Friday, 31 January 2014

හාර්බින් ...



Picture from


Ian Wright   අපට හමුවෙන්නේ විහිළුකාර සංචාරකයෙක් විදිහට .TLC  නාලිකාවේ තමයි නිතරම දකින්න ලැබෙන්නේ. ඊයේ මෙයා චීනයට ගිය ගමනක් පෙන්නුවා . දෙවතාවක්ම ලංකාවටත් ගිහින් තියෙනවා .

ඊයේ වැඩසටහනේ යන්නේ චීනයේ හාර්බින් නගරයට . වෙනදට දකින චීනයට වඩා අමුතු වෙනසක් තිබුණ නිසා මමත් උනන්දුවෙන් බැලුව .මිනිස්සුන්ගේ පොඩි රුසියන් ගතියක් තිබුණ. .අමුතු දෙයක් දැක්කම විශේෂයෙන් රටක් පලාත්ගක් ගැන වුනහම වැඩියෙන් සොයා බලන උණක් තියෙනවනේ මට. ඉයන් රයිට් මේ වැඩසටහෙන් කීවාට අමතරව ගුගල් ගිහින් මම මේ හාර්බින් ගැන ටිකක් කියෙව්වා. මිට කලින් කියෝපු The House of sixty  Fathers කියන පොතෙත් හාර්බින් වලට බෝම්බ වැටෙද්දී පලා යන චීන පවුලක් ගැන කියෝලා තියෙන නිසා මට ගැන සොයන්න සිතුනේ.


මිනිස්සුන්ගේ රූප ස්වභාවය නිසා චීනයේ උඩහට වෙන්න තමයි හාර්බින් තියෙන්න ඕන කියල දැනුන. එක හරියටම හරි. පිහිටීම ගැන කියනවා නම් ඊසාන දිග චීනයේ තමයි හාර්බින් පිහිටලා තියෙන්නේ . මැන්චුරියාව කියල ඉස්සර හඳුන්වපු ප්‍රදේශයේ . මැන්චුරියාව ගැන නම් හුඟක් මට අහන්න ලැබුනේ කොරියන් කතා වලින්. කොරියාව ජපානයට යටත් වෙලා තිබ්බ කාලේ නිදහස් සටනේ ක්‍රියාකාරීන් සැඟවෙන්න සහ සංවිධානය වෙන්න එහෙට තමයි ගිහින් තියෙන්නේ. ඒ කතා වෙන දවසක .
පුරාණ කාලේ ඉඳන් ජනාවාස වුනත් හාර්බින් විශේෂිත නගරයක් වෙන්න  පටන් ගන්නේ 19 වන සියවසේ අග භාගයේදී . රුසියාවේ  ආධාර යටතේ ඉදිවුන නැගෙනහිර චීන දුම්රිය මාර්ගය ත් සමග

මේ සමග ඇති වුන ආර්ථික ප්‍රබෝධය නිසා රුසියානු ජාතිකයින් විශාල වශයෙන් මෙහි පැමිණුනා. මොස්කව් සහ පැරිසියේ අලුත් විලාසිතා චීනයේ අනිකුත් නගරවලට කලින් හාර්බින් වලට ආපු නිසා විසිවෙනි සියවසේ මුල භාගයේදී හාර්බින් පැෂන් සිටි ලෙස හැඳින්වුනා .
රුසියන් විප්ලවයෙන් පස්සේ පසු බැස්ස පරණ රුසියන් හිතවාදීන් හාර්බින් රුසියන් නගරයක් මෙන්ම නිර්මාණය කළා . දෙවෙනි ලෝක යුද්ධ සමයේ යුරෝපයෙන් පලා ආ යුදෙව් ජාතිකයින් විශාල ලෙස හාර්බින් වල සරණ පැතුවා. චීනයේ යුදෙව් ඉතිහාසයත් කියවන්නට අගේ ඇති මාතෘකාවක් වුවත් අද එයට වෙලාව නොවෙයි

ශුෂ්ක සිසිරයක් සහිත මේ පළාතේ අයිස් වලට වඩා අප හදවත් සිතල කරන දුක්බර කතාවක් තියෙනව. ඇත්තටම මට වැඩියම කියන්න ඕන වුනේ මේ කතාව.

