Saturday, 22 February 2014

මකර පාලමින් එගොඩට ..පැන්සි පාන් කඳු මුදුනට ....


ලාඕ කායි වලටත් සෑහෙන ඉතිහාසයක් තියෙනව .අතීතයේ ඉඳන්ම චීනය සහ ගනුදෙනු වෙලා තියෙනවා .කලින් කලට විවිධ කණ්ඩායම් අතර බලය පැතිරුණා . රතුගඟ ඔස්සේ නීති විරෝධී කංසා ජාවාරම තදින් කෙරුනලු . යුනාන් වලට මුහුදු ලුණු සපයලා තියෙන්නේ වියට්නාමය පැත්තෙන්.මේ කණ්ඩායම් අතර තරඟය නිසා ලාඕ කායි හරිම පිඩනයට පත් වෙලා තියෙනව .
ඇත්තටම ලාඕ කායි වලට ගියාට ඒ නෙමේ ප්‍රධාන  සංචාරක ආකර්ෂණය . අපගේ ප්‍රධාන ගමන් අන්තය සපා ..
කෝච්චියෙන් බැහැලා කිලෝ මීටර 30ක් පමණ කඳු පාරක ගිහින් තමයි සපා වෙත ලඟා වෙන්නේ ..නානුඔය සිට නුවර එලිය වගේ . ඊට වඩා දුරයි. නමුත් පාර නම් බොහොම හොඳට හදලා තියෙනව . 

කලින් කිව්වා පරිදි ප්‍රන්ශුවන් විසින් චීනය කරා ලඟා වෙන්න උතුර ගවේශනය කරද්දී තමයි මේ සපා කියන්නේ බොහොම සැපදායක පරිසරයක් බව සොයා ගන්නේ . නමුත් අතීතයේ පටන් ඒ පලාතට ආවේණික සහ වෙන පැති වලින් සංක්‍රමණය වෙච්ච සුළු ජන කොටස් [ සුළු ජන කොටස් කිවේ Minority Ethnic  යන වචනය මට හැඟුණු විදිහ මිසක් ඒ ජනයා සුළුවෙන් තකල හෙම නොවේ. ]

ඉතින් අපේ රටේ බ්‍රිතාන්‍ය ජාතිකයින් සනීප ගන්න නුවර එලිය බණ්ඩාරවෙල ගියා වගේ වැඩක් තමයි සපා වලත් වෙලා තියෙන්නේ . 
මේගොල්ලෝ ප්‍රංශ ජාතිකයෙක් පළාතේ පරිපාලක විදිහට පත් කරලා නිවාඩු ගන්න නිකේතන ඉදිකළා .ඔය පළමු නිකේතනය තිබ්බ තැන තමයි අපි උන්න හෝටලය ඉදි කරලා තිබුනේ. මුල් ගොඩනැගිලි නෙමේ .ස්ථානය පමණයි.

මුලින් කරත්ත පාරක් වගේ තිබිල 1924දී තාර දමා හොඳ තත්වයට පත් කරලා තියෙනවා.
එකල ඉදිකළ විලා අතරින් ස්වල්පයයි අද දක්නට ඇත්තේ . නල ජලය ලබා දෙනු ලැබුවා . විදුලිය ලබා ගත්තේ Cat  Cat නම් දිය ඇල්ලේ කුඩා ජාල විදුලි බලාගාරයක් ඉදිකොට . තැපැල් සේවයක් පැවතුණා .පල්ලියක්ද ඉදිවුනා .එය තවමත් තිබෙනවා .

හෝටලයේ තිබු පොත් පින්චකින් තමයි මා මේ විස්තර දැනගත්තේ. අන්තර්ජාලයේ නම් ලිපි ඕනෑතරම් ඇති මේ ගැන . නමුත් මට එපමණ වෙලාවක් වෙන්කරන්න අමාරුයි.

