Sunday, 4 May 2014

හොරුන්ගෙත් හොරු




පින්තුරය 


සති කීපයකට කලින් පත්තරේ තිබුණ හරි අපුරු සිද්ධියක්.

ඔන්න එක තරුණ හොරෙක් මෝටර් බයිසිකලයක් සොරකම් කරනවා . සොරකම් කරගෙන හැනෝයි වලින් ටිකක් දුර බැහැර පළාතකට අරන් යනවා .මෙහෙ බයික් වල යන උදවිය සිට් එක උස්සලා ඇතුලේ තමයි තමන්ගේ මුදල් පසුම්බිය හෙම තබා ගන්නේ ගමන් යනකොට .
ගැහැණු අය හෑන්ඩ් බෑග් එක හෙම . ඉතින් මේ සොරාට හමු වෙනවා මේ සිට් එක ඇතුලේ තිබිල අයිති කාරයාගේ පසුම්බිය. එහි තිබුනේ රූමත් තරුණියකගේ හැඳුනුම් පත.
මේ මෝඩ වහන්සේට ඒ තරුණිය ගැන සිතක් පහල වෙනවා .
එහි තිබුණ දුරකතන අංකයට කතා කරලා ඇයව හමු වෙන්න කැමති බව පවසනවා . ඇය කියූ පරිදි ඔහු හමු වෙන්න යනවා .තනියම හෙම නෙවේ. පොලිසියත් එක්ක. පෙම්වතා කුඩුවේ.දැන්
මට මතක් වුණේ අර සුනිල් එදිරිසිංහ මහතා ගයන
''සොර දෙටුවෙක් කස තැළුම් කකා
දංගෙඩියට ගෙන යන ගමනේ
වදක  බෙරේ දැක සොරා ගන්න එය
කදිමයි ලොබ සිතුවාලු ''

ඔය කතාව කිව්වම අපේ ලොක්කි කොහේදෝ දැකපු ප්‍රවෘතියක් මට කිවා
යුරෝපිය රටක වෙච්ච එකක්. ඔන්න පොලිසියට මහා රෑ ජාමේ ඇමතුමක් එනවලු ගෙදරක කුස්සියේ අමුතු සද්ද වගයක් ඇහෙනවා කියල

ඉතින් ඔවුන් ගිහින් පරික්ෂා කරන්න . බලන කොට මේ ඇමතුම දීලා තියෙන්නේ ගෙදෙට්ට ආපු හොරෙක්..මනුස්සය සද්ද වලට බය වෙලා . බලනකොට සද්ද කරලා තියෙන්නේ බළල් තඩියෙක්..
මෙන්න මේ කතා දෙක ලියන්නම ඕන කියල හිතා ඉද්දි රිඩර්ස් ඩයිජස්ට් සඟරාවක තිබ්බ ''ලෝකයේ මෝඩම අපරාධකාරයෝ'' කියල ලිපියක් . ඔය වගේ මොළකාර කට්ටිය ගැන .

නවසීලන්තයේ මනුස්සයෙක් වේග සීමාව ඉක්මවලා ධාවනය කරලා පොලිසිය පස්සෙන් එද්දී බේරෙන්න ගිහින් තියෙන්නේ තමන්ගේම කංසා වගාවකට .

චෙක් රිපබ්ලික් වල හොරෙක් කඩේකින් ඇඳුම් හොරකම් කරලා තමන්ගේ හැඳුනුම් පත සහිත ජැකට් එක කඩේ දාල ගිහින් .

හොරකමක් කරන්නත් මොලේ ටිකක් හරි තියෙන්න ඕන කියන්නේ ඕක තමයි .

67 comments:

  1. අර කතාවක් තියෙන්නේ "එල කොල්ලෙක්, හරක් හොරෙක්" කියලා ඔහොම අයට වෙන්න ඇති... මේ ඉන්නේ තව ඒ වගේ තව පොරක්... :)

    The thief who made a pause to pray with the victim and then proceeded with the robbery

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ උදව් කරලා නැහැ වගේ හොරාට

      Delete
  2. මටත් පුළුවන් මේ වගේ හොරකම් නම් කරන්න. ඔය කුරුමිණියෙක් හෙම හිටියොත් හොඳම ඇති. :)
    මේක විහිළුවට එහා ගිය කතාවක් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. විහිළුවක් තමා රංගි . මට නම් වැඩියම හිනා බයිසිකල් හොරා ගැන .

