Friday, 21 February 2014

මකර පාලමින් එගොඩට ...

හැනොයි නගරයේ සිට පැය දහයකට ආසන්න කාලයක් දුම්රිය නිදන මැදිරියක ගමන් කර අප ලාඕ කායි දුම්රිය ස්ථානයට සේන්දු වුණේ උදේ හතට පමණ . මීදුම පරිසරය වසාගෙන . හරියට රාත්‍රී දුම්රියේ ගොසින් නානුඔයින් බහිනවා වගේමයි. වෙනස උදේ හත පමණ නිසා හිරු පායා තිබීම පමණයි. දුම්රිය අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට . නමුත් මැදිරි කීපයක් පුද්ගලික හෝටල් වලට පවරා තිබෙනවා .එක වර හෝටලය සහ දුම්රිය මැදිරියක නිදන කාමරයක් වෙන් කර ගැනීම තමයි පහසු . නමුත් පුද්ගලිකව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අනෙක් සාමාන්‍ය මැදිරි වල යන එක මිල අඩුයි. බැක් පැක් සංචාරකයින් සහ හුඟක් දේශීය ජනතාව යන්නේ එහෙම තමයි . නමුත් අලුත්ම ගමනක් නිසාත් යන්නට තීරණය කලේ අන්තිම මොහොතේ නිසාත්  අප හෝටලයක් මගින් වෙන් කර ගත්ත. රාත්‍රිය නිසා වට පිට බලා ගැනීමට බැරි වීම නම් දුකක් .


 බොහොම සැප පහසුවට යන්න හැකි කෝච්චි පෙට්ටි ..පහල තියෙන්නේ අවන්හල් මැදිරිය . වියට්නාමේ කිව්වම ඉතින් අපි හුඟක් හිතා හිටියේ තාම බිම් බෝම්බ අහුලන ,බිත්තිවල බඩගාන හුනෝ අල්ලන් කන රටක් කියලනේ . අපි මෙහේ එද්දිත් සමහරු කිව්වා ඇමරිකාව එක්ක යුද්ධයක් තියෙනව නේද කියල .ඊට කලින් සතියේ පන්නිපිටියේ බෝම්බෙ පිපිරුවේ. මේ දේවල් මම දාන්නේ ඇත්තටම වියට්නාමේ බොහොම වෙනස් බව කියන්න . දුප්පත් මිනිස්සු නැතුව නෙමේ . පොහොසත් දුප්පත් මිශ්‍ර රටක්


ලාඕ කායි කියන්නේ චීනයේ මායිමට වෙන්න තියෙන උතුරු වියට්නාම අන්තිම ස්ටේෂන් එක. කොටින්ම අපි චීනය මායිමට ගියා . ඉතින් ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනව . එකක් මේ දුම්රිය මාර්ගය . අපේ බ්‍රිතාන්‍ය පාලන සාමය වගේ වියට්නාමය අල්ලන් හිටියේ ප්‍රංශ ජාතිය විසින් කියල කලින් බොහොම තැන් වල ලියවුනානේ . ඒගොල්ලත් තමාගේ ලැබ ප්‍රයෝජනය සඳහා හදාපු දුම්රිය මාර්ග පද්ධතියක්  මෙහෙ තියෙනව. අපේ තරම් පොදු ප්‍රවාහන  ජනප්‍රිය නම් නැහැ . එකක් මෙහෙ මිනිස්සු'' මයි බයික් මයි පෙට්‍රල් '' පිළිවෙත නිසා . අනික දුම්රිය මාර්ග විහිදිලා තියෙන්නේ සීමිත පළාත් කීපයකට  විතරයි. ප්‍රධාන මාර්ගය හැනොයි සිට උතුරින් ලාඕ කායිදක්වා . හැනොයි සිට දකුණට මුහුද අයිනෙන් වැටුණු දකුණු මාර්ගය .මට මතක විදිහට හෝ චි මින් දක්වා . සිතියම බැලු විට නම් ඉන් ටිකක් පහලට යනවා . සමහර ට්‍රැක් මේ වන විට භාවිතයේ නැහැ . නමුත් වැඩි දියුණු කල දුම්රිය මාර්ග පද්ධතියක් යෝජනා වී තිබෙන බව සඳහන් .



වැඩිදුර ලිවීමට අලස නමුත් හැනොයි ලාඕ කායි දුම්රිය මගේ ඉතිහාසය නම් මා සිත ගත නිසා යමක් ලියන්නම සිතුවා .
ලාඕ කායි කියන්නේ ඉතාම දුෂ්කර ලා සැලකිය හැකි කඳුකර පෙදෙසක් ..චීනය මායිමේ ඇති මේ ඈත එපිට කඳුකරය වෙත ප්‍රන්ශුවා ගේ අවධානය යොමු වුනේ ඇයි ?
ප්‍රංශය වියට්නාමය ගැන මෙතරම් අවධානය යොමුකළේ ඇයි කියල කලින් ලිපි වල කිප වරක් කිවා . දකුණු ආසියාව , මලයාව ආශ්‍රිතව පැතිරුණු බ්‍රිතාන්‍ය ආධිපත්‍ය නිසා ප්‍රංශයට ඉතුරු වුනේ මේ පළාත .කාම්බෝජය , ලාඕසය වියට්නාමය එක්කහු කර ඉන්දු චීනය ගොඩ නැගීම ඔවුන්ගේ අදහස වුනා . ලඟදි මිය පරලොව ගිය ජෙනරාල් ගියෙප් [ සියෙප් ] තමයි ප්‍රංශයට ලොකුම ටොක්ක ඇන්නේ .ඩියෙන් බියෙන් පු වලදී.
ඔහු ගැන ලියන්න  හිටියේ . කොහෙද ලියන මුඩ් තිබ්බේ නැහැ .ඇත්තටම වියට්නාම ජාතිකයින් ඔහුට දෙවියෙක්ට වගේ සලකන්නේ .

ඉතින් බුරුමය පැත්තෙන් බ්‍රිතාන්‍යයින් චීනයට ලඟා වන්නට පෙර වියට්නාමය පැත්තෙන් චීනයේ යුනාන් පලාතට සම්බන්ධ වෙන්නයි ප්‍රංශයට උවමනා වුනේ . උතුරු වියට්නාමයේ [වෙනම රටක් නොවේ ] ප්‍රධානම වරාය හයි පොන්ග්[  Haiphong]. හයි පොන්ග් සිට යුනාන් දක්වා වෙළඳ කටයුතු පහසු කරන්නට තමයි මේ දුම්රිය මග ඉදි කලේ .හයි පොන්ග් සිට එන අතුරු මග හැනොයි වලදී ප්‍රධාන පාරට එකතු වෙලා චීනය දෙසට යාමක් තමයි සිද්ධ වුනේ .

මේ සඳහා රතු ගඟ හරහා ඉදිකළ පාලම ''ලොන්ග් බියෙන් '' Long Bien Bridge පාලම .මකරෙකුගේ හැඩය ගත් මේ අපුරු පාලම ගැන රසවත් කතාවක් තිබෙනවා .ඒ තමයි අයිෆල් කුළුණ සහ මෙම පාලම එකම සැලසුම් ශිල්පියාගේ  බව . අදටත් සාමන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ එලෙසයි . නමුත් මෑතකදී සඟරාවක පළවූ ලිපියකින් මා දැන ගත්තේ එය එසේ නොවෙන බව . එවකට ගිනිකොණ දිග ආසියාවේ දිගම පාලම වූ මෙය  තනිකර යකඩින් තැනුනක් . අද වන විට හැනොයි නගරයේ සංකේතාත්මක දර්ශනයක් ..අදටත් දුම්රිය මග මේ මතින් වැටි තිබෙනවා . එයට සමාන්තර අලුත් පාලමක් මදක් ඈතින් ඉදිවී අනෙකුත් ප්‍රවාහන කටයුතු සිදු වෙනවා වුවත්  මේ පාලම නම්   සංරක්ෂනය වේවි වටිනා නිර්මාණයක් නිසා .

පාලමේ තව පින්තුර මෙතනින් 

හැනොයි වල මේ පාලම යට රාත්‍රී මාකට් එක හරිම ප්‍රසිද්ධයි. නගරයේ තොග වෙළඳාම ප්‍රධානව සිදුවෙන තැනක් .

1901 දී ආරම්භ වෙලා 1910 වෙද්දී චීනයේ කුන්මින්ග් දක්වා දුම්රිය මග නිම වෙනවා . විශාල සංඛ්‍යාවක් ජිවිත මැලේරියා වෙන් සහ අනෙකුත් පිඩා වන නිසා මේ දුම්රිය මග ඉදිකිරීමේදී නැති වෙලා තියෙනව . ''ඉන්දු චයිනා '' කියන චිත්‍රපටයේ තරමක් මේ දුම්රිය මග ඉදිකිරිම ගැන සඳහන් වුනා මතකයි.
වරින් වර ඇති වූ ස්වභාවික විපත් සහ යුද්ධ මාර්ගයේ චීන සම්බන්ධය බිඳ වැටෙනවා . සිනෝ වියට්නාම යුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙලා . ලාඕ කායි අවසාන දුම්රිය පොළ ලෙස ඉතුරු වෙනවා. නමුත් දෙරටේ වැසියන්ට එහා මෙහා යා හැකි දේශ සිමා මුර කපොල්ලක් මේ වන විට ක්‍රියාත්මකලු . අපි ඉතින් ත්‍රස්තවාදීන් නිසා එහෙම ලෙසියකට රටකින් රටකට යන්න වාසනාව නැතත්  පින් කල රටවල මිනිස්සු එහෙම එහා මෙහා යනවලු.
ලාඕ කායි සිට ඉතිරිය හෙට . දිග ගමනක්නේ ..කොහේ ලියන්නද සේරම

ප. ලි.

නෙළුම් විලට අලුත් හැඩයක් දෙන්න පින්තුරයක් හදා එව්වේ සිරා මලයා ..ස්තුතියි සිරා

60 comments:

  1. ස්තූතියි බින්දි නඟේ විස්තර ලිව්වට. කෝච්චි ගමන් යන්න මාත් හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. මමත් ගුවනට වඩා රේල් පාරට කැමතියි .හැබැයි වැඩිය අවස්ථා ලැබිල නැහැ කෙටි ගමන් ඇරෙන්න .

      Delete
  2. ඔක්කොම තේරුනා //අපි ඉතින් ත්‍රස්තවාදීන් නිසා එහෙම ලෙසියකට රටකින් රටකට යන්න වාසනාව නැතත් පින් කල රටවල මිනිස්සු එහෙම එහා මෙහා යනවලු.// ඔන්න ඔය කොටස හැර.....

    සිරාගෙ වැඩෙත් සිරා...!

    ReplyDelete
    Replies
    1. අපොයි බුද්ධි බලන්නකෝ විසා එකක් ගන්න ගිහින්. ලංකාවේ තියෙන ඒ ඒ රටවල එම්බසි වලින් නම් අවුලක් නැතුව ඇති. නමුත් හුඟක් ජාතීන්ට හුඟක් රටවල ගුවන් තොටින් විසා ගන්න පුළුවන් . නමුත් ලංකාව ඉන්නේ නරකම ලයිස්තුවේ. අපේ ලයිස්තුවේ අනික් රටවල් පකිස්තානය ,ඇෆ්ගනිස්තානය හෙම .කම්බෝජියාව ලාඕසය වගේ අල්ලපු රටවලට මෙහෙ ඉන්න විදේශිකයෝ හරි පහසුවෙන් යනවා. අපිට විසා ගන්න ඕනත් අමාරුවෙන් . ආසියාන් මිනිසුන්ට ඒ රටවලට නිකන්ම එන්න දෙනවා . අපි ගැන දුකයි ඉතින්

      Delete
    2. කාලයක් අපි ඇමරිකාවටත් නිකම්ම ගිහිල්ලා ආවලු කියලා කව්දෝ කිව්වා......

      Delete
    3. බින්දි, මමනම් හිතන්නෙ ඕක ත්‍රස්තවාදීන් නිසා නෙමේ, අපේ අයියලගෙ කෙරුවාව නිසා වෙච්ච දෙයක්.. ගිය තැන කචල්, එක්කො පොලු... ඉතින් ඔහොම වෙන එක අහන්න දෙයක් නෑ...

      මේ දවස්වල දඩිබිඩිස් වියට්නාමයේ සංචාරයක් කරනවා. එයාගෙන් තමා මම දැන ගත්තෙ "මයි බයික් මයි පෙට්‍රල්"කියන එකේ තරම. මගේ අම්මෝ එහෙමත් මෝටර් බයිසිකල් තොගයක් !

