Thursday, 2 January 2014

සීතලට ගුලි වී හිඳිත් ..අකුරුත්




අකුරුත් එකිනෙක තුරුල් වී
සිත පතුලටම ඇලිලා
මිදුණ පොල්තෙල් බෝතලේ
පතුල වාගේම
මේ සීතලේ මොන කවිද
සිතත් තරහින
බ්ලැන්කට්ටුව අස්සෙම කොට




ගිය අවුරුද්දේ නෙළුම් විලේ නම් මලක් දෙකක් පිපුණේ අවාරෙට වගේ. හැබැයි මම නම් ඔය ගෙවුණු වසර දෙස ආපසු බැලීම වගේ දේවල් වලට එච්චරම දක්ෂ නැහැ . ඒ වගේම ඉස්සරහට ලොකුවට සැලසුම් හදන එකත් මගේ පුරුද්දක් නෙමේ. කම්මැලිකම නිසා වෙන්න ඇති. ඒ ඒ කාලෙට දවසට අවශ්‍ය විදිහට වැඩ කරන එකයි මගේ පුරුද්ද.හැබැයි ඉතින් ජනවාරි පළවෙනිදට කිරිබත් ටිකක් උයල බුදු පහන තියල හෙම තමයි දවස පටන් ගත්තේ. පසුගිය අවුරුදු ගණනකින් එහෙම අවුරුද්ද පටන් ගන්න බැරි වුණේ තිස් එක මගට ගෙවිල පළවෙනිදා මුල්ලක් අල්ලන් නිදාගත්තු නිසයි.
මේ සැරේ පොඩ්ඩක් ගෙදර යන එක කල් දැම්ම. ඒ කියන්නේ දෙසැම්බර් නිවාඩුව නිවාඩුවක් ලෙසම ගෙවුණ එක.
වෙනදට ඉතින් පස්ස කැඩිච්ච කඩියා වගේ එහාට මෙහාට දුවපු එකයි වැඩියම  වුණේ  ගෙදර ගිහින් . නොවැම්බර් ඉඳන් මෙහෙ කඩ ගානේ දුවනවා තෑගී ගන්න.ඊට පස්සේ එහෙ ගිහින් ගෙනා බෑග්  හිස් කරලා එව්වා පුරවන්න කඩ ගානේ දුවනවා.
ඒ බෑග් හරියකට අස් වෙන්න මාස ගානක් යනවා. ඒ අතට මේ අතට තල්ලු වේවි තිබිල ස්ථිර අධිෂ්ටානයක් ඇතිවෙච්ච දවසකට තමයි එව්වා අස්වෙන්නේ.
හ්ම් ..
ජනවාරි පලවෙනිදා කියන්නේ තවත් දවසක් තමයි. නමුත් මන් නම් කැමතියි ඔය වගේ යම් යම් දවස් එන එකට. හැමදාම නැත්තන් එක වගේනේ. අපේ අම්මත් හිතුවේ එහෙම.
දෙසැම්බර් අග වෙද්දී කැප්පෙටියා මුස්නක් හදල මකුළු දැල් හෙම කඩල දොර ජනෙල් රෙදි සෝදලා පොඩි අලුත් පෙනුමක් ලැබෙනවා ගෙදෙට්ට.සමහර අවුරුදු වල නම් කැවුම් කොකිස් ටිකක් හැදුනා. අඩු ගානේ කෙසෙල් කැනක් වත් වලක දාල දුම් ගස්සලා ඉදවගත්ත. කලිනුත් දවසක කිවා වගේ මන් ආසම වැඩක් කෙසෙල් කැනක් ඉදවන එක. වලක් කපල කෙහෙල් අතු අතුරලා කෙසෙල් කැන පරිස්සමට තියල උඩිනුත් කොළ දාල වහනව.දවස් දෙක තුනක් වලේ පොඩි සිදුරක් හදල දුම් පිඹිනවා.ඒ දුම් එලියට නොයන්න ආයේ වහනව.බලන් ගියහම කොච්චර ලොකු පාඩමක් අපි ඉගෙන ගත්තද.