      Delete
  3. ඔන්න එකමත් එක රට හොරෙක් පනිනවා ගේකට. මිනිහා හොරකමේ ආවට හරිම බඩිගින්නේ තමා මේ හොරා හිටියේ. කන්නදෙයක් හෙව්වට හරි හමන් දෙයක් හම්බුනේ නෑ මුං ඇට ටිකක් මිසක්.. ඒකත් අමු ඒවා. ඔන්න මිනිහා කබලකුත් හොයාගෙන ගින්දර එහෙමත් අවුලලා මුං ඇට ටික බදින්න ගත්තා කියමුකො. ඒත් මේ හොරා දන්නේ නෑ මුං ඇට හරි පදමට බැදිලද කියලා.. වට පිට බලනකොට ඒ ළඟම ආච්චි කෙනෙක් නිදිලු කට ඇරගෙන , උඩු බලියන් ගහගෙන.. මේ ආච්චිට පුළුවන් වෙයි මට මේ මුං ඇට ටික බැදිලා ඇත්ද කියන්න කියලා හිතලා, අර කබලෙන් ගත්තු උණු උණු මුං ඇට අහුරක් ආච්චිගේ කටට දාන ගමන් කිව්වලු "ආච්චියේ ආච්චියේ මේ මුං ඇට ටික බැදිලා ඇත්ද බලහන්කෝ කියලා...".. ඔය කොයි හොරත් මේ හොරාට පරාදයි නේද ? :D

    ReplyDelete
    Replies
    1. මටත් කිරිහාමිව මතක් වුනා තමා. ..අහිංසක හොරු

      Delete
  4. මම එකපාරක් දැක්ක වහලෙ උඩ ගිය හොරා වහලෙ කඩා වැටිල තුවාල උන නිසා ගේ අයිතිකාරයට නඩු දාල වන්දියක් අරගෙන වහලෙ හරියට මේන්ටේන් නොකලයි කියල (නෑ, ලංකාවෙ නෙමේ ඕස්ට්‍රේලියාවෙදි ). අන්න හොරු!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් හම්බ වෙයි වන්දි..හන්දි නැතුව තමයි හොරාට යන්න වෙන්නේ .

      Delete
  5. ඔන්න තාත්තා පුතාට ගෙවල් බිඳින්න කියල දෙන්න දවසක් එක්ක ගියා ලු. තාත්ත අතින් වළඳක් පෙරළිලා සද්දයක් එද්දි ගෙහිමියා ඇහැරිලා සද්දයක් වගේ කියල නෝනට කිව්ව ලු. තාත්තා ඥාව් කිව්ව ලු. නෝනා පූසෙක් කියලා කියනව දෙන්නට ම ඇහුණ ලු. ඔන්න ටික වෙලාවකින් පුතා ගේ අතින් ආයෙ මොකද්දෝ පෙරළුණා ම කලින් වගේ ම සද්දයක් කියනව ඇහුණ ලු. පුතා මහ හයියෙන් කිව්ව ලු මෙහෙම “තව පූසෙක්“

    ReplyDelete
    Replies
    1. හා හා ..තව පුසෙක් . ඔය වගේම කතාවක් අපේ පොඩ්ඩි කිවා . ඔන්න හොරු තුන් දෙනෙක් පොලිසියෙන් එද්දී අල ගෝනි තුනක හැන්ගුනාලු . පොලිස් රාලහාමි පලවෙනි ගෝනියට පයින් පාරක් දුන්නම හොරා ඥාව් කීවාලු. දෙවෙනි හොරා බුහ් ගෑවාලු . තුන් වෙනි හොරා '' පොටෙටෝ'' කීවාලු

      Delete
  6. හැක් නියම කතා ටික ,හොරකමත් ලෙසි නෑ වගේ නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔය මොළකාර හොරු ලේසියෙන් අහු වෙන්නේ නැත්තේ

      Delete
  7. හොරුන්ගෙත් හොරු කම්බා හොරු .....

