Sunday, 2 June 2013

තෙද ඇති පුතුන් දවසක වඳවී යාද

සිතේ බාගෙට කෙටු ලිපි නම් අනන්තය . නෙත දකින අපමණ දසුන්ය . අධික හිරු රැසින් මහා පොළොව දැවෙන කල ප්‍රීතියෙන් දළු කොළ කිරුළු දැරූ නෙළුම්විල කැකුළු සියපතින් සැරසිලාය . කණගාටුව එවන් මල් බරින් සැරසුන අප පිය නෙළුම්විල අද එපමණ මල් පුබුදුවන්නේ නැතිකමය . හිමිකාරිය අලසය .

සියලු පණ ඇති නැති වස්තුන්ට තම තමන්ට හිමි වසන්තයක් ඇත. බ්ලොග් ලියවිල්ලටද එයම පොදු වේ ..

මෙහි හිමිකාරිය කලින් කලට විවිධාකාරයේ රුචිකම් ඇත්තියක් වන බැවින් එක් දෙයක් නොකඩවා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ වාර්තා තබා ඇත . එහෙයින් මේ නම් අතිශය ස්වභාවික සන්සිද්දියකි
ලඟදි දිනෙක නැරඹු ජපන් සිතුවම් පටක් ඇගේ සිත තදින් දිනා ගත් අතර බැලුදා පටන් ලියන්නට සිතා සිටියාය .

එක් සමයෙක පිරිමින්ට වෙසෙසින් වැළඳුන වසංගතයක් හේතු කොට පුරුෂයින් ගණන හතරින් පංගුවක් දක්වා අඩු විණ . තමන්ට දරුවෙක් ලබා දෙන්නැයි නිරෝගී පිරිමින් හමු වේ හඬා වැලපෙන කතුන්ය .
සෞඛ්‍ය සම්පන්න තරුණයින් ,ඕකු හෙවත් රැජිනගේ ඇතුල් ගෘහයෙහි රැජිණ විසින් තෝරා ගනු පිණිස පදිංචි කර ඇත . සමුරායි කෙනෙකු වීමේ සිහිනයෙන් පෙලෙන කතානායක තරුණයා සිය දිළිඳු පවුලේ සුබ සිද්ධිය තකා මෙම ඕකු තරුණයින් අතරට එක් වීමට තීරණය කරයි .අනෙකුත් සම්ප්‍රදායික එකිනෙකා පරයා සිටිමට වෙහෙසුන අනිකුත් තරුණයින් අතර සාමාන්‍ය පවුලකින් පැමිණෙන මේ වෙනස් තරුණයා කෙසේ පිලිගැනේද ?

ඔහුගේ පෙම්වතියට ඔහුව නැවත දකින්නට ලැබේද ? . එවකට සිටි ශෝගුන් රැජින මියගොස් අලුතින් පත්වූ තරමක් රැඩිකල් අදහස් ඇති නව ශෝගුන් රැජින කඩවසම් තරුණයින් අතරින් පළමු රාත්‍රිය ගෙවන්නට තරුණයෙක් තෝරා ගත යුතුය .

වර්ණවත් ඇඳුමෙන් සැරසුණ තරුණයින් අතර කතානායකයා කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි. පළමු රාත්‍රිය ගෙවන තරුණයා මරා දැමීම පෙර කල පටන් පැවැති සිරිතක් බව රැජිනද නොදත්තාය .
වැඩි ආටෝප කුමටද . මෙතනින් ඔබටම නරඹන්නට හැකි කොට .




picture from


කන බොන දෙයක් කටට දාගන්නේ නැතුව එහි උත්පත්තිය සොයන්නාක් මෙන්ම නරඹන සිනමාවක අලගිය මුල ගිය ස්ථාන සෙවීමේ ජන්මගත රෝගය නිසා වැඩිමනක් මේ ගැන කියවද්දී දුටුවේ මුලින්ම ජපානයේ manga වර්ගයේ චිත්රකතාවක් ලෙස එළිදුටු කතාවක් බවයි . එමෙන්ම රුපවාහිනී කතා මාලාවක්ද වූ බවයි .


ලොව බොහෝ කොට සිදු වුවේ කාන්තාවන් ප්‍රදර්ශනය කිරීමය .විශේෂයෙන් රතු විදි වැනි ස්ථානයන් වෙන් වුවේ කාන්තාවන්ට . පිරිමින් පැමිණියේ පාරිභෝගිකයින් ලෙස .

මෙහි මුහුණු වල පාට උලා සරසා විශේෂ විදි වල ප්‍රදර්ශනයට තබා සිටි පිරිමින් ගේ නෙත් කැල්මක් සොරා ගන්නට පොර කන තරුණියන් ය .

නුඹලාට අපි නැතිකොට අගේ දැනෙන්නට හොඳ වැඩේ යයි මෙය නරඹන තරුණයින් සිතන්නට පුළුවන . සැබෑය මය කොයිදේත් හිඟ කල අගය වැඩි වේ .

ගැහැණු අප හැම විටම අපේ අයිතිවාසිකම් ගැන කතා කරමින් පිරිමින්ට තඩි බාන බවට චෝදනා එල්ල වෙද්දී පුරුෂ පක්ෂය ගැන අනුකම්පාවක් ඇති වෙන අන්දමේ චිත්‍රපටයක් බව නම් කිව මනාය ...