මේ පොතේ තිබී  ඉතාම අපුරු කතාවක් හමුවුණා 

ජපානයෙන් පලවා හල කන්‍යා සොයුරියෝ 

1941 දී එක්තරා කන්‍යා සොයුරියන් පිරිසක් ජපානයෙන් පලවා හැරෙනවා ..බටහිරආක්‍රමණය එන්නේ මිෂනාරි වරු පිටිපසින් නිසා වෙන්නට ඇති. වියට්නාමයටත් මුලින්ම ආවේ මිෂනාරි වරයෙක් බව ඩියෙන් බියෙන් පු ලිපියේ ලියවුනා මතකද මන්දා .
මේ සොහොයුරියන් පිරිස නවතින්නේ වියට්නාමයේ. ඔවුන්ට සපා වල ඉඩමක් සහ ගොවිපොළ සතුන් ලැබෙනවා . මේ පිරිස බොහොම උත්සාහයෙන් වැඩකොට බටර් ,කිරි නිෂ්පාදනය කරනවා .බාර්ලි ඕට් වැනි භෝගද වගා කරනවා. පලතුරු වවා ජෑම් පවා නිපදවනවා .
මේ ආශ්‍රමය වැඩි දියුණු කොට විශාල කන්‍යාරාමයක් තැනිමටයි ඔවුන් බලාපොරොත්තු වුණේ . ගොඩනැගිලි පවා ඉදි වුනත් 1947 දී වියෙට් මින් සපා වලට පහර දෙනවා ..ආශ්‍රමය ගිනිබත් වෙනවා .කන්‍යා සොයුරියන් හැනොයි වලට පලා යනවා .


අද වන විට ඉතුරු වී ඇත්තේ මෙපමණයි .පින්තුරය ගත්තේ මෙතනින්. අපිට බලන්න යන්න බැරි වුණා 

එම වසරේම යලිත් ප්‍රදේශය ප්‍රංශ ආධිපත්‍යට නතු වුණත් යලිත් පෙර තත්වයටම පැමිණියේ නැහැ . 1950 දී ප්‍රංශ හමුදා ප්‍රදේශයෙන් ඉවත් වන්නට පටන් ගත්තා 
1952 දී ඔවුන් සම්පුර්ණයෙන්ම ඉවත් වී ප්‍රංශ ගුවන් හමුදා බෝම්බ දමා මේ ලස්සන නගරය විනාශ  කළා.
''අපට නැතිනම් තොපටත් නැත කියන්නා සේ. ''
එතැන් පටන් හැටේ දශකය වනතෙක් සපා වෙත අවධානයක් යොමු වුනේ නැහැ . සෙමින් ඇරඹි සංවර්ධනය සපා වෙත ආවේ ඉබි ගමනින් . සංචාරක ආකර්ෂණයක් ලෙස අනුව දශකය වෙද්දී යම් දියුණුවක් ලැබුවා.

මානව ඉතිහාසය .
ඉහත කී මෑත ඉතිහාසයේ කලබගෑනි වලට හසු වෙමින් සහ නොවෙමින් මේ ප්‍රදේශයේ කඳුකර ජන වර්ග අතීතයේ පටන් ජිවත් වුනා . නමුත් ඈත අතීතයේ මානව ක්‍රියාකාරකම් ගැන එතරම් අධ්‍යයනයක් සිදු වී ඇතිදැයි මට දැනගන්නට නම් ලැබුනේ නැහැ .
මේ ජනවර්ග විටින් විට චීනය ,ලාඕසය ඇතුළු අවට රටවලින් සංක්‍රමණය වී තිබෙනවා. වෙසෙසින්ම දේශපාලනික හේතු නිසා .සපා පිහිටා ඇත්තේ Hoàng Liên Son කඳු වැටිය මුලික කොටගෙන .

මෙම කඳු වැටිය හිමාලයේ නැගෙනහිර අන්තයටයි සම්බන්ධ වන්නේ . ලෝකය තනි යායක් කිවේ ඒ නිසානේ .

