Thursday, 15 May 2014

මල්ලිලාට කොකා පෙන්නන චින ලොකු අය්යා



පින්තුරය 




හැනෝයි වලට ලොකු මිසයිලයක් එනවලු  ලඟදිම..අපේ ලොක්කිට එයාගෙ වියට්නාම යාලුවෙක් කියලා .
එහෙම වෙන්නත් බැරි නැහැ වගේ.
අපියි ඉන්දියාවයි වගේ මේ දෙගොල්ලත් අතරේ සම්බන්ධය.

ඈතම ඈත අතිතයේ ඉඳන්ම වියට්නාමෙ අල්ල ගන්න චිනේ සෑහෙන්න උත්සාහ කලා.
Trung සහොදරියන්ගේ කතාව මතකනෙ. තව ඉබ්බා සහ කඩුව කතාවෙත් කියවෙන්නෙ චිනෙට විරුද්දව යුධ වැදිලා දිනාපු හැටි.
ඒ ඉතින් ඈත අතිතයෙ.
මෑතක , ඒ කියන්නෙ 1979 සිනෝ - වියට්නාම යුද්ධයෙ දි දෙපැත්තටම සැහෙන අලාභ හානි වෙලා. මකර පාලමින් චිනෙට යන ගමන ඇණ හිටියෙත් එයින් පස්සෙ.
දකුණු චීන මුහුදේ දුපත් වලට චීනය අයිතිවාසිකම් කීම නිසා කලාපයේ අනික් රටවල් චීනය එක්ක කාලෙක ඉඳන් හිත නොහොඳින් ඉන්නේ.
ඔය දුපත් වල සිරකාරයින් පදින්චි කරවල අනික් රටවලින් එවන මිනිස්සු එලෝ ගන්නවා කියලයි ආරන්චි. සිතියම බැලුවම නම් මේක නිකන් අපේ නැගෙනහිර මුහුදු තීරයට ඉන්දියාව අයිතිවාසිකම් කිමක් වගේ. ඒ අතින් අපේ ලොකු අය්යාට අපි සලකනවා මදි වගේ.

ඊයේ පෙරේදා චිනය මේ කලාපයේ  තෙල් කණින යන්තරයක් ගෙනල්ල ඇටවිම ගැන උරණ වුණ වියට්නාමයෙ උද්ඝොෂකයින් පිරිසක් කාර්මික ජනපද කීපයක විදෙස් කම්හල්  රැසක් ගිණි තබල. චීන ජාතිකයින් ට පහර දිලා . වියට්නාම ජාතිකයින් කීපදෙනෙක් සහ චීන ජාතිකයින් 16ක් මිය ගිහින්.
චීන කම්හල කියල වැරදිලා තායිවාන , සින්ගප්පුරු සහ ජපන් ආයෝජන කම්හල් කිපයක් ගිණි තියලා.
කලාපයෙ අනික් රටවල හොඳ හිත රැක ගන්න වියට්නාමෙට සෑහෙන්න  වෙහෙසක් ගන්න වෙයි..

මේ වෙද්දි වියට්නාමයෙ නගර කිහිපයකම කම්හල් වලට පහර දිලා කියලයි ආරන්චි. චීන අකුරු දැක්ක ගමන් චීන කම්හල් කියල තායිවාන කම්හල් වලට පහර දිම තමා ලොකුම ප්‍රශ්ණය.
ඒ ඇරෙන්න චින ජාතිකයිනුත් විශාල ගනනක් වියට්නාමයෙ ඉන්නවා.. ඒ වගේම චීනයේ ඉන්න වියට්නාම ජාතිකයින්ගෙ අරාක්ෂාවත් අනතුරේ..

කාලෙකින් රට ඇතුලෙ මෙහෙම තත්වයකට මුහුණ නොදුන් වියට්නාම ආරක්ෂක හමුදා වලට මෙය ලෙහෙසි වැඩක් නෙමේ.
ආර්ථිකයට වගේම ආරක්ෂාවටත් මරු පහරක් .


.සිතියම බැලුවහම මට නම් පේන්නෙ චීනෙ කරන්නෙ අන්තිම කැත වැඩක් කියල. චීනෙත් අති විශාල රටක් වුණාට මුහුදු තීරය අඩු නිසා වෙන්න ඇති දකුණට බැල්ම දාන්නෙ. නමුත් ඉතින් වැඩේ අසාධාරණයි. ඔය කලාපයේ තෙල් නිසා වෙන්න ඕන. වෙන මොකක්ද ඉතින්.

