      Delete
  18. සුන්දර මතක ගොඩක් තියෙන ලිපියක්..
    84 විතර අපේ ගෙදරට අගල් 21 කළු සුදු රූපවාහිනිය ගෙනාව වෙලාවෙ ගමම එකතු වෙලා බැලුව හැටි මතකයි...
    ටයි මාමගෙ ලස්සන කාටුන් මග ඇරුණෙ නැහැ.. රේඛා, දිමුතු මුතු යාංතමට මතකයි...
    හින්දි චිත්ර්පටි රැල්ලටත් පිස්සු වැටිල උන්න මතකයි...
    හිත අතීතයට ගියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ..ඔයාට වෙච්ච පොරෝන්දුව ඉටු කරන්න බැරි වුනාට සමාවෙන්න . කවියක් ලියවෙන්නේ නැති කොට මක් කරන්නද .

      Delete
  19. නොසැහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ ඔන්න.
    දැන් අපිව මතකත් නැතුව ඇති.

    අප්පේ මාර්ටින් වික්‍රම සිංහගෙ කතාවක් කියෙව්ව වගේ හැගීමක් ආව මුල් ටික කිවද්දි.
    අපි හිතමු ඔන්න රෑපපෙට්ටිය කියල කතාවක් එහෙම ලියල තිබබනම් මේ වගේ හැගීමක් එන්න තිබුන.

    අප්පා ඔය අඹ ඇටේ සීන් එක අන්නාසි නාරටියෙ සීන් එක නම් සහතික ඇත්ත.

    මතක ගොන්නක් මතකෙට ගෙනව නියමයි අක්කියෝ ලිවිල්ල. දිගටම එන්න බලමු ජය වේව!

    ReplyDelete
    Replies
    1. කොහොමද අමතක වෙන්නේ හුනා ..මට මතකයි කවි ලියුවා නේ ඒ කාලේ මොකෝ වුනේ .

      Delete
  20. මාතෘකාව දැක්කාම හිත ඇදිලා ගියා..:)
    රූපවාහිනි රස මතක නම් අපමණයි..ස්තුතියි බින්දි..මගෙත් යාළුවෙක් ඉන්නවා රූපවාහිනි ඉතිහාසය ගැන ටිකක් දන්න..
    විස්තර අහගන්න පුළුවන් වුනොත් ලියන්නම් ඒ ගැනත්..

    ReplyDelete
    Replies
    1. හැමදාම හිතුවත් ඔන්න අද තමා ඔයාගේ බ්ලොග් එක සොයා ගත්තේ . ඇත්තමයි මාතෘකාව ගැලපෙනවා නේන්නං

      Delete
  21. අපේ ගෙදරට මුලින්ම එකක් ගෙනාවේ මට අවු. 4 දි විතර මම හිතන්නේ. ඒක කළු සුදු එකක්. අපේ ඉස්සරහ ගෙදර තිබුනා වර්ණ රූපවාහිනියක්. ඉතින් අපිත් ඔය වගේ තමයි. එහෙ යනවා නිතරම. ඒත් මගේ වැඩේම ගෙවල් දෙක අතර දුව දුවා ටිවී දෙකේම යන්නේ එකම රූපද කියලා බලන එක.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපට තිබ්බ ප්‍රශ්න නේ ..සද්දේ විතරක් ආව රේඩියෝ එකෙන් රූප පෙට්ටයට මාරු වෙච්ච වෙලාවේ ඇති වුනේ මාර පුදුමයක්

      Delete
  22. කතා ඇතුලෙ කතන්දර ගොඩයි. එකකට එකක් සම්බන්ධවෙන මිහිරිම අතීතයක්. මගේත් අතීතය ඒවගේම තමයි ඒකාලේ රජරටට රූපවාහිනි දසුන් එතරම් පේන්නෙ නෑ. මහ උසට ඇන්ටනාවක් තියෙන්න ඕනේ.

    අපිට ටීවි එකක් හරියටම බලන්න ලැබුනෙ 85 -86 කාලෙ.

    මොනව වුනත් අදටත් අර අඹ ඇටේ බෙදාගන්න හරි උනන්දුයි. ඒවා පරම්පරාවෙන් යන දේවල්

    ReplyDelete
    Replies
    1. අඹ ඇටේ අරගලය ගැන දන්නා හුඟක් අය සිටීම සතුටක් දයා ..