කලබල වන්නට දෙයක් නැත. මෙය සැබෑවට සිදු වූ බවට කිසිම තොරතුරක් නැත . එවන් වසංගත ලොව නැතුවා වන්නට පුළුවන . ඇත්තේ ගැහැණු පිරිමි වෙනසක් නැතුව සංවේදී බව මරා දැමෙන බරපතල වසංගත පමණි . එදාට වඩා අද ඒවා වැඩිද යන්න නම් මගේ දැනුම් පථයට හසු නොවන්නකි . මට සිතෙන්නේ වසංගත පැතිරෙන ක්‍රම සහ සංකීර්ණ බව නම් වෙනස්ය .

http://nelumwila.blogspot.com/2012/03/blog-post_29.html#comment-form

අපි කලින් ලියු ලිපියක කමෙන්ට්ස් වල තියෙනව ෂෝගුන්වරු ගැන බුරාගේ අගනා විස්තරයක් . මෙන්න ලින්කුව උනන්දුව ඇති අයට

70 comments:

  1. කිසිවකු නොසිතන තේමාවක චිත්‍රපටයක්නේ. මටත් බලන්න ආසාවක් ඇති වුණා. පිරිමින්ගේ අගේ කාන්තාවන්ටත් දැනෙන මොහාතක් නේ.

    ReplyDelete
    Replies
    1. ටිකක් ආඩම්බරයි වගේ දැනෙනවා නෙහ් ..නලින්

      Delete
  2. අනිවාර්යෙන් බැලිය යුතු කතාවක්. බලන්ට ඕනි. බින්දිගේ හිත්ගත්තා කියන්නේ හොඳම කතාවක් වෙන්ටම ඕනි. බැලුවට පස්සේ දිග කමෙන්ට් එකක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයා මේකට අනිවාර්යයෙන් ආස වෙනවා පොඩ්ඩි ..

      Delete

  3. සරාගී බවලතුන් මැද්දේ ඔලුව ගහන් ඉන්න ලේසි නැහැ නෙව...ඔහොම රටක පිරිමියෙක් වෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා නේද ...?

    ReplyDelete
    Replies
    1. බයවෙන්ට කාරී නැහැ සහන් ...ඇත්තම කතාවක් නෙමේ . සරාගිම කියන්න බැහැ . පිරිමි හිඟ වීම . එළියේ සාමාන්‍ය සමාජයේ තරුණියන් පිරිමියෙක් දකින්නෙත් අමාරුවෙන් වෙනකොට මාලිගයේ කඩවසම පිරිමි රැජිනගේ සැමියා වෙන්න තරඟය . දෙපැත්තක් තියෙන කතාවක්

      Delete
  4. //මෙහි හිමිකාරිය කලින් කලට විවිධාකාරයේ රුචිකම් ඇත්තියක් වන බැවින් එක් දෙයක් නොකඩවා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ වාර්තා තබා ඇත . //

    අපි වැඩි දෙනෙක් මේ ජාතියෙද බින්දි... හි හි....

    ReplyDelete
    Replies
    1. රවී කියන්න වගේ අර නුහුගුනාපිත වෙන්න ඇති හිරුවෝ .

      Delete
  5. අක්කගෙ ඔත්තුවෙන් චිත්‍රපට බලන්නට එතරම් කැමැත්තක් නැති මටත් මේ චිත්‍රපටය බලන්නට කුහුලක් ඇති වුනා...අමුතුම තේමාවක්...

    ReplyDelete
    Replies
    1. බලන්න සිරා ..අමුතු නිසා තමයි මටත් අල්ලලා ගියේ .මන් නම් ආසයි චිත්‍රපට බලන්න . දවසට කොරියන් ටෙලි දෙකතුනකුයි ..සතියකට ෆිල්ම් දෙකතුනකුයි වගේ වෙන්න බලනව

      Delete
  6. බින්දි,

    / නුඹලාට අපි නැතිකොට අගේ දැනෙන්නට හොඳ වැඩේ යයි මෙය නරඹන තරුණයින් සිතන්නට පුළුවන . සැබෑය මය කොයිදේත් හිඟ කල අගය වැඩි වේ . /

    පිස්සුද නෝනා?..මට නං ඔහොම කාලෙක ජීවත් වෙනවට වඩා හොඳයි වහ කාල කැලේ රිංගන එක...මේ පේන්නෙ නැද්ද අද උනත් මම කොච්චර අමාරුවෙන්ද ඉහ ගහගෙන ඉන්නෙ කියල? ( අඩේ මේ කෑල්ල ලිව්වෙ චිත්‍රපටය බලන්ට ඉස්සරවෙලා. )

    අපූරු කතාවක්..බින්දි බොහොම ස්තූතියි. ෂෝගන්ල ගැන දැනගෙන හිටියට ස්ත්‍රී ෂෝගන්ල හිටියයි කියල මම හිතුවෙ නෑ. ඒ ගැන තව හොයල බලන්න ඕන...ෆිල්ම් එක බැලුවට පස්සෙ මම අර කලින් කියපු අදහස ඉල්ලා අස්කරගත්ත ඔන්න. අර ඔහෙ කිව ටයිම් මෙෂින් එකක් තියනවනම් යන්න ඕන ඔය කෙනඩිල බේරගන්න නෙවෙයි මෙන්න මේ වගෙ කාලෙකට. බබලත්තු යටතෙ ජීවත් වෙන්ට තියේනම් ආය වෙන මොනවද? මාර ජොලිනෙ ඒ වැඩේ...හෙහ්, හෙහ්,

    අනික මට අල්ලලම ගිය කෑල්ලක් තමයි අර කෙල්ල කොල්ලට කතා කරන්නෙ සර් කියල...අන්න වැදගත් චාරිත්‍ර...අදම අපෙ උන්නැහැට කියන්න ඕන මට සර් කියල කතා කරන්නෙයි කියල...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ස්ත්‍රී ශෝගන් ලා උනන්ද දන්නේ නැහැ . මටත් කියවන්න කම්මැලි හිතුන . ජපානේ ටිකක් පුරුෂාධිපත්‍ය වැඩි රටක් . බුරාභිධාන ගෙන් අහල බලමු.

