Tuesday, 4 March 2014

අකුරු නැති කවි .....

අකුරු වලින් ලියනට පොහොසත් නැතිය
මෙදැක මසිත ඇඳි  ඒ මනරම් කවිය





මට ලියනු බැරි ඒ කවිය සුනිල් ආරියරත්නයන් කලකට පෙර ලීවේය. නන්දා මාලිනිය නම් කෝකිලාවිය මෙසේ ගැයුවාය.. ඉඳින් කුමට මා දුප්පත් පන්හිඳ ලැජ්ජාවට පත් කරනුයේ .

''
වන මල් පිපෙන්නේ තුරු හිස් පුරා
එම මල් වසන්නේ පරඬැල් දමා
එනමුත් වසන්තේ ආ දා නිදැල්ලේ
එම මල් පිපේ''


මේ ඒ ගීතය 


මේ පින්තුරය හමු වුණේ අහම්බෙන්. වියට්නාම සේයා රූ අඩවියකින් . එහි ඉතිහාස පිටුවෙහි මෙවැනි අපුරු සේයාරූ රැසක් තිබෙනවා . වැඩි කතා කුමටද . මා නොවේ ඒ පින්තුර ඔබට  කතා කරාවි .

මේ තිබෙන්නේ එක අඩවිය 

53 comments:

  1. පිංතූරු ටික දැක්කාම ඇඟ හිරි වැටෙනවා බින්දි. සිංදුවත් හරිම ලස්සණයි. අර මුල්ම පින්තූරෙට හදපු එකක් වගේ කියලා හිතුණා.

    දෙනුවන් වැසූ රාත්රියේ සිරකුටියේ...
    සුවඳක් ලෙසින් පැටලී එන්න මේ මඳ සුළගේ....!!

    සියොතුන් රකින්නේ රැකවල් යොදා
    මුරගල් බඳින්නේ යනමං වසා...
    එනමුත් ඉගිල්ලේ සියොතුන් කැදැල්ලේ
    රැකවල් බිඳේ...

    වන මල් සැලෙන්නේ තුරු හිස් පුරා
    එම මල් වසන්නේ පරඬැල් දමා...
    එනමුත් වසන්තේ ආදා නිදැල්ලේ
    වනමල් පිපේ.

    මේක කවදාවත් අහලා තිබ්බේ නෑනේ...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ..මේ සින්දුව ඉස්සර අහලා තිබුණ. ලඟදි ආයේ අහන්න ලැබුණ. මේ දවස්වල හැමදාම අහනවා ..පුදුම ලස්සන ගීතයක් නේද පොඩ්ඩි .

      Delete
  2. සන්තකට ,
    අකුරු විතරක්ම තිබු
    අකල් සමයෙක
    හමු වූ කවි මිතුර
    අප මග ඇරුන හන්දිය
    ඔබට මතකද

    http://nelumwila.blogspot.com/2012/12/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැන් අපේ කවි
      ඉස්සර තරම් පොහොසත් නැති.

      Delete
    2. මට නම් මේක මතකයි... නෙළුම්විල හොඳටම අවධානයට ලක්වුණේ මේ කවියෙන්.. මමත් කවියෙන්ම අදහස් දැක්වුවානෙ...

      Delete
  3. අහලා බලන්න ඕන..
    ඒක නෙමේ අර පොඩි පින්තූරේ තාම අයින් කලේ නෑ නේද ? ඒක අයින් කරන්ඩ.. ඒක තිබ්බහම හෙඩර් එකත් එක්ක කැත වෙනවා.

    ReplyDelete
    Replies
    1. සින්දුවත් අහල පින්තුර ටිකත් බලන්න කම්මැලි නැතුව. හ්ම්ම් මට ඒ පින්තුරේ අහක් කරන්න හිතෙන්නේ නැහැනේ . පරණ ඇබ්බැහි කම් .

      Delete
    2. ඒ බින්දිනේ. ඒක අහක් කරන්ට එපා...:(

      Delete
    3. ඒක නේන්නං මේ පිරිමි ළමයින්ට ඔව්ව තේරෙනවය නේද පොඩ්ඩි

      Delete
  4. බින්දිගෙ පෝස්ට් එක බැලුවට පස්සේ ඒ ගීතයේ මිහිර වැඩි උනා කියල හිතුනා . මේ ගීතය කොහෙන් හෝ ආයෙත් ඇසෙනවිට බිංදිත් මතක් වෙයි . පිංතූර ටිකනම් දෙනෙත් තෙත් කරන තරම් නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි ..පින්තුර ටික හරිම අපුරුයි. දුර්ලභයි

      Delete
  5. පින්තූරයකින් මොනතරම් රටා මවනවද හිතේ.

