Wednesday, 25 September 2013

විහාරමහා දේවි ......

''අම්මේ මෙන්න තාත්ත අම්මගේ බ්ලොග් එක කියෝනව ''
''අපෝ ඒකෙ මොනවා බලන්නද ..මන් මේ අනික් බ්ලොග් වලට යන්නේ එතනින් ''

ඔය ඊයේ මහා රෑ මට ඇහිච්ච දෙබසක්.

''මේ දවස්වල අපේ නැන්දම්මා ඇවිත්..ඔයාට මතකනේ එයාව. මන් එයාට ඔයාගේ බ්ලොග් එක කියවන්න දුන්න. කාලෙකින් අලුත් එකක් ලියල නැහැ නේ ''

ඒ ඊයේ පෙරේදා සයිගොන් වල ඉන්න යාළුවෙක් ..දුරකතනයෙන්.

''ඔයා දැන් බ්ලොග් එක ලියන්නේ නැහැ නේ ''
ඒ අද උදේ ප්ලේන්ටියක් බිබී කය්යක් ගහන් ඉන්නකොට මගේ මෙහෙ යාළුවෙක්.

ඔයිට අමතරව හුඟක් දෙනෙක් අහල තිබ්බ මොකද වුණේ කියල ..ඇත්තටම මොකද වුණේ ??

මුකුත් නොවීම ...ඒ කියන්නේ කම්මැලි කම තමා ආයේ. දෙයක් අත ඇරුනම ලේසි නැහැ ආයේ පටන් ගන්න.

අනික පොඩි අය ලොකු වෙද්දී අපි හිතුවට වැඩ අඩු වෙයි කියල එහෙම නැහැ. අක්ක හයට ගිය නිසා දැන් ඉස්කෝලේ රැස්වීම් අනං මනං වලට දින තියෙන්නේ වෙන වෙනම. ඉස්කෝලෙන් පස්සේ ක්‍රියාකාරකම් දෙන්නට එකම දවසේ නෙමේ. ළමයින්ගේ ආසාවල් අවශ්‍යතා අනුව ඒවා තෝරද්දී එකම දවස්වලට සමපාත වෙන දේවල් හරිම අඩුයි.

අක්කට මේපාර දුණු විදින්න ඕන වුණා. නංගිට  බෝනික්කෝ හදන්න ඕන වුණා . දෙක දවස් දෙකක.
අනික් ඒවාත් එහෙමයි. ඔයින් මෙයින් මට වුනේ සතියම හවස එක්කන් එන්න යන්න වෙච්ච එක.

ප්‍රාථමික පන්ති වල හරිම සැහැල්ලු විෂයමාලාවක් තිබ්බට හයෙන් පස්සේ බොහොම වැඩ. නිසි ලෙස විද්‍යාගාරය හෙම පාවිච්චි කරලා බැරෑරුම් අකාරයට විද්‍යාව ඉගෙන ගන්න පටන් අරන්. තව මානව ඉතිහාසයේ ආරම්භයේ ඉඳන් ඉගෙන ගන්න වෙන විෂයයක් තියෙනව. මගේ ප්‍රියතම අංශයක් නිසා  ගෙදර
වැඩ හෙම කරද්දී පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ආසයි.

දවසක් අතීත කෘෂිකාර්මික විධි ගැන කියෝන වෙලාවක මන් අපේ වැව් ගැන ටිකක් කියා දුන්නා. ඔන්න මෙයාට ප්‍රශ්න ගොඩයි. කොයි කාලේද ලංකාවට මිනිස්සු ආවේ අරකද මේකද. බලංගොඩ මානවයා දක්වා අමතක විස්තර සොයල පින්තුර පෙන්නලා කතාව දුර ගියා.

විජය කුවේණිගේ කතාව කියා දුන්න.හැබැයි මන් මෙව්වා කියන්නේ මගේ දැක්ම අනුව සියට පනහ පනහ තර්කයෙන්. මුල්ම කතාවට වඩා රවී ලියපු විදිහ වඩා හොඳයි ළමයින්ට කියල දෙන්න. විජයට පොඩ්ඩක් සුදු හුණු ගාල සැර බාල කල කතාව.

ඔක්කොම අහගෙන ඉඳල ලොක්කි කියපි

''ෂඃ ඒ කියන්නේ අපි ආක්‍රමණිකයෝ ...බෝට්ටු ජනතාව '

...................................................................................................................................................................

අපේ දිහා හැමදාම වගේ නිදා ගද්දි කතන්දර කියනව. මගේ කතා සරිත් සාගරේ නම් දැන් හිඳිලා. හැමදාම කොහෙද ඔය හැටි කතා. කිව්වා එකක් කියන්නත් බැහැ . මතක ජාතක කතා ටිකත් ඉවරයි . අනික හැම කතාවම කියා දෙන්නත් බැහැ. නිදා ගන්න කොට මැරෙන මරණ කතා කියන්නත් බැහැනේ.

බුද්ධ චරිතයෙන් මතක එව්වත් ඉවරයි .පටාචාරා වගේ කතා නම් මන් කියන්නෙම නැහැ . කිසා ගෝතමී ගැන කියල පොඩ්ඩි හොඳටම දුක් වුනා.

මුණු පොතේ රුක්ෂිලා වෙහ්තමුණි සහෝදරිය පවත්වාගෙන යන ''ළමා කතා '' පැත්තේ ගියොත් කතන්දරයක් අහුලගන්න පුළුවන්. කතන්දර අමතක අම්මලා තාත්තලාට ඔන්න හොඳ ඔත්තුවක්.

[ හුඟක් පරක්කු වුනදාට , නැත්නම් මට කම්මැලි දාට ''ඔන්න ඔහේ අද කතන්දර බැහැ .කරදර නොකර නිදාගන්න '' කියන වෙලාවලුත් නැත්තේම නැහැ. මොකද අපිත් අම්මල වුනාට පෘතග්ජන මිනිස්සු. ]

මෑතක ඉඳන් ලංකාවේ ඉතිහාසයේ කතා කියන්න පටන් ගත්ත. ගැමුණු කුමාරයා කිරිබත් කාපු හැටි හෙම හොඳට ආස වුන කතාවක්.

ඊට පස්සේ දවසක විහාරමහා දේවි ගැන කියල දුන්න.[ එයා අම්මගේ ගමේ]. තාත්තගේ වරදට කුමාරිව මුහුදට යවන්න වුන එක දෙන්නටම එච්චර ඇල්ලුවේ නැහැ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් !!!

කොහොම හරි ඔන්න කුමාරි ඔරුවක දාල මුදේ පාකලා .

රටේ අනික් පැත්තට ගොඩ බැහැලා කාවන්තිස්ස රජතුමා කුමාරිව විවාහ කර ගත්තා ..


පොඩ්ඩි -''එහෙම කොහොමද ..වෙන්න බෑ .

මම - ''මොකෝ බැරි ''

පොඩ්ඩි - '' රජකෙනෙක් කොහොමද කුමාරියෙක් බැන්දේ. කුමාරියෙක් බඳින්න ඕනේ කුමාරයෙක් .''

දුවල ගිහින් ගෙනාවා එයාගේ ප්‍රින්සස් පොතක්

''මේ මේ දැක්කද ..සින්ඩරෙල්ල බැන්දේ කුමාරයෙක් ....ස්නොව් වයිට් බැන්දේ කුමාරයෙක් ...ස්ලිපින්ග් බියුටිත් එහෙමයි .

බැන්දට පස්සේ තමයි කුමාරයා රජ වෙන්නේ ..




65 comments:

  1. ඇති යන්තම් පෝස්ට් එකක් දැම්මා. අපි හරිම කම්මැලිකමෙන් හිටියේ. මටත් දැන් බ්ලොග් ලියන්ට හිතෙන්නේ නෑ. ඒකේ ඉන්නකොට අපේ එක්කෙනාගේ හිතේ මම එයාට ආදරේ නෑ කියලා.:)

    ඔය තියෙන්නේ මාතෘකා...පොඩ්ඩියි , ලොක්කියි.

    හැබෑ නේන්නම් කුමාරියෙක් හැමදාම බැන්දේ කුමාරයෙක් නේන්නම් ඔය දේවී වගේ කුමාරියක් ගිහින් අර කපුටෙක් වගේ රජ කෙනෙක් බැන්දට. :D

    ReplyDelete
    Replies
    1. එයාටත් බ්ලොග් කියවන්න පුරුදු කරන්න පොඩ්ඩි.

      ඔය අපේ කතා වැඩිය කියන්න බැරි ඕකනේ. රජවරුන්ට බිසෝවරු ගොඩාක් හිටියානේ ..ඕක දැන ගත්තොත් අහයි හොඳ ඒවා..කපුටෙක් වගේ කෑල්ල මට අමතකත් වුණා නේන්නං

      Delete
  2. අනේ මට ඔය කෙලි පැටව් දෙන්නට ලොකූඌඌඌඌඌ උම්ම්ම්මා දෙකක් දෙන්ට ඕනි :)

    ReplyDelete
    Replies
    1. දවසක එන්නකෝ මේ පැත්තේ ..නරකද අලුත් ජෝඩුව මෙහෙ ඇවිත් ගියොත් ..දෙන්නෙක්ට ඉඳුම් හිටුම් කෑම බිම අපේ ගානේ..ගෙවල් වල ඉන්න එක කරදර නම් වැව ගාව පුංචි හෝටලයක් සොයා ගන්න පුළුවන්. Nha Trang වගේ ලස්සන බීච් එකක නවතින්නත් පුළුවන් ..රෑට බකට් පත්තු කල Hoi Anh වල ඇවිදින එක හරිම රොමැන්ටික්....

      Delete
  3. ඉතින් ඇත්තනේ කුමාරියෝ කොහෙද රජවරු විවාහ කර ගත්තේ? මට මැවිලා පේනවා බනීගේ මූණ.

    ලියන්නේ නැතුව ඉන්නකොට ආපහු ලියන්න ගන්න එක බොහොම අමාරු වැඩක් තමයි. ඒත් අමාරුවෙන් වුනත් අල්ලගත්තම ඕක මහා දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අමාරුයි කියන්නේ රංගි කාලය කන්න මේක කියාපු වැඩේ..පසුගිය කාලේ තේරුණා දෙයක් තමයි මේවා නොකර ඉන්න කොට කොච්චර වෙලාව ඉතුරුද කියල. ඇබ්බැහි වුනහම ආයේ ගැලවෙන්නත් ලේසි නැහැ නේ ...

      Delete
  4. හරිනෙ,ඒ ගොල්ලන්ගෙ දැනුමට අනුව එහෙමයි,බින්දිට කියන්න තිබ්බෙ කාවන්තිස්ස කුමාරයා කියල

    ReplyDelete
    Replies
    1. පස්සේ තමයි එහෙම හිතුනේ..පස්සේ කාලෙක නම් ඒගොල්ලම කියෝලා දැන ගන්නකොට හිනාත් යයි.

      Delete
  5. දැන් කාලෙ පොඩි ළමයි එක්ක තර්ක කරන්න අපට බෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම තර්කානුකුලව හිතල හැදෙන එක හොඳයි ...අපි අපේ අම්මලට කරපු දේවල් තමා ඔය අපට ලැබෙන්නේ. නැද්ද

      Delete
  6. මටත් හම්බුණා සිංහල ජන කතා , ඉතිහාස කතා ගැන එහෙම තියෙන බ්ලොග් එකක්.. මම ඒකට සහයෝගය දීලා පොඩි දැන්වීමකුත් එල්ලන් ඉන්නවා... මේ තියෙන්නේ ඒක.. කැමති අය ගිහින් බලන්න...

    \\\පටාචාරා වගේ කතා නම් මන් කියන්නෙම නැහැ . \\\

    තාම පොඩි වැඩියි බින්දී ඔය දරුවෝ.. ඔය වගේ කතා කියන්න ගිහින් පුංචි ළමයින්ගේ හිත් වල වැරදි චිත්‍ර මැවෙන එකයි වෙන්නේ. විවාහය කියන්නේ මහා අවුල් ජාලයක් වගේ හැගීමක් එන්නත් පුළුවන් පොඩි වයසේදී ඕවා ගැන කියන්න ගියාම .

    ළමයින්ට අවුරුදු 12 වගේ වෙද්දී නම් ටිකක් ඕවා ගැන කිව්වට කමක් නැහැ ... ( ගෑණු ළමයි නම් අවුරුදු 15 වෙද්දී සියලු දේ ගැන දැණුවත් කරලා තියෙන එක හොඳයි අද කාලේ හැටියට .. )

    මොනවා උනත් ලස්සන ලස්සන කතන්දර නම් කියලා දෙන්නම ඕනේ දරුවන්ට.. ඉස්සර තාත්තා මට පොත් පෙරල පෙරල කතන්දර කියලා දෙනවා.. ඒවා අහන් ඉන්න මොන තරම් ආස කරාද කියලා අදටත් මතකයි..

    ( සෑහෙන දිග කමෙන්ට් එකක් ගහලා මැකුවා..)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් ...ඔන්න මමත් ඒ බ්ලොග් එක එල්ලා ගත්තා. අපොයි ඔව් කතන්දර කීම නම් අනිවාර්යයී. එහි ප්‍රතිපල අත්දුටුවයි. අපේ දෙන්නගේ පොත් කියවීම හරිම ඉහලයි. එයමද මන්දා හේතුව දෙන්නම භාෂා ඉගෙන ගන්න හුඟක් දක්ෂයි. සාමාන්‍ය දැනීමත් හුඟක් හොඳයි

      Delete
  7. කාලෙකින් නෙළුම්විල පැත්තෙ සැරිසරන්නෙ.... මහා දෙයක් නොලිව්වත් ඔයා ලියන පුංචි දේවල් ඇතුළෙ කොයි තරම් ලොකු කතන්දර තියෙනවද? ඒ නිසා ලියන්න කොහොමහරි කාලය හොයා ගන්න බින්දි...

    දූල දෙන්න හරිම බුද්ධිමත්, සංවේදී... ඒ බව දැනෙනවා ඔය අහන ප්‍රශ්නවලින්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු. අපොයි ඔව් පණ්ඩිත කම වැඩි වුනාට එයින් අපි හරිම සතුටක් ලබනවා

      Delete
  8. කාලෙකින් ඇවිත්. ඒක මේ කාලෙ කෙල්ලන්ගෙ හැටිම තමා. හැම දේම විවේචනේ. කාලෙ වෙනස. අපේ කාලෙ වගේ කියන දේම පිළිගන්න ලෑස්තිනෑ.
    හුරතල් වයස එයාලට මේවා බර වැඩියි හිතන්න.

    ReplyDelete
    Replies
    1. මේකනේ අක්කේ අපි අපේ අම්මලාගේ පරම්පරාව එක්ක තර්ක කල හැටි මතකනේ. මන් නම් කවදත් එහෙම ලේසියට යමක් බාර ගත්තේ නැහැ. හිතෙන හරි තර්ක කරලා මට ඕන විදිහට හදා ගන්නවා

      Delete
  9. මමත් බිංදිගෙ බ්ලොග් එකෙන් තමයි අනිත් බ්ලොග් වලට පාර හොයාගත්තෙ මුලින්ම.....ලියන්න කම්මැලි උනාට කියවන්න අය ඉන්නවා...:)
    ස්තූතී ළමා කතා ලිංක් එකට..තව ටික දවසකින් මට බොහොම ප්‍රයෝජන වෙයි කියල හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මුතු ඉක්මනින්ම ඕන වෙයි. අම්මලට තමයි වැඩිය කතා කියන්න වෙන්නේ

      Delete
  10. අද ඉන්න පොඩි කස්ටියට කතා කියන එක. අපි පොඩි කාලෙට වඩා බොහොම අමාරුයි.. අපේ ආච්චි කතන්දර කියන කොට, ආච්ච්ව ප්‍රශ්ණ කරන්න හිටපු එකම එකා මම. අනික් උන් ඔහේ කට ඇරගෙන අහගෙන උන්නා. මට නම් ජාතක කතාවල, ඉතිහාස කතාවල. ඔයාගේ පොඩි අයට තියෙන ප්‍රශ්ණම තිබුනා..

    මතකනේ මම අර කලිනුත් කිව්වා, හඳේ හාවා ඇඳපු කතාව.. ඕකට මම ඉස්කෝලේ කන හරහා කෑවා. විහාර මහා දේවී කතාව කියලා දුන්නට කමක් නෑ. දුටු ගැමුණුලගේ කතා කියලා දීලා, වෛරය පොඩි උන්ගේ හිත් වලට දාන්න එපා.. ඊට පස්සෙත් කී දෙනෙක් මේ රට ආක්‍රමනය කරලා තියෙනවද.. ඒවා වලින් මුදව ගත්ත උන් වීරයෝ නෙමෙයිද..

    ReplyDelete
    Replies
    1. කතා කීම වගේම ඇසීමත් විධාකාරයි. සමහර අය කතා කියද්දී නින්ද යනවා ...අපෝ මාතලන් කොලුවා ගැන නම් හිතාගත්තහැකි දැන් ලියන එව්වා බැලුවම ..එහෙම තර්ක කරලා වෙනස් විදිහට හිතු නිසානේ අද හොඳට ලියන්න පුළුවන් ...

      Delete
  11. //බැන්දට පස්සේ තමයි කුමාරයා රජ වෙන්නේ ..//

    තව ටික දවසක් ගිහින් ලොකු මහත් වෙලා ආවම බනියට තේරෙයි...

    //බැන්දට පස්සේ තමයි කුමාරයෝත් බලු වෙන්නේ..// කියලා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඔහොම අපහාස කරන්න හොඳද ...ඔය සමහරු ඉන්නේ තාම රජවරු වගේ ....