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ල නම් මෝඩ හොරු.

      Delete
  8. අහිංසක හොරු කියන්නේ මේ කාණ්ඩයේ අය වෙන්න ඇති බින්දි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඔව් එකක් අහිංසක කම . අනික මෝඩකම

      Delete
  9. ඇයි මළ පෙරේතකම හින්දත් හොරු මාට්ටුවෙන්නෙ,ගෙදර කට්ටිය ගමනක් යද්දී විස්කි ලීටර් එකහමාරෙ බෝතලයක් සාලෙ තියල ගිහිං,හවස ගෙදර අය ආපහු එද්දී දෙන්නෙක් සාලෙ වැටිල ඉන්නවලු ගෙවල් ලඟම අයලු.මේ ලගදී මම පත්තරේක දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. හය්යෝ ඒ අර කිරි හාමිගේ නෑදෑයෝ වෙන්න අහි.මි උගුල් වලට පොල් වගේ හොරු අල්ලන්න විස්කි

      Delete
  10. හොරු ගැන කියවන්න ඇවිල්ලා අහම්බෙන් හරි මට සුනිල් එදිරිසිංහයන්ගෙ, මෙතෙක් සවන් නොවැකුනු ගීතයක් ඇසීමට අවස්ථාව ලැබුනා. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මනෝෂ් අහල තිබ්බේ නැද්ද. මට ඉතින් අලුත් සින්දු ඇහෙන්නේ නැති නිසා ඔළුවට එන්නේ පරණ සිංදු .

      Delete
  11. අවංක හොරු... හැක්...

    ReplyDelete
    Replies
    1. අවංක කමද මෝඩකමද ..හැබැයි මෙහෙම හොරු නම් පොලිසියට ලේසියි

      Delete
  12. පළවෙනි කතන්දරේ කියපු ගමන් මට මතක් උනේ ඒ කාළේ සෙන්ට්‍රල් එකේ බලපු ඉන්ගිරිසි සෝ එකක්... නම තීෆ් ඔෆ් හාර්ට්ස්. හොරාට අහුවෙනවා ඒ ගෙදර නෝනගේ ඩයරිය.. ඒ වටා තමයි කතාව ගෙතෙන්නේ. නළුවා හරියට අපේ සනත් ගුණතිලක වගේමයි.. පට්ට ෆිල්ම් එක. ළෝකෙම ජනප්‍රියයි.. බැලුවේ නැත්නම් කොහොම හරි හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. බලල නැහැනේ මාතලන් ස්තුතියි ඔත්තුවට

      Delete
    2. මාත් නරඹලා තියෙනවා ඒ මූවී එක. මට මතක විදියට ලිබර්ටි එකේ. ඒ කාන්තාව ඉන්ටීරීයර් ඩෙකරේටර් කෙනෙක්. හොරා කරන්නේ තමන්ගේ වෙයා හවුස් අපාර්ට්මන්ට් එක අලංකාර කරන කොන්ත්‍රාත්තුව කාන්තාවට දෙන එක. එහෙමයි තීෆ් ඔෆ් හාර්ට්ස් වෙන්නේ.

      Delete
  13. Replies
    1. ඇවිත් බලන්නම් ස්තුතියි

      Delete
  14. පට්ට හොරු නෙව...
    මුංව සැට් කොරල හොරකං කිරීම ගැන පාටමාලාවක් අපේ ආන්ඩු පස්සෙ දේහපාලුතුමෙක්ට කියවලා කොරෝමුද...
    ආයෙ කවදාවත් අහුවෙන්නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හැබෑමයි ..සොරකම සහ ලජ්ජා නැතිකම හෙමත් ඉගෙන ගන්න පුළුවන්

      Delete
  15. මටත් හොරකං කරන්න හිතෙනවා මේව දැක්කාම....

    ReplyDelete
    Replies
    1. හපොයි නලින් ඔය තියෙන හැටියට කාල ඉන්න ...

      Delete
  16. බින්දි ඔන්න අපේ අගමැති තුමත් එනවලු ඔය පැත්තේ හෙට දිහාට......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. එහෙනම් පත්තරේ සුට්ටන් ආටිකල් එකක් යයි හෙටානිද්දට .

      Delete
  17. හපොයි....., මෙහෙමත් හොරු...!

    ReplyDelete
  18. ඇයි එක හොරෙක් උසාවි දාලා.
    නඩු කාරයා අහනවා.

    "යුෂ්මතා එකම කඩේට එකම රෑ, හත් වෙනි වතාවටත් බැස්සාම තමයි පොලිසියෙන් අතඩංගුවට ගත්තේ? ඒ කොහොමද?"

    "ගෑණි මුලින් ගෙනාපු සාරි හයටම කැමති වුනේ නෑ ස්වාමීණි."

    ReplyDelete
    Replies
    1. තකට තක ජෝඩුව ....

      Delete
    2. පට්ටයි බොලේ මේ කථාව...

      Delete
    3. සිරා අලුත් ලිපියට මක් වෙලාද

      Delete
  19. ඌ හිනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති එහෙම දෙයක් වේවි කියලා. මෝඩ හොරෙක් !

    ReplyDelete
    Replies
    1. මේවගේ හොරු අල්ලන්න නම් පොලිසි ඕනෙත් නැහැනේ

      Delete
  20. හොරකොම හොඳ නැහැ නෝනේ.

    එන්නකෝ අපේ අහත් කැරකැවිලා යන්න.

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියෙ මේ අපේ පප්පානේ ..දැක්ක කල්

      Delete
  21. ඔය රටේ වෙලත්, ඔච්චර මෝඩ හොරු ඉන්නව කියන එක අහන්නත් පුදුමයි. මෙහෙ ඉන්න ඔය රටේ අය හැම අතින්ම වැඩ කාරයො.

    කාලෙකට ඉස්සර එයාපෝට් එකේ ගබඩාවෙන් , බඩු වාෂ්පවෙන්න ගත්තා, පොලෝසිය හිතුවෙම සිරා ගැන්සියක වැඩක් කියලයි. අන්තිමට මලනකොට බඩු උස්සල තියෙන්නෙ ට්‍රක් ඩැයිවර් කෙනෙක්. නම "ස්මයිලි" . හිතාගත්තෑකිනෙ, මිනිහගෙ තරම?

    Masterminds - The Air Cargo Millions

    ReplyDelete
    Replies
    1. මාර පොරක්නේ. හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා කියල මොහිදීන් බෙග් වෙසක් පෝයට කෑගහන්නේ ඔන්න ඕකනේ .

      Delete
  22. Replies
    1. හික් ...හිනා වෙලා මැරෙනවානේ ..ඔය වැඩේ ඉතින් අපි කාටත් වෙනවා වෙලාවකට නැද්ද

      Delete
  23. බයිසිකලේ සීට් එක ලොක් කරන්නත් පුළුවන්ද බින්දි... මොට්ට මෝල් හොරු ගැන මරු කතා ටික බින්දිගෙයි කමෙන්ට්ස් වලයි...

    මේත් ඒ වගේ එකක්... දවසක් රෑක පාරෙදි මිනිස්සු තුන්දෙනෙක් තව මනුස්සයෙක්ව නතර කරගෙන ඒ මනුස්සයගෙ සේසත හූරකන්න ලෑස්ති වෙනව දැකල තියෙනව ඒ වෙලාවෙ ඒ හරියෙන් යන පොලිස් නිලධාරීන් කණ්ඩායමක්... එතැනදි එයාලට අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නෙ එක හොරයි, අනිත් උන් දෙන්නා දුවන්න ගත්තලු... ඉතින් පොලිස්කාරයො දෙන්නෙකුත් ඒ පස්සෙන් පන්නලා... අරුන් දෙන්නා දුවන අතරෙ අහුවුනු වැටකින් අනිත් පැත්තට පැනලා වැටේ එහා පැත්තෙ හිටපු තමුන්ව පන්නන් ආව පොලිසියෙ දෙන්නට මූණ ඇද කර කර තමුන්ව අල්ලගන්න බැරිවුනු එකට විහිළු කළාලු එයාල වැට ළඟ නතරවුනු නිසා... ඊට පස්සෙ පොලිසියෙ දෙන්නා එයාලගෙ හැඳුනුම්පත් ඇදලා අරගෙන ඒක ස්වයිප් කරලා ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටලු උන් දෙන්නට තේරුනේ උන් මේ පැනල තියෙන්නෙ පොලිසිය ඇතුලට බව...