      Delete
  23. අද තාක්‍ෂනයෙන් දියුණු වුනත්, එදා රූපවාහිනියෙන් පෙන්වපු දේවල් තාම මතකයේ තියෙනවා. අපේ ගෙදරට රූපවාහිනිය ආවේ ගොඩක් පහු කාලෙක වුනත් නැදෑ ගෙවල්වලදී හෝ යහළුවන්ගේ ගෙවල් වලදී රූපවාහිනියෙන් අහකට යන්න නම් මගේ හිතක් තිබුනෙම නැහැ. ඒ තරමටම TV බැලීම මගේ විනෝදාංශයක්. එදා පෙන්වුපු සිංහල ටෙලිනාට්‍ය අද ඒවාට වඩා හිතේ ඇදිලා තිබෙනවා වගේම ඉංග්‍රීසි වෘතාන්ත චිත්‍රපටිත් තවමත් මතකයි. දැන් නම් නයිට්රයිඩර් වගේ කතාවල තිබුන දේවල් බොහෝමයක් මනංකල්පිත දේවල් කියා දන්නවා වුනත් අද දේවල් වලට වඩා මම ඒ නිර්මාණ වලට කැමතියි...

    ReplyDelete
    Replies
    1. ළමා කාලයේ වින්ද දේවල් වැඩියම දැනෙනවා නේ දිනේෂ් . නයිට් රයිඩර් වගේ ගැජමැටික් කතා ඒ කාලේ අපිට පුදුම වුනේ එහෙම එව්වා ඇත්තටම තිබ්බේ නැති නිසා . අද වෙද්දී ස්වරුපය වෙනස් කිරීම ඇරෙන්න වාහනයක නැත්තේ මොනවද .

      කාලයක් අභ්‍යවකාශ කතා ජනප්‍රිය වුනා . අද වෙද්දී ඒවා එච්චරම දැනෙන්නේ නැහැ . ආයේ ඔන්න සුපිරි වීරයෝ නම් කරලියට ඇවිත් ඉන්නේ .

      Delete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මොකාද මේ.. මෙහෙම දෙයක් උඹට නමින් දෙන්න බැරි ඇයි... මෝඩ චූන් වැඩ කරන්න එපා මිනිහෝ....

      Delete
    2. බ්ලොග් එක කියන්නෙත් වැටක් නැති මිදුලක් වගෙය . දිනපතා අතු පතු ගන්නට බැරි වුනොත් විනාසය . .කමෙන්ට් මොඩරේට් නොකරන්නේ සමහර විට මට කමෙන්ට් මග ඇරෙන නිසාය . ඊයේ මේ පැත්තේ එන්නාට බැරි වීමෙන් සිදු වී ඇති අලකලංචි දැක්කේ මේ දැන්ය .,

      මිනිහෙක් මලා යයි විහිළුවක් කරන්නට තරම් පහතට වැටුණු මිනිසුන් ඉඳහිට හෝ හමුවීම අපගේ අවාසනාවකි .

      Delete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. හැමදාම බින්දිගෙ පොස්ට් වලින් අතීතයට..ටී,වී එක මුලින අපේ ගෙදරට ආවෙ 84-85 වගේ මතක එතකොට අවුරුදු 3ක් උන මට ලොකු දෙයක් තෙරුනේ නෑ...කළු සුදු.....නැශනල් " Little House on the Prairie...."ඔය කතා සෙට් එකටම එකතු උන මම ආසාවෙන් බැලුව කතාවක්.ටී.වී එකට ඇබ්බැහි වීම හොඳටම තිබුනා...නමුත් පාසැල් වැඩ අතපසු උනේ නෑ...මට අවුරුදු දහයෙදි වගේ තමයි නාගීනා ෆිල්ම් එක පෙන්නුවෙ..කොයිතරම් වශී වෙලා බලාගෙන හිටියාද කියනවනම් මාස පහක් හයක් උන නංගි අතේ ඉඳල බිමට වැටිලා අඬනකල් දන්නෙ නෑ....අම්මාගෙන් එදා නම් ලැබුනා මදි නොකියන්න....

    කාලයක් තිස්සේම හැම බදදාවකම ඉස්සර හිංදි ෆිල්ම් එකක් ගියා..ඊලඟ දවසෙ ඉස්කෝලෙ උනත් අමාරුවෙන් හරි ෆිල්ම් එක බැලුවා....

    ReplyDelete
    Replies
    1. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා '' කියලා කිව එක බොරු වෙන්ට බැහැනේ මේ වගේ ඒවා වෙද්දී ..

      Delete
  28. කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete