Friday, 19 July 2013

බතාවියාවේ සති දෙකක්


බතාවියාව තියෙන්නේ කොහෙද කියල බ්ලොග් එක කියෝන හතර පස් දෙනෙක් වත් නොදැන ඉන්න විදිහක් නැහැ . ලන්දේසින් විසින් බතාවියා ලෙස නම් කරලා තිබුණේ වත්මන් ජකර්තා . ඒ කියන්නේ ඉන්දුනීසියාවේ අග නගරය .

සුමාත්‍රාවේ ඝන වනාන්තර උඩින් , නිතර භූචලන වලින් කම්පනය වන නම නොදත් අපමණ නෙක හැඩති දුපත් උඩින් පියාඹලා පුදුමාකාර රටක් ලෙස මගේ හිතේ ඇඳිලා තියෙන ඉන්දුනීසියාවට ගොඩ බැස්ස කියන්නෙ මට නම් හරිම අපුරු දෙයක් . වෙනදට සිංගප්පුරුවෙන් බහින්න කලින් ගුවන් යානය සුරබයා , ජාවා සුමාත්‍රා පැත්තෙන් යන බව සිතියමෙන් දකිද්දී වුනත් ඇති වෙන්නේ නිකන් බර්මියුඩා ත්‍රිකෝණය උඩින් යනවා වගේ හැඟීමක් . බයක් හෙම නෙමේ නිකන් කුතුහලයක් වගේ දෙයක්. කවදාවත් ඇත්තටම දැකගන්න ලැබෙයිද කියල විශ්වාසයක් නැති ගතියක් .

ඒ අස්සේ ඒ දවස්වලමයි සුමාත්‍රා පැත්තේ වනාන්තර ගිනි තියල ඇති වුන දුමාරය මැලේසියාවට සිංගප්පුරුවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මහා පරිමානෙන් සුමාත්‍රාවේ වන සංහාරය සිද්ද වෙනව . විශේෂයෙන්ම පාම් වගාව සඳහා . ඒ වගේම අවුරුදු කීපෙකට ඉන්දුනිසියාවේ රැකියාවලට යන විදේශිකයින් ගෙවල් වලට ගෘහ භාණ්ඩ හදන තමයි ආපහු යන්නේ . අපේ වගේම ඇති සාර්ථක දේශපාලන ව්‍යුහයක් ඇති බව තමා පෙනුනේ . ඒ හින්දා ඒවා ඒහැටි ගානක් නැතුව ඈති..

කොටින්ම මන් පතත්රේක දැක්ක සුසිලෝ [ ඔය කෑල්ල විතරයි මතක හිටියේ .] ජනාධිපතිතුමා කියා තිබුණ '' දුම් ප්‍රශ්නය එකක් හැබැයි ඒ ගැන ඒගොල්ලන්ට තර්ජනය කරන්න මැලේසියාවට ඉඩ දෙන්න බැහැ කියල . කොහොමටත් එගොල්ලයි මැලේසියාවයි අතර සම්බන්ධය ටිකක් අවුල් වගේ කියලයි අහන්න ලැබුණේ. බෝර්නියෝ කියන දුපත ඉන්දුනීසියාව , මැලේසියාව සහ බෘනායි අතර බෙදිච්ච නිසා ප්‍රශ්න ඇති .

ජකර්තා කියන්නේ නගරයකට වඩා විශාල ප්‍රදේශයක් . අතිශය ජනාකීර්ණ නගර කොටස ඇරුනම ටිකක් එලියට යන්න යන්න නම් හොඳින් ගහකොළ ඇති ප්‍රදේශ දකින්න ලැබුණ . අපි හිටියේ දකුණු ජකර්තා කියන පළාතේ . අලුතින් සංවර්ධනය වුන බොහොම ලස්සන ප්‍රදේශයක් . පාර දෙපැත්තේ ගස් වවලා තැනින් තැන තණකොළ පිට්ටනි . ක්‍රිකට් ගහන්න නම් අපුරුයි කියලයි සමහරුන්ට හිතුනේ.

විශාල දුපත් කීපයක් සහ කුඩා කුඩා දුපත් විශාල ගණනක් ඇති ඉන්දුනීසියාව පරිපාලනයත් ලේසි නැතුව ඇති .
සිතියමක් දැම්මම ඉවරයිනේ . තේරුම් ගන්න පහසුයි 





සිතියම බැලුවාම පෙනෙයි ජකර්තා තියෙන්නේ ජාවා දුපතේ උතුරු කොටසේ බව. වනාන්තර ගිනි අරන් තියෙන්නේ ඊට උඩින් තියෙන සුමාත්‍රා දුපතේ . ඉන්දුනීසියාවේ ඉතාම සුන්දර සංචාරක ආකර්ශනයක් වෙච්ච බාලි දුපත තියෙන්නේ ජාවා වලට නැගෙනහිරින් . මේ සිතියමේ නම් කර නැති වුනාට 2004 දී අපට නොමැකෙන දුක්බර මතක ඉතිරි කල සුනාමියට මුල්වෙච්ච භූචලනය සිදු වුන බණ්ඩා අචේ තියෙන්නේ සුමාත්‍රාවේ උතුරුම කෙලවරේ .

අපි ඉන්න දිනවලත් ඒ ආසන්නයේ තරමක් විශාල භූ චලනයක් සිද්ද වුණා කියා පුවත් පත් වල තිබුණ . හැමදාම උදේට ජකර්තා පෝස්ට් පත්තරේ කියවූ නිසා යම් පමණකට ඕපාදුප ටිකක් අහුලා ගන්න හැකි වුණා.
හුදී ජනයා ගැනම සිතා මතක ගබඩාවට දමා ගත්තා .

ඈත අතීතයේ සිටම සේද මාවත ඔස්සේ ලංකාව සමග සම්බන්ධ වුනත්  ඉන්දුනීසියාවේ ඉතිහාසය ගැන අපිට එතරම් දැනීමක් ලැබිලා නැහැ . එහෙන් මෙහෙන් කියවූ දෙයක් ඇරෙන්න අපේ කාලයේ මොහෙන්දොජාරා හරප්පා ,ඉන්දුනිම්න වගේ ශිෂ්ටාචාර කීපයක් ඇරෙන්න සමාජ අධ්‍යයනයට උගන්නපු දෙයකුත් නැහැනේ ද බලාගෙන ගියහම .

අතට අහු වුන වෙලාවේ ඒ ඒ දේවල් ගැන පොඩ්ඩක් හරි ලියා තැබීම යුතුකමක් විදිහටයි මා දකින්නේ . නැත්තන් මගේ සුපුරුදු රසිකයින්ගෙන් භාගයක් සිතියම දැක්ක ගමන් මෙලහටත්  අහක බලා ගන්න බව දන දැනත් මේවා ලියන්නේ අහවල් දේකටද ..නැද්ද .



අනික් අතට හසිත වගේ ඉතිහාසය මිට මොලවා ගත්තු ළමයින්ටත් බුරා වගේ ඔලුවේ විශ්වකෝෂයක් එක්ක උපන්න උන්ටත් මේ වගේ සරල කාරණා වැඩකටත් නැති බවත් ඇත්ත .

ඉන්දුනීසියාව සැදිලා තියෙන්නේ ලොකු කුඩා දුපත් රාශියකින් . ප්‍රධාන කොටම විශාල දුපත් වන්නේ
 ජාවා
  සුමාත්‍රා
 බෝර්නියෝ [ බෝර්නියෝ වල ඉන්දුනිසියන් කොටස හඳුන්වන්නේ කලිමන්ටන් ලෙසයි ]
  සුලවසි
 නිව්ගිනි [ නිව්ගිනි වල ඉන්දුනිසියන් කොටස පැපුවා . ]

මේ ඇරෙන්න බාලි වැනි කුඩා දුපත් විශාල ගණනක්    තියෙනව . මාත් මේ සිතියම අධ්‍යනය කරලා වෙන වෙනම මේ දුපත් ගැන ටිකක් කියවලයි දැනගත්තේ . පහුගිය කාලේ නිතර කතාබහට හේතු වුන ටිමෝරයේ බටහිර පැත්තත් අයිති ඉන්දුනීසියාවට .