      Delete
    4. බුද්දි ..ඇමරිකාව නම් කමක් නැහැ කියමු ..මේ දෙකයි පනහේ රටවල් වලටත් යන්න අමාරු එක නේ දුක .

      සෙන්නා ..ඔව් ඒක එකක් ..අනික් එක ඔය අපේ කොටි අය්යලා ආයුධ ගන්න ගිහින් තමයි ලාඕස් කාම්බෝජියා වලට නීති තද ..බයිසිකල් කියන්නේ පුදුම බයිසිකල් තොගයක් තමා .

      Delete
    5. කොටින්ම බංගලාදේශේ ට යන්නත් අපි කලින් විසා ඕනෙ. එහෙ අය ලංකාවට එද්දී on arrival!!

      Delete
    6. //එහෙ අය ලංකාවට එද්දී on arrival!!//

      what a shame!!!!

      Delete
    7. 60 දශකයෙදි අපි ලෝක මට්ටමේ ඉතාම හොද තැනක හිටියා...නොබැදි ජාතීන්ගේ සමුළුව ලංකාවෙ පවත්වපු වෙලෙත් සියලුම ලෝක නායකයන් එයට ගෙන්වා ගන්න මැතිණියට හැකි වුනා. ඉන් පසු බිහිවුන රජාතාන්ත්‍රික අවබෝධය මද තමන්ගෙ බඩ ගැන හිතපු කාලකන්නි දේශපාලුවො තමයි අපේ රට මේ තැනට ඇද දැම්මෙ....

      පසුගිය සියවස ආරම්භ වෙද්දි අපේ රටටත් වඩා සෑහෙන පිිටුපසින් සිටි මැලේසියාවට අද ලෝක මට්ටමේ තැන කොහොමද...අපේ අය පුදුම අමාරුවකින් වීසා ගන්නා ජපානය / එංගලන්තය / නව සීලන්තය / ඔස්ට්‍රේලියාව වගේ රටවල් මේ අයට ගුවන්තොටෙන් දෙන වීසා වලින් ගිහින් එන්න පුලුවන් රටවල් වලින් කීපයක් විතරයි....

      Delete
  3. ආසයි මේ දේවල් හැබහින් දකින්න එන්න

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..කෝ එනවාය ඉතින්...පමා වී පසු තැවිලි නොවන්න

      Delete
    2. මටත් ආසා නම් තිබේ. එහෙත් අසා තිබුණු පලියටම එන්නට නොහැක. කෙසේ හෝ මතු දිනක එමි.

      Delete
  4. ඔය අර ලෝකයේ ලොකුම ගුහා පද්ධති තියෙන ටෙරිටරි එක නේද? ඔතනින් උතුරේ චීනයත් පට්ට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සුජීව ...මේ පළාතේ ගුහා ගැන එච්චර අවබෝධයක් නැහැ . නමුත් අර ලොකුම එක තියෙන්නේ මේ හියේ නෙමේ .ලාඕස් බෝඩර් එකට කිට්ටුව අපිට පහලින්. ලාඕ කායි කියන්නේ උඩහින් චීනය මායිමේ . මේ පැත්තේ තව ගුහා තියෙනවද කියල පොඩ්ඩක් සොයල කියන්නම් ..යුනාන් ලස්සනයිලු. කඳුකර වගේම දුෂ්කර ඇති. දුෂ්කර වෙන්න වෙන්න ස්වාහාව සෞන්දර්ය ලස්සනයිනේ . රේල් පාර අඩපණ වෙන්නත් එය එක හෙතුවක්ලු .