      Delete
    2. //රජවරු “වගේ“// ඔව් ඔව් ඒක ඇත්ත.. “වගේ“ නං තමා.. :D :D :D

      Delete
  12. //''ෂඃ ඒ කියන්නේ අපි ආක්‍රමණිකයෝ ...බෝට්ටු ජනතාව '//

    මේක දැක්කම මතක් උනේ, මගේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් මූනු පොතේ දාල තිබ්බ පින්තූරයක්. හෙඩින් එක "F***ing Boat People! ". පින්තූරෙ තියෙනෙ යුරෝපීය ජාතිකයො ටිකක් බෝට්ටුවකින් ගොඩට එනව (කැප්ටන් කුක් වෙන්න ඕන සංකේතවත් කරන්නෙ ). ගොඩ ඉන්න ඇබොරිජිනල් මිනිස්සු ටිකක් බෝට්ටුවට හෙල්ලයන් විසි කරනව. :D :D :D

    ReplyDelete
    Replies
    1. සුජිවත් ඕක ෂෙයාර් කරලා තිබුන ..බලන් ගියහම ඇත්ත තමයි. ..මුහුදුත් කාලෙකින් ලිවේ නැද්ද ..ලියල මට මග ඇරුනද ?

      Delete
  13. /* ''අම්මේ මෙන්න තාත්ත අම්මගේ බ්ලොග් එක කියෝනව ''
    ''අපෝ ඒකෙ මොනවා බලන්නද ..මන් මේ අනික් බ්ලොග් වලට යන්නේ එතනින් '' */

    එතකොට අර උදේට නෙළුම් විලේ ඉඳලා කතන්දර බ්ලොග් එක බලන්න එන්නේ කවුද? තාත්ති බබා ද?

    ReplyDelete
    Replies
    1. කකාටත් පේන දේවල්....උදේට නම් එයා වෙන්න බැහැ . බ්ලොග් කියෝන අය තව ඉන්නවා හැනොයි වල අපි ඇරුනම ..මන් නම් වැඩිය කියෙව්වේම නැහැ පහුගිය ටිකේ.

      Delete
    2. කකා කිව්ව් නිසා මමත් කියන්නම් .. මැලේසියන් IP එහෙකින් ආවට එයා ඉන්නේ මැලේසියා නෙවේ..( දවසක් සිතියම එක්ක දාලා වෙච්චි වින්නැහිය මතකයි.. ඒ නිසා නම් ගම් ඕනේ නැහැ ) හැබැයි දැනට මාස දෙකකින් වගේ ආවේම නැහැ ඒ එන කෙනා ... එයා එන්නේ හැනෝයි වලින් නෙවේ..

      Delete
    3. සහන් ගේ කතාව මට නම් ආන්ද්‍රා-ටැමිල් වගේ.

      මැලේසියාවේ අගනුවර ක්වලාලම්පුූර් නේ. හැනෝයි තියෙන්නේ වියට්නාමයේ.

      ක්වලාලම්පුර් ඉඳලා එන කෙනා ඉන්නේ එහේ ඉඳලා තමයි, නම මොකක් වුනත්, එන්නේ එකතරා සින්ඩියක එක්තරා bookmarked පිටුවක් හරහා.

      මං කියන්නේ හැනෝයි ඉඳලා නෙළුම් විල හරහා උදේට එන හිට් එක ගැන. For example: Vietel Corporation (117.7.110.89)

      Delete
    4. :D

      කකා සම්පූර්ණ කතාව දන්නවා කියල හිතලයි මම කෙටි කමෙන්ට් එකක් දැම්මේ ...සම්පූර්ණ කතාව මෙහෙමයි ..

      01. නෙලුම් විල හෝම් පේජ් එකේ ඉඳලා කෙනෙක් එනවා සතියකට සැරයක් විතර.. එයා ඉන්නේ මැලේෂියා..( බොහෝ විට ඕසි වෙන්නත් පුළුවන්..මොකද සමහර ඕසි IP සහ මැලේෂියන් IP හඳුනා ගැනීම ලේසි නැහැ... ) ඒ එන්නේ බින්දී වත් එයාගේ පවුලේ කෙනෙක් වත් නෙවේ..


      02. ඉහත හැනෝයි IP එක සහ එයට අදාළ පරිගණක විස්තරය අනුව නම් අපි දන්නා කියන කෙනෙක්ම තමයි ඒ එන්නේ .. :P ( පරිගණක 3 ක් තියෙනවා එතන ) වැඩි විස්තර ඕනේ නැහැ..IP ලිපිනය නිරාවරණය කිරීම නම් සුදුසු නැහැ කකා.. ( අසවල් දින අසවල් වෙලාවට අසවල් IP එකේ හිටියේ කව්ද කියලා හොයන්න පුළුවන් නිසා )


      03.කකා මම දවසක් සිතියමම දාලා වෙච්චි දේ මතකයි කෙනෙක්ගේ ගෙදර තියෙන තැන ගැන.. මල් ගහේ ඉඳන් කිව්වා.. :) ඉතින් මම දන්නවා හැනෝයි තියෙන්නේ කොහෙද කියලා..:D

      04. ඉහත 01 දී මම සඳහන් කල කෙනා දැනට මාස දෙකකින් පමණ ඇවිත් නැහැ බ්ලොගයට...