මේ දුපත් ගැන වෙන වෙනම ලියන්න තරම් කරුණු තියනව . මා සිත්ගත් කරුණු කීපයක් කීපයක් විතරක් ලියා තබන්න සිතුවා .

 ජාවා තමයි පරිපාලන ලෙස වැදගත් . අගනුවර වන ජකර්තා නිසා . ඒ ඇරෙන්න බොරෝ බුදුර් වැනි බෞද්ධ නටබුන් තිබෙන්නේත් මෙහි .

සුමාත්‍රා ..වැසි වනාන්තර වලින් ගහණයි. සත්ව විවිධත්වයද ඉහලයි .

කලිමන්ටන් හෙවත් බෝර්නියෝ දුපතේ කොටස වැසි වනාන්තර බහුලයි .. ඔරන් ඔටන් සහ ඕකිඩ් මල් සහ මැණික් මෙහි විශේෂත්වයන් .

සුලාවෙසි ජනයා අතීතයේ සිටම සවිමත් බෝට්ටු නිපදවා තිබෙනවා . ඈත එපිට අප්‍රිකාවට පවා එම බෝට්ටු ගිය බවයි කියවෙන්නේ .

පැපුවා හි සත්ව විශේෂ ඔස්ට්‍රේලියාවට නෑකම් කියනව . නමුත් දේශගුණය අතින් ඔස්ට්‍රේලියාවට වඩා තෙත් කලාපයක් .

පෙනෙනවානේ ඉන්දුනිසියන් දුපත් වල ඉඳන් ඔස්ට්‍රේලියාවට කොච්චර ලඟද කියලා . මේ ලංවිම බොහොම කරදර කාරී වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න නිතිවිරෝධිව එන මිනිස්සු නිසා . ඉරානය ඇෆ්ගනිස්තානය වැනි රටවලින් විශේෂයෙන් එනවලු . ඉස්ලාම් රටවල් නිසා සමහර විට විසා ගැටළුවක් නැතුව ඇති .

කියන්න බොහොම සන්තෝෂයි සුපුරුදු පරිදි විසා ගන්න විදිහ අහන්න ගියහම තානාපති කාර්යාලයෙන් කිවේ ආ ලංකාවේද එහෙනම් ඉන්දුනිසියන් ආගමන විගමන කාර්යාලයෙන් අනුමැතිය අරන් එන්න කියල . සැහෙන තර්ක වලට පස්සේ අපේ පාස්පෝර්ට් බලල අපි හොඳ ළමයි කියල තීරණය කරලා අපිට විසා දුන්න .

කවුරු හරි යන්න හිතන් හෙම ඉන්නව නම් සතියක් වුනත් මාසයකට විසා ඉල්ලන්න . සතිය කිවොත් සතියම තමා දෙන්නේ . දවසක් හරි ඉන්න නම් ආයේ එහෙදි විසා ගන්න ඕන . එව්වා එහෙම ලේසියෙන් වෙනවා කියල හිතන්න නම් හැකි රටක් නෙමේ ඔන්න.

මේ නීති තද වීම පිටුපස ඇත්තේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ ප්‍රශ්නය වෙන්න ඕන .ආයේ නැත්තන් ඉන්දුනීසියාවේ නැවතිලා මක් කරන්නද . සුමාත්‍රා වනාන්තරවල ඔරන් ඔටන්ලා එක්ක ඉන්න තමා වෙන්නේ රටේ ඉන්න ජනගහණයට වත් රැකියා නැතිව ඇති බවයි පෙනුනේ .

ඒවා අතුරු කතා . මේ දුපත් විසිරීම අනුව භූගෝලීය වගේම සංස්කෘතියත් බොහොම විවිධාකාරයි . ඒ දුපත් වලට ආවේනික  ඇදහිලි කළා කටයුතු විවිධයි . බහුතරය ඉස්ලාම් වුවත් ඒ ඒ ප්‍රදේශයන් වලදී විශ්වාසයන් විවිධයි . එක ජනවර්ගයක් අලුතින් ගෙයක් සෑදීමේදී  ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් කරන බව එක්තරා රුපවාහිනි වැඩසටහනක මා දුටුවා .

භූගෝලීය සහ දේශගුණික අතින් බැලුවම ඉන්දුනීසියාවේ නැති දෙයක් නැහැ වගේ . ගිනි  කඳු , වැසි වනාන්තර ඒ වගේම රත්තරන් ඇතුළු වටිනා ලෝහ සහ ඛනිජ වලින් පොහොසත් .

දුක සැප යස අයස සුන්දරත්වය සහ කටුක බව සමසේ අනා සැකසුණ සොබා දම් මවගේ අපුරු නිර්මාණයක්

මේ සම්පත් නිසිසේ පරිහරණය වෙනවාදැයි නම් කියන්න අමාරුයි . වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ඇතැයි කියුවත් පොහොසත් ගෙවල වැඩට දුප්පත් මෙහෙකරුවන් කීපදෙනෙක් සිටින ලෙසට ආර්ථිකය විෂම බව නම් දුටුවා .

වියට්නාමයට සාපේක්ෂව එවැනි සේවකයින්ගේ වැටුපද අඩු බව තේරුණා . සති දෙකකදී අග නගරයෙන් සොච්චමක් පමණක් දැකලා රටක් ගැන අර්ථකතන දෙන එක වැරදි තමා . නමුත් මට ඉවෙන් වගේ දැනුණ මොකක්ද අවුලක් ඇති බව .

රජයේ පාසල් වල නොමිලේ අධ්‍යාපනය ලැබෙන්නේ එක ශ්‍රේණියේ සිට තුන වන තෙක් පමණයි . ඉතුරු ටික මුදලට . ජනගහනය අධිකයි .

අලි මදිවට හරක් වගේ බහු භාර්යා සංකල්පයත් නිතිගතයි . පිරිමියෙක්ට කන්න බොන්න දෙන්න පුලුවන්නම් ගැහැණු හතරක් කසාද බඳින්න පුළුවන් .

රජයේ සේවකයින්ට සහ හමුදා සේවකයින්ට මෙය තහනම් වුවත් නීතියේ සිදුරු ඇති බවයි කියවෙන්නේ . විටින් විට මෙයට එරෙහිව විශේෂයෙන් ගැහැණු පෙළපාලි ගියත් [පාර්ලිමේන්තුවේ වැඩිමනක් ඉන්නේ පිරිමි වන්නට හැක  ] සිදු වූ වෙනසක් නැතිලු.

ධනවතුන් බදු වලින් ගැලවෙන්නට බිරින්දන් කීපදෙනෙක් තබාගන්න බවත් අසන්නට ලැබුණ .. ගෙවල් වාහන ඔවුන් නමින් ලියාපදිංචි කිරීම ඔවුන් ලබන වාසියක් .


මානව ඉතිහාසය ගැන ගත්තොත් '' ජාවා මිනිසා '' ගැන මතක ඇතිනේ . හෝමෝ ඉරෙක්ටස් ට අයිති ජාවා මිනිසා ඉතිහාසගත වුවත් වත්මන් බහුතරය ඊට පසුකලෙක තායිවානය දෙසින් සංක්‍රමණය වූවන්ගෙන් පවත් එන බවයි කියවෙන්නේ .

මා දුටු පරිදි ඉන්දුනිසියනුවන් ගේ සමේ වර්ණය කිට්ටුවන්නේ අපේ රට පැත්තට .නැගෙනහිර ආසියාතික සහ දකුණු ආසියාතික දේහ ලක්ෂණ මුසුවූ පිරිසයි වැඩි .