      Delete
  5. අලුත් අවුරුද්‍දට පොඩි වෙනසක් ඇවිත් වගේ. මත් හරිම ආසයි දුම්රිය ගමනට. 'පවර්සෙට්' නම් නෙවෙයි. ලොකු කෝච්චිවල. ඒව අමුතුම රිද්මයකට ලතාවකට පැද්දි පැද්දි යන්නේ. අපෙත් තියෙනවා 'රාජධානි' (තව එකක් තියෙනවා මතක නෑ) කියල‍ා luxury දුම්රියක්. වියට්නාමයත් ලංකාවත් යුධ ගිනි පැවති රටවල් 2ක්. ඒත් දැන් රටවල් දෙකම නිදහස්. ඒ නිසා රටවල් දෙකම දියුණු විය යුතුයි. ඒ භෞතික සේම අධ්‍යාත්මිකවත්. මිනිහා අධ්‍යාත්මිකව දියුණු නැතිනම් භෞතිකව කොපමන දියුණූ වුවත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තරු ..ඔයා කියන අනික එක්ස්ප්ලෝර් ලංකා දුම්රිය මැදිරිය වෙන්න ඕන. නුවරට යන . මට නම් හරිම කෝච්චි පිස්සුවක් තියෙන්නේ . පවර් සෙට් වුනත් ආසයි. ටිචින් කල කාලේ නිකන් නිස්කාරනේ රස්තියාදු වුනා සමහර වෙලාවට කෝච්චියේ යන ආසාව නිසා . රටක් ඉස්සරහට යන්න යම් යම් දේවල් කරින් බිම තියන්න ඕන .

      Delete
  6. නිතර අහන්න නොලැබෙන රටක විස්තරයක් නිසා බොහොම වටිනවා. තවත් සවිස්තරව පින්තූරත් සහිතව ලියනවානම් බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමා ..දැන් මම කම්මැලි වෙලානේ . ඉස්සර ලීවා හුඟක් . පරණ එව්වා කියවල බලන්න . මිට වඩා හුඟක් දේවල් ලීවා .මන් වෙලාවක ලේබල් ගහන්න ඉන්නේ ඒවා වෙන් කරලා

      Delete
  7. මාත් ආසම දෙයක් තමයි කෝච්චියෙන් ගමන් යන්න. කවදාහරි ආයේ වියට්නාම් ආවොත් මේ කොච්චියේ යන්න ඕනේ.
    මාත් ආව ගමන් නෙළුම් විලේ වෙනස දැක්කා. නිර්මාණකරුට ස්තුතියක් මගෙනුත්.

    ReplyDelete
    Replies
    1. ශා රන්ගිට මේක මිස් වුනාද ..හැනොයි එන සංචාරකයෝ අනිවාර්යයෙන් යන ස්ථානයක්. මම නම් පරක්කු වුනේ අපේ පොඩි ටිකක් ලොකු වෙනකම්.

      ඔව් අනේ සිරා මේක දුන්නේ එයාම හිතල . ඒ නිසා ගොඩක් වටිනවා

      Delete
  8. මාත් හරිම ආසයි කොච්ච් ගමන් වලට .. තාම ඔය පැත්තට නම් එන්න බැරි වුණා ..
    මේ මගේ පලවෙනි comment එක .. නෙලුම් මල් වල සුවද හොරෙන් බලල තියනවා .. එත් comment කරන්න බැරි වුණා මට බ්ලොග් එකක් නොතිබුන නිසා ..
    මම ෆන්ටග්හිරෝ

    ReplyDelete
    Replies
    1. පළමු කමෙන්ටුව සාදරයෙන් පිලිගන්නවා .මොකක්ද ඇත්තටම ෆන්ටග්හිරෝ කියන්නේ ..

      Delete
  9. Replies
    1. අපුරු රටක් නොවරදවා ඇවිත් යන්න .

      Delete
  10. ආස හිතුන විස්තරයක්.. මාත් වැඩියෙන්ම ආස කෝච්චියේ මේ වගේ චාරිකා යන්න තමයි..

    සිරා අයියගේ වැඩෙත් එල..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ..ඔය කාලෙට තමයි මෙහෙම ගමන් ලේසි ..අපි ඉතින් කියක් හිතන්නද ..නේ

      Delete
  11. දැක්කාම දුවගෙන එන්ට හිතුණා. ලස්සණ කෝච්චිය. ඉස්සරහට නලු නිලියන්ගේ ජායාරූප සහිතව විස්තර බලාපොරොත්තු වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. එන්න අනේ. ඔයා වගේ අයට හුඟක් විනෝද වෙන්න පුළුවන් ..අපේ ඉතින් කකුල් රිදෙන අයත් එක්ක ඇවිදින්න බැහැනේ ..නළු නිළියන්ගේ පින්තුර ටිකක් එවන්නම්කො .