      සර් ..හම්බ වෙයි ..''සර් '' කියවගන්න තිබ්බ ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙලා පන්තියට එන කෙල්ලක් බැඳ ගත්ත නම් . මම කතාව වැඩිය නොකීවේ රසයට හානි නොකරන්න . අවසානය නොහිතන එකක් වීම මන් ආසම කොටස .

      Delete
    2. ස්ත්‍රී ෂෝගුන්ලා.!? විහිළු කරන්ට එපා.. තොකුගාවා ෂෝගුනේට් එකේ හිටිය තරමක් හිටියෙ පිරිමි, අඩුගානෙ පහළම පන්තියේ නිළධාරියෙක් විදියටවත් ඒ කාලෙ ගෑනුන්ව ගත්තෙ නෑ..

      අයියෝ බින්දි! කමෙන්ට් මොඩරේෂන්ස් අයින් කරන්ටකෝ..

      Delete
    3. කමෙන්ට් මොඩරේෂන් නම් මගෙත් එපාම කරපු වැඩක් බුරෝ/. ඒ වුනාට මේක ඇරපු ගමන් එක එකා ව්යාග්‍රා විකුනන්න එනවා ,තව උන් එක එකාගේ මඩ ලින්ක් දානව

      Delete
    4. ස්ත්‍රී ෂෝගන්ස්ල හිටියෙ නෑ කියල තමයි පේන්න තියෙන්නෙ.ජපානෙ මධ්‍යතන යුගයෙ තිබ්බ සමාජ ධුරාවලි අනුපිළිවෙල ( Hierachy ) විදිහට Emperor, shogun, Daimyo, Samurai.... අන්න ඒ විදිහට...ස්ත්‍රී සමුරායිල හිටිය කියල කියනව., ඒත් පිරිමි සමුරායිල යටතෙ...ඒ නිසා තව පියවර දෙකක් ඉස්සරහට ගිහිල්ල ෂෝගන් තනතුරට කාන්තාවක් පත් උනාය කියල හිතන්න අමාරුයි...:(

      Delete
    5. මන් නම් එච්චර ෂෝගුන්ලා ගැන දන්නේ නැහැ . ජපානයේ ගැහැනුන්ට තිබ්බ තැන අනුව එහෙම ඉන්න විදිහක් නැති බව නම් ෂුවර් . මට මේ දවස්වල ජපන් යාලුවෝ කීපදෙනෙක් නිතර හමු වෙනවා . ඊළඟ දවසේ මේ ගැන අහන්න ඕන . ඒගොල්ල මේ ඈත ඉතිහාසය නම් දන්නවා . හැබැයි දෙවෙනි ලෝක යුද්ධෙන් පසු ඉතිහාසය එයාලගේ අධ්‍යාපනයෙන් හිතා මතාම වගේ මග ඇරලා තිබ්බලු .

      Delete
    6. අධිරාජයා තමා උඩින්ම ඉන්නෙ, ඒත් ක්ලාස් සිස්ටම් එකට අධිරාජයා අයිති වෙන්නෙ නෑ.. ඒක හරියට දෙවියන්වත් මනුස්ස ලෝකෙ ක්ලාස් සිස්ටම් එකට දාන්ට ට්‍රයි කරනවා වගේ වැඩක්..

      සමාජ ධූරාවලී අනුපිළිවෙල අනුව උඩින්ම ඉන්නෙ ෂිමින් (සමුරායි) ක්ලාස් එක.. මේ ක්ලාස් එකට තමා ඔය කියන ෂෝගුන්වරු හා දයිමියෝලා (චෝර් ලෝර්ඩ්ස්ලා එහෙමත් නැත්තම් ඉඩම් හිමි රදළයො) හැමෝම අයිතිවෙන්නෙ.. ඊටපස්සෙ ඉන්නවා නොමින් ක්ලාස් එක, ඒ කියන්නෙ ගොවීන්.. යටම ඉන්නෙ ෂොමින් ක්ලාස් එක, ඒ කියන්නෙ වෙළෙන්දන්..

      // ස්ත්‍රී සමුරායිල හිටිය කියල කියනව., ඒත් පිරිමි සමුරායිල යටතෙ //

      පටලවගන්ට එපා රවි, සමුරායි කියන්නෙ තනතුරක් නෙවෙයි, ක්ලාස් එකක්.. අනිවාර්යයෙන්ම ස්ත්‍රී සමුරායිලා ඉන්නවා.. මෙයාලා සම්ප්‍රදායානුකූලව සටන් පුහුණුවත් කරනවා පොඩි කාලෙ ඉඳන්.. ඒත් යුද්ධෙට ගිය සමුරායි කාන්තාවන් ගැන අහන්ට ලැබෙන්නෙ නෑ.. එයාලාගෙ රාජකාරිය පිරිමින් යුද්ධෙට ගිය කාලෙට ගෙවල් දොරවල් ආරක්ෂා කිරීම..

      1600 මුල ඉයෙයාසුගෙන් පටන්අරන් 1860 මැද මෙයිජි ප්‍රතිසංස්කරණ වලින් අවසාන කරනකං තොකුගාවා ෂෝගුනේට් එකේ කිසිම කාන්තා නියෝජනයක් නෑ.. ඇයි බින්දිට අමතකද අපි මේ ගැන ටික කාලෙකට කලින් පොඩ්ඩක් කතා කලා.??

      Delete
    7. >> මේක ඇරපු ගමන් එක එකා ව්යාග්‍රා විකුනන්න එනවා ,තව උන් එක එකාගේ මඩ ලින්ක් දානව <<

      ඕවට තමයි ගූගලය ඩිලීට් බටන් එකක් දීලා තියෙන්නෙ බින්දි.. මමනම් ඔහොම උන්ව ඇඩ්‍රසුත් හොයාගන්න බැරිවෙන්න මකලා දානවා..