මැලේසියාවේ තරම් චීන ගහනයක් නොමැත . එයට හේතුවක් වන්නේ කලෙක අසීමිතව සිදුවූ චීන සංක්‍රමනය නැති කිරීමට ස්වදේශිකයින් සහ ලන්දේසින් එක්ව චීන සංක්‍රමණිකයින් විශාල ලෙස මරා දැමීම බව කොහේ හෝ කියවූවා මතකයි. ඉන්න සුළු පිරිසද අනික් රටවල මෙන් චීන බස සහ සංස්කෘතිය ප්‍රමුඛ ලෙස සලකන බවක් නැතිලු .

ඕස්ට්‍රේලියාවේ අබෝරිජින් වරුන් ඉන්දුනීසියාවෙන් ගිය කොටසක් බවයි අසන්නට ලැබුනේ .

හත්වන සියවසේ ඉඳන් දහතුන්වන සියවස පමණ වන තෙක් පැවති සිරිවිජය අධිරාජ්‍යට වත්මන් ඉන්දුනීසියාවේ කොටසක් වගේම මැලේසියාවත් අයිති වුණා. සිරිවිජය සුමාත්‍රා කේන්ද්‍ර කොටගෙන පාලනය වුණේ. වත්මන් කාම්බෝජය ආශ්‍රිත කෙමර් අධිරාජ්‍ය බිහිවන්නේ ද මෙයට පසුකලෙක .


සිරිවිජය ඉන්දියාව වගේම මැදපෙරදිග සමගත් වෙළඳ සම්බන්ධතා පවත්වා තිබෙනවා . අටවන සියවසේ ජාවා හි ඇරඹුණ සයිලේන්ද්‍ර යුගය තමයි ඒ කලාපයේ අවසන් බෞද්ධ රාජ්‍ය ලෙස සැලකෙන්නේ . බොරෝබුදුර් වැනි බෞද්ධ සිද්ධස්ථාන  ඒ යුගයේ නිර්මාණ .

බෞද්ධ සහ හින්දු ආගම සමගාමිව පැවතුන බවත් පසුව සුමාත්‍රා දෙසින් ඉස්ලාම්කරණය කෙමෙන් ව්‍යාප්ත වූ බවයි සඳහන් .

සාදික්ක ඇතුළු වටිනා කුළුබඩු හඹා ආ යුරෝපිය ගවේශකයින් සහ වෙළෙන්දන් ගෙන් ඉන්දුනීසියාවට ගැලවුමක් තිබුනේ නැහැ . ලන්දේසි නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම VOC වලින්පටන්ගෙන කෙලින්ම නෙදර්ලන්ත රජයේ පාලනයට නතු වුනා .

එකල ජකර්තා හැඳින්වූවේ බතාවියා ලෙස . බතාවියා කියන නම හදුනා හැටිත් මා කලින් කියවා තියෙනව . ඕලන්ද ජාතිකයින් ඇරඹුණේ ජර්මනියේ බටාවී නම් පෙදෙසින් නිසා බතාවියා නම ඇති වූ බව .

ඔස්ට්‍රේලියාව අසල ගිලුණු ප්‍රසිද්ධ බතාවිය නැවෙහි කතාව දන්නවනේ . සේරම කියන්න ගියොත් මේක ඉඩ මදිවෙයි . එය වෙන වෙලාවක . නැත්නම් කමෙන්ට් වලින් .

මේ වෙද්දී ඉන්දුනීසියාවට අයත් දේශසීමා මුලිකවම ලන්දේසි පාලන කාලයේ ඇති වූ ඒවා .

පෘතුගීසින් සහ ඉංග්‍රීසින් ඉන්දුනීසියාවේ සාර්ථක වුණේ නැහැ .

කනගාටුව වන්නේ මට කෞතුකාගාරයකට යන්නට බැරි වීම . ගියා නම් මෙයිට වඩා යමක් දැන ගන්න තිබුණ.

පසු කලෙක ජපානය හිරු නොබසින අධිරාජ්‍ය පිහිටුවද්දී මේ පැත්තටත් ඇවිත් . දෙවෙනි ලෝක යුද්ධය ඉවර වුන ගමන් නිදහස් සටනේ ප්‍රතිපලයක් ලෙස නිදහස් රාජ්‍යක් පිහිටුවල . සුකර්ණෝ තමයි පළමු ජනපති.

කියන්න දේ තව බොහොම තිබුනත්  දැනටමත් දිග වැඩි නිසා නවත්තන්න තීරණය කළා . මා නිරීක්ෂණය කල එක දෙයක් කියන්න ඕන . මේ දවස්වල අපේ රටේ ආන්දෝලනයට ලක්වුණ බුර්කාව ඇඳි එකම ඉන්දුනිසියන් කතක් වත් මා දුටුවේ නැහැ . 


ඇත්තටම ඉන්දුනිසියන් ජනයා ඇඳුම් පැළඳුම් අතින් නිදහස් වගයි පෙනුනේ . හිස වසා සිටි අයත් හරිම අඩුයි.

මුහුණ නම් වසපු කිසි කෙනෙක් දැක්කේ නැහැ .. ඉතාම කොට සහ නිරාවරණ වුන ඇඳුම් දුටුවේ නැතත් බිකිණි දැන්වීම් පවා දුටුවා . කොයි දේසෙක වුවත් නිදහස් ඇඳුම් රටාවක් දැකීම මට නම් සතුටක් .දුපත්වාසි ඇතැම් ගෝත්‍ර නම් කිසිම ඇඳුමක් අඳින්නේ නැතිවගත් පින්තුර වලින් පැහැදිලියි. ඔවුන් සොබා දහමට හොඳටම සමීපයි .

ඒ වගේම රටපුරාම විනෝදාස්වාදය සඳහා ඉඩකඩ තිබෙනවා .  ජකර්තා වල  සාප්පු සංකීර්ණ රැසක් තියනව.
ඇඳුම් පැළඳුම් වල මිලත් අඩුයි. ලාබ ශ්‍රමය නිසා විය හැකියි .  ශ්‍රමය ගැන කියනවා නම් පිටරටවල ගෘහ සේවයට යාම ඉන්දුනිසියන් කාන්තාවන්ගේ දායකත්වය විශාලයි .


ගුවන් තොට ගමන් බලපත් පරික්ෂා කරන පෝලිමේ මා ඉදිරිපිට හිටි යුවල සෞදි බව බලපත් වලින් මා දුටුවා . තරුණිය මුහුණ මදක් වසා සිටියේ . ඇයට මුහුණු ආවරණය ඉවත් කරන්නට සිදු වුනා .

බුර්කාව ඇඳීම තමන්ගේ කැමැත්ත වෙන්න පුළුවන් . නමුත් පුද්ගලිකව මන් නම් අකමැති ඇඳුමක් . ඔය ලෝගුවට රිංග ගත්තා වගේ නෙමේ සියවස් ගානක් සටන් කරලවත් එලියට එන එක බොරු . විශේෂයෙන්ම ගැහැණිය හංගලා තියන්න හදන පුරුශාධිපත්‍යයේ ලකුණක් ඕක . ඝර්මකලාපික රටකට අවශ්‍යත් නැහැ . මේ වෙලාවේ මේ ගැන කියන එක අවුල් ඇති . ඒ වුනාට ගැහැනියක් වශයෙන් මම කවදත් ඔය ඇඳුමට විරුද්ධයි .

දැන් ඔය ගැන විතරක් කතා කරන්න අවශ්‍ය නැහැ . මා කිවේ මගේ මතය.

මේ ලිපියේ තව හුඟක් තියෙනව කතා කරන්න . සුමාත්‍රා ගැන ,ගිනි කඳු ගැන ආදී වශයෙන් .

මේ ගස් නගින කොටියා හම්බ වුණේ තමන් සෆාරි බිමේදී .


මෙවැනි ලස්සන කුරුල්ලන් බොහොම හිටියා 

ඇත්ත කොමොඩෝ ඩ්‍රැගන් ඉන්න කුඩුව වහල තිබුණ නිසා මෙයා විතරයි දැක්කේ


පංචි දමන බෙල්ලන් වගේ නේ . මෙයින් ක්‍රීඩාවක් කරනවා 





 කුඩා සංගීත උපකරණයක් .