      Delete
  12. අළුත් පෙනුමත් ජාති. සිරා සිරාවට වැඩේ කරලා තියනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්න . සිරා හොඳ ළමයා

      Delete
  13. යුආන් නගරය නම් දැන් පට්ට ප්‍රසිද්ධයි නේ.. රටක දියුණුවට මිනිස්සුන්ගේ චින්තනය හැදියාව වගේම සංස්කෘතියත් විශාල වශයෙන් බලපානවා.. අපිට වඩා වියට්නාමය දියුණු වෙන්නෙ හේතුව ඒකයි..

    ReplyDelete
    Replies
    1. මේ රට ලේසියෙන් ආපු ගමනක් නෙවේ. මන් අහල තියෙනව යුද්දේ ඉවර වුන සන්දියේ උදේ පාන්දර පිකර් දාල මිනිසුන්ව ඇහැරවන වලු. මහන්සි වෙලා වැඩ කරන්න ..අනිකුන්ට වංචා නොකරන්න වගේ දෙවල්ලු උදේට කියන්නේ . අදට ත් මේගොල්ල පාන්දර ඇහැරිලා ව්‍යායාම කරන්නේ ඒ පුරුද්ද වෙන්න ඇති

      Delete
  14. ඔය ලාඕ කායි කියන පළාතෙ ලස්සන ගංගා, දිය වැල්, කඳු වැටි, වනාන්තර තියෙනවා කියල කියවල තියෙනවා... ස්වභාවික සෞන්දර්යයෙන් අනූනයිලු... බින්දිගෙ ඊළඟ පෝස්ට් එකෙන් ඒවයෙ පින්තූර ටිකක් බලාගන්න තිබුණා නම් අගෙයි...
    ඔය යුනාන් කියන්නෙ අර කොරියන් කතාවල කියන යුවාන්මද?
    ඊළඟ ලිපියත් ඉක්මනටම එයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. යුවාන් කියන්නේ එක රාජධානි සමයක් නේද ...කියෝලා බලන්න ඕන මියුරු. යුනාන් කියන්නේ නම් පලාතක් .
      හ්ම් හ්ම්..පින්තුර මග . ඇත්තටම පින්තුර ටික එක තැනකට ගන්න බැරි වුන න්සිආත් තමයි ලිපිය කැඩුවේ

      Delete
  15. වැදගත් පෝස්ටුවක් අපි වගේ ළිං ගෙම්බන්ට...
    මං හිතන්නෙ වියට්නාමය තරං යුද්ධ වලට ගොදුරු වුණ රටක් නැතිව ඇති මෑත ඉතිහාසයේ... ඒත් එයාලගෙ දියුණුව විශිෂ්ටයි

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ..අපොයි කවුද කිවේ ඔයා ගෙම්බෙක් කියල ..එහෙම වුනත් කුමාරයෙක් වෙන්නත් බැරි නැහැනේ

      Delete
  16. කෝච්ච්ටු ටුවර් එකේ විස්තර බලන්නට නොඉවසිල්ලෙන් පසු වෙමි

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉක්මනට ලියනවා ...

      Delete
  17. විස්තරය ආසාවෙන් කියෙව්ව.. තව සුට්ටක් වැඩියෙන් ලියන්න පුළුවන් නම් තවත් අගෙයි. සිරා ගෙ නිර්මානයත් ලස්සනයි නෙ..

    ReplyDelete
    Replies
    1. මන් හිතුවේ දිග වැඩි වෙලා කියවන්න කම්මැලි වෙයි කියල .ඉක්මනට ලියන්නම් චන්දන

      Delete
  18. ලඟදි Coffee Trail with Simon Reeve කියන වාර්තා වැඩසටහන බැලුව. ඇමරිකන්කාරයො වියට්නාමෙට කරපු විනාසෙ ප්‍රතිපල ඒ මිනිස්සු තාමත් විඳිනව. වියට්නාමේ කෝපි වගාව අතින් එච්චර ඉස්සරහින් ඉන්නව කියල මම දැනගෙන හිටියෙ නෑ. දේශ සීමාව පැනල චීනෙටත් ගියෙ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. නැහැනේ මුහුදු කොහේ යන්නද .මන් කිවේ යනවා නම් විසා අරන් ඕනනේ යන්න. ආසියාන් රටවල අයට පුළුවන්ලු. ඔව් මෙහෙ කෝපි හරි ජනප්‍රියයි ..කෝපි උළෙලක් පවා තියෙනවා