අපි පොඩි කාලේ අපේ ගෙවල් කිට්ටුව වෙල් යායක් තිබ්බ නිසා නත්තල් කාලෙට ජනේරුවට උදේ මිදුම වැඩියි. ටිකක් සීතලයි.
'සිතල දුරුතු මහේ අතිනත ගනිමුද අපි දෙදෙනා '' කියල අහනවලුනේ ඉස්සර. ගෝලීය උණුසුම වැඩිවීම නිසා දැන් ඉතින් ඔව්ව එහා මෙහා වෙලා නේ. අනික වෙල් යායවල් ගොඩ කරලා ගොඩනැගිලි ඉදි වුණා. සපුගස්කන්ද හෙය්යන්තුඩුව පැත්තේ කර්මාන්ත පුරයක්ම ඉදි වුණානේ. හරි ඉතින්  ලෝකය වෙනස් වෙනවා. ඔව්ව ඔහොම තමයි.

.

වැඩ කරන කාලේ ඉතින් ජනවාරි පළවෙනිදාට බොහොම කැමති අලුත් ඇඳුමක් හෙම ඇඳලා කෑමකුත් හදාගෙන ගිහින් කට්ටියම සතුටින් ගත කරන්න ලැබුණ එකට . මේ පාරත් ඒ ගොල්ලන් නම් එහෙම විනෝද වෙලා පින්තුර දාල තිබුණ. ඒ වගේ දේවල් නම් මට මග ඇරෙන්නේ නැහැ කිවොත් බොරුවක්. මේ ජිවිතේ කොච්චර හොඳ වුනත් ඒවා දකිද්දී හිනි දුකක් ඇති වෙනවා.
ලෝකය කොච්චර විශාල වුනත් අපි කැමතියි අපේ රට අපේ සමාජය අපේ මිනිස්සු කියල බැඳීම් තියාගන්න. ලෝකය තනියායක් වුනත් අපි හැමෝගෙම හිත් ඇතුලේ පුංචි පුංචි කොටු හදල අපේ කියල එක එක දේවල් කොටු කරන් ඉන්නවා. දවස් තුන්සිය හට හතරක් ඒ වැටකොටු ඇර තිබ්බත් අඩු ගානේ තුන්සිය හැටපස් වෙනි දවසේ හරි පැත්තකට වෙලා අර පොඩි කොටු අස්සට රිංගල අපේ කියල වෙන් කරගත්තු පොඩි වෙලාවක් හරි ගත කරන්න මන් නම් කැමතියි.

එසේ නම් ලැබූ නව වසර හැමෝටම සුබ වෙන්න කියල පතනවා ...

අනික ලොකු වැඩ කෙසේ වෙතත් බ්ලොග් එක නම් ටිකක් වැඩියෙන් ලියන්න ඕන කියලා හිතා ගත්තා ඔන්න


68 comments:

  1. අපිත් කිරිබත් නං කෑවා. තම්බපු හාලෙන් හදපු නිසා වැඩි ලකයක් තිබුනේ නෑ.

    බින්දිලා ගේ පැත්තේ කිතුල් පැනි තියෙනවාද?

    එහෙනං නව වසරේ නිතර හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. කකාට ඕන කිතුල් පැණි නෙමේ නේද...හික්ස් :)
      කකා කිතුලක් නම් මොනවද... අපේ පැත්තේ එමු.. පොල් රා ටිකක් බීලා උම්මලකඩ වඩයක් කමු. කෙරවලපිටිය කිව්වහම ඊලඟට මතක් වෙන්නේ පොල් රා !

      සැ.යු. - රා යනු මධ්‍යසාරයක් නොවේ... :)

      Delete
    2. තම්බපු හාලෙන් කොහොමද කකා කිරිබත් හදන්නෙ

      Delete
    3. කෙ‍රවලපිටිය කිව්වාම මට මතක් වුනේ මුදිත.

