Wednesday, 14 January 2015

බයිසිකලේ








මල්ලි සහ අය්යා බයිසිකලයක් වෙනුවෙන් මැරෙන්නට වුනත් ලෑස්ති වෙලා හිටියේ රස්තියාදුවේ ගිහින් බෙල්ල කඩා ගන්නට බවයි අක්කයි මමයි හිතා හිටියේ. හුන්නස්ගිරිය වාගේ කඳු පල්ලම් නැතත් අපේ ගෙවල් වලට යන පාර එක මට්ටමේ එකක් නොවේ. 
හැබැයි පල්ලම් බසිද්දී නොවේ හැන්දෑවට ගෙදර යද්දී නම් ඔය පොඩි උස මිටි තැන් හුන්නස්ගිරිය වගේමයි අපිට දැනුනේ. දවසක් අපේ ගෙදර ආ යාලුවෙක් ඇසුවේ 

" කෝ බන් අර කිව්ව කඳු "කියාය 
 එකා මාතලේ උපන් එකෙකි .

කලින් කලට දමන තාර,භාගයක් දුරට එන ගංවතුරෙන් සහ මහා වැසි වල සෝදා පාලුවෙන් කැඩී බිඳී යන්නේ ඉතාම ඉක්මනින්. පාර දෙපැත්තේ වතුර බහින්නට කානු නොකපා පාර මැද කොච්චර තාර ඉලුවත් වැඩක් ඇද්ද. ඔය පාරට ඉස්සෙල්ලාම තාර දමන දවස් මට අද වගේම මතක ඉස් ඉස්සෙල්ලාම ගල් රෝලක් ලඟට දැක ගැනීමේ ඇති මහත් වාසනාව උදා වුන නිසයි. අදත් ගල් රෝලක් වැනි යන්ත්‍රයක් දුටු කල තැලී චප්ප වුන කජු ලෙල්ලක් මතක් වන්නේ 

"ඕකට යට වුනොත් කජු ලෙල්ලක් වගේ චප්ප වෙනවා "

කවුද වැඩිහිටියෙක් අපව බය කර තිබුණ නිසාය. ඒ මදිවට උණු තාර ගෑවුනොත් හම එයට ඇලී ගැලවී යන බව 
ඒ ඉස්කෝලේ නිවාඩු කාලයක් වන්නට ඕනය . මුළු දවසම වත්ත අයිනට වී ගල් දමා පාර තලන හැටි ,තාර උණු කරන හැටි,කළු බුට්ස් දැමු කම්කරුවන් වැඩ කරන හැටි බලා හිටියා මිසක වෙන වැඩක් නම් නැතුව ඇති කුඩා අපට. පසු කලෙක රුසියන් පොත් වලට පිස්සු වැටුණු කාලේ එව්වායේ හිටි කම්කරුවන් ගැන මැවුණු මනස් රූප වල හිටියේ මේ වාගේ බුට්ස් දැමු කම්කරුවන්ය.

අපේ පාර ගැන කියද්දී එකක් නොකියාම බැරිය. ඔය පාර අයිනේ ඉඩම් වැඩි හරියක් අයිතිව තිබුනේ එකම පවුලකටය. පාර පළල නොවුයේ එනිසාය. එසේ කරන්නට යෝජනා වූ හැම විටකම එය අල වුයේ ඒ පවුල එයට එරෙහි වූ නිසාය. 

අනික් කාරණය නම් කැලණිය ආසනයට වැට මායිමේ වුවත් අපේ ගම අයිති වුයේ බියගම ආසනයට වීම. පාර ගැන ඔය මදැයි. වැඩිය කියන්නට ගියොත් අනවශ්‍ය දේවල් ලියවෙන්නට ඉඩ ඇත. 

ඉතින් අපේ ගෙදර කොල්ලෝ දෙන්නට හැදුන බයිසිකල් පිස්සුව අපිට කෙල්ලන්ට නොතිබුනේ එකක් ඔය පාර නිසාය . අනික බයිසිකල් පැදීම අපේ පළාතේ කෙල්ලන්ට එච්චර බෝ වී නොතිබීමය . රෝස පාට ලස්සන චොපර් බයිසිකලයක් තිබුණු අපේ ප්‍රාථමික පාසලේ නදීෂා බෝනික්කෙක් මෙන් ලස්සන ගවුමක් ඇඳ ඔවුන්ගේ ගෙදර සුවිසල් වැලි මිදුලේ එහා මෙහා පදිනා හැටි දකින විට පවා ඒ ගැන ඉරිසියාවක් ඇති වුනේ නැත්තේ ඇයිදැයි මම පවා නොදනිම්.