වැඩිය මේ ගැන කියවන්න කැමති නම් මෙතනට යන්න 

සාමකාමි රටක් ගිණි ගන්නකොට හරිම වේදනාවක් හිතට. අවුරුදු හතක් අපිට ගෙදර වෙච්ච රට.

මේ අස්සෙ බළල්ලු ලවා කොස් ඇට බාවන , කැකුණ කැලේ හබන් කුකුළො හෙමත් ඉන්න බැරි නැහැ. ලෝකෙටම ලොකු අය්යාත් මේ කලාපයේ කරක් ගැහුවා ලඟදි.

''කතා කරලා බේරගන්න ''කියල  කියල තියෙනවා.

පිලිපීනය චීනයට එරෙහිව ජාත්යන්තර අධිකරණයට යන්නටයි කල්පනාව.

මැලෙසියාවට සහ ඉන්දුනිසියාවට පවා චිනයෙ මෙ චණ්ඩිකම් හිසරදයක්.

අපෙ අගැමති තුමා මෙහෙ ආවා ගිය සුමාණේ.. පහුගිය කාලේ වියට්නාමය අපිට සෑහෙන්න සපෝර්ට් කලා.  චීනයෙන් හොඳටම ණය අරන් ඉන්න අපිට කට වහන් ඉන්න නේද වෙන්නෙ .



කුම්බලා මළු කෑවා නම් විඳවපන් බළලෝ කීවාලු.

55 comments:

  1. ඔය ලොකු අයියලගෙ හැටියක්මයි.පේන්නෙ නැද්ද අපේ ලොකු අයියා.

    ReplyDelete
    Replies
    1. අපේ ලොකු අය්යා තව හොඳයි වගේ. නැත්නම් අර රූ කිවා වගෙ ඇතුලෙ තියෙන එව්වා ඇති එගොල්ලන්ට

      Delete
    2. අපේ ලොකු අයියා හොඳ නැහැ. ලොකු අයියාගේ පොඩි මල්ලිලා අපේ රටේ හැම රෙද්දක් අස්සෙම ඉන්නවා කාටවත් පෙනෙන්නේ නැහැ. පෙනෙන එවුන් නොපෙනුනා වගේ ඉන්නවා. ලොකු අයියා ඊළඟට අපිට අරින්නේ...........නැතුවම.

      Delete
  2. අර රතු ඉරෙන් පෙන්නන්නේ චීනෙ බැල්ම දාන කොටසද ? එහෙමනම් වැඩේ අන්තිම කැතයි තමා..දැන් වියට්නාමෙට තියෙන්නේ ඉන්දියා ලොකු අයියා එක්ක පොඩි හොඳ හිතක් ඇති කරගන්න. එතකොට චීන අයියව පොඩ්ඩක් මෙල්ල කරෑකි..

    මට පුදුම වියට්නාම් කාරයො චීන කම්හල් කියලා උන්ගෙම ඒවට ගහගත්තු නැති එක ගැන. මුන් ඔක්කොම එක වගේනේ අප්පා.. තායිවාන් කාරයොනම් කොහොමත් පරිස්සම් වෙන්න ඕනා. උන් කියන්නේ ඔරිජිනල් චීනය ඇවිල්ලා තායිවානය කියලනෙ. උන්ගෙ නමත් Republic of China කියලනෙ යන්නේ.. ඔහේ දැන් 1983 වගේ ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. දැනටත් ඉන්දියාව එක්ක හොඳයි. තාප බලාගාරයක් හෙමත් හදන්නෙ ඉන්දියන් කාරයො තමයි.
      පව් අසරණ තායිවාන් මිනිස්සු. මෙහෙ චීන අකුරුන් මෙයාලගෙ කිසිම දෙයක් ලියන්නෙ නැහැ සෙන්නා. ඒ හන්දා ඒක නම් පටලැවෙන්න විදිහක් නැහැ.
      මම ඔය කාරණේ ලියන්නමයි හිටියේ. කිසිම කඩයක බෝඩ් එකක් වත් නැහැ චීන අකුරින්. චීන බඩු වුනත් එච්චර ගනන් ගන්නෙ නැහැ.කොරියන් ජපන් තමයි හොඳයි කියා සලකන්නෙ. එලවලු පලතුරු වුනත් චින එව්ව වෙනම ලෙබල් ගහනව ලොකු සුපර් මාකට් වල .

      මේ ෆැක්ටරි වලට ගැහිල්ලට සන්විධානය වුනේ කොහොමද මන්දා.. 83 වගේ තමයි.හැබැයි හැනෝයි වලට තවම අවිත් නැහැ. ආණ්ඩුවට පාලනය කරගන්නත් අමාරුයි වගේ..දැනටත් සිය ගානක් අත් අඩන්ගුවට අරන්

      Delete
    2. මුණු එක වගේ උනාට සෙන්නා කට ඇරිය ගමන් වෙනස තේරෙනවා නේද? මම කිව්වේ බාසාවෙන්..මට මැන්ඩරින් ඇහෙන්නේ නිකම් ෂින් ෂින් ගානවා වගේ. වියට්නමීස් ඇහෙන්නේ ඤාව් ඤාව් ගානවා වගේ. :D
      වියට්නාම් අය වැඩියෙන් හිනා වෙන ගතියකුත් තියෙනවා කියලා හිතෙනවා.

      Delete
    3. අපොයි ඔව් එහෙම වෙනස්කම් එමට ඇති..මම කිව්වේ පෙනුම ගැනම සළකලා විතරයි.. දවසක් කොරියන් කාරයෙක් මගෙන් ඇහුවා මම පිලිපීන් කෙනෙක් වගේද කියලා.. කවුද පොරට කියලා මිනිහා පිල්ලෙක් වගේ කියලා. මෑන්ට ඒකට හෙන අප්සට්...

      Delete
    4. අපිට නම් කාලයක් මෙ පැත්තෙ ඉඳල කොරියන්, ජපන්, වියට්නාම්, චීන වෙන් කරන්න පුලුවන්. හැබැයි වරදින වෙලාවලුත් තියෙනව.

      Delete
  3. එක අතකට අපේ ලොකු අයියා හොඳයි කියලත් හිතෙනවා..එයාලගේ රටේ ප්‍රශ්න ඇති තරං තියනවා නෙව අනිත් රටවල්වලට ඇඟිලි ගහන්න කලින්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙ ප්‍රජාතන්ත්‍ර වාදෙ අපෙ වගෙමනෙ

      Delete
  4. චීන්නු එච්චර සාධාරණ ජාතියක් නෙමෙයි. හරිම ආත්මාර්ථකාමියි

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් දේශපාලනයනෙ බස්සො. ආයේ චීනෙ වුනත් පොදු ජනයා ගෙ වැඩ නෙමේ. මේ කම්හල් වලට ගැහිල්ලත් ඉතින් ආවේගශිලි සුලුතරයක්. පොදුවෙ ඇවිලිලා නිවාගන්න බැරි තත්වෙට ආවොත් තමයි ලොකුම විනාශය

      Delete
  5. මෙහේ ඉන්න වියට්නාම් යාලුවොත් ඔය ගැන සෑහෙන කතා කරනවා. මේ ඊයේ පෙරේදා මෙල්බන් වල චීනෙට විරුද්ධව එයාල සමහරු උද්ගෝෂණයක් එහෙමත් කරා.

    ReplyDelete
    Replies
    1. ෆැක්ටරි ගිණි තැබීම සෑහෙන මෝඩ වැඩක්. අඬන්න ඉන්න චීනෙට ඇඟිල්ලෙන් ඇන්න වගෙ. .

      Delete
  6. මහා බලවතුන් වෙන්නට දගලන දැගලිල්ලේ තවත් එක් කතාවක් පමණයි. ඔයිට එහා අපි චීනෙට අහුවෙලා. අනිත් පැත්තෙන් ඉන්දියාවට යට වෙලා. ඒ සේරටම ඉහළින්ම ලෝක පොලිස්කාරයා අත පොවලා... නට්ටං අපි මොනව කරන්නද ඉතිං. මෙහෙයි ඔහෙයි එතරම් වෙනසක් නැ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නැවෙන් ආවා ගැහුවා අල්ල ගත්තා. දැන් හීන් නුලෙන්..ආසියාව විතරක් නෙමේ අප්‍රිකාවත් චීනෙට අහු වෙලා ඉවරයි

      Delete
    2. ලොක්ක සරම උස්සල නිව්යෝක් හන්දියෙද් චන්ඩි පාට් එකක් දාල එයි. බය නැතුව හිටිං