      Delete
    4. කතන්දර රැවටුණා නේද . ඔය පින්තුරේ තියෙන්නේ පාල්ම් වගේ ගස් ජාතියක් . හැබැයි කිතුල් ගස් මන් දැකල තියෙනව . අපේ බිල්ඩිමේ ඉස්සරහ පැත්තේ ලස්සනට වවපු කිතුල් පැල කීපයක් තියෙනව . මේ පින්තුරේ තියෙන්නේ එව්වා නෙමේ . නමුත් විශාල කිතුල් ගස් නම් දැකල නැහැ . කිතුල් පැණිත් නැහැ . මොකෝ මන්ද නේ . මේ පළාතේ පොල් වැවෙන්නෙත් නැහැ .ශීතල කාලයක් තියෙන නිසා වෙන්න ඇති..පොල් වැවෙන්නේ දකුණට ආසන්න පැති වල..ඒ නිසා මෙහෙ පොල් ගණන් .අද කඩේකට ගියහම අයිති ගැහැණු කෙනා සයිගොන් ගිහින් ගෙනාපු පොල් වලින් සැදු ටොෆි ජාතියක් අපිට දුන්නේ හරි වටිනා දෙයක් වශයෙන් . අපි ඉතින් පොල් වතු වල දුව පැනල [ අපේ නොවෙන අපේ වගේ පොල් ඉඩමක් ] පොල් කිරි තුන් වේලටම වගේ කාල ..පොල්තෙල් ඔලුවේ ගාල ඉන්න අය වග ඒ මනුස්සය දන්නා එකක්ය . මන් වැඩි කතා නැතුව අරන් ආවා .සිත සතුටින් දුන් දෙය නිසා . මේ ගොල්ල පොල් රා ගැනත් දන්නේ නැහැ මන් හිතේ . හාල් වලින් හදන රයිස් වයින් කියල ජාතියක් තමයි ගමේ ගොඩේ බොන්නේ. ඇයි තව සර්ප වයින් හෙමත් ඔය තියෙන්නේ .

      Delete
    5. තම්බපු සහලින් කිරිබත් හදපුවම ඇට එක්කහු වෙන්නේ නැහැ නේද . බාස්මති හොඳ ඇති කැකුළු සහල් නැතිනම්

      Delete
    6. කට්ටියටම සුබ නව වසරක් වේවා

      Delete
  2. ඔව් ඔව් බ්ලොග් කට්‍ටුව නම් පිරිසිදු කරල ගන්න එක හොඳා..මාත් මේ සුට්ටක් විතර මකුලුදැල් කැඩුව.
    මේ ලඟදි මම ටිකක් ලොකු ප්‍රින්ටරයක් ගත්ත කාර්‍යාලයට..ඒක නිශ්පාදනය කරල තියෙන්නෙ වියට්නාම් වල.මට බින්දි මතක් උනා. ඒ රටවල් අපිව පහු කරල කොච්චර නම් ඉදිරියට ගිහිල්ලද...අපේරටේනම් ඉතින් රේස් පදින එක විතරනෙ කරන්නෙ.පාරවල් ටික වහල.

    මිනිස්සු දැන් දැන් ජනවාරු පලවෙනිද සමරනව වැඩිද මන්ද...? මටනම් හිතෙන්නෙ එතකොට සිංහල අවුරුද්දෙ අගය යම් තරමක් අඩුවෙනව කියල...!

    ReplyDelete
    Replies
    1. නෑ වීයෝ ... ඒ දෙකේ වෙනසක් තියෙනවා. ගොඩක් වෙලාවට කවුම් වගේ රස කැවිලි හදන, ගෙවල් අලුත් කරන, රබන් ගහන, අර ඔලුවේ තෙල් ගාන ඒවා ජනවාරි 1 දා නෑනේ. ඒක ගොඩක් වෙනස්. නැකතට කන ඒවා. හපොයි බඩගින්නේ ඉන්නකොට තමා නැකැත් එපා වෙන්නේ. :)

      Delete
    2. අප පසුකර ලෝකය දිව යන්නේ නේද වියෝ ,
      samsung හෙමත් මෙහෙ හදාපුවා ලංකාවේ තියෙන බව යාලුවෙක් කිවා . කොරියන් ජපන් ආයෝජන හරියට . චීනා ඉතින් හුරගෙන යනවා මිසක් ආයෝජනයක් කරන එකක්ය . මන් මේ ළඟදිත් කල්පනා කලේ මෙච්චර අල්ලපු රටේ වෙච්චි මුන්ට චිනව අල්ලන්නේ නැති එක ගැන

      Delete
    3. පොඩි වෙනසකටත් එක්ක මේවා ඕනේ . නමුත් ඉතින් කොයිකත් ඕනවට වඩා නම් නරකයි තමයි.