ඉන්දුචිනයේ උසම කඳු මුදුන වන Fan si Pan පිහිටා ඇත්තේ මෙහි. ඔය කන්ද තරණය කිරීම සවි ඇති කඳු නගින්නන්ගේ ඉලක්කයක් . අපි වාගේ කම්මැලි දුර්වලයින් කඳු පාමුල සිට දැහැනට සම වැද ආපසු ආවාට :D

ජනවර්ග 24 ක් සපාහි ජිවත් වෙනවා . Kinh [වියට්නාමයේ බහුතරය ] Hmong ,Tay ,Dao ,ඉන් කීපයක් .
මේ එක් එක් ජනවර්ග අතර සමානකම් මෙන්ම වෙනස්කම්ද බොහොමයි. සියල්ලෝම මුලිකව ගොවිතැන ජීවනෝපාය කරගෙන . එක එක ජනවර්ග තමන්ට අයිති ගම්මාන වල ජිවත් වෙනවා .
මුලිකවම මොවුන් වෙන්කර දැකිය හැක්කේ ඇඳුමින් . වර්ණ සහ ස්වරූපය වෙනස් .

අපේ නවාතැනේ සම්ප්‍රදායික ඇඳුම් මෙලෙස ප්‍රදර්ශනය වුනා .

මේ රෙදි වර්ග ඔවුන්ම වියා අතින් වර්ණ ගන්වනවා . සාමාන්‍යයෙන් ඕනෑම කඳුකරයක මෙන්ම මෙහිදීද ඇඳුම් වර්ණවත් . blak hmong ජනයා කළු පැහැය මුලිකව යොදා ගන්නවා . ඇඳුම් වර්ණ ගන්වන්නේ මෙන්න මේ  පැලයෙන් .තවත් වර්ණක යොදනවා ඇති .
ඇතැම් වර්ග හණ වලින් රෙදි සාදයි. ඇතැමුන් වෙනත් ශාක යොදාගනී. මේ සියල්ල අධ්‍යනයට නම් මාසයක් වත් සපාහි නවතින්නට වේ . නිවාස ලී වලින් සාදන අතර වහලයට සම්ප්‍රදායිකව පිදුරු හෝ වෙනත් අතු වර්ග යොදා ගත්තත් මේ වන විට ඇස්බැස්ටෝස් වලට මාරු වී ඇත. ඒ ඒ අයට අවේනික හැඩයක් ගනී.
 ලි කණු මත සාදන ගෙවල් [stilt ] ද ඇතැම් ගම්මාන වල දකින්න පුළුවන් . අපි ඇවිදින්නට ගිය ගමේ ගෙවල් මේවාගේ .




අපිට හුරු පුරුදු දෙයක් මා දුටුවා .ගෙදර යම් රෝගියෙක් සිටින විට හෝ අමුත්තන් පිළිගන්නට සුදානම් නැති වග අඟවන්නට වහලයේ කොළ අත්තක් එල්ලීම 

නුතන තාක්ෂණයට පිටුපාන්නට ඔවුනටත් නොහැකියි. බොහෝ ගෙවල ඩිස්ක් ඇන්ටනා සවි කර තිබුනා . 
කෙල්ලන් නම් හරිම ලස්සනයි. වර්ණවත් ඇඳුමින් සැරසුණු විට අපුරුයි. 


හැමෝටම නොමිලේ ප්‍රාථමික සහ මධ්‍යම පාසල් අධ්‍යාපනය ලැබෙනවා . හැම ළමයෙකුම පාසල් යනවාදැයි නම් දන්නේ නැහැ . එතනින් එහාට මුදල් ගෙවිය යුතු නිසා බොහෝ විට කලාතුරකින් කෙනෙකු තමයි ඉහලට ඉගෙන ගන්නේ . පවුලේ ගොවිතැනට උදව් වීමට අමතරව සංචාරක මග පෙන්වන්නන් ලෙස තරුණ තරුණියන් වැඩ කරනවා . 

අපි ගිය Ta phin නම් Hmong ගම්මානයේ ප්‍රාථමික පාසල .

වී වගාව කෙරෙන්නේ හෙල්මළු ක්‍රමයට . ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යේ අනගිම දසුන තමයි මේ හෙල්මළු .මේ අපි ගිය සීත ජනවාරියේ අස්වනු කපාගත් කල දිස් වන අයුරු. 