      Delete
    8. කෝ මොඩරේට් නෑනෙ.. මේ එන්නෙ බුහ් ගාලා.. එම්බා බූරාභිදානය.. තා පමණ ඉක්මවා සුරා පානය කළෙහිද ?

      Delete
    9. සෙන්නා ..මන් ඒක අයින් කළා බුරා කීවට පස්සේ ..ඩිලීට් කරන්න ඉතින් දකින්න එපාය සෙන්නෝ. හැමවෙලේම මේකේ ඇහැ ගහන ඉන්න බැහැනේ .

      Delete
    10. අපි මේ ගැන කතා කලේ අර හොයි ආන් පාලම ගැන කියපු වෙලේ නේද බුරා .

      Delete
    11. මේ තියෙන්නේ බුරාගේ කමෙන්ට් එක ..මන් නොදන්නවයි ලින්ක් බලන්න අපේ තියෙන ආසාව . ඒ හින්දා මෙතනම කොපි කළා . අපි ස්වභාවයෙන් කම්මැලි වුවත් මේ වගේ කැපවෙලා සේවය කරනවා ඉඳලා හිටලා

      [බින්දි මෙන්න මගේ කියවීම..

      1500 මැද භාගය වෙද්දී ජපානයේ අධිරාජයා නාමමාත්‍රික පාලකයෙක් විතරයි, රටේ පාලනය ඇත්තටම සිදුවුනේ 'දයිමියෝ' හෙවත් වෝර්ලෝඩ්ලා අතිනුයි.. මේ අතරින් 'ඔඩා නොබුන්ගා' කියන වෝර්ලෝඩ් තමා මුල්මවරට ජපානය එක්සත් කරන්න ට්‍රයිඑකක් දෙන්නෙ.. මේකට සපෝර්ට් එකට එයාට එක්වෙනවා 'තොකුගාවා ඉයෙයාසු' හා 'තොයොතොමි හිදෙයොෂි‍' කියන වෝර්ලෝඩ්ලා දෙන්නත්.. නොබුන්ගා තේරුම් ගන්නවා තමන්ගෙ අරමුණු මුදුන් පමුණුවා ගන්න ඕන නම් බටහිර තාක්ෂණයෙ සහායත් ලබාගන්න ඕන කියන එක, මේ නිසාම බටහිර ජාතින් (විශේෂයෙන්ම පෘතුගීසින්) සමග කෙරෙන වෙළෙදාමට මෙයා පූර්ණ සහයෝගය දෙනවා..

      ජපානෙට පෘතුගීසින් ගොඩබහින්නෙත් (1543) අපේ වගේම අහම්බෙන් කුණාටුවකට අහුවෙලා තමා.. පෘතුගීසින්ගෙ තුවක්කුවලට වහ වැටෙන ජපන් වෝර්ලෝඩ්ලා එයාලත් එක්ක වෙළෙදාම් කිරීම නවත්තන්නෙ නෑ.. හැබැයි පරංගියා අරන් එන්නෙ තුවක්කු විතරක් නෙවෙයි, අර කතාවටත් කියන්නෙ එක අතකින් තුවක්කුවයි අනෙක් අතෙන් බයිබලෙන් අරන් ආවා කියලා.. ඒ වගේ ජෙසුයිට් මිශනාරිවරුනුත් තමන්ගෙ ධර්මදූත සේවය පටන් ගන්නවා හීන් සැරේ.. 1582 නොබුන්ගා ඝාතනය වීමෙන් පස්සෙ සුප්‍රීම් කමාන්ඩර් වෙන හිදෙයොෂි තේරුම්ගන්නවා මේකේ තියෙන අනතුර.. ඒ නිසා එයා නියෝග කරනවා ක්‍රිස්තියානිය තහනම් කරලා සියළුම මිශනාරිවරු පිටුවහල් කරන්න, ඒත් මේක සාර්ථක වෙන්නෙ නෑ.. මේකෙම ඉදිරි පියවරක් විදියට 1597දී හිදෙයාෂිගෙ අනින් ක්‍රිස්තියානින් 26 දෙනෙක් ප්‍රසිද්ධියේ මරාදානවා කෘසිෆයිඩ් කරලා, නමුත් මේකෙ අන්තිම ප්‍රතිඵලය වෙන්නෙ ක්‍රිස්තියානිය තදින්ම මුල්බැසගැනීමයි..

      හිදෙයාෂිගෙ මරණින් පස්සෙ 1600දී ඉයෙයාසු ජපානය එක්සත් කරන්න සමත්වෙනවා අන්තිමේදි, 'සෙකිගාරා' සටනෙන් 'ඉෂිදා' ක්ලෑන් එක යටත් කරලා සම්පූර්ණ රටේම පාලනය තමන් අතට ගන්නවා.. මේ නිසා 1603දී අධිරාජයා මෙයාට පිරිනමනවා 'ෂෝගුන්' කියන පදවිය, ඒ කියන්නෙ සියළුම මිලිටරි කටයුතුවලදී රටේ පාලනය මෙහෙයවීම, නාමිකව මිලිටරි වුනාට ඒ එක්කම දේශපාලන බලයත් එනවා නෙවැ, ඒ කියන්නෙ මෙයා තමා රටේ බලවත්ම පුද්ගලයා වෙන්නෙ.. මේ තමා අවුරුදු 260ක ෂෝගුන් පාලනයේ ආරම්භය, 1860 ගනන්වල 'මෙයිජි ප්‍රතිසංස්කරණ' හරහා බලතල කප්පාදුවෙනතුරු ජපානය පාලනය කරන්නෙ මේ 'තොකුගාවා ෂෝගුනේට්' එක තමා.. මෙයාලා යටතේ තමා රටේ පරිපාලනය කියෝතෝ සිට එදෝ (වර්තමාන තෝක්යෝ) වලට මාරුවෙන්නෙත්..