ලි කැටයම් හරිම සියුම් .

මේ වෙළඳ සලක දුටු සමරු නිර්මාණ කීපයක් .

තව පොඩ්ඩෙන් අමතක වෙනවා . නම් ගම ගැන කියන්න . සංස්කෘත බසේ බලපෑම නිසා හුඟක් අපට සමාන වචන තිබෙනවා .

ඉන්ද්‍රලා , කුසුමලා එහෙත් ඉන්නවා . හැබැයි පිරිමි වැසිකිලිය නම් කර තිබුණේ ප්‍රියා කියල .

භාෂාව ඉගෙන ගන්න පහසුලු . ඉංග්‍රීසි අකුරු. ලියන විදිහටමයි ශබ්ධ කරන්නේ . තව ටිකක් හිටිය නම් ඉගෙන ගන්නත් තිබුණ .

69 comments:

  1. ඉදලා ඉදලා දාන පෝස්ට් රටක් වටිනවා . ස්තුතියි බින්දි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්

      Delete
  2. මේකයි එහෙනම් පහුගිය ටිකේ අස්ථානගතවෙලා හිටපු රහස..

    ඉන්දුනීසියාව ලෝකයේ විශාලම මුස්ලිම් රජ්‍යය කියලා මම කොහෙදි හරි අහලා තිබුනා.

    අනේ ඔහොම වනාන්තර එලි කරන් ගියාම මේ ලොකේ බොහොම ඉක්මනට ගිනි ගනියි නේද ?

    ReplyDelete
    Replies
    1. පාම් වගාව කරන්නේ බහුජාතික සමාගම් වෙන්න ඇති වැඩියම . ඔව් විශාලම මුස්ලිම් ජනගහනය ඉන්නේ ඉන්දුනීසියාවේ .

      එහෙ ගියාට ඉඳහිට බ්ලොග් කියවල ගියා . නමුත් ප්‍රධාන අරමුණ වුනේ මගේ මිතුරියත් එක්ක කියෝන එක. එයා ඇඳුම් ගන්න යන්න හරිම කම්මැලියි . හැබැයි අපි දෙන්න එකතු වෙලා ළමයි ගෙදර දාල මේපාර හොඳහැටි ෂොපින් මෝල් වල කරක් ගැහුවා . ඉඳල හිටලා එහෙමත් වැඩ කරන්න එපාය .

      Delete
  3. මං අද හැන්දෑවෙත් බැන බැන හිටියේ, බින්දියා දැන් හොඳටෝම කම්මැලි වෙලා කියලා.. ඇයි අප්පා කොච්චර කාලෙකට පස්සෙද මේ.??

    ඔය හරිය දැන් ටිකක් චා වෙලා නේද පයිරට්ලා නිසා, විශේෂයෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය පැත්තේ.. අනිත් එක දකුණු පිලීපීනයේ අබු සයාෆ් කට්ටිය මෙහාටත් බැල්ම දානවා මං හිතන්නේ..

    සිංගප්පූරුවෙ ඉන්න මගේ යාළුවෙක් කිවුවා දැන් මෙයාලා සුමාත්‍රා දූපතේ දුම් ගහන එක බිස්නස් එකක් කරගෙනයි ඉන්නෙ කියලා.. කැලෑ ගිනි නිවන්න සිංගප්පූරුවෙන් ආධාර හා සල්ලි දෙන නිසා ඒ සල්ලි ටික ගන්න.. බලන් යනකොට එයාලත් අපේ කට්ටිය වගේම තමා.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් ඒක තමයි මගේ නහය දෑවේ හැන්දෑවේ. පයිරට් කේස් එකත් එහෙමයි. පුදුමයි ඔය දුපත් වල ඉන්න එව්වෝ වෙනම ස්වාධින රාජ්‍යයන් ඉල්ලන්නේ නැති එක . ආණ්ඩුව වැඩිය සලකන්නේ ජකර්තා වලට විතරයිලු . සුමාත්‍රා වල දුම් යන්නේ මැලේසියාවටයි සින්ගප්පුරුවටයි . ජකර්තා හුනග්ක් පහල නිසා ඉන්දුනීසියාවට ගානක් නැහැ . මේ පාර ගිනි තියාපු ගොය්යෝ දෙන්නෙක් ඇල්ලුවා කියල තිබුණ .


      ඒගොල්ලන්ගෙයි අපෙයි මොකක්දෝ ලොකු සමානකමක් නම් තියෙන අවග බැලු බැල්මට පෙනුන බුරෝ.

      Delete
  4. //සතිය කිවොත් සතියම තමා දෙන්නේ . දවසක් හරි ඉන්න නම් ආයේ එහෙදි විසා ගන්න ඕන//

    අම්මට සිලි..හැබැයි වීසා ඕන වෙන්නෙ රටට ඇතුල් වෙන්න විතරක් නෙමෙයිද? දැන් අපේ US වීසා කල් ඉකුත් වෙලා උනාට රටේ ඉන්න තහනමක් නැහැ. එහෙ නීති වෙනස්ද දන්නෙ නෑ.

    බුර්කාව ගැනනම් කියන්න තියෙන්නෙ මමත් අන්තිම විරුද්දයි කියල තමයි. කිසිම පදනමක් නැති අන්තගාමී ඇදුමක් ඒක.

    ReplyDelete
    Replies
    1. ගොඩක් රටවල වීසා කල් ඉකුත්වූ පසු ඉන්න බෑ. US වලත් විසිටින් වීසාවලට ආපුවම කල් ඉකුත් වෙන්නකලින් යන්න ඕන. වීස අපිට වලංගු නොවෙන්නෙ අපිට I-20 එක තියන නිසා. අපේ I-20 එක කල් ඉකුත්වූ දාට අපිටත් ඔයතික තමා සයුරි. :)

      Delete
    2. හුඟක් රටවල විසා ඉවර වෙන්න කලින් යන්න ඕන සයුරි. හැබැයි අපි ගිය හැම රටේම වගේ සතියක් ඉල්ලුවම මාසයක් නැත්නම් තුනක් දුන්න . කොරියාවේ පවා . ඉන්දුනීසියාවේ සතිය නම් සතියයි .

      Delete
  5. ඉන්දුනීසියාව ගැන හොඳ දැනුමක් ලැබුණා බින්දි. පොඩ්ඩිත් එක පාරක් 'බොරබුදූර්' බලන්ට ගියා. ජකාර්තාවලත් කීප දවසක් හිටියා. මොන හේතුවක් හන්දද දන්නේ නෑ ඔය සමහර ආසියාතික රටවල් ගැන මට එච්චර ප්රියමනාප ගතියක් දැනෙනේ නැත්තේ. හිතලා කරන දෙයක් නෙමේ.

    'පාම් ඔයිල්' වලට කැලෑ ගිණි තියෙන එකට නම් ඉන්දුනීසියව හරිම ප්රසිද්ධයි. ඒ කරලා අල්ලපු රටවලට බනින්ටත් ඒගොල්ලෝ දක්ෂයිනේ. අනෙක් රටවල්වලින්ලුනේ ඒ වැඩේ කරවන්නේ....

    //බුරා වගේ ඔලුවේ විශ්වකෝෂයක් එක්ක උපන්න උන්ටත් //
    හොඳටම ෂුවර්ද මෙයා ඉපදෙන කොට ඔලුව උඩ තිබ්බේ බැට් එකක් නෙමෙයි කියලා හී හී....

    අපරාදේ මෙයාලට පිරිමි වැසිකිළිවලට දාන්ට තිබුනේ 'ප්රියේ' කියලා....ගෑනු ඒවට 'ප්රියා' කියලා දැම්මා නම් හරි. :D:D:D

    ReplyDelete
    Replies
    1. නිකන් නගරයේ හෝටලයක හිටියා නම් මටත් ආස හිතෙන එකක් නැහැ තමා . බොරෝ බුදුරැ යන්නත් බැරි වුනා .