සැප්තැම්බරයේ කහ පැහැයෙන් ,වසර මැද කොළ පැහැයෙන් සහ දෙසැම්බරයේ ඉඳහිට තුනී හිම වැසි වැටි සුදු පැහැයෙනුත් දිස්වන මේ හෙල්මළු ඉතාම අලංකාරයි 




මිරිදිය සැමන් මාළු වර්ගයකට සපා ප්‍රසිද්ධයි .මේ ඔවුන් ඇති කරන ටැංකි 


අපට පාරේදී හමු වූ මිනිස්සු 

වී වගා නොකරන සමයේ අටිසෝ නම් තේ වර්ගයක් වගා කරනවා 

කියන්න දේ නම් බොහොමයි .අපි මේ දුටු ගමට වඩා වෙනස් ගම් බලන්න තිබුන නම් හොඳයි. නමුත් පොඩි උන් එක්ක එච්චර ඇවිදින්න බැහැනේ . 
මොවුන් සතුන් ඇති කරන්නේ නිදැල්ලේ . ඌරො ,කුකුලෝ තාරාවෝ තමා ප්‍රධාන . සල්ලි ඕන වෙලාවට ඔය ඌරෙක් කිහිල්ලේ ගහන් ගිහින් මාකට් දවසට විකුණනවාලු . arm pit පෝර්ක් කියලා විශේෂයෙන් ප්‍රසිද්ධ එම ඌරු මස්.................................................................................................................................................


අපිට නම් බැහැ මඩේ ලගින තාරාවුන් නාවන්න 



පහල තියෙන්නේ සපා නගරයේ පින්තුර ටිකක් ....ඈතින් පෙනෙන්නේ පැන්සි පාන් කඳු මුදුන සහිත කඳු වැටිය .දවසේ එක එක වෙලාවට එලිය වැටෙන විදිහ අනුව කඳු වැටිය අමුතු ලස්සනක් ගන්නවා . 





 ඉරිදා නගරයට 
 රැස් වන ජනතාව .ඒ දින කීපය අලුත් අවුරුදු සාමය නිසා ඔවුන් එතරම් ක්‍රියාකාරී නැහැ .










තව පින්තුර නම් ගොඩාක් තියෙනව ...නමුත් ඔය මදැයි ඉතින් නේ ...




ගෙදර ඇවිත් දඩි බිඩියේ ඇන්ද මා දුටු සපා ..මට ඕන කරන වර්ණ දියසායම් පෙට්ටියේ තිබුනේ නැහැ . හොඳ තෙල් සායම් චිත්‍රයක් අඳින්න ඕන .

49 comments:

  1. බින්දිට ලියන මූඩ් ඇවිත් වගෙ කාලෙකට පස්සේ. ඒත් බොහොම හදිස්සියෙන් ලියවුනා වගේ දැනෙනවා.

    අපිට ඕනේ නිවි සැනසිල්ලේ රස කර කර ලියවුන කතා...
    මම ස්ට්‍රයික් ඔන්න....!

    ReplyDelete
    Replies
    1. භාගෙට ලියල සේව් කරන්න ගිහින් පබ්ලිෂ් වුනා ..ඒ ඩිංගට රන්ගි කියෝලා. ඔන්න ඉවර කළා ..

      Delete
  2. දැන් චිත්‍ර කරුමාන්තෙටත් ආවාද අක්කා :D

    ReplyDelete
    Replies
    1. ඩිංගක් ආස කර්මාන්තයක් ඒක මල්ලි ..

      Delete
  3. කලින් ආවම පිටුව හොයාගන්න නැහැ කියල ගූගල් මාම සද්දේ දැම්මනේ... :D
    ප්‍රංශ කාරයෝ නගරය විනාශ කරපු එක නම් අපරාදේ...
    ෆොටෝ ටික ගොඩක් ලස්සනයි....සිත්තරෙත් ආයේ වතාවක් හොදට ඇඳලා අපිට කියන්න....

    ReplyDelete
    Replies
    1. එඩිට් කරන වෙලාවේ වෙන්න ඕන. ආයෙත් මහන්සි වෙලා ආවට තුති ..සිත්තරේ මගේ කොරියන් යාලුවෙක් ඉල්ලා ගත්ත ..ආයේ අඳින්න ඕන

      Delete
  4. //ගෙදර ඇවිත් දඩි බිඩියේ ඇන්ද මා දුටු සපා//

    චැහ්, සපා විතරනෙ මෙතන නැත්තෙ!