      05. " එකතරා සින්ඩියක එක්තරා bookmarked පිටුවක් හරහා. " මෙන්න මේ කෙනා මට ඇවිත් නැහැ... ඒ නිසා මම දන්නේ නැහැ.. ( අනිත් එක මට කාලෙකින් කකාගේ ට්‍රැෆික් බලන්නත් බැරි උනා .. වැඩ වැඩ වැඩ ! )

      විශේෂ දෙයක් කියන්නම් . ඒ තමයි ප්‍රොක්සි භාවිතා කරන්න එපා හොයන්න බැහැ කියලා හිතලා.. ඔබ ප්‍රොක්සියක් භාවිතා කල සැණින් ඔබව හයිලයිට් වෙනවා IP ටේබල් එකේ.. නිකම්ම නිරාවරණ වෙනවා මේ ඉන්නේ අසවල් කෙනා කියලා ..

      වී.ස.කකා මා ඔබේ දෙවන කමෙන්ටුව දැක්කේ මේ දැන්...

      Delete
  14. සෑහෙන කාලෙකින් තමයි නෙලුම් පිපිල තියෙන්නේ.
    බින්දිගේ කතාව කයවනකොට මටත් ගැටලුවක් ආවා කාවන්තිස්ස රජතුමා තමන්ගෙ වයසට වඩා බෙහෙවින්ම ලාබාල කුමාරියක් බැදගත්තද කියන කාරණය. අනික රජතුමා රජවෙලා හිටියනම් ඒවන විටත් ඔහුට අගබිසවක් ඉන්න තිබුණ ඉඩකඩ වැඩියි. මට පේන හැටියට මහා වංශය ලියපු අය අතිනුත් දාලා ලියල වගේ.

    ReplyDelete
    Replies
    1. රජවරු නම් මොකෝ දයා ..වැඩිහරියක් කරලා තියෙන්නේ බිසෝවරු සොයන එකනේ. මෙතෙන්දි කුමාරිට ආරක්ෂාව සපයන්න වෙන්න පුළුවන් විවාහ කරගත්තේ ..මහා වංශය ලියද්දි නම් අනිවාර්යයෙන් අතින් දාන්න ඇති....

      Delete
  15. හරිම සතු‍ටුයි බින්දිගේ නැවත පැමිණීම ගැන.

    කතා කියා දීම ළමා කාරයේ අනිවාර්ය අංගයක්. ඉස්සර නංගියි මායි තාත්තගෙන් කතා අහගෙන තමයි නිදා ගන්නේ. එක්කෙනෙක් තාත්තගේ බඩ උඩ නිදාගෙනයි අහන්නේ. දවසක් ඇර දවසක් තමයි තමන්ගේ ටර්න් එක එන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ් ..

      අපේ දිහාත් මාව තුරුළු කරගැනීමේ ගිවිසුම් ගහනව අපේ දෙන්න. හැබැයි නංගිට ඊළඟ දවසේ ඕක මතක නැහැ. එයාට දෙන කිස් ගානමද අක්කට දුන්නේ කියල හොඳට බලන් ඉන්නේ. එකක් හරි වැඩි වුනොත් ඉවරයි

      Delete
  16. //බැන්දට පස්සේ තමයි කුමාරයා රජ වෙන්නේ ..//

    ඉස්කෝලෙන් අස්වෙච්ච ගමන් රජ වෙච්ච කුමාරයොත් ඉන්නේ දෙයියනේ අපේ රටේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ අපි දන්නේ නැහැ ඕවා ......:D

      Delete
    2. ඔබේ අඩවියේ කමෙන්ට් දැමීම අපහසුයි. වර්ඩ් ප්‍රෙස් නම් මහා කරදරයක්. බ්ලොගර්ස් තරම් පහසු නැහැ

      Delete
  17. // ''අම්මේ මෙන්න තාත්ත අම්මගේ බ්ලොග් එක කියෝනව ''
    ''අපෝ ඒකෙ මොනවා බලන්නද ..මන් මේ අනික් බ්ලොග් වලට යන්නේ එතනින්'' //

    අපටත් එච්චරම තමා ඉතින් කියන්ට තියෙන්නෙ..... :P


    ඉස්සර අපේ තාත්තා අක්කටයි මටයි රෑට නින්දට යද්දි කතා කියලා දෙන්නෙ කොටස් වශයෙන්.. ඒ කියන්නෙත් අර 'වානරයා' වගේ මහ දිග කතා.. ඉතිං ටික දවසක් යද්දී අපට මුල් ටික අමතකයි.. ඒ නිසා ඒ කතා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඒ ක්‍රමය අනුගමනය කරලා බලාන්ට..