    ReplyDelete
    Replies
    1. මිස්ටර් බීන් වගේ පොරක්.

      ඔව් මියුරු. සිට් එක උස්සල තමන්ගේ බෑග් හෙම දාල වහල ඕක උද ඉඳ ගන්නේ . මෙහෙ බයික් සංස්කෘතිය පුදුමාකාරයි. බයික් එකේ ගියාට හයි හීල්ස් දාල කොට සායවල් ඇඳලා ආයේ මොකෝ කිසි අඩුවක් නැහැ .

      Delete
    2. මං ඔය බයිසිකල් ගංගාවයි, ඒවයෙ යන කට්ටියයි (පවුල් පිටින් යන අය හෙම - අපේ රටටත් එහානෙ ) ටිකක් දැක්කා වියට්නාමය ගැන මෙහේ ගිය වැඩසටහනකින්... Anh Does Vietnam
      https://www.youtube.com/watch?v=YPTLXa8pBHg

      Delete
  24. අනේ මෙහෙම හොරු.. අන්න අපේ දේශපාලලාගෙන් ඉගෙනගත්තානම් ඔහොම වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ෆුල් කෝස් එකම ගන්න තිබ්බ , සොරකම බොරුකීම , කලත් නොකලා වගේ හිටීම වගේ දේවල්

      Delete
  25. බින්දි..... මේක බලන්න. මේවා තමයි අතින් කයිට් රොබරි.
    In 1977, a thief in Southampton, England, came up with a clever method of robbing the cash register at a local supermarket. After collecting a basketful of groceries, he approached the checkout area and placed a £10 note on the counter. The grocery clerk took the bill and opened the cash register, at which point the thief snatched the contents and ran off. It turned out to be a bad deal for the thief, since the till contained only £4.37 and the thief ended up losing £5.63.

    ගොඩාක් හොරු දන්නේ නැහැ ටිල් එකේ සල්ලි එකතුවෙන්න දෙන්නේ නැහැ කියලා.මේ කාලේ ඉන්ශුරන්ස් කම්පැනිස් වලින් කියන්නේ පවුම් 50කට වඩා තියාගන්න එපා කියලා . ඒකත් ඉතුරු දෙන්න අවශ්‍ය නිසා. මොනවා හරි වුනොත් ඉන්ශුරන්ස් කම්පැනි එකෙන් ගෙවන්නේ ඔය 50 විතරයි. මම ඔය කිව්වේ පෙට්‍රල් ශෙඩ්, පොඩි සුපර් මාකට් වගේ තැන්වල. මෙහේ කඩවල්වල ගහලා තියෙනවා දොරවල් වල ටිල් එකේ මේ ගානට වඩා මුදල් තියන්නේ නැහැ කියලා. ගොඩාක් වෙලාවට සේවකයින්ට කියන්නේ හොරු ඇවිත් ජීවිත තරජන කරලා ඉල්ලුවොත් Do not try to be a hero ඕන දෙයක් දෙන්න කියලා. මට අත්දැකීමක් තියෙනවා. පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අපොයි වස අලාබෙනේ හොරාට .. මෙහෙත් පහුගිය කාලේ මහා දවාලේ පර්ස් උදුරාගෙන යාම් හෙම අහන්න ලැබුණ. කොහෙත් එකනෙ .