    ReplyDelete
    Replies
    1. අපි සපා යනවා කියල මුණු පොතේ දැම්මම සපා කලබල වෙලා ගෙවල් මාරු කරන්නත් ලැහැස්ති වුනාලු

      Delete
  5. බින්දි විස්තර කරල තියන විදියට සපා බොහොම සුන්දර තැනක් වගේ බොහොම නිස්කලංක . කඩි මුඩියේ ඇන්දත් චිත්‍රයත් හරි ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි නිවිසැනසිල්ලේ නිවාඩුවක් ගත කරන්න හොඳ තැනක්. කඳු නගින්න ආස ක්‍රියාකාරී අයටත් අපුරුයි

      Delete
  6. ආම්පිට් පෝර්ක් වලට ලුණු දාන්න ඕනෙත් නෑ කියලා කියනවා නේද බින්දි?

    අර ඉංග්‍රීසි වචන ආයෙ චෙක් කරලා බලන්න. ඒවා සිංහල අකුරෙන් වැදිලා නන්නත්තාර වෙලා. :D

    e.g.: මිනොරිට්ය් Eත්නිc යන වචනය

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ අර අත කොටා වඩේ හදන විදිය.

      Delete
    2. Cඅට් Cඅට් නම් දිය...

      Delete
  7. ස්තුතියි ඩුඩ් ..නියම ගුරුතුමෙක්

    ReplyDelete
  8. සපා කෑවෙ නැද්ද කාවවත්...

    මඩේ ලගින තාරවන් ගැන අහලා තිබුනට ඇත්තටම උන් මඩේ ලගින බව අද තමා දැනගත්තේ..

    බින්දිගෙ සංචාරක සටහන් කවදත් මරු.

    ReplyDelete
    Replies
    1. මුන් මඩේ ලැගලා නිදිද කොහෙද . එහෙ ඔක්කොම් සත්තු ෆ්‍රී රේන්ග් තමයි...නිදැල්ලේ

      Delete
  9. ඊයෙ ඇවිත් කියවල කමෙන්ට් කරන්න බලද්දි පෝස්ට් එක නතින්.. ඒත් මං කල්පනා කලා මොකද මේ කොහෙටවත් නැති තැනකින් නවත්තල තියන්නෙ කියල. කෝම වුනත් ටිකක් වැඩියෙන් ලිව්වට ඩබල් තෑන්ක්ස්. :)
    පින්තුර ටික නිසා කියවද්දි මැවුනු සිත්තම සජීවී වුනා. අර චිත්තරයත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන .පින්තුර වැඩි නිසා ලෝඩ් වෙන්න පරක්කුත් ඇති දැන්නම් .

      Delete
    2. //පින්තුර වැඩි නිසා ලෝඩ් වෙන්න පරක්කුත් ඇති දැන්නම් .// ම්ම්ම්.. එහෙමටම වෙනසක් නෑ. :)

      Delete
  10. ඊයේ ඩෙගා නටපු නිසා ඕි අද තමා බැලුවේ. නියමයි ආ. ළමයා එන්න එන්න තම අත හුරු කරගන්නවා වගේ වගේ පේනවා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ දේශක

      Delete
  11. ඔයා හරිම දක්ෂ සිත්තරියක්නේ...:)