ඒ ඒ වයසට සරිලන බයිසිකල් නැති ඒ කාලේ කොල්ලන් බයිසිකල් පදින්නට පුරුදු වෙන් හැටි නම් අපුරුය. පොල්ල අස්සෙන් කකුල් දා සර්කස් වල වඳුරන් වගේ වැටි වැටි තඩි බයිසිකලයක් පැදීමට ඉගෙන ගැනීම ඒ කාලේ හුඟක් පිරිමි ළමුන්ගේ අනිවාර්ය වර්ධන අවස්තාවක් විය. එහෙම කලේ නැති උනුත් ඉන්නට ඇති. 
පස්සේ කාලෙක මල්ලි පදින බයිසිකලයක එල්ලිලා ගිහින් දියබෙදුම පාරේ අකුලකට පත බෑවුන හැටි කලින් කියා ඇත. අපේ රවී ලොක්ක නම් ඒ පළාත හොඳට දනී. 
ඒ පැති වල කෙල්ලන්ට නම් බයිසිකලය හොඳට හුරුය. 
රෝද හතරක් පදින්නට ඉගෙන ගන්න ඕනය කියා හිතුනේ ලොක්කිත් උපන්නට පසුව. දවස් කීපෙකින් ඒ වැඩේ අත ඇරුනේ එකක් කම්මැලි කම නිසා සහ දෙවෙනි පාරට අම්මා කෙනෙක් වෙන්නට වුන නිසාය. කොහොමටත් මට ඔය වාහන එලවිල්ල එච්චර ආසා ඇති වැඩක් නොවුන නිසා වැඩේ අන්තිමට අත් හැරීම ගියේය. 

වියට්නාමයට ගොය පසුව නම් බයිසිකලයක් පැදීමට බැරිකම යනු හතර විලිලජ්ජාවලින් එකක් තරමට දැනුනේය. උන් නම් උපදින කොටම එන්නේ පෙඩල් එක පාගාගෙනමදෝ සිතේ. එහි එන විදෙස් ජාතිකයින් ට පවා බයිසිකලය 
අතැඹුලක් වාගෙය. 
සිංගප්පුරුවේ පාරවල් සහ උද්‍යාන බයිසිකලයක් පදින්නට හොඳින් සකසා ඇති නිසා නෙවර් ලේට් කියලා දහිරිය අරගෙන දැන් මම බයිසිකල් පදිමි. 

බයිසිකලයකට පන වුනත් දෙන්නට අපේ අය්යා සහ මල්ලි සුදානම්ව සිටියේ ඇයි කියා තේරුම් ගතිමි. 

ඇවිදින්නටයි බයිසිකල් පදින්නටයි ඇත්තේ එකම පදික තීරුවක් වුවත්  එහෙමකට අවුලක් නැත. 

බයිසිකලය පදින විට මා ජීවිතය සමාජය විවිධ ලෙස තේරුම් ගනිමි. 

වරෙක අපි සහ තව බයිසිකල් ළමයි කීපදෙනෙක් එක පෙලට යාම නිසා ටිකක් අයින් වන්නට වූ සිංගප්පුරු චීන පෙනුමැති තරුණියක් WTF කීවාය .
තව දිනක් එවැනිම ජාතියේ තරුණයෙකු " it's  ok . take your time " කීවේ සිනාමුසු මුහුණින්.
පාර්ක් එකේ අපේ බයිසිකල් නිසා හදිසියේ බ්රේක් ගසන්නට වූ ඉන්දියන් වර්ගයේ කාන්තාවක් කිවේ "OH GOD " කියා.
මග දිගට ඉදිකෙරෙන ගොඩනැගිලි අසල බංග්ලාදේශ් තරුණයින් වැඩ බිමට එන ට්‍රක් රථ නවතා අපට ඉඩ සලසා දෙත් .
ඉස්කෝලේ මැලේ ජාතික සිකියුරිටි අන්කල් අනෙක් පාසලට එන රෝද හතරේ ලොකු වාහන මදකට නවතා බයිසිකල් වලට යන්නට ආරක්ෂාව දෙන්නේ good morning කියා දත් තිස් දෙකම පෙන්නමිනි. 

මිනිසුන් අතර ඇත්තේ ජන විවිධත්වයද මනුෂ්‍ය විවිධත්වයද කියා කල්පනා කරමි.

ප.ලි.

වියට්නාම් චැප්ටරය වසා අපේ ජිප්සී ජිවිතයේ සිංගප්පුරු අවධිය ලියමින් සිටිමි. නෙළුම් විලේ ඉස්සර වගේ ගොඩක් මල් නැතත් නෙලුම් කියන්නේ එහෙමකට මැරෙන ජාතියක් නෙමේ, වේලිලා කරකුට්ටන් වුනත් වැස්සක් වැස්සොත් පරණ අලයක් ලියලල මලක් දෙකක් පිපෙන්න බැරි නැහැනේ. අශ්වයාගේ අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි. ඊලඟට එන්නේ එළුවද කොහෙද . 
කොහොමත් එළුවන්ට හොඳ කලක් . තව මැතිවරණයක්‌ හෙම තිබ්බොත් කන්න අඩුවක් නැහැනේ. පොලිතින් නැතුව කඩදහි වලින්ම පෝස්ටර් ගහන්න කියල මම සමස්ථ ලංකා එළු සංගමය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

57 comments:

  1. බයිසිකලේ ජීවිතේට බැදෙන හැටි නේද... . පොඩි කාලේ බයිසිකලේ කියල ලියන හැටි කියාදුන්නෙ මෙන්න මෙහෙමනේ. බයන්න සිකල් ලයන්න සීට් ඒකෙ බකල් ලයන්න. .