      Delete
    12. ක්‍රිස්තියානි ව්‍යාප්තියේ අනතුර දකින ඉයෙයාසු 1614දී සියළුම ක්‍රිස්තියානි කටයුතු තහනම් කරලා බටහිර වෙළෙදාමත් සීමා කරනවා නාගසාකි (පෘතුගීසින්ට) හා හිරාදෝ (ලන්දේසින්ට) කියන නගර දෙකට පමණක්.. මේකෙම ඉදිරි පියවරක් විදියට 1633දී තෙවන ෂෝගුන්වරයා වන තොකුගාවා ඉයෙමිත්සු (ඉයෙයාසුගෙ මුණපුරා) සියළුම විදේශ සංචාර පාලනය කරනවා.. විදේශීය නැවුවලට ඇතුළුවෙන්න දෙන්නෙ නාගසාකි වරායට විතරයි.. 1635දී මේකම තවත් දික්කරමින් කිසිම ජපන් නැවකට රටෙන් පිටවීම තහනම් කරනවා.. ජපාන නාවිකයන්ට විදේශ නැවුවල සේවය කිරීමත් තහනම් කරනවා.. මේකට පිටින් ගිය ඕනෑම කෙනෙක් කිසිම සමාවක් නැතිව මරාදානවා..

      [To be continued...]

      Delete
    13. 1637දී නාගසාකිවලට යාබද ෂිම්බාරාවල ඇතිවෙනවා කැරැල්ලක්.. මේක මුලින්ම පටන්ගන්නෙ බදුවලින් හෙම්බත්වුනු ගම්බද ජනයා වුනාට ඉක්මනින්ම ඒක පරිවර්තනය වෙනවා ක්‍රිස්තියානි කැරැල්ලක් විදියට.. 40,000ක කැරැලිකරුවන් (හා එයාලගෙ ගැහැණුන් හා දරුවන්) මාස 4ක ගැටුම්වලින් පස්සෙ සමූලඝාතනය කරනවා.. මේකෙන් පස්සෙ ඉයෙමිත්සු තීරණය කරනවා ජපානයේ එක්සත්බවට ක්‍රිස්තියානිය ත්‍රෙට් එකක් කියලා, ඒකනිසා එයා සියළුම විදේශිකයින් පිටුවහල් කරලා පෘතුගීසි නැවුවලට ජපන් වෙරළ තහනම් කරනවා.. මේකෙන් බේරෙන්නෙ චීන හා ලන්දේසි වෙළෙදුන් විතරයි, ලන්දේසින් බේරෙන්නෙ එයාලා වෙළෙදාම මිස ධර්මදූත සේවයක් නොකරන නිසයි.. නමුත් 1641දී ලන්දේසින් පවා එතෙක් හිටපු හිරාදෝවලින් අයින් කරලා දෙජිමා කියන දූපතට සීමා කරනවා.. මේනිසා පිටත ලෝකයත් එක්ක තියෙන එකම සම්බන්ධතාව වෙන්නෙ චීන්නුන් හා ලන්දේසින් විතරයි..

      මේ තත්ත්වයේ පොඩි වෙනසක් වෙනවා 1716දී.. අටවෙනි ෂෝගුන්වරයා වෙන තොකුගාවා යොෂිමුනේ රටේ විද්‍යාත්මක සංවර්ධනය උදෙසා ආනයනික බටහිර පොත්වලට තියෙන තහනම ඉවත්කරනවා, නමුත් තාමත් ලන්දේසින් දෙජිමාවලට සීමාවෙලා ඉන්නෙ.. හැබැයි මේ වෙනකොට ෂෝගුනේට් එකටත් යම් යම් ප්‍රශ්නවලට මූණදෙන්න වෙලා තියෙන්නෙ, විශේෂයෙන්ම දුර්වල ෂෝගුන්ලා බිහිවීම නිසා රටේ පාලනය නිසියාකාරයෙන් පවත්වාගන්න බැරිවීම වගේ.. ඒ එක්කම බාහිර ලෝකයේ ඇතිවෙන වෙනස්කම්.. 1790 ගනන් වලදී ඇමෙරිකානු හා රුසියානු නැවු උත්සාහ කරනවා වෙළෙද සම්බන්ධකම් ඇතිකරගන්න, ඒත් අසාර්ථක වෙනවා.. මේ උත්සාහයන් 1830 ගනන් වෙනකනුත් දිගටම කෙරෙනවා කිසිම සාර්ථකත්වයකින් තොරව, ඒත් මේ වෙනකොට රට ඇතුළෙන්ම විරෝධතා එනවා මේ 'වෙන්ව සිටිමේ ප්‍රතිපත්තියට', විශේෂයෙන්ම ස්කොලර්ස්ලාගෙන්..