    ඔය ෆොටෝස් මට ගොඩක් රටවල් මතකයට ගෙනාවා...කාශ්මීරේ සමහර නගර. එතකොට ඇඳුම්වලත් සමාන කමක් පේනවා වගේ. ලස්සණ ඇඳුම්. චීනේ වගේ සම්ප්‍රදායික ඇඳුම් නැතිවෙලා යන්ට නොදී මෙහෙම තියෙන එක කොච්චර අපූරුද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. ටිකක් අඳින්න පුළුවන් පොඩ්ඩි . හුඟක් කැමති ස්වභාවික දේවල් අඳින්න .
      ඇත්තටම හුඟක් කඳුකර පැතිවල මේ වගේ වර්ණවත් ඇඳුම් නේද අඳින්නේ .මොකක්ද හේතුව. පහත බිම් වල අය ඇයි මෙහෙම ඇඳුම් නාදින්නේ . කඳුකරයේ මිදුම නිසා එකිනෙකා හොඳින් නොපෙනෙන නිසාද . මේ පළාතේ ගැහැණු තමන්මලු ඇඳුම් සකසා ගන්නේ . විශේෂයෙන් මාකට් දවසක මේ ලස්සන ඇඳුමින් සැරසිලා ඇවිදින්නේ තරුණ අය තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයා ගන්න . ඒ වගේම ආදරවන්තයින් හමුවන්න ..
      ඔයාට මතකද මන්දා අර ලියන්න ගත්තු මුල් කාලේ ආදර පොලක් ගැන කිවා . පරණ ආදරවන්තයින් හමුවන පොලක් ගැන .ඒ මේ වගේ කඳුකර ගම්ම්නයක .
      මේ උදවිය ඉක්මනින් විවාහ වෙනවාලු. අපිට හම්බ වුනා හරි ලස්සන තරුණ ජෝඩුවක් . පින්තුරයක් ගන්න එක හරි මදි නිසා නිකන් හිටියා .

      Delete
  12. ප්‍රංශ කාරයො මහ නොහොබිනා වැඩක්නෙ කරල තියෙන්නෙ... අඩු ගානෙ සුද්ද අපට එහෙම කළේ නැහැ...
    ආම්පිට් පෝක්... ඊව්...!
    අර ඔයා පෙන්නපු පැලයෙන් ලැබෙන්නෙ කළු වර්ණයද නැත්නම් වෙනින් පාටක්ද...? බතික් කරනවා වගේ වෙන්න ඇති... ඒ උනාට අර පින්තූරෙ තියෙන ඇඳුම්වල වර්ණ බොහොම සියුම්ව යොදා ඇති බවක් පේනවා...
    අර හෙල්මළු හරි ලස්සනයි... කොළ පාටට තියෙනකොට තවත් ලස්සන ඇති... අර තේ ගස් අපේ වගේ පඳුරු නෙවේ වගේ නේද...? ඒවායින් තේ හදන්නෙ කොහොමද..?
    චිත්‍රෙ ලස්සනයි... අළුත් චිත්‍රෙ ඇන්දම ඒකෙ පිතූරෙකුත් දාන්න...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ගොඩයි
      ඒ පැළය කළු වෙන්න ඕන .මොකද අපිට මග පෙන්නුවේ කළු හ්මොන්ග් ගැහැණු ළමයෙක්. එයාගේ ගමට යි ගියේ. වෙනත් පැල වර්ග ඇති තව. කොහෙද මම හෙව්වා කිසිම ලියවිල්ලක් ඒ ගැන සොයා ගන්න බැරි වුනානේ.
      ඔව් මේ වර්ණ සහ එම්බ්‍රොයිඩර් මෝස්තර හරිම සියුම්. විවිධ තෙරුම්ද සහිතයි. අපි ගෙනාව බෑග් වගයක් . ඒවායේ නිර්මාණ හරිම සියුම්. හැකි වුනොත තව ලිපියක් දාන්නම් ඒවත් එක්ක .
      නැහැ මියුරු ඒ මේ තේ නෙවේ. වෙන ගස් වර්ගයක් . නමුත් තේ වගේ බොන. මෙහෙ හරියට වෙන පැලැටි වලින් තේ බොනවා ..නෙළුම් පෙති, රෝස ,ඇතුළු නානාප්‍රකාර මල් ආටිචෝක්සහ මම නම නොදන්නා හුඟක් ගස් තේ වලට ගන්නවා ...ස්තුතියි ඔයාට