    ReplyDelete
    Replies
    1. බුරාගේ තාත්ත රවිගේ නෑයෙක්ද ..අපේ ලොක්කිට නම් මතු සම්බන්ධ කතා කිවැකි ..නංගිට නම් බැරි වෙයි..

      Delete
  18. රජ වෙනවද නැද්ද කියලා බලන්න ඉතින් බඳින්නම එපැයි..

    කිවුවත් වගේ පහුගිය ටිකේ ලියලම නැහැනේ.. ආයෙම වෙනදා වගේ ලියමු..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් බැඳලා බලන්න ...ඔය මාරයා කියන එව්වා ගණන් ගන්න එපා ...

      Delete
    2. මල්ලි..යේ... ගගේ මූදේ පැන්නොත් ආයේ ජබු ගහලා හරි ගොඩ ආහැකි... හැබැයි ඉතිං කොලුවෝ... :D

      Delete
    3. ඔය ගොඩ ඉඳන් පීනන්න හදන උදවිය නේ දිනේෂ් ...

      Delete
  19. දැන් ඉන්න පොඩි අය ඉස්සර වගේ යමක් කිව් පමණින් පිළිගන්නෙ නෑ නේද? ලංකාවෙත් දැන් තත්වය ඕක...ඒ අය දැන් යමක් පිළිගන්නෙ යම් තරමක් දුරට තර්ක කරලා...මෙයත් මානව පරිනාමයේම කොටසක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. නිදහස් චින්තනය ,....එහෙම තමයි වෙන්න ඕන ..නැත්නම් ඉස්සරහට හිතීමක් නැති වෙයි

      Delete
  20. දැන් පොඩි අය අපි පොඩිකාලෙ වගේ නෙමේ දුරට හිතනව... පොඩ්ඩො දෙන්න කිය තියෙන එක ඇත්තනෙ :) ඔය කොයි කුමාරයත් රජවෙන්නෙ බැන්දට පස්සෙතමා...
    මම පොඩිකාලෙ කතන්දර අහන්නෙ බත් කන්න. කතන්දර කියනවනම් කවන ඔක්කොම ටික කනව. අපේ අම්ම කතන්දර හද හදා කියන්න ගත්ත පස්සෙ.
    මෙන්න මෙතනත් http://www.readersisland.co.uk/කතා තිකක් තියනව ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඔන්න පිලිගන්නම වෙනවා ....මේ ඉති න කුමාරියක් නේ ...

      ස්තුතියි ලින්කුවට කුමාරි

      Delete
  21. මේ ඇත්තටම බැන්දට පස්සේ රජ වෙනවද???

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඉතින් එක එක්කෙනාගේ වෙලාව අනුව ..:.D

      Delete
  22. කතන්දර කියන ලේසි ක්‍රමයක් තියෙනවා ට්‍රයි කරලා බලන්න... :)

    බින්දි මෙහෙම පටන් ගන්නවා...

    බින්දි : "ඔන්න එකෝමත් එක රටක ඉන්නවා මොකෙද්ද...?"
    ලොක්කි : " සිංහයෙක්...!'
    බින්දි : "සිංහයෙක්...මේ සිංහයා ඇවිදගෙන යද්දී හම්බුනා මොකෙද්ද...?"
    පොඩ්ඩි : "හාවෙක්...!'
    බින්දි : "හාවෙක්... ඉතිං සිංහයා හාවගෙන් ඇහුවා මොකද්ද...? "
    ලොක්කි : "කොහෙද යන්නේ කියලා...!"
    බින්දි : "හරියට හරි...කොහෙද යන්නේ කියලා... ඉතිං හාවා කිව්වා මොකද්ද...?"
    පොඩ්ඩි : "මම මේ කෑම ටිකක් හොයාගන්න යනවා කියලා..."
    බින්දි: "කෑම ටිකක් හොයාගන්න යනවා කියලා... ඊට පස්සේ සිංහයා කිව්වා මොකද්ද...?"

    යනාදී වශයෙනි :)

    ReplyDelete
    Replies
    1. Exactly මේ තමයි මගේ ක්‍රමය

      Delete
    2. ඔය ක්‍රමේ හොඳයි අවුරුදු දෙක තුන වගේ කාලේ. අපේ උන් දැන් ලොකුයිනේ .බිටල් ට නම් ලේසි වෙයි කතා කීම ..නෝනාට පුළුවන් තාත්තගේ පිට දාන්න ඒ වගකීම

      Delete
  23. බින්දි : "ඔන්න එකෝමත් එක රටක ඉන්නවා මොකෙද්ද...?"
    ලොක්කි සහ පොඩ්ඩි (එක්වරම) : දන්නේ නැහැ!!!
    බින්දි : බුරාව සිංහයම කාපිය...
    ලොක්කි සහ පොඩ්ඩි (එක්වරම) : ආ අපි දන්නවා ඒ රටේ හිටියේ “බුරා“
    :D :D :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි....ඒක නෙමේ ඔයයි කොහොමද දන්නේ ළමයි ගැන මෙච්චර හොඳට ???