      අපි ඉතින් මගේ යාළුවගේ ගෙදර සැපෙන් සනීපෙන් හිටි නිසා නගරය ගැන එච්චර හිතන්න වුනේ නැහැ . ඒ ගෙදර තිබ්බේ හරිම ලස්සන තැනක .

      හින්දි ෆිල්ම් බල බලා චායි තේ බිබී ප්‍රිය මිත්‍ර සමාගමක සතුට තමා ලොකුම දේ.

      බුරා ක්‍රිකට් ගහනවද ... :D

      ගැහැණු ඒවා wanita
      Delete

      Delete
  6. පාලකයන්ගෙ වැරදි නිසා විනාශවෙමින් පවතින තවත් දේශයක් කියලයි මට හිතුනේ..

    ReplyDelete
  7. පාලකයන්ගේ වැරදි නිසා දියුණු නොවී කෙමෙන් කෙමෙන් විනාශ මුඛයට ඇදෙන තවත් දේශයක් බවයි මටනම් හැඟුනේ.

    ReplyDelete
    Replies
    1. දෙපාරක් පබ්ලිෂ් වෙලා නේ . මටත් හිතුනේ සම්පත් තියෙන තරමට දියුණු වෙන්න උවමනාව නැති වගයි .

      Delete
  8. තව ටිකක් පින්තූරු දැම්මා නම් අගෙයි... විස්තරත් මම නම් කලින් දැනගෙන හිටියේ නැහැ. මේ අවට පරිසරයේ පින්තූරු එහෙම ගත්තේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තව පින්තුර නම් තියෙනව තිසර . ලිපිය හුඟක් දිග වැඩි නිසයි ඊයේ රාත්‍රී ජාමයේ ලියා ඉවර කල නිසයි කම්මැලි හිතුනේ . තව කොටසක් දාන්නම්

      Delete
  9. හරිම රසවත් ලිපියක් බිංදි . ඔයාගේ ලිපිවල හරිම සජීවි ගතියක් දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්

      Delete
  10. තවත් ගමන් සටහනක් කියවන්න බලාපොරොත්තුවෙන් උන්නේ, ආසාවෙන් කියෙව්වා. බොහෝම ස්තුතියි බින්දි.

    අපේ ඉතිහාස පොත පතින් බතාවියාව ගැන එතරම් සඳහනක් නැති නමුත් ලංකාව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන් විවිධ කාරියන් සඳහා ජාවා රටවල් වලින් මිනිස් ශ්‍රමය ලංකාවට (හම්බන්තොට වරායක්/තොටුපලක් කරගෙන) ගෙන ආ බව කියවෙනවා. පසුකාලීනව ලංකාවේම පදිංචි වී ඇත, අදටත් ඔවුන් ජා හෙවත් මැලේවරුන් හැටියට හඳුන්වන්නේ ඒ ජනකොටසයි. ආදි ජාවා රට නූතන සිතියමේ රටවල් ගනනාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ලියද්දි ඩීන් අය්යව මතක් වුනා . ඔබ නම් මේ ගැන හුඟක් දන්නවා ඇති කියල හිතුන. මගෙත් යාළුවො කීපදෙනෙක් හිටියා මැලේ. අනික් මුස්ලිම් ළමයි කලිසම අඳිද්දී ඒගොල්ලෝ සාමාන්‍ය ගවුම විතරයි ඇන්දේ.

      මගේ යාළුවො දෙන්න නම් හරිම ලස්සනයි . තලෙළු අපි අතර ඔවුන්ගේ සමේ පැහැය කැපී පෙනුනා .

      මලේ අච්චාරු , දොදොල් හෙම එන්න ඇත්තේ ඒගොල්ල එක්ක වෙන්න ඇති . ඉන්දුනිසියන් කෑම නම් වැඩිය කන්න බැරි වුණා. මගේ මිතුරිය එළවලු පමනක් නිසා මමත් ඒ විදියටයි කෑවේ. එයා බල කළා කැමති දෙයක් කන්න . නමුත් එහෙම කරන්න හිත දුන්නේ නැහැ . කිලෝ දෙකක් විතර බරත් අඩු කරන් ආවේ.

      නාසි ගොරෙන්ග් එකක් නම් කන්න ලැබුණ . හැබැයි අපි වෙන රටවලදී කන විදිහ නෙමේ .

      Delete
  11. Indonesia is a bit more familiar to me. Welcome back after sometime

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ

      Delete
  12. බින්දිව මතක් කළා විතරයි... ඔයාටත් අපේ මහත්තයට වගේ කොහෙ ගියත් බ්ලොග් එක අමතක වෙන්නේ නෑ නේ ද.. හි හි...

    මං මේ කල්පනා කළේ බින්දි අපේ ඉතිහාසය සමාජ අධ්‍යනයත් මේ විදියට ඉගැන්නුවා නං අපිට කොච්චර ආස හිතෙයිද, මතක හිටියිද කියලා... මේ ඊයේ පෙරේදා උදේ පාන්දර ටීවී එක දාද්දි සා/පෙ වලට වැඩසටහනක් යනවා... කාර්මික විප්ලවය ගැන කතා කළේ.. ඒ වෙලාවේ මට එකපාරටම මතක් උනා අඩේ ඒ කියන්නේ මෙහෙම ඒවා අපිට ඉගැන්නුවද කියලා.... හි හි... ඔහේ නිකම් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කරුණු ටික කටපාඩම් කරගන්නවා මිසක් ( ඒ වැඩසටහනෙත් කළේ ඒ ටිකම තමයි) අපි ඒ කිසි දෙයක් ප්‍රැක්ටිකල් එකත් එක්ක කල්පනා කළේ නෑ නේ.. කල්පනා කරන්න මඟ පෙන්වීමක් තිබ්බෙත් නෑ.. මේ ගැන පොස්ට් එකක් ලියන්න හිත හිත ඉන්න ආතරේ තමයි බින්දිගේ පෝස්ට් එක අහු උනේ... හි හි...

    ෂිපිං වල ඉන්දැද්දි ජකර්තා වරායත් එක්ක ගොඩක් සම්බන්ධකම් තිබ්බා.. දැනට ඒවයින් හිතේ තියෙන්නේ ජකර්තා මහ වාත වරායක් කියලා තමයි... හොඳටම මතක තියෙන්නේ මේල් පරක්කු කරන එක .. .හි හි...

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතිහාසය කියන වචනය ඇහුවමත් කට්ටිය පැනල දුවන්නේ ..

      අනික් අතට හුඟක් ළමයි පෙළ පොත විතරයි කියවන්නේ . මගේ හුඟක් යාළුවො මන් වගේ පුස්තකාල වල රිංගලා වැඩ වින්දේ නැහැ . හැබැයි අපේ අධ්‍යාපනයෙන් කැම්පස් යන්න ඔව්ව ඕනෙත් නැහැ නේ .

      හැබැයි ඉතින් පිස්සුව තියෙන අපි වගේ උන් මැරෙන කම් කුතුහලය නැති වෙන එකක් නැහැ .

      කොච්චර හොඳද එහෙම මහත්තයෙක් ඉන්න එක .

      හෙහ් වාත වරායක් වෙන්න ඉඩ ඇති බවට කිසිම් සැකයක් නැහැ හිරු ..ටිකක් කම්මැලි ජාතියක්

      Delete
  13. එහෙනම් මේ අතුරුදහන් උනේ ජකාර්තා යන්න.:) මගෙත් ඉන්නව යළුවෙක් ජකාර්තාවලින් ආපු. එයා දැන් ඇමරිකන් කෙනෙක් බැදල මෙහේ ඉන්නෙ. හරි කට.. එයා කියනව එහේ මිනිස්සු මෙයාගෙ මහත්තය දිහා බලන්න බොරු හේතු කියාගන එනවලු ගෙදර එහේ ගියාම.තව දන්න කෙනෙක් ඉන්නව ලංකාවෙ එයා බැන්දෙ ජකාර්තාවෙ ගෑණු දැරිවියක්..