      Delete
  7. ඔය ඇඟිලි ගහන වැඩේ සමහර අයට කැත වැඩක්. සමහර අයට ආතල් වැඩක්. ඇමරිකන් කාරයගේ හුළං පාරක් ආවත් ඒ පැත්ත පලාතම විනාසයි. හැබයි ඉතින් මේ ප්‍රශ්ණෙදි වග කියන්න ඕන. මෝඩ වියට්නාම් කාරයෝ. අපේ කුඩු අගමැතිගෙනුත් සප් එකක් ඉල්ලලා තිබුනා. එයා ඉතින් මොන ඉටි ගෙඩියක් කරන්නද? ඕන නම් කුඩු කන්ටේනරයක් දෙයක් එව්ව ඇහැකි. විදේශ අමාත්‍යංශයෙන් කියලා චීනෙත් එක්කම බේර ගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. කුඩු එව්වද දන්නෙත් නැහැ. මෙච්චර කාලෙකට වෙච්ච නැති දෙයක් මේ.

      Delete
    2. ඒක කියන්න බැහැ. වෙන්න ඇති සමහර විට. සාක්කුවේ දාගෙන ඇවිත් බෙදලා තියෙන්නේ. කන්ටේනර් ගෙනල්ලා බෙදුවානම් වැඩේ ලෙඩේම වෙනවා.

      Delete
  8. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරි ..අපි එන්නම්. වීර කාන්තා කිව්වම පොඩ්ඩක් බයත් වුනා. :D

      Delete
  9. ලිපියනම් කියෙවුවා. ඒත් කියන්න විශේෂ යමක් නෑ. දූපත් වලට චීනය අයිතිවාසිකම් කියන්න යන එක ගොඩක් රටවලට ප්‍රශ්නයක් කියන එකනම් ඉතාම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මොනව කියන්නද පකිස්. .

      Delete
  10. බල තණ්හාව, එකිනෙකා පරයා නැගීමට ඇති ආශාව, සංස්කෘතිකමය වෙනස්කම්, විවිධාකාර අයගේ විවිධාකාර රුචි අරුචිකම්.

    ගෝලාකාර ලෝකයේ විවිධාකාර එවුන් විෂමාචාර වෙද්දි, පුදුමාකාර දේවල් බිහි වෙනවිට ඉරිසියාකාරයො ද නිතැතින්ම බිහිවෙනව කියනව නෙව.

    මේ තෙලිදියට හිතුන සැටි.

    ReplyDelete
    Replies
    1. බල තණ්හාව.ඔය හරියෙ තෙල් තියෙනවලුනෙ මැද පෙරදිග හැමදාම ප්‍රශ්නත් තෙල් නිසා. අපිට තෙල් නැති නිසා තමයි මෙච්චර වත් බේරිලා ඉන්නෙ

      Delete
  11. මේ ලොකු අයියා ටිබෙට් රට අල්ලාගෙන ඉන්නෙත් තමන්ට කුඩු යන්න වදියි කියන බයට. දැන් මේ කරන්න හදන්නේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ විවෘත ආර්ථික ක්‍රමයට යන්න පෙර තව කොපමණ කලක් දැන් තියන පාලන ක්‍රමයම ගෙනියන්න පුලුවන්ද කියලා බලන එක.

    ReplyDelete
    Replies
    1. එහෙත් ඇතුලෙ දැන් ත්‍රස්තවාදය කියලයි ආරන්චි

      Delete
  12. 83 අපේ රටේ උනා වගේ සමාන ගතියක් තියේ වගේද..? ඒ කියන්නෙ දේශපාලුවො ද උසිගන්නන්නෙ..?

    කොහොම උනත් අපේ ලොකු අය්ය උනත් ඔයිට වඩා වෙනසක් වෙන්නෑ ඉස්සරහට ඕය චන්ද කටයුතු එහෙම ඉවරවෙලා මෝඩි අගමැති උනොත්...?

    ReplyDelete
    Replies
    1. හිතන්න අමාරුයි. මේ ආණ්ඩුව එච්චරම මෝඩ පාටක් නැහැ

      Delete
  13. වැඩිකල් නොගිහින් අපිටත් මේ අළුත් ලොකු අයියා කොකා පෙන්නයිද දන්නේ නෑ.. ලගම හිටි අයියා එහෙම කල එකේ එක අතකට එහෙම දෙයක් වුනොත් පුදුමෙකුත් නැහැ..

    ReplyDelete
    Replies
    1. අපි දැනටත් අඬුවට අහු වෙලා ඉන්නෙ දිනෙශ්

      Delete
  14. එයාල අපේ නාහෙ විදල තියෙන්නෙ. ලණුව අරන් දක්කන්න ගන්නෙ ඉස්සරහට..