    ReplyDelete
    Replies
    1. හරි අපුරු නමක් " පොල්වත්තේ ගෙදර මල්කොබා"

      Delete
  2. අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    // බයිසිකලය පදින විට මා ජීවිතය සමාජය විවිධ ලෙස තේරුම් ගනිමි.
    // ඔව් පොස්ට් එකත් එක්ක අපිටත් හිතන්න දෙයක් ඉතිරි කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මම ඔයාව දැකල තියෙනව වෙන බ්ලොග් වල වෙන්න ඇති. වෙල්කම් කිව්වා ඔන්න කුෂානි

      Delete
  3. ඕඕ, බයිසිකල් මතකයන් සහ ඒ දවස්වල අපේ පැත්තෙත් තිබුණු කැඩුණු, හම ගිය පාරවල් වල මතකය අලුත් වුණා.
    අපේ අක්කයි මමයි අලුත් පාර හදද්දි, ඒකෙ පල්ලම්වල බයිසිකල් පදින්න යන්න පුරුදු වෙලා හිටියනෙ. ඒක නතර වුණේ, අක්කා සයිකලෙන් වැටිලා කකුල කඩා ගත්තට පස්සෙ. සයිකල් පදින සංස්කෘතියත් තියෙන්න ඇත්තෙ 80 දශකයෙ ළමයින්ට කියල හිතෙනවා.
    අනුරාධපුරේ, පොළොන්නරුවෙ ට්‍රිප් ගිය වෙලාවක සයිකලෙන් ඒ පැත්තෙ ඇවිදින්න ඕන කියල හිතල, සයිකල් කුලියට ගන්න තැන් ගැන පවා හෙව්වා. ඒත් අවාසනාවකට ඒ වැඩේ කරන්න වුණේ නෑ තාම.
    ඔය "කෝ බං අර කිව්ව කඳු?" වගෙ සිද්ධියක් වුණා, කොළඹම ජීවත් වුණු යාළුවෙක් එක්ක යද්දි. බේස් ලයින් පාරෙ ලොකු කන්දක් තියෙන තැනක් ගැන කිව්වනෙ උන්දෑ!

    ReplyDelete
    Replies
    1. හා හා බේස්ලයින් එකේ තියෙනවනේ පොඩි කන්දක් අර වෙස්ලි එක හරියේ මට මතක විදිනට..ඇයි ඔය වගේ සමහර අය හිටියා අපි කොළඹ කියලා කිව්වට බස් දෙකක විතර ගිහින් කිලෝමිටර තුන හතරක් පයින් යන්නත් ඕන පැති වල ඉඳන් ආපු. අවුලකුත් නැහැ . අවිස්සාවේල්ලත් කොළඹ නේ.

      අපි මේ පාර දැක්ක අනුරාධපුරේ බයිසිකල් රෙන්ට් කරගෙන පදින යුරෝපිය ජාතිකයෝ. මෙහෙ හරියට ඉන්නේ ව්‍යයාමෙට බයිසිකල් පදින අය .

      පාර්ක් වල රෙන්ට් එකට ගන්නත් පුළුවන්. අපේ හබි කිව්වේ එයාගේ ආයතනයේ එක්කෙනෙක් දවසක් කිව්වලු එයා සතියට දවස් දෙකක් බයිසිකල් පදිනවා කියලා. වැඩිය නෙවේ රට හරහා .
      මේ රටේ ඉස්කෝල වල ළමයි බයිසිකල් වල ඉස්කෝලේ යනවා හරි අඩුයි. මොකද බස් තියෙනවනේ. අපේ ඉස්කෝලේ ළමයි නම් සමහරු එනවා බයිසිකල් වලින්. මට මේ වැඩේට හිත ගියේ අපේ හැනොයි ඉඳන් ආපු යාලුවෙක් නිසා. ඒ ගොල්ල නම් අව්ව වැස්ස මොනා වුනත් බයිසිකලේම තමයි.

      Delete
  4. කාලෙකින්,

    //"මිනිසුන් අතර ඇත්තේ ජන විවිධත්වයද මනුෂ්‍ය විවිධත්වයද කියා කල්පනා කරමි "// මේ දවස් වල මෙහෙ ඉන්න තිබ්බේ (ලංකාවේ)

    මමත් එකසැරයක් මාතර ගියා යාලුවෙක්ගෙ ගෙදර , මිනිහා කියලා තිබ්බේ එයාලගේ ගේ කඳු ගැටයක් උඩ තියෙන්නේ කියලා ,මමත් ගිහින් බලනවා කෝ යකෝ කඳු කියලා , මම බදුල්ලේ නිසා මම හිතාගෙන හිටිය කන්දක් නම් මා දැක්කේ නෑ

    ReplyDelete
    Replies
    1. ගතින් නැතත් සිතින් නම් හිටියා ඉවාන්. හැබැයි කට පියාගෙන.

      ඔව් ඉතින් පහත රට අපි ඔය පොඩි ගොඩැලි වලටත් කඳු කියනවා. ඉස්සර ගමේ යද්දී ඈතින් ලාවට කඳු පේන්න ගත්තම පුදුම සතුටක්.

      Delete
  5. // වියට්නාම් චැප්ටරය වසා අපේ ජිප්සී ජිවිතයේ සිංගප්පුරු අවධිය ලියමින් සිටිමි. //

    කෝ කොහෙද.!? සිංගප්පූරු අවධියේ ලියාපු පළවෙනි පෝස්ට් එක මේක.. :-D

    මං හිතනවා ඔයාට වියට්නාම්වලටත් වඩා ලස්සන කතා ලියන්ට දැන් පුළුවන් වෙයි කියලා.. සිංගප්පූරුව කියන්නෙ බොහොම ජන විවිධත්වයක් තියෙන තැනක්.. දවසට කතා දුසිම ගානෙ හොයාගන්ට පුළුවන්..