    කැමති කෙනෙක්ට නිදහස තියනව ඕන ඇදුමක් අදින්න..හබැයි අක්ක කිව්ව වගේ බුර්කාවට රින්ගුව වගේ නෙමෙ.. ඕකෙන් ගැලවෙනවන්ම් බොරු.

    ReplyDelete
    Replies
    1. එහෙ ගැහැණු විදේශිකයෙක් සමග විවාහ වෙන්න බොහොම කැමතියි. ඕක මේ නැගෙනහිර ආසියාවටම පොදු ලක්ෂණයක් .

      මෙහෙත් මම දන්නා හැම ඉන්දුනිසියන් ගැහැණු කෙනෙක්ම විදෙස් සැමියෙක් ඇති අය .

      හ්ම් ..මටත් ඔය ඇඳුම ගැන සාධාරණ කරගන්න කොහොමවත් බැහැ

      Delete
  14. මේ මේ... සුසිලා අන්න තද වෙලා... :)
    ඉන්දුනීසියා ජනාධිපතිගේ නම අමතක වෙන්නේ කනට ඇහුනේ නැත්නම්.

    සුසිලෝ බම්බන්ග් යොදොයෝනෝ..... මරු නම නේද බන්? පොරට යෝධ සරීරෙකුත් තියෙනවද කොහෙද.
    ලංකාවයි ඉන්දුනීසියාවයි ගොඩක් සමීපයි කියල හිතෙන්නේ ඔහොම නම් දැක්කම :)

    මොනවා උනත් කදිම ලිපිය... ආයේ බලන්න ඕන.
    ඉතුරු දූපත් ගැනත් කියන්න හොඳේ. විශේෂයෙන්ම බාලි ගැන...

    ReplyDelete
    Replies
    1. හුඟක් සමාන නම් තියෙනව තමයි චාමර . වැඩත් එක වගේ මන් හිතන්නේ . මන් ඔය පොලිටික්ස් වලට නැහැනේ :D ..නැත්තන් ලියන්න හුඟක් දේවල් දැක්ක .. ඒවා මොකටද ඉතින්

      ඔව් මේ දුපත් ගැන හුඟක් කාරනා තියෙනව . බලමුකෝ

      Delete
  15. පොඩ්ඩි , මේ ඔයාගේ කමෙන්ට් එක ස්පැම් වෙලා තිබුණ . නොට් ස්පෑම් කලහම හොයා ගන්න නැතුව ගියා . මේල් බොක්ස් එකෙත් ස්පෑම් ගොඩේ තිබ්බේ . එතනින් පබ්ලිෂ් කරන්න බැහැ. ඔන්න කොපි පේස්ට් කළා .


    [ඉන්දුනීසියාව ගැන හොඳ දැනුමක් ලැබුණා බින්දි. පොඩ්ඩිත් එක පාරක් 'බොරබුදූර්' බලන්ට ගියා. ජකාර්තාවලත් කීප දවසක් හිටියා. මොන හේතුවක් හන්දද දන්නේ නෑ ඔය සමහර ආසියාතික රටවල් ගැන මට එච්චර ප්රියමනාප ගතියක් දැනෙනේ නැත්තේ. හිතලා කරන දෙයක් නෙමේ.

    'පාම් ඔයිල්' වලට කැලෑ ගිණි තියෙන එකට නම් ඉන්දුනීසියව හරිම ප්රසිද්ධයි. ඒ කරලා අල්ලපු රටවලට බනින්ටත් ඒගොල්ලෝ දක්ෂයිනේ. අනෙක් රටවල්වලින්ලුනේ ඒ වැඩේ කරවන්නේ....

    //බුරා වගේ ඔලුවේ විශ්වකෝෂයක් එක්ක උපන්න උන්ටත් //
    හොඳටම ෂුවර්ද මෙයා ඉපදෙන කොට ඔලුව උඩ තිබ්බේ බැට් එකක් නෙමෙයි කියලා හී හී....

    අපරාදේ මෙයාලට පිරිමි වැසිකිළිවලට දාන්ට තිබුනේ 'ප්රියේ' කියලා....ගෑනු ඒවට 'ප්රියා' කියලා දැම්මා නම් හරි. :D:D:]

    ReplyDelete
    Replies
    1. නිකන් නගරයේ හෝටලයක හිටියා නම් මටත් ආස හිතෙන එකක් නැහැ තමා . බොරෝ බුදුරැ යන්නත් බැරි වුනා .

      අපි ඉතින් මගේ යාළුවගේ ගෙදර සැපෙන් සනීපෙන් හිටි නිසා නගරය ගැන එච්චර හිතන්න වුනේ නැහැ . ඒ ගෙදර තිබ්බේ හරිම ලස්සන තැනක .

      හින්දි ෆිල්ම් බල බලා චායි තේ බිබී ප්‍රිය මිත්‍ර සමාගමක සතුට තමා ලොකුම දේ.

      බුරා ක්‍රිකට් ගහනවද ... :D

      ගැහැණු ඒවා wanita

      Delete

  16. දැක්ක නේද අපේ පාස්පෝට් එකට තියෙබ්න සැලකිලි! විලිලැජ්ජා සන්තෝසෙ බැරුවා.

    අදම අපේ ඉස්කෝලේ වැසිලිළියත් ප්‍රියා කියලා නම් කරන්න ඕනෙ.

    බොහොම ස්තුතියි තමන් විඳපු දේ බෙදාගන්නවට බින්දි.

    ReplyDelete
    Replies
    1. අර අපේ මුණේ හොඳ කමට යන්තන් බේරිලා යනවා නෙහ්.

      ගැහැණු වැසිකිලිය වනිතා කියලා දාගන්න . හැබැයි එක පිරිමියෙක්වත් ඕකට යන එකක් නැහැ .

      Delete
  17. මෙහේ ඉන්න ජා මිනිස්සු ආවෙත් ඉන්දුනීසියාවෙන් කියලනේ කියන්නේ.

    එතකොට කාන්තා වැසිකිලියෙ නම "අප්‍රියා" ද? නැත්නම් "සුප්‍රියා" ද?, එක්කෝ අපේ ප්‍රියා සූරීයසේනට උපහාර පිනිස දැම්මද කියන්නත් බෑ.

    බුර්කාව කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ඇඟම වහගෙන යන එකනේ. ඒකට මාර කැමතියි මිනිස් අයිතිවාසිකම් හා මානව හිමිකම් ගැන කතා කරන ඇන් ජී ඕ සෙට් එකයි සිවිල් බුද්ධිමත් ප්‍රජාවයි, සමාජවාදියොයි. එයාලා කියන්නේ ඒක ගලවනවනම්, සිවුරත් ගලවන්නම් ඕන කියලා. මාර බුද්ධිමත්තුනේ...

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ නැහැ . ඔය පිරිමි වැසිකිලි කොච්චර ප්‍රියද කියලා යන ඔයගොල්ලම තමා දන්නේ . ගැහැණු වැසිකිලි ''වනිතා ''

      අනේ මන්දා මාතලන් කාටද පිස්සු කියලා . හරි නම් ලංකාවේ මුස්ලිම් ගැහැණුයි පෙළපාලි යන්න ඕනේ ඔය උලව්වට එරෙහිව . දේවි සැන්ඩ්‍ර කියන ගායිකාව තුන්වෙනි කසාදෙන් පස්සේ හිජාබ් එක දාන්න පටන් ගත්ත එක මහා වීරකමක් වගේ පත්තර වල තිබුණ . එයා එහෙම දාගත්තට පස්සේ හරිම අධ්‍යාත්මික සැනසීමක් දැනුනලු . එහෙමද නැත්තන් තුන්වෙනි මනුස්සය තර්ජනය කලාද දන්නේ නැහැ .