      1853දී ඇමෙරිකානු කොමදෝරු 'මැතිව් පෙරී' නැවු 4ක් එක්ක ඇවිත් බලපෑම් කරනවා බාහිර වෙළෙදාමට රට විවෘත කරන්නයි කියලා.. මේ වෙනකොට ෂෝගුනෙට් එක හොදටම දුර්වලයි අසාර්ථක පාලකයින් නිසා, ඒ එක්කම රට ඇතුලෙන් එන බලපෑම අධිකයි.. මේ නිසා ෂෝගුනේට් එකට සිද්ධවෙනවා 'කනගාවා ගිවිසුම' අත්සන් කරලා ඇමෙරිකන් නැවුවලට වරායන් කිහිපයක් විවෘත කරන්න.. 1867දී පත්වෙන 15වන (අවසාන) ෂෝගුන්වරයා වෙන තොකුගාවා යොශිනොබු උක්සාහ දරනවා යම් යම් ප්‍රතිසංස්තකරණ මගින් තවදුරටත් බලය රදවාගන්න, ඒත් මේ කාලයේ ඇතිවෙන සිවිල් යුද්ධය නිසා (අධිරාජයාට පක්ෂ පිරිස් හා ෂෝගුනේට් එකට පක්ෂ පිරිස් අතර) මේ උත්සාහයන් අසාර්ථක වෙනවා.. අන්තිමේදි 1868දී යොශිනොබු තම ෂෝගුන් තනතුරෙන් ඉල්ලා අස්වෙනවා අධිරාජයාට සම්පූර්ණ රටේම පාලනය බාරදෙමින්..

      1868දී පටන්අරන් 1912 දක්වා විහිදෙන මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් ජපානය, ඇමෙරිකාව හා යුරෝපයට විවෘත කෙරෙන අතර වෝර්ලෝඩ්ලාගේ හා සමුරායිලගේ බලය සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.. මේ ගැන හොදටම කතාවෙනවා The Last Samurai ෆිල්ම් එකෙන්..

      Delete
    14. කමෙන්ට් කඩලා දැම්මේ දිග වැඩි නිසා ..ස්තුතියි බුරා

      Delete
  7. ඔහොම චිත්‍රපටි කීපයක්ම බලලා තියෙනවා. හැබයි ඒ ඔක්කෝම නිල් චිත්‍රපටි. ඒ ඇරෙන්න සීනා වගේ නමක් තියෙන කතාවකුත් තවත් කතා කීපයකුත් ගියා මතකයි. ධර්මසිරි බන්ඩාරණායක පොඩි කාළේ උන්න ෆිල්ම් එකකුත් තිබුනා අයිරංගනී සේරසිංහ ඉන්න කරුමේ කියන්නේ මට ඕවයේ නම් එකක්වත් මතක නෑ නොවැ....

    ReplyDelete
    Replies
    1. මේකේ නම් පාට ගොඩක් තිබුණ ..
      ..D

      Delete
    2. බක් මහ දීගේ

      Delete
    3. බක් මහා දිගේ මුදලිතුමා හොඳ පාඩමක් ඉගෙන ගත්තානේ

      Delete
  8. මේක ඔන්ලයින් බලන්න ගියාම කචල්. හිමිහිට ඩවුන්ලෝඩ් කරලා නිවීසැනසිල්ලේම බලන්න ඕන.. බලන්න වටින කතා තේමාවක් වගේ

    ReplyDelete
    Replies
    1. හිමිහිට බලන්න තොටියෝ ..

      Delete
  9. // කණගාටුව එවන් මල් බරින් සැරසුන අප පිය නෙළුම්විල අද එපමණ මල් පුබුදුවන්නේ නැතිකමය . හිමිකාරිය අලසය . //

    යකඩෝ! හරියට මේක අපි ලියන බ්ලොග් එකක් වගේ නෙවැ කතාව...


    ෂෝගුන් රැජින.!? ඒ මොකෙක්ද බොලේ ඒ.?? ෂෝගුන් කියන්නෙ රජෙක් නෙවෙයි, සුප්‍රීම් මිලිටරි කමාන්ඩර්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බුරෝ ෆිල්ම් එකේ මෙයා නිකන් රැජිනක් ගානට තමයි පෙන්නන්නේ . එහෙනම් අපි ආර්යාව කියමු නේ ..


      හික් ..ඔව් ඉතින් ආයේ ඕක මන් අලසයි කියනවට වඩා මෙහෙම කිවම බර ටිකක් අඩු වෙනවනේ

      Delete
    2. වෙන්ට පුළුවන් බින්දි.. අධිරාජයා හිටියට එයා නාමික රජෙක් විතරයි, බලතල ඔක්කොම තියෙන්නෙ ෂෝගුන් අතේ.. එයා නිල නොවන රජෙක්.. ඇත්තටම කියනවානම් තොකුගාවා ෂෝගුනේට් එකේ උපරිම කාලෙ අධිරාජයා හිටියෙ එයාගෙ මාලිගාව ඇතුළෙ හිරකාරයෙක් වගෙයි.. එයාට හෝ රජ පවුලේ කිසිම කෙනෙකුට මාලිගා භූමියෙන් බැහැර යාමේ අවසරයක් ෂෝගුනේට් එකෙන් දීලා තිබුනෙ නෑ..

      Delete
    3. බුරා දැන් මේ කතාව ඇදිලා ආව නිසා මෙතනම තව අටිකක් කතා කරමුද. එතකොට අධිරාජයාට බලය ලැබුනට පස්සේ වෙන්න ඇති තව රටවල් ටිකක් අල්ලාගෙන අධිරාජ්‍ය විශාල කරගන්න හිතෙන්න ඇත්තේ . ශෝගුන්ලා අතේ බලේ තියෙද්දී ජපානයේ ආරක්ෂාව මිසක් අනෙක් රවටලට බලපෑම් කිරීම වෙලා නැද්ද .