    ඒත් ඉතින් එහෙමෙයි කියලා ලියන මනුස්සයාගෙ කම්මැලිකම අඩුවෙන්නෙ නෑ නෙව.. නේද.. :-P

    ReplyDelete
    Replies
    1. හේ හේ මේ බුරත් එක්ක බැහැනේ . මුලදී නම් වැඩ ගොඩාක් තිබ්බ . මේ ටිකේ නම් ඉතින් ආයේ පරණ විදිහයි. මයි කා මයි පෙට්‍රල් කියලා සුද්ද පවිත්‍ර කරන එව්වා මට ඕන වෙලාවට. අනික දැන් කඩ සාප්පු ගමනාගමනය ගැන හෙම සෑහෙන දැනීමක් ලැබිල. කොටින්ම මගේ සිංගප්පුරු යාළුවො මගෙන් එක එක එව්වා අහගන්න ගානට.

      හැබැයි හැනෝයි තරම් යාළුවො සෙට් වෙන්න තේ කෝපි බොන්න නම් නො චාන්ස්. මිනිස්සු වැඩක් ඇතුවා හෝ නැතුවා බිසී.

      Delete
    2. // මිනිස්සු වැඩක් ඇතුවා හෝ නැතුවා බිසී //

      ඇත්තම ඇත්ත කතාව.. so materialistic.. ඕකමයි මට ඔය රට අල්ලන් නැත්තෙ.. අනේ මොකටෙයි ඔහොම ජීවත්වෙලා..

      Delete
    3. ඔව් ඉතින් පොඩි රටක් නිසා වෙන්න ඇති නේ. වෙනම ලිපියක් දාමු ඕකට

      Delete
  6. හෝ ! නෙළුම්විල අපේ අල්ලපු රටට ඇවිල්ලනෙ.. හරි ගිරීෂ්මයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ සරත් දැන් මාස හයකටත් එහා. ඔය පැත්තෙත් ඇවිත් ගියා එක පාරක්. ආයේ එන්නයි ඉන්නේ ලඟදි.
      ග්‍රීෂ්ම ගතිය එච්චරම දනු ඒ නැහැ. වැස්ස නිසා. අනික මේ ළඟ ජලාශයක් තියෙනවා. කුස්සිය පැත්තෙන් එන හුළඟ ගේ හරහා යන්නේ . අපේ ගොඩනැගිල්ලේ පිහිටීම මාර හොඳයි. ඒ සි දාන්නෙම නැහැ අපි නම්. අනික පහුගිය දවස්වල 25 ක් වගෙත් වුනා සමහර දවස්. ඕගොල්ලන්ට ගංවතුරත් ආවානේ.

      Delete
    2. බින්දිලා ඉන්නෙ lakeside කිට්ටුවද?

      Delete
  7. බින්දිව දැක්ක කල්. දේශපාලෙනේ ඇතිවෙලා හිටියේ. ඔයාගේ බයිසිකල් දැක්කම දැනුනේ පුදුම සතුටක්.

    තාම වියට්නාමේ යන්ට බැරි වුනා. ඒ යනකොට එහෙ නෙලුම් මලුත් නෑලු...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ..හැබැයි අපි ඉතින් ඉඳහිට දුක සැප බෙදා ගන්නවනේ ඊමේලයක් හරි දාල. ඔයා යනවා නම් කියන්න මගේ හොඳ යාළුවො ඉන්නවා නෙළුම් මල් වගේ .

      Delete
  8. අම්මෝ.. කාලෙකට පස්සෙ...

    බයිසිකල් ගැන නං කුමට කියනවද නේද...??? අපේ රටේ මිනිස්සුත් මීටර් 100ක් එහයින් තියෙන කඩේට යන්නත් හයිබ්‍රිඩ් හොයන කාලෙ කවදයින් ඉවර නෙවයිද මන්ද....

    බයිසිකල් මතක ගැන මාත් කාලෙකට කලින් ලිව්ව....

    ReplyDelete
    Replies
    1. අපේ පාරවල බයිසිකල් පදින්න ඉඩක් නැහැනේ . ස්පෙයාර් බොඩි පාර්ට්ස් තියෙනවා කියලය. හයිලෙවල් එකේ නම් නෝ චාන්ස්. අපේ දිහා ඉඳන් කොට්ටාවට ඇවිදින්නෙත් පන අතේ තියන්. පහුගිය කාලේ පාර හදන කොට පේව්මන්ට් නැතිම වෙලා. දැන් හරිද මන්දා .

      හිරුගේ ඒ පෝස්ට් එක මට අහු වෙලා නැහැ. හොයන්න ඕන. කොහෙද පහු ගිය කාලේ නම් බැලුවෙම නැහැ බ්ලොග්

      Delete
  9. දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දෙන්නටම

      Delete
  10. මම ඔය පොල්ල යටින් දාල බයිසිකල් පදින්න පුරුදු උනේ ඉස්කෝලෙ යන්නත් කලින්. මොකද, ඉස්සර අපි කුළියට උන්න ගාලුපාරෙ ගල්කිස්ස පොළිසිය එහාපැත්තෙ ගෙදර විසාල වත්තෙ මායි අක්කයි බයිසිකල් පැදල ගත්තු පින්තූරයක් තීනව, මම සීට් එකට උස, ඉතින් තනි අන්ඩෙන් බයිසිකලේ පැඩල් එක උඩ "හිටන්" යත්දි අනෙක් බයිසිකලේ උන්දැ පස්සෙන් පන්නනව.