      Delete
    2. බින්දිට කියන්න, මේ අද, වෙලාව ඇති දවල් එකට විතර, මම ඔෆිස් එකේ ඉඳන් කාමරේට ඇවිදගෙන එනවා. ගිනි අව්ව, උෂ්ණත්වය අනිවා 45 පැනලා. මට ඉස්සරහින් යනවා එක මිනිහෙකුයි, ගහැණු දෙන්නෙකුයි. මිනිහා තනිකරම සුදු ඇඳලා, ගෑණු දෙන්නා මුලු ඇඟම වහගෙන කළුම කළු පාටට. දන්නවනෙ අව්වෙ කළු ඇඳන් ඉද්දි තියන ආතල් එක. අනිත් එක රාමදාන් ෆාස්ටින් සීසන් එක. ගිනි අව්වෙම ගෙදරට යාගත්තත් වතුර උගුරක්වත් බොන්නත් බෑ. මට හිතුනෙ, පුදුම දුකක්නෙ විඳින්නෙ කියලා.

      Delete
    3. මන් මැලේසියාවේදී දැක්ක මැදපෙරදිග රටක වෙන්න ඕන ඒ ජෝඩුව. කෙල්ල කළුවෙන් වහල . කොල්ල කෙල්ලගේ අතින් අල්ලන් අයිස්ක්‍රීම් එකක් කනවා . මට හිතිච්ච දේවල් ඉතින් කියල වැඩක් නැහැ .

      Delete
  18. එක මිටට අරන් (කඩිමුඩියේ) ගොඩක් විස්තර!
    ලිවීම දැන් රහට කරන්න දක්ස වෙලා

    ඉන්දුනීසියාව ඔපෙක් සංවිධානයේ මුල්ම සාමාජිකයෙක්
    තෙල් තිබ්බටම දියුණු වෙන්න බෑ කියන එකට මේ රට හොඳ උදාහරණයක් - අනෙක නයිජීරියාව
    "නැගෙනහිර ටීමෝරය" හැදුව/හැදුණ හැටි ගැන විස්තරයහෙම දැනගන්න ලැබුණද?

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි මිටි හුඟක් බඳින්න තිබ්බ දර ගොඩක් තමයි . මේකනේ අය්යන්ඩි වැඩේ අද ටිකක් ලියලා මාසයක් විතර කම්මැලි කමේ හිටියොත් මම . මට මාව විශ්වාස නැතිකම තමයි .

      ඕවාට කියන්නේ අර අතට ගත්ත දේ කටට දාගන්න ණය නැතිකම . වෙන මොකක්ද . තෙල් විතරද රත්තරන් මැණික් සේරම ඇතිකොට .

      නැගෙනහිර ටිමෝරය ගැන දැන ගන්න බැරි වුණා. ඔය පහල රවී ඒ ගැන කියා තියෙන්නේ .

      පැපුවා නිව්ගිනි ගැන නම් ටිකක් කියෙව්වා . ඒ දුපත ඉස්සර ලන්දේසි , බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර බෙදිලා තිබිලා තියෙන්නේ . දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ජර්මනියේ කොටසයි බ්‍රිතාන්‍යයේ කොටසයි ඕස්ට්‍රේලියාවට ලැබිලා . ලන්දේසි කොටස ඉන්දුනීසියාවට . ඕස්ට්‍රේලියාවෙන් නිදහස් වෙලා පැපුවා නිව්ගිනි කියන අලුත් රට හැදිලා තියෙන්නේ අනික් නැගෙනහිර කොටස

      Delete
  19. අගේ ඇති විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් . මන් හිතුවේ මගදීම එපා වෙයි කියල කට්ටියට

      Delete
  20. නොදන්න කරුණු සහ රස විදිය හැකි පින්තුර ටිකක්.ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තුතියි ගයනි

      Delete
  21. බින්දි ඉතාමත් වටිනා දීර්ඝ සංචාර සටහනක්. මේ වගේ සටහන් වලට මගේ ඇත්තේ පුදුම කෑදරකමක්.බොහොම ස්තුතියි මේ තොරතුරුවලට. දේශ දේශාන්තරවල සංචාරය ටත් වාසනාව තියෙන්න ඕන. ඔබ ඒ හැමතින්ම පොහොසත්

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් මගේ ප්‍රිය සැමියාට ස්තුතිවන්ත වෙන්න තමයි මම රට රටවල ඇවිදින්නේ නලින් . ඔබ කිව හරි අපිට වඩා මුදල් ඇති අය එක්කෝ සංචාරයට බයයි . එක්කෝ ලෝබයි . රැකියාව නිසයි ඇත්තටම අපිට මේ ඉඩ ලැබුනේ . ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්න ආකාරයත් එක්තරා දක්ෂකමක් සහ වාසනාවක් බව මමත් පිලිගන්නවා .

      Delete
  22. / රජයේ සේවකයින්ට සහ හමුදා සේවකයින්ට මෙය තහනම් වුවත් නීතියේ සිදුරු ඇති බවයි කියවෙන්නේ . විටින් විට මෙයට එරෙහිව විශේෂයෙන් ගැහැණු පෙළපාලි ගියත්…/

    එතකොට ගෑණු පෙළපාලි ගිහිල්ල තියෙන්නෙ රජයේ සහ හමුදා සේවකයින්ටත් කසාද හතරක් කොරගන්ට ඉඩ දෙන්ට කියල ඉල්ලලද?...අඩේ මම හිතං හිටියෙ බහු බාර්යා වැඩේට වනිතාවො අකමැතියි කියලනෙ..:)

    අසූව දශකයේ නැගෙනහිර ටිමෝරයෙ නිදහස් අරගලය ( ප්‍රධාන හේතුව ආගම - නැගෙනහිර ටිමෝරයෙ බහුතරය රෝමානු කතෝලික එය කලින් පෘතුගීසි යටත් විජිතයක් ) ගැන මම බොහොම උනන්දුවෙන් කියෙව්වා. ගරිල්ලා හමුදාවෙ නායකයා ඇවිල්ල සනානා ගුස්මාවෝ....මම හරිම කැමතියි ඒ නමට සහ ඔහුගේ පෙනුමට :) වර්තමානයෙ ඔහු නැගෙනහිර ටිමෝරයෙ අගමැති...

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා ඉතින් . නැහැ බොල ගැහැණු පෙළපාලි යන්නේ බහුබාර්යා සේවනයට විරුද්දව .

      හැබැයි පිස්සුම හැදෙන වැඩක් වෙනවලු . මැතිවරණවලදී ඒ ජාතියේ ඇමතිවරු වැඩි ගැහැණු මනාප ගන්නවයි කියලා එක්තරා සමීක්ෂණයක් ඔප්පු කල බව කියා තිබුණ . ඔව්වයේ ඇත්ත නැත්ත කවුද දන්නේ .

      මාත් කියවන්න ඕන ඔය ගැන .

      Delete
    2. මම දන්න හැටියට රවී ඔය "නිදහස් අරගලය" පටන් ගන්න ටික කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවේ මැදිහත් වීමෙන් තෙල් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් නැ. ටිමෝරය හා අවට විසාල සර්වේ එකක් වෙනවා!

      ගිනි ගන්න පුලුවන් දෙයක් ඉස්මතු කරල, ටිකක් වේලෙන්න ඇරල බූමිතෙල් හරි පෙට්‍රල් ටිකක් ලංකරන එක තමා පස්සේ වෙන්නේ! ගිනිකූරක් ගහන්න කාට බැරියෑ!!
      ඊට පස්සේ "වසන්තය" තමා!!

      Delete
  23. ඔන්න ඔහොම මුළු රටක්ම සාරාංශ කරලා දැම්මනම්, සමාජ අධ්‍යයනයට තව ගොඩක් දේවල් උගන්වන්න තිබුණා. :)
    ලියලා නැති දේවල් ගැන කුතුහලය ඇවිස්සීම තහනම්. කියමු බලන්න අර බතාවියා නැවේ කතාව.