      Delete
  3. උණුසුමකි නැගී එන
    ඉඳුරු දිග අහසින්
    ඇඟමැළි කඩා හැර
    අකුරුත් පෙළට සතුටින්
    ගුලි කර තබා සීතල
    බ්ලැන්කෙට්ටුව යටින්
    නෙළුම් විල නෙළුම් මල්
    පුබුදනු මැනවි යහමින්

    සුභ නව වසරක් වේවා බින්දි...

    ReplyDelete
    Replies
    1. සීතල අකුරු ඇහැරවනා බලය සකී
      මිතුරු කමක උණුසුම ඉර මඩල වැනී

      Delete
    2. සුබ නව වසරක් තිසර

      Delete
  4. මමත් ජනේරු පළමුවෙනිදට කරන ඒ නෙයියාඩගම් වලට කැමතියි. වෙනසකටත් එක්ක එහෙම හොඳා.. ඊයෙ ගෙදරිනුත් උණු උණු කිරිබත් කාලා ඔෆිස් ආවා. කට්ටියම එකතු වෙලා හදපු තේ මේසෙ එතන. එතනිනුත් නොකා ඉන්නෙ කොහොමද ? ටිකක් වේලාසන ගෙදර යන්න ලැබෙන එකත් ලොකු දෙයක්නෙ...

    ලෝකෙ වෙනස් වෙනවා තමා. නවත්වන්න බෑ. හැබැයි ඔහොම ගිහින් ගිහින් ආයෙ හිටපු තැනට එයි කියලත් හිතෙනවා. ලෝකෙ කැරකෙන නිසා...

    බින්දිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නටත් හාමිනේටත් පුතාටත් සුබ නව වසරක් වේවා ...

      Delete
  5. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ආස්සරේ කරන්න ලැබිල ඉන්නේ හොඳ මිනිස්සු රාශියක්. ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. මන් ඔය චන්ද කතා අහන්නෙත් නැති නිසා දැන් දිනේෂ් කිව එව්වා භාගයකින් මන් නිදහස් ..ඔබටත් එසේම වේවා

      Delete
  6. පොඩ්ඩි නම් කොහොමත් කැමති ලංකාවේ ජනවාරි පලවෙනිදට. මම හිතන්නේ ඒ දවසට වඩා ඒකට ලෑස්ති වෙන එක තමා ලස්සනම. අනෙක නිලා, රතිඤ්ඤා ( මෙන්න හරියට ආවා ) පත්තු කරන එක. උදෙන්ම නැගිටලා ගමේ පන්සලට යන එක.

    මේ අවුරුද්දේ නම් වැඩියෙන් ලියන්ට බින්දි. මේ පැත්තේ එන්ටත් බෑ දුක හිතෙනවා...නෙලුම් විල දැක්කම හී හී...

    ඔයාටත්, ඔරුකාරයටත්, ලොක්කිටත්, පොඩ්ඩිටත්, වාසනාවන්ත, ලස්සන මතකයන් ගොඩක් එකතුවෙන, දුකක් ගෑවිලාවත් නැති, සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ඔන්න ඔක්කොලටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආ!!!!!

    ReplyDelete
    Replies
    1. මෙදා අයවැයෙන් උම්මා මිල අඩු වෙලාද කොහෙද,... :)

      Delete
    2. රතිඤ්ඤා වලට නම් කැමතිම නැහැ . නිලා වලට නම් ආසයි. සද්දේ නම් දරන්න අමාරුයි. මෙහෙ ගිනි කෙලි තහනම් . ආණ්ඩුව ගානේ අවුරුද්දකට දෙතුන් පාරක් [ ජාතික දිනේට හෙම ] මල් වෙඩි පත්තු කරනවා . එච්චරයි .

      ලියන්න කාලයයි සිතයි දෙකම ලැබෙන්න කියලයි මාත් ප්‍රාර්ථනා කරන්නේ . පොඩ්ඩි ටයි අයිතිකාරයටයි දෙන්නටම සුබම සුබ නව වසරක් වෙන්න පතනවා . උම්මාආආආ !!