    ReplyDelete
  15. දැන්ම පටන් ගන්න ඕනෙ ආයුධ වෙලඳාමක් වත්. යකඩේ රත් වෙලා තියෙනකොට හබන් කුකුළට ජයමගුලට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ආයුධ ගන්න වෙන්නේ චිනාගෙන් නේ ..

      Delete
  16. ඇත්තටම කුජීතයි..
    මේ ලකෙු අය්යලගෙ නං බල ලෝබය ඉවර වෙන්නෙම නෑ වගේ

    ReplyDelete
  17. චීන්නු හරි ආඩම්බර ජාතියක්...මෙහෙ ඉන්න මැලේසියන් චීන්නු ලගත් තාම ඒ ගති ගුණ සමහරක් තියෙනවා...නමුත් වැඩේ කියන්නෙ මෙහෙ ඉන්න චීන්නු එකෙක්වත් වැරදිලාවත් චීනෙට යන්න කැමති නෑ..මම මුලින් හිතාන උන්නෙ තමන්ගෙ මුතුන් මිත්තො ඉන්න රට නිසා එහෙට යන්න මේ අය කැමති ඇති කියලා...නමුත් මේ ලගදි චීන නංගි බබෙක්ගෙන් ඇහුවාම කිව්වා...අයියෝ මම නම් යන්න ආශම නැති රට චීනය කියලා...

    තෙවැනි ලෝක යුද්ධයට ආරම්භය ඔතැනින් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මොකද එදා වගේ නෙමෙයි...අද නිපදවා තියෙන විනාශකාරී අවි පාවිච්චි කරන්න ගත්තොත් ලෝකයම විනාශ වේවි.

    ReplyDelete
    Replies
    1. අපොයි ආයේ යන්න කැමති වෙයිද අර ඉන්න ජනගහනෙත් එක්ක ඔට්ටු වෙන්න
      බලා ඉන්න තමා වෙන්නේ සිරා

      Delete
  18. අපොයි මේ වියට්නාම් කාරයෝ හරි මෝඩයි නේ අප්පා. අනුන්ගේ එව්වත් ගිනි තියලා :) බොහොම සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන වෙලාවක ඔහොම උනාම ඉතින් යුද්ධයක්ම තමයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බැරි එකම තමයි සයුරි

      Delete
  19. විස්තරය හොඳයි. එත් චීන මුහුදු සීමාව මොකක්ද කියල හරියටම හරියටම අදහසක් ගන්න අමාරුයි.සිතියම විතරක් නෙමෙයි. චීන ජාත්‍යන්තර මුහදු සීමාවත් දැක්වුවා නම් අගෙයි.

    මම එහෙම කියන්නේ අපේ රටේ මුහුදු සීමාව අපේ රටමෙන් 5ස් ගුණයක් විශාල නිසයි.එහෙම තියෙද්දිත් තමිල්නාඩු දෙමල වැසියන් අඩු තරමේ සුමානෙකට 2 වරක් එම මුහුදු සීමාව පැන මසුන් මරන්න ඉඩ ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. සීමාව ගැන හරි සිතියමක් සොයා ගන්න බැරි වුනානේ . ඇත්තටම තියෙන ප්‍රශ්නේ එහෙම එකක් නැති එක . ඔය සීමාවල් හරියට විසඳිලා නැති ස්ථාන තව තියෙනවා. කොරියාව සහ ජපානය අතරත් එහෙම ප්‍රශ්න තියෙනව.

      Delete
  20. 2040 වෙන්ට ඉස්සර චීන්නු මුළු ලෝකෙම යටත් කරගන්නව." A Kind of Slant Eyed Men with Yellow Skin Would Conquer The World. Peace Would Descend Upon Earth Thereafter. පීතවර්ණ ඡවියෙන් යුතු දිගැටි සිහින් ඇස් සහිත ජාතියක් මෙදියත යටත්කරගන්නාහුය. ඉන්පසු දසත සාමය පැතිර සියළු මනුෂ්‍යයෝ සන්තුෂ්ඨියෙන් කල් ගෙවන්නාහ. " නෝස්ට්‍රඩාමුස් එහෙම කියල තියනව. ඔය කියන්නෙ චීන්නු ගැන.

    එයා කියපු අනාවැකි හුඟක් ඇත්ත වෙලා තියනව. මේ එහෙම ඇත්ත වෙච්ච එකක්.