    හද මඩල පුරාවට පිරී ඇති සෙනෙහෙ
    තදකරන් හිත තුලම ගලායන ජීවිතේ
    දහස් කම්කටොළු මැද ගෙවෙත්දෙන්
    පියනගමු අත්පටලා වසන්තය ඒවිදැන්

    ස්තූතියි! බින්දි අපූරු විස්තරේට.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කවි ..ස්තුතියි අක්කේ

      Delete
  6. ම් සිංදුව නං අදමයි ඇහුවෙ... අර සයිට් එකේ තියෙන පිංතූර කොයි කාලෙක ගත්තුවද බින්දි....

    ReplyDelete
    Replies
    1. 1975 ට පෙර කියල තියෙන්නේ . 75 නේ යුද්ධය ඉවර වුනේ. කොහොමත් සේරමත් හරි අර ගෑනු ළමයාගේ සාය විතරක්ම ඇති අඩුම ගානේ දශක තුන හතරකට කලින් කියල කියන්න . :D

      අනික් පින්තුරත් එහෙම තමයි. එච්චරක් සුන් බුන් මැදින් මේ රට නැගිටලා තියෙන හැටි නම් පුදුමයි .

      Delete
  7. පින්තුර ටික නං අපුරුයි බින්දී,සිංදුව ඇහුවමයි.ඔය වගේ ජෝඩු කොච්චරක් නං ඒ කාලෙ යුද්දෙට ගිහිං දිවි පුදන්නට ඇද්ද.

    ReplyDelete
    Replies
    1. හැලප මේ සින්දුව අහලා නැහැ කීවාම පුදුමයි. මට මතක හැටියට අසුව හෝ අනුව දශකයේ වෙන්න ඕනේ. මට වැරදිලාද කියල දන්නා කෙනෙක් කියාවිනේ.

      මේ වගේ ජෝඩු ගැන කියවුන ලස්සන කතාවක් බැලුවා මන් මෙහෙට ආපු කාලේ. මෙහෙ වැඩේ තියෙන්නේ ඉංග්‍රීසියට හැරවුණ නිර්මාණ බොහොම අඩුයි. කොටින්ම රුපවාහිනි නාලිකාවක්වත් නැහැ සම්පුර්ණයෙන් ඉංග්‍රීසි.. එක චැනල් එකක් තියෙනව කලාතුරකින් ඉංග්‍රීසි වැඩසටහන් යන .එච්චරයි. ඉතින් අපිට මෙයාලගේ වැඩසටහන් රසවිඳින්න ඉඩ අඩුයි.

      Delete
  8. කවියකින්, ගීතයකින් අපේ හදවත් නිමෙන තරම්.. සුභාවිත ගීතය තව සුවහසක් කල් වැජඹේවා...

    http://masandumal.blogspot.com/

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ්. මම ඒ පැත්තේ ඇවිත් බැලුවා . නිවිසැනහිල්ලේ රස විඳින්න වෙලාවක් හම්බ වුනේ නැහැ තවම

      Delete
  9. ලස්සන පින්තූරයක්. රටක් හදන්න නම් ඉස්සරවෙලාම ඒ රටට එරෙහි අභියෝග ජයගෙන සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. විචාරක ලින්ක් එකින් ගිහින් අනික් පින්තුර බැලුවේ නැද්ද . අර කාන්තා සෙබළියක් විසින් ඇමරිකන් සෙබලෙක් අල්ලන් යන හැටි. ඒ දෙන්නගේ මුණු වල තියෙන බිය කුතුහලය ..

      Delete
  10. පින්තූර ටික දැක්කම පපුව හිර වුණා... අපේ රටේත් මේ වගේම පිරිසක් හිටිය බවත් අපිත් අඩු වැඩි වශයෙන් සමහර අත්දැකීම් වින්ද බවත් මතක් වෙලා ඇස් දෙකට කඳුළු ආවා... මං පොඩි දෙන්නටත් මේ පින්තූර පෙන්නලා කිව්වා තේරෙනවා නේද, ඔයාලා කොච්චර වාසනාවන්තද කියා කියලා...

    සින්දුව හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මියුරු. මෙහෙ වෝ මියුසියම් එකකට ගියහම මෙයිට එහා .

      Delete
  11. මටත් හිතුනෙ අපෙත් සිංහල සහ දෙමළ මිනිස්සු මේ තරමට හරි ඊටත් වඩා හරි මේ වගේම දුක් වින්ද ( කොටසක් තාම විඳිනව ) නේද කියල.

    ඊයෙ තිබ්බ ඉන්දියානු පොත් ප්‍රදර්ශණයක්. ඒකෙදි මෙහෙ ඉන්න ලංකාවෙ කතුවරයෙකුත් තව අරාබි සහ ඉන්දියානු කතුවරු පාඨකයො සහභාගි උන කතිකාවතක් තිබ්බ. එතනදි එක්කෙන් ඇහුව "ලංකාවෙ ලේකඛකයො රටෙ තිබ්බ සිවිල් යුද්දෙ පසුබිම් කරගෙන මොන වගේ නිර්මාණද කරල තියෙන්නෙ" කියල.

    සින්දු කිහිපයක් චිත්‍රපට දෙකතුනක් ඇර වෙන හරි යමක් සිංහලෙන් කෙරිල නෑ කියල අපේ මනුස්සය කියද්දි අනික් මිනිස්සුන්ගෙ මූනෙ ඇඳුන පුදුමය මට ඇත්තටම ඇතිකරේ ලැජ්ජාවක්!

    අපි එච්චරටම හිරි වැටුනෙ කොහොමද!!

    සින්දුව කලෙකින් මතක් කරල දුන්නට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දික සිවිල් යුද්ධෙකදී දෙගොල්ලම නිර්මාණකරණයේදී හිර වෙනවා යම් යම් බැඳීම් සිමා තුල .විශේෂයෙන් අපේ වගේ ආසියාතික රටවල . එය වෙන්න ඕන හේතුව.
      මේපාර ඔස්කාර් වලටත් නිර්දේශ වෙලා තිබුණ පලස්තීන නිර්මාණයක් සහ කම්බෝජියන් එකක් .
      සින්දුව අහපු තව එක්කෙනෙක් හිඳිම සතුටක් ඉන්දික

      Delete
  12. මේ පින්තූර ටික මම ඊයෙද හොහේද බැළුවා අක්කේ මුහුණු පොතෙන්.. ඇත්තටම මගේ හිතට වැදුනේ අර අන්තිමට වගේ වෙන්න තිබුන පොඩි එවුන් දෙන්නගේ ෆොටෝ එක..

    ReplyDelete
    Replies
    1. මම ෂෙයාර් කරපු එක වෙන්න ඇති :D

      Delete
    2. බින්දි අක්කා මගේ මුහුණු පොතේ නැහැනේ.. මට රික්වෙස්ට් එකක් දාන්නකෝ..

      Delete
  13. මේ අවිය බර වැඩියි
    ඒ උණත් හිත තදයි
    නුඹ ලඟින් සිටින තුරු
    බියක් මට නොම දැනෙයි

    තව පොඩිම පොඩි දුරයි
    නිදහසට දැන් ලඟයි
    ඉන් පසුව මේ අවිය
    බිම තියන්නට හැකියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ..

      ''බයිනෙත්තු කෙලවර
      රෝස මල් පිපෙන දවසක
      ඇවිද යමු ආයේ
      මිට වැඩියෙන්
      සොඳුරු සවසක ..

      Delete
    2. ලද අවසරෙන් බිඳෙන
      යැංකි උණ්ඩයකටත්
      වියළි ලුණු රස දැනෙන
      නුඹේ හාදුවකටත්
      පමණි හැකි
      මගේ හද නවතන්න...

      :D

      Delete
    3. දෙතැනක ඉඳ හුල්ලනවට වැඩිය
      කොච්චර හොඳද
      මැරෙන්නට හරි
      අතින් අල්ලන් යන එක

      ..ස්තුතියි බිටල් ....අපරාදේ මට තිබුනේ කට්ටියටම මේකට කවියක් ලියන්න කියන්නයි නේද ...නිදි ගත්තු කවියන් එකින් එකා ඇහැරි එයි එතකොට

      Delete
  14. අහලා නොතිබුණු ලස්සන සින්දුවක් එක්කම සංවේදී පින්තුර ටිකක් බෙදා ගත්තට ස්තුතියි බින්දි...
    පිංතුර වලින් මගේ හිතට ගොඩක් වැදුනේ අර පුංචි කෙල්ලෙක් අත දරුවෙක් පිටේ එල්ලන් අඬන එක...
    පිංතුර කියන්නේ අකුරු නැති කවි නේ...

    ReplyDelete
    Replies
    1. තනියෙන් අහනවට වඩා තව කෙනෙක් රස විඳින බව දැනීමත් සතුටක් .

      ඔව් ඉතින් අන්තිමට කොහෙත් වැඩිය දුක් විඳින්නේ ළමයි. ඔව් අකුරු නැති කවි තමයි නීරෝ

      Delete
  15. යුද්ධය හරිම මිහිරියි කියල දේශපාලුවො හිතන එක නවත්නන්න පුළුවන් අර වගේ පින්තුර ගොඩකට. නියම සටිට් එකක් මම ලැයික් ඒකට..