    කොටිම්ම ඔය කාලෙ ගේ දොරකඩින් ගියපු ලංකා සවාරියෙ සුමනවීරට වතුර ගහන්න පැයගනන් වේලි වෙලි ඉඳලත් තීනව.

    බයිසිකල් කිව්වම පුදුම ඉතිහසයක් තීන්නෙ. ඉස්සර හම්බර් බයික් නම්බර් වන්. පස්සෙ චොපර්, දහයෙදි විතර ස්පෝට් බයික්, ඉන් පස්සෙ ෂිමානෝ ගියර් දාපු ටෙන්ස්පීඩ් චේන්ජර්, අන්තිමට ෂොක්ස් දාපු මවුන්ටන්. ඕව තමයි ඒ කාලෙ හීන. ඒත් මට ඔය එකක්වත් නෑ, තාත්තගෙ අන්ඩ කැඩුනු, නමක් නැති ස්ටෑන්ඩඩ් බයිස්කලේ විතරයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ඒ කාලේ කොලුවෙක්ගේ ඉරණම . අපේ උන් දෙන්නටත් හරි හමන් බයිසිකලයක් ගන්න ලැබුනේ රස්සාවක් කරන කොට. එතකොට ඉතින් අර හීන ඇල් වෙලා. හැබැයි පොඩි එකා නම් තාමත් රට පුරා යනවා උගේ මෝටර් සයිකලෙන්.

      Delete
  11. සෑහෙන කාලෙකට පස්සේ !!!

    කෝ කඳු ?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමයි මධුරංග. කඳු නේද. ඔය පහුගිය කාලේ රට පුරා ගියේ ., දැක්කේ නැතෙයි

      Delete
  12. //" කෝ බන් අර කිව්ව කඳු "කියාය
    එකා මාතලේ උපන් එකෙකි .// මරු කතාව ඒකනම්..මේ දවස්වල මමත් කන්දක් කපල පහත්කරල තඩි ගෙපලක් ඇදල හුස්මක් ගත්ත විතරයි...! ගේ පොඩ්ඩක් හදන්න කියල.
    දේශපාලන උන හැදිල මේ බහිමින් ඉන්න කාලෙ... බයිසිකල් ගැන කියෝල.. අතීතයට ගියා ඕං. ඉස්සර මොකෝ ඔය සූටි බයිසිකල් තිබුනාය..පොල්ල අස්සෙන් පැදල...සමහර වෙලාවට පැඩල් එක බාගෙට ටොක්..ටොක් ගගහ පදින්නෙ....ඊටපස්සෙ පොල්ල උඩින්...අන්තිමට තමයි සීට් එකේ වාඩි වෙන්නෙ..ඒයනකොට පැඩ්ල් එකට බරයන පැත්තට පස්ස පැත්ත බරවෙනව..ඉතිං පාරෙ ඉන්න කඩිප්පුලි උන් කියන්නෙ මිරිස් අඹරනවා කියල..මල පනිනවා ඒවෙලාවට...කෙල්ලො එහෙම පදින වෙලාවට නම් මහ කඩිප්පුලි කතාවක් තමා කියන්නෙ.

    නෙලුම් පිපුන එකනම් සතුටක් හිටං...!

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනුනා වියා බයිසිකල් පදින හැටි. ආයෙමත් වීයලා දැකීමත් සතුටක්

      Delete
  13. Your blog was helpful for our last year's trip to Vietnam.
    Visa from singapore cost S$250 per pax.
    Air ticket is also S$ 250 per pax. 😄

    ReplyDelete
    Replies
    1. What?? I heard its 75USD for Sri Lankan. May be you considered as a Singaporean. Then again it is visa free for ASEAN . Anyway is it 250 for Air ticket. Wow good to hear . Which airline . I'm planning to visit soon. Hope you had a good time there.

      Delete
    2. It's S$ 250 for Sri Lankans. I think because of illegal immigrants trying to go to Aussi via Vietnam. Visa free for Singaporeans in most countries.
      We bought tickets in Air Asia . But need to book early.
      We had a nice time in Vietnam, in the country side.

      Delete
  14. මං හිතන්නෙ අපි අදමයි මේ පැත්තට ගොඩවැදුනේ..... කතාවත් අගෙයි.. බ්ලොගයත් අගෙයි.... දිගට ම ලියනවානම් තවත් අගෙයි................ ඉදිරියේදී හමුවෙමු.........

    ReplyDelete
    Replies
    1. ඉස්සර සාරෙට ලීවා. පස්සේ එක එක හේතු නිසා වැඩේ මග ඇරුනානේ . එකක් ලැප් ටොප් එක ලෙඩ දෙන්න ගත්ත. රටවල් මාරු කළා. සේරමටත් වැඩිය කම්මැලි වුනා...මම නම් ඔයාව කියවල තියෙනවා. කමෙන්ට් නොකලට . ඒකටත් ඉතින් හේතුව උඩින් කී එව්වම තමයි.

      Delete
  15. මොකක්දෝ හේතුවක් නිසා මම මුලින්ම බයිසිකලයක් පොල්ල උඩින් පැදපු මුල්ම දිනය ලෙස දෙසැම්බර් 27 මගේ මතකයේ සටහන් වෙලා තියනවා.

    මෙන්න තවත් බයිසිකල් කතාවක්.
    http://vidya-gaweshana.blogspot.com/2015/01/blog-post_13.html?m=1

    බින්දිට නිකන් හිරේ දැම්මා වගේ නැද්ද දැන්.