    " හිමාලයට දකුණු දිගින් පිහිටි කුඩා කොදෙව්වකින් පෙරගිරින් මතුවන සූර්යයාමෙන් පැනනඟින්නාවූ මහා පුරුෂයෙක් සකල ආසියාවම වෙවුල්වාලන්නාහුය. කාළවර්නවූ මහත් බුරුසුවෙකින් සන්නද්ධව සුලෝහිතවන් මහා නාගයෙක් ගෙල වටා දවටා සිටින්නාවූ මේ මහා පුරුෂ තෙමේ වේදිකාවන්ට පැනීමෙහි, පපු ප්‍රදේශයට පහර දී ගනිමින් යටි ගිරියෙන් හඬ තැලීමෙහි සහ කුඩාවුන් කිති කැවීමෙහි මනා සේ බුහුටියැ. "ඔව්ව ඔය අපෙ අත්තම්මගෙ පෙට්ටගමේ තිබිල මට හම්බවෙච්ච එතුමගෙ අනාවැකි පොතේ තියෙන්නෙ... කිව්වම මොකද උඹ ගැනත් කියල තියනව නෝස්ට්‍රා...හෙහ්,හෙහ්, ඉඳපං මම ලියන්නං ඒ ගැන වෙනම පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. රවී
      උඹ තමයි දවසකටවත් මිනිහ

      Delete
    2. රාජ් කිව්වා වගේ මේකා නම් දවසකටවත් මිනිහා

      Delete
    3. අනේ මන්දා බං රවී....චීනේ වියට්නාමෙට පැන්නාට වඩා හපන් උඹ මෙතනට පැන්න හැටි. මම මේ හෙන සීරියස් කියවන් ආවා.

      Delete
  21. ඉස්සර චීන්නු කොණ්ඩෙ බැදලා හිටියේ දැන් උන් ගල් ආඳෝ වගේ. කණෙන් රිංගන්නේ කූඩෙත් ඉහළ ගෙනමයි. හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියල කතාවක් තියෙනවානේ. හැබැයි චීන්නු මොකක් කළත් අපි එසේය කියනවා ඇරෙන්න කවදාවත් එරෙහිව නැගීසිටින්නෙ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි හෙම බැරුවට රටවල් වල ගිහින් ඉන්න අහටි බල්ලන් එපාය නේද

      Delete
  22. හපොයි! මේ ගොල්ලො ඇවිලුනොත් ආයෙත් ලෝක යුද්ධයක් ඒවි. චීන්නු මහ කපටියි. තමන් ගැනම විතරයි හිතන්නෙ. මහ ආඩම්බරයි. ඉස්සර කිව්වට දයා කියන කතාව, දැන් උන් එහෙම නෑ. ලෝකෙ මොන දේ අළුතින් නිර්මාණ කලත් පහුවදා උන් ඒක හදලා ඇති , ඒ තරම් දක්ෂයි දැන් චීන්නු. පොඩි රටවල් වලට ජාති දාන්නෙ තියෙන බලපුලුවන්කාර කම නිසා නොවැ.

    ReplyDelete
  23. චීන බලහත්කාරය වගේම තමයි චීන ආර්ථික උපාය මාර්ගත් මගේ හිතේ. මේ වෙනකොට එංගලන්තයේ විශාල සමාගම් චීන සමාගම් වලින් මිලදීගෙන පවත්වාගෙන යනවා. චීන සංචාරකයින් එංගලන්තයට සම්පතක් වෙලා තියෙන්නේ. චීන සිසුන්ගෙන් මෙහේ යුනිවර්සිටි යම් ප්‍රතිශතයක් පිරිලා. අපි හිතනවාටත් වඩා ඉක්මණින් ලෝකය චීනයට නතුවේවී. අපි ගැන කුමන කතාද?

    ReplyDelete
  24. ප්‍රොෆයිල් එකේ නෙලුම් විල කියන නම නෑනේ ,

    ReplyDelete
  25. කාලෙකට පස්සේ කියවන්න ආවා..... මෙහෙත් ගිණි තියා ගැනිල්ලක්නේ.... ෆෙන්ෂුයි කාරයින් කියන්නේ මේ ලෝහ අස්පයගේ අවුරුද්ද කියලා, මට හිතෙන්නේ ඒයාලට වැරදිලා මේ ගිණි මකරගේ අවුරුද්ද ද කොහෙද?

    ReplyDelete