    ReplyDelete
    Replies
    1. ආපෝ ..ඒ ගොල්ල එච්චර සංවේදී නම් [ පෝස්ටර් වල එහෙම කිව්වට ] මොනා කරන්න බැරිද දේශක .
      ඒ සයිට් එකේ ඉතිහාස පින්තුර වගේම අනික පිටුවලත් ලස්සන දේවල් තියෙනව තව .

      Delete
  16. ඇත්තටම කතා කරන පිංතුර සෙට් එකක් ස්තුතියි බින්දි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ..දුර්ලභ නිසා වටිනාකම වැඩියි.

      Delete
  17. පින්තුර ටිකනම් බැලුවේ බාගෙට. ඒවා බලන්න හිත හදාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් ..සයුරි මෙහෙ ආවොත් වෝ මියුසියම් යන්න බැරි වෙයි....

      Delete
  18. වියට්නාම් යුද්දේ තිබ්බා කාලේ ඒවා නේද අක්කේ ගොඩක් තියෙන්නේ ? අර බිම් ගෙවල්වල ඉන්න ඒවා එහෙම නේද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි...මේ මන් හිතන්නේ අවසාන භාගයේ ගත්තුවා ...1975 දිනේ ඉවර වුනේ

      Delete
  19. බින්දි........මම කවදාත් කැමති ගීයක්. මේ ගීතයේ මියුසික් අමල් පෙරේරාගේ පියා ඒ නිහඬ රසවතා මර්වින් පෙරේරා.

    පින්තූර අපිට වඩා මේ ලෝකය උමතු ඇස්වලින් බලන අයට පාඩම් කියා දෙයි. නමුත් බින්දි ඒ අයට පාඩම් ඉගෙනගන්න අකුරු මතක නැහැ.

    කකා දාපු ඔයාගේ ලින්ක් එකෙන් මට හිතටම වැදුනු තැන මෙන්න.

    ///'එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
    බෙදා ගත් කහට තේ කෝප්පෙට
    මම ණයද ?''//////

    ReplyDelete
    Replies
    1. ගීතය ඇසූ තවකෙක් හමු වීම සතුටක්. අරූ.
      යු ටියුබ් එකට ගීත දැමීම ඉතාම හොඳ වැඩක්..අපේ ගී ලෝකයට ගෙනයාම වගේම අපිට අමතක වූ ගී අහන්නත් . නමුත් ගායකයා හෝ ගායිකාව , පද රචකයා සහ සංගීතයේ නිර්මාණකරු ගැන හැඳින්වීම හුඟක් ගීත වල නැහැ . ඒ ගැන නම් හරිම කණගාටුයි . අතීතයේ මතක එක්කහු කර ලියා තබන ඔබ වැනි අය ඒ අතින් කරන්නේ ලොකු පිනක්.

      ඒ නිසදැස ගැන කියනව නම් එය මටත් හරිම විශේෂයි අරූ

      Delete
  20. පිංතූරෙ ඉන්න දෙන්න ගං ඉවුර වෙත යනවා. තුවක්කු දෙකත් එල්ලගෙන ඒ ආදරය ගිනි බටයකට සිදුරු කල හැකි්ද?

    නන්දාගේ කුමන ගිතය ඇසුවත් ඇයගේ මිහිරි ළයාන්විත ගී හඬත් එක්ක හිතේ ඇදෙන ලෝකය වචනවලට නගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් දයා නන්දා මාලිනියගේ ගීත සියට අනුවකට විතරම මම කැමතියි. ඇගේ සොඳුරු හඬ අමරණීයයි

      Delete
  21. පින්තූර බැලුවෙත් නෑ. ගීය ඇහුවෙත් නෑ. නෙලුම් විල කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අපෝ මදි මදි ..පින්තුර ටික බලල සින්දුව අහන්න ...

      Delete
    2. සින්දුව මම නිතර අහන එකක්. 'තාරකා ඇස්' ගීත ඇල්බමයට අයත්. උඩ කමෙන්ටුව දාල කළේ පින්තූර ටික බලපු එකයි. බොහොම හැගීම් බරයි. ස්තුතියි බින්දිට.

      Delete
  22. වියට්නාම ඇමරිකා යුද්ධය වෙලාවෙදි ඔය වියට්නාම කාන්තාවොත් තමන්ට හැකි උපරිමයෙන් ඇමරිකානුවන්ට එරෙහිව සටන් කලා කියන්නෙ ඇත්තද අක්කෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සිරා ඒ ගැන කතා හරියට තියෙනව. අදටත් මෙහෙ ගැහැණු හරි හරියට වැඩ. මට හිතෙන්නේ පිරිමින්ට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. ..

      Delete
  23. අර සිංදුව ඇහැව්වෙ අදමයි.. සින්දුව දුන්නට වගේම පින්තූර වෙබ් එක දුන්නටත් ස්තුති කරන්නට වචන නැත..

    ReplyDelete