    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ තව බයිසිකල් පොලු කාරයෝ. තෑන්ක්ස් ලින්ක් එකට. සෙන්නත් වැඩිය ලියල නැහැ නේ පහුගිය කාලේ. මම යන්න ඕන පරණ එව්වා කියවන්න. බුරාගේ බ්ලොග් එකත් එක්කම .

      අය්යෝ නැහැ සෙන්න. මට ඔව්ව ගානක් නැහැ. පෙරලුනු පැත්ත හොඳයි කියලා ජොලියේ ඉන්නවා. මිනිස්සු කියන තරම්ම නරක නැහැ. සේවා ආයතන වල නම් මන්දා . මන් නම් ගෙදර ඉන්න මනුස්සයානේ. මට අලුතින්ම හම්බ වුන සිංගප්පුරු ලේඩි කෙනෙක් එයාගේ පුතාගේ වෙඩින් එකටත් ආරාධනා කළා. අපිටත් පුදුමයි . හැනෝයි යාලුවොත් ඉතින් මුණු පොතොන් හෙම නිතර දෙවේලේ හමු වෙනවානේ.

      Delete
  16. කාලෙකට පස්සේ නෙළුම් මලක් පිපිලා තීනවා දැක්කම සතුටු හිතුණා...

    බයිසිකල් ගැන කියනවා නම්, මමත් ඕක පුරුදු වුනේ අනුන්ගේ බයිසිකලයක් පැයකට හිඟා කාලා. පොල්ල යටින් පැඩල් එක ටොක් ටොක් ගහ ගහ පල්ලමේම මීටර් 500 ක් නිතර නියුට්‍රල් යනවා. ආයෙත් තල්ලු කරන් ගේ ගාවට එනවා... ඕං ඔහොමයි පුරුදු වුනේ... ඒ 10 වසරෙදි විතර...

    දැන් නම් ඉතින් පුෂ් සයිකල් පැදනෙවා අඩුයි. මාසෙකට වගේ කලින් නම් දෙනියායේ ගිහිල්ලා තව මල්ලි කෙනෙකුත් දාගෙන කිලෝමීටරයක් විතර පැද්දා... තාමත් පදින්න පුලුවන් කියලා තේරුනේ ඒ පැදිල්ලෙන් තමා..

    දැන් ඉතින් ගමන් බිමන් එන්ජින් හයිකරපු මෝටර් සයිකල් වලින් තමා... ඒක නිසා ඇඟට ව්‍යායාම නම් අඩුයි. ඔය චීන, වියට්නාම්, කොරියන්, ජපන් රටවල වගේ අපෙත් බයිසිකල් ගමන් ජනප්‍රිය වුනොත් හොඳයි. ඒත් ඉතින් ඔෆිස් යන ඈයොන්ට ටිකක් කලින් යන්න වේවි. මොකද දාඩිය දාගෙන බයිසිකල් පාගලා ඔෆිස් ගිහින් නාන්නත් වේවි නොවැ...

    ආයෙත් ආවට සතුටුයි් අක්කේ... ජය...!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමා මල්ලි. ඔය බයිසිකල් පැදිල්ල ඉස්සර කලේ ප්‍රවාහන පහසුකම් නැති කමට . නමුත් දැන් දැන් දියුණු රටවල් මෙය ව්‍යාප්ත කරනවා පරිසරයට හොඳ නිසා. මෙහෙ සමහරු බයිසිකලෙන් ස්ටේෂන් ගිහින් පාක් කරලා ඉතුරු ගමන කෝච්චියේ යනවා. හැබැයි ඉතින් ජැන්ඩියට ඇඳලා යන අය නෙමේ. අපිටත් අඩු ගානේ පොඩි ගමනක් වත් යන්න පුළුවන් වෙන්න බයිසිකල් තීරුවක් තිබ්බ නම් හොඳයි. ඔෆිස් යන අය නැතත් ඉස්කෝලේ ළමයින්ට කඩපොළට යන උදවියට වත් බයිසිකල් පදින්න. ඉස්සර ළමයින්ට බස් එකට පයින් යන එකවත් තිබ්බ. දැන් ස්කුල් වෑන් වල කුකුල් පැටව් වගේ.

      Delete
  17. ඉදල හිටල හරි මලක් පිපෙන එක ලොකු දෙයක් , මල් පිපෙන්ඩම ඕන විල් පාලු වෙනකොට හිතට දුකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම් . කොහෙද මේ ලැප් ටොප් එක ලෙඩ දෙනවා. අර ජල නල සාත්තුව තමයි මතක් වුණේ

      Delete
  18. හම්මේ බින්දි දැක්ක කල්... මම හිතුවේ බ්ලොග් විශ්‍රාම සේවයේ කියලා. ;)

    මේ ඔය බයිසිකල් කතා කියවන්න එපා. මගේ ඩයටීසියන් මට දැන් ගොඩක් කල් කියලා බයිසිකල් පදින්න කියලා. හැමදාම ගියාම අහන්නේ දැන් කොහොමද තත්ත්වේ කියලා. මම හිනා වෙලා කණ පාත් කරන් ඉන්නවා බැනුම් අහන්න. ආයේ ගිය 2013 ජූනි මාසේ නතර කරපු ජොගින් පටන් ගන්නත් හැමදාම හිතන් ඉන්නවා. අනේ හැමදාම හිතන් ඉන්නවා විතරයි. දැන් දොස්තරට එපා වෙලා වෙන්න ඕනේ පොඩි හිනාවක් දාලා පටන් ගත්තම කියපන්කෝ කියනවා :-)