ජපන් අධිරාජ්‍ය තම බල ප්‍රදේශ වයාප්තියේදී මැන්චුරියාව පහසුවෙන් යටත් කරගන්නවා.  කලින් කී පොතේ තිබෙන්නේ මේ බෝම්බ වලට බියෙන් පලා යන චීන පවුලක් ගැන ම තමයි.
මේ වෙද්දී හරිම නිස්කලංක පුස් පැටියෙක් වගේ ඉන්නා ජපානය ඒ කාලයේ ක්‍රියා කර තබෙන ආකාරය නම් ඉතාම පිළිකුල් සහගතයි. නාසීන් යුදෙව්වන් යොදාගෙන කල අමානුෂික පර්යේෂණ ජපනුන් මේ කලාපයේදී චීන සහ අනිකුත් අතට අසුවන සියලු ජාතිකයින් යොදාගෙන කර තිබෙනවා.

Unit 731 ගැන ඇතැම් අය අසා ඇති. මේ සංවිධානයේ අරමුණ වුයේ මිනිසුන් යොදා කරන රසායනික සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ . මොවුන්ගේ මුලස්ථානය පිහිටවුයේ හාර්බින් වල . අධික ශීතලට හසුකර මිනිස් ශරීරය ප්‍රතිචාර දක්වන හැටි , විවිධාකාර එන්නත් විදීම්., අතපය කපා ලේ ගැලිමකින් මියයාමට ගතවන කාලය මැනීම්, සමාජ රෝග ඇතුළු නානාප්‍රකාර විෂබීජ ශරීර වලට ඇතුළු කිරීම් වැනි අතිශය බිහිසුණු වද හිංසා වලට පළාතේ ජනතාව යොදාගෙන තිබෙනවා. එමෙන්ම යුද සිරකරුවන් .

ජපන් හමුදා පරාජය වෙද්දී මිත්‍ර හමුදා බෝම්බ වැටෙද්දී ඇතැම් නිලධාරින් පලා යනවා . ඔවුන් සියල්ලන්ටම දඬුවම් ලැබෙන්නට ඇතියි ඔබ සිතනවාද .

ඉතිහාසයේ වඩා පිළිකුල් කතාවක් එතනදී අපට අසන්නට ලැබෙනවා . මෙම වධකයින් අතරින් ඇතැමෙක් පසු කලෙක ඖෂධ ව්‍යාපාර පවා අරඹනවා . පුදුමයි නේද .
මේ සංවිධානයේ පර්යේෂණ ප්‍රතිපල වලට ලොබ බැඳ ගන්නා ඇමරිකාව මේ වදකයින්
 යුධ අධිකරණයන් වෙත යොමු කිරීමෙන් වළකනවා. ඒ පර්යේෂණ ප්‍රතිපල වලට හුවමාරුවක් ලෙස. රුසියාව යම් පමණකට පිරිසකට දඬුවම් දෙන්න පෙළඹෙනවා. නමුත් මේ ලිපිලේඛණ ප්වුන් පවා පසු කලෙක ප්‍රයෝජනයට ගන්නවා . ඔබ මා අද ලෙඩකට ලබා ගන්න බෙහෙතක නැත්නම් එන්නතක අපමණ වේදනා විඳ මිය ගිය අහිංසක මිනිසුන්ගේ ලේ තැවරී තිබෙන්නත් පුළුවන් බව සිතීමත් කෙතරම් බිහිසුණුද.
නාසි ජර්මනියේ වධකාගාර ගැන හුඟක් චිත්‍රපට බලල තියෙනව . නමුත් ජපන් වද කඳවුරක් දැක්කේ ස්පිල්බර්ග් ගේ Empire of the Sun චිත්‍රපටයේ විතරයි. තව තියෙනවද දන්නේ නැහැ . නමුත් මට නම් අහුවෙලා නැහැ . කොරියාවේ කාන්තාවන් ජපන් හමුදාවන්ගේ ලිංගික වහලුන් ලෙස ගෙනයාම වගේම මේ පර්යේෂණ වදකාගාර ගැනත් ජපානය තවම ප්‍රසිද්ධ සමාවක් ඉල්ලලා නැහැ . 
ඉතිහාසයේ කිල්ලෝටවල කාගේ කාගේත් හුණු ඇති බව නම් මොනවට පැහැදිලියි. ඇතැම් විට අප අද සුවපත් වන්නේ මෙවැනි මිනිසුන් විඳි දුක් වේදනා වල ප්‍රතිපල මතින් වීම ඉතිහාසයේ දරුණුම සරදම වේ





හාර්බින් අද වෙද්දී ප්‍රසිද්ධ නම් අයිස් උත්සවයට.. අයිස් අනුරූ වලින් ශුෂ්ක සිසිරය අලංකාර වන හාර්බින් වෙසෙසින් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා. සංගීතයට සහ නර්තනයටත් හාර්බින් වලදී ලැබෙන්නේ ඉහල තැනක් .