      Delete
  19. බින්දි......සිත්ගන්නා සුළු ලිපියක්. වටිනා අදහස් රැසක්. බයිසිකල් කිව්වාම මට මතක් වුනේ මා කාලයක් පදිංචිව සිටි කේම්බ්‍රිජ් නගරය. මේකට කියන්නේ සයික්ලින්ග් සිටි කියලා සමහරු. මේ තරම් බයිසිකල්ස් තියෙන ටවුමක් මෙහේ මම දැකලා නැහැ. යායවල් වගේ බයිසිකල් පාක් කරලා තියෙන්නේ. යුනිවර්සිටි යන හැම ළමයෙක්ම වගේ බයිසිකල් එකේ යන්නේ. හරිම සුන්දර නගරයක්. තාම පරණයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ. කේම්බ්‍රිජ් හරිම ලස්සන ඇති. නම ඇහුවත් නිකන් අමුතු ගතියක් තියෙනව . මන් ලඟදි දැක්ක ජපානයේ පොලොව යට බයිසිකල් පාක් කරන ලස්සන විදිහක්. අපිට නම් හිතාගන්නත් බැහැ

      Delete
  20. කියවන්න ආස හිතෙන නිර්මාණයක්.මේ පැත්තට ගොඩවැදුනේ අද...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොම

      Delete
  21. බින්දි.....මගේ කමෙන්ට් එක ස්පැම් වෙලදා බලන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. නැහැනේ ..මොඩරේට් කරලා නිසා පරක්කු වෙන්න ඇත්තේ

      Delete
  22. ඉතුරු විස්තරයත් කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව අද දවසම මහන්සි මහන්සි වෙලා

      Delete
  23. ගිය සතියෙ මෙහෙ ඔය ලෙෂර් ටුවර්ස් ඕගනයිස් කරන කම්පනි එහෙකින් අපේ ස්ටාෆ් එකට තිබ්බ පොඩි සෙමිනාර් එකක්. වියට්නාමෙ දවස් හතක ටුවර් එකක් තිබ්බ. Hanoi - Halong - Dananag - Hue - Hoi An - Thien Mu - Ho hi minh City - Cu chi…. ඔන්න ඔය හැම තැනම යනව. ලැකර් පේන්ටිං ක්ලාස් එහෙකටත් එක්ක යනව කිව. අම්මප, අර බොලාගෙ ක්ලාස් එක වෙන්න ඕන එකත් එකටම.

    ඒකෙ අන්තිමට ඇහුව වියට්නාමෙ අඳුරන කවුරු හෝ නැත්තං ඥාතීන් ඉන්නවනම් ඩිස්කවුන්ට් එකක් දෙනවය කියල. මට එක පාරට උඹ මතක් උනා. ඒ පාර අත උස්සල උඩ පැනල නැඟිටල එතුමාගෙ නම දුන්න. මයෙ මස්සිනාය කියල...අවුලක් නෑනෙ නේද? .... හෙටානිද්දම දවසක උදේ දොර අරිනකොට ඉඳී ඔන්න අරුන්දැයි මායි මලු දෙහෙකුත් එල්ලගෙන සිනා මුසු මුහුණින්...:) :)

    ReplyDelete
    Replies
    1. අපොයි මෝ දෑන් වෙල්කම් ...එන්න කලින් මුනත් තහඩුව පින්තුරයක් අරන් එවන්න . අර මගුල් පින්තුරේ හිටිය රවුලා දැන් වෙනස් නැතැයි...

      Delete
  24. මාත් සිහින මවන ඉන්දියාවෙ රාජස්තාන් ගෝල්ඩන් ට්‍රයෑන්ගල් රේල් එකෙයි කැනඩාවෙ රොකීමව්න්ටනියර් රේල් එකෙයි යන්න. දැන් ඒ හීන වලට මේකත් එකතු කරගන්න වෙයිද මන්ද!