      Delete
    3. මධුරංග ..නිකන් දෙන එකේ ගන්න මල්ලි හෙම්බිරිස්සාව නැත්තන් මක් වෙනවද

      Delete
  7. බොහොම හරි කව්රු කොහොම කිව්වත් සියළු දේ, වැටකඩොලු අමතක කරන දිනයක් තමා මේ දිනය. ඒක එක් අතකට හොද දවසක්.. මගේ ඔපීසියේ ඇයෝන්ට මගුල් වගේ. කිරිබත් උයන් කනවා, ඉතිරි වෙච්චි සම්බල් ටික කන්න කියල මේ යක්කු දවල්ට බත් හිටං උයන් කෑවා. මගේ මොකද මාත් ආතල් එකේම ඊයේ දවස හිටියා. කාටවත් බැනුං නෑ.. හැක්.. හොද දවසක් මටනං ඊයේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා හිත ටිකක් සැහැල්ලු වෙනවනම් එච්චරයි නේද

      Delete
  8. බින්දිටත්.. ගෙදර හාදයටත්.. ලොකු දෝණිටත්.. අපේ බනියටත් 2014 සුභ වේවා..!

    ReplyDelete
    Replies
    1. මාරතුමාටත් සිතු පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා !!

      Delete
  9. ගියා වසරට වඩා වැඩියෙන් ලියන්න හිතා ගත්තා මමත්..

    බලමු.. පවුල් බර කරට අරන් ලියන්නත් එපැයි..

    ReplyDelete
    Replies
    1. හා හා දැනටම පවුල් බර දැනිලාද ..දැන් තේරෙයි මෙව්වයේ බරපත්ලකම් ..

      Delete
  10. ඔබටත් සුභ නව වසරක් වේවා.....!!!
    ඔව් ඔව්. දිගටම බ්ලොග් එක ලියන්ට...
    ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා රන්දු ..ඔව් එහෙම තමයි හිතා ඉන්නේ

      Delete
  11. අවුරුදු, නත්තල්, වෙසක් පොසොන්, උපන්දින, සංවත්සර වගේ දේවල් තියෙන එක හොදයි ඇත්තටම.. ඒකාකාරී විදියට දුවන ජීවිතේට සුන්දර වෙනසක් ඇති කරනවා එවැනි ආගමන... හැම දවසක්ම මේ නැවුම්බව තියා ගන්න පුළුවන් නම් තමයි වඩාත්ම ‍හොද.. ඒත් ඉතින් ඒක සිද්ද වෙන්නෙත් නැහැනෙ...

    නෙළුම් විලේ වැඩි වැඩියෙන් මල් පිපෙන සුබ නව වසරක් වේවා...
    බින්දිටත් පවුලේ සැමටත් ආදරයම පිරුණු සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. තරුටත් අරුත්බර නැවුම් වසරක් ලැබෙන්න පතනවා ...

      Delete
  12. නෙළුම් විලේ වැඩි වැඩියෙන් මල් පිපෙන සුබ නව වසරක් වේවා...

    බින්දිටත් පවුලේ සැමටත් ආදරය, සතුට පිරුණු සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  13. සුබ අළුත් අවුරුද්දක් වේවා බින්දි අක්කාට සහා බනී දුවට !!
    මේ අවුරුද්දේ එහෙනම් වැඩි වැඩියෙන් ලියමු !

    ReplyDelete
    Replies
    1. අපොයි අනික් දෙන්න දැන් තරහ වෙනවා :D . මධුරංග මලයාටත් සියලු පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා

      Delete
    2. අනිත් දෙන්නා කිව්වේ ?
      තව පොඩි ඈයෝ ඉන්නවැයි ? අපොයි දන්නේ නෑනේ බින්දි අක්කේ..
      ඕං ඒ අයටත් සුබ පැතුවයි කියන්ඩ !