    මම දන්න මුස්ලිම් අය හුඟක් යන එන රටක් කියලයි මම ඉන්දුනීසියාව ගැන දැනං හිටියෙ. මම හිතන්නෙ, රට මුස්ලිම් හින්දා වෙන්න ඇති. කළු ලෝගුව ගැනනම් මගේ අදහසත් එමමැයි. අපි පොඩි කාලෙ ඕක ඇන්ද කෙනෙක් ලේසියෙන් දකින්න නැහැ. මට අවුරුදු විස්සක් විතර වෙනකම් මම දැකලා තිබුණෙ එකම එක ගැහැණියක් විතරයි ඕක ඇඳපු. දැන් ඒකට!
    මැලේ ළමයි ලස්සනයි තමා. අපේ ඉස්කෝලෙත් හිටියා ටිකක් චීන හුරු මූණු තියන, සුදු මැලේ ළමයි.

    ReplyDelete
  24. නලිනි ,

    ඒකනේ අපිට පෙළපොත් ලියන්න දුන්න නම් වැඩේ ගොඩ .

    බතාවියා කියලා නැවක් ඕලන්දෙන් පිටත් වෙලා තියෙනවා . ඔස්ට්‍රේලියාව හරියේදී නැව මුහුදු බත් වෙලා . බේරුණු මගින් පිරිස පාලු දුපතක දාල වතුර සොයන්න ගිය කපිතාන් ඇතුළු පිරිස එහෙම්ම කුඩා බෝට්ටුවලින් පැන ගිහින් . බතාවියා නම් වුන නුතන ජකර්තා වලට ගොඩ බැහැල . පස්සේ බතවියා නිලධාරින් අර මිනිස්සු සොයාගෙන ගියත් ඔවුන් සැහෙන පිරිසක් මිය ගිහින් . ෆිල්ම් හෙමත් හැදුණා මන් හිතන්නේ මේ ගැන . බුර්ස්‌ දන්නවා ඇති

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මං දන්නෙ නෑ බින්දියො.. ඔයා මේ කියනකං මං එහෙම එකක් ගැන දැනගෙන හිටියෙවත් නෑ..

      Delete
    2. බින්දි, ඔය නැව ගිලුනෙ ඕස්ට්‍රේලියාව හරියෙද ? ලංකාව කිට්ටුවද ? මම මේ ලඟදි පොතක් කියෙව්වා ඔහොම ගිලුන ඉන්දුනීසියානු නැවක් ගැන. මට ඒකෙ නම මතක නෑ.. ඒකෙ තිබුන හැටියටනම් ඒක ලංකාව ආසන්නයෙ ගිලිලා තිබුනෙ. මේකමද, වෙන එකක්ද මංදා ?

      බූරා දන්නැති කතාත් තියෙන්ඩ පුළුවන්ද ඈ.. ? :D

      Delete
    3. @ සෙන්නා,

      ඇයි බොල උඹ හිතුවද බුරා කියන්නෙ සියල්ල දත් බහුශ්‍රැත පඬිවරයෙක් කියලා.!? ඌ ඔය එහෙන් මෙහෙන් මොනා මොනා හරි කියෝලා තියෙනවා, එච්චරයි.. :D

      Delete
    4. හැක් හැක් අපි නොදන්න බූරා... :D

      Delete
    5. මාත් ඕක දැනගත්තේ බතාවියා කියලා සර්ච් කරද්දී බුරෝ .

      සෙන්න , ඕක ලන්දේසි නැවක් .

      Delete
  25. කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා. ලස්සන විස්තරයක්. අර ලි කැටයම් එහෙම මාර ලස්සනයිනේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී ..ඔව් ලස්සණ කැටයම් ..හින්දු බෞද්ධ ඒ වගේම ගෝත්‍රික මත කාලයක් තිස්සේ ගොඩ නැගුනු සංස්කෘතියක් .

      Delete
  26. ලෝක ඉතිහාසයේ භූගෝල පාඩම කදිමයි. රට තොට විත්ති වගේම, මැලේසියානුවන්ගේ ස්වරූපය. තනිකරම භූගෝල පාඩමනක්ම තමයි. ඉන්දුනිසියාව මේවන විට මොන ස්වාභාවික ආපදා තිබුණත් සීග්‍ර දියුණුවක් ලපන රටක්, දැව නිෂ්පාදන වගේම, රෙදිපිළි, නිමි ඇඳුම්, විසිතුරු බඩු. අපනයනයෙන් හොද ආදායමක් ලබනවා. ඒකනේ විදේශ සංචාරවලට විවර වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්වභාවික ආපදා කියන්නේ අපිට නිකන් වහිනවා ගොරෝනවා වගේ ඇති පොලව හෙල්ලෙන එක හැබැයි ජාවා පැත්තේ අඩුයි .සුමාත්‍රා කිට්ටුව තමයි වැඩි

      Delete
  27. නම විතර යි අහල තිබුණේ. ස්තුති යි විස්තරවලට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යමක් දන ගත්තා නම් අගෙයි දිලිනි

      Delete
  28. ඉස්කෝලෙ සමාජ අධ්‍යන විශයට මොනවද ඉගැන්නුවෙ කියල අද ආපහු හිතල බලනකොට හිතෙන එක සාධාරනයි නේද...බින්දි.

    //ක්‍රිකට් ගහන්න නම් අපුරුයි කියලයි සමහරුන්ට හිතුනේ.// සමහරුන්ට කිව්වෙ..බනියලගෙ තාත්තද..?

    ඇත්තම කියන්නම්..."බතාවියාව " කියල තිබුන හැම තැනක්ම මට කියවුනේ.." බාවිතාව " කියල..!!! හය්යෝ..!:))))

    ReplyDelete
    Replies
    1. එයා තමයි එයා තමයි ..

      කමක් නැහැ වියෝ ..අනික කොයි කාලේ ඉගෙන ගත්තුවාද නේ .

      Delete
  29. සංචාර ගැන තියන සටහන් මාත් කියවන්නෙ බොහොම කැමැත්තෙන්.. ලස්සන විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ..කම්මැලි නැතුව කියෝපු එකත් මට සතුටක්

      Delete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. වෙනදා වගේම අපූරු චාරිකා සටහනක්..බතාවියා නැවේ කතාවත් දැනගතනේ....

    ස්තුතියි බින්දි..

    ReplyDelete
  32. හසිත වගේ ඉතිහාසය මිට මොලවා ගත්තු අය කිව්වාට ඉන්දුනීසියාව ගැන, බතාවිය ගැන අහලා තියෙනවා ඇරෙන්න වැඩි විස්තරයක් මාත් දන්නේ නැහැ අක්කේ. ඒත් අපිට ඊළඟ සෙම් එකේ අග්නිදිග ආසියාවේ ඉතිහාසය කියලා පේපර් එකක් තියෙන නිසා මේ පැති ගැන හොඳ වැටහීමක් ගන්න පුලුවන් වේවි. ඊට පස්සේ ඉතින් හරි :D

    ReplyDelete
  33. මම බාලි වල හිටියා අවුරුද්දක්. අද්දැකීම් නම් බහුලයි. දුප්පත් කම නිසා මිනිස්සු ආගමත් පාවලා දෙනවා. එහෙ ඉන්න ගනිකාවෝ 100% මුස්ලිම් අය. අහලවත් තියනවද මුස්ලිම් ගැනූ ගනිකා වුර්තියේ යෙදෙනවා ප්‍රසිද්දියේ? ගුරුකම් හදි හූනියම් පැත්තෙන් බලපුහාම ලෝකෙන්ම අංක එක. කාලාව පැතෙනුත් අංක එක. ලෝකෙ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඉන්න රටක් නිසා ඇමරිකන් කාරයා මොලෙන් මේරට පාලනය කරනවා.(යටින්) ඉන්දුනීසියාවෙ, කනිජ තෙල්, රත්තරන්, දියමන්ති ආකර වල අයිතිය තියෙන්නේ ඇමරිකාවට. TV චැනල් වලින් මුස්ලිම් අලුත් පරම්පරාවේ බේරේන් වොශ් කරලා තියෙන්නේ. අලුත් පරම්පරාව ඇමරිකන් පොශ් ලයිෆ් එක තමා ෆලෝ කරන්නේ. හැම කොල්ලම ටැටූ ගහගන පිස්සුවක් නටන්නේ.

    ReplyDelete