    ReplyDelete
    Replies
    1. හා හා ඔය ව්‍යායාම් කෙරිල්ල ඉතින් බාලගිරි දෝසෙ වගේ තමයි. ඔහේ නම් ලස්සනට ඇතිනේ රන්ගි . බයිසිකලයක් පැදගෙන යන්නකෝ හොඳ ට්‍රිප් එකක්. මගේ යාලුවෙක් ලඟදි ගිබි ෆොටෝ දාල තිබ්බ . සුපර්

      Delete
  19. මට මතක් උනේ සිංහල පොතේ තිබුන සියදෝරිස්ගේ බයිසිකලේ මේක කියවගෙන යද්දී..

    හුඟක් කාලෙකින් අක්කගේ කතාවක් කියෙවුවේ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මට මතක නැහැ මල්ලි ඒ කතාව. අපේ පොත් වල තිබ්බේ නැතුව ඇති. බයිසිකලේ කියන ෆිල්ම් එක බලල තියෙනවද. ජෝ සහ මාලනී ඉන්න. මනුස්සය බයිසිකලේට ආදරේ වැඩි කමට හාමිනේ තරහ වෙලා ගෙදර යනවා. තව බයිසිකලයක් ගැන බලපු ලස්සනම කතාවක් තමයි . අරාබි ගැහැණු ළමයෙක් බයිසිකලයකට පෙරුම් පුරන හැටි. බිටල් ඔය ගැන ලීවා මතකයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  20. හම්මේ දැක්ක කල් ඈ.............
    ආය්බෝ වේවා........................

    බයන්න සිකල් ලයන්න ගැන කියද්දි මටත් බයිසිකොලේ ගැනම මතක් වුණා මරු මරු කතා ටිකක්...
    වෙලාවක් තිබ්බොත් කෙසේවත් ආයෙ ඒ ගැන මතක් වුනොත් පෝස්ටුවක් කොටල දාන්නංකො...
    හිහි
    අර වගේ පාර අයිනට කරං ඉඩදෙන සංස්තෘතියක් මේ වගේ රටකට නං ගැලපෙන්නැති වෙයි..
    මොකද මෙහෙ කව්රුවත් බලං ඉන්න කැමති නෑ නෙව
    ඉවසං ඉවසං කීවට ඒක නං බිංතුවයි
    පාරෙ යන්න ගත්තම ඒක අපිටත් බෝකර ගත්තෙ නැත්තං නිකං නිස්කාරණේ අපේ අම්මල බැණුං අහනව

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඩිසප්ලින් නම් හොඳයි . කවුද විහිලුවට කිව්වා දවසක් මෙහෙ ගසුත් හරි කීකරුයි ,එහෙ මෙහෙ නොනැවී කෙලින්මයි හැදෙන්නේ කියලා ...කාලෙකින් තමා ඕගොල්ලන්ව දැකගත්තේ මහේෂ් . මටත් සතුටුයි

      Delete
  21. මේක මගේ පළමු comment එක, මේ පැත්තට ආවාමයි

    බයිසිකලේටත් වැඩිය ගම ගැන විස්තරේ මාව ගමට ගෙනිච්චා. අපේ ගමත් ඔය කිට්ටුව තමයි, වැඩි ඈතක වෙන්න බැහැ. පාරට තාර දානකොට බලාගෙන ඉන්නවාට වැඩිය වැඩක් නැහැ. ස්තුතියි ගමට ගෙනිච්චට

    සිංගප්පුරුවට welcome කිව්වා. ඔය කියන විදිහට BEDOK වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. අපේ අල්ලපු ගමේ යාලුවෙකුත් හිටියා නිරෝෂාන් කියලා :D
      BEDOK කිට්ටුව තමා . වැඩිය ලංකාවේ උදවිය හම්බ වුනේ නම් නැහැ මට. ඉස්කෝලේ ඉන්න පවුල් කීපයත් බොහෝ දුරට වෙන රටවල පුරවැසි ලාංකිකයින්.

      Delete
  22. සිංගප්පූරුව නම් වාතයක් නේද? ඒ වුනත් ඕකිඩ් පාක් එකක මාර ලස්සන මල් තොගයක්ම දැක්කා!

    ReplyDelete
    Replies
    1. ඇයි වාතයක් කිව්වේ රසිකලොජිස්ට් . මට නම් එච්චර අවුලක් නැහැනේ. බොටනිකල් ගාඩ්න් එක වෙන්න ඇති.

      Delete
  23. නෙළුම් විලේ කාලයකට පසු මලක් පිපී තිබෙන අන්දම දැකීම මහත් සතුටකි. නෙළුම් කොල ගොන්නේ එකම එක මලක් වුවත් මුළු විලටම සිරිය දෙන්නට සෑහේ...

    සිංගප්පූරුවේ සිරි අසිරි මමත් දුටුව නිසා හරිම ආශාවෙන් ඉන්නවා අක්කගෙ අත්දැකීම් මෙතැනින් කියවන්න. මැලේසියාවට එන්න කලින් මගේ සිංගප්පූරු මිත්තරයො එක්ක සමුගැනීමේ සාදය අපි පැවැත්වුවේ Punngol Park හිදී...ඒක ඇතුලෙත් ව්‍යායාම මංතීරු වගේම ව්‍යයාම සඳහා නොමිලේම පාවිච්චි කරන්නට පුලුවන් උපකරණත්...පසෙකින් මනස්කාන්ත විලකුත් තිබුනා. අක්කා තවමත් මෙතැනට ගිහිල්ලා නැතිනම් ගිහින් බලන්න. දම් පාට දුම්රිය මගේ එක අන්තයක් තමයි මේ.