37 comments:

  1. ටිබෙට් අල්ලා ගත්තට පස්සේ චීන්නුත් ඔය පර්‍යේෂන කරලා තියෙනවා එහේ.

    ReplyDelete
    Replies
    1. කොයි කවුරුත් ඔහොම තමයි ඉතින්..නාසීන් ටිබෙට් වලත් පර්යේෂණ කලාලු නේද ඒගොල්ලන්ගේ උත්පත්තිය ආර්ය කියල පෙන්නන්න

      Delete
    2. නාසී ටිබෙට් රටට ඇවිත් පරණ පොත් පත් ගොඩක් අරගෙන ගිහින් එයාලගේ තාක්ෂණ අංශයේ දියුණුවට යොදා ගත්තාය කියලා අහලා තියෙනවා

      Delete
  2. ලෝකේ හොඳ දේවල් බොහොමයකට මුල් වෙලා තියෙන්නේ නරක දේවල් වල ප්‍රතිඵල තමයි. නමුත් නරක දේවල් වලින් තව තවත් නරක දේවල් වලට පෙළඹෙනවට වඩා ඒක හොඳයි. රටවල් වල ආණ්ඩු නම් තමන්ගේ වාසිය පිණිස හැසිරෙන එක ඇත්ත. නමුත් අද ලෝකය මේ තත්වයට පත් වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සු, සංවිධාන මේවාට විරුද්ධව හඬ නගපු නිසයි.

    අර 'බ්ලඩ් ඩයමන්ඩ්' චිත්‍රපටයේත් තියෙන්නේ, දියමන්ති වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවද කියන එක.

    ReplyDelete
    Replies
    1. හ්ම්...අප්‍රිකාවේ නම් තත්වය අදටත් බොහොම දුක්බරයි. කොංගෝ වල කැරලිකරුවන් තමන්ගේ බලප්‍රදේශය ව්‍යාප්ත කරන්නේ අතට ව්හුවෙන ගැහැණු ළමයි දුෂණය කරමින් සහ අනෙකුත් වැඩ හිංසා වලට ලක් කරමින් .

      Delete
  3. සුළු වශයෙන් දැනුත් ඔය වාගේ වැඩ නොවෙනවා නෙමෙයි නේද

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් හුඟක් ඔය ආධාර ලෙස දෙන බෙහෙත් වර්ග ගැන හෙම පරිස්සන් වෙන්න ඕනේ

      Delete
  4. දැන් නං කව්රුත් නිකං උපාසක වරු වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඒ රටවල සාමාන්‍ය මිනිසුන්ට කරන්න දෙයක් නැහැ . නමුත් ජපන් රජය නිකමට හරි සමාවක් ගන්න වටිනවා

      Delete
  5. Pls talk about pollution crisis in Harbin, also talk about how they feed hungry tigers, http://www.dailymail.co.uk/news/article-1248719/Lunch-run-Shocking-moment-LIVE-cow-fed-hungry-tigers-tourists.html

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පළාතේ පරිසර දුෂණය ගැන කියන්නම ඕනේ. නමුත් මගේ මුලික අරමුණ වුනේ වද කඳවුර ..ඔව් කතා කරන්න පුළුවන් නම් හොඳයි. කෘතිමව ඇතිකළ සෆාරි වල සහ සත්ව උද්‍යාන වලට නම් මමත් විරුද්ධයි. ඔතනදි බලන කෙනාගේ සංවේදී කම මත මේ සිද්ධි වල කුරිරු බව වෙනස් වෙනවා ඇති. ගව පොරයක් බලල සන්තෝෂ වෙන්න හැකි කමයි මෙයයි අතර ලොකු වෙනසක් නැහැ . .

      Delete
  6. අයිස් උත්සවයක් ගැන හිතද්දිත් වෙව්ලනවෝ!!!