      Delete
  14. අලුත් අවුරුද්දේ මොනව නැතත් මේක ලියන්න හිතාගත්තු එක හොඳා... අලුත් අත්දැකීමුත් එක්ක අලුත් විස්තර ලියන්න ලැබෙන නව වසරක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ නේ ..අලුත්ම දේවල් ලියන්නත් ලැබෙයි නේ සමහර විට . සපාටත් නරකද බ්ලොග් කටුව ගසා බසා දාල ගත්තොත් . ඔබටත් සපා හාමිනේට සහ පොඩි දෙන්නටත් සුබ නව වසරකම වේවා

      Delete
  15. ජනවාරි පලවෙනිදා මාත් කැමතිම දවසක් . පොඩි දුකකුත් ඇති වෙනවා ගෙදර හිටි සාමාජිකයන් අද ඔකෝම නැති එක ගැන .
    …බින්දිටත් පවුලේ සියලුම දෙනාටත් වාසනාවන්ත නිරෝගී වසරක් පතනවා !.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ගිම් ..ඉස්සර පිරිලා තිබුණ ගෙවල් කාලෙකදී පාලු වෙනවා. ඔයාට සාමය සතුට සමග සුබ නව වසරක් පතනවා

      Delete
  16. මේ අවුරුද්දෙ නෙලුම් විළේ වැඩි වැඩියෙන් නෙලුම් මල් පිපෙන එක කොච්චර දෙයක්ද :)

    බින්දි අක්කටයි පවුලේ සැමටයි සුභ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. සමිටයි ගෙදර හැමෝටමයි සුබ නව වසරක් පතනවා

      Delete
  17. බොහොම කාලෙක්කින්නේ බින්දි බ්ලොග පැත්තට ගොඩවැදිලා තියෙන්නේ. ඉතින් ලැබුවා වු නවවසර ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. හික් නිතර ගොඩ වෙනවා නලින් ,,බ්ලොග් රෝලේ අනික් බ්ලොග් වලට යන්න .නමුත් ලිවේ නම් නැහැ තමයි ..ඔබටත් සුබ නව වසරක් පතනවා

      Delete
  18. දැන් නම් ආශාවකටවත් ඔහොම වලේ දාලා දුම් ගහලා කෙසෙල් ඉදවන්නෙ නෑ නොවැ...මාත් හරි කැමතී කැප්පෙටියා කොලවලින් ඔතලා තියෙන ඉදිච්ච කෙසෙල් කැන් වලෙන් එලියට ගන්න..ඒවයෙ තියෙන මහ අමුතු සුවඳක්.. අද නම් ඉතින් කාබයිඩ් තමයි !

    ReplyDelete
    Replies
    1. ආපෝ දැන් කවුද එහෙම මහන්සි වෙන්නේ වෙනි . වෙලාවකුත් නැති එකේ . අපේ ගෙදර තාමත් කෙසෙල් ගස් තියෙනව . හැබැයි වඳුරු හාමිලා එන නිසා පොහොර බෑග් වලින් වහල දුකසේ පරිස්සන් කරගන්නේ ගෙදර අය. එව්වත් හිල් කරගෙන කනවා . වෙලාවකට ඔන්න ඔහේ කාපල්ලා කියල නිකා ඉන්නවලු . ඉනිමන් වල නැගල අතපය කඩාගන්න බැරිය මේ වයසක අපිට කියල .

      Delete
  19. මොන කිරිබත් ද බං?...ඔන්න ඔහෙ බුලංකේට්ටුව අස්සට වෙලා තව ටිකක් බුදියාගං...හෙහ්, හෙහ්,

    සුබ නව වසරක් එහෙනම් මහ එවුං දෙන්නටයි හිච්චි එවුං දෙන්නටයි...:)

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ වැඩියක් වෙන්නේ එහෙම තමයි.

      සුබ නව වසරක් ඔබතුමාටයි සඳවතී අක්කටයි !

      Delete
  20. වැඩියෙන් ලියන්න ගත්ත තීරණේ නම් හොඳයි...සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සයුරි....

      Delete
  21. මේ වසරේත් පෙර වසරමෙන් අලුත් අලුත් සිතුවිලි මල් නෙළුම්විලේ පිපේවායි ආසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු..

      Delete
  22. සුභ නව වසරක් බින්දි අක්කේ.. නෙළුම් විලේ මල් වැඩියෙන් පිපෙනවනම් අපිත් හුඟක් ආසයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ...සුබ නව වසරක් වේවා

      Delete
  23. සුභම සුභ නව වසරක් වේවා බින්දි අක්කෝ.....!!!