    ( ඒ ලොකු හීන තිබ්බට මොකද ලංකාවෙ එක්ස්පො රේල් එකේවත් තාම ගියෙ නෑ. හැබැයි ඇති වෙන්න කුණු කෝච්චිවලනං ඔය සේරම ගමණාන්ත වලට කට්ට කාල තීනව :D )

    ReplyDelete
    Replies
    1. // ඒ ලොකු හීන තිබ්බට මොකද ලංකාවෙ එක්ස්පො රේල් එකේවත් තාම ගියෙ නෑ //

      දැන් නම් ටූ ලේට් වගේ ඉන්දික. ලංකාවෙ හැම දේකටම සිද්ද වෙන දේ ඒකටත් සිද්ද වේගෙන යන්නෙ, නෝ මේන්ටේන්ස්...

      මුල් දවස් වල සීට් නියමයි, දැන් සීට් කවර නිකන් ප්‍රයිවට් බස් එකක වගේ.

      ගිය සතියෙ මම ඕකෙ ගිහිල්ල A/C එක කැඩිල වින්ද දුකක්. අයියෝ කෝච්ච්චි කියල හිතුන.

      Delete
    2. මේ කෝච්චි ගමන නම් රාත්‍රී නිසා එහෙමකට රසවත්ද මන්දා . නමුත් ලාඕ කායි ගවේෂණය , සපා වල ඇවිදීම නම් යුනික් අත්දැකීමක් වේවි. වියට්නාමයේ හාලොන්ග් බේ තමයි වෙන කොහෙවත් දකින්න බැරි

      Delete
  25. සංචාරක සටහන් වලට මාත් පුදුම විදියට ආසයි. ගොඩක් ස්තූතියි සහෝදරිය වින්ඳ අත්දැකීම් බොහොම ආකර්ශණීය විදියට ඉදිරිපත් කරනවට. මගේ ඥාතියෙකුත් පහුගිය කාලේ වියට්නාමය,ලාඹ්සය,කාම්බෝජය වගේ ආසන්න රටවල් ගණනාවක් සංචාරය කරලා ඇවිත් පින්තූර එක්ක දවසක් තිස්සේ විස්තර කිව්වා මට. ඒ විස්තරත් බොහොම සිත්ගන්නා සුළුයි. බොහොම රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජනරංග ..ඇත්තටම මේ රටවල අපිට සමාන සහ අපෙන් වෙනස් වන ගති ලක්ෂණ නිසා හරිම අපුරු සංචාරයක් තමා

      Delete
  26. අක්කගෙ චාරිකා සටහන් ඉතාම සුන්දරයි...කම්මැලිකමක් නැතුව අවසානය දක්වාම කියවන්න හැකියි...මේ දවස් වල ප්‍රදර්ශනයකට කරන්න තියෙන රාජකාරි නිසා කාර්යබහුලයි. ඒ නිසයි එන්න පරක්කු උනේ...මගේ නම සටහන් කලාට ස්තූතියි....නිර්මාණයක් කරලා දුන්නා කියලා ඒ ගැන සදහනක් කිරීම මම කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නැති දෙයක්...නමුත් ඒ සදහා ඔබට තිබූ නිහතමානීත්වය මම අගය කරනවා...මොකද මීට කලියෙනුත් මම බ්ලොග් ලියන සමහරුන්ට යම් යම් දේ හදලා දීලා තිබුනත් ඒ කිසිවෙක් ඔබ මෙන් මා මතක් කරන්නට නොගිය නිසා.

    කෙසේවෙතත් මගේ රැකියා ආයතනය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නිසා මගේ වැඩ වලට මම නිතරම රට රටවල් පින්තූර සොයමින් ජාලයේ කරක් ගහනවා...එවැනි අවස්ථාවල වියට්නාමයේ රූ සිරි හොදට දැක තියෙනවා..ඉතාමත් ආශාවෙන් ඉන්නෙ දවසක හැබැහින් මේ දේවල් විදින්න.

    ReplyDelete
  27. මේ වගේ කෝච්චි ගමනක් යන්නත් ආසයි.. ඒත් ඉතින් අපට එහෙම චෑන්ස් එකක් නෑ නේ..
    මේ වගේ ලිපියක් කියෙව්වහම ඒ ගමන ගිහින් ආවා වගේ දැනෙනෙවා..

    සිරා හදපු හෙඩර් ඉමේජ් එක සිරා... !
    අර පොඩි පින්තූරේ අයින් කලා නම් හරි... පාරුවේ ඉන්න කට්ටියගේ පින්තූරේ....

    ReplyDelete