    ReplyDelete
    Replies
    1. හොඳට උණුසුම් ඇඳුම් තියේ නම් නරකම නැතුව ඇති...අපේ පොඩි දෙන්න සියෝල් වලදී හිම වලට දක්වපු ආශාව දැක්කම මෙව්වට ආස අයත් ඉන්නවා ඇතියි කියල හිතෙනවා

      Delete
    2. ඉතිහාසයයේ අඳුරු යුග බොහොමයි. මොන ප්‍රශ්ණ තිබ්බත්, අද අපි ජීවත් වන්නේ එදාට වඩා හොඳ යුගයක් කියල මට නං හිතෙනවා.

      හොඳ ලිපියක්. නොදන්නා බොහෝදේ දැණගත්තා

      Delete
    3. මමත් ආසම ආසයි හිමවලට. ලියන්ට දේවල් ගොඩයි බින්දි. ඒත් වෙලා නැති හන්දා පස්සේ එන්නම්...:)

      Delete
    4. බස්සෝ ...මේක මහා නරක කාලයක්ය , ඉස්සර මිට වඩා හොඳය කියල නේ හුඟක් අය කියන්නේ . නමුත් හැමදාම කලේ මොකක් හරි එකකට මරාගත්ත එක තමයි. ලෝකයේ ජනගහනය පාලනය වෙන්න ස්වභාව ධර්මයෙන් ම ඇති වන දේවල්ද මන්ද ..

      පොඩ්ඩි ..

      හරි හරි හිමිට හම්බ වෙමු

      Delete
  7. බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. යු ආර් වෙල්කම්

      Delete
  8. කලින් අසා නැති විස්තරයක්...වැඩිදුර තොරතුරු ජාලෙන්ම හොයලා බලන්නම්....ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා

      Delete
  9. තමන් දන්නා කුණු හරුප කියා ගන්නට තැනක් නැති කොන්ද පන නැති කාලකන්ණි නිසා ආයෙමත් කමෙන්ට් මොඩරේට් කිරීමට සිදුවිය. ලිපියක සජීවී බව රණදා පවතින්නේ කමෙන්ට් මත. මොඩරේට් කිරීම මා ඉතාම අකමැති දෙයක් . මක් කරන්නද සිරි ලංකාව නේ .

    ReplyDelete
  10. ස්තුතියි බින්දි හොඳ ලිපියක්.......

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි නලින්

      Delete
  11. බලය අතේ තියෙන එකා බලය පාවිච්චි කරන හැටි අපි අතීතය පුරාවට දැකලා තියෙනවනේ. ඒකෙ ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෑ. අනික ඔය ජීවිතයක වටිනාකම, මනුෂ්‍යත්වය වගේ දේවලට ලැබෙන වටිනාකම යුගයෙන් යුගයට, දේශයෙන් දේශයට වෙනස්. අපේ රජකාලේ දඬුවම් ගැන හිතලා බලන්නකො.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය රජකාලේ දඬුවම් නම් ඉගෙන ගන්න ඇත්තේ අපායේ වධ ගැන අහල වෙන්න ඕනේ. මෙහෙ පන්සලකත් තියෙනවා තාප්පයක් පුරා අපායේ වධ ගැන චිත්‍ර . ළමයි අහනවා මේ ඇත්තද කියල

      Delete
  12. ඒ හැටි කෝප වෙන්න එපා බින්දි. තමන්ටමය් හොඳ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ආනේ මන් නම් කෝප වෙන්නේ නැහැ අසිකින්ස්. ඔයා කිවේ කමෙන්ට් ගැනද . නැහැ ඉතින් තුන් තිස් පැයේ මේක දිහා බලන් ඉන්න බැහැනේ . වෙන වැඩ නැතුවය. පුද්ගලිකව මන් අසභ්‍ය වචන පාවිච්චියක් නැහැ . ඒ නිසා මගේ බ්ලොග් එකේ එහෙම කවුරුවත් ලියනවට මන් කැමතිත් නැහැ. වෙන අය තමන්ගේ තැන්වල ලීවාට මන් නම් ඔව්ව සොයන්න යන්නෙත් නැහැ . අපේ පැත්තේ හිටියා කසිප්පු බිලා හවසට පාරේ කෑගගහ යන අය . අපි ඒ වෙලාවට දොරවල් වහල ගේ ඇතුලට වෙනවා . එච්චරයි