      Delete
    2. ඔයා ඔය තේවලට ගන්න ජාති කිව්වමයි මතක් උනේ... ඔය පළාතත් චීනෙට ළඟයි නේද...? මං වැඩ කරන තැන ඉන්න සමහර චීන ළමයි තේ හදාගෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල්වල දාගෙන එනවා... ඒවා ග්‍රීන් ටී වගේ ළා පාටයි... හැබැයි ඒ බෝතල්වල පතුලෙ එක එක ජාතියෙ, එක එක පාට මල් තියෙනවා... දවසක් මං එක්කෙනෙකුගෙන් ඇහුවම කිව්වා එයා බොන්නෙ 'සන්ෆ්ලවර් ටී' කියලා... ඒක ළාම ළා කහ පාටයි... පතුලෙ තිබුණු හොඳට පිපුනු සූරියකාන්ත මල් අපි සාමාන්‍යයෙන් දකින ඒවට වඩා පුංචියි... එයා ලොකර් එකේ තියන් ඉන්නවා ඒ වගේ වේලපු මල් ටින් එකක්... මටත් ටිකක් දුන්න බොන්න කියල... බොන්න හදලා බලනකොට මං ඒක කොහෙද දාලා සොයාගන්න බැරි වුණා... ආයෙ ඉල්ලන්නයැ... රසවත් බලාගන්න බැරි වුණා ඒකෙන්...

      Delete
    3. මෙහෙත් හරියට මල් ජාති වේලලා බොනවා . අපි බෙලි මල් බොනවා වගේ. කොහෙද ඉතින් අපි සුද්ද දීලා ගිය තේ එකටම ඇබ්බැහි වුනානේ . මෙහෙත් තේ වවනවා ..අපි වාගේ කිරි දාල නම් බොන්නේ කලාතුරකින් . කෝපි එකක් තියෙනව .තද කළු .බොනවට වඩා ඒක කනවා කියන්න පුළුවන්. එතරම් ඝනකම .

      ප්‍රන්ශුවා කල වැඩේ කැතයි තමයි. මෙහෙමනේ මෙහෙ නිදහස ගන්න සැහෙන සටනක් දුන්නනේ .අපේ අන්තිම කාලේ එහෙම නැතුවනේ නිදහස ගත්තේ .

      Delete
  13. අපූරු සවාරියක් නේ, අපි නම් දන්නව ලියන මූඩ් එක ආවෙ කොහොමද කියලා :)

    ReplyDelete
    Replies
    1. හා හා මේවා එහෙම ලේසියෙන් එන මුඩ් නෙමේ. කොයි මොනවා වුනත් මට බ්ලැන්කට් එක අස්සට රිංග ගත්තොත් නම් සුමානයක් නිදාගන්න හැකි කාලගුණයක් .

      Delete
  14. වියට්නාමය සුරපුරක් වගේ නොවැ...හරිම ලස්සනයි...මගේ හිත ඇතුලෙ මේ වගේ කවදා හරි යන්න ලැයිස්තුවට වියට්නාමය ඇතුල්වෙලා ටික කාලයක් දැන්...පළවෙනි පෝස්ටුවටත් කමෙන්ටුවක් හලාගෙනම ආවා එන්න පරක්කු වූ නිසා...

    ReplyDelete
    Replies
    1. හා හා මලේ සුරපුරක්ම කියන්න බැහැ .දකින විදිහ අනුව තමයි. ලස්සන දේවල් විතරනේ ඉතින් මන් ලියන්නේ ..නමුත් සංචාරයට හොඳ බව නම් කියන්නම ඕන

      Delete
    2. අපේ ආයතන ප්‍රධානියා ලෝකෙ වටේම සංචාරය කරපු කෙනෙක්...දවස් තුනකට කලියෙන් කාම්බෝජයට ගිහිල්ලා අද ආයෙත් ඔපීසියට ආවා....මෙදා පාර ගුවන්තොටුපලෙන් ඉමිග්‍රේෂන් සීල් එක ගහලා එළියට දාන්න ඩොලර් 10 ක ජරාවක් කෑවා කියලා අපිත් එක්ක කිව්වා....