      තව එකක් මගේ ජපන් මිතුරියක් කිවා මේ වෙද්දී ජපානයේ එතරම් ආගමික පැත්තට නැඹුරුවක් නැත්තේ එක කාලෙක ආගමික බලය වැඩි වූ නිසා රජු ඔවුන්ව සංහාරය කලාලු . එතැන් පටන් ආගමට රටේ එච්චර ලොකු තනක් ලැබිලා නැහැ . මොන ආගමේද කියලා නම් කිවේ නැහැ

      Delete
    4. තොකුගාවා ෂෝගුනේට් එක යටතේ ජපානයේ තිබුනේ ලෝකයෙන් වෙන්ව සිටීමේ ප්‍රථිපත්තියක්.. ඒ කියන්නෙ විදේශිකයින්ට රටට එන්ටත් තහනම්, ජපනුන්ට රටින් පිටවෙන්ටත් තහනම්.. වෙළෙඳාමට වුනත් එන්ට අවසර තිබුනේ ලන්දේසින්ට හා චීන්නුන්ට විතරයි.. ඒකත් සීමාසහිත ප්‍රදේශයකට..

      මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් තමා දයිමියෝලගෙ බලය සම්පූර්ණයෙන්ම වගේ බිඳලා දාලා, ගිලිහී ගිහින් තිබුනු අධිරාජයාගේ බලය ආයෙමත් ඇති කලේ.. ඒත් එක්කම වගේ අර වෙන්ව සිටීමේ ප්‍රථිපත්තියත් නැති වෙලා යනවා.. ජපානය විවෘත වෙනවා පිටත ලෝකයට, වි‍ශේෂයෙන්ම ඇමෙරිකාවට හා යුරෝපයට.. මේකෙම ප්‍රථිඵලයක් වෙන්ට පුළුවන් අධිරාජ්‍යවාදී ආක්‍රමණ, විශේ‍ෂයෙන්ම Sino-Japanese යුද්ධ එහෙම..

      අර කිවුව ආගමික සංහාර ගැන නම් කිසිම දෙයක් නොදනිමි.. හැබැයි තොකුගාවා ෂෝගුනේට් එක යටතේ ක්‍රිස්තියානි සංහාර නම් අනන්ත සිද්ධවුනා.. මොකද එයාලා තීරණය කරලා තිබුනා ජපානයේ එක්සත්බවට ක්‍රිස්තියානිය threat එකක් කියලා.. පොඩ්ඩක් ඔයාගෙ යාළුවන්ගෙන් අහලා බලලා අපටත් කියන්ටකො විස්තර ටිකක්..

      Delete
    5. ස්තුතියි බුරා ..මන් ඒ ගැන යමක් දැනගත්තාම කියන්නම් ..

      Delete
  10. මේ දවස් වල මෙහෙත් හැම සදුදටම ටීවී එකේ යන්නේ මේ වගේ ෆිල්ම්.. ඇත්තටම කලින් බලන්න උනන්දුවක් නොදැක්කුවට බලද්දී නොදැනිම වගේ ඒ ෆිල්ම් වලට හිත ගිහිල්ලා.. මේකත් බලන්න ඕන කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ ටි වී එකේ තමා දිනේෂ් . හොන්කොන් , කොරියන් , ජපන් ෆිල්ම්ස් යන චැනල් එකක් තියෙනව මෙහෙ

      Delete
  11. දැන් ඉතිං තව එකක් තියෙනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බැලුවට පාඩුවක් නැති බව සහතිකයි

      Delete
  12. තමුසේ ලෝකෙ ඉන්න අන්තිම පිරිමියා වුනත් මට තමුසේ ඕනෙ නෑ කියලා දවසක් කෙල්ලෙක් කිව්වෙ මට නම් නෙවෙයි, මග්ගේ යාලුවෙකුගෙත්, යාලුවෙකුගෙත්, යාලුවෙකුගෙත් යාලුවෙකුට. :)

    ReplyDelete
    Replies
    1. මේ කවුද

      ඩුඩ් ..

      ඔහුට යාලුවෙක් සිටීද

      ඔව්

      එම යහළුවා හැර තව යහළුවන් සිටිත්ද

      ඔව් ඒ යහළුවාත් අනෙක් යහළුවනුත් හැර තව අය සිටිත්ද

      ඔව්

      ඒ යහළුවාත් අනෙක් යහළුවනුත් යහළුවන් නොවනා අයත් හැර තව අය සිටීද ..

      ඔව් ඒ නම් ඩුඩ් නම් වේ

      Delete
    2. @බින්දි,
      මේකට නම් ++++++++++++++++ නොකියාම බැරිය..:D

      Delete
    3. අසරණයෙකුට වට වෙලා පහර දෙන හැටි නේහ්? එදත් එහෙමයි, අදත් එහෙමයි. :D

      Delete
  13. මට නිදිමතයි අප්පා...ෆිල්ම්නම් බලන්න බෑ... :D

    ReplyDelete
    Replies
    1. දැන් නිදාගෙන පස්සේ වෙලාවක බලන්න

      Delete
  14. බින්දි, ඊයේ රෑ වෙනකල් නැගිටගෙන ෆිල්ම් එක බැලුවා ඔන්න. ටිකක් බලලා නිදමු කියලා හිතුවත්, ඉවර වෙනකල් බලලා තමයි නිදාගත්තේ. දැන් ඉතින් හරිම නිදිමතයි. කිසි වැඩක් කරන්ට බෑ.:(

    මට නම් පිරිමින්ට එච්චරම දුකක් හිතුනේ නෑ. හේතුව ගැහැනු අය හැමදාම අත් විඳින දෙයක් එයාලා ෆිල්ම් එකකින් විතරක් රඟ දැක්වීම නිසා. ඒ එක්කම කතා නායකයාටත් එයාගේ ආදරේ මතක් වෙන්නේ මැරුම්කන්ට ලෑස්තිවෙනකොට නේ. නියම පිරිමි ගතිය. අන්තිමට එයාව නොමරා, එයාගේ ආදරවන්තිය එක්ක එකතු කරන්නේ ගැහැනියක්ම නේද? ඒ ගැහැනුන්ගේ තියෙන සංවේදී බව හන්දා.