      Delete
    2. ඇයි දෙයියනේ දැන් ඔය තාරකා විද්‍යාඥයෝ ඉන්නේ..අත පත ගාලා දැකලා වගේනේ ඒ ඒ ග්‍රහ ලෝක ගැන කියන්නේ... මොකද ජීවිතේට තරුවක් අහලකින්වත් ගිහින්ද..? එතකොට සෞඛ්‍ය ඇමති කියන්නේ හොඳම සෞඛ්‍යයක් හිමි කෙනාද..? තව ඉතිං ගමකට දෙතෑකි.. හිතා ගතෑකිනේ කොහොමද කියලා... :D

      Delete
    3. ඇයි දෙයියනේ මේ අහක හිටිය අහිංසක බුරාව මේකට ගාවගත්තේ..!!?? :)

      Delete
    4. ඇයි දැන් අපිද බින්දිට ඔය සිස්ටම් එකට කතා කියන්න කියා දුන්නේ.. ? :D :D :D

      Delete
    5. අඩේ මාර්ස්, මට පේන්නෙ උඹේ කන්නාඩි දෙක මාරුකරන්ට කාලෙ හරි වගේ.. නැත්තං බීටලේවයි මාවයි පැටලුනේ මක්කැයි!? උඹ දැන් අර සැර ජාති පානය කරන්නෙත් නෑ නේද?? :P

      Delete
  24. //ඒ කියන්නේ කම්මැලි කම තමා ආයේ. දෙයක් අත ඇරුනම ලේසි නැහැ ආයේ පටන් ගන්න//
    සහතික ඇත්ත මසුරන් දාන්න වටින කතාවක්

    ReplyDelete
    Replies
    1. තොටියටත් වුනේ එකමයි නේ ...

      Delete
  25. අප්පේ මගේ කෙල්ලත් ඔහොම්මම තමා..ප්‍රශ්න අහල ඉවරයක් නෑ..කථා කිවිල්ලෙත් ඉවරයක් නෑ..මමනම් ජානකි සූරියාරච්චි ගෙ කතා පොත් ටිකට පින් සිද්ද වෙන්න තමා ගොඩක් වෙලාවට ගොඩ යන්නෙ..කොච්චර කිව්වත් මදි..හැබය් ඉතින් නිදා ගත්තම ගේත් එක්ක පාලුය්..

    ReplyDelete
    Replies
    1. ජානකි ලස්සන වීඩියෝ ටිකක් දාල තිබුණ ලඟදි . අපොයි ඔව් නිදා ගත්තම හරි නිස්සද්දයි ..

      Delete
  26. අප්පේ මගේ කෙල්ලත් ඔහොම්මම තමා..ප්‍රශ්න අහල ඉවරයක් නෑ..කථා කිවිල්ලෙත් ඉවරයක් නෑ..මමනම් ජානකි සූරියාරච්චි ගෙ කතා පොත් ටිකට පින් සිද්ද වෙන්න තමා ගොඩක් වෙලාවට ගොඩ යන්නෙ..කොච්චර කිව්වත් මදි..හැබය් ඉතින් නිදා ගත්තම ගේත් එක්ක පාලුය්..

    ReplyDelete
  27. / තාත්තගේ වරදට කුමාරිව මුහුදට යවන්න වුන එක දෙන්නටම එච්චර ඇල්ලුවේ නැහැ. /

    තාත්තගෙ වරදක් කොහෙද?...දුවට දඬුවම් විඳින්ට උනේ අම්මගෙ වරදට...තාත්ත හාමුදුරුවංව Deep Fry කලා තමයි. ඒත් ඒ වරදවා වටහා ගැනීමක් හින්ද...ඒකට සමාවක් තියනව..හැබැයි ඔය කතාවල හැමෝම වරද පටවන්නෙ පිරිමියගෙ කර උඩ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කිව්වේ..දැන් කොයිකද ඔකේ ලොකු වැරැද්ද ...අපෝ මන් ඔය deep fry කෑල්ල කිව්වේ නැහැ .දඬුවමක් දුන්න කියල කිව්වා ..මට ඒ දඬුවම මතක නැහැ කිව්වා ..

      ඉතින් ලියන්ටකෝ ඔය කතාව වෙන ව්දිහකට ..

      Delete