      Delete
  26. අහින්සක හොරු

    ReplyDelete
    Replies
    1. අහිංසක සහ මෝඩ

      Delete
  27. ඔය හොරු වගේද අනේ ලංකාවෙ ඉන්න හොරු...ඇදගෙන ඉන්න එක ගලවගෙන යනවා නොදැනෙන්න...කම්බා හොරු කියන්නෙ අන්න උන්ට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අතින් නම් අපේ අය්යලා නම්බර් 1

      Delete
  28. හොරුන්ට වෙච්ච ඔය වගේ චාටර් වැඩ වල වීඩියෝ එහෙම තියනවා මම දැකල තියනවා. පව් අප්පා හොරු උනත්

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි..මේ වගේ හොරු නම් ඉතින් අපිට වැඩි කරදරයක් නැහැ

      Delete
  29. ඉස්සර ගෙවල් බිඳිනවා කියන්නේ ගෙදරක බිත්තියක්(වරිච්චි) මොකක් හරි ආයුධයකින් හෙමිහිට රිංගන්න පුළුවන් කුහරයක් හදාගෙන රිංගන එකනේ. දවසක් හොරෙක් මෙහෙම විවරයක් හදා ගත්තා. බොහෝ විට හොරු මෙහෙම විවරය හදන අතරේ ගෙහිමියා ඉන්නවා මොල්ගහත් තියාගෙන. හැබැයි ගෙහිමියාගේ කලබලයට ඔලුව දාපු ගමන් ගහනවා. මේක දැන ගත්ත හොරු පහු කාලෙක මුට්ටියක් කොට්ටක දාලා ඒක මුලින් ඇතුල් කරනවා. ගෙහිමියා ගැහුවොත් දුවනවා. ටික කාලෙකදී මේ මුට්ටි සීන් එක ගෙහිමියොත් දන්නවා.

    මෙහෙම කාලයක් ගිහිං හොරෙක් මේ වගේ මුට්ටිය දැම්මාම ගෙහිමියා ඉඳලා, හොරා ඇතුලට එනකොට ගැහුවා බෙල්ල කඩලා යන්න. කලබල වෙච්ච හොරා දුවගෙන දුවගෙන ගිහිං ගලක් උඩ වාඩි වෙලා ඉනේ තිබ්බ බුලත් පැස අරගෙන විටක් කොටා ගන්නවා ගල උඩම තියාගෙන. එහම කොටා ගත්ත විට කටට දාගන්නේ වීසි කරලා වගේ. සමහරවිට පැරණි අය එහෙම කරනවා දැකලා ඇති. මෙහෙම දාපු විට අනිත් පැත්තෙන් බිමට වැටිලා. එතකොට තමයි මිනිහා දන්නේ ඔළුව නෑ කියලා. බොරුනම් ආපහු බලන්න ගෙහිමියා ගැහුවේ බෙල්ල ගලවෙන්නමනේ. :)

    ReplyDelete
    Replies
    1. හික් හික් ...පස්සේ මිනිහට ඔලුව ගේන්න ආයෙම ගෙට පනින්න වෙන්න ඇති

      Delete
  30. ඇයි යාලුවනේ අපිත් පාසල් යනකාලේ මොනතරම් හොර වැඩ කලාද ජොලියට. යාලුවො සැට් එකත් එක්ක ආප්ප කන්න ගියොත් ආප්ප ආචිචිට ගාණ වරද්දනවා. උන්දැ කොහේ කියල ගනින්නද. බස් වල කොච්චරනං කියල හොරෙන් ගිහින් ඇද්ද. හක් හැක්..

    ඒං බින්දි මම අලුත් යාලුවෙක්. අපේ තෙලිදිය වාඩිය පැත්තෙත් ඇවිත් යන්න එන්න.
    මම තෙලිදිය.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඉතින් පොඩි කාලේ පොඩි කමට කරන දේවල්නේ. මමත් බස් එකේ හොරෙන් ගිහින් සත විසිපහේ බුල්ටෝ එකක් අරන් ගෙදෙට්ට යනකම් කකා ගිහින් තියෙනවා .

      ඔන්න මම ගියා . මම ආස වර්ගයේ බ්ලොග් එකක්. හිමිට කියවමු

      Delete
  31. ඊයේ පත්තරේක දැක්කා එංගලන්තයේ බුවෙක් තමාට පැවරුණු කිසියම් නඩුවකට උසාවි ඇවිත් තියෙන්නේ ඊට පෙර හොරකම් කල මෝටර් රථයකින් ලු.

    ReplyDelete
  32. හිනා වේවි පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වා බින්දියෝ ...

    ReplyDelete