    වෙනස්ම වගේ කතාවක් හන්දා ආසාවෙන් බැලුවා. පිරිමි ගොඩක් එක තැනක ඉන්නකොට එයාලා හැසිරෙන් හැටි දැක්කාම නම් හිනාත් යනවා. තවත් එකක්. හැන්ඩි කොල්ලෝ 800 (කියන හැමදේටම ඔළුව නමන ) එක්ක ඉන්න බලගතු කාන්තාවකට මොනවා හිතෙනවා ඇද්ද? :D

    ReplyDelete
    Replies
    1. මේකේ ඩිරෙක්ටර ගැහැණු කීන්ක් වෙන්ට ඇති නේ පොඩි

      මමත් මෙතන ආසම චරිතය ශෝගුන් ලේඩි ..

      පොඩ්ඩි ටත් හිතෙන දේවල් ඇත්තටම ...හික්

      අපේ අටසීයක් ..මල වදේ නේ . දැක්කනේ ගැහැණු කට්ටියකට එකට ඉන්න බැරිය කියන අයට මේ කට්ටිය ඉන්න හැටි දැක්කම මොකද දන්නේ නැහැ හිතෙන්නේ . ඇඳුම් වලට හිටන් තරඟය ..

      Delete
  15. අලුත් අදහසක් වගේ. බලන්නම්කෝ වෙලාවක....

    ReplyDelete
    Replies
    1. හිමිට බලන්න දිලිනි

      Delete
  16. //මෙහි හිමිකාරිය කලින් කලට විවිධාකාරයේ රුචිකම් ඇත්තියක් වන බැවින් එක් දෙයක් නොකඩවා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ වාර්තා තබා ඇත .// මේ රෝගය මටත් ඇත!

    ෆිල්ම් එක බලන්නෙ නැතුව කමෙන්ට් එකක් දාන්න බෑනෙ. ස්තුතියි බිඳී ඔත්තුවට. වෙලාවක් ලැබුනම බලන්න ඕන. මේ ටිකේ හොඳ ෆිල්ම් එකක් ආවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අපි හිතුවේ පයිරේට් ෂිප් එකත් එකක්ම ගිලිලා කියලා . හැබැයි ජැක් ස්පැරෝ වගේ තමයි මෙයා අර පෙට්ටියක නැගලා ඇට කට්ටකින් හබල් ගගහා හරි බේරෙනවා ...

      Delete
  17. බින්දි දුන් ඔත්තුවක් වැරදී නොමැත..
    අදම බලන්න ඕනෑ..!!

    ReplyDelete
    Replies
    1. මා කල සියලු කපුකම් වැරදුනද මේවාගේ ඔත්තු නම් හරියටම හරිය

      Delete
  18. මට නම් මේක බලන්න බෑ බින්ඳි. සවුන්ඩ් සෙටප් මයෙ කොල්ලො කොල්ල කාලා. ඒ උනාට මේ විස්තරයට තුති!

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ අක්කේ ..කියෙව්වත් ඇති .

      Delete
  19. ජපන් ෆිල්ම්ස් අතරින් අකිරාකුරසෝවාගේ චිත්‍රපට හැර "සෙවන් නයිට් ඉන් ජපෑන්" ඇතුලු තවත් චිත්‍රපට කිපයක් බලල තියෙනවා.බොහෝවිට ජපන් ෆිල්ම් හමුවෙනව අඩුයි. මටනම් නෙට් එකෙන් ෆිල්ම් බලන්න කම්මැලියි. ඩිවිඩි රෙන්ට කරන තැන්වල බලන්න ඕනේ මේ ෆිල්ම් එක තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ මාත් බලන්නේ බොහෝ විට ටීවී එකෙන් තමයි. දයා වගේම කම්පියුටරෙන් ෆිල්ම් බලන්න මාත් කම්මැලියි

      Delete
  20. ෆිල්ම් එකක් මේ චූටියට දාංබලන්න හිතෙන්නෙම නැති නිසා ලස්සනයි කිව්වත් ඉතින් අතෙරල දාන්න වෙනව. ඒ උනත් මොනා හරි කොටල විල වල නොවෙන්න මහන්සි ගන්න එකට ස්තූති කරන්න මෙන්න මගෙනුත් සත පාක්.

    ReplyDelete
    Replies
    1. කේබල් එකක් දාල ටීවී එකට සෙට් කර ගන්නකො ..අපි ටොරන්ට් කර ගන්න ඒවා බලන්නේ එහමයි. සත පහක් ..දැක්ක කාලයක් මතක නැහැනේ ...ස්තුතියි හොඳේ

      Delete
  21. හප්පේ බලන්නම වටින එකක් නේ. හැමදාම වෙන දේ අනිත් පැත්තත් සිතුවමකින් හරි දැකගන්න සලස්වන එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් අර හින්දි ෆිල්ම් වල පාගා ගහන පොලිස් කාරයා ගුටි කද්දී දැනෙන සන්තෝෂයේ නිවුන් සහෝදරි ...

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  23. කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙ නෑනෙ. අන්තිමට බැලුවෙ ඊයෙ...
    දැන් ජපන් ඉතිහාසෙ නේද සාකච්ඡා වෙන්නෙ? මගෙ ඉතිහාස දැනුමනම් අතිශයින් දුර්වලයි. :(
    වැඩි වැඩියෙන් නෙළුම් මල් පිපේවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මැඩම් ....ඊයේ අන්තිමට බැලුවේ ඌරෝ මැරෙන ෆිල්ම් එකක්ද ..ගණන් ගන්න එපා .සමහර ජපන්නුත් ඒගොල්ලන්ගේ ඉතිහාසය දන්නේ නැති කොට .

      Delete