      Delete
  13. ////ඉතිහාසයේ කිල්ලෝටවල කාගේ කාගේත් හුණු ඇති බව නම් මොනවට පැහැදිලියි. ඇතැම් විට අප අද සුවපත් වන්නේ මෙවැනි මිනිසුන් විඳි දුක් වේදනා වල ප්‍රතිපල මතින් වීම ඉතිහාසයේ දරුණුම සරදම වේ//////
    බොහෝමයක් දේ නැවත නොසිතනා තැනටම තල්ලු කර දමා අහවරය. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය තම තමන්ට වාසි විදිහටනේ ලියවුනේ. දැන්නම් මේ අන්තර්ජාලය නිසා ඒ විදිහටම කරන්න අමාරුයි ..නේ . අද මන් ආයෙත් ඔඅබ්ගේ ලිපි කියවන්න ගත්ත ..අපුරුයි. කාලයක් මට මග ඇරිලා

      Delete
  14. හුඟක් වැදගත් විස්තර ටිකක් දැන ගත්ත ලිපියක් අක්කේ.. මාත් ආසම අයිස් උත්සව වලට.. ඒකේ හරි අපූරු බවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මලයට නම් හිම කාලෙට හිම ඇති නේද

      Delete
  15. මිනිස්සු වද විඳිල හදන බෙහෙත වග්ම තමා අසරණ මීයො ලෙඩ වෙලා දුක් විඳල අපට දෙන බෙහෙතුත්. මොනතරම් සමාජෙ දියුණුයැයි කිව්වත් තාම අපේ අතරෙ, සමාජෙ සහ මේ ක්‍රමයෙ ගෝත්‍රික බවන් සම්පූර්ණයෙන් මිදිලත් නෑ, මිදෙන්නෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ..වැඩිය මොකෝ උසස් පෙළ කරන කාලේ ගෙම්බෝ කරපොත්තොම කියක් නිවන් යැව්වද .

      Delete
  16. බින්දි , මේ තත්වයම තමා වියට්නම්යෙත් උනේ, ඒ වාගෙම දෙවන ලෝක යුද්දෙදී ජපානෙ අල්ලා ගත් ප්‍රදේශ වලත් මේ වාගෙම සිද්ධි සිද්ධ උනානෙ. මා කුඩාකාලයේ ඉතාම හද සසල කල කතාවක් කියෙව්වා නෙවිල් ෂුට් (Nevil Shute (Author) ගේ අ ටවුන් ලයික් ඇලිස් කියන අනුවේදනීය කතාව. එක හුස්මට කියෙව්වෙ. ඔහුගේ පොත් කීපයක්ම මට කියවන්නට වාසනාව ලැබුනා තාත්තාගෙ පොත් ගුලේ තිබිලා. කොයිතරම් රස වින්දාද කීවොත් අවුරුදු ගනනාවක් ගතවීත් තාම මතකයේ තියෙනවා. මේ වාගේ සිද්දි හරියට තියෙනවා අතුරු කතා ලෙස. හාර්බින් කියන්නෙ "a place for drying fishing nets", කියන තේරුමයි. මේ හාර්බින් නගරය ගැන Wild Swans ( Jung Chang ) ගෙ පොතෙත් තිබුන බව මතකයි.

    ReplyDelete
  17. ඔය චීන පෙනුම තියෙන මිනිස්සු දැන් ලෝකෙ නැති තැනක් නෑ... මේ සැරේ වින්ටර් ඔලිම්පික්ස් බලනකොටත් එහෙම හිතුනා...
    ඔය කොරියන් කතා වලින් අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද නේද බින්දි? :D
    අතීත කතාවලදි ගොඩක් වෙලාවට ඔය ජපනගෙන් එල්ල වෙච්ච තාඩන පීඩන පෙන්නනවා... විශේෂයෙන්ම ඔය ලිංගික වහලුන්ගෙ කතාව.... හරිම පිළිකුලක් දැනෙන්නෙ... මේ පර්යේෂණ ගැන අඟවන ඒවත් තියෙනවද මන්දා...

    ReplyDelete
  18. මේ නගරය ගැන කලින් අහල ඇති, නමුත් ඔළුවට ගිහින් තිබ්බේ නැහැ. ගොඩක් දේවල් දැනගත්ත.
    'Empire of the Sun' චිත්‍රපටයේ වධකාගාරයක් නෙමෙයි ඇත්තටම සිර කඳවුරක් තමා තියෙන්නේ. ජපන්නු චීන ජාතිකයින්ට අමානුෂික වධ දීපු බව මමත් කියවල තියෙනවා. 'The Last Emperor' චිත්‍රපටයෙනුත් යම් විස්තරයක් මේ කාලය ගැන දත හැකියි.

    ReplyDelete