    ReplyDelete
  24. නෙළුම් විලට අලුත් අවුරුද්ද හිරු කිරණක් වේවා'යි පතනවා.

    ReplyDelete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  26. කිරි කළ ඉතිර සුබ වේවා නව වසර..

    ReplyDelete
  27. කැප්පෙටියා මුසුන කිව්ව ගමන් මටත් මගේ ගම මතක් වුණා. ගෙවල්වල මකුලුදැල් කඩන්න කියාපු මුසුන.මතයේ ඇති කාලෙක ඒවගේ දේවල් නූතනය භාවිතයට ගන්න බවක් පෙනුනෙ නෑ. කොහොමත් අවුරුද්දකට සැරයක් අවුරුද්ද එන එක හොඳයි. මොකද කාලයක් තිස්සෙ වටිනා කියල හිතාගෙන එකතු කරපු ලට්ට ලොට්ට ටික එක හුස්මට ඇස්පියාන විසිකරන්න හිතක් පහල වෙන හින්දා..

    උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා

    ReplyDelete
  28. සුභ නව වසරක් වේවා ! මේ වසරේදිවත් නෙළුම් විලේ වැඩි වැඩියෙන් නෙළුම් මල් විකසිත වෙන්න කියා පතමි.

    ReplyDelete
  29. \\අනික ලොකු වැඩ කෙසේ වෙතත් බ්ලොග් එක නම් ටිකක් වැඩියෙන් ලියන්න ඕන කියලා හිතා ගත්තා ඔන්න\\

    ඔව්, වොව්, වොව් ඒක නං බොහොම හොඳ වැඩක් :)

    බින්දිටත්, පවුලේ සැමටත් සුභ නව වසරක්!

    ReplyDelete
  30. මේ ජනවාරි මුල් දවස නිකන් දවසක්ම විතරක් වුනා..ඒ වුනත් අලුත් අවුරුද්දක් නොවැ..තව ටිකක් වෙනස් වෙන්න හිතාගත්තා..සුබ නව වසරක් සොයුරිය

    ReplyDelete
  31. බින්දි දැන් ලියන්නේම නෑ නේද? ඉස්සර වගේ පොඩ්ඩක් හරි ලියනවා නම් තමයි අපි නම් කැමති.

    ReplyDelete
  32. සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  33. මං බොහොම පමා වෙලානෙ. අවුරුද්ද සුබ වෙන්න කියලා නම් කලින්ම පැතුවානෙ, නෙළුම් විලේ නෙළුම් මල් හැමදාමත් පිපෙන්න, පිපී දසතම සුවඳ කරන්නට දිරිය, ශක්තිය ලැබේවායි පතන්නම්

    ReplyDelete
  34. වෙනදට නම් කොච්චර ලක ලැහැස්ති වෙනවද, ඒත් ඉතින් වයසින් වැඩෙන කොට ඒවා අතපසු වෙන්නේ රාජකාරි වැඩ ඊට වඩා වැඩි නිසාද මන්දා, මේ අවුරුද්දෙවත් බ්ලොග් එක හොඳින් ලියන්න වෙලාව ලැබෙන, සතුට සැනසුම සපිරි අවුරුද්දක් වේවා කියා පතමි. ගොඩ කලින් ආවේ මේ පැත්තේ...

    ReplyDelete
  35. මදාරා,දිලිනි,හෙන්රි,,වර්ෂා,දයානන්ද,සිරා,ටොමි,ජනරංග සමාවෙන්න ඕනේ උත්තරයක් දෙන්න පමා වුනාට . වැඩ හුඟක් වැඩි කාලයක්.

    හැමෝටම සුබ නව වසරක් පතනවා පමා වෙලා හරි. ...

    ReplyDelete
  36. අප්පොච්චියේ තව පොඩ්ඩෙන් රන්ගිගෙයි බිටලගෙයි අනික් කොණ සහ හරිගෙයි කමෙන්ට් ටික මග ඇරෙනවා . කාලෙකින් මේ පැත්තේ ආවේ. හැමෝටම සුබ නව වසරක්,,,,

    ReplyDelete