      Delete
  15. හරිම අමුතු නම් , සපා, චුන් පාං

    සපා නං ලස්සනයි, කතාවත් ලස්සනයි. බින්දිගෙ චිත්‍රෙ දැක්කාම මටත් එකක් අඳින්න හිතුනා :)

    ReplyDelete
    Replies
    1. අමුතු නම් කියන්නේ ඔව්ව සද්ද වෙන්නේ ඔයාකාරෙටමත් නෙවේ. එහෙනම් අපිට සිත්තර කතාවක් බලන්න ලැබෙයි

      Delete
  16. බින්දි අක්කත් දැන් හොත චිත්‍ර කාරියක් වෙලානේ.. වියට්නාම් ගැමි පරිසරයත් බලාගෙන යද්දී හරි සුන්දරයිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හරිම ලස්සන තැන් තියෙනව. බටහිර රටවල ලොකු සංචාරක අන්තයක් මේක දැන්

      Delete
  17. ශා.. මරුනේ.. ඔයාගේ සිත්තරේත් ලස්සනයි.. මටත් ඔයා ඇඳපු චිත්‍රයක් එවන්ඩකෝ

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ ....මධුරංග ...කොහොමෙයි ඉතින් එවන්නේ

      Delete
  18. අගනා සංචාරක සටහනක් බින්දි... මගේ ආසාව තවත් වැඩි කළා මේ සටහන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්

      Delete
  19. "මකර පාලමින් එගොඩට ..පැන්සි පාන් කඳු මුදුනට .... "
    මේ මාතෘකාව කියවද්දී මට පොඩි කාලේ කියවපු පොතක් මතක් උනා. අර "සැන්සිබාරයේ මහ වන අතරේ..." ලෝකේ වටේම සත්තුන්ට බෙහෙත් දිදී යන ඩොක්ට කෙනෙක් ගැන තියෙන්නේ.
    ලස්සන ප්‍රදේශයක් නේද?

    ReplyDelete
    Replies
    1. හුඟ කලකින් සමාධිව දැක්කේ ...මට අහු වෙලා නැහැනේ ඒ කතාව

      Delete
  20. විස්තර ටික අපූරුයි... ඒත් ඔය කලබල පාට් එක හිංද කතා රසය නැති වෙනව... හිමීට ලියන්න කාටවත් හදිසි නෑ.... මේ වගේ වැදගත් විස්තර කියවන්න ලැබෙන්නෙ ඔයාල හිංද... ඒ හිංද හීමීට ලියන්න...
    පිංතූර ටිකත් ලස්සනයි... පරිපූර්ණයි එකෙල් පෝස්ටුව...
    ආ..... ඔයාගෙ චිත්‍රෙ ඒකත් ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ..කලබලේ කියන්නේ හිතුනම ඉවරයක් කරලා දාන්න තියෙන හදිස්සිය තමා. ඇත්ත හිමිට කාලේ අරන් කොටස් කඩල ලීවොත් හොඳයි. මට මාව විශ්වාස නැතිකමනේ . ඕකට කියන තනි වචනය කම්මැලිකම :D

      Delete
  21. මෙවන් නගරයක් ලෝක අවධානයට පාත්‍රවෙන්න වැඩිකල් ගත නොවේවිත විශේෂයෙන්ම නාගරික ලක්ෂණ නැති ගැමි පරිසර වලට විදේශිකයන් ප්‍රිය කරනවා.මට හිතෙන විදියට ගැමි පරිසරයත් එක්කම තව දුරටත් මේ නලරය මෙහෙමම තිබුනොත් එහි ආකාර්ශනිය බව වැඩි වෙිවි.

    ලෝකයේ තවත් සුන්දතරනක් බින්දිගේ ඇසින්

    ReplyDelete
  22. දක්ෂ සිත්තරියකනේ .. චිත්‍රේනම් හරිම ලස්සනයි .. මාත් අසයි චිත්‍ර අදින්න .. තෙල් සායම් වලින් අදින්නම් දන්නේ නැ .. පින්තුරු ටිකත් අපුරුයි .. මාත් සපා ගියාවගේ දැනේනේ ..

    ReplyDelete
  23. බින්දී අක්කා චිත්‍ර කාරියෙක් කියලා අදනේ දැන ගත්තේ. පින්තුර ටිකත් මරු. මට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි මේ කරන්ට් වයර් ඇදිල්ල නිසා පරිසරයේ ලස්සන නැති වෙනවා කියන එක. ඒවා මග අරවලා පින්තුර ගන්නත් අමාරුයි ගොඩක් වෙලාවට. ටෙස්ලාගේ වයර්ලස් විදුලිය සාර්ථක උනානම් කියලා හිතෙන්නේ ඒ වෙලාවට තමා

    ReplyDelete