    සිස්සත්ත පන්තියෙ ඉද්දි මගේ සිහිනය උනේ බයිසිකලයක්..විභාගය සමත් උනාට පස්සෙ රට උන්නු තාත්තා යාලුවෙක් අතේ බයිසිකලයක් එවපු දවසෙ මට දැනුන මහත් සතුට මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ. කාලෙකට ඉස්සර මමත් ලිව්වා බයිසිකලේ ගැන මගේ මතක. ඒවා මෙන්න මෙතැන තියෙනවා

    සමස්ථ නොව සමස්ත ලෙස ලියන්න...එයයි නිවැරදි ක්‍රමය ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා. දම් පාට පාරේ වැඩිය යැවෙන්නේ නැහැ නේ . අපි ඉන්න තැන ඇත්තටම පහසුයි බස් එක ගන්න. ඉතින් මට කෝච්චියේ යැවෙන්නේ හරි කලාතුරකින්. දවසක යන්න ඕන. යන්න හිතා ඉන්න තැන් ගොඩාක් තියෙනවා.

      Delete
  24. / පස්සේ කාලෙක මල්ලි පදින බයිසිකලයක එල්ලිලා ගිහින් දියබෙදුම පාරේ අකුලකට පත බෑවුන හැටි කලින් කියා ඇත. අපේ රවී ලොක්ක නම් ඒ පළාත හොඳට දනී.  /

    මොනවද ලතා මේ කතා?...දියබෙදුම යුගය මගෙ ජීවිතේ අමතක නොවන කාල පරිච්ඡේදයක්...ඇත්තටම බලාගෙන ගිහාම එක අතකට මගෙ ජීවිතේ තියෙන්නෙ ඔක්කොම එහෙම අමතක නොවන කාල පරිච්ඡේද තමයි...හෙහ්,හෙහ්

    දියබෙදුම යුගය සුවිශේෂ කසාදෙන් පස්සෙ අපි ඉස්සෙල්ලම හිටියෙ එහෙ...:)........රයිට් ඒ ගැන ඒ ඇති දැනට...

    දියබෙදුම හන්දියෙ ඉන්නව ඉරිගේෂන් ඩිපාට්මන්ට් වැඩ කරපු වයසක සුපර්වයිසර් මහත්තයෙක්. මම ඔය බඳින්ට එහෙම ඉස්සර උන්දැ එක්ක දියබෙදුම ඇනිකට් එකේ පොඩි ආතල් එකක් එහෙම ගන්නව සතියකට සැරයක් වගෙ. දියබෙදුම පැත්තෙ පරණ කතා එහෙම මනුස්සය දන්නව ඕසෙට.

    " ෆොන්සේකා මහත්තය ...කියන්ටකො බලන්ට ඔබතුමා දන්න රසවත් සිද්ධි එහෙම මෙහෙ වෙච්ච? " දවසක් මම එහෙම ඇහුව.

    " මහත්තයට කියන්ට ඔන්න අවුරුදු දෙකකට වගෙ කලින් මරු වැඩක් උනානෙ. මේ කොළඹ පැත්තෙ ගෑණු ළමයෙක් එක පාරක් මෙහෙ ඇවිල්ල බයිසිකල් පදින්ට පුරුදුවෙන්ට ගිගිල්ල අතන අර ඉරහඳේට යන පාරෙ එරමිණියා ගාලක් අස්සට ගිහිල්ල ඉඳල වරුවක් දඟලල තමයි එළියට ගත්තෙ....හෙහ්,හෙහ්,"

    කොහොම හරි ඒ පැත්තෙ ඔන්න උපහැරණෙකුත් හැදුනලු ඊට පස්සෙ " ඉරහඳේ ටීචර්ගෙ නංගි බයිසිකල් පදින්ට පුරුදු උනා වගේ " කියල

    " දියබෙදුමේ විත්ති " කියල මම කතන්දර සීරීස් එකක් ලියන්ටයි හිතාගෙන ඉන්නෙ. ඒකට ඔය කතාවත් ලියන්නංකො. ඔය කතන්දර මෙහෙමනෙ බං..කටිං කට යනකොට කපුටු පිහාට්ට කපුටො හත්දෙනෙක් වෙනවනෙ. ඉතිං මම අහපු විදිහට මම ලිව්වට පස්සෙ උඹ ලියපං ...නෑ..අනේ ඇත්තටම මෙහෙමයි උනේ කියල උඹේ වර්ෂන් එක...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඔය කිව්වේ. කපුටෝ හතක නෙමේ දාහතක් විතර වමනේ දානවා ..හේ හේ ඒ වුනාට මේ බේගල් කියෝලා අපි කොච්චර සතුටු වෙනවද නේ.
      අපේ මස්සිනාට අඳුන්නල දෙන්න විදිහක් නැහැ ඒ රවිව. ඇත්තටම හරිම ආස වෙයි. ගමේ කතා ඇරුනම ගුරුවරියක් සමග ජීවිතය ගැන කතා වෙන්නත් බැරිය

      Delete